Ficool

Chapter 7 - 07

කළු පාටින්ම ඇඳලා මූණ අඩකුත් වහගත්තු හයේ හතරේ සද්දන්ත පිරිමි හතර දෙනෙක් වෑන් එකෙන් එළියට බැස්සේ කොල්ලා දිහා බලාගෙනමයි. ඒ සමරෙගේ නින්ජලා. නින්ජලා එන්නේ හොඳකට නොවෙන බව කොල්ලට ඒ තත්පරේම තේරුම් ගියා. කොල්ලට කෑ ගහනවා තියා එක හුස්මක් ගන්නවත් තත්පරයක් තරම් ඉඩක් ලැබුණේ නෑ. සැර සුවඳක් එක්ක නහයට තද වුණු ලේන්සුවකින් කොල්ලගේ පියවි සිහිය නැති වුණා . ලත් ඇසිල්ලෙන් නින්ජලා පිරිස කොල්ලව වෑන් එකට දාගත්තේ බලු වෑන් එකට බල්ලෝ පටවනවා වගේ. කොල්ලට කිසිම සිහියක් නෑ. වෑන් එක ගිනි කසයා වගේ ඇදීගෙන ගියේ කොල්ලව නැති භංගස්තාන කරන්නම අරන් යනවා වගේ.

" සර්..."

" කියපන් ජේකබ් "

"කොල්ලව ගෙනාවා..."

" කොහෙද ? පුරුදු තැනමද? "

" ඔව් සර්..."

" හරි, මං එන්නම්..."

ජේකබ් ඩිනෝට කෝල් එකක් අරන් කිව්වෙ සත්සිඳු උස්සපු පණිවිඩය . දැන් ඉතින් ඩිනෝ මිගාන් සමරදිවාකර ට මීට වඩා සතුටක් නැති තරම්. තමන්ට එක පාරක් වරද්දවපු කෙනෙක්ට අඩු තරමේ සිය පාරක්වත් වරද්දන එක ඩිනෝ මිගාන් සමරදිවාකරගේ පුරුද්ද. ඒක නම් ජන්ම පුරුද්දක් වගේ.

ඩිනෝ මිගාන් සමරදිවාකර සුදු පාට ලිනන් ශර්ට් එකක් ඇඳලා, ලා නිල් පාට ඩෙනිම් කලිසමක් ඇඳලා , සුදු sneakers දෙකකුත් දාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවා. යන්නේ මරිසියකට වුණත් හැඩ වැඩ වෙලා අමුතු පුරුද්දක් . වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමුතු ජීවියෙක්. Sun glass දෙකත් ශර්ට් එකේ රඳවගෙන ඩිනෝ කබඩ් එක විවෘත කළා. කොල්ලා එළියට ගත්තේ සුදු පාට රෙදි කඩක ඔතලා තිබුණ යමක්. කොල්ලා රෙදිකඩ අයින් කළා. ඒ කළු පාට පිස්ටල් එකක්. පිස්ටල් එක ඉණේ පැත්තකින් ගහගත්තු ඩිනෝ වාහනේ යතුරත් අර ගෙන පිටත් වුණා .

