Ficool

Chapter 17 - 17

මොකක්.....ආරාද්‍ය .....උඹ මොනවද ඔය කියවන්නෙ...මගෙ උක්කුවා.....උඹට...උඹට ඇත්තටම මැනයාවද .....ආ....

උඹ එහෙද ඉන්නෙ කියපන්.....උඹ ඉන්නෙ...සංජානගෙ ගෙදරද..මට ඒක කියපන්කො...

ඔව් යකො...මං ඉන්නෙ ඒකගෙ අත්තම්මග් ගෙදර ...

මම අර කොල්ලා එනවා දැක දැක ඵෝන් එක අරගන ඉක්මනට වෙන පැත්තකට ගියා ..වෙන මොකටවත් නෙවෙ..මට මේක විස්වාස ක්රන්න බැරි උනා...ආරාද්‍යට කෙල්ලෙක් ඉන්නවා...එහෙව් එකේ..මෙහෙම පටලැවිල්ලක්...

ආරද්‍ය ....උඹට ඇත්තටම පිස්සුද....නැත්තන් හැටිද...උඹ මේ කොල්ලව රවට්ටනවද.....උඹට කෙල්ලෙක් ඉන්නකොට මේ කොල්ලව රවට්ටන්න...

මට දුක හිතුනා....අවංකවම දුක හිතුනා...කිරි මහත්තයා කිරි මහත්තයා ගගා කියවන උක්කුවා ගැන දුක හිතුනා.....

මට ඌව රවට්ටන්න ඕන් නෑ...හැබැයි....මේ වෙලාවෙ ඌ වෙනුවෙන් කරන්න තියන එකම දේත් මේක විතරයි ...සංජානගෙ කොල්ල මැරුනා...ඌ ඔය කිරිමහත්තයා ..කිරි මහත්තයා ගගා කියවන එකා මැරුනා නිශ්මික.....උගෙ කොල්ලා...උගෙ කොල්ලා වෙන කවුරුත් නෙවෙ මගෙ හොදම යාලුවා ....උඹට ..නොපෙනුනාට ...උඹට නොදැනුනාට ...ඔය කොලුවා ඉන්නෙ එච්චර හොදින් නෙවෙ නිශ්මික.....

ක්...ක...කවුරු....විසල්??උඹ..කියන්නෙ.....අර...විසලා....

ම්න්....

මාව තත්පර ගානකට ගොලු උනා..එහා පැත්තෙ ඉදන් ආරාද්‍ය කියවනවා...කියවනවා...ඉවරයක් නෑ...මට හිතන්න බැරි උනා...මට හිත ගන්න කොහොමත් බැරි උනා....විසල් නැති උනා කිව්වට දන්නවා..ඒත් විසල් ආදරේ කරපු කොල්ලයි මේ ඉන්නෙ කියලා මට විහිලුවට වත් හිතන්න බැරි උනා....මේ කොල්ලගෙ පලහිලව්ව නවත්තන්ඩ කියලා මෙහෙ ගෙනාවා කිව්වට ....ඇත්ත කතාව නම්...මේ කොල්ලාගෙ අම්මා තාත්තා මූට පිස්සු හැදෙයි කියලා බයට මෙහෙ ගෙනත් තියෙන්නෙ .....

මගෙ පපුව නවතින්න වගේ ආවා...විසල් නැති වෙලා තුන් මාසයක් වෙන්න තව සති දෙක තුනක් ඇති ...එතකොට ...එදා ඉදන් .මේ වෙනකම්ම....උක්කුවට කතා කරලා තියෙන්නෙ ආරාද්‍යද....ඒකත්...කඩින් කඩ ....මැසේජ් එකක් දෙකක් දදා මේ කොල්ලව මෙහෙම හරි තියන් ඉදලා තියන් ඉදලා තියෙන්නෙ ආරාද්‍යද ..?මේ කොල්ලා පිස්සුවෙන් වගේ කියවන කිරිමහත්තයා .....

අනේ පුතුකියො.....උඹලා මට හරීයට වද දෙනවා...

මං බලන් උන්නා...අනේ අරූ බලු පැටියව නලවනවා...ඒත්....මේ කොල්ලා...ඌ කිරි මහත්තයා ගනී කියලා බලන් ඉන්නවා...කවදාවත් නොඑන කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න...කවදාවත් ....ආයම කතා නොකරන කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න.....?

ආරාද්‍ය....මට එකක් කියපන්....විසල් මේ කොල්ලට ඇත්තටම ආදරේ කෙරුවද....

මට දැනගන්න ඕනා උනෙ මෙච්චරයි ...මැරුනත් ...උගෙ ආදරෙ අවංකද කියලා.....මොකද මේ කොල්ලා කට පුරාවටම මගෙ කිරි මහත්තයා මගෙ කිරි මහත්තයා කියනකොට මූ කොහොම නම් ඌට ආදරේ කරන්න ඇතිද කියන එක මට ඒ වචන වලින් දැනෙන්න ගත්තා ...

ම්ම්...උ ආදරේ කෙරුවා ...ඌ මූට නොසෑහෙන්න ආදරේ කෙරුවා .....ඒත් ..ඒක උගෙ වෙලාව ..මූව බලන්න ඇවිල්ලමයි ඌ ඇක්සිඩන්‍ට් උනේ.....

මන් උඹ එක්ක ආවම කතා කරන්නම්...

ම්ම්ම්ම්....

මම කෝල් එක කට් කෙරුවා ....මොකද මට තවත් අහන් ඉන්න බෑ.....මේ කොල්ලගෙ මූන දිහා බල බල මට තවත් ආරාද්‍ය කියන කතා අහන් ඉන්න බෑ...

හරිද පුතේ ..

ම්ම්....

අනේ....කොල්ලො.....මට ඔය ගල්බාගෙ ටිකක් දියන්කො අනේ....

ඇයි මොකටද...

අනේ ඉතින් කිව්වම අහලා දියන්කො...

සල්ලි නෑ....

අපො තියන ලෝබ කම...මගෙ කිරි මහත්තයට කෝල් මී මැසේජ් එකක් යවන්න.....ඒකට සල්ලි කැපෙන් නෑනෙ...මගෙ පපුවට බරයි හරියට ...උඹලා දකුනෙ උන් හරියට බොරු කරනවා.....සීයා තාත්තා ඒක තමා කිව්වෙ බෙන්තර ගගෙන් එහා බලල් පැටියෙක් වත් ගේන්ඩ එපාය කියලා ....

මම අහන් උන්නා....ඌට ඇති තරන් බනින්න දුන්නා...ඒ උනාට ඌ බැන්නත් ..මගෙ කිරි මහත්තයා එහෙම නෑ...මට ආදරෙයි කියලා ආපිට කිව්වා.....ඇත්ත උගෙ කිරි මහත්තයා ඌට ආදරෙයි

මම බලන් උන්නා...ඒකා බලු පැටියව බිමින් තිබ්බා...බිමින් තියලා මා දිහා බැලුවා .....

ඇත්තටම උඹලා ආදරෙ කරන මිනිස්සුන්ට බොරු කරනවද .....

නෑ....කවදාවත් නෑ....

එහෙනම්...මගෙ කිරි මහත්තයා ඇයි ...කතා නොකරන්නෙ...කතා කෙරුවත්...ම්න්..ම්න්..ම්න්..ගානවා...ඉස්සර වගේ මගෙ උක්කුවෝ....බත් කෑවද අහන් නෑ...මගෙ උක්කුවො දොයියෑවා ඇති නැගිටපන් කියන්නෙත් නෑ...අනික.....අප්පච්චි ....අපේ පලහිලව්වට අකමැත්තක් තිබ්බෙත් නෑ...මගෙ පපුවට හරි වේදනාවයි ශිවන්...ඌ මාව මග අරිනවද කොහෙද .....

කිව්වට විස්වාස කරන්න...මට එකගෙ මූන ඒ ඇස් දැකලා දුක හිතුනා.....ඌ බලන් ඉන්නවා....ආයමත් උගෙ කිරි මහත්තයා කතා කෙරුවෙ නැහැයි කියලා කිව්වා...ඌ කොච්චර බලන් ඉන්නවද...ඌ කොච්චර නම් ආදරේද ...

වරෙන් පුතේ යන්න.....

ඒකා මට ඉස්සර උනා...කඩේ යනවයි කියපු උක්කුවා මාව පුවක් ගස් අස්සෙන් වැටුන පාරක් දිගේ එක්ක ගිහින් මහ පාර කිට්ටුවට වැටුනා.....ඌ සැරින් සැරේම ඇස් දෙක පිහ දැම්මා....

ශිවන්....

ම්ම්....

මගෙ කිරි මහත්තයා මාව බලන්න එයි නේද ...උඹලා කපටි උන් නෙවේ නේද.....උඹලා හොද මිනිස්සු නේද .....ඇරත්...අපේ සීයා තාත්තා. ...උඹට උදව්ත් කරා නේද .....

ඔව්...උඹගෙ කිරි මහත්තයා අනිවාර්යයෙන්ම උඹට කතා කරාවි ....ඇත්තටම ආදරේ කරන මිනිස්සු කවදාවත් බොරු කරන් නෑනෙ.....නේද.....

ම්න්....ඇත්ත.....ඇත්තටම ආදරේ කරන මිනිස්සු කවදාවත් දාලා යන්නෙ නෑ.....අනේ කොල්ලො නෙ පුතුකියව ටිකක් අල්ල ගනිල්ලා මේ කලිසම් පටිය බුරුල් වෙනවා හදා ගන්න.....

ඒකා අඩලම බර උන නහය කමිස අතින් පිහ දදා වඩන් උන්න බලු කුක්කව මගෙ අතට දුන්නා .....මට පව් කියල හිතුනා...ඇත්ත ...ඌ කිව්ව කතාව ඇත්ත...ඇත්තටම ආදරේ කරන මිනිස්සු කවදාවත් දාලා යන්නෙ නෑ...

මම උන්නෙ බලුකුක්කව වඩාගන....එකා ඉහලට හූල්ලන් කලිසමේ පටිය ගැට ගහන ගමන් මාදිහා බලලා හිනා උනා .....පලල් පාරෙන් එපිට ඉදි ආප්ප විකිනීමට ඇත කියලා ගහපු කඩේ කහපාට ලයිට් එලිය කනා මැදිරි එලියක් හා සමානව දිලිසෙනකොට අපි උන්නෙ වංගුවක හින්දා වගේම කහ ඉරක් නැති තැනක වෙද්දි මම ඒකගෙ අතින් අල්ල ගත්තා සාරන්‍යගෙ අත අල්ලගන්නවා හා සමානවම...

ඇයි පුතේ...මේ....

වාහන ඒකයි.....

යෝ..මං..මේ පාර ඇස් වහගන උනත් පනිනවා ලමයෝ...කෝ....මගෙ අත අල්ලගනිල්ලා.උඹලා..දකුනෙ බිබික්කම් දන්න දේකුත් නෑ...උඹ හරි හොදයි අප්පා...මං උඹට ආදරෙ වේගන එන්නෙ.ඒ ලමයට වෙන කව්රුත් නෑනෙ....කිරි මහත්තයා විතරනේ ඉන්නෙ...දැන් ඌත් නෑනෙ....

ඌට මං ගැන ආදරේ හිතීගනලු එන්නෙ...ඌට කවුරුත් නෑලු ....ඌ මට විහිලු කෙරුවා ...ඒඋනත් ඒකගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා..මගෙ හිත කිව්වෙම ආරද්‍ය ලව්වා කොල්ලට හිත හැදෙන්න නිකමට හරි මැසේජ් එකක් දාන්න කියන එක වෙනකොට මම ඒකගෙ මූන දිහා බලන් ඉදල මගෙ අත අල්ල ගන්න කියල අත දික් කෙරුවා ...

කිරි මහත්තයා .....අනෙ...කිරි මහත්තයා ....

මාව ගැස්සුනා..කොල්ලා කෑ ගැහුවා.....කිරි මහත්තයා...ගගා කෑ ගැහුවා....පාරෙන් එපිට බලාගන අත වැනුවා...

උක්කුවො....එපා....එපා...

අතෑරපන් ...මගෙ කිරි මහත්තය ඇවිත් ..අනේ අතෑරපන්කො පුතේ....අතෑරපියකො...අනේ....විසල්..

නවතින්ඩකො...අතෑරපන්කො....

මම කොල්ලව අත් දෙකෙම්ම අල්ල ගත්තා ..ඌ පාරෙන් එපිට බලාගන එතන තිබුන බොරලු කන්ද දිහාවට අත වනනවා...එතන ඇති විසල කෙනෙක් උන්නෙ නෑ...මාව ඇතෑරපන්...අතෑරපන්...ගගා කෑ ගහන කොල්ලා වහන එකා කාරෙට එහා මෙහා යන පාරට පනින්න හදනවා....

අතෑරපන්.....අතෑරපන්...අනේ....අනේ...හ්හ්....අතෑරපන්කො....හ්.....අතෑරපන්.....මාව....කිරි මහත්තයා මං..එනවා...අනේ යන්න එපා....කිරි මහත්තයා ....

උක්කුවො...උක්කුවො....අනේ උක්කුවො...

දෙයියනේ...උක්කුවෝ...

බ්‍රා.....ස්!!!!

මට කෑ..ගෑස්සුනා...මට එතනින් එහාට කතා කරගන්න එකම එක වචනයක් නැති උනා...වංගුවෙන් ආව ඩබල් කන්ටේනර් එක එනවා දැක දැක මාව තල්ලු කරපු උක්කුවා පාරෙන් එපිට ඉන්නවයි කියන විසල්ව හොයාගන දුවනකොට එකම එක බ්‍රේක් පාරක් වැදුනා මුලු ඇතුගල් පුරේම හොලවගන...

උක්...කු....වෝ....

අතේ උන්න බලු පැටියට වෙච්ච කෙරිච්ච දෙයක් තිබුන් නෑ.....සාරන්‍යා මගෙ ඇස් පනාපිටම නැති වෙනවා දැකපුමට උක්කුවා ඇස් පනාපිටම වීස් වෙලා ගිහින් ලයිට් කනුවෙ වදින හැටි බලාගන ඉන්නවත් සිහියක් පතක් තිබුන් නෑ.....

උක්..කුවෝ...එපා...එපා...අනේ...එපා...අනේ..උඹගෙ..කිරි මහත්තයා ..අනේ..උක්කුවො....අනේ..ඇයි...ඇයි දෙයියනෙ..මටම මෙහෙම කරන්නෙ...ඇයි...අනෙ...ඇයි..දෙයියනේ....උක්කුවො...අනේ....අනේ..රත්තරනෙ.....

මං කෑ ගහගන දිව්වා ....උක්කුවා ඉවරයි...ඌ වැදුන පාරට ලයිට් කනුවට පවා රිදිලා තිබුනා..පාරෙ උන්න මිනිස්සු එකා දෙන්නා එකා දෙන්නා උක්කුවව වට කරගන්නකොට මම වැටි වැටිම උක්කුවා ගාවට දිව්වා...මට හයියක් තිබුන් නෑ....සාරාන්‍යා වගේම මගෙ ඇස් පනා පිට උක්කුවා යන්න යන හැටි බලන්න මට හයියක් තිබුන් නෑ....

උක්කුවො...අනේ...රත්තරන්...අනේ....උක්කුවො....උක්කුවො....

මම බිම උන්න උක්කුවව උකුලට ගත්තා...හරියටම සාරන්‍යව ගත්තා වගේ.....මම උදව් ඉල්ලුවා..හරියටම සාරන්‍යව බේරෙ ගන්න උදව් ඉල්ලුවා වගෙ...උක්කුවා පන අදිනවා...උක්කුවා හිනා වෙනවා.....

කිරි...මහ....ත්තයා....

අනේ..අනේ පින් අයිති වෙයි....පින් අයිති වෙයි උදව් කරපල්ලකො....

උක්කුවගෙ ඔලුව ලයිට් කනුවෙ වැදුන පාරට එකගෙ ඔලුවෙන් එලියට එන ලේවල උනුසුම උකු ගතිය මගෙ අත් වලට පවා දැනුනා...

උක්කුවො....උක්කුවො...අනේ..එපා..එපා...එපා....මං..උඹට කිරි මහත්තයෙක් හොයලා දෙන්නම්...අනේ..රත්තරනේ...දකුනෙ උන් බොරු කරන්නෙ නැ...ඇස් ඇරපන්.....අනේ..අග්නී...අග්නී...හ්...අග්නී...අනේ...අග්නි....වරෙන්...අග්නී.....මුන් එකෙක් වත් මට උදව් කරන් නෑ...

මං කෑ ගැහුවා..ඇඩුවා....අත් දෙකෙම්ම කන්දෙක වහ ගත්තා ...පිස්සෙක් වගේ ඔලුට ගහගත්තා .....මිනිස්සු බලන් ඉන්නවා...කන් දෙක බීරි වෙන්න වාහන වල නලා සද්දෙ ඇහෙනවා...මම උක්කුවගෙ පන ගියපු මල කද උස්සන් හතර වටම දුවනකොට මිනිස්සු මගෙන් ඈත් උනා....උන් පස්සට දිව්වා .....මිනිසුන්ගෙන් කිසිම සරනයක් නැති තැන මම උක්කුවව අරන් මහ පාර පුරාවටම දිව්වා.....අනේ ඒකගෙ බෙල්ල කඩා වැටෙනවා....

උක්කුවො....අනේ ..අග්නී..මට පිහිට වෙයන් අග්නි.....අනෙ..අග්නීහ් ...අග්නීහ්.....

මම අග්නිට කෑගැහුවා.....හැමෝම මා දිහා බලන් ඉන්නවා ඇරෙන්න කිසිම කෙනෙක් මට සරනක් වෙන්නෙ නැති වෙනකොට මම අග්නිගෙන් පවා පිහිටක් ඉල්ලුවා ....

උක්කුවො ...උක්කුවො...අර පුතුකියා....උඹෙ බලු පැටියා අනේ ඌ බලන් ඉන්නවා....අනේ නැගිටපන්...

මම කෑගැහුවා මගෙ අතින් පැනලා ගියපු බලු පැටියා සෙනග ගොඩේ පෑගි පෑගි එහා මෙහා විසි වෙවි.....අඩ අඩම උක්කුවව හෙව්ව....

අනේ....උක්කුන්...නැගිටපන්....

මට යන්න තැනක් නැති උනා...පිහිටක් වෙන්න කියලා කිසිම කෙනෙක් නැති උනා....මිනිස්සුන්ගෙ කකුල් වලට පෑගි පෑගි අඩපු බලු පැටියා අඩාගන පාරෙන් පැනලා වත්ත මැද්දෙන් ගෙදර දුවනකොට මට වෙදමහත්තයා මතක් උනා...කිසිම කෙනෙක් මගෙ ගාවට කිට්ටු නොවුන කොට මට සරනෙකට ඉතිරි උනේ වෙද මහත්තයා විතරක් වෙනකොට මම උක්කුවව උස්සන් වත්ත මැදින් ගෙදර දිව්වා.....

වෙදමහත්තයා ....වෙදමහත්තයෝ....අනේ.....වරෙල්ලකො....

මං ලතෝනි ගැහුවා....උක්කුවගෙ පහලට කඩන් වැටෙන ඔලුවෙන් බිමට වැටෙන ලේ බින්දු අවසානෙදි කැටි ගැහෙනකොට මම අඩ අඩාම කෑ ගහගන වෙද ගෙට දුවනකොට වෙද මහත්තයා වගේම වෙද හාමිනේ ආවා....ඒ මූනවල් සුදු මැලිවෙලා....ඒ මූනවල් වල ලේ කියන දේ කලදක් තිබුන් නෑ....

වෙද...මහත්තයා.....වෙද....අනේ...අනේ...අනේ....හ්...උක්...උකුන්.....

ඒ දෙන්නා බලන් උන්නා...ඒ දෙනගෙම ඈ දෙක මලානිකවෙලා මුලු මූනවල්ම ඇදිලා ගිහින් තිබුනා.....පන ගියපු උක්කුවව දැකලා වෙදහාමිනේ ඔලුව බදාගන ඉදගත්තා ...

උක්....උක්කුන්.....පුතේ.....මගෙ...උක්කුවෝ....

උක්කුන්...මගෙ...රත්තරනේ....මගෙ.....

රත්තරනේ...උක්කුවො...වෙදමහත්තයෝ...අනේ ..මගෙ ..කොල්ලා..මගෙ....උක්..කුවෝ....

මම බලන් උන්නා...මට කරන්න දෙයක් නැති කමට මම බලන් උන්නා...වෙදහාමිනේ ලතොඉනි ගගහා අඩනවා...ගෙයි ඇතුලෙ තිබුන කහපාට ලයිට් එලි එකින් එක එකින් එක අඩුවෙන්න ගත්තා...සමහරක්...ගැහිලා ගැහිලා පුපුරලා ගියා...

උඹ අර මාලෙ හරියට අමුනලා නෑ.....

වෙ...වෙද...මහ....

උඹ ඒක හරියට ගැට ගහලා නෑ...පබලුවක්...ගැල විලා....ඒකෙන්....ගව් ....ගානක් අඩු උනා....උඹට සෙංකඩගලට යන්ඩ වෙන්න නෑ...පලය ...මේ පයිම්ම...ඇතුගලට පලය....න්....

වෙදමහත්තයා ....

කන ඇහෙන් නැද්ද....පලයන්...කිව්වම අහලා පලයන්.....

මාව වෙව්ලන්න ගත්තා..මන්ගාව උන්න වෙදාගෙ මූන එන්නම වෙනස් වෙනකොට වෙද ගෙදර බිත්තිවල බලාගන ඉන්නකොට මකුනු දැල් බදින්න ගත්තා.....බලාගන ඉන්නකොට ගේ පුරාවටම වහලවල් වල මුදුන් ලී වල මකුනු දැල් බදින්න ගත්තා....වෙදාගෙ පපුව එන්න එන්නම වේගෙන් උස් පහත් වෙනකොට මම ලතෝනි ගහන වෙද හාමිනේ දිහා බැලුවා....මට කෑ ගැස්සුනා...මට හුස්ම හිර වෙන්න ආවා....

මම ඔලුව බදා ගත්තා .....වෙදහාමිනේව මගෙ ඇස් පනාපිට එන්න එන්න දිය වෙවී දිය වෙවී යනකොට උක්කුවා දිරාපු ඇටකටු ගොඩක් වෙලා තිබුනා.....

අග්නී...අනේ...අග්නීහ්...

මම අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ....මුලු ගෙදරම ලයිට් පත්තු වෙවී නිවි නිවි යනකොට මං බලාගන වෙද ගෙදර මරන දැන්වීම් කොල තුනක් එක පෙලට අලවලා තිබුනා....

අනේ...අනේ...අම්මා.අම්මා.....හ්...අනේ...අම්ම්...මා...අනේ..බේරග ...ගන්න...අම්මා...අග්නී....

මම පස්සෙන් පස්සට රීට්ටුවා...බිත්තිය පුරාවටම තිබුනේ වෙද හාමිනේගෙ....වෙද මහත්තයෙගෙ....උක්කුවගෙ මරන දැන්වීම් කොල වෙනකොට මම මගෙ ඉස්සරහා උන්න වෙදාව ඇස් පනා පිටම කකුල් ගාව ඉදන් ඉහලට දිය වෙවි...දිය වෙවි යන හැටි බෙරිහන් දිදී බලන් උන්නා....

ගනින්...ගනි..න්..මේක...ගනි...න්...අරන්...පලයන්.....මීට වඩා...බෑ...මිට...වඩා...නම්....තවනම්..බෑ.....උඹ එනකන්...අපි..බලන් උන්නා....අපි....උඹ එනක....න්...බලන් උන්නා..අදින්...පස්සෙ...පින් කරපන්...අපි...වෙනුවෙන්.....අපි...හැමෝම...වෙනුවෙ...අමුනපු මාලෙ ...අස්සෙ උන්න...උඹගෙ...අග්නි...වෙනුවෙ ....න්...

පලය ..න්....

වෙදා කෑ ගැහුවා.....වෙද ගෙදර එකින් එක....එකින් එක.....බිත්ති පුපුර පුපුර යන කොට මම වෙව්ලන කකුල් වලින් නැගිට ගත්තා.....බෙහෙත් සුවද පිරුන ගෙයි ඇතුල පුරාවටම මිනී සුවද...මල් වඩම් සුවද....කියන්න නොතේරෙන අමනුස්ස කුයිලෙ වහගන්නකොට මම සුදු රෙදි කඩින් ඔතපු මාලෙ වගේම මගෙ අතින් ලියවුන මට අමතක කතාව අරගන මම වැටි වැටිම එලියට දිව්වා....වෙද මහත්තයා එන්න එන්නම කලු දුමක් වගේ වාශ්ප වෙවී යනකොට උක්කුවා වත් වෙද හාමිනේවත් ඒ හරියෙ උන්නද හොයන්න බැරි උනා.....

මට දාඩිය දැම්මා ඉහින් කනින් විතරක් නෙවෙ....සර්වාංගෙම තෙමීගන යනකන් දාඩිය දැම්මා...මාව විසික් උනා...කකුල් පන නැතිව ඇදගන වැටෙන්න ආවා....මෙච්චර කල් යක්කුත් එක්ක උන්න මට ජීවිතේ පලවෙනි පාරට බය කියන එක පපුවට දැනෙනකොට මම වැටි වැටිම දුවනකොට මාව ලනුවක පැටලිලා මූනින් අතට වැටුනා වගේම මගෙ අතට මොනවහරි අහු උනා...මෙකෙක් හරි චූටි සතෙක්ගෙ ඇටකටු ගොඩක්.....

මගෙ ඔලුව පැලෙන්න තරම් කැක්කුම් ගත්තා....ඇට කටු ගොඩ වගේම අත් වලට අහු නොවී...අහු වෙන තරම් රෝම ගුලියක් ....

පුතු...කියා....

මට කෑ ගැස්සුනා...ආපහු හිට ගන්න පවා වාරු නැති උනා...මාව සම්පූරනම කනපිට ගැහුවා හා සමාන උනා.....බලාගන ඉන්නකොට වෙද ගෙදර සම්පූරනම බිමට සමතලා වෙලා ගියා...ඇඩුම් විලාප එක්ක කන්බීරි කරනවන හීල්ලීම් ඇහෙනකොට කට්ට කලුවරෙ මම අත් දෙකෙම්ම මගෙ කන් දෙක වහගන ඔලුව බිම ඔබාගන උන්නා....

අග්නී.....උඹ....මාව...කොහෙට...ද...අග්නී...මේ....එව්වෙ.....

මං....පොලවෙ පස් කාගන මිනිනුවා.....බය වැඩි කමට හදවත පවා පුපුරලා යන්න ඔන්න මෙන්න තියනකොට මම බඩ ගාගන අවසිහියෙන් වගේ කාර් එක ගාවට ගියා උනත් මගෙ ඇගිලි වේව්ලන වෙව්ලිල්ලට කාර් එකේ දොරවත් ඇරගන්න බැරි වෙනකොට මම ආයාම බිම දිහා උනා වගේම ඒ එක්කම කොල පොඩි වෙන සද්දයක්...ගස් වල වහලා උන්න කුරුල්ලො තටු කැඩෙන තරම් හයියෙන් තටු ගහන සද්දයක්....හයියෙන් හුස්ම අදින අදින සදදයක් එනකොට මම කාර් එක යටට රිංගන්න හැදුවා....

ඉෆ්රිත්....

දෙයියනේ ...ඒ ඉන්නෙ.....ඉෆ්..රිත්....

මම වාහනේ යටට රින්ගුවා...බය වැඩි කමට ඇදි වතේම සුලු දිය පහවෙනකොට මට ඉතිපිසෝව පවා අමතක වෙලා ගියා....

සස්...සස්...සස්.....

මම බලන් උන්නා.....ඉෆ්‍රිත්ගෙ අඩිය පොලවට වදින වාරයක් පාසාම වේලුන තනකොල පොඩි වෙන හැටි මම බලන් උන්නා.....

කාර් එක වටේම ඉෆ්‍රිත් ඇවිදින හැටි මම බලන් උන්නා.

ඉ.....ඉ....ඉති...පි....සෝ..අනේ..අග්...අග්නීහ්....අග්නීහ්....අග්නි.....අනේ...අග්නී.....

මම අඩන්න ගත්තා.....ඉතිපිසොව කියා ගන්න බැරි වෙනකොට මම ඇඩුවා....

අග්නිගෙ තාත්තා ...ඉෆ්‍රිත් ...ඉෆ්‍රිත්...

වාහනේ වටේම කැරකෙන කොට මෘගයෙක් හයියෙන් හුස්ම ගන්න සද්දෙ හා සමනවම...නෑ....ඊටත් වඩා.....සද්දෙන්.....ඇගේම රෝම කූප කෙලින් වෙන තරමට ...හදවත පුපුරන තරම් බය වෙන සද්දෙන් හුස්ම අල්ලන සද්දයක් එක්ක ඉෆ්‍රිත් මගෙ සුවදට ඉව අල්ලන කොට මම එලියට පනින්න එන හදවත අත් දෙකෙම්ම මිරිකන් ඔලුව ඔබාගන්නකොට මගෙ දකුනු කකුලෙ වලලුකරට සීතලක් දැනුනා එක්කම මාව එක පාරට එලියට ඇදිලා ගියා ...

අග් .....නීහ් ....

🤓මේ ලමයා බුජි...

ආයම එන්නම්...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters