Ficool

Chapter 53 - 53

චූටි....මේ කිරි එක බීලා යමන්.....

එපා ලොකු නැන්දෙ බඩ කැලතෙයි...

ලොකූ දැන් උඹටත් එපාද... යකො මේක හරි මගුලක් උනානෙ...දෙයියන්ගෙ නාමෙට උඹලා දෙන්නා මාව තවත් කෑ ගස්සන්ඩ එපා..ආ.....චූටියා මෙහෙට වර බීපිය මේක....දැන් කවද ඉදන්ද ..පව් පව් කියලා කට වහන් ඉන්නකොට මුන් එන්ඩ එන්ඩම මුරන්ඩු වෙනවා.....

අනේ ඉර පායන්ඩත් කලින් කෑ ගහන්ඩ එපා අම්මා...උන් දෙන්නට එපා හන්දනෙ එපා කියන්නෙ....ඇරත් කොච්චර දුර යන්ඩ තියනවද මගින් නවත්තපුවාම මොනවා හරි අරන් දෙන්නම් අප්පිරියාවෙන් බීලා චූටි අසනීප උනොත් ඒකත් විදවන්නෙ ඌ මනෙ....

ඔව් උඹලට දෙයක් කිව්වම ඒකට අනිත් අතට කියන්ඩ උත්තර නම් දාහක් තියනවා තොපිට කොච්චර කෙරුවත් වැඩක් නෑ...තොපිට මං කොච්චර නැහුනත් වැඩක් නෑ....ඕන එකක් හිටපියව් මමත් උයන්නෙ නෑ..

සුධර්මා ඔය ඇති දැන් ...උදෙම්ම කෑ ගහලා හිත් නරක් කරගන්න එපා...

මං උන්නෙ කන්නාඩිය ගාව.....රෑටත් බත් ඇටයක් වත් නොකාපු මං මුලු රෑ එලිවෙනකම්ම කෙරුවෙ කල්පනා කරපු එක.....ඇස් පියා ගන්න බයයි..... ඇස් අස්සට එන්නෙම නිර්වාන් .....ඒත්.....ඇස් ඇරගන ඉන්නත් බයයි ...හිස් බිත්තියක පවා ඇදෙන්නෙ නිර්වාන් .....සැරින් සැරේම බරම බර හුස්මවල් ඉහලට අදින සනාශ් කී පාරක් බාතෲම් ගියාද කියන්න මම තියා ඌ වත් දන්නෙ නෑ...ඌ යනවා...ඒත් ඌට යන්න බඩේ මොකුත් ඇත්තෙත් නෑ..කොටිම්ම ඌයි මායි කෙරුවෙ කල්පයක් තරම් දිග තත්පර ගෙවා ගන්න නැහුන එක...

ඇත්ත ඔය කව් ලොයන මිනිස්සු....ආත්මෙම අතට අරන් ලියන මිනිස්සු කියන කතාව..ලියන කතාව ඇත්ත....උඹ මගෙ ළඟ ඉන්නකොට කල්පයක් කියන්නෙම තත්පරයක් ..ඒත් උඹ මගෙ ළඟ නැති කොට තත්පරයක් කියන්නෙම කල්පයක් .....

ඔය කොන්ඩෙ පීරගනින් චූටි.....

විදින විරහ වේදනාවෙ තරම කොයි තරම්ද කියනවා නම්...ඉස්සර නිර්වාන් ඉන්න හන්දම දහපාරක් පීරපු කොන්ඩෙට දැන් මට පනාව ගහන්න අමතක උනා....සනාශ් හැසිරෙන්නෙ මේ ලෝකෙ එකෙ නෙවෙන ගානට.....කල්පයක් තරන් කාලයක් දිගට ආදරෙ නොකරත්....

අනේ අපි කල්පෙකට ඇති වෙන්න ආදරේ කෙරුවනෙ දෙයියනේ....

චූටි හරිද....

මට ආයම ඇඩෙන්න වගේ.....මේ දවස් වල මගෙ ලේ නහර වේලිලා ගිහින්...නෑ...ලේ නහර ඔක්කොම කදුලු නහර වෙලා ගිහින්...අයාන් සර් මං හන්දම චූටි අයියට එන්න කියලා .....මං විතරක් නෙවෙ....අහස උසට හූල්ලන්නෙ..මා එක්කම බාගෙට මැරිලා වගේ සනාශුත් ඉන්න හන්දම අවසානෙදි උගෙත් හිත හැදෙන්න කියලා අයාන් සර් ඌවත් එක්ක එන්න කිව්වා .....

අපි යන්නෙ කොළඹින් පිට...කොටහේනෙන් පිට....යන ගම වත් මට මතක නෑ.....මං කොයි තිරම් ආසාවෙන් නම් උන්නද...කරන හිතුවක්කාර කම් එක්ක නිර්වාන් මට උඹගෙ නාඩගම් නැටිල්ල ඉවරයි කියපුවා මං ඒ ඇගේ එල්ලි එල්ලි කොච්චර නහිනවද ...

අනේ නිරූ ..අනේ නිරූ...චූචියට්....ම්හුක්...චූචියට....යන්න දෙන්නකො...ආ..ආ..හරිම අගෙයි නිර්වාන් කිය කිය කටට එන වචන මං කොච්චර නම් එයා ගාව අත ඇරියද...අද..

ඒත් අද ....එහෙම අහන්න නිර්වාන් කෙනෙක් වත් ...එහෙම කියන්න චූටි කෙනෙක් වත් නෑ...

ලොකු නැන්දෙ .....අපි ගිහින් එන්නම්....

මං ලොකු නැන්දගෙ කකුල් දෙක අල්ලා වැන්දා....අවුරුදු ගානක් එක දිගට සුතර්මා දරු පැංචා දරු පැටියා චින්තකගෙ දරු පැටව් කියපු මං මේ දවස් දෙකට තුනට ඒ හැම දේම නැති කෙරුවා ...තව දුරටත් ලොකුවට සුධා කෙනෙක් වත්...මට සුතර්මා කෙනෙක් වත් උන්නෙ නෑ....කෙලිම්ම ලොකු නැන්දා.....

ම්ම්ම්...තුරුණුවන්ගෙම සරනයි මහෙ උන් දෙන්නට....පරිස්සමින් ගිහින් වරෙල්ලා..ලොකු පුතා....ඔය එන මග ඇල දොලවලට රිංගනවා නෙවෙ ආ..මුන් දෙන්නව බලාගනින් ආර්ව් උඹටත් දැන් ගියහම අරකව දැක්ක ගමං සිහිපත නැතිවෙනවනෙ

විකාරද අම්මෙ මේ ලමයි දෙන්නා ඉන්න තැන විකාර කියන්නෙ

ආ..උඹට දැන්ද විකාර එදා බීගන ඌව දමාගන ඉම්බෙත් උඹගෙ අම්මා අප්පච්චි ගාව තමයි.....ආර්ව් හිතන්ඩ එපා උඹට කැමැත්ත දුන්නා කියලා නාඩගම් නටන්ඩ ඉඩ තියනවා කියලා

අනේ චූටි වරෙන් බන් යන්ඩ උදෙම්ම කියවනවා....

