"අම්මා ඉක්මන් කරන්න!"
කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපලේ මගී පර්‍යන්තයට ලගේජ් ඇදන් බෑග් උස්සන් අම්මයි, මමයි, තාත්තයි දුවනවා. නුවනි අම්මා ඈත් ඉඳන් 'වරෙන්, වරෙන්' කිය දත් මිටි කකා අඬගහනවා.
"සවී! මදැයි මේ වෙලාවට හරි ආවා. ටක් ගාලා බෑග්ස් ටික දාන්න!"
"රෙක්ස්ව උදේ පාන්දර එහා ගෙදරට දාලා එන්න ගිහින් පරක්කු වුනේ නංගි. අඬන්න ගත්තනේ ඒ බූතයා"
"එන්නකෝ මේ ඔයාව අඳුන්වලා දෙන්න කට්ටියක් ඉන්නවා." වජිර තාත්තා මාව අරන් ගියේ රෙශඛ්‍ය photos වල විතරක් පෙන්වලා තියන මූණු ටිකක් ඉස්සරහට.
"ලොකු අයියේ, පොඩි අයියේ, නංගි මේ ඉන්නේ අපේ මංජුගේ මනමාලයා, සවේන්. අපි ආදරේට කියන්නේ සවී" තාත්තා හිනා වෙලා මගේ ඔලුව අත ගෑවම මන් හොඳ සිග්නල් සිනා බෝ වේවා ඇඩ් එකක් දැම්මා.
"හ්ම්... සතුටුයි!" රෙශඛ්‍ය ගේ නැන්දා නිකන් මූනිච්චාවට කිව්වට, කාගෙවත් මූනවල ඒ තරම් හොඳක් නම් තිබ්බේ නෑ.
"එන්නකෝ සවී" තාත්තා මගේ උරහිස වටේ අත යවලා මාව ආයේ අනික් පැත්තට අරං යනගමන්,
"ඕවා ගනන් ගන්න එපා. යුතුකමටයි එයාලට මේ උත්සවය කිව්වේ. ඔයාට අපි ඉන්නවනේ"
"අනේ මන් ගනන් ගත්තේ නෑ තාත්තේ"
"පළවෙනි පාරනේ ප්ලේන් එකක යන්නේ? බයයිද?"
"ටිකක්!" මන් හිනා වුනාම තාත්තටත් හිනා ගියා.
"උඩට නග්ගනකොට කන් අගුලු වැටෙයි. එතකොට හොඳ කෙල ගුලියක් ගිලින්න. Relax වෙලා ඉන්න. ඔයාගේ සීට් එක තියෙන්නේ ලිනූ මල්ලිටයි විනූ මල්ලිටයි මැද්දේ . එයාලට පුරුදුයිනේ. බය වෙන්න එපා"
"හරි තාත්තේ"
"බය හිතුනොත් හොඳට දෙන්නගේ අත් දෙක අල්ලලා මිරිකගන්න"
එහෙම කිව්වම මට හිනා ගියා.
"අහ් මෙන්න ඔයාලගේ ටිකට්ස්!" සුදු මාමා ඔක්කොලාටම ටිකට්ස් බෙදුවා. මගෙයි, අම්මගෙයි, තාත්තගෙයි, බිස්නස් ක්ලාස් ටිකට්ස් අනුග්‍රහය ඩී සේරම්ලා තමයි. මොකද තාත්තායි අම්මයි economy class tickets book කරන්න යනකොට එයාලා ඒකට කැමති වුනේම නෑ, හැමෝම එකට යන්න ඕනයි කියලා.
නිකන් Home Alone 2 වගේ. එකම පිස්සු විකාරයක්. කොහොමත් පොලවෙන් ට්‍රිප් ගියත් අහසෙන් ට්‍රිප් ගියත් වතුරෙන් ට්‍රිප් ගියත්, පිස්සෝ පිස්සොමයිනේ. බිස්නස් ක්ලාස් එකම බදු අරන් වගේ කට්ටිය. මන් ලිනුකයි, විනුකයි මැද්දෙන් ඉඳගත්තා.
ප්ලේන් එක නග්ගනකොට ගැස්සුන ගැස්සිල්ලට මගේ පන ගියා. ඒත් විනුකයි ලිනුකයි දෙපැත්තෙන් මගේ අත් දෙක තද කරන් හිටියා. තාත්තා කිව්වා වගේම කන් අගුලු වැටුනම මන් කෙල ගිල්ලට පස්සේ ඒකත් හරි ගියා. ප්ලේන් එකේ කෑම නම් මරු. ඕන තරම් කන්න ලැබුනා. කොහොමහරි පැය 10ක් මාරක් වගේ යද්දි අපි හීත්‍රෝ ගුවන් තොටුපලට ගොඩ බැස්සා.
එලියට එනකොටම මගේ ඇස් හෙව්වේ මගේ මල්ලි බබාව. මාසයයි දවස් දහය දැනුනේ අවුරුද්දක් වගේ. ආයේ නම් ඈත් වෙලා ඉන්නේ නෑ. අම්මලා දෙන්නම මගේ නොවිසිලිවන්ත කම දැකලා දෙන්නට දෙන්නගේ මූන බලන් හිනා වුනා.
"අහ් සවේන් අයියේ...." නුවී නංගි අමුතු විදියට කිව්වම
"මොකද උඹ?"
"මුකුත් නෑ. යන් යන්."
කට්ටිය පිටිපස්සේ ඉවසිලි නැතුවම යනකොට එයා දුවගෙන එනවා දැක්කම මට පුදුම සතුටක් දැනුනේ. ඇස් වලට කඳුලු ඉනුවේ නොදැනිමයි. මන් ලගේජ් එකත් අත ඇරලා අතේ තිබ්බ බෑග් එකත් බිමට දාලා අත් දෙක ඈත් කරන් හිටියේ එයා ඇවිල්ලා මාව වඩාගන්නකන්. ඉතින් ඒ ආසාව ඒ විදියටම ඉශ්ඨවෙද්දි මන් රෙශඛ්‍යගේ මූන දෝතින්ම බදාගෙන නහයට නහය තියාගත්තම,
"මගේ මැණිකේ.."
"රෙශඛ්‍ය!"
"I missed you fucking much baby"
"me too!"
ලන්ඩන්! කොහොම කියන්නද? මන් ජීවිතේට ලංකාවෙන් පිටට ගිහින් නෑ. මන් විතරක් නෙමෙයි, මගේ අම්මයි තාත්තයිත්. ඉතින් අපිට මේ වටේ තියන හැමදේම මැජික් වගේ. බණ්ඩෝ කොළඹ ඇවිත් වගේ වෑන් එකේ ශටර්ස් වලින් කට ඇරන් වටේ බල බල යද්දි ලොකු අහසට කිට්‍ටු වෙන්නම තිබ්බ ඩිජිටල් තිරයක පේන්න තිබ්බේ Tissot අත් ඔරලෝසු වෙළඳ දැන්වීමක පෙනී ඉන්න තාන්‍ය අයියා. මන් තුර්ශ දිහා බැලුවම එයා මන් දිහා බලලා හිනා වුනා. ඒ හිනාවේ හැංගිලා තිබ්බ දුක කොයි තරම්ද කියනවනම් මගේ හදවත කීතු වුනා. උවමනා නැති වුනත් තමන්ගේ ඇස් ඉදිරියට බලෙන් පෙන්වන තමන්ගේ ආතමගත ආදරය බල බල කොයි තරම් එදිනෙදා ජීවිතය තුර්ශ මේ විදිහට ගත කරනවා ඇතිද? තුර්ශ මොන තරම් ශක්තිමත් කොල්ලෙක්ද?
රෙශඛ්‍යයි, තුර්ශයි ඉන්න පාර්සන් ග්‍රීන්ස් වල කාමර පහේ
ගෙදරට මයුරවංශලා යද්දි, මමයි, අම්මයි, තාත්තයි ඊට බ්ලොක්ස් දෙකක් මෙහා තියන ටුවරිස්ට් ඉන් එකේ නැවතුනා. හෙට අපේ විවහ ගිවිස ගැනීමේ උත්සවය. ඕනම බඩු ටික එලියට අරන්, වොශ් එකක් දාලා, ඇඳට වැටුනා.
"සුදයියේ..... අද හොඳට නිදාගන්න...."
