Ficool

Chapter 73 - 73

විතේන් . ....

එයාව එහෙම්ම ඇදගන වැටුනා.....අඩ අඩ මට බැන බැන හිතේ දුක පිට කරකර උන්න එයාටත් තවත් උහුලන්නම බැරිම තැන එයාව ඇදගන වැටුනා....

විතේ.....න්....සුදු මැනික....අනේ....මැනික කතා කරපන්කෝ....

එයාව උස්ස ගත්තු මම සෝෆාව උඩින් තියලා පුලුවන් තරන් වතුර ගෑවා...ඒ උනත් එයා නෙවෙ ඇස් ඇරියෙ.....මිනිස්සු කලබල උනාම කොරොස් කටෙත් අතදාගන්න බෑ කියලා අහලා තිබුනට ඒ හැගීම කවදාවත් නොවිදපු මට අද ඒ වචනෙ ඇතුලෙ තිබුන හැම අකුරකම හැගීම් දැනෙන්න ගත්තා අතට ගත්තු වතුර බෝතලේ බිම වැටිලා හැලිලා ගියා... තනිකරම කුඩු මදිවෙලා සික් එකහැදුන එකා වගේ මම බය වෙලා උන්නා වගේම සෙනාරි මේ වෙලාවෙ මගෙ ඇස් ඉස්සරහට ආවොත් ඒකිව මරන තරම් තරහවක් මගෙ පපුවෙ තිබුනා 

විතේන් ...විතේන් .අනේ මැනික ....විතේන්.....

එයා ඇස් අරින් නෑ...එයා නෙවෙ ඇස් අරින්නෙ...

"මචන් ඌ මැරෙන්න වැටිලා උන්න කොල්ලෙක්..."

"ඌ දුක් විදපු කොල්ලෙක්...."

ශෙනෝන්ගෙ වචන පුදුමාකාර තරම් මට වද දෙනකොට මට කර කියා ගන්න දෙයක් නැති උනා....වතුර බූලයක් මූනට හැලුවත් එයාගෙ සිහිය ගන්න බැරිම උනතැන මට කරන්න උනේ දොස්තර ඵිට පතන එක විතරක්ක්ම වෙනකොට මම කොල්ලව ආයම උස්ස ගත්තා ....

නිතේ....ස්....අයියේ.....

මම.එයාව උස්ස ගන්නවා එක්කම ආවෙ ගඩාපියා වෙනකොට ඌ මගෙ මූන...ඇස්වල තිබුන තරහව වේදනාව මේ ඔක්කොම දැකපු ගඩාපියා ආයම අඩියක් පස්සට තිබ්බා...

තොපිට දැන් සතුටු ඇති නේ ...

නිතෙ ස්....අයියෙ...

නිතේස් අයියෙ නිතේස් පයියෙ තමා තොපි දෙන්නම ඒ හදිසියට අරගන කේලම කනේ තියලා දැන් මොන මගුලටද යකො ගොත ගගහා මෙහෙ ලගින්ඩ එන්නෙ....පලයව් යන්ඩ ...තොපිට මම කෙරුවා වැඩි උන හින්දද මට මෙහෙම කරන්නෙ...

මම ගඩාපියට කුනු හර්පෙන් බැන්නා...තිත්තම තිත්ත කුනු හර්පෙන් බැන්නා...ඒකගෙ මූන බලාගන ඉන්න කොට කලු වෙලා ගියා වගේම ඒ ඇස්වලට කදුලු පිරුනා...මට නෙවෙ ඒත් දුක හිතුනේ...

මම එයාව උස්සන් එලියට එනවා එක්කම ශෙනෝනුත් ආවා වගේම අඩ අඩ උන්න ගඩාපියා දූවල ගිහින් ශෙනෝන්ගෙ ඇගේ එල්ලුනා....

ඇයි බබී මේ....

ඇයි බබී....ඇයි බබී තමයි...උඹගෙ ඔය දොන්තයව අරන් යමන්...උඹලා දෙන්නටම ඕනා උනේ මේක නේ ...දැන් හරිනෙ....දැන් සැනසීමෙන් නින්ද යයිනෙ ..

නිතේශ් මේ ..නොදන්න ලබ්බවල් කියන්ඩ එපා හරි . තොගෙ ඔය වහන්ගතේ ආවා කියලා මගෙ එකාවත් මම වත් තොගෙ එකාගෙ කනේ තිබ්බෙ නෑ ඌ අමතක වෙලා ගියපු ෆයිල් එකක් අරන් යන්න ආවෙ ..ඒකා උඩට එනකොට අපිට කියා ගන්න වෙලාවක් වත් නැති උනා වරෙන් ඩියෝනයා යන්න ..මේ කොහෙවත් නැති පරට්ටියො හින්දා අපි කතා අහගන්ඩ ඕනා...තොට ඔහොම වෙලා මදි ...මං උඹට කලිම්ම කිව්වා..කලිම්ම කිව්වා....

මටකරන්න දෙයක් නැති උනා ...හැම පැත්තෙම්ම වැරද්ද වැටෙන්නෙ මට වෙනකොට මම එයාව උස්සන් යද්දි ශෙනෝන් අඩ අඩ උන ගඩාපියව ඇදගන ගියා....

විතේන් .....නේ..මැනික.....අනේ....රත්තරනේ ...ඇස් ඇරපන් මගෙ විතේන් ...අනෙ...

මගෙ කටට නිවනක් තිබුනෙම නෑ.....අනේ මැනික ඇස් ඇරපන්කෝ....උඹ කියන ඕන දෙයක් මම අහන්නම්.....ඇස් ඇරලා මා දිහා බලපන් රත්තරන් කියන වචන ටික මගෙ කටින් සිය පාරකට වඩා කියවෙනකොට මම එයාව අරන් කෙලිම්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ආවා.....

එයාව ගෙදරින් ගේනකොට උන්නා වගේමයි....හැල හොල්මනක් නෑ....යන්තමට හුස්ම වැටෙනව ඇරුනම එයා උන්නෙම මලක්දක් ගානට වෙනකොට ට්‍රොලියට දාපුන එයාව අරන් යනකොට මට පිස්සු හැදෙන්න වගේ ආවා.....

ඩොක්...ටර්. ...මගෙ....මැනිකට කොහොමද ...

