Ficool

Chapter 89 - 89EXTRA (BOL)

මම බලන් උන්නා.....අනේ එයා කවදාවත් කඩ කෑමක් නොකාපු එකෙක් වගේ ඇටෙන් ඇටේ කන හැටි මම බලන් උන්නා...

මට ආපිට යන්න හිත දුන්නෙ නෑ.....එයා නහය කට පිහ පිහ කඩල කනවා..යෝ එක්කො වතුර එකක් ගන්න ඕනා....මේකා මහ නොදරුවෙක් වගේ.....

කාලා ඉවරයි වගේ..බලමු.....

එයා කඩල ගොට්ට කාලා ඉවර උනා.....අවසානෙදි පාර පැනලා කාර් ර්ක ගාවට ගිහින් කොලේ ගුලිකරලා සාක්කුවෙ ඔබා ගත්තා.....වෙන උන් නම් පාරට හරි විසික් කරනවා....ඒත් එයා එහෙම කෙරුවෙ නෑ.....

යන්නද කොහෙද යන්නෙ....ම්ම්ම්....නෑ....නෑ...

පොඩි එකෙක්.....පොඩි එකෙක් අතිනල්ලන් රතිඤ්ඤා විකුනන ගෑනු කෙනෙක් .....

නි....ඛි...ල්....

ළමයෙක් දකින දකින වාරයක් ගානෙම මගෙ හිතට මගෙ නිඛිල් පුදුම විදිහට වද දෙන්න ගත්තා..... ....

අනේ...නිතේශ් ....ප්‍රාර්තනා කරපන්.....මගෙ පුතා අපේ...පුතා ..ආයම අපිගාවට එන්න කියලා ...පිනක් තිබුනොත්...විස්වාස කරන්න අමාරුම ලෝකෙක් ජීවත් උනත් අනේ ප්‍රාර්තනා කරපන්...මගෙ කොල්ලව ආයම අපිට ලැබෙන්න කියලා .....

එයා අර පොඩි එකාගෙ අතගාලා ගෑනු කෙනාට මොන මොනවහරි කියලා අතට මොනවා හරි මිටමෙලෙව්වා ...

.සල්ලිද???...

වෙන්න ඇති .....

අවසානෙදි එයා ආර් එකට නැග්ගා.....

මගෙ හිතට සැනසීමක් දැනුනා....කාර් එකට නගින එයාව දැකපු මට සැනසීමක් දැනුනා...මෙතන ඉදන් අඩනවට වඩා ගෙදර යන එක හොදයි කියලා හිතුනා...ඒ උනත්...එයාට ගෙදර ගිහින් වත් සැනසීමක් තියේවිද...??? ගෙදර ගිහින් වත් පාඩුවෙ ඉන්න දේවිද....අර ගෑනි මගෙ කොල්ලගෙ ඔලුව කාවි....

.අනේ අප්පච්චි .....මගෙ නිතේශ්ව බලාගන්න අප්පච්චි ...මම මෙච්චර ඒකගෙ පස්ස පාරෙ යන්නෙ මට මේ පාර වත් ඒ අත තදින් අල්ල ගන්න ඕන හින්දනෙ.....

එයාගෙ කාර් එකට සෑහෙන දුරක් තියලා ඩ්‍රයිව් කරන් එන ගමන් මම හිතින් නානාප්‍රකාර දේවල් හිතුවා.....

එයා අවසානෙදි හැරිලා යන්න ගියා මම එතනම තිබුන සිල්ලර කඩේ ගාව නැවැත්තුවා...ඇති යාන්තන් ..ඒක ඇරලා...ඒකා කඩලකන දිහා බලන් ඉදලා මට බඩගිනී...අපරාදෙ දවල්ටත් මොනවා හරි අරන් එන්න තිබ්බෙ...ඒත් ඉතින් මම කොහෙ යන්නද මේකා හිතුන හිතුන ගමන් අඩ අඩ දුවනකොට කව්ද දන්නෙ හිතේ ආවේගෙට මොන මගුල කර ගනීද කියලා ...??

මුදලාලි මට ඔරේන්ජ් ක්‍රශ් එකකුයි.....

මම ඔරේන්ජ් ක්‍රශ් එකක් ඉල්ලුවා..මේක ඇවිත් සීනිබෝල සුවද එන පොඩි කඩයක්..මේකට ඇවිත් හයිෆයි ඒව්වා ඉල්ලන්න පුලුවන්ද ..ඊටත් දාඩිය...කන්න දේවලුත් නෑ...එකම එක පැනි ආප්පයක් තියනවා ..පැනි ආප්ප කන්න පුලුවන්ද මේ අවුකාස්ටකෙ...බෑනෙ.....මම ඇස් කැරකෙව්වා ....අර තියෙන්නෙ.....ප්‍රීමා නූඩ්ල්ස් කප්....මම එහෙම්ම නූඩ්ල්ස් කප් එකක් ගත්තා.....එකක් මදි .දෙකක් වැඩීයි ඕකනෙ කරන්න්න බැරි .....

මම ටොනික් බෝතල් එකක් අරන් එහෙම්ම කඩේ ලෑලි බංකුවෙ ඉදගත්තා..මෙතනටත් වලව්ව පේනවා.....ළඟ ලගටම නෙවෙ....ඈතට පේනවා.ඒක කන්ද උඩ හන්දම සුදුපාට වලව්ව පේනවා....

මම බටේ හපාගන උගුරෙබ් උගුර ඉහලට ඇද ඇද ඵෝන් එක ඔබන්න ගත්තා වෙලහට නලියා ගිලිනවා ඇති ගම්වල මිනිස්සුනෙ ...උන්ගෙ කෑම මෙසේ අනිවාර්යයෙන්ම ගමෙ ගොඩේ කෑම ඇති පොෂ් කෑම වගේ නෙවෙ අප්පා...මැටි ඇතිලිවල උයන එව්වා.....අම්මා තමා කියන්නෙ අප්පච්චි වහ වැටුනෙත් දහන් අප්පච්චි ගෙ කෑමවලටලු ..අප්පච්චිට පුලුවන් උනාට පුතාට පොල් අඩලයක් ගාගන්න බෑ....

මම ඵෝන් එක ඔබ ඔබ ඔහේ උන්නා...එයා ආයම එන එකක් නෑ..දැන් ගිහින් නිදියාව්...

ම්ම්..මුදලා..ලි.....

සුඩ්බු මැනිකෙ ...මොකද අප්පා මේ දාඩිය පෙරාගන හති හලාගන 

ඩ්ඩ් ..ඩ...ඩයලොග් ක්ක්..කාර්ඩ් තියනවද.....

මම උන්නෙ බිම බලාගන බීම එක උර උර වෙනකොට කවුරු හරි ගෑනු කෙනෙකෙ හති දදා කතා කෙරුවා වගේම මම ඔලුව උස්සලා බැලුවා...

දෙයියනෙ මෙ අර කෙල්ලනෙ .. .වමඑ කර කර උන්නෙ.....මම දැනුයි හරියටම ලගටම දැක්කෙ...

පොකුටු කොන්ඩෙ... නල දත....

කෙල්ලට දාඩිය දාල...කෙල්ලට හොදටෝම දාඩිය දාලා විතරක් නෙවෙ හතිත් දානවා....වමනෙ කරන්න ඇත්තෙ ළමයෙක් ලැබෙන්න හින්දා වෙන්න ඇති ඒත් ළමයි හම්බෙන්න ඉන්න උන් මෙහෙම දුවනවද 

මම කෙල්ලගෙ උඩ ඉදන් යටටම බැලුවා.....සෙරෙප්පු දෙකක් වත් නොදා ඇවිත් තියෙන්නෙ .. .සුදු කකුල් කිලිටි වෙලා...මම කකුල් දිහා බලන් උන්න වලලු කරට පහලින් උපන් ලපයක්....එකක නෙවෙ කකුල් දෙකේම එකම තැන හරියටම සපත්තුවට පොක්කලන් දාපුවාම තුවාල වෙන තැන....

අනේ මැනිකෙ කාර්ඩ් නෑනෙ . හච් නම් තියනවා....මොබිටෙලුත් තියනවා ඩයලොග් එන්නෙ සදුදයින් පස්සෙනෙ 

අනේ ....මං ඉවරයි දෙයියනෙ

කෙල්ලගෙ මූන අඩන්න ඔන්න මෙන්න.....එකී බය වෙලා කෙල්ල හොදටම බය වෙලා..මොන මගුලටද බයවෙලා තියෙන්නෙ. කාර්ඩ් නෑ කිව්වා විතරයි අනේ ගාපු කෙල්ල ඔලුවට අත ගහන් මං ඉවරයි දෙයියනෙ කියනකොට මම අතේ තිබුන ඵෝන් එක දිහා බැලුවා.....

....ඔයාට...ක්..කෝල් එකක් ගන්න ඕනා....නම්..ගන්න.....

කෙල්ල අතේ තිබුන ඵෝන් එක දිහා බලාගන ඉදාලා ඇදන් උන්න ඔසරිපටෙන් මුනෙ තිබුන දාඩිය පිහිදන් බයෙන් බයෙන් වගේ මම දික් කරපු ඵෝන් එක ගත්තා...අරගන එයා කඩේ එහා පැත්තට දිව්වා.....

ඇයි එයා ඔච්චර බය වෙලා ඉන්නෙ.....??

.එයා මගෙ නිතේශ් ගෙ වලව්වෙ..අනිවාර්යයෙන්ම අක්කා කෙනෙක් වෙන්න ඇති ...මට ඉන්නම බෑ අනුන්ගෙ කතා හොරෙන් අහන් ඉන්න එක හොද දෙයක් නොවුනත්....මට අහන් ඉන්නම ඕනා වෙනකොට මුදලාලිටත් හොරාවට මම හිමීන් සීරුවෙ කඩ පිලට බැස්සා.....

.

හෙ..හෙලො.....ස්..සුදු...මහත්තයා...අනේ...මම....

මම අහන් උන්න...කෙල්ල අඩනවා....පපුව අත ගගා අඩනවා.....

සුදු...මහත්තයා...අනෙ...මං ..අම්මා...අම්ම...කෙනෙක් .වෙන්න....

කෙල්ල අම්මකෙනෙක් වෙන්නලු...මම හිතපු දේ හරි...ඒත් ඉතින් අඩන්නෙ...ඇයි අඩන්නෙ...??

.මාව..මරාවි.....මාව..මරාවි....අනේ දැනගත්තිතින් මාව මරාවි දෙයියනෙ.....

මාව සීතල උනා...කෙල්ල බඩ වෙලා තියෙන්නෙ බදින්නත් කලින්....

එපා ...උඹවත් මරාවි ...අනේ එන්න එපා....එන්න නම් එපා....මරල දායි....සීයා තාත්තා වෙඩි තියාවි....

...

ස්ස් ...සුදූ ..ආවා....සුදු මල්ලි ආවා.....මට ඉන්න එකම පිහිට ඌ විතරයි ....මන දන්නවා .මං දන්නවා....එයා මාව අනිවාර්යයෙන්ම බේරනවා....මගෙ සුදු මල්ලි...මාව කවදාවත් අතාරින් නෑ....මට ඉන්න එකම එකා ...ඌ විතරයි ....

සුදු මල්ලි....අනේ කෙල්ල සුදු මල්ලි කියන්නෙ මගෙ කොල්ලට නේද...සුදු මල්ලි බේරයි කියන්නෙ නිතේශ් උදව් කරයි කියලද ඒත් ....ඒකා ඉන්නෙත් හොද සිහියෙන් නෙවෙනෙ එකා ඉන්නෙත් අවසිහියෙන්නෙ....ඉතින් එහෙම උනාම ඌ කොහොමද උදව් කරන්නෙ...

දන්නෙ නෑ .මං .මං..මං මොකක් හරි කරන්න බලන්නම්...අනේ මාව එක්කන් යන්න එන්න ..එතකන් ..වලව්වට නම් එන්න එපා ..උඹව මරාවි....රත්තරන් ...දැනගත්තොත්....

මාව විතරක් නෙවෙ...අපෙ....පැටිය.....වත්

මට කකුල් පන නැතිවෙන්න ආවා...එකිව විතරක් නෙවෙ.. .ලමයවත් මරලා දායි කියන එකයි.....වලව්වෙ ඉන්න කුවන්නවයි මතක් වෙලා මගෙ කකුල් පවා වෙව්ලන්න ආවා...ඒ ගෑනි මගෙ ගෑනිවත් මරාගත්තෙ බඩ දරුකියලා දැන දැනමයි....උන් මේ කෙල්ලව....

අනේ නිතේශ් ..මේ කෙල්ලට උදව් කරපන් නිතේශ් ...

මට හිටගන ඉන්න පන නැතිඋනා...මගෙ හිත කිව්වෙම මේ කෙල්ලව අරන් පලයන් කියලා උනත් නන්නාදුනන එකෙක් එක්ක යන්න මොකාද කැමති අනික මම මොනවා කියලා අරන් යන්නද....මම කියනන්ද....මට බයයි උඹවත් මරයි කියලා හරියටම මගෙ ගෑනිව මැරුවා වගේ කියලා ....

මම බලන් උන්නා එයා සුදු මල්ලිගගා කියෙව්වා..අනේ කෙල්ල මගෙ නිතේශ්ව නොසෑහෙන්න විස්වාස කරනවා...තේශි.....ඒ විශ්වාසෙ රැකපන් තේශි...මෙ කෙල්ල අසරන වෙලා ඉන්නෙ.....උඹත් ඉන්නෙ හිත් වේදනාවෙන්..ඒත් උඹලගෙ වලව් පැපැන්තියෙ හැටියට ....මොනවයින් මොනවා වෙයිද දන්නෙ උඹලා....නැත්තන් මේ කෙල්ල මෙහම අඩන්නෙ නෑනෙ.....

.හ්හ්..හරි.....අනේ...මාව ගන්න එන්න.....මම....සුදූට කියන්නම්...මම සුදූට කියන්නම්.....මාව කොහෙ හරි හංගන්න කියලා මම කියන්නම්...මගෙ මල්ලි මාව අතාරින් නෑ.....

කෙල බඩට අත තියන් එකම එක සියපාරක් කියවලා කියවලා අවසානෙදි කෝල් එක කට් කරලා ලොකුහුස්මක් අරන් අහස දිහා බැලුවා...හරියටම උඩ ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතවුන්ගෙන් පිහිට ඉල්ලන්න වගෙ...

මම බලන් ඉදල ආයම එහාට ගියා අවංකවම කෙල්ලට වඩා දැන් මගෙ හිත බය වෙලා....තිබුන බඩගින්නත් නැති උනා....සාරනායා ....

එහෙන් මගෙ ඔලුව පුපුරන්න එනවා...අවසානෙදි ඒකි මැරිලා ගියා.....අනෙ එහෙම වෙන්න එපා...එහෙම වෙන්න එපා.....නිතේශ් ....උදව් කරපන්....අග්නි වෙලා ඉන්නකොට බැරිව ගිය එකේ...අනේ මෙකෙල්ලට වට් උදව් කරපන් ...

මම අතින් මගෙ නලල මිරිකගත්තා....මේ ඉන්නෙ සුදු මැනිකෙ ....මේ ඉන්න සුදු මැනිකෙ...

අනේ ඒක නම් වෙන්න එපා...එක නම් වෙන්නම ඒපා.....ඒක නම්...වෙන්න එපා දෙයියනෙ.....එක නම් වෙන්න එපා.....

ම්...මෙ....

ඔලුව පහත් කරන් නලල මිරිකන් උන්න මම මගෙ ඉස්සරහින් ඇහුන කටහඩත් එක්ක ඔලුව ඉස්සුවා ...අඩලම රතු වෙලා තියන ඇස් .....රතු වෙලා තඩිස්සි තිබුන සුදු මූන එක්ක මම කෙල්ලගෙ මූන දිහා බලන් උන්නා.....කෙල්ල ලාවට හිනා උනා....නලදතක් තියනවා...අනේ උඹ සාරන්‍යා නම් වෙන්න එපා දෙයියනෙ අ ර ගෑනි මරාවි.....

.කෙල්ල මගෙ දිහා බලන් ඉදලා අහිංසක විදිහට හිනා උනා....

.ප්ප්..පින්...සිද්ද ...වෙනවා....ම්ම්...මල්ලි...

කෙල්ල ගොත ගගහා හරි හිමීට පින් සිද්ද වෙනවා කියන ගමන් ඵෝන් එක දික් කරලා කර අනිත් පැත්තට දාන් උන්න ඔසරිපට පහලට දැම්මා විතරයි චුට්ටක් එහා මෙහා උන හැට්ට කරෙන් උරහිසක තිබුන උපන් ලපේ දැකපු මට සිහිවිකල් වෙන්න ආවා.....

සා....ර....න්...යා.....

අනේ...දෙයියනේ....ඇයි දෛවය මේ තරම් නපුරු උනේ....

මගෙ අතට ඵෝන් එක දීලා එයා ඉක්මන් අඩි තිය තිය යන්න යනකොට මට කෙල්ල පස්සෙන් දුවන්න හිතුන...මට කෙල්ල පස්සෙන් දුවලා අල්ලගන්න හිතුනා...අනේ උඹ වලව්වට නම් යන්න එපා...උඹට ඉන්න තැනක් මම හරි හොයලා දෙන්නම් කියල මගෙ හිට කෑ ගහන්න ගත්තා....ගාන කීයද මන්දා...මං ඇහුවෙ නෑ....අතටාහු උනේ පන්සීයෙ කොලයක් මම සල්ලි කොලේ කඩේ ලෑල්ලෙන් තියලා මහත්ත්යා මේ ඉතුරු මහත්තයා මේ බඩු ගගා මුදලලි කාගහනකොට මම පාර දිගේ නිතේශ් ගෙ සුදු අක්කා පස්සෙ දිව්වා ...ඒත් අඩි දෙක තුනක් ගියපු මම නැවතුනා.....

එයා දැන් වලව් කාරියක්....උඩරට මැනිකෙක්...අනුන්ගෙ කතා අහන් ඉදලා මම කොහොමද උදව් කරන්න අහන්නෙ....මම ගිහින් මොනවා කියන්නද....මොන හදිසි තත්වෙක උනත් පිට එකෙක් එක්ක යන්න එයිද....

මොකද උඹ මගෙ ගෑනි කියන්නද....අත පුරවල කන රත් වෙන්න ගහයි...

මම නැවතුනා...ඔලුව පුරාවටම එක එක ප්‍රශ්න ගොඩක් එහා මෙහා කැරකි කැරකි මට වද දෙනකොට මට සිද්ද උනේ ආය ආයම අර මූසල කැරකොප්පුවට රිංගන්න...

සුදු මැනිකෙ ඇතුලට යන්න ගියා ....අවසානෙදි මම ආයම අර මල යක්කු එක්ක තනි උනා.....ඒකි යන්න ගියේ මගෙහිත කම්මලක් කරලා.....

අනේ ඒකිට යාගන්න පුලුවන් උනෝතින් ඇති....

වලව්කාරයො ඔක්කොම ගෙට වෙලා...වෙන මිනිස්සු නම් කැටන්ගහයි.....ඔන්චිල්ලා පදී....නෑයො එයි...කයිබොයි කෑ ගහයි පාටි දායි..ඒකට මුන්....අනේ මන්දා.....අවුරුද්දක් කියන නාමයක් වත් නැද්ද නැත්තන් උන්ගෙ තියන වලව් කාර කමට පිටට ඇහෙන්න හිනාවත් වෙන්නෙ නැද්ද මන්දා.....

චටස්....

කකුලට වහපු මදුරුවට ඩෙනිමෙ ඇලෙන්නම ගහපු මම එයාගෙ කාමරෙ ජනෙල් පියනක් ඇරෙනකන් බලන් උන්නා....

එයා කෑවද නිදිද...නැත්‍තන් අරකිලා එකතුවෙලා ඔලු කනවද...අනේ මන්දා.....මට හිතා ගන්න බැරි උනා....මැරිච්ච හාමුලාටවත් සැනසීමක් නොදුන්න මම ඒ කදු උඩ නැගලා ඉදන් උන්නා...

විනාඩියෙන් විනාඩිය ගෙවි ගෙවි පැයෙන් පැය පැය ගෙවිලා ගියා ...අවුරුද්දත් ඉවර වෙන්න ආවා...ඇතුලට ගියපු එක මැනිකෙක් වත් ආයම ආවෙ නෑ....මුන් නිකමට වත් එලි බහින් නෑ. බහිහිරවයො වගේ පෙට්ටගම් බදාගන ඇති....

උන් ඇතුලටගියාට මොකද අර රන්මලී කියන කෙල්ලයි...මැනිකා කියන ගෑනු කෙනයි.....එහාට මෙහාට ගියා...ඒ අස්සෙන් තවත් ගෑනු කෙනෙක්...උන්දා නම් වයසයි....උන්දා මොනවදෝ පොලනවා....වෙලහට වලවේ උන්ට රෑට ගිල්ලන්න වෙන්න ඇති යකෝ...තාම කීයද වෙලාව....පහට වත් නෑ...

ඒ ගෑනුන්ට අදවත් මුන් නිවාඩුවක් දෙන්නෙ නෑනෙ ...මගෙ බිබික්කමත් එහෙමද දන්නෙ නෑ....මරව මරව වැඩගන්නවද දන්නෙ නෑ....නැතිව ඇති...එයා එහෙම කරන එකෙක් නම්...ඇයි අර කෙල්ලට යන්න පලයන් පාඩම් කරපන් ගගා කෑ ගැහුවෙ...

චටස් .....

ආයම මදුරුවෙක් .....

මගෙ කකුල් ගන්න දෙයක් නැතුව ඇති...මුන් කකුල් මයි කන්නෙ ....

දනිහ උඩට වහපු මදුරුවට ඵෝන් එකෙන්ම ගහපු මම එහෙම්ම වැව දිහා බැලුවා...මේ කොනට වැව ලස්සනට පේනවා....රෝස පාටට හුරු නෙලුම් මල්වලින් වැව වැහිලා ..සමහර විට එයාලත් මේකෙන් මල් කඩන් පන්සල් යනව ඇති....

අර ඔරුවකුත් තියෙන්නෙ....

වැවෙන් එන හුලන් රැල්ලට ලාවට මල්සුවදත් අරන් එනකොට මම එහෙම්ම ඇස් දෙක පියාගන චුට්ට වෙලාවක් උන්නා....

එයාට මොනවා උනාද...එයා නිදිද....සාරාන්‍යා .....අනේ මන්දා ..මට ඒ නම මතක් වෙනකොටත් පපුවට වේදනයි ....ඒ මැනිකෙට අරුන් මොනවා හරි කරාවිද කරාවිද හිතෙනකොට මගෙ අත පය හිරිවැටිලා ගියා....

.උන් නම්බුව වෙනුවෙන් ඕන දෙයක් කරාවි....

මගෙ හිත කිව්වා...ඒකයි කෙල්ල සැරින් සැරේම කිව්වෙ මාව මරාවි...මාව මරවි කියලා....

ඔය කිව්වට ..ඒතරම් දෙයක් කරන එකක් නෑ. ....

..ඒත්...මෙතන වෙන උන් හිටිය නම්...මට හිතහදා ගන්න තිබුනා.....ඉන්නෙ කුවන්න බව දැන දැනම මම කොහොමද හිත හදාගන්නෙ....

මදුරුවො තලලා...එයා ගැන කල්පනා කර කර ඉදලම යක්කු ගොඩේ ඉදන් සංසාරයක් ප්‍රාර්තනා කරපු මගෙ යකා පස්ස පාරෙ ආව මම ඔහෙ වලව්වා දිහා බලන් ඉන්නකොට මටත් හොරාවට වටින් පිටින් අන්දකාර වැටීගන ඇවිදින් තිබුනා....

එයා නිදි ඇති....

එකම දිගට එය ඒවි මොක හරිදෙයක් වේවි කියලා බලන් ඉදලම හති වැටුන මම තවත් මෙතන ඉන්න බැරිම කමට එන්න යනවත් එක්කම මම බලාගන එයාගෙ කාමරේ ජනෙල් පියන ඇරුනා...

අම්මො...ඇති යාන්තන්....අර ඉන්නෙ.....

මම බලන් උන්නා වලව්වෙ කහපාට ලයිට් එලි පත්තු වෙන්න ගත්තා.....එයාගෙ මූනෙ කිසිම හිනාවක් නෑ...ජනෙල් ග්‍රීල්වල එල්ලීගන ඔහේ බලන් ඉන්නවා...සසරම කලකිරිලා වගේ....

උඹ ඔහොම ඉන්නකොට මම කොහොමද මගෙ නිතේශ් මෙතනින් යන්නෙ....

එයා හූල්ලනවද මන්දා...වලව්වෙ උන්ගෙ මීක් සද්දයක් පිටතට නෑහුනත් ..මගෙ හිත කිවේම මේ දැන් ටිකකට කලින් හරි එයාගෙ හිත මුන් කඩල තියනවා කියන් එක වෙනකොට මම එහෙම්ම ඵෝන් එක අතට ගත්තා.... තවත් මට මෙතන ඉන්නත් බෑ....ඒ අස්සෙ වැස්සකුත් එන්න යනවද මන්දා බක්මහට කොහොමත් වහිනවා...ඊටත් අර ඇනෙක්ස් එකෙ පොරවන්න මොකුත් නෑත් එක්ක....මේකා මෙහෙ රිංගන් ඉන්නෙ නැතුව යනව නම්...ඒකත් එකක්.....

මම එයාට කෝල් එකක් අරන් එයා ආන්ස්වර් කරන කන් බලන් උන්නා...එයා එහෙම්ම ජනෙල් පියන ගාවින් අහකට උනා...

ආන්ස්වර් කෙරුවා ....

මිස්ටර් විතේන් කියන්න....

මට හෙලෝ කියන්නවත් දුන්නෙ නෑ....එක පාරම මිස්ටර් විතේන් කිව්වා...ම්ම්ම්ම්...

අනේ සොරි.... මිස්ටර් නිතේශ්....මට සදුදා උදේට appointment එකක් දාගන්න පුලුවන්ද.....please ....?

මට උඹව මෙටනින් ගෙනියන්න ඕනා නිතේශ් ...ප්ලීස් ...හා කියපන්...හා කියපන්....මම උඹ හින්දමයි මෙහෙම පස්සෙන් එන්නෙ.....

මම් එයා මට උත්තරයක් දෙනකන් බලන් උන්නා....

ම්ම්ම්....සදුදා....අද සෙනසුරාදා ....නේ.....

ඔව්..මට නෙවෙ....අක්කට...එයාට පැක් එකක් එක්ක මොකක්ද දාන්න ඕනෙලු...මොකද අගහරුවාදා එයාට වෙඩින් එකක්....ඔයාලා සදුදට....ඉන්නවද...නැතිද.....

මම හරිම තැම්පත් විදිහට කතා කෙරුවා ....අහන් ඉන්න එයාට ඇහෙන්නෙ ඒ විදිහට උනත්..මම උන්ගෙ මිනිකන්දක් උඩ නැගන් වැලලෙන්න හැදුවා...

ඒක තමයි...මං මගෙ ටීම් එකටම සතියක් නිවාඩු දුන්නා...ම්ම්ම්...ම්ම්ම්ම්

මොකක්....සතියක්....අබෙ...නෑ.නෑ..උඹ එන්න ඕනා...උඹ නම් එන්නම ඔනා....නිතේශ් ...නාවොත් මම ඇදගන හරි යනවා.....

.එයා සතියක් නිවාඩු දුන්න කියනකොට මම මිනිකන්දක තිබුන ප්ලාස්ටික් මල්පෝච්චියකට පයින් ඇන්නා...

මං බලන්නම්....ඒත් sure කරන්න එපා.....

හරි....මං අක්කගෙ නම්බර් එක එවන්නම්....

අක්කගෙ නම

Anya de silva

සොරි නලින්...උඹගෙ දුවට මම මගෙ වාසගම දෙනවා...එයා පොඩි බලාපොරොත්තුවක් දෙනකොට බෙල්ල විතරක් දාන්න දුන්න ඔටුවා අවසානෙදි ඔලුවම දැම්මා වගෙ මම තවත් එයාව කතාවට අල්ල ගත්තා...

ආන්‍යා ...නේ....

ඔව්...

මං බලන්නම් විතේන්....

හරි....බලන්නකො ...

බැරි උනොත් මම එයාව වෙන කාගාවට හරි දාන්නම්

ම්න්...හරි....මිස්ටර්

හරි එහෙනම් මට බලල කියන්නකො....

හරි.....ඒ කොහොම උනත් ඔයාට

Thank you.

එයා මට තැන්ක් යූ කිව්වා...ඒ මොකටද....???

මොකටද?

කඩල ගොට්ටට ....මගෙ ජීවිතේ පලවෙනි පාර මම පාරෙ අයිනෙන් කඩල ගොට්ටක් කෑවෙ.....

අනේ....මට මොකක්ද වෙලා ගියා...එයා කියනවා ..එයා පලවෙනි පාරලු කඩල ගොට්ටක් පාරෙන් අරන් කෑවෙ.....අනේ මගෙ නිතේශ් .....

එහෙමද..... අපි නොදන්නවා උනාට නිතේශ් සමහර තැන් තියනවා...සමහර රසවල් ආය කවදාවත් අමතක කරවන්න අමාරු...

මගෙ කටහඩ තිබ්බටත් වඩා මෘදු උනා....එයා ආයම ජනේලෙ ගාවට ආවා....අනේ...මට කියන්න පුලුවන් උනා නම්...අනේ අග්නි...මේ මමයි....දැන් වත් මාව මතක් වෙයන්කො...කියලා ....ඒත්...එයාට කොහෙ මතක් වෙන්නද.....

ම්න්....ඒ කියන්නෙ.....ඔයාටත් එතන....

අයියෝ....අයියෝ....නෑ...නෑ...මට එහෙම අමට්ජක්ක් කරන්න බරි සුවදවල් නෑ....මං ඉතින් හැම කඩචෝරුවටම ආසයි....

එයා හිනා උනා...අනේ එයා හිනා උනා....මම හැම කඩචෝරුව්ටම ආසයි කියනකොට මෙච්චර වෙලාම ඇල්මැරිලා උන්න එයා හිනා උනා...අනේ උඹේ හිනාව හැමදාම ඔහොමම තිබියන් මගෙ තේශී.....එයා කෝල් එක කට් කරා...මම එහෙම්ම එයාගෙ ගෙදර ඉදම්ම.....මං කිව්වෙ අර යක්කු ඉන්න කැරකොප්පුවෙ ඉදම්ම ඵොටෝ එකක් අරන් මගෙ එෆ් බී ප්‍රොෆයිල් එකට දැම්මා....කවදා හරි මතක් වෙයිනේ...

ආ...හා....

මෙන්න යකො....ලයික් එකක්.....කාගෙන්ත...ඔ..ඕ.....නිතේස් බිබික්කමගෙන්.....

.ආ...ආ...ආය අන්ලයික් කෙරුවා නේද.....හිටපන්...

මම ඔලුවත් කස එයාට රික්වෙස්ට් එකක් දැම්මා...අපි බලමුකො....

.ඔන්න හරි...එයා accept කෙරුවා...දැන් හරි .....revenge on...මමත් එකගෙ කවර් පික් එකට ලයික් එකක් දාලා අන්ලයික් කරලා ඕෆ් ලයින් ආවා.....

පුදුම සැනසීමයි....හිතේ ඇති....අනේ...පව්....උඹ අන්ලයික් කරාට බලපන්කො....හැම එකම වන්කේ පන්නනවා.....අනේ...අනේ....මගෙ බිබික්කම.....

මං එන්න ආව....යක්කු එක්ක ආව මම එන්න ආවා....ආයමත් පාර පැනලා එන්න එන්න්වත් එක්කම කඩේ උන්න මුදලාලි මාව දැකලා අත්පුඩි ගහලා කෑගැහුවා 

මහත්තයා ...මහත්තයා ....මේ ඉතුරු .....

එයා ඉතුරු සල්ලි දෙන්න අඩගහනකොට මම ආයම කඩේ පැත්තට ගියා වගේම ඉතුරු සල්ලි අරන් සාක්කුවෙ දාගන එන්න හැරෙනවත් එක්කම මාව පහු කරන් කාගන කාර් එකක් ගියා.....

නිතේශ් ...??????

මේ වැස්සකුත් එන්න යනවෙලේ ආයම කොහෙ යනවද??

මම මගෙ කාර් එකට දිව්වා.....මේ හිනා වෙලා උන්න එයා ආයම කොහෙද යන්නෙ.....

.නිතේශ් ...නිතේශ්... .. .

එයාගෙ කාර් එක් පස්සෙන් ෆලෝ කරන් මම එක පාරක් ඕවර්ටේක් කරලා එයාගෙ මූන බැලුවා...එයා ඵෝන් එක කනේ තියන් කා එක්ක හරි කියවනවා...

මම ආයම එයාට යන්න ඉඩ දුන්නා.....

එයා කොහෙද මේ යන්නෙ....??

ආයම මොකටද...

මගෙ හිත ඇතුලෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න එනකොට එයා ආයම වැව රව්මට ගියා...කර් එකනැවැත්තුවා .....

ආයම අර කලින් උන්න බෙංච් එකටම ගියා.....

මම බලන් උන්න....වැස්සකුත් එන්න යනවා....මොනවා කරනවද මන්දා...

මාම බලන් උන්නා....තත්පරයක් දෙකක්...හැබැයි ...එතනින් එහාට මගෙ හිතේ සැනසීම නැතිව ගියා....

කෙල්ලෙක්...?

කව්ද ඒ කෙල්ල . ...ඒකිද....

මම බලන් උන්නා....

එ උන්නෙ වෙන කවුරුත් නෙවෙ. එයාගෙ කෙල්ල.....

එයා ආදරේ කරපු කෙල්ල.....

ඒකි බැදලලු....එහෙනම් මොන මගුලටද දෙයියනේ ආයම එන්නෙ.....

..ආයම කතා කරන්නෙ මොන මගුලටද....

මගෙ අත පය වෙවෙලනවා.....

ඒ දෙන්න කතා කරනවා...මොනවා කතා කරනවද මන්දා.....

.....ඒකි ආයම ආවෙ මොකටද....

ඇයි බන් අග්නි උඹ ඔහොම කරන්නෙ...

මම වෙව්ලන අතින් මගෙ කට වහන් බලන් උන්නා ...පිච්චෙන බව දැන දැනම මම උන් දෙන්නා දිහා බලන් උන්නා....

.තුරුල් කරගත්තා .....උරහිසට ඔලුව ගහගත්තා ...

.ඒකිට මගෙ එකා නැතුව ඉන්න බැහැයි කියනවද ...????

මට එතනට යන්න හිතුනා...ගිහින් උන් දෙන්නව ඇදලා දෙපැත්තට විසික් කරන්න හිතුනා.....

..මගෙම ඇස් ඉස්සරහා එයා අරකිව තුරුල් කරන් ඉන්නව දැක්කම මට දැනුන වේදනාව මෙච්චරයි කියන්න බැරි වෙනකොට මම කාර් එකෙන් බැස්සා....

ඒත්.....උඹත් කාලෙක මා දිහා මෙහෙම බලන් උන්නනෙ මගෙ අග්නි... . 

මම එහෙම්ම නුවර අහස දිහා බැලුවා...මහකන්දරා වැව උතුරන්න තරම් වැස්සක් වහින්න ලන් වෙනකොටඒ දෙන්නා දිහා බලාගන උන්න මම ඔහේ උන්නා.. ...

.හිතට වේදනාවයි....එයා ඒකිගෙ ඔලුව අතගානවා ...ඒකිත් මොන මොනවදෝ කියනවා...අවසානෙදි උන් දෙන්නම නැගිට්ටා ...

මට බනින්නත් බෑ... මොබැනත් බෑ....

මට අඩන්නත් බැ. අඩන්න් නැතුවත් බෑ.... 

උඹට ඒකිව තවම අමතක කරගන්නම අමාරුද නිතේශ් ....

එයාට මේ මොකුත් මතක නෑ....එයා දැන් අපි වගේ නෙවෙ මේ වගේ සම්බන්ද ගැන එයාට උනන්දුවක් නෑ කියලා ශෙනෝන් කියපු කතාව මගෙ ඔලුවට වද දෙන්න ගන්නකොට මම බලන් උන්නා....

වහින්න ඔන්න මෙන තිබුන අහසෙ විදුලි කොටනකොට මෙච්චර වෙලාම තුරුල් වෙකා වැව දිහ බලන් කතා කරපු උන් දෙන්න නැගිට්ටා විතරක් නෙවෙ...මගෙ ඇස් ඉස්සරහම නිතේශ් ඒකිගෙ නලලට හාදුවක් තිබ්බා මම දත් මිටි කාගන බලන් උන්නා වගේම හදවතට අකුනක් ගැහුව හා සමානවම ඒ කෙල්ලගෙ තොල් වලට බර වෙනකොට මගෙ ඇස් වලට කදුලු පිරුනා 

.අනේ මං මෙතනනෙ ...

මට දරන්නම අමාරු උනා...කොච්චර හිත හයිය අරන් උන්නත්...අවසානම තත්පරේදි මම කඩා වැටුනා ....

Air france .....

Srilankan airline ...

මගෙ ඇගිලි වෙව්ලන්න ගත්තා....

මට ටිකට් කරන්න ඕනා....upndown නැතිව කෙලිම්ම....ආය නොඑන්නම.....

ඒත් ...මම ආයම ඵෝන් එක පැත්තට දාලා මගෙ ඔලුව කාර් එකට ගහගත්තා .....ඉවසපන්...ඉවසපන් විතේන් ....ඌට තවම විරහව ඇති....ඌට තවම වේදනා ඇති....

ඒත් මේකි....මේකි දැනගන්න ඕනා...මෙකි බැදලා නම්...මේකි දැනගන්න ඕනා...

මම අයම කාර් එකට නැග්ගා...නැගලා ඉදගන බලාගන උන්නා.... ඇස් පිල්ලමක් වත් නොගහම....රිදෙන බව දැනම බලාගන උන්නා.....

ඒකි යන්න ගියා. .එයාව එතනම දාලා ඒකි අවසානෙදි යන්න ගියා.....එයා තනි උනා...එයා විතරක් නෙවෙ එයා නොදන්නවා උනාට මමත් තනි වෙලා

.....

මෙච්චර වෙලාම කලු කරන් බුම්බන් උන්න අහස අඩන්න ගත්තා ... නුවර වැව තෙමගන...නුවරම හෝදගන වහින්න ගත්තා එයා ඔහේ තෙමනවා.....

එයා ඔහෙ තෙමෙනකොට මම කොහොමද මෙහෙම ඉන්නෙ...මට දුවන්න හිතුනා....ලගට ගිහුන් බදාගන්න හිතුනා..අනේ අපි දෙන්නම දැන් හැම.දේම අමතක කරලා ආයම පටම් ගමු මගෙ නිතේශ් කියන්න කියන්න හිතුනා....ඒත් නෑ...මම යන්නෙ කොහොමද.....

උඹ අඩනවා...මං දන්නවා...පුලුවන් නම්...එක පාරක් හැරිලා බලපන් ...උඹගෙ පිටිපස්සෙ ඉදන් මමත් අඩනවා මගෙ නිතේශ් ...

උඹ තෙමෙනවා.... පුලුවන් නම් එක පාරක් බලපන්.....උඹ විතරක් නෙවෙ...මාත් තෙමෙනවා මගෙ නිතේශ් .....මම අත් මිටිමොලවන් බලන් උන්නා...ඒකියන්න ගියා..අවසානෙදි තෙමිලා...තෙමිලා එයා එන්න ආවා...එයාට පේන්නෙ නැතිවෙන්න මමත් කාර් එකට නැග්ගා....

මගෙ නිතේශ් ....අපි හැමදේම පටන් ගමු...අපි හැම දෙම ආයම පටන් ගමු...ඒත් මම උඹට මෙක කියන්නෙ කොහොමද ????

තෙමීගන උන්න මම එහෙම්ම ඵෝන් එක අතට ගත්තා.....

මට කරන්න පුලුවන් මෙච්චරයි ...පුලුවන් නම්..මම මේ කියන්නෙ උඹටයි කියල හිතපන් ....

"මම විශ්වාස කරනවා ජීවිතේ ලස්සන දවස් එන්නෙ ඉස්සරහට කියලා..."

😘ජොබී නිදහා.....ස්

ආය එන්නම්...

මෙ ළමයා බුජි.....

....

.මම

Ferdeesha ❤️💚😘 ....

.

More Chapters