Ficool

Chapter 55 - 55

Sanash pov...

චූටියා යන්න ගියා....ගියාට මොනවා කරගනීද කියනන් දන්නෙ ඌම විතරක් උනත්....එක බඩවැලේ උන්න ඌට දැනුන හැම වේදනාවක්ම හැම හැගීමක්ම ටෙලිපති උපරීමෙටම තිබුන මට දැනුනා....

ශෙනිරු ඉන්නව...ඒත්....මං බැලුවෙ නෑ...මන් කතාකෙරුවෙත් නෑ....ඔයාට කොහොමද ඇහුවෙත් නෑ...එදා අවසනම වතාවට බස් එකේදි මං එයාගෙ අත ඇල්ලුවා...මොනවද කිව්වෙ...එයා නැති උනා කියලා මල් පිපෙන්නෙ නැතිව යන්නෙ නෑ කිව්වා

ඇත්ත..එයා නැතිව ගියාට මල් පිපෙන එඅ නැවතුනෙ නෑ...හැබැයි....එදා ඉදන් මගෙ ජීවිතේම වැස්සක් කියන දේ අහලවත් නැති ඉඩෝරෙ ගැන විතරක්ම දන්න කාන්තාරයක් වෙලා ගියා...

මට ඕනෙ හැම වේදනාවකිම්ම ගැලවෙන්න.....මදැයි මං දැන් අවුරුදු තුනක් තිස්සෙ විදවනවා....අවුරුදු තුනක් කිව්වට එයාට දැනෙන්නෙ නැතිව ඇති.....

දවස් එක්දහස් අනූපහක්.....එතකොට පැය....???

මං විදෙව්වා හුස්ම ඉහලට ගන්න ආපිට පහලට දාන හැම තත්පරේම මං විදෙව්වා ...මට අඩන්න කාලයක් තිබුන් නෑ...මොකද ..මට සිද්ද උනාමාවත් දරාගන අසනීපෙන් ඉන්න මගෙ මල්ලිගෙ කදුලු උරාගන්න මගෙ උරහිස දෙන්න...මං ඌව තුරුල් කරගන උන්න...මං ඌට ඇති පදම් අඩපන් කියලා මාවම මන් හරි අමාරුවෙන් දරාගත්තා ...මොකද....මගෙ පපුව වගේ නෙවෙ උගෙ පපුව.....එලියට පනින්න හදන කදුලු ඌ අස්සෙම හිරකන් උන්නොත් ..මං දන්නවා..ඌ මැරෙනවා....ඌව අනිවාර්යයෙන්ම නහරයක් ගහලා ගිහින් මැරෙනවා.....

මං ශෙනිරු දිහා එක පාරක් බැලුවා...මං හිතුවා වගේම ශෙනිරු බලන් ඉන්නවා....එයා වෙනස් වෙලා....වෙනස් වෙලා කියන්නෙ....එයාට දැන් තියෙන්නෙම හරි පරිනත පාටක්...කනට කරාබුවක් දාලා...කොන්ඩෙත් පාට කරලා උන්න ශෙනිරු....ඉස්සර උන්න ශෙනිරුමද කියලා හිතන්න බැරි තරම් .....ඒ අතපය....මං හිතන්නෙ කලින්ටත් වඩා දැන් හරි ලොකුයි...බලන් ගියහම.....පරඩැල් වෙලා තියෙන්නෙ මායි අපේ එකයි විතරයි .....

මං ආයම අහක බලාගත්තා ....මට එයා එක්ක කතා කරන්න දෙයක් තිබුනෙත් නෑ...මොකද ...මෙතන ඉනන් ශෙනිරුව මම අදුනන්නෙත් නෑ...

මං එහෙම්ම මිදුලට බැස්සා....කෙලිම්ම චූටියයි නිර්වානුයි ඉදන් උන්න සිමෙන්ති බන්කුව උඩට.....සේපාලිකා මල් පෝලිමයි..සුවද වැඩි කමටම මගෙ ඔලුව කකියනවා.....

ඇත්තටම ඔලුව කැක්කුම සුවඩ වැඩි කමටද...නැත්තන් ..කබල බැදපු තුවාලෙ ආයම පෑරුන හන්දද...

.සනාශ් ..... 

මං උන්නෙ බිම බලාගන.....ලොකු නැන්දා මග ඇරලා අතුගාන සේපාලිකා මල් කන්ද දිහා බලාගන....මට ඔලුව උස්සන්න හිතක් නෑ...එදා අච්චර යන්න එපා එපා මාව පිස්සෙක් වෙයි කියලා කියන්න කියන්නම අවසානෙදි බස් එකෙන් බැහැල ගිය එයාම අද සනාශ් කියලා කතා කරනකොට තවමත් ඉස්කෝලේ යන කාලෙ සනාශ් විදිහට දුක් විදින මට එයා දිහා ඔලුව උස්සලා බලන්න හිතක් තිබුනෙ නෑ....

සනාශ් ....අපි චුට්ටක් කතා කරමුද....

..ම්ම්ම්....

ඔයාට කොහොමද ...සනාශ් ....හොදින් ඉන්නවද....

මාව බලපුවාම එහෙම දෙයක් පේනවද.....ශෙනිරු....මං හොදින් වගෙ දෙයක් පේනවද...

මං බිම බලාගනම උන්නා...මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...එයාට කතා කරන්න දීලා මම මීක් නොගා උන්නත්....මං හොදින්ද අහනකොට මං බිම බලාගනම උත්තර බැන්දා ... ...එදත් එයාම කතා කරලා යන්න ගියා ....ඉතින්...එදා එයා මාව දාලා ගිය තැනම මං තවම ඉන්නවා....එ මදිවට මං හොදින්ද අහනවා...

උඹව කෝපි පාට වෙලා බබී...ඇයි...ඒ...අව්වෙ ඉන්නවද.....

.......ඒ ගිනි කන අව්ව හොදයි....හිතේ ඇවිලුන එක්ක බලනකොට ....

උඹ හුගක් වෙනස් වෙලා බබී...උඹ දැන් හුගා වෙනස් වෙලා...බබී...

මගෙ ඇස් ගැස්සුනා .....ඇස්විතරක් නෙවෙ මගෙ පපුවත්...එක්කම ගැස්සුනා ....එයා මට බබී කිව්වා .....මීට අවුරුදු ගානකට කලින් කිව්වා වගේම එයා මට බබී කිව්වා විතරක් නෙවෙ....මං හුගාක් වෙනස් වෙලා.කිව්වා....

මාව විස්වාස කරන්න මට හයියෙම්ම හිනා ගියා....මෙච්චර කාලෙකට හිනාවක් ඇදින්නෙ නැති මට එක පාරම මහ සද්දෙට හිනා ගියා

බබී...සනාශ්

මට හිනා ගියා....හැබැයි ඒ එක්කම මේ අවුරුදු ගානම හිරකරන් උන්න උණු කදුලු බිමට වැටෙන්න ගත්තා...මං ඇඩුවෙ නෑ....හැබැයි මගෙ ඇස් ඇඩුවා.....

මං වෙනස් වෙලා.....උඹ කිව්වෙ...මං වෙනස් වෙලා කියලද ශෙනිරු....

බබී.....

නෑ...මං කවදද් වෙනස් උනේ ශෙනිරු....උ ඹ මාව දාලා ඉස්සරහට ගියා මිසක්.....මං කොහොමද වෙනස් උනෙ....ඇත්ත...උඹට දැන් මං වෙනස් වගෙ පේනව ඇති...මොකද ....උඹ මාව දාලා ඉස්සරහට ගියාට...මටබැරි උනා...උඹත් එක්කම ඉස්සරහට යන්න....උඹ නැති උනාට මල් පිපෙන්නෙ නැතිව ඉන්නෙ නෑනෙ කියපු උඹ මාව දාල යන්න ගියාට....මං තවමත් ඒ බස් එක ඇතුලෙ බන්....ඉතින්...වෙනස් නොවුන මා එක්ක...ඉන්නකොට ...වෙනස් වෙච්ච උඹට...මාව වෙනස් වෙලා වගේ පේන එක අහන්න දෙයක්ද ශෙනිරු ...

සනා...ශ්...

එයා මගෙ අත එයාගෙ අතට පටලවගන්න හැදුවා.....එයා මගෙ අත අරගන එයාගෙ අතට පටලව ගත්තා ....ඒත්.....එදා මගෙ අත එයාගෙ අතට පටලවගන්නෙ නැතිව උන්නා වගේ අද මමත් එහෙම උන්නා....මොකද....තව දුරටත් එයා ආදරේ කරපු බබී කෙනෙක් උන්නෙ නැති උන හන්දා.....

..සනාශ් ...බබී...අනේ...ඔහොම කරන්න එපා රත්තරන් ...උඹලා හොදටම දන්නවා..මෙතන අපේ වරදක් නෑ කියලා ...එහෙම දැන දැන මෙහෙම කරන්නෙ ඇයි බබී.....

මං ඔහේ උන්නා...මං ඔහේ අහගන උන්නා...

ඇයි සනාශ් මට මෙහෙම කරන්නෙ

වචන නාස්ති කරන්න එපා ශෙනිරු ..අපරාදෙ ....මං උඹගෙන් අහන්න ඕන ප්‍රශ්නෙ ඇයි ..ආපිට මගෙන් අහන්නෙ. .උඹට....කාව දැක්කම...මං සතුටින් උන්නා කියලා පේනවද ශෙනිරු ....මට හිනා උන දවසක් මතක නෑ....මං අවසානට හිනා උනෙ කවදද කියන්න මං වත් දන්නෙ නෑ...එහෙම උන්න මගෙන් ඇයි ඔහොම අහන්නෙ ශෙනිරු .....

.එපා සනාශ් ...අනෙ දැන් ඇති බන්....දැන් ඇති.....මෙච්චර කල් මං උඹ දිහා ඈතින් ඉදන් බලන් උන්නෙත් හරි අමාරුවෙන්....උඹව දකින වාරයක් ගානෙම අනේ මට උඹ ගාවට දුවන් ඇවිත් තූරුල් කරගන්න හිතුනා...මගෙ බබී....උඹගෙ සෙනූ උඹ දිහා ඈත ඉදන් බලන් ඉන්නවා අනෙ බබී මං උඹ එක්ක ඉන්නවා කියලා කියන්න මට ඕනාඋනා...ඒත්.....අපි කොහොම නම් එන්නද මගෙ සනාශ් ...සනාශ් ..

.එයා මගෙ අතේ ඇටකටු පොඩි වෙන තරන් හයියෙන් මිරිකුවා ...එ ඇස්වල කදුලු පිරිලා....මං දන්නවා...එයා කිව්ව වගේම මෙතන අපි හතර දෙනාගෙම වැරදි නෑ..ඒත් ....ඒත්...අපි මැරුනා....ආයම කවදාවත් ගොඩ නොගන්න බලාගනම අපි අපිවම වැලලුවා....

.මගෙ බබී....අනේ මං උඹට ආදරෙයි මගෙ සනාශ් ....උඹගෙ සෙනූ...මේ බලපන්...මේ බලපන්..මගෙ ඵෝන් එකේ පිරෙන්නෙම ඉන්නෙ උඹ රත්තරන් .....උඹ යන්නෙ එන්නෙ කොහෙද ....ඉන්නෙ කොතනද....අනේ මං ඈත ඉදන් බලන් උන්නා මගෙ සනාශ් ....මට තවත් මෙහෙම කරන්න එපා සනාශ් ....

උඹට මට එකපාරම සමාව දෙන්න බැරි නම්...අනේ උඹ උඹගෙ හිත හැදෙනකම්ම මට රිදවපන්....ඒත්...මට ආයම කොයිවෙලෙත් මගෙ ලේ පුච්චන අර පිස්සු කොල්ලව දියන් සනාශ් ...අපි දෙන්නම...ආපහු.....අවුරුදු ගානක් පස්සට ගිහින් ආපහු එකට ඉස්සරහට එමු සනාශ් .....

මගෙ ඇස්වලින් කදුලු කැට බේරෙනවා...එහෙන් මහෙ ශෙනිරු අඩනවා....එදා මගෙ ඉස්සරහ පිටම ඵෝන් එකේ තිබුන මගෙ හැම ඵොටෝ එකක්ම ඩිලීට් කෙරුවත්....ආපිට ඒ හැම එකම එයාගෙ ඵෝන් එකේ තිබුනා.....අනේ මං මූට ආදරෙයි ..මං මෙච්චර කල් නැහුනෙ මේ ආදරෙ හන්දා...මං විදවන තරමක් විදෙව්වෙ මූ හන්දා...ඒත්...මං කොහොමද...එකපාරම සමාව දෙන්නෙ....අනේ මට බෑ....

මට අවස්තාවක් දියන් සනාශ් ..මට.....අවස්තාවක් දියන් ..මට ආයම මගෙන් බැනුම් ඇහුවත්...මගෙ පස්ස පාරෙ ආව ඒ පොඩි කොල්ලව හොයා ගන්න මට අවස්තාවක් දියන් සනාශ් ....

එයා මාව අත ගානවා...එයා මාව අත ගගා මාව තුරුල් කරගන්න හදනවා...ඒත්...මම නෙවෙ මොකුත් කිව්වෙ ..අඩන ඇස්වලට අඩන්න දීලා මං එයා.දිහා බලාගන උන්නා.....

උඹ මට ආදර්‍ර්ද ශෙනිරු.....

අනේ උඹ මොනවද සනාශ් මේ අහන්න්.....මන් උඹට ආදරෙයි දෙයියනේ..මං උඹට පිස්සු වැටෙන තරමට ආදරෙයි සනාශ් .....

එහෙනම්...පෙන්නනන්න.....

සනාශ් ...

මට ආදරෙයි නම්.....මට...පෙන්නන්න.....

ඇයි...රත්තරන් මාව ඔහොම් අසරන කරන්නෙ.....

එහෙනම්...උඹම නැති කරගත්තු....සනාශ්ව....උඹම හොයා ගනින් සෙනූ.....උඹම...නැති කරගත්තු මාව...උඹම හොයා ගනින්...සෙනූ.....උඹ....ම...මාව....හොයා....ග...නි.....න්...මට...තවත් නම් බෑ.....අයියෙ....මාව...හොයාගනනින්...

බබී....

උඹ මට ආදරෙයි කියනවනෙ.....පෙන්නපන්....කෝ..කොහෙද...ඒ ආදරේ...කොයි තරම්ද...

සනා....ශ්....

උඹලා හැමෝම එක වගේ ශෙනිරු ....උඹලම මුලින් වෙනස් වෙලා....අපි උඹලා වගේ වෙනස් නොවුනම කියනවා අපි වෙනස් වෙලාය කියලා .....

බබී...අහන්නකො...

මං හැමදාම ආහුව්‍ර් උඹ කියපු එක ශෙනිරු ...උඹ අදත් මට අහන්න කියනවා නම්..කමක් නෑ..මං අහන් ඉන්නම්..මොකද ...මේ තාක් වෙනකන් අපි දෙන්නම ඇහුවෙ අනුන් කියපුවා මිසක්....වෙන කවුරුත් අපි කියපුවා ඇහුවෙ නෑ.....ඉතින් ...උඹ තවමත් කියන්නෙ . අහන්න කියලා නම්....කියපන්...මට අදත් පුලුවන් පරන විදිහටම අහන් ඉන්න හැබැයි . පරන සනාශ් වෙන්න ආයම මට කවදාවත් බෑ ශෙනිරු ...

මං අවසානෙදි කදුලු පිහදගත්තා ....ශෙනිරු බලාගන ඉන්නවා....එයාගෙ අතක් මිටමෙලවිලා ..තරහවටද දුකටද කියන්න දන්නෙ එයාම විතරක් වෙනකොට මං අවසානෙදි එයා කියන ඕන දෙයක් අහන් ඉන්න හිතාගන මං අවසානෙදි එයාගෙ ඇස් මග ඇරලා වෙන දිහාවක් බලන් උන්නා.....

උඹ අහනවා කෝ ආදරේ කියලා ....

උඹ කියනවා උඹට ආදරේ පෙන්නන්න කියලා ....

මන් තවමත් උඹ මත්තෙ නැහෙන්නෙ උඹට ආදරෙ නැති හන්දද සනාශ් .... කොහෙ ගියත් උඹට නොදැනෙන්න මං උඹගෙ පස්සෙන් ආවෙ....උඹට ආදරෙ නැති හන්දද සනාශ් ....??

එතකොට ...එතකොට ඒක ...ඒකට කියන්නෙ ආදරෙ කියලා නෙවෙද බබී...අතින් අත ඇරුනත්...මං උඹ වෙනුවෙ බලන් උන්න එක ආදරේ නෙවෙද සනාශ් ..මට උත්තර දීපන්....මටම විතරක් ඇගිල්ල දික් කරන්නෙ...මගෙඇස් වලින් වැටුන කදුලු නොදැකයි උඹ....මමත් මනුස්සයෙක් සනාශ් ...මමත් මනුස්සයෙක්...

උඹ විස්වාස කෙරුවා නොකෙරුවා...මං උඹට එදා වගේම ආදරෙයි සනාශ් ....මන් උඹට හරි ආදරෙයි මගෙ සනාශ් ....

මං බලාගන උන්නා...එයා මගෙ අත අරගන එයාගෙ පපුවට තද කරන් මං තවමත් ආදරෙයි...මං තවමත් ආදරෙයි කියලා කියනකොට මං උන්න තැනින් නැගිට්ටා ....

බබී....

ආදරේ නම්....ආයම...අර කලින් සනාශ්වම හොයා ගනින්....ඒ විදිහටම.....මොකද ...කිසිම දෙයක් නිකන් ලැබෙනකොට අගයක් නෑ ශෙනිරු ....මගෙ කදුලු වලටත් වටිනා කමක් තියෙන්න ඕනෙ....

මං...මොනවද කරන්න ඕනෙ බබි....

ඒක උඹම හිතපන්.....

හරි....මං උඹව දවස් දෙකක් යන්න කලින් දාගන පෙන්නන්නම්....හැබැයි ...එතනින් පස්සෙ...එතනින් පස්සෙ ...බලාගනින් මං උඹට කරන දේ....එතනින් එහාට මං නරකයි කියන්න එපා...හරිද බබී.....උඹට ඕනෙ ආයම පරන බබී එක්ක පරන සෙනූ නම්...හරි ...

හ්ම්....බලාගන්නම්.....

උඹ ඔය මට කොහොම ගැස්සුවත්....මම උඹට ආදරේ කරන තරම මටත් වඩා උඹ දන්නවා මගෙ බබී....එහෙම ආදරයක් හිතේ හංගන් තවත් විදවනවට වඩා හොද නැතිද....මට උඹට අපිදෙන්නට මග ඇරුන අපිදෙන්නවම ආයම තදින් අල්ල ගන්න එක සනාශ් .....

මගෙ පපුව පෑරුනා...කොච්චර වත් හිතේ වේදනාව තරහවක් විදිහට එලියට පනින්න හැදුවත්..මට එයාව මේ හැටි රිදවන්න හිත හදාගන්න බැරි උනා..මොකද ...මෙතන අපි දෙන්නම වැරදි නැති හන්දා.....

මං නැවතිලා ශෙනිරු දිහා හැරිලා බැලුවා...එයා හරි වේදනාවෙන් මගෙ දිහා බලන් ඉන්නවා.....

දෙයක් කියන්නම් ශෙනිරු .....

මගෙ යටි තොල් වෙවුලුවා...එයා මගෙ දිහා තවමත් අත් දෙක මිටමොලවන් බලන් ඉන්නවා...

.....ජීවිතේ කවමදාකවත්...අනේ මං පව් දෙයියනේ. ..කියන දේ මටම හිතෙන තැනට මාව අසරන කරන්න එපා "සෙනූ..."ඒක...මහ වේදනාවක්....ඒක....හුගාක් ලොකු වේදනාවක්....

.බබී....

මට....තවත් ..තනියෙන්..දුර යන්න බෑ....සෙනූ මාව...අල්ල ගනින්.....අනේ...අයම...කවදාවත් ...අත අරින්න බැරි තරමට තදින් ...

මං උඹට හරි ආදරෙයි මගෙ සනාශ්....මං.....උඹට ...එදා වගේම.....තවමත් තව ඉස්සරහටත් ...හුගාක්....ආදරෙයි .....තේරුනාද මගෙ බබීට...

ම්ම්ම්....දාපන් එහෙනම් මගෙ ඵොටෝ එකක් ඉස්සරහට

ආ.....ආ...ආ.....බබී

සෙනූ...බබීත....බබීව.....

හා..හා...අලුත් එකක් දාන්නම් ඔය හොටු පිහදගනින් මගෙ මෝඩ කොල්ලා....

.මං හිනා උනා...එයා ආයමත් අලුත් ඵොටෝ එකක් එයාගෙ ඵෝන් එකේ wallpaper එකට දැම්මා උනත්... ... මං ආයම ඒක පරන එකට මාරු කෙරුවා ....

ඇයි....ඒක කැතද....

ම්ම්ම්...නෑ...

එහෙනම්....

අපිට බැරිද...සෙනූ...ආයම.....මුල ඉදම් පටන් ගන්න....

මං එයාගෙ අතකින් අල්ල ගත්තා ...මට ඕනෙ උනේ ආපහු අවුරුදු ගානක් පස්සට යන්න...ගිහින්...මාව දාලා ගිය තැන ඉදන්ආයම පටන් ගන්න....එයා මගෙඅත එයාගෙ අතින් ගැලෙව්වා ..ගලවගන මගෙ මූනම අත් දෙකෙන් අල්ල ගත්තා ...

හැම කදුලක්ම අවසානෙ කොහෙන් හරි හිනාවක් තියනවා වගේම...වේදනාව පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම සැනසීමකුත් තියනවා මගෙ සනාශ් .....ආය අඩන්න එපා...මං ආස නෑ...මගෙ බබීගෙ ඇස් දෙක තවත් අඩනවට...අන් ආදරෙයි ඔයාට තේරුනාද....

ම්ම්ම්ම්.....

එයා මගෙ නලලට හාදුවක් තිබ්බා...මෙච්චර කල් විදවපු මගෙ ඇස් දෙක ඒ හාදුවත් එක්කම පියවිලා යනකොට මේතාක් වීදවපුහැම වේදනාවක්ම හරි හිමින් වාශ්ප වෙන්න ගත්තා .....

සෙනූ....

ම්ම්ම්...

බබීත....බ..බී.....ත....සෙනූගෙ ..බ...බී.....ත.....

කටවහපන්...ආයම පටන් ගන්න යන්නෙ...හොරොව්පතානෙ අලිවෙඩිල්ල....!!!

Sayash pov.....

ම්හුක්....යෝ ....හ්.....නිරූ....දෙන්නකො අයියො.....චූචියගෙ....චූචියගෙ..ඵෝ...න්..

එක....දෙන්නකො

ඔය මගෙ එක තියෙන්නෙ....ඒක බලපන්....

යෝහ්...මේකෙ මොකුත් නෑනෙ අප්පා....මෙලෝ මගුලක් නෑනෙ අයියො...

ම්ම්..හංගපු ඵෝල්ඩර් එකක් අස්සෙ උඹගෙයි මගෙයි වැල් වගයක් ඇති අරන් බලපන්කො....

න්...නිර්වානයා.....හ්...අනේ....අනේ...හරිම අගෙයි නිර්වාන් ..හරිම අගෙයි...විදුහල් මාතවව රනින් බැබලු...වෛද්‍ය පීඨෙම රනින් බැබලූ ඉසිවර වෙදදුරාගෙ වදන් නම්...හරිම අගේයි.....ඈ...මහ වනචරෙයෙක්නෙ අඩේ උඹ ....

චූටී...හ්....

ම්හුක්....ඉතිම්...ඇත්තනෙ නි...රූ.....

මං මගෙ අඩු දෙකම ශීට් එක උඩට ගත්තා...ඒත් මගෙ නිර්වාන් නෙවෙ මට ඕක පහලට දාපන්...හරියට ඉදගනින් කිව්වෙ.....එයා කෙරුවෙ මාව උකුලෙ තියාගන මට ඇති තරම් කෑ ගහන්න එයාට ගහන්න...එයාව හපන්න දීලා මගෙ ඵෝන් එක කාපු එක....

දන්නවද.....මාව මැරෙන්න වගේ....අනේ මන්දා...මාව මැරෙයි කියලත් හිතෙනවා....

ඉස්කෝලේ ඇතුලට යනකොට උන්න සයාශ් කව්ද කියලා අදුනන්න බැරි තරමට මං වෙනස් උනා.....හිනාවක් කියන දේ අදුනන්නෙ නැති....හිනා නහර මැරිලා ගියපු මං නිර්වාන්ගෙ උකුලෙ ඉදගන හිනා උනා...

කොටින්ම...නිර්වාන් ගිහින් තියෙන්නෙ එයාට නැති උන චූටිවත්...මට නැති උන මාවත් හොයන් එන්න වෙනකොට නන්නාදුනන උන් විදිහට ආව මම එයාගෙ උකුල උඩ ඉදගන පපුවට මගෙ කම්මුල හේත්තු කරන් හරි සැනසීමකින් හුස්මක් ගත්තා .....

නිරූ 

ම්ම්ම්....කියන්න වස්තුව...

.දාලා යන්න එපා නිර්වාන් .. ...

නිර්වාන් උන්නෙ මගෙ ඵෝන් එක බල බල...පප්පියා මොකාද....පපා මොකාද...චෙප්පා මොකාද අහලා ඒ එකෙක්ව වත් හොයා ගන්න බැරි තැන ඉස්සර වගේම මූනම තිබුන නිර්වාන් කලින් සැරේ වගේම මගෙ සිම් එක එයාම කාලා අවසානෙදි එයාම ආය සිම් එකක් අරන් මගෙ ඵෝන් එක පීරුවා...කොටිම්ම මං ඉස්සර කියවපු අර කාටුන් කතා පවා කියෙව්වා ..මං බලාගන මිනිහගෙ දකුනු කන තනිකරම රත් උන යකඩයක් වගේ රතූ වෙලා දුම් දානවා...

මං දාලා ගියෙ නෑනෙ වස්තුව ...ම්ම්ම්

මං උන්නෙ ඩ්‍රයිවින් ශීට් එකේ උන්න එයාගෙ උකුල උඩ....ඉස්කෝලේ ගාවින් කෙලින්ම ආපිට ගෙදර ආව එයා ගෙදර නොයා...ඉස්සර අපි ආව ගිය පාරෙ...හරියටම කිව්වොත් එයා අවසානම පාරට මාව දාලා ගියපු තැන.....

නිර්වාන් ඵෝන් එක පැත්තකින් තිබ්බා...තියලා පහලට රූටලා උන්න මාව තව චුට්ටක් උඩට ඇදලා.ගත්තා ....

දන්නවද සයාශ් ...මහ මුහුදෙ ගහන සමහර කුනාටු ආවම...කිසිම දෙයක් ඉතිරි නොවී හැම දේම මහ මුහුදට බිලිවෙලා යනවා.....කැමති උනත්...අකමැති උනත්....ඒත්.....කුනාටුවට උනත් ඇදගන යන්න බැරි සමහර දේවල්...අල්ප මාත්‍රයක් හරි ඉතිරි වෙනවා....ආදරේ කියන්නෙම...දුකට කියන තවත් නමක් මගෙ සයාශ්....දරාගන්න අමාරුම තැන උනත්.....අත අරින්න බැරි තරම් වේදනා එනකොට ...අත රිදෙන..හිත රිදෙන බව දැන දැන උනත්...උඹ කෙරුවෙ මාව අල්ලන් ඉන්න එක....

උඹට මතකද මගෙ සයාශ් ..මන් අවසානම පාරට උඹව ඉඹගත්තෙ මෙතන...මට මාව අමතක වෙනකන් මට ආදරේ කරපන් කිව්වෙ මන් හේතු ඇතුව....

ඒ වෙන මොකවත් නිසා නෙවෙ...මේ නිර්වාන් අස්සෙ.....සයාශ් අදටත් ජීවත් වෙන හන්දා...නිර්වාන් ඇතුලෙ සයාශ් හුස්ම ගන්න තාක්..මට කොහොමද රත්තරන් මාවම අමතක වෙන්නෙ....ම්ම්ම්...

නි...රූ.....

මන් උඹට හරි ආදරෙයි ලමයො.....!

මං හිනා උනා...මේ ඇති..මේ වචන ටිකම ඇති...තව කල්පයක් උනත් ජීවත් වෙන්න....මේ වචන ටිකම ඇති තව කල්පලක්ශ්‍යකට උනත් මගෙ නිර්වාන්වම ප්‍රාර්තනා කරන්න....මෙච්චර කාලෙට ඉඩෝරෙට අහු උන මගෙ හදවතට වසන්තය ආවා...පාලුවට ගියපු මගෙ හිත අස්සෙ රෝස පාට රොබරෝසියා මල් පිපෙන්න ගත්තා ...එද වගේම වැනිලා සුවද එන පපුවට ඔලුව තියාගත්තු මං එහෙම්ම ඒ පපුව මැදටම හාදුවක් තියනකොට නිර්වාන් මගෙ එක්ක හිනා වෙල ආයමත්.මගෙ ඵෝන් එක අතට අරගන කනක් රතු කරගත්තා ....

ඉක්කෙ.....චූටි....උඹ මෙව කොහොමද ලිව්වෙ චූටි...

මොනාත....ඔව්.....ඈ....නිරූ...මොනාත....

මං හොර වැඩක් කර කර.... කනකුත් රතු කරන් ඵෝන් එකෙ සිහියෙන් උන්නා මිසක්කා මං නටන නාඩගම් නොතේරුන නිර්වාන් මගෙදිහාවට ඵෝන් එක හරවනකොට මට තරු විසි උනා...

අනේ...චිම්තක.....චිම්තකගෙ දෙවනි දරු පැටියට ගෞරවයත් නෑ...බුදු සරනත් නෑ චිම්තක.....දෙවනි බෑණනුවන් දරු පැංචගෙ ලිවීමේ කුසලතා හොයාගන.....අනාගත දොස්තර බෑනා....තැඹිලි පාට ඇප් එකට රිංගලා චිම්තක!!!!

න්..නිරූ...මෙහෙ...දෙ.....අනේ...දීපන්කො....අනේ...දියන්කො...අයි...

හරි ...හරි....පොඩ්ඩක් ඉන්න...ඉතින්..මගෙ ළමයා මොනවද මේ ලියලා තියෙන්නෙ බලන්න...ඔන්න අහගන්න චූටි...අයියා කියන්නම් ආ...

එ..එපා.....එව්...එව්..අනේ..නිර්වාන් දීපන්කො...ඕක...දීපන්....එපා නෙ....අනේ...උඹ...කියවන්න එපානෙ....නිර්වාන්

.ඇයි...පුංචි සිත තැලේවිද.....උඹගෙ...ම්ම්ම්...අනේ....තා...මොකක්ද බබා මේ ලියලා තියෙන්නෙ...කියවගන්නත් බෑ උඹගෙ දොන්ත ව්‍යාකරණ.....

අනෙ දියන්කො නිර්වාන් ...දීපන්කො...හුත්තො ඕක...

ම්ම්..ඔය කියන්නෙ...ඔය කියන්නෙ...අනේ....තාච්චෙ.....කූඹි....ච්චෙක්.....කුඩා...හිත...තැ....ආව්හ්...ආව්....හ්...සයාශ් ..ආව්...හ්....

.හැබැයි මේක ඇදලා කඩනවා..ආ...

කැඩුවොත් පාඩු මටද...නෑනෙ....ම්ම්ම්ම්.....

ඒත් වැඩක් නෑ...මේකෙ කම්පැනිය විතරනේ...නිරූ ප්‍රඩක්ශන් එක නෑනෙ.....මේකෙ චුම්චු නෑනෙ...නිරූ...ඕ...නෑනෙ...ඉතිම්.....

තියනවා.....නැත්තෙ නෑ...හැබැයි ඔතන නෙවෙ වෙන තැනක...උඹට හෙට අනිද්දා දිහාවට දෙන්නම්කො....පොඩ්ඩක් ඉදපන්කො....දැන් මැරෙන්න ගියානෙ....මොන මොනවදෝ කිය කිය...ම්ම්ම්ම්ම්.....

එ..ඒ....මේ..නිරූ....ඕවට නම්...එන්න එපා....හරිතේ...අනේ...සුතර්මා ...මේ බාන්නකො...

හරි...අදාල ටික අදාල විදිහට හම්බ උනා..මගෙ චූටි දැන් අනිත් ශීට් එකට යන්නකො....ම්ම්ම්

න්..නිරූ....

එයා කට කොනකින් හිනා උනා...හිනා වෙලා මාව අනිත් ශීට් එකට තල්ලු කෙරුවා .....අදාල ටික අදාල විදිහට හම්බ උනා කියපු නිර්වාන් මගෙ දිහා බලලා මහ වනචර විදිහට හිනා උනා...

පපාවයි.....චෙප්පවයිනේ ඉල්ලුවෙ...ම්ම්ම්

න්...නෑ....අනේ...මේ...නි...රූ...ඇයි ..අනේ....

ඔයා මේ මූන අමුතු කරන්....ඈ...නිරූ....නිරූ....

ශීට් බෙල්ට් එක දාගන්නකො.....සුධර්මා ආන්ටි මටයි අරූටයි එන්ඩ කිව්වෙත් මොනවද කියන්න තියනව කියලනෙ....ඒ කිව්වට පස්සෙ ....අපි බලමු හොදද....

නිරූ...අනේ...ඇයි කියන්නකො....

මං නිර්වාන්ව හෙලෙව්වා .....නිර්වන්ගෙ ඔලුව අවුල් උනා වත්දෝ....ඊටත්....අර මුනෙ තියන නපුරු හිනාව....ආදරේ පිරුන හිනාව වෙනුවට කනක් රතු වෙලා උන්න නිර්වාන්ගෙ මූනට හෙන වනචර හිනාවක් ඇවිදින් තිබුනා...

චූටි....

ම්ම්ම්

මං උන්නෙ නිර්වාන්ගෙ මූන දිහා බලාගන...එක අතකින් ඩ්‍රයිව් කරන ගමන්...අනිත් අතින් ඵෝන් එක ඔබපු නිර්වාන් මට චූටි කියලා කිව්වාත් ඇයි මොකක්ද හේතුව නොකියා ඵෝන් එක කනේ තියාගත්තා ....

හෙලෝ.....දේවක....මං නිර්වාන් ...

මට කබානා එකක් බුක් කරගන්න පුලුවන්ද ....ම්ම්ම්.....

හතර දෙනෙක්ට වග් ඉන්න ඇති එකක්...

ඒසී..ඒසි....

ම්න්...හරි....පාන්දර ආවොත්...උදේ තියනවනෙ....

මං අත් දෙකෙම්ම ඔලුව කැසුවා....කබානා එකක්..හතර දෙනෙක්ට....අපි ඩේට් එකකටවත් යන්න යනවතෝ...මන්තා...

ම්හුක්....කාලෙකට පස්සෙත් හම්බ උනෙ....එහෙම එකේ..කබානා එකකකට ගිහින්...

.අනේ..මුනිතාස අයියෙ...ඒක සිත්තවෙන්න යනවතෝ....මන්තා...අනේ...සුතර්මා .....දරුපැංචගෙ.....පතිවත....!!

මගෙ මුනම රතු උනා.....ගේ ලන් වෙනකොට ආව වේගෙ හිමින් අඩු කරපු නිර්වාන් අවසානෙදි ගෙදරට චූට්ටක් මෙහායින් වාහනේ නවත්තලා තවත් කාට හරි කෝල් එකක් ගන්න හදනකොට මූනෙ තිබුන හිනාව දැකලම බඩ රිදෙන්න ගත්ත මං මීයා වගේ ලෙස්සලා යන්න හැදුවා.....

"චෙප්පගෙ මගෙ වස්තුව...."

....ඇයි...අයියෝ....?ඇයි...චෙප්පා.....?

අනේ මන්දා....ඵෝන් එක පැත්තකට දාපු නිර්වාන් වාහෙනෙන් බැහැපු මට එකපාරම චෙප්පගෙ මගෙ වස්තුව කියනකොට මට නිරායාසයෙම්ම ඇයි අයියෝ.....ඇයි චෙප්පා කියලම කිය උනා...නිර්වාන් හිනා උනා...හැබැයි ඒ හිනාව ආයම මගෙ ආදරනීයම නිර්වාන්ගෙ හිනාවට මාරු උනා....

මගෙ ස්නොව්බෝල්ට ඇත්තටම මාලු ටැංකියක් ගෙනත් දෙන්නද....?

න්.....නි...නිරූ.....

එහෙම නෙවෙනෙ...එයා කතා කෙරුවෙ....

අනේ දෙයියනෙ නිර්වාන් මොකක්ද මේ කරන්න හදන්නෙ....චෙප්පගෙ මගෙ වස්තුව කියපු නිර්වාන් ...ඊලග තත්පරේදි මට මගෙ ස්නොව්බෝල්ට ඇත්තටම මාලුටැංකියක් ඕනෙද අහනකොට නිර්වාන් කියලා කතා කරපු මට එයා කිව්වා ස්නොව්බෝල් එහෙම නෙවෙලු කතා කෙරුවෙ කියලා .....

නිර්වාන් වහනෙන් බැස්සා .....බැහැලා කෙලින්ම අනිත් පැත්තෙන් මගෙ ගාවට ආවා...

ස්නොව්බෝල් ගොලු උනහම...එයාගෙ කටහඩ උනේ පපා නම්...ඇයි මට බැරි..මගෙ චූටි වෙනුවෙන් මොකුත් නොකර ඉන්න....ම්ම්ම්ම්ම්ම්

න්...න්

කාටද එතනින් වැඩිපුරම ආදරේ...මං.අහන්නෙ...මගෙ වස්තුවගෙ මේ රෝසපාට ඇගිලිවලින් ලියපු....මේ හිත ඇතුලෙ මවපු...ඒ චරිතෙන් කාටද වැඩිපුරම ආදරෙ....බය වෙන්න එපා...මගෙ චූචියගෙ නිරූ කියන්නෙ...නිරූමයි....ඒත්...මට දුක හිතුනා...උඹ මාව ඉල්ලන්නෙ නැතිව....චෙප්පෙක් ඉල්ලනකොට ....පපා කෙනෙක් ඉල්ලනකොට ....ෆික්ශනල් කැරැක්ටර් එකක් උනත්....උඹ ඒ මිනිස්සුන්ට හුගාක් ආදරෙ කවලා සයාශ් ...ඒ මට දෙන්න ඕන ආදරේ වෙනකොට මට උඹගෙ කතාවක චරිතයක් වෙන්න හිතෙන එක අසාධාරනද මගෙ වස්තුව....??

මගෙ ඇස් වලට ආයම කදුලු බැදුනා ....අපි දෙන්නම උන්නෙ ගේ ගාව.....ඩිපූටුයා ගාව දාලා ආව ලොකුවා මොනවා කරන්ද දන්නෙ නෑ..අනේ...ඒත් ඌත් මං වගේම ආයම සතුට හොයාගන නම්....එච්චරයි මට ඕනෙ...අපි දුක්වින්දෙම එකට.....එහෙම.එකේ..මං විතරක් හිනා වෙනකොට මගෙ අයියා හිනා නොවී කොහොමද ....

මගෙ නිර්වාන් මාව ලගට ගත්තා ...ඒ අස්සෙන් ගිණි කාස්ටක අව්ව....සුදු අත්දිහ ශර්ට් එක ඇදලා කලු කලිසම ඇදන් උන්න නිර්වාන් දිහා මං ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා...අනේ..මගෙ නිර්වාන් ..චෙප්පට වඩා ලස්සනයි...පපාට වඩා ආදරනීයයි...උන් දෙන්නටම වඩා හරි නපුරුයි ...

නිරූ...

දෙයක් කියන්නම්...අහම්බයක්ද....නැද්ද...දන්නෙ.....නෑ...චෙප්පත්...හරියටම ....

මම වගේමද...නපුරු තාත්තෙක් එක්ක...අම්මා නැතිව උන්න...චෙප්පත් මං වගේද.....

ඔයා...ඒක....

තත්පරයක් ඇති.....මගෙ ඔලුවට දාගන්න.....මගෙ චූටි ආස...එයාටද....

.....

මං කදුලු පිරුන ඇස් දෙකෙන් එයාට තුරුල් උනා...මට ඕනෙ..ඒ හැම කෙනෙක්ගෙම්ම චුට්ට චුට්ටයි...මගෙ නිර්වාන්ගෙන් ගොඩකුයි.....

.ඇයි චූටි.....

ම්ම්ම්හුක්....

"මගෙ වස්තුවට පාලුද....?"

නෑනෙ....වංජියො....

මට හිනා ගියා...මගෙ ඔලුව අත ගාපු එයා මගෙ වස්තුවට පාලුද අහන ගමන් මගෙ හිස්මුදුනට හාදුවක් තියලා මගෙ නහයට තට්ටුවක් දැම්මා....

ඇතුලට යමුද.....නැන්දා බලන් ඇති ආව දවසෙම කාර්ඩ් එක කපාගන්න බෑනෙ බෑනට නේද.....ම්ම්ම්ම්

ම්ම්ම්....හා....

එයා ඇතුලට යන්ද ඇහුවා...හැබැයි ..නිර්වාන් ගෙ කතාව ඉවර පාටකුත් නෑ...එයා ආයම මොනවා හරි කියන්න හදනවා..හිටපු ගමන් පපා උන...ආයම චෙප්පා උන...ආයමත් සැරයක් මමම මවපු වංජියා උන නිර්වාන් යන්න හදපු මාව ඇදලා ගත්තා ...

න්..නිරූ....

දැන්...චෙප්පත් එපා....පපාවත් එපානෙ..නේ.....

........න්..නි..ර්වාන්....

එයා අයම පාරක් හිනා උනා.....නිර්වාන් ගෙ ඇස් දෙකත් අඩවන් උනා...මොනවා.කියන්න.යනවද කියන්න.නොදන්න මං හුස්ම.හිරකරන් බලන් ඉන්නකොට එයා මගෙ මූනට පහත් උනා...

"මගෙ අබ්සේකර මැනිකෙට ආදරෙ මැරෙන්න තරමට"

..ද්...දෙ.....යි...යනේ......න්....නිර්.....

නෑ...මට අග්නි කියල කතා කරපන්....නැත්ත.....න්....තේශි...කියපන්.....මෙතනින්...පස්සෙ...උඹට මොකද වෙන්නෙ කියලා ...නිවි හැනහිල්ලෙ හිතල බලපන්කො මැනිකෙ...!!!

....

....

🌼🤭 හිහි...ආයම කොටසකින් එන්නා....ම්

ඉන්ධර් හාමු එක්ක දියවෙන්න එනකන් පරිස්සමින් ඉන්ඩො....

ආතරෙයි ඔයාල හැමෝටම හුගා....ක්🌼🌼🌼🌼🌼🌼🌼

ජොබි....

Nedeesha

More Chapters