මං හිනා උනා...අනේ දෙයියනෙ.....මගෙ මූනට කලකිරීම කියන දේ එකම බින්දුවක් වත් නැති සැනසීම පිරුන හිනාවක් ආවා....
ඔයා අහලා තියනවද ....සැනසීමයි සතුටයි හිතේ උතුරනකොට මිනිස්සු කියනවා මට නිකන් නත්තල් වගේ...මට නිකන් අවුරුදු වගේ කියලා....
ඇත්ත....අවුරුදු කාර්තු පහු වෙලා.....නත්තල් කාර්තුවට තව දින තියනවා...ඒ උනාට මගෙ හිතට.....නත්තල් අවුරුදු දෙකම ලැබුවා.....එරබදු වල සුවද...නත්තල් හිම තුහින වල හීතල...කාර්තු දෙකකදි දැනෙන උපරිම සුන්දරත්වෙ මගෙ හිත පුරවගත්තා...
මං ඒ දුරුතු හදෙන් දැක්කෙ හරි අඩයි.....අඩ සඳක්....ඒත් ....එ ඇති.....ඒ අඩම ඇති මට සැනසීමෙන් හුස්ම ගන්න....ඒ අඩම ඇති මට ඉස්සරහට එන වේදනාත්මක කාර්තුව අරටුව හයිය ගහක් වගේ දරාගන්න...මොන කාස්ටකේ උනත්...පතොක් ගහක් වගේ නොමැරි ඉන්න.....
මං අම්මා දිහා බැලුවා....අම්මට බුදු බව ඉල්ලුවා.....කැලේ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති කියලා ලිය උන කාල සීමා අහවර වෙලා.....තව දුරටත් කැලේ ඇතුලෙ පන අදින මල් වලට තනිපංගලමෙ අහේතුකවම මැරිලා යන්න ඉඩක් නොතියන්න එයාගෙ අනූ උන.....එයාගෙ සුදු මල්ලි උන....මම මටම පොරොන්දු දෙන ගමන් ඇස් අගිස්සෙන් වැටුන කදුලු බින්දුව මහපොලවෙ අතුරුදහන් වෙන හැටි බලන් ඉදල හිත පිරෙන්න හුස්මක් අරන් ආපිට ගෙට එන්න හැරුනා.....
ඒත්....
ඒත් මට ඊලග අඩිය ඉස්සරහට තියන්න බැරි උනා....
කදුලු පිරුන ඇස් දෙකක්...
අඩ අන්දකාරෙ ඉදන් කදුලු පිරුන ඇස් දෙකක් මගෙ දිහාම බලන් ඉන්න හැටි දැකලා මට එන්න බැරි උනා
වස්තු....මගෙ නිම්න...ඇයි මේ...
අඩියට දෙකට....සමහර විට එක අඩියට වෙන්නත් පුලුවන් ....මං නිම්න ගාවට දිව්වා....ඔක්කොමත් ඉවසුව හැකි...මේ ඇස් තෙමෙන එක තරම් වේදනාවක් මට තවත් නැති තරම්....

නිම්න...ඇයි මයෙ අම්මෙ මේ...
මං හිතන්නෙ සතුට ඉහවහ ගිහින් උන්න මගෙ ආදරේ ගම්නියන් ගම් යටකරන් වාන් දැම්මා...මං කවදාවත් ...කොතනකවත් එයාට කතා නොකරපු වචනෙකින් කතා කෙරුවා....මයෙ අම්මෙ.....මන්දා...මට හිතුනා ඒ වචනෙ ලදබොලදයි කියනවට වඩා අම්මට සිරි වෙන්නම ප්‍රේමනීයයි කියලා...ඒක නිකන් හරි උනුහුම්...පපු මැද්දෑවෙම්ම එන ආදරෙ කවාපු වචනයක් වගෙ....
න්..නෑ....අනූ
නෑ...කියන්නෙ....අඩ අඩම උඹ නෑ කියන්නෙ ...ඔහොම රවට්ටන්න එපා බන් රත්තරන් ...උඹගෙ අනූ ඉන්නෙ හරි සතුටින් වස්තුවෙ...උඹට පේනවද....මැනිකෙ මං උඹව දැක්කා මගෙ නිම්න...රත්තරන් ....උඹ දන්නවද....මං උඹව දැක්කා...මං මෙහෙම සතුටින් ඉන්න වෙලාවක මේ ඇස් අඩනකොට මගෙ සතුට බොල් වෙලා යාවි මගෙ නිම්න....
මං ආයම ඇහුවා....මට නිකන් පිස්සු පිස්සු වගේ.....සෝමාලියාවට පාන් වගේ කියන වචනෙට මට මේතාක් කාලෙකට හිනහා ගියා උනත්..ඒ වචනෙ අස්සෙ තියන මිනිස්සු නොදකින සංවේදි ගැඹුර මෙ තත්පර ගාන ඇතුලත මට දැනෙන්න ගත්තා...ඇත්තටම....මං හැසිරුනේ පාන් කෑල්ලක් හම්බ උන සෝමාලියානුවෙක් වගේ.....මන්දා...මිනිස්සු ආදරේ හන්දා පිස්සු වැටෙනවා කියන එක මේ කන් වලට අනන්තවත් අහලා තිබුනා....බාගෙට පිස්සු වැටිලා තිබුනා...ඒත්...ආදරේ හන්දා අදතරම් මං කවදාවත් පිස්සු වැටුන් නෑ....
මගෙ නිම්න අඩනවා....ඒ අස්සෙන් ලාවට ලාවට හිනා වෙනවා.....
නිම්න...උඹ අඩනවද....හිනාවෙනවද කියපන්කො.....
සතුටු කදුලු ....මේ ගලන්නෙ සතුටු කදුලු මගෙ මයුර....
සතුටු කදුලු....
හ්ම්...මේ ගලන්නෙ සතුටු කදුලු ....
ඒ කියන්නෙ...වස්තු උඹත් ඒක දැක්කා....උඹත් මම දැකපු දේම..දැක්කා...එහෙම නේ?
නෑ...
එහෙනම්....
එයා කියනවා එයාගෙ ඇස් වලින් ගලන්නෙ සතුටු කදුලු ලු...මන් එයාගෙන් අහනවා...පන්න පන්න අහනවා....මම දැකපු දේම උඹත් දැක්ක නේද වස්තු කියලා..ඒත් එයාගෙ උත්තරේ නෑ.....එයා කියන්නෙ නෑ කියලා....එහෙනම්...එහෙනම් වස්තු....උඹගෙ සතුටු කදුලුවලට හේතුව මොකක්ද මගෙ නිම්න....නැත්තන් උඹ මාව රිදවන්න බැරි කමට බොරු ගොතනවද?
නිම්න....මේ රැය ගෙවිලා හෙට පායන ඉර ගේන්නෙම...කාට නැතත් මට හරි ලස්සන දවසක්.....මෙච්චර කල් ලුනු රහ කදුලු බීලා බීලම පිත පැලුන මගෙ ඇස් වල කදුලු වලට උඹගෙම තවත් රූපයක් බැමි බැදලා යනකොට...උඹ ඇස්වල කදුලු පුරන් ඉන්නෙ ඇයි කියලා කියපන්කො.....
උඹගෙ සතුට දැකලා....මං කවදාවත් දැනන් උන්නෙ නෑ.....මගෙ සුදු මල්ලිට මෙච්චර ලස්සන හිනාවක් ඇති කියලා...
මං කවදාවත් දැනන් උන්නෙ නෑ...මයුර කියන මගෙ පලවෙනිම ආදරේ මේ තරම් ආදරනීය ඇති කියලා...උඹ හරි අහිංසක වගේම හිත හයිය ආදරේ පිරුන ආදරවන්තයෙක් මගෙ මයුර.....
මං වාසනාවන්තයි ....අකලෙට මැරුනත් මොකෝ....මන් හරි වාසනාවන්තයි....සුදු මල්ලිට මතකද.....උඹම කිව්වා...උඹ කරන්නෙ මල් එකතු කරන් පරිස්සම් කරන එක කියලා.....
නිම්න....
දන්නවද....මේ අත් අස්සෙ පරිස්සම් වෙන්නත් පින තියෙන්න ඕන..මගෙ මයුර....උඹ අහනවා...උඹ දැකපු දේම මම දැක්කද කියලා.....දන්නවද මගෙ සුදු මල්ලි...උඹව ලැබුන දා ඉදම්ම...මට කවදාවත්ම ඕන උනේනෑ.වෙන් වෙන්න....මහ රෑට උඹ තට්ට තනියම හූල්ලනකොට මටම හිතෙනවා උඹගෙන් මම සාධාරනයක් ඉල්ලුවෙ මහ මෝඩකමකට කියලා....
උඹගෙ ඇස් වලින් සාගරයක් තරමට කදුලු කැට වැටි වැටි කොට්ටෙ අස්සෙ හැංගෙනවා දැක දැක මම උන්නෙත් ගිනි කබලක් උඩ මගෙ මයුර.....උඹ හූල්ලනකොට මැරුන මාව ආයම මැරෙනවා මයුර....උඹ තට්ට තනියෙන් හැංගි හැංගි අඩනකොට ...රත්තරනේ...අනේ එපා අඩන්න කියලා මට උඹව බදාගන කෑ ගහන්න හිතෙනවා.මයුර...ඒත්...ඉකියක් උනත් හිරකරගත්තොතින් පිට උගුරෙ ගිහින් මැරිලා යාවි කියන බයට උඹ හොර හොරාවට අඩන හැම තැනම..උඹට නොදැනෙන්න මං උඹ ළඟ උන්න මගෙ මයුර...
