පන්හිඳගේ වම් උරපත්තට ගොඩ වුණු සත්සිඳුගේ හිසකෙස් අතරින් විටෙක අර ඇඟිලි තුඩු එහෙ මෙහෙ වෙනවා. තවත් විටෙක උරහිස තද කරලා අල්ලගෙන මහා ආරක්ෂාවක් දනවනවා. ඉතින් මෙහෙම ඉන්න හැම මොහොතකම සත්සිඳුට දැනෙන්න වුණේ ලොකූ ආදරයක්. එන්න එන්නම ඒ ආදරේ වෙනුවෙන් එයාගෙ හිත ලෝභ කරන්න වුණා .
" අයියේ... "
" ම්... "
ඒ දෙන්නා ඒ දෙන්නට තුරුළු වෙලාම මුමුණන්න ගත්තා.
" මගෙ හිත හරි පුදුමාකාර පාළුවකින් පිරිල අයියේ.. මගෙ හිත කියාගන්න බැරි තරම් පාළුවකින් පිරිලා.. මට මං ආදරේ කරන හැමෝම නැති වෙලා යද්දි මට මේ දුක වේදනාව තවත් දරාගන්න බෑ අයියේ.. මට බයයි ඔයත් මට නැති වෙයි කියලා.. අනේ රත්තරනේ, මාව දාලා නම් යන්න එපා.. මං පිස්සෙක් වෙයි.. මං පපුව පැළිලා මැරෙයි... "
එයා පන්හිඳගේ පපුවට තුරුළු වෙලාම මුමුණන්න වුණා .
" කවදාවත් නෑ සුදු චූටි.. මං ඔයාව කවදාවත් දාලා යන්නෑ.. දවසක මං මැරුණොත්... "
ඒත් එක්කම සත්සිඳුගේ අතක දබරැඟිල්ලක් පන්හිඳගේ දෙතොල්වලට තද වුණේ එයාගෙ ඇස්වල කඳුළු පුරවගෙනමයි.
" ෂ්... කට වහගන්න. මොනාද මේ කියවන්නේ? ඔයාට මොකුත් වෙන්නෑ. මගෙ රත්තරන්.. හීනෙකින්වත් එහෙම හිතන්න එපා මගෙ දෙයියෝ.. ඔයා දන්නවා ඔයාගෙන් තොර ලෝකයක් මට නෑ කියලා... ඉතින් ඔය වගේ අසුභ කතා කියන්න එපා... "
එයා පන්හිඳගේ ඇස් දිහා බලන් කිව්වේ ටිකක් තරවටු ස්වරයෙන් වුණත් එයාගෙ කටහඬ බිඳිලා තිබුණා . යාන්තමට වගේ මුහුදු කුස සිපගන්න හඳ එළියට සත්සිඳුගේ ඇස්වල තිබුණ කඳුළු බිංදු පන්හිඳගේ ඇස් දෙකට අහු වුණා .
" මං යන්නෑ සුදු චූටි.. මුළු ජීවිත කාලෙම ඔයත් එක්ක ඉන්නවා. මගෙ හුස්ම ටික යන අන්තිම තත්පරේ වෙනකන්ම මං ඔයා එක්ක ඉන්නවා... "
එහෙම කියන ගමන් පන්හිඳගේ දෙතොල් නතර වුණේ සත්සිඳුගේ නළලතේ. සත්සිඳුගේ දෙතොලතර පැටළෙන්න කොච්චර වුවමනා වුණත් එයාට ඒකට අවසර ලැබුණේ නැති තරම්. ඒත් මේ වගේ සොඳුරු මොහොතක සරා සඳ යට ගිමන් හරිද්දි ඒ දෙතොල පන්හිඳ වෙනුවෙන් සින්නක්කර ලියලා දෙන්න සත්සිඳුටත් ඕනි වුණා .
තමන්ගේ ආදරේ දිනාගත්තු පන්හිඳට ඉස්සර නපුරු ගැරඬියා ඒ දෙතොල් එක්ක මොහොතකට පැටළිලා රස බැලුවට මොකද මේ මොහොතේ සත්සිඳුට ඕනි වුණේ පන්හිඳ එක්ක වෙනමම ලෝකයකට පිය මනින්න.
" අපි බෝට්ටුවට යමුද? "
සත්සිඳු ඇහුවේ එයාට තුරුළු වී ගෙනමයි.
" මාරියාවට... ? "
පැත්තකින් වැල්ලට ගොඩ බාලා තිබුණ මාරියා බෝට්ටුව දිහාවට මොහොතකට ඇස් යොමු කරන ගමන් පන්හිඳ ඇහුවා.
