Ficool

Chapter 26 - 25

ඔහෙත් මාර ආතල් තමා නේ දෙන්නෙ මාමෙ....ඔහෙට පිස්සු ආය හොදම එකෙන්...ඇයි අඩෙ ලියනගේ බලකො මාමා දොඩන දෙඩිලි...මෙයැයි කියන්නෙ මේ ලට්‍ට ලොට්ට උස්සන් යන්ඩ කියලද....හොදට හිටි අර ලබ්බ දැක්කොත්...මට මේ නිකන් ඉන්නකොටත් කන් කැක්කුම...මේක දැක්කට පස්සෙ...මට එපා...මට එපා....

එ...ඒ...ස්කීපර් මල්ලි ඕක අරන් යමන් අඩා....ඔක්කොම එකම සෑම්පල් ආය...මං හිතන් ඉන්නෙ හෙට අනිද්දා අපෙ සුකුමලාටත් එකක් අරන් දෙන්ඩ...මං අහගන අපෙ එකා ඉදිආප්ප මිරික මිරික අරූට දොඩනවා මක්කද මගුලක්....ඌත් පව්...ඌව අහක දාන්ඩ බෑනෙ අඩා...සර් කියන දේ අහලා ඕක අරගන් අඩෙ...

මං මගෙ ඇහිබැම රැලි කරගත්තා....ලියනගේත් බෑනා පොඩ්ඩට බ්ලෙන්ඩර් එකක් අරන් දෙන්න ඕනා කියනවත් එක්කම මන් බලාගන අපෙ මොනරවිල මහ බෑනා මගෙ සදාදරනීය මාමන්ඩියා මං එපා කියලා පැත්තට තල්ලු කරපු බ්ලෙන්ඩරෙ ආපිට මගෙ පැත්තට තල්ලු කරනවා.....කොච්චර එපා කිව්වත් තේරුමක් නැතිම වෙනකොට මං අවසානෙදි බ්ලෙන්ඩරෙ අරන් වොලට් එකක් වත් නැතුව ඉනට බැදන් උන්න පොකට් එකට අත දාලා පහෙ කොල තුනක් අරන් එහෙම්ම මාමන්ඩියා දිහාවට තල්ලු කෙරුවා විතරයි සෝලංගාරච්චිගෙ ඇහිබැම ඇකිලුනා...

ආ මාමෙ....

සුදු පුත උඹට මාව විහිලුවක්ද කියපන්....පිස්සුද සල්ලි දික් කරන්නෙ.....

පිස්සු නම් නෑ....ඒ උනාට මං ඇවිත් සෝලංගාරච්චිගෙ බෑනනෙ....පගාවත් අරහන් පිනට දෙන බඩුත් අරහන්...ගාන මේක නෙවෙ නම්....ඕන ගානක් දෙන්නම්.....මං ඇවිත් ආය නම්බුකාර මිනිහෙක්ගෙ නම්බුකාර බෑනෙක්.....මාමන්ඩියට වත්නය නෑ....පුතාව අරන් යන්නෙ බලාගන්ඩ පුලුවන් හන්දනෙ....

මේ..මේ...මේක ගනින් ගනින්....පොඩි මොනරව ඉහගනවට මමයි උඹට සල්ලි දෙන්න ඕන.....ගනින් ගනින් සුදුපුතා....

ඔහෙත් එක්ක බෑනෙ අනෙ...මගුල....මට කෝලක් දාලා කිව්වා නම් සුදුපුතා අහවල් දේ අහවල් දෙ ගනින් කියලා මං ගන්නවනෙ...අනික ඔහෙ මෙහෙම සල්ලි නාස්ති කරන්නෙ පිස්සුනෙ ..සුදු අක්කට හිච්චෙකුත් හම්බෙන්ඩ ඔහෙ මේ නාස්තිකරන එව්වා ඒවට තියාගන්ඩ එපැයිනෙ.....පිස්සු ආය හොදම් එකෙන්....

ගනින් ගනින් බන්....උඹට මං පට්ටම ආදරෙයි ආ සුදුපුතා...මාමගෙ පපුවෙ ඉන්නෙ හරි.....

හ්ම්...හ්ම්.....මගුල ඔයාගෙත් හැමනෙන වැඩ අනෙ.....

මුගෙ හුරතලෙ බලකො...දික්වැල්ලම හොල්ලන මගෙ රත්තරන් බෑනව මොනර ලබ්බ බිබික්කමක් කරලා මේ..මේ.....අපිත් එක්ක උර්තල් උර්තල් මේ...උර්තල්....ඔව්...ඔව්...උඹගෙ හුරතලෙ පේනවා අර ලොරිය අස්සෙ තියන මන්නෙ දැක්කම....

වැඩක් උනේ නෑ.....මං ඒ පැත්තට තල්ලු කරපු පහෙ කොල තුන ආයම මගෙ පැත්තට තල්ලු කරපු මාමන්ඩියා අනිත් පාර හිනා වෙන ගමන් ඇහැකුත් ගහලා උර්තල් උර්තල් කියලා මන්නෙ ගැන් මතක් කෙරුවා විතරයි මං ලියනගේ දිහාවත් අඩමානෙය බලන් සරමට යටින් ඇදන් උන්න ශෝටෙ සාක්කුවෙ තිබුන ලයිශන් කරපු පිස්ටල් එක අරන් මේසෙ උඩින් තිබ්බා....

මන්නෙන් ආවොත් මන්නෙන්....බුලට් එකෙන් ආවොත් බුලට් එකෙන්...කිව්වත් වගේ පීනන්ඩ සල්ලි තියන් මට පියාමැස්සා වගේ එහෙ මෙහෙ යන්ඩ බැනෙ මාමෙ ම්ම්ම්....

හරි හරි ඉතින් මං දැන් උඹගෙන් හේතු ඇහුවද....ඒත් ඉතින් සුදු පුතා උඹ හෙට අනිද්දා මිසයිලයක් කරගහන්න ඉන්න එකෙ ඔව්ව ඕනෙත් නෑ.....ඕකා පොඩ්ඩ ඇත්නම් ෆයර් වෙනවා....බොරු නම් බලපන් ඕකා මට විරුද්දව පැමිනිල්ලක් ලියල ඇති....ඕකට තියෙන්නෙ මගෙ ලේනෙ....ලේවලට ලේ කකියනවා වගෙ තමයි ලේවලට ලේවල ගොන් කමුත් තේරෙනවා.....

ම්න්...

ලියනගේ....

සර්...

රත්තන් මොකො හිටන්...එක වරුවයි නිවාඩු දුන්නෙ මගෙ පන ලස්සනවෙලානෙ....එහාට යමන් සංදීප කෑල්ලගෙ මූන දිහා බලන්න....

මං අහකට උනා...අහකට උනෙ නෑ මොනර මාමන්ඩිය සංදීප අහකට වෙයන් කියල මාව තල්ලු කරලා ලියන්ගේව ළඟින් ඉන්දවගත්තා...කොච්චර හැන්ඩියා උනත් ලියනගේ ගෙත් මූන දෙක වෙලා.....තව ටික කාලෙකින් මටත් වෙන්නෙ ඔය ගොඩට වැටෙන්න තමයි....

ආ ලියනගේ....

සර්.....

උඹ දැන් අර කතාව සිරාවටමද කිව්වෙ....

මොකක්ද සර්....

සුකුමල් කොල්ලටත් එකක් අරන් දෙනවා කියලා.....උන් දෙන්නා සෙට්ද ඒ කියන්නෙ.....

එකෙ අමුතුවෙන් සෙට් වෙන්න දෙයක් තිබ්බෙ නෑ සර්.....අහුමුලු ගානෙ හුචු හුචු ගෑවෙත් නෑ මූ මගෙ ගාවට ඇවිත් මගෙත් මහා එකා වගේ ලියනගේ මන් සුකුමලා එක්ක යාලුයි කිව්වා...ඔච්චරයි ...ඌ නිකන් ඇවිත් මට දැනුම් දීලා යන්න වගේ ඇවිත් ඒක කිව්වෙ....

ටම....ඉතින් ලියනගේ කැමතියි.....ආය චරචුරු මොකුත් නෑ වචනෙන් කැමැත්ත දුන්නා...

කකුලක් පිට කකුලක් දාන් උන්න මගෙ එක කකුලක් සරමෙන් පිටට ඇවිදින් තිබුනා....වැල්ලකරේම ඉදලා...කසිංජි වතුරට පෙගිලා පෙගිල සුදුවට තිබුන කකුල් මඩපාට ගැහීගන ඇවිදින් තිබුනා මදිවට කකුල් පුරාවටම වැවිලා තිබුන රෝම පදාසෙ පවා තඹපාට ගැන්නිලා තිබුනා.....කොටුවට තිබුන ඇගිලි වල කොටටම කොටවෙන්න කපපු නියපොත්තක් ඇගිල්ලකින් කොනහා කොනහා උන්න මං කකුල් සයිස් එක අට තිබුන මිරිස්ස පොල් ගස් තුන තිබුන කලු බාටෙ අනිත් පාර ගලවලා බිම දැම්මා.....

ලියනගේ තව බ්ලෙන්ඩර් එකක් ගැන කිව්වා විතරයි මගෙත් මගෙ අම්බරේගෙ ආදර කතාව මැදට තවත් කතාවක් දිගෑරිගෙන ආවා.....

කිරියා සුකුමලා.....ඕක අදක ඊයෙක තිබුන හුටපටේකුත් නෙවෙ...ඒත් එවින් දෙන්නා උන්නෙ එහෙම දේකුත් නෑ වගේ....

මං අහගන මාමන්ඩියා ලියනගේගෙන් කිරියගෙ හුටපටෙ ගැන අහනවා...මෙච්චර වෙලාම අතෙ තියන් උන්න මල්ල පැත්තක දාපු ලියන ගෙ අනිත්පාර මගෙ දිහා බැලුවා...මගෙ දිහාව බලලා කෙලින්ම හරි බරි ගැහෙන ගමන් මාමන්ඩියා දිහා බැලුවා...ඔය ඔක්කොම වෙන අතරමැද මං එක තත්පරේකට දොර ගාවට ගිහින් වීදුරුවෙන් එබිලා මගෙ වස්තුව කොහෙද හෙව්වා...

මීක් නෑ....අඩ අඩ හූල්ලපු මගෙ කොල්ලගෙන් සද්දයක් නෑ....කොටින්ම ඒකා දොරගාවත් නෑ...හැබැයි මිනිහා අතුරුදහන් වෙලත් නැ....එයා ඉන්නවා....කොච්චර වාත් අපි නුවරනෙ පප්පෙ ගාන මගෙ පුංචි වස්තුව ඉන්නවා....වෙන කොහෙවත් නෙවෙ මාමන්ඩියා කිව්වා වගේම පැමිනිලි දාන තැන...

