ලංකාවේ වගේ මෙහේ සින්දු දාලා විකාර කරන්න බෑ. කරන දෙයක් ගෙවල් වල ගිහින් කරත් මහ හයියෙන් ගමටම ඇහෙන්න ආතල් ගන්න බෑ. කෙලින්ම පොලිසිය ගේ ඉස්සරහා. ඉතින් කාමර පහේ ගෙදර සූටි සින්දුවක් කියලා ජොලියක් දාන්න යන්නේ.
ඕර්ඩර් කරලා කෑම ගෙන්නලා ඔක්කොමලා කෑවා. පිරිමි අය නම් හොඳට සප්පායම් වෙනවා. තාත්තා සින්දු කියලා ඉවර වුනයෙන් පස්සේ තුර්ශ මයික් එක ගත්තා. මිනිහාත් ටිකක් අරන් ඉන්නේ. රෙශඛ්‍යයි මායි කෝට් ගලෝලා දාලා පැත්තකට වෙලා ලව් කර කර උන්නා. එක පාරට,
"අඩෝ කෝ මේ මනමාල පකයෝ දෙන්නා?"
"ලොකූ!!!!!"
"මෙන්න මේ පුටුවක් බලලා මේ දරුවව ඉන්දවන්න!" නාදි නැන්දා කෑ ගැහුවා.
"මේ මන් උඹල වෙනුවෙන් කියන්නේ මේ සින්දුව හරිත? හරිත? හරිත.....?"
"හරි හරී!!!" මන් කෑ ගැහුවේ නැත්තම් හරිත ලොවක් වෙනවා මේක.
"අඩෝ සවේ මගේ පන! මන් උඹට ආදරෙයි මගේ පන! සතුටුයි බන්! උඹ, උඹ මගේකා හරිත?"
මන් ඉක්මනට ගිහින් වැනි වැනි ඉන්න තුර්ශව බදාගත්තා.
"අඩෝ උඹ අඬනවද?"
"අඩෝ සවේ! මට සතුටුයි බන්! අයුශ් හුත්තෝ!!!! උඹ බලන්ද ඉන්නේ? කැරියෝ!!! බලපන් මන් උඹේ සවීව පරිස්සමට දුන්නා ඌව ආරක්ශා කරන්න පුලුවන් එකෙක්ට! යකෙක් වගේ එකෙක්ට. මගේ මල්ලිට යකෝ. උඹ චැලෙන්ජ් කරේ වැරදි මිනිහට!"
"ලොකු බබා.... දැන් ඇති!" ලොකු අම්මා ඇවිත් තුර්ශව පිටිපස්සෙන් අල්ලගත්තා.
"ඔය ඉතින් සුට්ට ඇත්තන් කේන්ති ගන්නවනේ සුදු දෝනී!"
"මිහිරි, එයාට කියන්න දෙන්න. කොල්ලා හිතේ අමාරුවෙන් ඉන්නේ" මහප්පා ඇවිත් ලොකු අම්මව අරන් ගියා.
"තාන්ය අශ්වින්! බලහං කිව්වා වගේම මුන් දෙන්නා අපිට කලින් බැන්දා! ආ!!! උඹ ඔක්කොටම කලින් බැන්දනේ? මට අමතක වුනා" තුර්ශ පිස්සෙක් වගේ හිනා වෙනකොට රෙශඛ්යත් ඇවිත්,
"ලොකූ උඹට වැඩී බන්!"
"මේ මල්ලි, මල්ලි මල්ලි අපේ අතරේ ඕවා මොකුත් නෑ! මන් සින්දුවක් හික් කියන්න හික් කියන්න හික් ආවේ!"
"ආ කියපං, කියපං කියලා ගිහින් බුදියගනිං"
"සඳ කිදුරයි සද කිදුරී..." හත්වලාමයි!
"ඒක එපා තුර්ශ, වෙන එකක් කියන්න"
"ඒක එපාද සවේ?"
"ඒක එපා බන්!"
"එහෙනම්.... චන්ද්‍රපාල.... හී හී තාන්ය...."
"ලොකූ ඒකත් එපා බන්!"
"ඒකත් එපාද? එහෙනම්.... 6, 8 දෙන්න 6, 8!"
"අහ් හරි දෙන්නම්." රෙශඛ්‍ය දැන් තුර්ශව උස්සගෙන වගේ ඉන්නේ.මයික් එකනම් අත අරින්නෙම නෑ මූ.
"මේක උඹල දෙන්නට හරිත?"
"හරී!"
"ඈත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
හා..හා..හා... හා..හා..හා...
හා..හා..හා... හා.....හා..හා...
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
හා..හා..හා... හා..හා..හා...
හා..හා..හා... හා.....හා..හා...
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට
අද රෑට දිලෙනවා
හා..හා..හා... හා..හා..හා...
හා..හා..හා... හා.....හා..හා...
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
හා..හා..හා... හා..හා..හා...
හා..හා..හා... හා.....හා..හා..."
තුර්ශව උස්සන් ගිහින් ඇඳට දාලා රෙශඛ්‍ය එයාගේ ලගේජ් එකත් අරන් එලියට ආවා.
"සුදයියේ බෑග් එක වාහනේ නේ?"
"ඔව්" මන් රතු වෙනවා
"ආ... මේන් මෙයා රතු වෙනවා..."
"නිකං ඉන්න රෙශඛ්‍ය. මට ලැජ්ජයි!" මන් අත් දෙකෙන් මූනත් වහන් ඉස්සරහට දිව්වා.
"අම්මේ අපි ගිහින් එන්නද එහෙනම්?" රෙශඛ්‍ය නුවනි අම්මට කිව්වම අම්මා එයාව ඉම්බලා මාවත් බදාගෙන ඉම්බා. වජිර තාත්තටත් කියලා අපේ අම්මයි තාත්තා ළඟට ගියා,
"තාත්තේ, අම්මේ, මගේ ජීවිතේ අන්තිම දවස වෙනකන් මන් තාත්තගෙයි අම්මගෙයි සුදුමහත්තයාව බලාගන්නවා. මෙච්චර කල් හදලා, වඩලා, උස් මහත් කරලා, උගන්නලා මට එයාව හිතේ කහටක් නැතුව දුන්නට ඔය දෙන්නට ගොඩක් පින්. අද ඉඳලා එයා ගැන අම්මයි තාත්තයි පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ. එයාගේ අනාගතේ ලස්සන කරන්න පුලුවන් හැමදේම මම කරනවා."
"මට ආඩම්බරයි පුතා වගේ බෑනෙක් හම්බු වෙච්ච එක ගැන" තාත්තා එහෙම කිව්වම මන් තාත්තවයි අම්මවයි බදාගෙන අඬන්න ගත්තා.
"ගිහින් එන්න සුදුමහත්තයා. බුදු සරණයි!"
හැමෝටම වැඳලා, උම්මා අරගෙන අපි දෙන්න එනකන් වාහනේට වෙලා පැය ගානක් බලන් හිටපු ඉන්දියන් කාරයාට හායි කිව්වම ඌ ලොකු හුස්මක් පිට කරා.
"නගිනවා ඉතින් බලන් ඉන්නේ" දොර ඇරන් බලන් ඉන්න රෙශඛ්‍ය කිව්වම මාව පුපුරන්න වගේ
"අනේ මට බෑ!" මන් ආයේ හැරිලා දුවන්න යද්දි අතින් ඇදුනා.
"පිස්සු නම් කෙලින්න එපා සුදයියේ!!!!" කියලා පපඩමක් වාගේ දෙකට නවලා වාහනේ අස්සට ඔබට ඒ බතල මුට්ටෙත් ඒ පැත්තෙන්ම නගිනකොට අලි පුප මගේ කොන්ද උඩ.
"ඕයි! ඕයි! කොන්ද යකෝ!!!"
"එහාට පලයංකෝ ඉතින්!"
එහාට වෙලා කෝට් එකත් හදන්, කොන්ඩෙත් ඇඟිලි දෙකෙන් දෙපැත්තට හදන් ඇස් කරකලා තොලත් හපන් අරූට රැවනකොට වාහනෙත් ගමන් ආරම්ඹ කරලා.
"මොකෝ උඹ?"
"මොකෝ කියන්නේ? මෙහෙමද සලකන්නේ පළවෙනි දවසෙම?"
ඒ පාර එක පාරට මගේ මූනට එබුනම මාව දොරටම පහත් වුනා.
"කොහොමද එහෙනම් සලකන්න ඕනා?"
"මම් මම් මම්..."
"කට වැහුනද?" රෙශඛ්‍ය මගේ නලලෙන් කොන්ඩේ හෙමින් අයින් කරලා තවත් මූනට ලං වුනාම මගේ පපුව මහ හයියෙන් ගැහෙන්න ගත්තා. ඒ ලස්සන ලොකු, කලු ඇස් මගේ හේසල් ඇස් ගිලගන්න වගේ. මන් ඒවට වහල් වෙන්නේ පුදුම ආසාවකින්, කැමැත්තකින්. ඉතින් මන් ඇස් වහගත්තා.
"සුදයියේ ඇස් අරින්න. මේ අපි එකට පටන් ගන්න ජීවිතයේ පලවෙනි හාදුව. මට ඔයාගේ ඇස් බලන්න ඕනා!"
සියොළඟ කිළිපොලා යන වචන හමුවේ ඇස් පියන් ඉස්සෙද්දි, රෝස පෙති වන් සියුමැලි දෙතොල් මගේ දෙතොල් එක්ක මුහු වුනා. සියුම්ව විඳින්න ගත් ලවන් පහස ඩිංග ඩිංග ආවේගශීලී වෙද්දි ඒ ශක්තිමත් බාහු අතරට කොටු වී විඳින මේ අමුතුම වින්දනය මාව පිටසක්වලට අරන් යන්නා වගේ.
රෙශඛ්‍ය මගේ කලිසමේ බොත්තන් පන්නනකොට, මාත් එයාගේ ශර්ට් එකේ බට්න්ස් එකින් එක පැන්නුවා. ඉන්දියන් කාරයාට ෆ්‍රී ශෝ. Like who cares? ඒක මාව තවත් ඇවිස්සුවා. රෙශඛ්‍ය මගේ බෙල්ල උරන්න ගද්දිම
"Sir! I hate to disturb you, but we have come to the drop off location"
රෙශඛ්‍ය පර්ස් එකෙන් පවුන්ඩ්ස් වගයක් අරන් ඌට දික් කරලා "keep the change" කියලා වාහනෙන් බැහැලා මගේ පැත්තේ දොර ඇරලා මට අත දුන්නම මන් අතේ එල්ලිලාම එලියට බැහැලා,
"Princess teatments ah?"
"Anything for you my princess!"
රෙශඛ්‍ය ලගේජස් ගන්නකොට ඇතුලෙන් ස්ටාෆ් එකේ කෙනෙක් ඇවිත් ලගේජස් දෙක අරගත්තා. DoubleTree by Hilton London - Chelsea ඒකට තමයි අපි ඇවිත් හිටියේ. ලොබී එකෙන් කී කාඩ් එක අරන් රෙශඛ්‍ය මගේ අතින් අල්ලන් එලවේටර් එකට නැග්ගා. වෝල් එකට පින් කරලා කිස් කරන්න යනකොටම වයසක ජෝඩුවකුත් නැග්ගා.
"ශිට්!" රෙශඛ්‍යගේ මූන කජු ලෙල්ල වගේ වුනාම මට හිනා ගියාම මිනිහට තව මල පැන්නා.
"මොකද මේ හදිස්සි?" කියපු ගමන් එලවේටර් එකේ දොර ඇරුනම මන් හිටියේ අඩි හතරක් උඩ හරහට.
"This is our floor!" රෙශඛ්‍ය මාවත් වඩන් එලියට යනකොට,
"Have a good time both of you!" වයසක ආන්ටී අන්කලුයි අපිට විශ් කරාම මන් thank you කිව්වා.
කාමරේ දොර වැහුනු ගමන් මාව ඇඳ උඩට අත ඇරලා කෝට් එක විසික් කරලා දාලා ඇඟ උඩට එනකොට මන් එයාගේ පපුවෙන් අත් දෙක තියලා එයාව නැවැත්තුවා.
"බබා....." රෙශඛ්‍ය එක පාරට ගල් ගැහිලා බලන් ඉද්දි මන් එයාව යන්තන් එහා පැත්තට කරනකොට එයා නැගිටලා මගේ එහා පැත්තෙන් ඉඳගත්තා.
"ඇයි සුදයියේ?"
"බබා.... අපි පොඩ්ඩක් හෙමින් කරමුද? මන් තාම ලෑස්ති නෑ"
"oh! I'm really sorry මැණික. Yeah yeah! Sure අපි හෙමින් කරමු. ඔයාට ඕන තරම් වෙලාව ගන්න."
"ම්ම්ම් මන් වොශ් එකක් දාගෙන එන්නම්?"
"හරි. ඉන්න මන් ඔයාගේ ඇඳුම් අරන් දෙන්නම්" රෙශඛ්‍ය මගේ රෝස පාට ලගේජ් එක ඇරියම මන් ඉක්මනට ගිහින් මට ඕන ඇඳුම් ටිකයි, වොශ් බෑග් එකයි එලියට අරගත්තා.
"මන් ඉක්මනට එන්නම්." මන් ඉස්සිලා රෙශඛ්‍යගේ කම්මුලෙන් උම්මා එකක් තියලා බාතෲම් එකට දිව්වා.
තියන තරමක් දේවල් උලලා උලලා විශ්වය පුරා විහිදී ගියා Bath & Body works නාමේ..... ශේව් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ නේ. හොඳ වෙලාවට වීට් එකක් තිබ්බේ. නැත්තම් මේ අල්ල පනල්ලේ කකුල්, අත් ශේව් කරන්න ගිහින් ලේ විලක් වෙනවා මෙතන. යටිතල එව්වට නම් ඉතින් ශේව් කරනවාට ඇරෙන්න කොහොමත් වෙන ඔප්ශන් එකක් නෑ නේ. බ්‍රසීලියන් එකක් කරගන්න තිබ්බා අප්පා. Bewaxed එකේ offer එකකුත් තිබ්බා. කොහෙද වෙලාවක් තියෙන්න එපැයි ඔක්කොටම. ඊළඟ පාර කරගන්නවා. පැයක් විතර හිටියද මන්දා මේකේ. මන් බාත්රෝබ් එකත් ඇඳන් එලියට එනකොට රෙශඛ්‍ය කලිසම පිටින් Tom & Jerry බලනවා.
"මන් හිතුවා උඹ දිය වෙලාම ගිහින් කියලා" රෙශඛ්‍ය මගේ ළඟට ඇවිත් බෙල්ල ලඟට මූණ ගෙනත් හොඳ හුස්මක් උඩට ඇද්දා.
"කන්නයි තියෙන්නේ උඹව"
"කන්න කලින් වොශ් දාන් එන්න" කියලා තල්ලු කරාම කකුල් අද්ද අද්ද ගිහින් බාතෲම් එකේ දොර වහගත්තා.
"තෑගි දෙන සාස්තරේ හරි!" කියලා,
මන් එලියට ගත්තු සුදු t-shirt එකයි, කලු බට් ශෝර්ට් එකයි, කලු ශිමර් කාඩිගන් එකයි ඇඳගෙන ඉක්මනින් හරිම ෆ්‍රෙශ් නැචුරල් මේකප් එකකුත් දාගත්තා. Perfume ටිකක් ස්ප්‍රේ කරන් ෆයිනල් ලුක් එක බැලුවම මල් හතයි. දැන් තියෙන්නේ තෑග්ග ස්ථානගත කිරීම.
කාමරේ උස වීදුරු වලින් ටවුන් එකේම නයිට් වීව් එක ලස්සනට පේනවා. එතනම තිබ්බ කවුච් එකෙන් ඉඳගත්තම බාතෲම් දොර ඇරුණගමන් පේන්නේ මාව. ඒ නිසා එතන තමයි හොඳම.
ලස්සනට ඉඳගෙන රෙශඛ්‍යට දැක්කම නගින සුදු ගල් දෙකත් එලියේ දාන් බොරුවට phone එකත් ඔබ ඔබ හිටියම ම්ම්ම් අහ් අහ් ආහ්...
ඒත් පණ්ඩිතයා වගේ මෙහෙම හිටියට බඩ පෙරලෙනවා, කකුල් ගැහෙනවා, කණ් වලින් දුම් දානවා, ඊළඟ පැය කීපයේ මොනවා වෙයිද?
'ටොක්' දොර ඇරුනා.... බලන්න එපා සවේන්, බලන්න එපා.... Phone එක බලපන්!!!!
"සුදයියේ!!! හැමනෙනවා!!!"
මතු සම්බන්ධයි....
දැක්කනේ රෑට දිලුනා. තුර්ශ කිව්වා ඒක. සතුටුයි නේ ඔයාලට? මට ආදරෙයි ඔයාලා මන් දන්නවා. 😌❤️
හෙට හම්බෙමු!