Ficool

Chapter 100 - 100

නිතේශ් .....නිතේශයා ..උඹට...උඹට මාව අදුනන්න බැරිද නිතේශයා ...

සෙනෝන්...මොකද අනේ කරන්නෙ.....දොර අරින්නකො ....

මං දන්නෙ නෑ ඒ කොල්ලා මොනවා අහනවද කියන්න...හැබැයි ඒකා මාව හොලව හොලව මාව මතක නැද්ද අහනවා...එයාද...එයාද මගෙ සිරියාවන්ත මහත්තයා ....??

ඔයා...ඔයාද..මගෙ...සිරියාවන්ත මහත්තයා ...ඔයාද...ඔයා..නේද...ඔයා..නේද...ආ....අනේ...අනෙ මැනිකෙ මාව දාලා යන්න එපා..අන් උඹව පාරක් පාරක් ගානෙ හෙව්වනේ...අනේ යන්න එපා...යන්න එපා..මට සමාවෙයන් ..මට සමාවෙයන් .....මං උඹව දන්නෙ නෑ කිව්වට් මට සමා වෙයන්කො .....

මම ඔයා නේද මගෙ සිරියාවන්ත මහත්තයා කිය කිය මගෙ ගාව උන්න කොල්ලව හරව හරව බලලා අවසානෙදි එයාව ඇදලා අරන් අත් දෙකෙම්ම.තුරුල් කර ගත්තා ...මාව දාලා යන්න එපා...මාව දාලා යන්න එපා කිය කිය මං ඒ කොල්ලග් මුලු මූනම ඉම්බා...මං පාරක් පාරක් ගානෙ හෙව්වා.....අදුනන්නෙ නෑ කිව්වට සමා වෙයන් කිය කිය මං කොල්ලව අත් දෙකෙම්ම තද කරගන්නකොට ඌ ගහක් ගලක් වගේ ඉදලා අවසානෙදි ෆිටෝන් රූම් එකේ දොර ඇරියා...

සෙ...නෝ....මගෙ...නිතේ...ස්.....අයියේ...!!!

නිතේශයා...මං නෙවෙ..මං නෙවෙ උඹේ සිරියාවන්ත මහත්තයා ...මං නෙවෙ බන්....අනේ....උඹට මාව මතක නැද්ද..මං ශෙනෝන්..මං ශෙනෝන්...උඹගෙ යාලුවා..මං ශෙනොන් බන්.....අනේ මං උඹේ යාලුවා...සහෝදරයා ....මාව මතක නැතිද .....

ශෙ ....නෝ....න්....එතකොට ....එතකොට ....මගෙ...සිරියාවන්ත .....මෙයාද...මේ චූටි...එක්කෙනා...මෙයාද...ආ...ශෙනෝන්...ආ...මෙයාද....මෙයා නේද...මෙයා ..නේද.....නැත්තන්..එයා මගෙ නිතේස් කියන් නෑනෙ...ද...ආ...

මගෙ ගාව උන්න කොල්ලා මම ශෙනෝන්...මම උඹේ යාලුවා සහෝදරයා කියනකොට අර ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති ෆිටෝන් රූම් එකේ පොඩියට පොඩියට උන්න එකා හිර වෙලා මා දිහා බලන් උන්නා.....එතකොට එයාද..මේ චූටි එකාද...මං ඒ පොඩි එකාව ඇදලා ගත්තා ....ඒත්.....ඒත්....

නිතේස් .....අයියෙ....මං...ඩියෝන් බබානෙ....මං...ඔයාගෙ...හොර...ගෑනිනෙ...මං...ඩියෝන් චූටි මැනිකනෙ.....පලිගු අම්මියනෙ....නිතේස්.....අයියෙ...මගෙ අයියෝ...ඔයාට මාව මතක නැද්ද ඒයි....අනේ සෙනෝන්.....මේ දරුවට මතක නෑනෙ...

දෙවනි පාරටත් මගෙ බලාපොරොත්තු සුනු විසුනු වෙලා ගියා.....ඒදෙන්නගෙන් එක්කෙනෙක් වත් නෙවෙ කියනකොට මම එහෙම්ම රූට්ටලා වගේ ගිහින් බිම ඉදගත්තා ...ඒදෙන්නගෙන් එක්කෙනෙක් වත් නෙවෙලූ.....ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වත් නෙවෙලූනෙ....අනේ....එතකොට එයා කව්ද ....

අනේ..මට...ඒකව හොයලා දියල්ලකො ...පින් සිද්ද වෙයි....මට....ඒකව හොයලා දියල්ලකො .... අනේ..මට ඌනැතුව ඉන්න බෑනෙ දෙයියනේ ...මාව තවත් පිස්සෙක් කරන්න එපා පින් අයිති වෙයි උඹලට .....මට තවත් නම් බෑ...

මම මගෙ දනහිස් අස්සෙ ඔලුව ගහගන ඇඩුවා...එයාව හොයලා දෙන්න කිය කියම ඇඩුවා...තවත් නම් බෑ....කිය කියෝම ඇඩුවා ....රූපයක් නමක් මෙලෝ හසරක් මතක නැති මම අන්තෙටම අසරන වෙලා එයාලගෙන් පිහිට ඉල්ලුවා..මට මගෙයි කියන්න කිසිම කෙනෙක් නැති වෙද්දි දැනුන අසරන කම වචන වලට පෙරලන්න බැරි උනා...

මට....එයාව පෙන්නන්නවත්....බැරිද....අඩුම ගානෙ...මට...ඒ මුනවත්...නම වත් මතක නෑ....අනේ...මට...ඒ මූනවත්...බලන්න විදිහක් නැද්ද.....මං...ඒතරම් අවාසනතද ශෙනෝන්...

අනේ..නිතේස් අයියේ...අඩන්න එපා පුතේ...අඩන්න එපානේ.....ඩියෝන් බබා ගාව තියනවනෙ....අපේ විතේන් අයියගෙ ඵොටෝ හුගාක් ඩොයෝන් බබා ගාව තියනවනෙ .. ...

වි....තේ....න්...එයාගෙ නම...විතේන්ද .....

ඕ.....ඕ....විතේන් නෙලීස.....

මම අහන් උන්නා....මගෙ මැනිකගෙ නම විතේන් ලු...විතේන් නෙලීශලූ.....එච්චරද ...

විතේන් නෙලීශ ..එච්චර ද ...එච්චරයිද මගෙ මැනිකගෙ නම....විතේන් නෙලීශ එච්චරයි ද ...

නෑ....විතේන් නෙලීස ද සිල්වා....නිතේස් අයියා ඒ උනාට එයාට කතා කරන්නෙ දිසානායක මැනිකෙ කියලනෙ ...

දිසානායක...මැනිකෙ....

ම්ම්ම්.....

නිතේස් දිසානායකනෙ....ඒකනෙ...පුතේ.....එහෙම කතා කරන්නෙ...අනේ...අඩන්න එපානෙ...අනේ සෙනෝන්...මේ ලමයට අඩන්න එපා කියන්නකො...දැන් අපිත් ඉන්නවනේ. ....

මම හුස්මක් නොගෙම උන්නා..දිසානායක මැනිකෙ ...අනේ මං ඒකට කතා කරලා තියෙන්නෙ මගෙ නමින්.....මගෙ...නමින් දෙයියනේ.....මම ඒ නම මිමිනුවා..මගෙ හිතින් සිය දහස් වතාවක් මිමිනුවා....විතේන් ...අනේ...විතේන් ..උඹ ඉන්නෙ කොහෙද ....වරෙන් මගෙ දිසානායක මැනිකේ....වරෙන්කො...

මම මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගත්තා ....පිස්සෙක් වගේ ඔහේ වැවුන කොන්ඩෙ මම ඇදගත්තා .....මට එයව බලන්න ඕනා...මට මගෙ කොල්ලව බලන්න ඕනා....

ඩියෝන්...අනේ...මට මගෙ එකාව පෙන්නපන්කො...ඒකා මොනවගේද බලන්න....අනේ..මට ඒ මුනවත් මතක නෑ දෙයියනේ....

මම මගෙ ගාව උන්න ඩියෝන්ව උරහිසෙන් හොලව හොලව පෙන්නන්න කියන්නකොට ඒකා ඵෝන් එක අරන් මගෙ පැත්තට හැරෙව්වා .....

මේ ඉන්නෙ නිතේස් අයියේ....මේඉන්නෙ අපේ විතේන් අයියා... ...

ම්මම ඵෝන් එක උදුර ගත්තා ...අනේ දෙයියනෙ...මගෙ පපුව නැවතෙන්ඩ ඔන්න මෙන්න ....ඇත්තමයි ...අර කෙල්ල කියපු කතාව සීයට දහදාහක් හරී දෙයියනේ....මගෙ මැනික සිරියාවන්තයි නේන්නම්...

අනේ ඒහිනාව...ඒ මූන ඒ අහිංසක පාට...ඒ හිනාව...මං ඇස් පිල්ලමක් වත් නොගහා උන්නත් මගෙ ඇස් වලින් වැටුන කදුලු ඒ මුන උඩට වටුනා.....ඒ මූන...ඒ හිනාව දකිනවත් එක්කම මෙච්චර කල් මැරිලා තිබුන ගහකට වතුර වැටිලා පන ගැහුවා හා සමානවම මම පන ගහන්න ගත්තා ....එයා මගෙ ළඟ නෑනේ කියලා හිතට දැනෙන වේදනාව ..වගෙම මම එයාව ඵොටෝ එකකින් හරි දැක්කානෙ කියන සතුට මට වචන කරන්න බැරි උනා..දුකයි සතුටයි...වේදනාවයි සැනසීමයි....නමක් නොදන්න හැගීම් ගොඩාක් මගෙ පපපුව අස්සෙ කැලතෙනකොට මට කතා කරන්න බැරි තැන ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා ....මං ඒ පින්තූරෙ මගෙ පපුවට තද කරගත්තා ...

මතක අමතක උන මම ඵොටෝ එක මගෙ පපුවට තද කරගන අමතක මතක...උන් බලෙන් වලලපු මතක ඇහැරවන්න හැදුවා ..නියං කාලෙ පිපුන මලක් මන් වෙනුවෙන් හුස්ම ගත්තු හැටි මට මතක් කරවන්න හැදුවා ....

මගෙ මැනික....මගෙ විතේන් ....මගෙ.....හුස්ම....අනේ...උඹ කොහෙද ...මගෙ මැනික.....මං උඹේ නිතේශ් ...මං ...උඹේ ..සුදු අප්පො....

මතක ලන්තෑරුම් අදුර මැද

ඔබේ හුස්මක සුවද දැනුනා

අහම්බෙන් වට මුරුගසන් වැහි

මැද්දෙ මම තනියෙම්ම තෙමුනා

කියන්නම මග බලාගන උන්

වචන අමතක වෙලා රිදුනා

දැනුනෙ නැතුවට මගෙ කඳුලින්

කමිස උරහිස තෙමී තිබුනා....

මම සෑහෙන්න වෙලා ගල් ගැහිලා වගේ ඒ පින්තූරෙ පපුවට තුරුල් කරන් උන්නා හැම දාම වේදනාවෙන් ගැහුන හදවත පින්තූරෙ පවා අදුනගන තිබුනා...මෙච්චර දවසක් වෙන කිසිම හැගීම් දැනීම් මොකුත්ම නැතුව එකම හැගීමක් විතරක්....වේදනාව විතරක් අදුනන පපුවට සතුටක් ඒ පින්තූරෙ ගේනකොට මම පුදුමාකාර ලෝභ කමකින් මට අමතක කරපු මගෙ මැනිකව ඇස් පියාන බදාගන උන්නා....

අවසානෙදි මට දැනුනා.....මගෙ කටින් පිට වෙන " මැනිකෙ" කියන වචනෙ හුස්ම ගන්නෙ..මගෙ විතේන්ගෙ ළඟ විතරම විතරයි කියලා .....මැනිකෙට පන එන්නෙමගෙ විතේන් ගාවදි විතරයි කියලා....හිස් වෙච්ච වචන වලට පන එන්නෙ මගෙ විතේන් ගාවදි විතරයි කියලා....

නිතේශයා....

ම්ම්ම්.....මට මෙහෙම ඉන්න දීපන්...මට..මෙලෝ..මගුලක් මතක නෑ...අනේ..මට ඒවා මතක් කරලා දීපන්....ශෙනෝන්....

හරි....ඒත් මෙතන ඉන්න බෑනෙ මචන්...නැගිටපන්කො....හොද එකානෙ...මෙ බලපන්..උඹ ඉන්න විදිහ.....උඹ්බ් මෙහෙම නෙවෙනෙ මචන් උන්නේ...අනේ මගෙ එකා නැගිටපන්කො....ඔක්කොටම කෛන් මේ කොන්ඩා රැවුල් කපලා ඉමු...

මං එන්නෙ කොහොමද ...ඒකි ඉන්නවා...

ඒකී...කව්ද නිතේස් අයියෙ....අපේ විතේන් අයියව ඔයාගෙන් උදුර ගත්තු අර වනචර ගෑනියද....ඈ ඒයි....ඈ මගෙ නිතේස් අයියේ ....නැත්තන්..අර අනීතිච්චිද . ..

මම ඔහේ බිම ඉදන් උන්නා...මට ඵෝන් එක දෙන්නවත් හිතුන් නෑ...තුන් දෙනෙක්ට හැරෙන්න පෙරෙලෙන්න බැරි ෆිටෝන් රූම් එකෙ අපි සැමන් පැක් කරලා වගේ උන්නා.....

ශෙනෝන්.... ....මගෙ විතෙන් කෝ ශෙනෝන්....අප්පච්චි .....අප්පච්චි ගියා ගියාමයි.....තාම නෑ...ඇයි..දෙයියනේ...මට ඕන කාලෙ උඹලා එකෙක් වත් මගෙ ගාව උන්නෙ නැත්තෙ....මට තවත් මේ වේදනාව ඉවසන්න බෑ ශෙනෝන්...මට වත් මේක ඉවසන්න බෑ....

මම ශෙනෝන් දිහා බලාගන අඩ අඩ දුක කිව්වා..මෙච්චර කල් තනියෙන් අඩපු මම...ගස් ගල් වලට දුක කිව්ව මාම අද උගෙ උරහිසේ ඔලුව ගහන් ඇඩුවා....ඌ කෙරුවෙ මගෙ පිට දිගේ අත ගගා මගෙ දුක අහන් උන්න එක....අවසානෙදි මගෙ මූන ඌම උස්සලා කදුලු පිහිදපු එක....

නාඩා ඉදින්කො .....නාඩා ඉදින්කො.....දැන් ඉතින් අපි ඉන්නවනේ....උඹගෙ අප්පච්චි ඉන්නවා..උඹගෙ අප්පච්චි රට ගියේ නෑ..ඒ ඔක්කොම බොරු ....ඒ ඕකෝම බොරු උඹගෙ විතේනුත් ඉන්නවා.....ඒත් අපි සනීප වෙන්න එපැයිනේ...මේ බලපන් මගෙ එකා උඹ ඉන්න හැටි.....ඔහොම ගියහම උන් බය වෙනවනෙ.....කොන්ඩයක් රැවුලක් කපලා නෑ...මේ බාච්චු ඇදගන...අපි ඔක්කොටම කලින්..මේ රැවුල් කොන්ඩා කපමු හොදද....

හා.....එහෙම කෙරුවම.මාව අප්පච්චි බලන්ඩ එක්ක යනවද...ආ....ශෙනෝන්....මගෙ විතේන් බලන්න එක්ක යනවද...

අනිවාර්යයෙන්ම ...එක්ක යනවා..දැන් හොද එකා වගේ නැගිටපන්කො....ඔහොම අඩලා බැනෙ.....

හා...මං...අඩන්...නෑ..මාව එක්ක යනවද.....

ඔව්...පුතේ...එක්ක යනවනෙ ...කෝ අඩන්නෙ නැතුව ඉන්නකො.....අපෙ අප්පච්චියා කැමති නෑනෙ ඔහොම ඉන්නවට....දෝනියත් බය වෙයිනෙ...අනික...ඩියෝන් බබත් ඉන්නවනෙ....නේද සෙනෝන්.....

දෝනියා.....කිය..න්නෙ.....

පලිගුව...පලිගුවා....අපේ පලිගුවා...

ම්ම්ම්ම්ම්....

මම නැගිටලා හිට ගත්තා...එයාලා කිව්වා අඩන්නෙ නැතිව උන්නොතින් මාව මගෙ අප්පච්චි බලන්න එක්ක යනවා කියලා ....මගෙ විතේන්ව බලන්න ව්ක්ක යනවා කියලා ...ඔක්කොටම කලින් මේ රැවුල් කොන්ඩ කපලා පිලිවලට උන්න කිව්වා..නැත්තන් එක්කන් යන් නෑ කිව්වා.....එයාලා එහෙම කියනවා නම් නොකර කොහොමද නැත්තන් එක්කන් නොගියොත් ....

මම බිම බලාගන ඔහේ උන්නා...උන් දෙන්නා මොන මොනවාදො කුටු කුටු ගාලා ඩියෝනයා කියන පොඩි එකා දොර ඇරලා බෙල්ල දාලා ඒ සැනිම්ම බෙල්ල ඇතුලට ගත්තා ....

අපෝ ...අන්න...අන්න...ඉන්නවා..

සෙනෝන් යන්න නම් එපා...අර යස්සනී ඉන්නවා.....

නාද්‍යද ...

මම ඔලුව ඉස්සුවා...පොඩි එකා එලියට යන්න එපා එපා කිය කිය යස්සනී ඉන්නවා කිව්ව ගමන් මම ඔලුව ඉස්සුවා....

නිතේශයා...උඹ ඒකි එක්කද ආවෙ....

ම්ම්ම්...ඒකිට ඇදුම් ගන්න....ඒකි මාව කාල ඉවරයි....ඒකි විතරක් නෙවෙ....මුලු පවුලම මාව කාලා ඉවරයි ....

උඹව විතරක් නෙවෙ...උඹගෙ අප්පච්චි ...උඹගෙ විතේන් පවා....උන් තමා උඹලා තුන් දෙනාවම කෑවෙ...නිතේශයා...උඹ ඉන්නෙ තවමත් හොදින් නෙවෙ...ඒත් මේ ටික කියන්නම ඕනා.....මං පොරොන්දුවක් උනා....උඹ නොදන්නවා උනාට...උඹේ එකා වින්දෙ සුලු පටු වේදනාවක් නෙවෙ...උඹේ එකා පුදුම දුකක් වින්දේ....මං ඌට පොරොන්දු උනා...උඹලට මෙහෙම කරපු මොල්ලිගොඩ උන්ගෙන් අනිවාර්යයෙන්ම පලිය ගන්නවා කියලා .....අනිවාර්යයෙන්ම උඹ ලව්වා උන්ගෙ මිනිවලවල් කප්පනවා කියලා මම උගෙ ඔලුවට අත ගහලා දවුරුවා....

එතකොට ....ඒ...උඹද...

මොනවද.....

මං..ලව්වා ..මිනිවලව...ල්...කප්පනවා...කිව්වෙ.....උඹද....උඹද ...ඒ පරසක්වල ගැහුවෙ...

ශෙනෝන් කියන වචනයක් වචනයක් පාසා අහන් උන්න මට මං ලව්වා මිනිවලවල් කප්පවනවා කියනකොට රන්මලියා මට මගෙ අත් වලිම්ම හදන්න කියපු කතාව මතක් වෙනකොට මං ශෙනෝන් දිහා බැලුවා ....ඒ කියන්නෙ එයයි මගෙ විතේන්ට වචනෙ දීලා තියෙන්නෙ....ඒ කියන්නෙ ඌයි මං ලව්වා උන්ගෙ මිනිවලවල් කප්පනවා කියලා පරසක්වල ගහලා තියෙන්නෙ ...මං මිටි කෑවා...අනිවාර්යයෙන්ම ....අනිවාර්යයෙන්ම මං ඒ දේ කරනවමයි....මං අනිමගෙ අත්වලින් මිනිවල් කපනවමයි....

නිතේශයා.....උඹට දැන් අපි ඉන්නවා...මෙච්චර කල්....උඹව පාග පාග උන් නටපු නාඩගම් ඇති....දැන් ඉතින් හැන්දගනින් අපේ අතට....මෙ හැම දේකම අවසානෙ උඹ හොද සිහියෙන් දකින්න ඕනා.....ඔක්කොටම කලින්....දැන් උඹව සනීප කරවන්න ඕනා.....

මං ...මං මොනවද මචන් කරන්න ඕනෙ....මං...මොකක්ද ....කරන්න ඕනෙ.....මට සනීප වෙන්න ඕනෙ..

මගෙ අප්පච්චි බලන්න යන්න ඕනෙ....මගෙ විතේන් ..මගෙ විතේන් බලන්න යන්න ඕනා...

හරි ..හරි ..කලබල නොවී ඉදපන්....කලබල නොවී ඉදපන්කො...ඔක්කොටම කලින්..අරකිව කොහෙ හරි යවපන්...

ඒකි....ඒකිව අම්මා වලව්වට ගේන්න කිව්වා...අත්තම්මා එකතැන් වෙලා...අම්ම්ටත් අම්මාරුයි..කකුල් කැක්කුමයි කියලා....

ම්ම්ම්....ඇත්තට...අත්තම්මා එක තැන් වෙලාලුද.....ම්ම්ම්..නායිස්.....සුපිරි....ආය..සු...පි....රි...

ශෙනෝන්....??

දැන් තමයි...උඹට....අර වලව්වෙ කැරකොප්පුවෙ මිනිවලවල් කපන්න කාලෙ....හරිම්..හරි...අපිත්...මේ මාස ගානම සද්ද වහලා උන්නෙ ඕකට තමයි.....දැන්..දැන් උන්ගෙ ආරක්ශා නූල්වල බල බිදෙනව එහෙනම් ....

ශෙනෝන් හිනා උනා....ඒක මහ කෲර හිනාවක් වෙනකොට මං බලන් උන්නා....

අත්තම්මා එකතැන උනා කිව්වා විතරයි...ඌ මගෙ පිටට තට්ටුවක් දාලා සුපිරි කියලා හිනා උනා...මේ මාස ගානම සද්දෙ වහලා උන්නෙ මේකට තමයි කියන ගමන් ලාවට ඔලුව හෙල්ලුවා ....ඒ කියන්නෙ.....එයාලා මොකක් හරි කරලා.....

නිතේශයා....ඕකි කවදද යන්නෙ . ...

හෙට....

උඹත් යනවද ...

මට ඒකිව ගිහින් දාන්න වෙනවා ...

අනේ මේ...පිත්තමක් කතා නොකර ඉදින්.....ඒකිව අදම බස් එකට දාපන්....සැක හිතෙන විදිහටමොකුත් කියන්න කරන්න එපා ...ඔය විදිහට ඉදපන් ....හරිටයටම ...හවස...හය වෙනකොට මන් එන්නම් උඹව ගන්න....ඔය රැවුල කොන්ඩෙ කපලා..පිලිවලට ඉදින්....උඹට පෙන්නන්න දේවල් ...කියන්න දේවල් වගේම උඹට කරන්න දේවල් ගොඩාක් තියනවා...

හා ...අනේ උඹ අනිවාර්යයෙන්ම එනවා නේද ...

මෙච්චර දවසක් මේ වගේ දවසක් එනලන් බලන් උන්නෙ බොරුවක් කරන්ඩ නෙවෙනෙ නිතේශයා ...අරකී මේ හරියෙ ඉන්නවා නම් අපිට එලියට එ න බෑ...ඕකි දැක්කොත් ආයම තොට වහ පොවයි....ඒක හින්දා ....දැන් උව පලයන් ...ආ...යන්න කලින් නම්බර් එක දීපන් ....උඹගෙ පරන නම්බර් එක තියෙන්නෙ අර අනීතා ගෑනි ගාව ....

ශෙනොන් කියවනව....තත්පරේට වචන කෝටියක් විතර වචන එලියට දානවා ..මෙච්චර කල් ඉබාගාතෙ ගියපු මට ඒ වචන හයියක් ගෙනාවා.....බලාපොරොත්තුවක් ගෙනාවා ....පන ඇද ඇද වගේ හුස්ම ගත්තු මට උගෙ වචන හිතට කියන්න බැරි තරම් සහනයක් ගෙනාවා ....

ඌ කිව්වා වගේම මං මගෙ නම්බර් එක ශෙනෝන්ට දීලා මොකුත් නොවුන ගානට එලියට ආවා....

මොකුත් නොවුන ගානට එලියට ආවා උනත්...හිතේ තියන සන්තෝසෙ ...හෙට මගෙ අප්පච්චි දකින්න පුලුවන් ...හෙට මගෙ විතේන් දකින්න පුලුවන් කියන සතුට මාව පිස්සෙක් කරනකොට මට උඩ පැනල කෑ ගහල නටන්න හිතුනා...මගෙ අප්පච්චි ඉන්නවලු.....මුන් මගෙ අප්පච්චි රට ගියා කියලා මාව රවට්ටලා...අප්පච්චි කසාදෙට විරුද්ද වෙන හින්දා මුන් මගෙ අප්පච්චිටත් වින කරලා...

බලන් ඉදින්....දැන් ඉතින් ආපිට හුනියන් කපන කාලෙ.....අපිට දුන්න ගින්දර අඩුවක් නැතිවම වලව්වට කප්පන කාලේ....

නිතේශ් .....

මම උන්නෙ අතේ තියන් උන්න ටීශර්ට් එකේ හැඩ බල බල වෙනකොට මගෙ පිටිපස්සෙන් ආව නාදයා කතා කරනකොට මම හෙමින් සැරේ ෆිටෝන් රූම් එක දිහා බලලා එතනින් මාරු උනා.....

ගත්තද.....

ගත්තා ....ඔන්න නිතේශ් මං දැම්ම කිව්වා.....මට ඔසරි නම් පටලවගන ඉන්න බෑ...හරි....සාත්තු කරන්ඩ යන්නයි...ඔසරි පටලවන්නයි දෙකක්කරන්න මට බෑ.....

නාද්‍යා කන් කෙදිරි ගෑවා.....මං ඒ එක්කම ඒකිහෙ පැත්තට හැරුනා....අතේ රෙදි පුරවපු මල්ලක් තියන් උන්න නාද්‍යා දිහා මං ඇස් හීනි කරලා බලන් උන්නා තත්පර දෙක තුනක්...

නාද්‍යා ...උඹට ඔසරි බැරි නම්...හෙලුවෙන් හරි ඉදපන්...උඹ ගෙදරට ඉන්නෙත් බාගෙට හෙලුවෙන් ගමනක් ගියත් යන්නෙ බාගෙට හෙලුවෙන් ....කොටිම්ම උඹ මිනිස්සු සීයක් එක්ක ලැගලා...ලැගලා චාටර්ම වෙලා ගියපු ගානියක්නෙ...ඉතින් යටි පතුල් වෙනකන් වහලා මොකද...උඹ පත්තිනි නෙවෙනෙ...උඹට අදින්න ඕනා කොයි විදිහටද ඒ විදහට ඇදපන්...උඹට එහෙ ගියාම සුදු රෙදි පොරවන්න ඕන් නෑනෙ....

මොකද උඹේ පැටිකිරිය මම දන්නවා.....ගෙදර බාගෙට හෙලුවෙන් ඉන්නවා වහෙ එහෙත් ඉදපන් ....එක එකා එක්ක බාර්වල ලැගන් සිගරට් ගහනවා වගේ සීයා තාත්තා ඉන්නෙ ඒකත් එක්කම බීපන්...ඒ ගිහින් ඒකට මෝල තද උනාම ඒකත් එක්කත් බුදියපන්...

නිතේශ් ...මොනවද නිතේශ් මේ කියවන්නෙ...

කියවන්නෙද....මගෙ ඇස්වලට දැකපු දේවල් නාද්‍යා... උඹ නාකි උන් එක්ක පවා යනවා මගෙ ඇස් දෙකටම දැකපු දවස් තිබුනා නාද්‍යා ..... මම මුලින් මුලින් කිව්වා..බලන් උන්නා....ඒත්...උඹ අදවෙනකන් කෙරුවෙ මගෙ ලේ පුච්ච පුච්ච මාව කාපු එක...ඉතින් එච්චර නාඩගම් නටපු උඹ මොන රෙද්දට ඔසරි අදින්නද....උඹට ඕන මොකක්ද...ඒක ඇදන් ඉදින්. ....මටකමක් නෑ...

දැන් ගත්තා නම් වරෙන් යන්න මට හවසට ඩ්‍රෙසින් එකක් තියනවා....අද එන්න වෙන්නෙ නෑ බස් එකට දාන්නම්.....

අනේ නිතේශ් බස් එකේ.....

ඔසරි ඇදන් ඉන්න බෑ කියපු නාදයට මම දත් මිටි කාගෙන උත්තර බැන්දා...මම කියන වචනයක් ගානෙම එකිගානක් වත් නැතුව අහන් උන්නා වගේම බස් එකේ යන්න කිව්වා විතරයි මැරෙන්න හැදුවා .....

.ඇයි බස් එකෙ යන්න අමාරුද කුමාරි හාමිට මට උඹව එක්ක යන්න බෑ....උඹගෙ පරිස්සම් කරන්න දෙයක් තිබ්බා නම් මං මොන වැඩ තිබ්බත් පරිස්සම් කරනවා..ඒත්...මට උඹේ පරිස්සම් කරන්න දෙයක් නෑනෙ නද්‍යා ....අනික මම උඹව පරිස්සම් ක‍‍ර කර උන්නොත් කන්නෙ බොන්නෙ කොහොමද.....උඹ උයන්නෙ නැතිඋනාට ගිලින්න හොයනවානෙ නේ ....

මම නාද්‍යට මගෙඇදුම් ටිකත් පටවලා කැශියර් එක දිහාට යනකන් ඉදලා ආයම සැරයක් ෆිටෝන් එක රූම් එක දිහා බලනකොට මං බලාගන පොඩි එකා හොරෙක් වගේ එබිලා බලන් ඉදල පොඩි උන් සෙල්ලන් කරන තුවක්කුවක් නාද්‍යා දිහාවට ඒම් කරන් කුටු කුටු ගානවා.....

නිතේශ් .....

ම්ම්ම්ම්ම්.....

ඔයාට බැරිද මාව ගිහි දාන්න....එච්චර දුර යන්නෙ කොහොමද නිතේශ් ....

ටැක්සි එකක් දාලා දෙන්නම්.....

එපා...

එහෙනම්.....

මගෙ යාලුවෙක් ඉන්නවා...

ම්ම්ම්.....

මං එයා එක්ක යන්නද ..

කැමැත්තක්....මෙච්චර කල් මගෙන් අහලා නෙවෙනෙ යාලුවො එක්ක රවුන්ඩස් ගැහුවෙ 

මොකක්ද නිතේශ් එක වචයක් වත් හොදින් කතා කරන්න බැරි ඇයි....දෙයක් කිව්වොත් ඇගට කඩා පනින්නෙ.....ඔව් ඉතින් තමුසෙට ඒ කැලෙ ඉදන් එහෙමනෙ තමුසෙට ලොකු අර කොහෙවත් උන්න අඩු කුලේ එකාවනේ...මොන මගුල කරත් හරියන් නෑ....අරකිලත් උඩප්පරන් ගහන් බන්දවලා දීලා තියෙන්නෙ හැගීම් දැනීම් නැති සමලිංගකයෙක්....උඹ මහ අමු පිම්පියෙක්....

මොකක්ද යකෝ තොඉ කිව්වෙ.....ආ...තෝ මොනවද කියවන්නෙ....කියපිය...පිම්පියා....මං තොට තාම පිම්පියා පෙන්නුවෙ නෑ...පරට්ටි...වේසකමේ ගිහින් ගිහින්...

නිතේශ් ...අතෑරපන් ...මාව...නිතේශ් ...අනේ අම්මා....හ්....අම්මා....හ්....ආව්ව්...හ්...

දෙයියනේ....ආව්ව්හ්....නිතේශ් ...නි....තේ...ශ්....පිච්චෙනවා දෙයිය...නේහ්...

සමලිංගිකයා....පිම්පියා.....මං මෙච්චර වෙලාම ඒකි කියපු කරපු ඔක්කොම අහන් උන්නා....ඇවිලුන හිත එඅයගැන අප්පච්චි ගැන දැනගත්තු එකම එක් පනිවිඩයක් එක්ක නිවිලා තියනකොට පිස්සෙක් වගේ උන්න මම පිලිවලකට යන්න කියල ආසාවෙන් ඇදුම මැද මැද ඉන්නකොට නාද්‍යා කියවන්න ගත්තා ...ඒකි කියෙව්වා .....මම බැන්නා...වෙනදා වගේ නැතිව ඒකි කියන එකට කෑ නොගහා උත්තර දුන්නා...ඒත්....ඉවසීම කියන දේ සීමාව පන්නන්න ගියේ තත්පර ගානයි ...

ඒකි මට සමලිංගිකයා පිම්පියා....ඒ විතරක් නෙවෙ...කප්පරක් තරම් දුක් විදපු මගෙ විතේන්ට පවා පද හදනකොට මට මගෙ ඉවසීම නැත්තටම නැති වෙලා යනකොට ප්ලග් එකට ගහලා තිබ්බ අයන් එකත් කඩාගත්තු මම ඩ්‍රෙසින් ටේබල් එක ගාව ඉදන් විච්චූරන කර කර උන්න නාද්‍යගෙ පිටටම අයන් එක තියනකොට ඒකි මර ලතෝනි ගැහුවා .....

උඹව මං එක්කො අද මරයි.....නැත්තන් .....සදහටම තෝව අබ්බගාත කරයි....මාව මිනිමරුවෙක් කරන්ඩ එපා නාද්‍යා හරී.....පින් අයිති වෙයි.....උඹව මරලා මට හිරේ ගිහින් මගෙ ජීවිතේ තවත් කා ගන්ඩ බෑ...පින් අයිති වෙයි....පලයන්...උඹ යන එකෙක් එක්ක පලයන් ....

අ....ව්හ් ..අනේ....අම්මා....දෙයි...යනේ.....අනේ...අනේ.....ශවීන්...ශවීන්....මේ මිනිහා මාව....ආව්හ්.....ආව්හ්....නිතේශ් ...නිතේ.....ශ්.....අතෑරපන් නිතේශ් ....

දීපිය මෙහාට තොගෙ ඵෝන් එක ....තොගෙ බය හැක නැති කමටනෙ මම ඉන්නකොටම හොර් එකාට කතා කරන්නෙ....මමම ගන්නම්....මමම තෝව ඌ එක්ක යවන්නම්....පොඩ්ඩක් ඉදු...

අයන් පාර කාපු නාද්‍යා ඊලග පාර ශවීන්ද මොකාටද කතා කරන්කොට ඒකි ආයම මගෙන් ගුටි කෑවා....ගුටු කාපු නාද්‍යා කදුලු පෙර පෙර ඵෝන් එක් ඉල්ලනකොට මමම ඒකොගෙ හොර මිනිහට ගත්තා ....

දෙයියනේ නිතේශ් එපා...දෙන්නකො....දෙන්නකො නිතේශ් ....

පොඩ්ඩක් ඉදින්.....මං ම උඹව බාර දෙන්නම්.....

හෙලෝ....ශවින්ද මේ.....මං නාද්‍යගෙ කසාද මිනිහා කතා කරන්නෙ ..හොර මිනිහා විදිහට උඹටත් මේකි ගැන කැක්කුමක් තියනවනෙ නේ....උඹ දුක අහන අයියනෙ ඒකනෙ මේකි ගුටි කකා උනත් උඹටම ගන්නෙ ...ඒකට කමක් නෑ මචන් වරෙන් අපේ ගේ ගාවට ....මෙන්න මේකිව අපේ මහ ගෙදරට ගිහින් දාපන්....

මං කිසිම හිරිකිතක් නැතුවම වෙන්න ඕන ටික කියලා මං නාද්‍යා අතට ඵෝන් එක දුන්නා...

දැන් පලයන් නාද්‍යා උඹ පුලුවන් තරම් ....වලව්වෙම ඉන්ඩ බලපන්...මොකද මං දන්න තරමින් මං මේ තරම් තිරිසනෙක් නෙවෙ...මං පඩුවෙ උන්න මනුස්සයෙක්...උඹලා එකතු වෙලා අහිංසක මාව කෑවා....වෙච්ච කෙරිච්ච දේවල් මේලොම මගුලක් මතක නැති මට දැන් උන්නත් එකයි....මලත් එකයි...හැබැයි....එහෙමයි කියලා තෝ වගෙ පොලවටත් බර එකියක් මරලා හිරේ යන්ඩ බෑ...කරුනාකරලා මං උඹට ජීවත් වෙන්ඩ සල්ලි දෙන්නම්...හැබැයි ජීවත් වෙන්ඩ මිසක් වේසකමේ යන්ඩ නෙවෙ මොකද නමට උනත් මං මිනිහනෙ....උඹට තියන කපටි මොලේ හැටියට නඩු උනත් දාන්නපුලුවන්.....ඒක හින්දා උඹ මහගෙදර ඉදින්.....එන්ඩ එපා...මෙන්න වැන්දා .....දැන් ඔය ගුටි කාපුවට මොනවා හරි උලන් පලයන් .....

මං නාද්‍යට කෑ ගහලා කෑ ගහලා බාතෲම් එකට රිංගලා දොරත් දඩාස් ගාලා වහලා දලා එහෙම්ම සින්ක් එකට බර උනා....

අනේ මැනිකෙ මං ඒකිව පිච්චුවා ...මට බෑ විතේන් .....මට මුන් දෙන වද මගෙ ඔලුවට බර වැඩී විතේන් ...අනේ මාව එන්න එන්නම තිරිසනෙක් වෙනවා මැනිකෙ ....

ශෙනොන් කිව්වා වගේම මම මගෙ රැවුල් කොන්ඩා ඔක්කොම කපලා දැම්මා.....උන් මට කියපු කරපු දේවල් එක්ක නාද්‍යගෙ හැසිරීම එක්ක මාව හිතක් පපුවක් නැති එකෙක් වෙනකොට මම ඒකිව බාගෙට මැරුවා...මට ජීවිතේම නැති උනේ නාද්‍යා හින්දා වෙනකොට මම ඒකිව බාගෙට මැරුවා...

ගුටි කාපු නාද්‍යා මං එලියට එනකොටත් යන්න ගිහින් උන්නා....මම ඇදගත්තා.....වෙලාව බල බල...සැරින් සැරේම ජනේල ගාවට දුව දුව ශෙනෝන් ඇවිත්ද බල බල මම ඇදගත්තා ....මං සිය පාරකට වඩා හැඩ බැලුවා ...සිය පාරකට වඩා ඵෝන් එක බැලුවා....ශෙනෝන් දැන් ගනී....දැන් ගනී කියලා බලන් උන්නා....මගෙ ඇස් දෙකට නිවනක් නැතිම වෙනකොට බැරිම තැන මම දොර වහලා පහලට දිව්වා....

ශෙනෝන්...අනේ..උඹ එන්නෙ නැද්ද.....මට බොරු කිව්වද....

හයට එන්නම් කියපු ශෙනෝන් හයයි කාල වෙනකොටත් නැති වෙනකොට මගෙ පපුව ගැහෙන්න ගත්තා .....ඇස්වලට කදුලු පිරුනා....කොටිම්ම කියනවා නම්...මට පිස්සු තද වෙලා වගේ දැනුනා.....

උඹලත් අසරන මගෙන් ආතල් ගන්නවද.....

හයහා මාර වෙනකනුත් ශෙනෝන්ලා නැති වෙනකොට වටින් ගොඩින් වැටෙන අන්දකාරෙ එක්ක මම ඇස් වල කදුලු පුරවන් එහෙම්ම සැලෝන් එකට ඇතුල් වෙන දොරකොඩ ගාව ඉදගත්තා .....

උඹලා එන්නෙ නැද්ද දෙයියනේ....

මම දනහිස් අස්සට ඔලුව ගහගත්තා ...

නිතේස් අයියේ....මගෙ නිතේස් අයියේ....

මම අඩ අඩම දනහිස් අස්සට ඔලුව ගහගන්නකොට මගෙ නම කියන සද්දෙ එක්ක මම ඔලුව ඉස්සුවා ....ඩියෝන්....ඩියෝනයා....

දෙයියනේ ...උන් ඇවිල්ලා ....

නිතේස් අයියෙ ඉක්මනට එන්න පුතෙ...ඉකමනට එන්න....එන්න.....

මම දිව්වා ....පොඩි එකා එන්න එන්න ගගා කෑ ගහනකොට මම දිව්වා ....

නැගු නැගු.....අරකි මේ හරියෙ උන්නා මිනිහෙක් එක්ක ඒකයි වෙලා ගියේ.....

කවුරු....නාද්‍යා ....

හැව්...හැව්....ඒකි තමයි. ...ඒකි අඩ අඩ උන්නෙ....ඩෑස් එකක් වත් දුන්නද නිතේස් අයියේ....අනේ ගහපිය ...අනේ ගහපිය ඕකිට....පරට්ටියා.....

නාද්‍යා දැනුත් උන්නලු ..ඕන මගුලක් මං එහෙම්ම ඵෝන් එක ඕෆ් කෙරුවා .....

අපි කොහෙද බන් යන්නෙ...

කළුතර අපෙ ගෙදර 

එතකොට ...මගෙ ....

ඉන්නවා ඉන්නවා.....බය නොවී ඉදපන්...

මගෙන් ලොකු හුස්මක් පිට උනා....ශෙනෝන් කිව්වා ...ඉන්නවයි කියලා ...හයිවේ එකෙන් ඇතුලට දානකොට මං ශීට් එකට ඔලුව ගහන් ෂ්ස් පියා ගත්තා ...මොකද ..මට කතා කරන්න වචන හොයා ගන්න ඕනා උනා...පොඩි එකා රතිඤ්ඤා පුපුරනවා වගේ කියවනකොට මන් අහගන අරූ කියනවා පුක පුපුරන්ඩ ගහනවා කියලා ....

මචන් ...නිතේශයා...

ම්ම්...

අපි ආවා....

මං ඇස් ඇරියෙ නෑ...මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා ....ඒ අස්සෙන් මටඇඩෙනවා....විදින්න පුලුවන් නර දුක් ඔක්කොම විදලා උන්න මට හුස්ම යන්න වගේ ආවා...

මං සෑහෙන්න වෙලාවක් ඉදලා කාර් එකෙන් බැස්සා

දෝනියෝ.....මේ....න් කව්ද ඇවිල්ලෝ...දෝනියෝ.....මේ ඔයාගෙ නිතේස් මාමියා ඇවිල්ලා.....පලිගුවෝ .....

මන් කාර් එකෙන් බහිනවත් එක්කම පොඩි එකා දෝනියෝ දෝනියොඉ ගගා බෙරිහන් දුන්නා විතරයි කඩාගන බිදගන නටාගන ආව බැල්ලියක් ඒකගෙ ඇගේ එල්ලිලා එල්ලිලා මාව දැකලා එක පාරක් බිරුවා ....වලිගෙ කකුල් අස්සෙ ගහන් ඈතින් ඉදන් ඉව කෙරුවා ....කන් දෙක පාතට දාන් බයෙන් බයෙන් වගේ ඇවිත් මගෙ අතක් ඉම්බා විතරයි ඒකිට හිටගනම චූ ගියා

...අඩ අඩ ලේව කකා පෙරලි පෙරලි බැල්ලි පිස්සු හැදිලා වගේ මිදුල පුරාවටම දුවලා දුවලා ඇවිත් මගෙ ඇගට අත් දෙක තියලා හිටගන අඩ අඩ මාව ලේව කනකොට මට අමතක උනත්...ඒකිට මාව අමතක නැති පලිගුවගෙ ඔලුව මං අත ගෑවා .

.

පලිගුවො...මන් ආවා.....

නිතේශ් ...

මං ඔලුව උස්සලා බැලුවා ....බල්ලව අත ගගා උන්න මම උන්නෙ තවමත් මිදුලෙ වෙනකොට ශෙනෝන් දොරකොඩ ගාව ඉදලා කතා කරනකොට මං ඔලුව උස්සලා බැලුවා .....

පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනකොට මං පෙරුම් පුරාගන බලන්න උන්න එයාලා දෙන්නව බලන්න ඇතුලට පය ගහනකොට සාලෙ මැද රෝද පුටුවක් තිබුනා ...

කෙටු වෙලා ගියපු මුනක් එක්ක කදුලු පිරුන ඇස් දෙකක් ..

මට දොර කොඩවත් පන්නන්න හම්බුන්නෑ මගෙ කකුල් පන නැතුව මාව එතනම ඉන්ද උනා....

අ....ප්....ප.....ච්...චී.....

ජැක්කනේ....!!!!

ආජරනීය රීජකයෝ....:

ජැන් ...ඉතින් හෙට වෙනකන් ඉදපල්ලකො ....අඥේ.....ජීසක්කේ....හුවෑ.....

ඉහික්.

හෙච ඈ...හෙච....

Ferdeesha ❤️💚😘 ....

More Chapters