Ficool

Chapter 110 - 110

නලින්....දෙයියනේ...ඒ උන්නෙ නලින්....වෙන කවුරුත් නෙවෙ .....නලින්...දෙයියනේ...මගෙ අත් දෙකේම තිබුන බඩු සීසීකඩ ගියා.....මගෙ ඇස් වලට කදුලු පිරුනා....එතන උන්නෙ වෙන කවුරුත් නෙවෙ නලින්...නලින්ටත් වඩා මට හුස්ම අල්ලන්න බලාපොරොත්තුවක් ....

නලින්...අනේ...ඔයා....නලින් මට කියන්න

මට කියන්න...මගෙ විතේන් කොහෙද මගෙ විතේන් කොහෙද ....

මන් එකම ප්‍රශ්නෙ අහ අහ නලින්ව හොලවනකොට එයා ගොලු වෙලා වගෙ බලන් උන්නා ....

ඇයි බන් කතා කරපන්කො දෙයියනේ....මගෙ විතේන් කොහෙද .....

නිතේස් අයියේ ...මේ අනේ.....නිත්.....ජෙයියනේ.....නලියා...අම්මෙ...නලියො....අනේ පුතේ.....

මන් උන්නෙ පිට්ටු ගිල්ලා හා සමානවම ගොලුවත රකින නලින්ව හොලව හොලව වෙනකොට බඩු කූඩෙ පුරව ගත්තු ඩියෝනයා මාව හොයන් ඇවිත් මගෙ ගාව උන්න නලින්ව දැකලා නහින්න හැදුවා ....

අනෙ නලියෝ....මේ ඔයානෙ....අනේ පුතේ අපේ විතේන් අයියා කොහෙද කියපල්ලාකො මේ ලමය දුක් විදිනවා නොසෑහෙන්න.....

මං බලන් උන්නා ඩියෝනයත් කෙරුවෙ නලින්ගෙන් මගෙ විතේන් ගැන අහන එක වෙනකොට උ නෙවෙ කටක් ඇරියේ ..ඌ අපි දෙන්නා දිහාම බලන් උන්නෙ මිනී වලකින් නැගිටලා ආව මිනිස්සු දෙන්නෙක් ගානට වෙනකොට මම බලන් උන්නා...දැන් කතා කරයි...දැන් කතා කරයි කියලා ...

මම නලින්ගෙ ට්‍රොලි එක දිහා බැලුවා...ඒක පුරාවටම තිබුනෙ පොඩි උන්ගෙ බඩු ..පැම්පර්ස් සබන්.....අනම් මනම් ලට්ට ලොට්ට ගොඩක් මේ මිනිහා බැදලා ලමයෙකුත් ඉන්නවද...

නලීන්....නලින්....මේ මනුස්සයා ඵෝන් එකත් කාර් එකේ දාල ඇවිල්ලා මොන ලෝකෙද මන්දා.....

මගෙ ඇගේම හිරි ගඩු පිපිලා ගියා ....දෙයියනෙ. ..අවුරුද්දක් පහුවෙලා....අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ඇවිත්...එයාව හොයලා හොයලා....අවසානෙදි මට ඒ කට හඩ ඇහුනා...මගෙ සර්වාංගෙම රත් වෙලා ගියා...විතේන් ...මගෙ මැනික...විතේන් ....

නලීන්....කෝ...නලි....න්....

මාව ගැස්සුනා ....නලීන් නලීන් ගගා මැරෙන්න හදපු එයා නලින්ගෙ පිටිපස්සෙන් මතු උනා....හැබැයි....තනියම නෙවෙ....දරුවෙක් එක්ක.....

විතේ ....න් ..අයියේ .....

එයා නලීන් නලින් ගගා බෙරිහන් දිදි ආවෙ පොඩි එකාව නලව නලව වෙනකොට මාව දැකපු ගමන් මූනෙ හිනාව සම්පූරනම අතුරුදහන් වෙලා ගියා....

මැ..නි..කේ....

මට මිමිනුනා....එයාගෙ අතේ මාස ගානක දරුවෙක් උන්නා...මගෙ විතේන් වෙනස් වෙලා...එයා මහත් වෙලා ....කම්මුල් එහෙම පිරිලා තිබුනා....අතේ උන්න පොඩි එකා...දගලනවා.....මගෙ ඇස්වලට කදුලු පිරුනා....

මැනිකේ....මගෙ විතේන් ...

මම ලගට දිව්වා...මට තවත් නම් ඉවසන් ඉන්නම බැරි තැන මම දිව්වා....ඒත්....එයා පස්සට ගියා.....

තමුන් කවුද...

වි ..තේ....න්...මැ..නි..කේ.....

මොකක්....කවුද නලින් මේ.....

විතේන් ...මේ...මම.....උඹගෙ....තේශි....විතේන් ...

තේශී....ඒ කව්ද...මං අදුනන්නෙ නෑ.....

මාව කරකවලා ඇතෑරියා වගේ උනා.....අඩියක් පස්සට ගියපු එයා මගෙන් තමුන් කවුද කියලා අහනකොට මට යන එනමන් නැති උනා...එයා පලවෙනි පාර මගෙන් කවුද කියලා අහලා...දෙවනි පාර මාව දන්නෙ නැහැ කිව්වා .....මගෙ අත පය...නෑ දෙයියනේ මගෙ සර්වාංගෙම පන නැතිවෙන්න ආවා.....

විතේන් ....අනේ මැනිකෙ...උඹට...මාව අදුනන්න බැරිද මගෙ විතේන් ...මං..මං උඹේ සුදු මහත්තයා විතේන්....

සුදු මහත්තයා ....මේ මොනවද නලින් මෙයා කියවන්නෙ....තමුන් කොහොමද මගෙ සුදු මහත්තයා වෙන්නෙ....

විතේන් ....උඹට මාව අමතක....ආ මැනිකෙ...මං...මං උඹේ සුදු අප්පො..මං...තේශි....අනේ..මං උඹේ තේශි.....

මං සැරයක් කිව්වනෙ ...මං තමුන්ව අදුනන්නෙ නෑ...කරුනාකරලා පැත්තකට වෙනවද මේ දරුවා බයවෙනවා....ආ...යියෝ...හරි...හරී.....මමී ඉන්නවනෙ...මමී ඉන්නවා ...මගෙ පැටියා නාඩා ඉන්න....නලින් එන්න යන්න ..මෙතන තවත් උන්නොත් මටත් පිස්සු හැදෙයි...

එයා පිට පිටම තුන් වෙනි වතාවටත් මාව අදුනන් නෑ කියන ගමන් අතේ උන්න අඩන්න කට හදලා ඉකි ගහපු පුංචි එකාව නැලෙව්වා ..ඒකත් මමීඉන්න්වා කියලා...මමී..... දෙයියනේ මොනවද මේ කියන්නෙ.....මම බලාගන උන්නා...එයා පුංචි එකාගෙ පිටට තට්ටු කරන ගමන් ලමයව නලවන්න හදනවා ....මට එතනින් පස්සෙ මගෙ ඉවසීම නැත්තටම නැති උනා ...ඒ වෙන මොකුත් හින්දා නෙවෙ එයාගෙ අතේ මුදුවක්....එයාගෙ අතේ තිබුන මගුල් මුදුව දැකපු මට සර්වාංගෙම පන නැතිවෙන්න ආවා...දෙයියනේ එයා මැරි කරලා.....කාවද..කාවද ...අනේ...කාවද.....

විතේන් .....විතේන් ...උඹ ...උඹ...

අත...අත ගනින් මිනිහෝ....නලින් මෙන්න මේ මනුස්සයව ගන්නවා අයිසේ....මේ ලමයවත් වට්ටන්න තමයි....

මං එයාගෙ ලගට ගිහින් කසාද මුද්දක් දාන් උන්න අත අල්ල ගත්තා විතරයි එයා මාව තල්ලු කරන්න හදලා තල්ලු කරන්න බැරි කමට නලින්ට කෑ ගහනකොට නලින් ඇවිත් මාව අල්ලගත්තා ...

මිස්ටර් නිතේශ් ...නවත්තන්න....ප්ලීස් ...ප්ලීස්.....

විතේන් ...අයියෙ....ඔයා...ඔයා...බැන්දද විතේන් අයියේ.....මේ බබුච්චා....එතකොට .....

මගෙ....අනුන්ගෙ දරුවො මං තියන් ඉන්නෙ නෑනෙ...නේ...

මාව නලින් අල්ලන් ඉන්නකොට මේ වෙන දේවල් දිහා කටත් ඇරන් බලන් උන්න ඩියෝන් ගිහින් මගෙ විතෙන්ගෙන් බැදලාද අහනකොට එයා ඩියෝන්ටත් සැරකෙරුවා ....

ඒ කියන්නෙ උඹට අපි කාවත් මතක නැද්ද විතේන් අයියේ...නැත්තන්...අමතකයි වගෙ රගපානවද...

මම මොකටද කා ඉස්සරහ වත් රගපාන්නෙ...මොන හේතුව උඩද...

විතේන් ....මැනිකෙ උඹට මාව මතක නැද්ද...කිව්වත් වගේ....උඹ රගපානවද...උඹ ...මාව දාලා වෙනකෙනෙක් ම්ගෙ උනාද විතේන් ....

ඩියෝන් අහපු ප්‍රශ්නෙම මම ආපිට එයාගෙන් අහනකොට එයා ලමයව අනිත් අතට මාරු කරන ගමන් කටකොනකින් හිනා උනා.....

මම රගපෑවා කියලා මට හම්බෙන දෙයක් තියනවා නම්...මම රගපානවා.....ඒත් මට එහෙම දෙයක් හම්බෙන්න නෑනෙ නේ.....අනික....තමුන්ව දාලා කියන්නෙ.....මට ඕන කාවද මං මැරිකරනවා.....ඒකට කාගෙන්වත් අවසරයක් ගන්න ඕන් නෑනෙ...නේ...

මම ඩියෝන් දිහා බැලුවා...මගෙ තොල් වෙව්ලනවා ...එයා අතේ උන්න පුංචි එකාව හොලව හොලව එහා මෙහා වෙනකොට මම බලන් උන්නා.....එයා මැරි කරලා.....මම හිනා උනා..මට හිනා ගියා මහ සද්දෙට ...එයා මැරිකරලලු....ඒ මදිවට මාව දන්නෙත් නෑලු.....මම බලන් උන්නා ..එයාට කෝල් එකක් ආවා.....උකුලෙ ඉන්දවන් උන්න පුංචි එකා කතා කරන්න කට හැඩුවා...මම්...මම්..මම්...ගෑවා.....මම ඒඔක්කොම දිහා බලන් උන්නා.....එයාගෙ අතේ තිබුන මගුල් මුදුව මගෙ ඔලුව හත් කඩකට පුපුරන්න එනකොට එයා කියවන දේවල් මම අහන් උනා...

ටෙෆාන්....මමයි නලිනුයි ශැම්පු තියන තැන....එතනට එන්නකො.....

ටෙෆාන්....කව්ද ටෙෆාන්.....එයාගෙ.....එයා....නෑ...නෑ...එය.....එයා ඒ කතා කෙරුවෙ එයා මැරි කරපු කෙනාටද.....

මම ඩියෝනයව අල්ල ගත්තා...හදවත මේ දැන්...මේ දැන් පුපුරලා යයි කියල හිතෙනකොට මගෙ කකුල් මටම වාරු නැතුව යනකොට මාව වැටෙයි කියලා මම ඩියෝනයව අල්ල ගන්නකොට එයා කතා කරප එක්කෙනා ආවා ...මගෙ පපුව නතර වෙන්න ආවා...

නිහාර...නිහාරයෝ....කො මගෙ පැටියා....

අන්න...අන්න....අන්න ඩඩා...ඩඩා...අර.....මගෙ පැටියගෙ ඩඩා....

ඩ.....ඩා....

ඕ....ඩඩා..නේන්නම්...ඩඩා නේන්නම්...කෝ ඩඩා ගාවට එන්න.....

ඩ.....ඩා....

ඒ උන්නෙ ස්ටෙෆාන්.....වෙන කවුරුත් නෙවෙ...ස්ටෙෆාන්.....එයාගෙ කම්පැනි එකේ මොඩල් කෙනෙක් උන ස්ටෙෆාන් ...එතකොට එයාවද මගෙ විතේන් මැරිකරලා ඉන්නෙ.....මං ඉස්සරහම එයාගෙ අතේ උන්න පුංචි එකා ඩඩා ගාලා අකුරු අහුල අහුල කෑගැහුවෙ ස්ටෙෆාන් දිහා බලලා.....මෙච්චර වෙලාම හිරකරන් උන්න මට මෙතනින් එහා මගෙ කදුලු පාලනේ කරගන්න බැරි තරම් වෙනකොට මාව අඩියක් දෙකක් පස්සට විසික් උනා....

අනේ...අනේ ...නිතේස්....අයියෙ.....

එපා...ඩියෝන්...මට....මට...මෙහෙම්ම වැටෙන්න දීපන්.... ....මට මෙහෙම්ම ඉන්න දීපන්.....

මම මාව අල්ලගන්න හදපු ඩියෝන්ගෙ අත මම පැත්තකට කරලා එහෙම්ම බිම ඉදගත්තා .....මට හිටගන්න තව වාරු නෑ.....මගෙ ඇස් පනාපිටම මගෙ අවසානම බලාපොරොත්තුව බිදිලා ගියා...ඇස්වලින් කදුලු නිමක් නැතුවම කඩා වැටෙනකොට මම ඒ තුන් දෙනා දිහා බලන් උන්නා....එයාගෙ අතේ උන්න දරුවා දගල දගල ස්ටෙෆාන්ගෙ අතට පනින්න දගලනකොට මම කදුලු පුරවන් බලන් උන්නා...

ද....ඩා....ද්....ද්...ද...ඩා.....

මම බලන් උන්නා..අන් ඉස්සරහා ළමයා ඩඩා...ඩඩා ගානකොට මම අඩ අඩම හිනා උනා....අවසානෙදි මම බිත්තියට වාරුවෙලා නැගිට්ටා ....නැගිටලා කකුල් වලට වාරු අරන් හිට ගත්තා .....

නිතේස්....අයියේ....

නෑ...මාව....වැටෙන් නෑ....

මම මාව අල්ලගන්න හදපු අත පැත්තකට කරලා මගෙ විතේන්ගෙ ලගට යනකොට ස්ටෙෆාන් දරුවව පපුවට තුරුල් කරන් උන්නා....මම හිනා උනා....අඩ අඩම හිනා උනා ...

විතේ....න්...මගෙ....මැනිකෙ....මං...දන්...නෙ...නෑ....උඹට...මාව...අවංකවම....අමතක වෙලාද...කියලා ...ඒත් නැතිනම්.....උඹ...මාව....රිදවන්න එහෙම කරනවද.....කියන්න දන්නෙ උඹ...මම....උඹව අදුනන්නෙ නෑ කිව්වා....එක පාරක්.... නෙවෙ තුන් පාරක්ම...මම...දන්නවා....උඹට.....වේදනා දැනෙන්න ඇති .....ඒත් මැනිකෙ....මම....මම උන්නෙ....හොද සිහියෙන්...නෙවෙ....මට....සන්තෝසයි....විතේ....න්....උඹ...පොරොන්දු ...දෙකක්....මගෙ...ඇස් පනා පිටම..... උඹ...හැබෑ...කරලා තියනවා.....මගෙ....විතේන් ...

මම කතා කෙරුවා ...මට ඉකි ගැහුනා....මට ඇඩුනා....කෑ ගහලා අඩන්න බැරි උනත්.....මම ඇඩුවා...ඉකි ගගහා....ඇඩුවා.....මට අඩගන්න බැරි තැන මම සෑහෙන්න වෙලා කට වහන් ඉදලා ආපහු එයා දිහා බැලුවා....එයා මා දිහා බලන් ඉන්නවා මිසක්....අනේ මගෙ තේශි මම විහිලුවක් කෙරුවෙ මගෙ සුදු අප්පො කියලා වත් කිව්වෙ නෑ...එයා බලන් උන්නා.....ගානක් නැතුවම බලන් උන්නා.....

විතේන්....පුතා...ගෙ ....නම.....මොකක්ද.....මැනිකෙ....

නිහාර විවේන් .....

නි...හා...ර....වි...වේන්.....ඉතුරු....ටික.....

නිහාර විවේන් ජයසුන්දර ....

මම මගෙ අතින් පපුවට ගහගත්තා ...මට හුස්ම හිරවෙන්න ආවා...නිහාර විවේන් දිසානායාක වෙනුවට ජයසුන්දර කියන වාසගම කියල කියන කොට මගෙ පපුව හිර වෙලා ගියා .....ඒ උනත් මම හිනා උනා....හිනා වෙලා....එයා දිහා බැලුවා....

නිහාර....විවේන්...ජයසුන්දර ...ලස්සනයි...ලස්සනයි...මගෙ....විතේන් .....මට...

සන්තෝසයි...මට....සන්තෝසයි....මාත් එක්ක දැකපු හීනෙ.....උඹ...එයා....එක්ක ....හැබෑ...කරගත්තට....මට...සන්තෝසයි...මගෙ....විතේන් ...උඹ....මගෙ ඔලුවෙ අත තියල....දිවුරුවලු මාව අමතක කරනවා කියලා ....ඒකිව්වා වගේම උඹ මාව අමතක කරලා...මගෙ විතේන් ....කමක් නෑ....කමක්...නෑ...මගෙ...මැනිකේ.....

අනේ...මගෙ නිතේස් අයියෙ...ඇයි විතේන් අයියේ...උඹ මෙහෙම කරන්නෙ...ඇයි....උඹ මෙහෙම බොරු කරන්නෙ....අපි...උඹව මූ වෙනුවෙන් බලාගත්තා නේද විතේන් අයියෙ...උඹට අපි උන්නා....විතේන් අයියෙ ....අපි හැමෝම උඹ ගාව උන්නා.....ඒත්....නිතේස්ට...අපෙ නිතේස්ට.....කවුරුත් උන් නෑ....ඌට අපි කවුරුත් උන්නෙ නෑ....ඌ උඹට පොරොන්දු උනා වගේම උගෙ අතිම්ම මිනිවලවල් කැපුවා....ඌ....පොරොන්දු උනා වගේම උඹට රිදවපු උන් ලව්වා ණය පියෙව්වා ....මෙහෙ ඇවිල්ලත් උඹව හොය හොය ඇවිද්දා .....හැබැයි උඹ දැන් ඔහොම නම්.....කමක් නෑ විතේන් අයියෙ ...ඔය විදිහටම ඉදපන්.....අපි කියන් නෑ ....අපි කවදාවත් කියන් නෑ....උඹගෙ පවුල කඩාගන ආයම එන්න කියලා ...

මම අහන් උන්නා...ඩියෝනයා ඇස්වල කදුලු පුරවන් කියෙව්වා ...එයා නෙවෙ ඒත් වචනයක් කිව්වෙ...එයා කරපු එකම දේ අහගන බලාගන උන්න එක විතරමයි.....

මම විතේන් දිහා බැලුවා ...තවත් කියවන්න හදන ඩියෝන් දිහා බලලා එයව නැවැත්තුවා . .....

මැනිකෙ .....අපේ....කතාවෙ....අවසානෙ...මේක...නම්.....ඒක එහෙම උන දෙන්...උඹම පටන් අරන්....උඹම කතාව ඉවර කරනවා නම්.....ඒකත්....එහෙම උන දෙන්...සුවද බෙදන මල්...කොහෙ පිපුනාම මොකද....උඹමයි එහෙම කිව්වෙ ...මම උබ වෙනුවෙන් ණොමැරි... මැරුනා විතේන් ...කමක් නෑ....උඹ සතුටින් ජීවත් වෙන එකත්...මට ඇති....ආදරේ කියන්නෙ අයිති කර ගන්න එකම නෙවෙ...කිව්වෙ ...උඹමයි...මැනිකෙ.....උඹ මගෙ ඔලුවට අත ගහලා දිවුරුවලු...මාව අමතක කරනවා කියලා .....හා...මැනිකෙ.....මම...උඹට...කවදාවත් වෛර කරන් නෑ මගෙ විතේන්...මට...ආයම මැරෙන්න දේකුත් නෑ..මටයි කියලා රකින්න දේකුත් නෑ....ඒත්...මම පොරොන්දු උනා....උඹව හම්බ උන දාකට....වැදලා හරි සමාව ගන්නවා කියලා.....

අනේ....නිතේස් අයියේ ....එපා පුතේ....අනේ .....විතේනයෝ.....එපා කියපියකො...මගෙ පපුව කැකුමයි ...අනේ....එපා.....එපානේ...

එපානෙ....අනේ ....නලියෝ....අනේ ...නිතේස් අයියේ . මගෙ නිතේස් අයියේ නැගිටින්නකෝ...

එපා...ඩියෝන්.....එයාට...පුලුවන් උනා. ..නම්...මට දීපු ...පොරොන්දු රකින්න....මටත්...පුලුවන්.....ඒ...

පොරොන්දු රකින්න....

මම විතේන් බලාගන ඉන්නකොට එයා ගාව එහෙම්ම දනගැහුවා ....ඩියෝන් විතේන් ගාවට ගිහින් එපා කියන්න එපා කියන්න කිව්වත් විතේන් නෙවෙ කටක් ඇරලා වචනයක් කිව්වෙ ...මම කදුලු පිරුන ඇස් වලින් එයා දිහා බලන් ඉදලා ලොකු හුස්මක් ගත්තා .....

උඹ මට සමාව දෙන නොදෙන එක....උඹගෙ වැඩක්....විතේන් ...ඒත්...මම දුන්න පොරොන්දුව ..රකින්නම්...මට...

සමාවෙන්න.....

මම අවසානෙදි කකුල් දෙක උඩ ඉදගනම මගෙ ඔලුව බිමට පහත් කරන් උන්නා...මට ඔලුව වත් උස්සන්න බෑ....වැස්සක් වහිනවා හා සමානවම මගෙ ඇස් වලින් කදුලු වැටුනා....

නිතේශ් ...

මම විනාඩි ගානක් එහෙම්ම ඔලුව බර කරන් උන්නා....එයා මාත් එක්ක හැබෑ කරන්න දැකපු හැම හීනෙකටම දැන් අයිති කාරයෙක් උන්නා...ජයසුන්දර ...සුදු මහත්තයා මේ නම හොදයි නේද අහපු එයා අවසානෙදි වෙනකාගෙදෝ වාසගමක් දීලා .....ඉතින් ....මමත් අවසානෙදි දහම් කෙනෙක් විතරමයි...

මම බිම බලාගන උන්නා....ඇස්වල සංවේදි නාලිකා පවා කදුලු වල සැරටම මැරිලා යනකොට මට දැනුනා කවුරු හරි මගෙ උරහිසට අත තියනවා ....මං ඔලුව උස්සලා බැලුවා ....

සෙනාරි.....

මට මිමිනුනා....ඒ ඇස්වල කදුලු පිරිලා තිබුනා...මං විතේන් දිහා බැලුවා ....එයා මා දිහා වගේම සෙනාරි දිහා බලනකොට මං එයාගෙ අතේ තිබුන කසාද මුදුව දිහා බැලුවා ....

මට මං ගැනම මහා අනුකම්පාවක් දැනුනා....උන් දෙන්නම දැන් අනුන්ට අයිති උන වස්තු වෙලා ඉවරයි...දරු පවුල් කාරයො වෙලා ඉවරයි .....මම සෙනාරි එක්ක හිනා උනා....විතේන් එක්කත් හිනා උනා..

අවසානෙදි මම හිස් මිනිහෙක් කියන එක ඕනාවටත් වඩා ඔප්පු වෙනකොට මම එන්න හැරුනා....එතනින් එහා ආයමත් අයිතියක් ඉල්ලන්න ගියේ නෑ...

නිතේස් අයියෙ .....නිතේස් අයියේ ....

මම දොර ඇරගන එන්න ආවා...ඩියෝනයා ගත්තු බඩුත් දාලා මගෙ පස්සෙන් දුවන් එනකොට මම බස් හෝල්ට් එකට ගිහින් ඉදගත්තා .....

නිතේස් අයියෙ .....අනේ....මගෙ නිතේස් අයියෙ ....

එයා ඒ නම දාලා....ඩියෝන් ...එයා.....ආසයි කියපු නම.....එයා දාලා...නිහාර විවේන් විජේසුන්දර ....ඇයි ..ඩියෝ....න්....එතනට...දිසානයක....නොවී....විජේ සුන්දර කියලා ආවෙ...ඇයි....ඩියෝන්....ඇයි....ඩියෝන්..

මටම මෙහෙම වෙන්නෙ.....මගෙ....ඉස්සරහම....අර පොඩි එකා....අනේ දෙයියනේ මට බෑ....ඩඩා කිව්වා ....මං....මං...කොහොමද ඩියෝන් ඉවසන්නෙ .....අනිත්....පැත්තෙන්...

සෙනාරි ....ඇයි බන්...මට සැනසීමක් නැත්තෙ...

මං එහෙම්ම මගෙ ඔලුව වීදුරුවට හේත්තු කර ගත්තා ...අඩලා අඩලා අවසානෙදි ඇස්වලට අඩන්න බෑය කියලා කියනකොට ඩියෝනයා මගෙ අත උඩින් අත තිබ්බා...සෙනාරි මොන ලෝකෙන් ආවද කියන්න දන්නෙ නෑ....ඒත්....උන් දෙන්නටම මැදි වෙලා උන්න මම අසරන උනා.....මටයි කියලා කිසිම දෙයක් නැති උනා....

අප්පච්චියව හොයලා දුන්නෙ සෙනාරියි නිතේස් ....මැනිකව හොයා ගන්න උදව් කෙරුවෙ සෙනාරියි නිතේස් ....සමහර...මිනිස්සු ඉන්නවා නිතේස් ...එකම එක වරදක් කරලා....අවසානෙදි ඒ හැම දේම අමතක වෙලා යන්න ණය පියවන....සෙනාරිත් ඒ වගේ.....එදා....සෙනාරි අහම්බෙන් හරි.....අප්පච්චියව දැක්කෙ නැත්තන් අද උඹට අප්පච්චි කෙනෙකුත් නෑ නිතේස් ....

එ...තකොට ....

ම්ම්ම්...ඒකියි හොයා ගත්තෙ....

එතකොට මෙහෙ ඉන්නෙ....

ඒකිගෙ ජීවිතේ අපායක් වගෙ නිතේස් අයියෙ ....මිනිහයි....අර ලමයයි උන්නෙ නැත්තන් ....ඒකි පිස්සෙක් වෙලා...ඒකිගෙ නැන්දම්මා.....පලිගු මැනිකෙට හපන්...ඒකිට ඉවසලා බැරිම තැන තමයි.....ඒකි මෙහෙ ආවෙ.....

මෙහෙ...එන්න...සල්ලි....

ඒවා....ඒවා කොහෙන්ද....

ඒක දන්නෙ ඒකි.....ඒ කොහොම උනත්.....අද....උඹ....මම උඹගෙ අප්පච්චි දකින්නෙ ඒකි හින්දා ....

සෙනාරි.....මට හිතින් මිමිනුනා .....ඒකිට අවසානම මොහොතෙ හරි සැනසීමක් හම්බෙලා ...ඒත් මට...මට නෑ....මටයි කියලා මොකුත් නෑ...ඉහලට පහලට දාන හුස්ම විතරයි .....

සෑහෙන්න වෙලාවක් ඉදගන උන්න මං අවසානෙදි නැගිට්ටා ...නැගිටලා හිටගත්තා ....කදුලු පිහිදගන ඩියෝන් දිහා බැලුවා .....

අපි යමු...

කොහෙද

ගෙදර ....

නිතේස් අයියෙ....ඔයා...විතේන් අයියා එක්ක....

නෑ....මගෙ කිසිම තරහක් නෑ....මම එයාට කොතනකදි වත් වෛර කරන්නෙ නෑ....එයා මා එක්ක ඉද්දි දුක් වින්දා...එයාගෙ මූනට හිනාවක් ගෙන්න පුලුවන් කෙනෙක් ගාව එයා සතුටින් ඉන්නවා කියලා මං දන්න හින්ද මට සැනසීමයි....මං එයාට වෛර කරන්නෙ නෑ.....තරහත් නෑ ....මොකද ..මම අද ඉදන් එයාව හම්බෙන්න කලින් උන්න නිතේශ් වෙනවා....ඒ කියන්නෙ....මම විතේන්ව අදුනන් නෑ කියන එක...ආදරෙ කරන්න පින තිබුනට....මගෙ කරගන්න පින නැතිනම්...හූල්ලලා මොකටද ඩියෝන් ...

මම එන්න ආවා...අමුම අමු පචයක් ගහලා එන්න ආවා...එයාව දන්නෙ නෑ වගේ ජීවත් වෙනවා කියන බොරුව කියලා මම එන්න ආවා....මම හින්දා උන්ට සැනසීමකුත් නෑ...මෙච්චර කල් උනුත් මං හින්දා විදෙව්වා ....මේ හොදටම ඇති ....මගෙ දුක මා එක්ක ඔහෙ තිබුනාවෙ ....

ආදරේ කරන්න පින තිබුනට...මගෙ කරගන්න පින නැත්තන් ....එතනින් එහා මං කොහොමද එයාට බල කරන්නෙ...

මම ඩියොනයව එක අතකින් අල්ලගන පාර පැන්නා ....කරුමෙ කොයි තරම්ද කියනවා නම්...සුදු ඉර ගාවදි එයා එයාගෙ පවුල...එයාගෙ දරුවා එයාගෙ මහත්තයා එක්ක කාර් එකේ ඉන්නකොට ඒ ඉස්සරහින් මට පාර මාරු වෙන්න උනා .....පපුවට දැනුන වේදනාව කොයි තරම්ද කියනවා නම්.....මම අහක බලාගන වේදනා දෙන පපුව අතගාබ ගමන් ඩියෝන්වත් අතින් අල්ලන්ම පාර්ස් මාරු වෙලා බස් එකට ගිහින් හිටගන්නකොට එයාලා යන ගියා ....

මම හිගන්නෙක් වගේ නෙ ඩියෝන්...ඇත්ත...මං කොහෙ සැප දෙන්නද...මටයි කියලා ඉතුරු මේ ශරීර කූඩුව විතරයි බන්.....මට පුලුවන් කමක් තියනවා නම්...මම මේ සර්වාංගෙම තියන දේවල් දන් දීලා මැරිලා යනවා.....

නිතේස් අයියේ ...

ඩියෝනයා කෑ ගැහුවා....අවංකවම මට දැන් ඕනෙ එච්චරයි ....අම්මගෙම මිනිවල මගෙම අත්වලින් කපපු එකෙක් මම....එකාපිට එකා මගෙ ඇස් ඉස්සරහම මැරෙන හැටි බලන් උන්න එකෙක් මම.....අවසානෙදි මටයි කියලා කිසිම දෙයක් ඉතුරු නැති අන්තෙටම අසරන උන එකෙක් උන මට දැන් මගෙ සරීර කූඩුව පවා බරයි වගේ දැනුනා.. 

නිතේස් අයියෙ ...තව බත් කටක් කවන්ද පුතේ ....

එපා .....

අනේ නොකා නොබී ඉදලා කොහොමද ඒයි .....අප්පච්චියත් නෑ සෙනෝනුත් නෑ මම එපැයි ඔයාව බලාගන්න ....ඈ ඒයි ....දෝනියෝ ....දෝනියෝ....හ්.....යෝහ් ....මේ කෙල්ල අර කොල්ලට එකතු වෙලා දවස තිස්සෙම නටනවනෙ කරන්නෙ.....මුන් දෙන්නා අතර පෙම් පලහිලව්වක් වත් තියනවදෝ මන්දා ..අනේ ඕන එකක්...කසාද බදින අන් ඩබල් බනිස් වගේ ඇලෙන්න නම් එපා කියලා කියන්න ඕනා...ලැජ්ජහේ බෑ...

මම නලල මිරිකන් අරූ කියන විකාර අහන් උන්නා....පලිගුවගෙ වැඩේම එහා ගෙදර බල්ලා එක්ක නටන එක...ඕකි කොයි වෙලෙ හරි ඌ ලව්වා බඩ වෙනවා...හැමෝටම කවුරු හරි ඉන්නවා.....අවසානෙදි ...මට...වගේම අප්පච්චිට සිද්ද උනේ ආයම තනි වෙන්න ...

කන්න බැහැයි...බැහැයි ගාපු මට ඩියෝනයා බලෙන් වගේ බත් කටවල් දෙක තුනක් කවපු හින්දා මගෙ බඩ පිරිලා තිබුනා ඒ උනත් ඒ හැම බත් කටක්ම උගුටෙන් පල්ලැහැට බැස්සෙ බලෙන් වගේ....මට මතක් වෙන්නෙම එයාව.....අතේ තිබුන මගුල් මුදුව...පුංචි එකා ද...ඩා...දඩා....කියපු විදිහ ...

මගෙ මැනික....උඹත් අවසානෙදි මාව අතෑරලා නේද විතේන් ...

කබඩ් එකේ තිබුන පරන අරක්කු බෝතලේ ගත්තු මම කාමරේට ඇවිත් දොර වහගන් ඇදට වැටුනා ....ඇස්වලට වේල්ලක් බැදලා වත් නවත්තන්න බැරි විදිහට කදුලු වැටෙන කොට මම ආයම ඉදගන ගිනිවතුර බෝතලේ කටේ ගහගත්තා ....

අවසානෙදි මට සැනසීමකට කියලා කිසිම දෙයක් නැති උනා ...

නිතේශ් ....උඹ අදත් කොහෙද යන්න යන්නෙ....

වැඩට....

වැඩට....උඹ සතියෙ දවස් හතම වැඩද සුදු මහත්තයා .....උඹ යන්නෙ ඉර පායන්නත් කලින්....එන්නෙ රෑට රෑවෙලා...මට කියපන් නිතේශ් ....උඹ පිස්සෙක් වගෙ අර කොල්ලගෙ ගේ ඉස්සරහ ඉදන් ඔහේ බලන් ඉදලා එන එක නවත්තන්නෙ කවදද කියලා ....ආ නිතේශ් ....

මම දන්නෙ නෑ.....

මම දන්නෙ නෑ....මම දන්නෙ නෑ...දෙයියන්ගෙ නාමෙට ඕක නවත්තපන් පුතේ උඹ උගෙ ගේ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා....රැයක් දවාලක් නෑ....අව්වක් වැස්සක් නෑ.....ඇයි දෙයියනේ උඹට මෙහෙම උනේ .....

අප්පච්චි ....මට....අයිති නැති උනාට.....දුරින් ඉදලා හරි ...බලන් ඉදලා එන්න තහනමක් නෑනේද....අප්පච්චි ...

උඹ ඔහොම ගියෝතින් පිස්සෙක් වෙයි පුතේ ..උඹ ඔහොම ගියෝතින් පිස්සෙක් වෙයි...මට අවසානෙදි ඉතුරු උනේ උඹ විතරයි නිතේශ් .....මේ යන විදිහට ගියෝතින් ....වැඩි කල් යන්න කලින් මට උඹව නැති වෙනවා....දෙයියනේ....අදවත් ගෙදර ඉදින් නිතේශ් .....උඹ උදේ ඉදන් එතන මැරිලා හම්බ කරන සතේ ඉදන් වියදම් කරන්නෙ අර පොඩි එකාට....ඌ උඹෙ නෙවෙ පුතේ.....

මගෙ...නෙවෙ උනාට.....එයාගෙනෙ....අප්පච්චි ....එයා...මගෙන් ඇහුවනෙ...අප්පච්චි ඒ නම...හොදයිද කියලා .....ඉතින්...ඒ නමත්...තියන එක්‍ර්‍ර්.....මගෙ වෙන්නම ඕනෙද...අප්පච්චි ....

මට තේර්‍ර්න්නෙ නෑ...මට මීට වඩා දෙයක් කියන්න තේරෙන්නෙ නෑ...ශෙනෝන්...මෙන්න මූට දෙකක් ඇනල වත් තේරුම් කරලා දීපන්.....පිස්සෙක් වගේ රෑ එලිවෙනකන් බීලා බීලා එක එකාගෙ ගෙවල් ගානෙ බලන් ඉන්න එපා කියලා ...මට මේ මගුල තව කරන්න බෑ දෙයියනේ....

නිතේශයා.....

ශෙනෝන්....මෙන්න මේක...ලස්සනද බලපන්....මේක.....මගෙ...විතේන්ගෙ බබාට ගත්තෙ.....

මචන් ....දැන්....ඇති....ඔය කෙරුවාව කෙරුවා හොදටම ඇති උඹේ හැටි බලපන් නිතේශ් ...උඹ උන්ගෙ ගේ ඉස්සරහට වෙලා ඔහේ බලන් ඉන්නවා...ගන්න ගන්න තඹ සතේම ඒ ලමයට වියදම් කරනවා....අනේ උඹ පිස්සෙක් වෙලා මැරිලා යයි නිතේශ් ....

මම බිම ඉදගත්තා ...අප්පච්චි ...ශෙනෝන්.....

ඉවරයක් නැතිව බනිනවා...බනින් නෑ...උන් මට නොවදිනා වැදුම් වදිනවා....ඇත්ත.....එයාව දැකපු දා ඉදලා මම පිස්සෙක් උනා...එයා මාව දන්නෙ නෑ කිව්ව වෙලාවෙ ඉදලා මාව නැති උනා.....එයා තව දුරටත් මට අයිති නෑ කියලා හිතුන දා ඉදලා මම පිස්සෙක් උනා....

මගෙ ජීවිතෙ ගෙවුනෙම මහ පාරෙ .....ඉස්සර කොන්ඩයක් කපන් ආතල් එකේ උන්න මම නොදන්න රටක නුපුරුදු රස්සාවකට හුරු වෙලා උදේ ඉදන් වාහන එන්ජින් එක්ක ඔට්ටු වෙලා...කාර් එක්ක හැප්පිලා අවසානෙදි මගෙ ඉතුරු පැය ගාන ගෙව්වෙ එයාගෙ ගේ ඉස්සරහා .....

මම කෙරුව එකම දේ එයා එලියට යන එන එක බලන් උන්න එක...ළමයා දිහා බලන් උන්න එක...මගෙ නොවුන ලමයෙක්ට මම සේසතම වියදම් කර කර එක එක දේවල් අරන් ගිහින් දොරකොඩ තියලා දොර බෙල් එක ගහලා හැංගිලා බලන් උන්න එක...

දවසක් ගියා දෙකක් ගියා....තුනක් ගියා...ඒ හැම දවසකම එයා කිව්වෙ මාව අදුනන්නෙ නෑ කියපු එක විතරක් වෙනකොට මාව උම්මන්තකයෙක් ගානට වැටුනා...

