මැනිකෙ....අනේහ්.....
සුදු අයියෙ
දෙයියන්ගෙ නාමෙන් සෙනාරි අත ගනින්....සෙනාරි තවත් ඇගේ එල්ලි එල්ලි ඉන්නෙ.....මොන කරුමයක්ද මේක.....
ඇතුලට එන්න ආව එයා සෙනාරි මගෙ අතේ එල්ලීගන ඉන්නවා දැක්ක ගමන් ආපස්සට ගියා...සෙනාරිව තල්ලු කරලා කැබින් එකෙන් එලියට ආව මම කැබින් එක දිහා බලන් උන්න ඩියෝන් දිහා වගේම ශෙනෝන් දිහා බැලුවා ...
තොපි දෙන්නගෙන් මොකාද විතේන්ව ගෙන්නුවෙ...
මං කෑ ගැහුවා ...වහල දෙදරවලා යන්න කෑ ගැහුවා මට දැනුන තරහව කොයි තරම්ද කියනවා නම් මට සෙනාරියව ඇදන් ගිහින් උඩ ඉදන් පහල විසික් කරන්න හිතුනා...ඒකි තාම කැබින් එක ඇතුලෙ මං අඩියට දෙකට කැබින් එකට රිංගුවා ....ඒකි බය වෙලා ඇස් දෙක එලියට පයින සයිස් එකට ලොකු කරන් කදුලු පුරවන් උන්නා...
සෙනාරිහ්...
නි....තේශ්.....
දැන් හරිද....වෙන්න ඕන ටික උනාද.....ආ සෙනාරි....උඹට ඕන උන දේ මේකද ?? මං උඹට කිව්වා ..මං කිව්වා මං මේ මගුලට කැමති නෑ කියලා...මං කිව්වා උඹම හිතපන් සෙනාරි ඒ ළමයා අවසානෙදි මගෙ නෙවෙද....ඇයි උඹගෙ මිනිහගෙ කට නැද්ද කොච්ච්ර හි&* ළමයි හිටින් නෑ කියන්ඩ ආ සෙනාරි ...
යකො හැමදාම අනුන්ගෙ ප්රශ්න මගෙ කරට ගන්ඩ මං වෙස්සන්තරද?හැම දාම මටම කරදර පාත් වෙන්නෙ මොන මගුලකටද....උඹගෙ මොලේ කියන එක අබමල් රේනුවක් තියනවද . ..උඹගෙ මිනිහගෙ ප්රශ්නෙ තියෙන්නෙ ඇයි ඒකගෙ අම්මලව එක්ක දොස්තර ගාවට ගිහින් තේරෙන සිංහලෙන් ඕක කියන්න අමාරු....ආ සෙනාරි....අවසානෙදි ඔය ලමයා මගෙ කියලා දැනගත්තම උඹගෙ මිනිහගෙ අම්මා උඹවයි ලමයවයි මගෙ කරේ ගහන්ඩද....ආ සෙනාරි...ආ සෙනාරි....උත්තර දීපන්...දෙයියන්ගෙ නාමෙන් මම අහන්නෙ.....ඕකට ඉදපුඑකම එකා මම විතරද සෙනාරි....මම තනිකඩව උන්නා නම්.....මට ඒක ප්රශ්නයක් නෑ...මට ඒක කොහොමත්ම ප්රශ්නයක් නෑ..හැබැයි දැන් තත්වෙ වෙනස්...ඒහින්දයි මම ගත්තු කටටම බෑ කිවේ...ඒ කියලත් උඹ ඇයි නොගියේ....ඇයි ඇගේ එල්ලි එල්ලි වැද වැටුනෙ ..ආ සෙනාරි....ආ....
නිතෙ..ස්ස්....අයි
අහක පල.....තෝත් අහකට පල...
මට යක්සයාවේස වෙලා උන්නා...මට ඉවසගන්නම බැරි තැනම මං මගෙ මේසෙ තිබුන බඩු මුට්ටු පවා පොලවෙ ගැහුවා .....සෙනාරි බයවෙලා වගේ බලන් උන්නා මාව වත්තම් කර ගන්න ආව ඩියෝනයව පවා මං තල්ලු කරලා ඇරියා.....අවසානෙදි මං කෑ ගහලා කෑ ගහලා අවසානෙදි යතුරත් අරන් එන්න එනකොට මුලු ස්ටාෆ් එකම මීයට පිම්බා වගේ බලන් උන්නා ....
ශිහ්...මගුල ඕෆ් කරන්....මම කොහොමද දෙයියනෙ එයාගෙ තාත්තට මූන දෙන්නෙ....ඒ මනුස්සයා කියලා කට ගන්න හම්බුන් නෑ.....මම නම් මහ පුදුමාකාර තරම් කාල කන්නියෙක් එක දවසක් සතුටින් උන්නොතින් මට ඊලග මාසෙම අඩන්න වෙනවා....
එයාගෙ ඵෝන් එකට දිගින් දිගටම දිහින් දිගටම ගත්තු මම එයාට කතා කරන්න හැදුවා...මනිකෙ උඹ හිතන දෙ උනේ නෑ කියන්න මට කතා කරගන්න ඕනා උනා...ඒ උනත් එයා නෙවෙ ඵෝන් එක ඔන් කරල තිබුනෙ ..

