අනූ...
එයා මට කතා කරනවා....ඒ හෙලුව උඩ හෙලුවෙම්ම වැටුන මට කතා කරනවා තියා හුස්මගන්නවත් පනක් තිබුනෙ නෑ ...වැහි පිට වැහි වැස්සත් වැස්ස පවා දෙතුන් විඩක්ම හති ලාන්ඩ අහස් ආගාදෙට ඉඩ දුන්නා....
හැමදාම වැහි කදුලු හලන අහසට හිතු මතේට හතිලාන්ඩ හුස්මක් කටක් ගන්ඩ නැවතෙන්න පුලුවන් උනත් දාසය අවුරුද්දක වැලලුන හැගීන් වලට එහෙම ඉවසන්න පුලුවන්ද ????
ඒකත් කුලුදුල් පිරිමියෙක්ට?????
මං හිතන්නෙ මට ඉවසුම් නැති උනා...විදින්න ඕන දෙතිස් වදේම විදපු මට මගෙ ආදරෙ මීට වඩා නම් මට්ටු කරන්න ආදරේට සංවර වෙන්න කියන්න බැරි උනා...හිරිඔතප් සළු කොහෙ ගියාද කියන්න මමවත් නොදන්න වෙලාවක මං ඒ අත්වලට මාව නිරුවස්ත්‍ර කරන්නත්.....බිදුනු බිලින්දෙක් විදිහට උන්න මගෙ ආදරේ කින්ට්සුගි කලාවෙන් පන ගැහුව මේඝව මගෙ අත් වලින් නිරුවත් කරන්නත් මගෙ අත් අද භාග්‍යවන්ත උනා...
මං ආදරෙයි වස්තුව ....මට බර දෙන්න පුලුවන් එකම වචනෙ.....ඔව්...මගෙ පපුවෙ මගෙ ආත්මෙ පවා අදුනන බරම වචනෙ...මං ආදරෙයි...!මං ආදරෙයි....!!අන් ආදරෙයි!!! කියන එක විතරක්ම වෙනකොට නලලෙන් පටන් ගත්තු උනුසුම් වගේම ආදරනීය හාදුවට බෙල්ලෙන් පහලට යනකොට උනුහුමෙන් අවුසයක් එකතු කරපු මන් ගෑනු පපුවක තරම් මටසිලුටක් නැති උනත් ගෑනු ලෝබ කම් කරන " සැනසීම" නම් ඒ පිරිමි පපුවෙ පිටාර ගලන්න තියනකොට මං සෘංගාරෙනුත් තව අවුසයක් එකතු කෙරුවා...
ආදරෙත් උනුහුමත් සැනසීමත් සෘංගාරයත් එකතු වෙන තැනකදි රතී දිව්‍යාංගනාවට පවා යන එනමන් නැති වෙන්න තරම් රස මදුයාමයක් මවන්න එයත් මාත් අත් වැල් පටලවගද්දි වැහි අන්දකාර මැද මං මගෙ ආදරේ වින්දා....විදින්න දුන්නා...මේ හතර වියන් බැදපු ඇද මැද මමත් එයත් අවසානෙදි ....ජීවිතෙ අර්ධ ශතකෙට හූවක දුරක් තියලා කොලු කමට හරි ආදරනීයව සමුදෙන ගමං පිරිමි කමට ආවැඩුවා.....
මගෙ අනූ....
වේදානාවත්...ආසාවත් ....ආදරෙත් ඒ ඇස් වලින් කදුලු විදිහට ගලන හැටි මං දැක්කා.....අඩපු ඇස් වලට හාදු කප්පරක් තියාගන සර්වාංගෙම පන නැති කරන් මං ඒ ඇග උඩට වැටුන විදිහටම උන්නා මිසක් මට නෙවෙ ඒ සුවදින් අහකට යන්න හිතුනෙ....මට නෙවෙ ඒ උනුහුමින් අහකට වෙන්න හිතුනෙ....
එලියේ එකා කාරෙට වහිනවා...ඒකට මොකද මාවත් මගෙ වස්තුවවත් දාහයෙන් ගිනි ගන්නවා.....
ම්ම්ම්ම්...
තත්පර ගානක්...විනාඩි ගානක් ඒ බෙල්ල ගාව ගිමනට මාවා දාලා යන්න පාර කියාපු මං අවසානෙදි ඔලුව ඉස්සුවා....
ඒ ඇස් හිනා වෙනවා...දිලිසෙනවා...මහන්සි පාටක් තිබ්බත් මොකද මගෙ නිම්න මාව අත ගගා මොකුත් නොකියා මහ හුගාක් දේවල් කියනවා....
ආදරෙයි සුදු මල්ලිට...
දන්නවා.....
මට ආදරෙයි කියන්නෙ නෑ.....
ඔයා දන්නවා මගෙ ආදරෙ කොයි තරම්ද කියලා ....
පරිමාවක් නෑ කියන්න විතරක් දන්නවා....අනූ...දන්නවද...
එන්න මෙතනට.....
එයා හදන්නෙ ලොකු කතාවක් කියන්න....වතාවක්..දෙවතාවක්....තුන් වතාවක් සෘංගාරෙ රහ බැලුවා....ඉහවහ ගියෝතින් රහ නීරහ වෙයි කියන බයට මං එයාව මගෙ අත් ගොබේ උඩට අරන් තුරුල් කරගත්තා...වැහි සීත එකා කාරෙට තිබුනත් හෙලුව උනත් මොකද තවම ගිනියම් වෙද්දි මං එයාවයි මාවයි දෙන්නවම ඇද රෙද්දෙන් වහගන මදි පාඩුවට හාදුවකුත් තියාගන එහෙම්ම මං එයාගෙ කතාවා අහන්න ලක ලෑස්ති උනා...
මොකක්ද කියන්න ගියෙ ...
දන්නවද සුදු මල්ලි...මං ලියපු හැම පොතක් අස්සෙම නම් ගොඩකින් ආවත් උන්නෙ එකම ප්‍රේමවන්තයයි...එක පොතකින් එක පොතකට නම වෙනස්...ඒත් මං මේතාක් ඉස්සරහට අරන් ඇවිත් තියෙන්නෙ එකම මනුස්සයයි....
නිර්නාමිකයි...හිත රවට්ටගන්න...මිනිස්සුන්ගෙ හිත් වල තැම්පත් වෙන්න මං ඒ මනුස්සයට නම දුන්නා මිසක්....අවසානම පොත වෙනකන් මට බැරි උනා ඇත්තටම ඒ මනුස්සය කව්ද කියලා හොයා ගන්න....
ආදරේ වෙනුවෙන් අසීමාන්තිකව දරාගන්න.....ආදරේ කිලිටි නොකර ආදරේ කරන්න...කැප වෙන්න පුලුවන් ඒ නිර්නාමික මනුස්සයා කව්ද් කියලා මං හොයා ගත්තෙ මගෙ අවසාන පොතෙනුයි මයුර...
අන් එයාගෙ ඔලුව අත ගෑවා...නොකියා නොකියා උන්නට මොකද මං දන්නවා එයා ඉන්නෙ ආදරෙන් හෙම්බත් වෙලා තෙහෙට්ටු වෙලා වෙනකොට ඔලුව අත ගාපු මමම එහෙම්ම හීන් සීරුවෙ එයාගෙ කොන්දත් අත ගාන ගමන් එයාගෙ නිර්නාමික ප්‍රේමවන්තයා කව්ද කියලා අහන්න ඇස් හීනි කෙරුවා .....
කව්ද ඉතින් ඒ....
කවුරු කියලද මගෙ අනූ හිතන්නෙ ...
........මොනවා උනත් ඒ මනුස්සයගෙ ආදරේ විදින අනිත් කෙනා නම් වාසනාවන්ත ඇති වස්තු....මිනිස්සු ආදරෙයි ආදරෙයි කිව්වට....ආදරෙ කියන්නෙ මොකක්ද කියන්න උන් මැරෙන තාක් වත් දන්නෙ නෑ....ආදරෙයි ජීවිතෙයි දෙකම එකයි නිම්න....මරන මොහොත වෙනකන් මොකක්ද මේ ආදරේ...මොකක්ද මේ ජීවිතෙ කියලා අපි ඉගන ගන්නවා...
හ්ම්....ඔයාගෙ කතාව හරි.....ඒ ආදරෙ විදින කෙනා නම් වාසනාවන්තයි පුදුමාකාර විදිහට....අනූට හිතෙන්නෙ නැද්ද අනූගෙ වස්තුව වාසනාවන්තයි කියලා .....
....හුගක්....ලබන්නත්...ලැබෙන්නත්....උඹගෙ ආදරෙ ලැබෙන්නත්....උඹට ආදරේ කරන්නත් ලැබුන එකමත් මට වාසනාවක්....මං හිතනවා...නිම්නගෙ පොත් අස්සෙ
උන්න.....
උඹයි...ඒ උඹයි මගෙ මයුර.....දාසය අවුරුද්දක් විතර මං නම් දිදී පන කවලා තියෙන්නෙ උඹට.....ආදරෙයි සුදු මල්ලි...දරාගත්තු දරාගැනිල්ලම මතක් වෙනකොට කැක්කුම් කරනවා මගෙ පපු පදාසෙම....ඒත්...මට සැනසීමයි...ආත්මයක් නොවී...මලකදක් නොවී...මනුස්ස පරානයක් විදිහටම ආයම උඹට තුරුල් වෙන්නත්...උඹව තුරුල් කරගන්නත්...ආදරේ කරන්නත්....ආදරෙ ලබන්නත් ආයම පින් ලැබුනට මට හරි සැනසීමයි මයුර....
අහේතුක ප්‍රේමය කියන්නෙම ප්‍රාතිහාර්‍යක් ...එහෙම නේද අනූ....
ම්න්...ආදරේ කියන්නෙම ප්‍රාතිහාර්‍යක් .....ස්තූතියි ...
මොකටද....
ප්‍රතම වසන්තෙ ඇරඹුමෙන්ම මට ජීවත් වෙන්න ආසාවක් දුන්නට.....ගිම්හානෙන් පිච්චි පිච්චි උන්න මට වසත් සුවද එක්කම සිසිර ඍතුවෙන් සීතල ඇබිත්තක් කවලවම් කරන් උඹව විදින්න දුන්නට....
මං හිතන්නෙ මං ජීවත් වෙන්නෙ නිම්න කියන මනුස්සයාගෙ ඇතුලාන්තෙද කොහෙද වස්තු ....උඹ ඇතුලෙ ගිලුනොත් ගිලුනමයි...ආපිට එන්න පාරක් නෑ....
නෑ....මං හිතන්නෙ ඒ වචන අයිති වෙන්නෙ ඕනෙ උඹට...නිම්නට වඩා...මයුර කියන්නෙම ඇබ්බැහියක් සුදු මල්ලි...
....අපරාදෙ.....
ඇයි....
හිස්තැනක් ඉතිරි වෙනවනෙ....
කොහෙද....
මයුර ව තනියෙන් වර්නනා කෙරුවම...ඊට වඩා නරක නැද්ද....මයුරනිම්න කියන්නෙම ඇබ්බැහියක් කිව්වම?
පන්ඩිතයා...ලස්සන වචන කියනවා...ඇත්තමයි අනූ...මට ඔයාව හම්බුන මුල් කාලෙ තිබුනෙම මහ සවුත්තු කටක්.....චූචි බුංජියව හරීයට ලැජ්ජා කෙරුවා....ඇත්තමයි මහ වේසයි ඒයි ඔයා.....
මං හිනා උනා...අත උඩ උන්න නිම්න එක පාරම.මගෙ ඇග උඩට ආවා...එයා මගෙ ඇස් පනාපිට හතලිස් ගානෙන් එයාගෙ වයස තිහෙ දශකෙ මුලට පැනලා හුරතල් වෙන්න ගත්තා.....
ඇත්ත...හැබැයි මං දැන් වයසත් එක්ක පරිනත වෙලා ඉන්නෙ...උඹටත් මට දැන් කියන්න තියෙන්නෙ එච්චරයි ..වහාම ඔය පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙයන්....
පාප මිත්‍රයො කියන්නෙ.....කව්ත අනූ....පාප මිත්‍රයො...ඔව්...චූචි බුංජියව නරක් කරන්න හදන පාප මිත්‍රයො කව්ත අනූ....
වෙන කවුරුත් නෙවෙ...වේස කතා උගන්නපු කල්පනයා....උගෙන් ඈත් වෙයන්.....මට උඹව හදාගන්න බෑ.....
ආ...ආ....හරිම අගෙයි.....ඝන අන්දකාරෙදි පහන් අල්ලපු මිනිස්සුන්ට නේත මේ අසමජ්ජාති කතා කියන්නෙ...හරිම අගෙයි වුබර්ගෙ හැසිරීමෙ ක්‍රියා කලාපෙ නම්....
මොකද උඹට චූටියව වැහුනද.....?
...ම්හුක්.....චූචියා නේන්නම් ඉතින් මං.....
ම්න්....ම්න්...නාකි චූචියා.....මට කියන්න....අම්මා අප්පච්චි හොදින්ද වස්තු....
සුචීද....
ම්න්.....ඔව්....අම්මා හොදින්ද.....
මගෙන් අහලා වැඩක් නෑනෙ බෑනා උනහම යන්න එපැයි....අනික මං අපේ අම්මට කියලත් තිබ්බෙ..ගමෙ ලස්සනම බෑනා අපෙ අම්මගෙ බෑනා කියලා ....
ඇත්තට....
ඔව්...ඒත් ඉතින් කව්ද දන්නෙ....බෑනට මේ ඇටෙන් පොත්තෙන් නොගිය ගැටිස්සියොත් ඇහැදාන් ඉන්නවා කියලා ....
පටන් ගත්තා.....මං උඹගෙ මෝඩයෝ....ඒකි පොඩි එකියක්....පුපුරනවා...
ඔව්...මං පුපුරනවා...මං ඇවිදින් මා එක්කම ඊරිසියාවෙ පුපුරපු මනුස්සයෙක් නිම්න....මා එක්කම උඹව බෙදා ගන්න බෑ කියලා පොලවෙ පස් කාපු එකෙක්....
මං හිනා උනා...ඇත්ත...එයා කියන්නෙ එයා එක්කම ඊරිසියාවෙ පුපුරපු මනුස්සයෙක් වෙනකොට මං එයාගෙ ඔලුව අත ගෑවා...කම්මුලට ඇබිත්තන් හාදුවක් තිබ්බා....
චුට්ටක් දොයිය ගන්න....
ඇයි...හවසට ඔයා මාව ගමනක් එක්ක යනවද අනූ.....
ම්න්....එක්ක යන්නම්....
කොහෙද ....
ඒක.එතකොට කියන්නම්.....දැන් දොයියගන්න....
තුරුල් වෙලාත...දොයිය පුතා කියන්න ඕනා ආ අනූ.....දොයිය පුතා කියන්න ඕන තුරුල් වෙලාත....
ඔව් බන්...ඔව් ඉතින්...මෙච්චර කල් තනියෙන් නිදියලම මටත් එපා වෙලා උන්නෙ...දොයියපන්...අනූ ආදරෙයි....
එයා හිනා උනා...මට තුරුල් උනා...ඇස් අවසානෙදි ආදරෙයි කියන ගමන් ඇස් පියාගත්තා....
වැස්සක් එක්ක ආවත් මොකද මේ වසන්තෙ හරි සුන්දරයි...ස්තූතියි ආයමත් මාව ජීවත් කරවන්න ආවට...ආදරෙයි මගෙ වස්තුවට!
*
*
*
තවම වහිනවා....ඒත් ධාරානිපාතෙට නෙවෙ.... දැන් අහස ඉකිගහනවා....වැහි කදුලු කුඩුපොත වෙලා...වැහි බුම්මානම එහෙම්මයි....මගෙ වස්තුව තවමත් නිදි...එයාට සනීපෙට නින්ද ගිහිල්ලා...
මං උන්නෙ කුසියෙ.....දැන් මගෙ ජීවිතෙ ගෙවෙන්නෙ මෙහෙම....නොදරු කාලෙ මගෙ කැත කුනු අත ගගා..කරපින්නන් මාව හදාපු අම්මා අප්පච්චි වෙනුවෙන් ආපිට කෘත ගුන සලක සලක....උනුවතුර උනු කරගන...බේසමක් පුරවගන අම්මා අප්පච්චි ව පුටුවක ඉන්දවලා නාවන එක මගෙ ජීවිතෙ කොටසක් උනා...ඇගේම වමං හැලුවත් තව දානකන් අත අල්ලන් උන්න මිසක්ක කවදාවත් මාව පිලිකුල් නොකරපු ලෝකයක් තරන් ආදරේ දිදී මාව හදා වඩාපු අම්මා අප්පච්චි වෙනුවෙන් මගෙ ජීවිතේ කැප කරන එක මට සතුටක් මිසක් කවදාවත් කරදරයක් දුකක් විදිහට දැනුන් නැති උනා.....
මං දැක්කා....දවසක්දා අප්පච්චි කෙනෙක් වෙන්නවත් අම්මෙක් වෙන්නවත් සුදුසු නෑ කියලා බැනපු මමම යට ගිය දවසකට ගියපු දාක මාව හදාපු හැටි දැකපු දා මට දැනුන දුක වේදනාව කලකිරීම මං ගැන තරහව අදටත් මේ දැනුන්ත් මට තිබුනා....මට අදටත් ඒ හෘද සාක්යෙ නඩුවෙන් බේරෙන්න බැරි උනා.....
වතුර එක රත් වෙනවා.... ඉගුරු කෑල්ලක් ගත්ත මං ඒක සූරලා නෑඹිලියෙ උරච්ච කරලා උනුවෙන වතුර එකට දැම්මා...බල්ලගෙ වැඩේම මගෙ පස්සෙන් මායන් වෙනවා.....එහෙට යනකොටත් එහෙට යනවා ආය මෙහෙට යනකොටත් මෙහට යනවා....ඇස්වලින් වල්ගෙන් අතින් පයින් ඔක්කොගෙම්ම කතා කරනවා.....
මොකද මොකද ආ...ඇයි...බඩගිනිද ....ඇයි දැන් කෝතුවකුත් දුන්න නේ .....අර අප්පච්චි ගෙ කාමරෙ දොයියන් ඉන්නෙ කව්ද කියලා බලලා එන්ඩ...
මං ඉතින් වචනයක් දෙකක් කතා කෙරුවා....උන් ඉල්ලන්නෙ ඔච්චරයි ....ආදරෙයි අවදානෙයි විතරක් වෙනකොට තෙත හොම්බට ඇබිත්තන් හාදුවක් තියපු මං මගෙ කාමරෙ කව්ද ඉන්නෙ බලලා එන්න කියනකොට සිංහල කියන දේ හොදටම තේරේන සුදු පුතා රාක්කෙ තිබුන ළූනු වට්ටියෙන් ළූනු ගෙඩියකුත් අරන් මගෙ කාමරේට දිව්වා.....
අප්පච්චි ...මේ තේ ගෙනාවා...
මේකෙ...මේ...වෙන මොකුත් යන්නෙ නැද්ද කොල්ලා....පොඩි අකුරු තියන ඒවා පේන්නෙ නෑබන්....
අප්පච්චි ට වෙන කතාවක් දාලා දෙන්නද....
මේන් මේකෙ...අර සිංහල කතා යන්නෙ නැද්ද කොල්ලා.....ඔය අයිරාංගනී සේරසිංහ උන්න හරි ලස්සන කතාවක් ගියා...මොකක්ද සුදු ඒ කතාවෙ නම....
යශෝරාවෙ....ඒක ඔය අහන්නෙ...
දාලා තිබුන ටීවි එක වහපු මන් ටැබ් එක අරගන අප්පච්චි ට සිංහල පරන කතාවක් දාලා දුන්නා...ඇත්තටම දැන් යන බහුබූත වලට වඩා ඒ කාලෙ කතා කොච්චර ලස්සනද...දූදරුවො...අන්දර වැට...අසල්වැසියො.....ඒ කාලෙ අම්ම අප්පච්චි ලාගෙ ජීවිතෙ ලස්සනම කරපු පැයගනන්...ඒකට දැන්..බලන්න දෙයක් ඇත්තෙ නෑ.....
අම්මෙ මොනව හරි කනවද.....බිස්කට් ?
ක්‍රීම් ක්‍රැකර් නම් එපා බන් හපන්න බෑ...
වැස්ස හන්දා බනිස් කාරයා වත් ආවෙ නෑ...පෝරනේට ගිහින් බනිස් අරන් එන්නද....
එපා...එපා....වැස්ස....
තේ එක විතරක් ඇතිද
ඇති...
ආ කොල්ලා...දැන් උඹ අර කොල්ලගෙ අම්මව බලන්ඩ යන්නෙ නැද්ද.....
යන්න ඕනෙ අප්පච්චි ...
හෙට ඔය ගමන් යන්න තියාගන හෙටම කතා කරන්ඩ ඉන්ඩ එපා.....ගිහින් වරෙන්.....
ම්න්....නිම්න නැගිට්ටම මං එයා එක්කම ගිහින් එන්නම් අප්පච්චි ....රෑට මොනවත් හදන්න එපා...මං ඇවිත් එක්ක යන්නම්....ලෑස්ති වෙලා ඉන්න....
ඕන් නෑ බන්....ඔය තියන දෙයක් කාලා අපිට ඉන්ඩ පුලුවන් උඹ ගිහින් වරෙන්...මදැයි දැන් ඔය ගේ අස්සෙම ලැගන් උන්නා...උඹ ගිහින් වරෙන් මයුර....මෙච්චර කල් උඹ අපිවම බලාගත්තා .....ඔය මදැයි කෙරුවා ...යමන් ..උඹලට ඕන අහක ගිහින් වරෙන්...උඹගෙ මූන දැන් තමයි එලිය වැටිලා තියෙන්නෙ....
මං ලාවට ඔලුව වැනුවා ....ඔය මගෙ අම්මා අප්පච්චි ගෙ හැටිමයි...තියන දෙයක් කාලා ඉන්නම් කියනවා..බැ....එත් අද නම් බෑ...මේක මගෙ ජීවිතෙ මං වැඩියෙම්ම බලන් උන්න දවස..මං මේ දවස එනකන් අවුරුදු ගානක් බලන් උන්නා....
අනිත් හැම ජඩවැඩක්ම නොදකින ලකෙ පංකාවෙන් කවදාවත් අපි වගෙ මිනිස්සුන්ට කසාද සහතකියක් මොකක්ද කියන්නවත් දකින්න දෙන්නෙ නෑ.....
අප්පා දුවව දූශනෙ කෙරුවත් ...බාප්පා දුවව දූශනේ කෙරුවත් ..ගනිකා මඩම් එක පිට එක ගැහුවත් ගොලුවත රැක රැක අවුරුදු ගානක ඉතිහාසෙයි සංස්කෘතියයි ඉස්සරහට දදා තවමත් එක තැන පල්වෙන මිනිස්සුයි ඉන්න තාක් අපි වගේ මිනිස්සුන්ට ප්‍රසංසා ලැබෙන්නෙ නෑ...
ඒ උනත් අපිට අයිතියක් තියනවා...සංස්කෘතිය රකින්න අපිවම මරාගන තවත් මිනිස්සුන්ව සතුටු කරන්න විරුද්ද ලිංගයක් එක්ක පෑහෙනවට වඩා.....ලිංගෙ සම උනත් දැනුන තැන නැවතිලා සැනසීමෙන් ජීවත් වෙන්න අපිට අයිතිය තියනවා...
කසාද සහතික නැතුවට මොකද...මං දැනටමත් මගෙ මධුසනෙ රහ මේ වැහි මැද්දෑවෙම විදලා ඉවරයි.....
අප්පච්චිලාගෙ කාමරෙන් එලියට ආව මං එහෙම්ම උදාරට වගේම කල්පනට මැසේජ් එකක් දැම්මා.....රෑ කෑමක්...උන් දෙන්නට විතරක් නෙවෙ.....උන්ගෙ පවුල් වලටත් එක්කම.....රවිදුවටත් අපි හෙට එනවා කියලත් ඒ එක්කම මැසේජ් එකක් දාපු මං එහෙම්ම මගෙ කාමරෙට ගියා....
උඩ දාගන නිදි...ලැජ්ජ නැති නිම්නයා.....
මනුස්සයො.....වස්තුව.....
ම්ම්ම්ම්හුක්...අනූ....චූ..චි...බුංජියට...බයි..ය...මතයිනෙ....
ඔය හැටි බයියලා රෑ ට ඇහැරන් ඉන්නද....කෝ නැගිටින්න නැගිටලා මේ තේ එක බොන්න අනූගෙ පන....
මගෙ නිම්නයා කම්මැලි ලෝකයක් වෙලා...ආලිංගන වල තෙහෙට්ටුවටයි...වැහි හීතලටයි ඔක්කොම එකට අල්ලන් ගුලිවෙලා උන්න එයා නිදාගන ඉන්නකොට මං එයාව ඇහැරවගත්තා....
අනූ....
ම්න්....
අපි.කොහෙද යන්නෙ.....
......කොහෙ හරි...රවුමක් දාලා එමු ...
වහින් නෑ....
වැස්සත් මොකද....දන්නවද වස්තු....උඹ නැති හැම තැනකදිම මොන තරම් දෙයක් ලස්සන දෙයක් කෙනෙක් උන්නත් මට කවදාවත් ලස්සනට දකින්න බැරි උනා...වැස්සක් උනත් එහෙමයි..වැහි බින්දු වැටෙන වෙලාවක වැස්ස දිහා බලන් කල්පනා කර්න්න...කෝපි උගුරක රහ බලන්න මිනිස්සු කොයි තරම් ආස උනත්....මට උඹ එනතාක්...මේ හැම දේම හරි නීරසයි නිම්න.....ගෙවුන රැයවල් දාස් ගානක් මන් තට්ට තනියෙබ් හීල්ලුවා .....
උඹ ආවා...හරියටම සායම් බොද උන චිත්‍රෙකට උඹ ඇවිදින් ආයම සායම් ගෑවා වගෙ මාව ආයම ඇවිදින් පාට කෙරුවා....ඉතින්...වෙන්දට වඩා මට මේ වැස්ස අද හරි ලස්සනයි වස්තු...අදින් පස්සෙ මට හැම රැයක්ම හරි ආදරනීය වෙයි නිම්න.....
මගෙ මයුර....අදින් පස්සෙ කවදාවත් ආයම කිසිම චිත්‍රෙක සායම් මැකෙන්නෙ නෑ....ඒ වගේම උඹට ආය රැයවල් ගෙවා ගන්න හුල්ලන්න ඕනෙත් නෑ
ම්න්..දන්නවා..මොකද...ඒ හැම චිත්‍රෙකටම පාට දෙන්න දේදුන්නක් පෑව්වනෙ.....!රෑට හූල්ලන මං වෙනුවෙන් කඩන් වැටුන හද වෙනුවට මගෙ හද ආය පෑව්වනෙ ....මං සතුටින් නිම්න....මං හුගාක් සතුටින්...
*
*.
.
අනූ...
ම්න්....
මේ හැම දේම එදා වගේමයි......එදා පාරමයි....එදා වටපිටාවමයි....මොනවද ඔයා ප්‍රාර්තනා කෙරුවෙ සුදු මල්ලි....
මං අතෙ තිබුන ඉටිපන්දම් අහුර මගෙ ප්‍රාර්තනා කිව්වට පස්සෙ නිවලා...ආයමත් අවුලලා මිනිස්සු දාස් ගානකගෙ ප්‍රාර්තනා එක්ක ඇවිලෙන ඉටිපන්දම් ගොඩෙන් තියලා එයා දිහා බැලුවා ....
එයයි මායි දෙන්නම උන්නෙ මාරවිල කුරුස පල්ලියෙ....හාස්කම් ඉහෙ කෙස්ගානට සිද්ද වෙන ආගම් බේදයක් නැතුවම වන්දනාමාන කරන ශ්‍රී කුරුසෙට කැප උන පල්ලියෙ...
සිකුරාදා දිනයක් නොවුනත්. .වැහි පිට වැහි ආවත් පිහිට හොයන් එනමිනිස්සු එකා කාරෙට උන්නා.....අවුරුදු දාසයක්ම මන් මෙතන ඉටිපන්දම් ඇවිලුවා...පන්සලට වඩා මං පිහිට හොයන් මෙතනට ආවා....
මගෙ ආදරෙ මගෙ දිහා බලන් මොනවද ප්‍රාර්තනා කෙරුවෙ අහනවා...
මං අද කිසිම දෙයක් ඉල්ලුවෙ නෑ....
එහෙනම් ....
මට දුන්න දේට ස්තූතියි කියන්න ආවෙ....ප්‍රසංසා කරන්න ආවෙ...මං උඹ නැති අවුරුදු දාසයම මගෙ දුක මේ කුරුසෙට කිව්වා...මගෙ වේදනාව මං මේ කුරුසෙ පාමුලින් තිබ්බා ... ..මට අද සැනසීමක් තියනවා ..මගෙ කදුලු වලට සාධාරනයක් ලැබුනා ...
ඉතින් මං අද උඹත් එක්කම ස්තූතියි කියන්න ආවා....
මං හිනා උනා ඒත් එයාගෙ ඇස් ඒ වෙනුවට කදුලු වලින් බර උනා....නිල් අහස කදුලු හලලා අහවරයි .....බුම්මානම් ගතිය තවමත් එහෙම්මයි වෙනකොට පල්ලියෙන් එලියට එනවත් එක්කම ඉස්සරහා වත්තෙ තිබුනෙ හැමදාටමත් තියන කඩවීදිය වෙනකොට මං එයා එක්ක කඩ වීදියෙ කරක් ගැහුවා .. රතුම රතුපාට බූන්දි මල්ලක්....කට දැවිල්ල අල්ලන ලුනු මිරිස් ඔබාපු උලුදු වඩ මල්ලක් අරගත්තු එයා මගෙ අතේ එල්ලීගන මං යන හැම තැනකටම මගෙත් එක්ක ආවා...
අනූට මතකද
මොනවද ....
මේ කතාව පටන්ගැන්මෙදිත් අපි මේ පාරෙ ආවා .....අප්පච්චි ගෙ බයික් එකෙන්....අනූ මට බයික් එක පදින්න පුරුදු කෙරුවා .....මා එක්ක රැලි පෑගුවා ....අවසානෙදි මගෙ ඇගිල්ලට මුදුවක් දැම්මා....
.නිම්න....විවාහකයි කියලා පොතක ලිව්වා .....මට අමතක වෙන්නෙ කොහොමද නිම්න උඹ මගෙ ජීවිතේම වෙනකොට ..එදා වගේමයි හැමදේම ...වෙනසකට තියෙන්නෙ....මං අද වයසයි....උඹ අද වයසයි කියන එකයි....අප්පච්චි ගෙන් කකා උන්න මං අප්පච්චි ගෙ පුතා කියන නමට සාධාරනයක් කරන එකයි.....එදා උඹයි මමයි පනින්න හිතුවෙ නැති සමහරක් කඩුලු වලින් අපි දැන් පැනලා හමාරයි කියන එකයි.....ඉතින් .....ඒ ඇරුනම අනිත් හැමදේම එදා වගේමයි.....
අදත් රැල්ලක් පාගමු ...?..
ආසද ....
හ්ම්.....මං උඹ එක්ක ගෙවෙන හැම තත්පරේකටම ලෝබයි සුදුමල්ලි...උඹ මට අප්පච්චි කෙනෙක් සමානයි.....
මෝඩයා.....අඩවන්නද ඕන මාව
නෑ...ආය කවදාවත් ඔය ඇස්වලට කදුලු ගේන්නෙ නෑමන්....
එදා වගේම අදත් මුහුද පේන මායිමට ඇවිදින් දාගන උන්න සෙරෙප්පු ගලවපු මං එයාගෙ අත පුලුවන් තරම් තදින් අල්ලගන මහ මුහුදෙ ඉදන් ගොඩට ගහන කරදිය රැල්ලට මමත් එයත් අපෙ කකුල් තෙමන්න දුන්නා.....
ඒ ලස්සන දවස් තවමත් හුස්ම ගන්නවා....එයා හිනා වෙනවා ...අවුරුදු ගානකට පස්සෙ මං ආයමත්...අවුරුදු විසි ගණන්වල උන්න එයාගෙ මයුර විදිහටම එයා එක්ක හිනා උනා...මොකද ...මං තවදුරටත් පීඩා විදින මිනිහෙක් නොවෙන හන්දා !!!


...මේ ප්‍රථම වසන්තයයි ..
දිවි අරනෙ මධු මල් පිපෙනා...
බිඟු රැව් නැගෙනා....
මේ ප්‍රථම වසන්තයි...
ඒ ඇස්වල කදුලු පිරිලා තිබුනා ...සතුටු කදුලු ...සතුට කදුලු මැද හිනාමල් දහස් ගානක් පිපිලා තිබුනා....
මගෙ අම්මා...අප්පච්චි ....ඒ වගේම නන්නත්තාර වෙලා ගියපු මගෙ ජීවිතේ හැරවුම් ලක්ශ්‍යකින් ආයම ගොඩ ගත්තු ඒ අම්මගෙ ඇස්වලත් කදුලු බැදිලා තිබුනා.....උහුලන්නම බැරි වේදනාත්මක කාර්තුවක් පන්නපු හර්දවස්‍තු අහුරක් මේ දවස එනකන් බලන් උන්නා....එහෙන් සෙංකඩගලට රොබරෝසියා වසන්තෙ ඇවිදින්....
කල්පනඋදාර....මයුරනිම්න..ජන්ත් රවිදු.....අපි හැමෝටම අවසානෙදි හත් පාට දේදුනු පෑව්වා ..ඒත්....දෛවය එකම හිතකට විතරක් මහ අසාදාරනයක් කරලා තිබුනා ....මේඝට....අක්කට...සධීරා නැතුව සධීරා එක්ක එයාට ජීවත් වෙන්න සිද්ද කරලා තිබුනා.....
අනූ....මේක....හීනයක්ද මගෙ සුදු මල්ලි....
නෑ...හැබෑවක්....උඹ මගෙන් ඉල්ලුවා නේද ....මං අංජලීකා කියන විදිහටම ප්‍රතම වසන්තයයි කියනවා අහන්න ඕන කියලා .....
ඔව්....ඒත්...මේක.....මේක අනූ...මේක.....
හැමදාම මට පරවෙන මලක් එක්ක මල් නටුවකින් මුදුවක් දාන්න බෑනෙ නිම්න...දුරුතු හදක් කඩාවැටුන කාලෙ මල් පරඋනාට.....ප්‍රතම වසන්තෙදි මල් පරවෙන්න බෑනෙ මැනික ...
ඉතින්....නිම්න කියන්නද.....මේඝ කියන්නද.....නැත්තම්...mr මයුර කියන්නද.....කෝකද කියන්න ඕන.....
එයා අඩනවා...එයාගෙ අතට මං දාපු මුදුව දිහා බලාගන එයා ඉකිගහනවා.....අනූ මන් ආදරෙයි අනූ කියලා සිය දහස් වතාවක් මුමුනනකොට ....මගෙ අම්මා අප්පච්චි ගෙ ආශිර්වාදෙ ....එයාගෙ අම්මා අප්පච්චි ගෙ ආශිර්වාදෙ ....ඒ විතරක් නෙවෙ වැටෙන හැම තැනකම මාව වාරු කරගත්තු රත්තරන් මනුස්ස පරාන...යාලුවන්ටත් වඩා සහෝදරයො උන උදාරයලගෙ සතුටු කදුලු මැද මමත් එයත් කසාද සහතික නැතුවම කසාද ජීවිතේකට දොර ඇරියා ...
නොහිතන තැන්වලදි සිද්ද වෙන හරි ලස්සන ප්‍රාතිහාර්‍ය ....!!
අනූ.....
කියන්න පන මොනවද ඔයාට ඕනෙ....
මං ඇදන් උන්න ඒප්‍රන් එක ගැලෙව්වා ...අද රෑ කියන්නෙ ලව්ලි රයිටර් ට කවදටත් වඩා ලස්සන රැයක් වෙනකොට මගෙ නිම්න සැරින් සැරේම මගෙ ගාවට ඇවිදින් එයාගෙ අතට මන් දාපු මුදුව පෙන්න පෙන්න එයාට තවමත් මේක විස්වාස කරන්න බෑ අනූ කියලා සිය වෙනි පාරටත් මතුරනකොට මන් එයාව අල්ලන් කාටත් හොරාවට හාදුවක් තිබ්බා ....
.
සීනි නැති කෝපි එකක් ඉල්ලන් හත්පාට ආදරේක ඇති වැරද්ද අහපු මන් උඹගෙ කසාද මනුස්සයා අනූ...මං ඉන්නෙ පුදුමාකාර සතුටකින් මගෙ අනූ.....
උඹ දන්නවද මගෙ අනූ...මං මේ ජීවිත කාලෙටම දැක්කෙ පොරොන්දු දුන්න මිනිස්සු විතරයි ....ඒත් පොරොන්දු රැකපු මිනිස්සු නොදැක්ක තරම් .....ඒ අතින්....උඹව ලැබුන මං කියන්නෙ වාසනාවන්තම පිරිමියා කියලා මං හරි ආඩම්බරෙන් කියනවා අනූ.....
එතකොට මයුර....මයුර කියන මනුස්සයා වාසනාවන්ත නැද්ද ...අකුරු වලට විතරක් සීමා වෙන ප්‍රේමවන්තයා සැබෑ ලෝකෙදි මගෙම වෙනකොට මං වාසනාවන්ත නැද්ද...
එයා හිනා උනා...මගෙ ලගට ආව එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරන් මගෙ පපුවට ඔලුව තියාගත්තා ....
හෙටත් මල්පොකුරක් ඕනෙද සුදු මල්ලිට ....
........මල් පොකුර දීලා අතුරුදහන් වෙන්නෙ නැත්තන් මල් පොකුරක් දෙන්න පුලුවන් ....
දැන් ඉතින් කොහොමත් මං අතුරුදහන් වෙන්නෙ නෑ.....
එදාවගේම මට අදත් කෝපි එකක් හදලා දෙන්න පුලුවන්ද ...
ම්න්...දෙන්නම්.....
මයුරයා...අප්පච්චි ලාගෙ ටේබල් එකට බයිට් එකක් ඕනෙ....
දෙන්නම්....
ආ...ආ....චූචි බුංජියා ....දැන් ඉතින් කසාද බැදපු මිනිහෙක් නේ....කසාද ජීවිතෙ ලස්සනට ගෙනිය්න්ඩ ඕනා ආ....හරියටම මායි අපෙ මිනිහයි වගෙ ඉන්ඩ ඕනෙ හොදෙ....පති භක්තිය රකින්ඩ ඕනෙ
බබා....
ඔන්න එනවා මල කරච්චලෙ චුට්ටක් බුංජියා එක්ක තනිවෙන්න දෙන්නෙම නෑනෙ යෝ මයුරයා තෝ අපෙ මිනිහට කිව්වද මටයි බුංජියටයි කතා බහ කරන්ඩ දෙන්ඩ එපාය කියලා ...ඕ.....සෙනෙ ඇයි....
මොකද මෙතන කරන්නෙ
මං අපෙ රොහාන්ලාට බයිට් ගෙනියන්න ආවා....
ම්ම්ම්...මයුරයා.....කට්ලට් තියනවද ...කුඩම්මා උඹ බැදපු වේදනාවට ද කොහෙද නහයෙන් පාතට තියනවා ....මේකිට දැන් අප්පච්චි ගහනවා.....තියනවා නම් දියන් බන්....
මං නිම්නයා දිහා බලාගන උදාරයා අතට කට්ලට් ප්ලේට් එක දෙනකොට කුඩම්මා කිව්වා විතරයි මගෙ කසාද මනුස්සයට බැන්දල පැයක් යන්න හම්බ උනෙ නෑ ආවේස උනා .....
ඇහුනද....අහුනද උඹට ...අන්න බැන්ද දුකට බොනවලු ...ඇත්තමයි අනූ....ඇත්ත....භ්භ්භ්.....භ්භ්....භ්භ්...භ්භ්........ම්හුක්....අනූ.....නරකයා.....චූචි බුංජිගෙනෙ ඉතින්....
ම්ම්ම්...චූචි බුංජියගෙ විතරයි ...මෙන්න මගෙ වස්තුව ඉල්ලපු කෝපි එක....
එදාවගේමයි සුවද .....
ඉතින් එදාවගේමයි උඹගෙ මයුරගෙ ආදරෙත්.....කවදාවත් අඩුවක් නෑ....!මොකද මයුරනිම්න කියන්නෙ මියදීමක් නැති පුරාවෘතයක් !
....
🥺💐.......ආයම එන්නම්👉👈❤...