Ficool

Chapter 47 - 47

ශ්‍රී සුමංගල මාවතෙන් ඇවිත් පන්නිපිටිය highlevel පාරට දැම්මත් හරි ගැරඬියා අර ආව ඉබි ගමන අතුරුදන් කරලා දාලා එයාගෙ kawazaki බයික් එක ගිනි වේගයෙන් මහරගම පැත්තට අරන් යන්න වුණා. ඒ යන වේගයට ඉතින් උරහිස් දෙක විතරක් අල්ලගෙන ගිහින් හරියන්නෙ නෑ. එයාගෙ බඩින්ම තද කරලා බදාගත්තු සත්සිඳු ගියේ පණ බයෙන්.

ඒක නම් හරියට එයාව ළං කරගෙනම යන්න ගැරඬියා ගහපු කෘතහස්ත plan එකක් වගේ. Side mirror එකෙන් විටින් විට බලන ගමන් ගැරඬියා සුපුරුදු වේගයෙන්ම බයික් එක ride කරන්න වුණා.

" හෙමින් යංකෝ... "

එයා කිව්වේ මිගාන්ගේ බඩින්ම තද කරලා අල්ලගෙන පණ බයේ ගැහෙන ගමන්.

" බයවෙන්න එපා මනුස්සයෝ.. තද කරලා අල්ල ගන්නවා මාව... "

එහෙම කියලා එයා කලින් සැරේටත් වඩා වේගයෙන් බයික් එක ලෑල්ලට පාගන්න වුණා. සත්සිඳු තවත් තද කරලා එයාව බදාගත්තේ ඒ මොහොතේ ඉඳන්.

Highlevel road එක දිගේ ඇවිත් මහරගම clock tower එක ගාවින් බයික් එක හැරවුණේ දෙහිවල පාරට. ඒ දිගේම ඇවිදින් විනාඩි පහළොවක් හෝ විස්සක් අතරමැද කාලයක් යද්දි බයික් එක ඇවිත් නතර වුණේ බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාර මාවත ගාවින්.

විහාර මාවතෙන් බයික් එක නතර කරලා සත්සිඳු එයාවත් අල්ලගෙනම බයික් එකෙන් බැහැලා අර කඩා ගෙන ආව වතුසුදු මල් කූඩය දාපු කවරය අතට ගත්තා. සත්සිඳු දාගෙන උන්නු හෙල්මට් එක මිගාන්ම ගලවලා අයින් කරලා එයත් බයික් එකෙන් බැස්සෙ එයා දාගෙන උන්නු හෙල්මට් එකත් ගලවන ගමන්.

" යං... "

එයා කිව්වෙ සත්සිඳුගේ අතින් අල්ලගෙන. එක අතක හෙල්මට් දෙක එල්ලගෙන . සත්සිඳු එයාගෙ මූණ දිහා බලලා හිනා වුණාම මිගාන් ඒ අතින් අල්ල ගත් වනම රජ මහා විහාරය ඇතුළට පිවිසෙන්න වුණා.

" සර්... "

එයා කතා කළේ යන ගමන්මයි.

" ම්.... "

" සර් කලින් ඇවිල්ලා තියෙනවද මේ පන්සලට..? "

" මමද..? "

" ඔව්... "

" ඔව් ඉතින්.. ඉස්සරම දවස්වල මං අම්මත් එක්ක හරි හරියට බෙල්ලන්විල පන්සලට එනවා.. ගොඩක්ම පෝය දවස්වලට... "

එයා කිව්වෙ ප්‍රසන්න හඬකින්.

" අනේ.. ශෝක්නේ... "

සත්සිඳු සතුටින් කියද්දි මිගාන් එයාගේ මූණ දිහා බැලුවා.

" ඔයා ඇවිල්ලා නැද්ද කලින්..? "

" නෑනේ සර්.. මං මේ පන්සල ගැන අහලා තියෙනවා පුංචි කාලෙ ඉඳන්ම.. ඒත් කවදාවත්ම ඇවිල්ලා නෑ... "

" දැන් ආවනේ ඉතින්... "

එයාගේ මූණ දිහා බලලා මිගාන් කියද්දි සත්සිඳු හරි ලස්සනට හිනා වුණා.

