Ficool

Chapter 26 - 26

කළුවර අහසක් එක්ක අපැහැදිලි චායා රූ පෙළක් වගේ මිගාන්ගේ මනස පුරාවට ඇඳෙන්නේ සත්සිඳුගේ මතක. හිස් කරාපු බියර් වීදුරුවල බලසම්පන්න ගතිය කොච්චරක්ද කියනවා නම් එයා උන්නේ හරි හැටි සිහියක් නැතුව. ඇඳට වෙලා ගුලි වෙලා නිදාගන්න වුවමනා වුණත් එයාට නින්ද කියලා නාම මාත්‍රයක්වත් අහළකට එන්නෙ නැති තරම්.

ඔරලෝසුවේ කටු ඔහේ හිතු මනාපෙට කැරකෙන්නේ කිසිම අවනත භාවයක් නැතුව. පින්තූර පෙළක් එක්ක මිගාන්ගේ මනස පුරාවට හොල්මන් කරන සත්සිඳු මකරන්දගේ රූපය දැන් එයාගෙ මනසටම මහා විශාල කරදරයක් . ඒත් ඒ කරදරයෙන් මිදෙන්න ගැරඬියගේ හිත ඉඩ නොදුන්නේම එයා වැඩියෙන්ම ආස කරන්නේ ඒ හීනය ඇතුළේ ජීවත් වෙන්න නිසාවෙන්.

ඇඳ බදාගෙන නිදා ඉන්න මිගාන් අතරමං වෙලා උන්නු හීන ලෝකය එයාගේ හිත අමුතුම වේදනාවකිනුයි, අමුතුම මිහිරියාවකිනුයි පුරවන්න වුණා . එයා ඒ හීන ලෝකයේ ජීවත් වෙන තත්පරයක් ගාණේ උන්නේ පුදුමාකාර සතුටකින්. ඒ වුණත් ඒ අහිංසක ඇස් දෙක කොහේ අතරමං වෙලාද කියලා එයාටම හිතාගන්න බෑ. එතකොට නම් ඒ හිත කියාගන්න බැරි වේදනාවකින් පිරිලා යනවා.

ඇඳත් බදාගෙන නිදාගෙන ඉන්නකොට මිගාන්ගේ මනසට එන අතොරක් නැති අසීමිත රූපකායන් එක්ක එයාගෙ හිත හරි හරියට අසරණ වෙන්න වුණා . බියර් වීදුරු දෙක තුනක් වුණත් branded නිසාමද කොහෙද එයා උන්නේ වෙනදට වඩා ගොඩක් මත් වෙලා .

කොල්ලා නම් ඇඳත් බදාගෙන හොඳටම නිදි. එයාගේ හිත කොහේදෝ පාළු නිම්නයක අතරමං වෙලා. ඒත් ජේකබ්ගේ හිතේ නම් ඒ මොහොතේ වැඩ කරන්න ගත්තේ වෙනමම plan එකක්.

ජේකබ් කොල්ලා දුක් වේදනා විඳ විඳ ලතැවෙන දිහා බලන් හිටියේ හිතේ ගින්දරෙන්. ඒත් ජේකබ්ට ඕනි කරලා තිබුණේ කලින් උන්නු ඩිනෝ මිගාන් සමරදිවාකරවම ආයෙමත් කොල්ලා තුළින් දකින්න.

ඒත් ඒක එසේ මෙසේ කරන්න පුළුවන් ලේසි පහසු දෙයක් නොවන බවත් ජේකබ් දන්නවා. ඒත් ජේකබ් කල්පනා කළේම ආයෙමත් ඒ පෞරුෂයකින් යුතුව වැඩ කරපු මනුස්සයව ආරූඪ කරවන්නමයි.

