Ficool

Chapter 111 - 111

මම බැනර් එක දිහා බැලුවා....ඒ මගුලෙ අකුරු නටනවා වගේ පේනකොට මම ඇස් දෙක ලොකූ කෙරුවා ...

මොන ලබ්බද මට පෙව්වෙ....

හා...හා.....දැන් විනාඩි පහ ඉවරයි වරෙන් ගෙදර ගිහින් නිදා ගන්න...මේ විනාඩි පහට උඩින් තව විනාඩියක් ගියෝතින් ඕකා මගෙ ඔලුව කයි...පේන් නැද්ද...බිබික්කම් මූන...

මම වැනි වැනි කියවනකොට ශෙනෝනයා මාව ආපිට එක්ක යන්න හැදුවා ...ඒත් මම ඒ අත ගසලා ඉස්සරහට අඩියක් තියලා ඊලග අඩි දෙක ආයම පස්සට තිබ්බා.....නින්ද යන්න නෙවෙ එක්කො මුන් මට කෝමා වෙන්නද කොහෙද පොවලා තියෙන්නෙ.....

මගෙ...මැ...නි.....කෙ...

මම විතේන් ලගට ගියා ඒත් එයා නෙවෙ මගෙ මූන දිහා බැලුවෙ .....එයා අහක බලන් උන්නා...අතේ උන්න "මගෙ" පොඩි එකාගෙ මූන දිහා බැලුවට මට ඒ මූන අත ගාන්නවත් එයා දුන්නෙ නෑ ලමයව අරන් අඩියක් පස්සට ගියා...

එහෙම...කරන්න....එපා...විතේන් ...මට...මෙහෙම කරන්න...එපා...බන්...

මම එයා දිහා බලාගන මට මෙහෙම කරන්න එපා කියන එක ඇද ඇද වගේ කියනකොට කාලෙකට පස්සෙ මම අර මිස්ටර් විතේන්ව දැක්කා....එයා ඇහිබැම රැලි කරගන ලමයවත් චුට්ටක් හොලව හොලව ශෙනෝන් දිහා බැලුවා...

මෙන්න මේ මනුස්සයව අර ඇදට දාන්න ශෙනෝන් කරමත ගහලා දැන් මෙතනම බුදියනවා....ඇහැරුනාට පස්සෙ ගෙදර යන්න කියන්න.....ආ...හරි...හරි....හරි....ඉතින්....අම්මෝ....අඩන්න නමෙපා..මෙතන ඉන්න ගෝනි බිල්ලා අල්ලන් යයි....ඔව්....අඩන්න නම් එපා...

මම අහගන උන්නා...මා එක්ක වචනයක් වත් කතා නොකරපු මගෙ විතේන් මාව ඇදට දාන්න කිව්වා වගේම ලමයව අල්ලන්න හදපු හින්දදො පොඩි එකා මූන බෙරි කරන් ඉදලා කට හදල අඩන්න ගද්දි එයා ලමයට මාව පෙන්නලා ගෝනි බිල්ලෙක් කිව්වා....

දුක හිතුනා ....එයා ඒක කිව්වෙ විහිලුවටද....ඇත්තටද දන්නෙ නෑ....මට අවංකවම දුක හිතුනා....මම ආපිට හැරුනා....අප්පච්චි මම බව දැන දැන ඇයි එයාට කියන්න තිබුන් නැත්තෙ අප්පච්චි ඉන්නෙ කියලා ...ඇයි එයාට කියන්න තිබුන්නෙ නැත්තෙ අඩන්න එපා ඒ අප්පච්චි කියලා ...එයා කිව්වෙ මොකක්ද...ගෝනි බිල්ලා අල්ලන් යයි කියලා....එතකොට ලමයා තව බය වෙන්නෙ නැද්ද.....එක පැත්තකින් පිට එකෙක්ට ඩඩා කියනවා...තමනෙම අප්පච්චිට බය වෙනවා...පහු වෙලා හරි....ඇයි මට මගෙ අයිතිය දෙන්න බැරි එයාට....

මම හැරුනා.....මගෙ හිත බිදුනා...මම ආවෙ බලාපොරොත්තු ගොඩක් තියාගන...

නිතේශයා.....

මට....ගෙදර යන්න...ඕනා...බන්....

දැන් මෙහෙම යන්න බෑනෙ.....මෙහෙ ඉදපන්...මෙහෙ ඉදලා හවස යන්...මං උඹව එක්කන් යන්න එන්නම්....

එපා...බන්...මං ගෙදර යන්නම්....අර ලමයා මට බයයිනෙ....අඩවන්න ඕන් නෑ....

මම වැනි වැනිම ගෙදර යන් කියලා ඉස්සරහට ආවා උනත් උන් මට දීලා තියන පෙත්තෙ සැරටම ද කොහෙද මට යන්න බැරි උනා ...මම වැටෙයි කියලා එක තැන හිටගන උන්නා ....

වටෙන් වරෙන්.....උඹට යනවා තියා හිටගන ඉන්නවත් බෑ...වරෙන් මෙහාට...

