අනූ.....චූචි බුංජියා මේක අදින්නත.....ඈ අනූ...අනූ....යෝ.....හ්..කියපල්ලකො....ගල් ගිලලා වගේ ඉන්නෙ.
යා...හ්...ආයෙත් පටන් ගත්තා...උඹ දැන් ඇදුම් කීයක් නම් ඇන්දද නිම්න...ආ..වෙලාව බලපිය....දහයත් පහුවෙන්න එනවා...හෙට උදෙම්ම නැගිට්න්න ඕනෙ....ඇයි බන් වරෙන්කො නිදාගන්න...
අමොර්...අමොර්...වෙනදට කුරුලු ගීත නාද ඇහෙනකොට නින්දට යන පගයා ...නේත මේ...හප්..හප්...චුප්...කුනුකතා කියන්න හොද නෑ.....යෝ.....හ්හ්....අනූ...චූචි බුංජියගෙ කට අවුස්සන්නෙ නැතුව ඉදිල්ලකො ...හෙට ගමනක් යන්නනෙ ඉන්නෙ....ඔව්වල යනකොට කුනු කතා කියන්න හොද නෑනෙ...මෙතන ඉන්නෙත් චූචි බුංජියනෙ....චූචි නිම්නනෙ...එපනෙ සැර වෙන්න....දෑසට කදුලු පිරෙනවනෙ...
චූචි බුංජියා...චූචි බුංජියා තමයි....කට අවුස්සනවා කියන්නෙ ඇත්තනෙ....උඹගෙ කපටි මායම් නොදා වරෙන්කො නිම්න....බොරුව කර කර බොරුව කර කර උඹ දැන් කීයෙ ඉදන් ඇදුම් වල හැඩ බලනවද බලපන්.....මගෙ අල්මාරියම බිම නේද??? උඹ ඇද්දා වගෙ නෙමෙ ඔක්කොම පිලිවලට දැම්මෙ නැත්තන් තමයි මං අඩු කඩන්නෙ....හෙට ගමන් යන්න වෙන්නෙ නොන්ඩි කොට කොට.....
ම්හුක්.....ආය බයිනවා...තියන වසකමනෙ...මහා....වේ...නෑ..මොකුත් නෑ...තා....චුච්චෙන් ආයම කියවෙනවා.....
( ම්හුක් අපේ අම්මා නේන්නම් මෙයාට පුක පුපුරන්න ගහලා මේ තත්වෙට වත් හදා ගත්තෙ....නැත්තන් තාම අර පරන මඩකරියම නේන්නම්...අපේ අම්මා හන්දම හොදයි...නැත්තන් තනිකරම ඌරා...චීන ඌරෙක් වගේ....කොහොමත් ඒ මූන ඌරු පාටයි....)
මොනා..මොනා...මොනවද ඔය අහක බලන් කුටු කුටු ගාන්නෙ..ඇහෙන්න කියපන්.....ඇහෙන්න කියපන්...
මුකුත් නෑ....හිසෙ ඇම්ම වගේ කියල කිව්වෙ...යෝහ්...සැකේ...සැකේ.....
තව ඔබපන් ඵෝන් එක...ඇම්මවල්ගැන කියනව...ඇයි නිම්න වරෙන්කො...උඹ දැන් අප්පච්චි ගෙ ඇදුනුත් ඇදල බැලුවා.....
මට හිතුනොත් මන් කමනිගෙ අර ටොප් එකද මොකක්ද කියල දිග එකක් තියෙන්නෙ...ඒක ඇදන් යනවා...ඈ අනූ....ඒකෙ ගෑනු පාටක් පේන්න නෑනෙ....
ඇයි යකො නිම්නයා....!!!මං ඔතනට ආවොත් උඹට ගහනවා පිට පුපුරන්න ඇයි යකො .....
අර කතාවක් තියනවනෙ ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනම තැන කියලා..අනේ එහෙම ලබ්බක් මං දන්නෙ නෑ දෙයියනේ....මට අනුව නම් කියන්න ඉවසලා...ඉවසලා ඉවසන්න බැරිම තැන ඇදලා ඇරපිය කියලා....
මගෙ මූන පුක උනා....නිකන් නෙවෙ පුකේ....පුක උනා...කිව්වට විස්වාස කරන්න මගෙ කාමරේ...නෑ...නෑ...දැන් අපේ කාමරෙ.... තනිකරම පමුණුවෙ රෙදි කඩයක් වගේ....මගෙ අල්මාරියෙම රෙදි බිම.....
නවය වෙනකොට ඇදට ඇවිදින් ආදර කුරුලු ජෝඩුව වගේ චූට්ටක් විතර කුටු කුටු ගාලා....හාදු වරුසවකින් නාගන පොරෝනෙ ඇතුලෙ උනුහුමට ගුලි වෙලා විනාඩි පහක් ඇස් පියාගන්න ඇති....මගෙ සැනසීම නැත්තටම නැති උනා.....
නුවර යනවා කියපු වෙලේ ඉදම්ම මගෙ නිම්නයට ඇටයක් පැල උනා...ඇදගන යන්න ඒකට ඇදුම් මදි උනා.....කොටින්ම රොහාන්ගෙ ඇදුම් පවා අරගන ඇවිදින් එකින් එක ඇද ඇද හැඩ බලලා මිනිහට ඒකත් මදි වෙලා අවසානෙදි කමනිගෙ ඇදුම් වලටත් ඇහැ දාන්න යනකොටම මං යකා වගේ කෑ ගැහුවා...නිම්නයව ගැස්සිලා ගියා...
ම්හුක්...චූචි බුංජියට බයිනවා....ම්හුක්....හෙට ගමනකුත් යන්න ඉන්න බුංජියට බයිනවා...
ම්හුක් හුකුක් නෙවෙ අස් කරපිය....ගුලි ගගහා ඔබන්නෙ නැතුව ඔක්කොම අස් කරපිය....ම්හුක් හුකුක් ගානවා....ගහනවා උඹට මං පිට පුපුරන්න....ඔය කොහොමද ඔය නමන්නෙ...නමපිය හරියට
ඌ...යි.....හ්.....අනින්නෙ.....රිදෙනවනෙ....මට බෑ...මං නමන්නෙ නෑ....බයිනවා....ගහනවා...මං යනවා අම්මලාගෙ දිහා....උඹ නමාගනින්...මං යනවා කල්පියා එක්ක...මට බයිනවා...චූචි බුංජියට ගහනවා....චුචී..බුංජියා පවූ....ඌ...මට බෑ..මං නමන් නෑ...මට බෑ....මට යනවා අම්මලෙ දිහා....අපෙ අම්මට මාව වැඩි නෑ...
ඒකා ගිහින් පෙරලුනා.....නිම්නය වගේ කපටි ආදෙක් මං දැකලා තිබුන් නෑ මගෙ ජීවිතේට වත්...පමුනුව වගේ රෙදි කන්ද දිහා බලන් සැර උන මං ඒකගෙ ඔලුවට දැම්මෙ පොඩි තට්ටුවක් විතරයි...රෙදි එක නමන්න තියන කම්මැලි කමට ඒකා මටත් බැනලා...අම්මලාගෙ දිහාවෙ යනවා කියලා හරස් අතට ඇදේ පෙරලුනා....
ම්හුක්....බයිනවා....
චූචි බුංජියත් ලස්සනට යන්න එපැයිනෙ.....
මොකද වෙන්නෙ....ඇදුමක් ඇදල බැලුවම
ගහනවා දැන් හරීයට...බයිනවා දැන් හරීයට....ම්හුක්...මං යනවා අම්මලාගෙ දිහාවෙ.....චූචි බුංජියනෙ කියලා වත් නොබල දැන් වෙනස්කම් කරනවා....
උඹගෙ කපටි කම....මේ ටික නවන්න බැරි කමට ආඩ පාලි කියනවා..දුක කිය කිය ඇදෙ එහා කොනට මෙහා කොනට රෝල් වෙනවා.....අම්මලේ යන්න...මොනව හරි කිව්වොත් අම්මලෙ යන්න ඔච්චර තමයි දන්නෙ යැයි යැයි ගාන්න.....මං යඥවා අම්මලේ....යැයි යැයි....මායම
ම්හුක්.....ඔය ..ආය බයිනවා.....
බයින්ඩ...බයින්ඩ නෙවෙ හමගහන්ඩ ඕන උඹව
ඇත්තමයි අනූ...මං දැන් නම් ඇත්තටම යනවා අම්මලෙ දිහාවෙ හාද....ඇයි වදේ...මගෙ අතක් පන නෑනෙ....ඕක චුට්ටක් නැමුවම මැරෙනවද...අනික කල්පියා කිව්වා..උදාරයා නම් ඔයා වගේනෑ කියලා ..උදව් කරනවා කිව්ව හැම දේටම.....
අම්මෙ...ඔව්.....ඔව්....කල්පනයා මෙහෙම කෙරුවොත් උදාරයා කල්පනයා ලව්වා රෙදි අස් කරලා විතරක් නෙවෙ ගේත් අස් කරවන් නවතින්නෙ...උඹට මං වගේ මිනිහෙක් හම්බ උන හන්දම හොදයි.....අපරාදෙ මට තිබුනෙ තන්තිරිමලේ පැත්තෙන් කසාදයක් කරගන්න..ඇයි යකො පොඩ්ඩක් මොනවා හරි කිව්වොත් අම්මලාගෙ දිහාවෙ යන්නනෙ බලන්නෙ.....
මගෙ කපටි නිම්නයා ඔලුවෙ ඉදන් පොරවගත්තා...නිකන් නෙවෙ හැබැයි....ඔලුවෙ ඉදන් පොරවගනත් ඒකා කුටු කුටු ගානවා..ම්හුක් ගානව...හුකුක් ගානවා...අවසානෙදි මගෙන් සද්දයක් නැතිම තැන මගෙ අවදානෙ ගන්න එහෙන් මෙහෙන් කෙදිරි ගාලා අවසානෙදි සද්ද බද්ද නැතුවම උන්නා....
මං හිතන්නෙ ගිනිවිජ්ජුම්බරකාරට නින්ද යන්න ඇති....එතනින් එහා මම නෙවෙ ආයම එයාට වචනයක් කියන්න ගියේ...මම නෙවෙ ආයම ඇහැරවලා මේක කරපන් අරක කරපන් කියලා කියවන්න ගියෙ.....මං මගෙ පාඩුවෙ එයා ඇදලා දාපු හැම ඇදුමක්ම නවන්න ගත්තා....
හරි....!!!ඉවරයි...
අවසානෙදි මං අල්මාරි පියන් දෙක වහල දාලා එයා දිහා බැලුවා....මන් හිතන්නෙ අඩ හෝරාවට වඩා වැඩීයි....අඩුම ගානෙ හොරාවටක විනාඩි පහලවක් අඩු ඇති.....මං රෙදි නැවුවා.....දැන් පාලුයි.....එයාගෙ වක්කඩේ වැහිලා ගිහින්.....කාමරෙත් එක්ක පාලුයි...
වස්තුව....
මං හිමින් සීරුවෙ ඇදට එබුනා....එයා ඔලුවෙ ඉදන් පොරවන්....නිදිද....නැතිනම් හොරට ඉන්නවද.....ඒක දැනගන්න නම් ඉතින් රෙද්ද අහකට කරලා බලන්නම වෙනවා.....
අනේ....නින්ද ගියාද රත්තරන් ...
එයාට නින්ද ගිහින්.....එයාට ඇත්තටම නින්ද ගිහින්....චූචි බුංජියනෙ අනූ...මෙතන ඉන්නෙ චූචි නිම්නනෙ ගාපු එයාට ඇත්තටම නින්ද ගිහින්....
උඹට නින්ද ගිහින්....ඒකයි වස්තු මට මේ පාලු.....
මං මිමිනුවා...උඹ නැතුව මට පාලුයි කියල මන් ඒ මූන දිහා බලාගන හරී හිමීට කෙදිරුවා.....
ශාන්තපාටයි.....පින්පාටයි....හිනාව නම් සාරසොභාවයි....නිම්න කියන්නෙ තනිකරම භාවනාවක් වගේ...මං අර කලිනුත් කිව්වා වගෙ....නිම්න කියන්නෙම සිත්තරුන්ගෙත් හොදම උන් එක්කාසු වෙලා ඇදපු පන ගහන චිත්‍රයක් ....
මගෙ පිස්සු වස්තුව....
මයුරගෙන් නිම්න්ට,ඇබිත්තකට නැති හාදුවක්!!!
තත්පර ගානක් එයාගෙ දිහා බලන් උන්න මං හරි සීරුවට මගෙ පිච්චමලට හාදුවක් තිබ්බා....මං පිච්චමලක් කිව්ව එක පාඩු නෑ.....ඒ කම්මුල් ඒ තරම්ම සිනිදුයි.....මෘදුයි....හැබැයි ඒ පිච්ච මල දිහා දැහැනට සමවැදිලා වගේ බලන් උන්න මගෙ ඇස් හීන් උනා....ඇබිත්තන් නෝක්කාඩු වලාකුලක් ඇවිදින් මගෙ මූන වහගත්තා....ඒකට හේතුව නම්....
එයාගෙ මුනට කෙස් ගස් අහුරක් වැටිලා....මෙච්චර වෙලාම අංශුවක් අංශුවක් ගානෙම විදපු මූනට කෙස් රොදක් වැටුනා....ඒත් ඒකෙත් ලස්සනක් තිබුනා...හද උනත් තනියෙන් ඉන්නවට වඩා...හිමීට පාවෙලා ආව වලාකුලකින් අඩක් වැහිලා ගියාම ඒකෙ මහ අමූතු ලස්සනක් තිබුනා....
ඉතින් මගෙ මූනෙ තිබුන අර නෝක්කාඩු වලාකුලත් බලාගන ඉන්නකොට වාශ්ප වෙලා යද්දි මං හරි පරිස්සමට ඒ කෙස් රොද මගෙ ආදරේ මර්මස්තානන් අහක් කෙරුවා.....
ඇත්ත.....මගෙ ආදරෙ මර්මස්තානෙ නම්...නිම්නයි...මෙච්චර වෙලාම කෑ ගහලා..මගෙ ලේ කෝප කරලා..මගෙන් බැනුම් අහපු මගෙ සුදු අයියට නින්ද ගිහින්.....නොදරුවෙක් වගේ.....
මට හිතන්න තිබුනා .....රත්තරන් ...උඹ මේ පිස්සුවෙන් වගේ දගලන්නෙ හිතේ තියන ආසාව වැඩිම කමට කියලා....මං උඹට සැර උනා.....ඇවිදින් නිදාගනින් කිව්වා...ඒත් උඹ කෙරුවෙ දුව දුව ලස්සන ඇදුම හොයපු එක....
මගෙ වස්තුව දන්නවද...උඹගෙ සුදු මල්ලිත් මෙ වගේමයි.....ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා කියපු දාට රෑ එලිවෙනකම්ම නින්දක් නෑ.....ආසාව වැඩි කමට....කෑම බීම පුරවපු කඩචෝරු මල්ල සිය වතාවක් අදිනවා....එකම එක මුරුක්කු පැකට් එකක් වත් මග හැලිලද බලන්න මං සිය පාරක් ඕක අදිනවා...අවසානෙදි අම්මගෙන් හරි අප්පච්චි ගෙන් හරි බැනුමක් ඇහුවම මේන් මේ වගේ...දැන් උඹ වගේ අම්මයි අප්පච්චි දෙන්නම එක්ක තරහා වෙලා මං ගිහින් නිදියනවා....
මට අමතක උනා...උඹටත් නොවිදපු ලමා කාලයක් තියනවා කියන්න....
මට අමතක උනා...උඹ කියන්නෙ ජීවිතේ මොන රහද කියන්නවත් නොදන්නවා කියන්න.....
කොටින්ම මට අමතක උනා...මං මේ සාත්තු සප්පායන් කරන්නෙ බිදුන බිලිදෙක්ට කියන්න....මැරුන මලකට කියන්න.....
මට සමාවෙයන් මගෙ වස්තුවෙ....මට අමතක උනා උඹ වින්දට වඩා විදෙව්වා කියන්න....
මගෙ පපුවටත් බර හුස්මවල් කෝටි ප්‍රකෝටි ගානක් එලියට විසි උනා....ඒ මූන දිහා බලාගන දැහැනට සමවැදුනත් මොකද....මගෙ අතින්ම කබල නොබැදුන කොයි වෙලෙත් පෑරෙන තුවාලෙට ආයම මගෙ ඇගිල්ල වැදිලා පෑරිලා ගියා....
මට රිදුනා....අර පෑරුන තුවාලෙන් ලේ කැට් කැටි එලියට එනකොට මට නොසෑහෙන්න රිදෙන්න ගත්තා.... .සමාව ඉල්ලලා පලක් නෑ..එයාට නින්ද ගිහින්...කම්මුලට වගේම නලලට දුන්න හාදු අවසානෙදි සීතල හාදු උනා...මං මගෙ අතින් උන වැරද්ද වහගන්න එයාව තුරුල් කරගත්තා... ආයම පොරෝනෙ යටට රෝල් උනා.... ..ඒත් වැඩක් නෑ.....අර සැනසීම නැති උනා....
මගෙ හෘදසාක්කිය නම් වෙච්ච උසාවිය ඇතුලෙ නඩු අහන්න පටන් ගත්තා. දහයෙ කනිසමෙ කෑලිත් නෑ....
එයාට නින්ද ගිහින්.....ආසාව සතුට ඉහවහ ගිහින් දගලපු එයාට නින්ද ගිහින් තියනකොට නඩු අහපු මගෙ හදවත මාව වැරදි කාරයා විදිහට හංවඩු ගහලා පයින් ගහලා මාව එලියට දැම්මා...
ම්ම්ම්ම්.....අ..නූ...චූ....චි....ම්හු...ක්
හරි..හරි....චූචි බුංජියට බනින් නෑ...බයියන්න ....
මට දුක හිතුනා.....එයාගෙ හීනෙකදිත් මන් සැරවෙනවද කොහෙද...ඒත් ඒ හීනෙ හරි හුරතල් ඇති...වෙනදට සුදු මල්ලි කියලා මහ බරසාර වචනෙන් මාව සනසවන නිම්න වෙනුවට මෙතන උන්නෙ මගෙ ආදරෙ හැම අංශුමාත්‍රයක්ම හොරා ගන්න හදන අර හුරතල් කොල්ලා වෙනකොට මං එයාගෙ පැත්තට හැරිලා මගෙ අතක් ඒ බඩ උඩින් දාගත්තා.....
හද පායලා...අරලිය මල් පිපිලා..ඒත්...පෝය නෑ ඇවිදින්...ඒත් මොකක්දො මන්දා හරි පින් පාටක් හදේ හැංහිලා තිබුනා ..හද එලිය වැටුන අරලිය මල් වල මොකක්දො ශාන්ත බාවයක් රැදිලා තියනකොට මගෙ හිත කියෙව්වා වගේ අප්පච්චි සාලෙ කෙරවලකම තිබුන සීයගෙ පරම නිධානෙ උන...අපිට අල්ලන්න තියා බලන්නත් තහංචි දාපු රත්තරන් පාට ග්‍රැමෆෝන් එක දාලා තිබුනා....
ඇත්තටම අප්පච්චි ට ත් මගෙ හිත දැනෙනවද...නැත්තන්.....හද එලිය යට අම්මයි අප්පච්චි පොඩ්ඩක් මට වෙන් කරාපු එයාලගෙ ලෝකෙ දොර වහලා ඒ ඒ දෙන්නගෙ ලෝකෙට පියාඹන්න හිතිලද කියන්න දන්නෙ නෑ....කොහොම උනත් තුන් හිතම අතගාන සෞම්‍ය සින්දුවක් දාලා තිබුනා....
ශාන්ත මේ රෑ යාමෙ.....
කුමුදු මලේ සිරියා...
මං අහගන උන්නා...ඇත්තටම අරලිය මල් වලට හද එලිය වැටුනම මොන තරන් ලස්සන උනත්.....අරලිය මලට තිබුන තැන මගෙ නිම්න ඇවිදින් උදුර ගත්තා.....වියන් බැදපු බීරලු කැටයම් කපාපු අවුරුදු ගානක් පරන....අප්පච්චි ලාගෙ කුඩා කාලෙ.....මාමලාගෙ කුඩා කාලෙ...නැන්දලා පුංචිලාගෙ හැමෝගෙමකුඩා කාලෙ උහුලාපු මෙ ඇද උඩ හරි සනීපෙට නිදාගන උන්න මුලු ලෝකෙම තහනම් කෙරුවත් ලෝක සම්මතේට පයින් ගහලා හදවතිම්ම බදාගත්තු මගෙ පලවෙනිත්...අවසානත් ආදරේ උන නිම්නගෙ මූනට හද එලියෙන් රැල්ලක් වැටිලා අර අරලිය මලට තිබුන ඉහලම තැන නැති උනා.....
ඇත්තටම උඹ මලකටත් වඩා හරි ලස්සනයි මගෙ නිම්න....පින්පාටයි...අතිශයෝක්තියෙන් උනත් වර්නනා කරන්න පුලුවන් මනුස්ස හදවතකට අසීමාන්තිකව දැනුන කෙනෙක්ව විතරක්ම වෙනකොට මං උඹව වනන්න පුලුවන් උපරිමේටම වනනවා නිම්න...ඒක මට තියන එකම සතුට.....මගෙ සැනසීම.....නිම්න...උඹ අවිදින් මගෙ සැනසීම නිම්න.....
මං උඹට හරි ආදරෙයි .....මන් උඹට පුදුමාකාර විදිහට ආදරෙයි....අහේතුක ආදරේකට දෙන්න පුලුවන් වටිනාකමක් මේ ලෝකෙ තියනවා නම්....අන්න ඒ හැම වටිනාකමම මගෙ ආදරේට ලැබෙන්න ඕන බන්....
මං එයාගෙ ඔලුව අතගෑවා.....මගෙ මුනට හිනාවක් ඇදුනා.....එයාගෙ වචන වල තිබුන ආසාවට හුරතලේට මගෙ මූනට හිනාවක් ඇදුනා...ඒත්...එක මොහොතකින් එක තත්පරේකින් මගෙ මූනෙ තිබුන අර හිනාව මැරිලා ගියා.....
හිනාව වෙනුවට මගෙ හිතට ආයම වේදනාවක් දැනුනා.....
අනූ මං කවදාවත් නුවර ගිහින් නෑ...මට පින් මදි උනා...
ඒ වචන එක්ක මගෙ හිත ආය ආයම ඇදුම් කනකොට මං ඇදෙන් නැගිට්ටා...
මට නිම්නව මතක් උනා!
මොන විහිලුවක්ද ...මෙතන නිම්න ඉන්නකොටම නිම්නව මතක් උනා ගාන්නෙ....මොන විහිලුවක්ද....ඔව්...මගෙ ජීව්ත කතාව කියවන සමහරෙක්ට එහෙම හිතේවි.....
ඒත්...මට මිය ගියපු වර්තමානෙ ගාව....තවමත් ජීවත් වෙන අතීතෙ මතක් උනා....!
මගෙ අහිංසක නිම්න....
මගෙ කුඩා නිම්න....මගෙ පුංචි නිම්න....
නින්දෙත් උපරිමේ ඉන්න එයාව දැකපුවාම...එයාගෙ මතා බහ.....එයාගෙ සමහරක් හැසිරීම් රටා එක්ක..සමහර වෙලාවට මේ ඉන්නෙ මලගිය ඇත්තෙක් කියන්න මටම විස්වාස කරන්න බැරි තැන් තිබුනා...ඒත්...මං මේ හිත සනසවන ෆැන්ටසියෙන් වේදනාත්මක යතාර්තෙට මූන දෙන්නම ඕන.....
උඹ අදත් පුටුවෙ නිදි නේ...ආ...සතුටු සුරංගයත් ඉන්නෙ...උඹලා දෙන්නත් සම්මතේට පිට ගියාද...ම්ම්ම්...කාරි නෑ.....උඹලා උඹලට ආදරේ නම්...අර ලිංගික ක්‍රියාකාරකම් ගැන නොහිතා ඉදින්...මිනිස්සු සම්මතෙ මනින්නෙ අහවල් එකයි...හැමනෙන විලාසෙයි බලලා....
එයා දිහා බලන් උන්න මම නිදි දෙව්දුවට මගෙ පනව බලාගන්න කියලා එන්න ආවා.....මං උන්නෙ එලියෙ...ක්‍රීස් ගාන සද්දෙන් දොර ඇහුනත් මොකද වෙනදට දොර අරින සද්දෙට පුටුපිට බුදියන අම්මගෙ සුදු පුතා අද තවත් හරි බරිගැහිලා නිදාගන උන්නා....තනියෙන් නෙවෙ....නයන්නක් වගේ නිදියන් උන්න ඒකගෙ බලු අඩු හතර මැද උනුහුමට සනීපෙට සතුටු සුරංගයත් බුදියන් උන්නා.....කාකොටා ගත්තු කාලෙ අහවර වෙලා උන් දෙන්නා සටන් විරාමයක් ගහලා මදිවට දැන් එක පතේ කන්නත් පුරුදු වෙලා උන්නා..බලු හොම්බයි....රැවුල් රෑන් වැවුන සම්බෝල පාට මූනයි දැන් එක බත් පතට එබෙනවා....
අම්මගෙ සුදු පුතාගෙ කනක් කොනිති ගහපු මං හිමින් සීරුවෙ අඹගහ යට තිබුන බන්කුවෙන් ඉදගත්තා....අඹ අතු අස්සෙන්...අඹ කොල අස්සෙන් හද එලිය රෑන්...රෑන් පෙරෙනකොට මං බලාගන පොල් ගස් කදක හදලා තිබුන කඩුපුල් පැලෙන් කඩුපුලක් හොර හොරාවට පිපෙන්න හදනවා.....
අම්මයි අප්පච්චි නිදිද කොහෙද .....
තට්ට තනියෙන් උන්න මගෙ හිත කියවනවා.....මගෙ කට වැහුනත් මොකද..හිතට කවදාවත් කට වහන් ඉන්න බැරි වෙනකොට මගෙ හිත මගෙ වේදනාව මැකෙන්නද කොහෙද ඔහෙ කියෙව්වා ...
මෙච්චර වෙලාම ඇහුන ග්‍රැමෆෝන් සින්දුව නැවතිලා තිබුනා...හුග කාලෙකට පස්සෙ ඇහැරුන හන්දදෝ මන්දා මෙච්චර කල්.නිදාගන උන්න ග්‍රැමෆෝන් එකටත් දැන් ඉස්සර වගේ සින්දු කියන්න හයිය හත්තියක් නැති උනා...උන්දැ දැන් වයසයි...!
මට එයාව දකින්න ඇත්නම්....
එයා මොනවා කරනවා ඇතිද...
මයුර කියන්නෙ.....ඒ අතීතෙ ඇතුලෙ තාවකාලික මතකයක් උනත්....නිම්න කියන්නෙ...මයුරට සදාකාලික මතකයක්....
සදාකාලික නොවූ ලෝකෙක මං හොයන්නෙම සදාකාලික ප්‍රේමයක්.....
මට පාලුයි.....
සීතල උන ගල්බන්කුවෙ පත්තට හේත්තු උන මම අතු පතරින් පේන හද දිහා බලාගන උන්නා.....සින්දුවක් අහන්න ඇති නම්...කිය කිය මගෙ හිත මේ වෙනකොට සිය වාරයක් කිව්වත්....මට සින්දුවක් අහන්න බය හිතුනා...මොකද සමහර සින්දු හන්දා මගෙ ඇස් අඩන්න ගන්නවා...මතක ඇවිදින් මාව කොනිති ගගහා එයා යන බව කිය කිය මාව රිදවනවා....
එයාට දැන් ඉස්සර තරම් හයිය නෑ.....ඒක එයාම කියනවා....
එයාට දැන් ඉස්සර තරම් මා එක්ක එල්ලෙන්න රන්ඩු වෙන්න බෑ...ඒක මට දැන් දැනෙනවා...
එක්කො මං අඩන්නද...කාට කාටත් පේන්න හිනා වෙලා උන්නට....හිත ඇතුලෙ බාගෙට මැරුන මලගිය ඇත්තෙක් උන මට අඩන්න හිතුනා....මට ඒ නිම්නවත් මතක් උනා....අත තුවාල කරන් ආව දවසෙ ...හුණු කොට්ට පාර වැදුන දවසෙ ඒ මූනෙ තිබුන අසරන කම මැවි මැවි පේනකොට ඒ අතීතෙ අස්සෙ මගෙ රත්තරන් අදටත් දුක් විදිනවා කියලා මතක් වෙනකොට මට ඒ මතක ආය ආය හීනියට රිදවන් එද්දි වේදනාවෙන් පැනලා යන්න හිතාගන මං මගෙ තනියට අමරදේව මහත්තයට අඩගැහුවා...අනේ...මට තත්පරයක් ඒ ආදරේ අහන් ඉන්න බැරි උනා...ඇස්වලි කදුලු කැට වාන් දාන්න ගත්තා...
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...කියනකොට මට ඉකිගැහිලම ඇඩුනා.....


මයුර.....
මං උන්නෙ බිම බලාගන....උරහිස් ගැස්සෙනවා....නාස් කුහර දිගේ හොට් දිය ගලනවා...ඒ අස්සෙන් උරහිස උඩට සීතලක් දැනෙනකොට මං ඇස්වල කදුලු හන්ගන්න හිතාගන පුලුවන් තරම් ඇස් පිස්සත්...අම්මෙක්ගෙන් මේ ලෝකෙ කිසිම දෙයක් හන්ගන්න බැරි බව මං ඒ සුදු මැලි මුනෙන් දකිනකොට අර ගලපු කදුළු කැට වලට මං ඔහෙ ගලන්න දෙනකොට ඒ අම්මගෙ සීතල ඇගිලි තුඩු ඒ කදුලු කැට මගෙ මූනෙන් අහක් කෙරුවා ...
ඇයි මේ උඹලා අඩන්නෙ...
අම්මෙ.....
තනිපංගලමෙ රෑ සීතෙ අහු මුලුගානෙ අඩන්න හේතුව මොකක්ද කියලා ඉදිල්ලකො...
එයා මගෙ ගාවින් ඉදගත්තා....මුලින් මුලින් සැර වැරදාපු සුචිත්‍රම්මද මේ කියලා හිතෙන තරමට එයා මෘදු වෙලා උන්නා...සමහර විට එයත් යන්න ළඟ හින්දද කොහෙද .....
මට නිම්න මතක් උනා....
නිම්න මතක් උනා.....එතකොට අර ඔලුවෙ ඉදන් වහන් ඉන්නෙ නිම්න නෙවෙද.....
එයා කවදාවත් නුවර ගිහින් නෑ කිව්වා....කවදාවත් ඇසලෙකට ගිහින් නෑ කිව්වා වලාකුලු බැම්මට හේත්තු වෙලා බෝගම්බරේට හද එලිය වැටිලා....කිරිමූද වෙන හැටි දැකලා නෑ කිව්වා....අම්මෙ....මගෙ නිම්නට පින් මදි උනාය කිව්වා.....
.ඒකද දැන් උඹලව අඩවන්න කාරනාව.....
මට...නිමන්ව මතක් වෙනවා අම්මෙ.....
ඒ කියන්නෙ...උඹගෙ හිතෙ..දෙන්නෙක්ට ආදරේ කරන්න තරන් ඉඩක් තියනවා කියන එක...නිම්න ඉන්නකොට නිමනව මතක් වෙනවා කියන්නෙ...උඹගෙ මුලු හිතින් ආදරේ කරලා තියෙන්නෙ එකෙක්ටම නෙවෙ කියන එක.....
මං තත්පර ගානක් අම්මා දිහා බලන් උන්නා....අම්මාමම චපලයි කියන්න නොකියා කියනකොට මං ඒ මූන දිහා බලාගන උන්නා....ඔව්....මගෙ ජිවිතේ ආදරේට කරපු එකම වංචාව නම්.....එක පාරදෙන්නෙක්ට ආදරේ කරපු එක.....ඒකත්...එකම මනුස්සයට...!!!
ඔව්....මං චපල උනා...මන් එයා ඉන්නකොට එයාටම ආදරේ කෙරුවා....මං අපේ ආදරේට කරපු එකම වංචාව.....නිම්න ඉන්නකොට....නිම්නටම ආදරේ කරපු එක...වර්තමානෙටයි.....අතීතෙටයි...දෙකටම පිස්සුවෙන් වගේ ආදරෙ කරපු එක....අම්මෙ...මං මගෙ ආදරේට කාරපු වංචාව...එකෙක්ට හොරාවට...අනිකා ගැන....හිතපු එක....
නාඩා ඉදින්...උඹ වංචාකාරයෙක් නෙවෙ රත්තරනේ...එහෙම උනා නම්....උඹට මොනවා කරන්න තිබුනද.....උඹ මගෙ කොල්ලා ගාව ඉන්නෙම හැගීම් මැරුන එකෙක් වගේ.....පිරිමි පිරිමි මක්ක කරන්නද ඇහුවට...කාටද් පුලුවන් රත්තරනෙ..නිදහස ඉහටත් උඩින් තියනකොට හාදුවකින් විතරක් හිත සනසගන්න...
ඒ අතින්...මයුර...උඹ හරි වටින මනුස්සයෙක්....උඹගෙ ආදරෙ වංචාවක් වගේ උඹට හිතුනත්...උඹගෙ ආදරේ මගෙ ඇස් වලට හරි පිරිසිදුයි මයුර...
මිනිස්සුන්ටත් කැපකරන්න පුලුවන් සීමාවක් තියනවා....ආදරෙ වෙනුවෙන් උහුලන් ඉන්න පුලුවන් සීමාවක් තියනවා.....ආපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම...උඹ දෙන ආදරේ හරි පුදුමයි මයුර......කියපන්...උඹට මොනවද ඕනෙ.....
අම්මා කියන වචනයක් වචනයක් ගානෙම් අහන් උන්න මම මගෙ අතේ ඇගිලි එකින් එක මිරිකන්න ගත්තා.....ඇත්ත....මං මගෙ නිම්න ගාව ඉන්නෙම ලාදුරු හදාගන.....හැගීම් උහුලන්න බැරිම තැන්වලත් මම කෙරුවෙ හාදුවක් තියලා මුනින් අතට හැරුන එක....
මෙච්චර කැප කිරීම් කරන මගෙ දිහාව දෙයියො නොබැලුවොතින් නම් මට සිද්ද වෙනවා මුලු තිස්තුන් කෝටිය එක්කම තරහා වෙන්න...
එයාට දැන් ඉස්සර වගේමා එක්ක රන්ඩු වෙන්න...දගලන්න හයිය නෑ කියනවා.....
ඉස්සර වගෙ....ලස්සනට හිනා වෙන්න...එයාට දැන් අමාරු වෙනවා.....
කොච්චරවාත් හුරතල් වෙවී රන්ඩු කරපු එයා...ලගකදි ඉදන් මගෙ හිතට බර බර වචන දදා මගෙ හිත හද හද එයා නැති අඩුව දරාගන්න හැටි කියලා දෙනවා අම්මෙ...
උඹලාම අපිව හොයන් ඇවිත්...උඹලම ඔහොම යන්න ගියහම....මං කොහොම කියලා නම් ඉන්නද අම්මෙ....
එයා ආසයි කියන්නෙ මොනවද...මං ගෙනත් දෙනවා...එයාට යන්න ඕන කොහෙද මං එක්ක යනවා.....
ඒත්...දවසක් එනවා...එයා යන්න යනවා.....
මං මෙච්චර කල් හිතුවෙ එහෙම.....ඒත් ඒ දවස අද හෝ...හෙට කියලා මට දැන් වෙනස් කරගන්න වෙනවා...
ඇස් අරින තත්පරේ මට එහාපැත්තෙන් නිදාගන ඉන්න එයා....අද හෝ හෙට නැතුව යනවා කියන එක....ඒ වේදනාව....ඒ දුක...ඒ බය.....
මගෙ උරහිස දැම්මම බරයි.....මට එයාගෙ බර දැනටමත් මේ උරහිසට දැනෙනවා දැනෙනවා....
එයා අද හෝ හෙට යනවා කියලා දන්නවා උනත්...එයා එනදවස....

අම්මෙ....මගෙ...නිම්න...ආයම.....එන....
දවස....ඒ දවස කවදද අම්මෙ....???
.......උඹට නිම්නව බලන්න ඕනද...
අම්මා මගෙ ප්‍රශ්නෙන් පිට පැන්නා...මං ඇහුවෙ එක දෙයක්...ඒත් එයා මගෙන් ඇහුවෙ වෙන දෙයක්...
උඹට පුලුවන්ද මයුර...දෙන්නෙක්ට එකම වෙලාවෙ....එකම විදිහට ආදරේ දෙන්න...
අම්මෙ...
උඹට පුලුවන්ද....මැරුන වර්තමානෙත්...ජීවත් වෙන අතීතෙත් ඔය අත් වලට පටලවන්...මුලු නුවර පුරාවටම කරක් ගහලා....මගෙ පුතාට රොබොරෝසියා වල පාට පෙන්නන...??
උඹට පුලුවන්ද මයුර...මැරුන වර්තමානෙ මාලිගාවෙන් පිට තියලා.... ඒ ඇස් බලාගන ඉන්නවා දැක දැක....ජීවත් වෙන අනාගතේ එක්ක ගිහින් මලක් පහනක් බුදුන්ට පූජා කරලා එන්න.....????
අම්මෙ.....
උඹට පුලුවන් නම්...මං උඹට වරයක් දෙනවා...මං දෙවියෙක් නෙවෙ මයුර....ඒත්....උඹ දන්නවා....මලවුන්ගෙනුත් පිහිට තියනවා...කියපන්....උඹට පුලුවන්ද ...හිත් දෙකකට මැදිවෙලා.....ඒ සෙංකඩගලට ගිහින් පින් අනුමෝදම් කරලා එන්න.....
මගෙ පපුවට පිහියක් බැස්සුවා වගේ.....
නිම්නට නිම්නව මුනගස්සවන්න...
ජීවත් වෙන අතීතෙයි....මලාවු වර්තමානෙයි....
ඒ නිම්න කොහොම දරාගනීද....
මේ නිම්න කොහොම දරාගනීද....
ඒ දෙන්නවම මම කොහොම කියල නම් දරාගන්නද...
තත්පර ගානක්.....විනාඩි ගානක්....අඩහෝරාවක්...මගෙයි...
මලගිය ඇත්තන්ගෙයි තිබුන සමාගම නිවිලා ගියා.....සුචිත්‍රම්මා මාව ලෝක අමාරුවක දාලා මගෙන් උත්තරයක් එනකන් බලන් ඉන්නකොට මං කරන්න දෙයක් නැති කමට උත්තරයක් හොයා ගන්න එක සීරුවට කරන්න ඕන කාරනාවක් වෙන හන්දම මං ඒ ඇස් මග ඇරලා අඩි දෙක තුනක් එහා මෙහා උනා....
බුදුන්ට මලක් පහනක් තියන්න මට පින් මදි උනා අනූ...
මං ඇස් දෙක තද කරලම පියාගත්තා...කොටින්ම මට මේ ලෝකෙම තනි වෙන්න ඕන උනා මටයි මගෙ හිතටයි විතරක් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕන වෙනකොට මන් ජීවි අජීවි
මලාවූ හැමෝගෙම්ම ඈත්වෙලා අවසානෙදි හිතලා හිතලා සර්වසාධාරන උත්තරයක් ගත්තා.....
...ඒ...මට මාව විස්වාසයි කියන උත්තරේ.....එකෙක් මාලිගාවෙන් පිට ඉන්නකොට අනිකා එක්ක මලක් පහනක් බුදුන්ට තියලා...ජාති ජාතිත් අකල් මරනයක් මොනම සංසාර කන්නෙකවත් නොලැබේවා කියලා බුදුන් ඉස්සරහා ප්‍රාර්තනා කර්න්න මම හිත හදාගත්තා.....
එකෙක් මාලිගාවෙන් පිට තියලා...අනිකා එක්ක බුදුන් ඉදිරියෙ මලක් පහනක් පූජා කරලා...ජාති ජාතිත් මේ වගේ පව් කාර අප්පෙක්ට මොනම සංසාර කන්නෙකදිවත් ජාතල නොවේවා කියලා බුදුන් ගාව ප්‍රාර්තනා කරන්න මං හිත හදාගත්තා.....
අම්මෙ....
උත්තරයක් තියනවද මයුර.....
ම්න්...තියනවා.....මන් ජීවිතේ පලවෙනි වතාවට හුණුවටේ කතාව ජීවමානවම රගපාන්න හිතුවා....
....?
මගෙ ආදරේ අසීමාන්තිකයි....ලාබ ප්‍රයෝජන ....හේතු පදනම් රහිතවම මං ආදරෙයි.....පරිමාවක් නැතුවම මන් ආදරෙයි....මගෙ ආදරේ වචන කරන්න මේ තුන්ලෝකෙ මොනම භාශාවකවත් අකුරු නැතිවේවි අම්මෙ...මම මගෙ වටේම හුනුවටයක් ඇදගත්තා....කාටත් දෙපැත්තෙන් අදින්න නොතියම...මම මගෙන් එක අර්ධයක් මගෙ මලාවු ප්‍රේමවන්තයටත්...අනික් අර්ධෙ මගෙ ළාබාල ප්‍රේම වන්තයටත් දෙන්න මගෙ හිත හයියයි අම්මෙ....
දුරුතු සද අහසින් කඩන් වැටුනට ....දවසක ඒ හදම මගෙ අහසට පායනව නම්....මට මාව දෙකට ඉරන්න අමාරු නෑ.....

මට පුලුවන් ...ඒ අත් දෙකම මගෙ අත් දෙකට පටලවන් මුලු සෙංකඩගල පුරාවටම ඇවිදින්න පුලුවන්...අර ගල් බන්කුවක ඉදගන....ඒ දෙන්නවම මගෙ උරහිස් උර තියාගන හීනි රැලි ගහන නුවර වැව දිහා බලාගන ඉන්න මගෙ හිත හයියයි අම්මෙ...
හ්ම්..... ඒ කියන්නෙ...දැන් උඹට පුලුවන් ....අතීතෙයි ..වර්තමානෙයි එකපාර දරාගන්න....?
ඔව් පුලුවන් අම්මෙ....මට පුලුවන් දරාගන්න ...මට පුලුවන් ....වැටුන දුරුතු හදයි...පායපු හදයි එකම අහසක ඉදන් දරාගන්න....
මගෙ උත්තරෙ දුන්න මන් අවසානෙදි අම්මගෙ මූන දිහා බලාගන හිනා උනා...හැබැයි ඒමගෙ උත්තරෙ විතරයි...දැන් මටත් තියනවා ප්‍රශනයක් වගේම වරමක් ඉල්ලන්න...
හ්ම්...එහෙනම්...උඹට පුලුවන් හෙට ඔය අත් දෙකට වර්තමානෙත්....අනාගතෙත් හිරකරගන ඒ පින් බිමට ගිහින් මගෙ දරුවා එක්ක මලක් පහනක් පූජා කරලා එන්න.....
අම්මෙ....
ම්ම්ම්....කියාපල්ලා....
අම්මගෙ මූනෙ සතුටු හිනා රැල්ලක් ඇදිලා තිබුනා....ඒ ඇස් පවා හිනා උනා...අත් දෙක පිටි පස්ස්ට බැදගන අඹ කොල අස්සෙන් පෙරීගන එන හද දිහාව බලන් උන්න අම්මගෙ මූනෙ හිනාව දිහාව බලාගන උන්න මම ඒ ඉස්සරහට ගිහින් හිටගත්තා....
අතීතෙයි වර්තමානෙයි එකට මුනගැස්සුවෙ අම්මා හිතලා දුන්න වරමින් නම්....මට බැරිද අම්මගෙන් වරමක් ඉල්ලන්න.....?
වරමක්....උඹට මාව දෙයියෙක් වගේ පේනවද.....
ඒ උනාට මලගිය ඇත්තන්ටත් වරම් දෙන්න පුලුවන් කියලා අම්මම නේද කිව්වෙ...
.......
අම්මෙ....අම්මට පුලුවන් නම්...අතීතෙත් වර්තමානෙත් එකට මුනගස්සන්න....ඇයි අම්මට බැරි...මයුරට අනාගතෙත් මුනගස්සන්න.....
මයුර.....
අම්මෙ....අම්මලා යන්න යාවි.....මගෙ නිම්නලා යන්න යාවි.....එතකොට මම....මම ජීවත් වෙන්න ඕනෙ මගෙ ආදරේ නැතුව මගෙ ආදරේ එක්ක..... එයා යන දවස දන්නවා.....අද හෙට කියන්නත් දන්නවා....හැබැයි....එන දවසක්.....ආපිට එන දවසක්.... කෝ ඒකට උත්තර....මට හුස්ම අල්ලන්න ඇගිලි තුඩක තරන් බලාපොරොත්තුවක් ඉල්ලන එක...ඒක වරදක්ද අම්මෙ....
මගෙ ආදරෙ ලග තියාගන....මම මාවම හිරකරගන මේ තරම් දුක් උහුලගන ආදරේ කර කර ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඉල්ලන එක වැරදිද අම්මෙ...මාව මග මැරිලා යාවි....අවුරුද්දක්...දෙකක් නෙවෙ....මට පුලුවන්..මගෙ මරන මංචකෙ වෙනකම්ම එකම හිතක් වෙනුවෙන් පේ වෙන්න...මගෙ අවසන් හුස්ම යන මොහොතෙ අනූ...මමයි උඹගෙ නිම්න කියන් එයා ආවොත්...මට ඒකත් ඇති අවසානෙදි සැනසීමෙන් මැරිලා යන්න....
මං ඉල්ලන්නෙ එක බලාපොරොත්තුවක් ...මගෙ පන ගැටගහගන්න බලාපොරොත්තුවක් ....වදින්නම්...මට මගෙ දුක මෙහෙම හිරකරන් ඉදලා කොයි වෙලේ හරි පපුව පුපුරලා මැරිලා යනවා...මැරෙන්න හේතු තිබුනට...ජීවත් වෙන්න හේතුව මගෙ අම්මා අප්පච්චි ...මට මැරෙන්නත්....ජීවත් වෙන්නත් එකම හේතුව ආදරේමයි....මට මැරෙන්න නම් බෑ අම්මෙ...අවුරුදු විසිපහක්...අදටත් මාව දරාගන ඉන්න දෙයියො බුදුන් වගෙ අම්මා අප්පච්චිගෙ පපු පලල මට මැර්‍ර්න්න බෑ...මං ඉල්ලන්නෙ...සදාකාලිකවම තනිකඩයෙක් වෙලා එයා මත්තෙම නහින්න හිත හදාගන්න හරි මට එක බලාපොරොත්තුවක් ....
උඹ මාව අසරන කරනවා මයුර...
මං...ඉලන්නෙ අම්මෙක්ගෙන්...අම්මලාට කාගෙ දරුවත් එකයි...දරුකැක්කුම එකයි.....මගෙ ප්‍රාර්තනාව...මගෙ නිම්න ඊලග ඉපදීමෙ වත් සැපට ඉන්න ඕන කියන එක.....දුක වෙදනාව වෙනුවට සතුට විතරක් පිරුන ජීවිතයක් ....මට....ඒ නිම්නව පෙන්න බැරිද අම්මෙ.....
මං අත් එකතු කෙරුවා...හුනුවටයක් මැද ඉදන් ස්වකැමැත්තෙම්ම මාවම වර්තමානෙටයි අතීතෙටයි දෙකට ඉරලා දුන්න මම මං වෙනුවෙන් බලාපොරොත්තුවක් ඉල්ලුව...
නිහඩයි...ආයමත් හැම දේම නිහඩයි...
මට දරන්නත් අමාරුම මේ නිහඩ කමම වෙනකොට මං සුචිත්‍රම්මව අත් දෙකෙම්ම අල්ලගත්තා....
ආදරේ කියන්නෙ ආගමක් නම්....නිම්න කියන්නෙ ගාථාවක්...මං එහෙමයි හිතන්නෙ....එච්චර ආදරෙ දෙන මගෙ පපුවට අංශුමාත්‍රයක වත් සැනසීමක් දෙන්න..මේක..මගෙ අවසානම ඉල්ලීම.....
...උඹ දිනුම් මයුර...!
අ...ම්...මෙ....
මගෙ ඇස් දිහාව බලපන්.....සම්පූරනම නැතත්...අඩක් හරි...උඹගෙ ආදරේ ඒ ඇස් අස්සෙ ඉදීවි...උඹ දැන් ඉදම්ම මගෙ පුතාට සුභ ප්‍රාර්තනා කරනකොට මට මින් එහා ආත්මාර්තකාමී වෙන්න බෑමයුර.....
වරෙල්ලා ලගට..ඇවිදින් උඹගෙ හත්පාට ආදරේ දිහාව බලපන් රත්තරන් .....අතීතෙත් වර්තමානෙත් වේදනාවෙන් උහුලන උඹට....අනාගතේ ජයෙන් ජයම වෙයිමයුර.....! ඔන්න බලාපන්.....වසන්තෙ සුවද.....!!!ඔන්න බලාපන් උඹගෙ දුරුතු හද!.....
ආසාව....බය...පුදුමෙ මේ හැම දේම වැඩි කමට මාව දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ හැගෙනකොට මන් මගෙ ඇස් සියවතාවක් විතර පිහාගන ඒ මලගිය ප්‍රානකාරයගෙ ඇස් දිහාව බැලුවා....
දුඹුරු ඇස් අස්සෙ නටන කනිණිකාව දිජා බලන් උන්න මාව එකපාරම ආගාදෙකට වැටෙන්නා හා සමාන හැගීමක් දැනෙනකොට මගෙ ඇස් හරහා....එක තත්පරේකටත් අඩු කාලසීමාවක හදක් පෑව්වා.....
පූර්ණ චන්ද්‍රමන්ඩලයලක් වෙනුවට....හිතම පිස්සු වට්ටපු වලාකුලක් ඇවිදින් වහගත්තු අඩ හදක්.....!!!
ප්‍රාතපවත්....!...
කඩවසම්...
ඒ අඩ හඳ දිහාව බලලා මට එච්චරයි දැනුනෙ...
මගෙ නිම්න....මගෙ රත්තරන් ....
මගෙ දුරුතු හඳ.......
ඔව්..එයා අනාගතේ ජීවත් වෙනවා....!
තව දුරටත් එ දුරුතු හද කඩා නොවැටීම සෞම්‍ය සද එලිය විහිදුවන ගමන් මුලු අහස්තලේම උන මයුර වෙනුවෙන් මගෙ නිම්න ජීවත් වෙනවා...!!!


......ඒ ඉන්නෙ උඹගෙ දුරුතු හඳ....ඉතින්....මයුර....ඒ හදට පායන්න පුලුවන් එකම අහස නම්....ඒ උඹම විතරයි!...
උඹලට බුදු...බව ලැබේවා...අම්මෙ.....මං....ප්‍රාර්තනා කරන්නෙ...එච්චරයි !
ආයම කොටසකින් එනකන්....පයිස්සමින් ඉන්න...
ජොබී ආදරෙයි ඔයාලා.හැමෝටම....
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්!
ජොබි
Nedeesha 🥺❤❤👉👈.....