ඒක කළුවර බංකරයක්. තිබුණා නම් තිබුණේ එකම එක කහ පාට බල්බ් එළියක් විතරයි . ඒකත් කණාමැදිරි එළියක් තරම්. ඒ බල්බ් එළිය වැටිලා තිබුණේ හරියටම සත්සිඳුගේ මුහුණටමයි. කොල්ලා හිටියේ පුටුවක ගැටගහලා. කට බැඳලා. ඒ වෙද්දි නම් කොල්ලට සිහිය ඇවිත්. කොල්ලා මොන මොනවදෝ කියවනවා. ඒත් හරි හමන් වචනයක් පිටවෙන්නෙ නෑ. කොල්ලා දඟලනවා . කොල්ලගේ අත් දෙක ගැටගහලා තියෙන්නේ ලොකු කඹයකින් වගේ එකකින්. හරියට අලි දම්වැල් දැම්මා වගේ. ඒ මදිවට කකුල් දෙකත් ගැටගහලා.කටත් ගැටගහලා. ඇත්තෙන්ම කොල්ලට හරි වේදනයි. කඹය තද වැඩි හින්දා අත් දෙක ඉරෙන්න තරම් වේදනයි. කොල්ලගේ ඇස් වලින් කඳුළු බේරෙනවා . කොල්ලා හිටියේ පුදුමාකාර විදිහට අසරණ වෙලා. දැන් දැන් කොල්ලගේ අවසාන මොහොත ටිකෙන් ටික ටිකෙන් ටික උදා වෙන බව කොල්ලට තේරුණා . තව ටික වෙලාවකින් ඩිනෝ මිගාන් සමරදිවාකර ඇවිත් පණ පිටින් පුච්චලා දානවා වගේ හැඟීමකින් කොල්ලගේ හිත පිරිලා. කොල්ලා දැනටමත් අමුවෙන් පිච්චෙනවා වගේ. ඒත් කොල්ලට කරන්න කියලා කිසිම දෙයක් නෑ. කරන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණෙත් නෑ. අඩු තරමින් කටවත් ගැටගහන්නෙ නැතුව හිටියා නම් කෑ ගහන්නවත් තිබුණා . දැන් කොල්ලට ඒකත් බෑ. කොල්ලගේ කට ගැටගහලා තියපු එක නින්ජලා සෙට් එක ගත්තු බුද්ධිමත්ම තීරණයක් විදිහට දක්වන්න පුළුවන් . මොකද ඒ කට එක මොහොතකට හරි ලිහලා දැම්ම නම් නින්ජලා සෙට් එක කොල්ලව ආපහු උස්සන් ආපු කුමාරතුංග මුනිදාස මාවතෙනුත් එහාට ගිහින් දානවා විශ්වාසයි . කරන්න කියලා කිසිම දෙයක් නැති තැන කොල්ලා එහෙම්මම ඇස් දෙක පියා ගත්තා . කළු ඇඳ ගත්තු නින්ජලා එහෙ මෙහෙ ඇවිදිනවා. රෑ වෙන්න රෑ වෙන්න කහ පාට බල්බ් එකේ එළියත් වැඩි වෙනවා. කොල්ලට එහෙම්මම ඇස් පියවුණා .

" ඒයි....නැඟිටපන්..."

කොල්ලා ඇස් ඇරලා බැලුවේ ඔළුවේ පැත්තකට එල්ල වුණ ජේකබ්ගේ පහරකින්. කොල්ලට එක පාරට මොකුත් පෙණුනේ නැති තරම් . කොල්ලගේ ඇස් බොඳ වෙලා . ඒත් ලාවට වගේ එක්තරා චායාවක් කොල්ලගේ ඉස්සරහා පෙනෙන්න ගත්තා . ඒ චායාව පැහැදිලි රූපයක් බවට හැරෙන්න මිනිත්තු දෙකක් විතර ගත වුණා .

ඒ ඩිනෝ මිගාන් සමරදිවාකර . අත් දෙකත් බැඳගෙන කොල්ලා දිහා වියරු ඇස් දෙකකින් බලන් ඉන්නේ ඩිනෝ. කොල්ලට හීන් දාඩිය දැම්මා. පපුව ගැහෙන වේගය දශමයෙන් දශමය වැඩි වෙන්න ගද්දී කොල්ලට දැනෙන්න ගත්තේ ජීවිතයේ අවසන් තත්පර කිහිපය උදාවෙමින් තියෙන බව.

" කට ලිහපන්..."

ඩිනෝ මිගාන් සමරදිවාකර ජේකබ් ට කිව්වේ දරුණු වියරු රුදුරු කටහඬකින්. ජේකබ් එහෙම්මම කොල්ලගේ කටේ බැඳලා තිබුණ රෙදිකඩ ලිහා ඉවත් කළා. කටේ තිබුණ රෙදි කඩ ඉවත් කරපු ගමන් එතන දෙකක් වෙන්න කෑ ගහන්න හිතන් හිටියට මොකද දැන් කොල්ලා ෆුල් නිශ්ශබ්දයි. අසරණ ඇස් ඩිනෝ මිගාන් සමරදිවාකරගේ නපුරු ඇස් එක්ක මොහොතකට පැටළුනා. ඒ ඇස් හරි අහිංසක බැල්මක් හෙළුවේ බයාදු ගතියෙන් . ඩිනෝගේ පපුවත් එක්ක මොකක්දෝ වෙලා ගියා. ඒත් ඒ මායම්වලට අහු වෙන වෙලාවක් නෙවෙයි. ඩිනෝ ආයෙමත් නපුරු වෙලා. එහෙම්මම රවාගෙන ළඟට ගිහින් කොල්ලගේ නිකටෙන් අල්ලගෙන තද කළා. කොල්ලට ඇඬෙන්න ඔන්න මෙන්න.

" මොකක්ද නම? "

නපුරු ගැරඬියා නපුරු හඬකින් ප්‍රශ්න කරනවා. ඒත් අහිංසකයා නම් නිශ්ශබ්දයි.

" නම මොකක්ද ? "

ඒ පාර කලින් සැරේටත් වඩා සද්දෙන් තවත් නපුරු විදිහට . කොල්ලා තිගැස්සුණා . දැන් නම් කඳුළුත් බේරෙනවා .

" ස...ස...සත්සිඳු..."

කොල්ලා කිව්වේ වෙවුල වෙවුලා. කටහඬත් හොඳටම බිඳිලා. ඇස් රතු වෙලා.

" ඉතුරු ටික? "

නපුරු ගැරඬියා ආයෙමත් සැර වුණා .

" සත්සිඳු මකරන්ද..."

" ම්... උඹ නේද Daily Lanka news paper එකට මගේ club එක ගැන ලිව්වේ? ආ.....ඇත්ත කියපන් මට..."

" මං දන්නෑ සර්..."

කොල්ලා ඉකි ගගහා උත්තර දෙන්නවා.

" අනේ පරයෝ, උඹ හිතුවද මං කොණ්ඩේ බැඳපු චීනෙක් කියලා. ආ හුත්තෝ.....කියපන්..."

ඩිනෝ ඇහුවේ කොල්ලගේ බෙල්ලත් මිරිකගෙන . කොල්ලට හුම ගන්නත් බෑ.

" අහ්..අහ්...අනේ සර්... රිදෙනවා..ආහ්..ඌයි...බෙල්ල..."

කොල්ලා වේදනාවෙන් දඟලන්න වුණා . ඩිනෝ කොල්ලගේ බෙල්ල අත් හැරලා ආයෙමත් කොණ්ඩෙන් අල්ලගත්තා. ඩිනෝ එක පාරටම එළියට ඇදලා ගත්තේ ඉණේ ගහන් සඟව ගෙන හිටපු පිස්ටල් එක. ගත්තු ගමන් කොල්ලගේ නළලට පිස්ටල් එක තියලා ඩිනෝ කොල්ලට මරණ තර්ජනය කළා. කොල්ලාගේ ඇස් උඩ ගිහින්.

" හොඳට මතක තියාගනින් බල්ලා,මං උඹවත් මරලා උඹෙ පත්තර කම්පැනි එකටත් ගිනි තියනවා"

ඩිනෝ කොල්ලගේ මූණට එබිලා මරණ තර්ජනය කරද්දී කොල්ලා ඇස් වහගත්තේ මර බියෙන්. කොල්ලගේ ජීවිතේ අන්තිම හුස්ම හෙලන ඒ මොහොත දැන් දැන් ඇවිත් කියලා කොල්ලට තේරුණා . කොල්ලට හායි ගාලා ඇඬෙන්න ගත්තා. ඉකිබිඳිල්ල ඉවරයක් නෑ. ඒත් නපුරු ගැරඬි හිත නම් එක ඩිංගක් ඒ කඳුළු නිසා උණු වෙන්නේ නෑ. පුදුමාකාර දරුණුකමක්.

" කතා කරහන් පකෝ... ඇත්ත කියපන්. තෝ නේද මේක ලිව්වේ? ආ... තෝ නේද ලිව්වේ? ඇත්ත කියපන් කැරි බල්ලා..."

කොල්ලගේ කම්මුලක් හරහා එල්ල වුණේ රතු වෙන දැඩි කම්මුල් පහරක්. කොල්ලගේ කණ කීං ගෑවා වගේ වුණා . කොල්ලට එලොව පොල් පෙනිලා. ඒ විතරක් නෙවෙයි ඒ දරුණු ප්‍රහාරය හමුවේ එලොව ගිහින් මෙලොව එද්දී කරන්ට් වයර් එකක පැටළුනා වගේ ඇස් දෙකත් නිලංකාර වෙලා.

"මං තොට... මං තොට මෙච්චර වෙලා හොඳින් කිව්වා. තෝ කියන්නෑනේ. මං උඹව මරනවා. මරන එක මරනවා... ජේකබ්...."

ඩිනෝ කොල්ලගේ බෙල්ලත් මිරිකගෙන කතා කළේ ජේකබ්ට.

" සර්..."

" මේ පකයව වළලන්න මේ වත්තෙම වළක් කපහන්...."

" හරි සර්..."

දැන් නම් අන්තිම මොහොත උදා වෙලා . කොල්ලා ජීවිතේ ගැන සියලු බලාපොරොත්තු අත් හැරියා. හුස්ම හිරවෙන්න වගේ. දරදඬු අත බෙල්ල අල්ලගත් ගමන්මයි.

" කියන්නම් සර්...කියන්නම්..."

