Ficool

Chapter 56 - සුගර් මස්සිනා

"අම්මෝ සුදයියේ!!! මෙහෙම හිකිල්ලක් නම් වැලකවත් සෙට් වුනේ නෑ මගේ මැණිකේ!" රෙශඛ්‍ය මාව බදාගෙන ඇඳට වැටෙනකොට මටනම් වචනයක් කතා කරගන්න පන නෑ.

"සුදයියේ නැගිටින්න අපි නාමු" රෙශඛ්‍ය මාව තුරුල් කරන් මූන හෙමින් අල්ලලා කිව්වත් මට නැගිටින්න පන නෑ. මට මෙහෙම නිදාගන්න බෑ. නාගන්න ඕනා තමයි ඒත්,

"අමාරුයිද මැණික?"

මන් 'ඔව්' කියන්න ඔලුව වැනුවා. ඉනෙන් පල්ලෙහා ඇදුම් කනවා. මහන්සියයි, වේදනාවයි දෙකම. කොන්ද දිගේ යන වේදනාව තමයි ඉවසන්නම බැරි.

"රෙශඛ්‍ය..."

"කියන්න මැණික" රෙශඛ්‍ය මගේ ඔලුව ඉම්බා.

"මට පැනඩෝල් දෙකක් ගෙනත් දෙනවද? මගේ drawer එකේ තියනවා" මන් කොන්දට අත තියන් කිව්වම

"ඒ තරම් අමාරුද පන?" රෙශඛ්‍යගේ මූන දුකෙන් පිරිලා ඒත් එයා නැගිටලා ටවල් එක ඇඳෙගෙන එලියට ගිහින් වතුර එකක් අරන් ඇවිත් ලාච්චුවෙන් පැනඩෝල් දෙකක් අරන් දුන්නම මට ඇඳේ ඉඳගන්නවත් බැරි වුනා. රෙශඛ්‍ය මාව උස්සලා හෙමින් ඇඳ පත්තට තිව්වම මන් එයාගේ අතේ තිබ්බ වතුර එක අරන් පැනඩෝල් දෙක බිව්වා.

"මාව නාවන්න බබා" කොයි තරම් අමාරු වුනත් මෙහෙම නිදාගන්න එක කරන්න බැරි වැඩක්. රෙශඛ්‍ය මගේ ඔලුව අත ගාලා මාව අත් දෙකට අරගත්තා.

"සුදයියේ!!! ලේ!!!" මන් බෙල්ල හරෝලා බැලුවම දෙයියනේ ලේ ගොඩක් නේද?

"මේක නෝර්මල් ද?"

"අනේ මන්දා! ඉස්සෙල්ලා ඔයාව නාවල ඉමු" රෙශඛ්‍ මාවත් වාරු කරන් නාන ගමන් හරිම හෙමින් මාව නෑව්වා. පිහදලා, ක්‍රීම් උලලා මාව පුටුව උඩින්ම තියලා බෙඩ්ශීට්ස් මාරු කරලා මාව ඇඳ උඩින් තියලා

"කෝ බලන්න" කියලා කකුල් දෙක ඈත් කරලා බලල,

"තාම බ්ලීඩ් වෙනවානේ මැණික. ඉන්න මන් search කරලා බලන්නම්. රෙශඛ්‍ය phone එක දිහා බලලා ස්ක්‍රොල් කරලා කරලා,

"Bleed වෙන එක Normal කියලා තමයි තියෙන්නේ. ඒත් දිගටම බ්ලීඩ් වෙන එක not normal. සුදයියේ අපි යමු හොස්පිට්ල්"

"‍රෙශඛ්‍ය!!!" පිස්සු හැදිලද පුප පලන් හොස්පිට්ල් යන්න? කටක් ඇරලා කියන්නේ කොහොමද?

"ඇයි? මෙහේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මෙහෙම ඉන්න බෑනේ. හොඳටම ලේ එනවා."

බලෙන්ම ලෑස්ති කරලා එලියට අරන් ගියේ වඩාගෙනමයි. තුර්ශ ෆිල්ම් එකක් බල බල බියර් එකක් බොනවා. මන් රෙශඛ්‍යගේ උරහිසට ඔලුව තියාගෙන ඇස් පියාගත්තේ තිබ්බ වේදනාවටමයි.

"මේ මොකෝ?"

"ලොකූ පොඩි අවුලක්. Uber එකක් දාපන්කෝ හොස්පිට්ල් එකට"

"අඩෝ! හිටපං" කියලා තුර්ශ uber එකක් දැම්මම වි.5ක් යනකොට uber එක ආවා.

"මාත් එන්නද?"

"එපා. උඹ ලිකර් අරන් නේ. අපි ඉක්මනින් එන්නම්"

"ඕන නම් කෝල් එකක් දීපන් මන් සුටුස් ගාලා එන්නම්"

රෙ‍ශඛ්‍ය මාව හෙමින් ඇතුලෙන් ඉන්දනකොටත් මන් වේදනාවෙන් මිරිකුනා. රෙශඛ්‍ය එහා පැත්තෙන් ඇවිත් ඉඳගෙන මාව තුරුල් කරගත්‍තා.

"බය වෙන්න එපා මැණික. මන් ඉන්නවානේ"

හිටපු ලේඩි ඩොක්ටර් මාව ඇඳක් උඩට දාලා ටෝච් එකකුත් ගහලා චෙක් කරා. ලැජ්ජාව දාන්න තැනක් නෑ. මොනා කරන්නද ඕකනේ කරගන්න ඕන වුනේ!

"It is a small tear in the anal tissue, no need to worry."

ඩොක්ටර් කිව්වම රේශඛ්‍යයි මමයි දෙන්නම ඔලුව වැනුවා.

"Apply this witch hazel ointment to the area and have ibuprofen or acetaminophen in case of a fever every Six hour until the body shows normal temperature. Also avoid anal intercourse until the bleeding stops."

"OK Doctor"

"Use plenty of lubricant. Start slowly and gradually increase the intensity. Avoid rough or forceful penetration. Also it is very important to practice good anal hygiene."

"Thank you, doctor"

"You're welcome."

"සුදයියේ, මගේ සන් කඳ?"

"හ්ම්ම්ම්?" මන් යන්තන් ඇස් ඇරලා බැලුවා. ඇඟ තලා දාලා වගේ. රෙශඛ්‍ය කිරි වීදුරුවකුත් තියන් මගේ ළඟ ඉඳන් හිටියා.

"ඔයාට උණ. පැනඩෝල් එකේ power එක ඉවරයි වගේ. මේ කිරි එක බොන්න ibuprofen එකක් බොන්න" රෙශඛ්‍ය මගේ ඔලුව අත ගාලා හෙමින් මාව නැගිට්ටුවා.

කිරි එක බීලා අයිබියුෆ්‍රොන් එකත් බීලා ආයේ ඇල වුනා. අද ලෙක්චර්ස් යන්නත් ඕනා නේද කියලා මතක් වුනාම උණ වැඩි වෙනවා!

"බබා ලෙක්චර්ස්?"

"පිස්සුවක් ඇතැයි ලෙක්චර්ස් යන්න? අද යන්න එපා." රෙශඛ්‍ය මාව බැලැන්කට් එකෙන් තව වැහුවා.

"ඒත් මන් යන්න ඕනා මැණික" රෙශඛ්‍ය මූණ දෙකක් කරන් කිව්වාම මගේ මූණ දෙක වුනා

"අනේ....." මන් මූණ බෙරි කරගත්තම

"අද Viva එකක් තියනවානේ මැණික. මන් ටක් ගාලා ගිහින් එන්නම්?" රෙශඛ්‍යට නොයා බෑ වගේ අද එහෙනම්.

"හ්ම්..."

"මන් එනවා!!!" තුර්ශ කෑ එලියේ ඉඳන් කිව්වම රෙශඛ්‍ය "වරෙන්" කිව්වා.

"මොකෝ දැන්?" තුර්ශ මගේ මග් එකත් අරන් ඇවිත් ඇහුවාම මන් මූන උඩට බ්ලැන්කට් එක දාගත්තේ තිබ්බ ලැජ්ජාවට.

"ඕක අස්සේ හැංගුනාට වැඩක් නෑ. මෙන්න මේක බීපං"

"මේ මොනාද ලොකූ?"

"වෙනිවැල්ගැට"

"කොහෙන්ද යකෝ උඹ වෙනිවැල්ගැට හොයාගත්තේ?"

"ආච්චි අම්මා උඹට දීපු පෙට්ටියෙත් ඇති බලහං."

වෙනිවැල්ගැට එකත් බීලා මග් එක තුර්ශටම දුන්න. රෙශඛ්‍ය යන්න ලෑස්ති වෙලා. මූණ නම් කජු ලෙල්ල වගේ. තුර්ශත් යයි තව ටිකකින්.

තුර්ශ phone එක අරන් කනේ තියාගත්තා.

"Hello මචං Andrew, I'm not going to come today. Send me the notes will ya?"

"Thanks බන් එල!"

"තුර්ශ!"

"ලොකූ!"

"මන් ඉන්නම් සවේ එක්ක. උඹ පලයං"

"අඩෝ උඹ දෙයියෙක් නෙවේ දේවාලයක්!" රෙශඛ්‍ය තුර්ශව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.

"හෑපෝ!!!" තුර්ශ මූනේ තියන කෙල තලිය පිහිදනකොට මට හිනා ගියා.

ඊළඟ දවසේ යන්තන් recover වෙලා ලෙක්චර්ස් ගියා. හේසල්ගේ නම්බර් එකත් මතක් කරලා ගත්තා. තාත්තා පොලිසියේ කිව්වා. එයාගේ ගෙදර එයයි මල්ලීයි අම්මයි තාත්තයි. දවසක එහෙ යමු කිව්වා. එයා ඇත්තටම හොඳ යාලුවෙක්. අපි හැමවෙලේම හිටියේ එකට. ඊළඟ සතියේ අපි ශොපින් යන්න දාගත්තා. මොකද කෙල්ලව පොඩ්ඩක් upgrade කරලා ගන්න වෙනවා.

"Your fiance is just dreamy man!"මාව දැක්ක ගමන් ඉස්සෙල්ලාම කිව්වේ ඔන්න ඕක.

"Gurrrrl tell me something I don't know!" මන් කොණ්ඩේ ෆ්ලිප් කරා. ගැම්මක් තමයි රෙශූ! රෙශූ? අඩේ ඒක් ලස්සන නමක් නේ! Upgrade කරන්න ඕනා ආමන්ත්‍රණය.

රෙශඛ්‍ය මාව ගෙදර අරන් යන්න ආවම මන් රෙශඛ්‍යට හේසල් ව අඳුන්වලා දුන්නා.

"ඔයා මොනාද හේසල් ගැන හිතන්නේ බබා?" මන් ගෙදර ඇවිත් ඇහුවම රෙශඛ්‍ය හිනා වුනා.

"එයා ලස්සනයි. බබ්ලි. මන් හිතන්නේ එයා ඔයාට හොඳට ගැලපෙන යාලුවෙක් සුදයියේ."

"ඔයාගේ යාලුවාව මට පෙන්නුවේ නෑ නේ බබා."

"ම්ම්ම්? මට හරියට තාම එහෙම හිතට අල්ලන එකෙක් සෙට් වුනේ නෑනේ මැණික" මාව අතින් ඇදලා අරන් උකුල උඩින් තියන් ස්ට්‍රෝබෙරි ගෙඩියක් කටේ එබුවා.

බයික් එකක සද්දයක් ආවම මායි රෙශඛ්‍යයි දෙන්නම ඉස්සරහට ගියේ තුර්ශගේ කවසකිය බලන්න. ඒක ඇත්තටම ලස්සනයි.

"යන්ද රවුමක්?" තුර්ශ වයිසර් එක උස්සලා මගෙන් ඇහුවම කියන්න කලින් මන් ඩුකාටියේ තිබ්බ මගේ හෙල්මට් එක ඔලුවේ දාන් නැ ඉවරයි.

"එහෙනම් කොල්ලෝ අපි ගියා!" තුර්ශ රෙශඛ්‍යට salute එකක් ගැහුවම මන් කොල්ලගේ බඩ වටේ අත් යවලා පිටට මූන තියන් හොඳට බදාගත්තම රෙශඛ්‍ය ඉනට අත් දෙක තියාගෙන අපි යනකන්ම බලන් හිටියා.

හුලං කපං මස්සිනාට තුරුල් වෙලා ලන්ඩන් අහස යට රවුමක් ගහනවමයි මේ. තුර්ශ නිසා මගේ ජීවිතේ උඩු යටුකුරු උනා. සහසුද්දෙන්ම කියනවනම් ඌ තමයි මගේ ඉශ්ඨ දේවතාවා. ඌ මාව මේ වයසට කොල්ලෙක් ඉන්න පුලුවන් උපරිම තැනට ගෙනාවා. ඉගෙනීමෙන්, පෞර්ශත්වයෙන්, කසාදෙන්, ආර්ථිකයත් ඉතින් හරියට බැලුවොත් ඌ නිසානේ ගොඩ ගියේ. සුගර් පවුලක්ම ලැබුනනේ. මස්සිනා තමයි එක!

"සවේ බැහැපං. උඹ මෙතනින් කන්නම ඕනා. මේ තියෙන්නේ strutton ground market එක"

තුර්ශ මාවත් ඇදන් ගිහින් හිතෙන හිතෙන ජාතියේ කෑම අරන් මාත් ඉල්ලන ඉල්ලන ජාතියේ කෑම අරන් දුන්නා.

"සුගර් මස්සිනා"

බාබකියු ස්ටික් එකකින් මස් කෑල්ලක් ඇදලා ගත්ත තුර්ශට බකස් ගාලා හිනා ගියා.

"උඹට ඉන්න සුගර් ලා හැටියට උඹට ලඟදිම සුගර් හැදෙනවා පුතේ"

කවුද අනේ ඔව්වා ගනන් ගන්නේ. සුගර් හැදුනොත් ඉන්සියුලින් ගහගන්නවා. එතන කොරියන් කෙල්ලෙකුයි සුදු කොල්ලෙකුයි ගිටාර් එකකුයි බෆල් එකකුයි තියන් සින්දු කියනවා. මන් තුර්ශව ඇදන් ගියේ නටන්න,

"Don't you want me like I want you, baby?

Don't you need me like I need you now?

Sleep tomorrow, but tonight, go crazy

All you gotta do is just meet me at the

ලෙදර් ජැකට් එකක් දාන් මාත් එක්ක මොංගල් විදිහට නටන කොල්ලා දිහා හැමෝම බල බල යද්දි මටත් හිනා.

Apateu, apateu

Apateu, apateu

Apateu, apateu

Uh, uh-huh, uh-huh

Apateu, apatеu

Apateu, apateu

Apateu, apatеu

Uh, uh-huh, uh-huh"

මතු සම්බන්ධයි.....

More Chapters