යන්න ගියපු මාව ආයම ශෙනෝන් අල්ලගන එයාගෙ ගෙදර කාමරේකට එක්ක ඇවිත් ඇදකට දැම්මා.....වට පිට තියෙන්නෙ මොනවද....නැත්තෙ මොනවද දන්නෙ නෑ...ඒ හැම දේම පෙනුනෙ මගෙ ඇස් වලට බොද වෙලා වෙනකොට ශෙනෝන්ම මගෙ සපත්තු ගලවලා බ්ලැන්කට් එකෙන් මාව පොරවනකොට නිදි මත කොයි තරම්ද කියනවා නම් මට වචනයක් කතා කරන්න කට ඇරගන්නත් බැරි තරමට නිදිමත දැනුනා....ගල් කැට එල්ලුවා හා සමානවම ඇහි පිහාටුවල බර දැනෙන කොට මම ඇස් දෙක වහගනම ශෙනෝන්ව අත පත ගාල ඒකගෙ අත අල්ලගත්තා ....

ශෙ...නෝන්....ය...න්න....එපා.....

ඇයි...නිදා ගනින්....මම ඉදලා මොනවා කරනන්ද උඹේ පවුලයි කොල්ලයි ඉන්නෙ....

ය....න්...න...එපා...මට..බයයි....මං...

ඇහැරෙන් නැතිවෙයි කියලා.....

බය නොවී නිදා ගනින්...

මගෙ වැහුන ඇස් වලින් කදුලු වැටුනා..මට බය හිතුනා...එක්කො මාව නින්දෙන් මැරෙයි කියලා....නැත්තන්....ඇහැරෙන් නැතිව ඉදලා ආයම දවස් ගානකට පස්සෙ ඇහැරෙයි කියලා ..... ...

ශෙ...නෝ...න්....

ම්ම්ම්.....

මං....ආය ....අදම...නැගිටිනේද....ආය....

දවස් ..ගානකින් නැතුව....අදම...නැගි..ටියි...නේද.....

ශෙ...නෝ...න්...

මම නින්දෙම්ම වචන ඇහිලුවා...අදම ඇහැරෙයි නේද කියන එක මම අකුරු පැටලි පැටලි හිත හිත ඇහුවා....ඌ උත්තර දුන්නෙ නෑ ...ඒ වෙනුවට ඌ ලොකු හුස්මක් ගන්නවා ඇහුනා...මට එතනින් එහාට කතා කරන්න බැරි උනා...ඒ තරමට නිදි මත.....ඇගම පන නැතිවෙලා යනකොට මම අත්වල ඇහිලි ගුලි කරගත්තා ...ඒ වගේම ශෙනෝන්ගෙ කටහඩ ඇහුනා...

විතේන් මූ දවස් ගානකින් නිදියලා නෑ....ඒක හින්දා ඇහැරෙන වෙලාව වෙනකන් නිදා ගන්න දෙන්න ..මොකක් හරි උනොත් මට කියන්න මං එන්නම්...

ම්ම්ම්ම්...

ශෙනෝන් කියපු දේවල් කනින් කොනින් ඇහුනා වගේම මගෙ පොඩි එකාගෙ සද්දෙ එක්ක මට අවසානෙදි නින්ද ගියා.....

ම්ම්ම්ම් ...හ්හ්.....ම්ම්ම්....බ්බ්.....බ්බ්

.....මම්....මම්.....ම්ම්ම්....

වෙලාව කීයද කියන්න දන්නෙ නෑ...මට නින්ද ගියා.....පැයක් දෙකක් නම් කියන්න බෑ....ඊටත් වඩා වැඩිද කොහෙද ...අඩුම...පැය පහක් හයක් වත්.....ඔව්....මං හිතනෙ මම නිදාගන නෑ මට කලන්තෙ දාලා.....මම පොරවලා තිබුන බ්ලැන්කට් එක අස්සෙ තව ගුලිවෙනකොට මට තේරුනා තවත් කවුරු හරි ඇදෙ ඉන්නවා....තනීයම මොනවා හරි කියවනවා....තවමත් නිදිමත බේරෙන ඇස් තවත් නිදා ගන්න කියනකොට මම හරි අමාරුවෙන් ඇස් දෙක ඇරියා ....

මගෙ පැටියා ....එතන උන්නෙ වෙන කවුරුත් නෙවෙ ...එයා තනීයම කියවනවා...අත් පය ඔක්කොම වැහෙන්න අන්දල තිබුන ඇදුම හින්දා කොල්ලා තවත් බෝලයක් වගේ පේනකොට මම ඒ චූටි අතක් අරගන හාදුවක් තිබ්බා ...කතා කරන්න හදන.....එයා කට හැදුවා.....උඩ බෙලි අතට ඉදගන අත පය ඔක්කොම එකට උස්සන් ගසන කෑ ගහන....තනි අකුරු ගොඩාක් කියවන එයා දිහා මං කදුලු පුරවන් බලන් ඉදල ලගට අරන් තුරුල් කරගත්තා මගෙ පපුව පැලෙන්න ආවා...

උඹ මගෙද පුතේ ....ආ....මැනික....උඹ මගෙද....උඹ අප්පච්චි ගෙ සුදු මහත්තයද....

මේ වෙලාවෙ මගෙ හිතට දැනුන හැගීම් ගැන කියන්න මට වචන මදි උනා....මගෙ අප්පච්චි උනත් මාව දැකපු පලවෙනි පාර මෙහෙම හිතන්න ඇති....කොච්චර උනත්...මගෙ අම්මට මාව දැකපු පලවෙනි පාර සුදු පුතා කියලා කියවෙන්න ඇති...මාව පපුවට තුරුල් කරන් ඉඹගන්න ඇති...ඒ හැම දේම දැන් අතීතයක් විතරයි ....අම්මා උන්නානම්....එයා හොද අම්මෙක් උනා නම්.....මගෙ පුතාව ලගට ගන්න ගියා...

