උඹ හිතනවද උඹව බේරගන්න පුලුවන් කියලා....
උඹ හිතනවද මගෙ වචනවලට පිටින් උඹට යන්න පුලුවන් කියලා ...
අතෑරපන්......අතෑරපන් මාව.....අතෑරපන්...ග්...ගෑනියේ....මාව....
අතාරින්න.....උඹ හිතන්නෙ....උඹව අල්ලගත්තෙ අතාරින්න බලාගන කියලද...ආ.....
මම උන්නෙ බාතෲම් එකේ...මම උන්නෙ නාන ගමන්.....මම උන්නෙ වෙච්ච හැම දේම අමතක වෙලා යමන් කියලා නානගමන් වෙනකොට වෙනදට.හිටගන නාන මම අද බේසමට වතුර පුරවන් නාන්න ගත්තා. . මෙච්චර කල් ලමයව බස්සපු පොඩි බේසම වෙනුවට තිබුනෙ අලුත් බේසමක් වෙනකොට රවුම් රතු පාට බේසම අස්සෙන් වතුර දෙබෑ කරන් කුනු පාට දිය සෙවල බැදුන අතක් මගෙ බෙල්ලෙන් අල්ලන් වතුර අස්සට ඔබාගන මාව හොලවනකොට මම වතුර යට ඉදන් හුස්ම අල්ලන්න දැගලුවා...
දගලපන්.....දගලපන්...දගලලා...දගලලා .....උඹ අවසානෙදි මේ වතුර ගොඩේම හුස්ම ඇරපන්....
අග් ....අම්...භ්භ්....භ්භ්.....ක්ක්...භ්භ්...
මම දැගලුවා....මම පුලුවාන්....තරම් දැගලුවා .....නාස් කුහර අස්සෙන් වතුර යනකොට .....කට ඇරලා අග්නී...අම්මෙ...කියලා කෑ ගහන්න බැරි තැන බේසම් ගැට්ටෙන් ඇතුලට ඔලුව එබිලා තිබුන මම දැගලුවා.....
මඩ රහයි...
ලේ රහයි.....
පිලි රහයි.....
අන්දකාරයි...
ගන්දස්සාරයි....
මේ.ඔක්කොමත් එක්ක මට මරන බය ඕනාවටත් වඩා දැනනෙකොට මම මාව අල්ලන් ඉන්න අමනුශ්‍ය අත එක්ක මගෙ හුස්ම පොද රැක ගන්න නොමැරී මැරුනා...
නාස් පුඩු අස්සෙන් ඇතුලට යන වතුර මගෙ පෙනහලු පුරවනකොට මම දැගලුවා.....හුස්ම ගන්න බැරිව අත පය ගගහා කෑගැහුවා.....
අනේ මම කෑ ගැහුවා...
දෙවියනේ.. අනේ...අග්නී....උඹ කොහෙද ....ඇයි අග්නී.....ඇයි.....ඇයි...උඹට මාව නොදැනෙන්නෙ..මගෙ...අග්නීහ්.....ඇයි....ඇයි..මාව නොදැනෙන්නෙ...අග්නී...හ්හ්.....
මගෙ හිත කෑගහනවා....
ඇස් පියන් ඇරිලා තිබුන ඇස් වලින් මම වතුර යට ඉදන් මාව අල්ලන් උන්න අත දිහා බැලුවා.....
මුලු වතුර එකම මඩ පාටයි.....මුලු වතුර එකම ලේ සිනි ගදයි....මුලු වතුර එකම කියුල රහයි...
මම දගලනවා...
අහන් ඉන්න අමාරු අමනුස්ස හිනාව එන්න එන්නම මගෙ ඔලුව තව තව වතුර අස්සට ගන්නකොට මම අත් දෙකෙන් බේසම් ගැට්ට අල්ලගන උඩට එන්න හැදුවා....
අනේ...උදේ ඉදන් ඇල් වතුර පොදක් වත් නැති මගෙ සර්වාංගෙම මැරිලා ගිහිල්ලා තිබුනා.....
මගෙ සර්වාංගෙම මැරිලා ගිහින් තිබුනා.....බඩ බොකු පවා එලියට එන තරමට වමනේ කරල උන්න මට මෙලෝ පනක් නැතිව ගියා....
මම ගිලිලා උන්නෙ වතුර බේසමක උනත්...මේ වෙලාවෙ මට බේසම් පතුල ගැඹුරු ආගාදයක් හා සමාන උනා....කලුම කලු පාට අන්දකාර ආගාදයක් හා සමන උනා...
අනේ.....මාව...අතෑරපන්කෝ...මාව අතෑරපන් යකෝ....මාව ඇතෑරපන්.....මාව....අතෑරපන්....මාව අතෑරපන් ...දෙයියනේ.....
ඇස් වලින් කදුලු යනවා ඇති.....
ඒත් මට දැනෙන්නෙ නෑ.....
වචනයක් කියන්න කට ඇරගන්න බැරි මම හිතින් කෑ ගැහුවා.....මරනාසන්න අත්දැකීම් වේදනාවෙන් විදින ගමන් උන්න මම අනේ උදව් ඉල්ලුවා...
සිමෙන්ති පොලවෙ තිබුන කකුල් දෙක එකට එක එක පූට්ටු වෙන්න ගත්තා...හරියටම අවසානම හුස්ම පොද යවන්න හදන එකෙක් හා සමානවම....
වෙව්ලන අත් වලින් මම බේසම් ගැට්ට තදින් මිරිකගන මගෙ හුස්ම රැකගන්න හැදුවා....
.උඹට කිව්වා....කලිනුත්...මම උඹට අනතුරු ඇගෙව්වා....උඹට සැරින් සැරේම මම අනතු අගෙව්වා.....නවත්තපන් .නවත්තපන් ...මගෙ පාරෙන් අයින් වෙයන්..කිය....කියම මම අනතුරු ඇගෙව්වා.....ඒත් උඹ නෙවෙ...ඇහැව්වෙ.....ඒත්...උඹට නෙවෙ....තේරුනේ......උඹ එන්න...එන්නම.....කරන්නෙ....මුරන්ඩු කම්මයි.....උඹ....එන්න...එන්නම...
කරන්නෙ හයිරන් කාර කමමයි...උඹ්බ් හිතනවද ...උඹ හිතනවද .පෙරුම්..පුරාගන ඇවිදින්.....ඒකගෙ හැම දේම උඹ ඉශ්ට කරනකන්.....මම බලන් ඉදී කියලා....ආ...උඹ හිතනවද .....මම ඒකට ඉඩ දේවි කියලා...
ආයමත් ඒ කට හඩ...මගෙ බෙල්ලෙන් අල්ලන් වතුරට ඔබාගන උන්න අතේ අයිතිකාරයගෙන් එනකොට වතුරෙන් යට තිබුන මගෙ ඔලුව පිටිපස්සට මොකක් හරි වැටුනත් එක්කම මුලු වතුර එකම ලේ රස වෙන්න ගත්තා ....
අව්හ්...කියලා කියන්නත් බැරි තරමට වේදනාව වැඩි වෙනකොට වතුර ලේ රස වෙන්න එකම හේතුව මගෙ ඔලුව පැලිලා බව මට දැනෙනකොට මගෙ ඔලුවට වැටුන දෙය ආගාදයක් හා සමාන වතුරෙ උන්නත් මං දැක්කා....
ඔරලෝසුවක්..
පහයි කාලයි.....

ආයමත්.....ආයමත් ....පහයි කාලයි.....
ආයමත්..ආයමත් ...ආයමත් ඒ ඔරලෝසුව...ආයමත් ඒ වෙලාව ...
මගෙ ඔලු කට්ට පුපුරවගන වැටිලා තිබුනෙ අර මූසල ඔර්ලෝසුව වෙනකොට ඒකෙ වෙලාව ආයමත් පහයි කාල වෙලා තිබුනා .....
මම දැගලුවා .....ඔරලෝසුවෙ කටු මගෙ බෙල්ල වටේ එතෙන්න යනවා හා සමාන හැගීමක් මට දැනෙන කොට මම දැගලුවා ....
වතුරෙන් එන උහුලන්න බැරි සීතල .....ගොම්මනක අන්දකාර ගතිය එක්ක ලේ රස එකතු උන මඩ ගද ගහන වතුර මේ ඔක්කොම එක්ක යන්න හදන හුස්ම එක්ක පොරකන මම නාස් පුඩුවලින් එලියට පනින්න හදන හුස්ම තද කරගත්තා .....මම මගෙන් උදුර ගන්න හදන හුස්ම රැක ගන්න පොර බැදුවා .....අවසානෙදි බයවෙල පන යන්න එන හිනා සද්දයක් එක්ක මාව ආයම වතුරෙන් එලියට විසික් වෙනකොට ඒ විසිවෙච්ච පාරට මාව ගිහින් බිත්තියෙ වැදුනා .... ...
ආහ්.....ව්....අහ් ....ව්...
වැදුනෙ පාරෙ සැර කොයි තරම්ද කියනවා නම් මම වකුටු වේගන එක අතකින් කොන්ද අල්ල ගත්තා .....එ උනත් මට තත්පරයක් වත් එ විදිහට ඉන්න බැරි උනා සීසීකඩ වතුර හැලිලා ගියපු තෙත පොලව උඩ ආයමත් අඩි සද්දයක් ඇහෙනකොට මට බලන්න බය වැඩි කමට මන් අත් දෙකෙම්ම් කට වහගත්තා ...
අනෙ....අනෙ..මගෙ....අග්...නි.....උඹ කොහෙද මගෙ අ....ග්නී....අනේ....උඹ..කොහෙද ....මගෙ...අග්නී.....
.දැනෙන බය වේදනාව මේ ඔක්කොම එක්ක මම අත් දෙකෙම්ම කට වහන් අඩනකොට වතුර පාග පාග එන අඩි සද්දෙ ටිකෙන් ටික....ටිකෙන් ටික ....ටිකෙන් ටික මගෙ ගාවට එන්න ගන්නකොට අනේ මං බිම දිගෙ බඩ ගෑවා....
.
මම අඩ අඩම බිම දිගේ රීට්ටුවා ...
උඹ එලක් කරනව මදිවට තව ඒකගෙන් පැටව් වදන්ඩත් ලෑස්ති වෙලාලු නේද....
සස් ...
සස්.....
සස්....
සස්....
.තියන අඩියක් පාසාම...තියන අඩියක් පාසාම වතුර සද්දෙ එන්න එන්නම වැඩිවෙලා ඊලග මට ඇහුන දේත් එක්ක මගෙ සර්වාංගෙම පන නැති වෙලා ගියා...
දෙවියනේ මගෙ අග්නිගෙ හීනෙ ....
මගෙ අග්නිගෙ ප්‍රාර්තනාව.....එයාගෙ ආශාව ....
මේ යක්ශ පරානේ ....අනෙ.....ඒකි කොහොමද දන්නෙ....
ඉතින් උඹ වදනවද....??
අනෙ.....අග්...අග්....නීහ්...
අග්නී ...ඔය කියන්නෙ...ඔය කියන්නෙ නම...අඩ ගගපන්...උඹගෙ යක්ශ පරානෙට අඩ ගහපන්...අඩ ගහලා ....උඹවයි ....උඹේ ඔය බඩේ ඉන්නෙ යක් පැටව් වයි බේර ගන්න කියපන්...
මොකක්.....යක් පැටව් ....
ඒකි කිව්වෙ යක් පැටව් කියලා .....
ඒ කියන්නෙ...
මෙච්චර වෙලාම කට ගාව තිබුන අත්දෙක ඉබේටම මගෙ බඩ උඩ නවතිනකොට මම අනේ මමත් නොදැනම බඩට ආව මගෙ අග්නිගෙ වස්තුව ඒකිගෙන් බේර ගන්න හැදුවා .....
උඹ.....උඹ ..මගෙ ලගට එන්න එපා.. ...අනේ...හ්.....අග්....නීහ්....අග්...නීහ්.....ඉන්න තැනකින්...වරෙන්....අග්නී....භෛරව් ...අනේ මගෙ ..අග්...ආව්.....හ්...ආව්....හ්හ්.....අනෙ ...අම්....මාහ්හ්......
මම යට ගිරියෙන් කෑගැහුවා ....නොදන්න වෙලාවක....නොදන්න දවසක බඩට ඇවිදි උන්න අග්නිගෙ ලේ කැටියො බේර ගන්න මං අනේ අග්නිට කෑ ගැහුවා ....මගෙ පුංචි එකා උදෙට නැගිටන් ගමටම අඩගහනවා සමානව මම භෛරව් ට පවා අඩ ගැහුවා ...ඒත් මට කෑ ගහන්න හම්බුන් නෑ....මට කෑ ගහනවා තියා ඊලග පාර හුස්ම අල්ලන්න හම්බුන් නැ...මගෙ ගාව උන්න අමනුස්ස පිල්ලිය මගෙ යටි බඩට ගහපු පාරට මට ඊලග පාර කෑ ගහගන්න තියා හුස්මක් ගන්න උනෙ නෑ ....
උඹ හදන්නෙ...තවත් ඒකගෙ උන් බෝ කරන්න උඹ හදන්නෙ අපිට ඉන්න හිටින්න තැන් නැති කරන්න උඹ හදන්නෙ හැමෝටම වඩා ඉහලින් ඉන්න....නෑ...කවදාවත් නෑ ....කවදාවත් නෑ...කිසිම දාක නෑ....උඹටවත් ....ඌටවත් ....කිසිම ඉඩක් නෑ....
එපා.....එ....එපා.....
මම බිම් දිගෙ බඩ ගෑවා .....නාම්න ආව මම උන්නෙ අමු නිරුවතින් වෙනකොට මගෙ ඇග පුරාවටම වදින වදින පාරක් ගානෙම දම් පාට ලකුනු මතු වෙන්න ගත්තා ....දවල් හීනෙන් ඇග ඇතුලට රින්ගපු ඉහද පනුවො ටිකෙන් ටික ටිකෙන් ටික මගෙ සර්වාංගෙම කන්න ගන්න කොට මං වේදනාවෙන් බෙරිහන් දුන්නා .. ..මං කෑ ගැහුවා . ...වෙදනාව උහුලන්න බැරිම තැන මම බිත්ති අල්ලන් නැගිටිනකොට මගෙ කකුල් පන නැතිව වැටෙන්න යනකොට මං දැක්කා මගෙ කලවයන් රතු වෙනවා... .
අනෙ....අනේ ....අනේ.....එපාහ් .....
මං කෑ ගැහුවා ....වේදනා දෙන යටි බඩ අල්ලන් කෑ ගැහුවා ....
.බිම වැටිලා තිබුන ඔරලෝසුවෙ කටු තවමත් පහයි කාල උඩ නැවතිලා තියනකොට මම බිම දිගෙ දොර ගාවට බඩ ගෑවා ...
අග් ...නී.....අනේ....අග්....නී...හ්.....
මං වේදනාවෙන් ඇඹරුනා.....ඔලුවට වැදුන පාර යටි බඩට වැදුන පාර. සර්වාංගෙම අස්සෙන් දැනෙන වේදනාවල් එක්ක මම නොමැරි මැරුනා...
මම අග්නිට මොර ගැහුවා .....
ඒත් අග්නි නෑ ..
උඩ ඉන්න තිස්තුන් කෝටියක් දේව මන්ඩලේම මට පිටිපස්ස හරවනකොට මම අමනුස්ස පිල්ලියක් ගාව නොවදිනා වදුම් වැන්දා...
ඉතිපිසෝව මගෙ කටින් එලියට පනිනවා තියා හිතන්නෙ වත් නැති වෙනකොට ඒකි මාව බිම දිගේ ඇදගන ගිහින් බිත්තිවල ගහනකොට අනේ මං මගෙ යටි බඩ අල්ල ගත්තා .....
අග්නී ...හ් ....ඉන්න තැනකින් වරෙන් අග්නි....හ් ...අනෙ.....ඉන්න තැනකින් ...වරෙන්...මගෙ....අග්නීහ්හ්......
ඇස්වලින් බේරෙන කදුලු ලෝදිය හා සමාන වෙනකොට ඒකි මාව උස්සලා පොලවෙ ගැහුවා .....
ආහ් .....ව්....
මගෙ කොදු ඇට පෙල...
..
මගෙ කොදු ඇට පෙල දෙකට මැදින් වෙන් උනා හා සමාන හැගීමක් දැනෙනකොට මට හුස්ම අල්ල ගන්න බැරි උනා.....
ටික් ....
ටික්...
ටික්.....
ටික්.....
..ඔරලෝසුවෙ කට්ට එක තැන කැරකෙනවා .....
මගෙ ඇස් වලින් කදුලු බේරෙනවා ...
මටත් නොදැනිම ලගට ආව අග්නිගෙ නූපන් දරුවො හේදී හේදි යනකොට මම හුස්ම අල්ලන්න දගලනවා . . ...අනේ අග්නී....ඇයි අග්නී....ඇයි....උඹට එන්න බැරි....ඇයි....අග්නී....
මම ඇඩුවා ...කෑ ගහන්න බැරි තැන මම වේදනාවෙන් ඇඹරුනා....හදවත වේදනා දෙනවා සර්වාංගෙම ඇදුම් කනවා ....ඇග ඇතුලෙ ඉන්න ඉහද පනුවො මාව ටිකෙන් ටික කනකොට උහුලන්නම අමාරු තැන මම හූ තියනවා එක්කම අර අමනුස්ස පරානෙ මාව උස්සලා වතුර බේසමට විසික් කෙරුවා....
අනේ....අම්....මා...හ්හ්.....
දෙවනි පාරටත්..දෙවනි පාරටත් මගෙ ඔලුව බේසම් ගැට්ටෙ වැදිලා මාව වතුරට වැටුනා..හැබැයි....වැටුනෙ බේසමකට උනත් බෙසමට පතුලක් තිබුන් නැති වෙනකොට වතුර දෙබෑකරන් මාව පතුලක් නැති ආගාදෙට වැටෙනකොට මම කෑගැහුවා.....
වේදනාවට.....
මරන බයට මේ ඔක්කොටම මම වතුර යට උනත් වතුර පෙවි....පෙවි....කෑගැහුවා....
අග්නී.....හ්හ්...අග් .....නී...හ්හ්.....
මයෙ පුතා.....
මයෙ පුතා...මොකද මේ....
අග් ...අග් ..අනේ...හ්.....අනේ....අප්...අප්පච්චි ...අප්ප..චි....
හීනයක්....
දෙවියන්ට ඔප්පු වෙන්න ඒක හීනියක්.....
අනෙ දෙයි හාමුදුරුවනේ....අනේ...ඒක හීනයක්.....
දාඩියෙන් නෑවිලා උන්න මාව වත්තම් කරන් උන්නෙ අප්පච්චි වෙනකොට මට මගෙ ඇස් දෙක වත් ඇරගන්න බැරි උනා....වේදනාවෙන් කෑ ගහලා...කෑ ගහලා අවසානෙදි මම අවසානෙදි යන්තම් ඇස් අරිනකොට මම මුලින්ම දැක්කෙ අප්පච්චිගෙ පිටිපස්සෙන් තිබුන බිත්ති ඔරලෝසුව වෙනකොට ඒකෙත් වෙලාව පහයි කාල උනා...
පහයි කාලයි...!ආයමත්....ආයමත්....ඇයි දෙයියනේ එකම වෙලාව....ඇයි....අනේ..ඇයි......ආයමපහයි කාලයි....ආයමත් පහයි කාලයි....!!!!
අනේ...අනේ...අප්...අප්පච්චි ...අප්පච්චි ...
මම.කෑ ගැහුවා....
මයෙ පුතා ..මයෙ පුතා.....මොකද දෙයියනෙ මේ ....උඹලා මොන මගුලටද බය උනෙ...කොල්ලො...ඇස් ඇරපන්....
අප්...අප්පච්චි ...අනේ.....වෙ...වෙලාව....වෙලාව....වෙලාව කීයද බලන්න අප්පච්චි ....වෙලාව...කීයද.....
ආදරෙන් බැදිලා උන්නෙත් යකෙක් එක්ක වෙච්ච මම බය වෙලා උන්නා...මම එදා ඉෆ්‍රිත් ට බය උනා වගේම බය වෙලා උන්නා... .....මම ඇස් වහගත්තා...පපුව ගැහිලා ගැහිලම පැලිලා යයි කියන තැනටම එනකොට මම අප්පගෙ බෙල්ලෙ එල්ලීගන අප්පච්චි අනේ.. අප්පච්චි වෙලාව කීයද ඇහුවා ....
යන්තමට දොලහා පහු උනා විතරයි ...උඹ ඇදිවත පිටිම්ම නිදියලා...
දොලහා පහු උනා විතරලු .....එතකොට ...අර ඔරලෝසුව...????එතන තිබ්බෙ පහයි කාලනෙ....අනේ...මට පිස්සු හැදීගන එනවද දෙයියනේ මගෙ සර්වාංගෙම වේදනයි .. ඔලුව පුපුරන්න වගෙ....මම මොන ලෝකෙද ඉන්නෙ...මේ ලෝකෙ නෙවෙද දෙවියනෙ.. .. .
මම හිමිට ඇස් ඇරියා.... ....මම බයෙන් බයෙන් ඇස් ඇරියා .... ඇරලා හිමින් සැරේ අප්පච්ච්ගෙ උරහිසට උඩින් ඇස් දෙක දැම්මා....මගෙ පපුව ගැහෙනවා... වෙලාව පහයි කාලයිනම් වෙන්න එපා කියනවා .
අනෙ දෙවියනෙ පහයි කාල වෙන්න එපා....පහයි කාල වෙන්න එපා....
.
ඇත්ත....දොලහයි පහයි.....වෙලාව දොලහයි පහයි.....
එතකොට අග්නි...අග්නි කෝ.....මෙච්චර දෙයක් වෙලත් එයා කෝ...ම්ම්
මම කෑගැහුවෙ අග්නී අග්නී ගගා...එතකොට අග්නි කියලා කෑගහනකොට අප්පච්චිට ඇහෙන්න ඇතිනෙ....මම අප්පච්චි දිහා බැලුවා.....
උඹට වැඩ කරන තැන ප්‍රශ්නද මයෙ පුතා....?උඹට වැඩ වැඩිද
න්න්..න්න්....නෑ...අප්පච්චි ...ඇයි.....
නෑ....උඹ ඔය කෑ ගැහුවෙ කාටද...උඹගෙ වැඩ කරන තැන එකෙක්ටද?
මම හිතින් වද උන ප්‍රශ්නෙ....මෙච්චර වෙලාම මම වද උන ප්‍රශ්නෙ.....අප්පච්චි මගෙ මූන දිහා බලාගන වෙන විදිහකට අහනකොට මම ඔව් කියන්නද නෑ කියන්නද කියල කල්පනා කෙරුවා ....මම ඔව් කිව්වොතින් අනේ මං දන්නවා මගෙ අප්පච්චි පුලුවන් උනත් බැරි උනත්....මම දන්නවා අප්පච්චි කියනවා ගෙදර නැවතියන් මට බැරි කමක් නෑ උඹට කන්න දෙන්න කියලා ....නැවතියන් ගෙදර මගෙ අත පය හයියයි තාම කියයි...
අනේ..එහෙම කියන්න එපා....අප්පච්චිලා අම්මලා එහෙමමයි...සමහර විට අත පයට වඩා ඒ වචන හයිය උනා....
.න්න්...නෑ...අප්පච්චි ...මට ඔෆිස් එකේ ප්‍රශ්න නෑ.....
.උඹට ආමාරුයි නම් ගෙදර ඉදිල්ලා මයෙ පුතා....අට උඹව වැඩි නෑ.....මගෙ අත පය තවම හයියයි....
අනේ...ඇයි දෙයියනේ මේ...මම හිතන දේම කියන්නෙ.....ඇයි මම හිතන දේම යතාර්තයක් වෙන්නෙ...ඇයි...
මම අප්පච්චිගෙ රතු උන ඇස් දිහා බැලුවා....දවසෙම අම්මා ගාව නැහිලා.....වෙදගෙදර නැහිලා උන්න අප්පච්චිගෙ මූන දිහා බලපු මට එ වචන පපුවට බර වැඩි උනා.....
නෑ.අප්පච්චි ....මට කරදරයක් නෑ....ඒත් මේ දවස්වල මගෙ ඔලුවෙ ප්‍රශ්න වැඩියි.....
ම්ම්ම්.....ඔව්...මට දැන් තේරෙනවා....උඹට දැන් අප්පච්චිගෙනුත් හංගන්න දේව්ල්.තියනවා කියලා ...තනි පන්ංගලමෙ හිනා වෙනකොට ....වෙලාවට හූල්ල හූල්ල අඩනකොට ....කොයි වෙලෙත් ගොරකා කැලේ අස්සට රිංගනකොට .....ම්ම්ම්ම්ම්
අප්....අප්...ච්.....චි....
මාව සීතල වෙලා ගියා ...හීනෙන් බය උනා මදිවට ඉදලා ඉදලා අප්පච්චිත් මාව කරකවලා යවන ප්‍රශ්නයක් අහනකොට හීනෙන් බය වෙච්ච මට ආය ආයම හීන් දාඩිය් දාන්න ගත්තා.....
අප්පච්චි තමයි....උඹ මොනව හරි හංගනවද ?
න්න්..නෑ....අප්පච්චි .....නෑ..මං...මොනවා හංගන්නද.....මම මොනවා හංගන්නද අප්පච්චි ....අප්පච්චිට පිස්සුද.....
පිස්සු....ඔව්....අප්පච්චිට පිස්සු නම් තමයි.....අම්මත් බලාගන ඉන්නෙ උඹේ ඔය නාටක දිහා...
අම්.....මා..??
ඔව්....ඇයි මොකද ශිවන් උඹ ගොත ගහන්නෙ.....අරකි දැන් දවස් දෙක තුනක්ම උඹ ගැන අම්මට කුනු කුනු ගාලා ගියා .....
මොකී....?? ..
මෙච්චර වෙලාම අප්පච්චිගෙ ඇගට බර වෙලා උන්න් මම දනි පනි ගාගන නැගිට්ටා....අප්පච්චිගෙ මූනෙ කිසිම හිනාවක් තිබුන් නෑ....සැරින් සැරේම ඇහෙන අම්මගෙ කැස්ස හින්දා අප්පච්චි ගෙ කටහඩ බාල උනත්...මගෙ නොදරුවා නින්දෙන් කෙදිරි ගාන සද්දෙ ඇහුනම කටහඩ බාල උනත් අප්පච්චි නෙවෙ මාව අතාරින්න ලෑස්ති උනේ.....අප්පච්චි නෙවෙ මාව ලේසියකට අතාරින්න හැදුවෙ .....
අප්පච්චි කව්ද අප්පච්චිට මොකීද මොනවද කිව්වෙ කිව්වෙ කියන්නකො අප්පච්චි ....
මට අප්පච්චි ගෙ මූන දිහා බලන්නත් බය හිතුනා....ලමයව තැනක් නොතැනක් නැතිව හුරතල් කරන අග්නි මෙවෙලෙ කොහෙ ගිහින්ද කියලා හොයා ගන්න බැරි වෙනකොට මම අත පය කස කස අප්පච්චිගෙන් කව්ද මොනවද කිව්වෙ අහනකොට අප්පච්චි මගෙ මගෙ බෙල්ල දිහා බැලුවා...බලලා ආයම ඇස් හීනී කෙරුවා.....
අනෙ දෙවියනේ ....මගෙ බෙල්ල...
ශිවන්....???
අප්...අප්පච්චි ...
උඹ අල්ලන අඩව්ව මොකක්ද කියපන්.....ආ....අරකි සැරින් සැරේම ඇවිත් උඹලගෙ අම්මට එක එක මගුල් කියවනවා.....ආ ශිවන්....උඹ මොක්කද ඒ පාර නටන නාඩගම කියපන්...?
අප්පච්චි පිස්සුද එහෙම.....මම කා එක්ක නාඩගම් නටන්ඩද...?මොකා එක්ක නාඩගම් නටන්ඩද ...???මේක මේ දලඹුවෙක් වැදුන පාරක්.....
මම අහක බලගත්තා බෙල්ලෙ තිබුන රතුපාට පාරවල් දිහා බලන් උන්න අප්පච්චි සැරින් සැරේම මම නටන නාඩගම මොකක්ද අහනකොට දැහැමිනීලාගෙ ගෙවල් පැත්තෙන් යටගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහෙනවා එක්කම අප්පච්චි මා දිහා බලලා ආයම සද්දෙ ඇහෙන පැත්ත දිහා බලලා ඇදන් උන්න සරමත් ගසලා දාලා නැගිටිනකොට මමත් මගෙ අත පය කස කසම නැගිට ගත්තා .....
අරුන්ගෙ ගෙවල් පැත්තෙන් නේද සද්දෙ ඇහෙන්නෙ....
ඔව්...අප්පච්චි ...ඒ පැත්තෙන් තමයි....
මම ඉක්මනට කතාව මාරු කරන්නත් එක්ක දනි පනි ගාගන නැගිට ගන්නකොට අප්පච්චි ආයම මාව අල්ලගත්තා .....
උඹ කොහෙ යන්නද??
මම කොහෙවත් යන්න නෙවෙ...
එහෙනම්....නැගිට ගත්තෙ ..
අර දැහැමිනීලා නෙ කෑ ගහන්නෙ.....
ඒකිලා කෑ ගහන හේතුව ඒකිල හොයා ගත්තුදෙන්....මට ඔක්කොටම කලින් කියපන් උඹයි අර පොඩි එකයි කොයි වෙලෙත් කියවන අග්නියා කව්ද???....ආ ශිවන්.....උඹ මොකද ඔය.තැන් තැන් වල ටැග් ගැහෙන්නෙ.....??
අප්පච්චි .....මොනවද අප්පච්චි ඔය අහන්නෙ.....අග්නි ..මොකාද අග්නි.....
ඒක තමයි මාත් උඹෙන් අහන්නෙ...මොකාද ඔය අග්නි කියන්නෙ.....දැන් උඹ හීනෙන් බය වෙලා කෑගැහුවෙත් අග්නී ගගා....අර පොඩි එකා දවල් වරුවම අප්පුච්චියේ අප්පුච්චියේ ...අග්ගියේ ගගා අඩගහන්නෙ කාටද??මොකාද කියපන්....
අප්පච්චි සැරින් සැරේම එකම ප්‍රශ්නෙ මගෙන් අහනකොට මගෙ ඇස් වලට බයට...දුකට...මේ ඔක්කොටම කදුලු පිරුනා.....
මට එයාව නැති වෙයි කියන බය දැනුනා.....
අප්පච්චි සැරින් සැරේම මාව හොලවනකොට මට ඉබේටම දේවාලෙ දිහා බැලවුනා...දේවාලෙ දොර රෙද්දවත් හෙලවෙන්නෙ නැති වෙනකොට මම බිම බලාගත්තා....
අනේ මට කියන්න බෑ.....අනේ මට මගෙ අග්නිව පාවා දෙන්න බෑ.....
ශිවන්.....මොකාද ඔය කියන අග්නි....මොකාද කියපන්.....මායි අම්මයි නැති වෙලේ මේ ගේ අස්සෙන් තවත් පිරිමි කටහඩක් ඇහුනලු...ඒකත් එසේ මේඑ එකක් නෙවෙලූ....උඹ....කතා කෙරුවෙත් කෙදිරි ගගාලු....මට කියපන් මොකාවද උඹ ගෙට දාගත්තෙ මොන නාඩගමක්ද උඹ නටන්නෙ කියපන් මිනිහො...අම්මත් අසනීප වෙච්ච වෙලේ....අරකි සැරින් සැරේම අම්මව බලන මුවාවෙන ඇවිදින් මොන මගුල්ද මේ ඔලුවට දදා යන්නෙ.....ආ???කතා කරපන් මයෙ පුතා.....කතා කරපන්.....
අප්පච්චි ආය ආයම මගෙ ඔලුවට වද දෙනකොට සැරින් සැරේ අත පය කස කස උන්න මම අනිත් පාර කැහැඹිලියා ගෑවුනා හා සමානවම මම කසන්න ගත්තා ..මගෙ සර්වාංගෙම කසන්න ගත්තා.....කස කසම පලුදාන්න ගත්තා .. .. මගෙ බෙල්ලෙ තිබුන අග්නිගෙ දත්පාරවල් වලට රතුපාට වෙලා තිබුනා හා සමානවම කසන්න ගත්තා....
.අනේ....අප්....පච්චීහ් ...
ඒ පාර මොකද....උඹව කසනව නේද ....
කස කස උන්න මට අනිත්පාර කෙදිරි ගෑවෙන්න ගත්තා...රතුම රතු පලු මතුවෙන්න ගත්තා....කසම පලු දාන කොට මම කෙදිරි ගගා අප්පච්චි දිහා බලනකොට අප්පචි මට බැන බැන තෙල් ටිකක් ගේන්නම් කියලා යන්න යනකොට දැහැමිනීලාගෙ ගෙවල් පැත්තෙන් ඇහුන සද්දෙ එන්න එන්නම වැඩි වෙලා යනකොට මම කස කසම ජනේලේ ගාවට යනකොට මං බලාගන ඒ පැත්තම රතුපාට වෙලා තිබුනා.....
දෙවියනේ.....ගිනි ගන්නවා.......ගිනි...ගන්නවා.....!!!දැහැමිනීලගෙ ගෙදර.....ගිනි ගන්නවා....
" උඹව කව්ද ඇඩෙව්වෙ.....මම උන්ව සිය දහස් වාරයක් අඩනවනවා මැනිකෙ.....".....
දෙවියනේ ...අනේ .අග්නී...
" ඊලග එකා මොකාද???"
🙂ජොබික්කා නිදහා....ස්ස්....!!
ආයම කොටසකින් එන්නා.....ම්ම්....
මේ ළමයා බුජි....
ඔය ලමයිනුත් බුජියන්න...
මම
Ferdeesha ❤️💚😘