Ficool

Chapter 53 - 53

යාන්තමට වගේ ඉර එළිය ඇවිත් ජනෙල් කවුළු අතරින් කාමරයට වැටෙද්දිම වගේ ක්ලෙයාරා ඇස් ඇරලා බැලුවා. ඒ එළිය ඉර එළියකටත් වඩා උදෑසනින්ම වගේ ගලාගෙන එන ආලෝකයක්.. ඉර කියලා දෙයක් නම් ඒ අහළකවත් පේන්න නෑ. ක්ලෙයාරා ඇඳන් උන්නු night dress එකත් හදාගෙනම ඇඳෙන් බිමට බැහැලා ගියේ bathroom එකට . යාන්තමට වගේ බිත්තිය අත පත ගාලා එයා bulb එක දාන්න switch එක on කරලා ගිහින් ලෑස්ති වෙන්න වුණා.

කලින් දවසේ රෑ සිද්ද වෙච්චි හැමදේම නිකන් එයාට නම් හීනයක් වගේ. එයා ඒ ගැන හිත හිතාම bathroom එකට වෙලා ගොඩ වෙලාවක් උන්නා.

ජීවිතය වෙනස් වෙන්න ගියේ කොච්චර පුංචි වෙලාවක්ද.. ඒ පුංචි කාලය තුළ කොහේද ඉඳන් ආව රළු පිරිමියෙක් හිත පුරාවටම ලැගුම් ගත්තු හැටි.. ඉතින් ඒ දේවල් පුදුමයක් නොවන්නේ කොහොමද..

එයා හෙමින් සීරුවේ මූණ අත පය සෝදගෙන bathroom එකෙන් එළියට ඇවිත් mirror එක ඉස්සරහට ගිහින් බලන් උන්නේ එයාගේ රූප කාය දිහා. බෙල්ලේ තිබුණු රතු පාට පැල්ලම.. ඒක ඊයේ රෑ අර රළු පිරිමියා විසින් සටහන් කරපු පුංචි සිතුවමක්. එයා එයාගේ දකුණු අතේ දබරැඟිල්ලෙන් එතන යාන්තමට පිරිමදින ගමන් එයත් එක්කම හිනා වුණා.

ඒ කරලා එයා ගිහින් කබඩ් එක විවර කරලා බැලුවේ ඒ දවස වෙනුවෙන් අඳින්න හොඳම ඇඳුම මොකක්ද කියලා. එයාගේ ඇස් එහෙම්මම යොමු වුණේ එතන තිබුණු කහ පාට short frock එකට. එයා ඒකත් අතට අරගෙන ගිහින් ආයෙමත් වතාවක් mirror එක ඉස්සරහින් හිටගත්තා.

ඔව්, ඒ කහ පාට short frock එක ඒ ලද බොළඳ ගැහැණියට නම් නියමෙටම ගැලපෙනවා. එයා හෙමින් සීරුවේ අර ඇඳන් උන්නු night dress එක ගලවලා එතනම අත් හැරලා ඒ කහ පාට short frock එක ඇඟ ලා ගත්තා.

Mirror එකෙන් එයාට එයාවම පේන්නේ හරියට ග්‍රීක දේවතාවියක් වගේ. වීනස් , ඇතීනා වුවත් පරයන රූප ශ්‍රීයක් තමන්ට තියෙනවා කියන සිතුවිල්ලත් එක්ක ඒ හිත තව තවත් මාන්නක්කාර වෙන ගමන් mirror එක ගාව තිබුණු makeup box එක අතට ගත්තු එයා ආයෙමත් වතාවක් එයා දිහා බලලා හිනා වුණා.

කොණ්ඩෙට hair band එකක් දාලා පිටිපස්සට කරලා ගැට ගහලා එයා හෙමින් සීරුවේ makeup box එකෙන් foundation එක අරන් brushes වලින් මුහුණේ තවරන්න වුණා. ඒ කරලා eyebrows colour කරලා lipstick තවරගෙන එයා full makeup එකක් දාගෙන එයාගෙ හැඩ බලන්න වුණා.

කොහොම කළත් එයාට තවත් ඩිනෝ මිගාන් සමරදිවාකර ගේ අපාර්ට්මන්ට් එකේ රැඳෙන්න තරම් නම් හිතක් නෑ. ඉතින් එයා ඒ උදේම සූදානම් වුණේ අපාර්ට්මන්ට් එකෙන් පිටත් වෙලා ආපහු ගෙදර යන්න.

එයා ඇඳ උඩ තිබුණු phone එකත් අතට අරගෙනම ඇඳෙන් වාඩි වුණා. එයා phone එකේ search කරලා හොයා ගත්තේ save කරලා තිබුණු මිගාන්ගේ number එක.

එයා ඒ number එකට call එකක් අරන් phone එක කණේ තියාගත්තා. Phone එක ring වෙන හඬ ඇහුණත් answer කරන පාටක් නම් නෑ. ඒ නිසා එයා call එක cut වුනාට පස්සේ ආයෙමත් වතාවක් ඒ number එකට call කළා.

මිගාන් උන්නේ හොඳට ඇඳත් බදාගෙනම නිදාගෙන. Phone එක silent දාලා තිබුණු නිසා එයාට මොකුත්ම ඇහුණේ නෑ. ඒත් ඇස් ගාව දැල්වෙන phone එකේ screen එකේ එළිය දැකලා එයා යාන්තමට ඇස් විවර කරලා හෙමින් සීරුවේ ඒ දිහා බැලුවා. Screen එකේ තිබුණේ ක්ලෙයාරාගේ නම වෙද්දි කොල්ලගේ ඇස් දෙකත් එහෙම්මම උඩ ගියා.

එයා එහෙම්මම පෝන් එක අතට අරන් ඇඳ විට්ටමට හේත්තු වෙලා පෝන් එකේ screen එක දිහා බලන් උන්නේ answer කරනවදෝ නැද්දෝ කියලා දෙගිඩියාවෙන් . නිරුවත් පපුවට ටිකක් විතර දාඩියත් දාලා. එයා හෙමින් සීරුවේ වම් අතේ ඇඟිලි තුඩුවලින් ඒ දා බිඳිති පිහ දාන ගමන්ම ඕනි මගුලක් කියලා ක්ලෙයාරාගේ call එකට answer කළා.

" හෙලෝ... "

එයා කතා කළේ නිදිමරගාතේ වගේ.

" හෙලෝ ඩිනෝ... "

" ඔව්.. කියන්න ක්ලෙයාරා... "

" ඩිනෝ මං යන්න කියලා... "

එහෙම්මම කොල්ලගේ ඇස් දෙකත් උඩ ගියේ මේ අම්මණ්ඩි මොනාද මේ කියවන්නෙ කියලා හිතාගන්න බැරුව. ඒත් ආයෙමත් ඒ තත්පරේට කොල්ලා පියවි සිහියට ඇවිත් ක්ලෙයාරා එක්ක කතා කරන්න වුණා.

" යනවා කිව්වේ...! "

" මං.. මං අපාර්ට්මන්ට් එකෙන් යනවා.... "

" මොකක්...! කොහෙටද යන්නේ..? "

" ආපහු මගෙ ගෙදරටම යන්න කියලා හැදුවේ.. දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයිනේ ඩිනෝ.. මං හිතන්නෑ ආයෙමත් එහෙම දෙයක් සිද්ද වෙයි කියලා... "

ඒ හඬේ තිබුණු විශ්වාසනීයත්වත්, තිර අදිටනින් යුතු බවත් ගැරඬියට ඒ මොහොතෙදී හොඳටෝම තේරුණා .

" ඔයාට හොඳටම ෂුවර් නේද..? "

ක්ලෙයාරා යාන්තමට හිනා වුණේ මිගාන් අහපු ප්‍රශ්නයත් එක්කමයි. ඒත් එක්කම වගේ එයා ඒ අහපු ප්‍රශ්නෙටත් උත්තර දුන්නා.