මම ඇස් පියාගන එයාව තුරුල් කරන් උන්න අත් දෙකෙම්ම....තැලෙයි කියලා බයටම අත් දෙක බුරුල් කරන් ඉන්නකොට කොල්ලා මගෙ මූන එයාගෙ ඇදුමට වැහුන අතෙන් අල්ලන්න හැදුවා....මගෙ නහය කටෙ දාගත්තා ...අයියෝ...ඒකා නහය චුක්...චුක් ගාලා උරවන්න හැඩුවා....ආයම වීදුරු මස් වලින් හපන්න ගත්තා .....මගෙ මුන පුරාවටම කෙල නෑව්ව....හිටපු ගමන් කෑ ගැහුවා ....

මටඇස් අරින්න හිතුන් නෑ...මට ලෝබ හිතුනා...මට බය හිතුනා මේක හීනයක් වෙයි කියලා ...ඇස් ඇරියොත් හැම දේම නැති වෙයි කියලා .....

මගෙ අස්වලට ආයම කදුලු පිරුනා...මම අප්පච්චි කෙනෙක් කියන හැගීම මට උන් හිටි තැන් නැති කෙරුවා.....මාව ලෝබ කමටම පිපිර්ලා යන්න ආවා.....ඇබිත්තන් කටෙන් එන කුක්කු සුවද.....හරියටම අර පලිගුවව ගෙනාව දවසෙ වගේ

...ඔලුවෙන් එන ලදරු සබන් සුවඩ.....නලියා නැහීගන ජොන්සන්ස් හෙව්වෙ මගෙ කොල්ලටනෙ හිතෙනකොට ගුටි කාපු ඌව මතක් වෙලා මට දුකත් හිතුනා...

මම අත් දෙකෙම්ම ඒකව තුරුල් කරගත්තා .....මාව අල්ලන් නැගිටින්න හදන මගෙ ඇග උඩ නගින්න හදන හිටපු ගමන් කෑ ගහන එයාට අද වැඩ ගොඩක් තිබුනා...

සුදු මහත්තයා ...හී...අප්පච්චි දොයි...අප්පච්චි දොයි ....මෙහෙ එන්න මෙහෙ එන්න.....

මම අහන් උන්නා..මගෙ මූනට කතා නොකරන එයා ලමයා එක්ක මට අප්පච්චි කිව්වා....එයත් මම වගේම සුදු මහත්තයා කියනකොට මගෙ ඇස් වලට ආයමත් කදුලු උනන් හැදුවා...

අප්පච්චි දොයි නේ.....අප්පච්චි දොයිනේද....

ද....ඩා...ද ...ද ...ද ..

නෑ....නෑ....අප්පච්චි .....අප්පච්චි ...දඩා නෙවෙ ...දඩා අනුන්ගෙනෙ...

ද...ද ...ඩා.....

නිදි නැති උනත් නිදි වගේ රගපාන ගමන් උන්න මම එයා කියන දේවල් ඔක්කොම අහන් උන්නා.... ඇබිත්තකට නැති මගෙ පොඩ් එකා දදා....දදා ගගා කෑ ගහනකොට එයා අප්පච්චි කියන්න උගන්නව මං අහගන උන්නා...ඒ දෙන්නා කියවනවා...මට අහන් ඉන්න බෑ...මට ඇස් අරින්නම ඕනා කියලා හිතුනා....මට එයාව තුරුල් කරගන්න ඕනා කියලා දැනුනා...අනේ ආයම මාව කවදාවත් තනි කරන්න එපා කියල කියන්න හිතුනා....මම එදා වගේම ආදරෙයි මගෙ විතේන් කියලා කියන්න ඕනා හිතුනා.....

උඩ බෙලි අතට උන්න මම අනිත් පැත්තට පෙරලිලා ඇස් අරිනවා එක්කම එයා ඇදෙන් නැගිට්ටා....ලමයව උකුලෙ ඉන්දවගන මා දිහා ආයමත් රවාගන බලන් උන්නා...

මෙච්චර වෙලාම දරුවට අප්පච්චි අප්පච්චි කියන්න උගන්නපු මගෙ විතේන් ආයම පලිගන්න පටන් අරගන තිබුනා.....

ඇයි මැනිකෙ මට තවත් රිදවන්නෙ.....

කව්ද ඔයාට රිදෙව්වෙ.....අමාරුවෙන් හිටපු හින්දා නිදා ගන්න දුන්නා මිසක් හිතන්න එපා මම තමුන්ව ගෙට දාගනී කියලා .....

විතේන් ...ඇයි විතේන් උඹ මේ තරම් තවත් පලි ගන්නෙ ..මං ඒ හැම දේටම නය ගෙව්වා විතෙන් ...මං දන්නවා...උඹ විදෙව්වා ....ටිකක් නෙවෙ නොසෑහෙන්න.....ඒත්....ඒත් මැනිකෙ...මම කියලා සතුටින් උන්නෙ නෑ මගෙ විතේන් ....ඇයි.....විතේන් ....

නිතේශ් .....කරුනාකරලා ඔයාට අඩු නම් යනවද...තවත් වාතයක් වෙන්නෙ නැතුව .....

මං කොහෙද යන්න ඕනා විතේන් ...උඹයි මගෙ පන....මේ ලමයා....මේ ඉන්නෙ මගෙ දරුවා නෙවෙද විතේන් ....

තමුන්ගෙ....කව්ද කියන්නෙ.....මොකාද කියන්නෙ....ආ නිතේශ් ඔලුව එහෙම හොද නැද්ද ...අනුන්ගෙ ලමයි තමන්ග්‍ර් කරගන්න හදන්නෙ....හොද සිහියෙන් නෙවෙද ඉන්නෙ?

මම අහන් උන්නා...මෙච්චර වෙලාම මගෙ ගාව ඉදගන උන්න...දරුවට අප්පච්චි කියලා උගන්න හදපු එයා ආයම වෙනස් වෙලා.....මම ලමයව අල්ලන්න හැදුවා උනත් එයා ලමයව අත් දෙකෙම්ම වහගන අහකට ගියා.....

මම හුස්මක් ගත්තා ...ලොකුම ලොකු එකක්.....අරගන එයා දිහා බැලුවා...එයා පුරුදු විදිහමයි...කිසිම වෙනසක් නෑ...අතේ උන්න පුංචි එකා කෙදිරි ගානවා...ඒකට බඩගිනිද කොහෙද .....පව්...මම්...මම් ගනවා...අත් දෙකෙම්ම ඔලුව කසන්න හදනවා....හයියෙන් හයියෙන් හුස්ම අල්ලලා අවසානෙදි අඩන්න කට හැදුවා.....

විතේන් .....උඹ කියන්නෙ....මේ ඉන්නෙ මගෙ ලමයා නෙවෙ කියලද මැනිකෙ...මේ ඉන්නෙ...උඹෙයි මගෙයි ලමයා නෙවෙ කියලද විතේන් ...උඹ කියන්නෙ ....උඹව තව දුරටත් මට අයිති නෑ කියලද මගෙ විතේන් .....

ඔව් දෙයියනේ ඔව්....සිංහල නෙවෙද නිතේශ් ...කියන මගුල තේරෙන්නෙ නැද්ද මේ ලමයා බය වෙනව මාව කෑ ගස්සවන්න එපා නිතේශ් ...මමවත්....මගෙ ලමයවත් තමුන්ගෙ නෙවෙ නිතේශ් ආය ආය අහන්න එපා...මේක තමා මට දෙන්න තියන අවසානම උත්තරේ .....මම කසාද බැදපු මනුස්සයෙක්....තව මොනවද කියවන්නෙ...

එයා ආයම කෑ ගැහුවා ...ආය ආයම කිව්වා ලමයා වත් එයාවත් මගෙ නෙවේ කියලා ...එයා කසාද බැදපු කෙනෙක් කියලා කෑ ගැහුවා...මම බලන් උන්නා....අඩන පැටියව හොලව හොලව එයා කාමරේ පුරාවටම ඇවිදින හැටි මම බලන් උන්නා...

එයාට බඩගිනී මැනිකෙ....

මම ඒක දන්නවා...තමුන් ඇස් අරන් ඉන්නකොට මොකුත් කරන්න පුලුවන්ද .....

මට සමාවෙන්න ...විතේන් ...පුලුවන් නම්...මට එක පැයක් මෙහෙ ඉන්න දෙන්න...මං ආයම එන්නෙ නෑ...ආයම ඔයාගෙ ගේ ඉස්සරහට ඇවිත් හිටන් ඉන්නෙත් නෑ...මට සතුටුයි විතේන් ...මට අද පපුව පැලෙන්න සතුටුයි...මට නැති උනත්...උඹ අද සතුටින් ඉන්නවා දැක්කම මට සතුටුයි ....මම හින්දා උඹට ප්‍රශ්න ඇති උනා වැඩීයි විතෙන්...මගෙයි කියල කිසිම දෙයක් නැති තැන...මට ඉතුරු කදුලු විතරයි...උඹ සතුටින් ඉදින් ...

මම එච්චරයි කිව්වෙ මේ එන අවසානම දවස කියලා කියපු මම අනිත් පැත්ත හරිලා බ්ලැන්කට් එකෙන් පොරවගන්නකොට මට දැනුනා ඇද බරවෙනවා...

සුදු මහත්තයා.....අපි දොයියමූ...අපි දොයිය...මූ.....

මං අහන් උන්නා ....එයා ලමයට සුදු මහත්තයා අපි දොයියමූ කිය කිය රහසින් කොදුරන එක මම අහන් උන්නා...

එයා මට ආයම කෑ ගැහුවා....එයා මගෙ නෙවෙමයි කිව්වා.....එහෙනම් ඉතින් මොන මගුලටද රහස් කොදුරන්නෙ....අනික මේ ගෙදර මෙ ඇද විතරද තියෙන්නෙ ...නෑනෙ.....අනික...මං ඇස් ඇරන් ඉන්නකොට මොකුත් කරන්න පුලුවන්ද අහන්නෙ...අනේ මං ඔය බොත්තම දැකලා නැද්ද...මම තමයි චුට්ටක් හරි ලොකු කෙරුවෙ...ඕනා නම් දැන් අර කුරුම්බැට්ට මූනක් තරම් ලොකු වෙලා ඇති.....අනේ...මං දැකලා නෑනෙ.....

මම පුපුර පුපුර නියපොත්තකුත් කටේ ගහන් ඔලුවෙ ඉදන් පොරවන් නිදි වගේ උන්නා.....

