Ficool

Chapter 30 - බඩු හොඳයි වදිනවද?

ඊටපස්සේ වෙච්චි දේවල් නම් කවදාවත් මගේ ඇස් දෙකට නොදැකපු දේවල්. අගමැතිනී ඇවිත් මහ පිස්සුවක් කෙලියා ගෙදර. රෙශ්ඛ්‍යව මමයි තාත්තයි අම්මයි අල්ලන් හිටියේ නැත්තම් එයා නම් වෙඩි කනවා. අයාන් ට තුවක්කුව දික් කල වෙලේ නම් මගේ පන ගියා. මොන ජාතියේ තිරිසන්නුද මුන්? 

තුර්ශට කලන්තේ දාපු වෙලාවේ රෙශඛ්‍ය එයාව අල්ලගත්තේ නැත්තම් පුටු ඇන්දක හරි ඔලුව වදිනවා. තානය අයියව ඇදගෙන යනකොට 'තුර්ශ! මගේ පන! අනේ මාව අත අරින්න මමා' ගගා කෑ ගහපු විදියටනම් මට වාවගන්න බැරි වුනා. ඒත් ඒ ගැන බලන්න අපි කාටවත් සිහි කල්පනාවක් තිබ්බේ නෑ. මොකද තුර්ශට සිහියක් තිබ්බේ නෑ. 

"තාන්‍ය අයියේ!!!" තුර්ශ නැගිට්ටෙම තාන්‍ය අයියාව හොයාගෙන

"කෝ තාන්‍ය අයියා?"

"මංජු! කෝ රුක්මනී?" 

"ලොකු අයියේ..." රෙශඛ්‍යට කියා ගන්න දෙයක් නෑ. මන් තුර්ශගේ අතකින් අල්ලගත්තා.

"කියපන්! සවේන්!!! කෝ මගේ රුක්මනී?" 

"තුර්ශ සංසුන් වෙන්න" මට ඔච්චරයි කියාගන්න පුලුවන් උනේ.

"අම්මේ!!! කෝ අම්මේ???? අම්මගේ ලොකු පුතා කෝ?" 

"අනේ ලොකු බබා..." මිහිරි ආන්ටි තුර්ශගේ ඔලුව අතගෑවා.

"එයාව ගෙනිච්චද?!!! කියන්න?" 

"airport" සුදූ නංගි කඳුලු අතරින් කිව්ව ගමන් තුර්ශ ටීපෝ එක තිබ්බ තානය අයියගේ පෝර්ශ් එකේ ෆොබ් එක අරන් එලියට දිව්වා. රෙශඛ්‍ය ඒ පිටිපස්සෙන් දිව්වා.

"ලොකූ යන්න එපා! ඔයාට ලයිසන් නෑ!!!"

"පුතේ!!! අයියෝ රිවිර!!!" මිහිරි ආන්ටි කෑ ගහනකොටත් තුර්ශ වාහනේ අරන් එලියට දාලත් ඉවරයි. 

"සුදයියේ නැගපන්!" රෙශකඛ්‍ය නිලංග මාමාගේ බයික් එකේ මට හෙල්මට් එක දික් කරාම මන් විදුලි වේගෙන් සෙරප්පු දෙකත් දාන් හෙල්මට් එකත් බස්සන් බයික් එකට නැගපු විදිහ නම් හිතා ගන්න බෑ. හැබැයි අපි හිටියේ තුර්ශව follow කරන ගමන්. අපේ පිටිපස්සෙන් අනික් වාහන සේරම ආවා. රෙශඛ්‍ය ඕක දැක්කා විතරයි මන් ජීවිතේට ඒ තරම් වේගෙකින් වාහනේක ගිහින් නෑ. මන් ඇස් දෙක වහගෙන රෙශඛ්‍යගේ බඩ වටේ අත දාගෙන මූන පිට්ට තද කරගත්තම එයා මගේ පිටිපස්සට අත යවලා මාව අල්ලගත්තේ මන් බය වෙලා කියලා දැනුන නිසා වෙන්න ඇති. 

ඉක්මනින්ම අපිට තුර්ශව අල්ලගන්න පුලුවන් වුනා. තුර්ශ ශටර් එක පාත් කරාම ඒ කඳුලු බේරෙන මූනේ අපිව දැකලා හිනාවක් ගියා. රෙශඛ්‍ය එයාගේ හෙල්මට් වයිසර් එක ඇරලා තම්බ්ස් අප් එකක් දීලා වයිසර් එක වහලා පිටිපස්සට අත යවලා ආයේ මගේ පිටෙන් අත යවලා මාව පිටට තද කරන් රේස් කරා.

