Ficool

Chapter 7 - 07

ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...

මං නෙවෙ හුස්මක් ගත්තෙ...සින්දුවක් අහමුද අහපු බේබි හාමු මගෙ කනට හිරකරාපු වයර් එක දිගේ ආව සින්දුව එක්ක මට නෙවෙ කතා කරන්න හිතුනෙ.....ඒ සින්දු එක්ක කොහොම කියලා නම් දැහැන බිදගන්නද ....

දෙවි හාමුදුරුවනෙ මං මේ සින්දුව අහල තියනවා.....මගෙ ඉහෙ කෙස් ගානට අහලා තියනවා....ඒත් කවදාවත් මේ මොහොත ඇතුලෙ දැනෙන හැගීම් මට දැනිලා තිබුන් නෑ...

මන්දාරම් මේ ආකාස සෙත් වැහි බිදු මහපොලවට හලන්නම් එනවද තෙමෙන්න.....මේ වචන හැම එකක්ම අයිති එයාට....එයාගෙන් මේ වචන පිට උන හැමමොහොතෙම බරට පිට උන හුස්මවල් හැම එකක්ම අයිති මට...ඒ හැම වචනයක්ම කියනකොට අනේ ඒ ඇස් මක්කද දෙඩුවා බුදු හාමුදුරුවනේ ...

හදවත පුරාවටම කාන්දු උනත් මොකක්ද කියලා හොයාගන්න ,ලෙහා ගන්න බැරි සංසාරික පුරුද්ද එක්ක අතරමන් වෙලා උන්න මට මේ සින්දුවෙන් දැනෙන හැගීම ඔක්කොටම එහා දරාගන්න බැරි උනා.....මගෙ ඇස් දෙක තිබුනෙ කාට කාටත් වැහි බිදු බෙදුවත් උපන්දා ඉදන් මමවත් නොදන්න වැරද්දකට වෙනස් කම් කරන නිල් අහස දිහාව බලාගන වෙනකොට සුනිල් මහත්තයගෙ කටහඩ ඇතුලෙන් මට කලාත්ම මහත්තයගෙ කටහඩ ඇහෙනවත් එක්කම මං එකපාරම එයා දිහාව හැරිලා බැලුවා.....

කිව්වට විස්වාස කරන්න....මගෙ හදවත උඩට තිස්තුන්දාහෙ විදුලි රැහැනක් කඩන් වැටුනා.....ලා දුඹුරට හුරු දිගැටි ඇස් මහ සද්දෙන් මගෙ ඇස් වල හැප්පුනා....

ඒ ඇස් තිබුනෙ මා ගාව!!

සින්දුව අහගන අහස දිහා බලාගන ලෙහන්න අමාරු හැගීම් ලෙහා ගන්න

දතකන මගෙ ගාව....මං මේතාක් කාලෙකට හිතාගන උන්නෙ මේ සින්දුව කියන්නෙ සුනිල් මහත්තයා තට්ට තනියෙන් කියලා....ඒ කටහඩට කාටවත් අත් වැල් බදින්න පුලුවන් කියල මං හිතුවෙම නෑ....

ඒත් ....අද ඒ හැම දේම බිදිලා ගියා....

කලාත්ම හාමුත් සින්දුව කියනවා....කියනවට වඩා ඒ ඇස් මගෙ ඇස් දිහා බලන් වෙන මොනවද කියනවා....මගෙ පපුව ඇදුම් කනවා.....

විස කටු ඇනී....ආතුරවූ සිතට ඔබේ

ඔබ මට කියා දුන්න

සෙත් කවියක් කියන්න.....

.......මන්දාරම් ....

බේබි හාමු...

ඒ සින්දුවට ආසද.....මීට කලින් අහල තියනවද...

සින්දුව අහවර උනා.... ඒ එක්කම කලාත්ම හාමු මට කතා කෙරුවා....ඒ සින්දුවට ආසද අහනවා.....මීට කලින් අහල තියනවද අහනවා.....මට ඕන උනෙ අනේ හාමු තරහා නැතුව මට තව සින්දුවක් අහන්න දෙනවද කියලා අහන්න උනත් මට අර ප්‍රශ්නෙට උත්තර නොදී සින්දුව අහන්න මොකක්ද වගේ වෙනකොට මං පිල්කඩ උඩ තිබුන මට තිබුන එකම වස්තුව උන රේඩියෝ එක පෙන්නලා ඒ සින්දුව අහලා තියනවා කිව්වා....

අහලා තියනව ....මං ඕක අහලා තියනවා...මේ රේඩියෝ එකෙන්....මං මේකෙන් අහනවා හාමු....

මන්දාරම් රේඩියෝ අහන්න ආසයි ඒ කියන්...

හාමුගෙ ඇස් දෙක තවම මගෙ ළඟ.....මං ඇගිල්ල දික් කරලා රේඩියෝ එක පෙන්නුවත් හාමු නෙවෙ රේඩියො එක දිහා බැලුවෙ.....කලාත්ම හාමු මං නොකරපු වරදකට මගෙ ඇස්වලට මාංචු දාලා...

කොච්චර වාත් බලන්නෙම මගෙ ඇස් වලට එබෙන්න හදන එක වෙනකොට මං බිම බලාගත්තා.....අනෙ උඹ දන්නෙ නෑ හාමු...මට උඹ මොන තරම් නිවුන රූපයක් උනත් ..මට උඹ දිහා බලන්න බෑ.....මගෙ අතින් මන් වත් නොදැකපු තවත් මහත්තයෙකට බැල්මකින් වත් වංචා වෙනවදෝ කියලා මගෙ හිත රිදෙනවා....

කලාත්ම හාමු මන්දාරම් කියන වාරයක් ගානෙම මං ප්‍රාර්තනා කරනවා සියපත් මහත්තයත් හීනෙකින් වත් මට අර නිවුන කටහඩින් එකම වතාවක් හරි මන්දාරම් කියාලා යනවා නම්....

කාත් කවුරුත් නොදන්නවා උනාට....ලැබෙන්න තියා...මගෙ වෙන්න කියලා කියන්නවත් පින් නැති මම සියපත් නම් උන මායාකාරි පිරිමි පරානෙට අධිමාත්‍රීකව ආදරෙ කරන ගමන් උන්නා....එහෙව් මං කොහොමද තවත් "නිවීමකගෙ "ඇස් වලට මගෙ ඇස් දන් දීලා අප්‍රකාශිත ප්‍රේමයකට උනත් බැල්මකින් වත් වංක වෙන්නෙ????

ඔව් හාමු.....මං හරි ආසයි රේඩියෝ අහන්න....

මං මගෙ ඇස් හරි ඉක්මනට කලාත්ම හාමුගෙන් උදුරගත්තා...සමාවෙයන් බෝසත් ගති ඇති පිරිමි පරානයක් උනත් අනෙ හාමු...මට බෑ කෝවලන් කෙනෙක් වෙන්න...ආදරෙයි තියා මාව දැකලා වත් නැති...මං වගේ මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්නවද කියන්නවත් නොදන්න මනුස්සයෙක්ට මං හරි ආදරෙයි හාමු.....

ඇත්තට ....ඕන එකක් අහනවද....??

නෑ හාමු...දවල් වරුවට අහන්නෙ නෑ...රෑට විතරයි ...එකම දිගට අහන්න ගියොත් මේකට ඔය හැටි බැට්ටි කෑලි කොහෙන්ද ...රෑට ව්තරයි ...මොන ලෝකෙ උන්නත් රෑ දහයෙ කනිසම කිට්ටු වෙනකොට මං මේක ළඟ හාමු...

මං හරිබරි ගැහුනා....මෙච්චර වෙලාම මගෙ දිහාව බලන් උන්න හාමුගෙන් මන් මගෙ ඇස් හන්ග හන්ග උත්තර බැන්දට මොකද කලාත්ම හාමු රේඩියො ගැන අහනකොටම මට එකම සැනසීම ගේන මනුස්සයව හම්බුන තැන රේඩියෝ එක හන්දම මගෙ මූනට යන්තන් හිනාවක් මතු උනා.....

මට බේබි එක්ක දහයෙ කනිසම ගැන කියන්න හිතුනා...බේබි අහලා නැත්තන් බේබිත් අහන්න කියන්න හිතුනා....කොටින්ම බේබිලා අපි සම මට්ටමක ඉදගන්නවත් වටින්නෙ නෑ කියන කාරනාව පවා අමතක උන යාමෙක බේබිගෙන් ඈතට රූටපු මං දශමෙන් දශමෙ බේබි ගාවට ලන් උනා...

බේබි අහනවා ඕන එකක් අහනවද....හැමවෙලාවෙම අහනවද කියලා....යතාර්තෙ තනිකරම කසාය තරමට තිත්ත උනත් මක්කද මං පරඩැල් උන මූන හිනාවකින් වහන් උත්තර බැන්දා....දවසම ඇහුවොත් ඔය හැටි බැට්‍ටි කෑලි කොහෙන්ද අහපු මං ලාවට හිනා උනා.....

ඇත්ත...හාමු කොහොම කියලා දන්නවද අපි වගේ උන් පිරිමහන පිරිමැහිල්ල....පුරූවෙ කියපු කරාපු කාරනා අනුව ලැබුන ජීවිත එක්ක අපිට කොහෙන් ආව හයියක්ද ඉහල එවුන්ට දෙස් තියන්න...

හුස්ම ගියත් හිනා වෙලා ඇස් පියාගන්න තරමට වේලුම් කාපු මහපොලව, කාටක අවුව....ඉහ උඩ මායිම පන්නපු අගහිගකම් මාව පදම් කරලා තියනකොට මං ලාවට හිනා උනා...ඔය හැටි කොහෙන්ද බැට්ටි කෑලි අහලත් මං ලාවට හිනා උනා....

