Ficool

Chapter 90 - 90EXTRa(BOL)

මම බලන් උන්නා...දාපු ඵොටෝ එක දිහා මමම බලන් උන්නා....එයාගෙ කාර් එකේ පිටිපස්සෙන් රතුලයිට් පත්තු වෙනකොට මම ඔහේ බලන් උන්නා...ඒ එක්කම මගෙ අතේ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා....

නොටිෆිකේශන් එකක්...

කාගෙන්ද.....

දැන් දාපු ඵොටෝ එකට....නිතේශ් දිසානයකගෙන් හාර්ට් රියැක්ට් එකක් එක්ක කමෙන්ට් එකක් ඇවිදින් තිබුනා ...මේ ටික වෙලාවට 1k පන්නපු කමෙන්ට් ගොඩෙ එයාගෙ කමෙන්ට් එක ගාවම ඇස් නවතිනවා කියන්නෙ.....

"එහෙම වෙන්න කියලා මාත් ප්‍රාර්තනා කරනවා"

ඒ එයාගෙ කමෙන්ට් එක....එය දන්නවා නම් ඒක කරන්න පුලුවන් එකම කෙනා එයා කියලා ..... මං එයාගෙ කමෙන්ට් එකට රියැක්ට් කරලා ඉමෝජි එකක් දැම්මා ..මට ඉන් එහා කියන්න දෙයක් නෑ..මොකද එයාව ඇස් පනාපිට දැකපු මං මං උන්නෙ ඇල් මැරිලා ....

ඒ තත්පරෙම්ම මැසේජ් එකක් ආවා...එක එයාගෙ....

" මිස්ටර් විතේන්... සදුදට එන්න...මං අනිවාර්යයෙන්ම ඉන්නව...."

කිව්වට පිලිගන්නවද මට සතුටක් දැනුන් නෑ කියලා .....?වැස්සත් එක්ක මගෙ සතුට හේදිලා ගියා..උඩ පැනලා නටලා කෑ ගහන්න තරම් සතුටක් දැනෙන තැනක උනත් මට ඒකෙ සතුටක් නැති උනා.....

මගෙ ඇස් වලට කදුලු ආව.....

මටත් නොදැනිම මම අඩන ගමන් උන්නා.....

මගෙ ඇස් පනාපිටම එයා අර කෙල්ලව ඉඹගත්තු තැන තිබුන ආදරෙ දැකලා මගෙ හදවතට එක පාර කිනිසි තුඩක් බැස්සුවා වගෙ උනා.....

උඹත් එක තැනකදි මං හින්දම මෙහෙම අඩන්න ඇති නේද මගෙ අග්නි ....

අවසානෙදි මං මගෙ හිත හදා ගන්න මමම හේතු හෙව්වා .....මමම එයාව සාධාරනීකරනය කෙරුවා .....

මගෙ ඇස්වල කදුලු බලන්න බෑ කියන ගමන් එයාට තනිවෙන්න බෑ කියලා හිතුන හැම තැනකම එයා උන්නෙ තනිවෙලා කියලා කියපු වචන මතක් උන මං එයාගෙ කාර් එක යනවා දැක දැක ඔහේ උන්නා.....

කොතනක හරි නිවීමක් ඇති මගෙ නිතේශ් ....

නුවරට වහිනවා ...අවුරුද්දම හෝදගන යන්න කියලා නුවරට වහිනවා .....

එයා යන්න ගියා....එයා නොදන්නවා උනාට කල්පයක් පුරාවටම ප්‍රාර්තනා කරපු මම මෙතන ඉන්නකො එයා අඩාගන යන්න යනකොට මං වැව රවුමෙ තනිවෙලා ඔහේ බලන් උන්නා ....

සීතලයි ....

වැහිවතුරට තෙමුන ඇදුම් ඇගේම වේලේනකොට මං වැහි වතුර වැටෙන නුවර වැව දිහා වගේම මිනිස්සු දහසකගෙ බලාපොරොත්තු උහුලන දලදාව දිහා බලන් උන්නා...

ආදරනීයම නුවර ...

වෙලාවකට උඹ මහ විරහවක් ...

මං තනියෙන් හිතුවා....

එයා සදුදට එන්නම්ලූ....

මං ආය ආයම ඒ මැසේජ් එක කියවලා අවසානෙදි නලින්ට කෝල් එකක් ගත්තා

හෙලෝ නලින්.....

....

ආන්‍යට කියන්න සදුදට සැලෝන් එකට එන්න ලෑස්ති වෙලා එන්න කියලා ....

.......

මොකටද අහන්නෙ ඇයි දුව කිව්වෙ නැද්ද මට එයාව පැයකට දෙකකට ඕනා කිව්වා කියලා ....??

මට කදුලු අස්සෙන් හිනා යන්න ආවා ....නලියා එහෙන් බය වෙලා ඇයි සර් මගෙ දුවව කියනකොට අර ඇට්ටර කෙල්ල නිකන් නෙවෙ යන්නෙ සල්ලි වලට කියලා කෑ ගැහුවා ..මේ මිනිහ කොයි වෙලේ හරි විහින් ලෙඩක් හදන් මැරෙනවා ....

හෙලො....නලින් හරිනේද ....සදුදට වේලාසන එන්න දුවව අරන් එන්න....

........

ම්ම්...ඔය තේරුනෙ මගෙ බේබි බෝයිට ...දුවව ගත්තා කියලා මං කවදාවත් ඔයාව අහක දාන්නෙ නෑ රත්තරන් .....ඔයාට ඕන නම් දැන් උනත් මගෙ ගාවට එන්න පුලුවන් .....

මම ආයම අර වයසක මිනිහව අවුස්සන්න ගන්නකොට ඒකා හරි අමාරුවෙන් අනෙ මිස්ටර් විතේන්.....අනේ මිස්ටර් විතේන් අනේ මිස්ටර් විතේන් ගගා ඉදාලා අවසානෙදි ඵෝන් එක තිබ්බා ....

එයා යන්න ඇති...

මං එහෙම හිතුවා....

අර කෙල්ලට මොනවා උනාද දන්නෙ නෑ අනෙ නිතේශ් ඔය කෙල්ලව අරන් පලයන් .....දෙයියන්ගෙ පිහිටයි....ඒකිව අරන් පලයන් නිතේශ් ...මට පුලුවන් කමක් තිබ්බා නන් මං එවෙලෙම උස්සන් යනවා ....ඒත් මං කොහොම කරන්නද ...පිටගම් කාරයෙක් උන මම උඹලගෙ මැනිකෙක්ට අත තිබ්බා කියලා උඹ උනත් මට ගහන්න බැරි කමක් නෑ.....උඹලගෙ මැනිකෙ කෙනෙක් ඉස්සුවයි කියලා උඹ උනත් මාව මරන්න හදන්න බැරි කමක් නෑ...

කොච්චර කොහොම නොහොද නෝක්කාඩු තිබ්බා උනත් වලව් වංශක්කාර කම් ලේ වලින් එන එකේ....උඹගෙ අස්සෙත් ගැංගුන ගාමු කෙනෙක් ඉන්නවා ඇති මගෙ නිතේශ් ...ඉතින් මං කොහොම තේරුම් කරන්නද උඹලා පන දාන් සුදු අක්කා සුදු අක්කා ගාන්නෙ මගෙ ගෑනිට කියලා .....

ඒනෑ කම්...මැරිලා ආත්මෙකුත් ගෙවිලා ...ඉතින් මට කොහෙන්ද අයිතියක් ඒකිව උස්සන් යන්න....

පුලුවන් නම් බඩ දරු මැනිකෙව රැකපන් නිතේශ් .....ගියපාරත් ඒකිට උනේ මැරිලා යන්න...ඒමරුවගෙ අතින් මේ පාරත් කරදරයක් වෙන්න කලින් අනේ ඒ අසරනීව බේරපන් නිතේශ් ....

මං එහෙම්ම කාර් ශීට් එකට ඔලුව හේත්තු කර ගත්තා වැහි අන්දකාරෙ මැදම නුවරට රෑ බෝ වෙනකොට කහපාට ලයිට් එලි මහ වැස්ස මැදම ඇවිලෙන්න ගත්තා....

තත්පරෙන් තත්පරේ...තත්පරෙන් තත්පරේ ගෙවිලා ගිහින් ගිහින් අවසානෙදි රෑ අටටත් කිට්ටු උනා...ඒත් වැස්සෙ අඩුවක් තිබුන් නෑ....

නුවර ලස්සන හවසට හවසට ගෑවට නුවරම හෝදන් වහිනකොට අර ලස්සනයි කියන හැගීම හෝදන් ගිහින් හිතට මහ හිස් කමක් දැනෙන්න ගත්තා ....

කහපාටින් බබලන දලදාව දිහා වලන් උන්න මං අවසානෙදි කාර් එක ස්ටාර්ට් කරගත්තා....නිකන් නෙවෙ ....කවද හරි දවසක...මට එයා එක්ක ඇවිත් මලක් පහනක් පූජා කරන්න ආශිර්වාද ඉල්ලන ගමන් .....

ක්‍රී...ස්ස්.....

වැහි වතුරට නාපු මං ගෙදර ඇවිදිනුත් නාගත්තා ...ගෙදර නම් උනුවතුර තිබ්බා උනත් දවසට දෙකට කුලියට ගත්තු කාමර කෑල්ලෙ වතුර ඇග ලේ ගල් වෙන තරම් සීතල වෙනකොට මම නොනා බැරි කමට නාගන ඇවිත් තියන ඇදුම් දෙක තුනක් එක පිට ඇදලා ඔලුවට ටී ශර්ට් එකක් ගැට ගහ ගත්තා....

හැච්චෝ.....ස්

මේ ගියේ කී වෙනි කිඹුහුමද මන්දා....මහ වැසි අවසානෙදි පොද වැස්සක් වෙනකොට මම ක්‍රිස් ගාන සද්දෙත් එක්ක ලෑලි ජනෙල් පියන බාගෙට ඇරල කන්ද උඩ තිබුන මොල්ලිගොඩ වලව්ව දිහා බැලුවා...කහපාට ලයිට් එලි ඇරුනම වෙන මොකුත් පේන්නෙ නැති වෙනකොට ජනෙල් පියන ආපිට වහපු මම එහෙම්ම ඇනෙක්ස් එකේ අයිතිකාර මායියා ලව්වා හදවගත්තු කෝපි කෝප්පෙ ඇද උඩ ඉදම්ම හෙමින් හෙමින් බොන්න ගත්තා ....

බඩගින්නක් නෑ.....වෙනදට නම් වැස්සක් කියන්නෙම මට හොදටම කන්න පුලුවන් දවසක් උනත් මට අද කෝපි එක පවා බීගන්න පිරියක් තිබුන් නෑ...ඇග වෙව්ලන සීතල හන්දම බොනවා ඇරුනම වෙන කරන්න දෙයක් නැති කමට කෝපි එකේ බාගයක් හිස් කරපු මම හෙට ආපිට ගෙදර යන්න හිතාගන තිබුන ඇදුම් ඔක්කෝම බෑග් එකට ඔබලා ඇදට ඇවිත් ඔලුවෙ ඉදන් පොරවගත්තා....

එයා ඔන්ලයින් ඇවිත් ඉදලා...

මොකුත් දාලා නෑ.....

මැසේජ් එකක් දාන්නත් හිතෙනවා....

.ඒත් මොකටද ....

මගෙ හිත මට අනම් මනම්.කිව්වා...තරහවක් නෙවෙ උනත්.....මට වේදනාවක් දැනෙන්න ගන්නකොට මම එයාටත් කලියෙන් නුවරින් යන්න හිතාගන ඇස් පියාගත්තා ....

ට්‍රී.....න්න්න්

...

ට්‍රී....න්න්.....

මගෙ කනගාවිම්ම ඇහුන එලාර්ම් එක මම ඕෆ් කරලා දැම්මා....දාලා අයම ඇස් පියා ගත්තා....

වෙලාව හයට ඇති...

තව ටිකක් දවල් වෙලා යනවා...

මම.ඇස් පියාගන ආයම ගුලි උනා....

වැස්සක් වැහැල....ආපිට ඉර පායනකොට නුවරට ලස්සන ඇති.....

ඇස් පියාගන උන්න මගෙ හිත තට්ට තනීයම කියවනවා...රැයෙන් බාගයක් ඇහැරන් උන්න මට නින්ද ගියේ පාන්දර ජාමෙක වෙනකොට නුවරට පායන ඉර කොයි තරම් ලස්සන උනා උනත් මට නැගිටින්න හිතක් නැති උනා වගේම එයාව බලන්න වත් හිතක් නැති උනා...මට ඕන කරන එකම දේ නම් මම ඊයෙ එහෙම දෙයක් දැක්කෙ නෑමයි කියන තැන ඉදන් ආයම එයාට ලන් වෙන්න උත්සහ කරන එක මිසක් එයාව දැක දැක....ඇයි තේශි උඹ ඒකිව ඉම්බෙ කියන දේ හිතන්න නෙවෙ වෙනකොට මම තව ටිකක් මගෙ ඇස් වලට නිදාගන්න කියලා කොහු මෙට්ටෙ උඩ ගුලි උනා....

කැහ්.....කැහ්...කැහ්.....කැහ්.....

ම්ම්ම්ම්.....හ්හ්.......කැහ්.....කැහ්....

..ම්ම්ම්....හ්.....

වෙලාව....ක්ක්..කීයද...

මට නින්ද ගියා....එක පාරක් නැකිටල එලාර්ම් එක් ඕෆ් කරල ආයම නිදා ගත්තු මට සැපටම නින්ද ගිහින් තියනකොට මම වැස්සට තෙමිලා හැදුන කැස්ස අල්ලනවත් එක්කම නැගිට්ටා ....නැගිටලා ඇදේ ඉදගත්තා.....

යන්න ඕනා....

මම තනියම මටම කියා ගත්තා...අවසානෙදි මම ආයාම පහලට බැහැල ඔලුවට වහලක් නැතිව කොටු කරලා හතර කොන් බිත්තිවලින් බැදලා වහලා හදපු නාන කාමරේ ඇතුලෙ මූන කට හෝදන් ඇදුමක් ඇදන් මගෙ බෑග් එකත් අරන් පහලට එනවා එක්කම වයසට ගියපු සරම් කැහැපට ගහපු කොන්ද කුදු ගැහුන මිනිස්සු දෙතුන් දෙනෙක් උදලු කර තියාගන වලව්ව පැත්තට යනව දැකපු මම බලන් උන්නා.....

ඇයි ඒ??

මොකක් හරි වැඩක් වෙන්න ඇති.....යන්න කලින් එක පාරක්වත් බලන්න තිබුන නම්....

මම උදලු කර තියන යන මිනිස්සු දිහා බලාගන කන්ද උඩ තියන මොල්ලිගොඩ වලව්වෙ දිසානායක හාමු ගැන හිතුවා...

අනේ...මායියේ.....මැනිකෙ ඊයෙ දවාලෙත් මෙහෙට ආවා පෝන් කාර්ඩ් එකක් හොයාගන....

අපෙ අප්පො....වලව්වෙම්ම උන්න සීදේවි මැනිකෙ ....

කියලා වැඩක් නෑ...මොන කරුමයක් ගෙව්වද කව්ද දන්නෙ....

පව්...අප්පා...මට තාමත් මැවි මැවී පේනවා ඊයෙ හති හලාගන දුවන් ආව හැටි...

ආන් අර මහත්තයා පවා උන්නා මැනිකෙ මෙහෙ දුවන් එනකොට ...මං ඒත් කල්පනා කෙරුවා ...කාමර අස්සට කරලා හදන මැනිකෙ මොකදැයි මෙ හති හලන් දුවන් ආවෙ කියලා...

උදලු කර තියාගන යන මිනිස්සු දිහා බලන් ඉදලා එයා දිහා එක පාරක් බලන්න ඇත්නම් කියලා හිතපු මම අනිත් පාර බැගේජ් එක ඩිකියට දානකොට කඩපිලේ උන්න ගෑනු දෙතුන් දෙනෙක් මුදලාලි එක්ක කම්මුලට අත ගහන් හුල්ල හූල්ල මැනිකෙ මැනිකෙ ගගා කියවනකොට මම නිකමට ඒ පැත්තට ගියා.....

ඇයි මුදලාලි මමෙ.....

මේන් මේ මහත්තයත් උන්නා අහිංසා මැනිකෙ හති හලා ගනදුවන් එනකොට එහෙමයි නේද මහත්තයො...

අහිංසා....??කව්ද මුදලාලි මාමෙ අහිංසා???

මොල්ලිගොඩ වලව්වෙ මැනෙකෙක්..ඊයෙ දවාලේ මහත්තයත් ඉන්නකොට මෙතනට දුවන් ආවෙ.....

අහිංසා....එතකොට මගෙ තේශිගෙ සුදු අක්කගෙ නම අහිංසද...සාරන්‍යා .....එයා අහිංසද...??අහේතුවකට මට මහා මූසල හැගීමක් දැනෙන්න ගත්තා...මොකක් හරි වෙලා තියනවා කියලා මගෙ හිත එක තත්පරෙන් දෙකෙන් මට අනතුරු අගවනකොට ඒ සැකේ හරියටම හරි කියන්න මොල්ලිගොඩ වලව්වෙ අහිංසා මැනිකෙ කාලක්ක්‍රියා කරලයි කියන වචන දෙක තුන ඇහෙනවත් එක්කම මම කඩාගන බිදගන වලව්වට දුවන්න ගත්තා.....

අනෙ නෑ...නෑ...ඇයි නිතේශ් ....ඇයි නිතේශ් උඹ ඒකිව අර නොගියෙ....කොහෙවත් යන එකියක් පස්සෙ අඩ අඩ ගිය වෙලාවෙ මොන මගුලද යකෝ මේ කරගත්තේ....

මගෙ හිත නිතේශ්ට කෑ ගහන්න්ව් ගත්තා ....සාරන්‍යා කියන එක අමතක කෙරුවත් මේ ඉන්නෙ බඩ දරු අම්මෙක්...අනේ බඩ දරු උන් මරන එක මොන පවක්ද කියන දන්න මම මගෙ කකුල්වලට හයිය අරන් දිව්වා.....අර ගැනිවත් නඩ පිටිම්ම මරාගත්තු කුවන්නා මෙතනත් ගෑවිලා ඇති....ඇති...ඇති කියන දේ මගෙ ඔලුවට වද දෙනකොට කඩාගන බිදගන ආව මම වලවේ ගේට්ටුව ගාව නවතිනකොට එයා ඉන්නවා....සිහියක් පතක් නැති එකා වගේ ඔහේ වැටිලා ඉදගන ඉන්නවා....

අප්පච්චි ...

ඒ ඉන්නෙ මගෙ අප්පච්චි ....අප්පච්චි එයාගෙ ඔලුව අත ගගා එයාව හොලවනවා...ඒත් එයා ඉන්නෙ මලකදක් වගේ වෙනකොට වලව්වෙ මහ හාමුවා මෙහාට එනහැටි දැකපු මට කර කියා ගන්න දෙයක් නැතුව මම කැරකොප්පුවට දිව්වා..දුවලා අර වයසක මිනිස්සු මැදට පැනලා බිම තිබුන උදැල්ලක් ගන්නකොට ඒ උන්දලා හිතුවෙ මම වලව්වෙන් කුලියට ගත්තු එකෙක් කියල වෙනකොට මට වල කොටන්න ඕන තැන පෙන්නනකොට මම වචනවලට කියන්න බැරි තරම් පුදුමාකාර විදිහට අසරන උනා.....

.සාරන්‍යා...අහිංසා.....

මම මහ පව්කාරයි.....අනේ මම නොසෑහෙන්න පව් කාරයි...අනෙ...මම නොසෑහෙන්න පව් කාරයි...ඇයි උඹලා දෙන්නම මැරෙන මොහොතේ මගෙ ඇස් ඉස්සරහ පන අරින්නෙ...අනේ....ඇයි....

චස්.....!!!!

..පලවෙනිම උදලු පාර මහපොලවට වදිනකොට මොල්ලිගිඩ හාමුවා ඇවිදින් මොන මොනවදෝ කියල යනකොට දලදා හාමුදුරුවො පල්ලයි..මට අනීතව....කුවන්නව කෑලිකෑලි වලට කොටාගන යන්න හිතුනා.....

මම දන්නවා...ඒකිගෙ මරනෙ පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම ....

අනිවාර්යයෙන්ම මේ ගෑනි ඉන්නවා....ඒක ඉරහද පල්ලයි...ඒක අහස පොලව පල්ලයි.....දලදාහාමුදුරුවො පලයි....අර අහිංසක කෙල්ල ඇඩුවෙම මරයි...මරයි..මරයි කියලා වෙනකොට දවසක් ගෙවිලා යනකොට අනේ ඒකි මැරිලා ගිහිල්ලා...

.වැලදාගන කියනවා.....

කව්ද බන් ඔව්වා දන්නෙ....මොකද වලව්වෙ උන් අපිට උන්ගෙ දේවල් කියනවද....පොඩි බේබි නම් අනීතා මැනිකෙට කුනුහර්පෙන් කතා කරනවා මම වතුර පෝච්චිය ඉල්ලන්ඩ ගිය වෙලේ ඇහුනා.....

කව්ද කිව්වෙ උඹට....මැනිකෙ වැලදාගන කියලා....

කව්ද ඉතින්.....අර පොඩි කෙලී මිසක්කා...සීදේවි මැනිකෙ....පව් අප්පා...මැනිකහෙ පොඩි කෙලී තමයි කිව්වෙ....මැනිකෙ ඇද රෙද්දෙන්ද මොකෙන්ද වැලදාගන කියලා...එයින් එහා දෙයක් කිව්වෙ නෑ....මහ හාමුවට නම්...මිනියට පෙට්ටිය නැතුව හරි වලදාන්න හදිස්සිය....

.තූ....නොදෝකින්...මෙහෙමත් සීයලා.....

හා..හා..කට ප්‍රවේසමෙන් ....මැරිලා ඉන්න හැත්තටත් කන් ඇති....

පව්...අප්පා...පොඩි බේබි පව්.....පොඩි බේබි විතරයි කදුලක් හරි හලන්න ඉන්නෙ....අනිත් උන් නම්....

මහෙ ඇස් වලින් වැටෙන කදුලු නාස් පොල්ල දිගේ ඇවිදින් උදලු බදට වැටුනා.....

ඇයි මැනිකෙ උඹ එල්ලුනේ...???

මම මගෙ හිතින් මාව නොදන්න අහිංසගෙන් ඇයි එල්ලුනෙ ඇහුවා...අනේ උඹට යාගන්න බැරි උනාද....නැත්තන් මට කියපන්....උඹව උන් මරල එල්ලුවද.....

කියපන්....අනේ කියපන් සාරාන්‍යා ....අනේ කියපන් අහිංසා...මට කියපන්...උඹම කියපන්....බඩ් දරු වෙලා පිට පිටම මරෙන්න උඹ මොකක්ද කරපු පාප කරුමෙ කියලා ....එක පාරකුත් උඹ මගෙ ඇස් පනාපිටම මැරිලා ගියා.....අනිත් පාර උඹගෙ වල මගෙ අත්වලින් කපන්න උනා....

ඇත්ත කියපන් අහිංසා...උඹව මෙ පාරත් ඒකි මරාගත්තා නේද...බඩ දරුයි කියල දැනගත්තු ගමන් ඒකි උඹව මරාගත්තා නේද.....ඒක එහෙමයි නම්.....මම උඹට පොරොන්දු වෙන්නම්...උඹව මරාගත්තු හැම එකාම දවසක මේ කැරකොප්පුවේ ...උඹගෙ සුදු මල්ලිගෙ අතින්ම වල් කප්පවලා වලදම්මන්නම්...උන් ඒ කාලෙත් දුන්නෙ ගින්දර ...මේ කාලෙත් දුන්නෙ ගින්දර ...එහෙව් එකේ...මම මෙහෙම වස් ඉල්ලන එක අසාදාරන නෑනේද අහිංසා....අනේ....මට උඹව අරන් යන්න තිබුනා දෙයියනේ.....

මට උඹව අරන් දුවන්න තිබුනා...ගුටි කන්න බලන් හරි මට උඹව අරන් යන්න තිබුනා අහිංසා....

වයසක උන්දලා එක උදලු පාරක් ගහනකොට මම උදලු පාරවත් තුන හතරක් ගැහුවා.....

.ඊයෙ මුලු නුවරම හෝදන් වැහි වැස්සෙ ඒකිගෙ මලකද වලලන්න පස බුරුල් වෙන්න කියලා දන්නවා නම්...අනේමන් වැස්ස වලාහක දෙයියන්ට කියනවා එපා ආයමත් මේ නුවරට වැහි බින්දුවක් වට්ටන්න කියලා ...

මගෙ ඇස් වලින් වැටෙන කදුලු එක්ක කාලෙකදි මගෙ දරුවගෙ අම්ම උන....අද මගෙ නිතේශ් ගෙ අක්කා උන අහිංසා මැනිකෙගෙ වලකැපෙනකොට නිතේශ්ගෙ කාර් එක ගේට්ටු පියනකුත් මහ හයියෙන් හප්පන් යන්න ගියා....

පොඩි බේබි නේද??

ම්ම්ම්...දහම් මහත්තයා කියන්න ඇති යන්නයි කියලා .....පොඩි බේබිටත් ඔය වලව්වෙ අම්මන්ඩිලාගෙන් ඔලුවක් උස්සන්න බැරි තරම් කරදරලු....කොච්චර මිනිස්සු ඔලුව නමන් උන්නත්....ඒ කිල්ලෝටවලත් හුනු තමයි...

මම අහන් උන්නා බුලත් චප්පයක් කටේ ගහන් උන්න වයසක උන්දා කියවනකොට එයාගෙ කාර් එක ගියපු වේගෙට එයත් මොකක් හරි කරගනී කියන බය මගෙ ඔලුවම විකාර කරනකොට ජිවිතේ මගෙ ලගින්ම උන්න බැදීම් දෙකක්...ආය ආයමත් මට වේදනා දෙනගමන් උන්නා ....

චස්.....

මට තවත් නම් කොටන්න බෑ...මගෙ ඔලුව විකාර වෙන්න එනවා....එයා එහෙන් කඩාගන ගියා...ඊයෙ දවල් අර කෙල්ල ඇඩුවා...තියන මගුල් මදිවට එයත් ගිහින් මොකක් හරි කරගත්තොත් ....

මගෙ අතින් උදැල්ල අතෑරෙනකොට මම් දිව්වා.....

උඹගෙ හිත හයිය නෑ මගෙ අග්නී...මනුස්ස ආත්මයක් ප්‍රාර්තනා කරපු උඹට හයිය හිතක් ඉල්ලන්න හොද අම්මෙක් ඉල්ලන්න....කාටත් කලින් මාවම හොයාගන්න ඉල්ලන්න අමතක වෙලා මගෙ අග්නි ... ...

කකුල් වල මඩ....සිනිදු අත්වල පොක්කලම් ....එයාගෙ මරනයේ වේදනාව හිත ඇතුලෙ තෙරපෙනකොට මම කොහොම ඩ්‍රයිව් කෙරුවද කියන්න මං වත් නොදන්නකොට පාරෙ එක තැනක සෙනග පිරිලා උනා....

1715...

අංක තහඩුව ....

1715 කියන්නෙ නිතේශ් ගෙ කාර් එක....

එයා කාර් එක හප්පන්...

ගෙදරින් ආව ඒමට මට එයා මොකක් හරිම කර ගනී කර ගනී කියලා හිතුන සිතුවිල්ල යතාර්තයක් වෙලා තිබුනා....

නිතේශ් ....නිතේශ් ...නිතේශ් ....

මම කෑ ගැහුවා...එයා ඇතුලෙ ඉන්නවා...මිනිස්සු වට වෙලා ශටර් ර්කට ගහනවා..එයා උන්නෙ ඖව ස්ටියරින් වීල් එකට ගහන් වෙනකොට මට බය හිතුනා වගේම මම එයාගෙ ශටර් එක කුඩු කරන්න ගල් බාගයක් අරන් එනකොටම එයා ආපහු කෙලින් උන වගෙම එයා හොදින් උන්නා...

එයා ඉන්නෙ හොද සිහියෙන් නෙවෙ....එයා මාව දකින්න නැතිව ඇති.....දැක්කා උනත් පොඩියටවත් තේරුමක් නැතිව ඇති...මම පැත්තට උනා සෑහෙන්න වෙලාවක් උන්න එයා ආපහු කාර් එක අරන් යන්න යනකොට මම එයාගෙ පස්සෙම්ම ගියා...එයාව මගෑරගන්නෙ නැතිවම ගියා....

මට වේදනාවයි...හැම දේම දැනගන නොදැන ඉන්නවා වගේ එයා ගාව ඉන්න් එක පුදුමාකාර තරන් වේදනාවයි...මටත් එයාට වගේ හැම දේම ඉක්මනටම අමතක වෙලා යනවා නම්....අනේ....ඉක්මනට මටත් හැම දේම අමතක වෙනවා නම්....

මම සිය පාරකට වඩා ඒක කියෙව්වා .....

එයා ඩ්‍රයිව් කරන්නෙ හිමීට...

එයාගෙ පස්ස පාරේ...එයාව රැකගන ආව මට කියන්න බැරි තරම් තෙහෙට්ටු ගතියක් දැනෙනකොට එයා හැන්දෑව පෝරුවෙ එයයි මමයි ආයමත් කොලොම්තොටට ආවා ...

.එයා එයාගෙ ගේ ගාවින් නවතිනකොට මම මගෙ ගෙදරට ආවා...

ටස්........

හතර වෙනි බියර් කෑන් එක...

මම උන්නෙ බැල්කනියෙ ...කට්ට අන්දකාරෙ .....එයාගෙ ගේ දිහා බලාගන.....එයත්....සමහර විට මම වගේම බැල්කනි එකට වෙලා පායපු හද දිහා බලාගම හූල්ලගන ඇති.....

හද පායලා.....සැරින් සැරේම වලාකුලු ඇවිදින් හද වහගන යනකොට අහිංසගෙ....සාරන්‍යගෙ මිනිවල කපපු අත් දෙක් දිහා මම සියවතාවක් විතර බැලුවා....

ඇයිමට උඹව බේරගන්න බැරි උනේ....

ඌටත් උඹව බේරගන්න බැරි උනා....

මටත් උඹව බේරගන්න බැරි උනා...ළඟ ඉදලත්....අපි දෙන්නටම උඹව බේරගන්න ඉඩක් නැති වෙන්න උඹ මොන පවක්ද කෙරුවෙ සාරන්‍යා??

මම බිත්තියට ඔලුව හේත්තු කරන් ඔහේ බලන් උන්නා...

ලයන් බියර් එකෙ තිත්ත රස උගුර හෝඩ්ගනගන යනකොට ඈශ්ට්‍රේ එක සිගරට් දුමෙන් පිරිලා තිබුනා.....හෙට සදුදා.....

මම හෙට එයාව බලන්න යනවා...

දෙයියනේ...මගෙ හිතේ මෙලෝපන් සතුටක් නෑ.... .

උඩපැනලා නටන්න ඕන තැන මගෙ හැගීම් ඔක්කෝම මැරිලා ගිහිල්ලා.....

මගෙ ඇගිලි සියපාරක් විතර ශෙනෝන්ගෙ නම්බර් එක ඩයල් කෙරුවා උනත්.....ආය මොකටද කියලා හිතපු මම කෙරුවෙ ඔහේ උන්න එක වෙනකොට එයා මොනවම හරි දාලා ඇති කියන සිතුවිල්ල එක්ක මම නිතේශ් දිසානායක කියන එකවුන්ට් එකට ගියා....

මම හරි.....එයා ඵොටෝ එකක් දාලා.. හැබැයි එයාගෙ නෙවෙ.....එයා දාල තියෙන්නෙ මගෙ ඇස් පනාපිට තියන පායපු හදේ ඵොටෝ එකක්....

කවුරුත් නැතිව,.

උඹම උඹේ හිත සනසා ගත් දිනට

ඒ හිතම ඒ හේතුවටම

කිසි දින නැවත

නොවැටෙනු ඇත....

මම ඒ වචන දිහා බලන් උන්නා....ඒ අකුරු දිහා බලන් උන්නා...අවසානෙදි පායපු හද දිහා බලන් ඉදලා පුලුවන් නම්.....උඹට මාවත් මට උඹවත්....අපිට අපිවම ඉක්මනට මුනගස්සන්න කියන ගමං වැඩිය බොන්න බැරි මම අවසානෙදි බිත්ති අල්ලන් වැනි වැනිම කාමරේට ගිහින් ඇදට වැටෙනවා වෙනුවට බිම වැටිලා ඇස් පියා ගත්තා .....

බ්‍ර්........බ්‍ර...ර්...

ම්ම්....හ්

බ්‍ර.....ර්........

මොන...හු.....

මම තවමත් ඉන්නෙ බිම...සාක්කුවෙ තිබුන ඵෝන් එක කකුලට වගේම බිමට තද වෙලා කකුලම දෙදරවනකොට මම ඇස් ඇරියා.....

නලින්.....

ඵෝන් එකේ තිබුන නම පෙනුනෙත් බොද වෙලා වෙනකොට නලින් අනිවාර්යයෙන්ම ඉන්නව ඇත්තෙ මගෙ ගේ ඉස්සරහා වෙන්න ඇතිබව දන්න මම නලින්ට එන්න කියලා ආපිට ඇස් පියා ගත්තා...

ඉර පායලා ඇති....

ටයිල් එකේ සීතල ඇගට දැනුනත් බීපුවල මතේ ඔලුවට ගහනකොට බොන්න බැරි බව දැන දැන බීපු මම මටම සාපකරගත්තා .....රැයෙන් බාගයක් හීන අස්සෙ පොරකෑවෙ සාරාන්‍යා වගේම අහිංසා වෙනකොට පාන්දර ජාමෙක දැකපු හීනෙත් එක්ක මගෙ ඔලුවම පුපුරලා යනතරම් කැක්කුම් කෙරුවා .....

මිස්ටර් විතේන් .....

ටක්...ටක්...ටක්....ටක්.....

ගෑනු අඩි සපත්තු සද්දයක් වගේම නලින්ගෙ කට හඩ.....

මිස්ටර් විතේන් ...

.....

මිස්ටර් විතේන් ....ඇයි මේ...මිස්ටර් විතේන් .....දුව...දුව....දරුවො....

මැරිලා නෑ.....!!

මි...ස්ට....ර්

පුලුවන් නම් දෙහි එකක් හදන්න....

කාමරේට ආව නලින් බිමනිදාගන උන්න මාව දැකලා මැරෙන්න හදනකොට මම නැගිට්ටා...නැගිටලා ඉක්මනට කෙල්ල් එන්න කලින් ඇද අල්ලන් හිටගත්තා ....

ඔලුව පුපුරන්න තරන් කැක්කුන් කරනකොට වමනෙ යන්න ඔන්න මෙන්න උන්න මම දෙහි එකක් හදන්න කියාගන බාතෲම් එකට දිව්වා .....

ෆුල් සූට් අදින්න බෑ...මට අමාරුයි ..ඔලුවට නිවනක් නෑ..ඔලුව උස්සන් ඉන්න බෑ.....ආය නම් බොන්නෙ නෑ ශිහ් ...හිතේ අමාරුවට බොනවා තමයි ...

ඔලුව පිහ පිහ ආව මම සාමාන්‍ය ඇදුමක් ඇන්දා.....ඒකත් තනි කලු...මලගෙයක් බව දැන දැන මාඅ කොහොමද පාට අදින්නෙ.....

එයා නැති වෙලා කියලා දැන දැන මම කොහොමද පාට අදින්නෙ....මිනියට කරගහන්න මට අයිතියක් නැත්තටම නැති උනත්....අවසානාවට මටම මිනිවල කපන්න උන බව මතක් වෙනකොට මම කොහොමද පාට අදින්නෙ....

මිස්ටර් විතේන් ....

තැන්කිව් ආන්‍යා.....අප්පච්චි ගියාද??

මම එලියට එනවත් එක්කම ආවෙ ආන්‍යා....කොච්චර කොහොම කඩප්පුලි කතා කිව්වා උනත් මගෙන් කවදාවත් කාටත් නියපොතු තුඩකවත් බලහත්ලාර කමක් නොවෙන බව දන්න නලින් කෙල්ලව දාලා යන්න ගිහින් තියනකොට මම කෙල්ල දුන්න දෙහි එක බිව්වා...

මිස්ටර් විතේන්

විතේන් කියන්න ඒ ඇති....

ඒ..එව්ත්...අප්...

අප්පච්චි නෙ ඒ.....

....ම්ම්.....දැන්...මම මොකක්ද කරන්න ඕනේ

වැඩි දෙයක් නෑ..මගෙ අක්කා වගේ රගපාන්න වැඩිය කතා බතා ඕන් නෑ..ගියාඔය මූනට උලන මොනවා හරි උලන් එන්න...මං ඔයාව ගන්න එන්නම්....එ ඇරෙන්න ලොකු දෙයක් නෑ...

මම කෙල්ල හදපු දෙහි එකෙ අවසානම උගුරත් බීලා එයාව එක්කන් පහලට ආවා...

මොනා උනත් මේකි ලස්සනයි....අර නිතේශයගෙ මගුල වගේ නෙවෙ...

මම ඉස්සරහා ශීට් එකෙ උන්න නලියගෙ බෝනික්කෙක් වගේ දුව දිහා බලලා හෙමින් සැරේ ඩ්‍රයිව් කරන්න ගත්තා...

ආන්‍යා.....

මම කාර් එකෙන් බැස්සා .....

එයත් බැස්සා ...හැබැයි බහින්න කලින්ම මම දැක්ක එයා ජනේලෙ ගාවට වෙලා ඔහේ බලන් ඉන්නවා.....ඒත් මට හිනා වෙන්න වත්....ඇතුලට යන්නවත් හිතක් නැති වෙනකොට කියන්න ඕන ටික කියපු මම අනිත් අතට එන්න ආවා...

මගෙ හිතට හරි නෑ....

ඔලුවට හරි නෑ....ඇගට හරි නෑ.....

ආන්‍යව සැලෝන් එකෙන් දාපු මම ඔෆිස් වත් නොයා නලින්ට කෝල් එකක්දාලා ගෙදර ආවා...පැයකින් දෙකකින් යනවා....

*

*

*

*

අප්පච්චි එක්ක ඔයා යන්න...මං තව ටිකෙන් එන්නම්.....

.

හරියටම පැය දෙකහාමාරකට පස්සෙ මට ආන්‍යගෙන් කෝල් එකක් එනකොට මම උන්නෙ අහිංසගෙ රූපෙන් හිත කඩාගන....

මට නිතේශ්ගෙ වේදනාව දැනෙනවා...මම අහිංසා මොකාද කියල දැන දැන දුක් උනාට...නිතේශ් ඒ කව්ද නොදන්නවා උනත්...ඒ ඉන්නෙ පොඩිකාලෙ ඉදම්ම එකට හැදුන අක්කා වෙනකොට කොහොම හිත හදාගන්නද???

උඹටයි මටයි වේදනාව කියන එක නම් අඩුවක් නැතුවම දෙයියො මේ ආත්මෙත් බෙදල දීලා තියනවා මගෙ තේශී.....

කාර් එකෙ යතුර අතට ගත්තු මම අවුල් උන කොන්ඩෙත් හදාගන සැලෝන් එකට ආවා වගේම මම එන ඉස්සරහටම හම්බ උනේ ශෙනෝන්ව.....

කොහෙද එයා...

ඇතුලෙ.....

ම්ම්ම්.....

විතේන්

කියන්න ....

මොකක් හරි අවුලකින්ද?

මම සතුටින් ඉන්නවා.වගේ පේනවද ශෙනෝන්.....??

.....

තනියම මතක එක්ක දුක් විදින එක වේදනාවක්.....උඹ මම මේ මොකුත් නොදන්න ගානට ඉන්නවා....උඹට අවුලක් නෑ....උඹගෙ එක් ඉන්න හන්දා.....ඒත්...අඩුම ගානෙ මට මෙකවත් කියපන්.....උක්කුවා කොහොමදමාව බේරන්න ඇවිදින් මැරුනෙ....??

හිතේ කැලතෙන තවත් ප්‍රශ්නයක් ආපිට මතකෙට එනකොට මම උක්කුව මැරුනෙ කොහොමද අහනකොට එයා බිම බලාගත්තා ....

ශෙනෝන් ...මට කියපන්...මට කියපන්....මගෙ ඔලුවට තව තව ප්‍රශ්න ඉතුරු කරල මාව මේ පාරත් පිස්සෙක් නොකර කියපන්....

එයා මගෙ මූන දිහා බැලුවා.....

එකක්...අලිහොඩේ වැදිලා..දෙවනි එක....උඹ දැක්කා වගේම වාහනේකට යට වෙලා...ආය ආය අහන්න එපා....ඌ මගෙ ගාව ඉන්නවා....මං ඌට දරුවෙක්ට වගේ ආදරේ කරන්නෙ.....වෙනමොකටවත් නෙවෙ...ඌ මැරිලා ගියෙ උඹටත් වඩා නොසෑහෙන්න පොඩි වයසෙන්...මට ඒ දෙපාරම ඌව බලාගන්න බැරි උනා....

ශෙනෝන්.....ම....

එයා කාමරේ ඇති.....යන්න.....

අලි හොඩේ වැදිලා...අනික වාහනේකට .ඒකියන්නෙ...උක්කුවා දෙපාරක් මැරිලද.....??

සෙනෝන්.....

ඕ බබී....

මුරුක්කුවක් වත් කන්න කීයක් හරි දෙන්නකො.....මෙ ලමයට බඩගින්නක් ඇවිල්ලනෙ....

මම හැරිලා බැලුවා...ඇත්ත ...ශෙනෝන් ඌට සලකන්නෙ දරුවෙක්ට වගේ ...

පැටලුන තැන් ලෙහිගන යනකොට ....ඊටත් වඩා පපුවට බරයි....

මම එහෙම්ම එයාගෙ කැබින් එක ගාවට ගියා...ගිහින් තට්ටු කෙරුවා ...

එයාගෙන් සද්දයක් නෑ.....මම හිමිටම දොර ඇරියා.....

සිගරට් ගදයි.....මුලු කැබින් එකම සිගරට් ගදයි...එයා ඔලුව ගහන් ඇගිලි අස්සෙ හිර උන සිගරට් එක ඔහේ ඇවිලෙනවා...මං ගිහින් එයා ගාවින් ඉදගත්තා ....

ඒත් එයාට ගානක් උනේ නෑ...අම්න් හීමීටම ඇගිලි පුරුක් අස්සෙ තිබුන සිගරට් එක ඇදලා අරගත්තා....

ශෙනෝන් මිස් ආන්‍යා ගියාද....

ම්න්...

මං හිතුව් හරි ....එයාට ගානක් නෑ....

මං උඩට යන්නම් මේක බලාගන්නවද

ම්න්...

එයාගෙ සිගරට් එකෙන් දුම් උගුරක් ඇදපු මම ම්න්.ම්න් ගහා උත්තර දෙනකොට එයා ඔලුව උස්සලා බැලුවා වගේම ඒ ඇස් ගැස්සිලා යනවා මම හොදටම දැක්කා....

මිස්ටර් විතේන්...

දුම් බීම පිලිකා ඇතිකරයි...

මම මගෙ සාක්කුවෙ තිබුන chewingum බොක්ස් එක එයාගෙ පැත්තට දික් කෙරුවා ...ඒකෙන් එකක් අඑඅන්කටේ දාගත්තු එයා මගෙ මූන දිහ බලන් උන්නා....එක තත්පරයක් නෙවෙ...තතොඅර දෙක තුනක්ම....

අනේ එයාට මාව මතක් වෙනවා නම්...

අග්නී...මම උඹගෙ කොට මගුල මගෙ අග්නී....

එයාට නොදැනෙන්න එයාව වීඩියෝ කරන ගමං උන්න මම ,මම එයාගෙ කොට.මගුල කියලා හිතින් කියන ගමං නිතේශ් වෙලා උන්න එයාට කතා කෙරුවා

ඉතින් මිස්ටර් නිතේශ් ....මං ලස්සනද?

S...sorry .....

මම ඇහුවෙ මම ලස්සනද කියලා...මොකද ඔයා මා දිහා බකන් ඉන්නවා මම දැක්කා....

මං හිතන්නෙ මිස්ටර් විතේන් ඔයාට වැරදීමක්...මං ඔයා දිහා බලන් උන්නෙ නෑ....

කොච්චර කොහොම උනත් යකා කියන්නෙ යකාමයි...මගෙ හිත හිනා උනා ගස් ගල් ගානෙ ඉදන් මා දිහා බලන් උන්න විදිහටම බකන් උන්න එයා අදත් මා දිහ බලන් ඉදලා බල්න් උන්නෙ නෑ කියනකොට මම එයාට ඒක ඔප්පු කරන්න මගෙ ඵෝන් එක දික් කරනකොට එයාට කට උත්තර නැති උනත්...මගෙ අග්නියා බිබික්කම වගේ මා එක්ක රන්ඩු වෙන්න ගත්තා ...

උඹ දන්නවා නම්...මේ මමයි කියලා ..උඹ මාව ඉඹලා මරල මගෙ අග්නි....

එතනින් පස්සෙ අපි දෙන්නම කෙරුවෙ කියවන එක....එයා මාව නොදැන එකට එක කිව්වත්....මම එයා මගෙ කව්ද කියන.එක දැන දැන කියෙව්වා ....ඒත්...අවසානෙදි මගෙ බිදුන හිත ටික ටික හැදීගන එනවත් එක්කම මගෙ මේකප් ආර්ටිස් මට ඕඔනම වෙලාවෙ පොල්ලක් තිබ්බා කියන පනිවිඩේ එනකොට මට අග්නිව වැහෙන්න ගත්තා...පොඩ්ඩ බැරිවෙනකොට කදුලු පෙරන ශිවන් වෙනුවට ආයම ඉපදුන විතේන් කියන්නෙම උද්දච්ච්යෙක් වෙනකොට ඕන කියන දේ කරගන මිසක් පස්ස නොබලනකොට ආදරේ තත්පර ගානකට පැත්තකින් තියලා මම නිතේශ්ට මගෙ මේකප් ආර්ටීස් වෙන්න බල කෙරුවා ...

ඕන තරන් සල්ලි විසිකරන්නම් කිව්වා....ඒත් එයා නෙවෙ කැමතිඋනේ...ඒ ත් මමත් නෙවෙ අතාරින්න කැමති උනේ...

එයා සැරින් සැරෙම කිව්වෙ සල්ලි වලට හැම දේම කරන්න බැහැ කියලා වෙනකොට මම කිව්වා සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැයි කියලා .....

එයාගෙ මගෙ කටින් කට යන එක කොයි තරම් දුරට ගියාද කියනවා නම් මම ඊලග පාර නැවතුනෙ spring and summer එක ඇතුලෙ වෙද්දි සල්ලිවලට සතුට ගන්න බෑ නෙවෙ සමහර තැන්වලදි පුලුවන් කියලා ඔප්පු කරන්න මං එයාගෙ අතට පොඩි දරුවෙක්ට හරියන ඇදුම් තෝර තෝර ගොඩ ගැහුවා ....

උඹ නොදන්නවා උනාට...උඹට මතක නැති උනාට .....අපිටත් පුතෙක් උන්නා මගෙ අග්නි ....සමහර තැන්වලදි උඹ කිව්වා වගෙ සතුට ගන්න බෑ අනේ ඒත් ප්‍රාර්තනා කරපන්...අදහන්න බැරි ලෝකෙක උනත්...මොන නින්දාවක් උහුලන්න බලන් හරි මට ආයම මගෙ කොල්ලව ලැබෙන්නයි කියලා ....

මිස්ටර් විතේන්.....

පුංචි ඒකෙක්ගෙ ඇගට හරියන ඇදුම් ගත්තු මං පාරෙ උන්න හිගන පැටියෙක් ගාවට ගිහින් ඒ ගත්තු හැම ඇදුමම අරන් එයාගෙ අතට තියනකොට විතේන් බලන් උන්නා...ඒ විතරක් නෙවෙ ....මං එයාට තේශි නොකියම තවත් නමක් පටබැන්දා ....

"සුදු අප්පො...."

ගල්වලෙ ගල්බන්ඩගෙ පුතාට හම්බුන වලව්කාරයා සුදු අප්පොගෙ නම එයාට පටබැදපු මං සතුට සමහර තැන්වලදි සල්ලිවලට ගන්න පුලුවන් කියන එක තේරුම් කරනකොටම එයාට කෝල් එකක් ආවා...

හැබැයි එතනින් පස්සෙ උනෙ මටවත් දරාගන්න බැරි දෙයක් ....

ආව කෝල් එක මොකීගෙන් උනත් එයා මගෙඇස් පනාපිට පපුව අල්ලන් බිම වැටෙනකොට මාව කරකවලා අතෑරියා වගෙ උනා...

හයියෙන් හයියෙන් හුස්ම අල්ලන මගෙ නිතේශ් ...හයියෙන් හයියෙන් හුස්ම අල්ලන මගෙ සුදු අප්පො....

හයියෙන් හයියෙන් හුස්ම අල්ලන මගෙ අග්නි....

මාව උස්සලම පොලවෙ ගහනකොට අග්නි නෙවෙ බව නොදැන උනත් පිස්සුවෙන් වගේ ආදරේ කරපු අදීශ් ගෙ මූන මට මැවි මැවි පේනකොට එයාව උස්සන් සැලෝන් එකට දුවපු මං පිස්සෙක් වගේ කෑ ගැහුවා ....

අදීශ් ...

අදීශ් ..

අනේ හුස්ම ගනින්....

මං ඉන්නවා ....

මං ඉන්නවා ගගා කෑ ගැහුවා . ....

මම බය් උනා...එකම දේ ආය ආයම වෙයි කියලා මම නොසෑහෙන්න බය උනා....ශෙනෝන් ඩියෝන් විතරක් නෙවෙ එයා පවා බය වෙලා ඉන්නකොට මං පපුව අත ගගා...පපුව තද කර කර කෑ ගැහුවා ....

අදීශ් ...අදී.....ශ්...අනේ....හ්...අදීශ් .....අදීශ් . ..හුස්ම ගනින්....මගෙ....අදීශ් .....

විතේන් .....විතේන් .....මැනිකෙ...විතේන් ...

අ...අ...අදී....තේ...තේශි.....ක්ක්..කෝ...කෝ...ඒක.....

මොකක්ද .....මොකක්ද...විතේන් ...විතේන් ...

ක්ක්..කෝ....උඹගෙ ඉන්හේලර් ...එක ...අනේ කෝ.....අනේ කෝ දෙයියනෙ...අනේ...අනෙ සුදු අප්පො...හුස්ම ගනින්කො...අනෙ....

විතේන් . ...විතේන් ....ඇයි මෙ....ඇයි ..ඇයි මේ....මං හොදින්....මං හොදින්නෙ.....උඹ හීනයක් දැකලනෙ....අනෙ උඹ හීනෙන් බය වෙලා මැනිකෙ...

ත්‍....ත්....තේශී....

මං උන්නෙ ආයම වර්තමානෙ...වෙච්ච කෙරිච්ච හැමදේම මතක තිබුන මට...එයා මට ආදරේ කරනවත් එක්කම හැම දේම සම්පූරනම අමතකම වෙලා ගියා වගේම නොසෑහෙන්න දුක් විදලා අවසානෙදි මම සදහටම එයාගෙම උනයින් පස්සෙ.....ඒම නරකහීනෙ ආයම පාරක් දැකපු මං ගැස්සිලා ඇහැරුනා...

එදා එයාගෙන් මං දැක්කෙ අදීශ්ව උනත් මන් බේරගන්න හැදුවෙ එයාව ...

මැනිකේ.....

මං උන්නෙ ගල්ගැහිලා .....එයාගෙ උකුල උඩ ....අඩ අන්දකාර උන කාමරෙ කනාමැදිරි එලියක් තරම් එලියක් ටේබල් ලෑම්ප් එකෙන් එනකොට මං ඇද මැද උන්න ළමයි දෙන්නා දිහා බැලුවා ....

මගේ ගාව නිදියපු කෙල්ල නින්දෙනුත් කට උල්කරනකොට පන්ඩිත කතා කියන එයාගෙ පන වෙච්ච කොල්ල ගාව මගෙ ඇස් නැවතුනා ..කකුලෙ උපන්ලපයක් ....හරියටම මගෙපිට මැද තියන පාර වගේම පාරක් ....

නිතේශ් .....

මගෙ ඔලුවම පුපුරන්න තරම් කැක්කුම් කෙරුවා ...දැකපු හීන අමතක මතක...ආය ආයම උඩ මතුවෙන්න පොරකනකොට මං ඇහෙන නෑහෙන ගානට එයාට කතා කරනකොට එයා ඇයි නාහා මගෙ මූන බැලුවා ..

මට .. වෙලාවයි....දවසයි....කියපන්...මගෙ....සුදු අප්පො .

ඇස් වලට උනපු කදුලු දැකලා බය උන එයා ඉක්මනටම ඵෝන් එක අතට ගත්තා ...

පහයි කාලයි ..අද බදාදා දවසක් ....ඇයි මැනිකෙ.....

මට ඉකිගගලා ඇඩුනා....ළමයි දෙන්නා ඇහැරෙයි කියන බයටමද කොහෙද එයා මාවත් වඩාගන සාලෙ සෝෆාවට ඇවිදින් ඇයි ඇයි අහනකොට මන් එයාට ගැහුවා . ...

උඹ මාව දාල ගගේ පැන්නා නිතේශ් ....මම උඹව හොයා ගත්තා ....උඹ කිව්වා වගේම මං උඹව හොයා ගත්තා ....ඇයි...ඇයි කියපන් ....මාව අමතක ...

අනෙ ඇයි උඹට මාව අමතක...

මටම විතරක් පරන මතක වද දෙන්නෙ..ඇයි....උඹට මාව තාමත් අමතක ....ඇයි...ඇයි කියපන්.....මේ පාර උඹව හොයාගන එන්න කියපු මාව තාම අමතක ...අනෙ ...ඇයි කියපන්කෝ...

මන් එයාගෙ නිරුවත් පපුවට පුලුවන් තරම් ගගලා ගගලා අවසානෙදි එයාව තල්ලු කරලා දැම්මා.....

පහයි කාල ..මගෙ ජීවිතේ මූසලම වෙලාව....හරියටම බැලුවොත්...පහයි කාල කියන්නෙ....හුගාක් දේවල් නැති උන වෙලාවක්....හුගාක් දේවල් ඇති උන වෙලාවක් ...මගෙ කොල්ලා හම්බුනේ පහයි කාලට.....මාව එයාව අතටම අහු උනේ පහයි කාලට.....රන්මලියා මැරිලා ගියේ පහයි කාලට.....අනීතා හුස්ම ඇරියෙ...කුවන්නා කොඩිවින කෙරුවෙ....මේ හැම දේම උනේ පහයි කාලට වෙනකොට අමතක මතක ආයමත් ගොඩ දැම්මෙත් පහයි කාලට වෙද්දි තාමත් එයා අග්නි කියන එක අමතක එයාට අවසානම මොහොතෙ හරි මතකෙ එනකන් මං එකින් එක කිය කිය ගගහා ඇඩුවා .....

මට....මෙහෙම....කරන්නෙ...ඇයි.....ඇයි....උඹට....තාම...අමතක ....ඇයි....අනේ....ඇයි....කියපන්කෝ.....මට වේදනයි ..මට මහන්සී ...

මං උඹව හොයා ගත්තනේ...

..

විතේ....න්...

මං ඇදන් උන්න නයිට් රොබ් එක උරහිස් වලින් පැන්නුවා .....මට ඉතුරු එකම දෙයයි.....මගෙ පිට මැදම තියන එයා ගහපු පාර විතරක් වෙනකොට මං පිටිප්පස්ස හැරුනා ....

උඹගෙ වචනෙට පිටින් යන..කොච්චර වත් මුරන්ඩු කම් කරන ....උඹගෙන් මැරෙන්න තරම් ගුටි කන මාව....අමතකද...තේශී.....

කල්පයක් පුරාවටම ආදරෙ දුන්න හැම ආත්මෙකම උඹගෙම වෙන්න ප්‍රාර්තනා කරපු....උමතුවෙන් ආදරෙ කරපු .....මාව අමතකද ....තේ ..ශී....

...මාව හොයාගනින්....මැනිකෙ....ක්..කියලා .....

.."ඇති..."

.

..

මන් උන්නෙ ඉකි ගගහා වෙනකොට එයාගෙ ඇගිලි තුඩු හැමදාම දැකපු කෝටු පාර උඩ වෙනස්ම විදිහකට ගියා වගේම අවසානම තත්පරේදි ඇතියි කියනකොට මං ඒ මූන දිහා හැරිලා බැලුවා ... එ ඇස් රතුම රතු වෙලා...

ගින්දර හා සමාන කදුලු කැට පේලියක් ඒ ඇස් වලින් කඩන් වැටෙනවත් එක්කම අග්නි මං උඹගෙ ශිවන් කියලා මිමිනුවා ...ඒ එක්කම එයා මාව ඇදලා අරන් කිටි කිටියට තද කරගත්තා ....

කල්පයක් පුරාවටම උඹට ආදරේ කරන මං උඹගෙ ශිවන් අග්නී .....

"මගෙ කොට මගුල.....මං උඹට මැරෙන්න තරම් ආදරෙයි "

..

..

..

👉👈🥺

More Chapters