" හ්ම්... "
" යං ඉතින්... "
තත්පරයට දෙකට නැඟිටලා පන්හිඳ සත්සිඳුට අතක් දිගු කලේ එයාට නැඟිටින්න වාරු වෙන්න . ඒ අතට අත දීලා යාන්තමට වගේ හිනා වෙලා සත්සිඳු වැල්ලෙන් නැඟිට්ටා. ඒත් එක්කම එයාගේ අත පන්හිඳගේ අතක පැටළිලා හෙමින් හෙමින් අඩි තිය තියා ඉස්සරහට ගියේ මාරියා බෝට්ටුව දිහාවට .
සුදු පාට හඳ එළිය යට වැලි තලාවේ මාරියා බෝට්ටුව හරි ලස්සනට ඉන්නවා. ලා නිල් පාට පසු බිමේ දෙපැත්තේම තද නිල් පාටින් සටහන් කරලා තිබුණේ මාරියා කියලා හැඩ අකුරින්.
මාරියා බෝට්ටුවට ළං වෙලා පන්හිඳ එහෙම්මම බෝට්ටුව ඇතුළට පැන්නා. ඊට පස්සේ තවමත් වැල්ලෙ බලන් ඉන්න සත්සිඳුට අත දුන්නේ එයාවත් බෝට්ටුව ඇතුළට ගන්න. පන්හිඳගේ අතට අත තියලා වාරු වෙන ගමන් අමාරුවෙන් වගේ සත්සිඳුත් බෝට්ටුවට ගොඩ වුණා .
මාරියා බෝට්ටුව ඇතුළ ලෑලි ගහලා හරි ලස්සනට හදලා තිබුණා . අලුතෙන්ම බෝට්ටුව හැදෙව්වේ පන්හිඳ බව කොල්ලා දන්නෙ නම් නෑ. කාලෙකට ඉස්සර මාරියා බෝට්ටුව අරන් මුහුදු ගියේ සත්සිඳුගේ තාත්තා. ඒ කාලෙ නම් බෝට්ටුව සුදු පාටයි. හැබැයි දැන් නම් බෝට්ටුව ලා නිල් පාටයි.
" එන්න වාඩි වෙන්න... "
පන්හිඳ බෝට්ටුව ඇතුළේ වාඩි වෙන ගමන් සත්සිඳුට කතා කළා. එයත් එහෙම්මම බෝට්ටුව ඇතුළෙන් වාඩි වුණේ පන්හිඳට මුහුණට මුහුණ ලා ගෙන .
" අදින් පස්සේ අඬන්න ඔට්ටු නෑ.. හරිද සුදු චූටි... "
පන්හිඳ කිව්වේ ඒ ඇස් එක්ක තමන්ගේ ඇස් පටළවාගෙන. එයාගෙ ඇස්වල තිබුණේ හරි ආදරණීය බවක්. ඉතින් සත්සිඳුට හිතුණෙම ඒ ඇස් දිහා වරු ගාණක් වුණත් බලාගෙන ඉන්න. පන්හිඳ එයත් එක්ක යාන්තමට හිනා වෙලා බලන් ඉන්න සත්සිඳුව දකිද්දි නම් ඒ හිත එයාටම මෙල්ල නෑ .
" ඔහොම බලන්න එපා සුදු චූටි.. මගේ හිත හරියට ගැස්සෙනවා.. "
පන්හිඳ එහෙම කියලා දෝතින්ම සත්සිඳුගේ කම්මුල් දෙක අල්ලගත්තා. ඒ අහිංසක ඇස් දිහා බලාගෙනම එයාගෙ මූණ සත්සිඳුගේ මූණ ගාවට ළං කරන ගමන් එයත් ඇස් පියා ගත්තා. ඒත් එක්කම සත්සිඳුගේ ඇස් දෙකත් එහෙම්මම පිය වුණා .
පන්හිඳගේ උණුසුම් හුස්ම පොදක් සත්සිඳුගේ මුහුණ මත වදින තත්පරෙත් එයා හිටියේ ඇස් වහගෙනමයි. ඒ තත්පරේ පහු වෙන්නත් ඉස්සර පන්හිඳගේ දෙතොල් සත්සිඳුගේ දෙතොල් එක්ක පැටළුනේ එයා බලාපොරොත්තු වුණු විදිහටමයි.
"ම්හ්... "
සත්සිඳු ලොකු හුස්මක් එක්ක ඒ තෙත් වෙන දෙතොල් පන්හිඳ වෙනුවෙන්ම වෙන් කරන් හිටියා. එයාට දැනුනේ අහිමි වෙලා ගියපු මුළු ලෝකෙම ආයෙමත් එයා පාමුලට ඇවිත් වගේ හැඟීමක් . සත්සිඳු ඇස් පියාගෙනම උන්නේ හරියට භාවනාවකට සමවැදිලා වගේ.