සුදු මල්ලි...මං ජීවිතේ කොතනකවත්.....උඹගෙන් වෙන්වීමක් ප්‍රාර්තනා කරන්නෙම නෑ වස්තුව...ඒත්....සමහර වෙන් වීම් තියනවා...කතාව පටන් ගන්නෙම වෙන්වීමකින් වෙන...
රත්තරන් ..මයුරනිම්න කියන්නෙ කතාවක් නෙවෙයි...පෙරවදනක් විතරයි....මයුරනිම්න කියන්නෙ.....ෆිල්ම් එකක් නෙවෙයි.....ටේලර් එකක් විතරයි....
රත්තරන් ...උඹ මාව දැක්කා කියන්නෙම.....අලුත් කතාව පටන් ගන්න කාලෙ හරි කියන එක වගේම...මේ ඇස්වල කදුලු නවතින්න කාලෙ හරි කියන එක....
ඉතින්.....මං වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරපු....මෙච්චර දුක් උහුලපු.....ඇස් ගෙඩි පුපුරනකම්ම අඩාපු ඔය ඇස් හිනාවෙනකොට.....මට සතුටට ඇඩෙන එක පුදුමයක්ද මගෙ මයුර....ඇයි ඉතින් මේ මගෙන් වැටෙන එක කදුලු කැටේකට ඔය තරම් බය වෙලා....මගෙ පිස්සු කොල්ලා...උඹ තමයි වස්තු මට ලැබුන හොදම හමුවීම...උඹට හැමදාම කිරි උතුරන්න ඕන මයුර....උඹගෙ මේ රත්තරන් අත් වලට උතුරන්න හරියන්න ඕන මගෙ මයුර....
උඹට උඩ ඉන්න කෝට් තිස්තුනම ආශිර්වාද කරන්න ඕන....
සුදු මල්ලි....මට හරි මහන්සී.....ඒත්...මට මේවා උඹට කියන්නම ඕන.....,සීනි නැති කෝපි එකක් ඉල්ලලා...හත්පාට ආදරේක ඇති වැරද්ද මොකක්ද ඇහුවදා නෝක්කාඩු කතා කියපු උඹ...පපුව පලාගන ආදරේ කරන තරම දකිනකොට මටම ලෝබයි මයුර...
මොකද...මයුරගෙ ආදරේ අයිතිකාරයා මේ මලගිය ඇත්තා හන්දා.....
මයුර....,මගෙ පන....දන්නවද.....
උඹ තමයි මට මගෙ දෛවය මුන ගස්සවපු රහම හමු වීම....!
මිනිස්සු හරි රහයි....ඒ උන් ප්‍රේමනීය උනහම...ඇබිත්තක් විතර පිස්සු නටපුවාම.....ආදරේ ගාවදි කාලිට අන්ත වෙනකොට... උඹ ගාව ඒ හැම දේම අඩුවක් නැතුවම තියනවා.....ඇත්තටම උඹ හරි රහ මනුස්සයෙක් මගෙ සුදු මල්ලි...මතකද උඹ මගෙ අතට පුංචි මුදුවක් දාලා.....මාව උඹගෙම කරගත්තු ඒ ඉර බැහැපු හැන්දෑව.....
සරලයි.....ඒත් උඹ ආදරෙ ගාවදි හරි රෝමාන්තිකයි මයුර...
වස්තුව....දැන් ඉතින් හිමීට හුස්ම ගනින්...උඹගෙ නිම්නගෙ ඇස් වලට එක තත්පරේකට අඩන්න ඕන උනා...ඒ දුකට වේදනාවට නෙවෙ....අර මං කියාපු ප්‍රතම වසන්තෙ සුවද නාස්පුඩු අගට දැනුන සතුටට.....
මේ...ප්‍රතම වසන්තයයි.....
දිවි අරණේ...මධු මල් පිපෙනා.....
උඹගෙ සතුටටයි මේ ඇස් ඇඩුවෙ.....උඹගෙ සතුටම ප්‍රාර්තනා කරන මට...ඇබිත්තක් විතර ඇඩුනා වස්තුව.....
මන්දා...මං උන්නෙ ගොලුවෙලා....නිම්න කියන මගෙ ප්‍රේමවන්තයා මාව නොදරුවෙක් ගානට නලවනවා මදිවට සින්දුවකුත් මිමිනුවා....
මේ පලවෙනි පාර.....මගෙ නිම්නගෙ කටහඩින් මම සින්දුවක් අහපු පලවෙනි පාර...එයාට සින්දු කියන්න පුලුවන්...
අවංකවම එයාට හරි ලස්සනට සින්දු කියන්න පුලුවන් ...කිව්වට විස්වාස කරන්න ..එයාගෙ සින්දුවට පන තිබ්බා....කිව්වෙ වචන දෙක උනත්....එයාගෙ වසන්තෙ හුස්ම ගත්තා...ජීවිතේ පලවෙනි පාරට මට නිම්න ගාවට තුරුල් වෙන්න හිතුනා.....මෙච්චර කල් මේ අත්වලින් එයාව පරිස්සම් කරපු මට....ඒ අත්වලට තුරුල් වෙන්න ඕනයි කියලා හිතුනා....
අනේ නිම්න මං උඹට ඇබ්බැහි වෙලා වස්තු....මගෙ පරිනත ප්‍රේමවන්තයගෙ ඒ මූන...ඒ ඇස් දිහා බලන් ඉන්න මගෙ හිත හරි හරියට මුමුනවා....
වස්තු.....
සීතලයි...අපි ඇතුලට යමුද....අනික...ඇයි මේ ඇහැරගන....ඔයාමනේද මාව නිදි කරවන්න හැදුවෙ....
ඔව්...ඒත් මට.....
මොකද.....ඒත් මේත් ගාන්නෙ.....
මට....ඔයාවම මතක් උනා....ඔයා කිව්වා....ඔයා කවදාවත් නුවර ගිහින් නෑ කියලා...රොබරෝසියා පිපෙන කාලෙ දැකල නෑ කිව්වා..ඇසලෙකට ගිහින් නැ කිව්වා....ඒත්...දැන් උඹට ඒ දලදාව වදින්නත් පින් මදියි කියනකොට...මට උඹවම මතක් උනා මගෙ නිම්න....
ඉතින්....මගෙ අනූ කියන්නෙ....මේ අත් දෙකෙට මාවයි...මාවයි..දෙන්නවම පරිස්සමින් එක්ක යන්න පුලුවන් කියලද.....ඒක ඔයාට බර නැද්ද.....
..සීතලයි කිව්වට මොකද...ඇතුලට යන් කියලත් අපි දෙන්නම තවම මෙතන.....ආදරෙ කරන මිනිස්සුන්ගෙ සුන්දරම හෝරාව හද එලිය වැටුන රැයක් හන්දදො....ඒ මැදට තුන් වෙනියෙක් වෙන්න බැරි කමට සුචිත්‍රම්මා ආපිට ගිහින් තියනකොට ගැටපිච්ච සමන්පිච්ච මල් සුවද මැද මං එයාට හුස්මක දුරින් අඹ ගහ යට හිටන් උන්නා....
.ඉදහිටක එන හුලන් රැල්ල අඹ අතු එහා මෙහා කරන් යනකොට පිපිලා තිඹුන පුංචි පුංචි අඹමල් ඔහේ හැලිලා ගියා මදිවට අපිය සුවද දෙන පිච්චමල් වලටත් නටුව අතෑරුනා....
එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.....මගෙ අත් දෙකට එයාලා දෙන්නවම බර නැද්ද ඇහුවා මං ලාවට හිනා උනා....
දරාගන්න බැරිම දේවලුත් දරාගන්න මට...උඹවයි...උඹවයි මේ අත්වලට බරක් නෑ මගෙ නිම්න....මට පුලුවන් .....මට උඹලව පරිස්සමින් එක්ක ගිහින් පරිස්සමින් එක්ක එන්න පුලුවන් ...
මේ ආත්මෙට විතරක් ඔහොම විදවපන් සුදු මල්ලි....ඊලග පාරදි....මමයි උඹව බලාගන්නෙ.....
වස්....තු.....
ඇයි....අමතක උනාද....මං උඹට වඩා වැඩිමල්...එක දවසකට හරි මට ඕන උඹගෙ බර මගෙ කරට ගන්න.....සුදු මල්ලි.....අද උඹට කලින් මට ඉස්සර වෙන්න පුලුවන්ද .....
මොනවටද ....?
හාදුවක් තියන්න.....හැමදාමත් මාවම සනසවන උඹට ,අද මං මුලින්ම හාදුවක් තියන්නද.....?
මම නෙවෙ උත්තර දුන්නෙ.....අනූ මේ ඉන්නෙ චූචි බුංජියනෙ කියන මගෙ හුරතල් නිම්නට හාත්පසින්ම්ම වෙනස් නිම්න කෙනෙක් මගෙ ඉස්සරහා ඉදන් අලුත් වසන්තෙ ගැන තව තවත් බලාපොරොත්තු පොදි ගස්සවනකොට මං දෙන්න උත්තර නැතිව ගල් වෙලා වගෙ බලාගන ඉන්නකොට උත්තර නැති කමත් උත්තරයක් විදිහට බාර ගත්තු මගෙ නිම්න ඒ හද එලිය යට...ඒ මල් සුවද මැද...ඇග හිරිවට්ටන ඒ හීන් සීත මැද මට හාදුවක් තිබ්බා
ආදරේ උතුරන හාදුවක් ....!!!
සුරක්ශාව උතුරන නලල් හාදුවක් !!
සෘංගාරෙට ආරාධනා කරන ගෙල හාදුවක් !!


මේ වේදනාවත් ආදරෙත් විරහවත් මුහු උන අමාරුම කාර්තුවෙ පලවෙනිම වතාවට මං මගෙ අහිංසක මලගිය ඇත්තගෙ පරිනත ප්‍රෙමයෙ හෙවනැලි දැක්කා.....
නිම්න....ආදරෙ පරිසමාප්තියක්!...මට බැරි උනා...මීටත් එහා නම් මට බැරි උනා...සීමාවක් නැතුවම ඇබ්බැහිවීමක ගිලිලා උන්න මට එයාට තුරුල් නොවීම බැරි උනා....අර කතාවක් තියනවා සවන්දෙන්නාටත් සවන්දෙන්නෙක් සිටිය යුතුයි කියලා ඒවගේම ...මයුර උන මම කියනවා දරාගන්නාටත් දරාගන්නෙක් සිටියුතුමයි කියලා ....
මං මගෙ අතුත් ගුලිකරන් නිම්නට තුරුල් උනා....එ පපුව මැදට මගෙ මූන ඔබාගත්තා ,සැනසීමයි....නිවීමයි.... උපරිමයි.....
සුදු මල්ලිට මන් හන්දා තෙහෙට්ටුයි....
.
එයා මාව එ අත්වලින් තුරුලු කරගන්න ගමන් ආයම මගෙ හිස්මුදුනට හාදුවක් තියනකොට මං මගෙ මූන උස්සලා නිම්න දිහා බැලුවා ....
උඹ ගාවදි මට හරි සැනසීමයි වස්තු....උඹ හරි ආදරනීයයි....මන්දා...ඇයිද කියන්න...ඇයි මෙච්චර දවසකට මට ඒක දැනුනෙ නැත්තෙ කියන්න...උඹ ගාව මට හරි උනුහුමයි.....උඹ හරි ප්‍රේමනීය මනුස්සයෙක් මගෙ නිම්න....
මං මිමිනුවා....එයාට තුරුල් වෙලා ඉදන් මං මුමුනකොට මගෙ නිම්න මගෙ දිහා බලන් හිනා නොවී හිනා වෙන ගමන් ආයම කම්මුලට හාදුවක් තියලා රහසක් කියන්න වගේ මගෙ කන ගාවට පහත් උනා....
අමතක කරන්න එපා...අර පොත් අස්සෙ ඉන්න හුස්ම ගන්න හැම පිරිමි පරානයක්ම මැව්ව එකම ප්‍රේමවන්තයා මම කියන්න....ඉතින් එහෙම මිනිස්සු පොත් පිටු අස්සෙ විතරක් නෙවෙ...මේ යතාර්තෙත් ජීවත් වෙනවා මගෙ මයුර.....!!ඉතින්....උඹම හිතපන්...පෑනකින් මවාපු ඒ පිරිමි ආත්ම මෙච්චරම ප්‍රේමනිය නම්....උඹගෙ නිම්න කියන මම මොනතරම් ප්‍රේමනීය ඇතිද...
මගෙ....වස්තුව....
සුදු මල්ලි වාසනාවන්තයි.....ඒවගෙම....සුදු මල්ලිගෙ වස්තුව උන මමත් වාසනාවතයි....මගෙ ජීවිතේ මම දැකපු ප්‍රේමනීයම ආදර කථාව.....මයුරනිම්න...අපිට සුභ වෙන්නම ඕන!!!
මයුර...කල්පනයා තවම නෑනෙ....මොකක් හරි අවුලක්ද දන්නෙ නෑ...මං දැන් දෙපාරක්ම උදාරයට ගත්තා.....නෝ ආන්ස්වර් .....
වෙලාව හරියටම හයට කාලයි...තව විනාඩි දහයයි ට්‍රේන් එකට ....මම උන්නෙ පාර දිහාව බලාගන...රවිදුවා සැරින් සැරේම ඇවිදින් ටිකට් දෙන්න ගියපු කලපනයි උදාරයි නෑ කියනකොට මගෙ ඇස් දිව්වෙම හරිහැටි එලියවත් නොවැටුන ගෙන්දගම් පොලවෙ එහා මෙහා දුවන වාහන අස්සට.....
කෝ දෙයියනෙ මගෙ නිම්න...
එක පැත්තකින් ලොකු නිම්න...එයා බර කල්පනාවක.....
කොටුව දුම්රිය ස්ථානය කියලා ගහපු කලු අකිරු දිහා සිය වතාවකට වඩා බලපු මම දහ වතාවක් විතර එතන තිබුන බෝ ගහගාවට දිව්වා ...නයිට් කඩ අස්සෙ බැලුවා...ඊටත්....මම මගෙ පොඩි නිම්නව දකින්නෙත් කාලෙකට පස්සෙ වෙනකොට එයාට මාව අදුනගන්න බැරි වෙයිද කියලා මගෙ තුන් හිතම බය වෙලා තිබුනා...
නිම්න...ඔයා ඉන්නවද නිම්න....
මයුරයා.....
පොඩි එකා නෑනෙ....කල්පනයා පොඩි නිම්න තවම නෑනෙ...
එයි එයි බන්...එයි උඹ ඔහොම කලබල උනාට කොල්ලා එන්න ඕනෙ හොරෙන්නෙ.....
ඇත්ත....මං කලබල උනාට වැඩක් නෑ.....එයා එන්න ඕනෙ හොරෙන්...මං කල්පන දිහාව බැලුවා ඔක්කොටම.වඩා උගෙ මුන මේ උදේ පාන්දර උනත් ඒ මූන හෙම්බත් වෙලා තිබුනා.....
ඇයි.....
ඇයි අහන්නෙ...මටයි සෙනේටයි තව ටිකෙන් දලදාව වැදිලි කෙසේ වෙතත් හිරේ විලංගුවෙ වැටෙන්න වෙනවා
ඒ මොකද....මොකො අපි ටිකට් නැතුව යන්න ගියාද....??
ගොනො.....බලපිය මේ ටිකට් මේ කාලෙට එන ඒවද....මේවා දෙසාස් විසි ගනන් වල.....දෙදාස් විසි ගනන් එන්න තව අවුරුදු කීයක් තියනවද.....උන් අපි දෙන්නව තියන් ප්‍රශ්න කෙරුවෙ එල් ටීටීඊයෙ කොටි දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ ..යකො කරුනා අම්මාන්ගෙන් වත් මෙහෙම ප්‍රශ්න කරන්න නැතුව ඇති...
ඇත්ත...මට අමතක උනා....අපි හැමෝටම කෙසේ වෙතත් නිම්නගෙ සිහියෙන් උන්න මට ඒ ගැන නිනව්ව්ක්ම නැති උනා....දෙයියනේ අපි ඉන්නෙ අවුරුදු ගානක් ආපිට පස්සෙන්නෙ....ඉතින් මේ ටිකට් දැක්කම අපේ උන්ට මෙහෙම නොවී තියේවිද....
දැන් හරිද.....
ඔව්...යන්තන් කියලා කියලා ගැටයක් ගහගත්තා..මෙතන ටිකට් වල සල්ලි එකතු කරපුවාම හත්මුතු පරම්පරාවම පලවෙනි පන්තියෙ අරන් යන්න පුලුවන් ...එක අතකට සෙනේ කිව්වා වගේ..අපි අපිට නොයා මෙහෙම ඉමුද මයුරයා බලපන්...ළූණුත් ලාබයි...පානුත් ලාබයි.....යකො ඔක්කොම ලාබයිනෙ....
මං හිනා උනා...ඇත්ත...පුලුවන් කමක් තිබුනා නම්....ආපිට නොයා ඉන්න තරමට වර්තමානෙට සාපේක්ශව අතීත කාල සුන්දර සිරිබරිනි ඇත්තටම සුන්දරයි හිතුනා...
ට්‍රේන් එක කීයටද....
හයයි පහට...තව විනාඩි ගානක් තියනවා.....
ඒ ප්‍රශ්නෙත් හරි.....ට්‍රේන් එකට තව වෙලා තියනවා...ඒත්...මගෙ නිම්න.....
මං එහෙම්ම බෙල්ල හරවල ලොකු නිම්න දිහාව බැලුවා....එයා ඉන්නෙ වෙන ලෝකෙක.....අර පේමන්ට් එක දිගේ එහාටත් යනවා මෙහාටත් යනවා....එයාබය වෙලාද....මට එයාවයි එයාවයි දෙන්නවම එක පාර බලාගන්න අමාරුවෙයි කියලා...
ඒත්....තවමත් එයා නෑ බන්....එන්නෙ නැතිවෙයිද.....
ඒත් සුචිත්‍රම්මා කිව්වනෙ අදාල වෙලාව එනකොට එයා ඉදී කියලා....චූචි බුංජියා නෑවිදින් නම් ඉන්නෙ නෑ...වෙලහට ඕකව මොකෙක් හරි රවට්ටන්ද දන්නෙත් නෑ....එක්කො අර සෙල්ලම්බඩු කඩ ගාව නැවතිලාද.....යෝහ්.....ඒ දොන්තයව ටොපියක් දීලත් රවට්ටන්න පුලුවන්නෙ...
කල්පනයා කියවනවා.....ඒත් මට උගෙ කතා අහන්නවත් හිතක් නෑ...මං මගෙ ලොකු නිම්න දිහා බලන් ඉදලා ආයම අනිත් අතට අවා.....තව විනාඩි ගානයි...මගෙන් හරියටම අඩි දහයක් දොලහක දුරින් ඉන්න ලොකු නිම්න බර කල්පනාවක ඉදන් අහස දිහා බලන් ඉන්නවා.....
වහින්න වගේ.....
එයා වගේම මාත් අහස දිහාව බැලුවා.....මීට ටික වෙලාවකට කලින් පේන නොපෙනන ගානට වැටුන අර ඉර රේන්ද හැංගිලා....
ගෙන්දම් පොලට අන්දකාරෙ වැටිලා....
මයුරයා...වහින්න වගේ...හැබැයි දැන් නම් මටත් බුංජියා එන්නෙ නැද්දො හිතෙනවා....අනික අද වහින දවසකුත් නෙවෙ......පොඩ්ඩක් ඉදපන් මං අපෙ සෙනේට් කියන්නම් ඔහෙන් ටිකක් බලන්න කියලා..කොල්ලා දැනටමත් ඇවිත් කොහෙ හරි මුල්ලක ඉදගනද කියලා.....අප්පටසිරි ...හුලන් යකො....දූවිලි...ආයිශ්....සුදු ඇදුම් දුඹුරු වෙනවා...
මන්දා....මොකද මේ කාලගුණ විපර්‍යාසෙ කියලා.....මේ හැම දේම හොදට තිබුනනෙ ....
කල්පනයා මුලු මුනම අත් දෙකෙන් වහගන දූවිල්ලට සාප කරනකොට මං බලාගන රවිදුවා ජනා වගෙම උදාරයත් මූනවල් වහගන මං දිහාවට එනවත් එක්කම වැස්සක සේයාවක් නොතිතිබුන අහස එක පාරම මුලු පලාතම දෙදරවන් යන්න හෙනයක් පිපිරුවා.... බය උන පාරට මං නිම්නට කෑ ගැහුවා
නිම්න...!
මං කෑ ගැහුවා...ඒත්.....මගෙ කටහඩවත් නෑහුන ගානට නිම්න ඉන්නවා...නිකන් නෙවෙ...මේ වෙන කිසිම දෙයක් ගැන නිනව්වක් නැතුවම මගෙ නිම්න අහස දිහා බලාගන ඉන්නවා....
ම්...මයුරයා.....
වහිනවා.....අහස් ආගාදෙ මුරන්ඩු කම් කරන්න ගත්තා...මෙච්චර පින්සාර ගමනක් යන්න තියනකොට සුදු ඇදුම් දුඹුරු කරවන්න හිතාගනද කොහෙදෝ නිල් අහස් තලෙ කට්ට කලු වෙලා අඩන්න ගත්තා...මගෙ අතේ තිබුන හදුන් කූරු පෙට්ටිය වැහි කදුලු වලට හේදි හේදි යනකොට මං ඒක මුරන්ඩු වැහි කදුලින් මුවා කරන්න හදනකොට මේ වැස්සෙ උනත් කල්පනයා කෑ ගැහුවා...
මමයුරයා...එයා එනවා...අපේ...බුංජියා...එනවා...මයුරයා...
කල්පනයා ගිරිය පුප්පවන් කෑ ගහනවා...අත වන වන මොන මොනවදෝ පෙන්නනවා...ඒත් මං උන්නෙ උන් හැමෝගෙම්ම ඈත වෙනකොට අමිරිතා කියලා ගහපු හදුන් කූරු පෙට්ටිය උඩට වැහි තුවානම තවත් ගහනකොට එක පාරම අත් හතරක්....
මං කියන්නෙ මගෙ අත් වලට අමතරව තවත්...දිගැටි ඇගිලි තියන ඇත්දල පාට අත් හතරක් ඇවිදින් අර හදුන් කූරු එතනින් එහා තෙමෙන්න නොදි වහන් කරගන්නවා එක්කම හිතුමනාපෙට වහින්න ගත්තු කලු අහස ආයමත් බීරමක් තැලුවා....
අනූ....
අනූ....
කිව්වට විස්වාස කරන්න...මගෙ සර්වාංගෙම වෙව්ලලා ගියා.....මගෙ කනුත් එක්කම අගුල් වැටිලා මගෙ අත්වල තිබුන හැම රෝමකූපයක්ම හිටගත්තා.....
මගෙ කන් පෙති පවා රත් වෙලා ගියා....මගෙ කම්මුල්...මේහැම දේම ගිනිගත්තා හා සමානවම රත්වෙලා යනකොට මම වෙන කොහෙවත් නොබලා..මගෙ වම් අතත්...දකුනු අතත් වහන් ඉන්න ඒ අත් හතර දිහාව බැලුවා....වැහිබින්දු මහපොලවට ඉවරයක් නැතුවම කඩා වැටෙනවා... තියන ගස් කොලන් විතරක් නෙවෙ...කඩවල් වල අටවලා තියන තහඩු පවා සට සට ගාන සද්දෙන් ගැස්සෙනකොට මට ඒමූනවල් දිහා බලන්න එක මොහොතකට බය හිතුනා....
ජීවත් වෙන අතීත ප්‍රේමයත්.....
මලාවු වර්තමාන ප්‍රේමයත් අතරට මැදිඋන මම නිම්නෙකට නිම්නයක් මූනට මූන මුනගැහෙන හැටි හරි අමාරුවෙන් මගෙ ඇස් උස්සලා බලනකොට ...අහිංසක හිනාවක් එක්ක...පරිනත හිනාවක් මගෙ හදවත දෙකට බෙදාගත්තා...
නිම්න.....සහ....නිම්න...!
කඩාවැටුන දුරුතු සදක් මැද මයුරට හුනුවටේ කතාව ආපහු යතාර්තයක් කරන්න සිද්ද වෙනකොට ඒ දෙන්නම මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා....
වස්තු...
දන්නෙ නෑ...මං කවුරු දිහාව බලන්නද...කාට වස්තුව කියන්නද කියලා...ඒත් එකම වෙලාවෙ මම ඒ දෙන්නටම වස්තු කියනකොට ඒ දෙන්නා.....
නිම්නත්.....නිම්නත්.....
මගෙ හුරතල් ප්‍රේමවන්තයත්.....මගෙ පරිනත ප්‍රේමවන්තයත්...එක තත්පරේකට මාව නිදහස් කරලා....ඒ ඒ මූනවල් දිහා බලාගන උන්නා....
පිපෙන්න බලන් ඉන්න මලකට...පරවුන මලක් මුනට මූන මුනගැහෙනකොට
තව අවුරුදුගානකින් ඇස් පියාගන්න බලන් ඉන්න ළාබාල ප්‍රේමවන්තයා...දැනටමත් මලවුන් එක්ක අවුරුදු සමරන මගෙ පරිනත ප්‍රේමවන්තයා එක්ක හිනා උනා.....!!!
හුණු වටේ කතාවට මැදි උන මයුර උන මම ඒ දෙන්නටම මැද ඉදන් ඒ දෙන්නවම අත් දෙකෙන් කිටි කිටියට අල්ලන් සෙංකඩගල නුවරට යන්න පලවෙනි අඩියම ඉස්සරහට තියනකොට මෙච්චර වෙලාම නිස්කාරනේ අඩාපු කලු අහස අවසානෙදි අඩපු ඇඩිලි වලටද කොහොදෝ හතිලාන ගමන් ඇඩිල්ල නවත්තනකොට වැස්ස.මැදින් හීන් අව් රැල්ලක් මහ පොලවට එව්වා...
ඉතින්...පින්වන්ත සෙංක්ඩගල ....
ජීවිතෙ කිසිම දවසක දලදාව වදින්න ඉඩක් නැති උන මගෙ දුරුතු සදට ආශිර්වාද කරාපන්....!




. මගෙ රත්තරන් චූටි බුංජියල හැමෝටම...ලැබුවාවු නව වසර....හිත සතුටින් පිරෙන නිදුක් වගේම නීරෝගි සුවය...සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන සුභ නවවසරක් වේවා...
ආදරෙයි ඔයලා හැමෝටම.....
මම ඔයලාගෙ දීශක්කා!
ආයමත් කොටසකින් එනකන්...පරිස්සමින් ඉන්ඩො
Nedeesha 🥺❤❤