කකුලක් අද්ද අද්ද උන්න කලුවා මුලින් මුලින් බේබිට බුහ් බුහ් ගගා සද්දෙ දැම්මට මක්කද පහු පහු වෙනකොට මං බලාන ඒකා හීන් සීරුවට බේබිගෙ කකුල ඉව කරලා ඒකගෙ කන් දෙක පස්සට දාන් බේබි දිහා බලාගන වල්ගෙ වනනවා...

ඕකට මිනිස්සුන්ගෙ පපු කියවන්ඩ ඉව තියනවා....එක්කො ආදරෙ වැඩි උනහම අඩන්න පටන් ගන්නවා...ඕකගෙ කෙරුවාව ඕකම වෙද්දි බේබි දිහා බලාන උන්න කලුවා අනිත් පාර අඩන්න ගත්තා ....

මොනවද ඔයා කියන්නෙ .....මේ කකුලට මොනාද උනේ....කා එක්කවත් හර්තාල් කරන්න ගියාද ලමයො.....??

මං බලාගන උන්නා...මන්දා...හාමුගෙ හැසිරිම එන්න එන්න මගෙ පපුවෙ හැම බිම් අගලම අල්ලගන්නකොට පුරුදු කාරයා වගේ බේබි කිසි හිරිකිතක් නැතුව කලුවගෙ ඔලුව අතගෑවා මදිවට ඒකගෙ බලු හොම්බ උඩත් අතගාලා ඌට ලමයො කිව්වා...වෙන උන් කලුවට පවා දෙස් තිබ්බා....එවුන් හිතුවෙ මයෙ කලුවා බඩ පුරවගන්නෙ අහක දාන මලකදන් වල බඩබොකු වලින් කියන තරමට එවුන්ගෙ ඔලු නරක් වෙලා තියෙද්දි උන් මේ අහිංසකයටත් පද හැදුවා...

ඒත් ....ඒ අතින් කලාත්ම හාමු....

එදා වේල කාගන්න නැති උන් එලි නැති පුස් රැස් විහිදනකොට බේබි හාමු කෙරුවෙ දයාව පාපු එක...

ඉතින්...මන්දාරම් තවම මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑනෙ...ඕන එකක් අහනවද...?දවල් වරුව...උදේ වරුව අහන්නෙත් නැත්තන් ඕන එකක් අහනවා වෙන්නත් බෑ.....රෑ වරුවට මොකක්ද අහන්නෙ.....??දහය වෙනකොට රේඩියො එක ගාව නම්...අනිවාර්යයෙන්ම මන්දාරම් ආස මොකක් හරි ඇති...එහෙම නේද.....?

බේබිත් හරියටම රේඩියො එකක් වගෙ . ...හුස්මක් අල්ලන්නෙත් නෑ...කොච්චර නම් මෙහෙම කියවනවද මන්දා .....?

ආස එකක් තියනවා හාමු....

කලාත්ම බේබිගෙ වැල්වටාරම් කතාව එක්ක බේබි දිහා බලාගන උන්න මගෙ යටි හිත බේබිට චරිත සහතික ලියාගන එනවත් එක්කම මන් බේබිට උත්තර බැන්දා....කොහොම කියලා නම් මං ඔය දහයෙ කනිසම හන්ගන්නද....ඇරත් දුප්පත් මට නම් සියපත් මහත්තයා කියන්නෙම දරුනුම තැල්මකට උනත් අයම හාවෙන්නෙ නැති වෙන්න තරමට ගැඹුරට කැපුන තුවාලෙකට උනත් නිට්ටාවටම සුව වෙන බෙහෙතක්....

එහෙව් මනුස්සයෙක් ගැන බෙදාගත්තට කාරි නෑ.....

ආස එකක් තියනවා...මොක්කද ඒ....

දහයෙ කනිසම බෙබි හාමු.....!මං ඔය දහයෙ කනිසමට පනඇරලා ආදරෙයි බෙබි හාමු...

..............!!!!

මං හිතන්නෙ තත්පර ගානක් අපි අතර නිහඩ බවක් තිබුනා.....මගෙ ඇස් තිබුනෙ කනාටු උන ගහ කොල ගාව....ඒකදනතයා පොඩි කරාපු ඉනිවැට දිහාවට....මං ආසම දහයෙ කනිසමට කියනවත් එක්කම මං අහගන බේබිගෙන් හරි බර හුස්මක් පිට උනා...ඒත් මගෙ මූනෙ යන්තන් හිනාවක් පිපුනා...

දහයෙ කනිසමට....මන්දාරම් ඒකට ආසද...??

එහෙමයි අපෙ හාමු...මං ඒකට හුගක් ආසයි....මං වගේ දුගී දුප්පත් එකෙක්ට සැනසීමකට තියෙන්නෙ ඔච්චරයි ...ආසයි.....මං....හරි ආදරෙයි හාමු..

සියපත් කියලා මහත්තයෙක් කරන දහයෙ කනිසම මගෙ පපුව නිවනවා....ඒ උත්තමයට ඒ පිනම ඇති බේබි හාමු බුදුන් දැකලා නිවන් දකින්න....

........

මේවා හරි මහන්සි ජීවිත බේබි හාමු...හිනා පොදක් පේනතෙක් මානෙක නෑ...එහෙව් අපිට සැනසීමක් කියන දේ බිදක් වත් උරුම නැද්ද හාමු...???මට සැන්සීමකට තියෙන්නෙ ඔය මහත්තයා ගෙ කටහඩ විතරයි .....සින්දු අහුරක් එක්ක තවත් මනුස්ස පරාන වල ආදර කතා....විරහා අහුරක් අරන් ඇවිදින් මම සියපත් ආකාස බ්‍රහ්මනගේ කියන කොටහ ඇහෙනකොටත් මං සෝවාන්වෙලා වගේ බේබි හාමු.....

එ තරමට මං ඒ රත්තරන් මනුස්සායගෙ කටහඩ හන්දා නිවෙනවා....ඒ උත්තමය නොදන්නවා උනාට....අනෙ හාමු මං ඔය පහන් පැලෙ පහන තියනකොටත් පින් දෙනවා...

මේ සන්සාරෙ කොහේ හරි තැනක කරාපු පවකට මෙහෙව් ජීවිතයක් උරුම උනාට...කරාපු අංශුමාත්‍රීක පිනක් ඇති නම්....අනෙ කලාත්ම හාමු....මං ඒ පින් අහුර ඔය මහත්තයා වෙනුවෙන් අනුමෝදන් කරනවා....ඒ ඇත්තව දෙයියො බුදුන්ගෙ ඇස් මායිමෙ ඉදන් රැකෙන්ඩය කියලා ....මොකද ඒ මහත්තයා නොදන්නවා උනාට...මේ බෙනේගෙ තුවාල උන හිත සුව කෙරුවෙම ඔය සියපත් මහත්තයා .....අනේ ඒ උත්තමයට ජාති ජාතිත් හරියන්න ඕනා හාමු.....

.........

මං හරි හිමීට මිමිනුවා....මිනිස්සුන්ගෙ කතා වලට පදම් උන පපුවත් ඉදහිටක කැක්කුම් අල්ලන් වේදනාව උහුලන්න බැරුව උඩු දුවන හැම රෑකම මං නිවුනෙ ඒ උත්තමයට පින් අයිති වෙන්න කිය කිය මුමුනනකොට මං බලාගන බේබි හාමුගෙ ඇස් මක්කටදෝ මන්දා තෙත් වේගන යනවා...හාමු නොදන්නවා උනාට මාත් රැ එලිවෙනකම්ම ඇඩුවා ...

ඊයෙ රෑත් දහයෙ කනිසම ඇහුවද....?

ඇහුවා.....ඒත්...

ඇයි මන්දාරම් ??

මං බිම බලාගත්තා .....දරු පැටියව කර පින්නන් දුවපු දිවිල්ලට මගෙ කකුල් තඩිස්සි වෙලා....ලෙලි ගියපු හැම තැනකින්ම එලියට එන කැක්කුම ඉහවහ යනවා මදිවට රෑ එලිවෙනකම්ම මං හිතේ වේදනාවෙනුත් සිහිවිකල්ලෙන් ඉන්නකොට බේබි මගෙන් අහනවා දහයෙ කනිසම ඊයෙත් ඇහුවද අහනවා...කොහොම කියලා නම් තේරුන් කරන්නද මගෙ සැනසීම හොරු අරන් ගිහින් කියලා ....

ඊයෙ රෑ ඒ මහත්තයා ආවෙ නෑ බේබි හාමු.....බේබිට කියන්න.....මං නටාපු තොයිලයක් නැති තරම් ...මක්කවත් වෙලාදෝ....අනෙ දෙයියො බුදුන් ඒ මහත්තය බලාගන්නම ඕනා හාමු.....

මෙච්චර දවසක් මං සියපත් කියන නම අහනවත් එක්කම මගෙ හිතේ තිබ්බ හැම බරක්ම.....වේදනාවක්ම අන්තරස් දහන් උනා....ඒත්....ඒත් ....ඒ මහත්තයා ඊයෙ ආවෙ නෑ .....මගෙ හිතම ඇදුම් කනවා...මක්කවත් වෙන්න එපාය කියනවා ....

බෙබි හාමු....මං වගෙ එකෙක්ට සියපත් මහත්තයා කියන්නෙ තව්තිසාවෙන් මහපොලවට ආව දෙවියෙක් වගෙ ..මගෙ දෑහට පිනක් නෑ ඒ මහත්තයව දකින්ඩ.....ඒත්...අහනඑකත් මට මහමෙරක් ...අනෙ ඒ මහත්තයට කරදරයක් නන් වෙන්න එපා .....ඒ මහත්තයා ආවෙ නෑ මහත්තයා .....

මන්දා.....අදවත් එයිද කියලා .....මං හිතනවා ඒ මහත්තයා අද එයි කියලා....

අදත් එන එකක් නෑ...!

මාව එකපාරම ගැස්සිලා ගියා.....රැයක් පුරාවටම ඉවසපු ඉවසිල්ල දන්නෙ මං විතරක්ම වෙනකොට හෙට කියන දවස මගෙ ජීවිතේ කොනක වත් නැති මමම මුලු රෑම අද දවස වෙනකන් බලන් උන්නා...මහත්තයා කියනවා අදත් එන එකක් නෑ කියලා....අලියා ගැහුවට වඩා වේදනාවයි ..

කොටින්ම ඒ වචන එක්ක මට දැනුනෙම ඒකදන්තයා මගෙ හදවත විතරක් උගුලන් හොඩෙන් පොඩි පට්ටම් කරන්නා හා සමාන වේදනාවක්...

ම්..මහත්තයා....ම්..මක්කද කිව්වෙ....???

ඔයාගෙ සියපත් මහත්තයා අද එන්නෙත් නෑ මන්දාරම්...

අ..අනේ.....ඇයි බේබි හාමු.....මහත්තයා සියපත් මහත්තයව දන්නවද.....ඒ උත්තමයට මක්කවත් අසනීපයක්ද...අනේ තුන්ලෝකෙටම නිවන බෙදන බුදුනෙ ඒ උත්තමයව රැකපල්ලා....

මගෙ අත් දෙකම එකට එකතූ උනා...කලාත්ම හාමු උන්නෙ ඇහි පිල්ලමක් වත් නොගහම මගෙ දිහා බලාගන වෙනකොට ඒ වචනත් එක්ක අඩමානෙට පන යාගන ආව මං නිස්සාර මහපොලව දිහා බලාගන් උන්නා.....

.....බේබි හාමු....සියපත් මහත්තයව දන්නවද හාමු....

.......දන්නවා...මං හොදට දන්නවා...සියපත් මගෙ යාලුවෙක්...අද නාවත් හෙට අනිද්දා දිහා අනිවාර්යයෙන්ම එයි....

මට නෙවෙ සතුටක් දැනුනෙ...මට නෙවෙ සැනසීමක් දැනුනෙ...හෙට නැත්තන් අනිද්දා දිහා අනිවාර්යයෙන්ම එයි කියපු කියපු බේබි හාමු සියපත් මගෙ යාලුවෙක් කිව්වත් මට නෙවෙ සතුටක් දැනුනෙ.....

මං ඔහෙ බලාගන උන්නා.....ගුරුපාරට ඉහලින් හුලන් රැල්ලක් ගහගන යනවාරයක් පාසාම පාර පුරාවටම දූවිලි වලාවන් ඇදි ඇදි යනවා...ඇල්මැරුන පාට ගත්ත කැහැපට කවාපු සරමක් ඇදගත්ත එකෙක් එකේරේ ඉදන් වැවට බැහැල මඩ වතුර කලයක් උරිස්සෙ තියාගන පයට සෙරෙප්පුත් නැතුව හූල්ලගන වගේ ඒකගෙ පැලට යන්න යනවා.....

හල් බොරලු ඇනි ඇනි පයට දෙන වේදනාව හන්දයි....උරිස්ස උඩ තියන් කලෙ කෙසග සර්වාංගෙට දෙන වේදනාව හන්දයි ඒකා බෙනෙ ගෙදර පේන තෙක් මානෙ වෙනකම්ම ආවෙ ඉබිගමනින් උනත් මක්කද මේ වැට කඩුල්ල කිට්ටු වෙනවත් එක්කම ඒකා කොහෙන් ආව හයියක් අර කසිකබල් සර්වාංගෙටාඅරුඪ කරන්ද මන්දා විලක්කුවට බය පෙර්තයා වගේ අපේ වැටකඩුල්ල ගාවින් වතුර කලෙත් අරන් ඉක්මං අඩි තිබ්බා විතරයි මං බලාගන කල කටින් මඩ වතුර බිදු ගුරුපාරට වැටුනා....මගෙන් බර හුස්මක් පිට උනා....

උන් තනිකරම මේ ගේ පහු කරනකොට පහු කරන් යන්නෙ කැරකොප්පුව ගාවින් යන්නා වගේ.....

හෙට නැත්තන් අනිද්දා එයි කියලද බේබි හාමු කිව්වෙ.....හාමුගෙ ලගම හිතවතෙක්ද ඒ මහත්තයා .....

ඔව් තනිකරම මගෙ හුස්මයි මායි වගේ ඒ තරම්ම අපි කිට්ටුයි....සියපත් අද හෙට නැති උනත්....අනිද්ද නම් අනිවාර්යයෙන්ම එනවා.....

මං ආයම අහක බලාගත්තා...අතට ගත්ත රේඩියො පොඩ්ඩ පුරාවටම මගෙ ඇගිලිවලින් රටා යව යව උන්න මං බරට හුස්මක් ගන්න ගමන් බේබි හාමු කියාපුවා ආය ආයම මගෙ යටි හිතින් කියා ගත්තා.....

බේබි හාමුගෙ හුස්ම් තරම් සියපත් මහත්තයා ලගයිලු.....සමහර විට මට මේ ලෙහාගන්න බැරි අමුතු හැගීම් දැනෙන්නෙ එ හන්දද.....??

ඇයි...මන්දාරම්ට හුගක් දුකද.....සියපත් නැතිවට තව කෙනෙක් දහයෙ කනිසම කරනවනෙ....එයත් සියපත් වගේම කතා කියනවා...සින්දු දෙනවා...

හ්ම්....ඒත්....සියපත් කියන්නෙ සියපත් මහත්තයට බේබි හාමු...කලාත්ම හාමු....මේ තුන්ලෝකෙ හැම මනුස්සයම ආස වෙන්නෙ එක ජාතියෙන් එක මනුස්සයට‍යි.....සියපත් මහත්තයට මිසක්...මහත්තයා වගේ තව අය දාහක් ආවත් මට ඔය දහයෙ කනිසම රස නෑ වලව් හාමුදුරුවනේ .....

අදත් මං ඔයාගෙ ගෙදරට ආවා කියනකොටම හාමු දන්නෙ නෑ....මට හිතෙන්නෙම කාත් කවුරුත් එනවා තියා හැරිලා බලන්නවත් කැමති නැති මේ පැල් කොටේට සියපත් මහත්තයා ආව වගේ කියලා ...

වෙලාවකට මං මගෙ බෙල්ලත් උස්සලා බලනවා වැටකඩුල්ල දිහාවෙන් මනුස්ස හේයාවක් වත් වැටෙනවද කියලා ....මොන...කොහෙ එන්ඩද මහත්තයො...එහෙව් රත්තරන් මහත්තයෙක් කොලොම් තොටින් මේ වියලිකලාපෙ මැටි ගෙදට්ට එයිද හාමු...

මං එකම දිගට කියවන් කියවන් ගියා.....කොච්චර කියෙව්වා උනත් බේබි හාමු නෙවෙ මක්කවත් කිව්වෙ.....බේබි හාමු නෙවෙ වෙන කතාවක් අතරමගින් පටන් ගත්තෙ .කරාපු එකම දේ නම් මගෙ තුවාල උන කකුල් දිහා බලාගන මං කියපු හැම කාරනාවක්ම අහන් උන්න එක විතරක්ම වෙනකොට හාමුගෙ බැලිල්ලෙත් අහවරක් නැති හන්දා මං මගෙ හිගන කකුල් දෙක සරමෙන් මුවා කරගත්තා....

මේ ජීවිතේ කියන්නෙම අහේතුකව තත්පරයක් යන්නතමට හිනා වෙන්න පින් කරාපු, සහේතුකව කල්පකාලාන්තරේකට අඩන්න කදුලු උනන්න පව් කරාපු තැනක් හාමු මහත්තයා....ඒකත් මම නොදන්න පව්.....

බේබි හාමු කියනවා...සියපත් මහත්තයා හෙට නැති උනත් අනිද්දා අනිවාර්යයෙන්ම ඒවි කියලා....ඒ කියන්නෙ අදත් නෑ කියන එක.....

බේබි හාමු....මේ ජීවිතේ ඇතුලෙ....හෙටක් ගැන මං දන්නෙ නෑ ....අද විතරයි ....හෙට අනුන්ගෙ දවසක් හාමු...අද විතරයි අපිට අයිති...!

.......

අපි අතර ආයම නිහඩ බවක් ඉපදුනා...විලිරුදාවන් මක්කවත් නෑ...කොයි වෙලාවෙ ගැබ මේරුවද දන්නෙ නෑ.....ඒත් අපි අතර ආයමත් හරි ලොකු නිහඩබවක් ඉපදිලා තිබුනා...සැරින් සැරේම ගෙයි ඇතුලෙන් එන නංගිගෙ කෙදිරුම...කුසිය පැත්තෙන් එන රොටී ගෙඩියක් පිච්චෙන පුලුටු සුවද ...අපි අතර එහා මෙහා ගියා....

ඉදහිටක කබල ගැනුන ත්‍රීවිල් කට්ටක් යන ගුරු පාර....ඉහ උඩ දරමිටියක් බැදගත්ත ගෑනියක් මේ වැටකඩුල්ල පහු කරන විදිහ...මේ ඔක්කොම අපි අතර කතා බහක් නැති වෙලාවෙදි අපෙ ඇස් අල්ලගත්තා...දෙවනි පාරටත් ආව කෙදිරුම එක්කම කලාත්ම හාමු ගෙයි දිහාවට හැරුනා.....

.මයෙ නංගි බේබි හාමු .....ඒකි ගෙට වෙලා.....නාවලා හමාරයි...ඒකි ලමිස්සියෙක් වෙලා හාමු!!

කැලෑමලක් ගෙට උන විත්තිය මන් මේ මුලු ගමෙන්ම හැංගුවා.....ඒත් කිසි බයක් හැකක් නැතුවා මං මේ හාමු තැන කාටත් හොරාවට මලක පෙති විකසිත උන හැටි මන් ඒ කනට තිබ්බා.....මං බලාගන මෙච්චර වෙලාම අමුතුවෙලා තිබුන ඇස් දෙකෙන් හිනාවක් ඉපදුනා...

සියපත් ලෙඩ වෙලා....ඒකයි නාවෙ...

හ්...හත් දෙයියා....අනේ හාන්දුරුවනෙ දන්න් නෑහාමු....අනේ ඒ මහත්තයට මක්ක වෙලාද හාමු.....අනේ උඩ ඉන්න කෝටි තිස් තුනම ඒ මහත්තයා දිහා බලන්ඩ ඕන හාමු....

කෑලි වලට කපලා ගන්න පුලුවන් තරම් නිහඩ බවක මලගමක් එක්කම බේබි කියාපු කතාවට මගෙ පපුවම හීරුම් කෑවා...සියපත් මහත්තයා අසනීප වෙලා කිව්වා විතරයි මං ඉහට අත ගැහුවා...අනෙ උඩ ඉන්න කෝටි තිස්තුනම ඒ මහත්තයා දිහා බලන්න ඕන කියනවත් එක්කම මං බලාගන එයා ආයම ලාවට හිනාවෙනවා...

ඇයි දෙයියනෙ මෙහෙ මගෙ බඩ පපුව පත්තු වෙනවා....හාමු හිනා වෙනවා...හොදයි කිව්වට මක්කද පොඩ්ඩක් විතර හොදත් නැද්ද මන්දා ..නැත්තන් ඔයාකර ඇහැ හීන් කර කර මක්ක කරනවද....

බේබි හිනා වෙනව....සියපත් මහත්තයට අසනීපයි කියන ගමන් ආපිට පාර දිහා බලපු හාමු හුස්මක් ගත්තා ...හැබැයි බර හුස්මක් නෙවෙ...

මන්දාරම්... නිරිත දිගින් එන හුලන් රැල්ල එක්ක අද හෙට ම මට හරි හරියට ගනුදෙනු කරන්න වෙයි කියලා හිතෙනවා...

හාමු.....

මාව ගැස්සිලා ගියා..නිරිත දිහාවෙන් එන හුලන් රැල්ල එක්ක එක්ක අද හෙටම ගනුදෙනු කරන්න වෙයි කියාපු බේබි හාමු මං වත් නොහිතන වෙලාවක පොල් කෙදි වලටත් වඩා අන්තෙට හොරෝසුව ගැහුන කොන්ඩෙ අගිස්ස හරිය ලා රතක් ගත්ත හීන් වෙච්ච ඇගිලි තුඩුවලින් අවුල් කරලා දානවත් එක්කම මං මගෙ ඔලුව පස්සට ගත්තා....

මන්දාරම් දන්නවද නිරිත දිග අයිති කාටද කියන්න....

මම නෑය කියන්න ඔලුව වැනුවා ...ඉන්න එකා මොකාද කියන්න බාගෙ වෙලාවට දැනන් උන්න උනත් මේ හාමු හන්දා වෙන්නෙ මට දන්න උත්තරත් නැති කරගන්න වෙනකොට මන් ඉක්මනට හාමු ගාවින් අහකට රීටුවා විතරයි හුලන් රැල්ලක් එක්ක ගහන් ආව කැලෑ කොට්ටම්බා මලක් ඇවිදින් මගෙ පඩංගු සරම උඩ නැවතුනා ....

නිරිත දිගම අයිති අනංගයට!!සියපත් ට තියෙන්නෙ ගතෙ ලෙඩක් නෙවෙ...හිතෙ ලෙඩක්!!!මන්දාරම් කිව්වා හෙටක් නෑය කියලා...හෙටක් ගැන හිතන්නෙත් නෑය කියලා ...හෙටක් නැති නම්...හෙටක් ගැන හිතන්නෙත් නැත්තන්..මන්දාරම්ගෙ අද දවස මම වෙන්නද?

ක්..කලාත්....ම....හ්..හාමු.....

ගහක මල්පිපිලා....පිපෙන්නෙ...ඇයිද නොදෙන්නෙමී...සිතක මල් පිපිලා...පිපෙන්නෙ....ඇයිද නොදන්නෙමි.....මන්දාරම් ආකාස....

ඒක පුදුමාකාර ලස්සන සුසංයෝගයක්..... හිතම අල්ලගන්න හැගීමක්.....මන්දාරමෙන් බර උන අහස කියන්නෙම හැගීම් උල්පතක්....හැගීම් නැති තැන බැදීම් හිස් වෙනවා....අහසටත් හැගීම් ගැබ්කරන මන්දාරම ඉතින් බැදීමක් ඇති නොවුනොත් තමයි පුදුම ....හිතට දැනෙන විදිහට මන්දාරම් ආකාසට ආදරෙයි එහෙමනෙ.....?

.......

මට දෙන්න උත්තර නෑ... සියපත් මහත්තයා එක්ක කලාත්ම මහත්තයත් මැදිරියෙ වැඩකරනවද මන්දා ...එක තත්පරේට කොහොම කියලා මෙහෙම් කතාකරනවද ....ඇරත්.....බේබි හාමු මගෙ හිත කියෙව්වෙ තනිකරම පොතක් කියවන්නා වගෙ....කරන්නම දෙයක් නැති තැන මං බලාගන උන්නා.....බේබි අහනවා මං සියපත් මහත්තයට ආදරෙයි නේකියලා...

රූපයක් නොදැක ඉප්දුන මේඒකපාර්ශවීක ආදරෙ මං කොහොම කියලා නම් එලි දාන්නද.....??මං වගේ එකෙක් එක්ක මොන ආදර කතාද....

....ආදරෙයි ද කියලද හාමු ඇහුවෙ....

හ්ම්....ඔව්...ආදරෙයි ද.....

මං වගේ එකෙක්...ඒ මහත්තයා තනිකරම මලක් වෙන්න ඇති හාමු...මං ඇවිදින් බඹරෙක් වෙන්නවත් පින් කරාපු නැති එකෙක්.....නිලමැස්සෙ කවදාවත් මල් පෙති උඩ වැහුවා තියා...උන්ට කැප උනෙ නෑ හාමු මලක් අහලකින් වත් යන්න....එහෙව් මම ආදරෙයි කියලා කිව්වොත් ඒ මහත්තයව කිලිටි වෙයි ...මට නැති උනත් කමක් නෑ.....මං අයිතියක් ගැන තුන් හිතකින් වත් හිතලවත් නෑ....කටහඩ අහන එකම ඒ හඩට නිවෙන එකම මට සැපක් හාමු.....රෝසමල් ඈතින් ඉදන් දකිනවා මිසක්....ඇපිට ඇකැපයි ලගට යන්නත්....

අහිංසකයෙක්!.....අනුන්ව රෝසමලකට සමාන කරන පෙති පහක අහිංසක කැලෑමලක්!රෝසමල් ඔය තරම්ම වටිනවද ???නෑනෙ....මං නම් හිතන්නෙ නෑ.....මන්දාරම් දැකලා තියනවද කවදාවත් රෝසමලක් මල් ආසනේක ඉන්නවා....මොන තරම් සුවද උනත්...ලස්සන උනත්....ඇහැ යන පාට කීයක් තිබ්බත්....නිවන් පුරේ යන්න කලින් බුදුන් දැක්කෙ ආටෝප නැති සරල උන් විතරයි...හරියටම මන්දාරම් වගේ...මං හිතන්නෙ නෑ ඔය කියන විදිහට සියපත් උනත් රෝසමලක් කියල.....අනික මං කියන්නෙ...බය නැතුව මන්දාරම් ආකසාට ආදරෙ කරන්න කියලා...මල් උනත් ආස මහ පොලවෙ පයගහන බඹරුනට.....

මට තනිකරම අන්දුන් කුන්දුන් වගේ..... හුස්මක් ගන්නවත් නවතින්නෙ නැ...කියවන් යන් එක කියවගන යනවා නිමාවකුත් නැ....බය නැතුව ආදරෙ කරන්නලු.....මල් උනත් ආස පොලවෙ පයගහන බඹරුන්ට් කියාපු හාමු ආයම මගෙ ලගට ලන් උනා විතරයි මං ආයම් වෙන අහකට රූටන්න හැදුවා...හත්දෙයියනෙ මට රූටන්නත් දැන් පිල්කඩක් නෑ....එකපැත්තකින් මැටියෙන් ගහපු කොට බිත්තිය....අනිත් පැත්තෙන් කලාත්ම හාමු...!!!

හාමු මගෙ දිහා බලාගන ඉන්නවා...හුස්මක් ගන්නෙ නැතුව කියවලා කියවලා හාමු මගෙ දිහා බලාගන ඉන්නවා...

