Ficool

Chapter 51 - 51

ආර්ව්...උඹටත් කන ඇහෙනව හොරද ගෙනෙන් මුන් දෙන්නගෙම.ඵෝන් දෙක....ලැජ්ජයි මේවා දකින්ඩ....අහන්ඩ....තොපිව මම ඇහේ කනේ තියන් හදන්නෙ මේකටනෙ.....

කන්ඩ බෑ කිව්ව කවදාවත් මං තොපි දෙන්නව බඩගින්නෙ බුදි කරවනවද...

උනක් ගැනුනොත් ඇදගාවට ඔක්කොම ගෙනත් දෙනවා...එහෙම කරපු මටයි තොපි කොලෙ වැහුවෙ....ආරව් ගෙනෙන් ඕක මෙහාට....

මන් බිම බලාගන උන්නා....ආය මෙතන වෙනමොකුත් හිතන්ඩ දෙයක් නෑ....ලොකු නැන්දා දැනගන...අහන්ඩ දකින්ඩ ලැජ්ජයි කියපු ලොකු නැන්දා දිහාව මට බලන්ඩ බය හිතුනා...කොළඹ නෙවෙ...කුරුදුවත්තෙ නෝන කෙනෙක් උනත් මෙවෙලෙට බනින්නෙ ඔය විදිහට...අනික....ඉස්කෝලේ යන අපි දෙන්නට සමාවක් නම් තියෙයිද.....මං හිතන්නෙ නෑ...

සනාශ් ගෙ කට වැහිලම ගිහිල්ලා....යුනිෆෝම් ඇන්දත් අද ඉස්කෝලේ යන්න වෙන්නෙ නෑ කියන්න ඉවෙන් වගේ දන්න මං අපේ කාමරේ දිහාව බලනකොට චූටි අයියා ඵෝන් දෙක ගෙනල්ලා දීලා කෙලිම්ම මගෙදිහා බැලුවා...හරියටම අනේ බන් මට මොනවත් කරගන්ඩ බැරි උනා කියන්න වගෙ....

ආ....අම්මෙ....

උඹගෙ එකත් ගෙනෙන්...අර ඇතුලෙ ඉන්න ගුරාටත් එන්ඩ කියපන්...තොපි වෙනුවෙන් උදේ හවා නැහෙන මට දෙන දේවල් තමයි මෙ..මාව රවට්ට රවට්ට.....ආ ආරව්....කෝ උඹගෙ අර කෙල්ල....උඹ මටත් කතා කරන්ඩ දුන්න කෙල්ල කොහෙද ????

අ..ආ..

ගනින් ඵෝන් එක ..දීපන් මෙහාට...චූටියා ඇරපන් මේවල ලොක්...තොපිට හෙනේට හිටියෙ මේ බඩකඩිත්තු ...අරුන් දෙන්නා අර ගිනිගහන අව්වෙ මැරිලා මැරිල හොයන හැම සතේම ඉතූරු කරන්නෙ කාටද තොපිට....උන්ගෙන් අහන අහන හැම දාම කියන්නෙ එක හොද්දයි බතයි....නැත්තන් පාන් කෑල්ලක්....වට්ටක්කයි බතුයි ගිල ගිල විසිහතර පැයම වැඩ කරලා තමයි තොපිට ඔය ඉල්ලන ඉල්ලන ඔක්කොම ගන්ඩ සල්ලි එවන්නෙ...එහෙව් කරපු අම්මා අප්පච්චි ට දීපු තෑග්ගද මේක....ආ චූටියා...කතා කරපන්.....රැයක් දවාලක් නෑ.....මාලිගාවල් වගේ ගෙවල් ... පිහන්ඩ බැරි ජනෙල් උඩ නැගන් කට්ට අව්වෙ කරවෙවි පිහ පිහ ගන්න තුට්ටුව පවා එව්වෙ තොපි දෙන්නට.....එහෙමයි කියලා මං කවදාවත් අපේ එකා වත් ඒකිවත් එවන සල්ලින්වලින් එක රුපියලක් අරගන නෑ.....

මං තොපිටත් කන්ඩ බොන්ඩ දෙන්නෙ අර මිනිහා හොයන එකෙන්.....පොඩි කාලෙ ඉදන් තොපිව කකුල් වල බකල ඇරලා ඔලුවෙ ඇද යවලා කරෙ තියාගන අම්මා වගේ හදපු මටයි උඹලා වංචා කෙරුවෙ සයාශ් .....

මගෙ ඇස්වලින් කදුලු බේරෙනවා...අම්මියෙ අද මොනාද කෑවෙ අහපු හැමදකම අම්මා බතක් එක්ක හොදි පිනි ජාති දෙකතුනක් කෑවයි කියන අම්මා අප්පච්චි කන හැටි මැරෙන හැටි කියනකොට අනේ සත්තයි මට අම්මා අප්පච්චි ගෙ කකුල් දෙක අල්ලා වදින්ඩ හිතුනා..අනේ අම්මෙ සමාව දෙන්නකො කියන්න හිතුනා...

ලොකු නැන්දා කෑ ගහනවා...බනිවා...අඩි හප්පනවා.....ඒ කටහඩ වෙව්ලනවා...ඇත්ත...ලොකු නැන්දා කියන කතාව බාගෙට බාගයක් ඇත්ත....කකුල් වල බකල් ඇරපු....ඔලුවෙ ඇද ඇරපු කරේ තියාගන හදපු තවත් අම්මෙක් උනා නම්ලොකු නැන්දා විතරක් වෙනකොට මට කටක් ඇරලා අනේ ලොකු නැන්දේ දැන් ඇති කියලා වත් කියන්න හයියක් නැති වෙනකොට සනාශ් ඔලුවක් වත් උස්සන්නෙ නැතුව උන්න..මං මීට වඩා අහුවෙන්න දෙයක් නැති හන්දම ලොක් එක ඇරපු ඵෝන් එක ලොකු නැන්ද අතට දෙනකොට චූටි අයිය හෙන අවුලෙන් වගේ අපින්දෙන්නා දිහා බලන් උන්නා...

ඌත් කරලා තියෙන්නෙ බොරුව....ඌත් කරලා තියෙන්නෙ රගපෑම....ඉතින් මං කොහොමද උඹලව තව විස්වාස කරන්නෙ....ආ ආරව්..අප්පච්චිගෙ හිත උඹ කැඩුවා පුතෙ.....ඉන්නෙ එකයි දහයක් නෑ....උඹට ඕනෙ හිගන්නෙක්වද.....ඒත් කරල දේවි ඒ මනුස්සයා ..ඒත් උඹ කොහොමද පුතේ අම්මා අප්පච්චිව මෙහෙම රැවැට්ටුවෙ.....

අම්මෙ..අහන්නකො ...අයාන්...අයාන් එක්ක මගෙ සම්බන්ධයක් නෑ අම්මෙ.....අයාන් එක්ක..ඔයාට පිස්සුද අම්මෙ...අයාන් ගැන මගෙ හිතේ කිසිම.දෙයක් නෑ....අයාන් මේ අම්මට කියපන්කො....

චූටි අයියා ගොත ගහනවා.....ලොකු නැන්දා දන්න බව දැන දැන අපි ඉස්සරහා තවත් බොරු කියනකොට අයාන් සර් සාක්කුවට අත් දෙක දාන් බිම බලාගන උන්නා...කරන්න දෙයක් නෑ...හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට කියන්නෙ මේක වෙන්න ඇති...

සනාශ්

ලොකු නැන්දෙ....

ගනින් මුගෙ ඵෝන් එකෙන් අර දොස්තර කෙලීට කෝල් එකක්...අරන් ලවුස්පීකර් දාපන්....උඹලගෙ මගුල් මට ඔබන්ඩ දන්නෙ නෑ.....අරන් මොකුත් නොකිය ඒ කෙලිට කතා කරන්ඩ දීලා අහන් ඉදින්

අනේ අම්මෙ...අම්මෙ...එපා අම්මෙ...එයා වෝර්ඩ් එකේ ඉන්නෙ..මං කිව්වන් අම්මෙ...අනේ ඕක නවත්තන්ඩකො....ලොකූ...නවත්තපන් ඕක....

චූටි අයියා කෑ නොගහා කෑගහනවා නවත්තපන් කියනවා....ඒත්...මෙතන අපි තුන් හතර දෙනාව බේරගන්න සක්කරයවත්...සක්කරයගෙ පුතා වයිමටවත් බැහැයි කියන්නද කොහෙද දෙපාරක් තුන්පාරක්ම රින්ග් උන ඵෝන් එක අනිත් පැත්තෙන් ශෙනිරුගෙ සුදු අක්කා ආන්ස්වර් කෙරුවා ...

අපි හැමෝම අද වැරදි පැත්තකින් නැගිටලා...

සුදු අක්කා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .....චූටි අයියා නලලට අත ගහගත්තා ...අයාන් සර් සාක්කුවට අත් දෙක දාගන ඉදලා ඉදල මොනව හරි ලොකු නැන්දට් කියන්න හැදුවත් ලොකු නැන්දා සුදු අක්කා කතා කරනකන් අයාන් සර්ට කට වහගන්ඩ කියලා කටට ඇගිල්ල තියල පෙන්නුවා...මේ.ඔක්කොමත් වෙනකොට තවම අපේ මැසේජ් නොබලපු.ලොකු නැන්දා අපි දෙන්නට මොනවා කරයිද නොදැන මට කකුල් පන නැතිව ගියා....

.හෙලෝ...ආරව්....මං වෝර්ඩ් එකෙ බන්....මොක්ක්ක් හරි හදිස්සියක්ද...

ස්...ස්..සුදු.....

අහන්න බැරි උනා.....උඹ අයාන්ට අරක කිව්වද...මං දන්නවා අනිවාර්යයෙන්ම අයානයා උඹට හා කියන්න ඇති...හවසට කැෆෙ එකේදි හම්බෙමු ආරව්...දෙන්නා එක්කම වරෙන්.....මං තියන්නම්...

හ්..හෙලෝ....ස්...

බීප්...බීප්..බීප්.....

මුලු ගෙදරටම එක පාරමබෝම්බයක් ගැහුවා හා සමාන උනා.....අඩුම ගානෙ හුස්ම ගන්න සද්දයක් වත් ඇහෙන්නෙ නැතිව ගියා.....මුලු ගෙදරම එක තත්පරෙන් කැරකොප්පුවක් වෙලා යනකොට අයාන් සර් මීටත් වඩා කට පියන් ඉන්න බැරිම තැන ලොකු නැන්දට කතා කෙරුවා

ආන්ටි

ඔය ළමයා නේද අපේ චූටියගෙ නාට්ටි ගුරා

ඔව් ආන්ටි .....

ආරව්....උඹ දැන් මොකද කියන්නෙ...උණ මෙච්චර කල් අම්මා අප්පච්චි රැවැට්ටෙව්වා කියලා පිලිගන්නවද පුතේ...අම්ම ලව්වා බත් මුල් බැදන් ගියේ රෑ එලිවෙනකන් මේ බ්ඩකඩිත්තුව කනේ ගහන් ගස් ගල් ගානෙ අස්සෙ රිංගුවෙ අර කෙලීගෙ නම කිය කිය උනාට කතා කෙරුවෙ වෙන එකෙක්ට කියල කියපන් පුතේ.....උඹලා මාව රැවැට්ටුවා...

අනේ...අම්මෙ..ආහන්නකො...අහන්නකො අම්මෙ...

අහකට යමන් ආරව්....අහකට පලයන් ....මං උඹට පැයක් දෙන්නම්....උඹලා දෙන්නා මේක නවත්තනවද.....තව දුරටත් කරගන යනවද කියන එක උඹලගෙ තීරනෙ හැබැයි පුතේ...උඹ එකක් මතකතියාගනින්...උඹලා ඔක්කොමල්ලා එකතුවෙලා රැවැට්ටුවෙ මේ නූගත් අම්මව...

මට පපුව පලාගන්ඩ හිතුනා.....කොච්චර බැන්නත් ගැහුවත් එ බැනුම් ඒ ගැහුම් තත්පරෙන් දෙකෙන් ඉවර උනත් අද මේ බනින බැනුම් කියන වචන වලට මුලු හදවතම ආත්මෙම කීතු කීතු කරලා දැම්මා....

අනේ අම්මෙ...

ආරව්....මේ කොල්ලො දෙන්නා ඉස්සරහා තව තව හැල්ලු නොවී...උඹ ඔය හොයා ගත්තු එකා එක්ක මොකක්ද කරන්නෙ කියලා තීරනයක් අරන් අප්පච්චිට කියපන්....මට කියලා.තේරුමක් නෑ...

ආන්ටි..සමා...වෙන්න....ඇත්ත...ආන්ටිට තරහා යන එක සාදාරනයි ...ඒත්...මට මේක මෙතන නොකියා ...ආරව්ව අසරන කරන්නත් බෑ....

......

මගෙ ගෝලයො දෙන්නා ඉස්සරහා මාව හෑල්ලු වෙවි....ඒත් කමක් නෑ....ආන්ටි.....මට ආරව් එක්ක ආයාම තැන්තැන් වලට ගිහින් කතා කරන්න දෙයක් නෑ....

මම වගේම සනාශ් හුස්ම ඉහලට අල්ලන් බලාගන උන්නා...බිත්ති ඔරලෝසුවෙ කටු කැරකුනේ හරියටම ටයිමින් බෝම්බයක් හා සමානව වෙනකොට අයාන් සර් අපි දෙන්නා දිහා බලලා මගෙ ගෝලයො ඉස්සරහා මාව හෑල්ලු වේවි කියලා කියනකොට ලොකු නැන්දා අත් දෙක පපුවට බැදගන අයාන් සර් දිහා බලාගන උන්නා.....චූටි අයියට කියන්න දෙයක් කොහෙන් වත් ඉතිරි නැති හන්දම කට පියාගන උන්නා....

ආන්ටි...ආරව්....වගේම .....මම....ආරව්ට කැමතියි....නෑ...ඇත්තටම .....ඒක කැමැත්තක් නෙවෙ ...ඒක ආදරයක් කිව්වොත් හරි ... ඒත්....එයාටවත් මටවත් .....කියා ගන්න බැරිව උන්නා මිසක් ....මන්දා මට මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ....තේරෙන්නෙ නෑ නෙවෙ...මට වචන නෑ.....මං..මං අරව්ට ආදරෙයි ආන්ටි...

....

....

....

...

මට වත්....සනාශ්ට වත් හිතා ගන්න බැරි උනා...අයාන් සර් මෙතනම උත්තරයක් දෙයි කියලා කීයටවත් නොහිතපු මටයි ලොකූටයි කට උත්තර නැති උනා.....

මං ඔය ලමයිට කිව්වනෙ.....මට මෙතන උත්තර එපා..අම්මාඅප්පගෙ ඇස්වලට කදුලු දීලාද උඹලා ආදරෙ කරන්න ගන්නෙ....

අම්මා....

ආරව්...මං කියලා ඉවරයි ....කරගම යනවද නැද්ද කියලා හොදට හිතල කියපන්.....චූටියා දීපන් උඹගෙයි මුගෙ ඵොන් එකේ ලොක් ඇරලා රෑ එලිවෙනකන් කොටපුවා බලන්ඩ....

මං සනාශ් දිහා බලලා මගෙ ඵොන් එක දුන්නා.....ඒ හැම.මැසේජ් එකක්ම සිංහලෙන් තියෙන්නෙ....

නිරූ.....මගෙ නිරූ.....

නැන්දා එකින් එක එකින් එක මැසේජ් කියවනවා...මගෙ අත් වල අල්ලට දාඩිය දාලා...වොයිස් මැසේජ් පවා අහනකොට මට මැරෙන්න හිතුනා...විනාඩිය දෙකක්....පැයක්....දෙකක්...සයාශ්ගෙ ඵෝන් එක මගෙ ඵෝන් එකේ තිබුන හැම.මැසෙජ් එකක්ම කියවපු ලොකු නැන්දා නැගිට්ටා...

ල්..ලොකු....

චටාස් .....!!

කම්මුල් පාරවල් දෙකයි...එකක්.මගෙ වම් කම්මුලටත්...අනික සනාශ්ගෙ දකුනු කම්මුලටත් වැදුනා....ලොකු නැන්දගෙ ඇස් රතු වෙලා කදුලු පිරුනා

උඹ මුගෙ අම්මා අප්පා.මොකාද නොදැනද චූටි මෙහෙම දෙයක් කෙරුවෙ...උඹට ඕනෙ උඹගෙ අම්මා අප්පව මරාගන්ඩද.....ඒකගෙ අම්මා මොකීද කියන්ඩ නොදැනද චූටි උඹ යාලු උනේ....

අනේ..ලොකු නැන්දෙ....

නෑ පුතෙ මං උඹට ගහන් නෑ.....මං උඹට ගහන්නෙ නෑ රත්තරන් ....මගෙ ඔලුවට අත තියලා දිවුරපන් .....ඕක නවත්තනවා.කියලා ...

අනේ..ලොකු නැන්දේ.....!

මට කෑ ගැස්සුනා...සයාශ් කෙසේ වෙතත් නිර්වාන්ගෙයි මගෙයි සම්බන්දෙ දැනගත්තු ලොකු නැන්දා වචනයක් වත් නොකියම කිව්වෙ ලොකු නැන්දගෙ ඔලුවෙ අත ගහලා දිවුරන්න කියලා ..නිකන් නෙවෙ...අනේ මගෙ නිර්වාන්ව අතාරිනවා කියලා මට ඒ ඔලුවට අත ගහලා දිවුරන්න කියනකොට මං පුදුම විදිහට අසරන උනා....

අනේ ලොකු නැන්දෙ එහෙම.කරන්න එපා ලොකු නැන්දෙ...මං...විතරයි ..අනේ මං විතරයි ලොකු නැන්දේ....නිර්වාන්ට ඉන්නෙ.....

උඹට ඕනෙ උඹගෙ ලොකු නැන්දව මරාගන්නද පුතේ...උඹට ඕනෙ මේ පවුලම උගෙ අම්මා ලව්ව මරවගන්නද...හිතක් පපුවක් නැති අම්මෙක් බව දැන දැන උඹ කොහොමද චූටි ගිහින් ඌටම පැටලුනේ...දිවුරපන්.....මගෙ ඔලුවට අත තියල දිවුරපන් චූටි...මේක නවත්තනවා කියලා ...සයාශ් ...උඹටත් එක්ක....උඹලා දෙන්නට ඕනෙ පවුල් පිටින් වැලලෙන්නද....උඹලට ඕනෙ පවුල් පිටින් අතුරුදහන් වෙන්නද...දිවුරපන්.....මගෙ ඔලුව හත් කඩකට පුපුරාවි උඹලා බොරු කෙරුවොතින්...

ලොකු නැන්දා මගෙයි සයාශ්ගෙයි අත් අරගන හිස් මුදුනෙ තියලා දිවුරන්න කියනකොට මං අත ඇදලා ගත්තා ..අනේ මං කොහොමද දෙයියනේ එහෙම කරන්නෙ...මං කොහොමද දෙයියනේ එහෙම කරන්නෙ....මම විතරයි ඉන්නෙ බව දැන දැන මං කොහොමද එහෙම කරන්නෙ....

අම්මා අප්පගෙන් ලමයි මනින්න එපා ලොකු නැන්දෙ...අම්මා අප්ප.කරපු වැරදි වලට ළමයි පලි...නෑනෙ ...අනේ ඌට ඉන්නෙ මං විතරයි ....අනේ ලොකූ කියපන්කො...චූටි අයියෙ...අයාන් සර්..අනේ...නිර්වන්ට ඉන්නෙ මං විතරයි ලොකු නැන්දේ...මං නැන්දා කියන ඕන දෙයක් අහන්නම්...මං නැන්දා කියන ඕනම දෙයක් අහන්නම්...අනේ....නිර්වාන්ව අතාරින්ඩ කියන්න එපා ලොකු නැන්දේ....එයාටමේ ලෝකෙ ඉන්න එකම එකාව නැති කරන්න එපා ලොකු නැන්දෙ...අනේ එහෙම කරන්න එපා...

මං අත් දෙක එකතු කෙරුවා ...චූටි...දාලා යන්න බලාගන ආදරේ කරන්න එපා කියපු නිර්වාන්ව මතක් උන මං ඇඩුවා...කොච්චර විහිලු තහලු කෙරුවත් නිර්වාන් කියන ආදරේ කියන මාතෘකාව ගාව හැමදාමත් සංවේදි වෙන මම මගෙ අත් දෙක එකතු කරලා ලොකු නැන්දගෙන් මගෙ නිර්වාන්ට මාව නැති කරන්න එපා කියනකොට ලොකු නැන්දා මා දිහා බලාගන උන්නා.....

එහෙනම්....උඹට උඹගෙ ලොකු නැන්දා..ලොකු මාමා...මේ කාවත් වැඩක් නැද්ද පුතෙ ....උන්ගෙ අම්මා උඹව මරාවි සයාශ් ....උඹට ඕනෙ පවුල පිටින් මරාගන්නද සයාශ් ....

මං ඇඩුවා.....ලොකු නැන්දා නිර්වාන්ගෙ අම්මා ගැන කිය කිය නිර්වාන්ව අතාරින්න කියනකොට මං අනිත් පැත්තෙන් නිර්වාන්ව අතාරින්න බෑ කිය කිය ඇඩුවා.....ලොකු නැන්දා කියන වචනයක් ගානෙම මට මතක් උනේ නිර්වාන් මාව එයාගෙ උරහිසෙ තියාගන එයාට රකින්න තියන එකම බර එකම බැදීම මං විතරයි කියපු හැටි මතක් උන මට පන යන්න ආවෙ.....

අනේ සනාශ් ....අනේ අයියේ කියපන්කො.....මගෙ නිරූට ඉන්න මං විතරයි කියපන් අයියේ...ඌව පිස්සෙක් වෙයි සනාශ්...ඌව පිස්සෙක් වෙයි....ඌට යනඑනමන් නැතිවෙයි සනාශ් ..අනේ කියපන්.....

චූටි අයියෙ....උඹ නිර්වාන් ගැන දන්නවා.....අනේ උඹලා දෙන්නම නිර්වාන් ගැන දන්නවා.....එහෙම එකේ මාවත් නැති කෙරුවොත් ඌට පිස්සු හැදේවි ..අනේ ලොකු නැන්දේ...මං ඕන දෙයක් කරන්නම්.....මන් ඕන දෙයක් කරන්නම්...ලොකු නැන්දේ...අනේ ...

මං දනගහගත්තා ...ඇත්තටම මං අත් දෙක එකට එකතු කරන් ලොකු නැන්දගෙ පය පාමුල වැටුන මං මගෙ නිර්වාන්ව තව අසරන කරන්න එපා කියන්න එපා කියන්න ලොකු නැන්දා නිර්වාන්ට කෝල් එකක් ගත්තා .....

..

චූටි...දරුවො ඔයා කොහෙද ...දැන් බස් දෙක තුනක්ම ගියා.....අද නම් මටත් තනකොල ගලවන්න වෙනවා චූටි...

නැන්දට හෙලෝ වත් කියන්න හම්බුන් නෑ...එහාපැත්තෙ උන්න නිර්වාන් මේ ඇවිලෙන ගිනි කිසිම දෙයක් නොදැන කෙලිම්ම මට දරුවො කියලා කතා කරනකොට ලොකු නැන්දා බිම උන්න මා දිහා බලාගන උන්නා....

දරුවො...දරුවා ගැන බලාගන්ඩ පුලුවන් ඔය ළමයා මේ දැම්ම ගෙදර ආවොතින්....ඒ එනකොට අනිකවත් එක්ක එනවා...උඹට මං සැලකුවෙ කොහොමද කියලා අමතක කරලද පුතේ මෙහෙම කෙරුවෙ...?

මං බිම බලාගන උන්නා.....ලොකු නැන්දා ඒ ටික විතරක් කියලා ඵෝන් එක පැත්තකට විසි කරනකොට සනාශ්ට වඩා මං වේදනා වින්දා...එයාට ඉන්නෙ මම විතරයි නේද කියලා මතක් වෙන වාරයක් ගානෙම මට පුදුම අසරන කමක් දැනුනා...මට ඕන දෙයක් කියන්න පුලුවන් ඒත්..අම්මා වගේ ඔන්න ලොකු නැන්දට ඔලුවට අත ගහලා දිවුරන්නෙ කොහොමද .....

මං කොහොමද දෙයියනේ මගෙ නිර්වාන්ව අතාරින්නෙ.....සයාශ් අබේසේකර කියලා ලියපු අකුරක් අකුරක් ගානෙම මතක් උන මට පුදුම වේදනාවක් දැනුනා....කොටිම්ම මේ විනාඩියට දෙකට මං එයාව දැකපු මුල්ම දවසෙ ඉදන් වෙච්ච කෙරිච්ච දේවල්....මං ආදරෙයි කියපු හැටි....මාව තුරුල් කරගත්තු හැටි.....හරි පරිස්සමට පලවෙනිම හාදුව දුන්න හැටි...අනෙ දෙයියනේ ඒදා මහ රෑ...මං එයාව කවදාවත් දාලා යන්නෙ නෑ කියලා දිවුරලා පොරොන්දු උන හැටි චිත්‍රපටියක් වගේ එළ දිගට ඇදෙනකොට මං සුදු ඇදුම පිටිම්ම බිත්තියට පිට දීලා ඉදගන මගෙ ඔලුව බිත්තියට හේත්තු කරගත්තා .....

නිර්වාන් ....අනේ..මගෙ...නිර්වාන් ...

උනුසුම්ම උනුසුම් කදුලු වැල් නිමක් නැතිවම කඩා වැටුනා..මගෙ කුලුදුල්ම ආදරෙත්...මගෙ කුලුදුල්ම හාදුවත්ඒ හැමදේම නිර්වාන් වෙනකොට මට ලොකු නැන්දා එක්ක නෙවෙ....තරහව ආවෙ නිර්වාන්ගෙ අම්මා එක්ක.....

ලොකු නැන්දා අඩනවා....උඹට ඕනෙ පවුල පිටින් මරාගන්නද අහනකොට මට ඊයෙ රෑ ඒ ගැනි හප්පලා.දාපු ලමයව මතක් උනා...

චූටියා....එයාලා ආවද...කොහෙද ...

සනාශ්ගෙ කට හඩ බිදිලා ගිහින් ...අයාන් සර් චූටි අයියා එක්ක පැත්තක ඉන්නකොට සනාශ් මම එක ළඟ උන්නා.....අපි තුන්දෙනාගෙම ඵෝන් ලොකු නැන්ද ලග තියාගන බලන් ඉන්නකොට මේ මොනවත් නොදන්න නිර්වාන් වගේම ශෙනිරු ගෙට ආවා....

සයා...ශ්....

නිර්වාන් මාව දැක්කා....අඩලා.අඩලා බිම ඉදගන උන්න මාව දැක්කා විතරයි කාත් කවුරුත් ගැන හිතන්නෙ නැතුවම මගෙ නිර්වාන් මගෙ ගාවට එන්න හැදුවා විතරයි ලොකු නැන්දා නිර්වාන්ව නැවැත්තුවා ....එක තත්පරෙන් ශෙනිරුගෙ මූන සුදුමැලි වෙලා ගියා ....

ලොකූ චූටි නැගිටපන්...නැගිටලා වරෙන්

ඇයි ඇන්ටි මෙ....

ඔය ළමයා ඇයි කියලා අහන්නෙ මගෙන්ද පුතෙ ...අපි උඹලා දෙන්නාව ළඟ තියන් මුන්ට බැන්නා උඹලා වගේ හැදියල්ලා කියලා එහෙව් විස්වාස කරපු අපේ ඇස්වලට උඹලා වැලි ගහලා නිර්වාන් ...

උඹලගෙ අම්මලා දැනගත්තොත් මොකක්ද වෙන්නෙ නිර්වාන් .....අපිට උඹලා එක්ක හැප්පෙන්න පුලුවන් කමක් නෑ පුතෙ....මුන්ගෙ අම්මා අප්පච්චි හරි අහිංසක මිනිස්සු .....පවුල් පිටින් මරාගන මැරෙන තැනට වැටෙන්නෙ නැතිව...මං මේ උඹලා දෙන්නට හරි ආදරෙන් කියන්නෙ.....උඹලගෙ අම්මලාගෙ කනට යන්ඩ කලින් මම ඇහින් දැකපු දේවල් එක්ක කියන්නෙ.....නිර්වාන් ..මේ සම්බන්දෙ නවත්තපන්...පුතේ ශෙනිරු ....මේ හැම දේම නවත්තපන් ...

අ..නේ....න්..නිරූ...අයි...යේ...

මට ඉකිගැහුනා...අනේ මට නිර්වාන්ව බදාගන්න ඕනා උනා...කිටි කිටියට තුරුල් කරගන්න ඕනා උනා....සනාශ් කට තද කරන් උගෙ හිත ගල් කරගන ඉන්නකොට මගෙ නිර්වාන් හරි වේදනාවෙන් මගෙ දිහා බලන් උන්නා..අනේ මට මේක නවත්තන්න බෑ ...අනේ මට නිර්වාන්ව අතාරින්න බෑ....මගෙ ඇස්වලින් කදුලු කැට කඩාගන වැටෙනකොට නිර්වාන් යටි තොල් තද කරන් මගෙ දිහා බලාගන උන්නා...

මගෙ අම්මගෙ වැරදි වලට....ඇයි...ඇන්ටි....මට රිදවන්නෙ.....මට.....මට ඉන්නෙ මෙච්චරයි .....මං රිදවන්නෙ නෑ ඇන්ටි...මං බලාගන්නම්....මං කවදාවත් සයාශ්ට රිදවන්නෙ නැ....අම්මගෙ වැරදිවලට මගෙන් පලිගන්න එපා ..සයාශ්ගෙ නැන්දෙ...

මම බලාගන උන්නා.....අනේ මගෙ නිර්වාන් ගාව තියන අර හැම හයියම දියවෙලා ගියා...නිර්වාන්ගෙ ඇස් දෙක බලාගන ඉන්නකොට රතු උනා.....

මොන ගින්නකදි උනත් මං දෙයක් දැනගත්තා ....මං එකම එක දෙයක් දැනගත්තා ...යකෙක්ට වගේ තරහා යන නිර්වාන්ගෙ එකම දුර්වල කම වෙන කවුරුත් නෙවෙ මමයි.....නිර්වාන්ගෙ එකම දුර්වල වෙන තැන මම විතරයි කියන දේ මං මේ තත්පර ගාන ඇතුලත තෙරුම් ගත්තා...

ල්..ලොකු නැන්දේ ..එයාව...එයාව තනිකරන්න එපා ලොකු නැන්දේ...නිර්වාන්ට ඉන්නෙ...ඉන්න..අනේ..මං.....

චූටි..මන් දෙයක් කිව්වොත් කිව්වා....මෙතනින් එහා එපා...අදින් පස්සෙ මේ කිසි සම්බන්දයක් නෑ....ඉස්කොලේ යන විදිහට යමල්ලා...මගෙ තීරනේට පිටින් උඹලා දෙන්නගෙන් එකෙක් හරි ගියොත්...හොදට මතක තියාගනින් චූටි.....ලොකූ....උඹල මගෙ වචනෙට පිටින් ගිය දාක මේ ලොකු නැන්දගෙ මලකද මේ ගෙයි සාලෙ මැද තියේවි පුතේ....

ලොකු නැන්දෙ!

මං කෑ ගැහුවා....මගෙ මලකද සාලෙ මැද තියේවි කියනවත් එක්කම මං කෑ ගැහුවා..නිර්වාන්ගෙ ඇස් දෙක ගැස්සුනා....

එහෙනම්...මගෙ ඔලුවට අත තියලා දිවුරපන් .....මේක නවත්තනවා කියලා ...ලොකූ...දිවුරපන්....

මගෙ පපුව නතර වෙන්න ආවා...නෑ අනේ මගෙ පපුව සම්පූරනම නතර උනා...එක තත්පරේකට මං දෙවියන්ගෙන් ඇහුවෙ එක දෙයයි....ඇයි අදදවසට ඉර පෑයුවෙ කියලා විතරයි .....

සනාශ්ගෙ යටි තොල් වෙව්ලනකොට මං බලාගන ශෙනිරු දත්මිටිකාගන දරාගන උන්නා..ඒත්....ඒ දරාගැනීම මගෙ නිර්වාන්ට තිබුන් නැ දෙයියනේ.....ඒ ඇස් කදුලු නැතුවම රතු උනා විතරක් නෙවෙ...අනෙ මගෙ අසරනයා මගෙ අත මිරිකන් මාව අත අරින්න නම් එපා චූටි කිය කිය අත තද කරනකොට අනිත් පැත්තෙන් ලොකු නැන්දා අපෙන් පොරොන්දු ඉල්ලුවා...නිර්වාන්ගෙ ජීවිතේ සම්පූරනම අම්මාගෙ චරිතෙත් එක්ක සම්පූරනම නැත්තටම නැති වෙලා යනහැටි මන් ඇස් පනා පිට බලන් උන්නා..

උදේ තියාපු බුදු පහන ඇවිලෙනවා....පවුල් පිටින් වැලලෙන්න වේවි පුතේ කියපු ලොකු නැන්දා මගෙ මූන දිහා වගේම සයාශ් ගෙ මූන දිහා කදුලු පුරාවන් බලන් ඉන්නකොට ඒ ඇස්වලින් මං නිර්වාන්ගෙ අම්මට තියන බය වගේම මරන බය දැක්කා...

අනෙ බුදුහාමුදුරුවනේ මේ චූටි බැදීම් දෙකක් මැද හරි අසරනයි දෙයියනේ ...

මගෙ....ස්...සයාශ් ...මාව...අතා...රිනවද...රත්තරන් .....නිරූගෙ ....ල්..ළමයා....මාව...අතාරිනවද....චූටි.....ශෙනිරු ...අම්මා....තාත්ත්ගෙ....වැරදි වලට..මාව....තනිකරන්න එපා...කියපන්.....ශෙනිරු......මං..හරි...අසරන ..වෙයි....සයාශ් .....ආ..රව්...සර්..අනේ.මං උඹගෙ මල්ලිට...පන...වගේ...ආදරෙයි....ඌව ගන්ඩ එපා...කියපන්...සර්.....

මට එච්චරයි ඇහුනෙ.....පුපුරපු විසුවියස් කන්දෙන් ගලන ලෝදියටත් වඩා ගිනියම් උන කදුලු බින්දු පෝලිමක් එක දිගට කඩාගන වැටෙනකොට අහසක් තරම් ආදරෙ දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච සයාශ් උන මම...වචනයේ පරිසාමාප්තියෙම්ම නපුරු උනත් පැලෙන්න ආදරයක් දුන්න මගෙ නිර්වාන්ගෙ හදවත හත් කඩකට පලල දැම්මා.....අරව් සර්....මං උඹගෙ මල්ලිට පන වගේ ආදරෙයි කියලා කියපු ඒ හදවත නහරවැල් පිටිම්ම මං ගලවලා අතට ගත්තා ....

මං මගෙ නිර්වාන්ව බුදු පහන ගාව අසරන කෙරුවා ....

ඒ උරහිසට දුන්න වගකීම මම ආපහු ඇදලා ගත්තා ....

නිර්වාන් ...චූචියා ආදරෙයිනෙ නිරූ.....

මගෙ නිරු අයියේ චූචියා...මේ මෙතන ඉන්න්න් නිරූගෙ චූචියා ගගා හුරතල් උන මම අවසානෙදි නිර්වාන්ව මහපොලවට ඇදලා දැම්මා...සනාශ් වචන නැතිවම ගොලු වෙලා යනකොට මම ගෙවිල ගියපු මහ රෑට වෛර කෙරුවා ...

චූටි.....හිතේ තරහවක් තියාගන යන්න එපා කියලා මාව පපුවට තුරුල් කරන් වෙනදටත් වඩා ආදරෙන් හාදුවක් තියාපු ඒ මහ රෑට මං වෛර කෙරුවා .....

ම්...මං.....මේක.....

අනේ මට හයිය නෑ...ආදරෙයි කියාපු කටිම්ම මං කොහොමද මේක නවත්තනවා කියන්නෙ

අනෙ ලොකු නැන්දේ...මං ආපහු....ගමට යන්නම්....මේ ඉස්කෝලෙනුත් යන්නම්....මට..මට..නිර්වාන්ව...

උඹට පුලුවන් පුතේ....එහෙනම්.....නැන්දව එක්ක..මුලු පවිලකම මිනිවලට කරගහන්න හිත හයිය කරගනින්.....උඹ එක්ක....තරහන් නෑ නිර්වාන් පුතේ...ඒත්...මට මගෙ කොල්ලො දෙන්නව ජීවත් කරගන්න මුන් දෙන්නව අතෑරපන් නිර්වාන් ....

නිර්වාන්ව වෙව්ල්නවා....ඒ ඇස්වලින් කදුලු කැට කඩන් වැටෙනවා....පපුව පාරවගන එන ඉකියත් එක්ක පොරොන්දු ඉල්ලන ලොකු නැන්දට මං අවසානෙදි කවදාවත් දාල යන්නෙ නෑ කියලා පොරොන්දු උන ආදරේකෙ මුද්‍රාව කඩලා දැම්මා...ඒ එක්කම ඒ මොහොතෙම සයාශ් කියන ආදරනීය චරිතෙත් ඒ තත්පරේදි මැරිලා ගියා....

මන්.....පොරොන්දු වෙනවා....අපි මේක...නවත්තමු නි...ර්වා.....න්....

😥ජොබීත

ආයම එන්නම්...පයිස්සමින් ඉන්න...

ආතරෙයි හුගක්

Nedeesha

More Chapters