Ficool

Chapter 1 - අසම්මත පෙමක් (OneShot)

Author Pov

 

 "කෙල්ලෙක් හෝ කොල්ලෙක්

 එයත් ආදරයක්

 අසම්මත හෝ සම්මත"

දෝණි...

හරි අම්මා

නිශා හිටියේ ලොකු කල්පනාවක.ඒක බිදුනේ අම්මා කතා කරපු නිසා.

(Nisha pov)

නේහා මගේ හොදම යාළුවා. මගේ බෙස්ටි. ඒ වගේම මන්ම විතරක් තනියෙන් ආදරේ කරන මගේ ආදරේ.නේහාව මට හම්බුනේ scl එකේදී.අපි පොඩි කාලේ ඉදන්ම එකට හිටියේ.එයා මගේ හොදම යාළුවා වගේම හැමදේකදිම එයා මගේ ලගින්ම හිටියා. එයා එක්කමයි මන් හිටියේ වෙලාවකට මන් එහෙ යනවා එයා අපේ ගෙදර එනවා.මටම සීමා වුනු ඒ ආදරේ කියාගන්න ඕනේ වුනත් මට ඒක කියන්න තාම හයියක් නැහැ මට එයාව නැතිකරගන්න බැරි නිසා.

නේහාගේ පවුලේ නේහා විතරයි අම්මයි තාත්තා දෙන්නම ලොකු පෝසත් අය වගේම හරි හොද මිනිස්සු. කිසි ලොකු කමක් නැහැ.නෙහන්සා වීරසුරිය (වීරසුරිය Family)

ඒ වගේමයි අපේ ගෙදරත් මන් තමා පවුලේ එකම දුව.නිශා අහන්සා වීරසිංහ (වීරසිංහ family)අම්මි,තාත්තා දෙන්නම මට ආදරේයි එක කිව්වම ඔක්කොම දන්නවා.

Scl අන්තිම දවස් නිසා මන් මගේ ආදරේ කියනවා කියලා හිතාගත්තා. අපි දෙන්නම A/L කරන්නේ exam එකෙන් පස්සේ ආයේ අපි scl යන්නේ නැහැ හැබැයි class යන වෙලාවට අපි cafe එකකට යනවා.

කල්පනාව ආයේ බිදුනේ අම්මා කතා කරා කියලා මතක් වෙලා මන් වොෂ් එකක් දාගෙන අම්මා හොයාගෙන ගියා.

අම්මි

දෝණි ඇයි දැන්ම ආවේ අපරාදේ නෙහ්

හී අම්මි සොලී මන් ආවා නෙහ්

අර දරුවා ආවා කෝ ඉතින් කොච්චර කතා කරත් ඔච්චර නෙහ්

හී ආවනම් එන්න එපැයි එයා උඩට මෙතනට වෙලා මොනා කරනවද.

නේහා මේ ඔයාද

"සුරගනක් විලස ඈ සැරසිලා"

"එන තුරා හිදිමි මේ යාමේ"

නේහා වොෂ් එකක් දාලා මගේ තිබ්බ දිග ගවුමක් ඇදලා තිබ්බා අම්මා දීලා.මන් ඒ ඇදුම් වැඩිය අදින්නේ නැහැ.ඒ වගේමයි නේහා කොට ඇන්දත් දිග අදින්නේ නැහැ.හැබැයි එයා සුරංගනාවියක් වගේ 🧚‍♀️. මගේ නෙහ් මට එහෙම හිතුනට. මන් කිව්වා ඔයා ඕක තියාගන්න ඔයාට ලස්සන එහෙම කියලා.

නේහාව දැකපු අම්මත් ගල් ගැහුනා. අපි ඊට පස්සේ කාලා. Scl වැඩ කරලා අපි දෙන්නා ෆොටෝ ගැහුවා.එයා මාත් එක්ක ඉද්දි මට දැනෙන්නේ අමුතුම සතුටක්. හයියක්. ඒක ආදරේද ආකර්ෂණයක්ද කියලා මට තේරෙන්නේ නැහැ බලමුකෝ.

නේහා ගෙදර ගියා දැන් exam ළග නිසා අපි දෙන්නට වැඩිය හම්බු වෙන්න උනේ නැහැ.ඒත් අපි class ඇවිත් ගෙදර යද්දී beach එකට ගියා.

(Neha pov)

නිශායි මායි beach ගිහින් එදා දවසම හරි සතුටින් හිටියේ.එහෙම වෙන්න එපැයි මගේ බෙස්ටි නෙහ්.

මන් දිග ඇදුමට හරි ලස්සනයිලු. එයා අදින්නෙම කලිසම් නෙහ් එයත් ගවුම් ඇන්දොත් ලස්සනට ඉදි.මේකි කියන එකක් අහනවද නැහැ නෙහ් කොච්චර කිව්වත් ඔච්චර තමා.මන් විතරයි එයා කියන දේවල් අහන්න ඕනේ.අපි beach ගිහින් ගෙදර එන්න හදද්දී මනුස්සයෙක් ආවා පස්සෙන් නිශා හැසුරුණු විදිය. මන් කොල්ලෙක් හොයාගත්තොත් මේ විදියේ එක්කෙනෙක් හොයාගන්නවා.

(Nisha Pov)

මන් කෙල්ලෙක් වෙලත් කොල්ලෙක් වගේ ගහගන්න ගත්තේ නේහා නිසා

දවසක්,

නේහා මොකෝ මේ

අය්යෝ බලන්නකෝ කොල්ලෙක් එනවා පස්සෙන්

එහෙමද කෝ දැන් ඌ

ඔය ඉන්නේ බන් අර ගහ ගාවට හේත්තු වෙලා

ම්ම් ඔහොම ඉදහන්කෝ

ඒ තමුසෙට මන් කතා කරන්නේ

ඇයි මොකෝ මැඩම් සද්දේද

ඇයි තමුසේ අඩු කරන්නද

බැරි කමකුත් නැහැ හැබැයි

තමුසෙට හොදින් කියන්නේ මෙයාගෙන් ඈත් වෙලා ඉන්නවා

ඇයි නැති වුනොත්

නැති වුණොත් ද මන් තමුසෙට 👊👊

දැන් ඇතිද තමුන්ට කෑවා 😂

මන් තමුන්ව ඉතුරු කරන්නේ නැහැ

ඇයි දුවන්නේ 😂

නිශා ඔයා නම් 🫣

හරි හරි නේහා දැන් යමු පරක්කු වෙනවා.

නේහායි මායි දෙන්නම අපේ ගෙදර ආවේ. නේහා ව රෑ වෙලා ඇන්ටිලා ගන්නම් කිව්ව නිසා

අම්මා 😧...

මොකෝ දෝණි බය වෙලා වගේ

එහෙම මුකුත් නැහැ අම්මා. අම්මා මොකෝ ඔයා අපි එනකන් ම වගේ බලන් ඉන්නේ

එහෙමද.දෝණි ගෙදර එද්දී මොකෝ වුනේ. නේහා මොනා හරි වුනාද ගෙදර එද්දී

මොනා වෙන්නද අම්මා

එහෙම මුකුත් නැහැ ආන්ටි

ම්ම් ඒකත් එහෙමද. ඔහොම ඉන්නකෝ

එන්න

එන්න.කාටද අම්මා එන්න කියන්නේ

ආ මැඩම්ලා දෙන්නා

හුටා මේ මනුස්සයා කොහොමද මෙතන දැන් මොකද කරන්නේ

නේහායි මායි ඇස් දෙක බලාගෙන හිටියා මොනා කියන්නද. එක්කෝ ඇත්තම කියනවා අපි වරදක් කරලා නැහැ නෙහ්

අම්මා මේ.. මේකයි උනේ නේහාට කරදර කරන්න ආවා මේ මනුස්සයා ඒකයි මන් මේ මනුස්සයට ගැහුවේ

ඇත්තද නේහා දුවේ මේ කියන්නේ

ඔව් ආන්ටි මේ මනුස්සයා මගේ පස්සෙන් ආවා.

එතකොට තමුන් මොකෝ කියන්නේ

මැඩම් මන් මොනා කියන්නද මේ මන් එහෙනම් ගිහින් එන්නම්. Sorry මැඩම්ලා දෙන්නා

අම්මා අපි room එකට යනවා.

හරි දෝණි.

නේහා ඔයා වොෂ් එකක් දාලා එන්න මගේ ඇදුමක් දෙන්නම්

හරි.

(Neha Pov)

නිශාට දැන් ඇදුම් කඩයක් දාන්න වෙයි මෙහෙම ඇදුම් දෙන්න. අම්මිට call එකක් දීලා මන් මෙහෙ ඉන්නවා කිව්වා. අම්මිටත් නිශාගේ හපන් කම් කිව්වා නැත්තම් බැහැ නෙහ්.

අම්මි කිව්වෙත් නිශා දුව නිසා හොදයි කියලා. ඔව් ඉතින් මගේ බෙස්ටි නෙහ්. අපි කෑම කාලා නිදාගත්තේ එකට.

(Nisha pov)

නේහා එදා හිටියේ අපේ ගෙදර මගේ room එකේ. අපි දෙන්නා නිදාගත්තේ එකට. නේහා මගේ අත තුරුල් කරගද්දී මට දැනුනේ අමුතුම හැගීමක්.ඒ හැගීම යාලුවෙක් එක්ක ඉද්දි දැනෙන හැගීමක් නෙමෙයි. ඒත් මන් එයාගේ අත අයින් කරේ නැහැ මොකෝ මන් ඒකට කැමති නිසා.

ඊට පස්සේ උදේම ආන්ටි ඇවිත් නේහාව එක්කන් ගියා.එයා ගියාමත් අමුතු දුකක් දැනුනත් එයා යන්න එපැයි.

ඊට පස්සේ අපිට exam තිබ්බා.නිසා අපි දෙන්නා පාඩම් කරා.හොදට exam කරලා. ටික දවසක් නිදහසේ ඉන්න plan කරලා හිටියා.

සති දෙකකට පසු

අම්මෝ මෙච්චර දවසක් මහන්සි වුණේ මේකට නේහ් කොහොම හරි ඒකත් ඉවරයි.මන් හිතුවා එයාට හැමදේම කියන්න ඒ නිසා මන් exam ඉවර වෙලා plan කරා නේහාව cafe එකේ හම්බුවෙන්න යන්න. එයාට මන් ආදරේ ගැන කියන්නත්.

Whatsapp massage

Mine Neha❤️

මැණික

Besty Nisha

ඕඕ සුදු

Mine Neha❤️

Exam ඉවර නිසා අපි හම්බවෙමුද?

Besty Nisha

හා. කවදද

Mine Neha ❤️

හෙට

Besty Nisha

හා

අපි හෙට හම්බවෙන්න හිතුවා.හෙට එයා මොනා කියයිද අකැමති වෙයිද.

අම්මි හෙට මන් නේහාව හම්බුවෙන්න යනවා.කියලා රෑ ම කියලා.උදෙන්ම නැගිටලා flower shop එකකට ගිහින් මල් bosque එකක් අරන් එයා එනකන් cafe එකට වෙලා හිටියා.වැඩක් කරන්නත් එපැයි photo ගගහා හිටියා

එයා ආවා අදත් පිස්සු හැදෙනවා

මොකෝ මේ පුදුම වුනාද.

අහන්නකො නේහා මේක ඔයාට කියලා මල් ටික එයාට දීලා මන් එයාට ආදරෙයි කියලා කිව්වා.

නේහා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා මේක කොහොම හිතයිද කියලා මන් දන්නේ නැහැ හැබැයි මට මේක ඔයාට නොකියා ඉන්න බැහැ.

ඉතින් කියන්න නිශා මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ

නේහා මේ..මන් ඔයාට ආදරේ කරනවා

අනේ මැට්ටි මාත් ආදරෙයි නෙහ්.ඔයා මගේ හොදම යාළුවා නෙහ්.ඕක කියන්නද මෙච්චර දැගලුවේ 🤭

නැහැ නේහා ඔයා හිතන විදිය නෙමෙයි

නේහා මන් ඔයාට ආදරේ යාලුවෙක් විදියට නෙමෙයි.

මොනාද නිශා මේ කියවන්නේ Are you Mad එහෙම සම්බන්දයක් No මට හිතන්නවත් බැහැ ඔයා මේ මොනවා කියනවද කියලා. මන් යනවා

නවතින්න මන් කියන දේ අහන්න නේහා

මොනා අහන්නද නිශා. මොනාද ඔයා මේ කියවන්නේ.මට මුකුත් අහන්න ඕනේ නැහැ. ඔයා යන්න ආයේ අපි දෙන්නා යාළුවොත් නෙමෙයි. මට ඔයාව ආයේ දකින්නවත් ඕනේ නැහැ

ඒත් නේහා plz මන් ඔයාගෙන් මුකුත් අහන්නේ නැහැ ඒත් ඒත් ඔහොම මාව දාලා යන්න එපා.

නිශා මගේ පස්සෙන් එන එක නවත්තන්න.plz Go

නේහා 🥹. නවතින්නකෝ.

එයා cafe එකෙන් එලියට ගියා.මන් එයාගේ පස්සෙන් දිව්වා එයා wheel එකක ගියා මන් කොච්චර දුවන් ගියත් එයා නැවැත්තුවේ නැහැ.

මන් නේහාට ආයේ call කරා එයා number බ්ලොක් කරලා හැමතැනින්ම. අපිට ඇත්තටම එකතු වෙන්න බැරි ඇති ඒත් එයා මාව මෙහෙම රිද්දන්නේ ඇයි එයාට පුළුවන්ද එච්චර ඉක්මනට මන් එයාගේ හොදම යාළුවා වෙලත්.

අතීතය 🥹🥀

ඒ නිශා මොනා කරනවද call answer කරන්නේ නැතුව මන් කොච්චර වෙලා Call ගත්තද

අය්යෝ sorry නේහා මන් වැඩක හිටියේ. පොඩි වෙලාවයි නෙහ්

පොඩි වෙලාවක් වුනත් මට ඔයාට call නොගෙන ඉන්න බැහැ. තේරුනාද මන් call ගත්තම answer කරන්න

හොදයි මැඩම්

වර්තමානය 🤍

"ඇස් වලින් කදුළු බේරෙද්දී මේ කාලෙට ආවේ. එහෙම කියපු ඔයා නේද මෙහෙම වුනේ නේහා"

ඇයි ඒ දේ අමතක කරලා යාලුවෝ වගේවත් ඉන්න බැරි මට අමතක කරන්න බැරි වුනත් ඔයා වෙනුවෙන් දරාගෙන ඉන්නම් මන්.

නේහා හැමදේම විනාඩියෙන් අමතක කරලා තිබ්බා ඒත් අපේ අතීතේ අමතක කරන්නේ කොහොමද.

එක පාරම වාහන සද්දයක් ආවා.

එතකොටයි මේ ලෝකෙට ආවේ ඒත් එතකොට පරක්කු වැඩි.ඉස්සරහින් වාහනයක් ආවා කියලා විතරයි මතක.ඇස් බොද වුණා.මන් වැටුනා

පැයකට පසු ⏳⏳

මේ ළමයාගේ ගෙදරට call කරන්න

Ok Docter

Hellow

දෝණි. අනේ දරුවෝ ඔයා හොදින් නේද

මැඩම් මේ phone එක අයිති එක්කෙනා accident වෙලා ඉක්මනට හොස්පිටල් එකට එන්න

Ok මන් එන්නම්

අනේ මගේ දෝණි 🥹. අනේ මහත්තයා

අනේ docter මගේ දරුවා හොදින් නේද. එයාට ඉක්මනට හොද වෙයි නේද.

Sorry මැඩම් අපි උත්සහ කරනවා එයා accident වෙන්න කලින් මොකක් හරි ලොකු ශෝක් එකක ඉදලා තියෙන්නේ අපි බලමු.

මහත්තයා අපේ දෝණිට හොදවෙයි නේද 🥹.

අඩන්න එපා නෝනේ එයාට හොද වෙයි.

දෝණි හම්බුවෙන්න ගියේ අන්තිමට නේහා දුව නේද.නෝනේ ඔයා නේහා දුවට call කරලා බලන්න. දෝනිගේ phone එක තියෙනවා නෙහ්.

ඇයි මේ නේහා දුව call answer කරන්නේ නැත්තේ. ම්ම් නේහාගේ අම්මට ගත්තා නම් හරි.

Hellow ඔව් නිශා දුව කියන්න

ආ Ms.වීරසුරිය මම මේ නිශා ගේ අම්මා

ආ කියන්න Ms.වීරසිංහ

නේහා ඉන්නවද

දෝණි නම් room එකේ ඉන්නකෝ.

දෝණි දෝණි

ඇයි මමි

මේ නිශා call කරනවා.

අනේ plz මමි. මට එයත් එක්ක කතා කරන්න ඕනේ නැහැ එයාට වද නොදී පාඩුවේ ඉන්න කියන්න.

දෝණි මොනා වෙලාද ඔයාට

අනේ sorry Ms. වීරසුරිය.දෝණිට මොනා වෙලාද මන්දා.

මන් මේ call කරේ දෝණි accident වෙලා අන්තිමට හම්බුවෙන්න ආවේ නේහාව ඒකයි මොනාහරි වුනාද අහන්න.

අනේ දෙය්යනේ.හරි මන් තියන්නම් Ms. වීරසිංහ

නෝනේ මොකෝ වුනේ

අනේ මන්දා මහත්තයෝ මටත් හිතාගන්න බැහැ. දොනිගෙන් තමා දැනගන්න වෙන්නේ

Docter මොකෝ වුනේ.

තාම අපිට මුකුත් කියන්න බැහැ මැඩම්. පේෂන්ට් ඉන්නේ ලොකු ශෝක් එකකින්. අපි බලමු මැඩම්

Ok docter

අනේ මහත්තයෝ 🥹 දෝණිට මේ මොකද වුණේ. අපි දෝණිව රටවත් ගෙනියමුද. මටත් හිතුනා නෝනේ ඒත් මෙහෙ business මොකද කරන්නේ.

ඔයා මෙහෙ ඉන්න මන් දෝණිව අරන් යන්නම්.

පිස්සු හැදිලද මට මගේ දෝණි වටිනවා business වලට වඩා 🥹.

අපි යමු. මන් docter ගෙන් අහන්නම්

හා අහලා එන්න. ඊට පස්සේ බඩු ලෑස්ති කරමු.

Exues me Doctor

Yes

අපිට දෝණි ව රට ගෙනියන්න පුළුවන්ද

ගෙනියන්න පුළුවන් sir හැබැයි ශෝක් එක මොකක්ද කියලා හොයලා බලන්න

Ok Docter

නෝනේ දෝනිව ගෙනියන්න පුලුවන් එදා මොකක්ද වුණේ කියලා දැනගන්න ඕනේ

ඔව්

අපි ගෙදර ගිහින් බඩු ලෑස්ති කරමු.මන් දෝනිගේ බඩු ටික ගන්නම්.

හා

අපි ගෙදර ගිහින් බඩු ලෑස්ති කරා. මගෙයි මහත්තයාගේයි බඩු ලෑස්ති කරලා. දෝනිගේ බඩු ලෑස්ති කරන්න ගියා. දෝනිගේ ඩයරිය තිබ්බා මන් ඒක අරින එක වැරදි වුනත් මගේ දෝණිට මොකෝ වුණේ කියලා මන් දැනගන්න ඕනේ නෙහ්

සමාවෙන්න දෝණි මට බලන්නම වෙනවා. මන් ඩයරිය මගේ බෑග් එකට දාගත්තේ plane එකේ යද්දී කියවලා බලන්න දෝනිගේ බඩුත් ලෑස්ති කරලා.දෝනිගේ Phone එකත් charge කරන් තියාගත්තා.

අපි airpote එකට යද්දී දෝනිව මහත්තයා අරන් එනවා. මන් කොහොමද මගේ දරුවා මෙහෙම ඉන්නවා බලන්නද. මොකක්ද දෝණි වුණේ.

අපි plane එකේ යද්දී මන් ඩයරිය කියෙව්වේ

 202*.**.**

මන් මුලින්ම මේ ඩයරිය ලියන්න ගත්තේ ඔයා නිසයි නේහා. අම්මිට මට මේවා කියන්න බැරි නිසා මන් මෙහෙම ලියන්නේ. මට ඔයාව යාලුවෙක්ටත් වඩා දැනුනේ අද.

ඔයා දකිද්දී මට මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා ඔයාගේ ඇස්. ඔයා මගේ කරට අත දාද්දි. ඔයාගේ හිනාව මාව පිස්සු වැට්ටුවා.

"හැම වචනයක් ගානෙම තිබ්බේ නේහා"

අන්තිම ලියලා තිබ්බ කොලේ මට හිතාගන්න බැරි වුණා. දෝණි ලියලා තිබ්බේ නේහාගෙන් කැමැත්ත අහනවා කියලා. ඒත් එදා ඊට පස්සේ මොකක්ද වුණේ කියලා දැනගන්න පුළුවන් නේහා ගෙන් විතරයි.

අපි ඇමරිකාවට ගියේ දෝණි එහෙ හිටියොත් තවත් අවුල් වෙයි කියලා.අවුරුදු 2 ගෙවිලා ගියා දෝණිට හොද වෙන ගමන් හිටියේ. ඒ කාලේ මන් නේහා දුවට call කරා.

Hellow නේහා දුව

Hellow කවුද

මන් නිශාගේ අම්මා

කියන්න ආන්ටි

මන් කතා කරේ දෝණි..

අනේ plz ආන්ටි මට එයා ගැන දැනගන්න ඕනේ නැහැ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න

හරි දරුවෝ මන් තියනවා.

නේහා call එක cut කරපු නිසා. දෝණිට හොද වෙන ගමන් තිබ්බේ ඒ වගේම ශෝක් එක ඇති වුන දවසේ වෙච්ච ඒවා අමතක වෙලා කියලා දැනගන්න ලැබුනා මතක් වුනත් බලපෑමක්‌ වෙන්න දෙන්න එපා කියලයි docter කිව්වේ

සිහිය එන්න ටික දවසකට කලින් දෝණි ගෙදර ආවා.Doctersla නර්ස් ලා ගෙදර තියන් බෙහෙත් කරේ.දෝණිට අලුත් phone එකක් ගත්තා හැමදේම අමතක කරවන්න ඕනේ නිසා. ඩයරියත් මන් ගාවමයි තියාගත්තේ.ඊට අවුරුදු 2 කට පස්සේ කොහොම හරි දෝණිට සිහිය ආවා

දෝණි

අම්මි අපි මේ කොහෙද

අපි ඇමරිකාවට ආවා දෝණි තාත්තාගේ business වැඩකට

එහෙමද අම්මා.

මෙන්න දෝණි අලුත් phone එකක්

ශෝක් අම්මි.එතකොට පරණ එක

ඒක වැටුනේ දෝණි.ම්ම් හරි දෝණි ඔයා මහන්සි වෙන්න එපා හාන්සි වෙන්නකෝ.

හා අම්මි.

ඒ අතරතුර ලංකාවේ 🇱🇰

එදා ප්‍රශ්නෙන් පස්සේ නේහා එලියට ගියේම නැහැ ඒත් තාත්තාගේ ජොබ් එකට join වෙන්න ඕනේ නිසා එයා ඒක කරලා හවස් වෙලා කන්න රෙස්ටුරන්ට් එකකට ගියා මගදී

නේහා

ඇයි වින්ඩි

උබ දන්නවද නිශා

අය්යෝ බන් නිශා ගැන දැනගන්න ඕනේ නැහැ මට

ඒ කියන්නේ උබ දන්නවද නිශා accidant උනා කියලා

මොකක්ද. උබ මොනාද කියන්නේ

ඔව් බන් නිශා accident වෙලා.

දැන් කොහෙද එයා. එයාව අරන් ආන්ටි අන්කල් ඇමරිකා ගිහින් දැන් අවුරුදු 3 වෙලත් උබ නොදැන ඉන්නේ කොහොමද

මේ ඔක්කොටම වග කියන්න ඕනේ මන් 🥹මන් යනවා.

නේහා යන මගදී මනුස්සයෙක් පස්සෙන් එනවා හැබැයි නේහාව බේරගන්න දැන් නිශාත් නැහැ. එතනට මනුස්සයෙක් ඇවිත් බේරගන්නවා

ඔයා

ඔව් මැඩම් කෝ අනිත් මැඩම් එයා මැඩම් ගාවින් ඉන්නවා නෙහ්

එයා නැහැ 🥹. Thank මන් යනවා

ඔව් ඒ අර නිශා ගහපු මනුස්සයා.

මගේ හැමදේකදිම ලගින් හිටිය එයාට පොඩි දෙයක් නිසා. මන් නිසා තමා එයා accident වුනෙත්.

අම්මි

මොකෝ නේහා මේ මොකෝ වුණේ

අම්මි මට නිශා බලන්න ඕනේ. සමාව ගන්න ඕනේ

මොකද දෝණි වුණේ

අනේ මට එයාව ඕනේ

දෝණි එදා මොකෝ උනේ

අම්මි නිශා.. නිශා කිව්වා මට ආදරෙයි කියලා. එයා ආදරේ කියන්නේ අම්මි යාලුවෙක්ට එහා. අපි දෙන්නම කෙල්ලෝ අම්මි එතකොට කොහොමද එහෙම

ඒත් මට දැන් තේරෙනවා ආදරේ, ආරක්ෂාව, පරිස්සම හැමදේම මට හම්බුනේ එයාගෙන්

වෙන අයට ඕනේ වුණේ ආදරේ කියලා පෙන්වලා මගේ සල්ලි විතරයි. මට සමාවෙන්න අම්මි මන් හිතන්නේ මේක වැරදි වුනත් මේක තමයි ආදරේ.

Plz අම්මි උදව් කරන්නකෝ.

මන් කොහොමද දෝණි

තාත්තා මේකට කැමති වෙයිද. හරි දෝණි අපි මොනාහරි කරමු

ඇමරිකාවේ

"නේහා"

දෝණි මොකෝ වුණේ

අම්මි නේහා කවුද ඒ. ඇයි එයාව මට මතක් වෙන්නේ.

ඒ ඔයාගේ හොදම යාළුවා දෝණි

කෝ අම්මි එයා

එයා ඔයා එක්ක තරහ වෙලා දෝණි

ඇයි අම්මි මන් එයාට වැරද්දක් කරාද

නැහැ දෝණි.

ඉතින් අම්මි අපි එයාට කතා කරමුකෝ

ඔයාගේ phone එක නැහැ නෙහ්

ම්ම් ඔව් නෙහ්.

ඔයා නිදාගන්නකෝ ආයේ

හරි අම්මි

කොහොම හරි දෝනිගෙන් ඒ දේවල් හැන්ගුවේ නේහා දුවත් අපේ දෝණි එක්ක කතා කරන්න අකමැති නිසා. ඒත් හංගන එකෙන් මොනාහරි වෙයිද බයකුත් තිබ්බා

අම්මි අම්මි

දෝණි නැගිටින්නකෝ 🥹

මන් යද්දී දෝණි සාලේ වැටිලා හිටියේ එයා මගේ කබඩ් එකෙන් එයාගේ දිනපොත අරන් කියවලා. මට තවත් බය හිතුනා හැබැයි සිහිය ආවම දෝණි room එකට ගිහින් දොර වහගත්තා.

දෝණි මන් කියන දේ අහන්න

ඇයි මට බොරු කිව්වේ

මන් මොනා කරන්නද දෝණි ඔයා ආයේ ශෝක් වුණොත් කියලා බය හිතුනා.

එදා ආ මගේ ඔලුව

දෝණි දොර අරින්නකෝ

අම්මි කියලා දොර ඇරියා. මන් හිමිට එයා මාව ගාව වාඩිකරගෙන හැමදේම අහගත්තා.

අම්මි මන් නේහා ගෙන් ඇහුවම එයාට ගොඩාක් තරහ ගියා එයා මාව දාලා යන්න ගියා. අම්මි plz එක පාරක් කතා කරමු ආයේ මන් කරදර කරන්නේ නැහැ හිත හදාගන්නම්

හරි දෝණි. අපි කතා කරමු ඉන්නකෝ.

ලංකාවේ 🇱🇰

අනේ අම්මි මට බැහැ වෙන මනුස්සයෙක් බදින්න

මට තේරෙන්නේ නැහැ දරුවෝ.තාත්තා හොයපු කෙනෙක් නෙහ් අපි බලමුකෝ

නුබ හා හමු වී

මොහොතක් ගෙවුනි

අම්මි call එකක්

ඉන්න මන් අරන් එන්නම්

Hellow කවුද

Hellow නේහාගේ අම්මා නේද නේහා ඉන්නවද

ඔව් කවුද

මන් නිශා ගේ අම්මා

ආ Ms.වීරසිංහ

හොද වෙලාවට call කරේ

ඇයි Ms.වීරසුරිය

අපේ නේහාට නිශාගෙන් සමාවගන්න ඕනෙලු කියන්න දෙයකුත් තියෙනවලු. ඒත් මෙහෙ ලොකු ප්‍රශ්නයක්.නේහාව බලන්න මනමාලයෙක් එනවා wedding එකත් ලගදීම ගන්නවා

මොකක්.ඒකට මොකද කරන්නේ.

ඒක තමා මටත් තේරෙන්නේ නැත්තේ

ඉක්මනට wedding එක ගන්නවා සති දෙකකින්. නේහාගේ තාත්තා කොහොමත් කැමති වෙන එකක් නැහැ නිශාගෙයි නේහාගෙයි ඔය සම්බන්දෙට

හරි මෙහෙම කරන්න. ඇදුම් ගන්න යනවා කියලා නේහාව එවන්න airpot එකට කොහොම හරි අපි එන්නම් airpot එකට.

හරි

කොහොමෙන් කොහොම හරි නේහාව ඇමරිකාවට එක්කන් ආවා.නේහා & නිශා දෙන්නා marry කරා මොකද ඒ රටේ එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නේහා ගේ තාත්තා තේරුම් ගත්තා.

හැමෝම සතුටින් හිටියා.

නේහා නිශාට කිව්වා ඔයා මාව දාලා ගියපු නිසා මන් ගොඩාක් දේවල් ඉගනගත්තා. ඔයා එක්ක මන් එදා ආවනම් මන් මේ දේවල් දැනගන්නේ නැහැ. හැබැයි මන් නිසා ඔයාට වුන දේවල් වලට මට සමාවෙන්න.ඒ දෙන්නා සතුටින් කාලේ ගත කරා.❤️

"කෙල්ලෙක්ද කොල්ලෙක් ද කියලා වැඩක් නැහැ. අපිට හරි ආදරේ දැනෙනෙනේ කොහෙන්ද ඒ කෙනා එක්ක තමා සතුටින් ඉන්න පුළුවන්. ගොඩාක් අය කියන්නේ අපි marry කරන්න ඕනේ කොල්ලෙක් කියලා.එහෙම නැහැ සමාජෙට ඕනේ විදියට ඉන්න එපා"

මේ වගේ කතාවක් ලියන්න හිතුවේ අත්දැකීමකින් නෙවෙයි දැන් සමාජයේ කෙල්ලෝ කෙල්ලෝ /කොල්ලෝ කොල්ලෝ ගොඩාක් ඉන්නවා එයාලත් ආදරණිය couple.වෙන සත්තු ටිකක් දිහා බලනවා වගේ බලන්න එපා. අපි ආදරේ කරන්නේ කොල්ලෙක්ට වගේ එයාලට දැනෙන ආදරේ ඇත්තේ කෙල්ලෙක්ගෙ වෙන්න පුළුවන්

මගේ මුල් කතාව නිසා අඩුපාඩු ඇති මට ඒවා කියන්න හෙල්ප් එකක් දෙන්න. ඔයාලගේ අදහස් කියන් යන්න

මම Liora_Aveline ✍🏻

More Chapters