" මෙතනින් slippers ගලවලා තියමු... "

මිගාන් එයාගෙ අතේ තිබුණු හෙල්මට් දෙක සත්සිඳුගේ අතට දීලා එයා දාගෙන උන්නු white colour sneakers දෙක ගලවලා පැත්තකින් තිබ්බා. ඊට පස්සෙ සත්සිඳුගේ අතේ තිබුණු මල් කූඩය දාලා තිබුණු කවරයයි , හෙල්මට් දෙකයි අතට අරන් එයා සත්සිඳු pillow slippers දෙක ගලවනකන් හිටියා. එයා slippers දෙක ගැලෙව්වට පස්සෙ එයාගෙ අතින් අල්ලගෙන මිගාන් ඉස්සර වුණා.

" කෝ දෙන්න මල් වට්ටිය... "

සත්සිඳු එයාගෙ අතේ තිබුණු මල් වට්ටිය දාපු කවරය ඉල්ල ගත්තේ මිගාන් හෙල්මට් දෙකයි, මල් කූඩයයි දෙකම උස්සගෙන යන හින්දා. එයා ඉල්ලුවට පස්සෙ මල් වට්ටිය එයාගෙ අතට දීලා කවරය නවලා නවලා හෙල්මට් එකක් අස්සට දාගත්තු මිගාන් එයාගෙ අතින් අල්ලගෙනම ඉස්සරහට යන්න වුණා.

රෑ අහසේ හඳ හරි අපූරුවට පායලා තිබුනේ රන් තැටියක් වගේ. කහ පාටද සුදු පාටද මන්දා අපූරු එළියකින් ඒ හඳ අහස් තලය සිසාරා පැතිරිලා ගිහින්.

පුංචි පුංචි තරු කැට එක් රොක් වෙලා රෑන් රෑන් රංචු ගැහිලා හිනාවෙමින් උන්නා. ඒ හඳත් තරුත් දසත පහන් එළිය පතුරුවන රැයේ සත්සිඳු මිගාන්ගේ අතක එල්ලී ගෙනම බෙල්ලන්විල පන්සලේ බෝ මළුව යටට ගිහින් වැලි තීරයේ වාඩි වුණා.

" හිතට හරි සනීපයි සර්... "

එයා කිව්වේ බෝ රුක දිහා බලාගෙනමයි .

" මගෙත් දරුවෝ.. හිත හරියට නිවුණා... "

" ඔයාට ගොඩක් පිං සර් , මාව අද එක්කගෙන ආවට... "

එයා කිව්වේ මිගාන් දිහා බලාගෙන නෙවෙයි බෝ රුක දිහා බලාගෙන.

" අනේ ඇයි ඉතින් මට පිං දෙන්නේ...? "

බෝ ගස් සෙවණ යට ඉඳන් ඒ දිහාවට යොමු කර ගෙන උන්නු ඇස් දෙක සත්සිඳු දිහාවට හරවලා බලන ගමන් මිගාන් ඇහුවේ පුදුමයෙන් වගේ.

" සර්නෙ ඉතින් මාව අද එක්ක ගෙන ආවේ, ඒකයි.. සර්ට කියන්න සර්, කොළඹ ආවත් හරි මට එකම මොහොතකවත් පන්සලකට ගොඩ වෙලා මලක් පහනක් පූජා කරන්න වුණේම නෑ.. ඉස්සර දවස්වල නම් වැල්ලෙ හිටියා කියලා නෑ කිරි අම්මත් එක්ක හැම පෝයකටම දොඩන්දූවේ පන්සලට යනවා... "

" ඔයාට කිරි අම්මව මතක් වෙනවද දරුවෝ..? "

" හ්ම්..ඔව් සර්.. ගොඩක්... "

" එයා නම් රත්තරන් වටින මනුස්සයෙක් වෙන්න ඕනි.. කවදාවත්ම දැකලා නැති වුණත් ඔයා වගේ ගුණ ‍යහපත්කමට මුණුබුරෙක් හදලා තියෙන එකෙන්ම කියන්න පුළුවන් එයා කොහොම කෙනෙක්ද කියලා... "

එයා බෝ ගහේ මද සුළඟට සෙලවෙන බෝ දළු නගන සිලි සිලියට කන් දීගෙන ඇස් යොමාගෙනම කිව්වා.

" ගුණ යහපත්...! "

එයා කිව්වෙ නෑ , කිටවුණා. ඒකත් හරි පුදුමෙන් වගේ. එහෙම්මම මිගාන් ඇස් හරවලා ආයෙමත් වතාවක් එයා දිහා බැලුවා.

" ඇයි..? "

මිගාන් ඇස් හීනි කරන් පුදුමෙන් වගේ අහද්දි සත්සිඳු යාන්තමට හිනා වුණා.

" ආහ් ඔව්..ගුණ යහපත්.. ඇත්ත ඇත්ත... "

එයා එයාටම කියා ගත්තෙ ආයෙමත් බෝ ගහ දිහා බලන ගමන්.

කිරි අම්මා රත්තරන් වටින මනුස්සයෙක් බව නම් ඇත්ත. ඒත් කිරි අම්මගේ මුණුබුරා ගැන ගැරඬි උත්තමයා කිව්ව කතාව. එයා ගුණ යහපත්ලු. වැඩිය ඕනි නෑ ඉතින්.. අදාළ පුද්ගලයා වුණත් ඇස් දෙකත් උඩ දාගෙන කටත් භාගෙට ඇර ගෙන පුදුමෙන් වගේ බලන් උන්නේ ඒ කතාව මොකක්ද කියලා බලන්න වගේ.

තමන් ගැන හොඳටම දන්නෙ තමන් හැර වෙන කවුද..

ඊළඟ මොහොතේ ඒ දෙන්නා අතර එකම එක වචනයක්වත් හුවමාරු නොවුණු තරම්. සීතල මද සුළඟක් අර සිලි සිලිය නගන බෝ පත් වල දැවටිලා ඇවිත් මුළු සිරුරම සිප ගන්නවා. පහන් සිතුවිලි ගොඩක් එක්ක මුළු සිරුරම අභ්‍යන්තරයෙන් සුවපත් වෙන හැටි ඒ දෙන්නටම හොඳටම දැනුනා. පුන් සඳක් නොවුණමුත් අඩ සඳ එළියත් එක්ක බෝ මළුවේ අතුල සුදු වැලි තලාව හරි අපූරුවට හැඩ ගැන්වී තිබුණා.

" දැන් වාඩි වෙලා හිටියා ඇති නේද.. මල් පූජා කරලා ආයෙමත් වාඩි වෙමු... "

මිගාන් කිව්වෙ තවමත් ඒ දෙන්නා ගාවම තිටෙන අර වතුසුදු මල් වට්ටිය දිහා බලලා.

" එන්න එහෙනම්... "

එයා මිගාන්ට වාරු වෙලාම නැඟිටලා මිගාන්ට අත දුන්නම එයත් එයාගෙ අත අල්ලගෙනම වාඩි වෙලා උන් තැනින් නැඟිට්ටා.

කලිසමේ තැවරිලා තිබුණු වැලිත් පිහදා ගන්න ගමන්ම මිගාන් සත්සිඳුගේ පස්සෙන් වැටුණා. දෙන්නත් එක්කම ගිහින් බෝධීන් වහන්සේට මල් පූජා කරන්න වුණා.

සත්සිඳු අරන් ආව මල් වට්ටියෙන් සුදෝ සුදු වතුසුදු මල් දෝතක් අරන් මිගාන්ගේ අතින් තිබ්බා. එක අතක හෙල්මට් දෙකත් එල්ලගෙන උන්නට මොකද එයා ඒ වතුසුදු මල් මිට දෝතටම ගත්තා.

" පූජා කරමු... "

සත්සිඳු කිව්වේ හරි පහන් හඬකින්. එයා වෙනදට වඩා ගොඩාක් වෙනස් වෙලා. ඒ වෙනස මිගාන්ටත් නොතේරුණා නෙවෙයි. අර වෙනදා තිබුණු හිතුවක්කාර පෙනුම එයාගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහින්. එයා විතරක් නෙවෙයි, එයා එක්ක ආව අනිත් කෙනත් එහෙම තමයි. එයා උන්නෙත් හරිම නිවුණු තැන්පත් ගති පැවතුම්වලින් යුතු මනුස්සයෙක් විදිහට .

අරන් ආව වතුසුදු මල් වට්ටියම ඒ දෙන්නා මල් මිට මිට දෝතට අරන් බෙල්ලන්විල රජ මහා විහාරයේ බෝධීන් වහන්සේට පූජා කළා. බෝධීන් වහන්සේගේ යම් අනුහසක් වෙතොත් ඒ නිර්මල ප්‍රාර්ථනයන් හැබෑ කරනවා සත්තයි.

' අනේ බෝධීන් වහන්ස.. මට සැනසීම දෙන්න.. මගේ හිත නිවන්න.. මගේ හිත කලබලයි.. මට නිදහස දෙන්න.. නරක දේවල් වලින් මාව ඈත් කරන්න.. හොඳ දේවල් විතරක්ම මගේ ජීවිතයට ලං කරලා දෙන්න.. මේ මල් පූජා කරලා මං කර ගත්තු මොනා හරි පිනක් තියෙනවා නම් ඒ පින හේතුවෙන් මගෙ කිරි අම්මට නිවන් අත් කරලා දෙන්න.. මාව, මිගාන් සර්ව ආරක්ෂා කරලා දෙන්න.. මට කියලා මේ අහස යට දැන් කවුරුවත්ම නෑ.. හැමදේටම ඉන්නෙ මෙච්චරයි.. මේ රත්තරන් වටින මනුස්සයගේ හිත නිවන්න.. සැනසීමම උදා කරලා දෙන්න... '

ඒ සත්සිඳුගේ හිත.

එයා එහෙම හිතන අතර වාරයේ මිගාන්ගේ හිතත් උන්නේ උතුම් ප්‍රාර්ථනයක් කරන ගමන්. බෝධීන් වහන්සේට දෝත් මුදුන් දීලා වැඳගෙනම එයා ඒ ප්‍රාර්ථනය කළා.

' බෝධීන් වහන්ස.. මට මහ ලොකු වචන ගැටගහන්න තේරෙන්නෙ නෑ.. ඒත් මං ඉල්ලන්නේ මගෙ ආදරේ.. මගේ babybabe.. මගේ පුංචි වතුසුදු මල.. මගෙ සත්සිඳුට හැමදාමත් සතුට ළඟා කරලා දෙන්න කියලා විතරයි.. එයාව කවදාවත්ම මගෙන් ඈත් කරන්නෙපා.. ඒ මගේ පණ... '

එයා එහෙම්මම හිතින් හිතන්න වුණා.

ඒ හිත හරියට නිවිලා. හරියට වතුසුදු මලක් වගේම පැහැබර වෙලා.

" යමුද.. වාඩි වෙමු... "

සත්සිඳු රහසින් වගේ මිමිණුවේ එයාගේ මූණ දිහා බලාගෙන.

" යං... "

මිගාන් එහෙම්මම සත්සිඳුගේ අතින් අල්ල ගත්තේ කවදාවත්ම අත් හරින්නෙ නෑ කිටන හැඟීමෙන්. ඒ අත එහෙම්මම අල්ලගෙනම එයා සත්සිඳුත් එක්කම ඇවිත් බෝ මළුවේ සුදු වැලි ඇතිරූ බිම් කඩෙහි වාඩි වුණා.

" මොකක්ද සර් ප්‍රාර්ථනා කළේ..? "

සත්සිඳු එයා ගාවින්ම වාඩි වෙලා යාන්තමට වගේ හිස හරවලා එයාගේ මූණ දිහා බලන් ඇහුවා.

ඒත් එක්කම මිගාන් මූණ හරවලා එයාගේ මූණ දිහා බැලුවේ ඒ ඇස් එක්ක ඇස් පටළවා ගන්න ගමන්මයි .

" ම්..ඒවා එහෙම කියන්නෑ..කියන්න හොඳ නෑ.. ඒවා රහස්... "

එයා ඒ මූණට තවත් ටිකක් නැඹුරු වෙන ගමන් කිව්වා. සත්සිඳු මොකුත්ම කිව්වෙ නෑ. අහිංසක අවිහිංසක බැල්මක් එක්ක මිගාන්ගේ මූණ දිහා බලාගෙනම නිසොල්මනේ උන්නා විතරමයි.

" හැමදාමත් වගේ ඔය අහිංසක ඇස් දෙක අදත් හරි ලස්සනයි දරුවෝ... "

මිගාන් එහෙම්මම අල්ලගත්තේ සත්සිඳුගේ එක අතකින්. එයාගේ අතේ ඇඟිලි අතරින් ඇඟිලි යවලා එයා ඒ අත එයාගෙ අතත් එක්ක පටළවා ගත්තා.

ඒ දෙන්නම උන්නේ ඒ දෙන්නගේ ඇස් එක්ක පැටළිලා.

" ඔයා දන්නවද babybabe... "

" මොකක්ද..? "

" මට මේ බැඳීම ආත්මීයයි වගේ දැනෙනවා.. හරියට ගහක වේළුනු කොළ බිමට වට්ටවන්න හුළඟකට පුළුවන් වුනාට ආයෙමත් ඒ කොළ ගහට පෝර වෙනවා වගේ.. ඒ බැඳීම් ඒ තරම් හයියයි... "

එයා කියන වචන.. ඒවා වචන නෙවෙයි, ඒවා හැඟීම්. ඒ හිත මුමුණන අනේකවිධ හැඟීම්. එටාව ජීවත් කරවන හැඟීම්. ඒ හදවත ආදරේ නාමයෙන් සිත්තම් කරන හැඟීම්..

ඒ හැම හැඟීමකටම පණ දෙන්නයි එයාට ඕනි වුණේ. එයාගේ වතුසුදු මල වෙනුවෙන් ඒ හදවත සම්පූර්ණයෙන්ම වෙන් කරලා නම් අහවරයි.

එයාගේ වචනත් එක්ක සත්සිඳු එයා දිහා බල්න් උන්නේ ඇහිපිල්ලමක්වත් නොගසා. ඒ බෝ මළුවේ තිබුණු මද සිසිලසත් එක්ක නිවෙන සිතට ආගන්තුක හැඟීම් කෝටියක් එමින් තිබුණා. ඒ හැම හැඟීමක්ම , හැම සිතුවිල්ලක්ම එකින් එක - එකින් එක වෙන් කරලා ගත්තත් ඒ හැම තැනකම උන්නේ ඩිනෝ මිගාන් සමරදිවාකර කියන නපුරු ගැරඬියම විතරයි.

ඒ ඇස් දෙකේ තිබුණු දීප්තිමත් පෙනුම කියා පෑවේ සත්සිඳු වෙනුවෙන්ම උපන් ආදරයක් ගැන. ඒ ඇස් දිහස් බලන් එයාව බදාගන්න තරම් සත්සිඳුගේ හිතට හිතුණ මුත් බෝ මළුවේ අසංවරකම් හොඳ නැති නිසාම එයා පාඩුවේ ඔහේ බලන් උන්නා.

ඊළඟ තත්පරේ ඉඳන් මුළු බෝ මළුව පුරාවටම පැතිරිලා තිබුණු දැඩි නිහඬතාවය.. ඒකහරියට ධ්‍යාන සමවැදුණු තවුසෙකුට වෙන් කළ කමටහනක් වගේ. යාන්තමට හරි ඒ නිහඬතාවය බිඳ හෙළුවේ බෝ පත් වලින් නැඟෙන සිලි සිලි නද..

වෙලාව කීය පසු වෙලා කීය වෙලාද කියලවත් එයාලට නිනව්වක් නෑ. එයාලා උන්නේ සිත් පහන් සිතුවිලි එක්ක දමනය කරගත්තු උදවිය වගේ. ඒත් හිත් අස්සෙ එයාලා වෙනුවෙන්ම ආදරේ පුරෝගෙන.

ආදරේ.. සත්සිඳුගේ හිත අස්සෙත් මේ දැනෙන හැඟීම ආදරේද? එයා බෝ මළුව දිහා ඇහිපිල්ලමක්වත් නොගසා මොහොතක් බලන් උන්නා.

' මොකක්ද මේ හැඟීම.. යාළුකමක්ද.. සහෝදරකමක්ද.. ආදරයක්ද.. ඒ අතරමැද හැඟීමක්ද.. එයා මට ආදරෙයි.. ඒත් මං.. මං මොකක්ද කරන්න ඕනි.. මට තේරෙන්නෑ.. මහමෙරක් තරම් ආදරේ දෙන එයා වෙනුවෙන් මට ආදරේ කරන්න බැරිද.. ඇයි බැරි.. එතකොට..එතකොට මං එයාට..මං එයාට ආදරෙයිද... '

එයා ඒ බෝ සෙවණ යටට වෙලා සිලි සිලි නද නගන බෝපත් දිහා ඇස් යොමු කරන් හිතන්න වුණා.

හිතත් හරියට මද සුලඟට නටන බෝපත් වගේ. එයත් එක්කම පෙරළි කරන හිත.. ඒ හිත මොනවදෝ කියවනවා. ඒත් හරි හැටි වටහා ගන්න තරම් තේරුමක් නෑ, හරිම අපහසුයි. එතැන් සිට ගෙවෙන්නෙ වුණේ දෙතැනක නතර වෙලා උන්නු එයාගේ හිත ආල කස්තිරමට තාල අල්ලන තත්පර කිහිපයක්.. මද සුළඟට ගොයම් නටන්න වගේ හිතත් තානම් අල්ලන අවිනිශ්චිත තත්පර කිහිපයක්..

එයා ඒ බෝ මළුවේ සෙවණට වෙලා සිලි සිලියට නද දෙන බෝපත් දිහා බලාගෙනම උන්නා. මිගාන්ගේ ඇස් යොමු වෙලා තිබුණෙත් ඒ බෝපත් දිහාවට. සුදු සඳ රැස් බෝ රුකේ ඉහළ අතු පතර තැවරිලා බෝපත් බබළන්න අරන්..

' ඔව් මං ආදරෙයි... '

ඒ එයා නෙවෙයි එයාගෙ හිත.

ඔව්, එයා අවසන් තීරණයට එළඹුනේ ඒ බෝ ගස් සෙවණ යටදී. ඒත් කොහොම නම් කියන්නද.. හිත දැන් දැන් ගැරඬියා ගැන හිතන්න අරන්.

ඒත්..ඒත් ඒ සිතුවිල්ල ගැන එයාට කියන්න තරම් එයාගෙ හිතේ හයියක් නෑ. ඒ මොහොතෙම එයා ඇස් පියා ගෙන උන්නේ නිකන් නිස්කාරණේ නෙවෙයි. දැන් දැන් පෙරළි කරමින් හිත කියන කාරණේ පිට කරන්න විදිහක් නැතුව.

රෑ හඳ පායලා තිබුණට මොකද එකම එක හිතක් උන්නේ කළුවර අහස දිහාවට මුළු චිත්ත මනෝභාවයම යොමු කරන්. නුගේගොඩ ගුවන් පාලමට වෙලා එයා බලන් උන්නේ අතේ ලොකු බෑග් එකකුත් තියාගෙන. ඒ ඇස් දෙකේ තිබුණේ හඳ එළියත් එක්ක දීප්තිමත් වෙලා දිලිසෙන කඳුළු බිංදු දෙකක්. යාන්තමට වගේ ඇස් කෙවෙනි අස්සෙන් ගිලිහිලා ඒ කඳුළු බිංදු දෙක්ස් කම්මුල් දිගේ රූරා වැටෙද්දි එයා එහෙම්මම ඇස් පියා ගත්තා.

කල්පනාවෙන් කල්පනාව එයා හෙමින් සැරේ ඕනි මඟුලක් වෙද්දෙන් කියලා හිතාගෙන එහෙම්මම නුගේගොඩ ගුවන් පාලම ගාව ඉඳන් පාරෙන් එහා පැත්තට පනින්න හැදුවේ ඈතින් වේගයෙන් එන බයික් එකට චොප්ප චුරුප්පං වෙලාම මිය යෑමේ අදිටනින්.

නුගේගොඩ පැත්තෙ ඉඳන් එන ලොකු බයික් එකක් වේගයෙන් ඇදෙනවා. අර රෙදි බෑග් එකක් අතින් ගත්තු කොලු ගැටයා ඒ බයික් එක ළඟ ළඟ එද්දිම පාරට පැන්නේ හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි.

ජීවිතයේ අවසන් මොහොත වෙනුවෙන් හිත හදාගෙන එයා එහෙම්මම උන්නෙ ඇස් දෙකත් පියාගෙන. ඒත් අර වේගයෙන් ආව බයික් එකේ උන්නු කළු ඇඳගත්තු හුරු පුරුදු rider බයික් එක බ්‍රේක් කරලා එතනින් නවත්තද්දි ආවේ ලොකුම ලොකු සද්දයක්..

" මැරෙන්න යනවද පකෝ...? "

බයික් එක ride කරන් ආව එයා ඇහුවේ එච්චරමයි . ඒත් එක්කම මරණය බලාපොරොත්තු වෙලා පාරට පැන්න අර කොලු ගැටයා එහෙම්මම ඇස් විවර කරලා බැලුවා. එයා ඉස්සරහා දීප්තිමත් එළියක් එක්ක නවත්තගෙන ඉන්න ලොකුම ලොකු බයික් එකේ උන්නු කළු ඇඳගත්තු මුහුකුරා ගිය පෙනුමක් තිබුණු තරුණයා බයික් එකෙන් බැස්සේ හෙල්මට් එකත් ගලවන ගමන්.. ඒ අර පරම ගැරඬි හතුරා..

Ducati බයික් එකකින් ඇවිත් උන්නු එයා හෙල්මට් එකත් ගලවලා අර කොලු ගැටයා ගාවට ආවා. ඒ කොලු ගැටයා උන්නේ බයෙන් වෙවුලමින්.

" මොංගල්ද.. මැරෙන්න යනවද හුත්තෝ..? "

එයා ඇහුවේ අර කොලු ගැටයගෙන්. එයා උන්නේ නම් වෙවුලමින්.

" මං..මං..මං.. "

ඒ කොලු ගැටයා ගොත ගහන්න වුණා. එයාට ඇඬෙන්නත් කිට්ටුයි. අවුරුදු 20 ක විතර ලාබාල පෙනුමක් තිබුණු කොල්ලා උන්නෙ හොඳටෝම බය වෙලා. ශේන් දෙපාරක් නොහිතාම එයා ගාවට ගිහින් එයාගෙ අතින් අල්ල ගත්තම ඒ අත වෙවුලන හැටි එයාට හොඳටම තේරුණා.

ශේන්ගේ දරදඬු අතකට අහු වුණු කොල්ලගෙ අතින් අල්ලගෙනම එයාව ඇදලා ගත්තු ශේන් පාර අයිනට වුණේ ඒ මොහොතේ වාහන තදබදයත් ටිකක් වැඩි වෙලා තිබුණු හින්දා. වාහනත් ගිනි පිඹින මකරු වගේ රූං ගාලා ඒ මේ අතට එහා මෙහා පියාඹනවා.

ශේන් එයා පැදගෙන ආව Ducati බයික් එකත් අයිනට කරලා නවත්තලා වෙවුල වෙවුල එයා දිහා බලන් ඉන්න කොල්ලා ගාවට හෙමින් සැරේ ආයෙමත් වතාවක් කිට්ටු වුණා.

" මොකෝ මේ..ආ..මැරෙන්න ඕනි වෙලාද.. කතා කරනවා ඉතින්.. මැරෙන්න ඕනි වෙලාද..? "

එයා අහන නපුරු විදිහත් එක්ක කොලු ගැටයට යාන්තමට හෝ වචනයක් ගැට ගහගන්න බෑ. එයා වෙවුලන දෙතොල් පෙති යාන්තමට සොලවලා මොන මොනවදෝ මිමිණුවා .

" මං.. මං.. ස..සමා..සමාවෙන්න..මං.. මං.. "

එයා හොඳටෝම බයවෙලා. කතා කරගන්න බෑ. ගොත ගැහෙනවා.

" ඇයි තමුසෙ බය වෙලා වගේ.. මං තමුසෙව මරන් කන්නෑ ඕයි.. මොකෝ සීන් එක.. තමුසෙ ප්‍රශ්නෙකද.. කියනවා මට.. පුළුවන් උදව්වක් තිබ්බොත් කරන්නම්... "

ශේන් කිව්වෙ ටිකක් කරුණාවන්ත විදිහට . එයා ඉතින් කියන තරම් කරුණාවන්ත කෙනෙකුත් නෙවෙයි. හැබැයි එහෙම නෑ කියන්නත් බෑ.

අර වෙවුලමින් උන්නු කොලු ගැටයගේ අත් දෙකෙන්ම තද කරලා අල්ල ගත්තු ශේන් එයාගේ මූණට නැඹුරු වුණා. ලාබාල පෙනුමැති කොලු ගැටයා බයෙන් වගේ බලන් උන්නේ එයා ඉස්සරහා එයාගෙ අත් දෙකත් තද කරලා අල්ලගෙන ඉන්න නපුරා දිහා.

" කියනවා , මොකෝ සීන් එක.. උඹට ප්‍රශ්නයක්ද.. "

ඒත් එයා නිහඬයි.

" මොකක්ද හුත්තෝ.. කතා කරපන්කෝ.. කට නැද්ද..? "

ඒ වතාවෙ නම් එයා නපුරු වුණා. නපුරු වුණා කියන්නෙ ඉතින් තව මොනා නපුරු වෙන්නද.. එයා නපුරෙක් තමයි. මහාම මහා දඩබ්බරකාර නපුරෙක්.

" මං.. මං.. මං ගෙදරින් පැනලා ආවා... "

එයා කිව්වෙ රහසින් වගේ. ඒ හඬ බිඳිලා.

" ඒ ඇයි..? "

" මගෙ තාත්තා නෑ.. මගෙ බාප්පා එක්ක මට ගෙදර ඉන්න බෑ... "

" මොකක්..! ඇයි ඌ තමුසෙට මොකක්ද කරන්නේ..? "

එයා ඇහුවේ ටිකක් සන්සුන් විදිහට වුණත් රළු හඬකින්. කොලු ගැටයා මොකුත්ම කිව්වෙ නෑ. එයා නිහඬවම බලන් උන්නේ බිමට ඇස් යොමාගෙන .

" හරි..හරි.. මට තේරෙනවා..දැන් කොහෙද තමුසෙ යන්නේ..? "

එයා ඇහුවේ සුපුරුදු රළු හඬෙන් වුනත් සන්සුන්, කරුණාවන්ත බවක් එක්කමයි.

" දන්නෑ... "

" වයස කීයද..? "

" විස්සයි... "

" ගෙවල්..? "

" අවිස්සාවේල්ලේ... "

" අවුරුදු විස්සක් කියන්නෙ ලොකු කොල්ලෙක්නේ.. ඉතින් ජීවිතේට මූණ දෙන්න බැරිකමක් නෑනේ.. ම්.. ඇයි ඉතින් ජීවිතෙන් පැනලා යන්නේ.. බය නොවී ජීවිතේට මූණ දීපන් මිනිහෝ... "

එයා රළු හඬින් වුනත් ඔහේ නිවී සැනසිල්ලේ කියවගෙන ගියා. කොලු ගැටයා ඔහේ බලන් උන්නා විතරයි.

" මොකක්ද තමුසෙගෙ නම..? "

" මං..මං කිඳුරු..කිඳුරු අභිදම්... "

" අහ් කිඳුරු.. දිය කිඳුරෙක්ද..? "

ශේන් ඇහුවේ හිනා වෙන ගමන්. ඒත් එක්කම එතුවක් වෙලා බයෙන් ගැහෙමින් උන්නු කොලු ගැටයගේ මූණටත් ආවේ ලස්සනම ලස්සන හිනාවක්.

" බලපන්කො ඉතින්.. ඔහොම හිනා වෙලා ඉද්දි හෙණ ගති ඕයි.. ඔන්න ඔහොම ඉන්නවකෝ... "

කිඳුරු එයත් එක්ක යාන්තමට හිනා වෙලා ආයෙමත් වතාවක් ඇස් බිමට යොමා ගත්තා.

" ඔයාට කීයද..? "

කිඳුරු ඇහුවේ බිම බලාගෙනමයි .

" මොනාද , කජු ඇටද.. කොස් ඇටද..? "

එයා පුංචි විහිළුවක් කළා.

" නෑ...මං ඇහුවේ වයස..."

" මටද...? "

" ඔව්... "

" මට තිස් දෙකයි.. තමුසෙට වඩා අවුරුදු දොළහක් වැඩිමල්.. තාත්තෙක් වගේ ඕයි මං... "

එයා කිව්වෙ හිනා වෙමින්මයි.

" එතකොට නම...? "

" මං ශේ..අහ් නෑ මේ.. මං.. මං ශහිල්..ශහිල් හිමසර.... "

එයා ඒ මොහොතෙදි කොහේදෝ තිබිලා කටට ආපු නමක් එහෙම්මම කියලා දැම්මා. දැන් දැන් ශේන්ගේ හිතේ කිඳුරු ගැන ඇති වෙලා තිබුණේ අනුකම්පා සහගත හැඟීමක්.

" යන්න තැනක් තියෙද.. මං අහන්නෙ නවතින්න තැනක්..."

" මටද...? "

" නෑ මට.. සිංහල තෙරියමා.. ආ.. මොංගල් කෙළින්නෙපා ඕයි... තමුසෙගෙන් තමයි ඇහුවේ... "

" නෑ ඉතින්... "

කිඳුරු එහෙම කියලා බැලුවේ ශේන්ගේ ඇස් දිහා. ශේන් එයා දිහා කිසිම හැඟීමක් නැති දරදඬු පෙනුමක් එක්ක බලන් උන්නා.

" නවතින්න තැනක් නැත්නම් යං මාත් එක්ක... "

" මොකක්..! "

" ඇයි..? "

" නෑ..මොකුත් නෑ... "

" එනවද...? "

" මං..දැන්... "

" ඔව්... ඔව්... දැන් තමයි... "

" අනේ මාව පරිස්සම් කරන්න පුළුවන්ද...? "

ඒ ඇස් දෙකේ කඳුළු පුරවගෙන කිඳුරු එයාගෙන් අහද්දි ශේන් නොහිතූ විදිහට ඒ මූණ දෝතටම ගත්තා.

" බයවෙන්න එපා ඕයි.. මං ඉන්නකන් ඔය බාප්පා කියන පකයට තමුසෙට ඇඟිල්ලක්වත් තියන්න බෑ.. අඩු තරමින් නිය පිටින් පාරක් ගහන්න මං ඉඩ තියන්නෑ.. එනවා, නඟිනවා... "

එයා කිඳුරුගේ අතින් අල්ලගෙනම ගිහින් බයික් එකත් start කරගෙන එයාවත් නග්ගවගෙන බයික් එක හරවගෙන යන්න වුණේ එයාගෙ ගේ දිහාවට. ගිනි මකරෙක් වගේ හූස් ගාලා පිඹගෙන යන ducati බයික් එකේ හුළං පාර කපාගෙන යන වේගයත් එක්ක කිඳුරු ශේන්ගේ , එහෙමත් නැත්නම් එයා දන්න ශහිල් හිමසර ගේ බඩින් තද කරලා අල්ල ගත්තා.

මීළඟ කොටසට ...

More Chapters