තුර්ශ වාහනේ දොරවත් වහන්නේ නැතුව airport එකට දිව්වම මන් දොරත් වහලා රෙශඛ්‍යගේ පිටපස්සෙන් airport එකට දිව්වා. ගෑනු ළමයි බෝඩ් උස්සන් "Ash Win! Ash Win, Ash Win" ගගා කෑ හගනකොට, ඇතුලට යන්න පොරකනකොට බොඩි ගාඩ්ස් ලා උන්ට එන්න දෙන්නේ නැතුව තල්ලු කරන් හිටියා. 

"කොහොමද බන් යන්නේ ඇතුලට?" තුර්ශ ඔලුවේ කෙස් ඇදගෙන කෑ ගැහනකොට අපේ පිටිපස්සෙන්,

"ජනාධිපති ලේඛම් නිමල් ලෙව්ඛේබණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යංශ ලේඛම් රිවිර සිරිවර්ධන, ඩි සේරම් සමූහ ව්‍යාපාර අධ්‍යක්ශක වජිර ඩි සේරම්, මයුරවංශ සමූහ ව්‍යාපාර අධ්‍යක්ශ රෝවන් මයුරවංශ, Wing Commander නිලංග මයුරවංශ! මේ දැන්ම අපිට මෙනතින් යන්න දෙනවා!" පිටිපස්සෙන් සරම් ගහගෙන උනත් ගැම්මට ආපු නිමල් බාප්පා Id එක දික් කරන් ආවම අපි ඉස්සරහ හිටපු බොඩි ගාඩ්ස් ලා අයින් වුනා.

"ලොකු බබා දැන්ම දුවන්න!!!" රිවිර අංකල් කෑ ගහන පරක්කුවට තුර්ශ දුවනකොට අපිත් එයාගේ පිටිපස්සෙන් දිව්වා. ඒත් එයාට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. බොඩි ගාඩ් කෙනෙක් තුර්ශව අල්ලගන්න කලින්ම රෙශඛ්‍ය පැනලා ඌගේ ඔලුව හරහා යන්න හෙල්මට් පාරක් දුන්නම,

"රෙශඛ්‍ය!!!"

ඌ ඔලුව බදාගෙන බිම වැටුනා.

"ලොකූ පලයං රුක්මනී අල්ලගනින්!" රෙශඛ්‍ය තව හෙල්මට් පාරක් නැගිටින්න යන එකාට දෙනකොට තුර්ශ Executive lounge එකේ දොර ඇරන් තාන්‍ය අයියා හොයන් දිව්වා.

"අනේ රෙශඛ්‍ය තාන්‍ය අයියා තුර්ශව දාලා යයිද ආයේ" 

"අනේ මන්දා සුදයියේ! ටික කාලෙකට හරි එයාලට ඈත් වෙලා ඉන්න වෙන සීන් එකක් මටනම් පේන්නේ"

"තුර්ශට මෙහෙම වෙන්න හොඳ නෑ රෙශඛ්‍ය! මට නම් මේක බලන් ඉන්න බෑ!" මන් රෙශඛ්‍යට තුරුල් වෙනකොට එයා මගේ කර වටේ අතක් යවලා මාව තව තද කරගත්තා.

"අපිට ලොකූව බලාගන්න වෙයි" 

"හ්ම් තාන්‍ය ආයේ ආවේ නැත්තම් මන් තුර්ශව කසාද බඳිනවා!" 

"මොකා?" රෙශඛ්‍යගේ ඇස් දෙක එලියට පැනලා.

"ඇයි? මට එයාව අත අරින්න බෑ. ඌ මගේ පන!"

"එතකොට මම මොකාද?"

"ඔයා මගේ හොර මිනිහා වෙලා ඉන්න!"

"හරි ලස්සනයි. Very good! තානය බොසාගේ ආගමන විගමනය මත අපේ ගෙජ්ජිය එල්ලපු ගෙදර යැපෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවේ නෑ සුදයියේ!" 

"රෙශඛ්‍ය ඇත්තටම ඔයා සිරාවට යමක් ගන්නේ කොයි වෙලාවටද කියහන්!" 

"ඔයාව ගන්න කොට!" කියලා තොල් හපාගෙන මට ඇහැක් ගැහුවම, මන් රෙශඛ්‍යව තල්ලු කරා. එයා ඉතින් බොරුවට එයාගේ ශක්තියෙන්ම එහාට තල්ලු වුනා මිසක් මගේ තල්ලුවේ බලයනම් එතන්ට අදාල වුනේම නෑ.

තුර්ශයි තාන්‍ය අයියා ලෝන්ජ් එකෙන් එලියට ආවම අපි ඔක්කොමලා එයාලා ළඟට ගියාම තානය අයියා වැඩිහිටි හැමෝටම වැන්දා. රිවිර අංකල් පැය බාගයක් විතර තානය අයියව බදාගෙනම මොනාදෝ මහ ගොඩක් පිට අත ගගා කියනකොට තානය අයියාගේ කඳුලු වලින් රිවිර අංකල් ගේ ශර්ට් එකත් පෙඟුනා. 

"තාන්‍ය සහෝ! එහෙනම් හම්බෙමු!" රෙශඛ් තාන්‍ය අයියට ෆිස්ට් බම්ප් එකක් දීලා සයිඩ් හග් එකක් දුන්නා. මමත් එයාට සයිඩ් හග් එකක් දුන්නා.

"ඉක්මනට බැදපල්ලා. අපිටත් කසාද බැදලා අපේ ගෙජ්ජිය එල්ලපු ගෙදර පදිංචියට යන්න ඕනා නැද්ද සුදු අයියේ?" එහෙම කියලා රෙශඛ්‍ය මට ඇහැක් ගැහුවා.

"රෙශඛ්‍ය!!" මිනිහා ඇත්තටම බය වෙලාද කොහෙද තානය අයියා ආවේ නැති වුනෝතින් මන් තුර්ශව කසාද බඳී කියලා. බඳිනවා තමයි ඇත්තටම! 

"ඉස්සෙල්ලා A/L කරහන්!" තාන්‍ය අයියා රෙශඛ්‍යට කිව්වම මට බකස් ගාලා හිනා ගියා. හොඳ වැඩේ! මන් රෙශඛ්‍ය දිහා බලලා දිව එලියට දාලා ඇද කරාම රෙශඛ්‍ය මගේ පස්ස මිරිකුවා. 

"මගේ මුලු ජීවිතේම මෙහෙ දාලා යන්නේ පන. ඔයා මගේ ළඟට එනකං මට ජීවිතයක් නෑ. මගේ හැමදේම තියෙන්නේ ඔයා ළඟ. අයියා චූටියා එනකන් ඉන්නවා. ඒත් ඒ කවදද චූටියෝ?" තානය අයියා තුර්ශගේ අත අල්ලන් කියද්දි මටත් ඇඬෙන්න වගේ.

"ඉක්මනින්ම අයියේ.... මන් පුලුවන්නික්මනින් ඔයා ළඟට එනවා" තුර්ශ එහෙම කිව්වම තාන්‍ය අයියා හිනා වෙලා ඔලුව වනලා තුර්ශගේ අත් දෙකෙනුයි නලලෙනුයි හාදු තියලා යන්න හැරුනාම තුර්ශ ආයේ එයාව ඇදලා අරන් තානය අයියගේ පපුවට තුරුල් වෙලා ඉඳලා එයාව අත ඇරලා අනික් පැත්ත හැරුනාම රිවිර අංකල් තුර්ශගේ මිට මොලවන් ඉන්න අත අල්ලගත්තම තුර්ශ රිවිර අංකල්ගේ පපුවට තුරුල් වුනා. මටත් කඳුලු නතර කරගන්න බැරි වෙනකොට රෙශඛ්‍ය මගේ පිට අත ගෑවා.

තුර්ශගේ හිත හදන්න මන් ඒ සතියම තුර්ශ එක්ක හිටියා. තුර්ශ පිටට එයාගේ සතුට ඕනාවට වඩා පෙන්නුවත් දුකෙන් ඉන්නකොට ඕනවටත් වඩා විහිලු කරනවා. ඒක ඌගේ හැටි. ඌ දුක දරාගන්නේ එහෙමයි මේ දැනුත් එහෙමයි. 

"සැපට වදිනවනම් පකක් මොකෝ යකඩ මොකෝ ඩන්ඩ නකා උයි උයි ඩන්ඩ නකා

ඩන් ඩනකා පකක් මොකෝ යකඩ මොකෝ සැපට වැදේනම් නම්කී ඩන් ඩනකා හේලෝ ඩන් ඩනකා!"

කියලා තුර්ශ මේසෙට ගගහා කියද්දි දේශාන් නිකන් ඇරියේ නෑ

"සැපට වදිනවනම් පකක් මොකෝ පුකක් මොකෝ ඩන්ඩ නකා උයි උයි ඩන්ඩ නකා

ඩන් ඩනකා පකක් මොකෝ පුකක් මොකෝ සැපට වැදේනම් අයියේ ඩන් ඩනකා තාන්‍ය ඩන් ඩනකා!"

මුන් දෙන්න නම් මහ වලත්ත සහෝදරයෝ දෙන්නෙක්! 

"මහ ලැජ්ජාවක් නැති එවුන් බන් උඹලා!" ඒත් එහෙම කියලා මන් අනවශ්‍ය අවධානයක් නොගෙන ඉන්නයි තිබ්බේ

"සැපට වදිනවනම් පකක් මොකෝ පුකක් මොකෝ ඩන්ඩ නකා උයි උයි ඩන්ඩ නකා

ඩන් ඩනකා පකක් මොකෝ පුකක් මොකෝ සැපට වැදේනම් මල්ලී ඩන් ඩනකා සයෝද් ඩන් ඩනකා!"

"මන් යනවා යන්න!" මන් නැගිට්ටම දේශාන් මාව අතින් අල්ලගෙන

"හිටහං හිටහං! මොකෝ උඹට විහිලු තේරෙන්නේ නෑ නේ! උඹලට ගහනකොට හොඳයි කියනකොට නරකයි!" දේශාන් කිව්වම මටත් කට පියන් ඉන්න බෑනේ,

"අඩෝ මන් බොටම්!" 

විහඟ අන්වශ්‍ය වෙලාවටමයි වතුර බොන්නේ. හශිරට free bath එකක්. 

ඒපාර දේශාන් ටිකක් මගේ ළඟට කිට්ටු කරලා,

"බඩු හොඳයිද? වදිනවද?" 

"හුත්තෝ!!!!" තුර්ශ පපුව අල්ල්න් පුටුවකට වැටුනා. මට නම් පොලව පලන් යන්න තියනවනම් දැන් සැපයි.

"හෙලෝ තුර්ශයා රෙශඛ්‍යගේ බර්ත්ඩේ එක එනවනේ බන්. උඹලා පාටියක් දායි නේද?"

"පාටි දාන්න කියන්නේ බන් එදාටම දැමෙන එකක් නෑ. මොකද වජිර බාප්පයි, සුදු චම්මයි චයිනා යන කතාවක් කිව්වා මැශින්ස් වගයක් බලන්න. සයුල් වත් අරන් යයි. මංජු නම් යන කතාවක් කිව්වේ නෑ ඌට ටූනමන්ට් එකක් තියනවා නේද?"

"ඔව් පීටර්ස් එකත් එක්ක ටූනමන්ට් එකක් තියනවා අප්‍රේල් හතර."

"ඔව් චම්මලා යනවා මන් හිතන්නේ පලවෙන්දා. දෙවෙන්දට ඉන්නේ නැති වෙයි" 

"එහෙමද?"

"ඉතින් උඹලා දෙන්න ඕක තනියෙන් සමරපන්කෝ. ආව් ආව් ඩන් ඩනකා!"

"පලයං යන්න!" 

දැන් මොකද කරන්නේ? මන් හිටියේ පාර්ටියටම තෑග්ගකුයි කාඩ් එකකූයි අරන් යන්න. ඉන්නකෝ බලන්න! මන් නුවනි අම්මට රිං කරා

"හෙලෝ සවී බබා"

"අම්මා ඔයාලා චයිනා යනවද?"

"ඔව් පුතේ, මන් ඔයාට හවසට කෝල් එකක් ගන්න හිටියේ. තාත්තගේ මැශින්ස් වගයක් බලන්න. මාත් ඉතින් යනවා. දන්නේ නැද්ද අපිත් මොනා හරි කඩා වඩා ගන්න එපැයි පුතේ. ඔයාට මොනාද ඕනා?"

"අම්මලා එතකොට මල්ලිගේ බර්ත්ඩේ එකට නැද්ද?" 

"මල්ලිගේ බර්ත්ඩේ එකට ඉන්න බැරි වෙයි පුතේ. එයාට එන්නත් බෑලුනේ අර තරඟෙට ඉන්නම් ඕනා කියනවනේ"

"ම්ම්ම් හාකෝ! එහෙනම් මට ලිප් බාම් එකයි, ශූස් පෙයර් එකයි, සයිඩ් බෑග් එකයි..."

"ඉන්න ඉන්න! ඔහොම බෑ මට ලිස්ට් එක දාන්න වට්ස්ඇප් එකට බ්‍රෑන්ඩ් එකත් එක්ක"

"හා අම්මේ. බුදු සරණයි!"

"බුදු සරණයි මැණික!"

එහෙනම් මල්ලි බබාට සර්ප්‍රයිස් එකක් දෙන්නයි වටින්නේ. අමතක වෙලා වගේ ඉන්න ඕනා. මට තනියම හිනා. 

මතු සම්බන්ධයි

More Chapters