මැරෙන්න යන බව දැනගෙන කොල්ලා අන්තිම මොහොතේ පාපොච්චාරණය කරන්න සූදානම් වුණා . ඩිනෝ මිගාන් සමරදිවාකරගේ මුහුණට ආවේ අමුතු කුරිරු සිනහවක්. කොල්ලගේ කට තුවාල් වෙලා ලේ ගලනවා. තොලත් පැලිලා. බෙල්ලත් නියපොතු පාරවල් වැදිලා හීරිලා. දරුණු වද හිංසා අවසානයේ කොල්ලා සියල්ලම අනාවරණය කළත් ලොක්කව නම් පාවා දුන්නෙ නෑ.

" මං...මං තමයි ඒක ලිව්වේ. අනේ...අනේ වඳින්නම් සර්. මාව මරන්න නම් එපා. මං මේ හැමදේම කරන්නෙ මගෙ දුප්පත්කමට. මට ආයෙමත් රස්සාවක් හොයාගන්න ගොඩක් කල් යනවා. නැත්නම්... නැත්නම් මං මෙලහට එතනින් අයින් වෙලා. අනේ සර්...පිං සිද්ධ වෙයි. මට...මට කරදරයක් කරන්න එපා සර්. මගේ පවුලේ අයව බලාගන්න ඉන්නෙ මං විතරයි...මං...මං සර්ට පොරොන්දු වෙන්නම්, ආයෙ...ආයෙ කවදාවත්ම මං සර් ගැන ලියන්නෑ... අනේ සර්....මාව මරන්න එපා සර්..."

කොල්ලගේ ඇස්වලින් කඳුළු දෝරේ ගලනවා. ඉකි ගහ ගහා අඬමින්ම කොල්ලා ඩිනෝ මිගාන් සමරදිවාකර ඉස්සරහ පිංසෙණ්ඩු වෙන්න ගත්තා . ඩිනෝගේ හිතත් ඩිංගක් විතර උණු වුණාද මන්දා. වෙනදා බොරු පල පලා කොච්චර රඟපෑම් කළත් මොකද සත්සිඳු ඒ ටික කිව්වේ නම් ඇත්තටමයි. ඩිනෝ මිගාන් සමරදිවාකර ටික වෙලාවක් සත්සිඳු මකරන්ද දිහා බලන් හිටියා. ඒ අහිංසක ඇස් නපුරු හිත ටිකක් විතර උණු කළා.

" හරි, හරි....ඔය ඇඬිල්ල නවත්තගනින්..."

ඩිනෝ කිව්වේ පිස්ටල් එක ආයෙමත් ඉණේ සඟව ගන්න ගමන්. කොල්ලා නම් තාමත් අඬනවා.

" ජේකබ්...ජේකබ්..."

ජේකබ් කොල්ලව වළලන්න වළක් කපන්න ගිහින් . ඒක ඩිනෝට අයිති පාළු වත්තක්. ජේකබ් අනිත් නින්ජලා සෙට් එකත් එක්ක වළක් කපනවා. ඩිනෝ ජේකබ්ට කෝල් එකක් ගත්තා .

" සර්..."

" ඕක දාලා මෙහෙ වරෙන් සෙට් එකත් එක්ක..."

" ඇයි සර්, කොල්ලව මැරුවද?"

ජේකබ් ඇහුවෙ සැකෙන් වගේ.

" නෑ නෑ...මෙන්න මූව කියන තැනකට ගිහින් දාලා වරෙන්..."

ඩිනෝ කිව්වේ කොල්ල දිහා බලාගෙන . ඒ මූණ හරි අසරණ පාටයි.

" හරි සර්..."

ඩිනෝ කෝල් එක කට් කළා.

" යමව්...අන්න අර කැරියව ගිහින් දාන්නලු..."

ජේකබ් නින්ජලා සෙට් එකත් එක්ක ආවේ යකා නැඟලා. ඒ අස්සෙත් ඩිනෝ බලන් හිටියේ කොල්ලා දිහා. කොල්ලා ඉන්නෙ තාමත් බයෙන්. ඩිනෝ ආයෙමත් කොල්ලා ගාවට ළං වුණා .

" යන්න දෙනවා... හැබැයි මේ ගැන කාට හරි කියලා අහු වුණොත් මං උඹව මරන්නේ මෙහෙම නෙවෙයි. හරිද? "

සත්සිඳු නිශ්ශබ්දයි.

" හරිද....? "

ඩිනෝ ඇහුවේ කලින්ට වඩා සැරේ.

" හරි..."

කොල්ලා බයෙන් ගැහි ගැහී උත්තර දුන්නා .

මීළඟ කොටසට ...

More Chapters