Ficool

Chapter 80 - 80

ආව මෙතන අපේ මල්ලි ගාගන...අපේ මල්ලි යැයි යැයි තමයි....අපේ මල්ලිට උන ගැනෙන්න ශොට් එක හම්බෙලා ඉන්නෙ උඹ එක්ක අදත් හුරතල් උනා නම් මල්ලි බඩ වෙලා නවතින්නෙ....

මගුල....ආවා මෙතන...මල්ලියෙක් ගැන අහන් මල්ලි ඉන්නවා මගෙ කකුල් මැද කියන්න තිබ්බෙ...

ඊයෙ හිටපු එකා අදත් මගෙ විතේන් ගැන අහන් එනකොට මං ඌට බොරුවක් පතබාලා හැරිලා යනකන් ඉදලා පුලුවන් තරම් කුනුහර්ප පැලුවා ....

අ...අයියේ මේ...

ඔව් කියන්න මල්ලි....

අරූට හිතින් බැන බැන මං බුෆේ එක දිහාවට යන්න ආවා විතරයි මූ ආයම අයියෙ හුයියේ ගාගන එනකොට මං ආයම බොරු හිනාවක් මවාගන ඒකා දිහා හැරිලා බැලුවා

අයියෙ...මන් මල්ලිට ඊයෙ ඵෝන් නම්බර් එක දුන්නා.....එයාට ....උවමනාවක් හදිස්සියක් උනොත් කෝල් එකක් ගහන්න කියනවද ...ඕනම...උදව්වක්.....පන...පන උනත් දෙන්නම් අයියෙ....මං ඉන්නවා කියන්ඩ අයියේ.....

ඇත්තදූ...

මො...මොකක්ද...අයි...යේ...

න්න්න්න්..නැ...නෑ....ඇත්තටමද කියලා ඇහුවෙ ...

මට ආවෙස වෙලා උන්නත් මුගෙ මූනෙ තිබුන අර සත්‍ය ප්‍රේමේ බෘංගරාජයා මූඩ් එක එක්ක මන් ඉන්නවා අයියෙ කියද්දි මූ සයිඩ් එකට srk වගෙ හිට ගත්තා....හරියටම මේ හූ නා කියන්නා වගේ ...ඒ ඔක්කොමත් එක්ක මගෙත් බෝක්කු කටෙන් වචනයක් පනිනකොටම මූටත් හොද සිහිය ඇවිදින් මොකක් අහනකොටත් මාත් ඉක්මනට මගෙ මූඩ් එක ෆික්ස් කර ගත්තා .....

ඔව්...ඔව් අයියේ..මං එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් .....

මල්ලි.....උඹ....ඇත්තටම ...උඹ නම්....දෙයියෙක්...නෙවේ....දේවාලයක් මල්ලි.....දෙයියෝ බුදුන් බැලුවා වගේ...උඹ ආවෙ මල්ලි....

මං මගෙ ඇස් වලට ඇගිල්ලකින් ඇනන් බලෙන් කදුලු පොත්තක් අරගත්තා ..මගෙ විතේනයට අරහෙ ෆිර් එක හැදිලද දන්නෙ නෑ කිය කිය හිතින් හිත උන්න මං මේකා එක්ක දෙවනි ඉනිම පෙන්නන්න පටන් ගත්තා .....මූගෙ මූන තනිකර කිරි සමන් වගේ තනිකරම ටික්ටොක් කරන මූනක් තියෙන්නෙත්....

ඇවිදින්නෙත් හරියටම කොලිවුඩ් වල කොල්ල බිමට අඩිය තියනකොට දූවිලි වලාවන් අහසට පාවෙලා වටේ පිටේ තියන ඒවා ටොනාර්ඩො එකකට අහු උනා වගේ වෙනකොට මං බලාගන එකෙක් ගාව jbl එකක් තිබ්බා....මූ මන් විතේන් එක්ක ඉන්නවා දැක්කොත් ලගට ඇවිත් කනට ගහලා cudu mahaththayagen ඈත්වෙලා ඉදපන් ඩෝ කියලා කියයිද දන්නෙත් නෑ.....

මං ඒකා දිහා තනි ඇහෙන් බලන් උන්නා.....ඉදලා දුක හිතෙන කතාව පටන්.ගත්තා ...

එයා...පුංචි කාලෙ ඉදන් හරීයට දුක් වින්ද කොල්ලෙක්.....වේලක් කාලා සතියක් බඩගින්නෙ උන්න අහිංසකයෙක්...

මගෙ ඇස්වලින් උදේනි අම්මගෙ ඇස්වලට හපන් කදුලු තොගයක් ගලන්න ලෑස්ති වෙලා උන්නා....මං බලාගන වේලක් කාලා සතියක් බඩගින්නෙ උන්නා කිව්වා විතරයි මගෙ ඉස්සරහා උන්න කිරි සමන්ගෙ උනඩුක පුච්චෙ ඉදලම ගිනි ගන්නවා .....ම්ම්ම්ම්..නා...යිස්....මමා.....!!!

අනේ අයියේ...මගෙ කොල්ලා...

උඹේ නෙවේ මගෙ ..

මොකක්ද ...අයි ...යේ....

නෑ නෑ මොකුත් නෑ....කොල්ලා දුක් වින්ද එකෙක්.....ඉගන ගන්ඩ ආසාව තිබ්බට.....වරම් නැති උනා...එක ආප්පයක් ගෙනල්ලා දෙකට කඩන් කාලා අල්ලට සීනි අහුරක් අරන් තේ ටිකක් බීලා ඉස්කෝලෙ ගිය කොල්ලා ගෙදර ඇවිත් හීතල වෙලා ගියපු කටු අලයක් කාලා...අම්මා පොල්මට්ටා තලනකන් මල්ලිව බලාගන ඉදලා හවසට තාත්තා එක්ක ගල්වලට ගල් කඩන්ඩ යනවා ...

අනේ .....හ්හ්හ්.....

අරූ අහන් ඉන්නවා....සිරියාවතී ඉස්කෝලෙ ගිය හැටි වගේම නිමල් ගල් කඩපු හැටි දෙක එකට එකතු කරලා වෙනම ඩ්‍රාමා එකක් හදපු මන් ඌ ඉස්සරහා පොතේ ගුරා වගෙ මනමේ නාට්ටිය දිගෑරියා ..කියන බොරුවලට සාපේක්ශව ඒකගෙ මුනෙ එලිය අඩු වැඩි වෙනකොට මං මේ වෙනකොට ඌ වටේ තමිල්නාඩුවක් මවලා ඉවර උනා ..කතාවෙ හැටියක් විතේන් තරම් දුප්පත් එකෙක් අඩුම ගානෙ අප්‍රිකාවෙ වත් නැති උනා...හිගන්නෙක් පවා විතේන්ට නයට දෙන දරමට විතේන් දුප්පත් උනා....අපිටත් වැසිකිලියක් පාඩමේ වගේ මගෙ විතේනුත් මුලින් මුලින් ලන්දට ගිය පොරක් වෙනකොට අරූට අඩන්න කදුලු මදි උනා ...

අනේ.....මගෙ කොල්ලා....

මගෙ කොල්ලා නෙවෙ අපේ...අපේ...

ආ...අයියේ...ඇහුන් නෑ...

ඇහුන්නැති උනා නම් වඩාත් හොදයි මොකද ඔයා ඒවා අහන්න පුලුවන් මානසීක මට්ටමක නෙවෙ ඉන්නෙ ඒකයි....මෙච්චර මල්ලි මං කියන්නෙ...මචන්...උඹලා....අඩේ...අපේ ..

අත්වල හැදුන උන් වගේ....ආ.....පට්ට දුකයි...සගෝ...උඹ...ඕනම දේකට ඌ වෙනුවෙන් ඉන්නවද....

එකෙම්ම...අයියෙ....මං..දරුවො එක්ක හරි බාර ගන්න කැමතී...

අන්න....අන්න...වත්තල කොල්ලො..මල්ලි...උඹ ඇවිත්...එළ කොල්ලෙක්...හරක් හොරෙක් මල්ලි.....මෙන්න මේකයි වෙන්න ඕනේ...

මොකක්ද අයියේ.....

මම කන අතගාලා මූට කනට ගහන්න ලැහැස්ති උනා....මෙච්චර වෙලම එයා වෙනුවෙන් ඉන්නම් කියන එකා ටිනර් වල්ටත් වඩා වේගෙන් වාශ්ප වෙන හැටි බලමුකෝ...

මල්ලි...කොල්ලගෙ වයිෆ්ව අදුරන කට්ටියක් ගෙවන ඉස්පිරිතාලෙකට අරන් ගිහින් තියෙන්නෙ.....බබා හම්බ කරපු ගාස්තුව තුනේ ඉලක්කමයි පිටිපස්සට බින්දු පහක්ලු....කොල්ලට ඒක ගෙවා ගන්න විදිහක් නෑමල්ලි....

අයියේ ..මේ පොඩ්ඩක් ඉන්න මං හිතන්නෙ මට කෝල් එකක් එනවා වගේ...

කෝ...මට අහුන් නෑනෙ ...

නෑ...මේ...ව....වයිබ්‍රේට් දාලා තිබුනෙ .....මං මේක ආන්ස්වර් කරන්නම ඕනෙ කෝල් එකක් අයියේ...

ආ...ආ...ඇත්තදූ.....හාකො...

මං බලන් උන්නා...තොට මෙතන ඇරලා මාරු වෙන්ඩ...කිව්වෙ නම් කොහොමද පන උනත් දෙන්නම් කියලා...දෙයි පකක්....

.

මං ඒකා දිහා රවාගන බලන් ඉදලා තල් කොල ඉන් හදලා තිබුන පන් වට්ටි අස්සෙ තිබුන කෑම ජාති දිහා බැලුවා...සමහරක් තල් වට්ටි වල....සමහරක් මැටි හට්ටි වල මං එකින් එක් දිහා බලුවා....මනි පිට්‍ටුද මොනවදොත් තිබ්බා....කුරක්කන් පිට්ටුත් තිබුනා .....උන හින්දා ....කටට දැවිල්ලට...ම්ම්ම්....ගලේ අඹරපු ලුනු මිරිස් එක්ක කැට කපපු කිරි බතුත් තියනකොට මම තල් පට්‍ටා පිගානකට කිරිබත් වගේම ඉගුරු දාපු තේ දෙකක් කාමරේට ගෙනල්ලා දෙන්න කියලා ගත්තු කිරිබත් එක අරන් උඩට ආවා...

හොර මිනිහගෙ ගෑනිට නින්ද ගිහින් ...එන තරහවට දෙන්න හිතයි පුක පුපුරන්න.... ඒත් ඉතින් ඊයෙ රෑ කාපු කෑමට මං හිතන් නෑ ආය මාසෙකට වත් මාව ලගට ගනි කියලා .....

සුදු මැනිකේ....

මං අතේ තිබුන කිරිබත් ප්ලේට් එක පැත්තකින් තියලා එයා ගාවට ගියා ගිහින් නලට වගේම බෙල්ලට අත තියලා බැලුවා

මගෙ වස්තුව....

ම්ම්ම්ම්හ්....තේ....ශී...

ඕ මැනිකේ.....උඹට උනනෙ විතේන් ගින්දර වගේ....මේ පිට ගිනි කබල වගේ....අනේ මැනිකෙ හොද කොල්ලා වගේ ඕක ගලවපන්කො .....

අනේ ...එපා....සීතලයිනෙ ...

අනේ...මැනිකා මේ බලපන්කො ඉතින්....සහලවලා උනනෙ.....

මම එයාගෙ නලලට පිට්ට බෙල්ලට අත තිය තිය බැලුවා...එයාව ගිනි.කබල වගේ රත් වෙලා විතරක් නෙවෙ තොලපට පවා සුදු මැලි වෙලා ගිහින් තිබුනා ....කරන්න දෙයක් නෑ රිදවන්න ගිහින් අවසානෙදි ඒකත් කැරකිලා මටම ආවා වගේ වැඩක් උනේ...එයා අමාරුවෙන් වගේ කෙදගානකොට දැන් දැන් එයාට වඩා මට රිදෙන්න ගත්තා ....

කිරිබත් දෙන්න බෑ ඒකත් සීතල කෑමක්.....ලුනු කැද ටිකක් පෙව්වා නම්.....

මම එයාදිහා බලන් තනීයම කල්පනා කෙරුවා...

සුදු මැනික...මේ අහන්නකො.....මේක පොඩ්ඩක් ගලවමුකෝ....

මම එයාව අතින් අල්ලන් ඉන්දෙව්වා.....එයා ඇදුම ගලවන්න බෑ...සීතලයි සීතලයි කියන්න කියන්නම මම සම්පූරනම එයාව නිරුවත් කරලා දැම්මා...ඊයේ රෑ ඒ ඇග පුරාවටම තිබුන ලප දැක්කම එයා මගෙ විතරයි කියන සතුට පපුවම වහගත්තා උනත්...අද ඒ වෙනුවට මට තනිකරම වේදනාවක් දැනුනා....බෙල්ල පුරාවටම පපුව පුරාවටම ගින්දර පාට උන තට්ටම් දැකපු මගෙ පපුව හෝස් ගාලා ගියා....තේශී මාව මැරෙයි ගගා අඩ අඩ එල්ලුන හැටි ආය ආයම ඇස් පනා පිට මැවෙනකොට අවංකවම මම රිදවලා තියෙන්නෙ එයාට නෙවෙ මටමයි කියන එක මගෙ කෙවෙන ඇස් මට ආය ආයම මතක් කරල දෙනකොට මම එයාව එහෙම්ම වඩා ගත්තා .....

ඔහොම ඉන්න මැනිකේ ...

අනු හෙලුවෙම්ම වඩා ගත්තු එයාව මම එහෙම්ම බාතෲම් එකට එක්ක ගිහින් තුවායක් තෙත වතරෙන් පොගවලා සම්පූරනම ඇගම පිහ දැම්මා.....ඒ ඇස් පුපුරු ගහනවා ඇති .....ඇස් දෙක එක මොහොතකටවත් ඇරියෙ නැති එයා රූකඩයක් හා සමාන වෙනකොට ඔහේ උන්නා.....

විතේන් ....

ම්ම්ම්

එයා ඇයි කියලා ඇහුවෙත් නෑ...එයාට අහන්න බෑ...කට ඇරගන්නවත් පන නෑ...හාදුවෙ ගැඹුර එන්න එන්න වැඩි තැන හපපු තොල්වල යටි තොල සම්පූර්නම ඉදිමිලා තියනකොට මම අයිස් බෑග් එකකින් හිමීට හිමීට ඉදිමුම බස්සවන්න හැදුවා.....

සුදු මැනික ..විතේන් ....චුට්ටක් මෙහෙම දොයියනවද මං කැද එකක් අරබ් එන්නම්.....

ම්ම්ම්ම්

මං කැද එකක් අරන් එන්නම්...ව්තේන්...

සහලවම උන ගැනිලා උන්න එයාට ආයම ආපිට උත්තරයක් දෙන්න බැරි තරමට එයාගෙ හකු අනු වැටිලා තිබුනා වගේම මම එයාට එහෙම්ම ආයම මගෙම ඇදුමක් අන්දවලා ඇදෙන් තියලා නලලට ඕඩි ක්ලෝන් දැම්මා....දාලා එහෙම්ම පහලට ආවා...

දරුවො....

මහත්තයා .....

මං අර කොලුවව දැක්කා...ඊයෙ අපෙ කාමරෙට ආව තනි අගුරු පාට කොලුවා...එයා ටේබල් උඩ තිබුන හිස් පිගන් අරන් යන ගමන් ඉන්නකොට මම එයාට අඩ ගැහුවා ..කොච්චර කලු පාට උනත් කොල්ලා ගාව තිබුනෙම ලස්සන හිනාවක් වෙනකොට ඒකගෙ දත් ඇන්ද මටත් වඩා දෙගුනයක් සුදුයි වගේ දැනුනා....

බැරිද මට ලුනු කැද ටිකක් හදවල දෙන්න.....

ලුණු කැද....

ඔව්....මා එක්ක උන්න මගෙ අනිත් එක්කෙනාට උන ගැනිලා....ඒකයි ...වෙන දේවල්.දුන්නොත් වමනේ යයි...

එයාට ඔලුව කැක්කුමත් තියනවද මහත්තයා...

කොල්ලා මගෙන් ගොඩ දොස්තර වගේ එක් එක එවා අහනකොට මම ඔලුව වැනුවා වගේම මේක මට එක තත්පරයක් ඉන්න කියලා කගවේනා වගේ කොහෙටදෝ දිව්වා....

මහත්තයා ...මේකෙන් ටිකක් විතර නලල දෙපැත්තට ගාන්න...තත්පරෙන් දෙකෙන් අඩුවෙලා යයි ...

අතට අහුවෙන්නෙ නැති ඇබිත්තන් කුප්පියක්...ඒකෙ සුවද ඉව කරන්න ගියා විතරයි මහෙ ඉහ මොල කඩාගන ගියාවගේ දැනුනා ඒක ඒතරම්ම සැරයි....ඇබිත්තන් කුප්පිය උඩ කොලපාට ලේබල් එකක් අලවලා තිබුන වගේම ඒ ලේබලේ පුරාවටම තිබුනෙ චීන අකුරු වෙනකොට මම කොල්ල දිහා බැලුවා....

මහත්තයා ඕක ඇක්ස් ඔයිල් එකක්...මන් කියනවට ගාලා බලන්ඩකො...

දෙමල උනත් ගොඩ සුද්දන්ටත් වඩා හොදට සිංහල කතා කරපු මේ කලු කොල්ලා මගෙ අතට දුන්න ඇක්ස් ඔයිල් එක අරගන මම එන්න එනකොට මං බලාගන කොල්ලා කැද එකක් හදන්න කියන්නම් කියලා දුවනවා....

මම කාමරෙට ආවා අනේ එයාගෙ හිස කෙස් ගහක් හොයන්න වත් බැරි වෙන්න එයා ඔලුවෙ ඉදන් පොරවන් ගුලි වෙලා උන්නා ...එයා කෙදිරි ගානවා . ...නෑ එයාට කෙදිරි ගෑවෙනවා ...රෝස පාටට තියන මූනම පත්තර පිටුවකටත් අන්ත වෙලා.....තනිකරම සුදු මැලි වෙලා ගිහිල්ලා.....

මගෙ විතේන් ...

මං එයාව ඇහැරෙව්වා....ඒත් එයා නෙවෙ ඇස් අරින්නෙ.....එයා නෙවෙ හාවක් හූවක් ගානේ ඉබේම කෙදිරි ගෑවෙනවා ඇරුනම එයාට වෙන කිසිම දෙයක් කර කියා ගන්න බැරි වෙනකොට මන් එයාව මගෙඇගට වත්තම් කරලා නලලට අර සැරම සැර ඔයිල් එකෙන් ටිකක් ගෑවා ....

තේ...ශී...

ඕ මගෙ මැනිකේ....මේ ඉන්නවා .....චුට්ටක් ඉන්න...අපි කැද චුට්ටක් බීලා උන පෙති දෙකක් බොමු..

එයා කෙදිරි ගගා තේශී කිව්වා...ගාපු ඔයිල් වල සැරදට උන වැඩි කමටද මන්දා ඒ ඇස් කොන්වලින් කදුලු එන කොට මට මගෙ පපුව වාවන්නෙ නැති උනා....ගිය නුවණ ඇත්තු ලව්වා වත් ගෙන්න ගන්න බැරි වෙනකොට මම එයාව මගෙ උකුලට ගත්තා හරියටම නොදරුවෙක් හා සමානවම ....මම එයාව තුරුල් කරන් ඔලුව අත ගෑවා....ඒ රත් වෙලා ගින්දර වෙලා තිබුන අදෙක අත හෑවා පපුවට තුරුල් කරන් පිට පුරාවටම අත ගෑවා....

නි.....තේ...ස්...ම්ම්ම්....හුක්

ඕ....පැටියෝ.....ඕ...මේ ඉන්නවා....කියන්නකො මගෙ මැනිකට මොනවද ඕනේ....

මේක....ද....නවා....අ...නේ.....එපා...ද....

අනේ මැනිකේ....ඔක ඔලුවෙ කැක්කුමට ගාන ඔයිල් එකක්....තව චුට්ට වෙලාවකින් මගෙ මැනිකට අඩු වේවිනේ...

එයා නලල පිගන්න කියාවා..ඇත්තටම ඒ සැර එයාගෙ ඇස් වලට දරන්න බැරිව උනු කදුලු පහලට එනකොට මම නේඅඑ උඩ තිබුන මෙනු එක අරන් එයාට පවන් ගහන්න ගත්තා වගේම එයා එහෙම්ම කෙදිරි ගගාම මගෙ පපුවට හේත්තු උනා.....

මම සැරින් සැරේන එයව අඩව අඩව තෙමුවා....එයා තෙමනකොට මැරෙන්න හැදුවා සීතලයි සීතලයි ගගා එපා තේශී කිය කියෝම ඇඩුවා.... අවසානෙදි කාමරේ දොරට තට්ටු කරන සද්දෙ ඇහෙනවා එක්ක මම එයාව ඇදෙන් තියන්න හැදුවත් එයා නෙව්වෙ බැස්සෙ වෙනකොට මම එයාවත් වඩාගනම ගිහින් දොර ඇරියා...

මහත්තයා ....

අර ටේබල් එක උඩින් තියන්න....

මේන්...මහත්තයා මේ කහා දාපු කිරි එකකුත් තියනවා...

කොල්ලා කැද එක එක්ක කිරි එකකුත් ගෙනත් තිබුනා වගේම මම මොකුත් නොකියම ඔලුව පොඩ්ඩක් වනනකොට ඒකා දොරත් වහන් යන්න ගියා වගේම මම එයාව උකුලෙන් තියාගන කැද එක අතට ගත්තා ...

අනේ...එපානේ....

අනේ අනේ මැනික.....උනපෙත්ත වත් පොවා ගන්න.....හොද ලමයනේ....

එයා කට අරින්නෙම නෑ..කට අරින්නෙම නෑ...බෑම කියනකොට මං හරි අමාරුවෙන් කටින් පිඹලා පිඹලා එයාට කැද හැදි තුන හතරක් පොවා ගත්තා වගේම දහයක් දේවල් කියලා වරුවක් තිස්සෙ වැදලා වැදලා කිරි එක පෙව්වා ...එයා කට තිත්තයි කිය කියෝම මූන ඇඹුල් කර ගත්තා ...

කෝ එන්න මේ උන පෙති දෙක බීලා ඉම්මු..

අනේ....තේ....ශී...දැන්...ඇතී..මට වමනෙට.....වගේ.....

අනේ විතේන් මේක බීපන්කෝ....උඹට සහලවලා උන හින්දනේ කියන්නෙ....

රවුම්ම රවුම් උනපෙති දෙක දකිනකොට උන නැති උනත් මටත් වමනෙට වගේ ආවා ..ඒකෙ සුවද ඔක්කෝටම වඩා හපන් වෙනකොට සියඹලා ටොපියක් එයාගෙ අතට හිර කරපු මං අමාරුවෙන් උන පෙති දෙක පොවා ගත්තා වගේම සෑහෙන්න වෙලාවක් එයාව මගෙ උකුල උඩ ඉන්දවන් උන්නා .....

මගෙ විතේන් ...

ම්ම්ම්....

දොයියන්න ඕනෙද...

චූ...බරයි...නේ....

හා එන්නකො...

එයා චූ බරයි කියනකොට මං එයාව කෙලින් අතට ගන්න පොඩ්ඩක් කෙලින් කෙරුවා විතරයි මගෙ සර්වාංගෙම තෙමාගන එයා වමනෙ බාල්දියක් විතර දැම්මා...

අ..නේ....තේ....

කමක් නෑ කමක් නෑ...නාඩා ඉන්න....නාඩා ඉන්නකෝ ඉතින්.....

එයා මගෙ ඇගේ වමනෙ හලපු එකට ආඅ ඇස්වල කදුලු පුරවගත්තා වගේම කමක්නෑ කියලා මට කටවහන්නවත් හම්බුන් නෑ අමාරුවෙන් කවාගත්තුවා පොවා ගත්තුවා ලෝභ කමක් නැතිවම යන්න යනකොට බෙහෙත් පෙති දෙක පවා එලියට ආවා...

කමක් නෑ මැනිකේ.....

සමහර වෙලාවට වමනෙ ගියාට පස්සෙත් ඇගට සනීපයක් දැනෙන හින්දා මං වමනේ නාගන උනත් වමනෙ වල අපුල ගද උහුලගන උනත් එයා ඉවර වෙනකම්ම බලන් උන්නා...මොකද සම්පූරනම වැරදි කාරයා මම...ලෙඩ කෙරෙව්වෙ මම...දඩුවම් කරන්න හැදුවෙ එයාට අවසානෙදි දඩුවම් විදින්නෙ මම....එයාගෙ මලානික ඇස් ගාවදි මාව අසරන උනා...සමහර ප්‍රශ්න ගාවදි මාව නිරුත්තර වෙලා ගියා අවසානෙදි වමනේ නාපු මම එයාවත් වඩාගන ඔක්කෝම රෙදි ගලවලා ඩස්ට් බින් එකට දැම්මා....ඇදරෙදි පවා දැම්මා...ඇදරෙදි වලට ගෙවන එක දාහෙන් සම්පතයි වෙන එකෙක් ලව්වා වමනේ හෝදවනවට වඩා වැඩිය.....

කො ආ ගාන්න මැනිකේ....

මං මගෙ අතට වතුර අරන් එයගෙ කට හේදෙව්වා ....කොටිම්ම මම එයාව සම්පූරනම හේදෙව්වා ...වමනේ ගද යනකන් තිබුන හැම ජාතියෙම සබන් දාලා එයාව හෝදවලා මාත් නෑවා...

කෝ එන්න බබී....

මං එයාට නොකියපු නමක් නෑ....මගෙ විතේන් ...මගෙ මැනිකෙ...සුදු මැනිකෙ ඇරුනම වෙන නමක් නොකියපු මම අද නොකියපු නමක් නෑ .....

ඔලුවත්....වහන්නකෝ....නිතේ....ස්....කන්...දෙක...දැවිල්ලයිනේ....ම්හහ්හ්හුක්.....

කන් දෙක දනවද මගෙ පුතාගෙ.....ඒ වමනෙ හිය හින්දා කන් අගුලු වැටිලා ඇති...කෝ මූන උස්සන්නකෝ....

තුන් හතර වතාවක්ම වමනෙ හලපු එයාගෙ කන් දෙක දැවිල්ලයි ගගා එයා කන්වලට ඇගිලි ගහගන්නකොට මං කනට පිම්බා පිඹලා ආයමත් මගෙම බාච්චු ඇදුමක් ඇන්දුවා ..එයාගෙ වගෙ නෙවෙ මගෙ ඇදුම් දෙන්නෙක්ට බැස්සා හැකි....මගේඑවා ඇන්දම එයාගෙ උරහිස්වලින් ඒ ඔක්කොම හැලුනා උනත් මං හැමදාම එයා මගෙ ඇදුම් අදිනකොට හිත යටින් සන්තෝ උනා....ඒක කියන්න නොතේරෙන සතුටක්....

මේ ලෝකෙ ආදරේ කරන මිනිස්සු කරන්න ආසම දෙයක් තමයි ආදරෙ කරන කෙනාගෙ ඇදුමක් අදින එක....ඒකත් එක්තරා විදිහක අයිතිය කියා පෑමක්....කියන්න තේරෙන්නෙ නෑ...එයා මගෙ ඇදුමක්.අදින හැම දාකම ඒක මගෙ ඇස්වලට වඩා මගෙ හදවතට දැනුනා.....

මං එයාට මගෙ ඇදුම අන්දලා සම්පූරනම ඔලුවත් වහලා දැම්මා...වමනෙ ගියාට පස්සෙ එයා චුට්ටක් විතර ඔලුව උස්සගන්න කොට මං ආයම උනපෙති දෙකක් පොවලා සියඹලා ටොපියක් කටට එබුවම මගෙ විතේන් හාවෙක් වගේ ටොපිය ලෑටි ගාන්න ගත්තා ....ඒත් තත්පරයයි ඒකට හචින් දෙක තුනක්ම යනකොට කටේ තිබුන ටොපිය එලියට විසික්කා උනා...

ම්හුක්....නිතේ...ස්...

ඕ.....

කොහෙද බහින්නෙ මේ බිම ජරාව....ඔහොම ඉන්න ඔහොම ඉන්න....

තව ටොපි නෑද....නිතේස්...

තව එකක් ඇති....ඉන්න දෙන්නම් බහින්න එපා....මේක දිහා බලන්නත් එපා ආයම වමනේ යයි...

එයා මා දිහා බලන් උන්නා.....එයා බලන් උන්නා මං කරන්නෙ මොනවද කියලා....රූම් සර්විස් එකට අඩගන්න පුලුවන් උනත් මං අඩගහන් නැතිව උන්නා....මිජිස්සුන්ට හිතන්න පුලුවන් උන්ට පඩියක් ගෙවනවනෙ ....උන් ඉන්නෙ වැඩ කරන්න තමානෙ කියලා ....ඒ උනත්....අපි හැමෝම මිනිස්සු මට දැනෙන අප්පිරියාවම තමයි ඒ මනුස්සයන්ටත් තියෙන්නෙ ....

ඒත් ඒකෙම අනිත් පැත්තෙන් ගත්තම ඒ මනුස්සයා පඩියට වැඩ කරන්නෙ....ඒත්....ඒකා ඒක සුද්ද කරන්න ආව වෙලේ ඉදන් කරන්නෙ වමනෙ එක සුද්ද කරලා අත් හෝදනකම්ම මගෙ විතේන්ට සාප කරන එක ..."මූට බාතෲම් එකට වත් යන්ඩ බැරි උනාද" අහ අහ දෙස් තිය තිය සුද්ද කරන එක...

ඒත් බැදීම් ගාවදි මිනිස්සු ඕන කුනු ගොඩකට අත ගහන එක දෙසක් නොතියම දරා ගන්න එක...කැප වෙන එක...හැබැයි ...ඒ අවංකම බැදීමක් ගාව විතරයි ...නමට බැදීම් ගාව නම් නෙවෙයි...

මං එයාට ඇදෙන් බහින්න නොදි සම්පූරනම වමනෙ එක අස්කරලා ශැම්පු වතුරෙනුත් තෙත මාත්තු කරලා එයා ෆ්‍රෙශ්නර් එක ස්ප්‍රේ කරලා ආයම පාරක් නාගන එලියට ආවා වගේම මගෙ බිබික්කමට බඩ ගිනි හැදිලද කොහෙද ඈනුමක් ඇරියා ....

බඩ ගිනිද....

ම්හුක්...

එයා අර කපටි හුරතලේ දාලා නෑ කියන්න ඔලුව වනනකොට මං නලලට පිට අල්ල තිබ්බා .තවමත් උන එහෙම්මමයි...මං දුක් වෙයි කියලද කොහෙද මගෙ විතේන් අමාරුවක් නැති ගානට බොරුවට රගපෑවා උනත් එයා උන්නෙ අමාරුවෙන් වෙනකොට මම් එයාව ඇදෙන් හාන්සි කෙරුවා .....

චුට්ටක් දොයියගන්න....උඹට තෙහෙට්ටුයි මැනිකෙ ....

එයා මගෙ දිහා බලන් ඉන්නවා..උන හින්දම ඒ ඇස් කොන් ගිනි ගින්දර වෙලා තියනකොට මම එයාගෙ කකුලක් මගෙ ඇගට දාගන එයාව අත් දෙකෙම්ම තුරුල් කරගන්නකොට එයා මට බෝවෙයි කියලා මගෙන් ඈතට යන්න හැදුවා උනත් මම නෙවෙ යන්න දුන්නෙ..

සුදු අප්පො.....එපා...උඹට බෝවෙයි...

අනේ මගෙන් වදුරු කුනුහර්ප නාහා ඉදින් විතේන් ..බෝ වෙනවා නම් උන දෙන්.....වර මෙහාට

ම්හුක්....සැර කරන්නෙ....අමාරුවෙන් ඉන්න ලමයට අඩත්තේට්ටම් කරන්න එපා නිතේස් අයියේ...

එව්ව්ව්....ඇත්තදූ...

අනේහ් ...තේශී ...හ්හ්..

මොකද මොකද තෝ උන තීයාගන මැරුම් කන්ඩද යන්නෙ.....

මං එයාගෙ ගිනි කබල උන නලලට හාදුවක් තිබ්බා ...වගේම ඒකා අත් දෙකත් උන්ඩි කරන් මගෙ පපුවට තුරුල් වෙනකොට මට මතක් උනා මේ ඉන්නෙ මේලොකෙ උපරිමේටම දුක් විදපු සිරියාවතීගෙ මේල් වර්ශන් එක නේද කියලා ....

මොකද මිනියෝ තනියෙන් හිනාවෙන්නෙ...සයිකොද ....අනේ.ම්.අබෙ...හ්හ්...ම්හුක්....අනේ...නිතේසයෝ...ඔහොම...කට කොනින්...හිනා වෙන්ඩ....එපානෙ...උඹ සීරියල් කිලර් කෙනෙක් වගේ....

හොරාවට හිනා වෙවී උන්න මාව එයාට අහුවෙනකොට ඒකා උන තියන් නහින්න හැදුවා...කට කොනින් හිනා වෙන්න එපා ගගා නහින්න හැදුවා ....

ඇයි දන්නවද හිනා උනේ ...

ම්හුක්...නෑනෙ....ඇයි...

උඹගෙ හොර මිනිහව හම්බුනානෙ....

එව්ව්....මට මතක් කරන්න එපා..මගෙ ඔලුව පුපුරන්න වගේ.....

ළමයි එක්ක උනත් බාර ගන්නම් කිව්වෙ...

ල...ළමයි...කෝ..කොහෙ...මොන.....

උඹ මෙහෙම දැගලුවට තිදරු පියෙක් ඈ....

අනේ....මිනියෝ...උඹ මෙ නොදරුවගෙ නම්බුව කෑවද...ම්හුක්...මට පිට් එකට වගේ ...

ඇත්තදූ.....පිට් එක ආවම එක එක දේවල් කටට ඔබනවා...යකඩ වගේ දේවල්....යකඩයක් වගෙ එකක් තියනවා ඔබන්නද...

අනේ.....නිතේශයා...හ්හ්....කට වහන් ඉදින්කො....උන මාවම කන්න හදන්නෙ....

යෝ...ඉතින්....මං උඹට ආදරෙයිනෙ මැනිකෙ ....

මං එයාව සිපගත්තා ....සුදු මැලි උන ඉදිමිලා ගියපු දෙතොලට හාදුවක් තිබ්බා....අවසානෙදි සෑහෙන්න වෙලාවක් යනකන් මම එයාව මගෙ අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ...මොකද මම ආසයි හැම තත්පරේම " ජීවත් වෙන්න" මම ආසයි හැම තත්පරේම "හුස්ම ගන්න" මගෙ ජීවිතේ... හැම හුස්මක්ම තිබුනෙ මගෙ විතේන් ගාව....හැම සැනසීමක්ම තිබුනෙ මගෙ විතේන් ගාව...කොටිම්ම නිතේශ් ඉපදුනේම ආයම විතේන් ගාව වෙනකොට මම මගෙ "සැනසීම" අත් දෙකෙම්ම තුරුල් කරගන උන්නා....ඒ ටිකකිම්ම එයාගෙ ඵෝන් එක රින්ග් උනා....

තේශි අම්මි.....

ඉතින්....ආන්ස්වර් කරන්න.....අනේ..අනේ...මේ...මා දිහා නම් බලන්ඩ එපා ආ...මට බෑ....

ම්හුක්....අසනීප ලමයටනෙ මෙහෙම කරන්නෙ....

මායම නොදා ආන්ස්වර් කරපිය .....

එයා මං ලව්වා කතා කරවන්න ගිහින් අවසානෙදි එයාම ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .....

හෙලෝ.....අම්මී....

පුතූ.....කොහෙද ඉන්නෙ 

මං මෙ ...මිනිහා එක්ක ගමනක් ආවා....

දරුවො....

ම්හුක්...හා...හා...ඔයාටත් අමාරුයිනේ කියන්නකො...

තාත්ති අනිද්දට එන්න ටිකට් කරලා...මාත් එනවා එහෙම්ම....

අම්මිත් එනවා....??? ඇත්තටම ද?

මාව රත් උනා....නොතේරෙන සතුටක් වගේම අමූතු බයක් හිතට දැනෙනකොට එයාගෙ අම්මා එනවා කියනකොට මට නිකන් හොර වැඩක් කරලා මාට්ටූනා වගේ හැගීමක් දැනෙන කොට මන් එයාව දාලා බැල්කනියට ගියා වගේම මන් යනකොට ශෙනෝනයා මූද දිහා බලාගන සිගරට් එකක් බීබී උන්නා...

ශෙනෝන්.....

නිතේශයා . ...

විතේන්ලගෙ අම්මා එනවලු....

අප්පට සිරි ....බොරු නේ....

ඔව් ..මේ දැන් කිව්වෙ..මුලින් එන්න උන්නෙ තාත්තා විතරයි දැන් අම්මත් එනවලු.....මගෙ හිතට මහ අමුතුයි බන්....

අප්පච්චි හින්දද .....

ම්ම්ම්....මන් අප්පච්චිව ඇවිස්සුවා ද මන්දා බන්.....එයාගෙ අම්මා තාත්තා ඩිවෝර්ස් උනාට මගෙ අම්මා අප්පච්චි

අනේ මේ නිකන් ඉදින් බන් උඹලගෙ අප්පච්චි දැනුත් ඉන්නෙ කසාදෙ කටු ගෑවා වගේනෙ ..උඹලගෙ අම්මට උඹ ගැනවත් අප්පච්චි ගැනවත් කැක්කුමක් නෑ.....ඒ මිනිස්සුන්ට ජීවිතේ අවසාන කාලෙට ලන් වෙලා හරි එකතු වීමක් තියනවා නම් ඒකට බාධා කරන්න එපා නිතේශ් කාටත් වඩා අප්පච්චිගෙ දුක දන්නෙ උඹ....උඹ පුතානෙ ..අනික විතේන්ගෙ අම්මා ආව ගමන් අනේ මගෙ දහම් ගාන් යනවද නෑනෙ ...

ඒක හරි බන්...ඒත්...

උඹ පාඩුවෙ ඉදින්....උඹට වඩා අප්පච්චි ට දැනුම් තේරුම් තියනවා ....ඒ මනුස්සයා යාලුවෙක් විදිහට වත් සතුටින් ඉදීනෙ...පාඩුවෙ ඉදින්කො .....කොහෙට ආවත් ඒ මිනිස්සු නවතින්නෙ එක්කො උඹේ ගෙදර නැත්තන් විතේන්ගෙ ගෙදර .....අනික උඹලගෙ අම්මව බලෙන් කර ගස්සවපු නිසා මිසක් නැත්තන් ඒ සම්බන්දෙ කැඩෙන් නෑනෙ...

මං අහන් උන්නා. .....ශෙනෝනයා වැල් වටාරම් කිය කිය මගෙහිත හැදුවා ...ඒ කොහෙන් ඉවර කෙරුවත් ඌ අවසානෙදි ඉවර කෙරුවෙ මොල්ලිගොඩ උන්ට බැනලා වෙද්දි....වෙනදෙයක් වෙයි කියලා මං අහන් උන්නා...

කෝ බන් ගඩාපියා....පලිගුවා ...

අම්මලා දුවලා නිදි....අම්මට උන....දුවත් ඩෑස් එකක් කාලා අම්මා ගාව බුදි ...

ඌ ගානක් නැතිව සිගරට් එකෙන් දුම් උගුරක් ඇදලා ඉතිරි බාගෙ මට දික්කරනකොට මන් ඒක අතට ගත්තා වගේම කවුරු හරි එකෙක් ශෙනොයට කතා කෙරුවා ...වෙන කවුරුත් නෙවෙ ගඩාපියගෙ හොර මිනිහා වෙනකොට මන් බලාගන ශෙනෝනයා දත් මිටි කනවා

අයියේ.....

මොකෝ....

අර පොඩි මල්ලි ඉන්නවද

ඒ මල්ලි නෑ තව වෙන මල්ලි කෙනෙක් ඉන්නවා ඕනද....

😒ආව මෙතන මල්ලිලාව හොයාහන...

හුහ්....

🙂මුව පැතියට සූට්ට සූට්ට ආවේස වේගන එන්නේ...

ඉහි...ඉහි ...

එන්නාම්ම්ම්....

මේ ළමයා බුජි ඔය ලමයිනුත් මේක කියවලා රස්තියාදු නොගහා ගිහින් බුජියන්ඩ ඕනා තේරුනැයි.....🤭🤭🤭

මම

Ferdeesha ❤️💚😘

More Chapters