කියලා රෙශඛ්‍ය අපිව ඉන් එකෙන් බස්සලා යද්දි කනට කරලා කිව්වම මගේ සරුවාංගෙම සීතල වුනා. සමනල් හැඟුමන් අතරේ අතරමංවෙලා එහෙම්මම මට නින්දත් ගිහින්. ඒත් phone එක රිං වෙනකොට ඇහැරුනා. කාමරේ කලුවරම කලුවරයි.අන් phone එක අතට අරන් ඇස් හීනි කරලා අමාරුවෙන් බලද්දි, තුර්ශ
"හෙලෝ සවේ! එලියට වරෙන්!"
"මොකද තුර්ශ?"
"වරෙන්කෝ පැහෙන්නේ නැතුව"
අම්මෝ සීතල!!! මන් දොර අරිනකොටම ඇතුලට ආපු සීතල මගේ මයිල් කෙලින් කරා. ඒත් ඉස්සරහා දකින්න තිබ්බ දර්ශනය ඊටත් වඩා මාව සීතල කරා. රෙශඛ්‍ය රතු රෝස මල් කළඹක් අරන් දනගහගෙන අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන හිටියා. අම්මෝ සීතල මේ මොකද මේ? මට පුදුමයි. මන් අතින් කට වහගත්තා.
"රෙශඛ්‍ය!" මන් කකුල් පැටලි පැටලි පඩි දෙක බැහැලා රෙශඛ්‍ය ඉස්සරහට ගියාම,
"සවේන් දෙනෙත් පෙරේරා, දීර්ඝ සංසාරයේ නිවන් දකින අන්තිම භවයේ ගෙවෙන අන්තිම දවස වෙනකන් අතින් අල්ලන් යන්න, තනි නොකර ඉන්න, රිදෙන, රිදෙන පාර ඔයාව සනසවන්න, වැටෙන, වැටෙන පාර ඔයාව අල්ලගන්න, සංසාරයේ හැම භවයකම දුකින් ඉන්නකොට වාරු කරගන්නත්, සතුටින් ඉන්නකොට ඔයත් එක්ක තව හිනා වෙන්නත්, අපි පතන නිවන ලඟදි විතරක් අත අරින්නත් සුදයියේ ඔයා මගේම වෙන්න"
"රෙශ්ඛ්‍ය!"
මේ තරම් ආදරයක් ලබන්න මන් කොයි තරම් පින් කරලද? ජීවිතේ මුල් කාලේ කොයි තරම් හද පාරන දේවල් සිද්ද වුනාද කිව්වොත්, කොයි තරම් පීඩාකාරී දවස් ගෙව්වද කිව්වොත්, මන් හිතුවේ මන් මේ ලෝකේ අවාසනාවන්තම, කරුමක්කාරම කොල්ලා වෙන්න ඇති කියලා. ඒත් දැන් මගේ මුලු ජීවිත ස්වභාවයම වෙනස් වෙලා. මන් ආස හැමදේම මට ලැබිලා. සතුට උපරිමෙන්, ආදරේ උපරිමෙන්, ආරක්ෂාව උපරිමෙන්, ලස්සන පවුලක්, ආසම කරපු හීන හැබෑ කරගන්න අවස්ථාවක්, ඒ හැමදේම කලේ එක්කෙනයි. ඒ සයෝද් රෙශඛ්‍ය ඩි සේරම, මගේ අනාගත ස්වාමිපුරුෂයා.
මගේ දණත් සයෝද්ගේ ඉස්සරහම නැමුනා. මන් එයාව තුරුල් කරගත්තා. අපි දෙන්නම මේ වෙලාවෙ මේ හලන්නේ සතුටු කඳුලු. රෙශඛ්‍ය මගේ මූන අත් දෙකෙන්ම අල්ලන් ඇස් වලට එබුනා.
"සුදයියේ.... මාව කසාද බඳින්න පොරොන්දු වෙනවා නේද?"
"ඔව් මගේ පන. හෙට ඉඳන් සදහටම සවේන් දෙනෙත් සයෝද් රෙශඛ්‍යගේ විතරමයි"
උදේම ඇත් දල පාට සූට් එක ඇන්දම අම්මයි, තාත්තයි දෙන්නම ඇවිත් බලන් ඉඳලා මගේ ළඟට ඇවිත් මාව බදාගත්තා. අම්මා නම් දැන්මම අඬනවා.
"අඬන්න එපා අම්මේ...." මන් අම්මගේ කඳුලු පිහුදුවා.
"සතුටටනේ අඬන්නේ ළමයෝ!"
"සුදුමහත්තයා අද හරිම ලස්සනයි. විවහ දවසට මීටත් වඩා ලස්සනට ඉඳී" තාත්තා මගේ උරහිස් අල්ලන් කියලා මාව බදාගත්තා.
"සුදුමහත්තයා සතුටෙන් නේ මේ විවහ ගිවිස ගන්නේ?" තාත්තා ඇහුවම,
"ඔව් තාත්තේ. ඒ ගැන හිතන්න එපා. මන් මේක සතුටෙන් කරන්නේ. රෙශඛ්‍ය තමයි මට ගැලපෙනම කෙනා. එයා එක්ක ජීවත් වෙන්න යන එක මට සතුටක්."
"හ්ම්... අපට තමයි පාලු!" අම්මා මූන හදාගත්තා
"ඔන්න ඔන්න නිමාලි. මන් කිව්වා ඔය කතාව කියන්න එපා කියලා!"
"හරි අම්මා. මන් හැමදාම කතා කරනවනේ!"
"ඕව හිතන්න එපා සුදුමහත්තයා. හැමදාම ගෙවල් අස්සට වෙලා ඉන්න බෑනේ." තාත්තා මගේ උරහිසට තට්ටුවක් දුන්න.
ඇත් දල පාටත් හරිත් වර්ණ මිශ්‍ර වුන මල් රවුම ඉස්සරහා රෙශඛ්‍ය මන් එනකන් හිටන් හිටියා. ඇත් දල පාට සූට් එකට උදේම පායපු ඉර එලිය වැටුනම දිස්නේ ගහනවා. මන් විනිවිද පේන ග්ලව්ස් දාලා තිබ්බ දකුණු අතේ ලා රෝස පාට, සුදු පාට බේබීස් බ්‍රෙත් බොකේ එකත්, වම් අතින් තාත්තවත් අල්ලන් කොල පාට තන නිල්ල මත වැටුනු රෝස පාට මල් පෙති මාවත දිගේ එයා ළඟට යනකොට රෙශඛ්‍ය ගොඩක් ලස්සනට හිනා වුනා. තාත්තා මගේ අත රෙශඛ්‍යගේ අතින් තියලා රෙශඛ්‍යගේ වැලමිට හරියට තට්ටුවක් දුන්නාම රෙශඛ්‍ය හිනා වෙලා මාව ළඟට අරන් මගේ අත් දෙකෙන්ම අල්ලගත්තා. අපි දෙන්නා මූනට මූන බලන් හිනා වෙද්දි වජිර තාත්තා එයා දවස් ගානක් පුරුදු වුන කතාව පටන් ගත්තා.
"මේ ඉතාම ප්‍රීතිමත් අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සාගර පෙරේරා මහතා, නිමාලී පෙරේරා මහත්මියද, රෝස් මයුරවංශ මෑණියෝද, රිවිර සිරිවර්ධන මහතා මහත්මිය ඇතුලු එම පවුලද, ලෙව්ඛේබණ්ඩාර මහතා මහත්මිය ඇතුලු එම පවුලද, රෝවන් මයුරවංශ මහතා, මහත්මිය ඇතුලු පවුලේ සැමද, නිලංග මයුරවංශ මහතා මහත්මිය සහ අපේ අයාන් පුතුවද, මාගේ සහෝදරවරුන් වන රජිත ඩී සේරම් සහ එම මහත්මිය ඇතුලු පවුලද, රජිව් ඩි සේරම් එම මහත්මිය සහ පවුලද එමෙන්ම මගේ සහෝදරිය පවිත්රා ඩි සේරම්, මගේ මස්සිනා කුලතුංග සහෝදරයා ඇතුලු එම පවුල, අපගේ ආදරණිය පුතා සයෝද් රෙශ්ඛ්‍ය ඩි සේරම්, සහ අපේ ආදරණීය පෙරේරා මහත්මා සහ එම මහත්මියගේ පුත් සවේන් දෙනෙත් පෙරේරා යන අයගේ විවහය වෙනුවෙන් නම් ප්‍රසිද්ධ කිරීමේ උත්සවයට ඉතාම ආදර ගෞරවයෙන් පිලිගන්නවා.
මන් මෙතන අපේ පුතා සයෝද් ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් මෙතන වැඩි හරියක් දෙනා සවේන්ව දන්නවා වුනත්, සවේන්ගේ අනාගත මමණ්ඩිගෙ ඇස් දෙකෙන් ඔයාලා සවීව දැකලා නෑ. මන් මාමණ්ඩි කියන වචනය භාවිතා කරන්න කැමති නෑ මොක්ද සවී අපේම දරුවෙක් කියලා තමයි මමයි නුවනි සලකන්නේ. ඉතින් මන් දන්නවා මෙතන මගේ සහෝදරයොන්ගේ හිත්වල හොඳක් නෑ කියලා. මේ විවහය ගැන කිව්වම මෙවැනි දෙයක් එයාලා සයෝද් වෙනුවෙන් බලාපොරොත්තු වුනේ නෑ කියලා මට කිව්වා. ඉතින් මන් හැමෝටම පොදුවේ කියන්න කැමතී අපේ පුතා සයෝද් අතරෙයි සවේන් පුතා අතරෙයි තියන ආදරය අපි ඇස් වලට දැකපු මිනිස්සු හැටියට ඒ දෙන්නගේ බැඳීම අපිට අහක දාන්න බෑ කියලා. සවී කියන්නේ අපෙ දෑස් ඉදිරියේම බොහෝ දුක් විඳපු දරුවෙක්. ඒ නිසා ඒ තැලුන හිත සුවපත් කරන්න මගේ පුතාට පුලුවන් වීම පිළිබඳ, එවැනි ආදරණීය දරුවෙක් හැදීම වැඩීම පිලිබඳව අපිට දෙමව්පියෝ හැටියට ගොඩක් සතුටුයි, ආඩම්බරයි.
"ඉතින් මගේ පුතාලා දෙන්නා අද පොරොන්දු වෙනවා අපි හැමෝම ඉදිරියේ එකිනෙකා වෙනුවෙන් ආලෝකයේදී මෙන්ම අඳුරෙදිද එකට ඉන්නවා කියලා. සෞභාගය්මත් අනාගතයක් හදාගෙන ඉදිරි වැඩ කටයුතු සිහි නුවනින් යුතුව බලලා, හැඟීම් වලට වහල් නොවී දෙදෙනා වෙනුවෙන් ලස්සන අනාගතයක් හදා ගන්නවා කියලා."
"අපි පොරොන්දු වෙනවා තාත්‍තේ" මම, රෙශඛ්‍යගේ අත් අල්ලගෙන මූනට මූන බලාගෙන කිව්වම අයාන් බබාගේ අතේ තිබ්බ පෙට්ටිය ඇරලා රෙශඛ්‍ය ඒකේ ඇතුලේ තිබ්බ මුද්ද හැමෝගෙම අත්පොලසන් නාදය මැද්දේ මගේ ඇඟිල්ලට පැලැන්දුවාම මන් අනික් මුද්ද අරන් රෙශඛ්‍ය ගේ ඇඟිල්ලේ පැලැන්දුවා. රෙශඛ්‍ය හිනා වෙලා මගේ නලලෙන් හාදුවකුත් තියලා, කණට ලං වෙලා,
"උතුමාණනි කියන්න ලෑස්තිද?"
"රෙශඛ්‍ය!"
"This is the best birthday ever. And you are the best birthday gift ever සුදයියේ!"
රෙශඛ්‍යගේ birthday cake එක වෙනුවට අපි engagement cake එක කපනකොට හැමෝම Happy Birthday song එකත් කිව්වම එයාට හොඳටම හිනා ගියා. රෙශඛ්‍ය කේක් කෑල්ලක් මට කවනකොට මන් එයාට තව ටිකක් ලං වුනා,
"Happy 18th birthday Reshakhya! ඔයාගේ birthday gift එක රෑට දෙන්නම්" මන් ඇහැක් ගැහුවම, රෙශඛ්‍යගේ කට ඇරුනා.
මතු සම්බන්ධයි....