ආදරේ කියන්නෙ මොකක් වුණත් ආදරේට කරන්න බැරි මොනාද කියලා තේරුම් ගන්න බැරි තරමටම ජේකබ් උන්නේ අන්ධ වෙලා . ඇත්තෙන්ම තුවක්කු එක්ක හැප්පෙන අත්වලට ආදරේ නොදැනෙනවා නෙවෙයිනේ.. ඒත් මොකක් හෝ අවාසනාවකට ජේකබ්ට නම් ආදරේ කියන මාතෘකාව ගැන හරි හැටි අවබෝධයක් නැති තරම්. නැත්නම් ඉතින් එයාට මිගාන්ගේ හිතේ අර අහිංසකයා ගැන තියෙන ආදරේ තරම තේරෙන්න එපැයි.

ඇඳත් බදාගෙන බියර් මතින් නිදා ඉන්න කොල්ලගේ කාමරේට ජේකබ් ආවේ හරි පරිස්සමින් වගේ. වෙලාව රෑ කීයද කියලා හරි හැටි නිච්චියක් නැති වුණත් ඔරලෝසුවේ තත්පර කටුව තරඟෙට වගේ දුවන හඬ නම් හොඳටම ඇහෙනවා.

පඩිපෙළ නැඟගෙන උඩට ඇවිත් දොර විවර කරලා තිබුණ කොල්ලගේ කාමරේට ගිය ජේකබ් අඩ අඳුර මැද්දෙන් ඇවිදගෙන ගියේ කාමරේ බල්බ් එක දාන්න switch එක on කරන්න.

ජේකබ් බල්බ් එක on කරනවත් එක්කම වගේ බියර් මතින් මත් වෙලා ඇඳත් බදාගෙන නිදන් උන්නු කොල්ලා යාන්තමට වගේ ඇස් ඇරලා බැලුවා.

" ජ්..ජේකබ්... උඹ... "

කොල්ලා මතින්ම කතා කළා. එයාගේ හඬ නම් ඉතින් වෙනදටත් වඩා බිඳිලා තිබුණේ .

" ස්...සර්... "

ජේකබ් බයෙන් බයෙන් වගේ කතා කළේ මහ ලොකු වරදක් කරපු ගානට.

" උ.. උඹ ඇයි මේ ව්..වෙලාවේ... ම්..මොකක්ද කරන්නේ උඹ? "

මිගාන් ඇහුවේ ගොත ගගහා වගේ බිඳුණු ස්වරයකින්.

" සර්..සර් මේ.. සර් නිදිද බලන්න ආවේ... "

ජේකබ් බයෙන් බයෙන් වගේම උත්තර දුන්නා.

"අහ්...ස්..සිරාවට... උඹ මං නිදිද බලන්නද ආවේ? "

ගැරඬියා ඇහුවේ ඇඳේ නිදාගෙනම ජේකබ් දිහා බලන් වෙරි මතින්.

" ඔ.. ඔව් සර්... "

ජේකබ් ගොත ගහ ගහා උත්තර දුන්නා .

බියර් මත වැඩි කමටදෝ මිගාන්ගේ විඥානය පවා එයාගෙන් දුරස් වෙච්චි ගානයි. එයා ජීවත් වෙන ලෝකය ගැන මහා අමුත්තක් එයාගෙ හිත අස්සෙ පිරිලා යන ක්ෂණයකින් එයාගේ ඇස් ආයෙමත් නිදිමතත් , වෙරිමතත් නිසාවෙන් පියවෙන්න වුණා .

" සර්... සර්... සර්... නැඟිටින්නකෝ... සර්... සර්... "

ජේකබ් ඇස් පියන් ආයෙමත් නින්දකට ඔන්න මෙන්න කියලා සැරසෙන කොල්ලට කතා කළේ එයාව ඇහැරවන්න. ඒත් ඒක හරියන වැඩක් නොවෙන බව ජේකබ්ම ටික වෙලාවකින් තේරුම් ගත්තා.

ආයෙමත් කාමරෙන් එළියට ගිය ජේකබ් පඩිපෙළ බැහැගෙන පහළට ගිහින් ගෙදර වැරැන්ඩා එකට ගියේ හදිස්සියෙන් වගේ. දාහකුත් පිළියම් එයාගෙ හිතේ තිබුණමුත් ජේකබ්ට ඕනි කළේ අර පරණ ඩිනෝ මිගාන් සමරදිවාකර ආයෙමත් උපද්දවන්න.