මං බෑග් එක කරෙ දාගත්තා ...ඉස්කෝලේ දවසක් හන්දා අනික යන්නෙත් ඉස්කෝලෙකට හන්දා ලොකුවටත් යුනිෆෝම් එක අදින්න උනා....ඒත් එනකොට නම් හවස් වෙන හන්දා කැශුවල් පිටින් එන්න පුලුවන් ....ලොකු නැන්දා ආයමපාරක් චූටි අයියට බනිනකොට ඌ අපි දෙන්නවත් ඇදන් එලියට ආවා.....

වෙනදට බයික් එකේ යන චූටි අයියත් අද අපි එක්කම.පයින් ආවා...

චූටි අයින් වෙයන් පාර මැද නොයා....

මං අයිනට උනා....මුලු මහපාරම පින්නට තෙත්වෙලා...තවමත් මහපොලවට ඉර පායලවත් නෑ...හැබැයි ඉර විතරයි උඩට මතුවෙලා නැත්තෙ.. රෑ අහස මේ වෙනකොට පාට වෙලා තිබුනා...ඉරපායන්න කලියෙන් අර සුදු වලාකුළු රෝස වෙලා තිබුනා.....

චූටි...ලොකූ

මගෙ පිටි පස්සෙන් ආව චූටි අයියා මටයි ලොකූටයි දෙන්නටම එකපාර කතා කෙරුවා ...ගෙදර පාස් වෙලා තුන්මන් හන්දියෙදි මං මගෙ වේගෙ බාල කෙරුවා .....තුන්මං හන්දියෙම මලපේරෙත තටුවක්...ගමේ විතරක් නෙවෙ....මේ කොලඹත් මිනිස්සු කොඩිවින අනවින ගැන විස්වාස කරනවා එහෙනම්...නැත්තන් ...හැම මාසෙකම ගෙවෙන කෙම්මුරකදි පෙරේත තටුවක් මේ තුන්මං හන්දියෙ තියෙන්නෙ මොකද...

අද නිර්වානුයි ශෙනිරුත් එනවා අපි එක්ක යන්න...

මො..මොක්ද කිව්වෙ ....චූටි අයියෙ...මගෙ....සෙ...සෙනූ....මගෙ සෙනූ කියලද චූටි අයියෙ උඹ කිව්වෙ....??

මම එකපාර නැවතුනා....අද නිර්වානුයි ශෙනිරුත් අපි එක්ක යනවා කිව්වා විතරයි ..අනේ අපි දෙන්නගෙ මුන බලන් ඉන්නකොට පාට වැටුනා.....අනිවාර්යයෙන්ම අයාන් සර් වෙන්න ඇති ඕක කියන්න ඇත්තෙ . අනිවාර්යයෙන්ම මේක අයාන් සර්ගෙ වචනයක් වෙන්න ඇති ....මට ඉබේටම සනාශ්ගෙ අත මිරිකුනා.....අනේ මට සතුටුයි...අනේ දෙයියනේ මට සතුටුයි ....ඊයෙ රෑ මාව දාලා ගියපු එයා ආයම එනවා කියන්නෙම මැරුන මල් පැලේකට වතුර දැම්ම පන ගහන්නා හා සමාන මාවත් ආපහු පනගහන බව වෙනකොට මෙච්චර දවස් අඩපු මට එක අංශු මාත්‍රෙකින් සතුටක් දැනුනා....

ලොකූ...උඹා ඇහුනද...එයාලා එනවලු ලොකු....උඹට ඇහුනද අනෙ මගෙ නිර්වාන් එනවලු.....

මන් සනාශ්ව හෙලෙව්වා .....ඒත් සනාශ්ගෙ මූනෙ කිසි හිනාවක් තිබුන් නෑ....සනාශ් මැරිලා වගේ උන්නා...උගෙ ලා රෝස පාට පෙට්ටි කට වේලිල තිබුනා..වෙනදට දොන්ත වෙවී...දොන්ත වෙවී සෙනූ බබීව ඉම්බොත් සෙනූ බබීත උම්මියක් දුන්නොත් ගගා වැස්ලින් ඩප්පියම අතුල්ලන...සනාශ් ගෙ තොල්පටවල් වේලිලා හම ගිහින් තිබුනා...

ඇයි...ලොකූ ..උඹට සතුටු නැද්ද.....?

ඔය තරම් සතුටු වෙන්න එපා චූටි.....උඹට වත්...මටවත් ඉස්සර් වගේ ගිහින් ඒදෙන්නා ගාවින් ඉදගන්න බෑ...කාටවත්ම හොරාටව අතකින් අල්ලන්නවත්....හාදුවක් තියන්නවත් බෑ..ශෙනිරුගෙ අස් වල තිබුන දුක වේදනාව විතරක් නෙවෙ මල්ලි...මං ඒ ඇස් අස්සෙ කලකිරීමක් දැක්කා....තරහවක් වේදනාවක් දුකක් ඇස් අස්සෙන් දකින එක අපි හැමෝටම හුරු දෙයක්....ඒත්...ඇස් දෙකක් අස්සෙන් කලකිරීමක් දැක්කා කියන්නෙ.. ...

මං ඌට ගෙවල ඔවර කරන්න බැරි පවක් කෙරුවෙ සයාශ් ....මං කොහොමද හිනා වෙන්නෙ...එයාගෙ හිතෙ මගෙ ගැන තියෙන්නෙ වේදනාවක් නම් දරාගන්න පුලුවන් ඒත් කලකිරීමක් නම් තියෙන්නෙ මං මොනවද කරන්නෙ මල්ලි....

..චූටි අයියගෙ පිටිපස්සෙ හිමින් හිමින් අපි දෙන්නා බස් හෝල්ට් එකට ගෑටුවා මොකද ..අපිව ගන්න මෙතනට ඉස්කෝලේ බස් එක එනවා....

.සනාශ් කියනවා ඌ ශෙනිරුගෙ ඇස්වලින් දැක්කෙ කලකිරීමක් කියලා...ඒ එක්කම.මට නිර්වාන්ව මතක් උනා...එයා කිව්වෙ...එයාට එයාව අමතක වෙනකන් මට ආදරේ කරන්න කියලා ...එතකොට .....ඒ දෙන්නමත්....අපිව....අත අරින්න හදනවා කියන එකද ඒ කියන්නෙ..... 

මට හුස්ම නෑ වගේ.....බස් හෝල්ට් එකට ආව වෙලේ ඉදන් සාක්කු දෙකට අත් දෙක දාගන උන්න මං බලාගත්තු අතේ බලන් උන්නා....සනාශ් කොච්චර කල්පනා කෙරුවත් ශෙනිරු ඇරෙන්න උගෙ ඔලුවෙත් කිසිදෙයක් නැති බව දන්න මං එහෙම්ම චූටි අයියා දිහා බැලුවා....