අනේ.. ..විතේන්....අනේ උඹ හිතන දේ නෙවෙ උනේ ...
මම ඵෝන් එක කනේ ගහන් හිතින් උඩ ඉන්න තිස්තුන් කෝටියටම මේ අවනඩුව කිව්වා ...වෙන මොකටත් නෙවෙ ලමයෙක් ගැන කිව්ව ගමන් ඒ මූන වෙනස් වෙනවා...මගෙ කරුමෙ කොයි තරම්ද කියනවා නම් මම ඊයෙත් ලමයෙක් ගැන කිව්වා....ඒ ඔක්කොම එක ළඟ එක ළඟ උනාම...
වෙච්ච හැම දේම දැක්ක පමාවට තේරුම් ගන්න එයවත් මමවත් දෙවිවරු නෙවෙනෙ...එකම දේ දැක්ක ගමන් ආ...මේක මෙහෙමයි කියලා මානුශීය වෙන්න.....අපි කවුරුත් දෙවි වරු නෙවෙනෙ....පැලෙන්න තරම් ආදරේ තිබුනත් ඇස් පිල්ලමක් ගැහුවත් අනිකට දැනෙන්න අපි ටෙලිපති උන් නෙවෙනෙ.....අන්න ඒ හේතුවම මාව පුදුමාකාර තරම් අසරන කරනකොට මම එයාගෙ ඵෝන් එකට පුලුවන් තරම් කෝල් ගත්තා .....

පාරෙ වාහන එකා කාරෙට.....ට්රැෆික ඔක්කොටම හපන්.....
මම ස්ටියරින් විල් එකට අත මිටිමොලම පාරක් ගැහුවා ...ඒ එක්කම මගෙ ඵෝන් එක ආයම රින්ග් උනා....ආයම unknown number එකක්....
හෙලෝ.....මොකාද මේ....
තිබුන ආවේ එක්ක මොකාද කතා කරන්න්නෙ...වෙලාවෙ හැටියට ඒ කෝල් එක ආවෙ ස්වර්ගෙන් උනත් මම ආවෙසෙම්ම උත්තර බැන්දා ...
නිතේශ් ...මං...රවීන්...
කෝල් එක අරන් තිබුනෙ රවීන් ...මට රවීන් කියන නම ඇහුනත් එක්ක මට තවත් ආවේස වෙනකොට මං එහෙම්ම කාර් එක අයිනකින් නැවැත්තුවා ....
රවීන්...තමුන්ගෙ ගෑනි ගැන අහන්නද මට ගත්තෙ නැත්තන් උඹගෙ ඔලුවෙ තියෙන්නෙත් ඒකි මාව හොයන් ආව බහුබූතෙ නම් දෙයියන්ගෙ නාමෙන් පින්සිද්දවෙයි මට එක එකාගෙ පවු වලින් බේරෙන්න ළමයි දිදී යන්ඩ නම් කියන්න එපා රවීන්....මට මේ කෙරුවාව ඇති වෙලා තියෙන්නෙ
නිතේශ් මම දන්නෙ නෑ නිතේශ් එයා ඔහෙ ඒවි කියලා ...
මෙහෙ ඒවි කියලා උඹ දන්නෙ නෑ කියන්නෙ මොනවද රවීන් මේ ගෑනි ආවෙ එක දෙයක් අහගන...අවසානෙදි මා එක්ක බුදියල ළමයෙක් හදන් ගියත් උඹ්බ් දන්නෙ නෑනෙ රවීන්...අනිත් එක උඹගෙ අම්මට කියන මගුල තේරෙන්නෙ නැද්ද ඒකිගෙ නෙවෙ අඩුපාඩුව උඹේ කියන්න.....ආ රවීන්.....??
මම කැ ගැහුවා කතා කරන වචනයක් වචනයක් පාසාම ස්ටියරින් වීල් එකට ගගහම කෑ ගැහුවා...ඌ දන්නෙ නෑලු ගෑනි මාව හොයන් ආවා කියලා ...මට ප්රශ්නයක් නෑ...ඕක හැම දාම අහකට අරින දේ ඇද රෙද්දෙන් පිහන දේ කියලා මට ඒකිට ඒ උදව්ව කරන්න බැරි කමක් නෑ ඒත් දෙයියනේ කව්ද දන්නෙ මගෙ වෙලාව අන්තීම නරක හින්දා මොන මගුලක් හරි වෙලා මේකි කවදා හරි උන් ටික දරුවගෙ අයිතිය ඉල්ලන් මාව හියන් ආවොත්....කොහෙන් බැලුවත් කොහොම කෙරුවත් ඒ මගෙ ලමයනෙ.....ඒ මගෙ ලේනෙ.....අනික අදුනන්නෙ නැති ගෑනියෙක්ට දුන්නා නම් මට ගානක් නැතිව ඉන්න තිබුනා ඒත් කව්ද දන්නෙ ඒකි මගෙ කලින් කෙල්ල හින්දා අවසානෙදි ඒ ලමයගෙ තාත්තා මමයි කියල මට ඒකිවත් බාරගන්න උනෝතින්....ඒකිගෙ නැන්දම්ම අපේ අම්මගෙම ජාතියෙ ගෑනියෙක් හින්දා මට ඉහගහන්න වෙන්නෙ එසේ මෙසේ කරදරයකට නොවුන හින්දම මම රවීන්ට කැ ගැහුවා.....