දොරගාව හිටන් උන්න මං වීදුරුවෙන් එයා දිහා බාලගන මගෙ ඇස් දෙක හීන් කෙරුවා....

ඇඩිල්ල තහනන් කරපු හන්දමදො කොහෙද මගෙ මොනර පැටියා තාම ඉකිගහනවා.....සැරින් සැරේම ඇස් පිහනවා.....ආයම හොර හොරාවට මේ පැත්ත බල බල පැමිනිල්ල ලියන්න උන්න තැනට මක්ක්ද දොඩනවා...

උඹ නම් පුදුම හුරතලයක් මගෙ අමාකර...උඹ මගෙ අම්බරෙ කියන්නෙ ආදරෙ වැඩිම තැන....උඹ දන්නෙ නෑ මේ සුදු අයියා උඹට ආදරෙ කරන තරම.....මලක් උනත් ලස්සනට පිපෙන්නෙ ආදරෙන් බලාගන්න තැන.....

අමාකර...මේ සුදු අයියා උඹව මලකටත් වඩා වැඩියෙන් පරිස්සම් කරනවා මගෙ අම්බරෙ....මන් උඹට පිස්සුවෙන් වගෙ ආදරෙ කරනවා රත්තරනෙ.....

මොකො...බඩු බනිස්ද.....

ම්න්....පොර මාරුවෙලා.....

මං උඹට කිව්වනෙ සුදුපුතා...මොනරිත් පැනලා යන්න කලින් මහ මොනරට විරුද්දව පැමිනිල්ලක් ලිව්වා...ඒකත් මම උන්න පොලිසියට ඇවිල්ලා...අපෙ ගෑනි මූව කොපි පේස්ට් කරලා තියෙන්නෙ....

පව්...ඔහෙට විහිලු ....

හරි හරි බන්..... ඉදගනින් ඉදගනින්...තුවෙනි ඇහෙන් බැලුවොත් ඕකට රජයත් සම්බන්දයි සුදුපුතා උඹට තේරෙනවද .....?

ඔහෙ තවත් මගුලක් කියනව ....පිස්සුද අනෙ ඔයාට...මගුල හිනාත් යනවා ඈ....

.හිනාවෙන්න එපා බන් ...විපතක්නෙ මට වෙලා තියෙන්නෙ .....හරි හරි ඉදගන් ඉතින්...හැදි පප්පා මගෙ...

දොරගාව උන්න මං ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සන් ආපහු ඇවිදින් ලියනගේ ගාවින් ඉදගන්නකොට මන්බලාගන ලියනගේ ෆෑන් තටු ගනිනවා....ආයම හුස්මක් අරන් පාත දානවා....

මට ඌට එපා කියන්ඩ හිතුන් නෑ සර්....මං අපෙ දෝනිටත් කිව්වා කොල්ලට කටක් හොලවන්ඩ එපා කියලා...

දෝනි....උඹට කෙල්ලො නෑනෙ...එකා යකා...මූ විතරනෙ....

.අපෙ ගෑනි සර්....මං ඒකිට ආදරේට දෝනි කියල කියන්නෙ...

හ්ම්...හ්ම්....දෝනිලා සුදු අප්පච්චි ලා ලවක්...කමක් නෑ...මොන මගුල කිව්වත් ආදරෙ වයසට යන්නෙත් නැත්තන් ආදරෙ පරන වෙන්නෙත් නැත්තන් එච්චරයි බන්.....කියපන්කො...කියපන්කො...

නෑ සර්....මට එකාට යකාට ඉන්නෙ ඕක විතරනෙ.....ඇරත් අපි උනත් අපිට නැවතුනෙ හිතට දැනුන තැනනෙ.....සමාජ සම්මත....අසම්මත ලබ්බවල් වලින් මට වැඩක් නෑ....සමාජ සම්මත මගුල් වලට සාදාරන කරන්න ගිහින් මට බෑ සර් මගෙ ලේවලට අසාදාරනකන් කරන්න...

ඌ අඩනකොට මං අඩනවා මිසක්...මට බෑනෙ හිනා වෙන්න....ඇරත් වයසට ගියහම පුතෙ කියල කතා කෙරුවම ලගට එන්න ඉන්නෙ ඕකා මිසක් වෙන උන් නෙවෙනෙ සර්.....

මං බලාගන උන්නා...ලියනගේගෙ ඇස් දෙක තවමත් අර තටු තුනෙ ෆෑන් එක පුරාවටම එහා මෙහා යනවා.....කියන වචනයක් වචනයක් ගානෙම තිබුනෙ ආය අමුවටම පෙරාපු තාත්තෙක්ගෙ සෙනෙහසක් විතරක් වෙනකොට මට එකපාරම මගෙ පසනව මතක් උනා....ඒකා මට කටපුරවලා තාත්තෙ කියන වාරයක් ගානෙම ඌ දන්නෙ නැති උනාට මගෙ ලේ නාලිකා සීයට ප්‍රකෝටි වාරයක් වේගෙන් ගැහෙනවා....එහෙම බැලුවොත් මෙතන ඉන්නෙම තාත්තලම තුන් දෙනෙක් වෙනකොට ලියනගේ ගෙ කතාව මං හිතන්නෙ නෑ මේක අහන් ඉන්න අපෙ පපුවට වදින්නෙ නෑය කියලා....

ආදරෙයි පුතෙ කියලා මං ඕකට දවස ගානෙ නොකිව්වට...ඕකට මං හරි ආදරෙයි සර්...මන් ආසයි ඕකා ඇදලා කරලා ඉන්නකොට...අපෙ ගෑනි වෙලාවකට බනිනව ඉතුරුවක් නෑ අරක මේක ගගා.....මැරුනම ආය අරන් යන්ඩද....මට ඉන්නෙ ඔච්චරයි...ඌට නොදෙන සල්ලි ආය මොකටද....ඇරත් ඌ සුකුමලා පස්සෙමයි....සුකුමලාගෙ කටේ තියෙන්නෙත් මුගෙ නමමයි ...නොදන්න දෙයියෙක් එක්ක දීග යවලා උගෙ ජීවිතෙ කනවට වඩා දන්න යකා එක්ක යවලා මට සැන්සීමෙන් හුස්ම ගන්න එක සැපයි සර්.....

ඇරත්.....අපි උනත් අද මේ ජීවිතෙ ගෙවන්නෙ අපෙ හිත නැවතුන උන් ගාව නෙවෙද සර්....අපෙ ගෑනිගෙ මහ එකා මට ගැහුවෙ නැත්තෙ ගොම විතරයි ....ඒකිත් මාවම ඉල්ලලා නොකාපු ගුටියක් තිබුන් නෑනෙ....අවසානෙදි අච්චර සැප තිබ්අ ආරච්චිවලව්ව දාලා මගෙ ගාවට එනකොට මට ඒකිට හරියට අදින්න වස්තරයක් දෙන්න බැරි උනා....ඒත් උන්ගෙ අම්මා අදවෙනකන් මට ලියනගෙ උඹ එක්ක ආවට වඩා හොදයි අප්පච්චි කියන එකෙක් එක්ක ගියෙ කිව්වෙනෑ.....අඩුපාඩු එනවා සර්...

පැනල ගිය ගමන් ප්‍රාතිහාර්‍ය වෙන්නෙ නෑ.....වගකීම් ගන්න දන්නෙ නෑ.....උයාගන්න දන්නෙ නෑ...එක්කො ලුනු නෑ...එක්කො ගමකට ලුනු...කොටින්ම මාලු හොද්දෙ මාලුන්ට පනත් තිබුනා.....ඒත් මං ඉවසුවා....අපිට අපි ඕනමයි කියල හිතන්නෙ ආවෙ...ඇරත්.....අම්මාඅප්පව දාලා.මගෙ ගාවට ආව ගෑනිව මං ඇස් වගෙ බලාගන්ඩ ඕන...අඩවන්නෙ නැතුව තියන්ඩ ඕන.....

කාලෙ ගෙවිනා....කොල්ලා හම්බුනා.....ඔව්ව වෙනකොට හැදෙන්න ඕන තැන් හැදුනා...මොකුත් නැති මගෙ සතෙන් සතෙ ඉතුරු කර කර හරි ඔය ගෑනි මාව පිරිමියෙක් කෙරුවා....

ඕකමයි ආපිට රිපීට් වෙන්නෙ සර්...සුකුමලා පොලවෙ පයගහලා ඉන්න එකා....ඌට සෝබන නෑ...ස්කීපර් කොල්ලා වගේ තමා...දරනුවක් දාලා මැටි ඇතිලිය බිමට තිබ්බම ඕකා අඩුපාඩු අහන්නෙ නෑ කරබාගන කනවා....ලුනු ඇතා නැතා කනවා...ආයම උන්ගෙ අම්මගෙ කඩයප්පමට දුවනවා...ආයම එක්කො හෝටලේට දුවනවා....ඔය ඔක්කොම කරලා හැන්දෑවට තොරන් හන්දිය ගාව වීල් එක පාක් කරන් ඉදිආප්ප විකුනනවා...අරුත් ඉස්කෝල පොත් ටිකත් උස්සන් ඌ එක්ක යනවා...

පාරෙ අයිනෙ ඉදන් උන් දෙන්නා ඔය ඉදිආප්ප මුල විකුනනවා....මට එහෙම දැක දැක එපා කියලා ඌවවත් සුකුමලාව වත් අඩවන්න බෑ සර්...උන් දෙන්නම මට මගෙ දැන්....

ඇරත්.....සල්ලි කදක් තියන එකෙක් ගාවට ගිහින් හිටගන්නවට වඩා....රුපියලක් නැතිඑකෙක් ගාවට ගිහින් පස්සෙන් හිටගන ඌව මනුස්සයෙක් කරන උන්ව ....උගෙ සල්ලි ඉතුරු කරන්න හදන උන්ව වෙන්කරන්න හොද නැ සර්...

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා.....හුස්මක් වත් නැතිව උනත් ජරි බරට කියවගන ගියපු ලියනගෙ අවසානෙදි ඇස් දෙක පිහනවත් එක්කම මගෙ පපුවෙන් කරන්ට් එකක් ගියා වගෙ දැනුනා....වෙනමොකටවත් නෙවෙ මගෙ කොල්ලව මතක් වෙලා...කඩචෝරු මල්ලක් ගිහින් දුන්නත් අයියෙ එපා අයියෙ මේ හැම රුපියලම හොයන්ඩ උඹ මැරෙනවා මගෙ සමුද්‍ර කියන මගෙ පොඩි එකාව මතක් උනා.....කොටින්ම මගෙ ඇස් තෙත් උනා...ඌ හදන්නෙත් මං වෙනුවෙන් ඉතුරු කරන්න....ඒ එක්කම මං මට මගෙ අම්බරේව මටම සින්නක්කර කරපු ඒ ආදරනීය පිරිමි පරානෙගෙ ගොරෝසු අත මගෙ ගොරොසු අතින් මිරිකගත්තා.....

"උඹ මට සින්නක්කර කෙරුවෙ පෙරාපු රත්තරන් වගේ කොල්ලෙක් අප්පච්චි ...විස්වාස කරපන් මං ඕකව මගෙ හුස්ම වගේ රකිනවා "

*

*

*

උඹට මං කියන එක තේරුනද සුදුපුතා ....අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම ඕකා අද පැනලා යන් කියනවා....ඒ උනාට අද නම් අරන් යන්ඩ හදන්ඩ එපා....ඕකව සිකුරාදා ගෙනියපන්.....මගින් මගටම ඕකා නාහෙන් අඩයි ...උඹට පුලුවන් නම් ඕකව ගනන් නොගෙනම ඉදින්....සැරින් සැරේම උඹට කෝල් කර කරම ගෙදරින් කරදරයි කියයි...

ඕකගෙ අම්මත් මගෙ කන් ගොඩ කෙරුවා...අනෙ අයියෙ...අනෙ හුයියෙ මාව අරන් යන්න අපෙ ගෙදරින් කරදරයි ගගා.....මං කොච්චර තේරුම් කෙරුවද තව පොඩ්ඩක් ඉවසපන් ඉගනගන ඉවරවෙයන් ගගා ...නෑ..නෑ...පවුල් කන්ඩ ඕන උනා... ඇරත් මමත් මොනරගෙන් මොන තරම් අවසර ඉල්ලුවද...ඒකත් කෙරුවෙ මටම පිල් විදහපු එකනෙ...කෑලි කපලා ගගේ මූදෙ දැම්මත් දෙන්නෙ නෑ කිව්වනෙ.....ඉතින් බන් කෑලි කපලා ගගට මුදට දාන වෙලෙ මට දුන්න නම් අහවරනෙ කියලා තමයි මාත් ඒකිව අරන් පැන්නෙ....ඊට පස්සෙ තමයි මොනරිටත් තටු හැලෙන්න ගත්තෙ ..

මුන් හිතන්නෙ අඩුවයසෙන් පවුල් පන්සල් උනහම මුන් ජාතික වීරයො කියලා.....ඕකට මං කියන මොකුත් අහන්න ඕන නෑ.....මං උඹගෙ මගුලට කැමතියි කිව්වත් දැන් වැඩක් නෑ...ඕකට ඕන පැනලා යන්න.....සුදුපුතා මං කිව්ව විදිහට කරපන්..පැනලා ගියා කියන එක දැනෙන්න වත් ඔය කල්පිටි පැත්තෙ කරවල වාඩියකට වත් අරන් යමන්....උඹ මෙහෙම කියන වැඩක් කරන්ඩ එපා.....ඕකටම කරන්ඩ දියන්...

.පවුලක් ගෙනියන්ඩ කට තිබ්බට මදි කියන එක ඕකගෙ ඔය මොනර මොලේට තේරෙන්න නම් ඕකගෙන් වැඩ ගනින්....උයවපන්....රෙදි හෝදවපන්.....අනික සල්ලි කීයක් හරි අතට දීලා ඕකට පිරිමහන් ජීවත් වෙනහැටිත් උගන්නපන්...දවස් දෙකෙන් කෝස් එක කරලා ඉරිදා රෑම ගෙනත් දාපන්...පහුදාට මූ පිනාට කලින් ඉස්කෝලෙ යයි.....

ආය එන එකක් නෑ අයියෙ පැනලා යන් කියන්....

ම්න්...ම්න්....ඔහෙ කියන එක තමා අනෙ....ඒත් දැන් සුදු අක්කත් කට්ට කාගන ඔහෙ එක්ක උන්න එකේ මේකත් මා එක්ක උන්නොත් හරි මගුලක් වෙන්නෙ හරිය...

.ම්ම්ම්ම්...එතනත් කොස්සක් හෑව්...හැබැයිනෙ....ම්ම්ම්...වරප්‍රසාද කපපන් ....උඹ හැබැයි මගෙ නොදරුවට අත තියනවා නෙවෙ ආ සුදුපුතා...බෑනා කියල බලන් නෑ ආය දානව කූඩුවෙ....

ඔන්න...ඔන්න්.....හොද වැඩෙ.....ඔහෙ මගුලක් කියනවනෙ...ඔහෙට මාව විස්වාස නැද්ද...ඌව ඉඹින්ඩත් ලෝබ මටනෙ ඔහෙ ඔය ඔහොම පඩංගු කතා කියන්නෙ...

.දන්නවා...දන්නවා බන්....හරි...හරි....ලියනගේ ....සුද්දා යන්ඩද හදන්නෙ ....

ඔව් සර්.....ගෙදර උන්නට වඩා හොදයි වැඩට ආවා නම්...මහ උන්දා එක්ක බෑ...එහෙන් නැන්දම්මා....උන්දැට මහන මැශිමක් තියනවා....ඒකත් පටවන් ඇවිත් තියෙන්නෙ...චීත්ත යාරයක් හම්බුනොත් ජන්ගිත් මහනවා සර්...දැන් අපෙ ගෙදර ඇද රෙදි ....පුටු රෙදි මේස රෙදි ..සරම් මොනාද කියලා හොයන්ඩ බෑ....ඔක්කොම එකම ජාතියෙන් මහල තියෙන්නෙ...

මහ උන්දැ සුකුමලාගෙ ස්ටයිල් එකට ඉරුන ඩෙනිමෙ පැච් ටිකත් ඔක්කම වහලා ආන් බෑනා මා එක්ක ඇරගන්ඩ එනවා...තුන්වේලටම මාලු ම ගිලපු අපිට දැන් පලාත් ගිලින්ඩ වෙලා.....ඇරත් මේ සෝයාමීට් මගුල්...දඩයම්බට්ටොලු....ආරච්චියා දඩමස් රුසියා...හෙනගහන්ඩ මාලු තියන් වල් ඌරො හොයනව මෙහෙත්....ඕක නම් මා එක්ක ඇරගන්ඩ සර්....අපරාදෙ ..දුවව වැද්දෙක්ට දුන්නානම් අහවරනෙ....

මට පව් කියලා හිතුනා...ලියනගේ විදින්නෙ එසේ මෙස් දුකක් නෙවෙ කියල ඒ මූනෙන් පේනකොට මං නිකමට වගේ අපෙ මාමන්ඩියගෙ මූන දිහා බලනකොට මාමන්ඩියගෙ මූනත් වැහිවලාකුලු වලින් බර උන අහසක් වගෙ කලු ගහලා තිබ්බා මදිවට ඒ ඇස් මගෙ දිහා බලන් උන්නා...

අපෙ නැන්දම්මටත් මහන මැශිමක් තියනවා බන්...මේ මොන වදයක්ද කියපල්ලකො...ලියනගෙ මොකො කියන්නෙ... හවස සෙට් වෙනවද දුක යන්ඩත් එක්ක.....

ඔහෙ හදන්නෙ හවහට බොන්ඩද???මේ...අපෙ එක්කෙනා එක්ක ඔව්වා බෑ...අඩලා දොඩල ඉන්න වෙලේ බොන්ඩ යන්ඩත් ඇහුවොත්... අපි නුවර මිනිස්සු අයියෙ හැව්...හැව් ගාලා අර නුවර ලබ්බ දොඩන්ඩ ගත්තොත් මං එපැයි අහන් ඉන්ඩ...ඔහෙට පිස්සුද මාමෙ .....ඇරත් දැන් ඔහෙ කිව්වනෙ පන්සල් යන්ඩ ඕන කතාවක්...

ම්ම්...ඔව්...පන්සල් යන්ඩ ඕනා....පන්සල් යන් ඉතින්...ගිහින් සුරාමේරෙ මජ්ජපමාධට්ටානවයි....මුසාවාදා වේරමනියයි නොකියා වරෙන්....ඇරත් උඹ අපෙ එකාට දැන් ඉදම්ම අපෙ එක්කෙනා ගගා දෙකට ණැවෙන්නෙ.....පොඩි මොනරට බයද.....මොනරු ගොඩ බැස්සම මෙ මාමට යන එනමන් නෑ පුතෙ...උඹටත් එසේමයි ..ගන්ඩ තියන ආතල් අද ගනින්.....වලව්වෙන් බැස්ස ගමන් මොනර පෙද විතරයි.....ඇරත් මහ උන්දැගෙ කනුත් දැන් ඇහෙන් නෑලු පොඩ්ඩක් හිතපන්කො ආ...

මං හිනා උන...මාමමන්ඩියා හදන්නෙ දොඹෙන් යන්ඩ බොන්ඩ වෙනකොට උඹ දැම්මම පොඩි මොනරට බයද අහනවත් එක්කම මං ලාවට හිනා උනා....

බය නෑ...මං එයාට ආදරෙයි ඒකයි!

හ්ම්....හ්ම්...ඔහොම යන්කො....මේ මාමත් ඉන්නවනෙ...පොඩ්ඩක් ඉදින් සුදු පුතා ගෙදරින් කෝලක්.....ඒ පාර මොකද දන්නෙ නෑ.....

මෙ වෙනකොටත් ලියන ගේ යන්න ගිහින් ඉන්නකොට අවසානෙදි ඒ කාමරෙට ඉතුරු උනෙ මාත් මගෙ මාමන්ඩිය විතරක් වෙනකොට ගෙදරින් කෝලක් කියනව එක්කම යන්න හදපු මං ආයම නැවතුනා...

.හෙලෝ...සුදු ...

පොඩි එකාට කොහොමද....?

හ්ම්...තාම අඩනවද??

බත් චුට්ටක් කව්වනවා සුදු හොදිත් එක්ක....

මොකක්...පසනා කන්නෙ නෑ කියල කන්නෙ නෑ......

මෙච්චර වෙලාම ඵෝන් එක කනෙ තියන් උන්න මාමන්ඩියා අනිත් පාර මගෙ කොල්ලගෙ නම කියන ගමන් කනේ තිබ්බ පෝන් එක මේසෙ උඩ තියන ගමන් ස්පීකර් ඔන් කෙරුවා...

"ඔව් අයියෙ ...එක්කො තේ ඉල්ලන් ඉන්නවා.....දැන් කීයෙ ඉදන්ද මං මෙ බත් කටක් කවාගන්න හදන්නෙ....පසන්ට කන්න නෑ කියලා මෙ කොල්ලා කන්නෙ නෑ තේජක මගෙ ඔලුවත් එක්ක කැක්කුමයි....යන්තන් ඇඩිල්ල නවත්තගත්තා විතරයි මේ කොල්ලා ආයම මගෙන් ගුටි කන්න හදනවා...."

..ඒ...එ..ලමයට ගහන්නෙ නැ ආ.....කන්න එපා කියනවා නම් බලෙන් දෙන්න එපා...ඔය තේ ටිකක් හදලා දෙනවා ඉතින්...

."අම්මියෙ.......අම්මියෙ කොඑද ඉන්නෙ.....තේ ටිකක් හදා දියල්ලකො අප්පා.....ඊයෙ ඉදන් කියනවනෙ...තේ චුට්ටක් දියල්ලකො........"

ඔය ඇහෙනවද...කොයිවෙලෙත් තේ....

කොයි වෙලෙත් තේ....මේ ලමයට තේ වලින් තොර ලෝකයක් නෑ....

තමුසෙලාගෙ වලව්වේ මොකෙක් හරි තේ වත්තක සුපිරින්ටන් කෙනෙක් වෙලා ඉන්ඩ ඇති....ඒකයි ඕකා තේ ඉල්ලන්නෙ...වලව් කාරයො කිව්වට කව්ද දන්නෙ ලැයිමක උන්නෙ මී මුත්තෙක්ව වත් ඕකට වැහෙනවද කියල.....

තේජක මගෙන් අහගන්ඩ එපා..අපි වලව් කාරයො අයියෙ...වලව් කාරයො සුපිර්න්ටන් ලා උනා කියලා අහල තියනවද.....ඔයා ඕන දේකට අපහස කරන්න තේජක මොනරවිල වලව්වට විතරක් මොකුත් කියන් එන්ඩ එපා...ඔයා හොදාකාරවම දන්නවා අයියෙ අපෙ අම්ම අප්පච්චි හොද වැදගත් මිනිස්සු කියලා.....මොනරවිල ලා කියන්නෙ නිකන්ද තේජක.....ඔයා වලව්ව ගැනදන්නවනෙ...එහෙම දේවල් දැන දැන ඕන නැති කතා කියන්

ඩ්‍රා......න්න්න්....ඩ්‍ර්...ර්.ර්.....ර්‍ර්.....

.ටම....හුක්.....සු...දු....පුතා...!!

ඩ්‍ර.....ඩ්‍ර...ර්....ර්....

හෙ...හෙලො....තේජක...ඔයාට ඇහෙනවද...ආ...

ඩ්‍ර...ර්.....ර්.....ඩ්‍ර්....ඩ්‍ර්.....ඩ්‍ර්....ඩ්‍ර්.......

තේජක....හෙලෝ...අයියෙ.....මොනවද අනෙ ඔය සද්දෙ...හෙලො....ලමයව සුපිරින්ටන් කෙනෙක් කියන්නෙ...මගෙ කොල්ල මොනරවිල වලව්වෙ මුනුබුරෙක්

ඔයා දන්නවා

ඩ්‍ර.....ර්....ර්.....ර්....ඩ්‍රඩ්‍ර.....ඩ්‍රඩ්‍ර....

ඇත්තමයි අයියෙ ඔයා ඔහොම අපහස කරන් ආවොත් මං මූදෙ පනිනවා.....

ඩ්‍රර්...ඩ්‍ර.......!!

මට ඉවසන් ඉන්න බැරි උනා....මෙච්චර වෙලාම අඩුපාඩුවක් නැතුව කතාකර කර උන්න නැන්දම්මා එකපාරම නුවර වන්නම පටන් ගත්තා විතරයි ඉන්නෙ කොහෙද මේ මොකුත් නොහිතම එපා කියල පැත්තකට කරපු බ්ලෙන්ඩරෙ පෙට්ටියත් ඉරාගනම මන් බ්ලෙන්ඩරෙ දැම්මා.....

හෙලො....අයියෙ.....ඇහෙනවද....ඔයාට ඔහොම කියන්න වටින් නෑ අයියෙ....අනික අමතක කරන්න එපා...මාත් මැනිකෙ කෙනෙක්....නිකන් නෙවෙ....මොනරවිල මැනිකෙ කෙනෙක්...ඇහෙනවද????

අහන් ඉන්නෙ ඕයි අහන් ඉන්නෙ.....සුදු වදින්නම්....අම්ම අප්පට වදින අත් එකතු කරලා වදින්නම්....ඔය වලව් වන්නම ඇති ඕයි...අවුරු දු ගානක් මං ඔය ලබ්බ ඇහුවා....විහාරා දැන් වත් ඕක නවත්තලා වෙන දෙයක් කියනවකො....ඇහුවොත් නුවර බනෙ...එක්කො වලව් කස්තිරම....ඇයි ඕයි තමුසෙලාට ඔයිට එහා දෙයක් ඇත්තෙම නැද්ද...

තියනවා.....ඔයා අපෙ අප්පච්චිගෙ අම්මා...වීරරත්න මැනිකෙ ගැන දන්නවනෙ.....

විහාරා....තමුසෙව මන් ආපිට වලව්වට වීසි කරල එනවා ..මොන මගුලක්ද.....කෝ ලොකු එකා....ඌ ගෙදර ආවද????

මොකක්ද....

ලොකු එකා...අනිත් මොනරා....කෝ ඕකා ගෙදර ආවද....වෙලාව කීයද දැන් තුනටත් කිට්ටුයිනෙ....

ඔ....ඔ....මෙ...ලමයද අයියෙ....

ඔව්....මොකද තමුසෙ ගොත ගහන්නෙ....කොල්ලා ආවද කියල ඇහුවෙ.....

ආවා...සුදු මහත්තයා කාමරෙ පාඩම් කරනවා

.......

......

තත්පරයක් වත් යන්න නැතුව ඇති...මොනර වලව්වට ඇරගත්ත මොනරි පොඩි මොනරා ආවා කිව්වා විතරයි මායි මාමන්ඩියයි මූනට මුන බලාගත්තා මදිවට මාමම්ඩියා ඇහිබැම උස්සලා ඔන්න් නැන්දම්මගෙ වැඩ කියන්න වගෙ ඵෝන් එක පෙන්නකොට මන් අර බ්ලෙන්ඩරෙ අතෑරලා අතින් කට වහගත්තා....

පාඩම් කරනවා...කොයිවෙලාවෙද ඔකා ගෙදර ආවෙ....කා එක්කද ආවෙ?

අර ලියනගේගෙ ලමයා එක්ක වීල් එකෙ ඇවිත් මෙතනින්මයි බැස්සෙ.....අනික ඇයි අනෙ කොයි වෙලේද අහන්නෙ වෙනදා එන වෙලාවටමයි.....ඔයාට පිස්සුද තේජක....?එහෙමවත් අහන්න....මොනව වෙලාද මන්දා මේ මනුස්සයට

හරි හරි ඉතින් මං වැරදි දෙයක් ඇහුවද....නෑනෙ.....මං දැන් වැරදි දෙයක් ඇහුවද ..නෑනෙ...ඇයි සුදු තමුසෙ වැල්වටාරම් කියවන්නෙ....අයියෙ කොල්ලා ආවා අහවලා එක්ක ආවා කියල කතාව ඉවර කරන්න තිබ්බනෙනේ....හරි කොල්ලා ආව නම් ඔහොම්ම ඵෝන් එක දෙනවකො.....

ලමයා පාඩම් කරනවා අනෙ...

හරි ඉතින් මන් වෙනදටත් මං ඌ පාඩම් කරනකොට ඌට කතා කරනවනෙ ...දෙනවකො දෙනවකො....මට නඩුවක් විසදගන්න තියනවා අම්මලා පුතාලා එක්ක....තමුසෙත් ලෑස්තිවෙලා ඉන්නවා ආ.....හැන්නදිගේ ඇන්ඩ් සන්ස් ගැන අහන්න තියනවා.....

ස්...ස්..සුදු අයියෙ ...

ම්න්...මැනිකෙ.....කෝ කෝ විහාරා කොල්ලට ඵෝන් එක දෙනවා....

ප්...ප්..පොඩ්ඩක් ඉන්න...සුදු මහත්තයා....සුදු මහත්තයා...මේ අප්පච්චිගෙන් කෝල් එකක්...

කොහොමද මැනිකෙගෙ රංගන කුසලතාව.....රයිගම් සම්මානයක් උල් කරලා දෙන්න හිතයි ...ඒත් මන් දෙන සම්මානෙ උලෙ හැටියට ඕන් නෑ කියලා හිතෙනවා...ඔන්න බලපන් මගෙ ගෑනි සුදු පුතා ගෙදර නැති එකා ට කතා කරලා...කතා කරලා අවසානෙදි කොල්ලා වගේ ඇයි අප්පච්චි ගායි...

මට ආය දෙන්න උත්තර නෑ...නැන්දම්මා මගෙ සුදු චූටියව බේරගන්න සුදු මහත්තයා ගාන් බෙරිහන් දිදි කෑගහගනකොට ඔය ඔක්කොම කසායවල් බීලා පදම් වෙලා උන්න මගෙ මාමන්ඩියා මේසෙ උඩ තියාගන් උන්න අතෙ ඇගිලි වලින් රටාවකට තට්ටුවක් දදා මගෙ දිහා බලාගන උන්නා...ඒ චුට්ටකින්ම මෙච්චර වෙලාම බෙරිහන් දුන්න නැන්දම්මගෙ කටහඩ නැවතුනා ...

ශ්ශ්...සද්ද කරන්න එපා.....ඔන්න බල්පන් කටට රෙදි කෑල්ල ක් තියාගනී ...මගෙ ගෑනිනෙ මේ.....මං ඉස්සරහත් මගෙ වලව් බිබික්කම මේක කරලා තියනවා...අවදානෙ මදි උනහම ලෙඩ වගේ රගපාන්නත් හොද හැකියාවක් තියනවා...උඹත් කරගහගන්නෙ එසේ මෙසෙ නල්ල කපටි පොරක් නෙවෙ සුදුපුතා හරි....ඕකට ලෙඩ මතුවෙයි...කැස්ස උන....ඔය ඔක්කොම එයි මෙතින් පස්සෙ.....

" හෙලෝ අප්පච්චි ....."

මගෙ ඇස් හීන් උනා මදිවට මට යටි තොලත් හැපිලා ගියා.....සෝලංගාරච්චි එහෙන් කට කොනින් හිනා වෙනවා..අනිත් පැත්තෙන් නැන්දම්මා මගෙ සුදු චූටියා වගෙ කතා කරනවා.....

සිහත් මොකද කරන්නෙ.....

.ප්....පාඩම් කරනවා අප්පච්චි

ම්ම්ම්ම්...ඇත්තට...හොදයි....හොදයි.....අප්පච්චි එනකන් පාඩම් කරපන්කො ....ආවම අප්පච්චි එක්ක කතා කරගන්න කාරනාවක් තියනවා...

ඇ....ඇයි අප්පච්චි .....එහෙම කියන්නෙ...මොකක්ද උනේ....

ඒක අප්පච්චි ආවම කියන්නම්කො...ආවම කියන්නම් කියන්නෙ.....ආවම කියන්නම් කියන එකටනෙ.....නැත්තන් මං දැන් උඹට කියනවනෙ.....අර මහ මොනරිත් අහන් නම් ඉන්නෙ ලෑස්තිවෙලා ඉන්න කියපන්කො.....

හෙලො අයියෙ...ඇයි තේජක ඔයා ඔහොම කතා කරන්නෙ.....

ආ....තමුසෙ ඔතනද.....මං හිතුවා කොල්ලට ඵෝන් එක දීලා ගිහින් කියලා....නැ නෑ ....කතා කරන්න ඕන මොනවද කියලා මං ආවම කියන්නම්...එතකන් අම්මයි පුතයි මේ තේජක සෝලංගාරච්චිගෙන් හංගපු දෙ මොකක්ද කල්පනා කරලා බලනවකො....

අනෙ අයියේ.....

හරි හරි....දැන් ඔතන නාහෙන් අඩන්න එපා.....කොල්ලා පාඩම් කරනව කිව්වනෙ...මං වේලසන එනවා....පන්සල් යන්නත් එක්ක ලෑස්ති වෙල ඉන්නවා.....පන්සල් යන්න කලින් තමුසෙට ගෙදරම් බන අහන්න වෙයිද දන්නෙ නෑ...ළමයා හම්බෙන්න ඉන්න කාරනාව හන්දා තමුසෙට සමාවක් තියෙයි....හැබැයි අරූට නැතිවෙයි විහාරා....

.

තේජක...ඇයි තේජක ඔයා ඔහොම කතා කරන්නෙ.....ඔයා හරියට හැසිරෙන්නෙ සුදු මහත්තයයි මායි ඔයාගෙන් මොනවා හරි හැන්ගුව වගේනෙ.....ඇයි අයියෙ ඔයා ඔහොම කත කරන්නෙ ...මගෙ ඔලුවත් කැක්කුමයි....

මැනිකෙ....හොරාගෙ අම්මගෙන් පේන අහලා හරි ගිය කවුරුත් ඉන්නවද.....නැනෙ....අම්මලා පුතාලා අප්පච්චි ට හැන්ගුවෙ මොනවද කියලා කල්පනා කරල බලනවකො ම්ම්ම්....බුදු සරනයි රත්තරන් .....මගෙ ලමයි එක්ක පරිස්සමින් ඉන්නවා මන් ආවම ඉතුරු හරිය කන්ටිනිව් කරන් යමු....පාඩම් කරන එකාට හොදට පාඩම් කරන්න කියනවකො.....

බීප්.....බීප්.....බීප්.....!!!

සුදු පුතා....

මාමෙ....

ඕන්න ඕකයි ප්‍රශ්නෙ....අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද...මෙතන.....පේනවද ඔන්න ඔයවගේ පොඩි සාම්පල් එකක් තමයි උඹ කරගහන්න යන්නෙ...පේනවද මගෙ ගෑනි උඹවත් බේරලා අරකවත් බේරලා ගානට ගේම ගහන හැටි....උඹ තාමත් කියන්නෙ මේ බ්ලෙන්ඩරෙ එපා කියලද....

නෑ....ඕනෙ...

එහෙනම් අරන් යමන්....වෙන මොකුත් එපා කියපු විදිහට කරපන්කො .....

ම්න්...

මාමා ආදරෙයි ඈ...පරිස්සමින් ගෙදර යන්ඩ ඕන හරිය...

ඔහෙට විහිලු.....එක්කො මං අරූව එපා කියලා ආපිට දෙන්නද අනෙ....?

උඹ හදන්නෙ නිකන් හිරේවිලංගුවෙ වැටෙන්න්ඩද සුදුපුතා....???????ආදරෙයි කිව්වම ආදරෙයි කියලා පලයන් හැන්දො...

අ...අ...ආදරෙයි ඔහෙටත්.....මගුල!

*

..*

*

AMAKARA POV

ඔයාට මං මෙච්චර කියලත් අපෙ අප්පච්චි ට විරුද්ධව මේ පැමිනිල්ල ලියාගන්න බැරිද මහත්තයො....අනික මට දහ අටයි....දැන් පවුලක් පන්සලක් වෙන්න ඕන කාලෙ...පටන් ගන්නත් කලින් නවත්තන්න ගියොත් මරුවට හිටීනෙ.....අනික අනික අපි නුවර මිනිස්සු අංකල්....ආවට ගියාට එහෙම බ්‍රේකප් වෙන්නෙ නෑ.....

ඔයා දන්නවනෙ අපෙ මොනරවිල වලව්ව...අපෙ අප්පච්චි උනත් උස්සන් ආවෙ එහෙ මැනිකෙ කෙනෙක්ව.....අප්පච්චි ට පුලුවන් නම් මගෙ වයසෙන් අම්මව අරන් යන්න මට බැරිකමක් නැන් හැන්නදිගයියා එක්ක ආදරෙ කරන්න.....ඔයා කරුනාකරලා මේක ලියාගන්න...

රාජකරුනා...

සර්....

මොකො පැමිනිල්ලක් ලියාගන්නවද.....

න්....නෑ.....සර්.....

ලියාගන්න තිබ්බෙ...හරි අමාරුවෙන් නෙ ඔය ලියන්න ඕන ඒවා කියන්නෙ....සිහත් මෙ බලනවා...

හෝරා කීයක් ගෙවුනද....මගෙ ඇස් වලින් කදුලු කැට නම් කොච්චර හැලුනද කියන්න මං වත්දන්නෙ නැතිවෙද්දි මෙච්චර වෙලාම මගෙ සුදු අයියව හිරකරන් උන්න අප්පච්චි කෙලින්ම මගෙ ගාවටාඅවා...

අප්පච්චි මටසැර කරනවා...වෙනදට සුදු මහත්තයා කියන අප්පච්චි අද මේ හැමෝම බලන් ඉන්නකොට සැරකරද්දි මං හරි අසරන විදිහට මගෙ සුදු අයියා දිහා බැලුවත් ඒ ඇස් පවා මාව මගෑරියා.....

මේ තරම් ඉක්මනට උඹ මාව මගාරිනවද සුදු අයියෙ...

මගෙ පපුව කැකෑරෙනවා....අඩන්න එපා කියලා තර්ජනේ කරපු අප්පච්චි අනිත් පාර මාව අතින් ඇදගන වගේ එලියට එනවත් එක්කම මං බලාගන වෙනදට හරි අහංකාරෙට ඔලුව කෙලින් තියාගන ඉන්න මගෙ සමුද්‍ර බ්ලෙන්ඩරයක් බදාගන ඔහෙ ඔලුව පහත් කරන් ඉන්නවා....

අනෙ ඇයි බන් අයියෙ මේ.....ඇයි කියපන්...උඹ ඇයි මෙහෙම ඉන්නෙ....උඹ ඔහොම මනුස්සයෙක් නෙවෙ අයියෙ ....

අප්පච්චි මාව එලියට ඇදන් ගිය යාමත් එක්ක මාව ඇදිලා ගියේම පරඩැලක් හා සමානව වෙනකොට මං ඒ ඇස් දැන් මා දිහා බලයි ...දැන් මා දිහා බලයි කියලා බලාගන උන්නා.....ඒත් නෑ...ඒත් නෑ....

සිහත් තමුසෙට පුලුවන් කතා කරගන්න දෙයක් අද කතා කරගන්න....හරි...මෙ අප්පච්චි ගෙ හැටි උඹ දන්නවනෙ ...අදින් පස්සෙ කතා බතා නෑ.....ඔන්න උඹගෙ ප්‍රේමකුමාරයත් මගෙ වචනවලට කැමති උනා....උඹටත් තියෙන්නෙ ඒ ටිකම අහන්න තේරුනාද.....මං උඹව ටැක්සියක් දාලා ගෙදර අරින්නෙ නෑ....අදට යවනව.....යන මගට කතා කරගන්න දේ කතා කරගනින්....ගිහින් අම්මටත් කියපන් මං එනකන් පරිස්සමින් ඉන්න කියලා හරි.....ආවදෙන්කො උඹලගෙ මොනරවිල එවුනුත්

මං කියා දෙන්නම් නලලෙ තියන් ඉන්න එවුන්ට තොපි දෙන්නගෙ කෙරුවාව...ඉගනගන්න කාලෙ ඉගනගන් ඉගනගන්න කාලෙ මගුල් නටලා මගුල් නටන කාලෙ ඉගනගන්න බෑනෙ....

අප්පච්චි ....

සිහත්....සිහත් මගෙ තාම තරහව ඇවිසුනෙ නෑ ආ.....මං තවම උඹට බනින්න ගත්තෙ නෑ...බනින එක ගුටි කෑමකින් අහවර කරගන්ඩ එපා ..ගහන්ඩ ගත්තොත් මං උඹට ලෙලි යන්න ගහනවා ආ.....ඔය හැන්නදිගෙ ....

සර්....

ඇහුනනෙ....තේරුනානෙ...ආය ආය කියන්න ලැස්ති වෙන්න එපා....අනික සිහත් ....තමුසෙට මේ පලහිලව්ව නැති උනා කියල වහ බොන්ඩ එල්ලෙන්න ඔය මගුල් බෑ ආ.....උඹලව අවුරුදු දහ අටක් ඇහෙ කනෙ තියන් හදපු අම්මා අප්පව දාලා දවසකට දෙකකට කලින් හම්බුන මිනිස්සු වෙනුවෙන් මැරෙන්ඩ හදල අම්ම අප්පලාගෙ ආදරෙට ලැජ්ජ කරන්ඩ හදන්ඩ එපා.....දැන් යන්ගමන් කතා කරගන්න තියන දේ කතා කරපන්.....ගෙදර ගිහින් නාපන්....නාලා බත් කාපන්.....පාඩම් කරන්ඩ ඕන නෑ උඹලගෙ අම්ම් කිව්වා උඹ දැනටමත් ගෙදර ඉදන් පාඩම් කරනවා කියලා...යමන් දැන්...

මගෙ පපුව නෑ වගේ ....අප්පච්චි තියන්නෙ මොන ජාතියෙ දෙස්ද කියල මටවත් හිතාගන්න බැරි වෙලාවක සමුද්‍ර මාවත් දාලා යන්න ගියා මගෙ ඇස් වලින් කදුලුකැට පෝලිමක් කඩාගන වැටෙන වෙලාවක මන් අප්පච්චි දිහා බැලුවා....

ඒ...එතකොට....අ..අපෙ අම්මටත් ඉගනගන්න කාලෙ...න්..නෙවෙද ඔය මගුල් විසෙ ගැහුවෙ අප්පච්චි ...අ..ආත්මාර්තකාමි වෙන්න එපා....ඔ..ඔයාටත් තිබ්බා....ඔයාටත් තිබ්බා නවත්තලා පාඩුවෙ ඉන්න...

සිහත්.....

මං...මං මේක නවත්තනෙ නෑ...මං....මේක නවත්තන්නෙ නෑමයි අප්පච්චි ...මාව....එලෙව්වත්....ම්..මං...මේක නවත්තන්නෙ නෑ....අපිට හැදෙන්න එකටම.....ඔ..ඔයාලහැදිලා ඉන්න...එ..එ.පයිනෙ....ඔ..ඔයත් ඇයි....අ..අම්මව අරන් ගියෙ....එ..එතකොට අපෙ අත්තම්මලත් පැනපු ගමන් ඔයාට අම්මව දුන්නද...???

බලාගමු අප්පච්චි ...බලාගමු...ම්..මේ....පොලිසොයෙන් පැමිනිල්ල ...ල්..ලියගත්තෙ නැතුවට.....අ..අනික.....ත්ත්...තියනවනෙ...මන් මේක නවත්තන්නෙම නෑ.....

උඹව මං අද හමගහනවා...බලපන්.....දැන් යමන් ගෙදර

හ්...හමගහන්ඩ....ඔ...ඔයාට....හරි අමාරු ඇතිනෙ.....ම්..මාව.....කිරි දීලා....හ්..හදලා........ම්..මට.....මගෙ...හ්..හැන්දව...ඕන....මයි...මූදෙ ...මූදෙ....කොච්චර මාලු....උ...උන්නත් වැඩක්....නෑ...අප්පච්චි ...මට....ඕන....

පාන්...කිරිත්තා....නැතුව

මන් එන්න ආවා..අඩිත් හප්පපු මං කියන්නෙ මොනවද වත් නොහිතා කටට එන දාහක් ජාති අප්පච්චිට කියලා කියලා අඩාගන දුවගන දූවගන එනවත් එක්කම මොන කරුමෙටද මන්දා අර ඔක්කොම බලන් ඉන්නකොට මාව ගේට්ටුව ඉස්සරහම හොම්බෙන් ගියා අර තිබ්බ දුක දෙගුන තෙගුන උන මං වැලිකාගන අඩාගනම නැගිට්ටා

ඇ...ඇයි....ය්..යකො.....ම්..මටම මෙහෙම වෙන්නෙ...ඇයි.....අනෙ...ඇයි...මොකාද පොලිසිය....ඉ..ඉස්සරහා ගල් දැම්මෙ....හ්..හැමනෙනවා....

ඇයි...යකෝ...

මං ඇඩුවා....අහුවෙන අහුවෙන එකට පයින් ඇන්නා...හිතට එන දුක වචන කරගන්න බැරුව උන්න මං අනිත් පාර අඩ අඩම එයාගෙ ලොරියට එනකොට මොකෙක් හරි කාලකන්නියෙක් " ඔබ තරම් පෙම් කල කිසිවෙක්"සින්දුව දාලා තිබුනා මට තවත් හයියෙන් ඇඩුනා....

*

*.

*

*

අයියෙ...

......

අයියෙ එක පාරක් මා දිහා බලපන් අයියෙ...සමුද්‍ර....උඹ හදන්නෙ මාව අතාරින්නද කියපන්...????

.......

උඹ එක වචනෙන් සැලන්ඩර් උනාද සමුද්‍ර.....????

........

අඩුම ගානෙ මග් දිහා බලන්නවත් හිතෙන් නැතිතරමට මාව එපා උනාද කියපන්...

.......

යකො උඹ මොකෙක්ද කියපන්...වෙන එකෙක් නම් මේ වෙනකොට මාව අරන් පැනල ගිහින් ....ඒ තියා මූට මගෙ මූනවත් බලන්න පනක් නෑනෙ....ඇයි යකො....ඇයි යකො මට මෙහම කරන්නෙ...ඇයි කියපන්.....ඇයි....අනෙ ඇයි දෙයියනෙ .....

උඹට කට පන නැද්ද සමුද්‍ර....උත්තර දියන් ...උත්තර දියන්.....

අයියෙ....අනෙ අයියෙ මාව එපාද කියපන්.....මාව එපාද...මං සුදු චූටියා නේ අයියෙ ..මං අයියගෙ සීදේවි නේද.....

මං අයියගෙ අම්බරේ නේද අයියෙ ....මට කියපන්කො මන් නැතුව ඉන්නෙ කොහොමද.....

ස්..සමුද්‍ර...ඇ...ඇත්ත කියපන්.....උ..උඹට වෙන එකෙක් ඉන්නවද.....මං මෙච්චර අඩලා දොඩලත් උඹ මාව ගනන් නොගෙන ඉන්නෙ උඹට වෙන මොකෙක් හරි ඉන්නවද කියපන්.....ඇත්තමයි මං මූදෙ පයිනවා...මට කියපන් අයියෙ....

උඹට මෙච්චර අඩන මගෙ කදුලු ගැන වගේ වගක් නැත්තෙ ඒහින්දා වෙන්න ඇති නේ අයියෙ .....

මාත් ආදරෙයි ආදරෙයි කියලා ඉල්ලුවෙ උඹවද බන් .....???

මං නැහෙන්න හැදුවා....අඩ අඩෝම ආඩපාලි කිව්වා.....දරාගන්න බැරිම තැන්වලදි මං සමුද්‍රට ගැහුවා ...හැපුවා....පිස්සුවෙන් වගේ ශීට් එක උඩදැගලුවා...

එත්.....ඒත් ගෙදරට එනකන් වත් නෙවෙ එයා නෙවෙ මගෙ මූනක් දිහා බැලුවෙ...අඩුම ගානෙ වෙනදා අඩන්න කට හදනකොටත් අඩන්න නොදී මයෙ අම්බරෙ කියපු එයාට නෙවෙ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවෙ....පොලිසියෙ ඉදම්ම ගේ ගාවට එනකන් මගෙන් ගුටි කකා...මගෙ බැනම් අහ අහ දත්මිටි කාගන වගේ ඩ්‍රයිව් කරා ඇරුනම එයා නෙවෙ මගෙ මූනක් දිහා බැලුවෙ.....

උඹ ඇයි මට මෙහෙම කරන්නෙ අයියෙ...

උඹට මාව එපාද කියපන්...මං මෙ පැල් බැදන් ආදරෙකරන්නෙ උඹටද සමුද්‍ර....එපා නම් කියපන්....මං යන්නම්.....උඹට මාව එපා නම්කෙලින්ම කියපන් අයියෙ .....මං උඹ වෙනුවෙන් අඩන ඇඩිලි දිහා බල බල උඹ ඔහොම ඉන්නෙ උඹට වෙන එකෙක් ඉන්න හන්දද.....

මං ඉකිගැහුවා....උඹට වෙන කවුරු හරි ඉන්නවද අහ අහ දුක කිව්වා.....ඒත් සමුද්‍ර නෙවෙ මා දිහා බැලුවෙ....

හරි.....උඹට මාව එපා කියලනෙ කියන්නෙ අයියෙ ...හරි.....උඹගෙ සතුට මේක නම්....යමං උඹ ඔය ඉන්න එකා එක්ක හැමදාම සතුටින් ඉදපන් සමුද්‍ර.....උඹට මං දිහා එකපාරක් බලන්නවත් බැරි තරමට මාව එපා වෙලානම් මං යන්නම යන්නම්....මං උඹගෙ ඇස් වලට දකින්නෙත් නැතිව යන්න සදහටම පේන්නෙ නැතිව යන්නම්.....

ආය මෙ සුදු චූටියා....මේ සීදේවි එන්නෙ නෑ අයියෙ....උඹ ඔය හොයාගත්ත කෙනාට නම් මට කරපු අපරාදෙ කරන්න එප අයියෙ.....

කියන්න ඕනහැමදේම කියලත් එයා කෙරුවෙ මගෙ දිහා නොබලා ශීට් එක උඩ තිබුන බ්ලෙන්ඩර් එක දිහා බලාගන උන්න එක වෙනකොට අවසානෙදි ඇස්වල කදුලු වලට ඔහෙ ගලන්න දෙනගමන් මං බෑග් එකත් අරන් බහින්න ලෑස්ති උනා...

හැමදාම සතුටින් ඉදපන් සමුද්‍ර....උඹට පුලුවන් උනා නම් මාව අතෑරලා වෙන එකෙක් ගාවට යන්න....ඒ උනාට මට බැහැ එහෙම කරන්න...එක අතකට මිනාලයගෙ කතාව ඇත්ත අයියෙ ....

ට්‍රැක්ද බන් උඹට??

අ..අයියෙ .....

මෙච්චර වෙලාම මගෙ මූනක් දිහාවත් නොබලපු මගෙ සුදු අයියා මිනාලයගෙ නම කියනවත් එක්කම මගෙ මූන දිහා කන්න වගේ බලාගන උන්නා....

උඹට ට්‍රැක්ද කියල අහන්නෙ සිහත්?

උඹ කරන දේවල් එක්ක මට දැන් ට්‍රැක් පනිනවා සමුද්‍ර.....