" බයවෙන්න එපා ඩිනෝ.. මට පුළුවන්.. මං හිතනවා මට ඒ දේවල් මැනේජ් කරගන්න පුළුවන් කියලා... "

" හ්ම්..එහෙනම් හොඳයි. පරිස්සමින් එහෙනම්.. මොකක් හරි උවමනාවක් වුනොත් අනිවාරෙන්ම මට කතා කරන්න.. හරිද...? "

" හරි ඩිනෝ... "

" හ්ම්.. එහෙනම් පරිස්සමින්... "

" ඔයත්... මං මෙහෙම්මම police station එකට ගිහින් key එකත් අරන් යන්නම්... "

" හ්ම්.. එහෙනම් ගිහින් call එකක් දෙන්න... "

" හරි ඩිනෝ.. bye... "

" bye... "

ඒ සංවාදය එතනින්ම අහවර වුණා. ක්ලෙයාරා එයා අරන් ආව ඔක්කොම ඇඳුම් ටික traveling bag වලට දාගන්න වුණේ අපාර්ට්මන්ට් එකෙන් පිටත් වෙලා යන්න.

ඒ කෝල් එක කට් කළත් හරි මිගාන් හෙවත් අර පත්තරයාගේ හිත ගත්තු නපුරු ගැරඬියා බැලුවේ phone එක දිහා. වෙලාව හයත් පහු වෙලා ගිහින්.. වෙලාව දැක්කත් හරි කොල්ලට දෙලොව රත් වුණා. එයා එහෙම්මම whatsapp එක පැත්තට ගිහින් බැලුවේ අර අහිංසකයගෙන් මොනා හරි මැසේජස් වගයක් ඇවිත් තියෙනවද කියලා බලන්න.

එයා හිතුවා හරි . මැසේජස් පහක්ම පුරවලා. එයා my babybabe කියන chat එකට ගිහින් ඒ මැසේජස් ටික කියවලා බැලුවා.

Good morning, නැඟිටපන් ගැරඬියෝ, තාම නිදිද, ඒයි මෝඩයෝ, යකෝ පුකට අව්ව වැටෙනකන්ද බලන් ඉන්නේ...

එයා එයාගේ භාෂාවෙන්ම හොඳට ආමන්ත්‍රණය කරලා තිබුණා. කොල්ලට නම් ඒවට හිනා. එයා හිනා වී ගෙනම එහෙම්මම ආයෙමත් කෝල් කළේ ඒ බැටළු හමක් පොරවගත්තු පුද්ගලයාට.

එයා උන්නේ office යන්න ලෑස්ති වෙන ගමන්. සුදු පාට අත් දිග ශර්ට් එක ඇඳලා , navy blue color trouser එකට යට කරලා උන්නු එයා කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ අතින් හදන ගමන් උන්නා. අත්ලට ගත්‍තු hair jel ටික හිස කෙස් මත තවරාගෙන එයා කණ්ණාඩියෙන් එයාගේ රූපය දිහා බලන්න වුණා.

එයා watch එකත් අරගෙන අතේ බැඳගන්න අතරේදීමයි එයාගේ phone එක ring වෙන්න ගත්තේ. ඒත් එක්කම එයා ඇඳ උඩ තිබුණු phone එක දිහාවට ඇස් යොමු කරලා එතනින් ගිහින් ඇඳ උඩ තිබුණු ඒ එයාගේ phone එක අතට ගත්තා.

වෙනින් කවුරුවත් නෙවෙයි. ඒ එයාගෙ ගැරඬියා.. උදේ පාන්දරම කෝල් කරන එයා දැකලා එයාටත් ටිකක් පුදුම හිතුනා. තවත් ඉතින් මොනා හිත හිතා ඉන්නද.. කොල්ලා එහෙම්මම කෝල් එකට answer කළා.

" හෙලෝ... "

එහෙම කියාගෙනම එයා ඇඳෙන් වාඩි වුණා. එයාගේ මූණේ පිරිලා තිබුණේ ලස්සනම ලස්සන හිනාවක්.

" හෙලෝ my babybabe.. good morning... "

" Morning morning... දැන්ද මගෙ ගැරඬි පැංචා නැගිට්ටේ..? "

එයා එහෙම ඇහුවේ හරි හුරතල් විදිහට.

" ඒකනේ ඒකනේ... "

එයත් හුරතල් වෙවීම උත්තර දුන්නා.

" දරුවෝ... "

" ම්... "

" ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ..? "

" ඔව් සර්, දැන් මේ බෝඩිමෙන් පිටත් වෙන්න කියලා... "

" අප්පට සිරි.. මං තාම ඇඳේ.. හරි හරි, ඔයා ඉස්සරහට එන්නකෝ. මං ඇවිල්ලා ඉන්නම්කෝ... "

" අනේ කම්මැලියෝ... "

" යොහ් යොහ් bro.. එහෙම තමයි කොල්ලො වුනාම... "

" ඇත්තට... "

" හ්ම්.. ඒකනේ... "

" මේ, දැන් ඔය කියෙව්වා ඇති. දැන් ගිහින් ලෑස්ති වෙලා එනවා.. මං බලන් ඉන්නවා.. හරිද..? "

ඒ සත්සිඳු . දැන් නම් අර පුහු බිය අතුරුදන් වෙලා ගිහින්.

" හලියෝ... "

එයා call එක cut කළේ හිනා වෙමින්මයි. පෝන් එකත් අතට අරන් සත්සිඳු එයාගේ office bag එකත් එල්ලගෙන එළියට බැස්සේ දොරත් ලොක් කරන ගමන්. එයා බෝඩිමෙන් ඇවිල්ලා ශ්‍රී සුමංගල මාවත දිගේ ඉස්සරහට ඇදෙන්න වුණේ ගැරඬියා ගැන ගොඩාක් දේවල් කල්පනා කරන ගමන්.

ක්ලෙයාරා ලොකුම ලොකු traveling bags දෙකකුත් අරගෙන අපාර්ට්මන්ට් එකෙන් එළියට බැස්සේ එන්න කියලා තිබුණු cab එක එන්න මොහොතකට කලින්. එයා අපාර්ට්මන්ට් එකෙන් එළියට ඇවිත් පාර්ක් එකට වෙලා බලන් උන්නේ එන්න කියපු cab එක එනතුරු. ඒ බලන් ඉන්න ගමන් ක්ලෙයාරා හෙමින් සීරුවේ phone එක unlocked කරලා ඇමතුමක් ගත්තේ ජේකබ්ට .

ජේකබ් හිටියේ මිගාන්ගේ ගෙදර වැරැන්ඩා එකේ පුටුවක වාඩි වෙලා. බාබු අන්කල් හදලා දුන්නු tea එකත් බොන ගමන් එයා බලන් උන්නේ මිදුලේ අලුතින්ම හිටවලා තිබුණු ෆාම් පඳුරු ටික දිහා. එයාගේ phone එක ring වෙන්න ගත්තේ ඒත් එක්කමයි . එයා තේ එකෙන් උගුරක් බොන ගමන්ම phone එක අතට අරන් බැලුවා. Phone එකේ screen එකේ තිබුණු number එක දැකලා එක් වරම වගේ ජේකබ්ගේ මූණට ආවේ ලස්සන හිනාවක්.

තේ එකේ තිබුණු වැනිලා රසත්, මුහු වෙලා තිබුණු ඉඟුරු රසත් එයාගේ දිව පිනවා ගිය ඒ ඇසිල්ලෙම එයා ඒ call එක answer කළා.

" හෙලෝ... "

" හෙලෝ ජේකබ්.. මං... "

" ඔව්, කියන්න... "

" මං යනවා... "

එයා එහෙම කියද්දි නම් ජේකබ් තිගැස්සුණා.

" කොහෙද..? "

එයා ඇහුවේ කලබලෙන් වගේ.

" මං ආපහු ගෙදර යනවා... "

" මේ හදිස්සියේ...? "

" ඔව් ජේකබ්.. මට තවත් මේ අපාර්ට්මන්ට් එකේ ඉන්න බෑ.. මට යන්න ඕනි.. ඔයාට ඕනි නම් හිතුණු වෙලාවක අපේ ගෙදර එන්න.. මං බලන් ඉන්නවා... "

එයා කිව්වේ එච්චරමයි. එතනින් එහාට ජේකබ්ට එකම එක වචනයක්වත් කතා කරන්න නම් ඉඩක් ලැබුණේ නෑ. ක්ලෙයාරා කෝල් එක කට් කළා.

" හෙලෝ.. හෙලෝ... හෙලෝ.... "

නෑ, කිසිම කතාවක් නෑ. මොකුත් ඇහෙන්නෙත් නෑ. එයා ඒ කෝල් එක cut කරලා. ජේකබ්ට දැනුනේ එක් මොහොතකදි එයා ඉස්සරහා මැවුනු මුළු හීන ලෝකයම කඩා වැටෙනවා වගේ හැඟීමක්. ක්ලෙයාරා ආපහු ගෙදර ගියාට පස්සෙ එයා ක්ලෙයාරාව මුණ ගැහෙන්න යන්නෙ මොන හේතුවක් හදාගෙනද.. ජේකබ්ට හිතාගන්න බැරි වුණේ අන්න ඒ කාරණේ. අත්තමයි, එයාටත් හොරෙන් ඒ හිත ක්ලෙයාරා ගැන හිතන්න අරන් තිබුණා. ජේකබ් ඒ ඇසිල්ලෙම වගේ ඉක්මනින්ම tea cup එකත් අරන් kitchen එක පැත්තට දුවලා ගියා. ඒ ගිය වේගයෙන්ම එළියට ආව එයා ජීප් එකත් අරන් කොහේදෝ යන්න ගියේ ඉගිළිලා වගේ. ඒ තරම්ම වේගයකින්..

Bathroom එකට ගිහින් මිගාන් එළියට ඇවිත් එහෙම්මම ගියේ mirror එක ඉස්සරහට. එයාගේ කඩවසම් රූපය දිහා බලාගෙනම එයා එයත් එක්කම හිනා වුණා.

" ඉතින් වතුසුදු මල, මගෙ හිත දැන් ඔය හිතත් එක්ක හරි අපූරුවට බැඳිලා.. ඔයා දකින්නෙ නැතුව එකම එක මොහොතක්වත් ඉන්න බැරි තරමට මේ හිත හිරි වැටිලා.. අම්බරේ පායපු මගෙ රන් තරුව.. මගේ වතුසුදු මල.. my babybabe.. ඔය හිනාව හිනාවක් නෙවෙයි ඉනාවක්.. ඔය හිනාව උදේ පාන්දරින්ම දැක්කම මගේ මුළු දවසම සුභයි මගෙ දරුවෝ.. ඔයා කියන්නෙම මට සුභ මුහුර්තයක්.. ඔයා මට සුභ නැකතක් මගෙ දරුවෝ... "

එයා මිමිණුවේ කණ්ණාඩියෙන් පේන එයාගේ කැඩපත් චායාව දිහා බලාගෙන වුනාට මොකද ඒ හිත අස්සේ ගුලි වෙවී පෙරළි කරන්න ගත්තේ අර අහිංසක කටකාරයාගේ රූපය. එයා එහෙම්මම කබඩ් එක විවර කරලා තෝර ගත්තු අර එයා වෙනදාටත් අඳින සුපුරුදු ඇඳුම.. jym short එකකුයි , ටී ෂර්ට් එකකුයි එළියට අරන් ඇඟ ලා ගත්තා.

ඒ ඇඳුම නම් එයාට අරන් එන්නෙම සැහැල්ලුවක්. ආයෙමත් වතාවක් mirror එක ඉස්සරහට ගිහින් එයා sun cream එකෙන් ටිකකුත් අරන් ගෙල දෙපැත්තේ තවරාගෙන හෙමින් සීරුවේ කාමරයෙන් එළියට බැස්සා.

බයික් එකේ key එකත් ඇඟිල්ලක රඳවගෙන කරකව කරකවා පහලට බැහැලා එයා ආවේ kichen එකට. ඒ වෙද්දිත් බාබු අන්කල් එයාගේ fresh milk මග් එක හදලා කෑම මේසයේ තියලයි තිබුණේ. බාබු අන්කල් උන්නේ උදේ කෑම හදන ගමන්.

මිගාන් ඇවිත් කෑම මේසයේ පුටුවක් ඇදලා වාඩි වෙද්දි ඒ සද්දෙට බාබු අන්කල් හැරිලා බැලුවා. එයා ඒ හදලා තිබුණු fresh milk මග් එකත් අතට අරගෙන තොල ගාන්න වුණා.

" සර්, good morning... "

" Good morning බාබු අන්කල්... "

" සර් යන්නද..? "

" ඔව් , බාබු අන්කල්... "

එයා කතා කළේ අර fresh milk එක බොන ගමන්මයි.

" උදේට මං කෑම හදනවා සර්.. සර්ට විනාඩි පහක් ඉන්න පුළුවන් නම් මං යාළුවටත් එක්ක කෑම එකක් බැඳලා දෙන්නම්... "

බාබු අන්කල් ඒ කිව්ව කතාවට නම් ඉතින් එයාගේ ඉහේ මලක් පිපුණු ගානයි.

" බාබු අන්කල්ට පුළුවන්ද..? "

" ඕක මොකක්ද සර්.. ඔහොම ඉන්නකෝ.. මං ඉක්මනට බැඳලා දෙන්නම්... "

පුළුවන්ද කියල අහන්නෙ ඉතින් දැන් බාබු අන්කල් බෑ කියලා කියන්නද. එයා දෙයක් පුළුවන්ද කියලා අහන්නෙම ඉතින් ඒ දේ ඕනි කරන නිසා බව බාබු අන්කල් දන්නවා. බාබු අන්කල්ට කියලා මොනා හරි කෑමක් හදාගන්න ඕනි වුනාම තමයි එයා ඔය විශේෂ ප්‍රයෝගය පාවිච්චි කරන්නෙම.

බාබු අන්කල් කෑම කාමරයත් එක්කම තිබුණු kitchen එකට ගිහින් lunch sheet එක ප්ලේට් එකකට එලලා බත් බෙදන්න වුණා. නාඩු හාලේ බත් , පරිප්පු , හාල්මැස්සෝ තෙල් දාලා , වම්බටු මෝජුයි , පිපිඤ්ඤා සලාදෙකුයි.. බාබු අන්කල් බත් එකත් බැඳගෙන එන්න කිව්වත් වගේ විනාඩි පහක් නම් ගියේ නෑ.

මිනිත්තු තුනක් හෝ හතරක් යද්දි බත් එකත් බැඳගෙන කවරෙකටත් දාගෙනම ඇවිත් බාබු අන්කල් ඒ බත් පාර්සලය කෑම මේසය උඩින් එයාගේ ඉදිරියෙන් තිබ්බා.

" හරිද බාබු අන්කල්...? "

" හරි සර්.. පරිස්සමට අරන් යන්න... "

" ම්.. සුවඳ බලන්නකෝ.. මොනාද වෑංජන..? "

එයා බත් පාර්සල් එකෙන් එන සුවඳ ආඝ්‍රාණය කරන ගමන්ම ඇහුවා.

" ඒ හැටි දෙයක් නෙවෙයි සර්.. පරිප්පු වෑංජනයක් හදලා, හාල්මැස්සෝ තෙල් දාලා, වම්බටු මෝජු එක්ක පිපිඤ්ඤා සලාදයක්... "

බාබු අන්කල් කිව්වේ අර සුපුරුදු යටහත් පහත් ස්වරයෙන්මයි.

" ඒ හැටි දෙයක් නෙවෙයිලු.. එතනම වෑංජන ජාති හතරක් කොට ඒ හැටි දෙයක් නොවෙන්නෙ කොහොමද බාබු අන්කල්.. මේවට තමා දිව්‍ය භෝජන කියන්නේ... "

එයා එහෙම කියාගෙනම වාඩි වෙලා උන්නු පුටුවෙන් නැඟිට්ටේ එක අතකින් බත් පාර්සල් එකත් අරගෙන අනිත් අතින් බයික් එකේ key එක අරන්..

" මං ගිහින් එන්නම් බාබු අන්කල්... "

" හොඳයි සර් පරිස්සමින්.. තෙරුවන් සරණයි...! "

කොල්ලා එතනින් නැගිටල ගිහින් ගෙදරින් එළියට බහිද්දිම වගේ බාබු අන්කල් හිත අස්සෙනුත් එයාට ආශිර්වාද කළා. කොල්ලා වුනත් එළියට බැස්සේ නිකන්ම නෙවෙයි. සාලයේ එක් තැනක තැන්පත් කරලා තියෙන අර සුදු පැහැති කිරි ගරුඬ බුදු පිළිමය දිහා බලලා..

හැමදාමත් වගේ ඒ බුදු පුදසුනේ මල් පහන් වරදින්නේ නෑ. එයාගේ වතුසුදු මල වගේම පියකරු වතුසුදු මල් වට්ටියක් ඒ පුදසුන මත කවදාවත්ම වරදින්නෙ නම් නෑ. ඇත්ත, කොච්චර සුවඳ මල් පිපුණා වුනත් බුදු පුදට ගන්නෙම වතුසුදු මල්නේ.

සමහරක් යථාර්ථයන් හිත කොහොම කිව්වත් නොපිළිගන්නා බව හැබෑවක්. නමුත් ඒ සත්‍යය නම් පිළිගත යුතුමයි. සුවඳ හමන මල් ගොමු සහසක් පිපුණත් ඒ බුදු පුදසුන බහුතරයක් වතුසුදු මල් වෙනුවෙන්ම වෙන් වූ හැටි..

අපූරු නැද්ද ඒ යථාර්ථය.. ජීවිතෙත් එහෙමයි. සමහරක් දුර්ලභ හමුවීම් මේ ජීවිතේ වෙනස් කරනවා. වටිනාකමින් වැඩියි කියලා කියන හමුවීම් සහසකුත් මැද නොවටිනාකම් කියා ඉවත ලන හමුවීමක් ජීවිතයම සුවඳවත් කරනවා.

ඒ මල් සුවඳ නැතුව ඇති. වටින්නේ ඒ භාහිරත්වයේ සුවඳ නොව අභ්‍යන්තරයෙන් එන ජීවන සුවඳයි, නැත්නම් ඒ මනුෂ්‍යත්වයේ සුවඳයි. පහන් දැල්ලට උණුසුමින් , පැන් බිඳිතිවල සිසිලසින් ඒ වතුසුදු මල් පවා බුදු පුදසුන මතට වී ඉන්නේ මේ ජීවිතය් ගෙවෙන පරිද්දෙන්මයි.

ඒ වතුසුදු මල වෙනුවෙන් නොබිඳුණු හදවතේ ඉඩ හසර වෙන් කරන් බලන් ඉන්න ආඩම්බර දඩ්බ්බරකාර හිතුවක්කාර ගැරඬියා එයාගෙ බයික් එකත් start කරන් ඉගිලිලා යන්න ගියේ අර සුපුරුදු නුග ගහ යටට වෙලා එයාගේ අහිංසක කටකාරයා එනතුරු බලා ඉන්න අදිටනින්.

මීළඟ කොටසට ...

More Chapters