ජේකබ් පඩිපෙළ බැහැගෙන යන නිමේෂයට මිගාන්ගේ ඇස් පියවුණේ ලොකු නින්දක් බලාපොරොත්තුවෙන්. සත්සිඳු නැති දුක නිවාගන්න කියලා බියර් වීදුරු හිස් කළාට මොකද ඒ වෙද්දි නම් එයාට බීපු හේතුවක් වත් ,මත් වෙච්චි හේතුවක් වත් මතකයේ නැති තරම්. අඩු තරමින් සත්සිඳු මකරන්ද කියලා කෙනෙක් ජීවිතේ හිටියද නැද්ද කියලවත් මතක නැති තරම්.

සවිඥානයෙන් බියර් වීදුරු හිස් කලාට අවිඥානයෙන් ඉන්න වෙන්නෙ මොන හේතුවකටද මන්දා හැබැයි . කොහෙන් කොහොම හරි ඇස් පියා ගත්තු ගැරඬියා වෙරි මරගාතෙම නිදාගන්න වුණේ වෙනදටත් වඩා ගොරව ගොරවා. එයා ඉරපු ලීය නම් තේක්කද, බුරුතද, කළුවරද මන්දා. ඒ තරම් ගැට සහිත ලීයක්..

" හෙලෝ.. කෝ ආවද? "

පල්ලෙහාට බැහැලා ජේකබ් කාටද මන්දා කෝල් එකක් අරන් කතා කළේ ටිකක් සැකෙන් බයෙන් වගේ. එහා පැත්තෙන් ලැබුණු උත්තරය සතුටුදායකයි කියන්න පුළුවන් වුණේ ඒ මොහොතෙදි ජේකබ්ගේ මූණේ ඇඳුණේ හරි පුදුමාකාර හිනාව නිසාමයි.

ජේකබ් ඔහේ එළියට වෙලා බලන් හිටියේ කවුරුන් හෝ එනතුරු වගේ. පෝන් එකත් අතේ තියාගෙන වෙලාවත් බල බලා එයා වැරැන්ඩා එකේ ඒ මේ අත ඇවිදින්න වුණා .

මිනිත්තු පහක් හෝ හතක් ඉක්මවලා යන්න ඉස්සර විශාල ගේට්ටුවෙන් ඇතුළු වුණේ තවත් කාර් රථයක්. ජේකබ් ඒ කාර් එක දැක්ක හැටියෙම හිනා වුණේ ලොකු ජයග්‍රහණයක් ලැබූ තාලෙට.

Garden එකෙන් ඇතුළට ආපු කාර් එක ගාවට ගිය ජේකබ් පිටිපස්සෙ සීට් එකේ දොර විවර කළේ මූණේ අර සුපුරුදු හිනාව රඳවාගෙනමයි.

ඒත් එක්කම වගේ කාර් එකෙන් එළියට බැස්සේ රතු පාටට හුරු short frock එකකින් සැරසුණු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක් . බැලූ බැල්මට වයස අවුරුදු විසිපහක් හෝ තිහක පෙනුමක් තිබුණු කෙල්ලගේ කොණ්ඩය ලා දුඹුරු පාටට හුරුව තිබුණා . බෙල්ලට ටිකක් පහළට වෙන්න වැවුණු කොණ්ඩය අතින් සකසා ගන්න ගමන් එයා ජේකබ් එක්ක හිනා වුණේ හුරුපුරුදු විදිහට .

" හායි ජේකබ් සර්... කොහොමද ඉතින්.. ? "

කෙල්ල ජේකබ් එක්කත් කතා කළේ ටිකක් සරාගී විදිහට .

" හොඳයි ශෙරී.. හොඳින් ඉන්නවා... "

ජේකබ් යාන්තමට හිනා වෙලා උත්තර දුන්නා .

" දැන් ඉතින් සර් එන්නෙත් නෑ.. ජේකබ් සර් එන්නෙත් නෑනේ club එක පැත්තේ... "

කෙල්ල කතා කරන්නෙම ජේකබ්ගෙත් හැඟීම් අවුස්සන තාලෙට. ජේකබ් හිතත් ඉතින් ඒවට ගැස්සෙනවා.

" අහ්... එන්නම්කො එන්නම්කො වෙලාවක.. කොහෙද ඉතින් හරි හරියට වැඩනේ ශෙරී... නැත්නම් ඉතින් නෑවිත් ඉන්නෑ... "

ජේකබ් කිව්වෙත් කෙල්ලගේ දිහා ටිකක් සරාගී ඇස් දෙකකින් බලන ගමන්.

" කෝ ඉතින් ඩිනෝ සර්...? "

ශෙරී ඇහුවේ garden එකේ ඉඳන්ම ඉහළ මාලය දිහා ඇස් කරකවලා වගේ බලන ගමන්.

" සර් උඩ.. ටිකක් නින්ද ගිහින්.. ඔයා ගියාම ඉතින් ඇහැරෙයි... "

ජේකබ් කිව්වේ ශෙරීගේ කණට කරලා ටිකක් රහසින් වගේ. ඒත් එක්කම ශෙරීගේ මූණේ ඇඳුනෙත් සරාගී මද සිනාවක්..

" එහෙනම් යමු... "

එහෙම කියලා ජේකබ් ඉස්සර වුණාම ශෙරී එයාගෙ පිටිපස්සෙන් වැටුණා . දෙන්නම living room එකට එනවත් එක්කම වගේ ආවෙ කවුද කියලා බලන්න කුස්සියේ රෑ කෑම සකස් කරමින් උන්නු බාබු අන්කල් එළියට ඇවිත් නුහුරු මුහුණ දිහා පුදුමයෙන් වගේ බැලුවා. ශෙරීත් බාබු අන්කල් දිහා බලන් උන්නේ පුදුම වෙලා වගේ.

" අහ්... බාබු... අ.. මේ අපේ සර්ගෙ යාළුවෙක්.. සර්ව meet වෙන්න ඇවිත්... "

බාබු අන්කල්ගේ සැක සහගත බැල්ම වටහා ගත්තු ජේකබ් බාබු අන්කල් අහන්නත් ඉස්සර උත්තර දුන්නා . මුවින් එකම එක වචනයක්වත් පිට නොකර බාබු අන්කල් යාන්තමට හිනා වෙලා ඒකට ප්‍රතිචාර දැක්වූවා.

ඒත් ඉතින් ඇවිල්ලා ඉන්න සක්කරවට්ටමගේ පෙනුමයි , බැල්මයි , වැනිල්ලයි නම් බාබු අන්කල්ට රුස්සන්නෙම නැති තරම්.

" යං ශෙරී.... "

එහෙම කියාගෙනම ජේකබ් ඉස්සර වෙද්දි ශෙරීත් ඒ පස්සෙන් වැටුණේ බාබු අන්කල් දිහා අප්‍රසාදයෙන් වගේ බලලා. ජේකබුයි , සක්කරවට්ටමයි දෙන්නත් එක්කම පඩිපෙළ නඟින දිහා බාබු අන්කල් පහළට වෙලා බලන් උන්නේ කළකිරුණු හැඟීමකින් වගේ.

ඒ දෙන්නා පඩිපෙළ නැගලා නොපෙනී යනතුරුම වගේ බාබු අන්කල් පහළට වෙලා බලන් ඉඳලා ආයෙමත් කුස්සිය දිහාවට යන්න ගියා. පඩිපෙළ නැගලා ඉහළ මාලයට ගිය ජේකබ් ශෙරී එක්ක නතර වුණේ මිගාන්ගේ කාමරේ දොර ගාව.

" කෝ... ? "

ශෙරී ඇහුවේ රහසින් වගේ.

" ඇතුළේ... "

ජේකබුත් රහසින් වගේ උත්තර දුන්නා. යාන්තමට වගේ ඇහෙන නෑහෙන ගානට ගැරඬියගේ කාමරේ දොර විවර කරපු ජේකබ් ආයෙමත් හැරිලා ශෙරී දිහා බැලුවේ යාන්තමට හිනා වෙලා . ඒ හිනාව ඇතුළේ තිබුණේ හරි පුදුමාකාර කපටි පෙනුමක්..

" යන්න... "

ජේකබ් කෙල්ලට අතින් ඉඟි කරන ගමන් රහසින් වගේ කිව්වා. ඒත් එක්කම ශෙරී ඇතුළට ගියේ දාගෙන ඇවිත් තිබුණු heels දෙකේ හඬ ඇහෙන නෑහෙන ගානට. කපටි සරාගී හිනාවක් එක්ක ජේකබ් දිහාවට අමුතු බැල්මක් දාපු ශෙරී එහෙම්මම දොර ලොක් කරගත්තේ ඇතුළෙන්.

දෙන්නට ඕන දෙයක් කරගන්න ඇරලා ජේකබ් එහෙම්මම පහළට ඇවිත් වැරැන්ඩාවට ගොඩ වෙද්දිත් ශෙරී නම් උන්නේ කාමරේ දොර ගාව.

මුළු කාමරය පුරාවටම පැතිරිලා තිබුණේ අඩ අඳුරක්. යාන්තමට වැටුණු කහ පාට එළියක් විතරක් මිගාන්ගේ ඇඳ ගාව තියෙන table lamp එකෙන් විහිදෙනවා.

මිගාන් හිටියේ බර නින්දක. ඇහැරවන්නත් ලෝභ හිතෙන තරම් තද නින්දක. ඉස්සර දවස්වල නම් DMS nigh club එකේ කාමරවල මේ පපුවට තුරුළු වෙලා එයාගෙ පහස විඳපු හැටි ඒ මොහොතෙත් ශෙරීට මතක් වුණා . කෙල්ල හෙමින් හෙමින් මිගාන් ගාවට ළං වෙන්න වුණේ හිතේ ලොකු තිගැස්මකුත් තියාගෙනමයි.

ශෙරී heels දෙකත් පැත්තකින් ගලවලා දාලා හෙමින් හෙමින් එයා ගාවට ළං වෙද්දි පපුව හරි වේගෙන් ගැහෙන්න වුණේ කවදාවත් නැතුව. DMS night club එකේ හොඳ හොඳ businessmans ලා එක්කත් sex කලාට මොකද ඒකේ අයිතිකාරය වෙච්චි මිගාන් ඉස්සරහා ශෙරීගේ හදවත ගැහෙන්නේ හරි පුදුමාකාර විදිහට .

හෙමින් අඩි තිය තියා ඇඳ ගාවට ලං වෙච්චි ශෙරී මිගාන්ගේ දිහා බලන් උන්නේ හරි ආසාවෙන්. ඒ ශක්තිමත් උර බාහුවලට තද වෙලා නිදාගන්න අකමැති මොන ගැහැණු හිතද..

ශෙරීට හිතුණෙත් ඒ ටිකමයි. සෞම්‍යවන්ත රාත්‍රිය මිගාන් දිහා බලන් ඉන්න එයාට ඉඟි බිඟි කරනවා වගේ ශෙරීට දැනෙන්න වුණා .

ඇඳන් උන්නු short frock එක හෙමින් සැරේ උනා දාපු ශෙරී එයාගේ අඩ නිරුවත් වුණු සිරුර සිය දෑතින්ම පිරිමැද ගන්න වුණේ හිතේ තිබුණු හැඟීම් අනන්තයකට පණ දෙන ගමන්.

අවිඥානික තාපසයෙක් ගානට ඇඳේ වැතිරිලා ඉන්න මිගාන් නින්දෙන්ම උඩුබැලි අතට හැරුණම ශෙරීගේ මූණේ ඇඳුණේ සරාගී මද සිනාවක්. කොල්ලගේ උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත්. ඒ gym body එක දකිද්දි නම් ශෙරීගේ සිතත් ගතත් ඉවසුම් නෑ.

අඩ අඳුර මැද්දෙන් ශෙරී ගොඩ වුණේ ඒ කාමරේ තිබුණු ගැරඬියා නිදන් උන්නු ලොකු ඇඳ උඩට. ශෙරී එයාගෙ අඩ නිරුවත් සිරුරේ දෙපා මිගාන්ගේ යටි කය අසළින් දෙපැත්තට කරලා දාගෙන ගැරඬියගේ සිරුර මතට නැග්ගා.

කලින් ජේකබ්ට ඇහුණත් වගේ ඒ නිහඬ රාත්‍රියේදි ශෙරීට ඇහුණෙත් ඔරලෝසුවේ තරඟෙට දුවන තත්පර කටුවෙ ටික් ටික් හඬ. සිහියක් නැතුව අවසිහියෙන් වගේ ඇඳේ වැතිරිලා උන්නු මිගාන් නම් වෙන කිසිම දෙයක් දන්නෙ නෑ, මොකද එයා උන්නේ බර නින්දක නිසා.

නිහඬ රෑ සරාගී බව උතුරවන්නම කියාපු රැයක් බවයි ශෙරීට නම් වැටහුණේ. මිගාන් සර්ගේ නිරුවත් සිරුර කෙල්ල දැක්කෙත් හත් අවුරුද්දකින් වගේ. එයා දිහා බලන් ඉද්දි ශෙරීගේ හිතේ වුණත් ඉපදුණේ මෙච්චරයි මෙහෙමයි කියලා වචනවලින් කියාගන්න බැරි තරම් ලෝභ කමක්.

මිගාන්ගේ සිරුර මතට වුණු ශෙරී හෙමින් සැරේ කොල්ලගේ පපුව සිපගන්න වුණේ එයාගෙත් හැඟීම් අවදි කරවන්න වගේ. ඒත් ගැරඬියා නම් උන්නේ තද නින්දක හිර වෙලා . නිදිමතයි වෙරිමතයි නිසා එයාට යකෙක් කෑවත් දැනෙන්නෙ නැති ගානයි.

ඒත් එක පාරටම නිරුවත් පපුව පුරාවටම කාගෙදෝ දෑත්, දෙතොල් එහෙ මෙහෙ වෙද්දි මිගාන් එහෙම්මම ඇස් විවර කරලා බැලුවා . කොල්ලා ඉස්සරහ අඩ නිරුවතින් උන්නේ DMS night club එකේ ඉන්න කෙල්ලෙක්.

මිගාන්ට දැක්ක ගමන් තරු පෙණුනා වගේ වුණේ කෙල්ල හිටිය විදිහත් එක්ක. එයාගේ සිරුර උඩට වෙලා සරාගී විදිහට බලන් ඉන්න ශෙරීව දැක්කට පස්සෙ එයාගේ හිතේ ඇති වුණේ සරාගී සිතුවිල්ලක් නම් නෙවෙයි , මරාගෙන මැරෙන්න තරම් කේන්තියක්. ඒ දැක්කත් හරි ගැරඬියගේ නිදිමතයි , වෙරිමතයි දෙකම පෑල දොරින් පලා ගිය ගානයි.

" ම්...මොන හුත්තක්ද මේ.....? "

කොල්ලා එහෙම්මම ඇඳෙන් නැඟිට්ටේ ශෙරීවත් පෙරළගෙන. කොල්ලට යක්ෂාරූඪ වෙන්න ගියේ තත්පර දෙකක් නැත්නම් තුනක් විතරමයි.

ඇඳෙන් නැඟිටපු ගැරඬියා ශෙරී දිහා බලන් හිටියේ කන්න වගේ.

" තමුසේ... තමුසේ මොකක්ද මෙහේ කරන්නේ? "

මිගාන් ඇහුවේ ඇඳ ගාව හිටගෙන. ශෙරී නම් හිටියේ ඇඳ උඩ. කෙල්ලගේ මූණේ නොමැකී යන්නෙ නැති සරාගී හිනාවක් පුරවගෙනම ඇඳෙන් නැගිටලා හෙමින් හෙමින් මිගාන් ගාවට ආවේ කොල්ලගෙ මූණේ පුදුමෙනුත් පුදුමයට පත් වෙච්චි බැල්මක් පිරුණු පෙනුමක් තියෙද්දිමයි. මිගාන් ඉස්සරහා නිරුවත්ව ඉන්න එක ශෙරීටවත්, මිගාන්ටවත් එච්චර ගානක් නොවුණේ ඉස්සර දවස්වල DMS night club එකේ කාමර ඇතුළේ සිද්ධ වෙච්චි දහසකුත් දේවල් දෙන්නටම අමතක නැති නිසා.

" අනේ... ඇයි සර් මේ? "

ශෙරී හෙමින් සැරේ කොල්ලගේ ළඟට ඇවිත් සරාගී විදිහට රහසින් වගේ ඇහුවා. මිගාන් උන්නේ කරකියාගන්න දෙයක් නැතුව. එක අතකින් කොල්ලගේ බෙල්ල වටේට අතකුත් දාගෙන අනිත් අතින් කොල්ලගේ පපුව පිරිමදිමින් ශෙරී උත්සාහ කළේ කොහොම හරි එදා රෑ ගෙවන්න කොල්ලව නැඹුරු කරගන්නමයි.

ඒත් ඉතින් දැන් එයා ඉන්නේ සවිඥානික ලෝකයේ. ඉතින් නපුරු ගැරඬියගේ මුළු හිතේම ඉන්නේ අර අහිංසකයා විතරමයි. එහෙව් එකේ තවත් ගැහැණියක් එක්ක පහස ලබන්න එයාගේ හිතේ නම් කිසිම කැමැත්තක් නෑ.

" ශෙරී... "

මිගාන් කතා කළේ කෙල්ලගේ සිප ගැනීම් ගාණකටවත් ගන්නෙ නැතුව.

" ශෙරී ඇති... ශෙරී....."

කොල්ලා කොහොම කොයි විදිහට කොච්චර කිව්වත් කෙල්ලගේ සිපගැනීම්වල නම් අතොරක් නෑ. කොල්ලා උන්නේ එපා වෙලා.

" ශෙරී ඇති......"

මිගාන් ශෙරීව පැත්තකට තල්ලු කරලා දැම්මේ ඉවසන්න බැරිම තැන. දැන් නම් ඉතින් තණ්හා , රතී , රඟා නෙවෙයි මොන මාර දූතිකාව ඇවිත් රැඟුවත් අර අහිංසකයා වෙනුවෙන් වෙන් කරපු හිත නම් හෙල්ලෙන්නෙම නැති ගානයි. හරියට ශෛලමය ස්තම්භයක් වගේ..

" ඇයි සර් මේ? සර් ඉස්සර මෙහෙම නෑනේ... "

ශෙරී කිව්වේ ටිකක් කණගාටුවෙන් වගේ. ඒත් ගැරඬියා නම් උන්නේ යක්ෂයා ආවේශ වෙලා. තව ටික වෙලාවක් ශෙරී ඒ කාමරේ උන්නොත් කෙළින්ම ගැරඬියගෙ විෂ දළ දෙක ශෙරීගේ කොහේ හරි වදිනවා විශ්වාසයි.

ශෙරී අහපු ප්‍රශ්නයත් එක්ක කොල්ලා මොහොතකට ගොළු වෙලා ඔහේ බලන් උන්නා. එයාට ඉස්සර දවස්වල සිද්ධ වෙච්චි හැමදේම මතකයට ආවේ සිනමා රූ පෙළක් වගේ. හෙමින් සැරේ අඩි තිය තියා අඩ නිරුවතින් උන්නු ශෙරී ගාවට කොල්ලා ළං වුණෙත් සරාගී බැල්මක් හෙලමින්මයි. ශෙරී බලාපොරොත්තු වුණු විදිහටම මිගාන් එයා ගාවට ළං වෙද්දි ශෙරී හෙමින් හෙමින් පිටිපස්සෙන් පිටිපස්සට ගියේ කොල්ලගේ සරාගී බැල්මෙන් දිලිසෙන හීනි කළු ඇස් දිහා බලාගෙනමයි. ඒ ඇස් එක්ක පටළව ගත්තු ඇස් දෙක හරිම සරාගී පාටයි. ඒ සරාගී පිරිමි ඇස් ඉස්සරහා කෙල්ලට දැනුනේ මුළු සර්වාංගයම දැල් වූ ඉටිපන්දමක් ගානට දියාරු වෙලා යනවා වගේ.

මිගාන් තමන්ට ළං වෙන්න ළං වෙන්න පිටිපස්සෙන් පිටිපස්සට ගියපු ශෙරී අඩ නිරුවතින්ම සුදු පැහැ බිත්තියට හේත්තු වුණේ ඊළඟ මොහොතේ මිගාන්ගේ දෙතොල්වල පහස ලැබීමේ නොනිම් ආශාවකින්. කෙල්ල බිත්තියට හේත්තු වුණත් හරි එයා ළඟට ආව ගැරඬියා කෙල්ලව බිත්තියට හේත්තු කරලා තද කරගත්තම ශෙරීගේ පපුව ගැහෙන්න වුණේ සාමාන්‍ය වේගයත් ඉක්මවා ගිහින්.

ශෙරී තමන්ගේ ළඟම ඉන්න මිගාන්ගේ ඇස් දිහා ඔහේ සරාගී ඇස්වලින්ම හිනා වී ගෙන බලන් උන්නා. හෙමින් සැරේ ශෙරීගේ මූණ දිහාවට නැඹුරු වුණු මිගාන් එයාගෙ නිකටෙන් අල්ලගෙන කණ් පෙත්ත ගාවට දෙතොල් ළං කළේ මොන මොනවාදෝ මුමුණන්න.

" ඇත්ත... ඉස්සර මෙහෙම නෑ තමයි.. හැබැයි දැන් මෙහෙමයි.. ඒ හින්දා ආපු අතක් බලාගෙන මැරුම් නොකා පලයන්.... "

මිගාන් මිමිණුවේ රහසින් වගේ. ඒත් එක්කම කෙල්ලගේ හිත අස්සෙ තිබුන දහස් දස දහස් ගණන් හැඟීම් සිතුවිලි කන්දම හිම කිරමක් වගේ දිය වෙලා යන්න වුණා . ඊටත් වඩා මරණ තර්ජනයක් එල්ල වෙද්දි කෙල්ලට ඊටත් වඩා බයයි. මොකද එයා ඩිනෝ මිගාන් සමරදිවාකරගේ හැටි නොදන්නවා නෙවෙයිනේ .

ඉතින් එහෙම්මම මිගාන්ගෙන් මිදුණු ශෙරී ඇඳ පාමුල වැටිලා තිබුණු එයාගෙ short frock එක පටළව ගත්තේ තත්පරේට දෙකට. මිගාන් බලන් ඉද්දිම හීල්ස් දෙකත් අතට අරන් ශෙරී කොල්ලා දිහා නොබලම කාමරයෙන් දුවලා ගිහින් පඩිපෙළ බහින හඬ මිගාන්ට හොඳටම ඇහුණා.

පල් තාලෙ හිනාවක් යැයි කියන්න පුළුවන් හිනාවක් එක්ක දෙපැත්තට හිස වනපු කොල්ලා කාමරේ දොරත් ලොක් කරලා bath room එක අස්සට රිංග ගත්තේ නිදි මතයි, වෙරි මතයි විතරක් නෙවෙයි ශෙරීගෙන් ඉඳුල් වෙන්න ගිය ඇඟත් දෝවලා පිරිසුදු වෙන්න කියලම නාන්න හිතාගෙන.

' අහු වෙයන්කෝ ජේකබ් උඹ මට..... '

නපුරු ගැරඬියගේ හිත bath room එක ඇතුළට යන්න මොහොතකට පෙර මිමිණුවේ අදාළ රාජකාරිය කළේ ජේකබ්ම බව තක්කෙටම වගේ දන්න හින්දා.

මීළඟ කොටසට ...

More Chapters