Ficool

Chapter 97 - 97

ආ...හ්හ්....ආ...ව්ව්හ්....නි....තේශ්....අනේ...

මං අහන් උන්නා....අල්මාරිය දඩ දඩ ගාන සද්දෙ ....බිත්තියට මොකක් හරි තදින් වැදෙන සද්දෙ...නාද්‍යගෙ ලතෝනිය මම අහන් උන්නා....ඒකි මගෙ නම කිය කිය ඇද රෙද්දෙ එල්ලෙනකොට මාවත් එක්කම ඇදෙන් පල්ලැහැට රීට්ටුවත් මම ආයම දනි පනි ගාගන ඇදටනැග ගත්තා ....

ආ....ව්හ්....අනේ....අම්...මාහ්හ්.....අම්...මාහ්.....නිතේ....ශ්....

කම්මුලකට ඉවරයක් නැතිව වදින අතුල් පාරවල් වල සද්දෙ එක්ක ඇද පහතින් ඇහුන පොර බදින සද්ද අහගන මම කෙරුවෙ මගෙ මූන තවත් කොට්ටෙ අස්සෙ හංග ගත්තු එක විතරක් වෙනකොට දොරින් එපිට ඉදන් අම්මා දොරට ගගහා මැරෙන්න හදනකොටම මාත් ගුටි කාපු එකෙක් වගේ ඉක්මනට ඇදෙන් පහලට රූට්ටල්ලා බිම වකුටු වෙලා ඔලුව බදාගන්නවා එක්කම සීයා තාත්තා දොර අගුල කඩාගන ඇතුලට ආවා.....

සීවරන් දෙයියනේ ...උඹලා මගුල් කන්ඩත් කලින් ගහ මරාගන්ඩ ගත්තද. .. ආ සුදු මහත්තයා ...උඹට....තවමත්.....අරූ...එක්ක...උඹව..මම.....

අනේ...සීයා...තාත්තා...මගෙ...නිතේ....ශ්.....මගෙ..නිතේශ් ...නෙවෙ...මගෙ....සුදු...

මහත්තයා..නෙවෙ.....

මමෞන්නෙ බිම ඇකිලිලා.....මට මොකුත් උනේ නැති උනත් මම වකුටු වේගන ඉන්නකොට සීයා තාත්තා එන ඒමටම කෑ ගැහුවෙ මට.....කියන්න හැදුවෙ මොකක්ද දන්නෙ නෑ ඒ උනත් නාද්‍යා කෙරුවෙ නවත්තපු එක....අරූ.....අරූ...කියන්නෙ කව්ද.....?? සීයා තාත්තා අරූ කියලා පටන් ගත්තා උනත් නාද්‍යා මගෙ සුදු මහත්තයා නෙවෙ ගෑවා....

මගෙ සුදු මහත්තයා ...පරට්ටි වටේට අල්ලලා මගෙ අතින් ගෑනියෙක් උනා කිව්වා...පොඩ්ඩක් ඉදින් නාද්‍යා...වෙච්ච කෙරිච්ච දේවල් මේලොම මගුලක් මට මතක නැති හින්දනෙ මේ ඔක්කොම...

දූ.....අනෙ..නැගිටින්න දරුවො....ඇයි මේ..මොකද උනේ....

අනේ...අම්මා...අන් ඇදට නැගලා නිදා ගන්න හැදුවා විතරයි ....මමවත්...එයාවත් නිදාගන නෙවෙ උන්නේ.....ඒත්...කවුරු හරි මගෙ කකුලෙන් ඇද්දා ....නිතේශ් ..නිතේශ් ...අනේ ඔයා හොදින් නේද මහත්තයො....අනේ....අම්මා...සුදු මහත්තයට සහලවලා උනනේ ...

මම අහන් උන්නා...වෙන්නෙ මොනවද කියන්නෙ මොනවද මම අහන් උන්නා....අම්මා සීයා තාත්තා ඔක්කොමල්ලා නාද්‍යා ගාව වට වෙලා ඒකිගෙ අතපය අත ගගා බලන කොට මම මැරිච්ච එකා වගේ ඔහේ අහන් උන්නා.....ඒ එකෙක් වත් මා දිහා හැරිලා නොබැලනකොට නාද්‍යා මා ගාවට බඩගාගන වගෙ ඇවිදින් මාව අත පත ගගා මට සහලවලා උන කිව්වා.....

ඇත්ත...ඒකි කිව්වත් වගේම මට සහලවලා උන අරන් තිබුනා ..

නිතේශ් ...සුදු මහත්තයා ....

සීයා තාත්තා ...අහකට වෙන්ඩ ..

මෙච්චර වෙලාම මා දිහා නිකන් වත් නොබලපු සීයා තාත්තා නාද්‍යගෙ කීමට මගෙ ගාවට එනකොට මම මාව අල්ලන්න හදපු අත ගසලා දැම්මා....උන් හැමෝම කට පුරාවටම මට සුදු මහත්තා කිව්වත්...මට ඒ කිසිම වචනයක් හැගීමක් ගෙනාවෙ නෑ...කට වචනෙට සුදු මහත්තයා කිව්වා මිසක්...ඒ කිසිම වචනයක් මගෙ පපුවට දැනුන් නෑ.....

මා ගාවට ආව සීයා තාත්තගෙ අත ගසපු මම එහෙම්ම ඇද උඩින් ඉදගත්තා ...මෙච්චර වෙලාම ඇගට නොදැනුන උන අමාරුව දැන් ඇගට දැනෙන්න ගන්නකොට මං බලාගන නාද්‍යගෙ යටි තොලක් පුපුරලා ගිහින් නලල ගෙඩි ගැහිලා තියනවා....

මේ ගෙදරට ආයම යක්කු පෙරේතයො වැහිලදෝ මන්දා....කොච්චර උනත් මේ පෙරේත හැතිකරේ මේකටම බෙල්ල දාන්න එනවා....අනීතා ....කතා කරපන් ගූරුන්නාන්සෙට....ආරක්සාවක් වත් කොරන්ඩ.....කී දොහක් දාන මාන් දුන්නද...

මම අදේ පෙරලුනා.....අත්තම්මා ගුරුවහන්සේ ගගා කා ගැනද කිය කිය අම්මට ඒ මනුස්සයට කතා කරන්න කියල කියන ගමන් ඔසරි පටත් ඉනේ ගහන් එලියට යනකොට අම්මා ලේලි පොඩ්ඩගෙ තැලුන අතපය දිහා බල බල උන්නා....

අම්මා...අප්පච්චි අද වත් කතා කෙරුවෙ නැද්ද අම්මා....

නෑ දරුවො නෑ...උඹට කී දවසක් කිව්වද...අප්පච්චි අර කොම්පැනියෙ වැඩකට රට ගියාය කියලා.....ඇරත් උඹේ අප්පච්චිට කතා කරන්ඩ වෙලාවක් තියනව නම් කතා කරනවනෙ. ...උඹ දැන් අප්පච්චි පස්සෙ යන්නෙ නැතුව ඉක්මනට අප්පච්චි කෙනෙක් වෙන්න බලපන්.....

අම්මා....මෙහෙම...කිව්වට ..තරහා ගන්න...එපා....මං හිතන්නෙ.....අපි...දෙන්නා තව ටික කාලයක් මෙහෙම ඉන්නම්...නේද.....බැදපු ගමන්....ලමයි

තව මොකට කල් අරිනවද.....ඉක්මනට අම්මෙක් අප්පච්චි කෙනෙක් උනාම තමා පවුල් තව හයි වෙන්නෙ....නැත්තන් කොහෙ කොහෙ ඉන්න පෙරේත හැත්ත ආයම කඩා පාත් වෙයිද දන්නෙ නෑනෙ ....ළමයි උන්නා කියලා මොකුත් වෙන්නෙ නෑනෙ...නිතේශ් උඹට කන් ඇහුනනෙ 

අම්මා ඒ ගෑනිට ළමයෙක් හදන්න බැරි නම් මම බලෙන් ළමයි දෙන්නද ..පොඩ්ඩක් කට පියාගන ඉන්නකො...මෙච්චර හරියක් වෙලා තියනකොට ළමයෙක් ගානවා ...මේ ගැනිගෙ මූන කට තඩිස්සි වෙලා ගිහින්...ඒක නොබලා මට මෙතන ළමයි හදන්නද කියන්නෙ....ළමයෙක් එන කාලෙක එයි ..බදින කන් අහනවා බදින්නෙ නැද්ද ගගා....බැන්දම අහනවා ළමයි නැද්ද ගගා....මොන මගුලක්ද අම්මා....

නිතේශ් ...මොකද උඹේ කටේ හයිරම ආයම වැඩි උනේ ආ...?මෙච්චර දවස් සද්ද නැතුව ඉදලා ඉදලා ...ආයම මොන යකාද වැහුනෙ.....අර හිගන හැත්ත ඇවිත් ආයම උඹේ ඔලුවට විස දාලා ගියාද....මං උඹට වැරද්දක් කිව්වෙ නෑ.....වැඩි කල් නොයා ළමයෙක් හදන්න කියලනේ.....

ළමයෙක් හදන්නත් මොන මගුලටත් කලින් මායි මේකියි කෙලින් කටින් ඉන්ඩ එපැයිනෙ.....උදෙ අර මොන මල ජරහන්තයක්ද පෙව්වෙ.....ඒ ලබ්බ බීපු වෙලේ ඉදන් මගෙ බඩ කලතනවා....ඒ මගුල් එකක් වත් බලන්නෙ නෑ .....සහලවලා උන ගැනිල ඉන්නව පෙනඩෝල් පෙත්තක් ඕනෙද අහන් නෑ ළමයෙක් ගැන කියවනවා දැන් වරුවක් තිස්සෙ ඉදන් මට කියන්නෙ අහේනියට අහු උන එකා වගේ මෙතන නේ ගෑනි එක්ක බුදියන්න කියල නම් මං ඒකත් කරන්නම්.....

නි....තේ....ශ්...අනේ....හ්....එපා.....

සුදු පුතා ...ඕක නවත්තපන් ...මොන මගුලක්ද මේ කොල්ලට උනේ නිතේශ් .....අප්පච්චි ..අනේ....මේ බලන්නකෝ....ඔය කෙල්ලව අතෑරපන් නිතේශ් ..මොන මගුලද කරන්නෙ ....

නිතේ .... ශ්.....අනේ. . එපා....හ්හ් .

නාද්‍යා??

මං උන්නෙ ඇගේ අමාරුවෙන් . ..හේතුවක් නොදන්න නමුත්.....මටවත් හිතා ගන්න බැරි තරම් වේදනාත්මක දෙයක් වෙලා ඇතියි කියන මම නොදන්න හේතුවකට වගේම අප්පච්චි නැති සාංකාව එක්ක උන්න මට අම්මා ආයමත් ළමයෙක් ගැන කියනකොට මට තරහා ගියා නාද්‍යා උන්නෙ හතර අතේ හැප්පිලා හැප්පිලා වේදනාවෙන් වෙනකොට ඒකිටත් අම්මා නටාගන ලමයෙක් ගැන කිව්වට දැම්මම ළමයි ඕන නැති ගතියක් මූනෙන් පෙනුනා වගේම ඒකි අදි මදි කරන්න ගත්තා ...

මෙච්චර දේවල් කියලත් අම්මා උන්නෙ අම්මගෙම මතේ වෙනකොට එයා ආයමත් කවුරුත් හරි කෙනෙක් ගැන මතක් කර කර හිගන හැත්ත කියනකොට මට මතක් උනේම අද කල්න්තේ දාපු....පෙරේදා මගෙ ඇගේ එල්ලුන" සුදු මහත්තයා මාව මතක නැද්ද 

තේශි "කියපු කොල්ලව වෙද්දි මගෙ පපුවට මහා හිස්කමක්....වේදනාවක් දැනුනා...

ඒ ඔක්කොමත් එක්ක අම්මා කටට නිවනක් නැතුව එකම දේ ජප කරනකොට මගෙත් ඉවසීමේ සීමාව පන්නලා ගිහින් මම නාද්‍යව ඇදට තල්ලු කරලා අම්මා බලාගන ඉන්නකොටම ඒකි ඇදන් උන්න නයිට් ඩ්‍රෙස් එකේ උඩ ඉදන් යටටම ඉරලා දානකොට ඒකි අත් දෙකෙම්ම පපුව වහගත්තා උනත් එක පැත්තක තිබුන ටැටූ එක් දැකපු අම්මගෙ ඇස් දෙක ලොකු උනා ඒකි ඇද රෙද්දෙන් වහගත්තා .....

නාද්‍යා ...මොකක්ද...ඒ ..

ම්..ම්ම්..මොකුත්..නෑඅම්මා.....

මොකුත්...නෑ...මොකුත් නැති වෙන්න බෑනෙ.....

අනේ පින් සිද්ද වෙයි අම්මා...මේ ගෑනිවත් අරන් එලියට ගිහින් බලාගන්න මගුලක් බලාගනිල්ලකෝ මට මෙහෙම වද දෙන්නෙ ඇයි... මේ මොන මගුලක්ද...ආ.....නාද්‍යා...ඔය වහන් ඉන්න මගුල මොකක්ද කියලා කට ඇරලා කියනවා අයිසේ ...උඹලා හින්දා මාව කොයි වෙලේ හරි මැරෙනවා...අසනීපයක් උනත් බලන්ඩ බල්ලෙක් නෑ....එක්කො උඹ මේ කාමරේ ඉදපන් නැත්තන් අම්මා එක්ක පලයන්...

මට කෑ ගහනවා තියා හිටන් ඉන්නවත් පන නෑ....මොන කරුමයක්ද මේ....පලයල්ලකො වද නොදී.... 

මම ගිරිය කඩාගන කෑ ගහන්න ගත්තා ...මෙච්චර වෙලාම නාද්‍යා දිහා බලන් උන්න අම්මා යන්න යන්න යනකොට ඒකි අල්මාරිය ඇරලා මගෙ ටීශර්ට් එකක් අරන් ඇදගත්තා ....

අනිත් එකී උඹ.....උඹත් ඉන්නවා නම්....ඉන්න පාඩුවෙ ඉදපන්....මෙන්න වැන්දා.....මහත්තයා...මහත්තයා ගගා ඇගේ ඇලෙන්ඩ නම් එනඩ එපා හරි...උඹටත් කනට දෙකක් දීලා එලියට ඇදලා දානවා ....බලපන් උඹේ මූන ඔක්කොම තඩිස්සි වෙලා...පෙන්නපන් බලන්ඩ...

වෙලාවකට හොද සිහිය එන....ආයම වෙලාවකට අවසිහිය එන මම කියන්නෙ කරන්නෙ මොනවද නොදැන එජාටත් නැති මෙහාටත් නැති මහ අමූතු ජීවිතයක් ගෙවන ගානට වැටිලා උන්නා...මගෙ ඇදුමක් ඇදන් උන්න ඒකිගෙ නලල බලාගන ඉන්නකොට ගෙඩි ගැහිලා තියනකොට මං ලගට එන්ඩ කියලා ඒකිගෙ මූන අල්ලන්න ගියා විතරයි කාමරේ අන්දකාර ගැහුන මුල්ලක ඉදන් කෙනෙක්මා දිහා රවාගන වගේ බලන් ඉන්නකොට මම නාද්‍යව තල්ලු කරලා මගෙ ඇදුමෙන්ම අත් පිහාගන්නකොට ඒකි මා දිහා පුදුම වෙලා වගේ බලන් උන්නා...

මට...මට බෑ උඹව අල්ලන්ඩ....යමන්...අම්ම ලව්වා තවාගෙන වෙන කොහෙන් හරි ඉදින්....

අනෙ..මහත්තයා..මං කොහෙ ඉන්නද....

අර...සුදු අක්කගෙ කාමරේට යමන්...

මට බෑ...මටබෑ.....ඒකට යන්ඩ මට නම්...බෑ.....අනේ මහත්තයා ...අපි මහත්තයගෙ කොළඹ ගෙදරට යමුකො....මෙහෙ ඉන්න බෑ බයයිනෙ.....

ඕන මගුලක් උඹ පලයන්කො මෙතනින්....යමන්කෝ.....ගිහින් ඔය මූන තවා ගනින්කො...

කාමරෙ අදුරු මුල්ලෙ උන්න ඇස් දෙක උන්නෙ තරහෙන්..මං බලන් උන්නා.....ඉනන එකා මොකා උනත් එතන ඉන්න එකා උන්නෙ තරහවෙන් වෙනකොට මට නාද්‍යව මගෙ කාමරෙන් එලවගන්න ඕනා උනා....බය උන පාරට ඒකිට කොළඹ ගෙදර යන්න ඕනා ගානකොට මම ඕන මගුලක් කියලා ඒකිව අත්ගොබෙන් අල්ලන් ගිහින් එලියට තල්ලු කරලා දොරවහනව එක්කම දොර මුල්ලෙ උන්න ඇස් දෙක ටිකෙන් ටික එලියට ආවා...

අර කෙල්ල.....

එතන උන්නෙ අර ලින් පඩිය උඩ ඉදගත්තු කෙල්ලම වෙනකොට මම අඩියෙන් අඩිය පස්සට ගියා 

බේබි...හාමු....මං උඹට මොකුත් කරන් නෑ...

අර කෙල්ල හිමින් හිමින් මගෙ ගාවට එන ගමන් මට කරදරයක් කරන් නෑ කිව්වා...ඒත් කෙල්ලට මගෙ ගාවට තව අඩි දෙක තුනක් වත් ලන් වෙන්න බැරි උනා ඒකිව විසික් වෙලා ගියා....ඒකිව විසික් උනා...මං හිතන්නෙ මගෙ ඉනේ තිබුන සුරෙ හින්දා වෙන්න ඇති.....

උඹ...ඇත්තටම ..මට මොකුත් කරන්නෙ නෑ.....නේද....

කොච්චර කොහොම මොනවා කිව්වා උනත්...මෙතන ඉන්නෙ මනුස්සයෙක් නෙවෙ බව දැන දැන මම කොහොමද සුරේ ගලවන්නෙ කියන දේ මගෙ හිතට දැනුනා....ඒකි සුරේ ගලවන්න කිව්වත් මම සුරේට අත තියනකොට මට ආයමත් බයක් දැනුනා වගේම මං කෙල්ල දිහා බැලුවා....

දලදා හාමුදුරුවො පල්ලයි...මං උඹලට කරදරයක් කරන් නෑ....හාමු...මං උඹලට...පිහිටක් වෙනවා ඇරෙන්න...මං උඹලට කරදරයක් කරන් නෑ....උඹලව මැරෙන්ඩ අරින්ඩ බැරි කමටමයි...මං එන්නෙ හාමු....ඕක ගලවපන්....

කෙල්ල ඈත පේන දලදාව දිහා බලාගන අත් දෙකම වැන්දා...වැදලා දලදා හාමුදුරුවො පල්ලයි කියලා දිව්රනවා එක්කම මම අල්මාරිය ඇරලා ලාච්චුවෙ තිබුන කතුර හොයාගන ඉනේ තිබුන කලු පටිය කපලා සුරේ ගැලෙව්වා විතරයි කෙල්ල මගෙ ගාවට ආව....ඒත් කෙල්ලව විසික් උනා ...

ඒකි ආයම එන්න හැදුවා.....ඒත් කෙල්ලව ආය ආයම විසික් උනා....

හාමු...අතේ තියන සුරේ විසිකරපන් ....

මම අතේ තිබුන සුරේ ඇද උඩට විසික් කෙරුවා ...ඒ එක්කම කෙල්ල ආවා...කලින් විදිහමයි...කෙල්ලට එන්ඩ බෑ....ඒකිව ආයම විසික් උනා.....

උඹලට මොනවා හරි ගිල්ලවලා තියනවා හාමු...ඒක කොහොල්ලෑ ගුලියක් ඇලෙව්වා වගේ උඹේ ඇගේ තියනවා...ඒකයි මට එන්ඩ බැරි....උඹගෙ ඇගේ ඒක තියනතාක් කල්....මට උඹව ගොඩ ගන්ඩ බැරිවේවි .....ඇරත් ..ගල්ලපු එක මහ සාගරේ පතුලෙ හැංගුවා හා සමානවම ගොඩ ගන්ඩ ලේසි එකක් නෙවෙ හාමු...උඹට නොසෑහෙන්ඩ විදවන්ඩ වේවි....උඹට පෙරේතයෙක් වැහුනා හා සමානවම ජීවත් වෙන්ඩ වේවි...කොටිම්ම....උන් උඹව පාලනය කරන තාක්...උඹට රූකඩයක් වගේ ඉන්ඩ වේවි....කරන්ඩ තියන එකම දේ ....ඔය වහන්තරාව ගොඩ ගන්න කන්..... උඹ උන් අකැපයි කියන ඔක්කෝම කරපන්.....උන් උඹට තහනම් කොරාපු ඔක්කෝම පිලිහිඩි කාපන් ...වලව්වෙ හැත්ත.....උඹලව කාලා....උඹලව...පන තියෙද්දි මරලා...උඹ හුස්ම ඇල්ලුවත් ..ඇතුලෙන් මැරිලා ඉවරයි හාමු...උඹ නොදැනුවත්වම...වැරදි කෙරුවා...උන් උඹ ලව්වා වැරදි කෙරෙව්වා...නියං කාලේ උඹ වෙනුවෙන් පිපුන මලක් උඹේ අතින් පොඩි කෙරෙව්වා . ...

නියං කාලෙ උඹ වෙනුවෙන් සුවද දුන්න මලක්...උන් පොඩි කරලා ඒ සුවද නැති කෙරුවා ....උඹ ලව්වම..උන්ගෙ මිනිවලවල් කප්පනවා කියලා එකෙක් පරසක්වල ගැහුවා....මේවා.....ලේසියෙන් අතාරින්ඩ ඕනා කාරනා නෙව්වෙ හාමු...

කෙල්ල කාමරේ පුරාවටම හයියෙන් හයියෙන් අඩි තිය තිය එහාට යනවා මෙහාට යනවා..ආයම එහාට...ආයම මෙහාට.....ඒකි තරහෙන් පුපුර පුපුර තත්පරේට වචන ගනින්න බැරි තරම් ගොඩක් කියව කියව යනකොට මම කෙල්ල දිහා බැලුවා ..ඒකි කියනවා ඒකි රන්මලිලූ...එත් අම්මා කිව්වා උන් ගමේ ගියා කියලා ....ඒකි ඉස්කෝලෙ යනවා කිව්වා...ඒත් ඒකි මෙහෙ ඉන්නෙ කොහොමද ....ඇරත්..මේ විදිහට ...

කිව්වා වගේම මම උන්නෙ අනතමනතෙන්...කියන දෙයක් තේරුම්.ගන්න බැරිව.....ඒකි කියන මෙලෝකෙ දෙයක් නොතේරුන මම මගෙ හිතට වද දෙන පලවෙනි ගැටේ ලෙහා ගන්න මම කෙල්ල දිහා බැලුවා....

උඹ රන්මලීද...

ඔව්...

උඹ රන් මලී නම්...ඇයි මෙහෙම...උඹ ඉන්න ඕනෙ මෙහෙම නෙවෙනෙ ....උඹලා ගමේ ගියානෙ....උඹ මාතර...සුජාතා එකට යනවා කියලා ලියුන් කඩදහියක් මට එව්වනෙ....

අනේ...බේබි...හාමු...

මම කෙල්ල දිහා බැලුවා....ඒකි මට බොරු කරනවා...රන්මලියා කිව්වනෙ....ඒකි සුජාතාවට යනවයි කියලා මට ලියුමක් එව්වනෙ ...කෙල්ල උන්නෙ මා දිහා බලන් කදුලු පුරවගන වෙනකොට මම අර ආවයි කියපු ලියුම හොය හොය මගෙ පොත් මේසෙ අදිනකොට මට කහ ගැහුන ලියුම හම්බුනා....

මේ තියෙන්නෙ...මේන් බලපන්...මේන් බලපන්...උඹ බොරු කියනවා...උඹ...බොරු කියනවා.....

අනේ...බේබී...හාමු...ඔය ලියමන පැන්සලකින් ලියාපු එකකෙ..මං පැන්සල් වලින් ලියන් නෑනෙ හාමු...ඇරත්...මේ අකුරු....උඹලගෙ අම්මගෙ....අපේ.රත්තරන් හාමූ....උන් උඹව රවට්ටලා...උඹ...තවමත් එදා වගේ මගෙ ඉස්කෝලේ ගමන ගැන වද වෙනවා ...උඹ විතරයි...මං ගැන වද උනේ හාමු.....උඹට මතක නෑ....දෙයියො...උඹට මෙලෝ....ම දෙයක් මතක නෑ.....උඹමයි මාව ඔය අත් දෙකෙන් උඩට ගත්තෙ ..උඹමයි මගෙ මලකදට කර ගැහුවෙ.....උඹට...හොද සිහිය එනකොට ...තවත් පිස්සු හැදේවි හාමු....වෙච්ච කෙරිච්ච දේවල් අහලා උඹලව බාගෙට මැරේවි...ඒත්....කරන්න දෙයක්නෑ හාමු....ඉවසපන්....කොහෝම හරි ඉවසපන්.....

මං ඉන්නවා..උඹ වෙනුවෙ ..උඹලා වෙනුවෙන් ...මේ මොල්ලිගොඩ හැතිකරේ උඹලා අපිට කරපුවට විදවන්න ඕනේ....හිමින් හිමින්...හිමින්....දශමෙන් දශමෙ....උන්ට මිනිවල් කපන්ඩ ඕනා උඹමයි හාමූ..උඹේ අත් දෙකෙන්ම...උන් පන පිටින් ඉද්දි...උන්ගෙ ඇස් වලට පෙනි...පෙනි...උඹ මිනිවල කපන්ඩ ඕනා...උන් පන පිටින් ඉද්දි...උඹ උන්ගෙ පාංශු කුලේ දෙන්ඩ ඕනා...

මුන් උඹලට අපිට කෙරුවෙ සුලුපටු දෙයක් නෙවෙ හාමූ.....

මං අහන් උන්නා...කෙල්ලගෙ මූන වෙනස් වෙනවා..ඒකිගෙ ඇස් වලින් කදුලු එනවා.....ඒකි කියන ඒවා අහන් උන්න මට ඔලුව පුපුරන තරම් කැක්කුම කරනකොට මගෙ ගාවට එන්න බැරි කෙල්ල අවසානෙදි ජනේලෙන් එලිය දිහා බලන් උන්නා...කියන්නෙ මොනවද කරන්නෙ මොනවද.....කියන්න මෙලෝ දෙයක් නොතේරුනත්.....තව ඉස්සරහට මට විදවන්න වෙයි කියන එක විතරක් ඒ වචන වලින් තේරෙනකොට මම කෙල්ල දිහා හැරිලා බැලුවා...මොකද මට මගෙ පපුවට වද දෙන තවත් කාරනාවක් තිබ්බා....වෙන කවුරුත් නෙවෙ ...අර කොල්ලා.....මට ඒ ඇස් දෙක පුදුමාකාර තරම් වද දුන්නා ...

රන්මලී ....

මං ඒ කෙල්ලට කතා කෙරුවා ....මමම ගොඩගත්තයි කියන කෙල්ලට මම කතා කෙරුවා ...මමම මලකදට කර ගැහුවයි කියපු කෙල්ලට මම කතා කෙරුවා .....

බේබි හාමු.....

අර...කොල්ලා...කව්ද....රන්මලී....සුදු මහත්තයා ...මාව මතකද අහ අහ....මගෙ ඇගෙ එල්ලි එල්ලි උන්න කොල්ලා කව්ද.....ඒ ඇස්...ඒ අඩන ඇස් තිබුන කොල්ලා කව්ද රන්මලි...ඒ ඇස් මට වද දෙනවා...ඒ ඇස්...මට නොසෑහෙන්න වද දෙනවා...උඹ ආවෙ මං වෙනුවෙන් නම්...පින් අයිති වෙයි....මට ඒකොල්ලගෙ නම කියපන්.....ඒකා මගෙ කව්ද කියපන්....

මම කෙල්ලගෙන් එක දිගට හුස්මක් නොගෙනම ඒ කවද අහනකොට කෙල්ල මා.දිහා බලන් උන්නා හරියටම මම කොච්චර ඒකා ගැන කිව්වත් උඹට මතක් වෙයිද හාමු කියලා අහන්න වගේ 

මම ඒකගෙ නම කිව්වත් උඹට මතක් වෙයිද හාමූ....මට උන දේ මතක නැති උඹට....ඒ නම මතක් වෙයිද හාමු ....උඹ ඉන්න තත්වෙ එක්ක මම උඹේ ඔලුවට බර දැම්මොතින්....උඹේ පපුව පැලිලා මැරෙයි ...ඒක හින්දා....තව ඉවසපන්...මෙච්චර දේවල් වෙලත් උඹ හුස්ම ගන්න එකේ ඉවසපන් හාමු...

දෙයියනෙගෙ නාමෙන්...කියපන්කො....

උඹට මට කියන්න පුලුවන් කමක් තිබ්බා නම්..මං කියනවා...ඒත්..උඹේ ඔය බඩේ තියන කොහොල්ලෑව හින්දා..මං උඹට කොටලා පෙව්වත්...තව ටික වෙලාවකින් අමතක වෙනවා...ඔය රෙද්ද අහවර කරන්ඩ එසේ මෙසේ තොයිලයක් නෙවෙ නටන්ඩ වෙන්නෙ.....ඕකෙ බල මැරෙන කන් ඉන්ඩ වෙනවා.....ඒක හන්දා...මං උඹේ ඔලුවට එක දෙකයක් දාන්නම්හාමු.....

ජීවිත කාලෙටම උඹට අවංකවම ආදරේ කරපු මිනිස්සු ඉන්නෙ ඇගිලි ගානටත් අඩුවෙන් ..ඒ හැමෝවම වලව්වෙ උන් උඹෙන් උදුර ගත්තා ....මිනිහෙක්ට අවංක ආදරයක් වගේම කල්‍යාණ මිත්‍රයෙක් හම්බෙන්නෙ එකම එක පාරයි.....මොන දේ උනත් ..උඹට ඒ දෙකම ලැබුනා....හැබැයි....උ ඒ ඔක්කෝම උදුරගන උඹේ කරේ මාර දූතියක් ගැහුවා....ඉවසපන්....හැමදේම හොද අතට වෙයි....උඹ වෙනුවෙන් මං ඉන්නවා...එක හන්දා...උඹ බය නොවී ඉදපන්....උඹට කරන්ඩ තියන එකම දෙ ....අර මාර දූතිගෙ මායම් වලට අහු නොවී ඉන්න එක විතරයි ....උඹ.....

සුදු මහත්තයා ....නිතේශ් ...

මොකද...

මේ දොර අරින්නකො....

මං කෙල්ල දිහා බැලුවා....ඒකි උන්නත් පේන්නෙ මට විතරක් උනාට දොරෙන් එපිට උන්න නාද්‍යගෙ කටහඩ ඇහෙනකොට කෙල්ලගෙ මූන වියරු වැටෙන්ඩ ගත්තා .....

බේබි හාමු...ඕකි.කිව්වොත්...මෙහෙ ඉන්ඩ බෑ..කොළඹ යන්ඩ ඕනයි කියලා.....ඒකිට බොරු ආදරයක් පෙන්නලා හරි යන්ඩ කැමති වෙයන්...උඹලගෙ උන් කැමති නෑ උඹව එහෙ යවන්ඩ....ඒකිට ඕනෙ ජවුසන් යන්ඩ.....මට පුලුවනි මෙහෙ උන් ගැන බලාගන්ඩ...උඹට කරන්ඩ තියෙන්නෙ ඔය උන්නා වගේම එහෙ ඉන්ඩ..මෙහෙ උන්නොත්...උඹට වෙන්නෙ තව තව වහ බොන්ඩ...අමතක කරන්ඩ එපා හාමු...ඌරගෙ මාලු...ඌරගෙ ඇගේ තියලා කපන කාලයක් එනවා...පුලුවන් නම්...පහල කම්මලට ගිහින්...හොද උදැල්ලක් හදවන්ඩ දීපන්....උඹම මයින හම ඇදපන්....උඹම ගිනි පිඹපන්...ඒ කරලා...උඹම උදලු මිටක් රැහැපන්.....

මයින හම අදින වාරයක් ගානෙ....ගිනි පිඹින වාරයක් ගානෙ ප්‍රාර්තනා කොරපන්....උඹලගෙ සර්වාංගෙම ඇවිලෙන්ඩ ගත්තෙ කොහොමද....උඹලට වද දුන්න ඔක්කෝගෙම ඇගවල් දැවිල්ල ගන්ඩයි කියලා .....යකඩෙ තලන තලන වරයක් ගානෙම හිතට ගනින්.....උඹලගෙ ඔලු කටු පුපුරවන්ඩ තරම් ඔලුව කැක්කුම හැදුනෙ කොහොමද ඒ වගේම කැක්කුම අල්ලන්ඩයි කියලා ....

හොදට මතක තියා ගනින්.....උඹ ඒ හදන උදැල්ලෙම්ම තමයි...උන්ගෙ මිනිවලවල් කපන්නෙ කියලා...දැන් පලයන් කම්මලට...දැන් පලයන්.....අද රෑ ගෙවෙනකොට උඹ උදැල්ල හදලා...හෙට පලයන් ඒකි එක්ක.....මොකද...උඹේම එකෙක් පරසක්වල ගැහුවා උඹ ලව්වා මිනිවලවල් කප්පනවා කියලා....

ඒ කරලා උඹ පලයන් ගිහින් බලන් ඉදින්...උඹට හැමදාකම එක එක පනිවිඩ කොහෙන්.කොහෙන් හරි කනට වැටෙයි....අමතක නොකර...මේන් මේ වලව්ව....ජීවිත බුක්තිය නැතුව ලියා ගනින්...

එහෙන් නාද්‍යා දොර කඩ කඩ මැරෙන්න හදනකොටම කෙල්ල කිව්වා ඒකි එක්ක

යන්ඩ කියලා..බොරු ආදරයක් පෙන්නලා...යන්ඩ කිව්ව...යන්න කලින් මගෙම අතින් උදැල්ලක් හදවන්න කිව්වා....ඒ ඔක්කෝම කියපු කෙල්ල ආයමත් ජනෙල් තිර හොලවන් යන්න යනවා එක්කම මං ගිහින් දොර ඇරියා ...හැබැයි...පොඩි එකී කිව්වා වගේම බොරු ආදරයක් හිතේ තියාගන.....

හුස්ම ගන්න පන තියන උන් ජීවත් වෙන ගෙදරක මට ආත්මයක් කියන දේවල් පිලිගන්න ඒකි මට සාක්කි දුන්නා....මේ ගෙදර එකෙක් වත් මට ආදරේ නැහැයි කියන්න උන්ගෙ මවා පෑම්වලින් මට පෙනුනා....ගිල්ලපු දෙ කෙසේ වෙතත්...ආයම මල ජරාවක් පොවන්න කලින් මට ගෙදරින් පැනලා යා ගන්න ඕනාවෙනකොට මං ඒකි මං ඉස්සරහා රගපානවා හා සමානවම රගපාන්න ගත්තා ....

නිතේශ් .....

ඇයි මැනිකේ....

අනේ සුදු මහත්තයා ....අපි කොළඹ යමුකො.....

කෝ බලන්න ඔයාගෙ නලල.....

මං බලාගන මං මැනිකෙ කිව්වා විතරයි ඒකිගෙ ඇස් දිලිසන්න ගත්තා .....එකි එහෙම්ම මගෙ ඉනවටේ අත් ඔතාගන්නකොට මං දත්මිටි කාගන උනත් හිනා වෙන ගමන් ඒකිගෙ ගෙඩි ගැහුන නලල අල්ලලා බැලුවා.....

මං අම්මට කියන්නම්....ඔයත් කියන්න...අනික මෙහෙ ඉන්න බෑනෙ.....

අනේ ඔව් සුදු මහත්තයා .....මෙහෙ උන්නොත් මටත් ඔසරි පටලවන්න වෙන්නෙ....

ඇයි...මගෙ මැනිකෙ ඔසරිවලට කැමති නැද්ද.....

අනෙ...නිතේශ් .....අවංකවම මං මේ ඔසරි පටලවන් ඉන්න කැමති නෑ....අනික ඔයා කොළඹ ජීවත් උන කෙනෙක්නෙ නිතේශ් ....

මං අහන් උන්නා....ඒකි මගෙ වැවුන රැවුල අත ගගා ඒකිට මෙහෙ ඉන්න බෑ....ඒකිට කොළඹ යන්න ඕනා ....ඒකිට ඔසරි ඇදන් ඉන්න බෑ ගගා කියවනකොට මං හිනා වේගන අහන් උන්නා

.මොකද.....අර කෙල්ල කිව්වෙ මෙහෙන් යන්නම කියලා කියනකොට මමත් ඒකි කියන දේට ඔලුව වැනුවා ..මට ඕනෙත් ඒකිගෙ පානෙන් එලිය බලාගන්න ...

සුදු මහත්තයා .....

මං උන්නෙ තාමත් ඒකිව බදාගන වෙනකොට ඈතින් එන අම්මව දැක දැක මං ඒකිව තව ටිකක් ඇගට තද කරගන්නකොට මං බලාගන අම්මගෙ මූනට හිනාවක් මතු වෙනවා.....

නාද්‍යා ...ඔයා අම්මට කියන්න කොළඹ යන්න ඕන කියලා ...මාත් මෙහෙ ඉන්න කැමති නෑ මැනිකෙ ....අනික මේ පේනවනෙ මූන ..

ඒකනෙ සුදු මහත්තයා ...මං අම්මට කියන්නම් ...අනික ...මෙහෙ ඉදලා ලමයෙක් වත් හදන්නෙ කොහොමද ...ගොඩේ තාලෙට හදයි....ඇරත් මේ ඔසරි ඇදන් ඉන්න බෑ නිතේශ් ....ඇරත් මේ වලව්වෙ ඉදන් තුන්වේලන බත් තම්බන්න...අනේ නිතේශ්....මං මේ ටිකේ උන්නෙත් හරි අමාරුවෙන් .....

ම්ම්ම්...ඔයාගෙ කැමැත්තක් .....

දූ.....තේ එකක් හදන්ඩ වතුර ලිපේ තියන්ඩ....ඔහොම තැන් තැන්වල තුරුලු වෙලා උන්නොත් කව්ද ඒවා කරන්නෙ....

මූනෙ හිනාවක් පිපුන අම්මා නාද්‍යා ගාවට ඇවිත් තේ හදන්න කියනකොට මගෙ ඇගේ එල්ලීගන උන්න නාද්‍යගෙ මූන ගොරකා ලෙල්ල වෙලා යද්දි මාත් කෙරුවෙ ඉගුරු කෑල්ලක් තලලා තේ එකක් හදන්න කියපු එක...

මැනිකෙ ඉගුරු කෑල්ලක් තලලා තේ එකක් හදන්න....

අම්මා දැම්ම තේ ඕනෙද ?

ඔව්...සීයා තාත්තා තේ බින වෙලාව ලගයි ....පරිප්පු ටිකක් පෙගෙන්ඩ දාන්න...අත්තම්මා කිව්වා දූ අතින් අද රෑ බත හදවන්ඩ කියලා .....

මැනිකෙ කරවල කෑල්ලකුත් ....

නෑ නෑ පිලී ජාති කන්නෙ නෑ...හොද නෑ.....

පරිප්පුයි බතුයි ගිලින්ඩද ...මට බිත්තරයක් වත් ඕනා...නාද්‍යා ...මට බිත්තරයක් බදින්න....වැඩිය ලූනු අමුමිරිස් එපා....වැඩිය කරවෙන්න බදින්නත් එපා....සෝස් ෆෑන් එකේ එපා...තාච්චියෙ බදින්න ....ගැබුරු තෙලේ බදිනකොට බලාගන බිත්තරේ කරවෙයි....

නිතේශ් කිව්වනේද.....උඹට පිලී හොද නෑ....ඔව්වා කිලි

පිලී හොද නෑලු...එතකොට ගෑනි එක්ක බුදියන්න හොදද ..මනස් ගාත කියන්න එපා අම්මා...ඔයා බදින්න මැනිකෙ....

මං අනිත් පැත්ත හැරුනා මොකද මට හිනා යන්න ආවා.....අරකිගෙ මුන කුන්ඩ හට්ටියක් වෙලා යනකොට මං තේ හදන්න යන්න හදපු නාද්‍යට බිත්තරේ ගැන කියනකොට මං බලාගන ඒකි අත් දෙක මිටිමොලවනවා....

ඒකි දත් මිටි කකා කුසියට යනකොට මම හැරිලා එලියට එන්න ආවා වගේම අම්මත් මගෙ පස්සෙන් ආවා....

සුදු මහත්තයා ඔය කොහෙද ඔය යන්නෙ....

කම්මලට.....

කම්මලට මෙවෙලෙ...

ඔව්...උදැල්ලක් හදවන්න...

ජැක්කනෙ....😂😂😂😂

ආයම කොටසකින් එන්නම්....

ඉහි...ඉහි...🤭🤭මුව පැතියත බයි ගිනි හැදිලලූ....මේ ලමයා ගිලින්න යන්නෙ...ඔය ලමයිනුත් ගිලින්න....

නිකන් දැම්මෙ🤭🤭👉👈

Ferdeesha ❤️💚😘 ....

More Chapters