මොනවද....මං උඹට මොනවද කෙරුවෙ කියපන්....?????ම්ම්ම්ම්ම්...මං උඹට ලැජ්ජා වෙන්න මොනවත් කෙරුවද....නෑනෙ....උඹ මගෙන් බඩ උනාද....ඒත් නෑනෙ....වැල්වටාරම් කියව කියව මොනවද කියන්නෙ කියපන්.....ඇරත් උඹට මොන හයියක්ද කියපන් මට වෙන උන් පාවාදෙන්නෙ....එකෙක් නම් එකයි ආය.....දෙතුන්පලක් නෑ....

එ..එහෙනම් ඇයි යකො මං මෙච්චර කියලත් මගෙ වචන නෑහුනා වගේ ඉන්නෙ....

නෑහුනා වගේකියන්නෙ...උඹ මරු විකාර කියවන් යනකොට මං මොනවද කියන්නෙ කියපන්....

ම්.මරු....ව්...විකාර...ස්...සුදු අයියෙ....උ ..උඹට මගෙ ආදරෙත් විකාරයක්ද අයියෙ....මාව එපාද කියපන්....

මට උඹව එපා කිව්වෙ නෑ සිහත්....අප්පච්චි කියන්නා වගේ මේක ටික කාලෙකට නවත්තමු...ඉගනගන්න කාලෙ ඉගනගනින් සිහත් ...උඹට පේනවනෙ මම...ඉගනගත්තෙ නෑ....සල්ලි ඇති තරම් හම්බ කෙරුවට වැඩක් නෑ නූගතා කියලා අහගත්තොත්...

ප්...පිස්සුද යකො තොට.....එහෙම වත් අහන්න...මෙච්චර මගුල් උනාට පස්සෙද උඹටමෙව්වා වැරදි වගෙ පෙනුනෙ....අහුමුලු ගානෙ අරන් ගිහින් කට කනකොටත් ඔව්වා කියන්ඩ තිබ්බනෙ...බීලා බීලා මගෙඇග උඩ නගිනකොටත් තොට ඔව්වා කියන්ඩ තිබ්බනෙ.....සමුද්‍ර මේ....උඹ හොදට දැනගගනින්...අපි නුවර උන්.....හිතු මනාපෙට නවත්තන්න පටන් ගන්න මගුල් නෑ......මාව දාල යන්න....

ඒහ්.....ඒහ්.....

මාව දාලා යන්න...හැව් ..හැව්.....මෙච්චර මගුල් උනාට පස්සෙද මගෙ ඉගනීම මතක් උනෙ...හැව්...හැව් තමයි....සමුද්‍ර.....උඹ....මගෙ ..සීමාව පැන්නුවා....

ය....යකො...ගහන්නෙ........

කිව්ව ගමන් නවත්තන්න.....එහෙමනෙ.....මෙච්චර දවස් ආදරෙයි ආදරෙයි ගෑවෙ කිව්ව ගමන් දාලා යන්නෙ....

සිහත්....මගෙ ...බ්..බෙල්ල.....යකො....හ්..හපන්ඩ....එපා.....අ...අව්හ්.....දෙයිය්න්ගෙ නාමටෙ ගෙදර පලයන්...

මෙච්චර වෙලාම අඩ අඩ උන්න මට අන්‍තීමෙදි යකා ආවේස උනා....කොටින්ම මෙච්චර වෙලාම ඇකිලිලා වගෙ තිබුන මගෙ මොනර පෙද මොනර පිල් සට සට ගාගනන පනගහන් එනවත් එක්කම යන එක පැත්තක දාපු මං මේක නවත්තමු කියපු හැන්දට අත දිගෑරලම පිට පුපුරන්න ඩෑස් එකක් දුනා මදිවට මං ඒකගෙ බෙල්ලත් කෑවා...

දාලා යන්න....දාලා යන්න නෙ.....උඹ එහෙමද හිතන් ඉන්නෙ අයියෙ.....මේ සුදු චූටියා එක්ක එව්වා වානා....ගෙදර පලයන් කියන්නෙ...මේ වෙලා තියන දේවල් එක්ක මට දැන් ගෙදරම තමා යන්න වෙලා තියෙන්නෙ.....හරි ලේසි ඇතිනෙ....හිතු හිතු වෙලාවට ගෙදර යන්න...ඇයි ඇයි උඹට මතක නැද්ද.....ඔහෙ ගාව දක්ශිනාවර්තව කැරකුන වාලම්පුරියක් තියනවා එක දෙන්නම් කිව්වා.....කෝ දැන් ..කෝ...????හැමනෙන්න නම් එන්න එපා සමුද්‍ර හරිද මා එක්ක...

ඔහෙ දන්නවා...ඔහෙ හොදාකාරවම දන්නවා අපි වලව්කාරයො කියලා...අපි නුවර මිනිස්සු සමුද්‍ර...එහෙම ආවට ගියාට හිතු හිතු එකා එක්ක යන්නෙ නෑ.....බලන් ඉදින් මං යයිද කියලා...මට ආය ඉගනගන්න දෙයක් නෑ...මා එක්ක පැනලා යන්න වරෙන්...හරියටම රෑ දොලහා වෙනකොට මං රෙදිත් අරන් එනවා...

!!!!!

මොකද....මොකද හැන්දගෙ කට ඔහෙක් වෙලා ගියෙ .....මං කිව්වනෙ....මං කිව්වනෙ...මාඑක්ක ඔය සෙල්ලම් බෑ....මාව අරන් යමන් සමුද්‍ර...මං කිව්වොත් කිව්වා...දොලහා වෙනකොට වරෙන් අයියෙ ...අපෙ අම්මා උනත් ගියෙ මහ රෑකනෙ...අම්මගෙ පුතා උන මමත් එන්නෙ මහ රෑ තමයි....අපිනුවර මිනිස්සු .....වචන දෙකක් නැ...අනික අනික වලව්වක බෑනෙක් වෙන්න තියනවා කියන්නෙ නිකන්ද????

මං අඩි හැප්පුවා ...මැරෙන්න හැදුවා....අවසානෙදි මොනර වන්නමත් නටලා නටලා දොලහා වෙනකොට පැනලා යන්න එන්න කියනවත් එක්කම මං බලාගන අපෙ මිනිහගෙ කට ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා...හරියටම තෝරෙක් අල්ලන දාපු දැලට සල්ලි කාරල්ලෙක් අහු උන ගානට...

මතකනෙ....අයියෙ....හරියටම රෑ 12ලට....අමතක කරන්න එපා....සමුද්‍ර....මට උඹ නැතුව බෑ අයියෙ.....අනෙ අපෙ ගෙදරින් මට කරදරයි.....ඇයි තේරුම් නොගන්නෙ.....මාව අරන් යමන්කො....ලුනුයි බතුයි කාලා හරි මං ඉන්නම්.....

දැන් උඹට පවුල් කන්නද ඕන සිහත්????

ඔව් දෙයියනෙ...ඔව්....මාව අරන් පලයන්.....නැත්තන් අප්පච්චි මාව මරයි....ඇත්තමයි අයියෙ මට කලකිරුනොත් මන් මැරෙන එක මැරෙනවමයි...

මෙච්චර වෙලාම මගෙ දිහා බලන් උන්න සමුද්‍ර අනිත්පාර ලොරිය ස්ටාර් කරගත්තා...පැනලා යන්න දොලහා වෙනකොට එන්න කිව්වත් ඒකට වත් උත්තරයක් නොදුන්න එයා අනිත් පාර යන්න යනවත් එක්කම මෙච්චර වෙලාම හිදිලා තිබුන කදුලූ උල්පතට ආයම කදුලු උනන්න ගත්තා විතරයි මං අඩ අඩම ගේට්ටුවෙන් ඇතුලට ආවා...මං ඇතුලට එනවත් එක්කම තවමත් හරි හැටි සනීපයක් නැති සාගරික ඇනමුරිච්චි ගැලවුන බයිසකල් රෝදයක් වගේ වක ගගහා එනකොට මං අහගන පඩත්තර සුසංගතා තටු ගහලා ඒකගෙබෝක්කු කට අරිනවා.....

".....ආ.....පැටියො කොහොමද.......සීදේවී....ජරාව බොන්න එපා තේජක.....සුදු අයියෙ ....හැමනෙමු...සුදු අයියෙ.....එහාට පලයන් සංජීප...හලූ........ජරාව බොන්න එපා සමුජ්ජ....සමුජ්ජ....හලූ.....

සාගරිකා....පඩත්තර...බ.....ල්...ලා"

දෙයියන්ගෙ නාමෙට කට පියවපියකො...ඇයි යකො මට මේ ගෙදර කාගෙන් වත් නිදහසක් නැත්තෙ......මුන් ඔක්කොම ඉන්නෙ මට වරදිනකන්නෙ ..ඇයි දෙයියනෙ මට මෙහෙම කරන්නෙ.....

"ඕන්න...ඕකයි...පස්....නේ.....කැතයා....කැතයෝ.....ජරාව බොන්නඑපා තේජක....."

ආ කැතයො...අම්මියෙ...පුතාගෙ කැතයා ආවා...අම්මියෙ...අම්මියේ...අ....පුතාගෙ කැතයා ආවා....

ටම...සිරි...මේන් ටිකිරියො...ඔහෙලගෙ කැතයා අඩනෝ...ඒහ්....කැතයො.....ඔහෙ මක්කයි ඔය කදුලු බොන්නෙ...

මං නෙවෙ කටක් හෙලෙව්වෙ...ඇන්තූරියන් මල්පෝච්චි අස්සෙ මොනහරි මගුලක් කර කර උන්න කානුවා අම්මට කෑගහන් ගෙට දිව්වා...ඌ තාම ඉස්කෝලේ යන්න අන්දපු ජන්ගිය පිටින් වෙද්දි ඉස්කෝල නිල් කොට කලිසම පිටින් උඩටත් මොකුත් නැතුව උන්න පසනත් ඔලුව කහ කහ ඇවිත් මං අඩනවා කිව්වා....

වෙනදා නම් පසනගෙ කට වත් මිරිකනවා....අඩ අඩම ආව මං ඇසුත් රතු කරන් පසනා දිහා බලාගන ඉදල අවසානෙදි පුලුන් කාරල්ලෙක් වගේ ඇස් දෙකත් ඔහෙක් කරන් කටත් මෙහෙක් කරන් මගෙ දිහා බලන් උන්න පසනගෙ ඔලුව අතගෑවා...අද රෑට මං පැනලා ගියහම මූ හෙට ඉදන් මගෙ පුතානෙ...කානුවා මල්ලි...මූ පුතා.....ඒක නිකන් මොකක්ද වගේ...ඒත් නොකියා කොහොමද...අපි නුවර මිනිස්සු ...නෑකම් තිතටනෙ...

....සුදු මහත්තයා .....උඹ මෙච්චර වෙලා මොන මගුලෙද උන්නෙ කොල්ලො...අප්පච්චි අන්න මරන්න ලෑස්තිවෙලා ඉන්නෙ....

අනේ....අපී ඉවරයි අම්මෙ.......අප්පච්චිට මාව අහු උනා....මිනාලයා මගෙ කටකෑවයින් මාවයි සුදුඅයියවයි අහු උනාඅම්මෙ...

මන්දන්නෙ නෑ සුදුමහත්තයා අම්මටත් දැන් ඔලුව හැරුන අතේ යන්න වෙලා තියෙන්නෙ...මටනම් කියන්න එපා.....මට නම් ඔය මොකුත් කියන්න එපා...මොකාද ඔය මිනාලය...හොදට තිබ්බ පවුල කන්න ආව එකා...මොකාද

කියපන් සුදු මහත්තයා ඕකා.....දෙයියනෙ.....අප්පච්චි ඇවිත් උඹවයි මාවයි උල තියයි....

එයාට මාව උලතියන්න වෙන්නෙ නෑ අම්මෙ.....මං අද රෑට පැනලා යන්න ඉන්නෙ...ඔයාව විතරයි තියන්න වෙන්නෙ...

අම්මෙ.....මං පැනල යන්නද .....

ආ අම්මෙ....

දවස් කියකට ඇදුම් අරන් යන්නද අම්මෙ....

ඔයත් මට කීයක් වත් දෙනවනේද....හිස් අතින් පැනලා යන්න බෑනෙ...

අම්මෙ කානුවගෙ හපන් ටිකිරි ගිනුමෙනුත් කීයක් හරි අරන් දෙන්නකො.....

අනෙ අම්මෙ.....ඇයි අම්මෙ මේවට උත්තර නොදෙන්නෙ.....ඔයත් පැනල ගිය මනුස්සයෙක් නේද...ඇයි තව මනුස්සයෙක් කරදරෙ වැටුනම් උදව් නොකර මග අරින්නෙ....

කුහක වෙන්න එපා අම්මෙ....කියන්නකො....ඔයා රෑට කාලද ගියෙ.....??

මං මීට කලින් පැනල ගිහින් නෑනෙ අම්මෙ.....

අම්මෙ.....ඇයි අනෙ කන් ඇහෙන්නෙ නෑ වගේඉන්නෙ....එදා කිව්ව නෙ ගිහිනුත් අරින්නම් කියලා...???ඇයි අනෙ දැන් ඇහෙන්නෙ නෑ වගෙ යන්නෙ ...

ඇත්තමයි මං මූදෙ පනිනවා අම්මෙ....

අම්මෙ....

ඇයි අනෙ පද්ද පද්ද යන වෙලෙ කියන්නකො...මට රෙදි ලෑස්ති කරගන්න තියනවා....

දෙයියන්ගෙ නාමෙට ඔය කට වහපන්කො ළමයා...

ඇයිඅනෙ කට වහන්න කියන්නෙ....කටවහන් උන්නම ඔක්ක්ම හරි යයිද.....ඔයාට මගෙ වේදනාව තේරෙන්නෙ නැද්ද අම්මෙ....ආ....ඔයාට මගෙ ආදරෙ මගෙ වේදනාව විහිලුවක්ද....ඔයත් පැනලා ගිය නේද .....ආ....ඔයාටත් අපෙ අප්පච්චි ව ඕනම හන්දා නේද පැනලා ගියෙ ....

එහා මෙහා යන්නෙ නැතුව උත්‍තර දෙන්නකො....අම්මෙ....මං මගෙ අලුත් යටකලිසම් පැකට් එක අරන් යන්නම්නේ....පරන එව්වා අදින්න බෑනෙ....අනෙ කියන්නකො....ඇයි අප්පා මේ මිනිස්සු මට මෙහෙම වද දෙන්නෙ ....ඔයාට බැරිද මට උත්තරයක් දෙන්න ....????

මගෙ ඔලුවත් පුපුරන්න එන්නෙ දෙයියනෙ.....අම්මෙ ඇත්තමයි මට මගෙ හැන්දව නැති උනොත් මාව අංගුලි මාල වෙයි අම්මෙ.....

වෙයන් ...වෙලා එකටම අර මිනාලයගෙද මොකාගෙද ඇගිල්ල කපපන්.....මගෙ ඉහත් ගිනි අරන් ඉන්න වෙලාවෙ උඹ ත් නාහෙන් අඩ අඩ මගෙ ඔලුව නරක් කරන්න එපා සුදුමහත්තයා....අප්පච්චි කතා කරලා උඹ කෝ අහනකොට මං උඹ වගේ කතා කෙරුවා.....

යෝහ්...අම්මෙ...මං උන්නෙ අප්පච්චි ගාව.....මං උන්නෙ පොලිසියෙ අනේ....දැන් නම්පැනලා යන්නම වෙනවා ඔයාට තේරෙනවනෙ ......

ඔය කන්දොස්කිරියාව නවත්තපන්කො....උඹට බත් බෙදන්නද කියපන්.....

බත්...බත් තමා දැන් මට කන්න වෙලා තියෙන්නෙ....මට ඕනබතක් නෑ...

එහෙනම් නිකන් ඉදින්....උඹලගෙ මගුල් හන්දා මටත් දැන් වග උත්තර බදින්න වෙලා.....ඔක්කොටම කලින් මං ඔය මිනාලයව හොයාගන්නම්කො....අපි නුවර මිනිස්සු .....ආවට ගියාට එක එකාහන්දා කසාද මිනිස්සු එක්ක ඇරගන්න යන්නෙ නෑ.....සුදු මහත්තයා බත් බෙදන්නද කියපන්....බත් උයලා සෝයා හදලා පරිප්පුයි අලයි තියනවා....

මට ඕන බතක් නෑ අනෙ..මට ඕන බතක් නෑ...දැන් සැරයක් කිව්වනෙ...මෙ ගෙදරින් මට තියන කරදර්‍ර් දෙයියනෙ.....

ඕන මගුලක්.....මං යනවා නාගන්න....

අම්මියෙ....පුතාට තේ ටිකක් දීලා නාපල්ලකො....

අම්මියේ...

තේ චුට්ටක් දීලා නාන්න යමල්ලකො....

සමනල් මගෙන් ගුටි කන්නඑපා...

මං හිතන්නෙ මාව හතර පැත්තෙම්ම තනි උනා.....විස්වාස කරන් උන්න ඔක්කොමඇස් පනා පිට මගෙ විස්වාසෙ කඩ කඩ යනකොට මාව හැම පැත්තකින්ම තනිවෙන්න ගත්තා...

පසනා දිහා බලාගන හෙට ඉදන් ඌට කියන නෑකම ලෙහ ගන්න හදපු මගෙ ගාවට ආව අම්මාඑක්ක කතා කෙරුවත් හිත හැදෙන උත්තරයක් නැතිවේගන එනකොට මං එහෙම්ම කදුලු පුරවන් කුසියෙ කෑම මේසෙ පුටුවකින් ඉදගත්තා.....

සබ්බං පාහිය ගමනීයන්!

මගෙ හිත රිදෙනවා.....තවමත් යුනිෆෝම් එකෙන් උන්න මං සමුද්‍රටත් තව මැසේජ් කෝටියක් දාලා ෆේස් බුක් එකෙයි දාන්න පුලුවන් හැමතැනටම බූට් පෝස්ට් පවා ශෙයා කරලා බයො එකට් අප්ඩේට් කරලා DP එක පවා අයින් කෙරුවා.....

මේ වෙනකොට මන් සමුද්‍රට මැසේජ් දාහකට කිට්ටුවෙන්න යැව්වා...අනෙ අයියෙ දාලා යන්න එපා....අනේ අයියෙ දාලා යන්නෙ එපා ගගා කොච්චර මැසේජ් දැම්මත් රිප්ලයි නැති තැන මොන මගුල උනත් දොලහා වෙනකොට මං එනවා කියලා දාලා නියපොත්තකුත් හප හප මුලු කුසිය පුරාවටම ඇවිද ඇවිද අම්මගෙ තේකෝප්ප බත් දාන බෝල් අනන් මනන් අතගාන්න ගත්තා...

සතපහක් වත් දෑවැද්දට දෙන්නෙත් නැති එකෙමට පුලුවන්ද හිස් අතින් යන්න...

මේඩ් ඉන් චයිනා....

මේඩ් ඉන් ශ්‍රී ලන්කා

දන්කොටුව පෝර්සිලේන්....

මරු කෝප්ප සෙට් එක ....එකපාර හයකටම තේ දෙන්න පුලුවන් ....ඒකෙම්ම කෑම පිගන් ටිකත් තියනවා...

හිත් වේදනාවෙ උපරිමේටම උන්න මන් අඩන ඇස් වල කදුලු පිහ පිහ නාන්න ගියපු අම්මත් එනවද බල බල අම්මගෙ පීරිසි කෝප්ප දාලා තිබුන කබඩ් එක වටෙ සියවතාවක් කැරකිලා දාස් වතාවක් විතර අර රත්තන් පාට ඉරි ගියපු තේ කෝප්ප සෙට් එක අතගාලා ආපිට ඇතුලෙන් තිබ්බා...

කමක් නෑ....තව වෙලා තියනවනෙ....එකොලහට විතර බෑග් එකේ දාගන්නවා...යන්න කලින් හිරමනෙත් ගලවලා බෑග් එකේ දාගන්නවා...අපරාදෙ හැබැයි අර බත් දාන බෝල් එකත් අරන් යන්න තිබ්බ නම් තමයි හොද....

පිගන් ටික අත ගගා උන්න මං අනිත්පාර සීනි තේ කොල බෝතල් ගාවට ගිහින් ඒ දිහත් බලලා ආපිට වතුර දාන ජෝගුවත් අතපත ගෑවා.....

පුතාට සමාවෙන්න අම්මියෙ....පුතා අලුතෙන් පවුලක් වෙන්න නෙ යන්නෙ.....ම්හුක්.....මෙව්වා එපැයිනෙ....ඔයාල අපිව බලන්න එනකොට වතුර ටිකක් වත් දෙන්නෙ කොහොමද...පුතාටසමාවෙන්න අම්මියෙ...අපි නුවර මිනිස්සුනෙ...කවදාවත් එහෙම හිස් අතින් යන්නෙ නෑනෙ...!ඔයා අප්පච්චි එක්ක පැනලා යනකොට අරන් ආව එකම පුතත් අරන් යනව අම්මියෙ....

🥲🤌.....පුතාට සමාව දියන් විහාරා.....

More Chapters