අද රෑට විතරක් ඉවසන් ඉන්නවද මන්දාරම්...මන් ඕනා නම් ගිහින් ආකාසට කියන්නම්.....පැස්ටල් පාට අහසක් යට ඉන්න මන්දාරමක් ආකාස වෙනුවෙන් පේවෙලා කියලා.... රසිකයෙක්ට ආදරෙ කරන එක.....ඒක ඊට වඩා පුදුමාකාර ලස්සන දෙයක් මන්දාරම්!!!

.....අ..අනේ..හාමු...පින් අයිති වෙයි...ඒ මහත්තයගෙත් නම කැතවෙයි...පිරිමියෙක් කොහොමද හාමු.....තවත්.....පිරිමියෙක්ට....අනෙ වදින්නම් හාමු....මේක මෙහෙම්ම තිවුන දෙන්.....තනිකඩව ඉදල මහ පොලවට දිරන එක සැපයි හාමු....ඒකයි උරුම.....නිස්කාරනෙ පෙරාපු රත්තරන් වගේ තියන නම් කිලිටි උනොත් ඉපදීමක් තිබුනොත් ඊලග ආත්මෙත් මං මෙහෙම පාච්චල් වෙයි හාමු.....වදින්නම්....එපා!

ඔයාට පිස්සු!!මොකුත්ම හිතන්න එපා මෙහෙම හිතන්න සම්මතෙ ඉපදෙන්නෙත් අසම්මතෙ ඇතුලෙන්.....සම්මතෙට ඉපදෙන්න අයන්න ලොප් වෙලා ගිහින්!!

සින්දුවක් අහමුද??.....ඔයාට ඕනම නම් මං එක පාරක් සියපත් වගේ කතා කරන්නම්.....පාලුව යන්න...එයත් එක්ක ඉදලම මට එයාගෙ වචන කටපාඩම්...!!!

කොටින්ම මන් උන්නෙ බය වෙලා... දෙයියනේ හාමුට මක්කද වෙලා....සියපත් මහත්තයා එක්ක ඉදලම එයාගෙ වචන කටපාඩම් කියපු බේබි හාමු එකපාරම උගුරෙ රැල් බුරුල් කරගන අර වැවුන උඩු රැවුලත් උඩ අතට කරකවන ගමන් .....වෙලාව හරියටම රෑ දහයයි ..දහයෙ කනිසම අරන් අදත් පුරුදු වෙලාවටම ආදර හැගීම් අහුරක් තුරුලු කරගන් ඔයා ගාවට ආව මන් සියපත් ආකාස බ්‍රහ්මනගේ කියනකොට මගෙ සර්වාංගෙම හිරිගඩු පිපීගන ගියා කොටින්ම හුස්මත් හිර උනා....

එයා රගපානවා....මැදිරියක ඉදන් කියවන සියපත් මහත්තයව ආරුඩ කරගත්ත එයා අර වයර් දෙක ආපිට කන්වලට ගහන් බොත්ම් ඔබනවා වගේ මක්කද කර කර පෙන්නලා කොලයක් අතේ තියන් කියවනවා වගේ වගේ මගෙ ඉස්සරහා හරි බරි ගැහීගන කියවන්න ගන්නවා එක්කම මට අර මැටි පිල මිරිකුනා....

" ප්‍රේමයට කාරනා තියනවද.....

නෑ....මං අදටත් දන්නෙ නෑ ප්‍රේමයට කාරනා මොනවද කියන්න....සහේතුකව ඇතිවෙන ප්‍රේමයකට වඩා...මට දැනෙන්නෙම අහේතුකව ඇතිවෙන ප්‍රේමයක් කියන්න මං නුඹට කොදුරන්න කැමතියි පෙම්වත.....!!!

කාගෙ කාගෙත් ඇස් පනාපිට කතරෙ වැලිකැට ප්‍රේම කරන්නෙම දිනකරට වුවද...,ලොවට රහසින් වැහිබිදකට පෙම්බදින උනුත් ඇති ඔය අතර පතරින්.....

ඉතින් මේ ආදරෙ.....හිරුට පෙම් නොබැද වැහිබිදකට ප්‍රේම කරන්න හදන මගෙන් ඔයා වෙනුවෙන්.....!!

මම

මන්දාරම් යශෝධ බෙනරගම,

අනුරපුරෙන්!

...මාත් අහන්නෙ මෙච්චරයි ....කතරෙ වැලි කැට පෙම් බදින්නෙ ගිනිගහන දිනකරට විතරමද?ගහක මල්පිපිලා...ඉතින් යශෝධ .....ගහක මල්පිපෙන්න හේතුවත් අපි අහල බලමු!ගහක මල් පිපිලා...පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි...මේ සින්දුව ඔයාවෙනුවෙන්.....!

ගහක මල් පිපිලා

පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි.....

සිතක මල් පිපිලා

පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි....

නුඹට සිත බැදුනෙ කිමැයි මා....

තවම නොදන්නෙමි....

නුඹට හිත බැදි කාරනෙ මන් තවම සොයන්නෙමි...!

මන්දාරම්....

.....

මන්දාරම්....

බ් ..බෙබි...හාමු....

මාව ගැස්සුනා.....බෙබිගෙ අත තිබුනෙ මගෙ අත උඩ වෙනකොට මාව එකපාරම හිටගැසුනා...සියපත් මහත්තයා කතා කරන්නා වගේම කතා කරපු බේබි හාමු අර හතැරහැ පුංචි පෙට්ටියෙන් මට ගහක මල්පිපිලා අහන්න දෙනවත් එක්කම අනේ දෙයියනෙ දැහැනෙ තරම කියන්නෙ මටත් නොදැනිම මගෙ ඇස් පියවිලා ගිහින් තිබුනා...

අහස් ගැබට නැගපු ගිනියම් උන ඉරත් එක්ක උනුහුම් උන හුලන් රැල්ල මැටි පිල්කඩ ආක්‍රමනෙ කරගන යනවත් එක්කම ඒ හුලන් රැලි තෙත් කියන නාමයක් නැති ඇට්ටර ගැහුන මගෙ මූනට පවා හාදු තියාගන යද්දි හිත බැදෙන්න කාරනා හොය හොය උන්න මගෙ ඇස් තදින්ම පියවිලා තිබුනා...දෙවංගියක්ම කතා කරපු බේබි හාමු බැරිම තැනදි මගෙ අත උඩින් අත තියලා තිබුනා.....

සින්දුව ලස්සනද....

ඔ..ඔව්...හාමු....

හ්ම්....මං සියපත් වගෙද මන්දාරම්.....නැත්තන් ඒ ළඟින් යනවද.....මොනවද හිතෙන්නෙ.....

මට දෙන්න උත්තර නෑ....මං කොහොම කියන්නද....හාමු මට උඹගෙන් සියපත් මහත්තයව දැන් ඕනාවටත් වඩා දැනෙනවා කියලා...??එහෙම කිව්වොත් ලැබුනා නොලැබුනා....හිමි වෙන්න පින් තිබුනා නැතා මං කරන්නෙ මගෙ ඒකපාර්ශවීක ආදරේට වචනෙකින් වත් වරදක් නෙවෙද...???සමාවෙයන් කලාත්ම හාමු මටැ උඹගෙන් සියපත් මහත්තයා දැනුනත් මං නෑ කියනවා...අනෙ රත්තරන් හාමු ඔය හිත පළුදු වෙනවට ජාති ජාතිත් මට සමාවෙයන් හාමු

නෑ හාමු......සියපත් මහත්තයගෙ කටහඩ ඔයිට වඩා හරි මුදුයි බේබි හාමු ....

ම්ම්....ඇත්තට.....

මට නිකන් මක්කද වගේ...වෙන එකෙක්ට කෙබ්බයක් තැලුවත් මේ තරම් රත්තරන් මනුස්සයෙක්ට මගෙ අතින් බොරුවක් කියවෙනවා කියන්නෙ.....

මං වට පිට බැලුවා...අහන්න දේකුත් නැතුවා....කුසියෙන් එන රොටීගෙඩියෙ පුලුටු සුවද මැදම මට මිරිස් කරලක් පිච්චෙන සුවදත් නහය හරවන් යද්දි මං හොරා වගේ ආයම පිල්කඩ උඩ ඉදන් කොහෙද මන්දා ඈත ඉසව්වක් දිහා බලාගන කල්පනාවක උන්නා.....හිත රිදෙව්වට ඊටත් වඩා හිත රිදවගන උන්න මං ඇහෙන නෑහෙන ගානට ආයම අර හතැරැහ පෙට්ටිය දිහා බලාගන ඉදල හාමුට මිමිනුවා

ඕකෙ තව සින්දු නැද්ද හාමු?

තියනවා...අහන්න ඕනද.....

.........

අහන්න ඕනා නම් එන්න...ඔහොම හිටගන ඉන්නෙ උස යන්නද බෙනරගම?

ම පුතා...යසෝද...

අප්පුච්චා...

වරෙල්ලා ඩිංගකට....

කොහෙ සින්දු අහන්නද.....කොහෙන් කියලා ළඟින් ඉදගන්නද .....කුසිය දිහාවෙන් එබුන අප්පුච්චා මගෙ පුතා කියලා කතා කරනවත් එක්කම මං ඉක්මනටම කුසිය පැත්තට දිව්වා.....

අප්පුච්චා....

මක්කවත් නෑ මා පුතා....හිස් බඩ යවන්ඩත් මක්කද වගේ....දෙන්ඩ හරි හමන් පිගානකුත් නෑ.....මං මේ පුවක් පට්ටයක් තිවිලා කපුවා...ඕක පිගානට දාපම්...අලුත් අලුත් පිගන් ගෙනත් තියන්ඩ මොකො බන් අපෙ අහින් බල්ලෙක් වත් නවතිනවද වතුර උගුරක් බොන්ඩ...

මං අප්පුච්චා දිහා බලාගන උන්නා...විසි හතර පැයම බොරපාටට තියන ඇස් දුම වැදිලා වැදිලම තවත් රත ගහලා තියනකොට මං බලාගන උඩ කය හෙලුවෙන් උන්දැගෙ උරිස්සෙ ගිලා බැහැපු තැනක් තිවුනා....මගෙ අම්මා කියන්නෙ උන්දැගෙ ඔය උරහෙ ගිලුම් කෑවෙම අම්මා මාවත් නිකිනිවත් තියාගන උන්න ගැබ්බර කාලෙ වැවට ගිහින් ගිහින් කර ගිලෙනකන් වතුර ඇදලා කියල .....

මට දුක හිතුනා...ඒ උරහෙ තව ගිලුම් කනවා මිසක මස් ලියලන පාටක් වත් නෑ.....මං එහෙම්ම එකයි දෙකයි කියලා ගනින්න පුලුවන් තරමට නහර උඩ මතු උන මගෙ අත් දෙක දිහා බැලුවා.....

සමනා කිව්වා හමුදාවට ඕනම හොදට දුවන්න පුලුවන් උන් කියල..බෙනා...බොට කදයා මානම් කරගන කාගෙන ඉස්සරහට යන්ඩ කකුල් වලට හොදට හයිය තියෙන්ඩ ඕන...දවස් ගනන් වතුර නැතුව කැලේ ලැගන් ඉන්ඩ හොදට පන තියෙන්ඩ ඕන කියලා....

අද ගහන්න තියෙන්නෙ අරහෙට....මෙහෙට්ට කියලා අහවල් වෙලාවෙ යනවා කිව්වම පන කෙන්ද ගැන තියන ආසාව අතෑරලා යන්න හිත හදාගන්න ඕන කියලා...

මට යන්තමට දහ නවයයි ..විස්ස වෙන්ඩ තව මාස කීයක් තියනවද ...??ඊයෙරෑ ඒකගෙ පැටියා උස්සාන දුවපු දිවිලි එක්ක මට දුවනන්ඩ බැරි කමක් නෑ...

ඇරත් තිබහව....බඩගින්න තනිකරම හුස්ම වගේ...උහුලන්ඩ අමුතුවෙන් කියලා දෙන්ඩ ඕන නෑ...ඇරත් මැරුනත් මක්කද පඩිය ගෙදරට එනවා කියන්නෙ...

ඔන්න ඕක දියන් අප්පුච්චා...මක්කට හැඩ බලනවද....ඒමහත්තයා නොදන්නවා නෙවෙනෙ අපිවගේ උන්ගෙ ගෙවල් වල කොයිවද බන් මල් වැල් ගියපු පලගනා...

මන්දා බන්....හිතටත් මක්කද වගෙ....මා පුතා...බොලාට පුලුවනෑ අද සමුපකාරෙට යන්ඩ...කාඩ් එකට බඩු දෙනවලු....බොලාගෙ අම්මා හෙට පාන්දරම එයි ..අනෙ ඒ ගෑනි එනකොට වත් බඩ පිරෙන්ඩ බත් ටිකක් උයා තියන්ඩ...

උඹ කොහෙවත් යනවද අප්පුච්චෙ?

මුදලාලි ආන් ලෑලි වගයක් ගෙනාව කිව්වා...ඔව්ව මදින්ඩ එපාය....

හ්ම්.....අප්පුච්චා උඹට අමතක නෑනෙ....

ලී කෑලි ටිකක් ගේන්නම්...

ලී කෑලි ටිකක් ගේන්නම් කියනවත් එක්කම මං අප්පුච්චා අතේ තිබුන පිගන් දෙක අරන් එලියට ආවා...ඒ එනකොටත් බේබි හාමු තවම උන්න විදිහමයි....කෙලවරක් නැති කල්පනා ලෝකෙක උන්න බේබි හාමු අර හතරැහ පෙට්ටිය කරකව කරකව ඔහේ බලාගන ඉන්නවා...මට දුක හිතෙනවා ..බොරුවක් කියලා පලුද්දක් ඇතිකරවපු එකට මගෙ හිත කම්පා වෙනවා....

අනෙ උඹ විතරයි හාමු මන් වගේ එකෙක්ට වචනෙකින් වත් රිදවන්නෙ නැතුව කතා කෙරුවෙ...ඔය පිනත් ඇති හාමු උඹට සුර සැප ලැබෙන්ඩ .....

කලාත්ම හාමු...

අ..ආ...යශෝද.....කොහෙද ගියෙ...

බේබි හාමු...උදෙම්ම ආවා කියන්නෙ.....කහට උගුරක් වත් බිව්වද දන්නෙ නෑ....

අනෙ තරහා ගන්ඩ එපා අපෙ හාමු....නවරත්න ගුරු ගෙදර වගේ...සප්පායම නම් මෙහෙ සරු නෑ....රොටී ගෙඩියක් පුච්චලා ලුනුමිරිසක් ඇඹරුවා...

මන්දාරම්ගෙ අප්පච්චි ...මක්කද ඔය ඔය හැටි නැවෙන්නෙ....හරි කෙලියක්නෙ මේක...ගුරු ගෙදර බත් නම් කතා කරන්ඩ එපා....පියුම් කොහොම කට තියයිද දන්නෙ නෑ මින් එහාට.....ගුරු මායියා මක්කද මන්දා හදල තිබ්බා අප්පච්චි කටෙ තියන්ඩ බෑ...උලු හාල් හිටගන කෙලල හට්ටියට.....

අපෙ අප්පො...මක්කටද ඒ.....

කව්දැයි දන්නෙ...ඒකෙ වෑන්ජනෙ හොයන්ඩ බෑ.....කැකිරිද මන්දා....ඒත් කැකිරිවලට කව්ද අප්පච්චි උලුහාල් කෙලින්නෙ...එක්කො මායියට වැරදිලා....

මගෙ කනුත් එක්ක මක්කද උනා....මගෙ අතේ තිබුන රොටී ගෙඩිය දාපු බෙලෙක් පිගාන අත් දෙකෙම්ම ගත්ත කලාත්ම හාමු දෙකට නැවීගන වගේ කතා කරපු මගෙ අප්පච්චි ට මුලින් මුලින් මන්දාරම්ගෙ අප්පච්චි ගග කතා කරලා අනිත් පාර නිකම්ම නිකන් අප්පකියන්වත් එක්කම මගෙ පපුවට මක්කද මන්දා බැස්සුවා වගේ කැක්කුම් ගන්න ගත්ත....

හාමු තැනක් අපි වගෙ එවුන්ට හිරිකිතක් නැතුව නෑකම් කියන්ඩ තරම් උඹ මොන තරම් බෝසත්ද හාමු...උඹම දෑහින් දැක්කා ගුරා ගහපු කෙලපාර...උඹටත් තිබුනා මුලු ගමමම එකතුවෙලා අපිව කොන් කරන්නා වගේ ඒපැත්ත ගන්න....ඒත් උඹ එහෙම කෙරුවෙ නෑ හාමු.....උඹ කෙරුවෙ මුලු ගමක්ම එකපැත්තක් ගන්නකොට අනෙ හිරිකිතක් නැතුව මේ පිල්කඩ උඩ ඉදගත්ත එක...දෑතින්ම මගෙ බෙලෙක් පිගාන ගත්ත එක.....

කුරහන් රොටි ...

අනෙ හාමු මනාප නෑ....

කව්ද අකමැතියිකියන්නෙ...අප්පච්චි දන්නෙ නෑ....කොලඹ මෙව්වා නෑ....මෙව්වා කන්ඩ නම් ගම් වදින්නම ඕන....වලව්ව තියෙන්නෙ නුවර .....ඒත්.....මගෙ මනාපයක් නැ වලව්වට යන්ඩ...වලව් කඩුල්ල පැනපු වෙලාවෙ ඉදන් හුස්ම හිරවෙන්ඩ එනවා....

මට ඕන යශෝද වගේ වෙන්න.....

බ්..බේබි....හාමු....

....කවරෙට වඩා පොතෙ කතාව වෙනස් මන්දාරම්.....අප්පච්චි ගෙ අත් දෙකට පින් අයිති වෙනවා මේක දුන්නට....

මගෙ බඩ පපුව හාරවගන ගියා.....මෙච්චර ලස්සන හිනාවක් තියාගන.....අඩුවක් කියන්නබැරි රූපයක් තියාගන උන්න හාමු එකපාරම වලව්ව ගැන කියනවා එක්කම මූන කලු කරගත්තා මදිවට මගෙ දිහා බලන් පොතෙ කතාව කවරෙට වඩා වෙනස් කියනවා එක්කම කුරහන් රොටී කෑල්ල කඩන්න ගියපු මගෙ ඇගිලි නැවතුනා...

මගෙ අප්පච්චි ගෙ අත් දෙකට පින් කියන ගමන් තවමත් ලාවට දුම දාන රොටි කෑල්ල කඩාගත්ත කලාත්ම හාමුරතෙ රත ගහලා තිබුන ලුනුමිරිසෙන් චුට්ටකුත් ගාගන කටේ ඔබාගන්නවත් එක්කම මං ඒමූන දිහා බලාගන උන්නා...

ඇත්ත කියාපන් හාමු.....රත්තරන් මක්කවත් කාරනාවක් උඹවත් රිදවනවද ??අනෙ එහෙම වෙන්න එපා හාමුදුරුවනෙ....ද්‍රෝනයක් දාතුන් වැඩවාසය කරන ස්වර්නමාලියෙ වැඩවාසය කරන බුදු හාමුදුරුවනෙ මේ උත්තමයගෙ පපුවට හීනියට වත් දුකක් දෙන්න එපා...අනේ...මං කරපුපිනක් තියනවා නම්...ඒ පිනත් අරන් මේ හිත සුව කරන්න.....

මන්දාරම්ට .....සින්දුවක් අහන්න... ඕන කිව්වා...

බේබිට කදුලු එනවා.....

මේක...හෙන...සැරයි.....ඒත්...රහයිනෙ....කාලත් බෑ...නොකත් බෑ....

මට පව් කියලා හිතුනා....අප්පච්ච්ගෙ දෑතට පින් දිලා කුරහන් රොටිය ගත්ත හාමු මාත් එක්කම මේ මැටි පිල්කඩ උඩ ඉදන් ඉහින් කනින් දාඩිය නාගන ඇස් වල කදුලු පුරවන් නාහෙන් හොටු වක්කරන් කන විදිහ දැක්කම මට දුක හිතුනා....සාගරයක් තරම් විදින්න සැප තියාගන උඹ මේ හිගන පැලෙ ලැගන් රොටී ගිලිනවා...

හාමු ගුරු ගෙදරින් දැක්කොත් අපිව එල්ලා මරයි....ඒත් කන හැටි දැක්කම යමන් කියලා එලවනවට වඩා....ගුරුගෙදරින් අච්චු කන එක හොදයි හාමු.....

බේබි හාමි...

බැරිම තැන මං අර කට ගාවින් පතුරු දෙක තුනක්ම ගියපු දහ වතාවක් විතර උනු කරාපු වතුර තිබුන බෙලෙක්කෙ කටට ලන් කරනවා එක්කම හාමු ඒකට වත් අත නොගහා නොදරුවා වගේ වතුර එක බොනකොට මං ඒ නිකටට යටින් අත තිබ්බා....

.ම්..මන්දාරම්....තරහා නැතුව මට සීනි ටිකක් දෙනවද.....මේක රහයි ඒත් මට මිරිස් කාලා හුරු නෑ...

මං ඔලුව වැනුවා...සීනි ඉල්ලපු විදිහ.....හිනා වෙන ඇස් වලට කදුලු අරක් අරන් තියන විදිහ දැක්කම මට ඉහිලුම් නැතුව ගියා...හිස් පිගන් දෙක ගත්ත මං ඒක දන්තයා කම්මුතු කරාපු කුසියට ගිහ් සීනි බෝතලෙ ඇරියා...

සීනි ඇටයක් නෑ....බෝතල් අඩිය හීරුවොත් සද්දෙ ඇහෙනවා...ඒත් නොදිත් බෑ...සම්පකාරෙ සලාකෙට සීනි ත් තියන හන්දා හොදයි....

බෝතලෙ දිහා මලපු මං අනිත් පාර සද්දෙ නෑහෙන්න බෝතලේ හූරන් අල්ලට සීනි ටික අරන් හාමු ගාවට ගිහින් අත දික් කෙරුවා විතරයි හාමු කට ඇරියා...

අනේ හාමු උඹ හදන්නෙ සියපත් මහත්තය වෙනුවෙන් පේවෙන හිත කිලිටි කරන්නද...???

මන්දාරම්....

බේබි හාමු.....

සින්දුවක් අහන්න ඕන කිව්වා...

ම්න්....

අහමු...මේකෙ හුගක් තියනවා.....

ඇත්තට...ඕකට සින්දු දාන්නෙ කොහොමද හාමු...

මේකෙ ඇතුලට මෙමෙරියක් දානවා.....

මෙමරියක්....

මෙමරියක් කියන්නෙ...එච්චර වැල්.වටාරම්.ඕන නෑ....මේකට සින්දු දාන්න පුලුවන් ..දවසක මං ඔයාට පෙන්නනම්...

ම්න්...

ඇත්ත බේබි හාමු පව්...මට කොහෙ කියල ඔය කියන ඔක්කොම තේරෙනවද.....හතරැහ පෙට්‍ටිය අතට ගත්ත බේබි හාමු මක්කද මක්කද ඔබලා ඔබලා ආයම මගෙ කනට වයර් එකක් හිරකරනවා එක්කම ආයමත් ඇහෙන නෑහැන ගානට සින්දුවක් පටන් ගත්තා.....

ස්නෙහයෙ නගරයයි සිත මගෙ....

මාවතක් හෝ නොවූ රාගයේ ....!!!

මන්දාරම්....

බේබි හාමු.....

සින්දුව අහවර උනා...ගම්බීර පිරිමි කටහඩක් එක්ක කෝමල ලදකට අයිති මෘදු කටහඩක් එකට එකතුවෙලා මාව වෙනලෝකෙක අතරමන් කරාපු ඒ සින්දුව අහවර උනා....ඒ එක්කම බේබි හාමු මට කතා කෙරුවා.....

අර මිනිස්සු කොහෙද මන්දාරම් හරි හරියට දුවන්නෙ....

සම්පාකාරෙට....අද සලාකෙ දෙන දවසනෙ හාමු.....

ඉතින් අපිත් යන්...මන්දාරම්ලාටත් හම්බෙනවා නේ....

මං හිනා උනා...බේබි හාමු කියනවා අපිත් යන් කියලා ....බක්කරේකට ගොඩ උනත් අනිත් උන කන පිගානක කන්න වත් වරම් නැති....උදේ පාන්දරක තියා දවසෙ කොයිම වෙලාවක වත් මුනිච්චි වෙනවට අක්මැති අපිවගේ උන්ට කොහෙන්ද හාමු පෝලිමක මුදුනක්.....මක්ක ඉතිරි උනත් දෙන දේ අරන් එන්න පෝලිමෙ අන්තීමෙ මිසක්.....

මං හිනා වෙලා ලාවට ඔලුව වැනුවා....

ඇයි මන්දාරම්.....?

කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නෑ බේබි හාමු....බෙනරගම පවුල හැමදාම අන්තීම වෙනකොට මක්කට දුවනවද...?

.......මහ පුදුම මිනිස්සු.....ඇයි එහෙම.....කවදාවත් මැරෙන්නෙ නැති උන් ගානයි ....හැමදේම රකින්න හදනවා....

........හ්ම්....මැරෙන බව අමතක හන්දනෙ බේබි හාමු දැන් දැන් කනත්තටත් ගේට්ටු වැටෙන්නෙ.....

.....මේවා හරි පුදුමාකාර ජීවිත මන්දාරම්....

මං නෙවෙ ආය කතා කෙරුවෙ...ලුනුමිරිසෙ තිබුන සැරට තවමත් හාමුගෙ නාහෙ තෙත් කාලා තියනකොට මන් අහගන බේබි හාමු දෙතුන් වංගියක්ම සරස් සුරුස් ගාලා නාහෙ උඩට අදිනවා....

මගෙන් පිට උන බර හුස්මෙත් වචනෙට පෙරලුවෙනැති වේදනාවත් තුරුලු කරගත්ත හුලන් රැලි වේලුම් කාපු තනකොලත් ඉඹගන උඩුගම් බලා පීනන් යනකොට බෙනරගම පැල්කොටෙ පහු කරගන ගුරුපාර දිගෙ සමුපකාරෙට යන එවුන් ඉක්මන් අඩි තිය තිය දුවන හැටි මං ඇස් හීන් කරන් බලාන උන්නා...

දවසක් උදෙම්ම ගිහිල්ලත් දොර පියන් ඇරියෙ නෑ...එකා දෙන්නා ආවත් උන්ට උන්ට අඩගහලා දුන්නා මිසක් මාවත් අප්පොච්චා ව වත් ඇතුලට ගත්තෙ නෑ...අහන අහන එක නෑය නෑය කිය කිය රැව්වා මිසක් ඒකා අපි දිහා බැලුවෙත් ඇහැ බාගෙට වහන් වගේ...

ජීවිතෙ රිදෙන තැන නම් අනන්තයි අප්‍රමානයයි...මක්ක කරන්නද හුස්ම ගන්න තියෙන්නෙත් හිතලා උනා නම්....මේ වෙනකොට උහුලන්න උන වේදනාවන් එක්ක මේ බෙනරගම පවුල මහපොලවට පස් වෙලා හුගක් කල්....

මං මගෙ තුවාල උන කකුල් දිහා බැලුවා....දනිහෙම ලෙල්ලක් නෑ....වැටුන වැටිලි වලට මං මාවම තුවාල වෙන්න දුන්නත් මක්කද පැටියව පපුවට තුරුලු කරන් හීරිමක් වත් වෙන්න දුන්නෙ නෑ....අනේඒකට සුවද සබන් කෑල්ලක් වත් අරන් දෙන්න ඇත්නම්....

බේබි හාමු....

සෑහෙන වෙලාවකට පස්සෙ මන් බේබි හාමුට කතා කෙරුවා....ඒ එක්කම තුවක්කු තුරුල් කරගත්ත හමුදා කොල්ලො පටවගත්ත හමුදා ලොරියක් දූවිලි කාගන යන්න යනවත් එක්කම මෙච්චර වෙලාම බේබිගෙ ඇස් වලින් හන්ගන් උන්න කකුල් දිහා මං බේබි ඉස්සරහම සරම උස්සලා බැලුවා.....නහර පෑදිලා.....වයසට නෙවෙ මගෙ කකුල්...

