Ficool

Chapter 18 - 18

මම උන්නෙ තනි කකුලෙන්.....මගෙ ඔලුව අත පය මේ ඔක්කොම පහලට එල්ලෙනකොට ඇස්වලට නොපෙනන ඉෆ්‍රිත් ...අග්නිගෙ ඇස්වලට නොපෙන තාත්තා ...."යක්ශයා"මාව අල්ලන් උන්නා .මට කතා කරනවා තියා හුස්ම ගන්නවත් හයියක් නැතිකොට මට තේරුනා හදවතට ගමන් කරන්න ඕන ලේ පවා සම්පූරනම මගෙ ඔලුවට ගලාගන යනවා වගේ...

ඉෆ්‍රිත් හුස්ම ගන්නවා...ආයම හුස්ම පහතට දානවා...මට ඒ හුස්මෙ සීතල දැනෙනවා..අග්නිට වඩා සිය දහස් ගුනයක් ඒ සුසුම් සීතල වෙනකොට අග්නිට වඩා සිය දහස් ගුනයක් ඒ අත් ගොරහැඩි උනා.....අග්නි එක පාරක් මාව පොලවෙ ගැහුවත් කවදාවත් මැරෙන්ඩ කියලා පොලවෙ නොහැහුවත් ඉෆ්‍රිත් පොලවෙ ගැහුවොත් අඩි ගානක් පහලට වලක් හෑරෙන තරම් හයියකින්පොලවෙ ගහන බව දන්න මම මැරිලා වගේ උන්නා...

මම හුස්ම හිර කර ගත්තා .....මෙච්චර වෙලාම තිබුන වෙද ගෙදර අවසානෙදි පොලවට සමතලා වෙච්ච නටඹුන් ගොඩක් වෙනකොට යක්කු විමානෙක කුයිලෙ අදුනන මට යක්කුන්ට අයිති කුයිලෙ එකින් එක දැනෙන්න ගත්තා ...මහසොහොන් .....රීරි.....යක්කුන්ට අයිති කුයිලෙ වගේම වෙරලු කුයිලෙට එන පෙරේතයන්ගෙ අපුල කුයිලෙ මට එකිනෙක දැනෙන්න ගත්තා...වෙද ගෙදර දේව පාදෙකට අහුවෙලා කියලා හිතන්න පුලුවන් වෙන්න අස්වයෙක්ගෙ කුර සද්දෙ ඇහෙනකොට මම බලන් උන්නා...දේව පාදෙකට අහු වෙලා නම්....අනිවාර්යයෙන්ම අශ්වයා පයුන් ඇනන්‍ යනවා .ඒත්...කව්ද දන්නෙ මොන දේව පාදෙට අහුවෙලාද කියලා ...

මාව වෙව්ලන්න ගත්තා...බය වැඩි කමටම ඉතිපිසෝව මතක නැති මට අවසානෙදි අන්‍යාගම්පවා මතක් වෙන්න ගත්තා .....ඉෆ්‍රිත් හිටන් ඉන්නෙ මොන දේව පාදෙ උඩද කියන්න නොදන්නවා උනත් මගෙ කන් වලට ලාවට කුර සද්දෙ ඇහෙන කොට මගෙ හිත කිව්වෙම "සෙබදිගෙ" පුත් මහා සන්තියාගො කියලා වෙද්ද මම ඉතිපිසෝව පැත්තකින් තියලා හිතින් දෙවියන්ට කෑ ගැහුවා.....

හුස්ම හිරකන් ඉන්න මට අමනුස්ස මූකලාන අස්සෙ ඉෆ්‍රිත්ගෙ හුස්ම මීදුමක් හා සමානව එලියට එන හැටි මම අඩවන් කරන් උන්න ඇස් වලට දැක්කා.....ඉෆ්‍රිත් හුස්ම ගන්නෙම මෘගයෙක් විදිහටවෙනකොට මාව තනි කකුලෙන් උස්සන් එහා මෙහා වෙනකොට ඒ හැරෙන හැරිලි වලට මාව පන නැති සතෙක් ගානට ගස් ගල් වල පවා වැදුනා ...

කුර සද්දෙ ආයම ඇහෙනවා...එක පොලවට පවා දැනෙනවා.කවදාවත් කවමදාවත් දේව පාදයක් හරස් කරන්න හොද නැහැයි කියන්නෙ යන මග මම දන්ම හින්දම මාව බයටම වෙව්ලන්න ගත්ත.....එක්කො ඉෆ්‍රිත් මාව පොලවෙ ගහයි....නැත්තම් දේව පාදෙට අහුවෙලා අස්සයගෙ පයින් පාරට අහුවෙලා ඒත් විසික් වෙනවා...

ඉෆ්‍රිත් එහාට යනවා..මෙහාට යනවා...ඌ ඉන්නෙ තරහෙන් ....ඌ ඉන්නෙ ජම්මාන්තර තරහකින්....යකෙක්ට උනත් දෙයියන්ව දැනෙනවා දෙයියන්ට උනත් යක්කුන්ව දැනෙනවා....ඉෆ්‍රිත්ට දේව පාදෙ ගැස්ම දැනිලද කොහෙදෝ ඒකගෙ හුස්ම ඕනවටත් වඩා ඉහල පහල යනකොට ඌ මාවත් අරන් පාලුවට ගියපු ඉඩමෙ වෙන තැනකට යනකොට මම අහම්බෙන් වගේ මේ කට්ට අන්දකාරෙ ටොයිලට් එකක චායාවක් දකිනකොට මට කෑ ගැස්සේන්න ආවා.....

අග්නී...අනෙ අග්නී....උඹගෙ තාත්තා මාව අරගන ගිහින් පොලවෙ ගහන්ඩ යන්නෙ අග්නී....

මම ඇස් වලින් කදුලු හල හල කෑ ගැහුවා....බේරෙන්න දැගලුවා...මට මගෙ කොලුවව මතක් උනා ....ඉෆ්‍රිත් මාව අරගන යන්නෙ ප්‍රේත පාදෙ දිහාවට වෙනකොට මම තනි කකුලෙ එල්ලිලා මගෙ හුසම පොද වෙනුවෙන් සටන් කෙරුවා .....

අග්නී...හ්

මං කෑ ගැහුවා ...මම අග්නී ගගා බෙරිහන් දුන්නා....අතෙ තිබුන පබලු පොට්ටනිය මම අත් දෙකෙම්ම බදාගන යට ගිරියෙන් කෑ ගැහුවා ...අග්නී....අග්නී....ගානකොට මාව උස්සන් ආව ඉෆ්‍රිත් නැවතුනා.....හයියෙන් ඉහල පහල ගත්ත හුස්ම ආයම නවතිනකොට මාව අල්ලන් උන්න අත තව තව තද උනා වගේම මට දැනුනා ඉෆ්‍රිත් මාව ඒකගෙ මූන ගාවට ගන්නවා .....මට ඒ ප්‍රාශ්වාසෙ දැනෙනකොට ඉබේටම මගෙ ඇස් දෙක පිය උනා ....ඉබේටම මට හුස්ම හිර උනා...මෙච්චර වෙලාම දේව පාදයක් උඩ උන්න ඉෆ්‍රිත් මාව ප්‍රේත පාදෙට අරන් ගියේම මරල දාන්න....

ඒත් මම අග්නි කිව්වා විතරයි ඉෆ්‍රිත් නැවතුනා....මම අඩ අඩම ආයම අග්නී ගගා බෙරිහන් දුන්නා....අනේ අග්නී මාව බේර ගන්න අග්නී ගාලා කෑ ගහනකොට ඉෆ්‍රිත් බලන් උන්නා....

ඉෆ්‍රිත් කවදාවත් නිකන් එන්නෙ නෑ....ඉෆ්‍රිත් කිසිම හේතුවකට නිකන් එන්නෙ නෑ ...ඉෆ්‍රිත්ව ගෙන්නන්න වෙනම යාග තියනවා අග්නි පවා එයාගෙ තාත්තා උන ඉෆ්‍රිත්ව දකින්නෙ ඉහේ කෙස් ගානට වඩා අඩුවෙන් වෙනකොට මොන යකාද දෙයියනේ ඉෆ්‍රිත්ව ගෙන්නුවෙ ..ඒකත්...අසරන මාව මරවන්න.....මව මරවන්න ඉෆ්‍රිත්ව ගෙන්නුවෙ මොකාද.....

මම හුස්ම හිරකරන් බලන් උන්නා.....මම.දන්නෙ නෑ....මෙතනින් එහාට මොනවා වෙයිද කියන්න මම දන්නෙ නෑ. ...අග්නී කියලා කෑ ගහනනකොට ඉෆ්‍රිත් මෙල්ල උනත් මාව ඒකගෙ මූන ගාවට ගත්තෙ මොන හේතුවට කියන්න මම දන්නෙ නැති වෙනකොට මම අග්නි කියලා මුමුනන්න කට ඇරියා විතරයි මට මතක....ඉෆ්‍රිරිත් මාව අල්ලා විසික් කරපු පාරට මීටර් ගානක් ඈති තිබුන කාර් එකේ වහල උඩට වැටුනා වගේම වැටුන පාරට මගෙ කොදු ඇට පෙල බිදිලා ගියා හා සමාන වේදනාවක් එක්ක ශටර් වල වීදුරු පවා පුපුරලා යන හැටි මට ඇහුනා.....

අග්..නි...

මට කතා කතරගන්න බෑ.....අඩුම ගානෙ හෙළ වෙන්නවත් බෑ....හෙට ඉර පායන්න කලියෙන් මම මේ මාලෙ අරගන ඇතුගලට නගින්ඩ ඕනෙ.....ඒත්...අනේහ්....මම..කොහොමද ....යන්නෙ...මම...කොහො..මද.....යන්නෙ....

මට කෙදිරි ගෑවුනා...කොදු ඇටපේලිය තව දුරටත් මගෙ නෙවෙ වගේ දැනෙනකොට අමනුස්ස මූකලානෙ තට්‍ට තනියම මම අත පය හොලවගන්නවත් බැරිව හුස්ම ඇද්දා.....මට නැගිට ගන්න බෑ.....ඇස් පිහාටු ගහන එක වහේම හුස්ම අල්ලන එක ඇරුනම මට මගෙ සර්වාංගෙන් කකුලක් අතක්වත් හොලවන්න බැරිවෙනකොට පිහිටට කාත් කවුරුත් නැති දාක මගෙ කරුමෙටම එදා හද එලිය පවා නැති වෙලා ගියා.....

පුතුකියෝ....ඔයා කොහෙද ඉන්නෙ...මගෙ....පුතුකියෝ......අනේ...පුතේ ..ඔහෙ යන්න...එප රත්තරනේ....කිරි මහත්තයා ඒවි ...

මම උන්නෙ හුස්ම ඇද ඇද....ඉෆ්‍රිත් ගහපු පාරට මගෙ කොදු ඇට පෙල ඇද උනා හා සමානව දැනෙනෙකොට මට දැනුනා මගෙ කොදු ඇට මැදින් ඉහලට ඉස්සිල්ලා කියලා....ඒක හරියටම කියනවා නම් නිදාගන ඉන්නකොට මගෙ කොන්දට යටුන් කොට්ට දෙක තුනක් තිබ්බම බඩ හරියෙන් උඩට නෙරුවා හා සමානව මගෙත් නඩ හරියෙ උඩට නෙරලා තියනකොට මම හෙළ වෙන්න හැදුවා...

කාත් කවුරුත් නැති මූකලානෙ ඉදලා හිටලා බස්සෙක් කෑ ගහනකොට ඈතම ඈතින් උලලේනියෙක්ගෙ ඇඩියාවක් එක්ක කොල පොඩි වෙන සද්දයක්.....ආයම හුරු පුරුදු කටහඩක්.....ඇඩුම් විලාප ගොඩක් බිමට සමතලා වෙලා ගියපු වෙද ගෙදරින් ඇහෙනකොට කෑ ගහන්න වත් පන නැති මම ඇගේ තියන අවසානම හයිය හරි එකතු කරන් නැගිටලා මේ මූකලානෙන් දුවන්න හැදුවා...ඒත් බෑ....මම අත පය හොලවන්න හැදුවා. ඒත් බෑ....මම ඇගිලි හොලවන්න හැදුවා...ඒත් බෑ....අඩුම ගානෙ අනේ මට කවුරු හරි උදව් කරන්ඩ කියලා කෑ ගහන්ඩ හැදුවා ...ඒත් බෑ.....

මම අසරන උනා..මම වචනවලට පෙරලන්න බැරි තරමට අසරන උනා...ඇහුන හුරු පුරුදු කටහඩ උක්කුවගෙ වෙනකොට අනේ ඒකා මැරිලත් දොන්තෙට දොන්තේ කතා කරන හැටි මගෙඇස් වලට ගෙනාවා...

මට...සමාවෙයන්...උක්කුවො...මං...වැල අමුනලා තියන්නෙ වැරදියටලු උක්කුවෝ...

ඇස් කොන් වලින් කදුලු කැට උනුසුමට කඩාගන වැටෙනකොට මම කාර් එකෙ වහලෙ උඩ ඒ උන්න විදිහටම ඉන්නකොට උක්කුවගෙ කට හඩ ළඟ ලගම ඇහුනා....ඒ උනත් මට මගෙ බෙල්ල හරවගන්නවත් විදිහක් තිබුන් නෑ..

පුතුකියො...අනෙ එන්නකො පුතේ මේ රෑ තිස්සෙ පාරවල් ගානෙ යන්ඩ එපා පුතේ...

උක්කුන් පුතා...උඹලා මේ රෑ තිස්සෙ කඩ කඩ ගානෙ යනවා නෙවෙ ...

අපෝ...අත්තම්මෙ...ඉදි ආප්පයක් වත් ගිලින්ඩ දීපල්ලකො....උඹලා අදත් ලිපට කරලා තියෙන්නෙ කෝරා හාල්නෙ....ඇරත් උබට අමතක උනාද මගෙ කිරි මහත්තයා එනවා කිව්වා අද...

ඇයි....උඹගෙ කිරි මහත්තයට ලොකු ඇට හාල් ගිලෙන් නැද්ද...උඹ වගේ නෙවෙ ඒ කොලුව දෙන දේ ගිලිනවා....

ඒ කොලුවා ගිල්ලට...මේ කොලුවා ගිලින් නෑනෙ....එන්න පුතුකියො අම්මියා වඩා ගන්න...

මං අහන් උන්නා.....සමතලා වෙච්ච බිත්ති අස්සෙන් පෙරිලා එන උන්ගෙ කටහඩවල් මම අහන් උන්නා...උක්කුවා කිරි මහත්තයා එනකන් බලන් උන්න හැටි මම අහන් උන්නා...වෙද හාමිනේ කිරි මහත්තයට හොද කියන හැටි මම අහන් උන්නා....

දෙයියනේ...එතකොට ....එදා මූව බලන්න එනකොටයි විසල්ව මැරුනෙ කියන්නෙ.....එතකොට ...එදාමද...මේකවත්...හැප්පිලා මැරුනේ....

වෙච්ච කෙරිච්ච දේවල් ආය ආයම මහ මූකලානෙ චිත්‍රපටයක් වගේ දිගෑරෙනකොට කාර් එකෙ වහලෙ උඩ මලකදක් හා සමානවම වැටිලා ඉන්නකොට මම ඒ හැම දේම අහන් උන්නා.....

තත්පර ගානක් ගියා....වෙද ගෙදර හැලහොලමනක් නැතුව ගියා .....ඒ එක්කම ලතෝනි ගහන සද්දයක් ...හූ ටියන සද්දයක්...වෙද හාමිනෙ බෙරිහන් දෙන සද්දයක් බලුපැටියෙක් අඩන සද්දයක් මේ ඔක්කොම එක උඩ එක උඩ ඇහෙන්න ගන්නකොට ඉදි ආප්ප ගේන්න ගියපු උක්කුවා ආයම ආවෙ පන පිටින් නෙවෙ කියන එක ආය ආයම මගෙ ඇස් පනා පිට පේනකොට මට දැනුනා කාර් එකේ බොනට එක බර වෙනවා.....

කාර් එකට කවුරු හරි නැග්ගා....කාර් එකේ ඩිකියත් බර උනා...පිටිපස්සටත් කවෘ හරි නැග්ගා....

නැග්ගෙ කව්ද කින්ද මන්ද නොදන්නවා උනත් ඒ නැග්ග එකම එකෙක්වත් මනුස්ස ආත්ම නෙවෙ කියන්න දන්න මට බයටම පන යන්න ආවා ...වෙද ගෙදරින් ඇහෙන විලාප ....වෙද හාමිනෙ උක්කුන් පුතේ කියන විලාප මේ හැම වේදනාත්මක විලාපයක් එක්කම වෙද හාමිනේටත් නහරයක් ගහලා ගියා කිය කිය මිනිස්සු කෑ ගහන සද්ද එක්ක සැරින් සැරේම කෑ ගහලා අඩන උලලේනියගෙ ඈඩියාව එක්ක මට මරන බය දැනෙන්න ගන්නකොට මගේ කාර් එක එන්න එන්නම හෙලවෙන්න ගත්තා ..මගෙ කාර් එක පැත්තට පැත්තට බර වෙන්න ගත්තා ...හරියටම කරට ගත්තු මිනී පෙට්ටිටක් උලුවැස්ස පහු කරනකොට පැත්තය බර වෙනවා හා සමානවම කාර් එක බර වෙන්න ගත්තා ....

බලු පැටියගෙ උඩු බිරුම කාර් එක වටෙම්ම ඇහෙනකොට මගෙ කොදු නාරටිය ගාවින් සීතලක් ගියා ...

උඹලට අමාරුද පුතේ...

උක්කුවා ....ඒ උන්නෙ උක්කුවා ..මං දැගලුවා ...ඒත් මට අත පය ගසා ගන්න බැරි උනා .....උක්කුවා ගාවින් එන ෆෝමලීන් ගදට ඉහ මොල කරකුට්ටන් වෙන්න එනකොට ඒකගෙ අයිස් කුට්ටියක් හා සමානවම සීතල අත මගෙ කොදු නාරටිය පුරාවටම ගියා වගේම එක අතක් මගෙ බඩ මැදට තියලා උඩට නෙරපු බඩ ආපස්සට තල්ලු කරපු උක්කුවා මාව මුනින් අතට හරව හරව මගෙ නිල අත ගෑවා .

උඹලා බලාගනද උන්නෙ.....උඹලා බලාගනද උන්නෙ ශිවන් ...මොකදැයි උනේ කියලා ...උඹලා බලාගනද උන්නෙ.....

උඹ එනකන් ...අපි බලන් උන්නා .....උඹ ලව්වා මාලෙ අමුනවන්...මේ වේදනාවෙන් ගැලවෙන්න බලන් උන්නා.....අන්තීම අඩියෙදි...ඇයි පුතෙ උඹ වැරද්දුවෙ....

උක්කුවා කියවනවා ..උක්කුවා උගෙ සීතල ඇගිලි ව්ලින් මගෙ කොදු නාරටිය දිගේම අත ගගා කියවනවා.....එකා අහනවා ඇයි මම අවසානම අඩියෙදි වැරද්දුවෙ කියලා ....

අත්තම්මත් නැති උනා....සීයා තාත්තත් නැති උනා....කිරි මහත්තයත් නැති උනා.....උක්කුන් පුතා විතරක් නෙවෙ.....පුතුකියව පවා මැරිලා ගියා ශිවන් .....අපි මැරුන් නෑ...අපිව මරා ගත්තා ...අපි මැරුන් නෑ...අපිව මරව ගත්තා ....බල බිදවලා....ආරක්ශා බිදවල.....සීයා තාත්තව මරවලා තිබ්බා...මගෙ කිරි මහත්තයව පත්තර පිටුවක් වෙලා තිබුනා .උක්කුන්පුතා. . අනේ . උක්කුන් පුතාට රිදුනනෙ.....උක්කුවට....රිදුනා...මැරෙනකොට රිදෙනවා...අනේ මැරෙනකොට....රිදෙනවා....උක්කුවව....වීසිවෙලා ගිහින් ලයිට් කනුවෙ වදින කොට උක්කුවට රිදුනෝ....අයියෝ.....කිරි මහත්තයා .....

මං බලන් උන්නා.....අත්තම්මා උඹට සීදේවි කොල්ලා කිව්වා...මම උඹට කන්ඩ ඉදිආප්ප ගේන්ඩ ගියා ...පුතුකියා උඹ ගේන රබර් බෝලෙ ගන්ඩ බලන් උන්නා.....ඒත් උඹ ආවෙ නෑ...ඉදිආප්ප ගේන්ඩ ගියපු උක්කුවා ආවෙත් නෑ.. .වෙද කමට ගියපු සීයා තාත්තා ආවෙත් නෑ...මාව දැකපු අත්තම්මා ඉතුරු උනෙත් නෑ.....ශිවන්...නැගිටපන්....නැගිටපන් .ශිවන්....අපි...බලන් උන්නා...උක්කුවා බලන් උන්නා....අපි හැමෝම බලන් උන්න....අපි ..හැමෝම...බලන්..උන්නා .....

උක්කුවා අඩනවා..කෑ ගගහා අඩනවා...ඉෆ්‍රිත් විසි කරපු පාරට ඇඹරිලා ගියපු අත පය උක්කුවහෙ සිතල අත් වලින් ආය ආය හරි විදිහට හැදෙනකොට ඌ මට නැගිටින්ඩ කිව්වා...එයාලා හැමෝම බලන් උන්නා ගගා ඇඩුවා ..උක්කුවට රිදුනා කිය කිය ඇඩුවා ... උන්ව මරා ගත්තා කිය කිය ඇඩුවා .....

ශිවන්....නැගිටපන්....ඉර නගින්ඩ කලියෙන් ...ආයම මේක අමුනපන් ....මේක අමුනලා...අදාල එකාව අදාල තැනට දාපන්....මේ වේදනාවෙන් අපිව බේරපන් ශිවන් .....

මෙච්චර වෙලාම වේදනාවයි වේදනාවයි ගගා උන්න උක්කුවා මාව ඇදලා අරන් ඉන්දෙව්වා ...මට ඉදගන්න බෑ....කොදු ඇට පෙල පපඩම් කුඩු කරනවා වගෙ ටක ටකස් ගානකොට උක්කුවා මාව බිම දාලා පෑගුවා...

නැගිටපන්...නැගිටපන් ශිවන්...නැගිටපන්.....අද අමාවකක්....අද අමාවකක්...නැගිටලා මේක අමුනපන්...මේක අමුනපන්....මේක අමුනපන්....

මම ඉදගත්තා ..ඌ මාව බිම දාලා පෑගුවත් එක්කම මම ඉදගත්තා ...මම දන්නෙ නෑ..මෙතන උන්නෙ ශිවන්ද...නැත්ත...න්..ශිවන්ව පාගගත්තු අමනුස්ස හයියක්ද කියලා....වරු ගානක් අඩ අඩ ගොතපු මාලෙ මම කාර් එකේ ලාම්පු එලියෙන් අමුනන්න ගත්තා .....තන්ගුසට අමුනපු ඉදි කටුව සැරයක් දෙසරැයක්ම මගෙ ඇගිල්ලක් පසාරු කරනකොට දබැරැගිල්ලෙන් ලේ බිංදුවක් මතු උනා වගේම මට ඒ ඇගිල්ල කටේ දාගන්නඩ වත් හම්බුන් නෑ ..පිට පුපුරලා යන්ඩ වැදුන පාර එක්ක මාව ක්ලාන්තෙ වෙන්න ආවා...

තොට ඕනේ මෙතන මැරිලා යන්ඩද....අමුනපිය....කල්පනාවෙන්..තෝව රකින්ඩ ඉන්නෙ මං විතරයි ....

මට හුස්ම හිර වෙන්න ආවා....ඒ පාර අග්නි ගහනවා වගෙ නෙවෙ .අග්නි ගහන ඒවා රිදුනත් මේ තරම් හයියෙන් ගහලා නැති වෙනකොට මම පිටට වැදුන පාර එක්ක පපුවට අත තියාගත්තා . ...ඇස් වලින් වටෙන්නෙ කදුලුද නැතිනම් ලෝදියද කියලා හොයන්න බැරි තරම් කදුලු කැට උනුසුම් වෙනකොට මම අඩ අඩම...කෑ ගගහා.....වේදනාවෙන් ඒ මාලෙ අමුනන්න ගත්තා ....

ලොකු ඇට වල ඉදන් පිලිවලට පොඩි ඇට අමුනන් අමුනන් එනකොට උක්කුවට ඉස්පාසුවක් නැති උනා...

අමුනපන්..අමුනපන්...අමුනපන් යකො...අමුනපන්.....අමුනලා...ඕක අරන් පලයන්...ඕක අරන් පලයන් ...උඹ ගව් ගානක් අඩු කරවගත්තා හින්දා....උඹ ඕක අරන් පලයන්...ඇතුගලට....නැගපන් කන්ද මේ මහ රෑම....කකුලට සෙර්‍ර්ප්පුවක් වත් නැතිවම නැගපිය ...කකුල් වලට ගලේ සීතල දැනෙඩ දීපිය.....

ඉල්ලපිය....අග්නිගෙ හිතෙ ගින්දර අඩු කරන්ඩය කියලා ....ඉල්ලපිය...උක්කුවගෙ වේදනාව නැතින්කරන්ඩ කියලා ....කියාපිය අමුනපු ඇටයක් ගානෙම උන්ගෙ ප්‍රාර්තනා ඉශ්ට සිද්ද කරන්ඩ කියලා ....පලයන්...උඹට පිනකට හම්බුන වාසනාවට මේ ඇටපොට උඹ ආයම හරි ගැස්සුවා...දැන් ඉතින් පලයන්....උඹ පස්සෙන් යක්කු ප්‍රේත අමනුස්ස කුම්බාන්ඩ පිසාච හැත්ත පොර බදීවි...සිහි කරාපිය බුදු ගුන...සිහිකාරපිය අනන්ත බුදුගුන....

සිහිකරාපිය දේව මන්ඩලේම ඉන්න තිස් තුන්කෝටියම....තෝ ගලට පය ගහන වාරයක් ගානෙම තොගෙ කකුලෙ අදීවි..එපා ඔය එක එක කොලයක් වත් බිමට වැටෙන්ඩ දෙන්ඩ...

අග්නිව අයිති ශිවන්ට මිසක්...වෙනකාටද..උක්කුවව අයිති....ඒකගෙ එලාට මිසක් වෙන කාටද...හරි ගස්සපිය...මෙච්චර කල්ම වැරදි පුරුක් පෑස්සුන කතාව අය ආයම පාස්සපිය....

ඒලගෙ ආදරෙ උඹ මිසක් වෙන කව්ද.....කල්ප ගානක් බලන් උන්නෙ තෝ වෙනුවෙන් මිසක් වෙන කවුරු වෙනුවෙන්ද....අමුනපිය...අමුනපිය....

අතට හයිය අරන්...ඒකගෙ ආදර කතාව අමුනපිය....

මාව සට සට ගාලා වෙව්ලන්න ගත්තා...ශිවන් අයිති අග්නිට මිසක් කියනකොට මාව වෙව්ලන්ඩ ගත්තා ....හදවත යක් බෙරයක් හා සමානවම අඩව් අල්ලනකොට අමාවකේදි මං වැරදුන තැන් පාස්ස පාස්ස කෑ ගැහුවා

...

මුලු වෙද ගෙදර වත්තම අමනුස්ස කුයිලෙන් වැහිලා යනකොට ඉෆ්‍රිත්ගෙ....යක්කුන්ගෙත් යකෙක් උන ඉෆරිත්ගෙ එකම පුතා...බඩ වැල නැතිව ඉපදුනත් පිස්සුවෙන් වගේ ආදරේ කරන්ඩ පටන් අරන් තියන කල්ප ගානක් එකම ආදරයක් ඉල්ලපු ඉෆ්‍රිත් ගෙ පුතා අග්නිගෙ ආදරේ ශිවන් වෙච්ච මම අවසානෙදි අලු ගසා දාලා නැගිටින ෆීනික්ස් කෙනෙක් වගේ නැගිටලා කෑ ගහනකොට එකම වටේම උන්න අමනුස්ස ප්‍රේත කුම්භාන්ඩයො මං ගාවට තිබ්බ අඩිය ආයම පස්සට ගත්තා..

මම පොලවට ගහපු අඩි පාරත් එක්කම ගස්වල වහලා උන්න කුරුල්ලො පවා ඈතට ඉගිලිලා යනකොට අග්නිගෙ ශිවන් ටිකෙන් ටික නැගිටින්ඩ ගත්තා ....

පලයන් ....උඹට පුලුවන් ..මෙච්චරත් කරපු එකේ උඹට ඕක පුලුවන් ...පලයන් ...නියම කාලෙ එනකන් ඕක වහන් කරපන් ...අදින් අපි නිදහස් ....පලයන් ....

උක්කුවා මගෙ කන් අඩි පුපුරලා යන තරමට කෑ ගහනකොට මං මොන සිහියෙන් කාර් එකට නැග්ගද කියන්න උඩ ඉන්න දෙවියො වත් දන්නෙ නැතිව ඇති...රේස් කරලා රිවර්ස් කරපු පාරට මාව කාර් එක උඩට විසික් කරපු පාරට පුපුරපු වීදුරු කෑලි හැලෙනකොට කාර් එකේ ඉස්සරහ වීදුරුව මකුනු දැලක් බැන්දා හා සමානවම පිපිරිලා තිබුනා...

තිබුන ගස් කොලන්...බැදලා තිබුන හුඹස් කුඩු කරන් මං වීදුරු හැලෙන කාර් එක මග පාරට දානකොට කිව්ව් වගේම කාර් එක පුරාවටම යක්කු එල්ලිලා කියන එක මගෙ අත් කකුල් වලට දැනුනා....කහ පාට ලාම්පු එලි වලින් එලි උන පාරෙ යක්කු ගස් නගින නහ රාත්තිරියේ මං උක්කුවව හැප්පුන ලයිට් කනුව පහු කරනවා එක්කම එඩ් ලයිට් කනුව කඩාගන පාර මැදටම වැටුනා...

කහපාට ලයිට් එලි එක පැතකින් නිවීගන යනකොට නියපොතු වගේම අහුරු ගනන් ගලවන්ඩ පුලුවන් කලුම කලු රෝම ගස් පිරුන අත් බිදුන වීදුරු වලින් ඇතුලට ඇවිත් අමුනපු ඇට පොට ගන්න පොර බැද්දා...

අහකට පලයව...කාලකන්නි...හැත්ත ...

මං කුනු හර්ප පලන්ඩ ගත්තා ....අග්නි කිව්වා හරි...උන් කුනුහර්ප වලට බය නෑ....මට කාර් එක ආම් බාන් කරගන්ඩ බෑ....කාර් එක සිග් සැග් එකට පාර පුරාවටම යනකොට රෑ ටර්න් එක ගියපු කොළඹ කුරුනෑගල බස් එකක් කා ගන එනකොට මගෙ කාර් එකේ බ්‍රේක් වැඩ නැතිව ගියා ....

මං කොච්චර ස්‍ටියරින් වීල් එක හැරෙව්වත් ඒ ඔක්කොම හිර උනා...බස් කාරයා එකා කාරෙට එකා කාරෙට නැවතුමක් නැතිවම හෝන් කරනකොට මට කාර් එක කපා ගන්ඩ බැරි උනා...

අනෙ දෙයියනේ....හ්...මේ මගුල නව්තින් නෑනේහ් ..

මං.අත මිට මොලවලා ස්ටියරින් වීල් එකට ගැහුවා ...ඒත් කපා ගන්ඩ බෑ...උන් ස්ටියරින් වීල් එකේ එල්ලීගන...බ්‍රේක් එක පාගන්ඩ දෙන්නෙ නෑ ...

අශෝක් ලේලන්ඩ් එක කාගන එනවා ....මගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙනවා ...අමාවකෙ උන් මාවත්බිලි බාගන්ඩ හදනකොට මං දැක්කා බස් එකේ ඩ්‍රයිවර් ස්ටියරින් වීල් එකේ ඔලුව ගහන් ඉන්නවා ....

අනේ ...හාමුදුරුවනෙ ....මගෙ නොදරුවට අප්පච්චි නැති කරන්ඩ එපා....

බස් එකේ ඩ්‍රයිවර් මැරිලා...එක්කො නින්ද ගිහින්..ඒත් හෝන් එක දිගටම වදිනවා ..මගෙ හෝන් සද්දෙ නෑ හෙන තරමට ඌට නින්ද ගිහින් වෙනකොට කාර් එක සම්පූරනම කැර්කොප්පුවට ගෙනියන මිනි පෙට්ටියක් හා සමානවම එහා මෙහා වැනෙනකොට මං කරන්න දෙයක් නැති කමට බස් එකේ වදින්න ඔන්න මෙන්න තියලා කෑ ගහලා ඉතිපිසෝව කියන්න ගත්තා...

ඉතිපිසෝ භගවා අරහනං

සම්මා සම්බුද්ධෝ ....

.මාව වෙව්ලනවා ...මං කෑ ගගගා ගාතාව කිව්වා ...ටිකෙන් ටික ස්ටියරින් වීල් එක හැරෙන්ම හැරෙන්නකොට බස් එක වදින්න නූලක් තියලා මං කපා ගත්තා වගේම ඇතුගලට පයින් යන දුර තියලා අර කපපු කැපිල්ලට කාර් එක ලයිට් කනුවක වැදුනා...

වැදුන වේගෙ එක්ක මගෙ නලල පොඩි පට්ටම් වෙන තරම් වේගෙන් වැදුනා...එයාර් බෑග් දිගෑරුනා...සිග්නල් ලයිට් හෝන් එක එක දිගට වදිනකොට මං බුදු ගුන සිහි කර කර නොන්ඩි ගගහා ගල් පඩි නගින්න ගත්තා ...

සෙරෙප්පු නැති කකුල් වලට ගල් පඩි වල සීතල දැනෙනකොට උන් මගෙ වලලු කරවලින් ඇද්දා...

මම වැටුනා.....මම කෑ ගහලා බුද්ධන් සරනන් ගජ්ජාමී කිය කිය බුදු ගුන කිය කිය නැග්ගා....

අමනුස්සයො විලාප තියනකොට අමාවකේ යක්කු හූ තියනකොට අඩි දෙකක් නැග්ගොත් අඩි පනහක් විතරක් උන් මාව පහලට ඇදලා දානකොට පපුවෙ හංගන් උන්න පියවිල්ල,වගේම අමුනපු ඇට පොට හොය හොය උන් මාව කන්ඩ හැදුවා ...

ඒත් මම නෙවෙ නැවතුනෙ...මම නෙවෙ නැවතුනෙ...ඩෙනිම්.කලිසමෙ දනහිස් ඉරිලා ගිහින් දනහිස්වල ලෙලි ගිහින් තිබුනා

අවසානම පඩි ලන් වෙනකොට යක්ස සේනාවෙ විලාපෙ ගල් කදු පවා හොලවනකොට මං බුදු පිලිම වහන්සෙ දිහා බලලා ඇගේ හයිය නැතත් හිතේ හයියෙන් අත් දෙක එකතු කරලා සද්දෙට සාධු සාධු සාධු කියනකොට මාව මරන් කන්න හදපු පාස්සපු ඇට පොට කඩන්න හදපු පිල්ලි පිසාචයො අඩාගන දුවනකොට මං බුදු ගුන කිය කියෝම වෙද මහත්තයා මට කියපු තැනින් මං ලියවිල්ල වගෙම ඇට පොට වලලලා දාලා බුදුන් ගාව වැද වැටුනා....

අනේ හාමුදුරුවනෙ ....මං වෙනුවෙන් නෙවෙ....වේදනා විදින උන් වෙනුවෙන් සාදාරනයක් කරන්ඩ....

අග්නි වෙනුවෙන් සාදාරනයක් කරන්ඩ ....ඒ හිතේ තියන ප්‍රාර්තනා ඉශ්ට කරන්ඩ...

මන් දනින් වැටීගන බුදුන්ගෙන් පිහිට ඉල්ලුවා ...වේදනාදෙන හැම හිතක්ම සුව කරන්ඩ කියලා මං බුදුන් යැද්දා.....

හෝරා ගානක් මං දනින් වැටීගන උන්නා

අමාවක පහුවෙගන එන්න ආවා...කට්ට කලුවර අහස ටිකෙන් ටික එලි වේගන එනකොට මට සහලවලා උන ගත්තා ....

කෙලින් ඉන්ඩ පන නැති මාව වෙව්ලන්ඩ ගත්තා ...යක්කු එක්ක පොර බදපු මාව නිල් වේගන ආවා...

මං ගෙදර යන්න ඕනා...

මං.ගෙදර යන්ඩම ඕනා...මගෙ හුස්ම යන්ඩ ආව උනත්...මගෙ කොල්ලව බලලා මට හුස්ම අරින්ඩ ඕනා උනා...අග්නි.අන් උඹ වෙනුවෙන් ඒ දේ කෙරුවා කියලා ඇස් පියා ගන්ඩ ඕනා..මෙච්චර වෙලාම ඇගේ තිබුන හයිය ටිකෙන් ටික යන්ඩ යනකොට මග මැරෙයි කියලා බයට මම වැටි වැටි දිව්වා...කෑලි හැලෙන කාර් එක ගිනි ගනීද නැද්ද නොහිතම මම කාර් එකට නැග්ගා.....

අනේ...දෙයියනේ...ගෙදරට යනකන්මගෙ හුස්ම රැකපන්....ගෙ කොලුන්පැටියගෙ මූනබලන්ඩ වත් මට ඉඩ දීපන් ....

රිවර්ස් කරන වාරයක් ගානඅ කාර් එකෙන් කෑලි හැලෙන්ම ගත්තා ..ඉස්සරහා ලාම්පු සම්පූරනම කුඩුපට්ටම් වෙල තියනකොට කාර් එකට ඉතුරු උනේ යකඩ ප්‍රේම් එක විතරක් වෙනකොට මම එන්න ආවා...

මයෙ පුතා...දෙයියනේ...අනේ....මහත්තයා ....මහත්තයා .....

මම ආවා...හැබැයි මේ තාක් දුරට ආවෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ...සහලවලා උනගත්තු මාව වෙව්ලන්ඩ ගත්තා...පස්සෙ පස්සෙ නිල් වෙන්ඩ ගත්තා ....අවසානෙදි සීතල වෙන්ඩ ගත්තා ....වැට කඩුල්ල ගාවින් මට ඇතුලට එන්ස හම්බුන් නෑ..මගෙ කකුල් පන නැති උනා වගේම මාව වෙරලු ගහයට එහෙම්ම ඉන්ද උනා....මාව දැකපු අම්මා කෑගහග්න් මා ගාවට එනකොට අප්පච්චි කොලුවව වඩාගන දුවන් ආවා...අම්මාමගෙ පුතා..මගෙ පුතා ගගා කෑ ගහනකොට මම එයාව හෙව්වා..අග්නී.....මගෙ අග්නී....කටින් කතා කරගන්ඩ බැරි මම හිතින් කෑ ගහගනකොට මං දැක්කා දේවාලෙ රතු රෙද්ද හෙලවෙනවා..එයා එලියට අවා....එයා මාව දැක්කා.....

මගෙ පුතා අනේ...දෙයියො....අනේ..උඹට මොකද මේ උනේ...මොකාද..මොකාද මගෙ රත්තරනේ...මේ අපරාදෙ කෙරුවෙ..කියාපන්..කියාපන්...මගෙ පුතා..කියාපන් ....

අම්මා වැලහින්න වගේ කෑගහනකොට මාව දැකපු අග්නිගෙ කකුල් නැවතුන....ඒ උනත් මට ඕනෙ අග්නිව මගෙ ගාවට ගන්න වෙනකොට මම ඇස් වලින් එයාට අඩ ගැහුවා.....ඒත් අම්මා ඉන්නවා...එයාට එන්න විදිහක් නෑ..එයාට මා ගාවට එන්න ඕනා උනත් ඒ ගන්න විදිහක් නැති කමට එයා එහාට ගියා මෙහාට ගියා..මගෙ ශිවන්..මගෙ ශිව ගගා මිමිනුවා .....අම්මා අප්පච්චි මාව හොලවනකොට මාව දැකලා මහෙ කොලුවා බය උනා ....බඩ ඇතුලෙන් මුහුදු රැල්ල වගේ ගුලියක් කැලතෙනකොට අග්නිට එයාව පාලනේ කරගන්න බැරි තැන මිදුලෙ උන්න පූජාවට කරමලෙන් ලේ ගන්න ගෙනාව කලු කුකුලව අල්ල ගත්තු අග්නි මන් බලන් ඉන්නකොටම උගෙ බෙල්ල අබරලා මරලා දානකොට මන් කට පුරවලා කලු ලේ තලියක් වමනෙ කරන ගමන් අම්මගෙ උකුල උඩට කඩාගන වැටුනා....

ශිවන් ...මගෙ පුතා ....!!!

🤓ම්හුක්...

😏ජැක්කනෙ.....

😒ආය කොටසකින් එන්නම්...

😏කායයිට දොයිමත නෑ.....ඔය ලමයිනුත් දොයියන් නැතුව ඉන්ඩ...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters