Ficool

Chapter 44 - 44

අග්නී....අග්නි....අග්නී.....

මම මගෙ පපුවට ගහගත්තා .....දේවාලෙ පහු කරන්..වෙද ගෙදර පහු කරන් යනකොට ගෙදර මිදුල යුධ පිටියකට අන්ත වෙලා තියනකොට යක්කුන්ගෙ ඇදිලා ගියපු අඩි පාරවල් ...හැරිච්ච අඩි පාරවල් විතරක් නෙවෙ....අගුවක පූස් මලකදකුත් තිබුනා...

අනේ...දෙයියනේ....කුප්පමේනිය නේද...

චුට්ටන්ගෙ කුප්පමේනියා...

මගෙ හිතට තවත් වේදනාවක් බරක් එකතු උනා...චූටි මල්ලි....චූටි පුතා වෙච්ච කුප්පමේනියා දරදඩු වෙලා උන්නා....

අනේ...කුප්....නෑ....දෙයියන්ට ඉස්තූති වෙන්න ඒ කුප්පමේනියා නෙවෙ...ඒ...කුප්පමේනියා නෙවෙ....

මම පපුවට අතකුත් තියාගන එතනම තිබුන කෝටු කෑල්ලෙන් පූසව අනිත් පැත්ත හැරෙව්වා...මට එක පාරම කෑ ගැස්සුනා.....පූසගෙ උඩ හම විතරයි ඇට කටු ඉතිරි වෙන්න සම්පූරනම කාලා...ඒකගෙ ඇග හුබහක් වෙලා ගිහිල්ලා....

මමඅතින් කට වහගන කෙලිම්ම ගොරකා කැලේට දිව්වා .....එකම දිගට මම හුස්මක් නොගෙම දිව්වා...ඒ හරියම එකම සුසානයක් වෙලා තිබුනා.....යක්කු අඩව් අල්ලපු හැම.තැනකම තනකොල මුලින් ඉදිරිලා ගිහින් තිබුනා....

ගස් වල අතු කදන් මේ ඔක්කොම කැඩිලා ගිහින් තිබුනා....අමනුස්ස කුයිලෙ තවමත් හතර අත උඩු හුලගෙ යනකොට මට තාමත් යක්කුන්ගෙ විලාපෙ කන් අස්සෙන් ඇහෙනවා ඇහෙනවා වගෙ දැනෙනකොට එ අස්සෙන් හති අරින සද්දයක් පවා දැනුනා..ඒ එක්කම මට අග්නිව මතක් උනා....

උඹට මට වඩා ඒකිව දැනුනද මගෙ අග්නී...

මම මුදුන කඩා වැටිච්ච ගහකට හේත්තු උනා...මගෙ පපුවට වේදනාවයි.....හාදුවක් තියනකොට ආපිට හාදු සීයක් විතර තියන ....ලගට අරන් මගෙ මැනික...මගෙ ශිවන් කියන එයාම අද උත්තර ඉල්ලපු තැන බිම බලනකොය මගෙ පපුව හත් කඩකට පැලිල ගියා .....

ඇයි මගෙ අග්නී...උඹගෙ වචන මාව පන පිටින් මරනවා අග්නී...යකෙක් උනත් මම උඹට වහ වැටිලා...යකෙක් උනත් මම උඹට පිස්සු වැටිලා ...උඹ..කිව්වා...උඹ කිව්වා කල්පයක් මං වෙනුවෙන් බලන් උන්නා කියලා ...කල්පයක් බලන් උන්න උඹ එක තත්පරෙන් වෙනස් උනෙ කොහොමද මගෙ අග්නි.....

මම අත් දෙකෙම්ම මූන වහගත්තා .....අත පය වලින් දැනෙන වේදනාව වචන කරන්න්න් බැරි තරම් වෙනකොට මම අඩ අඩෝම වතුර පාර දිහාවට ගාටන්න ගත්තා...මගෙ අග්නි.....එකිට වහ වැටුනා....ඒකිව මගෙ ඇගෙන් යවා ගන්න නම්...ඒකිව එලියට අරගන්නම ඔනා....

අග්නීහ්...

මම බෙරිහන් දුන්නා...

ඊට වඩා නරක නැද්ද මාව මරලා දැම්මා නම්.....ඊට වඩා නරක නැද්ද මාව මැරෙන්න ඇරියා නම්.....

ඇයි අග්නි ඇයි....උඹ මගෙනෙ...උඹ මගෙන් අග්නී...මට කියපන්....මම කොහොමද ඉවසන්නෙ අග්නී...

අගෙ ඇගට වැහුන එකීගෙ මූන මොකක්ද කියන්න නොදන්නවා උනත් මම එයා ඒකිත් එක්ක මෙ විදිහට ඉන්න ඇති...මේ විදිහට කරන්න ඇති මේ විදිහට තුරුල් කරගන්න ඇති මට කරන්නෙ මොනවද.....ඒ හැම දේම ඒකිට කරන්න ඇති කියන එක රූප වලින් මව මව අඩන්න ගත්තා .....

කමක් නෑ මගෙ අග්නි ..උඹට දැනුනෙ එතනන...නම්...උඹ නැවතියන්....යකෙක්ට පුලුවන්ද මං වගේ එකෙක් එක්ක ජීවත් වෙන්න.....උඹට මට වඩා ඒකිව දැනෙනවා කියන්නෙ ...මම නැති උනත් උඹට ගානක් නෑ කියන එක.....

උඹ මම එන්න එනකොට යන්න එපා කියලා වත් නවත්ත ගත්තෙ නෑ....

මගෙ මැනික මම උඹට බොරුවක් කිව්වෙ කියලා වත් කිව්වෙ නෑ.....උඹ කෙරුවෙ මට යන්න දීලා ඒකිගෙ කුයිලෙය ඉව කර කර උන්න.මිසක්.....

වෙනදට උඹ කියන්නෙ අඩන්න එපා මැනික මේ ඇස්වල කදුලු මට දකින්න බෑ ශිවන් කියපු උඹම අද මම අඩ අඩ දුවන් එන හැටි බලන් උන්න හරි අපූරුවට ....

කමක් නෑ අග්නි....එක රැයකින්...එකම එක රැයලින් උඹට මගෙ කදුලු පවා.දැනෙන්නෙ නැති වෙලා යන්න තරම් ඒකිව උඹට කොච්චර දැනිලද අග්නි .....

මම උන්නෙ ඇල ඉවුරෙ ...නිල්වලාගගෙ අතු කෑල්ලක් ගලාගන යන තැන...කිඹුල්ලු ඉන්නවද නැද්ද කියන්න මම දන්නෙ නෑ....කිඹුලෙක් උන්නත් මට කමක් නෑ..මාව පනපිටින් හරි ඇල අඩියට ඇදන් ගිහින් මඩේ ඔබනවා නම්.....කිඹුල්ලු කරන්නෙම ඒකනෙ....ඇදගන ගිහින් මඩේ ඔබලා ලල් කරලා කන එකනෙ.....ඒ කොහොම හරි...මට ඕනා උනෙ මේ දරා ගන්න බැරි වේදානාවෙන් ගැලවෙන්න....

මිනිස්සු හැමෝම කෙරුවෙ දැනුන තැන නැවතුන එක.....එහෙම එකේ...එයත් දැනුන තැන නැවතෙනවා නම්.....

මං එහෙම්ම ඔලුව උස්සලා ගස් කොලන් අස්සෙන් ලේන අහස දිහා බැලුවා ....යන්තමට ඉර පායන් ආවා විතරයි .....ඒත් ඒ ඉර එලිය වත්...පිපුන මල් සුවද වත්...තව දුරටත් මට අයිති නෑ.....

මම බලන් උන්නා....අවසානම තත්පරේ හරි....ශිවන් ඔහොම නැවතියන් කියාගන හරි මාව හොයන් ඇවිත් නවත්තයි කියලා ...ඒත් එයා ආවෙ නෑ...එයා මම එන වෙලාවෙත් කෙරුවෙ ජනෙල් කූරු වලින් එලිය බලාගන තනියම හිනා උන එක.....

ආදරෙ කියන්නෙ මේකට වෙන්න ඇති....රිදෙන බව දැන දැන බලන් ඉන්න එක.....

සාජහන් කෙනෙක් වෙන්නෙ නෑ කිව්ව උඹ දැන් සාජහන් කෙනෙක් නෙවේ..කෝවලන් කෙනෙක් වෙලා මගෙ අග්නි...අච්චර හොදට උන්න කන්නගීව දාලා මාධවී ගාවට කෝවලන්ට යන්න පුලුවන් උනා නම්....මම කව්ද අග්නි.....

මම වතුර දිහා බැලුවා....වතුර පාර හිමින් හිමින් යන්න යනවා....සමහර තැන් තද කලුයි...සමහර තැන් ලා පාටයි...එයා හරි අහිංසක විදිහට යන්න ගියා....ඒඋනත්....ඒ අහිංසක එයාටම පුලුවන් කාව හරි ඔය පතුලෙ හංගන්ඩ...එක අතකට මට කියලා දැන් අමුතුවෙන් මැරෙන්න දේකුත් නෑ...අග්නී...ආයම මගෙ ගාවට වරෙන් කියන්න හයියකුත් නෑ....

මාසයක් වත් ගෙවුන් නෑ....මං අග්නිට ආදරේ කරන්න පටන් අරන් .....ඒත්...එ දවස් පහ හය...අවුරුදු පහ හයක් වගේ....

මම මෝඩයි....හිතුවක්කාරයි....මුරන්ඩුයි ....ඒත්..කියන හැම දේම සැනින් තේරුම් ගන්න මම සක්කරයා නෙවෙ.....දෙයියොත් පරික්ශාවලට අහු වෙනවා නම්....මං වගේ එකෙක් කව්ද ....

මිනිස්සු ජීවත් වෙන්න ආසයි ආසයි කිව්වට දරන්න බැරි තැන හුගක් උන් දුවන් යන්නෙ මැරෙන්න බලාගන.....

මිනිස්සු ජීවත් වෙන්න ආසයි කිව්වට උන් වැඩියෙම්ම කියන්නෙ මීට වඩා මැරිලා ගියා නම් සැනසීමයි මට ....

එහෙව් එකේ....පිච්චි පිච්චි ජීවත් වෙනවට වඩා මැරිල යන එක සැනසීමයි ...

මං ඇස් වල කදුලු පිහිදගත්තා ...මොකද දැන් මගෙ ඇස්වල කදුලු පිහන්න අග්නි එන්නෙ නෑ.....මීටත් පස්සෙ මට අග්නිට මගෙ කියලා කියන්නත් බෑ...

ඒක ඇත්ත....මං නැහැයි කියලා මල් පිපෙන් නැතිව තියෙන් නෑ....කමක් නෑ...මේ දවස් දෙක තුනට හරි මට දරන්න බැරි තරම් ආදරයක් දුන්නට උඹට පින් අග්නි....

මට ඒකි එක්ක උඹව ඉල්ලලා තර්ක කරන්න හයියක් නෑ අග්නි.....මගෙ හිතේ වේදනාව ඇරුනම උඹ ගැන අබමල් රේනුවක් තරම් වත් තරහක් නෑ අග්නි .....මොකද ආදරෙ කරපු මිනිස්සුන්ට කවදාවත් වෛර කරන්න බෑ.....ආදරෙ කරපු මිනිස්සුන්ට කවදාවත් තරහා වෙන්න බෑ ....ආදරෙ කරපු මිනිස්සුන්ට කවදාවත් සාප කරන්න බෑ.....ඒකයි ආදරෙ හරි ආදරනීයයි කියන්නෙ ...

උඹට දැනුන තැන ඔතන නම්.....ඔතන ඉදපන් අග්නි .....උඹ සතුටින් නම්....මට ඒඇති....ස්තූතියි උඹට....මගෙ හැම මෝඩක්ම දරා ගත්තට.....

මං ඇඩුවා ..හැබැයි විලාප තිබ්බෙ නෑ ....මම ඇඩුවා .....හැබැයි අග්නිට වචනෙකින් වත් බැන්නෙ නෑ....මං එහෙම්ම චුට්ට චුට්ට පල්ලමට බැස්සා....හිත කිව්වෙ එකම දෙයයි....වතුරට පැනපන් වතුරට පැනපන් කියලා වෙනකොට මං නොන්ඩි ගගහම නොන්ඩි ගගහම පහලට පහලට තවත් පහලට ගියා .....

අග්නීහ් ....මං උඹට ආදරෙයි මගෙ අග්නි...මං උඹට ඇත්තටම ගොඩක් ආදරෙයි මගෙ අග්නී.....

ඔහෙ ගලාගන යන නිල්වලාවට පනින්න අඩියක් තියාලා මං මාව අතෑරපු අග්නිට ආදරෙයි කිව්වා...ඉතින් මෙච්චරයි ....මට මින් එහා කියන්න තව කියන්න කිසිම දෙයක් ඉතුරු නෑ.....

"පනින්ඩද යන්නෙ.....ඔහොම බෑ කැරකිලා පැනපන්"

.....අග් ...නී....

"පනින්න්නෙ ආවෙ....ඉතින් ඒක තමයි කිව්වෙ කැරකිලා බල්ටියක් ගහලා පැනපන් කියලා "

දෙවියනේ ඒ උන්නෙ අග්නි .අත් දෙකත් පපුවට බැදගන....සම්පූරනම කොන්ඩෙ මුරිච්චියක් වෙන්ඩ උඩට ගැටගහන් උන්න එයා නලල දෙපැත්තෙන් කෙස් රොදවල් දෙකක් පහලට වැටෙන්න දාන් උන්නා .....ඒ ඇස්....ඒ නපුරු බැල්ම....ඒ සීතල කටහඩ ...පලල් උරහිස් ...කන් පෙතිවල තිබුන තඹ පාට තෝඩු.....

මැරෙන්ඩ ආව මට අනිත් පාර ජීවත් වෙන්න තරම් ලෝභකමක් හිතුනා ....

ඒත් ඒ හැගීම තිබුනෙ තත්පර ගානයි.....හැඩි දැඩි පලල් ඇගෙ නියපොතු පාරක් ආයම මගෙ වේලෙන්න ඔන්න මෙන්න තිබුන ඇස් දෙක ආය ආයම තෙත් කරනකොට මං ආයම වතුර දිහා බැලුවා ..

එයා මගෙ ගාවට ආවා....ඇවිත් බිම තිබුන කෝටු කෑල්ලක් අරන් මගෙ ඉස්සරහින් ඉරක් ඇන්දා ...ඇදලා කෝටුව අතේ තියාගනම මා දිහා බැලුවා ...

"මේ ලෝකෙ වැරද්දක් කරපු එකම එකා නම්.....උඹට පුලුවන් ඔය ඉර පහු කරලා වතුරට පනින්න...."

අග්...නී....

එයා මගෙ ඉස්සරහින් ඇදපු ඉර පෙන්නලා කිව්වා මේ ලෝකෙ වැරද්දක් කරපු එකම එක්කෙනා එයා විතරක් නම්.....මට පුලුවන් කියලා ඒ ඉර පහු කරන්න.....

අග්නී....මට ..මට අනිත් මිනිස්සුන්ගෙන් වැඩක් නෑ අග්නි....

"ඇත්තට....උඹට අනිත් මිනිස්සුන්ගෙන් වැඩක් නැත්තන් ....උඹ ගෙදර ඉදන් මෙතනට වෙනකම්ම මට බැන්නෙ අග්නි උඹ අරූ වගේ...අග්නි උඹ මූ වගෙ කියලා නෙවෙද ම්ම්ම්....?"

එයා ඌරගෙ මාලු ඌරගෙ පිට තියලා කැපුවා ...මැරෙන්ඩ කියලා හිතන් ආව මට දැන් මැරෙන්ඩවත් අයිතියක් නැති වෙන්ඩ එයා අර අතේ තියන කෝටුව වබ වන මගෙ වටේ කැරකෙන මැරෙන්ඩ බය නොතිබ්බ මට එයා අතේ තිබුන කෝටුවට බය හිතුනා .....

"ඉතින්.....දැන් මොකද ...මැරෙන්ඩනෙ ආවෙ....මැරියන් ....මැරිලා පෙන්නපන් ....ම්ම්ම්....කකුල් පන නැත්තන් මට පුලුවන් අල්ල විසික් කරන්ඩ...."

අග්නි....මං මැරුනා නැතා.....ඔයාට ඒකෙන් වැඩක් නෑනෙ ඔයාට දැන් කෙනෙක් ඉන්නවා ....එහෙම එකෙ...මං.ළඟ කාලෙ කන්නෙ මොකද ....

"ඔව් ඇත්ත...මට කෙනෙක් ඉන්නවා ...ඒක හරි....හැබැයි ඌට මොලේ කියන එක වෙරළු ඇටයක් තරමට නෑ...ඇග පුරාවටම තියෙන්නෙ ගොන් කමයි බක පණ්ඩිතකමයි මුරන්ඩු කමයි විතරයි ..."

අග්...

"ශ්ශ්.....කට....කට...අරින් නෑ....."

එයා මගෙ පිටිපස්සෙනුත් ඇවිත් ඉරක් ඇන්දා....දැන් මම හිටන් උන්නෙ ඉරිකෑලි දෙකක් අතර මැද...

"මේ ලෝකෙ වැරදි කරපු එකම කෙනා මම නම්...උඹට පුලුවන් මැරෙන්ඩ.....ආය කවදාවත් මුරන්ඩු වැඩ ගොන් වැඩ කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා නම් උඹට පුලුවන් ගෙදර යන්ඩ....හැබැයි.....ඔය ඉරි කෑලි දෙකම පන්නන්ඩ පුලුවන් ....හොදට හිතලා බලලා ....උඹ මේ ඉර පැන්නත් මැරෙනවා ...මේ ඉර පැනලා පොරොන්දු කැඩුවත් මැරෙනවා ...දෙකෙන් එකක් වත් තෝරගන්නෙ නැතිව මෙතනට වෙලා හිටන් උන්නොත්....ඒත් කන්ඩ බොන්ඩ නැතුව දවස් දෙක තුනකින් මැරෙනවා ...ඔන්න මැරෙන්ඩ ආව උඹට මම තව මැරෙන්ඩ ක්‍රම දෙකක් කියලා දුන්නා ..."

මං දැන් ගිරේට අහු උන පුවක් ගෙඩිය වගෙ.....මට දෙන්ඩ උත්තර නෑ.....මං බිම බලන් උන්නා...මට ඒ පැත්තට පනින්ඩත් බෑ....මේ පැත්තට පනින්ඩත් බැ.....එක තැන හිටගන ඉන්ඩත් බෑ....

අග්නි කෝටුව වන වන ඉදලා කට කොනකින් හිනා උනා....මං ඒ හිනාවට බයයි....එයා ඉදලා හිටලා කට පුරවලා හිනා වෙනවා වගෙ නෙවෙ කට කොනකින් හිනාවෙන්න ගත්තම ඒ හිනාව පිටිපස්සෙන් හැමදාම වේදනාවක් තිබුනා ....

"ප්‍රශ්නයක් අහන්ඩද....හැබැයි ....එක උත්තරයයි.....උත්තරෙ වැරදුනොත් මං උඹට ගහනවා උඹ මැරෙනතාක් මෙ කෝටුවෙ පාර මැකෙන් නැතිවෙන්ඩ හරි..."

අග්..නි....අනේ...අග්නී....

එයා මගෙ වටේම කැරකෙනවා...මට එයා කැරකෙන දිහාව බලන්ඩ මට කැරකෙන්ඩත් බෑ...එයා කෙරුවෙ මාව සම්පූරන කොටු කරපු එක....අතේ තිබුන කෝටුව එහා මෙහා වනන කොට හුලන් කැපෙන සද්දෙ සස් සස් ගාන්න ගත්තා .....එයා මගෙ වටේ කැරකෙනවා ..එයා ඔහොමයි....එයා මාව මානසීකව වට්ටනවා.....එයා හැම වෙලාවෙම කරන්නෙ ඔය දේමයි...ආදරේ කරන තැනදි මැරෙන්න තරම් ආදරේ දෙන අග්නිම අනිත් වෙලාවට මාව නොමරා මැරුවා .....

එයා මොකක්ද අහන්න යන්නෙ ....

.එයා අහන දෙ මොකක් උනත් මට ඒ කෝටු පාර කෑවොත් ඉන්ඩ හිටින්ඩ බැරි වෙයි කියලා හිතෙනකොට සත්තයි මාව පොලව පලාගන ඇතුලට වැටෙනවා නම් කියලා හිතුනා .....

"ශිවන්....මං මේ ප්‍රශ්නෙ උඹගෙන් අහන මුල් වතාව....වගේම අවසානම වතාව.....ඒක හන්දා.....කල්පනා කරලා හොද උත්තරයක් දියන් මැනිකෙ.....හරි ...මොකද මං කිව්වොත් කරනවා ....ගහනවා කිව්වොත් ගහනවා ....හරි...."

.එයා ඒ කතාව ආයම කිව්වා ...සත්තයි දැන් නම් මට හිතුනා අනෙ අග්නි ඔය මොකුත් ඕන් නෑ මාව මරපන් කියන්න් එයා ඒත් එයා මෙතනදි කෙරුවෙත් මැරෙන්ඩ සාදාරන හේතුවක් ඉල්ලපු එක....අවංකවම කිව්වොත් මට උනෙ ගෙදර ගියත් මැරෙන්ඩ මග උන්නත් මැරෙන්ඩ මැරෙන්ඩ ඇහුවත් මැරෙන්ඩ මාව මරපන් කිව්වත් මැරෙන්ඩ අනෙ මාව මැරිලා යන්නෙවත් නෑනෙ කිව්වා උනත් මැරෙන්ඩ .....

එයා මා දිහා කෝටුව වන වන බලාගන උන්නා .... ඒ ඇස් දකින වාරයක් ගානෙම මගෙ පිට කොන්ද දිගෙ හිරියක් යනකොට මටත් නොදැනිම මට දාඩිය දාලා තිබ්බා ...එයා කෙරුවෙ හිස ගසා දාන්ඩ ගෙනාව චූදිතයට දන් ගෙඩිය එක්ක කඩුව පෙන්නුවා වගෙ වැඩක්....එයා කෙරුවෙ එල්ලා මරන්ඩ ගෙනාව එකාට තොන්ඩුව පෙන්නුවා වගෙ වැඩක්.....

අග්නී.....ඔයා...ඔයා මොකක්ද අග්නි අහන්ඩ යන්නෙ දෙයියනෙ නාමෙට අහන මගුලක් අහපන් අග්නි.....අර දරුවා තනියෙන් නේද.....ආ අග්නි....

" උඹ මැරෙන්ඩ එනකොට ඕක හිතුවද...ම්ම්ම්...මැරෙන්ඩ එනකොට .....දරුවා තනියම කියල හිතුවද....ආ ශිවන්....??"

මට කට උත්තර නැති උනා....එයා කිව්වා වගේම මම හිතුවෙ නෑ...මම හිතුවෙ මගෙ වේදනාව විතරයි....මම දරුවට මාව ඕනා වෙනවා කියලා හිතුවෙ නෑ....

අනේ.අග්නී....

" නෑ...නෑ...එක නෙවෙ ප්‍රශ්නෙ....හැබැයි මං අහන්නෙ සරල ප්‍රශ්නයක්.....උත්තරෙ....මොක උනත් උඹ ගුටි කනවා....."

දෙවියනෙ....එයා හිනා උනා...එයා හිනාඋනා....එයාගෙ හිනාව....ක්‍රියාදාම මිනිමරුවෙක් වගෙ.....ඒ හිනාව අස්සෙ තිබුනෙ තනිකරම තරහවක් විතරක් වෙනකොට මම දඩු කදේ ගහපු එකෙක් විදිහට හිටන් උන්නා...

"මං ඒක අහන්ඩද....ම්ම්ම්..."

අනේ...අග්නී...අහන මගුලක් අහපන් අග්නී...අනේ...

" හරි.....ඇස් කන්....කට...මේ ඔක්කොම ඇරගන අහන් ඉදපන්...එකම එකපාරයි.මම අහන්නෙ....ඒකත් අද විතරයි...හරි...."

හ්...හ්..හරි....

"ම්ම්ම්....."

එයා කැරකෙනවා...හරියටම දර සෑයක් උඩ තිබුන මල මිනියක් වටෙ කැරකි කැරකි.මන්තර ජප කරනවා වගේ එයා කැරකෙනව...

" අධීර මහ්නෙද්‍රන්.....ශිවන් නිශ්මික ...උඹට මාව විස්වාසද...නැද්ද..."

එයා ඒක ඇහුවා...හැබැයි...ඒ අහපු කටහඩ.....ඒක ඇතුලෙ තිබුනෙ තනිකරම වේදනාවක්...තරහවක් ....නපුරුම නපුරු කමක් වෙනකොට මං බලාගන ආයම එයාගෙ ඇස් දෙක රතුම රතු උනා...එයා අහනවා...එයා අහනවා.....මට එයාව විස්වාසයිද කියලා ...අනේ දෙයියනේ...මට එයාව විස්වාසයිනෙ....

මම එයා දිහා බැලුවා....එයා මා දිහ බලන් ඉන්නවා....එයා මේක අහන අවසානම වතාව කිව්වා...ආය අහන්නෙනෑ කියලත් කිව්වා....

අග්නි.....

" ඔව් නම්...ඔව්...නෑ නම්...නෑ....හේතු ඕන නෑ...ඔව් කිව්වත් හේතුව මම දෙන්නම්...නෑ කිව්වත්...හේතුව මම දෙන්නම්.....හරි...කියපන්...ඔව්ද....නැද්ද....ම්ම්ම්...."

ඔව්....දෙයියනේ...ඔව්...ආ....ව්ව්හ්....අනේ...අ...ග් ...භ්භ්...භ්භ්...භ්භ්.....

"ශ්ශ්ශ්....සද්ද කරන්න එපා...මොකද....උඹ කෑ ගැහුවම....ඊයෙ දුවපු යක්කු ...ආයම එන්න පුලුවන් ....උඹ වැරදි කරනව නම් ඉවසන්න පුරුදු වෙයන්....."

භ්භ්...භ්භ්..බ්බ්..ක්ක්...බ්න්...

එයා ගැහුවා.....එයා මට අර කෝටුවෙන් අත දිගෑරලම ගැහුවා...මැරෙනතාක් ඒ පාර නොයන්නම එයා ගහපු පාරට මට කෑ ගැස්සෙනකොට එයා මගෙ කට මිරිකගත්තා ...මිරිකගන මාව එතනම තිබුන ලොකු ගහට හෙත්තු කරගත්තා ...ඒ ඇස්....ඒ ඇස්වල ලේ නහර පිපිරිලා යන්න තරම් ඉලිප්පිලා.....එයා හයියෙන් හුස්ම ගන්නවා..මගෙ ඇස් වලින් කදුලු වැටෙන්වා...

" උඹට මාව විස්වාසයි කිව්වා....එහෙමයිනේ.....ආ...."

භ්භ්...භ්හ්.....ඔ...ඔ..කැහ්...කැහ්....අනෙ..ඔ...ව්

".විස්වාසනම්.....උඹ කොහොමද මෙතන ඉන්නෙ ශිවන් ....ම්ම්ම්...විශ්වාස නම්....උඹ කොහොමද මෙතන ඉන්නෙ..මට දැනෙන කෙනා උඹම විතරක් කියල දන්නවා නම්.....කල්පයක් තිස්සෙ බලන් උන්නෙත් උඹ වෙනුවෙන් කියලා දන්නවා නම්...කොහෙවත් යන චීත්තයක් ඉස්සරහා මගෙ ආදරේ මම පාවා දෙයිද ශිවන්....ම්ම්ම්.නෑ...නේ....උඹ මේ ගුටිය කන්ඩම ඕනා...උඹ මේ පාර දෛන වාරයක් ගානෙම උඹට මතක් වෙන්ඩ ඕනා...උඹ ඔව් කිව්වත් ගුටි කනවා...නෑ කිව්වත් ගුටි කනවා ..මොකද උඹට මාව විශ්වාස නම් මෙතන ඉන්ඩ බෑ....උඹට මාව අවිස්වාස වෙන්ඩත් මං මොකුත් කරලා නෑ...මේක පලවෙනි වගේම අවසාන වතාව....හරි...."

අග් ...අග්...නී.....අග්...නීහ්....

එයා මාව අතෑරියා ....වාරු නැති මාව වැටෙන්ඩ ගියා උනත් වැටෙන්ඩ ගියපු මාව එයා එක අතකින් අල්ල ගත්තා මෙච්චර වෙලාම මාරවෙසෙ පාලෙනෙ කරන් උන්න එයාගෙ රතු ඇස් හරි ඉක්මනට තෙමිලා තිබුනා....

සාදාරනයි ...මට එයාව විස්වාස නම්....

ඇයි මං මෙතනට ආවෙ....

එයා මාව ආයම ගස් කදට හෙත්තු කෙරුවා ....එච්චරයි ආය වැල් වටාරම් කියවිලි නෑ.....එයා නැවැත්තුවා ....එයා එහෙම්ම මගෙ නලලට එයාගෙ නලල හේත්තු කරගත්තා .....වේදනාවට උනපු කදුලු නාස් පොල්ල පහු කරනකොට එයැ මාව ඇදලා අරන් තුරුල් කරගත්තා ...ටිකක් නෙවෙ කිටි කිටියට .....

"දන්නවද මැනික....මං උඹ ගාව කොයි තරම් වෙලවක් උන්නා උනත්....මට ඒ උන්න කාලෙ කවදාවත් ඇතියි කියලා හිතුන් නෑ මගෙ ශිවන් ....මං උඹට කියනවා හැමදාම උඹ කියන්නෙ ඇබ්බැහියක්.....උඹ කියන්නෙ අධිමාත්‍රාවක් ....උඹ කියන්නෙ තනිකරම මෝහනයක් මගෙ ආදරෙ ජාති ජාතිත් උඹට විතරයි ...ආදරේ කරනකොට හිඩැස් තියන්න එපාය කියනවා...මොකද පෙරේතයො රිංගාවි කියලා ....ඒත් මැනික....මාත් යකෙක්නෙ...මං.කොහොමද ආදරේ අස්සට තව උන් ඔබ්බන්නෙ.....ම්ම්ම්....මගෙ කොට මගුල...මට උඹ විතරක් ඇති ...ඔය පාර කවදාවත් මැකෙන එකක් නෙවෙ ....."

එයා මාව තුරුල් කර ගත්තා.....මගෙ නලලට හාදුවක් තිබ්බා...කෝටු පාර වැදුන වැදුන තැන එයා අත ගෑවා එක්කම මෙච්චර වෙලාම දැනුන වේදනාව යන්න යනකොට එයා එහෙම්ම මගෙ නිකටෙන් අල්ලන් මං මට නොදුන්නයි කියපු අර හාදුව තිබ්බා....

ඉතින් ප්‍රේමනීයම හාදුවක පටන් ගැම්ම....කොච්චර වෙලාවක්...කොච්චර දුරකට යයිද කියන්න නොදන්න ආදරනීයම හාදුව....

"මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ළඟ තියාගන්න ආදරෙන් ...."

අග්නී ....

ඒ හාදුව අවසානෙදි මං උන්නෙ හති දාන ගමන් ....එයා ආදරේ වැඩිම උන තැන හැමදාකම කිව්වෙ මං උඹව ඉඹලම මරනවා කියලා වෙනකොට මං.ඒ හාදුවෙ අවසානෙදි බාගෙට පන ගිහින් උන්නා....

කොච්චර ගොන් කම් කෙරුවත් ....මං හැමදාම මගෙ අග්නිගෙ ආදරේට මට පුලුවන් උපරිම ආදරනීයම නිර්වචනෙ දෙන්න උත්සහ කෙරුවා ....

නොරිකොගෙ දෙවොන්දෙරා .....මට සමාවෙයන් .....උඹ නැතුවට මල් පිපෙන් නැතිව තියෙන්නෙ නෑ නේද කියලා උඹ ඇහුවට....අග්නිගෙ ශිවන් උන මට තියනවා රහසක් කියන්න උඹට....

ඇත්ත ...මල් පිපෙන් නැතිව තියෙන් නැතිව යාවි....ඒත්....ප්‍රේමනීයම හදවතක් කියන්නෙත් එක්තරා ජාතියක මලක්.....ඉතින් උඹ නැති උනා කියලා මල් පිපෙන් නැතිව යන්නෙ නැති උනත්....අර මල සදහටම පරවෙලා යාවි....මට කියන්න තියෙන්මෙ මෙච්චරයි ....ඇදුම් වල සුවද ඉතින් කරලා යනවා වෙනුවට ඒකිව දාලා නොගිහින් ඉදින්...කබුකියක් රස විදලා....මිදොරියට ගිහින් උනු උනුවෙන් මොනවා හරි එක දෙයක් හරි කාලා පිපෙන සකුරාවක් බලපන් දෙවොන්දෙරා ....අන්න එතනයි ආදරේ තියෙන්නෙ....

අග්නි....

"ම්ම්ම්"

එයා උන්නෙ මාව වඩාගන.....මෙච්චර ගුටි කාලත් ලැජ්ජාව කියන දේ පොදක් නැති මං අර පරන බහුභූතෙම අහනකොට එයා මා දිහා බලන් ඉදලා එයාගෙ ඇදිවත අස්සෙන් රිදී පාට කාසියක් ගත්තා ....

"අල්ලන්න එපා උඹව පිච්චේවි ...."

ඒකි මේක ඇතුලෙද අග්නී...

"ම්න්..."

දැන් මේකට මොකද කරන්නෙ...

එයා ආයම අර කාසිය ඇදිවත අස්සෙ හංගගත්තා .....

"උඹලගෙ මිනිස්සු මහ මෝඩයි මගෙ ශිවන් ....සමහර කට්ටඩි ඉන්නවා රැයක් එලිවෙනක් නටලා නටලා...අවසානෙදි අල්ලගන්න පෙරේතයව මෙන්න් මෙච්චර කුප්පියක් අස්සට දාලා ගලාගන යන වතුරට දානව...ඕන් ඔය කුප්පිය ගග දිගේ ගහන් ගිහින් මහ මූදට වැටෙනවා...ම්ම්....මහ මූදට වැටුන කුප්පිය පාවි පාවි ගිහින් ආයම ගොඩට ගහනවා....හිතපන්....මයෙ එකා වගෙ හය හතර නොදන්න පුංචි උන් ඔය බෝතල් අහුලගන්නවා....උන් ඔව්වා අරින්ඩ හදනවා .....ඇරපුවාම මොකද වෙන්නෙ තරහෙන් වේදනාවෙන් ඉදපු පෙරේතයා අර ඇරපු එකාට හරි වෙන එකෙක්ට හරි වැහිලා ආයම හදි කරන්ඩ ගන්නවා ....මේකට කරන්ඩ තියන එකම දේ මේකිව ජය ශ්‍රී මහ බෝධියට භාර කරවන එක...තේරුනාද මයෙ අම්මට...."

එයා මගෙ කම්මුලට ආයමත් හාදුවක් තියලා මැරෙන්ඩ හිතාගන ආව මෝඩ මාව මැරෙන්ඩ ගහලා මැරෙන්ඩ ඉඹලා ආයම වඩාගන ගෙදර එනකොට ගහක ඉදිලා තිබුන ගොරකා ගෙඩියක් කඩා ගත්තු එයා ඒකෙ මදෙ මගෙ කට අස්සට එබුවා...

ම්ම්ම්...

"කොට මගුල ..."

අග්නී.....

"ම්න්..."

වහලෙ උලු බිදිලනෙ....

අප්පු...ච්චියෝ....අති....අතිනේ.....අග්..අග්..අගියේ....අති...නෙ...අමන්ජී...හ්....අති...නේ....තූ....ති....පුතා.....

එයත් එක්ක ගෙදර ආවමම මිදුලෙ තිබුන හැම වලක්ම වහාලා දාලා ලමයට සෙරිලැක් එකක් හදල අපේ කාමරේ මෙට්ටෙ උඩ ඉදන් ඒකට කවන ගමන් උන්නා...නිඛිල් ඇදලා දාපු අල්මාරියෙ රෙදි සීසීකඩ වෙනකොට මගෙ යක්ශ සුවාමි පුරුශයා වෙච්ච මගෙ ආදරනීයම අග්නියා මගෙ ශර්ට් එකක් අතේ තියාගන ඒක නවාගන්න දන්නෙ නැතුව ඔලුව කස කස ඉදලා ඒකට බැරිම තැන ඒක ගුලි කරලා මුල්ලක එබුවා....දැන් ඔව්වා මදින්ඩ මට අයන් එක උඩ නගින්ඩ වෙනවා...මූ දැන් බාගෙට බාගයක්ම අබරලා ගුලි කරලා හිඩැස් වලට ඔබලා අවසානෙදි අල්මාරිය දොර වහලා දාලා මා දිහා බලලා තව හිනාත් උනා....

අප්පුච්චියෙ...ම්හු....ක් අතිනෙ.....හ්හ්

හා....ඇති නම් ඇති .....මේ ජෝ බොන්ඩ ....

ම්ම්ම්ම්...

අග්නී...හ්

"ඇයි බන්....ඇයි....මොකද ..."

කන ඇහෙන් නැද්ද ...වහලෙ උලු බිදිලා ..

"අනෙ මේ...මාව නම් මේ කට්ට අව්වෙ නග්ගන්ඩ හදන්ඩ එපා මගෙ අතපය රිදෙනවා උඹගෙ ගොන් වැඩ හින්දා ....යකෙක් උනත් මටත් අමාරුයිනෙ බන්....වදෙ....නේද පුතේ....."

ඔව්.....අමාරුයි..නෙත...පුතෙ.....නේ..අග්ගියෙ....අමා...ලුයිනෙ...බන්...නකෙක්.....ත.....

ආ....ආ.....ආ...ඔය මොනවද ඔය කියන්නෙ ආ....

පොඩි ඇටයා මෙට්ටෙ උඩ දපනෙ දාපු අග්නිගෙ බඩ උඩ ඉදගන වචන මාරු කරලා එයා කියවපුවා කියවනකොට අග්නියා ඇස් වහන් කට කොනින් ලාවට හිනා උනා...ඒ...මනමාල හිනාව ....

මං වහල දිගා බැලුවා ....අග්නි සාදාරනයි ....මටත් නගින්ඩ බෑ.....ඒ ටිකකිම්ම අමන්දියලාගෙ ගෙදරින් අදත් කාගන්න සද්දෙ ඇහුනා .....

චුට්ටන්...

මට ඉබේටම චුට්ටන්ගෙ නම කියවුනා....ඕකව වහලට නැග්ගුවා නම් හරි.....

"කොහෙද යන්නෙ"

චුට්ටන්ව එක්ක එන්ඩ....

"ඒකට පුලුවන්ද වහලට නැගගන්ඩ....?"

පුලුවන් ...ඒත් ඕකා අත ගහන උලුකැටෙ ගානෙ ගෙවන්ඩ වේවි....

මං ලමයව අග්නි ගාව දාලා අමන්දිලාගෙ ගෙදර ආවා....ඒ ගෙදර එකම යුද්දයයි ...උන් තුන්දෙනා කා ගන්නවා ඉවරයක් නෑ...

මන් ගේට්ටුවෙන් ඇතුලට එනකොටම මූන කොරහක් කරගත්තු අමන්දියා ඉසරහ ඉදන් උන්නා....ඒකි ගාවම කුප්පමේනියත් උන්නා....චුට්ටන් අනිත් එකා එක්ක කාගන්න කොට අමන්දියා කුප්පමේනියා එක්ක කියවගන්නවා ..උන්ගෙ අම්මා ගෙදර නැති දාට ගේ ඇතුල යුද්ද පිටිය වගෙ....

මියෑ...ව්.....

ඇයි පකද බලන්නෙ...

මට හීක් ගෑවුනා....අමන්දියා දිහා බලන් උන්න පූසගෙන් ඒකි වගෙ වගක් නැතුව අහපු දේ එක්ක මට හීක් ගෑවෙනකොට මන් එයි ඇතුලට එබුනා චුට්ටන්ව බලන්ඩ....

අමන්දි...චුට්‍ටන්ට පොඩ්ඩක් එන්න කියනවද ...

මං අමන්දියා ලව්වා චුට්‍ටන්ට අඩගහනකොට ඒකා කටු බොඩිය එලියෙ දාන් එලියට ආවා...

චුට්ටන්.....පොඩි උදව්වක් කරන්ඩකො...

මොකක්ද ..

අපෙ වහලෙ උලු කැට තුන හතරක් බිදිලා..මට නගින්ඩ බෑ මේ කොන්දෙ කැක්කුමක් අල්ලලා.....

කීයක් ගෙවනවද ....කැටේකට පනහා ගානෙවත්??

ම්ම්ම්.....

මං හිතුවා වගේම මූ කැටේකට අතගහන තැන ඉදන් සල්ලි ඉල්ලනකොට කරන්න දෙයක් නැති කමට මං ඔලුව වනනකොට ඒකවත් එක්කන් එන්න එනවා එක්කම අමන්දියා කෑ ගැහුවා ...

ඔන්න ඕකට බලාගන නගින්ඩ කියන්ඩ අයියෙ මුගෙ ඇගෙ හයිය කටට ගිහින්...වැටිලා කොන්ද කැඩුනොත් මාසයක් බේත් ඔරුවෙ ඉන්ඩ වෙයි...

උඹේ ඔය බලු කට වහගනින්....

🤓ඔව්.....තුත්තාන්....!!

ජොබී දැන් නිජහාස්ස්....

ආයම හෙත සෑත එනකන් පයිත්තමින් ඉන්ඩ ...

මුව පැතියා බුජි...ඔය ලමයිනුත් බුජියන්ඩ ....😘😘😘

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters