Ficool

Chapter 4 - 04

පහුවදා ඔෆිස් ගිහිල්ලත් කොල්ලගේ කල්පනාව ඩිනෝ මිගාන් සමරදිවාකර ගැනමයි. පලු ඇරලා ආර්ටිකල් එකක් ලියන්න හිතුවට මොකද දැන් දැන් සත්සිඳු ට ඒ වගේ පලු අරින ආර්ටිකල් එකක් ලියන්න තරම් හිත දෙන්නෙත් නෑ. වෙන මොකටවත් නෙවෙයි ඉතින් බයට. වයසක මනුස්සයෙක් නම් ඔය වගේ ආර්ටිකල් එකක් ලිව්වා කියලා එච්චර පස්සෙන් පන්නන එකක් නෑනේ. ඒත් ඉතින් සමරෙ අයියා තරුණ කොල්ලෙක්නේ. මරලා හංගන්න වුණත් බැරි කමක් නෑ. කොල්ලට ඕවා මතක් වෙද්දිත් කකුල් දෙක ගැහෙන්නේ සන්නිය හැදිලා වගේ. හාල්ෆ් ෂීට් එකක් අරගෙන කුරුටු බලි ඇඳ ඇඳ ඉන්න කොල්ලා ගාවට ලොක්කා ආවේ ඉබි ගමනින්. හැබැයි ලොක්කා ආව කියලා කොල්ලට නම් ගාණක්වත් නෑ. කොල්ලා ලොක්කව දැක්කෙ නෑ. කොල්ලා ලොකුම ලොකුම බරම බර කල්පනාවක.

" කොල්ලෝ..."

ලොක්කා කතා කළේ මේසයට අත් දෙකම තියලා බර වෙලා.

" සර්..."

තිගැස්සුණු කොල්ලා එහෙම්මම නැඟිට්ටා.

" වාඩි වෙයන්, වාඩි වෙයන් "

ලොක්කා කිව්වේ ඉස්සරහ පුටුව ඇදලා වාඩි වෙන ගමන්.

" මොකෝ ඊයෙ වැඩේ? "

" බුදු අම්මෝ සර්, මං නම් ආයෙත් යන්නෑ ඔය night club ගානෙනම්. නිකන් අපායකට ගියා වගේ සර්. රතු පාට නිල් පාට... රතු පාට නිල් පාට... බලන බලන හැම තැනකම රතු පාටයි නිල් පාටයි. සර්ට කියන්න සර් ඒ මදිවට high beat සින්දු, මල කන්දොස්කිරියාවක්. ඒ මදිවට භාගෙට ඇඳන් හෙලුවෙන් නටන ගෑණු.වයස් භේදයක් නෑ සර්. උන් කොල්ලොත් එක්ක නටන්නේ ගැරඬි වෙලෙන්න වගේ. මට නම් සංසාරේ එපා වුණා "

කොල්ලා කිව්වේ මල අප්පිරියාවෙන් වගේ. ලොක්කට නම් හිනා. කොල්ලා ලොක්කටත් රැව්වේ අප්පිරියාව වැඩි කමට.

" එහෙම තමයි බං night club. උඹලගේ ගාල්ල, මාතර වගේ නෙවෙයි මේ කොළඹ ..."

" අනේ මේ සර්, කොළඹ කියලා අමුතු එකක්ද? ලංකාවේ ප්‍රධාන සන්ධිස්ථානී නගරය වුණා කියලා සර් ගෑණු පිරිමි ගැරඬි වෙලෙන්න වගේ නටන්න ඕනිද? මල හජ්ජරාව. ඊයා..."

කොල්ලගේ උපමා, උපමේය නම් සාහිත්‍ය රසය උතුරා යනවා. ගැරඬි වෙලෙන්න වගේ.

" හරි හරි, දැන් කියපන්කෝ... උඹ සමරදිවාකරකාරයාව දැක්කද? "

" ම්...දැක්කා දැක්කා..."

" ඉතින් ඉතින් , කියපන්කෝ විස්තර "

" ආ....ඒවා මේ එහෙම නිකන් කියන්න බෑ. "

කොල්ලා කිව්වේ ටිකක් ආඩම්බරෙන් වගේ.

" දැන් මොනාද උඹට ඕනි...? "

" පොඩි දෙයක් විතරයි . මගේ පඩි වැඩි කරනවා කියලා පොරොන්දු වෙන්න"

" යකෝ... ඒක හරි කෙළියක්නේ..."

" අනේ මේ සර්, සර්ට කියන්න DMS night club එකේ වේටර් වැඩේ කරන කොල්ලටත් රුපියල් හැටපන්දාහක් පඩි. මට...මට කීයද? රුපියල් පනස්දාහයි. මේ පාර නම් එහෙම බෑ සර්. මං ආර්ටිකල් එක සුපිරියටම ලියනවා. අඩු ගාණේ රුපියල් දහදාහක්වත් වැඩි කරලා දෙන්න සර්. එක්කෝ එච්චර වැඩි නම් හත්දාහක්, අටදාහක් හරි කමක් නෑ."

" හරි හරි දෙන්නම්කෝ..."

" promise? "

කොල්ලගේ මූණේ ලස්සන හිනාවක් මතු වෙලා .

" promise promise බං..."

" සර් නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්..."

කොල්ලා කිව්වේ අත් දෙකම එකතු කරලා ලොක්කට වඳින ගමන්.

" හරි විස්තරේ කියපන්කෝ..."

" මෙහෙමයි සර්, මං ඊයේ සමරදිවාකරකාරයාව දැක්කා..."

" ඈ...."

" ඔව් ඔව් සර්, සර්ට කියන්න මං හිතුවෙ ඌ හෙණ තට්ටෙත් පෑදිච්ච නාකි ඩයල් එකක් කියලා... බැලින්නම් අවුරුදු විසිනවයක, තිහක විතර තරුණ කොල්ලෙක් සර්. හරියට මූණක් කටක් නොපෙණුනාට මොකද මං පොරව දැක්කෙම විකී කෞශාල් වගේ සර්..."

" අඩ්ඩෙහ් සිරාවට...."

" සිරාවටදත් අහනවා. සර් එවෙලෙ ඌව දැක්කනම් එහෙම සර් එතනම හබක් ගාලා යන සයිස් එකට ඌ හැසිරුණේ..."

කොල්ලගේ වක්කඩ කට ඔහේ කියවගෙන යනවා.

" මොකක්ද බං ඒ නොසණ්ඩාල කතාව?"

" සර් ටියුබ් ලයිට්නේ, වැරදියට හිතන්න එපා ඉතින්.මං කිව්වේ ඌ එතන හැසිරුණු විදිහ දැක්කනම් එහෙම සර්ට හික් ගෑවෙයි කියලා..."

" ඒ මොකද ? "

" ඒ මොකද අහන්නේ, භාගෙට සරුවාල පොරවගත්තු අංගනාවියෝ ටිකක් වට කරගෙන මූ drinks ගන්නවා. අර අංගනාවියෝ ටිකත් මුගේ ඉහේ ඉඳන් පාදාන්තය දක්වාම ලෙවකනවා. මූත් හෙණ ඇඹල සීන් එකේ උන්ගේ මූණු ඉඹිනවා. මොන පඩත්තර වැඩක්ද සර්? ඊයා... හරියටම කිව්වොත් නිකන් ගැරඬි වෙලෙන්න වගේ...ඈක්කා..."

කොල්ලා අන්තිම ටික කිව්වේ මූණත් හකුළුවාගෙන. කොල්ලට නම් ඩිනෝ මිගාන් සමරදිවාකරව එච්චරටම අප්‍රසන්නයි.

" කොහොම හරි මේක ලියමු කොල්ලෝ... හොඳටම ලියමු. "

" අනිවාරෙන්ම , සර් දන්නවනෙ ඉතින් මං ගැන..."

" නැතුව නැතුව..."

ලොක්කා හිනාවෙලා නැඟිටලා ගියා. සර් ගියාට පස්සෙ කොල්ලා ආයෙමත් කෝටු බබෙක් ඇඳලා ඌට අං දෙකකුත් දැම්මා. චූටි වලිගෙකුත් දැම්මා. ඊතලයක් ගහලා කොල්ලා එතනින් ලිව්වේ ඩිනෝ මිගාන් සමරදිවාකර කියලා. අනේ ඉතින් සමරේ අයියා මේවා දන්නවා නම් කොල්ලගේ උණ්ඩුක පුච්චෙවත් ඉතුරු කරන එකක් නෑ.

ඩිනෝ ඒ වෙලාවෙ හිටියේ තමන්ගේ තෙමහල් සුවිසල් නිවසේ ලොකු කාමරේ ඇඳ උඩ. ඩිනෝගේ ගෙදර ඉන්නේ ඩිනෝයි, බාබු අන්කලුයි, රොකී කියන මිනී කන බලු තඩියයි විතරයි . හැටන් වතුකරයේ පදිංචි වෙලා හිටපු බාබු අන්කල් ඩිනෝ ගාවට ඇවිත් දැන් අවුරුදු ගාණක් වෙනවා. රොකී කියන්නෙ නම් කළුම කළු දැක්ක ගමන් බොක්ක කීං ගාන බලු තඩියෙක්. ඒ තරමටම උගේ තියුණු දත්, කළුම කළු ඇස් නපුරු පෙනුම තව තවත් වැඩි කළා. රොකී මෙල්ල වෙන්නේ ඩිනෝටයි , බාබු අන්කල්ටයි විතරමයි . රොකීගෙයි, ඩිනෝගෙයි ලොකු වෙනසක් නෑ. දෙන්නම බලු වයිබ් එකේ. පුදුමාකාර නපුරුකමක්. හැබැයි කොයිම වෙලාවකවත් ඩිනෝගේ තෙමහල් නිවස ඉස්සරහා කළු ඇඳගත්තු නින්ජලා ටිකනම් වරදින්නෙ නෑ. ඩිනෝගේ ආරක්ෂාවට නින්ජලා ඉන්නේ මුර දේවතාවෝ වගේ. ඩිනෝගේ හිතවත්ම නින්ජාකාරයා තමයි ජේකබ් කියන්නේ. ජේකබ් ඇවිල්ලා අප්‍රිකානු පෙනුමක් තියෙන කළුම කළු ඇඟ පුම්බ ගත්තු කොල්ලෙක්. ඩිනෝ මිගාන් සමරදිවාකරගේ ඕනිම මරිමෝල් අමන වැඩකට උදව් වෙන්නේ ඉතින් ජේකබ් තමයි. රෑ තිස්සේ කාමර අස්සේ කෙල්ලොත් එක්ක හති ඇර ඇර ඔට්ටු අල්ලනකන් එළියට වෙලා ආරක්ෂාවට ඉන්නේ ජේකබ් තමයි ඉතින්.

ඒ වෙද්දිත් ඩිනෝ හොඳටම නිදි. කලින් දවසේ රෑත් එළිවෙනකන් ඇඳක් උඩ කෙල්ලෙක් එක්ක ඔට්ටු තියලා කොල්ලට හරි මහන්සියි. කොල්ලා ඇඳන් හිටියේ කළු පාට underwear එකක් විතරයි . කොල්ලා හොඳටම නිදි. කාමරේ දොරට කවුදෝ තට්ටු කරනවා. ඒත් කොල්ලා නෙවෙයි ඇහැරෙන්නේ.

" සුදු මහත්තයා...සුදු මහත්තයා..."

ඒ බාබු අන්කල්. උදේ පාන්දරම ඩිනෝගේ කිරි වීදුරුවත් අරගෙන බාබු අන්කල් කාමරේ දොර ඉස්සරහා හිටගෙන අඬබෙර ගහනවා. ඒත් ඉතින් බලු වලිගේ අකුලගත්තා වගේ නිදන් ඉන්න ඩිනෝට නෙවෙයි ඕවා ඇහෙන්නේ.

" කෝ දෙන්න , මං ගිහින් දෙන්නම්..."

ජේකබ් එතනට ඇවිත් බාබු අන්කල් අතින් කිරි වීදුරුවත් අරගෙන කාමරේ ඇතුළට ගියා. කොල්ලා නම් තාමත් නිදි. මුණින් අතට නිදන් ඉන්න කොල්ලගේ පිට කලින් දවසෙ රෑ ඔට්ටු වෙච්චි කෙල්ලගේ නියපොතු පාරවල්. ටේබල් එක උඩින් කිරි වීදුරුව තිබ්බ ජේකබ් කබඩ් එක ඇරලා සුදු පාට sleeprobe එකක් අරන් එළියෙන් තිබ්බා.

" සර්...සර්..."

" පලයන් ජේකබ් නිදාගන්න දීලා..."

කොල්ලා නිදිමර ගාතෙම කියවනවා.

" සර් නැඟිටින්න සර්, අද නුවරඑළි යන්න තියෙනවා . "

" අඩෝ..."

කොල්ලා එහෙම්මම නැඟිට්ටේ හෙණ කලබලේකින්. එහෙම්මම නැඟිටලා pillow slippers දෙකත් දාගෙන වොෂ් රූම් එකට දිව්ව කොල්ලා විනාඩියට දෙකට මූණ අත පය සෝදගෙන කාමරයට ආවා. ඇවිත් sleeprobe එකත් දාගෙන කොල්ලා මුළු කිරි වීදුරුවම හිස් කළා. ටික වෙලාවක් යද්දී කොල්ලට දුරකථන ඇමතුමක් ආවේ හුරුපුරුදු phone number එකකින්.

" Hello, good morning my baby..."

" Good morning my handsome..."

" අද එනවා නේද baby? "

" ඔව් අනේ, එන්නැතුව කොහොමද ? "

ඒ ක්ලෙයාරා තොම්සන්.

" What will my girl give me today?"

" What do you want?"

" What do you always give?"

" sex..."

ක්ලෙයාරා කිව්වෙ රහසින් වගේ. ඒ කටහඬ ඇතුළේ තිබුණේ පුදුමාකාර සරාගී බවක්. ඩිනෝට නම් ඉතින් ඊට වඩා දෙයක් නෑ.

" My girl likes to curl up in the cold on a bed in the Nuwara Eliya bungalow and have sex with me, doesn't she?"

ඩිනෝ ඇහුවේ සරාගී විදිහට .

"I love it..."

ක්ලෙයාරා තොම්සන් උත්තර දුන්නා.

" Today I want more than ever, I want to do it for a long time. Give me good pleasure..."

" Definitely..."

" I love you my baby..."

" Love you to my handsome..."

ඩිනෝ හා ක්ලෙයාරා අතර ඇති වුණේ සරාගී බව උතුරා යන කතාබහක්. ක්ලෙයාරා තොමසන් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම නිළියක්. ආඩම්බරකාර ඔළුව උදුම්මවා ගත්තු ක්ලෙයාරා තොම්සන් ඩිනෝට වඩා අවුරුදු දෙකකුත් වැඩිමල්.ඒ කියන්නෙ අවුරුදු 32 ක්. විවාහක කාන්තාවන් වුණු ක්ලෙයාරා ඇත්තෙන්ම ඩිනෝ මිගාන් එක්ක පවත්වාගෙන ගියේ අනියම් ප්‍රේම සම්බන්ධයක් . සමරෙට නම් ඉතින් මොකද? ඕනි දේ කරගන්න තිබ්බොත් හොඳටම ඇති. කොල්ලා වැඩි කල් වේලා නොගෙන ලෑස්ති වුණේ ක්ලෙයාරා තොම්සන් එක්ක නුවරඑළියේ යන්න.

" අනේ හැබෑටම, මේ වෙලාවෙ සමරේ මොනා කරනවා ඇද්ද? "

දවල් කෑම ගන්න ගමන් සත්සිඳු මකරන්ද කල්පනා කරන්න ගත්තා.

"මොනා කරන්නද? එක්කො නිදි ඇති. එක්කො බොනවා ඇති. එක්කො ගෑණියෙක් එක්ක ගැරඬි වෙලෙන්න වගේ වෙලි වෙලි ඇති. ගල් මූසලයා..."

අනේ මන්දා. නිකමටමත් නෙවෙයි කොල්ලට පොඩ්ඩක් විතර ඊර්ෂ්‍යාවක් ඇවිත්. හැබැයි ඉතින් ඒ ඊර්ෂ්‍යාව අහේතුකයි. ඒත් ඉතින් හේතුවක් නැතුව දෙයක් හටගන්න පුළුවන්ද ?

මීළඟ කොටසට ...

More Chapters