ඩොක්ටර් කෙලිම්ම මගෙ දිහා බැලුවා.....එයාගෙ ඇස් වල තිබුනෙ.....මගෙ විතේන් ගැන දෙයක්ද ඒත් නැත්තම් කෙලිම්ම " මගෙ මැනික" කියලා කියපු වචන අස්සෙ පැටලැවිල්ලක්ද ...???....මගෙ මැනික .....මං කොල්ලෙක් වෙලා එයා කොල්ලෙක් වෙලා අපි ආදරේ කරන එකේ වැරද්ද දඑයාගෙ ඇස්වලින් එලියට ආවෙ ..

ඩොක්ටර් .....මම අහුවෙ එයාට කොහොමද කියලා ..එයාට කොහොමද කියන එකයි මම ඇහුවෙ මමවැරදි දෙයක් කිව්වද . ....

න්න්න්.....න්න්නෑ.....

එයා මා දිහා බලන් ඉදලා නෑ කිව්වා ..හැබැයි නෑ කියපු තැන්වල තමයි හුගාක් දේවල් තිබුනෙම ..මට ප්‍රශ්නයක් නෑ කියපු තැනමයි ප්‍රශ්න තිබුනෙම ....මට රිදුන් නෑ කියපු තැනමයි වැඩි පුර රිදුනෙම ....මට තනිකමක් නෑ කියපු තැනමයි පාලුවක් තනිකමක් දැනුනෙම වෙනකොට ස්ටෙත් එක ආයම පපුවට තියන්න ගියපු අත මං අල්ල ගත්තා ....

ඩොක්ටර් ....ඔය විදිහට බලන්න එපා ...ප්ලීස් මං ඉන්නෙ වේදනාවෙන්....මම ඉන්නෙ ගින්දරෙන්....අපි හැමෝම මැරෙන මිනිස්සු.....ජීවත් වෙලා ඉන්න ටික කාලෙ කරන හැම දේම කරන්නෙ මැරිලා යන තත්පර ගාන ලන් වෙනකන් විතරයි ....ඒ කාලෙ ඇතුලට අපිට අපි වෙන්න දෙන්න....කැමති කෙනෙක්ට ආදරේ කරලා මැරිලා යන්න දෙන්න....ඩොක්ටර් නොදන්නවා උනාට ඔය ඇස් දෙක හුගාක් කතා කිව්වා ...වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ට ඔහොම කරන්න එපා ඩොක්ටර් පින් අයිති වෙයි....

මට තේරුනා..මගෙ විතේන්ගෙ අසනීපෙට වඩා එයාට අපේ සම්බන්දේ වැදගත් උනා කියන එක මට ඒ ඇස්වලින්ම්ම දැනුනා...මම උන්නෙ ගින්දරෙන් උනත් මට තවත් දෙයකින් ආයම ඔලුවට බරක් දාගන පස්සෙ මුල්ලක් අල්ලන් කල්පනා කර කර නහින්න බැරි කමටම මම ඒ කතා කරපු ඇස්වලට උත්තර බැන්දා .. ..

දවසෙන් බාගයක්ම අඩලා අඩලා ඇගේම හයිය දිය කරලා උන්න මගෙ විතේන්ව කාමරේකට දැම්මා.....එයාට කම්පනේ දරාගන්න බැරිව එයාගෙ සිහිය එයාගෙන් ඇතට ගිහින් තියනකොට ඒ වචන ඉස්සරහ මගෙ හොද සිහිය මගෙන් යන්න ගියා ...

.විතේන් ....මැනිකෙ....ඇස් ඇරපන් ...රත්තරනෙ.....ඇස්. .දෙක...ඇරපන් .මගෙ....වස්තුවෙ ...

කැනියුලා කටුව හිල්කරන් ගිය අත හිමින් හිමින් අත ගාන ගමන් මම එයාට නැගිටින්න කිව්වා...එයා නෙවෙ ඇස් ඇරියේ...

මට උඹ නැතිව පාලුයි දෙයියනේ ....අනේ ...මැනිකේ ...ඇස් ඇරපන්කො....ශැන් පැය කීයක්ද....දැන් පැය කියක්ද ....දැන් පැය කීයක්ද මගෙ රත්තරනේ .....උඹගෙ සුදු මහත්තයා පැය කීයක ඉදන් උඹට නැකිටින්න කියනවාද මුරන්ඩු කම් නොකර නැකිටපන් මගෙ රත්තරන් ....

මම ඇඩුවා ..පිරිමි හිත පවා උනු වෙලා යන තැන් නැතුවාම නෙවෙ වෙනකොට මම ඇඩුවා ....මට බෑ කදුලු හංගන්න....මට බෑ මගෙ කදුලු හංගන්න.. ....පිට ලෝකෙ ඉස්සරහා මම කොයි තරම් හයිය හත්තියට උන්න හැදුවා උනත් එයාගාව හැම දාම මම දිය උනා.... 

තේශී .....තේශී ...සුදු අප්පො....සුදු මහත්තය ගාන කට වැහිලා ගිහින් ....වරු ගානක් ඉදිමිලා අඩපු ඇහි පිහාටු තදිම්ම වැහිලා ගිහින් තියනකොට මේ ලෝකෙ මම තනි උනා වගේ හැගීමක් දැනුනා.....

විතේන් ....උඹ නොදන්නවා උනාට ....මට උඹ නැති එක තත්පරෙත් පැය ගානක් දිගයි මගෙ විතේන් . .....උඹ නැති එක රැයක් උනත්...මට හරි දිගයි මගෙ විතේන් ...උඹ නැතිව ඇවිදන් යන පාරවල් වල කවදාවත් මල් පිපෙන්නෙ නැති වේවි මගෙ විතේන්....එකට පැටලුන අත් වලින් එකක් ගැලවෙනකොට පපුවට හරි බරයි මගෙ විතේන් ..අනේ....මගෙ රත්තරනේ .උඹ නොදන්නවා උනාට...උඹ නැතිව මට පාලුයි මගෙ විතේන්...

මට සමාවෙයන්.....අනේ...මට සමාවෙයන්කෝ.....අනේ...මට සමාව දියන්කෝ.....

මම එයාගෙ මුලු මූනම අතගෑවා....එක පාරක් විශාදයෙන් දරුනුවටම බැට කාපු එයා ආයම මං හින්දා විදවන හැටි බලන් උන්න මම මටම සාප කරගත්තා ...මටම සාප කරගත්තා ....

මගෙ ජීවිතේට හුස්ම කවපු එයා අද ලෙඩ උනේ මං හින්දා කියන දේ හිතට එනකොට මම පුදුමාකාර තරම් විදෙව්වා.....මම ඒ අත අල්ල ගත්තා ....අල්ලන් මගෙ අතට පටලවගත්තා .....ඒ අත රස්නෙයි....සුදු අප්පො.....මගෙ සුදු මහත්තයා කිය කිය ලෝභ කම පිරුන ඇස් දෙක්න් මා දිහා බල බල ඉවරයක් නැතුව මාව අතගාන අත්වල ඇගිලි අද ඔහේ උන්නා.....

මගෙ මැනික ....උඹ හැමදාමත්...මට ඉගැන්නුවා ...ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙ.....අතට ලැබෙන පොඩි දේකින් පවා සතුටු වෙන්න උඹ මට ඉගැන්නුවා මගෙ විතේන්...ජීවිතේ කියන්නෙ වලව්වම නෙවෙ....තාන්න මාන්න නෙවෙ ...අතට අහුවෙන ඇදුමක් ඇදන්.....හිතේ සන්තෝසෙන් කෑගහලා හිනා වෙලා කොහෙ හරි ඇවිදලා අහුවෙන කඩේකින් කාලා හිනා වෙලා පපුව පිරෙන්න හුස්ම ගන්න එකයි ජීවිතේ වලව්වෙන් එහා ලෝකයක් තියනවා කියන්න උඹයි මට ඉගැන්නුවෙ .....උඹයි මට පාර පෙන්නුවෙ මගෙ විතේන්...

සල්ලිවලට වඩා උඹ මට දුන්නෙ ආදරේ විතරමයි මගෙ විතේන්...ජීවිතේ අන්තිම අඩියට වැටුන හැම වෙලාවකම ..සුදු මහත්තයා ..සුදු අප්පො....කිය කිය මගෙ ගාවට ඇවිදින් මගෙ හිත හැදුව උඹ මට ආයම ඒ වලෙන් ගොඩ එන්න අත දුන්නා මගෙ විතේන්.. ..

ඒත්...අද....අද.... එහෙම හිත හදපු උඹමව

මෙච්චර පැය ගානක් මාව දාලා ඔහොම ඇස් වහන් ඉන්නකොට මට වේදනා නැතිද මගෙ විතේන් ...මට මෙහෙම දුකක් දෙන්න එපා පන.....

මම කියෙව්වා...මගෙ හිතට එන හැම හැගීමම මම වචන කෙරුවා ..මේවෙනකොට මම ඒ මූනට ගනින්න බැරි තරමට හාදු තිබ්බා දැන් ඇහැරෙයි.....දැන් ඇහරෙයි කියලා..මම මගෙ ඇස් ගෙවෙනකන් බලන් උන්නා....

උදේ පායපු ඉර අවසානෙදි බැහැලා යන්නත් ලැහැස්ති උනා ...උදේ ඉරපායනකොට ආදරෙන් ලන් වෙලා උන්න එයා මම ඈත් වෙලා උන්නා.....ආදරේ හින්දම හිත රිදවගන උන්නා...

මම් බලන් උන්නා .එයා නෙවෙ ඇස් ඇරියෙ ...සේලයින් බෝතලෙන් වැටෙන බෙහෙත් බින්දුව හෙමින් හෙමින් පල්ලම් බහින හැටි මම බලන් උන්නා වගේම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක ආයම රින්ග් උනා....අනේ දෙයියනේ එයාගෙ අප්පච්චි නම් වෙන්න එප...අප්පච්චි නම් වෙන්න එපා....

මම සාක්කුවෙ අඩන ඵෝන් එක අතට ගන්නත් කලින් පුලුවන් තරම් උඩ ඉන්න දෙයියන්ට මගෙ දුක කිය කිය ඵෝන් එක අතට ගත්තා උනත් එකම තතපරයක් ඇතුලත මග් මුලු සර්වාංගෙම තියන ලෙ මූනට එකතු උනා වගෙ දැනුනා.....කටින් අමුම අමු තිත්ත කුනු හර්ප වැලක් කියවෙනකොට මම මගෙ ඵෝන් එක කෑලි ගැලවෙන්නම පොලවෙ ගහලා කුඩ් පට්ටම් කරලා දැම්මා....

විසි හතර පැයේම සුදු මහත්තයා ගගා මාව ගෙන්න ග්ද්න්න හදන වලව්වෙන් වගේම මෙච්චර කල් පිට උන්ගෙ ප්‍රශ්න ඇරුනම අපි අතර කවදාවත් එකම එක ප්‍රශ්නයක් නොතිබුන කොට ඒ සතුට සැන සීම උදුර ගත්තු සුදු අයියෙ..සුදුඅයියෙ ගාගන ඇවිත් මගෙ ජීවිතේම කාපු ඒකිගෙ නම දැක දැක ඒ කරදරවලින් ගැල වෙන්න මම ඵෝන් එක කුඩු පට්ටම් කරල දැම්මා...

උන් ඔක්කොම එකතු වෙලා මගෙ ජීවිතේ කෑවා...හැම දේටම වෙස්සන්තර වගෙ ඔලුව නැව්ව හින්දා උන් හැමකෙනාම එකතු වෙලා මගෙ ඔලුව කෑවා.....මගෙ හිතේ සැනසීම මගෙන් උදුර ගත්තා.....

මගෙ පලවෙනි ආදරේ තමයි...මම ඒකිට අහිතක් නැතිවම යන්න දුන්නා....ඒකිගෙ ජීවොතේට ආයම අබමල් රේනුවකින් වත් වරදක් නොවෙන්න ඇගිල්ලක් වත් නොගහා උන්නා ...ඒකි යන්න ගියේ මගෙ හිතම අවුලලා වෙනකොට මම ඒ වේදනාවත් ඉහිලුවා .මගෙ අහිංසකයා මගෙ හිත හදන්න...මාව ආයම නැගිට්ටවන්න රෑදවල් නොබලා මගෙ පස්ස පාරෙ වැටුනා....පිස්සෙක් වගේ ඉබාගාතෙ ඇවිදිනකොට දරන්න බැරි තැන්වල හුස්ම අතාරින්න හිතනකොට නුවර වැව දෙබෑ කරන් අවසන් ගමං යන්න හදනකොට මාව ගොඩ ගන්න මගෙ පවුලෙ උන්ට වඩා නොව්දිනා දුක් වින්දෙ මගෙ අහිංසකයා වෙනකොට මම අර පොතේ උන්න අලුගෝසුවා හා සමාන උනා ...

මම එයාගෙ හැගීම් මරලා තිබ්බා...මන් එයාගෙ සතුට මරලා තිබ්බා ...

මං අලුගෝසුවෙක් ....විතේන් කියන චරිතෙ කාපු...

මන් අලුගෝසුවෙක් ආදරේ කියන වචනෙට දුක වේදනාව විතරක් දීපු...

මන් අලුගෝසුවෙක් ...පින් දෙන්න ඕනා තැනට පව් පුරවගත්තු....

බලන් ගියහම....මහ උලු ගෙදර ඉන්න අලුගෝසුවට හිතක් පපුවක් තිබිලා තියනවා මට වඩා...

මම ඉදගත්තා ...ආයම එයා ගාවිම්ම...

උඹ ඉක්මනට ඇස් අරිනවා නේද මගෙ රත්තරනේ....

කදුලු වියලුන ඇස්වල ආයමත් කදුලු නාලිකා පන ගහනකොට මම පැතලි උන බඩ උඩින් මූන ගහගන ඉකි ගැහුවා....

කවදාවත් මට උඹව අප්පච්චි කෙනෙක් කරන්න බෑ නිතේශ් කියලා අල්ල ගත්තු පැතලි බඩ උඩින් මම ඔලුව තියා ගත්තා ....

කවදාවත් මට උඹගෙ දරුවෙක් හදන්න බෑ නිතේශ් කියලා හැමදාම මගෙ ඇස් පියවෙන්න උනුහුම බෙදපු පපුව ගාවින් මගෙ අත තියා ගත්තා ..... කියපු වචනයක් වචනයක් ගානෙම පපුව හාරවනකොට මට සද්දෙන් ඉකි ගැහුනා.....

මට උඹව විතරක් ඇති මගෙ මැනිකේ.....අනේ උඹත් මට වෙලාවකට දරුවෙක් වගෙ මගෙ මැනිකෙ....

ඇවිලෙනා හිත එක්ක ලංවී නිවෙමි

නුඹ පහසේ..

උන්න මුත් අපි එක්වෙලා මුලු ලෝකෙටම රහසේ....

බොරු කරන්නෙ නෑ උඹේ හිතට මන්

හීනෙනුත් මනසේ.....

මැනික නුඹමයි පෑයු සදවත මගෙ අමාවක අහසේ....

දනිමි නුඹේ හිත රිදුම් දෙන්න ඇති

ඇගේ වචන අස්සෙ....

නුඹට බොරුවක් නොකල හින්දයි ආවෙ නුඹ පස්සෙ...

හිත හදන්නෙ කෙලෙසින්ද ඇස්

තෙමන කදුළු වැස්සෙ

පලාගනය හිත් හත්කඩකටම මං ඉතින්

පසු බැස්සෙ....

අපිට අපෙ පෙම විදින්නට නෑ ඉඩක්

සිත් සේ....

වෙන්වෙන්න වෙ කියා හිත් බයෙන් ගැස්සෙ....

දිවුරලා පැවසුවත් ආදරෙ තරම්

පනසේ.....

ඇයි හැසිරෙන්නෙ නුඹ මගෙන් දුර යනසේ.....

(නෙතූ අමන්දා...අදත් ලස්සන හැගීම් ගොඩක් වචන කෙරුවට ස්තූතියි නංගා ගොඩාක්....❤️❤️❤️❤️)

මගෙ....තේ.....ශි...

මට ඇහුනේ හීනෙන් වගෙ....මගෙ හීනවලත් ඉන්නෙ විතේන්ම විතරක් වෙද්දි අඩලා අඩලම හෙමබ්ත් උන ඇස් පිය වෙලා ගිහින් තියන වෙලේක මට ඒ කටහඩ අවසිහියෙන් වගෙ ඇහෙන කොට මම දඩ බඩ ගාල ඇස් ඇරියා....

මගෙ මැනිකේ....

ඒ එයා එයා ඇස් ඇරන් උන්නා මලානික මූන ...පොල් කෑල්ලක් වගේ වෙච්ච තොල....වගේම බාගෙට පන ගිය ඇස් එක්ක එයා නැගිටන් උන්නා....

නිතේ...ශ්....මාව ගෙදර ගෙනියන්න....

.අනෙ....රත්තරන් උඹට සනීප මදිනෙ.....

මේ ඉස්පිරිතාලෙ ..හිතෙ වේදනාවට බෙහෙත් කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්...මාව එයා ගාවට එක්ක යන්න නිතේශ් .....

ඒ වචන බරයි දෙයියනේ ...

ඒ වචන පපුවට පුදුමාකාර තරන් බර වෙනකොට එයා බලෙම්ම ටිකට් කප්පවන් ගෙදර එන්න ආවා.....වෙනදට එකට පැටලෙන අත් අද ඔහේ තනිවෙනකොට මට එයාව අල්ලන්න පවා තහනම් උනා....

මැනික මාව මරපන් බන් ...මට මෙහෙම කරන්න එපා....විතේන්... මොන වේදනාවක්ද බන් උබ මට ඔය දෙන්නෙ....

එයාව අල්ලන්න හදපු මාව පැත්තකට කරලා තනියෙන් ගෙදර යන එයා දිහා බලන් මම පාරෙ ඉදන් කෑගැහුවා වෙනදට මෙ ගෙදරට එනකොට තිබුන සතුට සම්පූරනම හොරු අරන් ගිහින් තිබුනා.....කොහෙ හරි ගුහුන් එනකොට කකුල් වල එල්ලි එල්ලි වඩාගන්න කියන පලිගුවා පෙන්න නෑ....නිතේස් අයියෙ නිතේස් අයියෙ ගාන ගඩාපියා නෑ....සහෝදරයෙක් වගේ උන්න ශෙනෝන් නෑ....මං තනිකරම තනිවෙලා උන්නා...බැදීම් අස්සෙ හිර වෙලා වේදනා විදින ගමන් උන්නා.....

එයා ගෙදර ගියා වචනයක් නොකියම එයා සෙනාරිගෙ මගෙ ඵොටො ටික උඩින් පැනලා යන්න යනකොට මට මගෙ හදවත කෑලි කෑලි වලය කඩාගන්න හිතුනා ....

තිවංක...භූමිතෙල් තියනවද ??

මම එහෙම්ම පහල කඩේ උන්න තිවංකයට කතා කෙරුවා ..කතා කරලා බූමිතෙල් බෝතලයක් ගෙන්න ගත්තා ....රතුම රතුපාට භූමිතෙල් ගේ මැද තිබුන ඵොටෝ ටික උඩ හැලෙනකොට මුලු ගේම භූමිතෙල් ගද ගහන්න ගත්තා ....අවංකවම මට හිතුනා භූමිතෙල් එක ඔලුවෙ හලාගන ගිනි තියා ගන්න...

භූම්තෙල් වලින් නැවුන ඵොටෝ ගොඩට මම ගිනිකූරක් ගැහුවා ....හිනාවෙලා උන්න සෙනාරිගෙ මූන කලුවෙලා යන හැටි....රස්නෙට වීදුරු පුපුරන හැටි...මගෙ මූන අලුවෙලා යන හැටි මම ඒ ගිනි ගොඩ ගාවට වෙලා බලන් උන්නා....

පුපුරන වීදුරු කටු සමහරක් මගෙ ඇගේ ඇමිනිලා තිබුනා.....ගිනි ගහන රස්නෙ ගාව හිටන් ඉන්න බැරි උනත් මගෙ පපුවෙ ඇවිලෙන ගින්න ඊට වඩා ගව් ගානක් අහස උසට නගින කොට මම ඔහේ උන්නා....

මගෙ...දෙයියනේ ....නිතේ....ස් අයියෙ . .....අනේ...නිතේස් .අයියේ ....හ්...අහකය. අහකට...පලියාන්න්න්න්න්...අනේ....

සෙනෝන්...මේ නිතේස් අයියා ගිනි තියාගන....

ඇස්වලින් වැටෙන කදුලු ගින්දරටත් වඩා උනුසුම් වෙනකොට මගෙ හදවත හරියටම පුපුරපු විසුවියස් ගිනි කන්ද වගේ උනා....දැනෙන වේදනා වචන කරනන් බැරිම තැන මම ඔහේ ගිනි ගොඩ ගාව ඉන්නකොට ගඩාපියා ශෙනෝන් එක්ක එකතු වෙලාගින්න නිවන ගමන් බැන බැන මාව ඇදලා පැත්තකට තල්ලු කරනකොට අසනීප වෙලා උන්න එයා මා දිහා බලන් ඉදල ඔලුව හෙල්ලුවා 

උඹට රිදවගත්තා කියලා .වෙච්ච දේ ආයම හදන්න බෑ නිතේශ් ....

ඒයාගෙ වචන ..ඉදලා හිටලා වචනයක් කතා කරපු එයා ආයම මගෙ පපුව පෑරුවා....ගින්න නිවිලා ගියා...ඒත්...හිතේ ගින්න තවමත් ඇවිලෙනවා...සතුට පිරුන ආදරේ පිරුන ගේ අද අමු සොහොන් පිට්ටනියක් වෙලා.....

මම එහෙම්ම කාමරේට ගියා...වෙනදට ඇදම මදි වෙන් එයා අද ගුලි වෙලා නිදාගන ඉන්නවා....

මැනිකේ....

මම එයාගාවින් දිගා වෙලා එක අතක් එයාගෙ ඇගට දාගත්තා ...ඒත් එක තත්පරයයි....එයා මගෙ අත අයින් කෙරුවා ....වෙනදට කොච්චර තුරුල් කරගත්තා උනත් මදි වෙන එයා අද මගෙ අත පැත්තකට කෙරුවා....

මට මෙහෙම කරන්න එපා විතේන්...මම උඹට කිව්වනෙ දෙයියනේ.....මම කැමති නෑ කියලා ..අනේ මං උඹට කිව්වනෙ...එහෙම කියනකොටත් ඇයි මගෙන් මෙහෙම පන්න පන්න පලි ගන්නෙ මැනිකේ...

මම බැරිම තැන කෑ ගැහුවා.....තනිකමේ වේදනාව දරාගන්න බැරිම තැන මම කෑගැහුවා 

ඔයා ගිහින් හදල දුන්නත් මට කමක් නෑ නිතේශ් ...සපර්ම් එකක් නොදි නිදිවැදලා දීලා ආවත් කමක් නෑ....කොහොම දුන්නා උනත් ඒ ඔයාගෙ දරුවනෙ...මට කවදාවත් ඒක කරන්න බෑනෙ ..

මොන මගුලක්ද විතේන් උඹ මේ කියන්නෙ...යකො මට එහෙම කරන්න ඕන කමක් තිබුනා නම් මට බෑ බෑ කිය කිය ඉන්න වෙලේ ගිහින් ඔය මගුල දීලා දානවනෙ.....මම එහෙම කෙරුවෙ නෑ විතේන්.....මම එහෙම කෙරුවෙ නෑනෙ ..ඇයි මට මෙහෙම රිදවන්නෙ...ඇයි උඹ මට මෙහෙම රිදවන්නෙ විතේන් .....

.එයා කියපු වචන පපුවට පිහි තුඩවල් බස්සනවා හා සමාන උනා... . නිදි වැදලා හරි ළමයෙක් හදලා දීලා එන්න කිව්වට වඩා එයාට ඒ දේ බෑනෙ කියන වචන වලට මට වේදනා දැනුනා...එයා හැම වෙලාවෙම සෙනාරිවයි එයවයි එක ගාව තියලා එයාටම රිදව ගත්තා ....සෙනාරිට පුලුවන් දේ එයාට බැරි වෙනකොට එයා බය උනා...මම දාලා යාවි කියලා එයා හිතුන් වේදනා වින්දා ...කොච්චර කොහොම උනත් එයාට මම කොයි තරම් එයාට තේරුම් කරන්න හැදුවා උනත් එයා නෙවෙ තේරුම් ගත්තෙ නෙවේ වෙද්දි වෙනදට තුරුල් වෙලා නිදාගන්න එයා මම අද දෙපැත්තට හැරිලා උන්නා.....ඒ ඇස්වලට වත් ..මගෙ ඇස්වලටවත් නින්ද කියන දේ නාමයක් නැති වෙනකොට එයා කෙරුවෙ පැත්ත හැරිලා හූල්ලපු එක වෙන එක වෙනකොට මම කෙරුවෙ එයා ගැන හිතපු එක උනා ....

සුදු මැනික....

මම කතා කෙරුවා ....

රැයක් එලිවෙනකන් හූල්ලපු එයා ඉරටත් කලින් ඇහැරන් ඉන්නකොට මම එයාට කතා කෙරුවා ..... එයා ඇහුන් නෑ වගෙ බාතෲම් එකට යනකොට මම ඒ පස්සෙන් ගියා...ඇතුලට යන්න හැදුවා උනත් එයා දොර ලොක් කරලා තිබුනා මම හිත හදා ගත්තා . ..එයාට වෙලා නැති උන හැම දාකම මමයි උදේට කන්න හැදුවෙ...මමයි කිරි එක හැදුවෙ මමයි එයාගෙ ඔෆිස් කිට් එක තේරුවෙ...හිතේ වේදනාව හිත අස්සෙ තියාගනම මං ඒ හැම දේම කෙරුවා ....

මන් දඩ බිඩි ගාලා හාල් කප් එකක් රයිස් කුකර් එකට ගැහුවා ...ඊයේ දවසම ඇඩුවා මිසක්කා බත් ඇටයක් නැති හින්දා මං ඒ හාල් එකටම පැත්තෙන් පැත්තට කපපු එලවලු පැකට් එකෙන් කප් එකකුයි පොඩියට කපපු මස් කප් එකයි බිත්තර ගෙඩි දෙකක් එක්ක සුප් කැට කාලක් දාලාබත ඇලෙන් නැති වෙන්න එලවලු තෙල් මූඩියක් දාලා එහෙම්ම ඉදෙන්න තිබ්බා.....

හෙලෝ.....තිවන්ංක මට එලකිරි එකක් එවන්න...

එයාගෙ ඇදුම් මදින්න කලින් මං පහල කඩේ තිවංක ලව්වා කිරි එකකුත් ගෙන්නන් මං ඒකටත් එනසාල් තේකොල දාලා රත්කෙරුවා ....එයාට මමම අරන් දුන්න ඇදුමක් ඒකට ගැලපෙන ටයි එක වොච් එක සපත්තු මේ හැමදේම තෝරලා තියනකනුත් එයා නෑවා....

බත් එකේ සුවද ගේ ඇතුලෙ තියන භූමිතෙල් සුවද යටකරන් යනකොට කොයි වෙලෙත් අඩන්න බැරි කමට මං හිත ඇතුලෙන් අඩ අඩ උඩින් හිනා උනා...

එයා එලියට ආවා..මාදිහා නෙවෙ බැලුවෙ..

ගුඩ් මෝර්නින් මිස්ටර් නලින්...මට බ්‍රෙක්ෆස්ට් රෙඩි කරන්න...

මැනිකෙ මං ඉව්වනෙ...

එයා නෙවෙ කනකට ගත්තෙ...

මං මේක ලැහැස්ති කෙරුවනෙ..

එයා මං ලැහැස්ති කරපු ඇදුම් පැත්තකින් තියලා වෙන ඇදුමක් ඇදගත්තා ...එයා නෙවෙ මගෙ මූන බැලුවෙ...

මං ආයම කුසියට ගියා.....මට ඇඩෙන්න වගේ....ඇස් දෙක අඩන්න මග බලන් උන්නා.....ඒ උනත් මං හිතට පුලුවන් තරම්තරවටු කෙරුවා....ඇස්වලට පුලුවන් තරම් තරවටු කෙරුවා ..ඒඋනත් හැගීම් කියන දේ ඉස්සරහා මාව අසරන වෙනකොට හදපු කිරි වීදුරුවට එකතු කරපු සීනි හැන්දට අමතරව ඇස්වලින් වැටුන කදුලුත් එකතු වෙද්දි මං කිරි වීදුරුව අරන් ඇතුලට ගියා....

එයා ඇදගන ...තනි කලු සූට් එකක්.....හරියටම මලගෙදර යන්න වගේ.....එයා කියන්න හදන්නෙ එයා හුස්ම ගත්තත් ඇතුලෙන් මැරිලා කියන එකද?

රැයක් පුරාවටම අඩපු ඇස්වල කිසිම තෙතමනයක් නැතිවෙනකොට ආදරනීයම විතේන් වෙනුවට මිස්ටර් විතේන් ආයම ඉපදිලා තිබුනා....

මැනිකෙ....

මං කතා කෙරුවා ....කතා කරන්නවත් අයිතියක් නැති වෙන්න ඒ හැමවැරද්දක්ම මගෙ ඔලුවට කඩා වැටෙනකොට එයා මා දිහාවත් කිරි එක දිහාවත් නොබලා යන්න හැදුවා .....අවසානම මොහොතේ අවසානම තත්පරේදි මගෙ ඉවසීම මගෙ වේදනාව මටම ඔරොත්තු නොදෙනකොට මං යන්න හදපු එයාව ඇදලා අරගත්තා ...

විතේන් ...උඹ පිරිමහන්නෙ මා එක්ක තරහවක් නම්...මට ගහපන්..මට බැනපන්.....උඹට ඒත් මදිනම්...යකො මාව මරපන් ඒත් උඹ උඹෙන් පලිගන්නෙ ඇයි විතේන් ...ආ....මං මෙච්චර දේවල් කරද්දි නොදැක්කා වගේ යන්නෙ....උඹ ඇයි විතේන් මට මෙහෙම කරන්නෙ....ආ විතේන් ....

මට ඉවසන්නම බැරි තැනදි මං කෑ ගැහුවා ...ආදරේ කරන එකම මහ පුදුම වේදනාවක් කියන එක මම දෙවනි පාරටත් එයාට සමානවම අත් විදින ගමන් උන්නා.අහිමි වෙයි කියන බය...අහිමිවීමෙ වේදනාව හිමිවීමෙ සතුට පස්සෙන් පන්නන් ඇවිත් තිබුනෙ කරත්තෙට බැදපු ගොනා පස්සෙ එන කරත්ත රෝදේ හා සමාන වෙනකොට "හිමි වීම අහිමි වීම " කියන්නෙත් ඒ හා සමාන උනා....එකම කාසියක දෙපැත්ත හා සමාන උනා...

විතේන් ..මට මෙහෙම කරන්න එපා විතේන් ..මගෙ මුලු ජීවිත කාලෙන් වැඩි හරියක්ම උනේ මට මාව නැති උන එක.....මට මාව නැති කරන්න එපා විතේන් ..උඹම පන දීපු මාව උඹම මරාගන්නෙ ඇයි විතේන් .....

මං ඒ ඇස් දිහා බලාගන කතාකෙරුවා ...වෙලාවකට මාව මරපන් කියන මමම අනිත් පාර මාව මරා ගන්න එපා කියනවා ....

දන්නවද නිතේශ් ....මිනිස්සුන්ගෙ හිත් හරියටම කොහොල්ලෑ ගුලියක් වගේ...කොයි පැත්තට ඇදෙයිද කියන්න බෑ....එක පැත්තකට ඇලුනොත් ඇලීගන ඉන්නවා ..හැබැයි පොල්තෙල් ටිකක් ගෑව ගමං ගැලවිලා යනවා...උඹ මා ගාව ඇලීගන උන්නත් ...අවසානෙදි උඹේ හිත දුර්වල වෙන තැන බලලා එකි පොල් තෙල් අහුරක් හැලුවොතින් .....උඹ මගෙන් ගැලවිලා යාවි නිතේශ් ....

මේලෝකෙ ඉන්න එකම පිරිමියා උඹ නෙවෙ ...ඒකි අද ඕක හංගයි....හෙට හංගයි....උඹම හිතපන් නිතේශ් ඔය ලමයට මොකක් හරි උනා....ඉස්පිරිතාලෙකට අරන් ගියා.....එතනදි දැනගත්තොතින් ....ඌ නෙවෙ තාත්තා උඹයි කියලා ...මට කියපන්....ඒකිත් කසාදෙ කඩාගන ආවොතින්...උඹගෙ හිත අප්පා නැති දරුවා ගාව උනුවෙන්නෙ නැද්ද කියලා ...මට කියපන් නිතේශ් ....

වැඩක් නෑ....මට කතා කරන්න උත්තර බදින්න වචන නෑ...

මගෙ විතේන් ...උඹ හැමදාමත් මගෙ මූනෙ තියන හිනාව දැක්කා....මට කියපන් මේ ඇස්වල තියන කදුලු උඹට පේන්නෙ නැද්ද කියලා ...මට කියන්නෙ මගෙ හදවත ගලවලා අතට අරන් පෙන්න කියලා නම් මං ඒකත් කරන්නම්..මගෙ තුන් හිතකවත් එහෙම දෙයක් නෑ විතේන්...

නිතේශ් ....අවසානෙදි .....අපි හැමෝගෙම ජීවිත වල ඉතිරි වෙන්නෙ අපි ආසයි ..අපි ආදරෙයි කියලා පපුව පිරෙන්න සතුයින් අත් දෙකෙන් බදාගන පපුවට තුරුලු කරගන්න දේවල් නෙවෙ ..අපිට උරුම දේවල් විතරයි ....ඒ දේවල් එහෙම උනා නම්...

ඔව්....එහෙම උනා නම්...උඹ කියන්න හැදුවෙ....උඹ අද ඉන්නෙ උඹේ අදීශ් ගාව කියලද ....හ්ම්ම්....හරි හරි...හරි මැනිකෙ .....උඹ කියන්න හදන්නෙ උඹ පපුව පිරෙන්න සතුටින් ආදරෙන් බදාගත්තු අදීශ්ව උඹට නැති වෙලා හම්බ උන දා ඉදම්ම අහස උසට දුක විතරක් උරුම මට කරගහන්න උනා කියන එකද.....

මම බලන් උන්නා.....මම ඒ ඇස් දිහා බලන් උන්නා....එයා හරි...මට බැරි උනා එකම දවසක් සතුටින් තියන්න....එයාව එකම දවසක් සතුටින් තියන්න ...හැමදාම මං ඒ ඇස්වලට දුන්නෙ ගින්දර විතරයි ...

උඹට මේ බැදීම මහ වේදනාවක් ඇති විතේන් . ..උඹට උරුමයි කියලා හිතෙන මාව මහ බරක් වෙන්න ඇති විතේන් ....ඇත්ත මට සමාවෙයන් මං උඹට හැමදාම දුන්නෙ කදුලු විතරයි ...මටබැරි උනා උඹව අදීශ් බලා ගත්තා වගෙ සතුටින් තියාගන්න...මට බැරි උනා උඹව කොළඹින් පිට කොගෙවත් එක්ක යන්න...මට බැරි උනා වලව්ව ඇරෙන්න මේ ලෝකෙ තියන හිත නිවන තැනකට අරන් යන්න...මං අනිත්මිනිස්සුන්ගෙ ආදර කතා සිදුහත් යශෝදරා වේශෙන් දමින්න හැදුවට මට බැරි උනාමගෙ ආදර කතාව ඒ කෝනෙන් බලා ගන්න මං හැමදාම ඉදලා තියෙන්නෙ රෝමියෝ ජුලියට් මානසීකත්වෙන් පොඩ්ඩ බැරි වෙනකොට අඩාගන ගිහින් අවසානෙදි මැරිලා යන්න.....උඹ හරි මැනිකෙ...ඒ ලෝකෙ හැම තැනම ආදරනීයම යසෝදරලා නෑ....පින්කාර යසෝදරලා නෑ....එහෙම උනානම්....අපි කවදාවත් මේ තරම් බැදීම් මත්තෙ නැහි නැහි අඩන් නෑ....මන් උඹට කප්පරක් තරම් දුක් දීලා....

ඉතින් උඹ උහුලන්නෙ කොහොමද ....

වැරදි මමයි.....

හැමදාම මං උනේ වෙස්සන්තර උන එක.....උඹව අඩව අඩව වෙන උන්ගෙ හිත් හදපු එක...

මන් කෙරුවෙ අනුන්ගෙ දුකට මුක්කු ගහන්න ගිහින් මගෙ කූඩුව අවුල ගත්තු එක....

මට අමතක උනා මැනිකෙ කාක්කි උනත් කෙරුවෙ බිත්තර ගිහින් අනුන්ගෙ කූඩුවක දාලා කොවුලෙක් ලවා රක්කවන් අත පිහිදගත්තු එක කියලා...

මටත් සිද්ද උනේ කොවුලෙක් වෙන්න....අනුන්ගෙ ප්‍රශ්න මගෙ කූඩුවේ තියන් රැකපු එක...

මට සමාවෙයන් රත්තරන් මං උඹව සතුටින් තියලනෑ....උරුමයි උරුමයි කියලා කරුමයක් කර ගහන්න ඕන් නෑනෙ.....

අවසානම හරියෙදි මට අඩන්න කදුලු නැතිඋනා....ඇස් ඇඩුවෙ නැති උනත් තොල් පට වෙව්ලනකොට මන් කිරි එක පැත්තකින් තියලා එයාගෙ අත අරගත්තා ...අරන් මම දාපු මුද්ද ගලවන්න හැදුවා වගේම එයා අත ඇදලා ගත්තා ....

එක මෝඩ තීරනයක් හින්දා හදන්න බැරි වැරදි හුගක් වෙයි මිස්ටර් නිතේශ් ....කරුනාකරලා පොඩ්ඩක් පාඩුවෙ ඉන්න ....

එයා මාව අතින් තල්ලු කරලා යන්න ගියා ....වෙනදට යන්න කලින් දෙන හාදුව ...පරිස්සමින් ඉන්න කියන ආදරනීයම වචන මොකුත් ම නැති වෙනකොට මං ගේ අස්සෙ තනි උනා....

ටයිල් එකේ තිබුන කලු පැල්ලම් ආය ආයම වෙච්ච දේවල් මතක් කරනකොට මං එහෙම්ම බිම ඉදගන ඔගේ පැත්තක් බලාගත්තු අත බලාගන උන්නා.....

ඇත්තටම වචන වලට වඩා හැගීම් පපුවට පුදුමාකාර තරන් බරයි.....එයාගෙ වචන හිතට ඇති කරපු හැගීම් පුදුම තරම් බර වෙනකොට මං ගහක් ගලක් වගේ උන්නා...

නිතේස් අයියේ .....නිතේස් අයියේ....

පැය ගානක්....මං දන්නෙ නෑ මං කොච්චර වෙලාවක් බිම ඉදන් උන්නද කියන්න ඒත් මගෙ කකුල් හිරි වැටිලා තට්ටම් පවා වේදනා දුන්නා....

කඩාගන බිදගන ආව ගඩාපි පැටියා මං ගාවට දුවන් ආවා වගේම මං ඒකා දිහා හැගීමක් නැතිව බලන් උන්නා...

උඹලටත් මාත් එක්ක ඉන්න එක කරුමයක් වගේ නම් යන්න පුලුවන් ඩියෝන්.....

මොන මගුලක් කියනවත මන්තා...අනේ නිතේස් මේ...වැදි බන නොකියා ඉන්නවා ඒයි.....අර තෙඋඩිච්චි තමා ඔක්කොටම පලි...පට්ට බැල්ලි මන් ඕකිට ගහනවා වැලි....හොදට උන්න මගෙ නිතේස් අයියාගෙ ඇගේ එල්ලිලා පවුල් විනාස කරල තව බබුච්චොත් හදා ගන්ඩ...මන් ඕකිට අඹරනවා මිරිස්....

මං අහන් උන්නා....ඌ බයිනවා....සාප කරනවා ...ඌබැන බැන ඉදලා ආයම මගෙ දිහා බැලුවා .

නිතේස් අයියෙ මන් ආවෙ පනිවිඩයක් කියන්න....

මං නෙවෙ උත්තර දුන්නෙ.....

නලින් මාමියා කතා කරලා ඔයාට විතෙර්න් අයියගෙ ඔපිස් එකට එන්ඩ කිව්වා මේ දැම්ම....මේ දැම්ම....එක මොහොතක් පමා නොවීම.....ඇත්තමයි නිතේස් මට දැන් හරියට තරහා යාගන එන්නෙ.....

ඒකා කියනවා නලින් කිව්වලු මට එයාගෙ ඔෆිස් එකට එන්න කියන්න කිව්වා කියලා...කුඩු පට්ටම වෙච්ච ඵෝන් එක ඉස්පිරිතාලෙ ඩස්ට්බින් එකේ වෙද්දි කොහෙන් පනිවිඩ එන්නද ...මං නැකිට්ටා ....උඩින් පල්ලෙන් මූන හේදුවා .....වෙනදට පැයක් හමාරක් වතුරෙ ඉන්න මං අද ඔහේ මූන හෝදන් අතට අහුවෙන ඇදුමක් ඇදන් එයාගෙ ඔෆිස් එකට එන්න ආවා...

ඒ හැමෝම මා දිහා බලනවා ....වෙනදට මාව දැක්කම හිනා වෙන මූනු අද කුටු කුටු ගානාවා...වෙන්න ඇති මං ආවෙම පිස්සෙක් වගේනෙ....

මිස්ටර් නිතේශ් ...

එයා කොහෙද ...

මං නලින්ගෙන් එයා කොහෙද අහනකොට එයා මට කැබින් එක පෙන්නුවා ....දැන් ඉතින් තව දුරටත් මගෙ ආදරනීයම විතේන් නෑ ..මගෙ මැනිකෙ නෑ....ඉන්නෙ මිස්ටර් විතේන් වෙනකොට මං දොරට තට්ටු කෙරුවා .....

එන්න...

ඒ එයාගෙ කටහඩ....තරහව ආවෙගේ...වේදනාව....මේ හැම දේම පිරුන කටහඩ මට උත්තර බදිනකොට මං දොර ඇරියා...

දොර ඇරන් ඇතුලට ගියපු මට ඇතුලෙ උන්න උන් දෙන්නව දැක්කට පස්සෙ මාව

නිකන් කරකවලා ඇතෑරියා වගේ උනා....

සෙනාරි....රවීන්....

..........

ආයම හෙට එන්නාම්...

කතාව කියවන හැමෝටම හුගාක් ස්තූතියි ...

මේ ළමයා ඊයෙ පොල්ලක් තියලා පැන්නනෙ අයියෝ.....මුව පැතියත වැඩ ගොඩ ගැහිලා....ඉතින් බලන්නකො නේත ඈ...👉👈😂😂😂.

..........

මම....

Ferdeesha ❤️💚😘 ..

More Chapters