රවීන් ...රවීන්...මම ඉන්නෙ දැන් කතා කරන්න පුලුවන් සිහියක නෙවෙ ඉන්නෙ...කරුනා කරල උඹගෙ ගෑනිව මගෙ තැනින් අරන් යමන් පින් සිද්ද වෙයි..මට ආය ආය කියන්න කියන්න තියන්න එපා හරි ...ගෑනිව අරන් පලයන්....
මම ඵෝන් එක පැත්තක දාලා කෙලිම්ම එයාගෙ ඔෆිස් එකට ගියා ..වෙනදට මේ ඔෆිස් එකට යනකොට හැමෝම එක්ක හිනා වෙන මගෙ හිනාව වෙනුවට හැගීම් නැති මුනක් ඉතිරි වෙලා තිබුනා..... ..
නලින් ..මිස්ටර් නලින් ඉන්නවද....
මම වෙනදට අහන්නෙ බලන්නෙ නැතිව කෙලිම්ම රිංගුවෙ එයාගෙ කැබින් එකට උනත්...මට අද ඒ තැන නෑ වගේ දැනුනා...වෙනදට මම කාගෙන් වත් අවසර් ගන්නෙ නැති උනත් අද මට ඒ තැන නෑ වගෙ දැනුනා... ....මම රිසෙප්ශන් එකේ කෙල්ල ගාව නැවතිලා නලින්ව අහනකොට කෙල්ල මා දිහා බලන් ඉදලා බයෙන් වගේ හිනා උනා ..
මිස්ටර් විතේන් ආවා ...හැබැයි...සර් ආවොත් එවන්න එපා කිව්වනෙ....
මම එහෙම්ම නලලට අත ගහගත්තා ..එයා එන ඒමටම මාව එවන්න එපා කියාගනමයි ඇතුලට ගිහින් තියෙන්නෙ...මම රිසෙප්ශන් එකේ කෙල්ල දිහා බලනකොට කෙල්ල හොරා වගෙ මට කැම් එක පෙන්නුවා....
සර්....අනිවාර්යයෙන්ම මිස්ටර් විතේන් මෙතන බලන් ඉන්නෙ....
ඒත් මටකරන්න දෙයක් නෑ මිස්...ඔයාගෙ ජොබ් එක නැති උනොත් මම ඩබල් සැලරි වලට මා ගාවට ගන්නම්....
මම එච්චරයි කිව්වෙ ආයම විනාඩියක් නොයිද කෙලිම්ම එයාගෙ කැබින් එකට දිව්වා ...
මැනිකෙ.....
එයා ඉන්නවා ජනෙල් ගැට්ට උඩ ඉදන් එයා ඉන්නවා.....

මිස්ටර් නිතේශ් .....
මාව ගැස්සුනා.....ඇග ඇතුලෙන් උනුවෙලා වගේ ගියා...මිස්ටර් නිතේශ්.....එයා ආයම මට මිස්ටර් නිතේශ් කියන්න අරන් තිබුනා.. .
මැනිකේ...මේ අහන්නකො....
මිස්ටර් නිතේශ් ....මම හිතන්නෙ ඔයා ආයම ගිහින් තට්ටු කරලා වැදගත් විදිහට ආවා නම්....
එයා මාව හරවල යැව්වා...ඉස්සරහට තිබ්බ කකුල මම ආයම පස්සට ගත්තා.....එයා මාව ආපිට හැරෙව්වා....හිත වේදනා දුන්නා උනත් මම ඉස්සරහට තිබ්බ කකුල පස්සට අරගන එයාගෙ කැබින් එකෙ දොරට තට්ටු කෙරුවා...
පලවෙනි පාර ..ඒයා ඇරියෙ නෑ.....දෙවනි පාර තට්ටු කෙරුවා....ඒත් එයා නෙවෙ කැබින් එකෙ දොර ඇරියේ .....මම තුන් හතර පාරක්ම තට්ටු කෙරුවා ..එයා මගෙන් තරහව පිරිමහනවා...ඒ උනත් ..මමයි වැරදි කාරයා නිසා මම හිත ගල් කරන් හරි අමාරුවෙන් ඊළඟ පාරත් තට්ටු කෙරුවා....
එන්න .....
එයා එන්න කිව්වා....මම ඇතුලට ගියා .. ඒ මුනෙ වෙනදට තියන ආදරනීයම හිනාව නෑ...අතුරුදහන් වෙලා.....එයා මූන හරවන් ඉන්නවා අඩුම ගානෙ මගෙ දිහා බලන්නෙවත් නැතිව උන්නා

මැනිකෙ...
මිස්ටර් නිතේශ් ..මේක මගෙ ඔෆිස් එක...කරුනාකරලා ගෙදර දේ ඔෆිස් එකට ගේන්නෙ නැතිව ඉන්නවා නම් ..ඇත්තටම මං සන්තෝසයි ...
මැනිකෙ මේ අහපන්කො රත්තරන් ...
මිස්ටර් නිතේශ් .....
එයා කෑ ගැහුවා ....ඒ ඇස් තනිකරම ලොවි ගෙඩි පාට වෙලා මට කතා කරනවා තියා අඩියක් ලගට එන්නවත් දුන්නෙ නැතිවම එයා මගෙන් හේතු සාදක අහනකොට වැරද්දක් නොකරම චූදිතයා උන මම විත්ති කූඩුවෙ ඉදන් අදත් නඩු කාර හාමුදුරුවො ඉස්සරහා මගෙ නිර්දෝශී බාවෙ ඔප්පු කරන්න හැදුවා ....
ම්ම්ම්.....එතකොට නිතේශ්ගෙ ස්පර්ම් එකක් සෙනාරි එක්ක එකතු උනාම... ඇත්තටම .....එයා තමුන්ගෙ දරුවෙක් නේද..නරක නෑ...අනික ඉතින්...මට එහෙම දෙයක් කරල දෙන්න බෑනෙ....
විතේන්...මේ අහපන්කො මැනිකෙ.....අනේ අහපන්කො රත්තරනේ....
නෑ..නෑ මිස්ටර් නිතේශ් මම කියන කතාව ඇත්තනෙ...උඹගෙත් එක කාලෙක ඔය හීනෙ තිබුනනෙ.....නේද...මං ගාව උන්නට මට කවදාවත් ඕක කරන්න බෑනෙ ..අවසානෙදි ඒකි මිනිහව දාලා ලමයව උස්සන් ලමයගෙ අයිතිය ඉල්ලුවොත් . මොනවා උනත් ඒ ඉන්නෙ උඹේ ලෙනෙ....නේද නිතේශ් ...ඉතින්.....ලේවලට ඒ උනුවෙනවා...කොච්චර කොහොම උනත් ඒ දරුවා උඹගෙ ඇස් ඉස්සරහට ආවම.....කාටද දරු කැක්කුම මුලිම්ම එන්නෙ...උඹටද ..රවීන්ටද...උඹටනේ ..ඒකි මොකටද උඹවම හොයන් ආවෙ....වෙන එකෙක් හොයා ගන්න තිබ්බ නිසානෙ....ඒකිට තවමත් උඹව මතක් වෙනවා කියෙන්නෙ...උඹ මොනතරම් නම් ඒකිට ආදරේ දීලා තියනවද නිතේශ්....
පොඩ්ඩක් හිතපන්....ඒකි උඹේ ළමයෙක් තියන් ඉන්නවා කියලා හිතනකොට මේ පපුව කොහොම ඉවසයිද.....ඒ ඉන්නෙ උඹේ ළමයා....මං...කොහොමද ඉවසන්නෙ....ඒකිගෙ ගාව ඉන්නෙ උඹේ ලේ නිතේශ් ....අම්මා තාත්තා බැදීම යන්නෙ උඹල දෙන්නට මිසක්....රවීන්ට නෙවෙ...එතකොට මං කව්ද....මං කව්ද නිතේශ් ....
එයා ඇඩුවෙ නෑ හැබැයි ඒ ඇස්වල කදුලු වැටෙන්න ඉන්න මෙන්න තිබ්බා...සෙනාරි කියපු වචනයක් ගානෙම මම් එයාට කිව්වා.....ඒ හැම වචනෙකිම්ම එයා පෙරලා අරන් තිබුනෙ එ ළමයා මං වගේ වේවි...ළමයා මගෙ කියන දේ...එයාට කවදාවත් මං වෙනුවෙන් ඒ දේ කරන්න බැරි බව වෙනකොට මං අන්තම අසරන උනා...
මගෙ මැනිකේ...මේ අහපන්කො රත්තරනේ...මට උඹව වටිනවා මගෙ විතේන් .මට උඹගෙන් එහා වෙන කිසිම දෙයක් ඕන් නෑ මැනිකෙ...
ඒ කොහොම උනත් ..උඹ ඒ හීනෙට කැමතියි නේද තේශි ....උඹ ඒ හීනේ දකින්න ඇති නේද.....උඹ හිතපන්...ඒකිට නිකමට හිතුනොතින් .....රවීන්ව අයින් කරල දාන්න....ඒකි කවදාවත් ඔය ලමයව අතාරින් නෑ....රවීන්ගෙ ගෙදරින් තියා රවීන් වත් ලමයව ඉල්ලන්නෙ නෑ...මොකද ...උන් කෙසේ වෙතත්...රවීන් දන්නවා ඌට ලමයි හදන්න බෑ කියලා...එතකොට ඒලමයගෙ තනි අයිතිය යන්නෙ සෙනාරිට...මට කියපන් තේශි.....උඹගෙ හිත ඒකි ආයම වෙනස් කලොත්...අද හොයා ගන ආවා වගේ...අයම හියන් ආවොත්....උඹේ හත උනුවේවි...මොන දේ උනත්..මිනිස්සු දරු සෙනෙහස ගාවදි අසරන වෙනව තේශි....
විතෙන් ...උඹට මොලයක් කියල දෙයක් තියනවද විතේන්...මම උඹව මගෙ ගාවට ගත්තෙ අතාරින්න බලාගනද.....
උඹට වැරදිලා මිස්ටර් නිතේශ් මමයි හොයාගන ආවෙ අවසානෙදි මටමයි යන්න වෙන්නෙ...මට මේකට මීට වඩා කියන්න දේවල් මොකුත් නෑ ..ඔයාට පුලුවන් කැමති තීරනයක් ගන්න.... මට පුලුවන් දැන් හෙන ගැහුවත් දරාගන ඉන්න.....
අනේ මැනිකේ ඇයි හැම දේම උඹම තීරනේ කරන්නෙ...දෙයියන් බුදුන් පල්ලයි..මගෙ ජීවිතේට උඹ ඇර ආය ඒකිගෙ හෙවනැල්ල වත් මට එපා මගෙ විතේන් ඇයි දෙයියනේ මෙච්චර සිංහලෙන් කියලත් තේරුම් නොගන්නෙ...
මිස්ටර් නිතේශ් ...ඔයාට පුලුවන් දැන් යන්න...මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.....මට දැන් මෙතනින් එහාට ආය මේ ගැන කතා කරන්න වත් හිතන්නවත් අහන්නවත් ඕන් නෑ...අන්වශ්ය විදිහට මට කෝල් කරන්න මෙතනට කඩාගන පාත් වෙන්න එපා..කරුනාකරලා ඔයාට පුලුවන් දැන් යන්න....
විතේ....න්.....
මගෙ ලගට එන්න එපා...මට ටිකක් මේ විදිහට ඉන්න දෙන්න...මට මෙහෙම ඉන්න දෙන්නකො ....දැන් යන්න .....ප්ලීස් මට කෝල් කර කර වද දෙන්න එපා....
එයා කිසිම තෙතමනයක් නැ වගෙ මගෙ මුනටම කියලා දැම්මා වද දෙන්න එපා කියලා.....ඊයෙ දවසම තේශි....සුදු අප්පො ගාපු එයා දැන් කෙලිම්ම මට මිස්ටර් නිතේශ් කියනකොට මම තවදුරටත් එයාගෙ ලෝකෙට අයිති නෑ වගේ දැනුනා...පපුව ගැහි ගැහි ...ඇස් කෙවි කෙවී අඩන්න කදුලු හොයනකොට මම එයයි මායි තුරුලු වෙලා උන්න සෝෆව දිහා බැලුවා.....එයගෙ මේසෙ උඩ ඉන්නෙත් මම වෙනකොට මේ හැම දේම මට නැතිවෙයි කියන බය මාව පිස්සු වට්ටවන්න ගත්තා ....
විතේන් මම කකුල් අල්ලා වදින්නම්...මං ඒකිට බෑ කිව්වා රත්තරන් ..අනේ මාව මෙහෙම එලවගන්න එපා මගෙ විතේන් .අනේ....අහපන්කො රත්තරනේ ..අහපන්කො...
මම ඒ අත් දෙක මගෙ අත්වලට මැදි කරන් මාව තේරුම් ගන්න ගගා අඩනකොට එයා නෙවෙ මා දිහා බැලුවෙ ....එයාට් නොතේරෙනවා නෙවෙ .ඒත් එයාට තියෙන්නෙ වේදනාව...
මං මහ වැරද්දක් කෙරුවා නිතේශ් ...
මැ..නිකෙ.....
යස අගේට කෙල්ලෙක් බැදල ලමයෙක් දෙන්නෙක් හදන් හිනා වෙලා සතුටින් ඉන්න හීන දැකපු එකෙක්ව මගෙ කරගන මම මහ වැරද්දක් කෙරුවා....
එහෙම කතා කරන්නෙ ඇයි මැනිකෙ...මෙච්චර කල් උඹ මම සතුටින් උන්නා...මෙච්චර කල් කවදාවත් අපේ ඇදේදි මම උඹට අඩු පාඩුවක් කරලා නැ මගෙ විතේන්...මම උඹට පැලෙන්න ආදරේ කෙරනවා ...එහෙව් එකේ ....එහෙව් එකේ.....ඇයි..දෙයියනේ මේ....
උඹ දවස ගානෙම මගෙ බඩ උඩ නැග්ගත් මට පුලුවන්ද ළමයෙක් හදන්න....උඹ ඒ හීනෙට මටත් වඩා ආස එකෙක් නිතේශ් ...මොනමිනිහද නිතේශ් තාත්තෙක් වෙන්න අකමැති.....මොඅන් මිනිහද තමන්ගෙ ලේ සුවද තියන දරුවෙක්ට අකමැති....එහෙම එකේ..උඹත් ඒ හීනෙ අස්සෙ ජීවත් වෙච්ච එකෙක් කියන එක මගෙ හිත මටම කියනකොට ඒකි මට වඩා ඉස්සරහින් ඉන්නෙ කියන එක මතක් වෙනකොට මම හැමදාම පරදිනවා නේද නිතේශ් ...
මං ...මටම වෛර කරනවා....සුදු අප්පො....මං...මටම....වෛර කරනවා ....මෙච්චර ආදරෙ දෙන මට ඇයි උඹව තාත්තෙක් කරන්න බැරි කියලා ....උඹ මං වගේම උනා නම් මට වේදනාවක් නෑ තේශීහ්....උඹ අදීශ් වගේ උනා නම් මට වේදනාවක් නෑ තේශී....උඹ කෙල්ලෙක්ට ආදරෙ කරපු එකෙක්....එහෙම එකේ...මට කියපන්...මට කියපන් ....මට කියපන්.....මං කොහොමද සැනසීමකින් ඉන්නෙ...මට කියපන්...උඹ ගෑනියෙක් ගාව උන්න එකෙක්...උඹ ඒකිට පිස්සුවෙන් වගේ ආදරේ කරපු එකෙක් ...අන්තිමෙදි ඔය මැදට උඹේම ළමයෙක් ආවොත්...
එයා කියෙව්වා ...කියෙව්වා ....ඒ වචන මගෙම පපුවටත් බර වැඩිවෙනකොට එයාම මාව ඇදලා එලියට දැම්මා....
යමන්....උඹ යමන් ...අනෙ...වදින්නම්....යමන් නිතේශ් ...මට මගෙ පාඩුවෙ ඉන්න දීලා පලයන් ....මට මේ විදිහට ඉන්න දීලා පලයන්....ඔය මූනත් අරන් යමන්....උඹ යමන්....
විතේන්....විතේන් ....අනේ මැනිකේ...විතේන් .....රත්තරනේ ...
පලයන්.....නිතේශ් ...
එයා මාව එලියටම ඇදලා දැම්මා දාලා දොරත් කඩාගන තරම් හයියෙන් වහලා දානකොට මං ඒ දොර ගාව එහෙම්ම බිම ඉදගත්තා ...මගෙ හිතට දැනුන අසරන කම වචනවලට පෙරලගන්න බැරි තරම් උනා...
මිස්ටර් නිතේශ් ...
නලින්....නලින්....ඇයි....එයා...
මිස්ටර් නිතේශ් ....මිස්ටර් ...විතේන් කිව්වා ....අනෙ ඇත්තටම මට සමාවෙන්න...
මාව මෙතනින් යවන්න කියලා කිව්වද....
මගෙ ඇස් වල කදුලු එලියට වැටෙන්න ඔන්න මෙන්න එයා නලින්ව එවලා මාව මෙතනින් යවන්න කියලා ...එයා එහෙන් එක දෙයක් ගැන හිත කඩාගන ඉන්නකොට මට එයාව නැතිවෙයි කියන බය ඊට වඩා මගෙ පපුව පෑරෙව්වා....
වෙනදට මෙතනට ආවම හිනා වෙලා එලියට බැස්සා උනත් ..අද ඒ හැමෝම දක්කෙ මම කදුලු පුරවන් එලියට යන එක වෙද්දි මම කාර් එකට ගිහින් ඉදගන එහෙම්ම ස්ටියරින් වීල් එකට ඔලුව ගහගත්තා ...
මට ඔහොම කරන්න එපා විතේන් ...මට ඔහොම කරන්න එපාමගේ රත්තරන් ...
මං මගෙ ඔලුව ශීට් එකට ගහගන ඇඩුවා ....පපුව පැලෙන්න එන වේදනාව මාව මරන්න හදනකොට මං එයා ආයම කතා කරලා සුදු අප්පො අනේ ආයම වරෙන් තේශි කියනකන් බලන් උන්නා....

නිතේ....ස්...
මට පාඩුවෙ ඉන්න දියන් ඩියොන්...
මං ගෙදර ආවා...හැබැයි ආවෙ කොහොමද කියන්න දන්නෙ නෑ...මගෙ ඇස් ඉදිමිලා තිබුනා....අඩපු ඇඩිලි වල වැටුන කදුලු වල බර දන්නෙ ඇස් දෙක වෙනකොට මට එයාගෙ වචන පුදුමාකාර තරම් පපුවට වද දුන්නා.....ඇයි මාව තාත්තෙක් කරන්න එයාට බැරි උනේ ගාලා අහපු වෙලෙ මට මරාගන මැරෙන්න තරම් වේදනාවක් පපුවට දැනෙනකොට පිස්සන් කොටුව හා සමාන උන කැබින් එකට ගිහින් මං එහෙම්ම පුටුව උඩට කඩාගන වැටුනා ....
කැබින් එක ඇතුල සම්පූරනම පිස්සිගෙ පලාමල්ල වෙලා.....හරියටම මගෙ මුලු ලෝකෙම එකම එක තත්පර ගානකින් කඩාගන වැටුනා වගේම .....එයා මාව එලියට දැම්මත් ඒ ඇස්වල තිබුන හැංගුන වේදනාව මතක් වෙන මත්ක් වෙන වාරයක් ගානෙම මට වාවන්න බැරි වෙලා ගියා....එයා බය උනා....එයා නොසෑහෙන්න බය උනා....මගෙයි එයාගෙයි මැදට ඒකි ඒවි කියල මගෙ මැනික බය උනා.....
පිස්සන් කොටුවක් උන කැබින් එකේ උඩ බෙලි අතට තිබුන එයාගෙයි මගෙයි ඵොටෝ එක මම බිමතිබිලා ඇහිද ගත්තා...
මම උඹව හීනෙකින් වත් අතාරින් නෑ මගෙ විතේන්...

මගෙ ඇස්වලින් වැටුන කදුලු සට සට ගාලා ඵොටෝ එකේ වීදුරුව උඩ වැටෙනකොට පිපිරුන වීදුරු කටුවලට මගෙ ඇගිලි කැපිලා ගියා උනත් මට ඒ කිසිම දෙයක් වේදනාවක් විදිහට දැනෙන්නෙ නැතිවෙන තරමට මගෙ පපුවෙ වේදනාව වැඩි උනා.....
හම්බ උන දවසේ ඉදන් මේ වෙනකන් වෙච්ච හැම දේම ආය ආය ඇස් ඉස්සරහා ඇදි ඇදි පේනකොට මං මට කියන්න බැරි තරමට අසරන උනා..
මං උඹ නැතුව කොහොමද ඉන්නෙ රත්තරන් ...උඹ කියනවා උඹට වදනොදී ඉන්නලු.....මං කොහොමද උඹ නැතිව ඉන්නෙ...

දුර ඈත ආකාසයෙ...
නුඹ පුංචි තරුවක් වගේ...
හිත නැද්ද දැන් මා කෙරේ...
අපි අපෙන් ඈතයි වගේ...
මං ඒ ඵොටෝ එක පපුවට තුරුල් කරබ් උන්නා. ..ඩියෝනයා වගේම ශෙනොන් සැරින් සැරේම ඇවිදින් මගෙ හිත හදන්න හැදුවා උනත් ඔරලෝසුවෙ කටු කැරකිලා වෙලාව යනවා මිසක්කා කාලෙට වත් උන්ගෙ වචන වලටවත් බැරි උනා මගෙ හිත හදන්න ...එහෙන් උන් මගෙ විතේන්ට ගන්නකොට මෙහෙන් මගෙ හිත හැදුවා ..ඩියෝනයා පුලුවන් තරම් සෙනාරිට සාප කෙරුව වගේම මම එයා මේ දැන් ගනී....මෙ දැන් ගනී...මේ දැන් ගනී කිය කිය බල න් උන්න.....ඒත් මගෙ පන නෙවෙ ආයම මට කෝල් එකක් ගත්තෙ ....
නිතේස් අයියෙ...
.......
නිතේස් අයියෙ ..ගෙදර යන්නෙ නැද්ද ...දැන් නවයත් පහුවෙලා නිතේස් අයියෙ .....
මගෙ විතේන් ආවද ඩියෝන්...මගෙ මැනික ගෙදර ආවද ....
එයාව බලන්න එන්නවත් තහනම් උන මම ඔහේ බලන් උන්නා....පැයෙන් පැය ගෙවිලා ගිහින් ඉර පවා බැහැලා හදත් නැගලා තිබ්බා....ඒත් බැහැලා ගිය ඉරටවත්...පායපු හදටවත් මගෙ වේදනාව නිවල මට මගෙ මැනිකව ගෙනල්ලා දෙන්න මම ඓයා එනකන් මග බලන් උන්නා....
මගෙ ඇස් දෙක ඉල්ලූවෙම එයාව....පාරෙ යන කාර් එකක් කාර් එකක් පාසාම බැලුවෙ මගෙ විතේන් දැන් එයි...මගෙ විතේන් දැන් එයි කියලා වෙද්දි මේ වෙනකොට මං එයාට සිය පාරකට වඩා කෝල් කරලා
මැසේජ් කෝටියක් විතර යැව්වා ....

අනේ මැනික වරෙන්කො...
මට සමාවෙයන් මගෙ මැනිකේ....
මං උඹව කවදාවත් දාලා යන් නෑ....
යවන හැම මැසෙජ් එකක් අස්සෙම තිබුනෙ ඔය වචන ටික විතරක්ම වෙනකොට මට තවත් ඉවසන්න බැරිම තැන මම එයාව බලන්න යන්න ලැහැස්ති වෙනකොට එයා ආවා...අනේ දෙයියන්ගෙ පිහිටෙන් එයා ගෙදර ආවා...
මැනිකෙ අනේ උඹ ආවා රත්තරන් . ..
පැත්තට වෙන්න
එයා මාව ආයම එයාගෙන් ඈත් කෙරුවා...ඇස් කඩාගන එයා එනකන් බලන් උන්න මම දුවගන ගිහින් එයාගෙ ඇගෙ එල්ලුනා....ඒ උනත් වෙනදා උන්න විතේන් උන්නෙ නෑ...වෙනදා උන්න ම්ස්ගෙ ආදරනීයම විතේන් උන්නෙ නෑ....ඒ වෙනුවට උන්නෙ මිස්ටර් විතේන් වෙනකොට එයා ටයි පටිය ලෙහ ලෙහ හෙට තියන මීටින් වගයක් ගැන කතා කර කර මගෙ ඉස්සරහින් ගියා මිසක්කා තේශී....අද නම් හරි මහන්සී සුදු අප්පො....සුදු මහත්තයා තේ එකක් වත් නොකියම ගෙට ගියා විතරක් නෙවෙ මට ඇතුලට එන්න නොදී මගෙ මූනටම ගහන්නා වගේ දොර වහලා දානකොට මට .....
මං එන්න හැරුනා....මං මේ වේදනාවල් දැන් දරා හන්න ඕනා...එයාගෙ හිත හැදෙනකම්ම මං දරා ගන්න ඕනා....අනෙ උඹ මටඕන දුකක් දියන් දෙයියනේ මාව දාලා යන්න හීනෙකින් වත් හිතන්න එපා මගෙ මැනිකේ....
මන් එහෙම්ම බිත්තියට පිට දීලා රූට්ටලා ගිහින් බිම ඉදගත්තා ...ඊයෙ පපුව පිරෙන්න තිබුන සතුට නැත්තටම නැතිවෙලා....සතුටු කදුලු හලපු ඇස්ම අද වේදනාවට අඩනවා ....
එයා ගේ ඇතුලෙ එහා මෙහා යනවා ...ඒක මට දැනෙනවා...බඩු මූට්ටු එහා මෙහා කරන සද්දෙ මේ හැමදේම ඇහෙනවා ....සෑහෙන වෙලාවක් යනකන් ගේ අස්සෙ තිබුන බඩු මූට්ටු එහා මෙහා කෙරුවා මිසක් එයාගෙන් මට නිකමට වත් කෝල් එකක් නොදුන්න එයා වෙනුවෙන් මං හූල්ල හූල්ල බලන් ඉන්නකොටම එයාගෙන් මට කෝල් එකක් ආවා...
හෙ...ලෝ..මැ..නිකෙ...
නිතේශ් ස්ටෝරූම්.එකෙ යතුර කෝ මේ නත්තල් ගහ දාන්න....
එයා නත්තල් ඉවර වෙලා ඒ උනුහුම යන්නත් කලින් ඔක්කොම අස් කරලා දාලා ....මං යතුර තියන තැන කියලා ආය වචනයක් කියන්න කට ඇරියත් වැඩක් උනේ නෑ....එයා එහෙන් කෝල් එක කට් කරලා .....
තවමත් කොළඹ අහසේ රතිඤ්ඤා පුපුරලා යනකොට මගෙ නත්තල අවසානෙදි ඇස්වලට කදුලු එකතු කරලා තිබුනා ...
එයා මට ගත්තෙ නෑ....බඩු මුට්ටු අදින සද්දෙ පවා නැති උනා ....එයා අඩාවි...මං දන්නවා.....
නිතෙශ් ගෙට එන්න...
ඇස්වල කදුලු කොන් දිගෙ පහලට යනකොට සුදු මහත්තයා කියන නම වෙනුවට නිතේශ් ගෙට එන්න කියන මැසේජ් එක එක්ක මං දඩ බඩ ගාලා නැගිටලා දොර ඇරියා ...
මැ...නි....
පින් සිද්ද වෙයි....මට තවත් ඔහොම කතා කරන්න එපා නිතේශ් ..පින් අයිති වෙයි ...අනේ ..අත් අල්ලලා වදින්නම්....මට....තවත් ඔය කතා....කියන්න එපා....

ඒ,ඇස් අඩලා අඩලම ඉදිමිලා තිබුනා ...දොර ඇරන් යන යාමටම දැක්කෙ අඩලා හෙම්බත් වෙච්ච මූන වෙනකොට එයා මට බිම පෙන්නුවා .....
මේවා තවමත් තියන් ඉන්නෙ .....ඇයි...නිතේශ් ....මේ....දේවල් ...මට....නොසෑහෙන්න.....රිදවනවා...නිතේශ් ...අනෙ පින් අයිති ...වෙයි...මාව් මරපන්කෝ...වදින්නම්....
මාව කරකවල අතෑරියා වගෙර් උනා ....එයා ස්ටෝරුවෙ තිබුන සෙනාරිගෙයි මගෙයි පරන ඵොටෝ ආයම එලියට අරන් තියනකොට මට එයා ගාවට ලන් වෙන්නවත් ඉඩක් නැති උනා...
උඹට...මට වඩා ගැලපෙන්නෙ ඒකිව.....උඹව තාත්තෙක් කරන්න ඒකිට පුලුවන් උනාට...මට බැරි...බව මගෙ හිතට වද දෙනවා...මාව හැම අතින්ම එලියට විසික් වෙනවා ... ඒකිට ...උඹ...මෙච්චරම්...ආදරේ...කරලා නම්.....ඒකිට...දරුවෙක්....ලැබෙන්න....උන්නොතින්...උඹ ...කොහොම ...උනත්...ඒකි...ගාවට....යා....වි....නිතේශ්....මාව....හැම...පැත්තෙම්ම....කැපෙ..නවා....මට...කවදාවත් .....ඒ..සතුට....දෙන්න ...බෑ...නි...තේ....ශ්.. නිතේශ් ...මාව...හැම...අති....
විතේන්....විතේන්....විතේන්...!!!!!!!..
🥺ම්හුක්....මුව පැතියත දුක හිතිලලු.....😂
ආය එන්නම් ඈ....
මම
Ferdeesha ❤️💚😘 ...