Ficool

Chapter 27 - 26

ම්හුක්...යෝහ්...මගෙ ඉහ රදෙ වගේ...මිනාල් උඹට නම් මට් මේ කරපු අපරාදෙට සසරෙ කිසිම දවසක ඔය පිප්පිය නගින්න එපා මිනාල්.....උඹ හොදට උන්න මගෙ පවුල කෑවා.....

එහෙන් අම්මා.....මං නම් පැනල වත් යනවා...මගෙ අහිංසක අම්මා......ඒත් දෙයියනෙ පැනල යන්න තියෙන්නෙ දොලහට ...වෙච්ච මගුල් හන්දා අප්පච්චි අද මහ මූලස්තානෙටත් දැනුම් දීලා වෙලාසන ගෙදර එයි....

අම්මා නංගි බබා හන්දා බේරෙයි ....මට...මට මොන මගුලද....ගුටිකලා පැනලා ගිහින් වෙන වෙන දේවල් කරන්න පන තියෙයිද කියපියව්කො....???එව්වත් කරන්න එපැයිනෙ....

ම්හුක්.....එක්කො අප්පච්චි ට කිව්වා නම් හරි මොකක් හරි ප්‍රාතිහාර්‍යක් වෙලා මටත් බබෙක් හම්බෙන්න කියලා....අනෙ අප්පච්චි පුතාට මුනුබුරු පැංචෙක් ලැබෙන්නනෙ..

සිරිමාවෝ ස්වාමිනි මට හැදි පැංචෙක් ලැබුනයි!!....

කබඩ් එක ගාවට වෙලා පිගන් දිහා බල බල උන්න මං තේ බුජම අමුර්තෙ රහ විදින්න වගේ රහ කරන කානුවා දිහාවත් මගෙ අනාගත පුත්‍ර රත්නෙ උන පසනා දිහාවත් බලලා දහසක් දේ කල්පනා කෙරුවා....

අම්මා නාන්න ගියා ගියාමයි..අද ටැංකියෙ වතුර ඉවර වෙනකම්ම තාම නෑ...එක්කො මෙයා අද අප්පච්චි එනකනුත් නායිද දන්නෙ නෑ.කොහෙද වචනයක් දීලා ගියෙ නෑනෙ.....එ ගියා නම් මට මගෙ රෙදි බෑග් එක වත් අස්කරගන්න තිබුනා...අලුතෙන් පව්ලක් වෙනව කියන්නෙ නිකන්ද...අනික මේක මගෙ පලවෙනි පාර...

සෝක් තේ කෝප්ප සෙට් එක...කහ මලකුත් තියනවා...කහපාට හොදයි සෞභාග්‍යය උදා කරනවානෙ....

උඩ තට්ටුව දිහාවට ඇස් කරක්වපු මං තවමත් ඉස්කෝලේ ඇදුමින් ඉදම්ම ආයම කබඩ් එක ඇරියා....ගෑනුන්ට ඇදුන් සාප්පුවලට ගියහම ඇදුම් දැක්කට හපන් පිස්සුවක් මට මේ වීදුරු තේ කෝප්ප දකිනකොට එන්නෙ වෙද්දි මං ආයමත් තව කොනක තිබුන කහපාට මලක් වැටුන තේ කෝප්පයක් අතට ගත්තා.....

ම්හුක්...සයුරියා කොටහලු වෙලත් එක්ක ඉන්නෙ....අනික ඒ පාටියත් දැන් ළඟ එනවා...ඇරත් කොටහලුවට එන උන් මාවත් බලන්න එනවනෙ...කව්ද මේ සමුද්‍ර අයියගෙ අලුත ගෙනා මනමාලයා බලන්න.....

එතකොට ගෙදරට එන එකෙක්ට තේ ටිකක් වත් දෙන්න එකක් තියනවද....ඇයො යකො හැදි ගෙදර තනිකරම දෙමල විමානෙ වගේ...එක වීදුරු බඩුවක් නෑනෙ...ඔක්කොම බෙලෙක්ක.....අපෙ මිනිහා කන්නෙත් ප්ලාස්ටික් බත්තල හන්දක හරි අපෙ අම්මා පොල්මිරිකන ජාතියෙ බේසමක හරි...ඇයි යකො ඔය කොච්චර මාව දෙන්නෙ නෑ කිව්වත් සතියක් දෙකක් ගියහම අපෙ අප්පච්චි එයිනෙ මාව බලන්න....එතකොට අපෙ එක්කෙනා ඔහොම බේසමක කකා උන්නොත් මගෙ නම්බුවට මොකක්ද වෙන්නෙ....

වලව්කාරයො කනවද බේසන් වල....????

මේකත් අරන් යන්...

Add to cart!!

ම්හුක්....සමාවෙන්න අම්මියෙ...පුතාට ලුනුපොල්කට්ටෙ ඉදන් අරන් යන්න වෙනවට....ඇරත් මං මෙතනින් පිගන් ටිකක් අරන් ගියාට මොකද...ඔයාල මගෙ වෙඩිමට වියදම් කරන්න ඉන්න සල්ලි එහෙන් පිටින්ම ඉතුරුයිනෙ....

තවත් තත්පර පහ හයක් නියපොත්තකුත් කකා කෝප්ප දිහා බලන් උන්න මං අරන් යන්න තියන පිගන් ටික වෙනම පැත්තකට කරලා කෑම මේසෙන් ඉදගන ඵෝන් එක අතට ගත්තා....අරන් සමුද්‍ර මගෙ මැසේජ් එකට රිප්ලයි එකක් දාලද බැලුවා...

යකො...රිප්ලයි දානවා තියා මේමිනිහා මැසේජ් එක බලලා වත් නෑනෙ....අර....අර ඔන්ලයින් ඇවිත් තියනවා....ඒත් රිප්ලයි නෑ...හරි හරි...බන්...හරි....ඔහොමයන් ඔහොම යන් ආ...

මාව නලියනවා....ඒ අස්සෙන් ආයම ඇඩෙන්න එනවා.....අච්චර මැසේජ් දාලත් එයාට මගෙ ගැන වගේ වගක් නැතුවදෝ හිතෙනකොට අනෙ මට ඇඩුම් ආවා...

පොලීසියෙන් ආවත් හරි මං තවම යුනිෆෝම් එක පිටින් ...වෙනදට මාව ගෙදරට ගෙනත් දාලා ගිය වෙලේ ඉදන් සුදු චූටි මයෙ කොල්ලා කෑවදයි.....ඔහෙ බඩ පිරෙන්ඩ කන්ඩ ඕන...සීදේවි පප්පා වැල්ලට යනවා...පප්පා අරහෙ යනවා...මගෙ අම්බරේට මක්කවත් ඕනද...දාහක් ජාති අහන මැසේජ් වලින් මගෙ ඵෝන් එක කී පාරක් නම් දෙදුරුම් කනවද...

ඒ එකට අද....

.උඹට මාව වගේ වගක් නැතිවෙලා අයියෙ.....ඇස් දෙක වගෙ පරිස්සම් කරන් ඇවිත් ගේ දොරකඩින් බස්සලත් දහවතාවක් ඔලුව අතගානවා මදිවට ඉහ මුදුනත් ඉබලා උඹ යන්නෙම එක්කො බත් කටක් කවන්නම් අපෙ අහ එන්ඩ කියාගන...එහෙව් උඹ....එහෙව් උඹ මේ තරම්ම මාව මගාරිනවද අයියෙ...

මගෙ ඇස් ආයම තෙත් උනා.....මගෙ පපුව ආයම බර උනා....සමුද්‍ර සැරින් සැරේම මගෙ ඇස් පනාපිට ඔන්ලයින් එනවා යනවා...

ඉවසලා ඉවසලා නැතිම තැන උහුලනු බැරි කදුලු කැට ඇහි දාර පන්නන් එලියට වැටෙනකොට කුලුදුල්ම ආදරෙ ඇතුලෙන් කුලුදුල්ම විරහවත් විදින මම එයාට ආයම මැසේජ් එකක් ටයිප් කෙරුවා...

"ආ අයියෙ.....දැන් ඔයාට මගෙ මැසේජ් වලට රිප්ලයි කරන්නවත් වෙලාවක් නෑනෙ ද සමුද්‍ර.... ආ අයියෙ...???ඔයා දැන් විනාඩි පහකට කලිනුත් ඔන්ලයින් ඉදල ඒත් මගෙ මැසේජ් බලලා නෑ...

ඔයාට මගෙ මැසේජ් එක පේන්නෙ නැතුව නෙවෙනෙ අයියෙ....??

වෙනදට දහ වතාවක් විතර කෑවද....කෑවද අහන උඹට අද ඒවත් අමතකයි නේ.....ඔන්ලයින් එනවා යනවා...එනවා යනවා....උඹට මාව ඔය තරම්ම වදයක්ද බන්...???

අඩ අඩම මං වට්සැප් එකට මැසේජ් එක සෙන්ඩ් කෙරුවා.....මට ඉවසන්න බැරි උනා.....සමුද්‍රගෙ හැසිරීම එක්ක දශමෙන් දශමෙ මගෙ දුක ආවෙගෙ එන්න එන්නම වැඩි වේගන වැඩිවේගන යනවත් එක්කම මං ආයම කොටන්න ගත්තා...උඹ අරහෙම කරා මට මෙහෙම කරා මට ගගා මං මගෙ දුක කිය කිය මැසේජ් කෙරුවා.....

සෙන්ඩ් වෙන මැසේජ් එකක් ගානෙම මගෙ දුක අනිත් පාර තරහවකට පෙරලෙන්න ගත්තා...අඩ අඩ දුක කියපු මං අනිත් පාර මරාගන මැරෙන්න හැදුවා...සමාව ඉල්ලුවා.....මාව අරන් ගියෙ නැත්තන් මූදෙ පැනලා මැරෙනවමයි කියලා මං දිවුරුවා....එල්ලිලා මැරෙනවා කියලා ආයම සිවිලිමෙ ඵොටො එකක් යැව්වා මදිවට වහ බීලා මැරෙනවා කියලා හාපික් එකෙ පින්තූරෙකුත් යැව්වා....

සමුද්‍ර....උඹ මාව අරන් ගියෙ නැත්තන් අම්මපා..දෙයියන්පා අයියෙ මං මුදෙ පනින එක පනිනවාමයි...

උඹ හිතන්නෙ මං මේවා විහිලුවට කියනව කියලද....මට උඹ වෙනුවෙන් මැරෙන්න ක්‍රම දාහක් හරි හොයාගන්න පුලුවන් සමුද්‍ර .....උඹට මාව මේ සාලෙ එල්ලිලා ඉන්නවා බලන්න ආස නම් කියපන් අයියෙ....මට බැරි කමක් නෑ....මට ඕන රෙද්දක් ඔට්‍ටුයි යකො.....

අනෙ අයියෙ අම්මත් මට දැන් වෙනස්කම් කරනවා..මාව එක්ක යමන් අයියෙ...මං උඹ ගාවට ඇවිත් ඕන දුකක් දරාගන්නම්.....මට දුක් විදින්න බැරි කමක් නෑ අයියෙ ...

සමුද්‍ර....අනෙ සුදු අයියෙ මට මෙහෙම කරන්න එපා බන්....රත්තරන් සමාවෙයන්කො අයියෙ බැන්නට.....මං උඹට හුගක් ආදරෙයි මගෙ අයියෙ...මට උඹ නැති ජීවිතයක් නෑ සුදු අයියෙ ...මං උඹගෙ සීදේවි නේද...මන් උඹගෙ සුදු චූටියා නේ අයියෙ.....ආ.....

මාව එක්ක යමන්කො රත්තරන් ..මට පුලුවන් ඕන දුකක් ඉවසන් ඉන්න.....මාව එක්ක යමං....උඹට මාව එපාද....මට ඒක කියපන්...උඹට මාව එපාද බන් සමුද්‍ර...හිත හදාගන මැරිලා යන්නවත් ඒකට වත් උත්තර දියන්....

මට උඹ නැතුව බෑ බන්....මගෙ පපුව පුපුරන්න එන්නෙ...මාව මෙහෙම අසරන කරන්න එපා රත්තරන් අයියෙ...

මගෙ ජීවිතෙ....

සොදුරෙ...ඔබ පමනයි...

නෑ යන්නෙ....හැරදා....

කිසිදා...

.

ඒත් උඹ මාව මෙහෙම මගාරින්නෙ උඹට මට වඩා හොද වෙන කාව හරි හම්බ වෙලා නම්.....හා අයියෙ.....ආදරෙ නාමෙන් උඹට යන්න දෙන එකත් එක්තරා ආදරයක් තමයි මගෙ රත්තරන් අයියෙ...

ඔබ තරම් පෙම්කල කිසිවෙක්...

නැති තරන් මේ ලෝකයෙ කොහෙවත්...

තව කෙකු හට හිත දි ඇත්නම්...

සුභ පතල ඈතට වෙන්නම්...

මගෙ ඇස් වලින් කදුලු කැට වැටි වැටිම මං සමුද්‍රට හෑලි පිට හෑලි දැම්මා...මං හිතන්න මං කොටාපු හෑලි තරන් සෙල්ලිපි වත් දිග නැතුව ඇති..... ඒතරමට මං හෑලි දැම්මා.....

අවසානෙදි හෑලි දාලා දුක කියලත් හෙම්බත් වෙලා උන්න මං අනිත් පාර බුකිය පැත්තට ගියා වෙනමොකටත් නෙවෙ වට්සැප් එකෙන් දුක කියලා මදි හින්දා මට ඕන උනා බුකියෙනුත් මගෙ විරහව එයාට දැනෙන්න දෙන්න...මොන කරුමයක් පඩිසන් දීලද මන්දා ...බුකියට යනවත් එක්කම මං දැක්කෙ මිනාලයගෙ ඇක.....

මට සජෙස් උනේම කාලකන්නි මිනාලයව.....රන්ගෙ රෝවර් (range rover) එකක් ගාව හේත්තුවක් දාගන උන්න මිනාලයව...ඒකගෙ ඇකට ගියපු මං මිනලයගෙ මුන දිහා බලාගන උන්නා....රොලෙක්ස් වොච් එකක් අතට බැදන් උන්න එකා උන්නෙ හරියටම උන්නෙ වේල්ස් කුමාරයට වත් නැති ගැම්මකින් වෙනකොට හෑලි දලා දුක කියලා උන්න මට මෙහම වෙන්න එකම හේතුව මූ කියන එක දිගින් දිගටම මතක් වෙන්න ගත්තා විතරයි ඒකගෙ ඇක කුඹුරක් කියලා හිතාගන මං ඇකම හාන්න ගත්තා....

කොටින්ම කවර් ඵොටො එකේ ඉදම්ම මං මිනාලයට හහා දාලා කමෙන්ට් දාන්න ගත්තා.....

😂 කැරිම තේජසක්නෙ බොසා උඹ විද්‍යාමාන කරන්නෙ....

😂 කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුත්තිගෙ පුතෝ වදාපු අම්මට අප්පට බන්නන එපා....පැත්තෙන් බැලුවම ජොනී සීනුත් වගෙ!

දකුනු කකුල පෙරට තියපු මං කැත නැතුවම අරූගෙ කවර් එකටයි කමෙන්ට් දෙකක් දැම්ම..

මිනලායගෙ ඇක තනිකරම සුරපුරයක් වගෙ...මට වගේ ලයික්ස් පනහක් හැටක් වැටෙන එකක් නෙවෙ...උගෙ ප්‍රොෆයිල් එකටම වන්කේ ටූ කේ වැටෙනවා...එහෙව් ප්‍රොෆයිල් එකෙ පහලට පහලට ගියපු මං මගෙ හිතෙ දුක යනකම්ම තරහව නිවෙනකම්ම පුලුවන් තරන් අනන් මනන් දැම්මා...ඒ චුට්ටක් පහලට යනවත් එක්කම ටින් ගාන සද්දෙත් එක්ක නොටිෆිකේශන් එකක් ආවා....කාගෙන්වත් නෙවෙ...සමුද්‍ර හැන්නදිගෙගෙ නමින්...

තත්පරයක් යන්න නෑ...මිනලයගෙ ඇකට වෙලා සාප කර කර උන්න මන් වෝල් එකට ගියා....

" කවුරුත් හොයන්නෙ ඔලුව නොකන බැදීමක් "

මාව පුපුරන්න ආවා.....සමුද්‍රයා පෝස්ට් එකක් දාලා....නිකන් නෙවෙ මේ මිනිහා ඒක අපෙ අප්පච්චිටත් ටැග් කරලා....කවුරුත් හොයන්නෙ ඔලුව නොකන බැදීමක් ලු.....ඇත්තට....ඇත්තට.....හා අයියෙ අනෙ හා...උඹ දැන් ඔය ඔව්වා දාන්නෙ මටනෙ.....අප්පච්චිව ටැග් කරන්න ඇත්තෙ මං ඇවිත් අප්පච්චිගෙ පුතා හින්ද වෙන්න ඇතිනෙ.....උඹට දුන්න ආදරේට කියන කතානෙ මේ.....

උඹට ලෝබකමක් නැතුව දුන්න ආදරෙ හින්දනෙ මේඔක්කොම මේ.....හා බන්....අනෙ හා...උඹට ඕන ඔලුව කන්නෙ නැති එකක් නෙ.....හා බන්.....අනෙ අම්මෙ....දික්වැල්ලෙ රෝමියො නේ....පොඩ්ඩක් හිටපන්....මොන මගුලටද බන් ආදරෙ කරලා ලැජ්ජා වෙන්නෙ.....

තත්පර දෙක තුනක් යන්න නැතුව ඇති අර දාපු පෝස්ට් එකට සට පට ගගා හාර්ට් වැටෙනවා..ඉස්ටිකර් කමෙන්ට් වැටෙනවා...එයත් ඒ ඔක්කොටම රිපලයි කරනවා...

මාව වෙව්ලනවා.....අච්චර මැසේජ් දාපු මාව ගනන් ගත්තෙ නැති මිනිහා මෙහෙ පෝස්ට් දදා මායන් වෙනකොට කොච්චර වාත් හා හා අයියෙ උඹට මාව එපා නම් මටත් උඹව එපා ගෑවට පපුවෙ ඇවිලෙන ගින්න හුස්මත් එක්ක පිට උනා නම් මාව හවුස් ඔෆ් ඩ්‍රැගන් එකේ මකරෙක්ට ගන්නවා...ඒතරම්ම මගෙ පපුව ඇවිලෙනවා....ඇස් පනාපිට මෙහෙම දේවල් වෙනකොට මට ඉවසන්න බැරි උනා.....

ආයම ටාන් ගෑවා.....

එයාගෙ පෝස්ට් එකට සට සට ගගා වැටෙන කමෙන්ට් දිහා බලන් ඉන්නවත් එක්කම ආයම ටාන් ගෑවා.....වෙන කවුරුත් නෙවෙ....තේජක සෝලංගාරච්චිගෙන්....හාර්ට් රියැක්ට් එකයි මල්පොකුරයි....

එහෙමද....හා අප්පච්චි ...හා....උඹලාට හිනා....ඉඹල හැමෝටම හිනා...කරපු ආදරේටනෙ මේ මෙහෙම විදවන්නෙ....හා බන් අයියෙ....

අප්පච්චිගෙ රියැක්ට් එකයි කමෙන්ට් එකයි දිහා බලන් උන්න මං අනිත්පාර මගෙ ඇකට ගියා....ගිහින් පෝස්ට් එකක් අප්ඩේට් කෙරුවා..කාවවත් ටැග් කෙරිලි මොකුත් නෑ...ප්‍රින්ටර්ස් එකෙන් සේව් කරන් උන්න මලක් තුරුල් කරන් උන්න කොල්ලෙක්ගෙ පින්තූරෙකුත් එක්ක මං හෑල්ල කොටන්න ගත්තා....

"මට උඹ නැතුව පාලුයි...මතක් වෙනවා හුගක්.....ඒත්,

මං එතනින් හරියටම අදහස් කරන්නෙ මගෙ හදවතෙ හිස්තැනක් තියනවා ඒ හිස්තැන පුරවන්න පුලුවන් උඹටම විතරයි කියන එක.....

කොහෙ උන්නත් පරිස්සමින්!"

ඇගිලි තුඩු කීපෑඩ් එක උඩ එහා මෙහා වෙලා වෙලා අවසානෙදි පරවුන රෝස පොහොට්ටුවක්...කැඩුන හදවතක් එක්ක මං පෝස්ට් එක අප්ඩේට් කරලා ආයම ගිහින් සමුද්‍රගෙ පෝස්ට් එක බැලුවා...මේ තත්පර ගානට ඒකෙ ලයික් ගාන දෙගුනෙකින් වැඩි වෙලා තිබ්බා...

ආ....හා මහත්තයො ....හරී...ඒකත් එහෙමනම්....අපි මේකට තිතක් තියමු....හරිනෙ...උඹ ඔය නොකියා කියන්නෙ මොක්කද කියන්න දන්නවා.....

මං ආයම මගෙ ඇකට ගියා..මීට තත්පරේකට කලින් දාපු පෝස්ට් එක ඩිලීට් කරපු මං අනිත්පාර තව එකක් දැම්මා...තොට මාව එපා නම්...මටත් තෝව එපා ස්පීකර් අයියෙ.....හැබැයි මං හිතන් උන්නෙ....උඹට මාව එපා උනත් මට නම් උඹව ඕන කියලා....

මනුස්සයෙක්ගෙ ආදරෙ උනත් බාල්දු කරන සීමාවක් තියෙන්න ඕනනෙ....

"එක වරක් ඔබට මා එපානම් සිය දහසක් වාරයක් ...එපා ඔබ මට....මට එපා..."

දැන් හරි .....ඕක.....දැන් අපි ආයම තව වදනක් දාන්න ඕන...වෙන මොකුත් නෙවෙ මං තනිකඩයි ඕන එකෙක්ට ලයින් කරලා මාව දාගන්න පුලුවන් වගේ පෝස්ට් එකකුත් දාන්න ඕන....

සමුද්‍ර තොට ඔච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද...මෙතන....

" නොමිලෙ...දුන් නිසා...මගෙ.....නිමල ආදරෙ....කවුරුවත්ම නෑ ගත්තෙ...ඔහෙ තිබුනා පාඩුවෙ..."

දෙවනි පෝස්‍ට් එක.....පලවෙනි එක ඩිලීට් කරලා දාපු මං අනිත්පාර වෙන කාටත්ම ටැග් නොකර කිරියටයි සුකුමලාටයි විතරක් ටැග් කරල පාඩුවෙ බැක් උනා.....

දැන් හරිනෙ.....උඹට ඕනෙ ඔලුව කන්නෙ නැති බැදීමක්නෙ...හා.... බන්....හා.....

මං ඵෝන් එක පැත්තක දැම්මා....

අනෙ දෙයියනෙ ලෝඩ් පකීර් වගෙ ගැම්ම්මෙන් උන්නට මට අර පාන්කිරිත්තා නැතුව බෑනෙ...

"හම්බන්තොට මූදු වෙරලෙ වැලිකැට ගානට...මං හැඩුවා ..... ....ම්ම්ම්....අම්මා එක්ක තරහා උනෙ පලමු වතාවට...දුකක්...ආ සුදුමහත්තයා....උඹ තවම ඉස්කෝලෙ ඇදුම පිටින්ද....???වෙලාව කීයද....කෑවද...නෑ....කාලත් නෑ....ඇගක්පතක් හෝදන්ද ඉන්නෙ....ඒත් නෑ.....උඹ ඔතනට වෙලා තවමත් ඔහොම ඉන්නෙ අප්පච්චි ගෙන් ආවාම තව ගුටි කන්නද .....???? අර බත් මුට්ටිය එහෙම්මයි....එකෙක් එහෙන් කෑවෙ නෑ....මේකා මෙහෙන් කන්නෙ නැ...මේ බත් මුට්ටියම මම කන්නද කියපන්...??"

මං හිතන්නෙ මං අද නැගිට්ටෙම වැරදි පැත්තකින්....මට හිතෙන්නෙ මුලු ලෝකෙම මට එරෙහි වේගන එනවා වගෙ ...පැනලා යන්න උදව් කරන්නම් කියපු අම්මම බූට් සින්දුවක් කියාගන පහලට ඇවිදින් මට බනින්න කෑ ගහන්න ගත්තා...

යකො...නලා එන ටිකට මේ තරම් වෙනස් වීමක්....????

මං උන්නෙ තවමත් බලාගත්ත අත බලාගන....නාපු අම්මා ඇදුමක් වත් මාරු නොකරම බාත් රොබ් එක පිටින් පහලට ඇවිදින් කුසියෙ කබඩ් ඇර ඇර මොනවද හොයන්න ගත්තා....අක්බඹරු ගැහුන කොන්ඩෙ නාපු හින්දම තවත් කැරැල්ල ගැහිලා තියනකොට තෙත කොන්ඩෙට ගැට ගහපු තුවායත් පහු කරගන කැරලි ගැහුන කොන්ඩ රෑන් එලියට වැටිලා තිබ්බා....

මෙයා ළමයි තුනක් ඉදලාමෙහෙම නම්...ඒ කාලෙ කොහොම ඉන්න ඇතිද....?ඒකනෙ අරයත් මෙයාව බෑ නොකියා අරන් පැනල ගියෙ ...එහෙම ගිය එක්කෙනා තමා දැන් මේකෑ ගහන්නෙ.....

අම්මෙ...

කබඩ් ඇර ඇර මොන් මොනවද ජාති දහයක් විතර එලියට අරගත්ත අම්මා මොනවා හරි හදන්න යන දිහාව බල බල හොරා වගේ අම්මා ගාවට කිට්‍ටු උනා.....

අම්මෙ....

මොකද සුදුමහත්තයා...මොකද.....කොයි වෙලෙත් අම්මෙ හුම්මෙ ගානවා...එහෙන් එකෙක් තේම ඉල්ල ඉල්ල මායන් වෙනවා...දැන් අනිකා අම්මෙ හුම්මෙ ගගා පස්ස පාරෙ කැරකෙනවා...මොකද....

මොකද අනෙ මොකද මොකද ගාන්නෙ...ඔයාගෙන් මං දැන් නාන්න කලින් කීයක් නම් ප්‍රශ්න ඇහුවද....කෝ අම්මෙ උත්තර....

මොනවද දැන් උඹ අහන්නෙ.....අත්තම්මලත් මගලු....ඒ ඔක්කොමත් කටෙ තියාගන මොනවද දැණ් අහන්නෙ කියපන්කො...කරන් ආව හපන් කම මදිවට තවත් නාහෙන් අඩනවා.....

සුදු මහත්තයා උඹට පේනවනෙ මගෙ අතෙ තියෙන්නෙ මොකක්ද කියලා....

හැන්ද....ඔයාගෙ අතෙ තියෙන්නෙ හැන්ද....!ඔයා හැන්ද පෙන්න පෙන්න මට කෝචෝක් කරනවද අනෙ ..ඈ....පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්නකො මං ඔය හැන්ද අතට ගන්නකන්.....

ඇයි වදෙ....මොකද අනෙ ඔයා බයින්නෙ ..මං ඇහුවෙ ඔයා දවස් කීයකට රෙදි අරන් ගියාද කියලනෙ...ඔයා මොනවද අරන් ගියෙ කියලනෙ ඇහුවෙ.....ඇයි අනෙ කියන්නකො...ඔයා දැන් කිව්වනෙ මාව ගිහින් උනත් අරින්නම් කියලා....ආ අම්මෙ....ඔයා එහෙම කතාවක් කිව්වනෙ....ඔයා දැන් කිව්වනෙ...එහෙම කියපු ඔයාම ඇයි අම්මෙ ඔහොම කතා කරන්නෙ.....අනික මං මීට කලින් පැනල ගිහින් තියනවද ..නෑ.....මේක මගෙ පලවෙනි පැනලා යැවිල්ලනෙ අම්මෙ ඈ....

එක පැත්තකින් අපෙ මිනිහා....ඒ මිනිහා දාලා ඌට ඕන ඔලුව කන්නෙ නැති බැදීමක් කියලා....ඒ මිනිහා ඒක ඔයාගෙ කසාද මනුස්සයටත් ටැග් කරලා අනිත් පැත්තෙන් ඔයා.....අම්මො අනෙ මේ මිනිස්සු පුදුම ද්‍රෝහිවීම්නෙ කරන්නෙ....

එයාලට මොකද....එයාලට නම් ඕන කරන මනුස්සයව හම්බුනා....ලමයිනුත් හම්බ කරගත්තා.....ඒකට අපිට....අපිට තමයි බලු බල්ලෙක් නැත්තෙ....ඇයි අනෙ ඔයාල ඔහොම හැසිරෙන්නෙ...මේක නන් පුදුමාකාර වෙස් පෙරලිල්ලක් අම්මෙ....

කමක් නෑ....කමක් නෑ...මට දැන් තේරෙනවා....ඔයාලගෙ ඔය හැසිරීමට හේතුව...මට කාලෙක ඉදන් තේරිලා තියෙන්නෙ....මට මේ පවුලෙන් හුගාක් වෙනස් කම් වෙනවා කියලා...මාව හදාගන්න ගත්ත ළමයෙක් කියලා මට තේරෙනවා අම්මෙ...ඒකනෙ ඔයාට වත්...ඔයාගෙ මහත්තයට වත් මගෙ වේදනාව තේරෙන්නෙ නැත්තෙ.....කාටවත් මගෙ පපුවෙ ගින්දර වල රස්නෙ දැනෙන්නෙ නැත්තෙ එකනෙ අම්මෙ...

ඇත්තමයි අම්මෙ සමුද්‍ර නැති උනොත් මං වහ කනවා හරිද....මට ඌව නම් ඕනමයි අම්මෙ...අනික...අනික...අපි අතරෙ මගින් හැරෙන්න බැරු වෙන්න හුගාක් දේවල් උනා අම්මෙ...ඔයාට තේරෙනවා....දෙන්නෙක් තනි උනහම මොකද වෙන්නෙ කියල....

මන් නාහෙන් අඩන්න ගත්තා...සමුද්‍රගෙ වෙනස් වීමත් අප්පච්චිගෙ නපුරු කමත් අම්මගෙ වෙනස් වීමත් මේ ඔක්කොම එකට විදින්න සිද්ද උන මං අනිත්පාර කෑගහන්න ගත්තා.....මාව අරන් හදාගත්ත ළමයෙක් කිය කිය අඩන්න හැදුවා විතරයි කඩල පිටිත් දාගන ඒකටම යෝගටුත් හලාගන මොකක්ද මන්දා මගුලක් කූරු ගගා උන්න අම්මා අනිත්පාර මගෙ දිහා බලාගන උන්නා....

ආ සුදු මහත්තයා උඹට පිස්සු හැදීගන එනවද...ආ??

පිස්සු .....පිස්සු හැදිගන එන්න දෙයක් නෑ අම්මෙ...මට දැන් පිස්සු තමයි....ඇයි අම්මෙ මට මෙහෙම වෙනස්කම් කරන්නෙ ..මාව හදාගන්න ගත්ත එකෙක්ද අම්මෙ.....ආ.....??

උඹ වගේ එකෙක්ව හදාගන්න ගන්නවද බන් .....සුදු මහත්තයා උඹ හදන්නෙ අම්මගෙන් ගුටි කන්න...අර බත් බෙදන් කාපන්...ඔක්කොටම කලින් කියපන් මගෙ මූනෙ කලු ලප එහෙම තියනවද කියලා...උඹලගෙ අප්පච්චි සැරින් සැරේම මට පරිස්සමින් ඉන්න කිය කිය මැසේජ් එවනවා....උඹට කෙසේ වෙතත් අද උඹගෙ අම්මට වෙන්නෙ අත්තම්මලා ඉස්සරහා නම් නම්බුව නැතිව ඉන්න වෙන්නෙ....සුදු මහත්තයා උඹ දන්නවනෙ උඹගෙ අම්මා මැනිකෙ කෙනෙක්...අපි නුවර මිනිස්සු....අම්මා අප්ප ඉස්සරහා වත් ලැජ්ජා වෙන්නෙ නෑ...

ඉතින් ඒකනෙ අනෙ කියන්නෙ....මටත් ලැජ්ජ වෙන්න බෑ....ඇරත් ...ඇරත් ඔයාගෙ මනුස්සයා ගානට වැඩී අම්මෙ...මගෙ මනුස්සයා මාව අරන් පැනලා යන්න බෑ කියන්නෙ එයා හන්දා...දැන් ටිකකට කලින් පෝස්ට් එකකුත් දාලා ඔලුව කන්නෙ නැති බැදීමක් තමයි ඕන ඔහොම මගුලක්...ඒක ටැග් කරලා තියෙන්නෙ ඔයාගෙ සපුමල් කුමාරයට.....

අනෙ අම්මෙ ඕක තුන්වෙනි ඇහෙන් බැලුවොත් ඔයාගෙ සමුනයි මගෙ සමුනයි ඔය නොකියා කියන්නෙ අපි උන් ගෙ ඔලු කනවා කියලා අම්මෙ....එහෙම නේ අම්මෙ....ආ....ඔයා එයා වෙනුවෙන් හැඩ උනාට වැඩක් නෑ....ආන් අපෙ එකා එක්ක ඔයාගෙ රන්කද හින්ට් ගහනවා....

නාහෙන් අඩ අඩ උන්න මං අනිත්පාර තවම නාලා ෆ්‍රෙශ් පිට දිලිසි දිලිසි ඉන්න අම්මට අනිත්න්පාර මං පිදුරු දාන්න ගත්තා ..මගෙ ඈඩියාව අහන අහන වාරයක් ගානෙම අම්මගෙ අර තලපෙ කූරු ගෑමෙ වේගෙත් එන්න එන්නම වැඩි උනා විතරක් නෙවෙ සමුද්‍රයා නම් උන මගෙ හුජ්ජ දෙබරගෙ පෝස්‍ට් එක ගැන කිව්වා විතරයි අම්මගෙ කූරු ගෑම නැවතුනා...කොටින්ම අම්මාගෙ ඇස් දොඹ ඇට වගේ ලොකු උනා.....

හැබෑට....දැන් උඹගෙ හැන්දා ඒ පාර උඹව අල්ලගත්තා මදිවට මගෙ මිනිහවත් අල්ලගත්තද....?????

.අනෙ මේ...පද හදන්න එපා අම්මෙ...ඔයාගෙ මනුස්සයා තමයි සුදු පුතා...සුජු පුචා ගාන් ගිහින් අන්තිමට මාමා ආජරෙයි කියලා ඵෝන් එක තියන්නෙ....දැන් හරිනෙ .....දැන්හරිනෙ හැමෝගෙම පුකෙ අමාරුව...කොයො වෙලෙත් දැන් සුජු පුතා...

ඔයා මගෙ එකාට බනින්න කලින් ඔයාගෙ මහත්තයව හදාගන්න අම්මෙ.....මං කොහොම හරි හෙට ඉදන් වෙනම පවුලක් පන්සලක් වෙනවනෙ....එතකොට කොහොමත් මගෙ මිනිහා මං එක්ක හොදට පවුල් මෙව්වා එක ගෙනියයි...ඇරත් එයාට බෑ මට පිටුපාන්න.....

හරි....හරි උඹත් මගෙම පුතානෙ...ඒකනෙ අඩ අඩ පැනලා යන්න අහන්නෙ....ඒ කාලෙ අපි කරගත්ත මෝඩකම් උඹලා මේ වගේ කෑගහන වාරයක් වාරයක් පාසාම මතක් වෙනවා සිහත්.....මගෙ වයසෙ උන් පොත් අරගන ඉගනගන්න යනකොට මං බඩ උස්සන් ක්ලිනික් ගියා...ආදරේ ආදරෙ කියලා අඩාගන දිව්වට මේ අම්මටත් දුක හිතුන තැන් තිබ්බා පුතේ....උඹට ඕන ඉස්කෝල යනකාලෙ පවුලක් වෙන්නද?????උඹ මගෙන් හැදිපාර කන්න තමයි...උඹට පැනලා යන්න දෙයක් උනාද...?අප්පච්චි ගැහුවොත් ගුටි කාපන්...අපි උඹලව හැදුවෙ අපිට ලැබුන් නැති දේවල් උඹලට දෙන්න බලාගනනෙ...ඔක්කොටම කලින් මට උඹගෙ ඔය හැන්දගෙ පෝස්‍ට් එක පෙන්නපන්කො....මං ඒකවත් හම ගහන්නම්...

බෑනකම දෙපිටින් යන්ඩ උන්දැටත් අමතලා උඹලගෙ පලහිලව්ව මාට්ටු කරපු එකාගෙත් කන පලන්න....පෙන්නපන් පෙන්නපන් බලන්න....

ඒ.උනාට පැනලා යන්න එපා කියන්න එපා....එහෙම පව්නෙ ..මාත් යන්නෙ මට දැන් මේ තනිකඩ ජීවිතේ ඉදලා ඇති වෙලා හන්දනෙ....ඇරත් ඔයාට දුක හිතුනට මට එහෙම දුක හිතෙන් නෑ අම්මෙ.....මට එයා එක්ක ලුනුයි බතුයි කාලා හරි ඉන්න පුලුවන් ...ඇරත් අපිට ලුනුයි බතුයි කන්න ඕන නෑ...මාලු තියනවනෙ...එක දවසකට මං මාලු බදිනවා...තව දවකට තෙලට තව දවසක කිරට...ආය කරවල....උම්මලකඩ.....ඇයි යකො අර මැකරලුත් තියෙන්නෙ...සුදු බත් ඉව්වා...තෙල් ටිකක් ලිපට තිබ්බා .....ලූනුගෙඩියක්...මිරිස් කරලක් තෙලට දැම්මා...ඔය දාන්න ඕන ජාති දල මැකරල් ටින් එකත් කඩලා දැම්මා නම් හරිනෙ.....මට මගෙ මිනිහව බඩගින්නෙ තියන්නෙ නැතුව පවුල් මෙව්වා එක ගෙනියන්න පුලුවන්....

හරි හරි ....උඹගෙ ඉවිල්ල මං දන්නවනෙ.....ඕක දියන් බලන්ඩ...මට පරිස්සමින් ඉන්ඩ ..පරිස්සමින් ඉන්ඩ ගගා උන්දත් නටන නාඩගම බලන්ඩ....ළමයි උනාම කොල්ලො කෙල්ලො යාලුවෙනවා නේනම්...ආය අපෙ එකා කොල්ලෙක් එක්ක යාලු උනා කියලා මැරෙනවද.....නෑනෙ.....ආ දෙන්කො ආ දෙන්කො.....පෙන්නපන්.....උඹත් ගිහින් බත් කාපන් සිහත්....පැනලා යන්න නෙවෙ කොහෙ යන්නත් කාලා ඉන්ඩ එපැයිනෙ...උඹට මොකො ගිහින් මගදි බඩගිනී කියලා එන්ඩද....බෑනෙ... අනික ඔය ඇඩිල්ල....ඔය ඇඩිල්ල නවත්තපන්....උඹගෙ අම්මා උනත් කෙරුවෙ අඩන්න ඕන තැන්වල තේ ටිකක් බීපු එක...

මෙච්චර වෙලාම නාහෙන් අඩ අඩම ගිනි දාපු මං අනිත් පාර එහෙම්ම අම්මට ඵෝන් එක දීලා අපෙ එකා දාපු පෝස්ට් එකත් පෙන්නලා බත් චුට්ටක් බෙදාගන්න

ගියා වෙන මොකටවත් නෙවෙ අපෙ අම්මම කියනවනෙ එයැ උනත් කෙරුවෙ අඩන්න ඕන තැන්වල තේ බීපු එක කියලා....

අම්මගෙ පුතා යන්න ඕනෙත් අම්මගෙ පාරෙනෙ....ඉතින් මං කරන්නෙ අඩන්න ඕන තැන බත් කන එක...

ම්හුක් ..අල එකේ රස අනෙ.....සුදු බත් එකට සෝයා අල පපඩම් තිබ්බ ඔක්කොම ජාති දාගත්ත මගෙ බත් එක පිදුරුතලාගල කන්දට අන්ත වෙනකොට මං ඒකත් උස්සන් ඇවිත් කෑම මේසෙන් ඉදගත්තා විතරයි මං බලාගන අම්මව පුපුරනවා.....

අද හරි....අද හරි ...මගෙ මගුල කඩන්න ගියපු අප්පච්චිට අද ඇඩ්‍රස් නැතිවෙන්න යන්නෙ ....

ඇරත් අම්මෙ....ම්ම්ම්...මේ.....අපෙ අප්පච්චි .....එ...එයාට.....බ්ලෙන්ඩර් ..එකකුත් දීල තිබ්බා...මේ අනෙ මට ඔයාගෙ කුකරි පොතත් දෙන්න හරිද.....වෙනස් වෙනස් කෑමත් හදන්න එපැයිනෙ....

අම්මා දිහා බලාගන උන්න මං අනිත් පාර වම් හක්කෙන් දෙපාරක් හපලා අනිත් හක්කට දුක හිතෙයි කියල දකුනු හක්කෙනුත් දෙපාරක් හපලා ගිලින ගමන් තව කටක් අන අනම එයාගෙන් කුකරි පොත ඉල්ලුව විතරයි අතෙ තිබ්බ ඵෝන් එක පැත්තක තිබ්බ අම්මා මගෙ පිටටම ඩෑස් පාරක් දීලා ඇරියා මාව ඔහෙක්වෙලා..මෙහෙක් වෙලා ගිය ....

ඇ..ඇයි ...අනෙ.....ඌව්....හ්....කකා ඉන්න දරුවට ගහන්නෙ ඇයි ..

ඇයි....ඇයි තමයි ....ආ සිහත් උඹව අවුරුදු දහතුනක් ඉස්කෝලේ යැව්වා.....මොනාද කියපන් ඉගනගත්තෙ ...

අ..අ..අම්මෙ...

අම්මෙ....අම්මෙ තමයි...උඹ හදන්නෙ හොදට ඉන්න මගෙ අහිංසකයට මං ලව්වා බන්නන්නද....මේ බලපන්....මේ බලපන්...මෙතන තියෙන්නෙ බැදීමක්...ඕ බූරුවො මේකෙ සඥ්ඥකේ.....???බැදීමකයි බැඳිමකයි වෙනස හොයා ගන්න බෑනෙ.....ලව් මාන්දම...ලව් මාන්දම...

සුදු අක්කෙ...

මං හිතන්නෙමගෙ බත් කටත් හිරවෙලා ගියා....

අකුරුවල වෙනස හොයාගන්න බැරුව ගියාට පිට කසන්න තරම් පාරක් කාපු මට කටෙ තිබුන බත් කට හිර උනා...

වෙනමොකටවත් නෙවෙ...මාව මග ඇර ඇර මාව රිදව රිදව උන්න එයා ...මගෙ සුදු අයියා.....සුදු අක්කෙ ගාන් ආව එයා දොරකොඩ ගාව හිටන් ඉන්නවා දැකලා මට කෙලත් හිර උනා.....

නිතරම දකින සරම වෙනුවට ඩෙනිමක් ඇදලා ජැකට් එකක් දාගන...කොයිවෙලෙත් බොත්තම් බාගෙට ඇරන් ඉන්න ශර්ට් එක වෙනුවට ජැකට් එකක් දාන් උන්න එයාව දැකලා මට ඇඩුම් ආවා.....

පප්පා තාත්තෙ.....තාත්තෙ ඔහෙ මොකො මෙහෙ.....ඈ තාත්තෙ...ඔහෙ ආවෙ කැතයා බලන්ඩද....සමනල්...මේන් අපෙ තාත්තා ඇවිල්ලා...

එහෙන් පසනා..තවමත් දොරකොඩ හිටන් ඉන්න එයාව දැක්කා විතරයි කානුවා එක්ක තේ ගිල ගිල උන්න එයා ගාවට දූවගන ඇවිත් ඇගේ එල්ලෙනවත් එක්කම මං බලාගන ඒ මුනෙ හිනාවක් ඇදෙනවා ...පසනා එයාට තාත්තෙ කියන වාරයක් ගානෙම මං හැමදාම ඒ ඇස් වල පාට වැඩිවෙන හැටි මගෙ ඇස් පනා පිට දැකලා තියනවා....

සමුද්‍ර....අනෙ උඹ මොන තරම් ආදරනීය මනුස්සයෙක්ද බන් ...මට කියපන් උඹ වගේ එකෙක් නැති කරගන්න කැමති මොකාද....

පප්පෙ...පුතාගෙ ..පුතාගෙ හැදි තාත්තා.....පප්පෙ.....ම්හුක්...පප්පෙ වඩා...පුතාව.....පප්පියො.....පප්පියො පුතාව...

ම්න්...පුතාව වඩන්ඩ ඕනද .....ම්ම්ම්...

ඔව්නෙ....ඔව්නෙ....අනේ....අනේ.....පුතාගෙ හැදි තාත්තේ .....

වරෙල්ලා ඉතින්.....තාම කට දයියද මගෙ හිච්චගෙ ම්ම්ම්ම්ම්...තාම කට දනවද.....

බයි කෑවද.....බයි කාලද ඉන්නෙ....

ම්හුක් ....තේ බිව්වනෙ පුතා...ඔවූ ...පුතා තේ බිව්වනෙ පප්පියො...බයි එපානෙ නේ....බයි එපාන්....

තාත්තෙ පසනව...පසනව.....පසනවත් වඩපියකො අඩා....

පසනවත් වඩන්ඩ ඕනද.....

ඔව්නෙ....ටිකිරියවයි පසනවයි දෙන්නෙක්ව ඔහෙට වඩන්ඩ ඇහැක්ද තාත්තෙ ඈ...පසන බරයිද තාත්තට....?

වරෙල්ලා ඉතින්....

මගෙ ඇස්වල කදුලු කැට නලියනවා...දුකට වඩා සමුද්‍රගෙ ඇස් වලින් කාන්දුවෙන ආදරෙ දැකලා....මගෙ චූටි මල්ලිව අත් දෙකෙන්ම වඩාගත්ත එයා අනිත් පාර සමනල්ව එක අතක තියාගන පසනවත් අනිත් අතින් වඩාගත්තා විතරයි උන් දෙන්නම මගෙ සමුද්‍රගෙ බෙල්ල බදාගත්තා.....

උන් හරි වාසනාවන්තයි ....ලේ බැදීම් නැතිව උනත් අප්පෙක්ගෙ නොවුන මනුස්සයෙක් කාන්දු කරන මේ ආදරෙ උරාගන්න පින් තිබුන උන් පුදුමාකාර විදිහට හරි වාසනාවන්තයි...

දෙයියනෙ මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් ආදරනීය වෙන්න....මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරමට ස්නේහවන්ත වෙන්න....

සමුද්‍ර....මගෙ සුදු අයියෙ....අනෙ මං උඹගෙන් නිවෙන තරම...

සමුද්‍ර .....ඇයි ඔය එලියෙ හිටගන.....එන්න ගෙට ....

අක්කෙ මේන්.....අලුත් බඩු ආ...

මොනවද මල්ලි මේ....

විනාඩියක් දෙකක් අරුන් දෙන්නව වඩාගන උන්න මගෙ සුදු අයියා අනිත් පාර උන් දෙන්නවම බිමින් තියලා ආපිට කෙලින් උනා විතරයි මෙච්චර වෙලාම ඔලුව කරකව කරකව මගෙ සුදු අයියගෙ උඩ උදන් යටටම බලපු පර සුසංගතා තටු ගහගලා ගහල කූඩුව දෙවනත් කරවන් වක්කඩ කට ඇරියා විතරයි රෝමාන්තික හැගීම් ඔක්කොම කුඩේ කුඩු වෙලා ගියා මදිවට මං අහගන අපෙ සාගරිකත් කා එක්ක හරි උරුම්පූට්ටු වෙනවා.....

" සුදු අයියෙ........හලූ.......සීදේවි...එන්ඩ ඇතුලට....ආ...පැටියො....පැටියෝ....ජරාව බොන්ඩ එපා තේජක.....ජරාව බොන්ඩ එපා සුදු අයියෙ ...හැමනෙ.....න්ඩ.......පප්පෙ....සාගරිකා...සුදු පුතා සමනා....ල්ල්

පප්පෙ....මේන් අපෙ ගොනෝරියා ඇවිල්ලා...පප්පෙ.....සමනල් මේන් ඔහෙලගෙ සාගරිකා අපෙ සිගිතියගෙ බල්ලා එක්ක කෙල ගන්ඩ හදනවා.....

පප්පෙ...මේන් මුන් දෙන්නා කෙලගන්ඩ යන්නෙ ....පප්පෙ....ගොනෝරියා පල ..පල...ඔහෙලගෙ බල්ලා මේන් නැට්ට කෙලින් කරන් ටිකිරියො .....ටම හැමනෙයි අපෙ ගොනෝරියා කෙට්ටු උනා ට වසයි හරිය...

සාගරිකා එපා...අම්මියේ...මෙන්න...කෙලගන්ඩ යන්නෙ....හැමනිලා කෙලවගන්ඩ යන්නෙ...අම්මියෙ ....

සමනල්!!මොනාද ඔය කියන්නෙ.....ආ...අම්මා ආවොත් හනස්සක් කැඩෙන්ඩ දෙනවා ආ....

මොනවද මල්ලි ඔය.....

මං බලාගන උන්නා.....පසනවා.....සමනලයව හුරතල් කරපු එයා අනිත්පාර අම්මගෙ ආරාධනාවත් එක්ක කුස්සියට ඇවිදින් මා දිහාවත් ඇස් කොනින් බලාගනම අම්මා දිහාවට සිලි උරයක් දික් කෙරුවා

හාල්මැස්සන් කරවල....අනෙ...කීරමින්.....මේ ගොඩක් ජාති තියනවනෙ මල්ලි.....මේන්.....උම්මලකඩ.....මං මෙව්වට නන් ආසයි.....පොල්සම්බෝලවලට දාපුවාම අපෙ සුදුමහත්තයයි තේජකයි නිකන් සම්බෝල විතරක් කනවා...

අපෙ සිගිතියගෙ මිනිහා බෝට්ටු කරවල බිස්නස් එකක් පටන් අරන් ඕන්...හාල්මැස්සගෙ ඔලුව කඩලා අරන් බැදලා රටකජුයි ඔය කන්කුන් බැදලා තව දාන්ඩ ඕන සන්නම් මන්නම් දාලා ගත්තා නම්.....බත් කොතක් උනත් කත හැකි ආය ......ඔහෙ දැක්කෙ නැතැ මං මාමටත් පෝස්ට් එකක් ටැග් කරලා දැම්මා....මරු බඩු ආය.....ඔලුව අහක් කෙරුවා බැද්දා ආය...

පෝස්ට් එකද...කෝ...අනෙ දැක්කෙ නෑ මල්ලි...කොහෙ ඵෝන් ඔබන්නද අනෙ මේලමයිගෙ වැඩත් එක්ක...මේ පේනවද එකෙක් තාම ඉස්කෝලෙ ඇදුම පිටින්...අනිකා ආව වෙලේ ඉදන් මල්පෝච්චි අස්සෙ වැලිකනවා....දැන් තාත්තන්ඩි ආවම අම්මලා පුතාලා ඔක්කොටම දුවන්න පාරවල් හොයන්න වෙනවා..ඔයාවත් මේකට කියන්න ලමයො .....මේකට මොකක්ද මේ හැදීගන එන පිස්සු ව කියලා...අඩාගත්ත ගමන්....අඩාගත්ත ගමන්.......

මේකට ගාන කීයද මල්ලි....

ඔහෙට පිස්සුද දීගගන්ඩ ඉන්න තැනින් සල්ලි ගන්ඩ...ඔහෙත් මරු කතා තමයි කියන්නෙ අක්කෙ.....

එහෙනම් බත් කනවද....කාලත් නැතුව ඇතිනෙ.....මට විනාඩියක් දෙන්න ඇදුමක් දාගන එන්නම්...ඇදගන්නවත් සැනසීමක් තියනවද.....?

මගෙ කනුත් එක්ක රත් වෙලා ගියා....යකො....මේ මිනිහා මගෙ පපුව අවුලල තියෙන්නෙ මේ හාල්මැස්සො ලබ්බක් හන්දද....????

මං නෙවෙ මීක් කිව්වෙ...මෙච්චර වෙලාම බාත් රොබ් එක පිටින් උන්න අම්මා අනිත්පාර අර කඩලපිටි අනන් මනන් දාපු ලන්තෑරුම කූරු ගාලා ගාලා එයා අරන් ආව කරවල එකත් නිදානයක් උස්සන් යනවා වගෙ අරන් ගිහින් කරවල තියන උරේට දාලා නාගන්න යනකොට හොරා වගේ උන්න මං බත් එක පහුරු ගගා ඉදලා මගෙ ගාව උන්න එයා දිහා බැලුවා....

ම්හුක්.....රවන්නෙ....ඉතින්....දුක හිතුනනෙ ස්පීකර් පප්පෙ.....

මොනවද අර දාලා තියෙන්නෙ ම්ම්ම්ම්?

මොනවත .....ඔව්...ඈ පප්පෙ...

ඔහෙනෙ දන්නෙ .....ඔහෙම මට හෑලි හෑලි දාලා ඔහේම මගෙන් අහනවා මොනවද කියලා.....ඔහෙට ට්‍රැකද සුදු චූටි හැබෑවටම????....මං ඒවා ඔක්කොම කියෙව්වෙ නෑ ඇයි බල ඉහ ඇම්මට එනවනෙ.....ඔහෙට මොකෙක් හරි යකෙක් වැහෙනවද් කියපියකො.....ටාන් ටාන් ටාන් ගගා මේක වදිනවා අහවරක් නෑ...මං ලෑල්ලෙ ගනන් බල බල උන්නෙ ...කොහෙ ගනන් බලනවද...ඇයි බල මේකට එන මැසේජ් තොගෙ අහවර වෙන්නෙ නෑනෙ....

ආ....දැන් ඔහෙ එකක් වත් කියෙව්වෙ නෑ ඒ කියන්නෙ....

ඔව් ඉතින් ආය....ඒකනෙ මක්කද ඒ මගුලෙ තිබ්බෙ අහන්නෙ...ඇයි අඩා අර පතරංග කව්ද බොල කියවන්නෙ...කියන දේ කෙටියෙන් කියපන් සීදේවි මට ඔය වැල්වටාරන් අල්ලන්නෙ නෑ.....උඹ හදන්නෙ මා එක්ක සෙල්ලම් කරන්න හරිය.....ඒවා නම් තියාගන්ඩ එපා හරි....

මට වහ කන්න හිතුනා...ලැජ්ජාව ගමකට එකක් වෙනකොට මං යවපු හෑල්ලෙ අකුරක් වත් කියවපු නැති මගෙ සමුද්‍රයා අනිත්පාර ලිඛිත හෑල්ල වාචිකේට හරවන්න කියනකොට මං අතට අහු උන සෝයා කෑල්ල පිටි වෙනකන් මිරිකගන ඉදලා ඉදලා අවසානෙදි අතට අහුවෙන උපරිම බත් ප්‍රමානෙන් කටක් හදලා සමුද්‍ර දිහාවට හැරුනා...

ආ ගාපිය..

ස්..සී ..භ්භ්භ්භ්...

මොකක්ද දන්නවද කිව්වෙ...මට...මට උඹව ඕන...මට උඹ එක්ක පැනලා යන්න ඕන.....මේ ගෙදර මිනිස්සු මට වෙනස් කම් කරනවා....මට උඹ නැතුව ඉන්න බෑ....මට උඹගෙන් තොර ලෝකෙකුත් නෑ....ඇහුනනෙ....ඇහුනද .....ඇහුනද...

භ්භ්...ම්ම්ම්....ම්ම්ම්.....

හරි...මාව අරන් පැනලා යමන්...අද රෑ 12 වෙනකොට මං එනවා....

?????????

ඇ...ඇත්තමයි....ඇත්තමයි සුදු අයියෙ බනනම් කියන් එන්න එපා....බන කියන් ආවොත් නන් ඇයි යකො ඊලග පාර මං උඹගෙ උපන්දිනේට අටපිරිකරක් පූජා කරනවා ඇයි යකො....

මං බලාගන් සමුද්‍ර මගෙ දිහා ඇසුත් හීනි කරන් බලාගන උන්නා....අවසානෙදි මං බලෙන් කටට ඔබපු බත් කට ගිලලා තත්පර ගානක් බලාගන ඉදලා ආයමත් මගෙ දිහාවට නැවිලා කට ඇරියා අනෙ මගෙ පපුව හෝස් ගාලා ගියා...

බඩගිනිද සුදු අයියෙ ...

ගොඩක් රත්තරන් සුදු අයියට වැඩ සීදේවි ....සුදු චූටිගෙ නම ගහපු බෝට්‍ටුවෙ තව වැඩ එකාකාරෙට තියනවා...ඔව්වා ආවට ගියාට මූදට දාන්ඩ බෑනෙ මයෙ අම්මෙ...ටැංකි බලන්ඩ ඕන...අලුත්ම බෝට්ටුව ..ඕක හොද ස්කීපර් කෙනෙක් බලලා දෙන්ඩ ඕන.....එහෙන් සයුරියගෙ නෑවිල්ල.....ඒ මගුලත් සරුවටම ගන්ඩ එපැයිනෙ....ආය ඉස්සරහට එන කාවඩිය......කීයක් ජාතිත කියපල්ලකො...ඒ අස්සෙන් මේ කොහෙවත් යන සාලයො එක්කත් ඇරගන්ඩ වෙලානෙ ...පාන්දර ජාමෙ ඉදන් නින්දකුත් නෑ සීදේවි .....එහෙන් අයිස් එකෙ කොල්ලො දෙන්නෙක් ගමේ ගිහින්....ඒක බලන්ඩ ඕන....මගෙ අතකුත් ඒ අස්සෙන් ඇදිලා මේ උරහෙ උස්සන්ඩ බෑ ඇදට වැටුනම අතපය කැක්කුමෙ බෑ.....

මට දුක හිතුනා.....කොච්චර අනන්මනන් කියන් ආවත් සමුද්‍ර කියන්නෙ මගෙ ප්‍රාන සම වස්තුව වෙනකොට මං තවත් කටක් අනලා එයාගෙ කටට ලන් කෙරුවා....

සුදු අයියෙ . ...

ම්න්.....

මට ඕන දුකක් විදින්න පුලුවන් සමුද්‍ර උඹ එක්ක ඇවිල්ලා....මං උඹත් එක්ක ලැල්ලට හරි එන්නම්....ඕන දෙයක් කියපන් මගෙ අයියෙ...මේ සුදු චූටියට පුලුවන් අයියා එක්ක ඉන්න....මට උඹගෙ හෙවනැල්ල වෙනවා කියන්න බෑ සුදු අයියෙ....මොකද අන්දකාරෙදි හෙවනැල්ල පවා දාලා යනවා...ඕනම අන්දකාර කාර්තුවක උඹ හැරිලා බලපන්....අනිවාර්යයෙන්ම උඹගෙ පිටිපස්සෙන් මේ හිතුවක් කාර කොල්ලා ඇති සමුද්‍ර....

.........සමුද්‍රගෙ අම්බරේ උඹ...දුක් විදින්න දෙන්න බලන් මං උඹව මගෙ ගාවට ගන්නෙ නෑ සුදු චූටි හැබැයි මං උඹට පොලවෙ පයගහල ජීවත් වෙන හැටි නන් උගන්නනවා....ඒකට නම් දුක් විදින්න වෙනවා ..මල් වලට මේ මහපොලවෙ පයගහන්න අමාරුයි සීදේවි ..තැලෙන්න ඕන...පොඩි වෙන්න ඕන ..හරියටම යකඩයක් වගේ.....උඹව මං තලලා පදම් කරලා දෙපැත්ත කැපෙන පිහියක් වගෙ හදන්නම්.....මං නැතිදාක උනත් උඹට හොද හයියට ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕන අමාකර....

උඹ මාව රිදවනවා....උඹ මාව රිදවනවා සමුද්‍ර....උඹ නැති ජීවිතයක් නැති බව දැනදැනම මාව රිදවන්නෙ ඇයි මගෙ අයියෙ ...

මගෙ අතට ගත්ත අනාපු බත් කට ආයම පිගානට වැටුනා ....මගෙ ඇස් දිහා බලාගන ආදර කතා ගොඩක් කියපු සමුද්‍රම මගෙ පපුව නොහිතන වෙලාවක කඩපු කැඩිල්ල එක්ක එකට එකතු වෙලා තිබුන සිව් ඇගිලි ලිහිල් වෙලා බත් ඇට ආපිට පිගානට හැලුනා.....

සමුද්‍ර නැති ජීවිතයක්...????

මගෙ හීනෙක වත් නැති කොටසක්...දෙවියන්ටන්ට පුලුවන් නම් මට වරමක් දෙන්න ....දෙයියන්ගෙන් මං ඉල්ලන්නෙ මෙච්චරයි මාව නැති උනත් මේ ලෝකෙට එවාපු ආදරනීයම මිනිස්සුන්ව අමරනීය කරන්න කියල....

මං උඹව රිදවනවා නෙවෙ මගෙ අමාකර...මගෙ වස්තුව ජීවිතේ ගැන උඹ තවම දැකලා තියෙන්නෙ අබ ඇටයක් වත් තරමක්....ආදරෙයි ...ආදරෙයි කියලා මට උඹ ගාව සුරංගනා ලෝක මවන්න බෑ අමාකර....ඉපදුනොත් මැරෙනවා....ඒක අනිවාර්‍යයිනෙ ....දවසක උඹට කලින් සුදු අයියා ගියෝතින් ....උඹට පුලුවන් ද මැරෙන්න.....?

ඔව්....!!! මට පුලුවන් ...මට උඹ වෙනුවෙන් මැරෙන්න පුලුවන් ...

මං දෙපාරක් නොහිතම උත්තර දුන්නා ..උඹට මැරෙන්න පුලුවන්ද අහනවත් එක්කම මං හුස්මක් වත් ගන්නෙ නැතුව ඔව් කිව්වා විතරයි එයා ලාවට හිනා උනා ....හිනා වෙලා මාව එහෙම්ම එයාගෙ ලගට අරන් මගෙ පිට පැත්ත එයාගෙ පපුව පැත්තට හිටින්න හරවන් එයාගෙ කකුල් මැදින් හිටගස්සවගත්තා....ඒ විතරක් නෙවෙ අර නහර පෑදුන ලොකු අත් මගෙ මගෙ ඉන වටේ එතිලා ඝනකම් රැවුලෙන් හැඩ උන නිකට ඇවිදින් මගෙ උරහිස බරකෙරුවා...

මෝඩ නොදරුවා මගෙ ...සීදේවි ...දන්නවද....ආදරෙ කියන්නෙ.....ඒකට නෙවෙ .....ආදරෙ කියන්නෙ මං වෙනුවෙන් මැරෙන එකනෙවෙ...මං වෙනුවෙන් ජීවත් වෙන එක....වැඩි කතා කියන්න මට කොහොමත් දන්නෙ නෑ සමුද්‍ර...දන්නවද මං උඹට ආදරෙ තරම.....කවුරු හරි එකෙක් ඇවිදින් මගෙන් ආදරේ කියන්නෙ මොකක්ද ඇහුවොත්...මං අත දිගෑරලම පෙන්නන්නෙ උඹව.....

ඉතින් ආදරේ කවදාවත් මැරෙන්න හොද නෑ සීදේවි....මිනිස්සු මැරෙනවා...ඒක සම්මතයි....එහෙමනෙ...ඒත්...ආදරෙ මැරෙන එක...ඒක සම්මතද කියපන් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....නෑ....ඒක සම්මත නැ අම්බරෙ....

මට ඇඩුම් ආවා....මේ වෙනකන් මාව ගනන් නොගෙන මට රිදව රිදව උන්න සමුද්‍ර නොහිතන වෙලාවකදි ආදරේ වාන්දාන්න ගත්තා විතරයි මගෙ ඇස් වලින් ගිලිහුන කදුලු කැට කම්මුල් තෙමාගන ගිහින් මාව බදාගන උන්න අත උඩට වැටුනා ..ඒ චුට්ටකින්ම සමුද්‍ර මාව එයාගෙ පැත්තට හරවන් පපුවට තියලා තදකරලම තුරුල් කරගත්තා..... .

මගෙ අම්බරෙ...ඔහෙට මං හරි ආදරෙයි රත්තරනෙ ....සුදු චූටි....උඹ මගෙ නම දන්නවා...උඹ මගෙ ඇස් වල පාට දන්නවා....රත්තරන් මට කියපන්....මහ මුහුදෙ දිග පලල හරිම මිම්මට හොයාගත්ත ජගතෙක් ඉන්නවද කියලා ම්ම්ම්ම්ම්ම්....නෑ....කාටත් බැරි උනා ....අන්න ඒවගේමයි....උඹගෙ සුදුඅයියත් උඹට දෙන ආදරෙ......නාඩපන්....මං කැමති නෑ මගෙ රත්තරන්ගෙ ඇස් වලට කදුලු උනනවට....

නාඩපන් කියපු එයාම මගෙ ඇස් වල කදුලු පිහ දැම්මා....අඩනවට කැමති නෑ කියපු එයාම අනිත්පාර මගෙ ඔලුව අතගෑවා...සමුද්‍ර උඹ නම් නම්බුකාර හිතක් තියන ප්‍රේමනීය පිරිමියෙක් බන් .....

සුදු අයියෙ....

ම්න්.....මක්කද.....

අවසානෙදි මං මගෙ කම්මුල් තෙත් කරාපු කදුලු වැල් මගෙ මූනෙන් අහක් කෙරුවා....අම්මත් නැති වෙලාවක....පසනලා ඉන්නවද එබිකම් කරපු එයා අනිත් පාර මූන පුරාවටම මනමාල හිනාවක් රන්දාගන මගෙ දෙකම්මුල් වලට තියාපු හාදු වැස්සත් එක්කම මගෙ මූන පුරාවටම හිනා මලක් පිපීගන එනකොට මන් ඒ දැල් වලට ගොරෝසු උන....අයිස් කුට්ටිවලට පදම් උන...කොටින්ම මුලු මුදුකරේටම සින්න උන ආදරේ පිරුන අත් දෙක අල්ලගන මගෙ පපුවට තුරුල් කරගන නිල්පාට ඇස් දිහා බැලුවා.....

සුදු අයියෙ .....දෙයක් කියන්නද...

කියාපන්...මක්කද ඔය හැටි ලතවෙන්නෙ....අහන් ඉන්නෙ ...මං උඹ කියන ඕන දෙයක් මගෙ හුස්ම අහවර වෙනකම්ම අහනවා සීදේවි....කියාපන්...මගෙ අම්බරේට මක්කද දොඩන්ඩ ඕන ම්ම්ම්ම්ම්ම්ම්....

සමුද්‍ර...මිනිස්සු මිනිස්සු වෙනුවෙන් පාරමි පුරනවා....මේ ආත්මෙ විතරක් නෙවෙ ඊලග ආත්මෙත් ලැබෙන්න කියලා පාරමි පුරනවා....සන්සාර කීයක් ද දන්නෙ නෑ.....ඒ හැම සන්සාරෙකටම පාරමි පුරනවා...මටකියපන් මගෙ සමුද්‍ර ඉන්ධීවර්.....උඹගෙ හිතම උදුරගත්ත මේ සුදු චූටියා උඹ වෙනුවෙන් සන්සාර කන්නකෝටි ප්‍රකෝටි වාරයක් උඹම විතරක් වෙනුවෙන් පාරමි පුරන්නද.....?හැම සන්සාරෙම මං උඹගෙන්ම නිවෙන්න පාරමි පුරන්නද සමුද්‍ර...කවදාවත් ප්‍ර්‍රෙමය නන් වෙච්ච දුරුතු හද අහසින් කඩා වැටෙන්න නම් එපාය කියලා මං උඹවම ඉල්ලනද අම්බරේගෙ රත්තරන් ...?

.............උඹටත් හරියන්න මං උඹව ප්‍රාර්ථනා කරලා හමාරයි අමාකර...දුරුතු හදට වැටෙන්න ඕන නම් වැටෙන්න කියාපන්....මුලු පොලවම තෙමාගන සමුදුරට පුලුවන් වැටෙන හදට හීරිමක් වත් නොදී අල්ලගන්න.....දන්නවද ...මේ සුදු මූන තවසන්සාර කන්න අහුරු ගානකට වත් මගෙ මතකෙන් මැකෙන්නෙ නැති වෙනම මං උඹව මගෙ මතකෙ කොටාගන ඉවරයි..."ආදරෙයි"

.....ම්හුක්...පප්පෙ...පප්පෙ...ඔහෙට වෙලාව මතකයිනෙ...ඈ....

........

දොලහ වෙනකොට මං අර සූරිය ගහ යට තියන ලෑල්ල ගාවට එනවා හරිය පප්පෙ...

........

යෝහ්...අහපියකො අඩා අහක බලන් ඉන්නෙ.....

අහන් බන් ඉන්නෙ. .අහන්...ඔහෙගෙ කට කැක්කුම නැද්ද සීදේවි...එකම එක් අහලා මට ඉහ රදෙ වගෙ...ඇරත් ඔහෙට මොන්ගල්‍ය මේ පිගන් කෝප්ප උස්සන් එන්නෙ....ඇරත් .....මේ තුනපහ බෝතලේ ඉදම්ම...

එහෙම නේන්නන් අනෙ අලුත් පවුලක් පටන් ගන්නකොට....ඔයා දන්නවනෙ පප්පෙ.....සුදු චූටියා නුවරනෙ.....මොනරවිලලනෙ...ඔයා දන්නවනෙ අපි වලව් කාරයො ...

මොකුත් එපා....මොකුත්ම කියන්ඩ එපා....ඔහෙ ඔය තටමන්නෙ නුවර වන්නම වනන්න නේ.....මෙන්න ...වැන්දා මං උඹව මූදට විහික්ක කරනවා...ඕක නවත්තකො අඩා.....මට පිගනුත් එපා...මොකුත් එපා....ඔය කට වහ අඩේ....ටම හැමනෙන්න...මේක පුදුමාකාර ඉහරදයක්නෙ යකො.....ඔය මොනරවිල වලව්ව කොහෙද කියපන් සීදේවි....අම්මාපා මං ඕක ඩෝසර් කරලා මාලු ලෑල්ලක් දානව

.ප්‍රේම කතා අහවරයි.....රෝමාන්තික කතාත් අහවරයි....මං දැන් ආයම අර පරන නිලමෙම වෙද්දි පැනලායන වෙලාව කිය කිය උන්න මං මගෙ මොනරපෙදේ චුට්ටක් වැනුවා විතරයි අපෙ එකාට නැග්ගා....මං කියන්නෙ තරහා...තරහා....

ආ...ආ...පිගන් එපා කියන්නෙ....ඔහෙ කියන්නෙ මමත් අර බේසමෙ කන්ඩ කියලද.....අනෙ මෙ...ඔහෙ මා එක්ක පවුල් උනාට පස්සෙ නම් ඔය බේසන් කතා බෑ හරිය ...අපෙ අම්ම අප්පච්චි ල සීයත්තලා ආවොත් ලැජ්ජහෙ බෑ...අපෙ අම්මා මුත්තෙක් වත් ඔහොම බේසන් වල කාලා නෑ.......ඔය වලව් බෑනෙක් පප්පෙ....හොමතගයු පැංචො....හොමතගයු....!!!

මං ආයම මැරෙන්න හැදුවා....පිගන් කෝප්ප අත ගගා මගෙ මොනර පුකත් වන වනා අර පිගාන හොදයි මේ පිගාන හොදයි ගගා උන්න මන් අනන් මනන් කිය කිය එහා මෙහා දුව දුව ඉන්නකොට මං බලාගන මෙච්චර වෙලාම ෆයර් වෙලා උන්න සාගරිකා අනිත් පාර ගොනෝරියගෙ නාහෙට නාහෙ තියාගන ඔලුවත් තට්ටෙ කරගන නැට්ටත් දුන්නක් කරගන ලාවට නැට්ට වනනවා....

යෝහ්..ඕකත් බල්ලෙක් බන්....ඔකත් බල්ලෙක්....!!!

සුදු අයියෙ 

ම්න්.....

දවස් කීයකට ඇදුම් ගේන්නද කියන්නකො....ඈ සමුද්‍ර ...අම්මලා සමාව දෙනකන් ටිකක් වැඩිපුර ගේන්න වෙයිනේ ඒයි....

......

සුතූ.....ඒහ් අඩොහ්...ඇහෙන් නෑ වගෙ ඉන්නවා නේදඈ... ඇයි මිනිහො කියපන්කො.....දවස් කීයකට ගේන්නද ...

මං ආයම පරල උනා...පරන දේ...එකම දේ අහ අහ පුලුවන් තරන් මං සමුද්‍රට වද දෙනකොට මං අහගන සුසංගතා පරයා කොහෙන් හරි අහුලන් තුත්තිරියක් ගැන සින්දුවක් කියනවා.....

එකපැත්තකින් තුත්තිරි කරදරෙ....එක පැත්තකින් ගොනෝරියා සාගරිකා සටන.....අනිත්පැත්තෙන් මල්පෝච්චිය අස්සෙ උන්න ගෙම්බව උස්සන් පසනගෙ පස්සෙ දුවන කානුවගෙ කරදරෙ...මේ ඔක්කොම මැද අදරෑට පැනලා යන්න ඉන්න මොනර පෙද හැලි හැලි යන තරම් නටන මම...මේ ඔක්කොම කරච්චල් මැද වගෙ වගක් නැතුව අම්මගෙ බ්ලෙන්ඩරෙ දිහාව එලුවො කොස් කොල දිහා බලන් ඉන්න මගෙ මිනිහා සමුද්‍ර.....

ඇයි යකො මිනිහො....

ඇ..ඇයි...බන්...ඇයි සීදේවි....ඇයි....

ඔහෙට මන් දැන් කීයෙ ඉදන්ද කතා කරන්නෙ....බ්ලෙන්ඩරෙ දිහා බලන් සෝවාන් වෙලාද...ඇයි වදේ අපෙ අප්පච්චිගෙ වැඩෙත් ගෙදර ආව වෙකේ ඉදන් ඕක දිහා බලාගන ඉන්න එක....ඒකම මේ මිනිහත් පටන් අරන්නෙ...එක්කො තල හොදට වැඩද බලන්න ඕක දාන එක.....

.......

මට කියපන් සමුද්‍ර දවස් කීයකට මං ඇදුම් ගේන්න ඕනද....ඈ...ඇයි අනෙ පැනලා ගියගමන් ගෙදර එන්න බෑ...බාරගන්නෙ නෑ....ඔන්න මට බබෙක් වත් හිටියා නම්....කියපන්කො....ඇත්තමයි සමුද්‍ර මං දැන් කීයෙ ඉදන් අහනවද කියකො...

උඉව්හ් ..යකො ගහන්නෙ.....ගහප් තොට මං දැන්....දෙකකට...දෙකකට ගෙනෙන් ...වදෙ.....

ම්හුක්...බයින්නෙ ඉතින්....සීදේවියා ඇහුවෙ කීයකට කියලනෙ....දෙකකට ...දෙකකට අරන් ගිහින් මොනා කරන්නද.....

ඇදුම් අරන් ගියාට උඹව මං තියන් ඉන්නෙ හෙලුවෙන් .....ගේනව නම් දෙකකට ගෙනෙන් නැත්තන් එපා...අනික ඔහෙ ඔය පිගන් උස්සන් එන්ඩ හිතන්ඩ වත් එපා ආ....ඔව්වා අරන් ගිහින් මට ආයම මොනර ලබ්බ අහන්ඩ වෙයි .....

අනෙ පැංචෝ...අර අතන තියන කහ මල වැටුන එක වත් ....ගේන්නම්නේ ඒයි ...ගේන්නම් ඈ...දොලහට...මතකනෙ...මතකනෙ ඔයාට ....

මං උඩපැන්නා....එයා දවස් දෙකකට විතරක් අරන් එන්න කියනකොට ඒ කොටස අවුල් සහගත උනත් අද රෑට මං එයා එක්ක යනවනෙ කියන එක මතක් උනත් හරි මං ගිහින් එයාගෙ බෙල්ලෙ එල්ලුනා...එක්කො එයාට දුක ඇති මං රෙදි පොට්ටනියක් උස්සන් එනකොට....ඒකනෙ...ඇරත් එයා එක්ක ගියහම එයානෙ මට අරන් දෙන්න ඕන...

එයාගෙ බෙල්ලෙ එල්ලුන මං හිනා උනා....ඇගිලි තුඩුවලින් හිටන් අර වැවුන රැවුල තිබුන මූනෙ මගෙ නහය අතුල්ල අතුල්ල කෝලම් කර කර හුරතල් වෙන්න හැදුවා විතරයි ගේට්ටුව පහු කරන් ඇතුලට එන පුරුදු වාහනෙක සද්දෙ ඇහුනා විතරයි මං අහගන අප්පච්චිගෙ හොර ගෑනිත් කූඩුව කඩන්න හදනවා...

අනෙ දෙයියනෙ අප්පච්චි ...

අ..අනෙ...අනෙ...අයියෙ ...අප්පච්චි ...අප්පච්චි එනවා....හ් ..හැන්ගියන්කො....අයියෙ....අප්පච්චි කිව්වනෙ ඔක්කොම අහවර කරගන්න කියලා....මෙහෙ ඉන්නවා දැක්කොත් මරයි අපි දෙන්නවම...බුකියෙ හාදකම් ඇත්තටම නැ අයියෙ ...හැන්ගියකො...

මං සමුද්‍රව මේසෙ යටට ඔබන්න හැදුවා ...කබඩ් එක පිටිපස්සෙ හන්ගන්න හැදුවා ඒත් අපෙ මිනිහට නෙවෙ ගානක් තිබ්බෙ....සුසංගතා පරන පටියම දිගෑර දිගෑර අප්පච්චි ට බොන්න එපා කියනවා මදිවට මේ පරයා අද දවස හොද නැති බව නොදැන ඒකටම සුදු අයියෙ ජරාව බොන්ඩ එපා කියල මැරෙන්ඩ හදනකොට මං හැන්දව කර්ට්න් එක අස්සට තල්ලු කරලා මේසෙ උඩ තිබ්බ කහ මල වැටුන තේ කෝප්පෙත් උස්සන් උඩට දිව්වා....

" ජරාව බොන්ඩ එපා තේජක...ආ සුදු අයියෙ...තුත්තිරි මල් මිට.....ජරාව බොන්ඩ එපා සුදු අයියෙ...සුදු අයියේ....සීදේවී...තේජක.....හැමනෙන්න ....තේජක...සාගරිකා...පඩත්තර....බ....ල්....ලා....කූකූ....කූකූ....සුදු අයියෙ.....ආ....තේජක...තුත්තිරි මල්මිට....තේජක...

තුත්තිරි....ටෲ...."

කට වහපන් බන්...කටවහකෝ.....තුත්තිරි මල් මිට ඔබනවා දැන් පුකෙ...කට වහපන්...උඹ් හිතුවද මං විසි හතර පැයම බොනවා කියලා...තියන මගුල් මදිවට තුත්තිරියකුත් හොයන්....අන්න උඹලගෙ වලව් මැනිකෙලා හූවෙ දුරලු.....ඒ එක ඉහරදයක් ඒ.....

" තුත්තිරිය....පුකේ...පුකේද .....ඉහරදෙ ...වලව්ව ඉහරදෙ ...ඉහරදෙ ...වලව්වෙ උන් ඉහරදෙ ..තේජක...අප්...පු ...ච්චෝ...සුසංගතා....චූටිපුතා...බයි කෑවද..."

*

*.

*

මේක අලුත් පාටයි පරන වරහැලි පිටින් පවුල් කන්න බෑනෙ......මේක දාගමු.....

ම්හුක්...අප්පච්චි ආවා ආවමයි....සද්දයක් වත් නෑනෙ....ඒ තියා මට කතා කෙරුවෙත් නෑනෙ...අඩුම ගානෙ අපෙ එක්කෙනා ආපිට ගෙදර යනවා වත් මං දැක්කෙ නෑනෙ...එක්කො එයා තාම දොර රෙද්ද අස්සෙද....යෝහ්.....එක්කො බය වැඩි කමට මට ඇහෙන්නෙ නැද්ද ....

එක්කො ගහන් එක් ගහලා ඉවර කරන්න ඕන...මෙහෙම ඉන්නකොට බයයිනෙ අප්පා.....

මං හිතන්නෙ පැයයි අඩ හොරාවකට වැඩී....අප්පච්චි ගෙ කැබ් එකේ සද්දෙ ඇහිලා පැයයි අඩ හෝරාවකට වැඩි උනා....අද රෑට අරන් යන්න තියන බෑග් ක ලෑස්ති කරලා ආපිට අල්මාරිය අස්සෙ රිනගවපු මම කොටකලිසමකට ටීශර්ට් එකක් දාන් කාමරෙ පුරාවටම නියපොත්තක් කකා මායන් උනා.....සැරින් සැර්‍රෙම දොරගාවට ගිහින් ගිහින් කන තිය තිය බැලුවා.....මීක් නෑ...

කාලා කාලම දැන් කන්න නියපොතුත් නෑ....ඒ තියා ඇදුමක් දාගන්න ගියපු අම්මගෙ සද්දෙත් නෑ...ඉවසලා ඉවසලා බැරිම තැන කාමරෙන් එලියට ආව මං අම්මලාගෙ කාමරේ ගාව නැවතිලා දොර ඇරලා බලනවත් එක්කම දොර ගාවට වෙලා නියපොත්තක් කකා හොර ගල් අහුල අහුල උන්න අම්මත් ගැස්සිලා ගියා...

ස් .සුදු මහත්තයා!!

අ....අ...අම්මියෙ.....!!

සුදු මහත්තයා අප්පච්චි ආවා.....මගෙ බඩත් රිදෙනවා බන් සුදු මහත්තයා.....

ඔව් අම්මෙ....අප්පච්චි ආවා.....මගෙ මනුස්සයා පහල.....මීක් නෑනෙ අම්මෙ....ඔයාට බඩ රිදෙනවා..මට දැන් දහ වතාවක් කක්කා බර ආවා...

අම්මා එහෙන් නියපොතු කනවා...මං අනිත් පැත්තෙන් කනවා..එයාට බඩ රිදෙනවා ගානවා...අප්පච්චි ආව වෙලේ ඉදන් ඇදුම් අස් කරකර දහවතාවක් විතර ටොයිලට් එකට දුවපු මං අම්මා දිහා බලගන උන්නා....

එක්කො වරෙන් යන්න....කොන මගුලට බය වෙනවද....හරි මගුල්නෙ....උඹ බය නොවී ඉදින් මමම අද උඹව ගිහින් අරින්නම්.....එයා උනත් දැනගන්න ඕනා එයත් මාව අරන් ගියෙ මෙ වයසෙන් කියල....උඹට මේ අම්මා ඉන්නවා සුදු මහත්තයා...

ම්හුක්....ඔබ දකින විට මට පුදුම සත්තියක් එන්නෙ අම්මෙ.....

හිටපන් මං අත්තම්මටත් කනට කරලා මේක කියන්නම්...අපෙ එකාටත් මුල මතක නෑ...අප්පච්චි මාව දෙන්න බෑම කිව්වට මොනරවිල මැනිකෙ යන්තමට එයාට කැමති උනානෙ.....උඹ බය නොවී ඉදින්...මමම ගිහින් අරින්නම්.....

මං හිතන්නෙ මගෙ ඇගට ලේ ටිකක් ඉනුවා...අප්පච්චි ආවට බයෙ නියපොතු කකා උන්න අම්මා ආයම මගෙ පැත්ත ගන්නවත් එක්කම මං අම්මගෙ අතත් ල්ලගනම පඩිපෙල බහින්න ගත්තා.....

ඕකට තව ලුනු ටිකක් දාපන් සුදු පුතා ....මොන රෙද්ද හදලද මන්දා....

මාමෙ මේකට ඔන්න ඔහෙ සුප්කැටයක් දාමුද අනෙ එක්කො...

මන්දා බන් ....දාන එකක් දාපන්....සුකුමලා.....

බොසා...

ගනින් ඔය ළූනුගෙඩියක්.....මුන් එක්ක පවුල් කනවට අපිට ගානක් දෙන්ඩ ඕන...කිරියා කොල්ලා...මහ තැන දඩමස් ගෙනාවෙ නෑ.....?

ඔහෙත් ලබ්බක් දොඩනවා...අපෙ මහ තැනගෙ කැකුලි පොජ්ජ ඒවා ගේන්ඩත් කලින් හන්ගලා...සුකු ඔහොම කපන්නෙ නෑ අඩෙ ළූනු.....හරියට කපකො....

කොහොමද කපන්ඩ කියන්නෙ...

කොටුවට..කොටුවට....ඔව්වා කන්ඩ වදුරු දත් ගේන්ඩ වෙනවා.....ඔහෙට ලූනු විතරයි හරියට කපන්ඩ නොදන්නෙ .....අහකට...අහකට ඔහෙගෙත් කට නම් තියනවා ....ළූනු කෑල්ලක් ලියාගන්ඩ බෑ....ගම ගාල්ල පුක ලෑල්ල .....ස්කීපර් අයියා තෙල් ටික රත් වෙලානම් අබ අහුරක් දාන්ඩ හරිය....

ම්න්....මාමෙ තව පාන් කෑල්ලක් කවන්ඩද ඔහෙට??මේක පොඩ්ඩක් කටෙ ඇලෙනවත් වගේ...පොල් ඔයාගන්ඩ එකෙක් නැති හන්දා අක්කා කඩෙන් ගේන පොල් ද දාන්නෙ ???

මන්දා බන් ....තෙල් වාටිය කවපන් සුදුපුතා....අනිත් හරිය එපා...සුදු පුතා....සමනල් වරෙන් පාන් කන්ඩ...පසනා.....කෝ පසනා.....පසනා වරෙන් කොල්ලා....

කිරියා....

ම්ම්...සුකු.....

මේ පරිප්පු වලට සුප් කැටයක් දැම්මම කතහැකි ආ.....ඔහෙ එදා හදපු පරිප්පුව එක්ක ඉස්මයන්ඩ කෑවා...

මහ තැන සුප් නෑ.....??

සුදුපුතා ඔය ෆ්‍රිජ් එකෙ සුප් නැද්ද බලපන්....

ඔහෙත් මගුලක් කියනවා...කවන්ඩ කියනවා....ආය අරක කරන්ඩ කියනවා...මේක කරන්ඩ කියනවා.....මාව කතරගම දෙයියො වගේ පේනවද...???

හරි..හරි....රත්තරන් තරහා ගන්නෙ ඇයි....සුදු පුතා උඹ කෑල්ල වෙලා ආ....සරමෙන් කලිසමට මාරු වෙලා...ආසයි ආ....

ඔහෙට ට්‍රැකද...?

මන් හිතන්නෙ පහලට ආව මටයි අම්මටයි ආය කතා කරන්න වචන නැති උනා....

මීක් නෑ මීක් නෑ....සමුද්‍රය එක්ක අප්පච්චි මරාගන්නවා කියලා හිතුවත් මායි අම්මයි පහලට එනකොට කුසිය ගන්න දෙයක් නැති උනා ...පොලිස් ඇදුමට තරු පායලා උන්නට මොකද ගෙදරට එනකොට ඒ තරු වාශ්ප කර උන්න අප්පච්චි මගෙ මනුස්සයා එක්ක පාන් කවාගන්නවා...අනිත් පැත්තෙන් කිරියයි සුකුමලයි ...උන් දෙන්න අම්මගෙ ළූනු වට්ටිටය ඉවරකරනවා....

දෙයියනෙ ඒකත් කමක් නෑ.....උන් දෙන්නා අම්මගෙ මුලු කුසියම ඉවර කෙරුවත් කමක් නෑ....දරාගන්න පුලුවන් .ඒත් යකො උන් දෙන්නා මොනාද අර ඇදන් ඉන්න ඇදුම්....තනිකරම ටෝර්ච් ගහලා අල්ලගත්ත හුරුල්ලො දෙන්නෙක් වගේ....තනි කලුපාට පසුබිමක රතුයි කහයි මල් වැටුන රෙද්දකින් දිග කලිසමයි කමිසෙකුයි ඇදන් උන්න උන් දෙන්නගෙ කලිසම මොක්කද....කමිසෙ මොකක්ද කියලා හොයන්න වෙනම ගානක් දෙන්න ඕන වෙනකොට මට කිරියවයි සුකුමලාවයි දැක්ක ගමන් මතක් උනේම නුවර වැව රවුම ගාව නටවන්න ඉන්න රිලවව වෙද්දි මගෙ කට ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා වගේම මං අම්මා දිහා බැලුවා...

අම්මව ගැහෙනවා.....පපුව උස්පහත් වෙන උස්පහත්විල්ලට අද නම් මගෙ පලහිල්ලව්ව මාට්ටුනුනාට වඩා හපන් කෑමක් අප්පච්චි කනවා කියලා දැනෙනකොට මං මොකටත් තවමත් අප්පච්ව්හිගෙ කටට පාන් කැල්ලක් දික් කරන් ඉන්න අපෙ මනුස්සයා දිහා බලලා පපුවට අත තියාගත්තා විතරයි මගෙ ගාව උන්න අම්ම යටි ගිරියෙන් බෙරිහන් දුන්නා...

තේජක.....!!!

දෙයියන්ගෙ නාමෙට මට කියපන් තේජක උඹ මොනවද අයියෙ ඔය කරන්නෙ....?

ඔන්න එනවා....ඔන්න එනවා...දැනුයි මැනිකෙ පහලට වඩින්නෙ...කට විතරයි ම්....තමුසෙට තවම පරිප්පු හොද්දක් හදාගන්ඩ බැරිද ඕයි....ආ සුදු....තමුසෙගෙ කට ඇරියොත් වලව් වන්නම....මැරිලා මැරිලා ගෙදර එනවා.... පරිප්පුවක් හදාගන්ඩ බෑනෙ...බලනවා ලුනු ටිකක් නෑ...මිරිස් ටිකක් නෑ....අබ ඇටයක් නෑ.....පරිප්පි හොද්දක් හදාගන්ඩ බෑ...වන්නම නම් තියනවා.....

පරිප්පු ...පරිප්පු....අර එහෙන් පිටින්ම ඇතිලියක් තියනකොට මොනවද තේජක ඔය කරන්නෙ...මේ මනුස්සයගෙ සිහිය නෑ....දෙයියනෙ ඔය මගෙ මූනට ගාන්න හදපු කඩල පිටි පැක් එක.....

ම්..මොකක්.....

මං වගෙ ගෑනියෙක්ම ඉන්න වා ඇරුනම වෙන එකෙක් නම් ඉන්නෙ නෑ තේජක.....ඔය ලමයිටත් මොලයක් කියන කලදක් නෑ....අනික සමුද්‍ර මල්ලි...ඔයාටත් මේ මනුස්සයා එක පාරක් කතා කරපුවාම සිහිය විකල් වෙනවා...

ක්...කැහ්...!

*.

*

*.

*

සුදු අයියෙ.......ආ හදුන් කූරු....සමනල් ආ ...පසන් මේක ඔයාගෙ....

වෙලාව හරියටම අටේ කනිසම පහු උනා විතරයි.... අපි උන්නෙ පන්සලෙ...පරිප්පු හොද්දක් කියල හිතාගන අප්පච්චිලා සමුද්‍රලා එකතුවෙලා අම්මගෙ කඩලපිටි පැක් එක එක්ක පාන් කාලා බඩවල් ජොහොර කරන් අවසානෙදි අසමෝදගමුත් බීපු අප්පච්චි මගෙ සුදු අයියා අම්මා...පසනා.....සමනල් අපි හැමෝම පන්සල් ආවා...ලියන ගේ අංකල්ගෙ දඹානෙ කැකුලිගෙ මහ තැන ලියනගේගෙන් පන්න පන්න වැඩගන්නවා කියන ආරන්චිය් ආවෙ අපෙ අප්පච්චිගෙ ඵෝන් එකට වෙනකොට කිරියගෙ පිය යානාව අප්පච්චිගෙන් ඩේ නයිට් දෙකම කරන්න අහලා තිබුනා...

කිරියයි සුකුමලයි පුරුදු විදිහටම උන්ගෙ වීල් එක පන්සල් හන්දියෙ පාර්ක් කරන් සුකුමලාගෙ ඉදිආප්ප බිස්නස් එක කරන් යනකොට මං බලාගන සුකුමලගෙ පැච් තිබ්බ ඩෙනිමෙ දොර රෙදි කෑලි අල්ලල කොහෙදො පැච් ටික වැහිලා තිබ්බා....

මට දුක හිතුනා.....පන්සල් හන්දිය පහු වේගන එනවත් එක්කම හෙට ඉස්කෝලෙ යන්නත් මේ රෑ පානෙ කිරියා සුකුමලාගෙ විල් එක ගාව පුටුවක් තියන් පොතක් දිගෑරන් පොතට එබීගන ඉන්නකොට මං බලාගන සුකුමලා ඉදි ආප්ප ගන්න ආව උන්ට ඉදිආප්ප දෙනවා.....අනෙ දෙන්නා එකතු වෙලා ගොඩයන්න බලන් ඉන්න උන්ට නම් දවසක උතුරන්න හරියන්න ඕන.....

රෑ හද පායලා...මුලු බෝ මළුව පුරාවටම කහ ලාම්පු එලියට වඩා හද එලිය වැටිලා තිබුනා....පුදුමාකාර සැනසීමයි....හීන් හුලන් රැල්ලත් එක්ක බෝපත් හරි සීරුවට නැලවෙනවා...තෙල් සුවද....මල්සුවද....හදුන් කූරු සුවද...මේ හැම දේම උඩු හුලන් රැල්ලත් එක්ක ගහන් යන්න යනකොට හිතේ තියන හැම වේදනාවක්ම එකම එක බැල්මකින් පවා නිවන්න පුලුවන් තථාගතයානන් දිහා බලගන දහසක් ප්‍රාර්තනා වෙනුවට එකම එක ප්‍රාර්තනාවක් කෙරුවා....

මේ ලෝකෙ හැම මනුස්ස හදවතක්ම සුවපත් වේවා....!!

*

*

*

සුදු පුතා....උඹ රෑට කාලා යන්ඩ එනවද....??කාලා යමන්..කාල යමන්.....අපෙ මහ මොනරතැන්නත් ඇවිලලු.....කාලා යන් ආ...කාල යන් ....

පිස්සුවක් ඇතෑ ඔහෙට....ආය නම් කන්ඩ එන්ඩ බෑ....මං දැන් මෙහෙම්ම ආපිට බෝට්ටුව ගාවට යන්ඩ ඕන...

එහෙම කරන්න එපා....මාමා පව්නෙ ....වරෙන් වරෙන් ...කාලා යන්...මං අහගන මහ මොනරි ගම් කුකුල් මස් හදපු කතාවකුත් කිව්වා...මොනවා නැතත් අපෙ මහ උන්දැට අත් ගුනෙ තියනවා ආය උතුරන්ඩ ආ.....අපෙ ගෑනි වගේ නෙවෙ....කාලා බලපන් සුදුපුතා....ආස හිතෙයි ඈ....නැන්දම්ම්ගෙ කන බීරි උනාට....මම්මන්ඩියගෙ අලි ඔලුව උනාට හොද මිනිස්සු....ඔය අපෙ මොනරිටත් ගිහින් තියෙන්නෙ මහ තැනගෙ ගතිතමයි....වරෙන් වරෙන් ...කාලා යන්....මන්නෙ බන් කියන්නෙ... වලව් රැස් බලන්න හැමදාම බෑ....හැම තැනම නෑ.....නිකන්ද මොනරවිල වලව්වක මැනිකෙක්ගෙන් කනවා කියන්නෙ ආය.....ඔන්න බලපන් තව චුට්ටෙ පස්ස ශීට් එක දිහාවෙන් කර ගදක් එනවා...ඔව්ව පරම්පරාවෙන් එන දේවල්.....ආන්...අර කියනකොටම මහ මොනරා ගේට්ටුව හාව පිල් විදහන් .....දැන් ඉතින් කන් වලට කොන්‍ර්කීට් තමා වක්කරගන්න වෙන්නෙ...වලව් වරුනෙත් අහන්න එපැයිබන් .....

තේජක...මේ....දෙයියන්ගෙ නාමෙට ඔය කට පියාගන්නවද තේජක.....ඔයාට මන් වගේ ගෑනියෙක් හම්බෞන හන්දා ....නැත්තන් බලන්න ගියා ඔය කට එක්ක බල්ලෙක් වත් ඉන්නෙ නෑ තේජක..අර අහිංසක මිනිස්සු එක්ක මොන තරහක් පිරිමහනවද මන්දා....කොයි වෙලෙත් ඇදයක් කොයි වෙලාවෙත් ඇදයක්....අපෙ අප්පච්චියි අම්මයි මොනවා කෙරුවත් මේ මනුස්සයට වැරදි.....මේ මිනිහාගෙ තියන දෙපිටකාට්ටු කමනෙ.....මොකො අපෙ අප්පච්චි දෑවැද්ද නොදී උන්නද ....

තේක්ක කදන් කදන් දුන්නත් වැඩක් තියනවද ඕයි....තමුසෙලාගෙ අප්පච්චි මට ඕනම කරන එක දුන්නෙ නෑ....ඒ මනුස්සයාට දුව දෙනකොට ඇබ දෙකක් දෙන්න බැරි වෙලා....සුදුපුතා වරෙන් බන්.. බත් ටිකක් කාලා යමු...

සීයත්තෙ...සීය....ත්තේ...අම්මියෙ....සීයත්තා....සීයත්තා ඇවිල්ලා අම්මියෙ....

මං නෙවෙ කටක් හෙල්ලුවෙ ...අප්පච්චි ගෙදර ආවත් හරි මම කරපුඑකම දේ නම් පුලුවන් තරම් මගෙ මූන හන්ගගත්ත එක වෙනකොට අප්පච්චි ට පේන්න අන් සමුද්‍ර දිහාවත් වැඩි පුර නොබලා උන්නා...කොටින්ම වෙනදා ඉන්න සිහත් වෙනුවට අප්පච්චි ට දැනෙන්න එක්ක නිහඩම චරිතයක් වෙලා පාඩුවෙ උන්නා.....ඒ කියලා අප්පච්චි නෙවෙ මා එක්ක කතා නොකර උන්නෙ උඹව හමගහනවා කිව්වට අප්පච්චි නෙවෙ තවම ඒ නඩුව විභහග කරන්න ගත්තෙ....ඒක එහෙන් හිසරදයක් වෙනකොට රැ දොලදා වෙනකන් ඇගිලි ගැන ගැන උන්න මං මේ වෙනකොටත් අම්මගෙ තේ කෝප්ප සෙට් එකත් බෑග් එකට ඔබාගන පනින්න රෙඩි පිට උන්නා...

කිව්වත් වගෙ සීයත්තලා ඇවිල්ලා....වාහනෙන් බැහැපු බැහිල්ලට පසනවත් දාලා දුවපු සමනලයා කෙලින්ම නතර උනෙ සීයත්තා ගාවට වෙනකොට අත් දෙකත්න්පිටිපස්සට බැදන් හාමු ලීලාවෙන් හරි අහංකාරෙට උන්න සීයත්තා අප්පච්චි එක්ක ගිය මගෙ සමුද්‍ර දිහාවත් අප්පච්චි දිහාවත් බලලා අහක බලාගන උගුරෙ රැල් බුරුල් කෙරුවා.....

මං හොදට බලාගන උන්නා...වෙනදට නම් සමනල්ව දැක්කත් ඇති වඩාගන හුරතල් කරන සීයත්තා නෙවෙ හිනා පොදක් දුන්නෙ.....

සීයත්තා නෙවෙ හිනා උනෙ....ඔරොප්පුවෙන් වගෙ අප්පච්චි ලා දිහව බලපු සීයත්තා කෙරුවෙ

අප්පච්චි .....දිහාවත් මගෙ සමුද්‍ර දිහාවත්.....ඈතින් ඉදන් හොරගල් අහුකන මගෙ දිහාවත් නොරිස්සුමෙන් වගේ බලාපු සීයත්තා අනිත්පාර රැලින්ගහන මුහුදෙ සද්දෙ අහන් කතා කරන්න ගත්තා....ඒ චුට්ටකින්ම මන් අහගන සුසංගතා කූඩුව ඇතුලෙ ඉදන් තටුගහනවා....

".......අර කුරුල්ලව එක්කො යවපල්ලා....මේකා ආව වේලාවෙ ඉදන් රෙදි ගලෝනවා....මොන විලිසංගෙ නැති කතා ගොඩක්ද ඒකා ඔය කියන්නෙ...පුංචි උනුත් නරක් වෙනවා ..."

අප්පච්චි ...

උඹලට ලැජ්ජාව නැති උනාට අපිට තියනවා.....ඒකා මේ ආව අඩින්ගට මොන කුනුහර්ප තොගයක් කිව්වා...මොකාටද බොල එ පරයා හැමනෙන්ඩ ගෙට එන්ඩ කියලා අඩගහන සුදු අයියා...ජරාව බොන්ඩ එපා තේජක ජරාව බොන්ඩ එපා සුදු අයියෙ ගගා බෑගිරි තියනවා....මැනිකෙට හරියාකාර ඇහෙන්නෙ නැති හන්දා හොදට ගියා...ඕකත් ඇහුනා නම් කනක් ඇහිලා ඉන්ඩද....??තේජක...මං මැනිකෙ එක්ක මෙහෙ ආවෙ ඩින්ග දවසක් හරි ඉහ නිදහස් කරගන්ඩ....වලව්වෙ ඉන්නකොට මැනිකෙගෙ කරච්චලෙ....මෙහෙ ආවම අරකගෙ කරදරෙ....ආන්....ආන්....අර ඇහෙනවද.....

" ජරාව බොන්ඩ එපා තේජක....වලව්ව ඉහ රදේ....වලව්වෙන් ඉහරදෙ....තුත්තිරි ....තුත්තිරි....සුදු අයියේ......සාගරිකා .....කූකූ....පඩත්තර බල්....ලා"

මට නෙවෙ කෙල ගිලුනෙ ...සීයත්තගෙ තරහවට හේතුව කන් පුරාවටම ආයමත් ඇහෙනකොට ගෙට ගොඩවෙන්නත් කලියෙන් සීයත්තගෙන් බැනුම් අහපු අප්පච්චි ඈතින් වගෙ උන්න මගෙ සමුද්‍රව ඇදලා ලගට් ගත්ත විතරයි මගෙ කට තනිකරම සල්ලි කාරල්ලෙක් වගෙ ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා...ඒ එක්කම උඩරට වලව් මාන්නෙ ඕනාවටත් වඩා විදහපාන ආකාරෙ ඔසරියෙන් වගේම බෙල්ලත් බර වෙන අගස්ති මාල අහුරකුත් දාගත්ත අත්තම්මා "අලුත්ම ජාතියෙ තේ කෝප්පයක්....මං මිට කලින් අපේ ගෙදර තියනවා දැකලා වත් නැති තේ කෝප්පෙකුත් අරගන සීයත්තා ගාවට ආවා....

අපෙ මහත්තයා.....මේන්...උනුවෙන්ම රනවරා ඩින්ගක් ගෙනාවා.....

අප්පච්චි ....මෙ ඉන්නෙ සමුද්‍ර.....සමුද්‍ර හැන්නදිගේ ..හොද කොල්ල.....මේ මූදුකරෙ ඉන්න්න් පෙරාපු රත්තරන් වගේ කොල්ලෙක්....මං නැති වෙලාවට අප්පච්චි ලාට උවමනාවක් උනොත් කතා කරන්න....

"........හ්ම්.....සමුද්‍ර හැන්නදිගෙ කිව්වා නෙ.....".

ම්න් ...එහෙමයි.....

මං බලාගන උන්නා ..එහෙන් සුසංගතා හූ තිය තිය තුත්තිරි රෙද්දක් කියනවා...කතාව මාරු කරන්න මගෙ හන්දව වර්නනා කරන්න ගත්ත අප්පච්චි තිතක් කමාවක්නැතුවා මගෙ මනුස්සයගෙ හොද කියනකොට මන්විතරක් ඔය මොකුත්ම නාහා සීයත්තගෙ අතේ තියන තේ කෝප්පෙ දිහා ඇහැ ගහන් උන්න විතරයි මන් බලාගන උඩ ඉදන් යටටම සිය වතාවකට එහා බලපු අත්තම්මා අනිත්පාර මගෙ අහිංසකයා දිහාවට හැරුනා මගෙ මූන ඇකිලිලා ගියා.....අනෙ දෙයියනෙ .....නවයත් පහුවෙලා...මගෙ මිනිහට යන්න දියල්ලා...දොලහ වෙන්න තව පැය කීයද තියෙන්නෙ දෙයියනෙ....මගෙ මිනිහට යන්න දියල්ලකො ....

ඔය ලමයගෙ නම මක්කයි කිව්වා...

ස්...සමුද්‍ර අත්තම්මෙ...සමුද්‍ර හැන්නදිගෙ.....

ඈ.....හ්....මක්ක දිගේ කිව්වා.....

මක්කදිගේ වත් නෙවෙ අත්තම්මෙ....හැන්නදිගෙ.....හැන්නදිගේ....හැ.....න්.....න..... දි....ගෙ....ඔහෙට ඇහුනයි...

ඈ.....හැන්ද....දිගේ...????

😒😒😒🤌🤌🥲🥲🥲🥲🥲

More Chapters