Ficool

Chapter 7 - මන් ඇතෙක්

විභාගේ ඉවරවුනත් හරි හිතට දැනෙන්නේ පුදුම නිවනක්. හෙට English Day එක. අනිද්දට දෙමව්පිය රැස්වීම තියලා නිවාඩු දෙනවා. මේ සැරේ මට ලකුණු තියෙයි. මන් එහෙම හිතනවා. ඒත් ලකුණු බලන්න ගෙදරින් කවුරු හරි එයිද? රෙක්ස් ව කූඩුවට දාලා මන් අම්මව හොයන්න යනකොට, අම්මා වතුසුද්ද ගහෙන් මල් නෙලනවා. මන් ටිකක් ළඟට කිට්ටු කරා

"මේ අම්මේ...."

"මොකෝ?" යන්තන් හැරිලා බලලා ආයේ කාරිය

"මේ අනිද්දට දෙමව්පිය රැස්වීම" මන් බෙල්ල කස කස කිව්වම

"ඉතිං?" ඕකනේ අප්ප කියන්න බැරි!

"අම්මා එනවද?" එන්නේ නැති වෙයි.

"පාඩම් කරපු නිසා ලකුණු ඇති නේ?" ඔන්න එතකොටනම් ටිකක් හිනා වුනා.

"ඔව්! ලකුණු තියනවා. ඉතිං එන්වද?" අනේ එන්නකෝ ආම්මේ... ආදරේ කරා කියලා මෙච්චර දරුනු දඬුවම් දෙන්නේ ඇයි? අම්මා ආවේ නැති වුනාම අනික් එවුන් මට හිනා වෙනවා. 

"හ්ම් එහෙනම් හෙට එන්නම්කෝ!" 

"ඔය ඇත්තමද?" මන් අම්මව බදාගත්තා. මට ඇඬෙනවා. මාස 8ට විතර පස්සේ මේ මන් අම්මව බදාගත්තේ. 

"ඔය ඉතින් මල් ටිකත් හැලෙනවා!" 

"ඕයි! තුර්ශ එක වෙලා බන්!" දේශාන් කඩාගෙන් බිඳගෙන අපේ පන්තියට ඇවිත් මට කෑ ගැහුවා.

"සිරාවට?"

"නෑ ධමනියට!" දේශාන් මගේ බෙල්ලේ එල්ලෙනකොට මෙතුල ඌට රැව්වා. 

"මොකෝ තෝ?" දේශානුත් අවුස්සගත්තොත් අමු සක්කිලියා.

"මේ මේ අහපන්කෝ!" පට ගාලා අවධානය වෙනතක්ට ගන්න ඕනා.

"උඹ තුනද?" 

"ඔව් බන්. උඹ කීවෙනියද?" දේශාන් ඇහුවට මන් ඒක දන්නෙවත් නෑ. මන් මේසේ ඉස්සරහ පොර කන එවුන් දිහා බැලුවා.

"දන්නේ නෑ බන්!" 

"හිටපං!" දේශාන් මාව අත ඇරලා මේසෙ ළඟට ගියේ ශර්ට් අත් දෙකත් තව ටිකක් උඩට කරගෙන. 

"එහාට පලයං දෙකට නවලා හු$වන්න කලිං!!!" ඌ කෑගහපු පාරට පොර කකා හිටපු එවුන් ගල් ගැහුනා. ඊටපස්සේ දේශාන් මේසේ උඩ තිබ්බ ලකුණු කොලේ උඩින් ඇඟිල්ල යවන ගමන් මගේ නම හෙව්වා. 

"අඩෝ සවේන්! උඹත් තුන හු$තෝ!" 

"සිරාවට?" මට උඩ පැන්නුනා. දේශාන් මාව බදන් වටේට උඩ පනිද්දි අපේ පන්තියේ එවුන් ගල් ගැහිලා අපි දිහා බලන් හිටියේ. මෙතුලගේ ඇස් වල ගිනි පුපුරු.

ඒත් දේශාන් මාව අල්ලන් ඇදන් යද්දි, අම්මා කොරිඩෝව දිගේ එනවා. මන් දේශාන්වත් අත ඇරලා අම්මා ළඟට ගියා.

"අම්මේ, මම තුන්වෙනියා!" මන් පුලුවන් තරම් හිනා වුනාම අම්මා මාත් එක්ක ඉස්සර විදිහටම හිනා වුනා. තුර්ශ උඹ කිව්වා හරි තමයි බන්! එයාලා මට සමාව දෙයි. අම්මා මගේ ඔලුව අත ගෑවා. ඉස්සර වගේම. මගේ ඇස් වලට කඳුලු පිරුණ. 

"හොඳට ඉගන ගනිං මයේ පුතේ! වෙන දේවල් ඕන නෑ. උඹ ඉගන ගත්තොත් ලෝකෙම ජය ගන්න පුලුවනි" අම්මා මාව නැවත බදාගන්නකොට තුර්ශ මාත් එක්ක පන්තියේ ඇතුලේ ඉඳන් හිනා වුනා. 

හවස් වෙද්දි රෙක්ස් ව අරන් පුරුදු විදිහටම වත්ත පහට ගිහින් ඌට කෝටු කෑල්ලක් විසි කර කර ඉන්න කොට මට වෙන්දා වගේම අයුශ් ව මතක් වුනා. මෙතන අපි කොට්ටම්බා තලනවා ඉස්සර. මට මතකයි කොට්ටම්බා තලලා වැලිත් එක්කම කාලා අපි දෙන්නවටම බඩේ අමාරුවක් හැදුනා දොඹෙන් යන්න.

"මන් තුන් වෙනියා උනා පන. ඔයා හිටියනම් ගොඩක් සතුටු වෙයි..." හිස් අවකාශයට කීවත් වෙන්දා වගේම ආපිට පිළිතුරක් නම් ලැබුනේ නෑ. ඒ වෙනුවට රෙක්ස් කලබල වෙලා ගේට්ටුව පැත්තට දිව්වා. ඒත් එක්කම තාප්පෙට හයි කරපු බෙල් එක එක පාරක්, දෙපාරක්, තුන් පාරක් වදින කොට මන් අඩිය ඉක්මන් කරා.

ගේට්ටුව ඇරියේ රෙක්ස්ව පටියෙන් තද කරන් වුනත් ඒ මලයකා පැන්න පාර මට අත ඇරුනා. දෙයියෝ සිහි වෙනකොට ගේට් එකත් ඇරෙනකොටම රෙක්ස් බුරාගෙන පැන්නත් ආපු ඈයෝ ඌගෙ කට අතෙන් තදකරන් සාක්කුවෙන් dog treat එකක් අරන් රෙක්ස් ට පෙන්නලා ඒක වත්ත ඇතුලටම විසික් කරලා අත ඇරියම රෙක්ස් ඒක පස්සේ වත්ත ඇතුලට දිව්වා. 

"සයෝද්?" 

"Hi Honey!" 

"මොකද මෙහෙ කරන්නේ?" 

"ඇයි මට මෙහේ එන්න බැරිද?" 

"කවුද පුතා?" විනාසයි! අම්මා!!!

"අහ් නෑ නෑ අම්මා මන් මේ පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම්!" දඩබඩ ගාලා සයෝද්ව තල්ලු කරන් එලියට ගිහින් ගේට් එක වැහුවා. අම්මෝ හොඳ වෙලාවට තාත්තා නැත්තේ. නැත්තම් මෙතන තව මගුලක් පටලන් කියලා අනිවාරෙන් මාව ගෙදරින් එලියට දානවා.

"පිස්සුද මල්ලි?" තාමත් මගේ අත් දෙක එයාගේ පපුව උඩ. එයා මගේ අත් දෙක දිහා බලන් ඉන්නවා. මන් ඉක්මනට අත් දෙක අරන් ශෝර්ට් එකේ සාක්කු වලට දාගත්තා. දැන් නේ මනුස්සයා හරියට පේන්නේ. රැග්ඩ් බෙල් බොටම් ඩෙනිම් එකට, කලු ආම් කට් එකක් ඇඳලා ඉන වටේ කලු ජැක්ට එකක් බැඳලා. දැන් ඒක මොකටද ඉන වටේ බඳින්නේ? ඒත් ලස්සනයි ඉතින්. අමුතුම ෆැශන් සෙන්ස් එකක් නේ මූටත් තියෙන්නේ.

"ඕකට කලිනුත් මන් උත්තරේ දුන්නා නේද?" 

"අහ්?" මේ ලෝකේ නෙමේ නේ ඉන්නේ ඉතින්.

"අහ් අහ් අහ් අහ් යමතේ කුදසායි!!!" ඊයා ගෑනීයෙක් වගේ! ආයේ යමතේ මොකක්ද එකක් කියෝනවා. පිස්සෙක් මූ නම්!

"මොකද හලෝ ගෑනු කෑ ගහනවා වගේ කෑ ගහන්නේ?" 

"අහ් සොරි! යමතේ කුදසායි!!" ඒ ගමන පිරිමියෙක් වගේ කෑගහනව. 

"කොහෙද යන්නේ?" මන් අහනකොට කලු පාට පෙජෙරෝ එක ළඟට ගිහින් ඒකට හේත්තු වෙලත් ඉවරයි.

"මට කෝල් කරේ නෑනේ තවුසේ!" මාත් ටිකක් ළඟට ගියා.

"කෝල්? ඒ මොකටද?" 

"ඇයි මන් කිව්වේ කරන්න දෙයක් හොයන් මට කෝල් කරන්න කියලා!" කිව්වා තමයි ඉතින්. ඒත් ඉතින් කවුද අනේ ඕවා සිරාවට ගන්නේ?

"මට කරන්න දෙයක් හොයා ගන්න බැරි වුනා" මන් අහක බලන් කිව්වම

"එහෙනම් මන් හොයලා දෙන්නම්. නගිනවා!" ඉස්සරහා පැසෙන්ජර් සීට් එකට දොර ඇරියම තමයි මට දෙලෝ රත් වුනේ.

"පිස්සුද? මට බෑ!" 

"ඇයි තවුසෙට බැරි?" ඔන්න ඉතින් ඔය යක්සාවේසෙන් ළඟට එනකොටනේ කකුල් මැන්ඩලින් වයන්න ගන්නේ.

"මන් කැමති විදිහට කරනවා!" දැන් මගේ අත් දෙක ඉස්සිලා මූන දෙපැත්තෙන් මිට මෙලවිලා ඇඟෙනුත් පිටිපස්සට පහත් වෙලා. 

"හරි!" 

"ආන්න ඒ බය තියා ගන්නවා!" 

"අනේ තියනවා බිමින්! සයෝද්!!! මල්ලි මාව බිමින් තියපන්!" කර උඩින් බැස්සුවේ බිමට නෙමෙයි හැබැයි සීට් එකට.

'දඩාං' මෙව්වෑ දොරවල් තාම තියන එකත් පුදුමයි. එහා පැත්තෙන් නැග්ග මල යකා, ආයේ ඇඟට පාත් වෙනකොට මඩේ මාලු ඇලේ නටනවා. එයාගේ නහයයි මගේ නහයයි මැද්දේ තියෙන්නේ කෙස් ගහක දුර. ඒත් මගේ අත් දෙක කලින් වගේම මූනට යටින් පිට මෙලවිලා මන් පිටිපස්ස්ට වෙලා තියන බරට සීට් එකට ඇලෙයි ද මන්දා! ඒත් මූ මගේ මූන දිහාම බලන් හිනා වෙලා සීට් බෙල්ට් එක ඇදලා අර්න ලොක් කරලා වාහනේ ස්ටාර්ට් කරා. මගේ ඇස් දෙක තියෙන්නේ ජියර් එක උඩ තියන එයාගේ අත උඩ. 

"කොහෙද යන්නේ? මගේ හැටි බලනවා!" මන් හරි සිහියට ඇවිත් ඇහුවම,

"බය වෙන්න එපා අපි කිංස්බරි යන්නේ නෑ. යන තැනට ඇඳුම එච්චට වැදගත් වෙන්නේ නෑ. හැබැයි.." කියලා මහරහම හෙලන්කා එකෙට වාහනේ දාලා,

"බහින්න!" 

"හා!" 

ඊළඟ මොහොතේ අපි හිටියේ සපත්තු කඩයක් ඇතුලේ.

"ස්පෝර්ට්ස් ශූස් බලමු අයියේ!" එතන හිටපු සේල්ස් බෝයි කෙනෙක්ට කිව්වම ඌ 

"සර් සයිස් එක?" 

"සයිස් එක..." මූ මගේ දිහා හිසේ සිට දෙපතුල දක්වා බලලා හෙන කැත හිනාවක් දාලා,

"කියන්න සවේන් අයියේ සයිස් එක" මට නම් දැන් කේන්තී. මන් ඔරවගෙනම,

"7" කියලා කිව්වා. එතකොට මේ ගොනා හිනා වෙන්න ගත්තා. සේල්ස් කාරයා ඔලුව වනලා යන්න ගියාම හිතේ තියන කේන්තිය යවා ගන්නත් එපැයි

"මොකද තමුසේ?" 

"මෙනතින් ඉඳගන්නවා!" කොහොමද අප්පා මෙහෙම මූඩ් වෙනස් කරන්නේ තප්පරෙන් තප්පරේට? තප්පරේකට කලින් ජෝකර් කෙනෙක් වගේ දැන් මල යස්සයෙක් වගේ.

"හා!" ඉතින් මන් දැන් මොකාද එකා වගේ ඉඳගෙන ඉන්නවා.

"මගේ shoe size එක කියනවා පුලුවන් නම්!" මගේ ඉස්සරහ ඉඳන් ඇහුවම මන් උඩ බැලුවා. හිනාවනම් තමත් කුප්පයි! අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මන් බිම බැලුවා. මේක මොන සයිස් එකක්ද? හිතලා බලලා

"10?" එහෙම කිව්වම මගේ ඔලුව අවුල් කරලා පාත් වෙලා කනට කරලා,

"මගේ shoe size එක ලංකාවේ නෑ හලෝ!" 

"අහ්?" 

"12" එහෙම කියලා ආයේ කුප්ප විදිහට හිනා වුනා.

"උඹ අලියෙක්ද සයෝද්?" මන් හක හක ගාලා හිනා වෙනකොට අර් කොල්ලා සපත්තු පෙට්ටි හතරක් අරන් ඇවිත් බිම තියලා ඇරලා සුදු නයිකි දෙකක් අරන් මගේ කකුලට දාන්න යනකොට. සයෝද් ඌව නැවෙන්නෙවත් නැතුව උරහිසෙන් අල්ලලා එහාට තල්ලු කරාම අර මිනිහා නැගිටලා යන්න ගියා. ඒපාර මූ මගේ ඉස්සරහෙන් එක දනක් නවලා ඉඳගෙන සපත්තුව අරන් මගේ කකුල අල්ලපු පාර 'යෞවනයේ පොපියන චමත්කාරය!' ඒත් ඉන්න එයාටත් කියන්න දෙයක් තිබ්බා.

"නෑ මන් ඇතෙක්!" කියලා සපත්තුව මගේ කකුලට දානකොට මටත් කටපියන් ඉන්න බෑනේ,

"දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී,

දිග දළ අටෙකි , සත්ගැබ කී . ..

වැව් පොකුනු දකී, සත්සිය ගැනකී,

එක පොකුනකකී, සිව්මලෙ කී . ." 

සපත්තුව දාන එක නතර කරලා මන් දිහා බලන් ඉඳලා, හිනා වුනා. 

"මේ දෙක හොඳයිද? 

"හොඳයි!" සුදු පාට නයිකි දෙක කකුල්වලටම දාගෙන ආයේ වාහනේට නැගලා ගිහින් නතර වුනේ බාස්කට් බෝල් කෝට් එකක. මේ මොකද?

"මෙතන?" 

"බහින්න!" 

ඊළඟ මොහොතේ මන් හිටියේ මන් ජීවිතේට පය ගහලා තිබ්බ නැති තැනක. සයෝද් බාස්කට් බෝල් එකක් අරන් මන් ඉස්සරහා.

"දැන් තවුසෙට මූන එල්ලන් ඉන්නේ නැතුව කරන්න වැඩක් පුරුදු කරන්නයි යන්නේ! ඊට කලින් ගුරු පඬුරු දෙන්න ඕනා. මෙව්වා නිකන් කරන්න බෑ. මන් රාජකීයේ හොඳම බාස්කට බෝල් ප්ලේයර් කෙනෙක්. මගෙන් එහෙම හැමෝටම ඉගන ගන්න බෑ!" 

"එහෙමද? දැන් මොනාද තවුසෙට ඕනා?" 

"කලින් කියපු කවියට නටලා පෙන්නනවා!" 

"මොකක්? මෙතන?" 

"ඇයි මෙතන පොලව ඇදයිද?" මූට නම් කටක් නෙමෙයි තියෙන්නේ! ඒත් මහත්තයා ගිහින් පැවිලියන් එකේ ඉඳගෙනත් ඉවරයි. මෙහෙම කවදාවත් නටලා නෑ. මන් සපත්තු දෙක ගලවන්න හදනකොට එයා ආයේ ඇවිත් මගේ සපත්තු දෙක ගලවනකොට මන් එයාගේ උරහිසෙන් අල්ලන් හිටියේ සමබර තාවය ගිලිහෙන නිසා. සපත්තු දෙකත් අරන් ගිහින් ආයේ ඉඳගෙන අතක් ඉස්සරහට කරලා 

"මියුසික්!" කිව්වම මට හිනා ගියා, 

දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී,

දිග දළ අටෙකි , සත්ගැබ කී . ..

වැව් පොකුනු දකී, සත්සිය ගැනකී,

එක පොකුනකකී, සිව්මලෙ කී . .

සිව් මල පෙතකී, ගැනතිස් දෙකකී,

පෙත්තක නැටුකී, සිව්සැටෙ කී . .

කවි කරවැනි කී, ලෙව් ඉසි බසෙකී,

ගජගා නමකී, වන්නම කී . . .

ගමන් යනෙන සොඳ රූබර තාලෙට

ඇත් රජ ගමනට යන්නේ

පවන් සලන ලෙස කන්පොතු සලමින්

දෑලේ මිනි නද දෙන්නේ

කියන්න පුදුමයි ගමනට මිනි නද

එකින් එකට වැඩි වන්නේ

අහන්න මැතිඳුනි ගජගා වන්නම

මේ ලෙසටයි පවතින්නේ . .

මතු සම්බන්ධයි....

More Chapters