පන්හිඳගේ හුස්ම සත්සිඳුගේ මූණේ හරි උණුහුමට වැදෙනවා. ඒ උණුහුම සීතල රැයේ එයාට ගෙනත් දුන්නේ නිමක් නැති ආස්වාදයක්.
" ම්හ්...කවුරු හරි දකියි... "
සත්සිඳු යාන්තමට කොඳුරන්න වුණා .
" බයවෙන්න එපා.. එන්න... "
පන්හිඳ කිව්වේ බෝට්ටුව ඇතුළේ මුණින් අතට ඇලවෙන ගමන් රහසින් වගේ. යාන්තමට හිනා වෙලා ලැජ්ජාවෙන් වගේ බලන් ඉන්න සත්සිඳුව එයාගෙ පපුව උඩට ඇදලා තුරුළු කරගන්න ගමන් පන්හිඳ ආයෙමත් ඒ දෙතොල් එක්ක පැටළුනා.
" සිනිඳුයි.. "
මොහොතකට දෙතොල්වලින් ඈත් වෙලා පන්හිඳ කිව්වේ සත්සිඳුගේ කම්මුලක පුංචි හාදුවක් තියන ගමන්. උඩුබැලි අතට වැතිරිලා ඉන්න පන්හිඳගේ පපුව උඩ මූණ තියන් ඉන්න ගමන් සත්සිඳු එයාගෙ කළු පාට nipple එකක් යාන්තමට වගේ සිප ගත්තා.
" ඇයි? "
පන්හිඳ ඇහුවේ රහසින් වගේ.
" එපාද?"
" ම්හ්... ඕනි... "
පන්හිඳ යාන්තමට මුමුණලා සත්සිඳුව බෝට්ටුව ඇතුළෙම උඩුබැලි අතට පෙරළගත්තේ ඒ දෙතොල් එක්ක ආයෙමත් සැරයක් පැටළීගෙනමයි. එයා ඒ දෙතොල්වල පැටළිලා කොච්චර වෙලාවක් හිටියද කියලා කියන්න බැරි තරම්. ඒ අතරතුර සත්සිඳුගේ දෑත් වලින් පන්හිඳගේ පිට පුරාවටම ගියේ එයාව තද කරලා අල්ලගන්න ගමන්.
තත්පර ඉක්මවාපු මිනිත්තු ගණනාවක් ඒ දෙතොල් අර දෙතොල් එක්කම පැටළී ගෙන උන්නා. ඒ ගෙවුණු මිනිත්තු අවසානයේ සත්සිඳුගේ දෙතොල් වලින් මොහොතකට ඈත් වුණු පන්හිඳගේ දෙතොල් ඉන් අනතුරු පාත් වුණේ සත්සිඳුගේ ගෙල දිහාවට.
දෙතොල්වලින් නතර නොවී ගෙල පුරාවටම පුංචි පුංචි සිතුවම් ගොඩක් දත්වලින් මවන අතරතුර සත්සිඳු කෙඳිරි ගාන්න වුණා .
" රිදුණද? "
" ම්හ්... "
එයා කිව්වේ උමතුවෙන් වගේ.
" මගේම කරගන්න ඕනි.. ඒත් දැන්ම බෑ... "
පන්හිඳ කිව්වේ ආයෙමත් සත්සිඳුගේ ගෙලෙහි දකුණු පැත්තේ දෙතොල් වලින් පුංචි හාදුවක් තවරන ගමන් . සත්සිඳු එයාගෙ දෑත් පන්හිඳගේ පිට දිගේ යවමින් එයාව එයාටම නතු කරගන්න වුණා .
" ඇයි දැන් බැරි? "
සත්සිඳු ඇහුවේ ඇස් වහගෙන අර උමතු විදිහටම කොඳුරන ගමන්.
" ඔයාට රිදේවි.. ගොඩාක්... "
ගෙලෙහි තවරපු දෙතොල් දෙක ආයෙමත් සත්සිඳුගේ කණ් පෙත්තක් ගාවට අරන් ඇවිත් පන්හිඳ යාන්තමට මිමිණුවේ ඒ කණ් පෙත්ත හපන රිදෙන නොරිද්දෙන ගාණට හපන ගමන්.
" කමක් නෑ.. රිද්දන්න... "
" ම්හ්... "
" අනේ...!"
" මෙතන බෑ... "
" එහෙනම් ? "
" අද කොහොමටවත් බෑ.. වෙන දවසක..."
පන්හිඳ කිව්වේ අර කණ් පෙත්ත ගාවම දෙතොල් තියන්.
" මං ආසයි ඒ වේදනාවට.. ඔයා රිද්දුවට මං අහිතක් හිතන්නෑ.. ඉක්මනට මට රිද්දවලා ඔයාගෙ කරගන්න.. "
බෝට්ටුවේ වැතිරිලා උඩුබැලි අතට හැරිලා බලන් ඉන්න සත්සිඳු එයාගෙ ඇඟ උඩ නැඟලා මූණ දිහා බලන් ඉන්න පන්හිඳගේ ඇස් එක්ක පැටළිලා ඒ ඇස් දිහා බලාගෙන ඇහිපිල්ලමක්වත් නොගහාම කිව්වා.
" සුදු චූටි උඹ දැන් හරියට නරක් වෙලා.. කොළඹනේ ඉන්නේ. දැන් හරියට පැහිලා.. මගෙ පණ්ඩිතයා.. "
පන්හිඳ කිව්වේ සත්සිඳුගේ නහයත් මිරිකන ගමන්.
" මං දැන් පැහිලා, ඉදිලා , බිමට නැමිලා බර වෙලා අතූ වෙලා ඉන්නේ... "
ඒත් එක්කම පන්හිඳට හිනාවක් පැන්නේ හිර කරන් ඉන්න බැරි තැන. එහෙම්මම එයත් බෝට්ටුවේ ඇලවෙලා හිනා වෙන්න ගත්තම සත්සිඳුත් ඒ හිනාවට හවුල් වුණා .
" ෂ්... සද්ද කරන්න එපා බූරුවෝ.. කාට හරි ඇහුණොත්.. "
සත්සිඳු එයාට නිශ්ශබ්ද වෙන්න අණ කළේ අනතුරු ඇඟවීමක් විදිහට .
" ඉතින් දැක්කම මොකෝ? උඹ මගේනේ.. මෙන්න මෙහාට වරෙන්... "
පන්හිඳ බෝට්ටුවේ උඩුබැලි අතට වැතිරී ගෙනම සත්සිඳුව තුරුළු කරගත්තේ හරි ආදරෙන්.
" දැන් නම් හැබැයි ඔයා කෙසේ වෙතත් මං නම් බරවෙලා... "
පන්හිඳ කිව්වේ අහස දිහා මොහොතකට බලලා ආයෙමත් සත්සිඳු දිහා බලන වමන්.
" මොකක්ද ඒ කිව්වේ? "
සත්සිඳු ඇහුවම පන්හිඳ ලැජ්ජාවෙන් වගේ හිනා වෙන්න ගත්තේ හිස හරවලා ඇස්වලින් එයාගෙ යටිකය පෙන්වන ගමන්. පුදුමෙන් වගේ නැඟිටපු සත්සිඳු පන්හිඳගේ යටිකය දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්. ඒත් එක්කම පන්හිඳ හිස පැත්තකට හරවගෙන හිනා වෙන්න වුණේ ලැජ්ජාවෙන් වගේ.
" හුටා.... දෙයි හාමුදුරුවනේ.. "
මොකක්දෝ අමුතු දෙයක් දැකපු ගානට සත්සිඳුත් ලැජ්ජාවෙන්ම හිනා වෙලා ආයෙමත් පන්හිඳගේ පපුවට තුරුළු වෙලා එයාගෙ පපුව අස්සේ මූණ හංගගෙන හිනා වෙන්න වුණා .
" ඇයි බං හිනා වෙන්නේ? "
පන්හිඳ ඇහුවේ ලැජ්ජාවෙන්.
" හිනා යන්නැද්ද ඉතින්.. දෙයියනේ දෙයියනේ... සුදු මහත්තයා ඔයා.... හම්මේ ඉතින්... "
සත්සිඳු ආයෙමත් පන්හිඳ ගෙ පපුව අස්සේ මූණ හංගන් හිනා වෙන්න වුණා .
" අනේ මේ.. නවත්තගනින් උඹෙ සිරික්කිය... "
පන්හිඳ කිව්වේ නෝක්කාඩුවෙන් වගේ.
" හරි හරි අනේ... මං හිනා වෙන්නෑ ඉතින්. හිනා ගියානේ ඒත්... "
" එදාටත් හිනා වෙයන් එහෙනම්.. බූරුවා... "
පන්හිඳ එයාව තුරුළු කරගෙන නෝක්කාඩුවෙන් වගේ කතා කළා.
" එදාට නම් ඉතින් මෙහෙම හිනා වෙවී ඉන්නෑ සුදු අයියේ.. හරිද? "
" ඇයි... එදාට මොනාද කරන්නේ? "
" ඒවා රහස්.. ඒවා බලමු එදාට.. "
සත්සිඳු එයාගේ අතක දබරැඟිල්ලකින් පන්හිඳ ගෙ පපුවේ සිතුවම් අඳින ගමන් කිව්වා.
" කුපාඩියා... "
" ආහ්... එහෙමද? "
" හරි හරි මේ.. මෙන්න මෙහෙ වරෙන්..."
ආයෙමත් වතාවක් පන්හිඳ සත්සිඳුව ඇදලා අරන් තුරුළු කරගන්න ගමන් එයාගෙ නළලතේ හාදුවක් තිබ්බා. ඒත් එක්කම එයාගෙ ඇස් යොමු වුණේ කළුවර අහස දිහාවට. රිදී පාටද, කහ පාටද, රත්තරන් පාටද කියලා හරියටම තෝරලා බේරලා වෙන් කරගන්න බැරි පැහැයකින් මුළු හඳම වෙලාගෙන තිබුණා .
හඳට තනි රකින්න ආව තරු කැට ගොන්නක් ඈතින් හෝ ළඟින් නොවන වෙනමම තැනක රංචු ගැහිලා උන්නා. අහස පුරාවටම තරු පිරිලා තිබුණත් ඒ හැම තරුවක්ම බලන් හිටියේ හඳ දිහාම නෙවෙයි . එයාලා උන්නේ එයාලගේ ලෝකවල.
පන්හිඳගේ පපුවට තුරුළු වී ගෙනම කළුවර අහස දිහාවට යොමු වෙච්චි සත්සිඳුගේ ඇස් ඒ හඳත් , තරුත් අතර හිස් අවකාශයේ එහෙ මෙහෙ ගියේ අළුත් සිතුවිල්ලක් එක්කමයි. ඒ මූණේ පුංචි හිනාවක් පිරිලා තියෙන හැටි පන්හිඳ දැක්කේ ගොඩ දවසකින් . පන්හිඳට ඕනි කළෙත් ඒ අතීතයෙන් මොහොතකට හෝ එයාව ඈත් කරලා අළුත් බලාපොරොත්තුවක් ඇති කරවන්න.
ඉතින් සත්සිඳු ඒ අහස දිහා හිනා වෙලාම බලන් උන්නා. ඒ මූණේ ඉඳ හිට හරි මතු වෙන හිනාව හැරෙන්න පන්හිඳ සතුටු වෙන කිසි දෙයක් මේ මිහිපිට නැති තරම් . එයාවත් තුරුළු කරන් පැය ගණනාවක් මාරියා බෝට්ටුවේ හිටියේ කොච්චර තද වුණත් දැනෙන සීතලත් දරාගෙනමයි.
" අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න... "
පන්හිඳ ගෙ පපුවට තුරුළු වෙලා කළුවර අහසේ හඳත් තරුත් අතර තිබුණ හිස් අවකාශය දිහාවට ඇස් යොමු කරන් සත්සිඳු තාලෙට මුමුණන්න වුණා . පන්හිඳත් තොල් අතර මද සිනාවක් රඳවාගෙන ඒ හඬට ඇහුම් කන් දුන්නේ ඒ හඬ එයාව නිවන හින්දාමයි. පන්හිඳ ඒ කවියේ ඉතුරු ටික පිරෙව්වේ එයාගෙ ඇස් අහසට යොමු කරන්මයි.
" හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න... "
සත්සිඳු තරම්ම ලස්සන නොවුණත් පන්හිඳත් ඒ තාලෙටම ඒ පද පෙළ පිරෙව්වා.
" මං ආදරෙයි අයියේ..."
සත්සිඳු කිව්වේ ඒ පපුවට තුරුළු වෙලා තව තවත් සීතලේ ගුලි වෙන ගමන්.
" මාත් එහෙම තමයි සුදු චූටි.. ආදරෙයි උතුරන්න... "
පන්හිඳ එයාගෙ පපුවට සත්සිඳුව ගුලි කරගන්න ගමන් මිමිණුවා. හඳ එළිය වුණත් අහසෙන් පොළවට පතිත වුණේ සෞම්‍යවන්ත විදිහට . ඒ එළියත් බාධා වෙයිදෝ කියලා හිතන් වගේ කළු වලාකුළකට ඒ හඳ මුවා වුණේ ප්‍රේමවන්තයින් දෙන්නට ආශිර්වාද එක් කරන තාලෙට.
වෙලාව රෑ නවය පහු වෙලා දහයද, දහය පහු වෙලා එකොළහද කියන්න එයා දැනන් උන්නේ නෑ. එයා දැනන් උන්නේ හරියටම රෑ 9 විතර වෙද්දි බියර් වීදුරුවකුත් පුරවගෙන බැල්කනි එකට ගොඩ වුණා කියන දේ විතරයි .
බියර් වීදුරුව හිස් කරන ගමන් මිගාන්ගේ ඇස් යොමු වෙලා තිබුණෙත් හඳත් තරුත් අතර අහසේ තිබුණු හිස් අවකාශය දිහාවට. ලංකාවේ ඉන්න හොඳම කෝටිපතියෙක් වුණත් එයාට ඕනි කරන එයාගෙ ආදරේ දකින්නවත් බැරි තරමටම එයා අසරණ වෙලා උන්නා. මෙහෙමයි , මෙච්චරයි කියලා කියන්න බැරි තරම් මහා පාළුවකින් වෙලා ගෙන තිබුණ මිගාන් හෙවත් නපුරු ගැරඬියගෙ හිත හරියට කොහේදෝ ඈත රටක අතරමං වෙලා වගේ.
' චිඃ... මල කරුමේ. එදා හැප්පිච්ච වෙලාවෙ මැරිලම ගියා නම් එකක්... '
එයාගෙ හිත කිව්වේ එහෙම . එයාගෙ හිත හිටියේ හොඳටම කේන්ති ගිහින්. කේන්තියටත් වඩා මහා පාළු මූසල ගතියක් මුහු වුණු හැඟීමක් එක්ක ලොකු කලකිරීමකින් එයාගෙ හිත වෙලාගෙන තිබුණා .
තවත් ජීවත් වෙන්නේ ඇයි කියන සිතුවිල්ල එයාගෙ හිතට තදින් කා වැදිලයි තිබුණේ . ඉතින් එයා තව තවත් කල්පනා කරන්න ගත්තේ එයාගේ පාළු ජීවිතේ ගැන . බැල්කනි එකට වෙලා බියර් බෝතලෙන් භාගයක්ම හිස් වෙනතුරුත් ජීවිතේ ගැන හරි අර්ථකථනයක් හොයාගන්න බැරි තැන එයා බියර් වීදුරුවත්, බෝතලෙත් පැත්තකින් තියලා ඈත අහස දිහාවට ආයෙමත් ඇස් යොමු කළා.
මිගාන් හිටියේ හොඳටම වෙහෙස වෙලා . බියර් මතටත් වඩා එයාගේ හිත වෙලා ගෙන උන්නු පාළුව එයාගෙ වෙහෙස වැඩි කරන්න අරන්.
" එ..එයාට ම්..මාව ඕනි නැතුව ඇතිනේ... ඒ..ඒකනේ ගියේ... හ්..හරි හරි... කමක් නෑ... ඔයා යන්න.. ඈතටම යන්න... ආයෙමත් ම්..මගෙ ඇස් මානෙකටවත් එන්න එපා... යන්න ඉතින්... පිස්සෙක් වෙලා මං ම්..මැරිලා ගියාම තේරෙයිනේ... ම්..මගෙ අගේ... ම්..මොන කැවුත්තක්ද බලන් ඉන්නේ... ප්..පලයන් ඉතින්... බූරුවා.... "
වෙරි මරගාතෙම වගේ බැල්කනි එකේ ඉඳන් කාමරයට ඇවිදන් ආපු මිගාන් ඇඳට වැටුණේ සත්සිඳුට බැනගෙනමයි. සත්සිඳු නැති දුක එයාට තවත් නම් දරාගන්න බැරි තරම්.
වෙලාව කීයද කියලා කියන්න එයා කොහොමටවත් දැනන් උන්නේ නෑ. හැබැයි ඒ වෙද්දිත් දොළහේ කණිසම පහු කරලා තිබුණා . අළුත් දවසකට අළුත් ආරම්භයක්..
කඳු හිස මුදුනතින් ආව හිරු රැස් මිදුලේ හැම අතින්ම වැටිලා තිබුණා . ඔක්කොම අවදියෙන් උන්නත් කලින් දවසේ රෑ බියර් බෝතලෙන් භාගයක්ම හිස් කරපු නිසාදෝ එයාට නම් හොඳටම නින්ද ගිහින් උන්නේ. ඒත් ඉතින් සුපුරුදු විදිහට බාබු අන්කල්ගේ fresh milk මග් එක නම් කොල්ලට වරදින්නේ නෑ.
" සර්... සර්... සර්... "
බාබු අන්කල් දොරට තට්ටු කරන්න වුණත් එයා හිටියේ හොඳටම නින්ද ගිහින්. ඒත් බාබු අන්කල් දොරට තට්ටු කරන එක නම් නැවැත්තුවේ නෑ.
ඒත් එක්කම වගේ මිගාන්ගේ පෝන් එක ring වෙන්න ගත්තත් එයා කළේ නින්දෙන්ම ඒ call එක cut කරපු එක. බාබු අන්කල් දොරට තඩි බාන හඬ එයාට ඇහුණේ ඒ මොහොතෙයි. එහෙම්මම නැඟිට්ට කොල්ලා නින්දෙන්ම වගේ දොර ගාවට ඇවිදගෙන ගිහින් දොර විවර කළේ බාබු අන්කල් ගෙනාව fresh milk මග් එක ගන්න.
" Good Morning සර්... "
බාබු අන්කල් සුපුරුදු හිනාවම මූණේ රඳවාගෙන උදෑසන සුභ පැතුම කොල්ලට එක්කහු කළා.
" Good Morning බාබු අන්කල්... "
Fresh milk මග් එකත් අතට අරන් එයා දොර වැහුවේ phone එක බලන්න වුණත් එයාට ආයෙමත් call එකක් ආවේ ජේකබ්ගෙන්. දෙපාරක් හිතන්නෙ නැතුවම ගැරඬියා call එක answer කළා.
" කියපන් ජේකබ්... "
Fresh milk මග් එක table එක උඩින් තියලා ආයෙමත් ඇඳෙන් වාඩි වෙන ගමන් එයා කතා කළා.
" Good Morning සර්... අදත් යනවද අහන්න කතා කළේ... "
" Good Morning බං... අද මං විතරක් යන්නම්.. උඹ මෙහෙ වැඩ ටික ටිකක් බලපන්.. "
මිගාන් ජේකබ්ට කියලා එහෙම්මම call එක cut කළා. කලින් දවසේ රෑ බියර් බෝතලෙන් භාගයක්ම වගේ හිස් කරපු හින්දා ගැරඬියගේ ඇස් දෙකත් රතු වෙලා . එයා එහෙම්මම bathroom එකට ගිහින් එළියට ආවේ හරියටම පැයකුත් මිනිත්තු ගාණක් ගිහින් .
කළු පාට ෆිට් ටී ෂර්ට් එකට ජිම් ශෝර්ට් එකකුත් ඇඳන් pillow slippers දෙකත් දාගෙන කොල්ලා පඩිපෙළ බැස්සේ හිස් කරපු fresh milk මග් එකත් අරගෙනමයි. මග් එක කුස්සියෙන් තියලා එයා අඩියට දෙකට එළියට බැහැලා full face helmet එකත් දාගෙන kawazaki bike එකට නැගලා තුම්මුල්ල පැත්තට ඉගිල්ලිලා ගියා.
Kawazaki bike එක accident එකෙන් පස්සේ වෙනදටත් වඩා හොඳට දිදුලනවා. ඒ ඉතින් ජේකබ් එදාම ගිහින් bike එක repair කරපු හින්දා. කොල්ලා තුම්මුල්ල පැත්තට ඉගිල්ලිලා යද්දි පාරේ යන කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම කොල්ලා දිහා හැරි හැරී බලන්න වුණා .
' ඒකෙත් හැටි බලපන්කෝ.. අර හිකණලාට තමා මේ මිගාන්ගේ අගයක් නැත්තේ.. ඒකට මේ කෙල්ලෝ ටික.. '
ඒ මොහොතෙදි එයාගෙ හිත කිව්වෙ එහෙම . එහෙම්මම ගිනි පිඹින මකරෙක් ගානට ආව bike එක තුම්මුල්ල හරහා ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණා . රැජින පාරට මෙහායින් තිබුණු සුපුරුදු නුග ගහ යට නතර වුණු bike එකෙන් එයා බහින්නෙ නැතුව ඔහේ මිනිත්තු ගානක් යනකන්ම බලන් උන්නා.
Bike එක වේගයෙන් පැදපු නිසාද කොහෙද එයාගෙ අත පොඩ්ඩක් රිදෙන්නත් වුණා . ඒ වෙද්දි නම් බැන්ඩේජ් ගලවලා තිබුණා . නළලෙත් ගහලා තිබුනු ප්ලාස්ටර් අයින් කරලා. නළලේ පුංචියට තුවාල කැළලක් තිබුණා .
මොන අමාරුව තිබුණත් ජම්මෙට වඩා පුරුද්ද ලොකු ගැරඬි මහත්තයට ඉතින් අර අහිංසකයව නොදැක ඉන්න බෑනේ. එයා එයිද නොඑයිද කියලා හරියටම දන්නෙ නැතුව වුණත් එයා ගොඩ වෙලාවක් යනකන් අර පෞරාණික පෙනුමට තියෙන සුපුරුදු නුග ගහ යටට වෙලා බලන් උන්නා.
ඇවිල්ලා ගොඩ වෙලාවක් ගියත් එයා නම් පේන තෙක් මානෙක නෑ. ඒත් කොල්ලා හිතේ බලාපොරොත්තු නැති කරගත්තෙත් නෑ. එයා බලාපොරොත්තු දල්ව ගත්තු ඇස්වලින් ඔහේ බලන් උන්නා. නපුරු ගැරඬියගේ phone එක ring වෙන්න ගත්තෙත් ඒ එක්කමයි.
' ඔන්න බබා අඬනවා.. මේක නම් මල දානයක් ඩිනෝ... '
එයාගෙ හිත එයාටම කියා ගත්තේ අතොරක් නැතුව එන කෝල්වල සීමාවක් නැති නිසා. ඒත් phone එකේ screen එක දිහා බලපු එයා දැක්කෙ ටිකක් හුරු පුරුදු නමක්.
" රාග් uncle..."
එයා එයාටම මුමුණ ගත්තා. ඔව්, phone screen එකේ තිබුණේ Raag Uncle කියලා. එයා දෙවරක් හිතන්නෙ නැතුව නෙවෙයි , දෙවරක් හිතලයි answer කළේ..
" Hello ඩිනෝ..."
එහා පැත්තෙන් ඇහුණේ රළු කටහඬක්.
" Hello රාග් uncle..."
මෙහා පැත්තෙන් මිගාන් කතා කළා.
" මොකක්ද බං uncle ගාන්නේ.. මාමා කියපන්. මං උඹේ මාමා.. අම්මගෙ මල්ලි.. ඉතින් uncle නොකියා මාමා කියපන්.. "
එහා පැත්තෙන් ඇහුණේ එහෙම .
" ඉතින් මාමා කතා කළේ? "
මිගාන් යාන්තමට හිනා වෙලා ඇහුවා.
" මං ලබන මාසේ ලංකාවට එනවා කියන්න ගත්තේ.. "
" අහ්... එන්න එන්න මාමේ.. ඕක මොකක්ද ඉතින් . මෙහේ නවතින්න පුළුවන් "
මිගාන් නුග ගහ යට හෙවණේ ඉඳන්ම කතාවට වැටුණේ නිවී සැනසිල්ලේ.
" නැතුව යකෝ.. මං ඔහේ ඇරෙන්න වෙන කොහේ නතර වෙන්නද? අහ් ඒක නෙවෙයි කොල්ලෝ... මගෙ room එක දැන්ම ඉඳන් ලෑස්ති කරලා තියපන්.. "
රාග් එහා පැත්තෙන් කිව්වා.
" හරි හරි මාමේ... "
මිගාන් කිව්වේ හිනා වෙලා .
" හරි බං.. එහෙනම් මං තියනවා කොල්ලෝ.. "
" හරි මාමේ.. bye..."
" Bye..."
කොල්ලා phone එක තිබ්බේ ඊළඟට කඩා පාත් වෙන්න යන්නේ මොන මරාලයක්ද කියලා හිතාගන්න බැරුව. ඒ සිතුවිල්ලෙන් අයින් වෙලා ආයෙමත් හිත අර අහිංසකයා වෙනුවෙන් වෙන් ක්ස්‍රන් එයා කුමාරතුංග මුනිදාස මාවතට වෙලා ඔහේ බලන් හිටියා . ඒත් එයා එන පාටක් නෑ. Bike එකෙන් බැහැලා ඒ මේ අත ඇවිද ඇවිද හිටියේ කම්මැලිකම යන්නත් එක්ක.
වෙලාව හරි ඉක්මනට ගෙවිලා ගියමුත් එයා එන්නෙ නැති පාටයි. කොල්ලට තවත් නම් ඉවසන්න බෑ. වෙලාව 9 ට කිට්ටු වෙන්න එයා bike එකට නැග්ගේ කේන්තියෙන්මයි. එහෙම්මම ආයෙමත් ආපු පැත්තටම ඉගිළිලා ගියේ නම් ආවටත් වඩා වේගයෙන් කියලා දැක්ක ඕනි කෙනෙක්ට තේරුණා.
නුග ගහ යට හෙවණ පාළුවෙන් බලන් හිටියා. එයා හෙළපු හැම විරහ වේදනාවකම හුස්ම ඒ නුග ගහ දන්නවා. එයාගෙ හිත හිතපු හැමදේම ඒ නුග ගහේ අතු පතර විහිදුණු හැම අංශුවක් ගානෙම අහන් හිටිය ගානයි. එයා එතනින් ගියාට පස්සෙ එයාගෙ හිත වගේම ඒ නුග ගස් හෙවණ යටත් හරි ඉක්මනට පාළුවට ගියේ හෙවණැල්ලක්වත් නොවැටීමයි.
මීළඟ කොටසට ...