අපේ ආදරේට වස් කවි කියපු ලොකු නැන්දම....උගෙ ආදරේට සෙත් කවි කිව්වා....

ඇයි ලොකු නැන්දෙ එහෙම...

මොකාද චූටියා ඕක ලොකු නැන්දගෙ කනේ තිබ්බෙ 

මං දන්නෙ නෑ බන්...එක්කො එදා රෑ දකින්න ඇති....

දැක්කත්....ඒක මහ දෙයක් නෙවෙ සයාශ් ....අරූ උඹව විනාඩි පහක් තුරුල් කරන් ඉන්න ඇති.....

මන්දා බන්.....මොන දේ උනත්...උඹට මට වහන් කරල පරිස්සම් කරන් ඉන්න ඕන දෙයක් පරිස්සම් කරන්න බැරි උනා සනාශ් .....

හ්ම්.....වෙන්න ඇති....මගෙ පපුවම රිදෙනවා චූටි.....මට ආපහු හැරිලා ගෙදර යන්න හිතෙනවා බන්....මට ගෙදර නෙවෙ....මගෙ ඔලුව හැරුන අතක යන්න හිතෙනවා චූටි...මගෙ ඔලුව...යකගෙ කම්මල වගේ....මෙච්චර ආදරේ කරලා...නොදන්න උන් ගානට ඉන්නෙ කොහොමද මල්ලි....මගෙ ඔලුව පුපුරයි කියලා දැන් මටම බයයි සයාශ් ...

සනාශ් උගුරෙන් වගෙ කතා කෙරුවා .....මට වගේ නෙවෙ...මං වගෙ නෙවෙ ඌ ....මං වගේ ඇස් ගෙඩි පුපුරනකන් අඩන්නෙ නැති සනාශ් කරන්නෙ ඔලුව විකාර වෙනකන් කල්පනා කරන එක....හිත තුවාල වෙනකන් හිතන එක...මං මගෙ වේදනාව කදුලු එක්ක පිට කෙරුවත්...ඌ උගෙ වේදනාව පිටකෙරුවෙම උගෙ ඔලුව විකාර වෙනකම්ම ඌ කල්පනා කරපු එක.....

ලොකූ අන්න බස් එක එනවා...දැන් උඹලා දෙන්නා ඕකට නැගපු වෙලේ ඉදන් අර මොක්කුද දෙන්නා වගෙ ඉදල අනිත් උන්ටත් දැනගන්න තියන්න වෙන වැඩ නම් නරන්න එපා ආ.....

තනිම සුදු පාට පසු බිමේ නිල්පාට අකුරු වලින් ඉස්කෝලේ නම ලියවුන බස් එක ඈතින් එනව දැකපු චූටි අයියා අපි දෙන්නට දැන් ඉදම්ම අවවාද දුන්නා....අපි දෙන්නා නම්.මොනවා කියලා කතා කරන්නද....

උඹලට තිබුනෙ අපිට කියන්න චූටි අයියෙ.....වචනයක් වත් කතා නොකර...බැල්මකින් වත් නොබලා තවත් වේදනා විදිනවට වඩා නෑවිදින් උන්නා නම් ඉවරයි චූටි අයියෙ....

සනාශ් ..මං උඹලා දෙන්නට දැන් ගිහින් උන් දෙන්නට ආයම ලව් කරන්න කියනවා නෙවෙ...මොකද උඹලා දෙන්නම අම්මගෙ ඔලුවට අත තියලා දිවුරුවා

එහෙනම්.මොන මගුලටද යකො උන් දෙන්නවත් ගෙන්නුවෙ.....

චූටි.....පොඩ්ඩක් ඉවසපන්...උඹලා දෙනට විභහගෙ ගන්නකන් වත් ඉවසන්ඩ බැරිද....

.ඇයි විභහගෙන් පස්සෙ නිර්වාන්ගෙ අම්මා රහත් වෙනවද...එතකොට ලොකු නැන්දා කැමති වෙනවද....ඇස්වල තියන වේදනාව දැක දැක ඔහොම කරන්ඩ එපා චූටි අයියෙ.. ..උඹට බෙදපු හැන්දෙන් නෙවෙ අපිට බෙදුවෙ ...උඹට කැමැත්ත දුන්න කටින්මයි අපිට ඔක්කොම නවත්තන්න කිව්වෙ ..... 

මෙච්චර වෙලාම නිහඩ වෙලා උන්න සනාශුයි මායි කතා කෙරුවා ....දොස් නොකියා දොස්කිව්වා ....නවත්තන්ඩ කියලා ආය මොකටද හිත් තලන්ඩ හදන්නෙ කියල කියෙව්වා .....චූටි අයියා නෙවෙ එතනින් එහා මොකුත් කිව්වෙ....අවසානෙදි ඈතින් ආව බස් එක අපි ගාව නවත්තනකොට මගෙ පපුව ගැහෙන්න ගත්තා ...මොකද ...එයා ඉන්නවා...එයා මේ බස් එක ඇතුලෙ ඉන්නවා කියන්න මං දැන් දන්නවා...

..නැගපන්....චුටි...මොනවා කරන්නද...පව් ගෙවෙන්ඩත් කාලයක් යනවනෙ.....

සනාශ් ගෙ කනට නෑහෙන කටහඩ මගෙ කන ගාවින් ඇහෙනකොට මං බස් එකට නැග්ගා.....

ඇත්ත . ...චූටි අයියා කියපු කතාව ඇත්ත.....මෙච්චර ගොඩක් ඉන්න බස් එකේ මම ඒ දෙන්නවම දැක්කා...හැබැයි ..ඒ දෙන්නා නෙවෙ අපි දෙන්නා දිහා බැලුවෙ....ඒ දෙන්නා උන්නෙ වෙන ලෝකෙක...

පස්සට යමන්...එතන විතරයි ඉඩ තියෙන්නෙ.....

මං සනාශ්ව ඉනෙන් අල්ලන් චුට්ටක් ඉස්සරහට තල්ලු කෙරුවා ....කොල්ලො විමානයයි... ...කෙල්ලො දෙතුන් දෙනෙක්ට කොල්ලො පනහක් විතර උන්නා..මියුසික් ටීම් එකෙඋන්නෙ බාගෙට බාගයම කැම්පස් යන අයියලා...සමහරක් අය නම් අයාන් සර් යන ස්ටේජ් ඩ්‍රාමා වලට එන එක එක ඇකඩමිවල් අයියලා....

අඩේ අර කිතුලා.....

මං ඉස්සරහට තල්ලු කරපු සනාශ් එක පාරම මගෙ දිහාවට හැරිලා කාව හරි පෙන්නුවා.....ඇත්ත නේන්නම්.....කිතුලා...තණමල්විල කොල්ලෙක් එකේ කිතුලා...සේවියර් නෙ....

බොක්ස් ගිටාර් එක කකුල උඩ තියන් ගිටාර් ප්ලේ කරන කසුන් අයියා එක්ක වෙන සින්දුවකටද කොහෙද තාලෙ අල්ලනවා....

තවම ඉරවත් පායල නැති උනත් බස් එක අස්සෙ උන්න හැම ලමයටම ඉරපායලා...කොටිම්ම මේක තරගෙකට යනවට වඩා අපිට ට්‍රිප් එකක් ....කොළඹින් පිට ගමකට යනවා කියන්නෙම හැමදාම දුම් ගොඩේ...වාහන සද්ද අස්සෙ කොක්‍රීට් වනාන්තරයක් අස්සෙ හිර වෙලා ඉන්න අපිට ට්‍රිප් එකක්...

උඹලා සින්දු කියන්ඩ පටන් ගත්තට කමක් නෑ....බෙරිහන් දීලා උගුර කඩාගන්නවා නෙවෙ එනකොට ඕන මගුලක් ...දැන් එහෙම කෑගහන්නෙ නෑ ආ....

අපි දෙන්නා තවම හිටගන....සනාශයා කිතුලා දිහා බලාගන උන්නෙ කවදාවත් නොදැකපු විදිහට උනත්...ඒ තත්පරෙම්ම තේරුම් ගත්තා ඇත්තටම ඌ බලන් ඉන්නෙ ඒ කිතුලා දිහා නෙවෙ කියලා ....වෙනදට දැක්ක ගමන් බබී ගෑවත්...අද නාදුනන උන් විදිහට ඉන්න ශෙනිරු දිහා බලාගන කියලා ...

යමන් බන්.....බලන් උන්නා කියල තේරුමක් නෑ...

ම්ම්ම්.....වැරදි කෙරුවෙ අපි නම් ආපිට සැනසුම් වචන බලාපොරොත්තු වෙලා මොකටද චූටි.....

තවත් බලන් ඉදලා තෙරුමක් නැති වෙනකොට මම වගේම සනාශ් නිර්වාන්ලා උන්න තැන පහු කරගන පිටිපස්ස ශීට් එකට එන්න ආවා.....

ඩ්‍ර...ර්

මගෙ ඵෝන් එක...!

ඒ දෙන්නව පහු කරගන ඇවිදින් පිටිම පස්සෙ ශීට් එකේ කෙරවලේම ඉදගත්ත මගෙ ඵෝන් එක වයිබ්‍රේට් උනා....

මැසේජ් එකක්.....

අනේ දෙවියනේ නිර්වාන්ගෙන්!

අපි මේක නවත්තමු කියලා ඔලුවට අත තියලා දිවුවත් හරි....අනේ මට එයාගෙන් ආව පලවෙනි මැසේජ් එක...

මං මැසේජ් එක ඕපන් කෙරුවා ...

" සනාශ්ව ඔතන තියලා මෙතනට එන්න සයාශ් ශෙනිරුට සනාශ් එක්ක කතා කරන්න ඕනෙලු"

මං බලාගන උන්නා...ඇත්තටම ඒක මට ආව මැසේජ් එකක් නෙවෙ....තෝල්ක කමක් .....ශෙනිරුට සනාශ් එක්ක කතා කරන්න ඕනා කියන ටික විතරයි එතන තිබුනෙ.....මෙච්චර දවසක් මගෙ චූටි මගෙ චූටි කියලා.මැසේජ් කරපු එයා අද සයාශ් කියලා මැසේජ් එක එවලා....

කොහෙද යන්නෙ...

උඹගෙ සෙනූට මෙතනට එන්න ඕනෙලු.....

මගෙ...ස්....නූට

ම්ම්ම්.....හිත රිදවගන්න එපා සනාශ් ...උඹට මට ලේසියකට සමාව හම්බෙන්නෙ නෑ....කියන දෙයක් අහන් ඉදින්...එච්චරයි ....

Sanash pov...

සයාශ් යන්න ගියා....මගෙ සෙනූ මෙතනට එයි....මා එක්ක කතා කරන්නඑයි කියලා ගියපු චූටියා ආපහු හෙඩා ගාවට ගියා...හැබැයි...ඌ යන්න කලින් මට හිත රිදවගන්න එපා කිව්වා...ඌ ඒ නොකියා කිව්වෙ බලාපොරොත්තු තියාගන්න එපාය කියලා .....

සෙනු.....

ඒ සුවද.....ඒ මූන.....ඒ උනුසුම ....අනේ මං මේ හැම දේම ළඟින් දකින්නෙ දවස් තුනකට විතර පස්සෙ....නහර පෑදුනත් යකඩ වගේ අත් දෙක වෙනදට මගෙ ඉන වටෙ හරි ..මගෙ අතට හරි පැටලෙවුනා උනත්...අද එහෙම උනේ නෑ....කිව්වත් වගේම ශෙනිරු ආවා....ඇවිදින් මගෙ ගාවින් ඉදගත්තා ...හැබැයි එච්චරයි .....මගෙ දිහා බැලුවෙ වත් ආයම කතා කෙරුවවත් නෑ...එයා එයාගෙ පාඩුවෙ.....මැලවුන මුන...බොරපාට උන ඇස් දෙක....එක්ක සුදු මැලි වෙලා ගියපු තොල්පට.....ශෙනිරු කියන්නෙ නිකන් කපලා දාපු ගහක් වගේ...

සෙනූ.....මා එක්ක....වච්නයක් ...වත් කතා කරන්න වත් ..දෙයක් නැද්ද....සෙනූ.....

මං හරි හිමීට මිමිනුවා....මට කතා කරන්න ඕනා උනත්...මට කතා කරගන්න බෑ...මට මහ වේදනාවයි...මට හරි දුකයි....මටඇඩෙන්ඩ වගෙ..අනෙ සෙනු....මම වගේම මගෙ මල්ලි හරි අසරනයි කියලා කියන්න ඕනා උනත් මට කියා ගන්න බෑ.....

සෙනූ....අනේ..ඔහොම කරන්න එපා සෙනූ...උඹගෙ බබීට ඔහොම කරන්න එපා සෙනු....

මං ආයම කෙදිරුවා .....අපිට ඉස්සරහා ශීට් එකේ උන්න සයාශ් එයාගෙ ඔලුව ජනේලෙට ගහගන ඔහේ ඉන්නකොට මං බලගන නිර්වානුත් ශෙනිරු වගේම පාඩුවෙ උන්නා....බස් එකේ උන්න අනිත් උන් උන්නෙම හිනා වෙවී...කියව කියව....ඒත්...මගෙ මූනෙ වත්....ශෙනිරුගෙ...නිර්වාන්ගෙ....චූටියග්.....මේ කාගෙවත් මූනක හිනාවක් තිබුන් නෑ...ඉවසනවා...ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න පුලුවන්ද ...

මං අනිත් පාර ශෙනිරුගෙ අත ඇදලා අරගත්තා ....වෙනදටනේ ඇගිලි මගෙ අත තදින් මිරිකලා අල්ල ගත්තා උනත්මද ඒ මොකුත් නෑ...එයාගෙ ඇගිලිත් මැරිලා වගේ...මාව අල්ලන්නවත් කැමති නෑ වගේ එයා උන්නා..වෙනසකට තිබුනෙ එයා අත ආපහු ඇදලා ගත්තු නැති එක විතරක් වෙනකොට අනිත් හැම හැසිරීමම කිව්වෙ එයා මාව අත ඇරලා කියලා ...

මට මෙහෙම කරන්න...එපා...ශෙනිරු .....

මං අවසානෙදි එයාව හෙලෙව්වා...සෙනූ..සෙනූ ...ගගා උන්න මං ශෙනිරුගෙ අත හැපුවා...තිබුබ වේදනාවටම මගෙ දත් වලට ඒ අත හිල් වෙලා යනකම්ම හැපුවා..ඒත් එයා ගහක් ගලක් වගෙ උන්නා මිසකා මට රිදෙනවා කිව්වෙ වත්..ආපිට මට රිදෙව්වෙ වත් නෑ...

මං දන්න මගෙ සෙනූ උඹ නෙවෙ ශෙනි...මං විහිලුවට ගැහුවත් උඹ ආපිය මට අල්ලන් ගහනවා..මාව පුලුවන් තරම් අවුස්සලා..අඩවනවා...

....

ඒත් ....උඹ මාව කොච්චර ඇඩෙව්වත්....එක තත්පරෙන් ලගට ගන්නවා....අරන්.....අනේ උඹ මට කියනවා....අඩන්න..ඒපා ..බබී...සෙනූ ආදරෙයිනෙ මගෙ බබීට කියලා....ඒත් අද.... ....අද...ඒ වචන...කෝ...සෙනූ....

...

උඹ...මට...ආදරේ කරන...එකත්....නැවැත්තුවද....සෙනූ.....

මං කියෙව්වා...මං අඩ අඩම කියෙව්වා...මට ඉකිගැහුනා....මගෙ දිහා බැල්මකින් වත් නොබලා මාව නාදුන එකෙක් ගානට දාලා ඉන්න ශෙනිරු මට සලකනකොට මට ඉකිගැහුනා.....

මට මෙහෙම කරන්න එපා....සෙනූ..අනේ...මට....මෙහෙම කරන්න...එපා.....සෙනූ.....

මං එකම දිගට කියෙව්වා ...ඒත් එයා නෙවෙ මගෙ දිහා බැලුවෙ...අවසානෙදි මං එයාගෙම සාක්කුවට අත දාලා ඵෝන් එක ගත්තා ....මොකද ..මට බලන්න ඕනා උනා...මට බලන්න ඕනා උනා.....එයා මේ තරමට මට වෛරකරනවද කියලා ...

.

තවමත් එහෙමයි.....එයාගෙ ඔහෝන් එකේ ලොක් ස්ක්‍රින් එක දැකපු මට ලොකු නැන්දව හොයන් දුවන්න හිතුනා...අනේ ලොකු නැන්දේ ...අම්මා අප්පගෙ වැරඩ්ජි වලට අපෙන් පලිගන්න එපා ලොකු නැන්දේ කියලා මට ලොකු නැන්දෙ කියලා කෑ ගහන්න හිතුනා....ඒත්....මොනව කරන්නද.....කුලුදුල්ම වසන්තෙ පටන් ගන්නත් කලියෙන්න වස් වැදිලා ඉවර වෙනකොට ....

මට මේක අයින් කරන්න බැරි උනා...

ස්....සෙ..සෙනූ...අනේ...එපා...ඇයි....

උඹ මගෙන් අහනවා ඇයි උඹට මෙහෙම කරන්නෙ කියලා ...මං උඹගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් උඹ මගෙන් ඇහුවම...මං උඹට මොනවද දෙන්න ඕන උත්තර බබී....ගහෙන් ගෙඩි එන්නා වගේගෙදර එන්න කියලා ඇස් පනාපිට මාව අතාරිනවා කියලා පොරොන්දු දුන්නම.....උඹ මට දැන් දෙන්න උත්තර ඉතුරු කරල තියනවද....

මං..මන්

උඹ ඇඩුවා කියලා වෙන්නෙ කදුලු නාස්ති වෙන එක විතරයි බබි...අපිත් මිනිස්සු....හිත් පපු තියනවා.....කව්ද වැරදි...කව්ද හරි කියලා අඩ අඩ කල්පනා කරනවට වඩා හොදයි රත්තරන් ....උඹලා අපි නොදන්න උන් ගානටජීවත් වෙනවා..කොහොමත් ....මායිඅරුයි තව ටික කාලයයි ඉස්කොලේ එන්නෙ...විභහග එනවා...උඹලත් ආපහු ගම්වලට යයි...අඩ අඩ හිත හිත ලේ පුච්චගන්නවට වඩා හොදයි බබී...අපි කවදාවත් ආදර් කරපු නැති උන් ගානට ඉන්න එක....

මගෙ පපුව පැලෙන්න ආවා...ඇස් පනාපිට මගෙ ඵොටො ටික ඔක්කොම ඩිලීට් කරලා දාපු ශෙනිරු මගෙ අතත් එයාගෙ අතින් අයින් කරලා.ලාවට හිනා උනා...

අපි නරක මින්ස්සු වෙන්නෙ...උඹලට ගෞර්වාන්විත සමුදීමක් නොදුන්නොත්...මොනවා උනත්...පන වගේ ආදරේ කරපු උඹට අබමල් රේනුවක වේද්නාවක් වත් මගෙ අත් වලින් වෙනවට මං කැමති නෑ රත්තරන් ....මිනිස්සු එනවා යනවා.....නවතින්නෙ හරි අතලොස්සයි...කව්ද දන්නෙ..මගෙ බබීට හරි යන කෙනා මම නෙවෙද කියලා ...නැන්දා එක්ක වත්...උඹ එක්කවත් තරහා ගන්න එපා ....අපි කෙරුවෙ කරපු පවකට වන්දි ගෙවපු එක.....ඉස්සරහා හෝල්ට් එකෙන් අරුයි මායි බහිනවා..මීට වඩා දුර ඌට වත්...මට වත් එන්න බෑ බබී...අපිත් මිනිස්සු....

ළඟින් උන්න...තුරුල් කරගත්තු...උඹලව නොදන්න මිනිස්සු ගානට දාලා හුස්ම අල්ලන්න හරි අමාරුයි...කාලයත් එක්කම...මේ හිතුත් ආපහු සනීප වේවී...ඒ එනකොට මගෙ බබීට මට වඩා හොද කෙකෙන් හම්බ වෙලා ඉදීවි....තේරුනාද....පරිස්සමින් ඉන්න සනාශ් .... ජීවිතේ තව හුගාක් දුරයි...මං කියන්නෙ නොමැරෙන තාක්....ජීවිතේ හරි දුරයි.....මං නැහැයි නැහැයි ඉර පායන්නෙ නැතිවෙන්නෙ නෑ....ගස්වල මල් පිපෙන්නෙ නැතිවෙන්නෙ නෑ....එහෙමයි කියලා ....මගෙ බබී නොකා නොබී දුක් විදලා තේරුමකුත් නැ....මං උඹට හරි ආදරෙන් මේ කියන්නෙ....පරිස්සමින් ඉදින් සනාශ්...මට පස්ස පාරෙ ඇවිදින් රකින්න බෑ...

මට මැරෙන්න හිතුනා...අනෙ...මං.මැරිලා ගියා නම් හිතුනා...එයා කතා කරනවා..දත් මිටි කාගන...හුස්ම ඉහලට අල්ලන් මගෙ සෙනූ මාව අත අරින හැටි කියලා දෙනවා...ආදරෙ කරන හැටි මිසක්....කවදාවත් එයා නැතිව ඉන්න හැටි කියලා නොදුන්න එයා අද මට එයා නැතිව පරිස්සමින් ඉන්න කියල කියලා මාව දාලා යන්න යනවා...

ඉස්සර වගේ හොයන්න කරන්න අයිතියක් නෑ.... කෑවද බිව්වද අහන්න අයිතියක් නෑ.....දූවගන ඇවිත් තුරුල් කරගන්න බෑ....තව අවුරුද්දයි...දෙකයි...අපි හැමදාම මෙහෙම ඉන්නෙ නෑනෙ....ම්ම්ම්...ලොකු වෙනවා..මගෙ බබීගෙත් මේ හුරතල් මූනු වෙනස් වෙනවා.....මට උඹ ළඟ ඉදන් මේ මුජ්න මේ හුරතල් කට දිහා බලන් ඉන්න බැරි වේවි...ඒත්.....මට හැමදාටම මතක හිටිවී....මං හරි පරිස්සමින් ළඟ තියාගත්තු හුරතලයක් මටත් උන්නා කියලා ...තරහක් හිතේ කොනකවත් ණෑ සනාශ් ....දුන්න පොරොන්දු අපිට බැරි උනත් ..දැන් ඉතින් නැන්දට වත් රැකපන්.....පරිස්සමින් ඉදින් සනාශ් .....

මං උඹට හුගාක් ආදරේ කෙරුවා....!....පුලුවන් නම්...මං උඹව අවසානම වතාවට ඉඹින්නද රත්තරන් ?

මගෙ ඇස්වලින් හෝ ගාලා කදුලු වැටුනා.....

ඉස්සර කිව්වෙ මං උඹට හුගාක් ආදරෙයි කියලා වෙනකොට ..ඒ කතා හැම.දේම අතීතකාලෙට අයිති වෙලා තිබුනා....

එයා කතාව ඉවර කෙරුවා...මගෙ රත ගහපු ඇස් වල කදුලු කැට දැක දැකම එයා පපුව කඩන වචන කියලා...කියලා කතාව ඉවර කෙරුවා ....තවත් නම් දුර එන්න බෑයි කියලා කියපු ශෙනිරු අවසානම වතාවට ඉඹින්නද අහනකොට අනේ ඇත්තමයි මට මේ බස් එකෙන් එලියට පැනලා වාහනේකට පනින්න හිතුනා.....

.එයා යන්න ගියා.....මෙච්චර වෙලාම මගෙ පපුව පාරවන වචන කියපු එයා වගේම චූටියගෙ හුස්ම නැති කරපු නිර්වානුත් ඉසාරහා හෝල්ට් එකෙන් බැහැලා යන්න යනකොට මං කදුලු පෙරෙන ඇස් දෙක තදකරලම පියාගන ජනේලෙට මගෙ ඔලුව තියා ගත්තා ....

"ඔබ නැතිව ඉන්න....

මට කියලා දෙන්න....."

ලොකූ.....චූටී.....නැගිටින්නෙ නැද්ද....ලොකූ...ඇයි අම්මෙ.....දැන් වත් නැගිටපියව්කො.....

යෑව් ...යෑ...ව්ව්....යෑ...ව්

පරී...අර වැද්දො දෙන්නට නැගිටින්ඩ කියපන් පුතේ නාකි මාව දැන් මැරෙනවා කොයි වෙලෙ හරි....උපන්දිනේ දවසෙත් බුදි.....නැගිටපියව් ....ගිහින් ඔයරැවුල් කොන්ඩා කපන් වරෙව්....ගෙදර එන්නෙ රෑ දෙගිඩ ජාමෙ...අරක මේක කිය කිය යනවා....තොපි දෙන්නම අද පන්සල් යන්ඩ ඕනෙ .....

මහ ලොකු කැම්පස්කාරයොලු...

ලොකුවා.....ඇයි යකො නැගිටපල්ලකො....දැන් කී පාරක් නම් අප්පච්චි ගත්තද.....නගිටපියව්...මදැයි ඔය බුදියෑම...ගෙදර එන ඇවිල්ලවත් මුන්ට බෑනෙ අද වගේ දවසක වත් වේලාසන නැගිටින්ඩ....

මං ඇස් දෙක ඇරියා ...කාමරේට ආව ලොකු නැන්දා උපන්දිනේ දවසෙත් බුදි කිය කිය කැගහනකොට මං මට එහා පැත්තෙ උන්න මගෙ මල්ලි දිහා බැලුවා....උගෙ ඇහිපිහාටු ඔක්කොම ඉදිමිලා.....මූනත් එක්ක තඩිස්සි වෙලා....

ඉපදුන දා ඉදම්ම එකම ඇදක නිදාගන්න පුරුදු උන මමයි ඌයි තවමත් එක ඇදේ නිදයෑවා....

ම්හ්හ්...

නිදා ගනින් ..නිදා ගනින්...අපි ඇහැරන් උන්නා කියලා වැඩකුත් නෑ චූටි...

ඉදිමුන ඇස් පිහාටු තිබුන සයාශ් හීනෙනුත් අඩනවද කොහෙද ...නැගිටින්නෙම නැති තැන ජනෙලුත් මදිවට කර්ටුන් ලොකු නැන්දා ඇරලා ගිහින් තිබුනා ....වැලක් පිරෙන්න තිබුනෙම උගෙයි මගෙයි ඇදුම් වෙනකොට මන් university of kelaniya ටී ශර්ට් පෝලිම දිහා බලන් උන්නා...ඊලගට university of jaffna ....ඒ ටික මගෙ....අර ටික චූටියගෙ...ඌ කැලනියෙ...මං උතුරෙ.....

දවස් ගනන් ගෙවිලා ගියා ...එදා කදුලු පෙරපු ඇස් පියාගත්තු දවසින් පස්සෙ වෙසක් හදවල් ..පොසොන් හදවල්....හුගාක් පෑව්වා.....ඇසල හදවල් හුගාක් පෑව්වා...රතට රතේ දිලිසන එරබදු මල් පිපි පිපි පරවෙච්ච කාර්තුහුගාක් පහු උනා...

අම්මා අප්පච්චි ගෙ...ලොකු නැන්දගෙ....මාමගෙ...චූටි අය්යගෙ .හීන විතරක් හැබෑ කරපු අපිට...අපි දකින්න ආසකරපු ලස්සනම හීනෙ මග ඇරුනා...නෑ....අපිට ඒ හින යතාර්තයක් වෙන්නත් කලියෙන් ඇස් ඇරුනා ....

අවුරුදු තුනක් වත් ඇති.....එදා ඉදන් තවමත් මේ ඇස් අඩනවා..

ලොකු....හෙටින් පස්සෙ නිර්වාලා out වෙනවා...

ලොකූ...හෙට ඉද්න් නිරූලගෙ exam පටන් ගන්නවා...

ලොකූ.....ලොකූ...ලොකූ...ලොකූ...පොඩ්ඩ බැරි වෙනකොට මාව හොයන් දුවන් ආව සයාශ් මොනවා හරි කියලා හිත රිදවන් දුවනවා.....

කිව්වත් වගෙ....සෙනූ මාව අත ඇරියා...නිර්වාන් මගෙ මල්ලිව අත ඇරියා...අබමල් රේණුවක චෝදනාවක් වත් නැතුව...අපි දෙන්නව උන්දෙන්න අත ඇරියා...තනිකරම අපි නොදන්න උන් ගානට හැසිරෙන තරමට අපිව උන් අත ඇරියා. .. .....ඉස්සර ආ ගිය මග තොට දකින වාරයක් ගානෙම ඇස් අඩපු තරම.දන්නෙ අපි විතරක් උනත්.....ඉස්සර.ලස්සනට උන්න නිර්වාන් ...ශෙනිරු කියන්නෙ කවදාවත් කතා කරන්න වචන දන්නෙ නැති හිනාවක් කියන දෙයක් අදුනන්නෙ නැති හැගීම් දැනීම් කියන දේ නැත්තටම නැති මිනිස්සු ගානට ජීවත් වෙන හැටි අපි බලන් උන්නා...

දෙපැත්තකට බෙදුනත් අවසානෙදි ....අපි හැමෝම විදෙව්වා කියන එක විතරයි අපේ හිත් වල තියනකොට මුලු ලෝකෙටම පේන්න අපි ඔහේ ජීවත් උනා.....

අප්පච්චිම එක්ක ගිහින් බාර දුන්න ඉස්කෝලෙන් අපි එලියට ආවා.....සැලලිහිනියා ...සැලලිහිනියා ගගා මුලු කොමර්ස් එකම හොලවන් උන්න කට කාරයගෙ තටු සදහටම කපලා තිබුනා...ඌ ආයම කවදාවත් එදයින් පස්සෙ ඒ තටු දිගෑරියෙ නෑ....එදයින් පස්සෙ මං කවදාවත් සයාශ්ගෙ ඇස් හිනා වෙනවා දැක්කෙ නෑ...උගෙ කටින් ආයම.කවදාවත් හුරතල් මෝඩ කතාවක් එලියට පැන්නෙ නෑ....යන්තන් අකුරක් දෙකක් කතා කරන්න ගත්තු දා ඉදම්ම ලොකු නැන්දට සුතර්මා.....කිය කිය කතා කරපු මගෙ මල්ලි ආයම කවදාවත් සුතර්මා කිව්වෙ නෑ....දරු පැංචො ආවා.කිව්වෙ නෑ...

කොටින්ම.....සයාශ් කියන්නෙ දැන් ඔහේ ජීවත් වෙන ඕපපාතික ජීවියෙක් ....

සෙනූ....

රෙදි වැල දිහා බලන් උන්න මට හුස්මක් පිට උනා...

දන්න විදිහට....එයා...අම්මගෙ බිස්නස් එක බාර අරන්ලු.....නිර්වාන් ....මෙඩිකල් ෆැකල්ටියෙලු.....සංජන...මන්දා...සංජන මොන කැම්පස් එකේද කියලා ...ඌත්...කොහොම හරි හොද තැනකලූ.....නිර්වාන්ගෙ අම්මා දැන් මන්ත්‍රී කෙනෙක් නෙවෙලූ....දැන් ඇමති පට්ටමක්ලු...

ලූ....අපි දෙන්නට හැමදාම කියන්න වෙන්නෙ අවසානම වචනෙට ලූ දාලා...මොකද...මේ ගෙවුන අවුරුදු ගානට.....මටවත්..මගෙ මල්ලිටවත්.....ආපහු ඒ හිනාවල් ඒ ඇස් දකින්න බැරි උනා... එයාලගෙ ජීවිත මොනවගේද කියන්නවත් අපිට බලන්න බැරි උනා....අපි දෙන්නම කඩන්න බැරි පොරොන්දුවක තවත් පොරොන්දුවක් කඩාගනම හිර උනා.....හීනයක්.....

ඒ හැම දේම හරි ලස්සන හීනයක්.....දරන්න බැරි තරම් ආදරයක් දුන්න උන් අපිට කවදාවත් අතින් වත් අල්ලන්න බැරි උන හීනයක්........

චූටි...

ම්ම්ම්....

චූටි නැගිටපන්.....

මන් තවමත් නින්දෙ උන්න චූටියව නැගිට්ටෙව්වා...උගෙ මුන පුරාවටම රැවුල.....වැද්දෙක් වගේ...ඒත්...ඌ කියන්නෙ කලාකාරයො මෙහෙමයි කියලා ...ඌ කලාව පිට දාල උගෙ වෙදනාව හංගනවා.....

.දන්නවද...මගෙ මල්ලි....ඌ....ආසා කරපු අර හොදම නලුවා සම්මානෙ ගත්තා...එකක් දෙකක් නෙවෙ...එදා ඌ මගෙ චූටිව දාලා ගියපු දා ඉදන් ඌ රගපාපු හැම නාට්‍යකම හොදම ලමා නලුවා උනෙ ඌ....ඒත්.....උගෙ කතාව අස්සෙ ...ඌ තවමත් සම්මානයක් ගන්න බැරිව දුක් විදිනවා....ඌ උගෙ හීනෙට පාර කපාගත්තා..ඒත්...නිර්වාන් ඉතිරි කරපු හිස් තැන හැමදාම හිස්ව තිබුනා...

චූටි....නැගිටපන්......

මං තුන් වෙනි පාරටත් ඌට කතා කරනකොට ඌ හරි අමාරුවෙන් ඇස් ඇරියා ...ඉස්සර නැගිට්ට ගමන් කරන්නෙ අපි දෙන්නම ඵෝන් එක කාපුඑක...එත්....දැන්....එ මොකුත් නැ..අවුරුදු ගානක ඉදන් මගෙ wallpaper එකම එක....ඒ එදා එයාම මගෙඇස් පනාපිට මකලා.දාපු ඒ ඵොටො එක....

උඹ නැති උනත් මොකද සෙනූ...මං උඹ ඉන්නවයි කියලා හිතාගන ජීවත් වෙනකොට ...

සෙනූ...අද...මගෙ උපන්දිනෙ...

මගෙ චූටියගෙත්....

මතකද...නැද්ද....කියන්න..දන්නෙ නෑ.....ඒත්..මං...දන්නවා....උඹලට...එහෙම අමතක නැතුව ඇති කියලා .....

මං ඇදෙන් බැස්සා...ඇදෙන් බැහැලා නාගන ආව චූටියා ඇදුම් මාරු කරන හැටි බලන් උන්නා...

උඹ රැවුල කැපුවද චූටි....

ම්ම්ම්ම්ම්...

කොන්ඩෙ.....

තිබ්බ දෙන්.....

.උඹ දන්න ඔයහැම නලුවම ඔහොමද බන් ඉන්නෙ....

ම්ම්ම්ම්

අනේ මන්දා ....නයිපනික්කි බෑග් එල්ලන්.....කලාකාරයො ඇයි බන් එහෙම.....උඹලගෙ කව්ද බන් අර සන්නා වගේ ඉන්නෙ...ඌත් නලුවෙක්ද

ම්ම්ම්ම්ම්ම්

මෙච්චර දවසක් රැවුල වවාගන වලහෙක්වගෙ උන්න සයාශ් රැවුල කපලා උන්නා...උගෙ හකු බැහැල...අර පරන හුරතලේ නෑ.....අර පරන සයාශ් ගෙ අංශු මාත්‍රයක් වත් හොයන්න නෑ....හිනා වෙන ඇස් නෑ.....ඌට හිනාවෙන ඇස් තිබුනද කියලා හොයන්නත් බෑ....උගෙ අර විකාර ශබ්ධකෝශෙ නැත්තටම නෑ...කොටිම්ම සයාශ් කියන්නෙ.....හරි නිහඩ චරිතයක් වෙලා උන්න..

ලොකූ....මේක කියවලා බලපන්.....

මොකක්ද.....

අලුත් ස්ක්‍රිප්ට් එකක්....ටෙලියක...

උඹ කියන්නෙ මේ ටෙලි ඩ්‍රාමා එකක

ම්ම්ම්.....

සයාශ් දිහා බලන් උන්න මට ඌ අතට සුදුපාට කොල වගයක් දුන්නා.....වෙනදට දෙන ස්ටේජ් ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක් වෙනුවට ඌ මගෙ අතට දුන්නෙ ටෙලිඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක්....අනේ ඌ දිනලා...ඌ උගෙ හීනෙ හරි හිමීට දිනලා.....මගෙ ඇස් වලට කදුලු ආවා...වෙනමොකටවත් නෙවෙ....ඒක උගෙ පිටපතක්...

ඒත්...නම.....කතාවෙ නම......

" A/l එක්ක හීනත් ඉවරයි"

ඇයි චූටි මේ....මේ නම

හොදද නැද්ද බලපන්...ඒ ඇති....

පස්සෙ බලන්නම්....

ටෙලියෙ නම දැක්ක ගමන් තුවාල උන හදවතට අලවලා තිබුන හැම පැලැස්තරයක්ම ගැලවිලා ගියා.....මං නැගිට්ටා ...අතින් කොන්ඩෙ එහා මෙහා කර කර ඔහෙ උන්න සයාගෙ කොන්ඩෙ මං පනාව අරන් පීරුවා...පීරලා ඌ එක්ක කාලෙකට පස්සෙ හිනා උනා.....

සුභ උපන්දිනයක් මගෙ චූටි....

උඹටත් සුභ උපන්දිනයක් ලොකූ...

තුරුනුවන්ගෙම සරනයි...සුභ උපන්දිනයක් මගෙ කොල්ලො දෙන්නට...පරිස්සමින් ගිහින් වරෙල්ලා.....මෙතන හදුන් කූරුයි තෙලුයි මලුයි ඔක්කොම.තියනවා...

ලොකූ හිමින් යමන්...රේස් ගහන්ඩ එපා...

.චූටි...මොනවද පුතෙ දවල්ට කන්නෙ...

නැන්දට ලේසි දෙයක් හදන්ඩ...

මං හෙල්මන්ට් එක දාගත්තා ...සයිකලයක්.වත් පැදගන්න බැරි ව උන්න මං අද හෙල්මන්ට් එක දාගත්තා .....පරන මතක ඇවිත් කොයි වෙලෙත් හිත රිදවනවා.....

ලොකු යමු.....

උඹට මතකද....උඹ...මාව එක්ක යන්න ආව දවස....අර...සයිකලේක.....ඇවිදින්...උඹයි....මායි...කම්බි...වැටක....ඇමුනුන...දවස...

උඹ....ව.....උඩින්....ගියා....මාව.....වැටෙ....ඇමිනුනා...උඹට මතකද....චූටි...

ම්ම්ම්.....මතකයි...එදා...රිදුනෙ....අත පය....ඒත්.....අද...රිදෙන්නෙ...මෙන්න..මෙතන.....ලොකූ....අද....වැටුනොත් .....බෙහෙත්...දාන්න....කවුරුත් ....එක්ක...යන්න.. නෑනෙ....මතක් වෙනකොට ....රිදෙන්නෙ මෙන්න මෙතන...ඒත්....ඒ කාලෙ...හරි....ලස්සනයි...ලොකු....පොත්..දෙකකුත්....උස්සන්....ආව...මදිවට......කියන්න.....ජාති නම්...හුගක් තියනවා...ඒත්....මං ඒපරන මතක....ආයම..උඩට අදින්න බයයි සනාශ් ...ඒවල පාට මැකෙයි කියලා ...ඒක...හන්දා...ඔය හිතේ...තියන තැන තිබ්බ දෙන්...රිදෙනවා බව...දැන දැන....පරන මතක ආයම උඩට අදින එක...මතක වලට කරන අපරාදයක් ....

එක්කො...අදත්...අපි වැටෙමුද.....ලොකු....???

මං හිනා උනා...එදා වෙච්ච දේ ආය ආයම ඇස් පනා පිට ඇදිලා මැකෙනකොට චූටියා ඌව වැටුන හැටි මතක් වෙලාද කොහෙද ලාවට වගේ හිනා වෙලා ඇස් පිහා ගන හෙල්මන්ට් එක අතට අරන් අදත් අපි වැටෙමුද අහනකොට වහල තිබුන ගේට්ටුව ක්‍රීස් ගාන සද්දෙත් එක්ක කවුරු හරි ඇරියා...මගෙ හුස්ම.හිර උනා.....චූටියගෙ අතෙ තිබුන හෙල්මන්ට් එක බිම වැටුනා....

ඇත්තට.....අදත් වැටිලා කම්බිවැටක ඇමිනුනාම උඹව මං අදත් බෙහෙත් දාන්ඩ එක්ක යන්ඩද සයාශ් ම්ම්ම්.....

න්...න්.....න්...න්

උඹට බයිසිකල් එකවත් පැදගන්ඩ බැරිවද ඔය දඩුමොනරෙට නැග්ගෙ සනාශ් ???

ස්.....ස්....

👉👈ආතරෙයි....උතුරන්න....

ඉන්තර් එක්ක එනකන්....පයිස්සමින් ඉන්න...හැමෝම....

ජොබී....පුතුකියා

Nedeesha

More Chapters