නිතේශයා....

ම්ම්ම්

මම උන්නෙ තවමත් බිත්තියට හේත්තු වෙලා.....ඔහේ බලාගත්තු අත බලාගන වෙනකොට මගෙ අතේ තිබුන පොඩි සපත්තු කුට්ටම බිමට වැටුනා.....

දෙයක් කියන්නම්....උඹ පිස්සෙක් වගෙ කඩාගන බිදගන එහෙ දුවන් නෑ කියලා පොරොන්දු වෙයන්...

මොකක්ද...

මට පොරොන්දු වෙයන්කො....

මට....පොරොන්දු දීලා.....ඒවා රකින්න තරම් කාලයක් නැතුව ශෙනෝන්.....මාව තව ටික දවසකින් උගෙ ගේ ඉස්සරහම මැරිලා වැටෙයි....

මම ශෙනෝන් දිහා බැලුවා.....ඌ මාව අතින් අල්ලන් මගෙ කාමරේට එක්ක ගිහින් ඇදෙන් ඉන්දෙව්වා ....

මං උඹට දෙයක් කියනවා ...හැබැයි...උඹ දැන් බඩ පිරෙන්න කාලා මේක බීලා අද නිදා ගන්නවා කියලා පොරොන්දු උනෝතින් විතරයි ....

මං ශෙනෝන්ගෙ අත දිහා බැලුවා ...ඒ අල්ලෙ පුංචි සුදු පාට පෙත්තක් තිබුනා ..

ස්ලීපින් ටැබ්ලට් ?

ම්ම්ම්...ඔව්.... උඹ අද වැඩට යන්න ඕනෙත් නෑ....කොහේවත් යන්න ඕන් නෑ....උඹම කල්පනා කරපන්....උඹ අවසානේට නිදා ගත්තු දවස කවදද කියලා .....සතියකට දෙකකට උඩදි.....?එහෙමනෙ ...උඹ මේ සති දෙක තුනම උන්නෙ විතේනයගෙ ගේ ඉස්සරහා එහෙමනෙ.....හරි....අද බෑ...අද උඹ නිදා ගන්න ඕනේ....නිදියලා හවසට නැගිට්ටම මං උඹව එහෙ එක්ක යනවා .....

ඌ මාව ඇතුලට ගන්නෙ නෑ බන්.....ඇරත්....ඌ...මාව අදුනන්නෙ නෑ....අනික .....ඌට දැන්....මිනිහෙක් ඉන්නවා ළමයෙක් ඉන්නවා ..මන් පිස්සා වගේ ගියාට .....මට ඒ ජීවිතේ ඉඩක් නෑ ශෙනෝන්...දුරින් බලලා එන එකෙන් මං දැන් මගෙ හිත හදා ගන්නවා .....

ඕකනෙ බැරි පන්ඩිත කම් කියවනවා නෙ කෝ ආ ගාපන්කො ...

මට කන්න බෑ බන්...

පුක පුපුරන්න ගහන්න කලින් ආ ගාපන්....උඹට හිටන් ඉන්න පන නැතුවද අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ.....

මො....මො...කක්...

ඇයි කනේ වංගුද....එක පාරයි කියන්නෙ ආ ගාපන්...ඔක්කොම කාල මේ පෙත්ත ගැහුවොත් ඉතුරු ටික කියනවා

මට ඉබේටම කට ඇරුනා ශෙනෝන් කිව්වෙ අප්පච්චි කෙනෙක් කියලා .....ඌ මා ගලක් සයිස් බත් එකක් බෙදාගන ඇවිත් එක ඇටයක් ඉතිරි නොවෙන්න මට ගිල්ලවලා අතේ තිබුන නිදි පෙත්තත් කටට ඔබලා අවසානෙදි මට ඇදේ හාන්සි වෙන්න කිව්වා ...

ශෙනෝන්....මොකක්ද ..මොකක්ද බන් උඹ ඒ කිව්වෙ.....ආ බන්....අනෙ මොකක්ද උඹ ඒ කිව්වෙ .....

මට කියපන්....උඹ බඩු මුට්ටු උස්සන් යන පොඩි ඇටයගෙ නම මොකක්ද කියලා ...

ශෙනෝන් මගෙන් පොඩි එකාගෙ නම ඇහුවා .....

නිහාර විවේන් ජයසුන්දර ....

නිහාර විවේන් .....ආහක්....ජය සුන්දර ....සුපිරි ....සු....පි...රි.....ඒත්....ඇත්තටම නම ඒක නෙවෙ .....

ඒක නෙවෙ ....එහෙනම් ....එහෙනම්...

ඇද උඩ නිදාගන උන්න මං ඇත්තටම නම ඒක නෙවෙ කිව්වම මන් ඉදගත්තා ....

නිහාර විවේන් දිසානායක ...

දි....දිසානායක ....උඹ...කියන්නෙ.....මගෙ..මගෙ...වාසගම....ඒත්....ඒත්....අරූ...

ඒත් මේත් කියන්නෙ....ඒ ඉන්නෙ උඹේ ළමයා.....

මගෙ....යකෝ.....!!!

මට කෑ ගැස්සුනා ...මහ සද්දෙම්ම.....ඒ ඉන්නෙ මගෙ ළමයා කියනකොට මට කෑ ගැස්සුනා...ඒත්....ඒත්...පොඩ් එකා දඩා...දඩා.....ගෑවෙ ...

මගෙ නම්.....ඇයි බන්...ඌට....ඌට...දඩා....ගෑවෙ....

ඉතින් යකො ඒකා දැක්කෙ ඌවනෙ... අනික.....උන් දෙන්න බැදලා නෑ.....

උඹ කියන්නෙ....උඹ කියන්නෙමගෙ විතේන් .....ඌ බැදලා නෑ....බැදලා...නෑ...අනේ උඹ කියන්නෙ.....උඹ කියන්නෙ.....

මට පිස්සු හැදිලා ආයෙත් හැදෙන්න ආවා .....ශෙනෝනයා කියනවා ඒ ඉන්නෙ මගෙ ලමයලු.....එයා බැදලා නෑලු.....එතකොට ...අනේ මේ මොන අපබ්‍රංසයක් ද දෙයියනේ....ලමයා ....ඔක්කොටම වඩා ළමයා...ඒ පොඩි එකා...

මං මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගත්තා ....

උඹ කියන්නෙ ලමයා මගෙ කියලාද ශෙනෝන්....මේ මගෙ කියලා ...අනේ ඇත්ත කියපන් හුත්තො...මාව පිස්සෙක් වෙයි.....

ඔව් බේසිකයෝ ඔව්.....මෙන්න බලපිය තොගෙ විතේනයා ගෙම්බෙක් වගේ මහත් වෙලා ඉන්න ලස්සන....මෙන්න බලපිය....තෝ අර බත්තලන් ගුන්ඩුවෙදි පුක පලපුවල රිසාල්ට් එක තමයි ඔය....ශිහ්...කරුමෙට මන් එදා දූරියන් කෑවෙ නෑනෙ...

අනේ....උඹ...ශෙනෝනයා...අඩේ.....මේ....ළමයා...උඹ කියන්නෙ...මං අප්පච්චි කෙනෙක්.....??අප්පච්චි .....අනේ අප්පච්චි ...එන්ඩකෝ..

අප්පච්චි ....අනෙ....ඉන්න තැනකින් වරකො දහමෝ...අනේ...අප්පච්චි .....

මට පිස්සු ඩබල් උනා ....ශෙනෝනයා පෙන්නපු ඵොටෝ එක්ක මට පිස්ඩු හැදුනා ..ඒ ඉන්නෙ මගෙ ලමයලු.....මං අප්පච්චි කෙනෙක්ලු.....

මං කෑ ගැහුවා ....උඩ පැන්නා ....ඒකගෙ නම ජයසුන්දර නෙවෙ දිසානායක කියලා මතක් වෙනකොට මන් කෑ ගැහුවා ...සතුට දරන්න බැරිම තැන මගේ බෙරිහන් දීමට ආව අප්පච්චිගෙ පිටටත් මං ඩෑස් එකක් දීලා මොනවදෝ බහු බූත කියෙව්වා...

අනේ අප්පච්චි මේ බලපියකො ඩෝ.....මගෙ කොල්ලා ...අනේ බන්...මට පිස්සු වගේ අප්පච්චි .....මේ මූ මගෙලුනෙ...අප්පච්චි ..අනේ...අනේ බන්..මට නිදි මතයි.....අනේ...මාව එක්ක යමල්ලකො...

මගෙ ඇස් වලින් කදුලු ආවා....බීපු නිදි පෙත්ත වැඩ කරනකොට මන් අඩ අඩම අප්පච්චිගෙ උරහිස උඩ ඔලුව ගහගත්තා ...ලමයා මගෙ කිව්වා ...මාව එක්ක යන්න කිව්වා....මන් අප්පච්චි කෙනෙක් කිව්වා....

මං ආයම ශෙනෝනයා දිහා බැලුවා ...

උඹ.....උඹ...කොහොමද ..බන්.....

ආ.....ඔව්වා...සුලු දේවල්..උඹලගෙ සීයා තාත්තගෙ කකුල කඩපු මට අර නලියව මුල්ලකට ඇදන් ගිහින් දෙක තුනක් නෙළන එකමහ දෙයක් නෙවෙ ...දෙක තුන වදිනකොට බඩු කතා කෙරුවා .....බොරු නෙවෙ..උඹේ විතෙනයත් පිට පුපුරන්න දෙක තුනක් කෑවා....

උඹ....උඹ..මගෙ විතෙන්ට....

ආ....ආ.....මේ..මේ...ගිහින් බුදියපන් අම්මා ..දැන් මෙච්චර කල් හුචුහුචු ගගා දිව්වනෙ...අද හොදට නිදියලා හවස පල..

.

අනේ බන්....ප්ලීස් ....සතුට වැඩි කමට...මන් නින්දෙම්ම මැරෙන්නත් ඉඩ තියනවා ශෙනෝන්.....ප්ලිස් ...මට බයයි ..මං...නිදා ගත්තට පස්සෙ ආයම ඇස් අරින එකක් නෑ කියලා ...ප්ලිස් ....

මං ශෙනෝනයා ගෙ අත හොලව හොලව මාව එක්ක යන්න කියනකොට ඌ මගෙන් බේරෙන්නෙ බැරි කමටද කොහෙද කාට හරි කෝල් එකක් අරන් ඵෝන් එක කනේ ගහගත්තා ...

මෙන්න මූට දැම්ම එන්න ඕනෙලු....හා...හා.....

මං අහන් උන්නා...එයා කතා කෙරුවෙ මගෙ විතේන්ට....

මේහ්...විනාඩි පහලු ආ....උඹලා සමාදාන වෙනකන් ඔව්වා ඔහොම තමා.....

විනාඩි පහට හරි ..අනේ....කමක් නෑ...බන්....

මම නිදි මත පෝරුවෙම ඇදුමක් ඇදන් ශෙනෝනයා පස්සෙ දුවනකොට ඌ ටැක්සි එකක් ගෙන්නව ගත්තා ....බීපු පෙත්තට මතේ වගේ ගහනකොට නින්ද යයි කියලා බයට මන් ඇස් දෙක ලොකූ කර ගත්තා ....ආසාව වැඩි කමට පිස්සු හැදෙන්න,වගේ එනකොට මං උගෙ අත මිරිකුවා ....

බැහැපිය...තව දුර ගියොත් තෝ මගෙ ඇටෙත් මිරිකයි...

අවසානෙදි ශෙනෝනයා බැහැගන්නකොට මාත් බැහැගත්තා වගේම මන් එයාලගෙ ගේ දිහා බලනකොට දොර ඇරුනා වගේම එයා එලියට ආවා.....

මගෙ...විතේ....න්...

ඇස් පිහාටු පහලට බර වෙනකොට මට එයාව පෙනුනෙ බොද වෙලා වෙනකොට මන් බලාගන එයාගෙ පිටිපස්සෙන් ලොකු බැනර් එකක් තියනවා ....

ඒත් ඇස්වලට දැලක් බැන්දා වගේ වෙනකොට මට ඒ අකුරු බොද වෙලා වගේ පේද්දි මන් ශෙනෝනයා දිහා බැලුවා ...

අර...මොකක්....ද...බන්....ලියලා තියෙන්නෙ....

වෙල්කම් හෝම් ...කියලා ..

🙂ම්හුක්...ජැක්කනේ...!!

🤓ආය එන්නාම්....

🤫ශ්ශ්.....සද්ද කරන්නෙ නැතුව හොරෙන් යන්න මුව පැතියත දොයිය මත හැදිලලු.....!!!!මේ ළමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න....

අද වෙනකොට බ්‍රීත් එකට 100k ඇවිත් තිබුනා....ඉතින් කොටස් 110 ක් වෙනකන් මාත් එක්ක උන්න ඔයාල හැම කෙනාටම ස්තූතියි ගොඩාක් 🥺🥺🥺😘😘😘😘❤️❤️❤️❤️

Ferdeesha ❤️💚😘 ...

More Chapters