එයා රහස් කියන සද්දෙ ...පොඩි එකා චුක් චුක් ගගා තලු මරන සද්දෙ හිටපු ගමන් කෙදිරි ගාන සද්දෙට මම හොදට කන් දීගන ඉදලා එයාට නොතේරෙන්න මම හොරාවට මගෙ බෙල්ල හරවලා බැලුවා.....හිච්චි දිසානයකයා එයාගෙ ඇගට අර ඇබිත්තන් අන්ඩත් දාගන කුක්කු බොනවා...පොඩ්ඩක් හිටපන්කො පුතේ උඹේ අප්පච්චිට දාපු ඇදිරි නීතිය අයින් වෙනකන්...

මම ඇස් වහගත්තා ....නිදි මතත් ඇත්තටම තියනකොට ලමයගෙ සුවදයි.... එයාගෙ නැලිවිලි සද්දෙ එක්ක මට ආයම නින්ද යාගන ආවා....

සුදු මහත්තයා ....අප්පච්චි ගාව දොයියන්න.....

නින්දත් නොනින්දත් අතර උන්න මට ආයම එයාගෙ රහස් කතා කරන සද්දෙ ඇහුනා .....අනිත් පැත්තට හැරිලා උන්න මං නින්දෙම්ම අනිත් පැත්තට හැරිලා තියනකොට මට තේරුනා එයා මගෙ අත අස්සට ලමයව තියලා ආයම බ්ලැන්කට් එකෙන් පොරවනවා ...අනේ උඹෙත් බොරුවනෙ.....උඹට ඕනෙ මට බැන බැන මගෙන් පලි ගන්න....

මගෙ...තේ..ශී.....මගෙ සුදු අප්පො.....

මගෙ සර්වාංගෙම හිරි වැටිලා ගියා ....අහන්න ආසාවෙන් උන්න වචනයක් ...අහන්න පෙරුම් පිරුව වචනයක් ....ආයමත් එයාගෙ කටින් පිටවෙනකොට එයාගෙ ඇගිලි මගෙ හිස කෙස් අස්සෙ යනකොට යනකොට අවංකවම ඒ වචන...ඒ අගිලිවල උනුසුම මගෙ පපුවටම දැනුනා....මාස ගානක් මගනැරුන එයාගෙ සුවද මගෙ නාස් පුඩුවලිට දැනෙනකොට මම නිදි වගෙ උන්න...නැත්තම් එයා ආයම මොකුත් දන්නෙ නැ වගේ රගපානවා.....

මගෙ සුදු අප්පො.....උඹත්...මං වගේම හුගාක්...දුක් විදල මගෙ සුදු මහත්තයා ...

කමක්...නෑ....අවසානෙදි උඹ ආයම මගෙ ගාවා ආවනෙ.....ඒ කියලා උඹ හිතන්න එපා මං උබට ලේසියෙන් සමාව දෙයි කියලා .....උඹ අරකිව බැන්දා කුපාඩියා....උඹට මම දැම්ම නම් සමාව දෙන්නෙ නෑ නිතේශ් ....

එයා කියවනවා....මගෙ ඔලුව අත ගගා මගෙ තේශි ගගා කියෙව්වා ...ඒ කොච්චර කියෙව්වත් එයා කිව්වෙම මට එච්චර ලේසියකට සමාව දෙන්නෙ නෑමයි කියලා වෙනකොට මම ඒ හැම දේම අහන් උන්නා....අවසානෙදි එයා මගෙ නලලට හාදුවක් තියලා මාවයි මගෙ සුදු මහත්තයවයි දෙන්නවම පොරවලා එලියට ගියා

මගෙ සුදු මහත්තයා ...අප්පච්චි ගෙ පන.....මමියා කියනවනෙ අප්පච්චිට සමාව දෙන්න බෑ කියලා ...දැන් ඉතින් මොකද කරන්නෙ....

මම නින්ද ගිහින් උන්න මගෙ පොඩි එකාගෙ කම්මුලට හාදුවක් තියනකොට මගෙ රැවුල ඇනිලද කොහෙද ඒකා කෙදිරි ගාන ගමන් මූන බෙරි කරන් නින්දෙම්ම කෙදිරි ගෑවා ....

අප්පච්චි ගෙ සැවුල ඇනුනද...ම්ම්ම්ම්..ඇනුනා කියලා බෑ....නෙ ඉතින්....අප්පච්චි ආදරෙයිනෙ මගෙ සුදු මහත්තයට ...

මං එයා එක්ක තනීයම කොදුර කොදුර කතා කරන ගමන් ඇබිත්තන් ඇබිත්තන් හාදු තිබ්බා...දැන් ඉතින් රැවුල කපන්න වෙනවා ...නැත්තන් ඉතින් කොහොමද මගෙ බටු ඇටේට උම්මා එකක් වත් දෙන්නෙ ....

මම නින්ද ගිහින් උන්න මගෙ දරුවා දිහා බලන් උන්නා ..නිදි පෙත්ත හින්දා තවමත් ඇග හෝන්දු මාන්දු වෙලා තිබ්බා....සැරින් සැරේ එම සද්ද බද්ද එක්ක එයා ගේ අස් කරනවා ...ආයම එන එක එක සුවදවල් එල්ල එයා උයනවා ඇතියි කියන එක මට දැනෙනකොට මං ලාවට හිඩැසක් තිබුන ජනෙල් තිර අස්සෙන් මං බලාගන දවාලත් පහු වෙලා හවස් වෙලා කොයන්න අහස මලානික පාට ගහලා තිබුනා.....

අහස මලානික පාට ගැහුවට කමක් නෑ....අදින් පස්සෙ මගෙ අහසට පායන්න හදයි ඉරයි දෙකම මගෙ ගාව ඉන්නවා...ඉතින් තව දුරටත් මගෙ අහස කවදාවත් මලානික පාට වෙන්නෙ නෑ...

තියන කම්මැලි කම...බඩ පැලෙන්න කුක්කු බීලා දොයි මේ චුච්චුවා...

මං පොඩි එකාගෙ කම්මුල ඇගිලි තුඩකින් හරිම හිමීට මිරිකුවා....ඒකව මට අත් දෙකෙන්ම අල්ලලා මිරිකන්න හිතුනා.....

ඔව් ටෙෆාන් ලොකු ටර්කි කෙනෙක් ගේන්න.....තව ....

මන් උන්නෙ බරටම නින්ද ගිහින් උන්න මගෙ සුදු මහත්තයා එක්ක බර කතාවක වෙනකොට මං අහගන මගෙ විතේන් ආයම අර පොල් කාවයියට කතා කරනවා...

හිටපන්කො දෙන්නම්.....උඹටත් මම ළඟ ඉන්නකොට කොහෙවත් යන කෑදැත්තෙක්ට ඩඩා ගාන්න ඕනා උනා නෙ....හිටපන්කො ලොකු වෙනකන් දෙන්නම් පුක පුපුරන්න...

ම්ම්ම්ම්...ම්ම්...

අම්මෝ..අම්මෝ...නැ...නෑ....ඉතින්...

අප්පච්චි බොරුවක් නෙ කිව්වෙ.....මගෙ සුදු මහත්තයා නෙ....අනෙ අඩන්න නම් එපා පුතේ උඹලගෙ අම්මා මාත් එක්ක තවම තරහෙන් ඉන්නෙ...අප්පච්චිගෙ කාර්ඩ් එක කැපිලා යයි...දොයි...දොයි...දොයි.....

තාමත් සිරික්කිය ..මොන ලබ්බ කියවනවද දන්නෙ නෑ හිටපන්කො මං උඹට කරන්නම්....මෙච්චර දේවල් කරලා තාමත් තරහව පිරිමහනවා....

මගෙ විතේනයා හිනා වෙවී තවමත් කියවනකොට නින්දෙන්ම්ම කට උල් කරන් කෙදිරි ගාපු පොඩි එකාට හිමින් තට්ටු කරන ගමන් කල්පනා කෙරුවා ...

මං බලාගන එයා සෙල්ලම්බඩු කූඩයක් අරන් එහාට ගියා ආයම රෙදි ගොඩක් ගෙනල්ලා කාමරෙ ඇද උඩින් දලා ගියා.....ආයම වලන් සද්දෙ ඇහුනා.....ඒ ටිකකිම්ම එයාගෙ හෙවනැල්ල ආයම බිත්තියට වැටෙනකොට මම හොදටම නින්ද ගිය එකා වගෙ බොරුවට ගොරත් අදින්න ගත්තා වගේම එයත් ඇගිලි තුඩුවලින් ඇවිත් හෙමීට අල්මාරිය ඇරලා බැලුවා අපි දෙන්නට ඇහැරුනාද කියලා...

පොඩ්ඩක් හිටපන්කො.....

මම බ්ලැන්කට් එක අස්සෙ ගුලිවෙලා හොරා වගේ බලන් උන්නා. එයා රෙද්දෙන් රෙද්ද නව නව ඇතුලට දානකොට මම මගෙ ඵෝන් එකේ රිගින් ටෝන් එක දාල නින්දෙන් වගේ අතපත ගාලා ආන්ස්වර් කරලා හොරා වගෙ එයා දිහා බැලුවා මං බලාගන මෑන් දොර රෙද්ද අස්සට රිංගුවා ....අනේ තොගෙ මායන්...ලමයි හම්බුනාම මුන් තවත් කපටි වෙනවා....හිටපිය....

මම අඩනින්දෙ ඉන්න එකා වගෙ කතා කරන්න ගත්තා ....

හෙ.....ලෝ.....

....

හෙලෝ....ආ....සෙ....නා....රී.....

මම හිමීට ඇහැ කැරකුවා.....මං බලාගන දොර රෙද්දෙ අස්සෙ ඉදන් අරූ අත් මිටිමොලවගන්නවා...ඇයි උඹත් මම නෙවෙ මිනිහා කිව්වෙ....මගෙම ලමයා මගෙ නෙවෙ කිව්වෙ....හිටපන්....මං සෙනාරි කතා කරන විදිහට කතා කරන්න ගත්තා .....

කියන්න සෙනාරි ...හදිස්සියක් ද....

හොදින් ඉන්නවා කියන්න බෑ.....සෙනාරි....ඔහෙ ඉන්නවා....ඇයි...මේ හදිස්සියේම.....

අනේ...දැන් ඉන්න බබාට....ත් එච්චර වයසක් නෑනේද.....

මොකක්ද ...අවුරුද්දක් පහු උනා....ම්ම්ම්...

මොකක්ද...ආය...බෙබෙක්...හදන්න....

ඕනා...

මම දොර රෙද්ද අස්සෙ උන්න මගෙ විතෙනයා දිහා බැලුවා ...මූ කුටු කුටු ගානවා..මං බලාගම අඩ අන්දකාරෙ වගේ උනත් ඒකගෙ සාපකරන තොල්පට එහා මෙහා යනවා.....හිටපන්කො.....

ම්ම්ම්...මට....ප්‍රශ්නයක් නෑ...සෙනාරි ...අනික....මගෙයි කියලා ..මට කවුරුත් නෑ...මං උන්නද...මලාද කියලා බලන්න කෙනෙකුත් නෑ....මගෙයි කියන්න....ලමයෙකුත් නෑ...මටයි කියලා පවුලක් නෑ...අද ඉදලා හෙට මැරෙයි ද කව්ද දන්නෙ....

මම කියෙව්වා ..... කටහඩ බර කරලා අඩන්න ඔන්න මෙන්න තියන කටහඩකින් කියෙව්වා ...මන් බලාගන මගෙ විතේනයා නලියනවා ....ඒකට මගෙ බෙල්ල මිරිකන්න පුලුවන් නම් ඒකා මගෙ බෙල්ල මිරිකනවා...හොද වැඩේ තොට....

ම්ම්....ආය හොස්ප්ටිල් ගානෙ යන්න බෑ සෙනාරි ...අනික....ඔයා...මම...නොදන්න කෙනෙක් නෙවෙනෙ.....ඔයා මගෙ කව්ද කියන්න ඔයාම දන්නවා...අද අප්පච්චි නෑ ...ශෙනෝනුත් නෑ....ඩියෝනුත් කොහෙද යනවා කිව්වා...ඔයා එනවා නම්....එන්න....ඔයාට තේරෙනවනෙ....මැනිකෙ මං.....

මට හිනා යන්නත් ආවා...අරකා දත්මිටි කනවා...අත් දෙක මිටිමොලවන් රවාගන ඉන්නවා .....

හා සෙනාරි....ඔයා එන්න....මං...තව

පැයකින් එන්නම්....මං විතේන් ගෙ ගෙදර ආවා එයාගෙ මහත්තයා නෑ....බබා නම් ඉන්නවා ...නිදි.....ම්ම්ම්....ලමයා...නම්...එයාගෙ මහත්තයා වගේමයි...මං තියන්නම් සෙනාරි ඔයා එන්න ....පරිස්සමින් හොදද...

මං ගාව උන්න නොදරුවා දිහා බලාගන ලමයා අර පොල්කාවයියා වගේ කියලා කියන ගමන් කොහේවත් නැති සෙනාරියෙක්ට එන්න කියලා ඵෝන් එක පැත්තකින් තියලා ලමයව තුරුල් කරන් ආයම පොරවගන හොරාවට හිනා උනා ....

විනාඩි පහක්...දහයක්.....ගියා....පැය කාලක් ගියා...පැය බාගයක් ගියා....අවසානෙදි පැයක් ගියා...හරියටම හරි... ඔන්න පටන් ගත්තා ....මං අහගන එයා බර අඩි තිය තිය එහා මෙහා යනවා...කුටු කුටු ගගා බනිනවා...මං නිදිකියලා හිතාගන මට පයිනුත් ඇන්නා...කාමරේට එනවා යනවා....අනිනවා...යනවා...ඔන්න ආයම එනවා...

මෙහෙට දීපන් ලමයව...මං යවන්නම් උඹව.....හිතාගන ඇති එක එකාලට ලමයි හදන්න...කපනව තොගෙ ඇට දෙකම ....

මූ බැන බැනම මට අතිනුයි පයිනුයි දෙකෙම්ම ගැහුවා...මගෙ කම්මුලකුත් මිරිකුවා...මේකා යකෙක් වෙලා යකො....ඉතින් මගෙ නෙවෙ කිව්වනෙ...ඇයි මැරෙන්න හදන්නෙ...

මම ගුටි කාගන උඩ දාගන අනිත් අතට හැරිලාත් හොදට නිදි වගේ උන්නා

හිටපන්කො තොට දෙන්නම්....ම්හුක්...මගෙනෙ...

මූ ආයම මට ඇන්නා.....මෙච්චර වෙලාම ශෝක් එකට නිදාගන උන්න නොදරුවා මේකගෙ යක්ස වැඩත් එක්ක ඇහැරිලා අඩන්න ගත්තා වගේම අඩන ලමයව නලව නලව ගිය විතෙනයා දඩ බඩ ගාලා මොන මොනවා හරි හැලුවා...ඇලුමීනියම් හට්ටි වීදුරු බඩු එහා මෙහා කෙරුවා ....ආයම කාමරේට ඇවිත් ඇද උඩ නම නම උන්න රෙදි ‍ටික කූඩෙකට දාගන ගියා ..අයියෝ...අර ලමයා හූ තියනවා...ඇත්තමයි මූට මම දැන් ගහනවා පුක පුපුරන්ඩ ලමයව අඩවනවට...

හෙලෝ...හෙලෝ.....තාත්තී...තාත්ති කොහෙද ඉන්නෙ.....යෝ....සුදු පුතා අඩන්නෙ නැතුව චුට්ටක් ඉන්නකො...තාත්ති හෙලෝ...

මම උන්නෙ බෙඩ් ශීට් එක ඇතුලෙ ඉදන් එලියට කන දික් කරගන....අඩන පොඩි එකාව නලව නලව එයා තාත්තට කෝල් එකක් ගත්තා ...අනේ අම්මෝ...ඒ අනිකා....රන්ඩු කෙක්ක...මාත් එක්ක..හේතු හොය හොය පැටලිච්ච ...වගේ උන්ගෙ තාත්තා අම්මා දෙකම එකයි...මං හිතන්නෙ මගේ හපන් කම් ගැන කියනන්ද කොහෙද ....

මම හොරා වගේ ඇගිලි තුඩු වලින් දොර ගාවට ඇවිදන් ගියා...මෙච්චර වෙලාම අඩ අඩ උන්න මගෙ හිච්චි දිසානායකයා ඇගිල්ලක් උරවන ගමන් එයාගෙ උර හිස උඩ නිදි කිරනකොට මගෙ විතේනයා රතින්ඥ්ඥා කරලා වගේ කේලම දිගාරිනවා...

තාත්ති ඉන්න තැනකින් එන්නකො තාත්ති...අර මිනිහා අර ගෑනි එක්ක ලමයි හදන්න යනවා.....ඔව්....අර සෙනාරි.....මොකක්....කකුල් කඩන්න.....?.කොයි කකුලද....දකුන...??...හා තාත්ති...අනේ අම්මිටයි අර අනිත් බූතයො දෙන්නටයි ඉක්මනට එන්න කියන්න.....

මොකක්....යකාගෙ මාමන්ඩියා තමා....යකො මගෙ කකුල කඩන්න කියල නේද කිව්වෙ ...ඒකත් දකුන.....

එයාගෙ තාත්තා මගෙ දකුනු කකුල කඩන්න කියනකොට මට ඉබේටම මගෙ දකුනු කකුල අතගෑවුනා....

මට තවත් බැනලා බැනලා ඵෝන් එක පැත්තකින් තියපු එයා තවත් මොනවද මොනවද පෙරලනකොට මම මොකූත්ම නොදන්න එකා වගේ කොන්ඩෙත් හද හද එලියට ආවා .....

මගෙ ඇස් ලොකු උනා...මුලු සාලෙම වනන්තරයක් වගෙ....එයා මුලු සාලෙම වනසලා...සින්ක් එක උඩ වලන් පිගන් කන්දක් ගොඩ ගහලා.....ලමයවත් උකුල උඩ ඉන්දවගන උන්න එයා මාව මරන් කන්න වගේ බලන් ඉදල ගස්සගන ගිහින් සෝෆාවෙ ඉදගන ලමයව හරහට අරන් ඇදන් උන්න ටී ශර්ට් එක උස්සනකොට මම අහක බලාගන එතනින් යන්න ගියා....

මං යනවා විතේන් ....

කොහෙද ....

ගෙදර.....

ගෙදර ...හහ්.....මොකටද ගෙදර යන්නෙ.....

මොකටද ගෙදර යන්නෙ අහන්නෙ මම යන්නෙ මගෙ ගෙදර....අනික මම කරන කියන දේවල් ඔයාට මොකටද...මම ඔයාගෙ කවුරුත් නෙවෙ...අනික ඔයාට දරුවෙක් ....මනුස්සයෙක් ඉන්නවා...ඉතින්...මං ගැන මොකට හොයනවද...

මම නෙවේ එයා දිහා බැලුවෙ.....එයා මන් යන්නෙ ඇයි ඔව්වා අහන්න ගන්නකොට මම ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කපන්න ගත්තා ....

ඉතින් කියන්නෙ.....යන තැනක මට මේ ගේ ටිකක් අස් කරල දීලා යන්න අර වලන් හට්ටි ගනන්....රෙදි කදු ගනන්....මේ ලමයගෙ සෙල්ලම් බඩු.....

ඉතින්....ඔයා අස්කරගන්න...නැතිනම් මිනිහා ආවම අස් කරගන්න....

ඉතින් කියන්නෙ...පේන් නැද්ද මම ලමයට කිරි දෙනවා....

මම ඉස්සරහා හැරිගන හිනා උනා...ආවා මෙතන මාව මට්‍ටු කරවන්න .....

හරි මං අස්කරලා දෙන්නම්....ඔයා ඔහොම ඉන්නකොට මට මේවා අස්කරන්න අමාරුයිනෙ....

ඇයි....ඇයි අමාරු ...ඇයි.....

ඉතින් ඔයාම නෙ කලින් කිව්වෙ...පිට මිනිස්සු බලන් ඉන්නවා අරකයි මේකයි කියලා ...ඉතින් මං පිට මිනිහෙක්නෙ විතේන්...මං කොහොමද ...අනික...ඒක හරි නෑනෙ.....අනුන්ගෙ පවුල්.....අර මනුස්සයා ආවොත්....මං ගැන මොනවා හිතයිද .....අනික ඔයයි දරුවයි මගෙ නෙවෙනෙ.....

මම හිතල තව අතිනුත් බොරු දදා කියවනකොට මං අහගන විතේනයා පුපුරන්න ඔන්න මෙන්න ඉදන් හයියෙන් හුස්ම ගන්නවා...

අනේ මේහ් නිතේශ් වදුරු කුනු හර්ප නොකියා මේක අස් කරපන් උඹට ගෙදර ගිහින් ජවුසන් නටන්න.....බලන් ඉදින්....ම්ම් කඩනවා උඹගෙ කකුල් දෙකම.....අනික කව්ද කියන්නෙ මේ ඉන්නෙ උඹෙ ලමයා නෙවෙ කියලා ..මෙ ඉන්නෙ උඹේ ලමයා ..නිකන් නෙවෙ උඹෙයි මගෙයි ....

ඈ....ඇහුන් නෑ...මොකකක්ද මැනිකේ...

නිතේශයා...!!!!!

🤭ඉහික්...ජැක්කනෙ...

පුම්ති මුව පැතියා ජොයි.....ඔය ලමයිනුත් ජොයියන්න...

ම්හුක්🤭

ආතරෙයි....

චුක්....චුක්....චුක්....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters