Ficool

Chapter 46 - 46

නිරූ....කොහෙදමේ යන්නෙ....

අපි දෙන්නම උන්නෙ බස් එකේ පිටිම පස්සෙ....දිගට තියන අවසානම ශීට් එකේ....කිව්වට විස්වාස කරන්න සීටිබී බස් එකේ අවසානම ශීට් එකට ඉස්සරහ ශීට් එකේ පිට කවරෙ නැ..කලුපාට ලෙදර් එක ඉරලා...නැත්තන් කපලා...

තනිකරම කැටපත් පවුරක්...මෙච්චර සීට් තියනකොට අරුන් දෙන්නා ඉලන්දාරි කමට ෆුට් බෝර්ඩ් එකේ හිටන් උන්නා..කවුරුත් නොදකිනවා උනාට සැලාගෙ ඉන වටේ ඩිපූටුයාගෙ අත එතිලා තිබුනා...ගහමරා ගත්තා උනත් අපේ එකාට කාල් මාක්ස්ව එපා උනත් ඌ නෙවෙ අපේ එකාව අතෑරියෙ...ගහ ගහ බැන බැන හරි ලොකුවට ඩිපූටියා හරි ආදරෙයි කියන්න මං දැනන් උන්නා.....

ඉස්කෝලේ බෑග් එකට යට වෙලා තිබුන අපි දෙන්නගෙ අත් දෙක එකට පැටලිලා තිබුනා.....අතෙ අල්ලට දාඩියත් දාලා...නිර්වාන් ගෙ උරහිස මගෙ බර දරාගන ඉන්නකොට මගෙ ඇස් ඉස්සරහට ශීට් එකේ ලෑල්ල පුරාවටම ගියා....

තනිකරම කවි....කතා...කුනු හර්ප....නම්බර්ස්....හදවත්....විතරමයි...මේ ඔක්කොම ඉස්කෝලේ කොල්ලන්ගෙ වැඩ...

0772316619 cl me

මං ඒකෙ තිබුන නම්බර් එක දිහා බලාගන උන්නා....ආයමත් යටින් සින්දු කෑලි තිබ්බා.....නම්වල අකුරු තිබුන.....ඒ ඔක්කොම දිහා බලන් උන්න මං මගෙ සාක්කුවෙන් පෑනක් ගත්තා

මොකක්ද කරන්න හදන්නෙ?

ම්හුක්...නම ලියන්න...ලියමුකො නිරූ

මොලේ හොද නැද්ද..

මං රවාගත්තා ....මීට තත්පර දෙක තුනකට කලින් ඒකගෙ හැම දේම මං කියපු මගෙ අනාගත සමුණා මොලේ හොද නැද්ද කියනකොට හොද පජාත කතාවක් කියන්න මාත් කට ඇරියා...ආදරෙ ආදරෙ කියලා විසි හතර පැයම මැනික බබී රත්තරන් මගෙ රන්කද ගානවට වඩා තෝ බොල වර පලමිනිහො යස්සයො තට්ටයො නරකාදියො කියන්න පුලුවන් ඔක්කොම කුනුහර්ප කියන උන් ගාව ආදරෙ උතුරන්න තියනවා කියන්න නිර්වාගෙම්ම ඉගන ගත්තු මන් මගෙ හැකර කට ඇරියා....

මොලේ හොද නම් උඹ එක්ක එනවද?

.....

අනික නිරූ මැටි වලට එකතු වෙන්නෙ මැටිනෙ...මට මොලේ හොද නැති බව දන්නවා නම් ඇයි මා එක්ක යාලු උනේ...උඹටත් මොලේ හොද නැති හන්දනෙ....

......

ආවා මෙතන....

.....

නිරූ...ලියන්නම් අනේ.....

අත කඩනවා අ උඹගෙ.....

මං ඇස් දෙක බෝල කෙරුවා ...මට ඕනා උනේම කොහෝම හරි නිර්වාන් සයාශ් කියලා ලියා ගන්න වෙනකොට මන් නිර්වාන් අහක බලන පමාවය නිරූ චූටි කියලා ලියලා හාර්ට් එකකුත් ඇන්දා...හැබැයි ඒ හදවතට පොඩ්ඩක් අන්සබාගෙට ඇවිදින්....එකපැත්තක් තැලිලා....

නිර්වාන් .....

...

නිරූ...

....

මගෙ නිරූ....

...

චුම්චුවො....

...

සුතු මහත්තයා ...

....

හුත්තො....

ම්න්...

මට හිනා ගියා....ආදරේ ගැඹුරු වෙන්න...ගැඹුරු වෙන්න භාශාව අසභ්‍ය වෙනවා කියනවනෙ.....මෙච්චර වෙලාම ආදරෙන් කතා කරපු හැම වචනෙටම ගල් ගිලලා වගේ ඉස්සරහා බලාගන මොනවදෝ බර....දෙයක් ගැන කල්පනා කරපු නිර්වාන්ට මං ටිකක් සද්දෙන් හුත්තො කියනවත් එක්කම නිර්වාන් මගෙ දිහා බැලුවා....ඒ ව්තරක් නෙවෙ... මෙච්චර වෙලාම ෆුට් බෝර්ඩ් එකේ ඉදන් ටයිටැනික් ටේකුක් වර්ශන් එක උන "සැලටැනික්" පෙන්න පෙන්න උන්න කාල් මාක්සුයි ලොකුවයිත් අපි දෙන්නා දිහා බැලුවා....

මොකද....

බඩ්ඩක් අහන්නම් අනේ....

ගොන් කතාවක්ද??

යෝහ්...නිරූ....මොකක්ද අනේ...ම්හුක්..මහ ඕන් නෑ නිරු....තොගෙ හැම දේම මං කිව්වා නේද් දැන්....

ම්න්...

එහෙනම් ඔහොම ලැජ්ජා කරන්නෙ....ඇයි යකො...

මගෙ හින්දා තමයි...

උඹ මහ හොද නෑ නිර්වාන් ..අනිත් මිනිස්සු වගේ නෙවෙ

අනිත් මිනිස්සු වගේ නෙවෙ කියන්නෙ උඹට මං ඇරෙන්න තව මිනිස්සු ඉන්නවද සයාශ් ?

න්...න්..නෑ..අනේ.....නෑ....ඒක මේ කටවහරෙට කිව්වෙ.....අහන්නකො ඉතින්.....

ම්න්...

දැන් ඔයා කිව්වනෙ චූචියට....ඔයාගෙ චූචියට හොදට ඉගන ගන්න කියලා...නේත...👉👈

ම්න්....

අපි හැමදාම.මෙහෙම ඉන්නෙ නෑනෙ....ටික ටික ලොකු වෙනවනෙ.....තව අවුරුදු දෙකයි...අපිට විස්සයි.....ඔයාට විසි එකයිනේ....නේත

ම්න්...

නිරූ....කවදා හරි දවසක අපි දෙන්නා

"සැමි සැමියො" වෙනවනෙ...

....?

යෝ අනේ.....අඹු සැමියො කියන්න බෑනෙ.....මෙතන අඹුවක් නෑනෙ....මාත් මිනිහෙක්නෙ....අපි දෙන්නම...සමයිනෙ.....

නැහ්...එක සැමියයි...ඒ මං විතරයි...අනික...කිසිම සමක් නෑ...හැමදාමත් උඹ යට...මං උඩ....එච්චරයි ..

න්..නිරූ.....!

ආ...ආ...ආ..හරිම අගෙයි....ආ....හරිමාගෙයි...නිර්වාන් ...

මගෙ හැම දේම කියපු උඹගෙ රන්කදගෙ ලින්ගෙ මාරු කරපු අයුරු නම්....හරිම අගෙයි ආ...අමොර්...අමොර්....ප්ලාස්ටික් සර්ජරි කාරයා...උඹව විස්වාස කරලා හදවත දුන්න මටනෙ උඹ මෙහෙම කරන්නෙ.....හරිම අගෙයි....ආ...චින්තකගෙ බාල බෑනනුවන්ගෙ වාග් විලාසෙ...සිතුම්පැතුම් නම්.....ම්ම්....ප්‍රීතී ...ප්‍රීතී..ආය....බොහොත් බඩා...අච්චා ලගතා භ්භ්භ්....භ්භ්...භ්භ්..

මගෙ ලමයට විකාර....මෝඩ හුරතලේ...

මාව එක පාරම සූකිරි කැටයක් දියවෙන්නා හා සමානව දිය වෙලා ගියා.....දෙවියනේ ...කාටද මෙහෙම එක පාරම වෙනස් වෙන්න පුලුවන් ...ඇස්වල හිස් බවක් විතරක් තියන් උන්න නිර්වාන් කව් කචර් එකක් වගේ කියව කියව උන්න මාව එක පාරම බෙල්ල පිටිපස්සෙන් අත දාලා ශීට් එකෙන් පොඩ්ඩක් පහලට කරනගමන් යටි තොල හපාගනම හාදුවක් තියනකොට මාව එක පාරම ගල් ගැහුනත්.....ඊලග තත්පරේදි එයා ඇහෙන නෑහෙන ගානට මට විකාර කිව්වා...නිකන් නෙවෙ..." මගෙ ලමයට....."

මං තත්පර ගානක් එක දිගට දිය උනා...තව තත්පර ගානක් එක දිගට ඒ ඇස් දෙක දිහා බලන් උන්නා

මොනවද බලන් ඉන්නෙ.....ම්ම්

ඇස් දෙක දිහා....

මොනවද පේන්නෙ...

මාව....

ඒ විතරද....

නෑ....

එහෙනම්.....

....

ඇයි බොරු කරන්නෙ....

මං....

ම්න්.....

මං...මං..බොරු..කරන්..නැ....නිරූ...

එහෙනම්...මේ ඇස්වල...උඹ ඇර තවත් දේවල් කොහෙද සයාශ් ?

මගෙ....නිර්වාන් ...

දන්නවද...මං උඹට ආදරෙයි උතුරන්න...

මං බස් එකෙන් බැස්සා....මං විතරක් නෙවෙ....මගෙ නිර්වානුත්....සනාශ් ආපිට තනිවෙනකොට ඩිපූටියා හරි දුකෙන් වගෙ ලෝභ කමින් වගේ උගෙ අත අතෑරලා අපිත් එක්ක එන්න දෙනකොට මං බලගාන අපි හැමෝවම දාල යන්න ගියපු බස් එක දිහා සනාශ් හරි පාලුවකින් වගෙ බලන් ඉන්නවා.....

චූටි.....

ම්ම්...

අන් උන්නෙ මගෙ අතයි .. නිර්වාන්ගෙ අතයි එකට පටලවන් ඉස්සරහට පස්සට පද්ද පද්ද....අපි දෙන්නටම පස්සෙන් ආව සනාශ් අහලට බැහැලා අදත් ගඳ පාන ඇට පොකුරක් කඩාගන පුරුදු විදිහටම උඩ දදා කට අල්ලනකොට සපෝර්ට් බැග් එක පපුව හරහා දාගත්ත නිර්වාන් හරි හිමීට මට කතා කෙරුවා ....

අද..මගෙ...පලවෙනි මැච් එක...

මගෙ අතට එක පාරම එයාගෙ අත මග ඇරුනා...එයා කිව්වා අද එයාගෙ පලවෙනි මැච් එක කියලා ....යන්නත් කලින්....?එයා මැච් එකක්???මට සංජන නිකන් වත් කිව්වෙ නෑ.....

නිර්වාන් ....

බය වෙන්න එපා...ඔයාගෙ නිරූ දිනනවා...

දිනුම.... පැරදුම මොක උනත්....උඹ හැමදාමත් මගෙ නිර්වාන් ....එත් මං දැන් කතා කරන්න හැදුවෙ ඒක ගැන නෙවෙ.....ඇයි මට කලින් නොකිව්වෙ....අඩුම ගානෙ....ඇයි..මට....සංජන වත් නොකිව්වෙ....සංජන ඕන් නෑ.....ශෙනිරුවත්....ශෙනිරු දන්නවා කියන්නෙ ලොකූ දන්නවා....ඒත් මට නොකිව්වෙ.....

චූටි....

එපා නිර්වාන් ....දෙන්නම එකතුවෙලා කතා කරන්න ඕන දේවල් තනියෙන් කතා කරලා....දෙන්නෙක් ගන්න ඕන තීරන තනියෙන් ගන්න ඕනා නම්...ඇයි නිර්වාන් ..ආදරේ කරන්නත් ...දෙන්නෙක් නිර්වාන් ?

චූටි...දරුවො...මේ අහන්නකො.....

එපා නිර්වාන් ....හැමවෙලාවෙම විහිලුවෙන් උන්නට...උඹගෙ චූටිටට හිතක් පපුවක් තියනවා...

එයා මගෙ අතින් අල්ලන්න හැදුවත් මං ඒ අත මගෙ අතින් ගලවගත්තා .....හැමෝම මට හැංගුවා.....ඔක්කොටමත් වඩා මට වේදනාව....එයා මේ හැමදේම කරන්නෙ සල්ලි හන්දා කියන මාතෘකාව මගෙ පපුව පාරන එක.....මේ හැම දේම අර ගෑනි හන්දා....

චූටි....

නිර්වාන් ....මේ අහපන්.....

එයා මගෙ පස්සෙන් දුවන් ඇවිත් මාව තදිම්ම බදාගත්තා උනත් මං නිර්වාන්ව තල්ලු කරලා ඒ වෙනුවට එයාගෙ වේදනා දෙන අත් ගොබ රිදෙන බව දැන දැනම තදිම්ම මිරිකනකොට මං දැක්කා එයාගෙ ඇස් දෙක වේදනාවට හීනි වෙනවා...ඒත් එයා ඒක දරාගත්තා .....මං වෙනුවෙන් මාවම දරාගත්තා ....

නිර්වාන් ...මට පව් පුරවගන්න බෑ..මට පව් පුරවගන්න බෑ...මට උඹ ඉස්සරහා ඒ ගෑනිට සාප දෙන්න බෑ නිර්වාන් ...හැබැයි...උඹ ඔය සල්ලි හොයන්නයි කියලා මැරෙන විදිහට.....උඹට රිදෙන හැම වාරෙකම..මං දෙයියන්ට පලි ගහනවා නිර්වාන් .....උඹට මේ වගේ ජීවිතයක් දුන්නට....

චූටි....

එයා හිනා උනා...මගෙ ඇස් වල වේදනාව දැක දැක හිනා උනා....හිනා වෙලා මේ ගිනි ගහන අවු පූටකේ වත් නොබලා අව් සැර පිට දාන තාර පාරෙ හිටන් ඉන්නෙ කියන්නවත් නොබලා නිර්වාන් මගෙ මුන එයාගෙ ලොකු අල්ලට ගත්තා.....මගෙ කම්මුල් වලට ඒ ගොරෝසු අත්වල උනුසුම දැනෙනකොට මං එයාගෙ ඇස් දිහා බලන් උන්නා....

දන්නවද මගෙ සයාශ් ....මිනිස්සුන්ට තියන ලොකුම වත්කම....ලොකුම වාසනාව මොකක්ද කියලා.....තමන්ව තේරුම් ගන්න කෙනෙක් ජීවිතේට හම්බ වෙන එක කියලා ...

....

මට තිබුන හැම දෙම මගෙන් නැති වෙලා ගියත් ...මට සැනසීමක් කියලා දෙයක් ඉතිරි වෙලා තියනවා නම්..ඒකට දෙන්න පුලුවන් එකම නම....." සයාශ් ....." ඒකට දෙන්න පුලුවන් එකම නම උඹගෙ නම මගෙ චූටි.....

ඇයි...මට....කවුරුත් නොකිව්වෙ.....

සංජන වෙන ක්ලබ් එකක.....ඉතින්...එයා කොහෙ කියන්නද....ම්ම්ම්

එතකොට අනිත් අය නොකිව්වෙ....

එතකොට මේ හිතේ සැනසීම මේ තත්පරේ වෙනකන්ම.නැති වෙන හන්ද...

එපා නිර්වාන් ...මට රිදෙනවා...මං මීට කලින් කාටවත් ආදරේ කරලා නෑ....නිර්වාන් .....

මීට කලින් ආදරේ නොකරත්....මගෙන් පස්සෙ....මං උඹට වෙන කාටත් ආදරේ කරන්න ඉඩක් තියන්නෙ නෑනෙ....ම්ම්ම්.....

මං හිනා උනා.....උනාපු කදුලු අස්සෙම හිනා වෙනකොට එයා මගෙ ඇස් වල කදුලු පිහ දැම්මා වගේම ඒ එක්කම අප්පුඩි ගහන සද්දයක් ඇහුනා ....

හරි සෝක්.....ඈ...ඔහොම්ම කටත් කෑවා නම්.....මුලු ෆිල්ම් එකම සම්පූර්නයි ඈ....එව්.....උඹලා දෙන්නා තිරිසන්නු වගේ....පාර මැද ආදරෙන් වෙලීගන ඉන්න හැටි බලන්ඩ කැතයි

කැත නම් අහක බලපන්කො....මොක්කුද දන්නෙ නෑ....රැලේ යන ගැරඩි දෙන්නා වගේබස් එකේඑකට එතීගන ආවෙ....නේද නිරූ....

ම්න්...

පැලියාව...පැලියාව තොගෙ . 

පැලියාව නෙවෙ...මස්සිනා අද මරාගන්න යන්න ඉන්නෙ...උඹ ඔහොම ඉඹලා ඉඹලා ඒ මනුස්සය්ගෙ කැලරි ටික දහනය කරහම හරියනවද....නේත නිරූ....ඈ අනේ.....

ආ...ආ....ඇයි තොට දොන්තෙද...නේත නේත ගාන්නෙ හරියට කතා කරපන්....නේත නෙවෙ..නේද...නේද.....මල්ලිගෙ පවුල කියලා නොබලා මෙතනත් රගනවා.....

නිර්වාන් කනට ඇගිල්ලක් ගහගත්තා .....වැටක තිබුන එරඩු ගහකින් කොලයක් කඩාගත්තු ලොකුවා ඒකෙ බෙල්ල ගාවින් චුට්ටක් දෙකට කඩලා බෝලා පිඹින්න ගත්තා ...නිර්වාන් දැන් එන්නෙ අපේ ගෙදර බව දන්න හන්දම....මැච් එකට යන එක ගැන තිබුන වේදනාව....නෑ...වේදනාවට වඩා බය පැත්තක තිබ්බ මං අර පරන නාහට නාහන චූටියම වෙනකොට අපි දෙන්නගෙ මලකරච්චලේ ඉවසන්න බැරිව නිර්වාන් සැලාවයි මාවයි දෙන්නවම දාලා ඉස්සරහින් ගියා.....

චූටි.....

අරූ බෝල පිඹ පිඹ උන්න එරඩු කොලේ විසික් කෙරුවා ...නිර්වාන් යන්නෙ අපි දෙන්නට වඩා අඩි දහය දොලහක් ඉස්සරහින් වෙනකොට සනාශ් මගෙ අතින් අල්ලගත්තා ....තව චුට්ට දුරයි ගෙදරට...

ඇයි....

එපා බන් රන්ඩු වෙන්න....

මං රන්ඩු උනේ නෑ සනාශ් .....මට දුකයි...

ඒත්.....අපි හිතන තරම් ජීවිතේ ලේසි නෑ මල්ලි....උඹට මට අම්මා අප්පච්චි තාම සලකන්නෙ පොඩි උන්ට වගේ....එයාලා නොවිදපු ජීවිතේ අපි දෙන්නට දෙන්න...අපි දෙන්නා වෙනුවෙන් මැරෙන්න හරි ඉස්සරහට යන අම්මෙක් අප්පච්චි කෙනෙක් උඹට මට ඉන්නෙ....නිර්වාන් ...චූටි නිර්වාන්ට හෙටක් තියෙන්න ඕනා.....උඹ දන්නවා උන්ගෙ අම්මා දැන් සංජනට සලකන්නෙ...උඹ හිතන්..ක්ලාස් පීස් එක හරි ඉල්ලන්න ඕනා ඔය ගෑනිගෙන්...අපි කිව්වට ඔය ගෙදරින් යන්න කියලා .....අපි කියන තරම් ලේසි නෑ සයාශ් ඒක...අපි හැමෝම තවම යැපෙන මිනිස්සු මිසක්.....තනියෙ ජීවත් වෙන්න දන්න උන් නෙවෙ චූටි ....අම්මා අප්පච්චි නැති ජීවිතයක් හරි අමාරුයි මල්ලි....

.......

මං අපෙන් ඈතට යන නිර්වාන් දිහා බලාගන උන්නා...ඇත්තටම ....දැන් නිර්වාන්ට ඉන්නෙ මම විතරයි .....උඹ අද දිනන්නම ඕනෙ මගෙ නිරූ ..උඹ අද දිනන්නම ඕනෙ...වෙන කවුරුත් වෙනුවෙන් නෙවෙ..... උඹ වෙනුවෙන් ...

චූටි පුතා....කෝ මෙහෙ එන්ඩ...කිව්ව නේද දැන්...කීයෙ ඉදන්ද කූඩුවට යන්ඩ කියන්නෙ.....සුගතපාල....කෝ....අයියල දැන් ඉස්කෝලේ ගිහින් එනවත් ඇති.. ඔය බලන් උන්න මදිද .....ඇත්තමයි අම්මා කෝටුව ගෙනාවොත් ගහනවා...

මම දිව්වා....සනාශ් ගාව උන්න මං අපිට ඉස්සරහින් යන මගෙ නිර්වාන් ගාවට දිව්වා....ගෙදරට අඩි දෙක තුනයි...සුධර්මගෙ කටහඩ මෙහාටම ඇහෙනකොට මන් නිර්වාන් දිහා බැලුවා....

සුගා එලියෙ වගේ නිරූ පේනවනෙ...අපේ සුතර්මගෙ බෙලි කටු මල්ල සරබර ගානවා...

ම්න්....

චුට්ටක් ඉන්න නිරූ.....මං බලන්නම...ඔය කැරි කොල්ලට අපිව දැක්කම සහලවම පිස්සු හැදෙනවා..ඔයාගෙ ඇගෙත් නගී ..කව්ද දන්නෙ ඕකා විහිලුවටවත් හැපුවොත් ....

ම්න්....

මං නිර්වාන්ව ගේට්ටුවෙන් මෙහා නවත්තලා ගේට්ටුවෙ හිල් අස්සෙන් ඇස් කැරකෙව්වා....අර ඉන්නෙ...අර ඉන්නෙ...සුතර්මා ගෙයි දොරකොඩ ඉද කෝටුවක් අතේ තියන් ඉන්නකොට සුගා හිනා වෙවී එහාටත් දුවනවා මෙහාටත් දුවනවා...

චූටි පුතා...ඇයි බන් වරෙන්කො....

පුහ්....චූටි පුතා...ඌත් චුටියා මාත් චූටියා..අනෙ යසයි සුතර්මා බෑණනුවන් ඉදිරියේම දරු පැටියව බල්ලා මාර්ක් එකට දැමූ අයුරු නම්...හරිම ආනන්ද ජනකයි ඈ....

ඔයා ගනන් ගන්න එපා නිරූ....අපේ සුතාට අපිලගෙයි ...අර බලු ජඩයගෙයි කියලා වෙනසක් නෑනෙ....මං කතා කරන්නම්.....ඔයා බය වෙන්න එපා.....ඕකට බෙහෙත් විදලා තියෙන්නෙ....

මං නිර්වාන්ගෙ අතට තට්ටුවක් දාලා ගේට්ටුවෙන් මෙහා ඉදන් සුතර්මට කෑගැහුවා....

සුතර්මා .....හ්...මෙ දරු පැටව් දෙන්නා තක්සිලාවෙ ඉදන් සිප් සතර හදාරා නිවහනට වැඩියා.....

ආ...ඔය ඇවිත් තියෙන්නෙ....අනිකා.....ආවා නම් වරෙන් ඇතුලට...

ඔය සුනඛ පුතුකිව මදකට කීකරු කරගන්නවද අනෙ...මේ අපේ චූටි අයියගෙ ප්‍රියතම ගෝලයත්...එ...ඒ..නිර්වාන් .....යන්ඩඑපා...අරකා හොරාවගේ ඇවිත් හපන්නෙ..අනේ...සුතර්මා ....ඔය බලු ජඩයව ගනිපියෝ....හ්.....!!

යමන්...උඹගෙ මිනිහා එදා ගෙට පැන්නෙ සුගාට පගාව දීලා .....බල්ලො පගාවට යටයි.....

මොකක්...පගාව....දීලා..අපේ...සුගාට.....

ම්ම්...අමතක කරන්ඩ එපා උඹගෙ මිනිහගෙ ඇගේ දුවන්නෙ "කලටිපොල්"ලේ...!

මගෙ පිටට තට්ටුවක් දාපු සනාශයත් ඇතුලට ගියා.....

සුගා....මොකක්...උඹ එහෙනම්...මේ චූටියට ද්‍රෝහි උනා....දුශ්මන්....!ඇත්ත...අපේ.මිනිහගෙ ඇගේ දුවන්නෙ පොලිටිකල් ලේනෙ...අනිවාර්යයෙන්ම ඒකට පගාවදීලා පුරුදුයි....

තවත් විනාඩි පහක් අව්වෙ කර වෙවී උන්න මං ගේට්ටුවෙන් ඇතුලට යනවත් එක්කම මගෙ මූන තිත්ත කැකිරි පන්තියෙ පූසාවගේ උනා...

"අනේ...."

හෙස් පොපිට් අයියා සුගාව හුරතල් කරනවා....

ආනෙ සුගා....උඹට දැන් චූටි අයියව මතක නෑ....කමක් නෑ...උඹ මේ අලුත් තාත්තා එක්ක ඉදපන් මං යනවා දරු පැටියව හොයාගෙන.....කවුරු වෙනස් උනත් දරුවො වෙනස් වෙන්නෙ නෑනෙ.....

පරී...හ්....පුතුකියේ ....තාත්තියා ගෙතර ආවා මගෙ රත්තරනේ.....!!

මං නිර්වාන් ගාව හුරතල් වෙන සුගාගෙ බූල් පිරුන කන අනිත් අතට අබරලා නිර්වාන් දිහාත් රවලා බලලා අපේ පරිගේසන්ට කෑ ගහන් ඇතුලට ගියා...

ඔය ගියාට මොකද අනේ .බලු කෑලි වගේ නෙවෙ මේ මූස් ජඩයි....උන්ගෙ පුදුමාකාර ලයින් එකත් තියෙන්නෙ ..බල්ලට එක පාරයි අඩගහන්න ඕනෙ...ඌ කනඑක දාලා හරි එනවා...ඒත් මේ පුරි කෑසන්ට එහෙම නෑ...අපිම යන්ඩ ඕනා වැද නමස් කාර කරගන....

අර ඉන්නෙ.....

ගෙට ඇතුල් වෙනකොටම මන් දැක්කෙ සෝෆාව උඩ කකුල් හතරම හතර අතට විහිදන් උඩ බෙලි අතට නිදාගන උන්න පරිගේසන්ව..ඒකා කටත් ඇරන් බුදි...බුදි උනත් ඒකගෙ වල්ගෙ කොන ලාවට එහා මෙහා වෙනවා...

අමොර්..අමොර්...සුරංගනාව ස්වපනයක අතරමන් වෙලා වගේ...!

දකින හීනෙ මොකඋනත් පරිගේසන්ගෙ ඇහැට නොපෙනන විස්ව දන්ඩ සෙන්ටි මීටර්යක් දෙකක් අහස උසට කෙලින් වෙලා තිබුනා..හරියටම මේ දැන් කක්ශ ගතකරන්න යන මිසයිලයක් වගේ.....

පරි...හ්!!...…

ය්....යෑ...ව්ව්

යෑව් තමයි...වනචරයා..ඇත්ත කියපන්....තෝ හිනේන් දහ අට දන එකක් බැලුව නේද....?

චූටියා...ඔය පූසව පැත්තකින් දාල ඇදුම් ගලවපන්.....අර යට කලිසන් දාපු දාපු තැන්වල...හෝදපිය උදේට ඔක්කොම ගලවලා යනවා...පොල් කඩන උන්ගෙ පොල් වලලු වගේ....

ය්..යෝ...සුතර්මා .....හ්....!!

මං කඩාගන බිදගන කුසියට දිව්වා....පරිගේසන්ගෙ නින්ද කැඩුවටද කොහෙද මට කර්මය පඩිසන් දුන්නා..නිර්වාන් ඉන්නවා කියලා වත් බලන්නෙ නැතුව සුතර්මා කුසියෙ ඉදන් බෙලි කටු මල්ල හොලවනකොට මං කඩාගන බිදගන කුසියට දිව්වා....

සුතර්මා ....හ්

මොකද උඹ නහින්ඩ හදන්නෙ..?

නහින්ඩ කියන්නෙ...අර හෙඩ් පොපිට් අයියා ඉන්න තැන මගෙ නම්බුව කන්නද අනේ ඕනෙ

උඹට කන්නවත් එහෙම එකක් තියනවද ...අනිකටත් එන්ඩ කියපන් අත් දෙක හෝදන් ඒ අනිකා...බීපුබීපු තැන්වල කෝප්පා....අස්කරලා විසේ යනවා..කොල්ලොයි බල්ලොයි ඔක්කොම එකයි.....නිර්වාන් ...පුතේ...

මගෙ කට බෝක්කු කටක් වගෙ ඇරුනා...මටයි ලොකුවටයි බල්ලො බලල්ලුන්ට වගෙ බැනපු සුතර්මා නිර්වාන්ට පුතේ කියලා කතා කරනකොට මං බලාගන උන්නා...

ම්ම්ම්....චිම්තක....දෙවනි දරුපැටියගෙ මගුල තීම්දුවෙන්නයි යන්නෙ...සුතර්මා කැමති උනා කියන්නෙ ...ම්ම්ම්....කාට කිව්වත්...පොඩි නැන්දට නම් මගුල කියන්නෙ නෑ....

නිර්වාන් පුතේ....අපේ.උන් දෙන්නා එක්කම කන්න බත් ටිකක් බෙදන්නද....

අ..අනේ...එපා...ඇන්‍ටි..මට අද කන්න බෑ....

ඇයි නිරූ....අපේ සුතා ආතරෙන් දෙන එකනෙ.....කන්න ලමයො...

මට අද කන්න බෑ සයාශ් ....බර අවුල් යනවා...

බර අවුල් යනවද ....බඩ අවුල් යනවද....බඩ අවුල් යනවා නම් මේ ඕන තරම් ටොයිලට් තියෙන්නෙ අනේ...

බූරුවා....උඹ දන්නෙ නැද්ද එයාලගෙ නර බලනවා.කියලා ...

ඌ.....හ්.....මුඩුමයො ගහන්නෙ...නිකන් කතා කරපියකො තෝ කතා කෙරුවොත් ඇනලමයි කතා කරන්නෙ..නිකන් කතා කරන්න බැරි කිචිද තොට....

නෑ....තොට දෙයක් කිව්වම තේරුම් යන්න නම් ගහන්නම ඕනෙ...නැත්තන් ඔය ගොන් මොලෙ.වැඩකරන්නෙ නෑ....

පටන් ගත්තා ....පටන්ගත්තා ඉතින් කා ගන්ඩ...ඇත්තමයි මං තොපි දෙන්නව දැන් ආපහු ගමට එලෝනවා නැත්තන් මහ එකාට ඇවිත් අරන් යන්ඩ කියනවා...

ම්හුක්..මූනෙ ඉතින් පටන් ගත්තෙ...මෙ නිර්වාන් අයියත් දැක්කා මූ මට අනින එක...ඇරත් අපි දෙන්නව එහෙ අරන් ගිහින් මක්ක කරන්නද ...

මටනම් ඔය මොකක් හරි කොම්පැනියක ගනන් වත් හදන්ඩ යන්ඩ පුලුවන් කියමු....තොට .....තොට වෙන්නෙ ඔටුවන්ගෙ දත් මදින්ඩ ...

හරිපව් උඹට.....මං ඔටු දත් මදින්ඩයි උඹ ගනන්බලන්ඩයි ...මේන් කියලා බලන් ඉන්නවනෙ උඹ එනකන්....ඇමොර්..ඇමොර්...

ගනකාධිකාරවරයනෙ...පල පල...

ඇයි අම්මෙ....කට වහන් කාපියව්කො කන්ඩ ගියත් සැනසීමක් නෑ...බොන්ඩගියත් සැනසීමක් නෑ....මුන් දෙන්නගෙන් නම්.මට පුදුම කරදරයක්නෙ තියෙන්නෙ වෙන ගෙවල් වලත් ළමයි ඉන්නවා මෙහෙම නම් නෑ...චූටියා...පලයන් බත් එක අරන් වෙන තැනකට....ලොකූ උඹ ඉදපන් කුසියෙ...මට ලෙඩ නැතුවට ලෙඩ....

ම්හුක්...ඇයි වදෙ....අනේ සුතර්මා ...නොදරු පැටියට පපඩමක් දාන්න අනේ...

..සුධා මටත් එකක්...

උඹට හොදිත් ඕනෙද චූටි

මැදට දාන්න සුතර්මා .....අනේ...එව්...පරිප්පු වලට නිවිති දැම්මෙ ඇයි....එව්....

කාපන් කටවහන්.....කන්ඩ දුන්නම දහයක් ජාති කියනවා..උඹට හොදයි කාපන්.....

ඇදුම් ගලවන්ඩ කිව්ව උනත් අත් දෙක විතරක් හෝදගත්තු මායි අරුයි කටින් කට ගිහින් අවසානෙදි බත් දෙක අරන් තැන් දෙකකට උනා.....වෙලාව තුනත් පහු වෙනකොට වට පිට බලාපු මං කෙලිම්ම සාලෙට යනකොට අපේ කරච්චලේ ඉවසන්නම බැරිවද කොහෙද නිර්වාන් කන් දෙකට හෙඩ් සෙට් දෙකක් ගහන් එයාගෙ පාඩම් පොත දිගැරන් උන්නා ..

මං බත් කටක් ඇනුවා...කොච්චර අනම් මනම් කිව්වා උනත්...බර බලනවා කිව්වා උනත්...එයා බඩගින්නෙ ඉන්නකොට මගෙ උගුරෙන් පහලට බත් කටක් යයිද ....

නිරූ....

බත් කටක් අනපු මං චූටි අයියා පන්ති කරන්න ලැහැස්ති කරන කෑම මේසෙ ගාව උන්න මගෙ නිර්වාන්ට තට්ටුවක් දානවත් එක්කම නිර්වාන් හෙඩ් සෙට් එකෙ එක පැත්තක් ගලවන ගමන් මගෙ දිහා බැලුවා ....

ආ ගාන්න....

මට කන්න බෑ චූටි ....

අනෙ නිරූ...

මගෙ සයාශ් කන්න...ඔයාගෙ නිරූට දැන් කන්න බෑනෙ ම්ම්...

මං ....මං..ඇනුවත් එක්කනෙ...

මං බත් කට අනල බලාගන උන්නා.....එයා කියනවා මට කන්න කියලා ඒත් එකම කටක් හරි කවාගන්න මට ඕනෙ.....

එකයි හොදද ...

හා....ආ ගාන්න හාද

ම්න්...

කෝ.....ආ....

මං නිර්වාන්ට බත් කටක් කැව්වා ...පලවෙනිම පාරට....ඒක නිකන් මට මහ මෙරක් තරම් වෙනකොට එයා මගෙ ඔලුව අත ගාලා වට පිට බලන ගමන් මගෙ කම්මුලට හාදුවක් තිබ්බා ...

වස්තුව මගෙ....

නිරූ.....චූචියත් එන්නම්....

.....

අපි...හැමෝම උඹට ආදරෙයි මගෙ නිර්වාන් .....

ම්න්.....

අපි.....හැමෝ.....ම

නාඩා ඉන්න...ආවම නිරූට කවන්න ...

මං ඔලුව වැනුවා ....හයිලටර් එකක් අතෙ තියන් උන්න එයා ආයම පොතට එබෙනකොට මං එයාට වදයක් නොවී පැත්තකට ගිහින් එයා දිහා බලන් උන්නා.....

උඹ පැරදුනත්....කමක් නෑ නිර්වාන් ....උඹට මොකුත් නොවි...හැමදේම අපි චුට්ට...චුට්ටපටන් ගමු නිර්වාන් ..... උඹ පටන් ගන්නෙ බින්දුවෙ ඉදන්....ඒ බින්දුවෙ ඉදම්ම මං ඉන්නවා නිර්වාන් ...

නිර්වාන් ...මූන...පුලුවන් තරම් මූන කවර් කරගනින්...

ම්න්....

අනිත් පැත්තෙ එකාගෙ අත්වල මසස්ල්ස් වීක් කරපන්....හැබැයි උඹ මූන කවර් කර ගනින්....

මං උන්නෙ ගල් ගැහිලා .....

වෙලාව රෑ හත පහු වෙලා...මෙතනට ආව වෙලේ ඉදම්ම මන් අදහපු නැති දෙවි කෙනෙක් නැති උනා.....යකඩ දැල් ගහලා වටකරපු රින්ග් එක.....ජජස්ලට ඉදගන්න තියන දිග මේසෙ....බලන් ඉන්න මිනිස්සුන්ට ඉදගන්න තියන පුටු පේලිය විතරක් නෙව්‍ර්...මේ වෙනකොටත් එක මැච් එකක් යන රිංග් එක දිහාමං බලාගන උන්නෙ වේදනාවට වඩා පුදුමාකාර බයකින් වෙනකොට වෙන ක්ලබ් එකක සෙල්ලම්.කරන සංජන ඇවිදින් නිර්වාන්ට අරක කරපන්..මේක කරපන් ගගා නිර්වාන්ගෙ අත් වල මස් ගොබ මසාජ් කරනකොට මං ලොකුවගෙයි...ශෙනිරුවගෙයි අත් දෙක මිරිකගන උන්නා...

අනේ දෙවියනේ...මගෙ නිර්වාන්ට කරදරයක් වෙන්න එපා....

මිනිස්සු කෑගහනවා....ඔට්ටු තියාපු උන් පවා ඉන්නවා....සංජන පුලුවන් තරම්.නිර්වාන්ව රිලැක්ස් කරන්න හදනවා....මෙච්චර වෙලාම හිමින් හිමින් ගැහුන මගෙ හදවත අර රිංග් එක ඇතුලෙ ගහගන්න උන් දෙන්නා ගහගන්න ගහගැනිල්ල දැකලම ටිකෙන් ටික හයියෙන් ගැහෙන්න ගත්තා ....

මට හුස්ම ගන්නබෑ...

කලන්තෙට වගෙ....

අත් වලට ගාර්ඩ් දාපු.....දත් වලට ප්ලාස්ටික් දත් දාපු මගෙ නිර්වාන් අත් දෙක කකුල් දෙක එහා මෙහා කර කර පුලුවන් තරම් රිලැක්ස් වෙන්න හදනකොට සංජන තුවායක් කරේ දාගන නිර්වාන් පස්සෙ කැරකුනා....

.බොරු කියන්න ඕන් නෑ....මට....මේ තත්පරේදි ..මේ ගෙවෙන වෙලාවෙදි සංජනව පෙනුනෙ මගෙ නිර්වාන් වෙනුවෙ ස්වර්ගෙන් බැහැන් ආව දේව දූතයෙක් ගානට වෙනකොට වෙනදට බනින ශෙනිරු පවා අද මේ මොහොතෙ සංජනට නොබැන උන්නා....

මට බයටම දාඩිය දානවා ....බාගෙට බාගයක්ම ඉන්නෙ පරන පුරුදු කාරයො වෙනකොට මගෙ නිර්වාන් වෙනුවෙන් කෑ ගහන්න උන්නෙ අපි හතර දෙනාම විතරක් වෙද්දි මට ඕනාවටත් වඩා බය හිතුනා .....

මං කියපුදේවල් උඹට මතකයිනෙ.....

ම්න්....

එහෙනම් එච්චරයි ...ඔලුව බේර ගනින්...මූන බේරගනින්.....උඹට පුලුවන් ..උඹට අනිවාර්යයෙන්ම පුලුවන් ...!

උරහිස් හරිය අත ගාන ගමන් උන්න සංජන මෙච්චර වෙලාම කියවලා කියවලා මගෙ නිර්වාන්‍ට අනිවාර්යයෙන්ම පුලුවන් කියනවත් එක්කම රින්ග් එක ඇතුලට යන්න ඔන්න මෙන්න උන්න නිර්වාන් දැනටමත් කදුලු පුරවන් උන්න මගෙ දිහා බලල ලාවට හිනා උනා.....ඒ එක්කම ටින් ටින් ටින් ගාලා යකඩ සීනුව සද්දෙ ඇහුනා...

මගෙ...නිරූ....උඹට පුලුවන්....අනෙ උඹට පුලුවන් මගෙ නිර්වාන් ....!!

.නිර්වාන් ...!!!!fighting !!

🥺ආයම හෙට එන්නාම්....

🌼ඉන්ධර් හාමු එක්ක එනකන් පරිස්සමින් ඉන්ඩෝ.....

ආතරෙයි ...

මම ජොබී....

Nedeesha ..!!

More Chapters