Ficool

Chapter 27 - මේ මල තැලුනම තව ලස්සනයි

"විජ්ජුලතා?" කියලා මන් නැගිටලා කකුල් දෙක දෙපැත්තට දාලා එයාගේ කරේ එල්ලිලා ඔඩොක්කුවෙන් වාඩි වුනාම අත්‍ය්වශ්‍ය භාණ්ඩ වල ඝට්ටනය ගැන නම් කතා කරලා වැඩක් නෑ. රෙශඛ්‍ය තොල් හපන් උඩ බලාගත්තම මන් හෙමින් එයාගේ බෙල්ලට පහත් වෙලා උරන්න ගත්තම සුදුපාට බෙල්ලේ රතුපාටින් සැරසෙන්න් ගද්දි රෙශඛ්‍යගේ ඇඟිලිවලට මගේ ඉන දෙපැත්ත මිරිකුණා.

මන් ටිකකට නතර කරලා මූණ දිහා බැලුවම,

"උඹටනම් එසේ මෙසේ ඒස කමක් නෙමෙයි නේ තියෙන්නේ සුදයියේ?"

"මොකක්ද කිව්වේ?" මන් උරිස්සක් හැපුවම එයාට ගානක්වත් උනේ නැති නිසා 'ආව්' කියනකන්ම හැපුවම මේකව හොඳට හැපෙන නිසා මට හරි ආතල්. තව ටිකක් එහායිනුත් හපද්දි ආයේ 'ආව්' කිව්වම මේක නම් දැන් සෙල්ලමක් ගානයි. එයා මාව පපුවට තුරුල් කරන් ඇඳට වැටුනා

"හපන්න ඉතින් ඇති තරමක්!" 

"ඇත්තටම?" 

"ඔව්!" 

රෙශඛ්‍යගේ මුලු ඇඟේම තිබ්බේ දත් පාරවල් විතරයි. අත්වල ලොකු මස් ගොබ හපද්දිනම් මගෙයි රෙක්ස් අතරෙයි කිසිම වෙනසක් තියෙන්නේ නැතුව ඇති. මන් රෙශඛ්‍ය ගේ කකුල් දෙක උඩට වෙලා මගේ අගනා නිර්මාණයේ ලස්සන බල බල ඉන්නකොට

"තවුසේ විජ්ජුලතා නෙමේ බන්. උඹ ඇවිල්ලා මංජුලිකා!"

"අමි ජේ තො මාර් ශුදු ජේ තොමාර්" කියලා අත් දෙකෙන් භර්ත්නාට්‍යම් ඔඩිසි එකක් කරාම රෙශඛ්‍ය

"බුදු අම්මෝ!" 

මට හිනා ගියාම 

"දවසක මන් උඹව ඇත්තටම නටවනවා සුදයියේ, මට ඕන විදිහට" එහෙම කියලා මගේ තොල් උඩ ඉඳලා, නිකට, බෙල්ල, පපුව, බඩට වෙනකන් ඇඟිල්ල යවලා බුරිය මිරිකුවා.

"ආව්!" 

"ඔයිට වඩා හයියෙන් කෑ ගහන්න ඉගන ගන්න වෙයි"

"ඔබට ඕන විදිහට නටන්නම් උතුමාණනි, ඔබට ඕන විදිහට කෑත් ගහන්නම්"

"හරි ලස්සනයි. වෙරි ගුඩ්!" රෙශඛ්‍ය අත් දෙක එයාගේ ඔලුව යටින් දාගත්තම මට අර ඇඟ තව හපන්නමයි හිතෙන්නේ

"ඔය මූන නම් මට අල්ලන්නේ නෑ! ආව් ආව් ඔය මදිද ඕයි!!!" 

 මන් එයාගේ පපුව උඩට වැටිලා ගුලි වුනාම

"මන් උඹට එක්කෝටි මිලියන හතලිස් හත් ලස්සයක් ආදරෙයි සුදයියේ!"

"මාත් උඹට එක්කෝටො මිලියන හතලිස් අට ලස්සයක් ආදරෙයි රෙශඛ්‍ය!"

"සුදයියේ ලොකූගේ බර්ත්ඩේ එකට මොනාද ගන්නෙ?" මන් පික් මී කැබ් එකේ රෙශඛ්‍යට තුරුල් වෙලා ඉන්නකොට රෙශඛ්‍ය ඇහුවම,

"මාත් සෑහෙන්න කල්පනා කරා. තාන්‍ය අයියා දුන්න රෝස් ගෝල්ඩ් නෙක්ලස් එකට පෙන්ඩන්ට් එකක් හදලා දෙමු?"

"ශා! මරු idea එකක්නේ කොම්ලෝ!"

ඉතින් කොහොමහරි ඒ විදිහට රාජා ජ්වෙලර්ස් එකෙන් පෙන්ඩන්ට් එකට ඩිසයින් එකත් බාර දීලා මන් ආයේ සිරිවර්ධන නිවසේ. හැබැයි දැන් බෙල්ල වටේ මධුරුවෝ කාපු ඒවා වහගන්න වෙන නිසා මායි රෙශඛ්‍යයි කෙලින්ම දිව්වේ තුර්ශගේ කාමරේට.

"මේ මොකද බන් මේ?" තුර්ශ ඇඳ උඩ phone එක ඔබ ඔබා ඉඳලා ගැස්සුනා.

"සෑහෙන්න මධුරුවෝ ඕයි! මේ බලපන්!" රෙශඛ්‍ය ටීශර්ට් එකම උස්සලා මගේ අගණා නිර්මාණය මහජන ප්‍රධර්ශනයට තිබ්බම මන් පැනපු ගමන් ශර්ට් එක පහල ඇදලා තුර්ශට සිග්නල් ඇඩ් එකක් දැම්මම,

"හුකනවා මදුරී! මැලේරියාව යලි හිස ඔසවයි!"

"සවේන් උඹේ ඩාර්ක් සයිඩ් එකක් තියනවද බන්?"

"ඩර්ක් නෙමේ බන් මේක සුනඛ සයිඩ් එකක්!" රෙශඛ්‍ය කිව්වම මන් ආයේ අතක් අරන් හැපුවා.

"ආව්!"

"පිස්සු බලු රෝගය සෑහෙන උත්සන්න වෙලා වගේ!" තුර්ශ කිව්වම

"මේ බලනවා මටත් තියනවා!" කියලා මන් බෙල්ල පෙන්නුවම

"ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව" කියලා තුර්ශ අල්මාරිය ඇරලා මගේ අතට green, yellow concealer දෙකක් දුන්නා. 

"ඕක හොයන් නේ තොපිලා දැන් කඩාගෙන බිඳගෙන ආවේ. ඕවා ඉතින් මට දැන් වැඩක් නෑ නේ. උඹලා තියා ගනින්!" තුර්ශගේ මූන දාහට අරන් සීයට දීලා වගේ.

"අඩේ! උඹට දුකද?" රෙශඛ්‍ය තුර්ශගේ කරට අත දා ගත්තම,

"ඔව්, ඔව් ජුකයි තමයි!" 

රෙශඛ්‍යගේ කාමරේට ෆිල්ම් එකක් බලන්න ලොකු ඈයෝ කැරියොකි බාර් එකේ සින්දු කියනවා.

"මොනාද තියන ෆිල්ම්ස්?" නුවී ඇහුවේ බිම දාලා තිබ්බ බීන් බෑග් එකකට වැටෙන ගමන්. 

"ඉන්දියන් ඒවා තියනවා, චීන එකක් තිවුනා ලයිෆ් ඔෆ් ද ෆීනික්ස් කියලා, ඒවා හොඳයි ඊළඟට ස්පාඤ්ඤයේ, යුරෝපේ, බ්‍රිතාන්‍යයේ එක එක ඒවා එනවා. මොකක්ද හොඳ? මොකක්ද කැමති?"

"රෙශඛ්‍ය!" මන් රෙශඛ්‍යගේ පිටට පාරක් දුන්නා.

"සමාන්‍යයෙන් ඉන්දියන් ඒවා හොඳයි ලාම්පුරේ ප්‍යාර් කෙරේ කියලා එකක් තියනවා සවේන් අයියේ. බලමුද?"

"මොකක්?"

"ලාම්පුරේ-ප්‍යාර්-කෙරේ" රෙශඛ්‍ය ඇඳ පත්තට හේත්තු වෙලා කකුල් දෙකත් දිග ඇරන් ඉන්න මගේ ඔඩොක්කුවේ ඔලුව තියා ගත්තා. මෙහෙම ඉන්නකොට හපන්නමයි හිතෙන්නේ. පරිසරයේ පෞද්ගකිකත්වය අඩු නිසා බේරුනා.

"ලාම්පුරේ ප්‍යාර් කෙරේ..... ලාම්පු රෙපෙයාර් කෙරේ?" වැඩක් නෑ මිරිකන්න තියෙන්නේ කන.

"ආව් ආව් අයියේ කන කන!" 

තුර්ශට කෝල් එක ආපු නිසා නැගිටලා එහාට ගියා.

"සෙනූ බලනවකෝ හලෝ මේ සැරේ මිස් ශ්‍රී ලංකා ෆයිනල්ස් ඇවිල්ලා තියන Zemira Correaගේ ලස්සන!"

"ඔව් ඔව් ඒකි නම් මාර ගති සුදු අක්කේ! ස්ට්‍රේට් මාත් ඇදගහනවා!" සෙනූ බක බක ගාලා හිනා වුනා.

"අහ් දැන් එහෙම එකක් තමා අපිට අඩු!" තුර්ශ සෙනූට ඇහැක් ගැහුවා.

"අද ෆයිනල්ස් හලෝ. මේ මංජු අයියේ දාපන්කෝ tv එක!" සුදූ කොට්ටයක් අරන් මංජුවට ගැහුවම ඒක ඇවිල්ලා වැදුනේ මගෙ උරහිසට ඔලුව තියන් ෆිල්ම් එක බල බල හිටපු තුර්ශට.

"දෙන්න තියෙන්නේ උඹලට!" තුර්ශ කොට්ටේ ආයේ ඒකිටම යැව්වා. 

"දාපන්කෝ! සවේන් අයියේ උඹේ මිනිහට කියපංකෝ tv එක දාන්න කියලා!" 

"ඔන්න රෙශඛ්‍ය ඕක දාලා දෙන්න!" ඔඩොක්කුව උඩ ඔලුව තියාගෙන හිටපු රෙශඛ්‍යගේ ඔලුවට තට්ටුවක් දාලා මන් කිව්වම 

"ලොකූ! මුන්ව කුනු කානු වලටයි, කුණු බක්කි වලටයි අත ඇරලා එන්න බැරි වුනානේ අපිට ඒ කාලේ! ඒවයේ විපාක තමයි මේ ගෙවන්නේ!" 

"රෙශඛ්‍ය!!!" 

"හරි හරි වදේ රෙසක්‍ය රෙසක්‍ය යැයි යැයි තමයි!" කරන්න දෙයක් නෑ ඒකට හපන්නම වෙනවා මන් පහත් වෙලා කම්මුල පාර හිටින්නම හපනකොට,

"ආව් ආව් හපන්න එපා!"

"දානවා ඕක එහෙනම්!"

"බලපං ඕයි මහේ ඇඟේ දත් පාරවල් නැති ටිකකට දැන් ඉතුරු වෙලා තියෙන්නේ අධි ආරක්ශිත කලාපය විතරයි බන්!"

"ඒ ටිකත් ඉතින් තව ටික දවසකින් හපා කෑමට ලක් වෙයි!" මන් සවේන් ට ඇහැක් ගැහුවා

"තොපිලා දෙන්නම එකයි!" මන් රෙශඛ්‍යගේ ඔලුව අයින් කරලා නැගිටින්න හදද්දි, 

"කොහෙද යන්නේ? මෙන්න මෙහෙ එනවා!" කියලා ආයේ මාව ඇඳට ඇදගෙන මගේ ඇඟට කකුලක් දාගේන මාව ලොක් කරගත්තා."

'Miss Sri Lanka 20** is Zemira Correa!"

"මන් කිව්වේ මන් කිව්වේ!!!! Zemira දිනන්නේ කියලා සුදු අක්කේ!" සෙනූ උඩ පනිනවා.

'Give a big round of applause! We invite former Miss Sri Lanka, the Prime Minister of Sri Lanka Dr. Kethaki Veeravansa to the stage to give out the prizes to Miss Sri Lanka!'

"අඩෝ අර තාන්‍ය අයියගේ මමා!" tv එකේ පේන කේතකී මැඩම් ස්ටේජ් එකට නගින්නේ ටිකක් අමාරුවෙන් තව කෙනෙක්ගේ වාරුවෙන්. මටත් මේක හරි ප්‍රශ්නයක්.

"ඇයි බන් මැඩම් අමාරුවෙන් ඉන්නේ?" මන් ඇහුවම

"අනේ මන්දා බන්!" තුර්ශ දන්නෙත් නෑ?

"හැබැයි තාත්තාත් කිව්වා මැඩම් අසනීපෙන් කියලා" විනූ කිව්වාම තුර්ශගේ මූන දෙකක් වුනා.

"දැන්ද ඕයි කියන්නේ?"

"ඉතිං අපි හිතුවා ලොකු අයියා දන්නවා ඇති කියලා. ඇයි තාන්‍ය අයියා කිව්වේ නැද්ද?"

"කිව්වේ නැද්ද බන්?" මන් තුර්ශගේ වික්ශිප්ත මූන දිහ බලලා ඇහුවම ඌට දෙන්න උත්‍තර නැති වුනා.

"සුදයියේ මන් දැන් එන්නද? උඹ නැතුව ඉන්න බෑ බන්! මට මතක් වෙනවා!"

"උඹවත් මතක් වෙනවා!"

"මන් උඹට එක්කෝටි මිලියන හතලිස් නම ලස්සයක් ආදරෙයි!"

"මන් එක්කෝටි මිලියන පනස් ලස්සයක් ආදරෙයි!"

"සුදයියේ මට උඹේ පාද සලඹබෙන් ගෙජ්ජියක් දීපංකෝ"

"ඒ මොකටද උඹට ගෙජ්ජියක්?"

"අපි දෙන්නගේ ගෙදර උලු අස්සේ එල්ලගන්න"

"උලු අස්සේ එල්ලන්න? එල්ලනවා ගෙජ්ජි මන් උඹේ! ගිහින් ඉස්සෙල්ලා පාඩම් කරනවා! ගෙවල් හදන් පදිංචි වෙන්න කල්පනාව!"

"එහෙමත් පුලුවන් උඹ ආසනම් මගේ මනරු!" සිකේ මුගේ වලත්ත කම! 

"මනරු තමයි උඹේ! රෙශ්ඛ්‍ය විහිලු නෙමේ පාඩම් කරන්න!" 

"යැයි යැයි තමයි! මන් යනවා!"

"හා! බායි!" 

Call එක කට් කරලත් ආයේ messages දානකොට මන් කකුල් දෙකෙන් පොලවට පිස්සෙක් වගේ ගගහ reply කරද්දි තුර්ශ,

"අනේ බන්! ඉස්කෝලෙදි හම්බුනා නේද?"

"කොච්චර කතා කරත් මදි ඕයි උඹේ මල්ලි එක්ක!" ඇත්තනේ අප්පා! පිස්සෙක් වුනාම පිස්සෙක්, ආදරය කරන කොට ඊට වඩා පිස්සෙක්. මට ඔක්කොටම වඩා පිස්සු!

"ඌ උඹට ඉනාවක් දීලද කොහෙද!" තුර්ශ කිව්වම, වෙන්නත් පුලුවන්. ඒ තරමට පිස්සුවක් වෙලා තියෙන්නේ සයෝද් රෙශඛ්‍ය!

"එහෙම වෙන්න ඇති. අහපන්කෝ රෙශඛ්‍යයි සුදු නංගිගෙයි results එක්ක උන් London A/Ls කරන්න පටන් ගත්ත එක හොඳයි නේද බන්?" මන් ලයිට්ස් ඕෆ් කරන් තුර්ශගේ එහා පැත්‍තෙන් ඇල වුනා. 

"ඔව්! අපි A/Ls ඉවර වෙනකොට උනුත් ඉවරයිනේ බන්." තුර්ශ පුරුදු විදිහට මගේ ඇඟෙ උඩින් කකුලක් දා ගත්තා. 

"තාන්‍ය අයියගේ Album එකෙ release කරන වැඩ කොහොමද බන්?" පවු අප්පා මුන් දෙන්නම. තානය අයියා බිසී නිසා තුර්ශට කතා කරන්න වෙන්නේ හරි අඩුවෙන්. තුර්ශ අපිට පේන්න හිනා වෙලා හිටියට ඕන වෙලාවක තනියෙන් හිටියොත් මූන එල්ලන් හිටියේ.

"ඒක තමයි. මට නම් දැන් එපා වෙලා ඉන්නේ බන්. මට කතා කරන්නවත් වෙලාවක් නෑ එයාට. Uni එකේ වැඩයි, ශෝස් උයි, පාටියි, රෙකෝඩින්ස්, tv shows ඒ මදිවට තව මාස තුනකින් තියන මෙට් ගලා එක! ඒකට සූට් එක තාම තේරුවෙත් නෑ." 

"ගලා එක ඉවර උන ගමන් ග්‍රැමීස් නේද බන්?"

"මතක් කරන්න එපා!" තුර්ශ මාව බදාගෙන ඌගේ මූන මගේ පිටේ ගහගත්තා.

"අයියා එන්නේ නැද්ද බන්? දැන් අවුරුද්දකටත් කිට්ටුයි නේද ගිහින්?" 

"මන් දන්නේ නෑ බන්. එක වෙලාවකට මට හිතෙනවා මට දැන් එයා එක්ක පෑහෙන්න බෑ කියලා. අපි දෙන්නා ලෝක දෙකක වගේ. Instagram එකේ එයා ලෝකෙ ලොකුම තරු එක්ක photos දානකොට මට හිතෙනවා මං හරි පුංචී කියලා. එයා මට කතා කරන එකත් අඩු වෙලා හින්දා එහෙම හිතෙනවා වැඩී." මන් තුර්ශගෙ පැත්ත හැරිලා ඌව බදාගත්තා. මට දුකයි. ඌ වෙනුවෙන් මීට වඩා මට කරන්න දෙයක් නැති එක ගැන ඊට වඩා දුකයි.

"තාන්‍ය අයියා උඹට ආදරෙයි බන්. හැමදේම හොඳින් වෙයි." ඌගේ හිත හදන්න හරි කිව්ව වචනේ ඇත්තක්ද? මටත් ඒ ගැන විශ්වාසයක් නෑ.

ඒත් ටිකක් වෙලා යද්දි මට තුර්ශ ඉකි ගහනවා ඇහුනම මගේ පපුව හෝස් ගාලා ගියා. 

"තුර්ශ, උඹ අදත් අඬනවා නේද?" මන් තුර්ශගේ ඔලුව අත ගෑවා

"වරෙං බන් නිදාගමු. අයියා හෙට කතා කරයි!"

"හ්ම්!" තුර්ශ මාව බදාගත්තා

"උඹ නැතුව මන් හෙන දුකෙන් හිටියේ පනේ" මගේ බෙල්ල අස්සේ මූන ගහග්ත්තම

"එක්කෝ මන් උඹව බඳින්නද?" 

"උඹ මාව බඳිනවද රුක්මණී මාව දාලා ගියොත්?"

"ඕක අහන්නත් දෙයක්ද හුත්තෝ?" මන් ඌගේ නලලට උම්මා එකක් දුන්නම

"එතකොට මංජුවා?"

"ඌ මගේ හොර මිනිහා විදිහට තියා ගන්නවා"

"හා!" තුර්ශ තව ටිකක් මට තුරුල් වුනාම මටත් නින්ද ගියා. ඒත් පාන්දර හරියේ මට ඇහැරෙනකොට තුර්ශ ඇඳේ හිටියේ නෑ. බාතෲම් එකෙත් නෑ. මන් එලියට ඇවිල්ලා බැලුවම මල් පෝච්චියක් බිඳෙන සද්දෙට මන් උඩ බැලුවම ටෙරස් එකේ දොර ඇරල. මන් උඩට ගිහින් බලනකොට තුර්ශ හොඳටම අඬ අඬ ටීපෝ එකේ ඔලුව ගහගන්නකොට

"තුර්ශ!" මන් ගිහිම් ඌව බදාගත්තා.

"අනේ සවේන් මන් අයියට බැන්නා! අනේ එයා මාව දාලා යයිද සවේන්?" 

"තුර්ශ!" මන් තව ඌව මගේ බඩට කරලා බදාගෙන ඔලුව අත ගෑවා. 

"උඹව දාලා තාන්‍ය අයියේ යන්නේ නෑ බන්. ඌ උඹට පන වගේ ආදරෙයි. කලබල වෙන්නේ නැතුව ටිකක් ඉවසලා හිටපං බන්. උඹට කෝල් කරයි අනිවාරෙන්! වරෙං දැන් යන් හෙට ඉස්කෝලේ යන්නත් තියනවනේ!" මන් තුර්ශව අල්ලගෙන කාමරේට ගිහිං ඌව ඇඳ උඩට දාලා ලයිට්ස් ඕෆ් කරලා ආයේ ඌව බදාගෙන,

"සමහර වෙලාවට ඉවසනවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ බන්. උඹ දන්නවා තානය අයියා උඹට කොයි තරම් ආදරේද කියලා. උඹේ කේන්තිය නිසා යතාර්ථය අමතක කරන්න එපා බන්. උඹ තානය අයියගේ හිත රිද්දුවනම් ඒකට හෙට සමාව ගනිං. ඌත් මනුස්සයෙක්නේ. ඌටත් දුක හිතෙන්න ඇති. කාලය හැමදේම විසඳනවා. ඉවසලා හිටපං."

"තුර්ශ! නැගිටපන්! ඉස්කෝලේ යන්න ඕනා" අලාම් එකට තුර්ශ ඇහැරෙන පාටක් ඇත්තෙම නෑ. 

"මට බෑ සවේන්. උඹ පලයන්" ආයේ බ්ලැන්කට් එක ඔලුවට පෙරෝගත්තම,

"පිස්සු නැතුව වරෙන් අද විභාගෙට කලින් අන්තිම ටර්ම් ටෙස්ට් එක පටන් ගන්නවා!" මන් බැලැන්කට් එක පහලට ඇද්දා.

"මල වදේ බන්!" තුර්ශ ඕනවට එපාවට කකුල් දෙක බිමට දාලා ඔලුව කසාගෙන ඈනුමක් යැව්වා.

" Happy Birthday Thursha!" මන් තුර්ශගේ අත උඩ පුංචි පෙට්ටියක් තිබ්බා.

"මේ මොකක්ද බන්?" තුර්ශ පුදුම වෙලා ඇහුවම මන් අත් දෙකත් පිටිපස්සට බැඳන් දෙපැත්තට කැරකි කැරකි "ඇරලා බලපන්කෝ!" කිව්වා.

තුර්ශ හිමින් සැරේ රෝස පාට පෙට්ටිය් අරිද්දි ඒක ඇතුලේ තිබ්බේ 

Thanya කියලා embose කරපු rose gold pendant එකක්. 

"අඩේ! Thank you බන්!" තුර්ශ පෙන්ඩන්ට් එකට අතට අරන් තව ළඟට කරලා බැලුවා.

"මගෙනුයි, රෙශ්ඛ්‍යගෙනුයි" මන් තුර්ශගේ පිටට තට්ටුවක් දුන්නා. ඌ මාලේ ගලවලා ඒකට පෙන්ඩන්ට් එක දැම්මම මන් ඒක උගේ කරට දැම්මා. 

"හැමදේම හරියයි බන්!"මන් තුර්ශගේ ඔලුව අත ගෑවා. 

බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා රෙශඛ්‍ය දාඩිය පිටින්ම ජර්සි එකයි ශෝර්ට් එකයි ගහලා එනකොට ඉවසන්න බෑ. එයා දැන් බාස්කට් බෝල් ටීම් එකේම කැප්ටන්. කාටද ඉතින් ආඩම්බර මේ සවේන්ට මිසක්? මන් කම්මුලට අතක් තියාගෙන එයා දිහා බලන් ඉන්නකොට එයා ටීම් එක විසිරවා යවලා ඇවිත් මගේ ළඟින් ඉඳගෙන කොල්ලෝ සේරම යනකන් බලන් ඉඳලා,

"ලොකර් රූම් යන්?"

"අහ්?" 

"එනවකෝ!" මාවත් ඇදන් ලොකර් රූම් එකට ගිහින් ඒක ලොක් කරගත්තා.

"රෙශඛ්‍ය!" මගේ ඇස් ගෙඩි දෙක උඩ යනකොට මාව ලොකර්ස් වලටම තද වුනා. 

"රාජකීය නාටිකාංගනාව දැන් රජු සන්තෝශ කිරීම යහපති!" එහෙම කිව්වම මට හිනා ගියාම මගේ කම්මුල් තද වෙලා තොල් ඉපිප්පුනා. රිදෙනවා ඒත් ඒකට මන් කැමතී. මන් අත් දෙකෙන් එයාගේ ජර්සි එක අස්සට අත දාලා දාඩිය බේරෙන පිට දිගේ ඇඟිලි ගෙනියද්දි එයා මහ නරක විදිහට හිනා වෙලා අනෙක් අතින් මගේ කකුල උස්සන් එයාගේ ඉන ලඟට උස්සගෙන මගේ තොල් වලට පහත් වුනාම ආවේගකාරී මොහොත අවසාන වුනේ මගේ තොල් පුපුරලා ලේ ගලද්දි. එයාගේ පිට මගේ නියපොතු වලින් හීරුනා. රෙශඛ්‍ය මගේ දිහා බලලා ආයේ හිනා වුනා. 

"පෙති තැලෙනකොට දුක හිතුනට මේ මල තැලුනම තව ලස්සනයි" 

"රෙශඛ්‍ය!"

"කොහෙද බන් ගියේ?" තුර්ශ ගේට් එක ළඟ ඉඳන් මාවයි රෙශඛ්‍යවයි දැකලා කෑ ගැහුවම රෙශඛ්‍ය මගේ කරට අත දමාගෙන ඉක්මන් කරලා ගියා.

"අහ්! නාදලු නෙලලා, මැල්ලුම් මලෝලා වගේ" මගේ මූන රතු වුනා.

."මොන තරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලොන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අවශ්‍යයි.! අනිවාර්යයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි" කිව්වම රෙශඛ්‍ය තුර්ශගේ කනට කරලා,

"තෝ තාන්‍ය අයියා එක්ක නටපු නාඩගම් මන් දන්නේ නෑ කියලද හිතන් ඉන්නේ පරයෝ?"

"හු$තෝ!" තුර්ශට නම් තැන නොතැන අදාල නෑ ඔය වචනේ කියන්න.

"මොකක්ද? අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද? මෙතන... රෙශඛ්‍ය මන් දිහා බලලා ඇහැක් ගැහුවම මන්,

"රෙශඛ්‍ය!!!!" 

"සවේන් දෙනෙත් පෙරේරා!!!??? උඹ, උඹ අපේ වැඩිමල් භාවයත් පාවා දුන්නද තුරු සුනඛයෝ?. එහෙම කිව්වම මන් හතර අතට ඇඹරුනා

"Let me make that correct ලොකු අයියේ. Technically මගේ සුදූගේ නම සවේන් දෙනෙත් ඩි සේරම්" රෙශඛ්‍ය මගේ කරට අතක් දමාගෙන එයා ළඟට ඇදලා ගත්තම,

"රෙශඛ්‍ය!!!!" මන් රෙශඛ්‍යට ගහගෙන ගහගෙන යනකොට,

"අනේ යකෝ ඔය මදන කෙලි පොරය පස්සේ අල්ලගනින්කෝ. ගෙදර යමු ඕයි බඩගිනී!!!" තුර්ශ කෑ ගැහුවා.

138 බස් එකේ කට කපලා එකයි. මමයි, රෙශඛ්‍යයි, තුර්ශයි බස් එකේ මැදක් හරියේ තෙරපෙනවා. එහා පැත්තේ ඉස්කෝලේ එවුනුත් තද වෙලා ඒක අස්සේ හුස්ම ගන්නත් බෑ.

එකපාරට මගේ පස්සට මොකා හරි අනව්ශ්‍ය ලෙස තද වෙනවා කියලා දැනුනා. උවමනාවෙන් අහවල් එක ගාවනවා කියලා දැනෙනකොට මන් ඉස්සරහට උනාම මගේ පස්ස දැන් ඇල්ලෙනවා.

"මොකද ඕයි?" මන් පිටිපස්ස හැරිලා එහා ඉස්කෝලේ අසහන කාරයගෙන් ඇහුවම

"ඇයි මොකද වුනේ අයියේ?" රෙශඛ්‍ය ඇහුවම මන් මුකුත් නෑ කියලා ඔලුව වැනුවා. ඒත් දැන් තුර්ශයි රෙශඛ්‍යයි මූනට මූන බලන් ඉන්නවා.

"ප්‍රශ්නයක්ද සහෝදරයා?" රෙශඛ්‍ය කිණ්ඩි හිනාව දැම්මාම,

"අයියව චුට්ටක් admire කරාම මල්ලිට තරහා ගිහින් වගේ" කියලා අර අවලමා කිව්වම,

"සවේන් අයියේ මොකක්ද වුනේ?" රෙශඛ්‍ය ආයේ ඇහුවම මන් ආයේ 'මුකුත් නෑ' කිව්වේ වෙච්චි දේ කිව්වොත් මූව තෝසේ හොද්දට හැන්දෙන් ගන්න වෙනවා කියලා දන්න නිසා.

"උඹ කියනවද නැත්තම් මන් මුගෙන් අහගන්නද?" තුර්ශ මගේ ළඟට කිට්ටු වෙකා තදින් ඇහුවම මට තවත් නොකියා ඉන්න බැරි වුනා.

"පස්ස" මන් කිව්වා විතරයි. රෙශඛ්‍ය බස් එකේ බෙල් එක ඇදලා ඊළඟ හෝල්ට් එකෙන් මාවත් අතින් ඇදන් බහිනකොට තුර්ශත් අපේ පිටිපස්සෙන් බැස්සා. ඒත් බැස්සේ අපි විතරක් නෙමේ.

"සවේන් දෙනෙත්! මොකද ඔච්චර හදිස්සි? " අපි ඔක්කොමලා ආයේ හැරුනා. පිටිපස්සේ අසල්වාසී ඉස්කෝලේ තුන් දෙනයි. මගේ පස්ස අල්ලපු එකා මගේ ළඟට එනකොට, 

"මමත් ආසයි ඔයාගේ private නැටුමක් බලන්න" කියලා ඌ කිව්වා විතරයි.

"රෙශඛ්‍ය!!!" උන් තුන් දෙනාටම රෙශඛ්‍යයි තුර්ශයි දමාගෙන නෙලද්දි මන් ගෙම්බෙක් වගේ කටේ අත ගහගෙන එහාට මෙහාට පැන පැන "නවත්තන්න අනේ" කිය කිය කෑ ගැහුවා විතරයි. ඒකෙන් කිසිම වැඩක් නම් වුනේ නෑ. මුන් දෙන්නා නම් මල යස්සයෝ දෙන්නෙක්. අරුන්ගේ මුනවල් ගන්න දෙයක් නෑ.රෙශඛ්‍ය එක පාර දෙන්නෙක්ට හොඳටම නෙලනවා.

මන් ගිහින් එයාගේ අතින් ඇදලා "ඔය ඇති බබා අපි යමුකෝ!!! ඕකා මැරෙයි!" 

"පොඩ්ඩක් එහාට වෙලා හිටපං අයියේ" කියලා මාව අතින් තල්ලු කරාම මාවත් අඩි ගානක් එහාට ගියාම මාවත් බය වුනා. ගුටි කාලා කාලා උන් පන එපා කියලා දුවනකන්ම ‍රෙශඛ්‍යයි තුර්ශයි උන්ට හොඳටම ගැහුවා. තුර්ශ එකෙක්ගේ දතකුත් ගලවලා. මන් භය වෙලා බලං ඉන්නකොට තුර්ශ පාරෙ යන වීල් එකකට අත දාලා නවත්තලා මාව ඇතුලට තල්ලු කරාම රෙශඛ්‍ය මගේ එහා පැත්තෙන් ඉඳගත්තා. ගෙදර යනකන්ම කවුරුත්ම කතා කරේ නෑ. මට මාර තරහයි. ඇයි අනේ! මුන් දෙන්නට දැන් සෙට් වෙලා ගැහුවොත් අරුන්! මොන දෙයියන්නට කියන්නද? 

"ආ ඔයාලා ආවද? මංජු, සවේන් අනේ පුතේ පොඩ්ඩක් මෙහෙට එන්න." මිහිරි ආන්ටි අපිට කතා කරාම රෙශඛ්‍යයි මමයි කුස්සියට ගියා.

"ඔයා යන්න ගිහින් වොශ් එකක් දාගන්න" ආන්ටි තුර්ශව තල්ලු කරා.

"මොකෝ ඔයාලා?" 

"යන්නකෝ ලොකු බබා කිව්වම!" මිහිරි ආන්ටි ආයේ තුර්ශව තල්ලු කරාම තුර්ශ හිනා වෙලා උඩට ගියා.

මටයි රෙශඛ්‍යටයි හෙන ප්‍රශ්නේ. ආන්ටි හිනා වෙලා 

"තාන්‍ය පුතා ආවා!" ආන්ටිගේ මූනේ මල් හතයි.

"සිරාවට???" 

මතු සම්බන්ධයි...

More Chapters