Ficool

Chapter 33 - 33

ත්ත්...ත්තා...ත්තෙ ...අනේ ...ත්තා...ත්තා...

තාත්තේ අනේ තාත්තේ ගාගන්න බැරුව උදව් ඉල්ලගන්න බැරිව මම අසරන උනා...මට අහල පහල ළඟ ගෙදරකට වට් දුවා ගන්න බැරි උනා වාහනේ වටේ දුව දුව මම උස්සන්න බැරි බව දැන දැන් උනත් මම යටට අත දාලා වාහනේ උස්සන්න යනකොට මගෙ අත් දෙක තහඩු වලට කැපුනා...ඒත් මම නෙවෙ නැවැත්තුවෙ...මම නෙවෙ කෑගහන එක අඩන එක මට ගහගන්න එක නැවැත්තුවෙ....

අන්...අන්....අනේ.....ත්ත්.....තා.....ත්තේ.....හ්..අම්...අම්....මේ....හ්හ්හ්....අම්...අමේහ්.....අම්...අමේහ්හ්...

මම මගෙ කොන්ඩෙන් ඇදගත්තා....මගෙ කම්මුල් වලට මමම ගහගත්තා....අවසානෙදි දරාගන්නම බැරි තැන....ඉවසගන්නම බැරි තැන මම මගෙ නලල පුලුවන් තරම් වාහන කදට ගහගත්තා ....

තාත්තේ .....

මම දිව්වා...අහල පහල ගෙවල් වලට දිව්ව...කරුමෙ කොයි තරම්ද කියනවා නම් උන්ගෙ ගෙවල් වලට වඩා ගේට්ටු පොයන් ලොකු වෙනකොට ගේට්ටු හෙලෙව්වත් ඇහුන් නෑ...එල්ලීගන කෑ ගැහුවත් ඇහුන් නෑ.....

මට තාත්තව දලා යන්න බෑ.....මගෙ හිත ගිනි ගන්නවා.....කතා කරන්න ඕනා කාටද කියලා හිතා ගන්න බෑ....මම වාහනේ ගාව දිහා උනා...තාතගෙ කකුල් වලින් අදින්න හැදුවා....

හිර වෙලා....

අනේ දෙයියනෙ හිර වෙලා.....

අත් දලා උස්සන්න හැදුවා..මගෙ අත් දෙක ලේ පාට වෙලා..අත් කැපුන වේදනාවට වඩා මගෙ තාත්තා යට වෙලා කියන වේදනාව බය මාව පිස්සෙක් කරනකොට මම.මගෙ කොන්ඩෙන් ඇදන් ඔලුව වන වන කෑ ගැහුවා...

කතා කරගන්න බැරි ගොත මම කෑ ගහනකොටත් කිසිම වචනයක් පැහැදිලි නොවෙනකොට මගෙ කට හඩ සම්පූරනම බ්‍රැන්ඩින්වෙලා තිබුනා....

තා...ත්ත්....ත්ත්....තේ.....අනේ.....උ...උ..ද්ද්...කැහ්....කැහ්....කැහ්....

මම සාපකෙරුවා ...මගෙ ඇස් වලට දකින හැම එකටම සාප කෙරුවා ...මගෙ උදව්වට බල්ලෙක් නාව එකට මම මටම සාප කරගත්තා ...කට ඇරලා අනේ උදව් කරන්න කියන්න බැරි උන මම මටම සාපකර ගත්තා.....

හල පහල මිනිස්සුන්ගෙ සුදු පාට ගේට්ටු කනු රතු උනා...මම මගෙ අත් වලින් ගගහා පුලුවන් තරම් කෑ ගැහුවා...ඒත් නෑ....ඒත් එකෙක් වත් එලියට ආවෙ නෑ.....

අලුතෙන් පේන්ට් එක ගහපු වාහනේ පුරාවටම මගෙ කැපුන අත් වල ලේ ගෑ වුනා...මම වාහන කදට පුලුතරම් ගැහුවා කෑ ගැහුවා...ඔලුව ගහගත්ත පාරවල් කොයි තරම් සැරද කියනවා නම් අවසානෙදි මගෙ නලල පුපුරලා ගියා..මටම ගහගන කම්මුල් පුපුරු ගහගන්න ගත්තා ගොත ගහලා ගොත ගහලා හෙම්බත් වෙලා උන්න මම වාහනෙ වටේ දුව දුව කා ගැහුව.....අවසානෙදි බිම ඉදන් මම මගෙ අත් දෙකෙන් කොන්ඩෙ උගුල්ල ගන්නවා එක්කම වාහනයක් ඇවිත් නතර කෙරුවා ...

ත්ත්....ත්තා....ත්තෙ. .....ත්...ත්...තාත්තේ...හ්ජ්

කොල්ලො...ලමයො...!!!

ත්ත්....ත්ත්.....

සංජාන.....ලමයො.....ලමයො.....

තාත්තා ...!! අනෙ මගෙ තාත්තා ...තාත්තා ඉන්නවා...!!!!!

මම හැරිලා බැලුවා ...තාත්තා ඒ ඉන්නෙ තාත්තා . . .ශර්ට් එකක් වත් නැතුව උන්නෙ තාත්තා....ආව වාහෙනෙන් බැහැලා ඇවිත් තිබුනෙ තාත්තා උනත් ආව කම්පනේ මටම දරාගන්න බැරිව මම.දැගලුවා.....ඔලුව වන වන මම මගෙ කොන්ඩෙ ඇද ගත්තා...මගෙ ඉස්සරහ තාත්‍තා උන්නා උනත් මම තාත්තෙ තාත්තෙ ගගා ලෑ ගහනකොට මාව කවුරු හරි දරදඩුවට අල්ල ගත්තා වගේම තාත්තා එහා මෙහා දුවන ගමන් කෑ ගහන ගමන් කඩාගන වැටුන වාහනෙ උස්සන්ඩ හදනකොට මම කෑ ගැහුවා...

මම ඇඩුවා.....අනේ තාත්තෙ ගගා තාත්තා ගාවට දුවන්න හැදුවා .එතනින් පස්සෙ උනේ මොනවද කියන්න මට මෙලෝම සිහියක් නැති වෙනකොට මාව අල්ලන් උන්නෙ අලුත් කස්ටමර් කියන එක විතරක් මම අහම්බෙන් දැක්කා...

මම එයාගෙ ඇගේ එල්ලුනා.....මෙච්චර ලොකු උනත් මම සමහර දේවල් වලින් පුදුමාකාර තරම් පහලට වැටෙනකොට පොඩි එකෙක්ට අන්ත උන වගේම එයාගෙ ඇගේ එල්ලුන මම එයාගෙත් කොන්ඩෙ ඇද්දා.....ගැහුවා හැපුවා...අවසානෙදි එයා මාව කිටි කිටියට තද කරන් තාත්තා ඉන්නවා තාත්තා ඉන්නවා ගගා මගෙ පිට අත ගාන්න ගත්තා ....

ත්ත්....තා....ත්තෙ...අනෙ....ත්ත්....තා...ත්තේ ..

තාත්තා ඉන්නවා....ඔයාගෙ තාත්තා ඉන්නවා.....

තාත්තා ඉන්නවා..ඔයාගෙ තාත්තා ඉන්නවා ගගා උන්න එයා මගෙ දැගලිල්ල බේරන්නම බැරිම තැනද මන්දා මාව වඩා ගත්තා ....තාත්තාටවත් දැන් මාව වඩාගන්න බෑ....ඒත් එයා මාව වඩා ගත්තා .....මගෙ කකුල් දෙක එයාගෙ ඉන වටෙ ඔතා ගත්තු මම එහෙම්ම බෙල්ල අස්සට මූන ඔබා ගන්නවා එක්කම ඇම්බුලන්ස් එකක සද්දෙ ඇහුනා.....

ඒක අනිත් එක.....ඇම්බියුලන්ස් එකේ සයිරන්ස් සද්දෙට මගෙ පපුව පුපුරන්න එන්කොට මම එයාගෙ දරදඩු අත් වලින් පැනලා යන්න හැදුවා....

ඔයා කොහෙයද යන්න යන්නෙ.....

බ්බ්...බ්....බය...බය...යි...බ්බ්...බයයි....අම්...අම්මෙ....අම්...අමේ...හ්හ්

මම එයාගෙ අත් වලින් ගැලවුනා.....එයාට මාව අල්ලගන්න බැරි උනා.....එයාගෙ අත් වලින් ගැලවුන මම අවසානෙදි ගේ අස්සට ගිහින් ජනෙල් තිර අස්සට රිංගුවා.....අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ....

බ්බ්..බයයි....බ..බයයි...අන්..අනේ...අම්මෙ...අම්ම්..මේහ්....අම්මෙ....හ්....බ්බ්...බයයි....බබයි.....

ඇම්බුලන්ස් එකේ සද්දෙ මිනිස්සුන්ගෙ කෑ කෝ සද්දෙ එන්න එන්නම වැඩි වෙනකොට මගෙ ඔලුව අස්සෙ යකාගෙ කම්මල උනා...මට නොතේරෙන මම නොදන්න...කොටිම්ම මගෙ ඔලුව අස්සෙ නොදන්න කටහඩවල් ගොඩක් එක්ක අපැහැදිලි මූනු ඇදි ඇදි ඇදි මැකෙනකොට මම ආයම ඇද යටට බඩගෑවා...

සංජාන....ලමයෝ...සංජාන....

මට ඇහෙනවා ...තාත්තා මාව හොයනවා ඒත් මම නෙවෙ කතා කෙරුවෙ ....

මගෙ හිතේ මෙවෙලෙ තියන හැගීම් බය මට විස්තර කරන්න වචන නැති වෙනකොට මම කෙරුවෙ මගෙ කටහඩ පිටට ඇහෙන්නෙ නැතුව යන්න මම අත් දෙකෙම්ම කට වහගත්තා.....කට වහගත්තා උනත් මගෙ කන් වලට ඇහෙන සද්ද වලින් බේරෙන්න මම කන් දෙක ආයම වහගත්තා...

මගෙ පපුව ගැහෙනවා...මගෙ පපුව පුපුරන්න ගැහෙනවා....තාත්තගෙ සද්දෙ විතරක් නෙවෙ එයාගෙ කටහඩත් ගේ අස්සෙන් ඇහෙනකොට මම තව තව ගුලි උනා.....

සංජාන.....

....

කොහෙද.....ලමයා කොහෙද?

කොල්ලා බයයි....කොල්ලා සද්ද බද්දවලට බයයි....සංජාන....උඹ කොහෙද පුතේ....සංජාන....

තාත්තා එහා මෙහා දුවනවා...එයා තාත්තගෙන් අහනවා ළමයා කොහෙද කියලා....මම නිකන් දාම මිනිමරුවෙක්ගෙන් බේරෙන්න හදන එකෙක් වගේ මම ඇද යට ගුලිවෙනකොට මගෙ කාමරේ දොර ඇරුනා...

අනේ....අනේ....

මගෙ හිත තව තව එන්න එන්න ගැහෙන්න ගත්තා .....අඩි සද්දෙ කාමරේ පුරාවටම එහා මෙහා යනකොට මම තවත් ගුලි ඉනා....

ඉන්නවද....?

නෑ....කොහෙ හරි දිව්වද....

නෑ...ළමයා දුවන් නෑ...හැංගෙනවා....සංජාන...මගෙ පුතේ උඹ ඉන්නවා නේද...මේ තාත්තා....තාත්තා ඉනන්වා...තාත්තා ඉන්න්න්වනෙ...

තාත්තගෙ කකුල්....

මම තාත්තගෙ කකුල් අදුන ගත්තා.....ජනෙල් තිර එහා මෙහා වෙන හැටි මම දැක්කා...තාත්තා දන්නවා මම හැංගෙන තැන්....තුවාල උන අත්වලින් එන ලේ කැටි ගැහෙනකොට කට වහගත්තු පාර මූන වහගත්තු පාර මගෙ මූන පුරාවටම ලේ වැදිලා තියනකොට එක පාරම කවුරු හරි ඇද යටට එබිලා බලනවා එක්කම මම යට ගිරියෙන් කෑ ගැහුවා එපා කිව්වා එපා...අනේ එපා....ගගා පුලුවන් තරම් ගොත ගැහුවා .. . . .

එ...එපා...අනේ....එ...එපා...අනේ....අම්...අම්...අමේ ....එපා....හ්....

සංජාන...පුතා....මේ තාත්තා...මේ තාත්තා... අනේ උඹගෙ තාත්ත්නෙ.... ...

එයාව ඇම්බ්‍යුලන්ස් එකෙ ගෙනියන්න බැරි වේවි ...

බෑ කොල්ලා බයයි .....

තාත්තා මාව ඇදයටින් ඇදලා එලියට ගන්න හදනවා එක්කම තාත්තා බව දැන දැන උනත් මම තාත්තගෙනුත් හැංගුනා ..කැපිලා ගියපු අත් වල තුවාල එන්න එන්නම එන්නම පෑරි පැරි වේදනාව වැඩි වෙනකොට මම කෑ ගැහුවා....

එ...එ එපා....එපා.....

එලියට වරෙන් දරුවෝ මං තාත්තා

ඇද උස්සන්න ....

ඇද යට ඉන්න මාව එලියට අදින්න බැරිම තැනමද කොහෙද එයා ඇද උස්සන්න කියනවා එක්කම තාත්තයි එයයි දෙන්නම එකතු වෙලා ඇද දෙපැත්තෙන් උස්සනවා එක්කම මම බිම දිගේ බඩ ගෑවා....ජනෙල් තිර අස්සට රිංගන්න හද හද එපා එපා කිව්වා.....මම මගෙ කකුල් දෙක අස්සට මූ න ඔබාගන එන්න එපා කොය කියම කන්දෙක පිහනවත් එක්කම එයා ඇවිත් මගෙ උරහිසට අත තියනවා එක්කම මම යට ගිරියෙන් කෑගැහුවා .....

බ්බ්බ්....බ්බ්.....බා....ප්පේ.......!!!

...??

...??

🤗ජොබීත නිදහාස්ස්ස්.....🙂

ආය හෙත ඈ.. හෙත හෙත. .....

චුට්ටයි තමයි ...ඇයි ඇයි ආ....ඇයි ....😂😂👉👈මේ ලමයත හරී යට වැඩ... !!!

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters