Ficool

Chapter 63 - 63

අග්නී.....

මම දඩි බිඩි ගාල අග්නිගෙ දිහාවට හැරුනා....ඒ මූන වෙනදටත් වඩා සුදුමැලි පාටයි.....වෙනදටත් වඩා එයාගෙ මූන ගුප්තයි...එයා හිනා උනා....හැබැයි එ හිනාව ඒ හිනාව විශ්වාස කරන්න අමාරුම හිනාවක්.....

අග්...නී.....

මම කෙදිරුවා...මම කොදුරන ගමන් එයාගෙ නම කිව්වා ....ඒත් අග්නි නෙවෙ කතා කෙරුවෙ .....ඒ වෙනුවට එයා මගෙ ලගට ආවා....

අග්නී....අනේ....අග්නී....කතා කරන්නකො....අග්නී...අනේ...හ්....

" උඹගෙ හීන මොනව වගේද...?"

එයා අහනවා මගෙ හීන මොන වගේද කියලා .....අනේ දෙවියනේ මම කටක් ඇරලා කියන්නෙ කොහොමද ...කියනවා කෙසේ වෙතත්....ඒ හින...ඒවා හීන නෙවෙ...ඒවා තනිකරම මරනීය වේදනාවල්........මට එක තත්පරේකට අග්නිට තුරුල් වෙන්න ඕනා උනා....ඔෆිස් එකේ හීනෙන් බය උන මට අවසානෙදි ගෙදරදිත් මගෙ නින්ද නැති උනා.....

අග්නී.....මාව...එක පාරක් තුරුල් කරගනින් මගෙ අග්නී.....මට....මට වේදනාවයි.....මට බයයි...

මම එයට මාව තුරුකර ගන්න කිව්වා.....මම එයාට මට බයයි කියලා කිව්වා.....වෙනදට බයවෙන්න එපා කියන එයා අද මොකුත් නොකියා උන්නා.....ඒත්.....මොකුත් නොකියා උන්නත් එයාට මගෙන් අහගන්න දේවල් හුගාක් තිබුනා....

" මගෙ මැනික.....දැන් කියපන්කො....ම්ම්ම් උඹගෙ අග්නී ලගනෙ ඉන්නෙ..."

අග්නී.....ඒකි....ඒකි ඇවිදින් කේලන් කියලලු අග්නී.....මට නිදා ගන්න හිතෙන් නෑ අග්නි....මට බයයි....මට වේදනාවයි.....මගෙ සර්වාංගෙම වේදනවයි.....අනේ අග්නී.....ඒවා හීන උනත්...ඒවා හීන උනත්.....ඒ.වේදනාවන් මට ඇහැරුනාම පවා දැනෙනවා අග්නී.....

මම එයාට තුරුල් වෙලා ඉදන් මුනු මුමුනු ගෑවා....එකක්.මට කතා කරන්න බෑ.....අප්පච්චි වගේම අම්මා දැන් ඉන්නෙම මම කාවහරි පටලවන් කියන දේ උඩ වෙනකොට මට කතා කරගන්නවත් බැරි උනා... .

" ම්ම්ම්ම්...ඒකි දැන් දන් උඹගෙ හීනවලටත් එනවා ඒ කියන්නෙ.....?"

අග්නී.....?????

මම පුදුම උනා .....මම ඉක්මනටම එයා දිහා බැලුව.....එයා කියනවා එකි මගේ හීන වලටත් ඇවිල්ලා කියලා ....එතකොට .....එතකොට මගෙ අග්නි.දන්නවද මට වද දෙන්නෙ මොකිද කියලා මගෙ අග්න දන්නවද...ඒ ඔක්කොමත් එක්ක ඒකි අග්නිගෙ යක්පැටව් ගැන කියපු එක මතක් වෙනවා එක්ක මගෙ අත ඉබේටම බඩට ගියා වගේම අග්නි මගෙ දිහා ඇස් හීනි කරන් බලාගන උන්නා....

අග්නී....අනේ...අග්නී....මට කියන්න..අට කියපන්....

" තවම නෑ.....හැබැයි ආවත් මම කියන්නෙ නෑ....මොකද උඹ මෝඩයි...."

තවම නෑ....මොනවද...මොනවද අග්නි.....තවම නෑ කිව්වෙ.....අනික ඇයි නොකියා ඉන්නෙ....ඇයි අග්නී....ඇයි.....අනේ මට කියපන් අග්නි.....මගෙ හීනවලට එන ඒකි කව්ද කියපන් මගෙ අග්නී...අනේ මට බයයි....මට වේදනාවයි.....නින්දෙන් උනත් මට සැනසීමක් නෑ අග්නී.....මට එක පැත්තකින් වත් සහනයක් දීපන් අග්නී.....එක පැත්තකින් වත් සහනයක් දීපන්....

මම එයාව හෙලෙව්වා.....මම එයාගෙ හයිය උරපතු වල එල්ලිලා හෙලෙව්වා....එයා කියනවා එහෙම උනත් කියන් නෑ කියලා ...මට පිස්සු හැදෙන්න වගේ....අවංකවම මට දැන් පිස්සු වගෙ යකෙක්ට පිස්සුවෙන් ආදරේ කරන මම උමතු වෙලා වගේ....මම ජීවත් වෙන ලෝකෙ මොකක්ද කියල හිතා ගන්න බැරි උනා...

" උඹ අහලා දැකලා තියනවනෙ මැනිකෙ.....උඹලගෙ උන්ට අමනුස්ස පරානයක් වැහුනම ඒ වැහුන එකා මොකාද කියන්න අවසර නැ...ඒකා පුලුවන් තරම් කපුවගෙන් ගුටි කනවා...අන්න ඒ වගේ ...උඹගෙ හීන වලට එන එකීව කියන්න මට අවසර නෑ....උඹට මූන වත්.....ඒකිගෙ හැඩ රුව වත් ...කටහඩ කොයි වගේද කියන්නවත් මතක නෑනෙ...."

එයා මාව අනිත් පාර උකුල උඩ ඉන්දගත්තා ....එයා අහනවා මට ඒ ගෑනිගෙ මූන කටහඩ...හැඩ රුවවත් මතක නෑනෙද කියලා ....ඇත්ත..මතක නෑ.....මට මතක නෑ.....මට ..මට මෙලෝපන් දෙයක් මතක නෑ...එයා කිව්වා වගේම ඇයි ඒ....අනේ..ඇයි ඒ...

අග්නී....මට කියපන් මගෙ අග්නි.....උඹගෙ උන මට අත තියන්න තරම් .....ඒකි උඹටත් වඩා ඉහලින් ඉන්න එකියක්ද අග්නි....උඹගෙයි මගෙයි... ඒකිගෙයි සම්බන්දෙ මොකක්ද කියපන් මගෙ අග්නී....

මම අනිත් පාර මගෙ අත් දෙකෙම්ම එයාගෙ මලානික සීතල උනත් ගුප්ත බව පිරුන මූන අල්ලගන මගෙ මූන ගාවටම මං ලන්කර ගත්තා...මොකද මට දැන ගන්න ඕනා උනා..ඒ කව්ද කියලා .....මට දැනගන්න ඕනා උනා ඇයි ඒකි එහෙම කරන්නෙ කියලා .....අනික මම හොදටම දන්නවා...එයා නොදැන ඉන්න විදිහක් නෑ කියලා ....මට ඕනා උනෙ දැනගන්න....මට ඕනා උනේ ඒමොකීද කියලා දැනගන්න...

"උඹ විශ්වාස කරනවද සංසාරගත ආදරේ කියන එක...උඹල ඔය කියන්නෙ...මේවා සංසාරෙම පතාගෙන ආව බැදීම් කියලා ....ම්ම්ම්..."

ඔව්.....උඹ මම එහෙම දෙන්නෙක් නේද මගෙ අග්නි....උඹ මම සංසාරෙ කොතනකම හරි නිවෙන්න ප්‍රාර්තනා කරපු එවුන් නේද මගෙ අග්නි....නැතිඋන ආදරෙත් අල්ලලා උමතුවෙන් හාදු තියන්න ....පිස්සුවෙන් තු‍රුල් කරගන්න.....මැරෙන තරමට ආදරයි කියන්නෙ....ඒ තරම්ම ආදරෙ කරන්නෙ....ඒක සංසාරගත බැදීමක් හින්දා නේද මගෙ අග්නී.....

මම අග්නිගෙ උරහිසට හේත්තු උනා....ඉන්නෙ ගින්නක උනත්...මට අග්නිගෙ ආදරෙ තරම මතක් වෙන හැම තැනකම මාව නිවුනා...මොන ගින්නක උන්නත්...අග්නිගෙ ආදරේ අග්නියෙන් පිච්චෙනවා වෙනුවට මාව නිවුනා.....ඒත්...අග්නිගෙ ආදරෙ උනත් අග්නියක්.....දරන්න අමාරුම තැන පිච්චිලා අලුවෙලා යන්න එනවා...ඒත්....ඒ කොහොම උනත්...ගින්නෙන් උපන් සීතල වගෙ....සමහර තැන්වලදි මට ඒ ආදරේ මහමෙරකටත් වඩා අන්ත උනා....

නෑ...මට වැරදුනා.....

සමහර තැන් වලදි නෙවෙ.....

හැම තැනකදිම....අග්නි වෙනුවෙන් ජෞහාරයකට පනින්න උනත් මගෙ හිත ගලක් වෙලා තිබුනා...

අග්නී...උඹගෙයි මගෙයි ආදරේ සංසාර ගත ආදරයක් නම්....

.

. "මගෙ ශිවන් .....උඹ මම....ආයම එකතු උනේ....සංසාරගත ආදරයක් හින්දා....උඹ කිව්වා ඒක හරි...අමතක කරන්න එපා...ඒකෙම තව පැත්තක් තියනවා.....ඒක... සංසාරගත වෛරයක්....මම උඹව හොයන් එන්නෙ සංසාරගත ආදරේකට වගේම.....ඒකි එන්නෙ.....සංසාර ගත වෛරයකට ..."

අග්නී....

".ම්ම්ම්....එක සංසාරගත වෛරයක් .....මම උඹව ප්‍රාර්තනා කෙරුවා වගේම....."

අග්නී...අනේ....කියන්නකො අග්නි.....ඇයි අග්නි මගින් නවත්තන්නෙ...ඇයි මගි නවත්තන්නෙ.....මට කියපන්කො අග්නි....මට කියපන්කො...ඇයි අග්නි....ඇයි....ඒකි කියනවා....ඒකි....කියනවා....

."ඒකි කියන තරම් දේවල් කරන්න බෑ....එකි කියන විදිහට කවදාවත් මගෙ උන්ව මරන්නත් බෑ....උඹලා කියනවානෙ....සමජර උන්ව ගලේ ගහලවත් මරන්න බෑය කියලා .....අන්න ඒ වගෙ ඒකිට නූපන් දරුවො මරන්නවත් ..... ඉන්න උන් මරන්නවත් බෑ.....මමයි උන්ගෙ අප්පච්චි .....ඒ මගෙ උන්....ඒ මගෙ උන්....මගෙ නම ඇහුවත් වෙව්ලලා යන තරමට බය වෙන උන් ඉන්න තැනක ඒකි කොහොමද මගෙ උන්ට අත තියන්නෙ ...???"

අග් ..අග්නී....අග්....නී...නෙ.....අග්නී.....

ඒ ඇස් රතුම රතු උනා.....ගොරක ලෙලි වල පාට පවා අග්නිගෙ ඇස් වල රතු පාටට බය වෙයි කියලා හිතෙන තරමට ඒ ඇස් රතු උනා එයා කතා කරන වචනයක් ගානෙම මාව දඩු අඩුවකට හිර කරගන්නවා හා සමානවම හිර කරගන්නකොට අවසාන හරියෙදි මම එයා මගෙ ඇටකටු පවා පොඩි කරයි කියලා හිතෙන තරමට මාව පොඩි කරනකොට මටම බය හිතුනා ....

"සමාවෙයන්.....මට අමාරුයි....මගෙ ශිවන් ....මට මාව පාලනෙ කරගන්න අමාරුයි.....උඹ ගාවදි.....අනෙ මගෙ මැනිකෙ..මං උඹ ගාවදි කරන්නෙත් බොරුවක්....."

අග් ....අග්නී.....මො...මොකක්ද අග්නි උඹ කිව්වෙ....මොකක්ද උඹ කිව්වෙ...උඹ මන්ගාවදි ...කරන්නෙ බොරුවක් කි...ව්වෙ...

"මං අහිංසක නෑ.....උඹ හිතන තරම් මට තැම්පත් වෙන්නත් බෑ මං කරන්නෙ බැටලු හමක් පොරවන එක......මම උඹට පිස්සුවෙන් ආදරෙයි ....ඒක ඇත්ත.....මම උඹට උමතුවෙන් ආදරෙයි ...ඒක ඇත්ත.....ඒත්....ඒත්...උඹගෙ අග්නිට ඉවසීම නෑ මගෙ ශිවන් ....උඹ දන්නවද ...මේලෝකෙ තියන භයානකම ඇබ්බැහිය මොකක්ද කියලා ...ආ ශිවන් ....."

......

"උඹ දන්නෙ නැද්ද මගෙ මැනිකෙ.....ඒ ඇබ්බැහිය මොකක්ද කියලා ....කෙනෙක් හුදකලාවට ඇබ්බැහි වෙන එකයි...තව හිතකට උමතුවෙන් ඇබ්බැහි වෙන එකයි...සාපයක් ....මගෙ වචනවලින් කියනවා නම්....අමු සාපයක් .....ශිවන් ...මං නිකන් අමු සාපයකටත් එහා උඹට ඇබ්බැහි වෙලා ඉවරයි ...දුම්මල ගහලවත් මාව එලවන්න බැරි තරමට මං උඹට වහ වැටිලා ඉවරයි මගෙ මැනිකෙ....."

අග්..නී...

එයා කතා කරනවා ...මහ රෑ දොලහා පහුවෙලා ...දැහැමිනීගෙ ගෙදර අලු කරලා ආව මගෙ අග්නි මාව අත් දෙකෙම්ම බදාගන මුමුනනවා....අවංකවම හිරිගඩු පිපෙනවා ....පනටත් වඩා ආදරෙයි කියන තැනට මැරෙන්න තරම් ආදරෙයි කියන අග්නි...පිස්සුවෙන් වගෙ ඇබ්බැහි වෙලා කියන තැනට එයා අමුසාපයක් කිව්වා ... අග්නී....අග්නී....අග්නී....උඹ සාපයක් නම්.....මං ඒ සාපෙ වැදුන උඹටත් එහා උමතු උන පිස්සෙක් ...සාපකාරයෙක්....

අන් මගෙ දිහා බලාගන උමතුවෙන් මුමුනන මගෙ ආදරනීයම යක්ශ ආත්මෙ දිහා බලන් උන්නා...

"මගෙ ශිවන්....ඕනාවට වඩා මට ඇබ්බැහි වෙන්න එපා මගෙ මැනිකෙ...අවසානෙදි උඹව පිස්සෙක් වේවි...."

කමක් නෑ....මං දැනටමත් පිස්සෙක් .....ඒත්...උඹව මාව ඈත් කරන්න හදන්නෙ මොකාද කියපන් මගෙ අග්නී....

මං ආයම එයා යට ගහන කතාව උඩට ගත්තා ....

"මට උඹ එක්ක නිදියන්න ඕනා...."

අග්නී.....

මං ඒ කට මිරිකුවා ....එයා එක පාරම කිව්වා එයාට නිදියන්න ඕනා කියලා ....මට අග්නිව අල්ලන්නෙ නෑ....මට අග්නිගෙ හැසිරීම අල්ලන්නෙ නෑ ..එයා මට හංගනවා....එයා මට මොනවම හරි හංගනවා .....

"ඇයි බැරිද ම්ම්ම්ම්...දැන් උඹ කියන්නෙ උඹට මාත් එක්ක ඉන්න බෑ කියලද ශිවන් ...ම්ම්ම්ම්ම්ම්"

නැ අග්නී....එහෙම නෙවෙ....අනෙ එහෙම නෙවෙ මගෙ අග්නි....උඹ වෙනස්...උඹ....වෙනස් මගෙ අග්නි...

"ම්ම්ම්....තරහෙන් ඉන්නෙ..."

අනෙ අග්නී....

"උඹගෙ හීනවල අයිතිය තියෙන්නෙ මට විතරක් වෙනකොට ඒකිට මොන හයියක්ද ඒ හීනවලට ඇවිදින් උඹව රිදවන්න.....??"

අග්නි....උඹ දන්නවා ඒ කව්ද කියලා ....උඹ දන්නවා ...ඒ මොකීද කියලා ...අනෙ ඒ මොකීද කියපන්කො අග්නි ඇයි උඹ ඒක වහන්න හිතන් වෙන කතා ඇදලා ගන්නෙ...ඇයි කියපන් අග්නි....

උකුලෙ උන්න මාව මෙට්ටෙට තල්ලු කරපු අග්නි මාව යට කරගන ආයම කතාව මගාරිනකොට මං එයාව තල්ලු කෙරුවා .....එයා දන්න මම නොදන්න මගෙ හීනවලට එන සංසාරගත වෛරක්කාරිය මොකීද කිය කිය මං එයාට කරදර කරනකොට එයා නැගිටලා ගිහින් ජනේලෙ ගාවින් හිටගන දැහැමිනීලගෙ ගේ දිහා බලන් කටකොනකින් හිනා උනා....

"ඒකි ඇවිත් වැරදි කෙනා ගැන...වැරදි කෙනෙක් එක්ක...වැරදි දෙයක් කියලා වැරද්දක් කෙරුවෙ.....පොඩි පහේ වැරද්දක් නම් කමක් නෑ.....හැබැයි.....එයා දවසින් දවස...එක එක වැරදි කෙරුවා .....ම්ම්ම්ම්ම්..."

අග්නී....අනේ...ඒකිව මැරෙයිද අග්නි....උඹ ඔය කියන්නෙ දැහැමිනී ගැන නම්....ඒකිව මැරේවිද අග්නි....

"ඇයි....දුකක් මෝදු වේගන එනවද...??"

මම බය උනා...අග්නිගෙ කතා විලාසෙ සම්පූර්නයෙම්ම වෙනස් වෙනකොට මේ ඉන්නෙ මගෙ අග්නිද නැත්තන් අග්නිගෙ වේශෙන් ඉන්න වෙන එකෙක්ද හිතෙනකොට මට එක පාරම වඩිග රටේ වඩිග රජ්ජුරුවන්ගෙ බිසවුන් වහන්සෙ එක්ක නිදිවදින්න හදපු යක්ශයව මතක් උනා....ඔඩ්ඩිගෙ වේශෙන් ආවා වගෙ මේ ඉන්නෙත් වෙන එකෙක්ද හිතුනා මගෙ අග්නි කවදාවත් මට බල කරන්නෙ නෑ ....මගෙ අග්නි මගෙන් කවදාවත් ඔය විදිහට තදින් අහන්නෙ නෑ...මාත් එක්ක නිදි වැදලා ඇගට ඇතුල් ඒන්න ආව යක්ශ පරානයක් වත්ද??

යටි ගිරියෙන් කෑ ගහන දැහැමිනීලගෙ ගෙවල් පැත්ත බලන් ගුප්ත විදිහට හිනාවේගන බලන් ඉන්න අග්නිව දැකපු මට ඉබේටම අඩියක් දෙකක් පස්සට ගියා....

මගෙ අග්නි මෙහෙම නෑ.....එයා කවදාවත් කාවත් මරන්නෙ නෑ.....තිරිසනෙක්ට මනුස්ස ආත්මයක් ලබන්න කල්ප කාලාන්තරයක් ගියාට මනුස්සයෙක්ට තිරිසනෙක් වෙන්න යන්නෙ තත්පර ගානයි කියන අග්නි කවදාවත් මෙහෙම කරන්නෙ නෑ.....

"දැන් උඹට අද මා එක්ක ඉන්නම බැරිද මැනිකෙ....."

ආයමත් ඒ කතාව .....

අග්නි....මට මහන්සී අග්නි...අනික....අනික.....අම්මටයි අප්පච්චිටයො සැක හිතිලා ඉන්න වේලෙ...මට බෑ අග්නි 

මං මගෙ ගාවට ලන් වෙලා මාව අත් දෙකෙම්ම බදා ගන්න හදපු අග්නිව ආයම පැත්තකට කෙරුවා

"උඹ මාව ප්‍රතික්ශේප කරනවා...."

නෑ අග්නි....මං කවදාවත් එහෙම කරන්නෙ නෑ....ඒත් මට කියන්න අග්නි....උන්...උන්ව ගේ ඇතුලෙම....

මයෙ පුතා ....

අප්පච්චි ...

මට එතනින් එහා අහගන්න බැරි උනා මට එතනින් එහා අග්නිගෙන් මොකුත්ම අහන්න බැරි උනා...කෙනෙක් මරන්න අකැප බව දැන දැන කොහොමද එහෙම කෙරුවෙ අහන්න බැරි උනා...තෙල් ටිකක් ගේන්නම් කියපු අප්පච්චි හෝරාවක් ගිහින් ආයම එනකොට මට එතනින් එහාට වචනයක් අහන්න බැරි උනා ...මම අග්නි වගේ ඉන්න අග්නි දිහා බැලුවා ...

ඔව් මගෙ හිත කියන්නෙම එහෙම ....මේ ඉන්නෙ මගෙ අග්නි නෙවෙ කියන දේ වෙනකොට වෙනදට අප්පච්චි අම්මගෙ කටහඩ ඇහුනත් පැත්තට වෙන අග්නි අද රවාගන ඉන්නකොට මට ඊටත් වඩා බය හිතුනා ....

ඉදා මේක ගාගනින්.....දැම්ම නෙවෙ ඇගපත හෝදන්...ගාලා බුදිය ගනින්.....

අප්පච්චි මගෙ අතට තෙල් පීරිසියක් දීලා ආයමත් මගෙ බෙල්ල දිහා බලන් උන්නා.....

අප්පච්චි ...දැහැමිනීලා....

ඒකිලාටත් පිස්සු....මේ රෑ දෙයියො වදිනවද...?අරකි ගේ අස්සෙ පහනක් පෙරලන් ....

ක්ක්...කව්ද....?

කව්ද කියන්නෙ දැහැමිනියා මිසක්....අනුන්ගෙ රෙද්දවල් හොය හොය ඕපදූප මැන මැන යනවා ගෙවල් ගිනි ගන්නකන් දන්නෙනෑ....

අප්පච්චි දැහැමිනීට බයිනවා ....ඒකිලා පහනක් පෙරලන්ලු....කිව්වත් වගෙ අනුන්ගෙ කෝප්ප හෝද හෝද යනවා ඒකිට ගිනි ඇවිලෙන කන් දන්නෙ නෑ.....

අනුන්ට ගිනි පත්තු කරන්න එපා කියන්නෙ ඕකට තමයි අප්පච්චි ....

අනුන්ට ගිනි .....ආ බොල ඒකි ගිනි උනත් පත්තු කෙරුවෙ මොන කුනුහර්පයක්ද කියලා කියපන් බලන්ඩ....කෙදිරි ගාන සද්ද ඇහුනලු.....උඹ මොකා එක්කද කෙදිරි ගෑවෙ කියලා අම්මගෙන් අහලා...අම්මා දන්නවද ඔව්වා?ඇරත් මං දන්නවද ....උඹ මොකියෙක් හරි ගෙට දාගත්තා කියමු උඹට බැරිද ඕක කියන්ඩ ඇරත් මේකි කිව්වෙ පිරිමි කටහඩක් ගැන...දැන් කියපන්කො ඒකට උත්තර ...තෙල් සාත්තුවක් කරගන්ඩ ආව එකෙක් නම් කමක් නෑ....උඹ තෙල් සාත්තු කරන්නෙ ගේ අස්සෙ ඉදන්ද??

අප්පච්චි ගෙ පරන ප්‍රශ්න පත්තර ගොඩම ආය ආයම දිගෑරෙනකොට අග්නි අත් දෙකත් බැදගන බලාගන උන්නා ....ඒ ඇස් හීනි වෙලා හරියටම නූලක් වගෙ....අම්මා අසනීප හන්දා කට පියන් උන්නත් අප්පච්චි ගෙන් මට විසුමක් නැති වෙනකොට මං ඇදන් උන්න ශර්ට් එකේ බොත්තම් ගැලෙව්වා ...නිදාගන්න තිය්න එක පැය හරි ඇදුම් ගලවලා දාන්න...

අනේ අප්පච්චි ඒකිට පිස්සු...මට කියන්න තියෙන්නෙ එච්චරයි ...

අපි බලාගමුකො ඒකිටද පිස්සු නැත්තන් උඹටද කියලා ...

අප්පච්චි නිදාගන උන්න කොල්ලව තවත් ටිකක් පොරවන ගමන් මට සැර වෙනකොට මම කාමරෙන් එලියට එන්නත් හදලා ආයම අප්පච්චි දිහා බැලුවා ....

අප්පච්චි .....අරුන්ගෙ කාටත්

උන්ට මොකුත් වෙලා නෑ...ගේ නම් ගිනි ගත්තා .....උන්ගෙත් කෙරුවාව තමා....ඔවුන්ට උදව්පදව් කරන්ඩ ගියහම ලුනු ඇටේ ඉදම්ම ඉල්ලන් එනවා...ඒ අම්මන්ඩි අද අම්මව බලන්ඩ කොලකැද එකකුත් උස්සන් ආවෙ . ...

මොකක්....උන්ට මොකුත් වෙලා නෑ කියලා අප්පච්චි කිව්වා....ඒ ගේ ගිනි ගත්ත විදිහට නම් අනිවාර්යයෙන්ම එකෙක් මැරෙන්නම ඕනනෙ.....එතකොට මගෙ අග්නි.......

මට මහා වරදකාරි හැගිමක් දැනෙන්න ගත්තා ...එයාගෙ වචන එයාගෙ හැසිරීම එයාගෙ වචන මේ ඔක්කොම මට නොදැනුවත්ම උනත් එයා ගැන සැකයක් ඇති කරන්න ගත්තු එක මගෙ හිතට වද දෙන්න ගත්තා ...

අග්නී....

මම ඇගේ තිබුන පුංචි වතුර බින්දුවත් පිහිදලා අරින ගමන් මගෙ තනියට උන්න අග්නි දිහා බැලුවා ...මම උන්නෙ නිරුවතින් ...එත් අග්නි නෙවෙ බැලුවෙ.....අග්නි නෙවෙ ගනන් ගත්තෙ....මම ලගටම ගියා.....වෙච්ච අත්වැරැද්ද හදා ගන්න මමම එයාව පොලඹවන්න හැදුවා .....ඒත් වැඩක් උනෙ නෑ....මමඑයාගෙ අත අරගන මගෙ පපුව උඩින් තිබ්බා ඒත් වැඩක් උනේ නෑ....අවසානෙදි මම ටවල් එක ඉනට ඇදගන්නකොට එයා මගෙ දිහා බැලුවා ...ඒ ඇස් කොන්‍ රතු වෙලා තිබ්බා .... ..

"බඩගින්න දැනෙන වෙලාවට කන්න ඉල්ලනකොට නොදී ඉදලා...බඩගින්න ගියාට පස්සෙ තිරිසනෙක්ට වත් කන්න දෙන්න එපා...ඒක දැනෙන්නෙ නෑ..."..

අනෙ අග්නි...

"ගිහින් නිදා ගනින්....මං මෙතනට ආවෙ උඹෙ හිත දැන් හොදටම ගැස්සිලා හින්දා ...මට කියන්න ඕන මෙච්චරයි ...උඹට රිදවන්නෙ මොකාද ... උඹගෙ ගමන හරස් කරන්නෙ මොකාද ...මං එකව මරන්නෙ නෑ.....හැබැයි නොමර මරනවා ...අන්න ඒ වගේමයි ...උඹ මාව උඹෙන් ඈතට කෙරුවා .....උඹ ගාවට මන් එනවා ...හැබැයි ආය කොයිම වෙලේකවත් උඹට බුදියන්න අඩගහන්නෙ නෑ....උඹ අඩ අඩ පස්සෙන් එන තරමට මං උඹව හෙම්බත් කරනවා හැබැයි අන්න එදාට උඹව මං නොමරා මරනවා....ඒකත් හොදට මතක තියාගන දැන් ගිහින් නිදියපන් ..."..

අග්නි ....

මට එතනින් එහා මීක් ගාන්න හම්බුන් නෑ....අග්නිගෙ වචන සැර උනා ....අග්නිගෙ කතාව සැර උනා...මම මනුස්සයෙක්...දෙවියෙක් නෙවෙනෙ...මම එයාව කාලා බලන්නද.....වෙච්ච දේවල් එක්ක.....වෙන දේවල් එක්ක මම ඉන්නෙම විසිහතර පැයේම බයෙන් වෙනකොට එයත් අද අමුතුවට කතා කරනකොට මම බය වෙන්නෙ නැද්ද....වෙනදට ඉන්න අග්නි අද වෙන ලෝකෙක ඉන්නකොට මට බය හිතෙන් නැද්ද....

අග්නි යන්න ගියා .....මගෙ ඔලුවට තවත් බරක් දාලා යන්න ගියා...ඉනට තුවාය පටලවගන ඉක්මන් ගමමින් කාමරේට ආව මට අම්ම කහින සද්දෙ අදත් ඇහුනා වගේම ඉතුරු පය දෙක තුන නිදා ගන්න හොදටම නින්ද ගිහින් උන්න මගෙකොල්ලව තුරුල් කර ගත්තා ....අග්නිගෙ පැත්තෙ ඉඩ අද ඉතුරු උනා...

අ...ප්පු....ච්චියේ....අප්පුච්චියෙ...

ඇයි....මැනික.....ඇයි මගෙ පුතා උදෙම්ම නැකිටල....තාම රෑනෙ.....

ම්ම්ම්ම්ම්....

ඇයි මගෙ පුතා උදෙම්ම් නැකිටලා...බයිය්න තව ටිකක්.....

ම්ම්ම්ම්හු.....ක්...අප්පච්චියෙ....කෝත....

පුතාගෙ.....අප්පුච්චියා...

මේ ඉන්නෙ....

ම්ම්හුක්.....නෑනෙ .....පුතාගෙ ...පුතා....ගෙ.....අග්...ගියා....

හිත් රිදීම්....වේදනා.....හීනෙන් බය වෙච්ච මේ හැම දේම උන මම දරුවව තුරුල් කරගත්තු පැයට දෙකට සැනසීමෙන් නිදා ගත්තා උනත් අනිත් අතට එලාර්ම් එක වදින කොට මට ආයම ඇහැරුනා .....අරන් යන බත් පත නරක් වෙන තරමට වැඩ කරන මම අද අප්පච්චිව නිස්කාරනේ ඇහැරවන්නෙ නැතිව උන්නා....

එකක් බත් එක...

අනික.....අවංකවම මම උන්නෙ බයෙන්...වැඩිය කතා නොකරන අප්පච්චි ඉදලා ඉදලා කතා කරන්න ගන්නකොට මට බය හිතුනා.....වැරද්දකට ලේසියෙන් සමාවක් නැති අප්පච්චි මගෙ අග්නිව මගෙන් ඈත් කරයි කියන බය හන්දම මම අප්පච්චිගෙන් හැංගෙන්න හැදුවා .....කොයිතරම් උනත් අග්නි උනත් කිව්වෙ අම්මා දැනගත්තොතින් වෙන්නෙ ආය එයාට මාව කවදාවත් බලන්න බැරි වෙයි කියලා ,කියලා වෙනකොට මට බය හිතුනා ....

වේල් දෙකටම කඩෙන් කනවා කියලා හිතා ගත්තු මම බිම් කරුවලේම ගෙදරි යන්න ලැහැස්ති වෙන ගමන් උන්නා වගේම මෙච්චර වෙලා නිදාගන උන්න මගෙ පුංචි එකා නැකිට්ටා ...එයා නැකිටලා හෙව්වෙ අග්නිව .....වෙනකොට මම නිදිමත පෝරුවෙම අග්ගියේ ගාන පුංචි එකාව වඩාගන ඉක්මනට කුසියට ගියා .....

කුක්කු පිටි එකක් හදලා දෙන්නද මගෙ පුතාට....

ම්ම්ම්හුක්.....එපා...නෙ.....

එපා නම්.....අප්පච්චියා දැන් වැඩට යන්න යන්නෙ.....

ම්ම්ම්.....

අප්පච්චියා දැන් වැඩට යන්න යන්නෙ....

.අයි ..එ....

..ඇයියෙ කියන්නෙ අප්පච්චියා වැඩට නොගියොත් මගෙ පුතාට කුක්කු පිටි ගන්න තුට්ටු කෝ...

.ම්ම්ම්....අග්ගියත.....

අනේ නිඛිල් ඔය අග්ගියව ඉල්ලන එක නවත්තපන් නිකිල්....සීයා තාත්තටයි අත්තම්මටයි ඇහුනොත්

ඇයි ඇහුනොත් .....ඇහුනොත් මොනවද වෙන්නෙ මගෙ පුතා...

අ....අ..අම්මා....

මාව රත් උනා.....කොල්ලා එපා කිව්වට මං එයාට කිරි එකක් හදල ඒක නිවන ගමන් උන්න මං අග්නිව අහන පුංචි එකාට සැර කරනවත් එක්කම කුසියෙ දොරකොඩ ගාවින් ඇහුන ගෑනු කට හඩ එක්ක මාව රත් උනා....

අම්මා.....ඒ උන්නෙ වෙන කවුරුත්ම නෙවෙ අම්මා .....පත්තු බැදන් උන්න කකුලත් බිම නොතිය අඩමානෙට හිටන් උන්නෙ අම්මා වෙනකොට අම්මගෙ මූනෙ තිබුන වෙනස මං හොදටම දැක්කා....

මයෙ පුතා ...

අම්මා...ඇයි අම්මා මේ කොහෙද ඔය නොන්ඩි කොටකොට යන්නෙ.....

උඹලා එක්ක මට විසදගන්න නඩුවක් තියනවා ...

අම්මා...අම්මා හදන්නෙ අප්පච්චි වගේම අර දැහැමිනී ඔලුවට දාපු කුනුගොඩක් ගැන අහන්න නම්....අනෙ මට ඔයාලගෙ ඔය බහු බූත කතා වලට දෙන්න උත්තර නෑ අම්මා....

මං කොල්ලව අනිත් අතට මාරු කරන් අතේ තිබුන කිරි බෝතලේ කටට එබුවා වගේම අම්මා ඉස්සර වෙන්න කලියෙන් මම ඉස්සර උනා ....අම්මට සැක හිතුනම අප්පච්චිට හපන් නිසා මං කොල්ලව අරන් ඉක්මනට කුසියෙන් එන්න ආවා උනත් අම්මා හින්දා මං ආයම නැවතුනා ...

උඹලා ඔය හැම වෙලේම හිනා වෙවී ගොරකා කැලේට රිංගලා නටන නාඩගම මොකක්ද කියලා මං හොයා ගන්නම්කො ....එතකොට බලන්ඩ බැරියෑ උඹ ඔය කියන බහුබූත කතා වල තරම....

අතේ උන්න කොල්ලා මීක් නොගා අනිත් පාර සූප්පු බෝතලේ කටේ ගහන් කිරි බොනකොට අම්මා තද කටහඩින් කියපු වචනත් එක්ක මගෙ කකුල් දෙකත් එක්ක පන නැති වෙන්න ආවා...අරකි අම්මගෙ ඔලුවට පුලුවන් තරම් විස පුරවලා ...

මං එන්න ආවා .....ගෙදරින් තේ කහට උගුරක් වත් නොබී එන්න ආවා .....සැරින් සැරේ ගෙට ගොඩ වෙලා තිබුන දැහැමිනි අම්ම අප්පච්චිගෙ ඔලුවට ටික ටික විසබීජ දදා ගිහින් තියනකොට අම්මා අප්පච්චි මගෙන් සැරින් සැරේම එක එක දේවල් අහ අහ මාව හෙම්බත් කරනකොට මං එන්න ආවා .....

අග්නී....

මට මිමිනුනා....

මං එයාව ඊයෙ රැයෙන් පස්සෙ දැක්කෙ නෑ .....මාව අඩවනවා කියපු අග්නි ඊයෙ රෑ මෙට්ටෙ ඉඩ ඉතුරු කරලා නෑවිදින් උන්නා වගේම උදේ වෙලා මම යන්න යන මොහොතෙ වත් ආවෙ නැති උනා.....

එහෙන් ගෙදරින් ඔලුවට දාන ප්‍රශ්න....

අනිත් පැත්තෙන් ඔෆිස් ඒකේ ප්‍රශ්න ...

සැරින් සැරේම මගෙ හීනවලට එන අමනුස්ස පරානෙ මගෙ ඔලුවට හිතට දෙන පීඩනේ එක්ක අග්නිත් නැතිව යනකොට මම හෝන්දු මාන්දු වෙලා උන්නා .....

අනෙ ඇයි අග්නි උඹ නාවෙ ...

ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් ගත්තු මම ෆ්ලැට් ෆෝම් එක දිගෙ කල්පනාවක් නැති එකෙක් හා සමානවම ඇවිදින් යනකොට මගෙ ඇගෙ කාව හරි හැප්පුනා....

ස්ස්...සමාවෙන්න .....

මම ඇහෙන නෑහෙන ගානට ගොත ගැහුවා ....හැප්පුන කෙනා උන්නෙ ෆෝන් කෝල් එකක වෙනකොට එයාගෙන් උත්තරයක් තියා මං දිහ හැරිලවත් බැලුවෙ නැති වෙනකොට මං එතනින් එන්න යනවත් එක්කම අහම්බෙන් වගේ රවුම්ම රවුම් ලොකු ඉලක්කම් තියන ලොකු ඔරලෝසුව දැක්කා.....

....5.15!!!!

පහයි කාලයි....

ආයමත් වෙලාව පහයි කාලයි ....

.ඇත්තම වෙලාව පහයි කාල උනත් ඒ වෙලාව දකිනකොට මගෙ කකුල් පන නැති උනා....අර සෙවල ගද වගේම මගෙ සර්වාංගෙම ඇතුලතින් වේදනා දෙන්න ගත්තා ....ආය ආයම ඒ කටහඩ ඔලුව අස්සෙන් ඇහෙනවා ඇහෙනවා වගෙ දැනෙන්න ගත්තා එක්කම තුන් මුනින් දාඩිය දාපු මාව ෆ්ලැට් ඵෝම් එකෙන් කෙලිම්ම රේල් පාරට වැටෙන්න යනවත් එක්කම මෙච්චර වෙලාම පිටිපස්ස හැරිලා උන්න එක්කෙනා මගෙ පැත්ත හැරිලා එක පාරම මාව අල්ලගත්තා ... අල්ලගත්තු කෙනාගෙ මූන දැකලා අනත මනත වෙලා උන්න මාව සම්පූරනම විකාර වෙලා ගියා....

 

භ්....භ්....භෛරව් ...!!!!.

උස්සලා පොලවෙ ගැහුවා හා සමාන හැගීමක් මට දැනෙනකොට මම මාව අල්ලන් උන්න එයා දිහා ඇස් පිල්ලමක් වත් නොගහා බලන් ඉන්නකොට එයා ඇස් හීනි කරන් මගෙ දිහා බලන් උන්නා .....

භ්.....භ්..භෛරව් ....මේ....ඔයා.....නේද.....භෛරව් ...

මම ගොත ගැහුවා .....එයා හිනා උනා...ඒ හිනාවමයි...ඒ නපුරු මූනමයි....අර දිග සාලු වෙනුවට එයා ඇදන් උන්නෙ මම අදිනවා හාසමාන ඇදුමක් වෙනකොට ඒ කොන්ඩෙ පවා කපලා තිබුනා ...ඒ එක්කම එයා එකපාරම භෛරව් උනා....

"ඉතින් අග්නිගෙ අඹු සිගිත්ත....මස්සිනාව ඇදුනුවා එහෙනම් ...ම්ම්ම්ම්ම්"

භ්...භෛරව්.....ඔයා....ඔයා කොහෙද මේ....මං අහන්නෙ....අර විදිහට .....

"ම්ම්ම්...උඹගෙ අග්නිගෙ අනක්....."

මගෙ අග්නිගෙ .....අනක්???

"ම්ම්ම්ම්ම්ම්ම්ම්.....කව්ද උඹගෙ හීනවලට එන්නෙ ම්ම්ම්ම්ම්...කව්ද උඹට වැඩියෙම්ම වද දෙන්නෙ.....කව්ද උඹව අඩවන්නෙ...මොකා උනත් බෙල්ල අනිත් අතට හරවපන් කියලා උඹගෙ මනුස්ස පරානෙ මට අන දුන්නා ....."

භෛරව් ...

එයා හිනා වෙනවා නිකන් නෙවෙ කටකොනින්.....මාත් එක්ක තරහා උන අග්නි නිකන් වත් පේන්න නාව කොට එයා භෛරව් ව එවලා තිබුනා .....

අවංකවම මම දැන් පිස්සෙක් ...මෙ වගෙ දේවල් චිත්‍රපටියකින් ඇරෙන්න කවදාවත් නොදැකපු මට අවසානෙදි ඇස් පනාපිට යතාර්තයක් වෙනකොට මට පිස්සු හැදෙන්න ආවා....

භෛරව් බලන් ඉන්නවා .....එක තත්පරෙම්ම එයා ආයම අර කොට කොන්ඩෙ තියන රූපෙට මාරු උනා වගේම මන් නලල මිරිකගත්තා .....

"උඹට පිස්සු හැදෙන්න වගේ නම්...උඹ හිතපන් මේ හැම දේම හීනයක් කියලා ...ඇගැරුනාම ආපහු ඇත්ත ලෝක්ට එන..."

මගෙ දිහා බලන් උන්න භෛරව් මට මේ ඔක්කොම වෙන දේවල් හීනයක් කියලා හිතා ගන්න කියන ගමන් භෛරව් මගෙ දකුනු අත අල්ලගත්තා ...

"තව සතියයි ...තියන සුභම නැකතින් උඹ වරම ගන්න ඕනා .....මෙතන ඉදන් ....මම උඹ වෙනවා ....උඹට තියෙන්නෙ එක දෙයයි.....අකුරක් නෑර හැම දේම බලාගන්න එක....වෙන්ඩ තියන නරකම වේදනාව උනත් දරා ගන්න තැනට හිත හයිය කර ගන්න එක...එච්චරයි ..."

මට කියන්න දෙයක් ඉතිරි නැති උනා.....අග්නිගෙ අනකට මාව හොයන් ආව එයා තව සතියයි කියන ගමන් වෙන්න ඕන දේවල් මගෙ ඇස් දෙක දිහා බලාගන මුමුන ගමන් අත අල්ලන් උන්නා වගේම තත්පර ගානකින් භෛරව් සම්පූරනම ශිවන් කෙනෙක් උනා .....

එයා සම්පූරනම මගෙ අනුරූපයක් උනා...සැබෑ ලෝකෙ ජීවත් උනත් නේක හීනයක් කියලා හිතා ගන්න කියපු එයා සම්පූරනම මම උනා...

භෛරව් සම්පූරනම මම වගේ වෙලා මා දිහා බලාගන උන්නා....

භෛරව් .....මෙතනින් ..මෙතනින් පස්සෙ ...?මෙතනින් පස්සෙ මොකක්ද වෙන්නෙ භෛරව් .....අග්නි.....මගෙ අග්නි කෝ.....

"මෙතන ඉදන් සතියකට උඹ නිදහස් .....!!වෙන්නෙ මොනවද කියන්න ....උඹම දැනගනී....උඹගෙ අග්නි ගැන කියනවා නම්....මට කියන්න තියෙන්නෙ එක දෙයයි....ඌට ඕනම වෙලාවෙ ඌව හරවලා යවපු උඹව....දවස් ගානකට උඹව ඌ අඩවයි....පුලුවන් තරම් හොදට කාලා බීලා ඉදපන්.....මෙතනින් පස්සෙ වෙන්නෙ මොනවද කියන්න.....උඹටම පෙනේවි ...."

🤭ජොබික්කා නිදහාස් ...

🤓මේ ලමයා බුජි....ඔය ලමයුනුත් බුජියන්ඩ...

ආය එන්නම්...

මම

...Ferdeesha ❤️💚😘 ....

More Chapters