හුගක් තුවාල වෙලා මන්දාරම්...මේ දනිහෙ ලෙල්ලක් නෑ....

අන්දකාරෙනෙ හාමු.....ගල්පොත්ත ගාවදි කොලයක් සර සර ගාන සද්දෙට හිත ගැස්සුනා..තනි පන්ගලමෙ නම් කමක් නෑ.....නොදරුවා එක්කනෙ....ඒකට මක්කවත් වෙන්ඩ දෙන්ඩ බෑ හාමු.....ඒකගෙ අප්පා ඌව මට දීලා ගියෙ රකින්ඩ....කාරි නෑ....මෙව්වා අපිට හුරුයි හාමු.....

.....ඔයා පව්...

මක්කටද හාමු පව්.....මෙව්වා උරුම ජීවිතනෙ.....

......

හිතුනොත් මේ ඔක්කොම දමල ගහලා මන් හමුදාවට යනවා බේබි හාමු.....පැංචගෙ අප්පත් හමුදාවට ගිය එකෙක්...සමනගෙ අයියත් හමුදාවෙ.....මේ ගමෙන් බාගයක්ම ඉන්නෙ හමුදාවෙහාමු...ගෑනු මැදිවයස් උන් තමයි මහ පොලව එක්ක හැප්පෙන්නෙ....උන්ට දුවන්න බෑනෙ...දුවන්න පුලුවන් උන් තමයි හමුදාවට ඕනෙ.....ඊයෙ දුවපු දිවිලි එක්ක...මට හිතෙනවා හාමු..මටත් හමුදවට යන්න පුලුවන් කියලා....

මන් ගුරුපාර දිහා බලාගන එකම දිගට මිමිනුවා.....අඩුම ගානෙ හාමු මගෙ දිහා බලාගන ඉන්නවද කියල වත් බැලුවෙනෑ...නේ හරියෙම කොල්ලො ඉන්නෙ හමුදාවෙ කියලා කියපු මං ආයම මගෙ අතපය දිහා බැලුවා....මටබැරි කමක් නෑ බයිනේත්තුව උස්සන් දුවන්න...

මන්දාරම්ට ආර්මි එකට යන්න ඕනකියලද කියන්නෙ???

ම්න්....ඔව් බේබි හාමු.....මේ පැතිවල උන් හමුදාවට යන්නෙ රට රකින්නම විතරක් නෙවෙ ....හාමුට කියන්න...විස්ස පැන්න ගමන් එක කොල්ලෙක් ගෙදර ඉන්නෙ නෑ...උන් ඔක්කොම හමුදවට යනවා....තිත්තයි උනත් ...ඇත්ත කතාවක් කියන්න ඕන හාමු....මැරෙන්න වෙන බව දැන දැනම හමුදාවට ගියත් උන් දන්නවා මලත් ගෙදර උන්ට වේලක් කාලා හරි ඉන්න පුලුවන් වෙනවා කියන්න....මලත් මොකද මාසෙට ගානක් එනවා කියන්න උන් දන්නවා....

මෙච්චර වෙලාම ඉදන් උන්න මං හාමුට පිල්කඩ උඩතනි තනිකන්දෝසෙ අල්ලන්න දීලානැගිට්ටා....නැගිටල එහෙම්ම තැනක දෙකක වලාකුලක් තිබුන අහස දිහා බලාගන උන්නා....

මං මැරුනත් මට දුකක් නෑ බේබි හාමු...මගෙ අප්පුච්චට ඔය හැටි නහින්නත් බැ....අම්මව කෙල්ලගෙ ආවතේව වලටම දිය වෙනවා....දුක් විදින එක කෙලවරක් නැති උනහම...මිනිස්සු ස්වකැමැත්තෙම්ම ඇස් පියාගන්න හිත හදාගන්නවා...සමනත් අවසානෙදි හිත හදාගන ඇස් පියාගන්න ඇත්‍තෙ හාමු...කොල්ලව මට දුන්න උගෙ පන යන් වෙලාවෙ එක සැනසීමක් තියෙන්න ඇති.....ගෙදර උන් වේලක් කාල වේලක් හරි බඩගින්නෙ ඉදන් ජිවත් වෙනවනෙ කියලා .....මට විස්ස ලැබුවාම මාත් යනවා හාමු.....

පුලුවන් නම් සියපත් මහත්තයට කියන්න...කවදාවත් දහයෙ කනිසම නවත්තන්න එපාය කියලා ...ඒ මහත්තයා හන්දා මගෙ පැලුන පපුව ආපිට හා උනතැන් අනන්තයි හාමු.....

හමුදාවට ගිය දාක....මං මැරුනොතින්....මගෙ අප්පුච්චට තමයි වෙන්නේ ඒ අත් දෙකෙන් මාව එම්බාම් කරන්න...පව් උන්දා...කොහොම කපයිද දන්නෙ නෑ...එක්කො සමනා වගේ කෙහෙල් කොට එවයි...අලුතෙන් යන උන් වැඩි කල් අල්ලා හිටින් නැ බේබි...උන් මැරෙනවා...ඒකයි මං එහෙම කිව්වෙ..

මං එන්න ආවා....ආයම බේබ් හාමුගෙන් උත්තරයක් එනකන් වත් උන්නෙ නෑ...මන් එහෙම්ම පස්සවත් නොබලා සම්පකාරෙ යන එවුන් දො

දිහා බලාගනම වැට කඩුල්ල ගාව නැවතුනා වගේම මං බලාගන ගුරුපාර කෙරවලකින් කාටක අවුවෙ ගාට ගාට වරහැලි උන මනුස්සපරාන දෙක ඉස්සරහට එනවා....

සමනගෙ අම්මයි අප්පයි....!!

වෙනකවුරුත් නෙවෙ..මහ රෑම ගාට ගාට ඉස්පිරිතාලෙ ගියපු සමනගෙ අම්මයි අප්පයි....අනෙ උන් දැනුයි එන්නෙ...සමනගෙ අප්පා එක අතකින් අර ඉහට උඩින් ආව ලී දන්ඩ මිරිකන් අනිත් අතින් එකගෙ අම්මට වාරුවෙලා උන්නා...සමනගෙ අම්මගෙ පිස්සිගෙ පලාමල්ල වෙලා...පයට සෙරෙප්පුවක් වත් නැතුව පයින්ම ඉස්පිරිතාලෙ බඩගාපු ඒ කකුල් දූවිල්ලෙන් වැහිලාගිහින් මදිවට මහ එකාවත් කසිකබල් සර්වාංගෙට වාරු කරන් උන්න සමනගෙ අම්මගෙ චීත්තපට කැඩෙන්න ඔන්න මෙන්න තිබුනා...

මෙච්චර වෙලාම පිල්කඩ උඩ උන්න බේබි හාමුත් එනවා දැක දැකම මං වැට කඩුල්ල පැනලා දැන් වැටෙයි දැන් වැටෙයි ගානට උන්න සමනගෙ අම්මාඅප්පා ගාවට දිව්වා.....

පැටියද දැ කොහොමද කියාපන් සමනගෙ අම්මෙ...

වතුර බිදක් නැතිව පූටක අවුවෙම ඇවිදින් සමනගෙ අප්පගෙ මූනම අලුවෙලා ගිහින් තිබුනා....පැනිපාට ගහපු රැවුල වගේම කොන්ඩෙ ගිනි ගන්න ඔන්න මෙන්න තරම් රත්වෙලා තියනකොට මං සමනගෙ අම්මගෙ මූන දිහා බලාගන උන්නා....

ඒ ඇස් ගොරකා ලෙලි වෙලා...අඩල අඩලමයි....ජීවිතෙ අහවරක් නැතුව විදින්ඩ දෙන දුකත් එක්ක ඒ ඇස් කුහර ගැහිලා මදිවට ඇස් වලින් පන ගිහින් තිබුනා....

කියාපල්ලකො...මගෙ කොල්ලට කොහොමද කියාපන්කො සමනගෙ අම්මෙ....පැටියට බේත් ඩින්ගක් වත් වැටුනද මට උත්තර දියන්කො....

හුස්මක් කටක් ගන්නෙත් පන ඇද ඇද බව දැක දැකම මං එකම ප්‍රශ්නෙ දෙපාරක්ම ඇහුවා....කොල්ලට කොහොමද....කොල්ලට කොහොමද අහ අහ මං අර පරඩැල් සර්වාංග දෙක හෙලෙව්වා....අනෙදෙයියනෙ..වැටි වැටිම අරන් ගියපු නොදරුවගෙ පන ගන්න නම් එපා...

සමනගෙ අම්මෙ..උත්තර බැදපන්කො....කොල්ලට කොහොමද....

බෙනා....!!!

.

ඒ....ඒහ්..නැගිටපල්ලා..න්.නැගිටපන් ..

සමනගෙ අම්මෙ.....

මට නෙවෙ කරකියාගන්න දෙයක් තිබුනෙ...එකම දේ වංගි දහයක් අහලත් උත්තර නැති උනසමනගෙ අම්මා නොහිතපු වෙලාවක මගෙ තුවාල උන කකුල් දෙකගාව වැද වැටිලා කකුල් උඩනලල ගැහුවා....

උඹලා.....දවසක.....ම්..මතු බුදුවෙන්ඩ....ඔ..ඕන...රත්තරනෙ...මයෙ අම්මා.....ජීවත් වෙන්නෙ...උඹල හන්දා...!!!!ඒකගෙ...පන රැකුනෙ උඹලා..හන්දා....ජාති...ජාතිත්...පි....න්...

දෙයියා.....!!

..🥺🥺🥺🥺

ආදරෙයි අනේ...

THANK YOU

More Chapters