Ficool

Chapter 18 - 18

ඉඳුනිල් නේද නම...?

ඔ..ඔව්.....ම්..මල්ලි....ඇයි මේ...උඹලා කව්ද කියපල්ලා....

මෙහෙමයි.....මේක නිකන්...ටර්ම් ටෙස්ට් එක වගේ....හොදද...උඹට ටර්ම් ටෙස්ට් එකට ගිහින් පේපර් එකේ තියන ප්‍රශ්න වලට උත්තර ලියලා එනවා මිසක්කා.... උඹට පේපර් එකෙන් ප්‍රශ්න අහන්න බෑනෙ...

අනිවාර්යයෙන්ම ....අනික...උඹට අහලා තියන ප්‍රශ්නවලට ගොබ්බ උත්තර දෙන්නත් බෑ...අහන එකට හරි උත්තරේ දීපන්.....

ඇහුනනෙ....අහන එකට හරි උත්තරේ දීපන්....පුක හිර වෙන්ඩ සුදු කලිසම ඇදලා..කකුල බෙල් බොටම් කරලා...ආ...අත ලොකු ශර්ට් එක ඇදලා.....බැජ ගහලා....උඹ ඉස්කෝලෙ ගියේ පිනාටත් ඉහල එකා වගේ...

ඉතින්...කියපන්කො...සේනානායකේ ඇතුලෙ උඹගෙ පිළිරුවක් එහෙම තියනවද වන්දනා මාන කරන්න කියලා .....නෑනෙ.....

මල්ලි.....අරක...කෝ...මේක....කෝ...උඹ ගේට්ටුව ගාව ඉදන් අල්ලපු ලයින්...මරු ආ....සුපිරි....ආය....සු පි රි හ්!

තොට තියෙන්නෙම ගුටි කනමූනක්....තොට තියෙන්නෙම අම්බානෙක ගුටි කන මූසල මුස්පේන්තු පඩත්තර පඩංගු ලොබු මූනක්.....

මට කතා කරගන්නවත්.....මට මගෙ තරහව පිට කරගන්නවත් කෙස් ගහක තරම් වත් හිස් තැනක් නැති උනා.....කල්පනයා අරූගෙ ඔලුවට ඇන ඇන දත් මිටි කාගන කියනවකොට මං උදාරයයි රවිදුවයි එකතු වෙලා ජයසේනයගෙ පොත් වල අවසානම පිටු ඉරන්න ගත්තා

ඒ..ඒ....ඒපා...එපා...යකො....එපා...තොපි ඔය මොකක්ද කරන්නෙ...ඔය පොත් මගෙ නෙවෙ යකො....

ඉදගනින්.....

මම මිමිනුවා...පොත් වල පිටුවෙන් පිටුව ගැලවෙනවා දැකපු ඉදුනිලයා වෙඩිල්ල වගෙ නැගිටලා ඒ පැත්තට දුවන්න හදනවත් එක්කම මං ඒකගෙ ටී ශර්ට් කොලර් එකෙන් ඇදලා අරන් ඉන්දෙව්වා....

කොහෙද දුවන්නෙ ම්ම්ම්...උඹට දුවන්න කිව්වෙ නෑනෙ...exam එකට ඉදගත්තමත් උඹ ගැරඩියට බූමිතෙල් ගහලා වගේ දුවනවද...???නෑනෙ නේ...ම්ම්ම්ම්..නෑනෙ...පුක කැඩුන කඩි තමයි සාමාන්‍යයෙන් ඔහොම දුවන්නෙ...උඹ එහෙම එකෙක් නෙවෙනෙ....ළඟ සම්පූරනම එකක්නෙ තියෙන්නෙ නේ....ම්ම්ම්ම්මි ඉදගනින්කො.....ඉදගනින්කො.....

ඉදගන්න...ඉදගන්න කියන්නෙ....යකො තොපි කව්ද....බය නැත්තන් ඔය හෙල්මන්ට් ගලවපියව්කො.....ගලවලා කතා කරපියව්කො.....ඔය පොත්...යකො....

ඉදගනින්...ඉදගනින් ඩෝ....මෙතන හතරයි....උඹ තනි එකා...ඉල්ලන් ටින්කිරි පුකෙ උලා ගන්න ඕන නෑනෙ...උඹ හිතන්නෙ උඹ ඇවිත් තලපති විජේ කියලද...උඹව අපි හතර දෙනා වට කරගත්තම උඹ වීරයා වගේ නැගිටින්න....ඉදුනිලයා...පිස්සෙක් වෙයන් ..බට්....ඩෝන්ට් බී අ..පිස්සු හුම්තෙක්...හරි.....උඹලා වගේ එවුන් තමා ඉදුනිලයා..සයින් කරපු පෑන අරන් ආපිට පෙට්ටියට දානවා දැකලා උදේ පාන්දරම කතිරෙ ගහලා ආවෙ....ඒව්...කුප්පයි...කූජීතයි...ඒ කාලෙ තිබුන අර පඩත්තර මුනමයි උඹට තියෙන්නෙ.....

මං හිතන්නෙ මගෙ නිම්නගෙ අයිති කාරයා කල්පනයද කොහෙද...මූ මට කතා කරන්න දෙන්නෙම නෑ....කතා කරන්න දෙන්නෙම නෑ...ඌම බනිනවා...මට මතක විදිහට කොල්ලෙක්ට ආදරේ කරන එක වැරද්දක්ද අහපු දා ඊයා මයුරයා උඹ හදන්නෙ කොල්ලො ගහන්නද කියලා පිලිකුල් කෙරුව මුල්ම එකත් මූමයි....

මං කල්පනව නැවැත්තුවා..මොකද.....මට...මීට වඩා ඉවසන්න හරි අමාරුයි....මං දන්නවා..මගෙ ඉවසීමට සිමාවක් නෑ කියලා ....නිම්නට අසීමාන්තිකව ආදරේ කරන මට... නිම්නට වචනයක් හරි කියපු එකෙක්ව වත් මට යහතින් ඉතිරි කරන්න නොහිතෙනකොට මං කල්පනව නැවැත්තුවා....

ඉඳුනිල්....මං උඹගෙන් ප්‍රශ්නයක් අහනවා....මං අහන්නෙ ප්‍රධාන එක ප්‍රශ්නයයි....ඒ ප්‍රශ්නෙට දෙන උත්තරෙ අනුව ...අනු ප්‍රශ්න තව හැදේවි.....උඹට දරු පවුල එක්ක හොදින් ඉන්න ඕන නම්...අපි ඇත්ත කතා කරමු....

අරුන් චිස් ...චිස් ගාලා පොත්වල අවසාන පිටු ඉරලා...ඉරලා.....පොත් ටික ආපහු ඔක්කෝම පිලිවලට තියනකොට මං ඒ දිහා බලන් ඉදලා...බලන් ඉදලා...අවසානෙදි හත් පාට හීන මගෙ නිම්න අවසානෙටම ලියාපු සිංහල ශබ්ධකෝශෙ තරම් මහත හාර්ඩ් කවර් එකක් තිබුන පොතක් අතර අරගත්තා....

අරගන ඒ දාර කොච්චර හයියද බලන්න මගෙ ඇගිලි තුඩු මං ඒ පොත පුරාවටම අරන් ගියා...

හරි.....මං උඹගෙන් අහන්න පටන් ගන්නද....

ඔක්කොටම කලින් මට කියපල්ලා...තොපි මොක්කුද කියලා....තොපිට ලැජ්ජා නැද්ද යකො තනි මිනිහෙක්ට ඔහොම කරන්න...

මං හිතන්නෙ...මගෙ නිල මේ මිනිහම පිරිමැද්දද කොහෙද ....අතේ තිබුන හාර්ඩ් කවර් පොත ගිහින් උගෙ කම්මුල ඉඹපු පාරට අරුන් තුන්දෙනාම ගැස්සිලා ගියා....අරූට කනෙන් දුම් දාන එක පවා මං දැක්කා...

මං ඔච්චර උඹ වගෙ කියවන්නෙ නැතුව හිමීට මේක අහන්න උන්නෙ...හැබැයි....උඹ....සද්දෙ දැම්මා...උඹගෙ පැත්තෙන් උඹ හරි....ඒත්.....උඹගෙ අතීතෙ පැත්තෙන් ගත්තොත්....උඹ...අන්තීමම වැරදි...උඹ ඇහුවා...තනි මිනිහෙක්ට අපි කට්ටියක් මෙහෙම කරන්න ලැජ්ජ නැද්ද කියලා ....

අන්න...උඹ මිරිකුවෙ මගෙ කකුල් මැද වගේ හැගීමක් මට දැනුනෙ....එක පාරයි මම මේ නම කියන්නෙ.....හැබැයි...එක පාර මට උත්තරෙ දීපන්....නෑ...බෑ කියන්න බෑ...මොකද....උඹට ඒකට වත් අයිතියක් නෑ.....

අරකා තත්පර ගානකට අන්දමන්ද උනා...ගහපු පාරට ඇත්තටම ඌට හිතාගන්න බැරිව ගියා වගෙම ඊලග තත්පරේදි මිනිහා කෑ ගහන්නයි දුවන්නයි හදනවත් එක්කම අරුන් කලිසන් ඉනවල්.වල තිබුන බෙල්ට් පන්නල ඒකගෙ අත පය හතරම බෙල්ට් වලින් ගැට ගැහුවා වගේම මම විතරක් මගෙ එක අතේ ඉතුරු කරගත්තා....

මොකද ...මං මගෙ නිම්නව දැක්කා....ඒ පිට පුරාවටම තිබුන බෙල්ට් පාරවල්...පපුව හරහා...කලවා හරහා තිබුන හැම බෙල්ට් පාරක්ම විතරක් නෙවෙ....රත ගහපු ඇගිලි.....අඩි රූල් වලින් පාර වල් වැදුන ඇගිලි...මේ හැම දේම මම දැක්කා....මුන් හැමෝම විදවන්න ඕනෙ...මුන් හැමෝම....විදවන්න ඕනෙ...එකෙක් නෑර....

යුක්‍තිය ඉටු කරනව කියන එකේ තේරුම පලි ගන්න එක නෙවෙ කියලා කෙනෙක් කියන්න පුලුවන් ....

එත්....හැම මගුලම හිනා වෙලා...අත ඇරලා...සමාව දීලා හිතින් විදවනවා නම්...මං නම් කියන්නෙ ඒ තරම් බැහැපත් වෙන්න ඕනෙ නෑ කියලා ...මට කවදාවත් කලු චරිත බිහි කරන්න උවමනාවක් නෑ...හැබැයි...රටේ යුක්තිය නීතිය ගොර ඇද ඇද බුදි නම්...විදවපු මිනිහා වෙනුවෙන් මට කරන්න තියන එකම දේ...ආපිට ඌට රිදවන එක...රිදෙනවා කියන එකේ තේරුම ඌට දැනෙන්න දෙන එක.....

ඇ..ඇයි...කියපල්ලා...ඇයි...කියප...ල්ලා....උඹලා..මාව....මෙහෙම...අල්ලන්..ඉන්නෙ..මම...මම...මොන වරද කෙරුවටද...මම...මොන.....

උඹ නිම්නව දන්නවද...???ම්ම්ම්ම්ම්ම්ම්

න්...න්..නිම්න.....

ඒලෙවල් ආර්ට් එකේ උන්නෙ.... උඹට වඩා අවුරුද්දක් ..පහල පන්තිය.....එ නවය ගත්තෙ...අක්කා මල්ලි.....ඒ තුන ගත්තෙ අක්කා මල්ලි.....දන්නවද....නිම්න නිම්නා..කියල...නිවුන්නු ජෝඩුවක්.උන්නෙ....

න්...න්..නිම්

ඇයි...ගොතේද....යෝ...ගොතෙ....

ගොතේ....තොට.....ගොතෙ...උපතින් වත් නැති ගොතයක් තියෙන්නෙ...කියපිය....ඇහුවෙ ප්‍රශ්නයක්නෙ...දන්නෙ නෑ වෙන්ඩ බෑ...ඔය කාක් කූඩෙ වගෙ ඔලුව හොලවලා මතක් කරපිය....

නිම්නව....ම්..මට

සේනානායකෙ උන්න....සුචිත්‍රා මැඩම්....අර....උඹලා කැලෑ පත්තර ගැහුවෙ.....ආප්ප....නෝනා.....නෑබිලි....නෝනා....ආප්ප කීයද...නෝනා....කියලා...උඹලා...අර....කැලෑ පත්තර ගැහුවෙ...විනයබාර....වයිස් උන්නෙ...මතකද දැන්...ම්ම්ම්ම්

ස්...ස්...සු.....මට..මට.....මතක...නෑ...

මතක නෑ...

දැන් උඹ කියන්නෙ..මතක...ම....නෑ...

"චටා....ස්"

අ..ආ...ආහ්...

උඹට...මතක...නෑ....මුලු ඉස්කෝලයක්ම..එකතු වෙලා....පිම්පියා.....පී...ඩයල්...එක...ගේ..කුරුල්ලා...නගින්...නැති..එකා....පොන්සියා.....පොන්නයා....කිය...කිය....ඌව....නිර්වස්ත්‍ර කරලා....නිල් වෙනකන්....ලැට්.එකක් අස්සෙ....තොපි....ඔක්කොම....වටකරගන...ගහපු....නිම්නව....මතක...නැද්ද....යකො...!

අ..අනෙ..හ්...අම්...අම්....

අම්මා....අඩගහපන්....උඹ...අඩගහන්නෙ...අම්මටද.....

ආ....

අඩගහපන්...

මතක්...කරපන්....මතක්...කරපන්...

එදා...ඒ....අහිංසකයට....රටේ....නැති..

කතා....කියලා...ඌව....නොමරා...මරපු....උඹට...අද...මතක...නෑ....

එහාටත්....නැති ..එකා....මෙහාටත්....නැති...එකා.....උඹ කිව්වෙ...එහෙම නේද.....

විසබීජේ....

පිම්පි..කෑල්ල...

එහෙම..නේ....කිව්වෙ...

තාම දන්නෙ...නෑ...කියනවද.....

අ..අනේ....ව්..වදින්...නම්...අනේ...වදින්නම්....ගගා.....අත් එකතු.....කර....කර...වැද....

වැටෙනකොට ....උඹලා.....එකගෙ...

ඇදුම්...එකින්...එක....ඉරුවලු.....

යට ..කලිසම....පවා.....ඉරලා....තොපි.....ඒ ..අසරනයගෙ...කකුල් මැද.....දිග පලල...බැලුවලු.....

ඇයි....උඹ හිතන්නෙ...දෙයියො....උඹට දුන්න එක..නෙවෙ...ඌට දුන්නෙ කියලද...ම්ම්ම්ම්

අත්....එකතු කරලා.....වැන්දලු නේ....

සමාව දුන්නද....ඒ අහිංසකයට.....

නෑ....නෑනේ.....

ඒ ඇස් වල කදුලු බල...බල.....තොපි ....හිනා උනාලු නේ.....

මං හිතන්නෙ...මූ බොරු කියන්නෙ අපරාදෙ.....මූ දන්නෙ නෑ..කියලා...එක පාරක් හරි කිව්වෙ අපරාදෙ ...මං දන්නෙ නෑ..මගෙ අතේ තිබුන හාර්ඩ් කවර් පොත කී පාරක් උගෙ කම්මුල් ඉම්බද කියන්න...

මගෙ කොල්ලා ..අවසානෙදි අත් වලින් වහගත්තලු.....

මුන් දිග පලල හොයනකොට....මගෙ අසරනයා....බිම දන ඔබාගන අත් වලින් වහ ගත්තලු.....

ඒ අත් එකතු කර කර.....ළමයි දුසිම් දෙකතුනක් ඉස්සරහා සමාව ඉල්ලුවලු....

ඇයි.....

මං අහන්නෙ....මගෙ එකා සමාව ඉල්ලන්න කරපු වැරද්ද මොකක්ද.....

උගෙ හිත යන්නෙ එක ජාතියෙ මල් ගාවට හින්දද....

උගෙ හිතට සැනසීම ලැබෙන්නෙ එක ජාතියෙ මල් ගාව විතරක් කියල ඌම අදුනගත්ත හන්දද...

ටොයිලට් එක අස්සට යනකන් ඉදලා...මුන් දොර වහලා දොරට ඉදල් හරස් කරනවලු....ආපිට දොර ඇරගන්න බැරිව මගෙ කොල්ලා.....පැය ගනන් අර ගන්දස්සාර කක්කුසියෙ හිර වෙලා හුස්ම නැති වෙනකන් දුක් විදලා තිබුනා.....

හිතේ තිබුන වේදනාව තරහව කොයි තරම් තදයිද කියනවා නම් ෆුල් ෆේස් හෙල්මට් එක අස්සෙ මාව දාඩියෙන් නෑ විලා තිබුනා....

අරුන් තුන් දෙනා නෙවෙ කටක් ඇරියෙ ..අරකගෙ මූනට ගහලා .....ගහලම පොතටත් මහන්සි වෙනකොට මං ඒකගෙ විකුනන්න තිබ්බ අඩි රූලක් ගත්තා .....

.

කියපන් ....මොකක්ද හේතුව...

අ...අහ්....අනෙ....ස්....ස්...සමා.....ව...

උඹලා.....එයාට සමාව දුන්නද....ම්ම්ම්.....දුන්නා. ..නම්. ....

දෙන්නම්....කියපන්....ඇයි....එහෙම....කෙරුවෙ....

දෙනෝදහක්....මැද.....පිට ඉස්කෝල ළමයි....මැද.....ඇයි....උඹලා....අර...

කෙල්ලට....ආප්පි....කිව්වෙ....කියපන්....

ම්ම්ම්ම්...කෝ...කෝ....උත්තර ....දීපන්.....උත්තර ....දීපන්.....

එසෙම්බ්ලි.....එක...දවසෙ.....ඒ අහිංසකයව...කතාවක්....කරවන්න....දාලා....අතර....මැද....හූ...කිව්වෙ....ඇයි....කියපන්....

කෝ....උත්තර ....යකො....කෝ.....තොගෙ....උත්තර .....මට...ඕනෙ...තොගෙන්.....ඇයි කියන....හේතුව.....විතරයි ...යකො...

අනෙ....අම්මෙ...හ්....අනෙ...රිදෙ....නවා ...මට....සමාව....

සමාව....සමාව....නොකරපු....වැරදි...වලට...තොපි සමාව දුන්නද ....

වැද....වැද....සමාව ඉල්ලනකොට ....තොපි...සමාව....දුන්නද...

තනියම...තියන්...රැග් කරනකොට ....සමාව දුන්නද...ස්පෝර්ට් මීට් එකේ....බොන්න දුන්න ග්ලූ කෝස් එකට කොමඩ් වතුර කලවම් කරලා පොවපු...තොපි....සමාව.....දුන්නද....

නෑ....දුන්නෙ නෑ.....

දුන්නෙ නෑනෙ....

කෝ අද ඒ කොල්ලා....

හොයපිය....මේ ලෝකෙ පෙරලලා...හරි....මට ඒකව...හොයලා දීපන්....

කෝ....කෝ.....කියපන්.... ....මුලු ඉස්කෝල කාලෙම නීරස කරවලා....කරවලා....කරවල .....අද.... උඹ පවුල් පන්සල් වෙන්නයි.....උන්.....උන්....දුක්....විදින්ඩයි.....හේතුව.....කියපන්.....

තොට....තොට ඉන්නෙත් ගෑනියෙක්.....තෝව වැදුවෙත් ගෑනියෙක්...තොට ඉන්නෙත්.....දුවෙක්...තෝව වැදුවෙ....තෝව අප්පෙක් කෙරුවෙ.....මේ ඔක්කොම කෙරුවෙ....ගෑනු .....ඉතින්.....ඇයි....මං...

අහන්නෙ...ඇයි....ඒකිට විතරක් තොපි එහෙම කෙරුවෙ....සුදු ගවුම් පිටෙ කුනු හර්ප එල්ලුවෙ...පාර මැද ආප්පෙ ගෑවෙ....

ඇයි....ඇයි කියපන්.....කියපන්....

උන් කෝ.....

උන් දෙන්න....කෝ...

මේකා මැරෙයි....නවත්තපන්...මූ මැරෙයි බන්.....ඇති .....

අරූගෙ අතෙ ඇගිලි දහයම පුපුරලා ගියා....කෑගහන හන්දම කටට ඔබාපු හාෆ්ශීට් කොල ගුලිය ඒකටම හිර වෙනකොට ඇගිලි වලට වදින රූල් පාරවල් වලට එකට අඩාගන්න ඇස් වල කදුලු මදි උනා.....

රූලෙන් රූල...රූලෙන් රූල ..කෑලි කැඩි කැඩි ගියත් මම නෙවෙ නැවැත්තුවෙ....ඌ උගෙ ගෑනිව අද මලක් වගෙ පරිස්සම් කෙරුවා ....හැබැයි....අවුරුදු ගානකට උඩින්.....උන් ඔක්කොම එකතු වෙලා තවත් මලක පෙති ඉදිරුවා ..

ඒකත් අමු අමුවෙම....ඒකත්...පන පිටින්ම....

උදාරයා මාව අල්ල ගත්තා...මීට වසා ගැහුවොත් ඒකා මැරෙයි කියපු උදාරයා මාව අත් දෙකෙම්ම මිරිකගන්නකොට රූල් පාරවල් කාපු උගෙ අත් වේදනාව දරන්න බැරිම කමට වෙව්ලන්න ගත්තා...

ගලවපන්...

කැහ්.....කැහ්....අ...අනෙ....හ්.....ම...මගෙ...නො....නොදැනුව....ත්.....අනෙ ..අම්මෙහ්.....නොදැ....

නෑ....උඹ...නොදැනුවත්ව නෙවෙ.....උඹ කල්ලි ගැහුනෙ නොදැනුවත්ව ද.....නෑ ....නෑ ....උඹලා ඇවිත් කාලකන්නෙ.....කොටින්ම.....තොපි කියන්නෙ. . සරමෙ පිහන්න ඕන උන්...ජාතක උන එකම පවක්....

මට කියපන්.....ඌ කෝ දැන්.....ම්ම්ම්....කෝ....එ කෙල්ල....ම්ම්ම්...උන්....නෑ.....උඹ දන්නවද .....උන්....නෑ....උන් නෑ යකො....තොපි ඔක්කොම උන්ව මරාගත්තා .....හැබැයි ....තාමත්....තොපි....උන්ගෙන්ම....උන්ගෙම්ම....උන්ගෙම්ම.....හම්බකර....න්....කනව....

ඇති...යකො..ඒ මැරෙයි....මූ මැරෙයි....මයුරයා....මූ....මැරෙයි....යකො...

උදාරයා දත්මිටි කාගන වගෙ මගෙ නම මුමුන මුමුන මූ මැරෙයි කියලා කිය කිය මාව පැත්තකට ඇදන් ගියා උනත් මම නෙවෙ නැවතුනෙ....

ඇයි....මට කියපන් එහෙනම්....උඹ මාව නැවැත්තුවා නම්.....මට කියපන්.....ඌ මැරෙන්නත්....මූ ජීවත්....වෙන්නත්....හේතුව.....ඇයි මුන් වගෙ පව්කාරයො ඉතුරු වෙලා අහිංසක උන් යන්න ගියෙ...

කියපන්....

කෝ.....උඹට උත්තර නෑනෙ...

නැවතියන්...මයුර .....ඕකා....මැරෙයි බන්...ඕක මැරෙයි.....ඒකගෙ මූන දැනටමත් ඉදිමිලා....අර ඇගිලි දහයම පුපුරලා ....ඕකා මැරෙයි....බන්....

හරි....අතෑරපන්....මාව අතෑරපන්කො...මට තව එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නෙ....මට..අහන්න තියෙන්නෙ...එකම...එකයි.....

මම උදාරයගෙ දඩු අඩුවෙන් ගැල උනා.....ගුටි...කාලා...ගුටි....කාලා.....කට ඇරලා...ආව්...මට රිදෙනවා කියලා වත් කියන්න පන නැති ඒකා මා දිහා ඔලුව උස්සලා බැලුවෙත් හරි අමාරුවෙන් වෙනකොට මම නිම්න ගෙ පොත අතේ තියන් උන්නා...

මූඑක්ක තියන ගනු දෙනුව මොකක්ද ම්ම්ම්ම්

මම නිම්නගෙ මහන්සිය කොල්ල කාපු ජයවර්ධනයා ගෙ නම උඩ ඇගිල්ල ගෙනියලා මු එක්ක තියන ගනු දෙනුව මොකක්ද අහනකොට මූ ඒකව දන්නෙ නෑ කිව්වා විතරයි බොරු කියන කටට ආයම ඩෑස් එකක් වැදුනා...

.නෑ..නෑ...නම්...මොන බිජ්ජටද උඹ මේ තරම් මුගෙ පොත ප්‍රමෝට් කරන්නෙ...කියප ...න්...කියපන්....කියපන්....ඇයි...ඇයි...හේතුව...මොකක්ද....ආ....කියපන්.....කියපන්....මූව...දන්නෙ...කොහොමද.....උඹ.....මේ වගේ සම්බන්ද වලට කැමති නැති එකෙක් වෙද්දි...මං අහන්නෙ...එක දෙයයි...ඇයි....මුගෙ පොත් උඹ ගාව....හරි....උඹට...අදින් පස්සෙ...මේවා ආය දකින්න නෑ....

ගනින් ඔය ඔක්කොම.....දාගනින් ඔය තියන මල්ලකට...

මං අරුන්ට ජයවර්ධනයාගෙ පොත් ටික ගන්නකියනකොට පුටුවට ගැටගහලා උන්න ඉදුනිලයා මැරෙන්න හැදුවා ...එ එක්කම මම උගෙම වතුර බෝතලේ අරගන එහෙම්ම මේ කඩ පේලියටම තියන එකම ටොයිලට් එකට ගියා.... 

මිනිස්සු සමාව ඉල්ලනකොට නොදී ඉන්න එක මහ තිරිසන් වැඩක්...ඇත්ත...සමාව දෙන්න ඕනෙ...හැබැයි...එකම වරද...දෙපාරක් කරනකොට ...මං හිතන්නෙ...ආයම සමාවක් ඕනෙ නෑ....

උඹට ගුටි කාලා...තිබහා ඇතිනෙ....බීපන්.....ම්ම්ම්

ආ...ආ...බීපන්.....මං.සාමානෙන් හතුරට උනත් වතුර පොදක් පොවනවා..මොකද.....නැත්තන් මට ලබන ආත්මෙ කෑදැත්තෙක් වෙන්න වෙයි.....බීපන්.....බිපන්...ඇයි...බොන්න අමාරුද.....ගදද...

එහෙනම්...ඇයි...කියපන්.... උඹලගෙන් පෑගිලා.....ගෙදරින් පෑගිලා....තොපි වගේ....සක්කිලි හන්දා තැලිලා...තැලිලත්...මැරෙන්න බැරි කමට අච්චර අමාරුවෙන් ජීවත් වෙන්න හදපු ඒ අහිංසකයගෙ ග්ලූකෝස් වතුර එක කක්කුස්සි වතුරෙන් හැදුවෙ ..

දන්නවද ...ඌට තොපෙන් ගුටි කන්න හ‍යිය තිබුන් නෑ...උදේ...ට බීලා එන්නෙ සීනි නැති කහට එකක්.....ඒඇයි.....මෙන්න මේ ජාතියක් නැති එකා හන්දා....

දවල්ට...ලුනුයි බතුයි.....

රෑට ..පොලුයි බතුයි....ඔව්..තොපි කිව්වා වගේම....ඒකට පන.තිබුන් නෑ...හැබැයි....තොපි කොයපු විදිහට අවලමේ ගිහින් නෙවෙ...උගෙ හර්දසාක්ශිය එලියට දාපු දා ඉදන්....දඩුවම් විදින්න සිද්ද උන හන්දා...

උඹ මිනිමරුවෙක්.....

උඹ ඇවිදින්....උගෙ ආත්මෙම මරපු එකෙක්.....

බීපන්...

කෝ...ඇරපන් කට....බීපන්....

හරි...බොන්න...බෑනෙ...නෙ...හරි...ආ

ගුටි කාලා හෙම්බත් වෙලා උන්නත් මොකද....ඉදුනිලයා උන්නෙ කට තද කරගන.....ඌට බනින්නවත් ...අඩුම ගානෙ නිදහසට කරුනු කියන්නවත් මං ඌට ඉඩක් නොතියම ගහලා...ගහල...අවසානෙදි ගුටි කාපු ඌට වඩා.....ඌට ගහපු මම හෙම්බත් වෙලා උන්නා වගේම....මගෙ නිම්න රැයක් දවලාක් නැතුව..දවස් දෙකක් බඩ යන්න පොවාපු කක්කුස්සි වතුරම මම ඌට පෙව්වා..නිකන් නෙවෙ...නහය තද කරපු මන් ඌට මුලු වතුර බෝතලේම පෙව්වා.....

මයුරයා.....

ම්න්....

මෙ පොත් ටික.....මේක කොහෙන් හරි හංගන්න වෙයි නේද බන්....

ම්න්....

.මේ බන්....මේ දාලා තියන නම්බරේ කාගෙද...ඕකගෙද....යසයි...බේසික් පුතා...අපට කතා කරන්න...අප සූදානම්...ඔබේ ගැටලුවට ඔබේ ආදරේට හිත නිවන පිලිතුරක් දෙන්න....ඔව්..ඔව්.....ඔය දීල තියෙන්නෙ...ඔය දීලා තියෙන්නෙ...

එව්...මූ බන්...නිම්නගෙ පොත්නෙ බන් උගෙ වගේ ලියලා තියෙන්නෙ ..හරි වේසයි ඈ....හරී.....ම වේසයි.....

මයුර....ඇත්තටම මේවට මොකද කරන්නනෙ...

සිගරට් එක අතේ තියන් උන්න මං තවත් දුම් උගුරක් ඇදලා අවසානෙදි සිගරට් කොටෙ බිමට දාලා පයින් පාගලා මගෙ දිහා බලන් උන්න උදාරය.දිහාවට හැරුනා...

මට....අමු මල් පොකුරක් ගන්න ඕන....

අමු මල් පොකුරක් ..ඒ මොකටද....

එයා ගාවින් තියලා එන්න...ඒත්.....මං එනකන් ගෙදරට වෙලා බලන් ඉන්න එයාම.....නෑ කියලා මතක් වෙනකොට මට හරි වේදනාවයි උදාරයා.....

..කොච්චර ...අමතක....කරන්න....හැදුවත්....කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් .....

දවසක.....මං තනි වෙනවා නේ කියලා මතක් වෙනකොට ....මේ පපුව.....පුපුරන්න එනවා උදාරයා.....

අඩන්න එපා බන්...

න්...නෑ.....මං ...අඩන් ...නෑ.....මං....අඩන්....නෑ.....උදාරයා ....මං...මේ....මගෙ.....දුක කියනවා.....

මං...මගෙ.....වේදනාව.....කියනවා...බන්....මං....උඹලට...කියන්නෙ.....මගෙ දුක....ගැන....බන්....

දවසක...නිම්න....කියන්නෙ....මගෙ...ජිවිතෙ....මතකයක් ...විතරයි ...කියලා මතක් වෙනකොට ....ඒ...ඇත්ත.....මට....දරා..ගන්න.....හරි.....අමාරුයි...උදාරයා...

ඇයි..බන්...මටම.....මෙහෙම උනෙ ...

පටන්....ගැන්ම....ගාවම...ඇයි...කල්පනයා ...මගෙ.....කතාවෙ.....අවසානෙත්....

තියෙන්නෙ.....

යකො....මැරෙන....බව...දැන....දැන....ජීවත්....වෙන...එක...ගානක්....නැති...උනත්....

එයා....නැතිව.....ජීවත්....වෙන්න.....වෙනවා...කියන....එක....මට.....දරන්න අමාරු වෙයි.....බන්.....

එ.....ඒ..මයුරයා....අඩන්න එපා යකො.....අපිටත් ඇඩෙන්න වගේනෙ... අපි ඉන්නවනෙ....නැද්ද රවිදුවා...අපි ඉන්නවනෙ ....

හිත හයියයි....හිත හදාගන්නවා කිව්වට.....මට ...ඒ මූන මතක් වෙනකොට ....හයිය හිතට වාරු නැති වෙනවා බන්.....

උඹට...දුක...නම්...අඩියක් ගහමු....නැද්ද කල්පනයා....

අපි හතර දෙනාම උන්නෙ මගෙ නිම්නගෙ ගේ ඉස්සරහා....හැබැයි ගේට්ටුවෙන් ඇතුලට ගියෙ නෑ.....අරකට නෙලලා..නෙලලා ඇවිදින් නැවතුනෙ මෙතන වෙනකොට අවසානෙදි මං නිම්නගෙන් මගෙ කදුලු හංගන් ආපිට යන්න ලෑස්ති උනා වගේම දුකක් දැනුනමත් අඩියක් ගහන.....සතුටක් දැනුනමත් අඩියක් ගහන...තරහටත් අඩියක් ගහන මගෙ බේබදු වනචර සහෘදයො ටික අදත් අඩියක් ගහමු කියනකොට මම් ළඟ තිබ්බ ගහකින් පේර දල්ලක් කඩලා කටේ ඔබාගත්තා.....

නැත්තන් අරකා මැරෙයි.....ඔලුවෙ කැක්කුම් කියයි....බඩ කැක්කුම් කියයි....කපටි ඇටයෙක් මහා.....

මොකද කියන්නෙ...අඩියක් ගහනවද....අඩියක්.....ගහනවද.....ගහනවා නම් සම්මාදන් වෙයල්ලා.....අරකි දාලා ගිය වේදනාවත් තාම එහෙමයි...ඒකටත් එක්ක අල්ලා අඩිය ගහන්න.....සම්මාදමක් වෙයල්ලා......

කල්පනයා....උඹ වරෙන් මා එක්ක ෆුඩ් සිටියට යන්න.....

අපි දෙන්නා එහෙනම් අරහෙ යන්නම්....තොපි ෆුඩ් සිටි ගියාට කමක් නෑ....ගුටි කාගෙන එන්නෙ නැතුව...

.

එහෙමයි.....එහෙමයි උතුමානනී .....එහෙමයි....

බයික් එකට නැගපු මා දිහා බලලා කොට මගුල ගුටි කාගන එන්නෙ නැතුව වරෙව් කියනකොට කල්පනයා ඌට එහෙමයි එහෙමයි කිව්වා.....ඇත්ත ෆුඩ් සිටි ගියොත් ගුටි කනවා....සමෘද්ධි බැංකු ගියොත් ගුටි කන්න වෙනවා....තව ටික කාලයක් යනකොට කොහෙන් කොහෙන් කන්න වෙයිද කියන්න දෙයියො තමයි දන්නෙ.....

උඹ මොනාද බන් ඔය දමාගන හොයන්නෙ.....

පොල්ටොපි....

පොල්ටොපි.....යකො....කටගැස්මට පොල්ටොපි කනවද ...

අපිට නෙවෙ හරකො....බල්ස්පන්කො ඔය කොහෙ හරි පොල්ටොපි තියනවද කියලා ....රෝස පාට ඒවා හැබැයි...

අපිට නෙවෙ නම් කාටද

අර ගෙදර ඉන්න ලොකු බබාට...

ආ....ආ...අම්නෙ....අම්නෙ.....දොන්ත බේබි දැන් ඒ පාර කන්නත් ගේන්නලුද.....තිපිතිප් පෙලේතයෙකුත් වෙයිද දන්නෙ නෑ....

රවිදුවයි උදාරයයි එතනින් කෙලින්ම මාරවිල වයින් ස්ටෝර්ස් එකට එනකොට මම කල්පනයා එක්ක ෆුඩ් සිටි එකට ආවා.....තව අඩි හතර පහක් ගිහම මාරවිල හන්දිය....අප්පචිගෙ කඩෙ....මම දන්නවා.....බාන්ඩෙ ගෙදර නෑ....අනිවාර්යයෙන්ම ඔතනට ඇවිදින් මග බලාගන ඉන්නවා ඇති....

අරූගෙ බයිට් පැකට් පිරුන කූඩෙ දිහා බලපු මං ආයම ඔලුව කස කස ගිහින් පොල්‍ ටොපි හොයන්න ගත්තා ...

මයුරයා.....කිරි ටොපි තියනවා....එව්වා හරියන් නැද්ද?

ම්ම්ම්හ්...එපා රෝස පාට පොල්ටොපි...පොල්ටොපි ඉල්ලපුවාම කිරි ටොපි ගිහින් දීලා ඔලුව කැක්කුමයි කියයි.....

ආ...හම්බුනා ....හම්බු...නා....බුදාම්මො ....ගනන්....යකො....

කල්පනයා ආය කෑ ගැහුවා .....හම්බුන හම්බුනා ගාපු එකා ආයම ගනන් යකො ගෑවා....ඇත්ත.....ඉස්සර රුපියලට කාපු පොල්ටොපිය දැන් පහයි...හයයි.....

මේක ගන්ඩ උඹෙයි මගෙයි දෙන්නගෙම වම් ඇට ගලවන්න වෙයි....මේ බලපන් හෙන චූට්ටයි තියෙන්නෙ. .

ඔව් ...ඌ කිව්වා හරි.....කෑලි පහ හයෙ පැකට් එකක්....ඒත් ගන්නෙ නැතුව කොහොමද .....ගන්න එපැයිනෙ.....නැත්තන් ඔලුව බදා ගනි...නහය කැක්කුමයි කියයි

කමක් නෑ ගනින් ගනින්...ලෙඩ මතුවෙලා ෆිට් එකට එයි.....

පොල් ටොපි ගෙනිච්චෙ නැත්තෙ ලෙඩ මතුවෙලා නිම්නයට ෆිට් එක අල්ලයි කිව්වට මොකද කැශියර් එක ගාවදි අපි දෙන්නට ෆිට් එකට ආවා....අරන් තිබුනෙ මොනවද ...ඒ උනාට ගානෙ සැර...

මෙහෙම ගියොත් නම්....අපිට කනවට වඩා ලෙවකන්න වෙන්නෙ මයුරයා ...

හරියන් නෑ බන් උඹලගෙ අප්පච්චි කියනවා වගෙ යකඩ කෑලි වලට තට්ටු කරලා තේරුමක් නෑ....බෑන්ඩ් කාරයො වැහි වැහැල ....බලු බෙටියි බස් හෝල්‍ටුයිවගෙ.....නැති තැනක් නෑ...උදාරයා තව ටික කාලෙකින් උන්ගෙ අප්පච්චි ගාවට යයි...උඹට නම් අප්පච්චි ගෙ කඩේ තියනවා.....මට වෙන්නෙ අප්පච්චි ගෙ කෝච්චිය එන ටයිම් එකක් බලලා බෙල්ල තියන්න තමයි.....

නිම්නගෙ අම්මා හරි මයුරයා .....අපි නිකන් කාලකන්නි උනා වගේ බන්...

දැන් උඹට මොකක්ද වෙන්න ඕන....

නෑ...මං කියන්නෙ...අපි.....ඉතින්...කාලකන්නි උනා වගේනෙ....බඩුවල ගනන් බල බල..ආපිට තියන්න ඕනෙ....මේ රටේ මිනිස්සු හොරකම් කරන්න පෙලඹෙන එක සාදාරනයි උදාරයා....තියන එකා මොකක් හරි ගේමක් ගහයි...නැති එකා...කෙහෙල් කැනක් හරි හොරෙන් කපන්නයි දැන් මිනිස්සු බලන්නෙ....

මං ලාවට ඔලුව වැනුවා....නිම්නට ගත්තු පොල්ටොපි එකයි මුරුක්කු පැකට් දෙක තුනයි වෙන බෑග් එකකට දාගත්තු මං කල්පනයා මූඩ් ගහන් කියන තිත්ත ඇත්ත මම අහගන උන්නා....මං හිතන්නෙ....අපේ අප්පච්චි ලා ඉස්කෝලේ යන කාලෙ ලියාපු ශ්‍රි ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් කියන මාතෘකාවට අපෙ අම්මලත් රචනා ලිව්වා...මගෙ නිම්නලත් ලියන්න ඇති....අපිත් ලිව්වා.....අපෙන් පස්සෙ ආව පොඩි උනුත් ලියනවා...තව පරම්පරා හතකටත් ඕකම තමයි ලියන්න වෙන්නෙ.....

මායි අරුයි ආපහු කෙලිම්ම අප්පච්චි ගෙ කඩේට යන්න එහෙම්ම පාර මාරු උනා.....වෙලාව එකහමාර පහු වෙලා.....ඉස්කෝලා ඇරිලා...මාරවිල හන්දිය ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිලා....සේවියර් එකේ....ධම්මිස්සරෙ.....බාලිකාවෙ...

.මේරිස් එකේ.....උන් පාර පුරාවට.....ඉස්කෝලේ ඇරුන අනිත් පැත්තට උන් පන්ති දුවනවා...

එයා කිව්වා නිම්න ගාව ඩයරි එකක් තියනවා කියලා ....ඒකෙ තාම මැද වෙන්න ඇති යන්නෙ කිව්වා ....

මට දුක හිතුනා...කොල්ලා ඒක අහපු විදිහට මට දුක හිතුනා...එයා ඇහැව්වා එකෙ ලියල තියන තැන් වලට එයාව එක්ක යන්න පුලුවන්ද කියලා ....මම කොහොම නම් බෑ කියන්නද.....

ඔය එන්නෙ....ඔය එන්නෙ...

කොල්ලා වරෙන් වරෙන්...කල්පනයත් ඉන්නවා නේ...වරෙන්..ඕකවත් එක්කන්....

කඩේ ගාවට එන්න හම්බුන් නෑ.....අවයින් කරපු රොබෝ කෙනෙක් වගේ කඩෙ අස්සෙ දුවන අප්පච්චි මාව දැක්ක ගමන් කෑ ගැහුවා.....කඩේ උතුරනවා...වෙන කාටත් වඩා ඉස්කෝලේ ළමයි....

අංකල් දෙසීයකට රයිස් එකක්

හරි....තව කාටද දෙසියෙ රයිස් ඕනෙ....

මං කැශියර් එකට දිව්වා...කල්පනයා ගෙනාව බෑග් ටික පැත්තකින් තියලා කුඓයට දුවනකොට අප්පච්චි රයිස් ගහන්න පටන් ගත්තා ....

දෙසීයට....ඇත්තටම දෙනඑකත් පාඩුයි...ඒත් මේ ඉන්නෙ ඔක්කොම ඉස්කෝලේ ලමයි ..පන්තියන්න බලන් ඉන්න ලමයි...කියන්න පුලුවන්ද බෑ කියලා .....උන් එන්නෙ කාල දුවන්න බලාගන....

කීයද.....

අප්පච්චි මේකට කීයද ....

රයිස් තුනක් ගත්තෙ අයියෙ.....

හයසීයයි.....

 එයාගෙන් සීයක් ඉල්ලන් පන්සීයක් දෙන්න...එතකොට සීයෙ කොල ඉවර වෙන්නෙ නෑනෙ.....

මට ගැස්සිලා යන්නවත් කාලයක් තිබුන් නෑ.....ඔන්න....ඔන්න ඇවිත් මහ මුදලාලි..... ඉස්කෝලේ යන කොල්ලෙක් රයිස් තුන අරන් දාහක් දික් කරනකොට එක පාරම මතු උන නිම්නයා මට අරක මේක කරන්න කියන්න ගත්තා....

ම්ම්හ්....බිත්තර සුවද එනවනෙ...අනේ...

 මම නෙවෙ කටක් හෙලෙව්වෙ....ඒකා කැශියර් එක උඩ දැන්.....කාටත් පේන්නෙ නැතිව ඉදගන මට ඇහෙන්න මුනු මුනු ගානකොට මං අර කොල්ලගෙන් සීයක් ඉල්ලන් පන්සීයක් දුන්නා.....මට ඒ පන්ඩිත පප්පා එක්ක කතා කරනන් වෙලාවක් නෑ....

මයුරයා.....එලවලු රොටි තුනයි...චිකන් කෑම එකකටයි සල්ලි ගනින් ...

ඔයාට තනියම මේක කරන්න පුලුවන් නේ අනෙ...මන් අප්පච්චි ගාවට යන්නම්...පව් නේ නේද .....

කලන්තෙට වගෙ එන්නෙ ඇයි හැම වෙලාවෙම....

මටත් පරිප්පු වඩයකට බිලක් දාන්න...

තව පොල් ටොපි දෙකයි....තම්බපු බිත්තරේකුයි.....

මෙ ඔක්කොටම ගාන කීයද අනූ...

යෝ..වස්තු....පොඩ්ඩක් ඉදින්කො...මේ ගාන පැටලෙනවා.....මල්ලි එලවලු රොටි තුනයි නේ...

ඔව්..අයියෙ.....

මං අර ළඟ තිබුන කැල් එකට චට පට ගගා ගහනකොට මගෙ ළඟ උන්න ඒකා කැශියර් මේසෙ උඩ ඉදන් අප්පච්චි දිහාවත් බල බල ඒකත් හොරෙන් කාපුවල ගාන කියන්න ගත්තා.....

බිල දාන්න කියන්නෙ...සල්ලි එහෙම තියනවද දන්නෙ නෑ.....

කල්පනයා...එහෙ දුවනවා..මෙහෙ දුවනවා...මේස පිහනවා...ආය ඉදුල් පිගන් උස්සන් දුවනවා....ඒ චුට්ටකින්ම වයුන් ස්ටෝස් ගියපු උදාරයයි රවිදුවත් ආවා.....

අර...අර දෙන්නත් ඇවිල්ලා...අයි..අයි.....අතේ උරෙකුත් තියනවා.....මං ඉල්ලපු ඒවා තියනවද...ඔව්නේ....තියනවා නේ...ගෙනාවනෙ...මං පස්සෙ සල්ලි දෙන්නම්...ගෙනාවනෙ...

මට තේරෙන්නෙ නෑ....දැන් මෙතන ඉන්න නිම්නට වයස කීයද කියලා....අරුන් අතේ තිබුන උරේ දැකලා අයි...අයි...ගාන් දුවපු නිම්නයා මං බලාගන රවිදුවා අතෙ තියන උරේ අස්සට බෙල්ල දානවා.....අරු දන්නෙ නෑ....ඔන්න එනවා..ඔන්න එනවා....මිනිහගෙ මුන හොද නෑ....මූන පුක වෙලා...අන්න...අන්න.....

යෝ...මේකා ළඟ ඉන්න උන්වත් තල්ලු කරන් නේද ඔය එන්නෙ....

කන මේස උඩින් එන්නෙ...අර...අනෙ...අම්මෙහ්...නිම්නය්යො....

කකා උන්න කොල්ලෙක්ගෙ ඔලුවට උඩින් ආව නිම්නව දැකලා මම අතින් කට වහගත්තා...උන් දන්නෙ නෑ උන්ගෙ ඔලු උඩින් හොලමනක් පියාඹනවා කියලා .....

ඔන්න ආවා.....ඔන්න..හරි...ඔන්න ඉද ගත්තා..ඒ එක්කම මං කැශියර් පුටුවෙන් නැගිට්ටා ....

ඔය..ඔය...තියන සවුත්තු කමනෙ...මාරු වෙන්නෙ.....

මං තරහයි.....

මගෙ...ඔලුව කැක්කුමයි....

කොල්ලා කෑම එකක් බැදපන්....

මොනවද අප්පච්චි .....චිකන්ද.....මාලුද....

මාලු එකක් අයියෙ.....මොක්කුද ඉන්නෙ....

බලයි.....

හා....පරිප්පු දාන්න එපා අයියෙ...කන්නෙ නෑ.....

හා.....

තාච්චියට තඩි බබා රයිස් ගහන අප්පච්චි ගාවට යනවත් එක්කම අප්පච්චි මාව ආයම හරවලා කෑම එකක් බදින්න එව්වා.....අරුන්ග්ස් අතේ තිබුන උරේ දැකපු වෙලාවෙ ඉදන් අරකට දැන් ලෙඩ මතුවෙනවා..මන් කියන්න ගියෙත් නෑ ගෙනාවා කියලා.....

මයුරයා මෙකෙන් හාරසීයක් ගනින්

උදාරයා ඔහොම්ම ගනින්කො උඹ.....

මං කැශියර් එකට යන්නද අනේ....?ගනනුත් බෑනෙ ඔයාලට .....

. මම නෙවෙ කටක් හෙලෙව්වේ...කාගෙ හරි ටේබල් එකක සල්ලි අරන් ආව උදාරයා මට සල්ලි දෙනකොට මගෙ ගාව උන්න නිම්නයා කැශියර් එකට යන්න ඇහුවා...මූට ඕනෙ මාමන්ඩියවත් බන්කොලොත් කරලා..උගෙ මිනිහවත් බන්කොලොත් කරන්න....ඒ අස්සෙන් ගනනුත් බෑලු...මට ගනන් වලට සී එකක් තියෙන්නෙ යකො...සී එකක්...ඒඋනාට ඒකට ඒ නවයක්නෙ....ඒකනෙ ඔය කියවන්නෙ...

කෑම එක ඔත ඔත උන්න මං සට පට ගාලා සුදු කොලෙන් බත් එක ඔතලා උරේක දැම්මා....

පපඩම්...පපඩම්....කෝ....පපඩම.....

අමතක උනා...

බැරිම තැන මං හිමීට මිමිනුවා...වැඩ බලන නිල්දාරියා...

ඔයාට මාව පේන්නෙ නෑද අනූ.....මේ....නිම්නව...මං ලොකු නිම්න නෙවෙ....පොඩි...නිම්න....👉👈

බොරුව නේ....කරන්නෙ...පේන්නෙ නෑ වගේ ඉන්නවනේ.....

මහ සවුත්තුවෙක්...

ඔය ඉස්සො රසයිද අනේ...

බලන්නෙ....වත් නෑනෙ....මා....දිහා...

මගෙ වෙනසක් පේනවද කියන්නකො.....

අයියෙ මැල්ලුම් දාන්න එපා...

හරි....

දැන් මට තියෙන්නෙ බත් ඔතන්න.....උදාරයා කැශියර් එකෙ....කල්පනයා දුව දුව ටේබල් බලනවා...ශෝට් ඊට්ස් වර්ග ඉල්ලන උන්ට එව්වා.දෙනවා...රවිදුවා විතරක් අම්මා එක්ක කුසියෙ ප්ලේන් ටී ඉල්ලන.උන්ට තේ හදනවා..මොකද මෙතන සෙනග වැඩී..කොට හින්දා ඕකව පෑගුනොත් කියලා ඌ මාරුවෙලා....

ඒඔක්කොම අස්සෙ...ගින කසෙන් බැට කාපු එවුන් වගේ එහා මෙහා දුවන අපි.අස්සෙ ඉදගන වැඩ බලන මහ මුදලාලියා මම ලොකු නිම්න නෙවෙ...මං පොඩි නිම්න කිව්වා...වෙන මොකටවත් නෙවෙ....

මේකට ඔය තියෙන්නෙ අවදානෙ ඕන කම...අනික.....මම ලොකු නිම්න නෙවෙ...පොඩි නිම්න කියන්නෙ...මෑන් හිතන් ඉන්නෙම මං ලොකු එකාට වඩා දශමෙකින් හරි පොඩි එකාට ආදරේ ඇති කියලා .....

මූ ඇති...මූ ..කපටි ඇටයා... ඒ අස්සෙන් ඒකගෙ දිහා බලලා එයාගෙ වෙනසක් පේනවද අහනවා...මට ඒකගෙ වෙනස් කම් බලන්නයි...බත් බදින්නයි දෙකක් බෑ....අමතක වෙන්න ගියපු පපඩම බෑග් එකට දාලා දෙනකොට මිනිහා ආයම අර ඉස්සො එක දිහා බලලා ඔව්වා රහද අහනවා...

මට ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ....

මගෙ වෙනසක් පේනවද ඇහුවම කියන්නෙත් නෑ

මම දන්නව...මට වෙනස් කම් කරනවා.....

බොරුව

චපල කම....

චපලයා...

සවුත්තුවා....

ඉස්සෙක් වත් දෙන්නකො එක්කො.....

දෙන්නෙ නෑනෙ ඉතින්...අපිදන්නෙ නෑ..මං කෙල ගිලින්න ගත්තොත්....

මං පොඩි නිම්නනෙ...

අනූ...මං වෙනස් වෙලාද...මගෙ මොකක් හරි වෙනසක් පේනවද.....

ඔව්..අර ඔලුව උඩින් අන් තට්‍ටුවක් මතු වෙලා.....

ඉදලා...ඉදලා...අවසානෙදි බැරිම තැන මං ඒකට එයා දිහවත් නොබලම අන්තට්ටුවක් මතු වෙලා කිව්වා විතරයි මගෙ පිට පුපුරන්න ඩෑස් එකක් වැදුනා....මාව ඇඹරිලා ගියා.....

බයින්න එපා මල්ලි...මන් ලොකු නිම්න....ගැහුවෙ හදාගන්න...

.උඹට...මම.....

මම එච්චරයි කිව්වෙ...තනියෙන් කියවනව කියලා කස්ටර්මලා බය වෙයි කියන බයට මම කට පියාගන මගෙ වැඩේ කරන්න පටන් ගන්නකොට අරකා ගිහින් ආයම කැශියර් මේසෙන් ඉදගත්තා...නිකන් නෙවෙ...පොල් ටොපි බෝතලේ ගාවින්.....

ඒකෙ දැන් තියෙන්නෙ කොල පාට ඒව්වා විතරයි....රෝස පාට ඔක්කොම කාලා....අපරාදෙ මං කිව්වෙ මාමන්ඩියගෙන් කාපන් කියලා ..දැන් ඉතින් මාමන්ඩියව බලන් ඉන්නකොට හිදෙබ්න ගනී....

උඹ හොද වෙලාවට කොල්ලා ගෙදර උන්නෙ....බත් ඔක්කොම ඉවරයි නේ....අම්මට සිරි.....ම ඔක්කොම හිස්නෙ.....අද අපිට කන්ඩ වෙන්නෙ කඩෙන් තමයි...

පැයක්....හමාරක්...දෙකක්.....තුනක්...

දොලහෙ කනිසම පහු වෙලා තුන වෙනකන් මේක ඇතුලෙ තනිකරම එකම යුද්දයක්...ඒක හැමදාම එහෙමයි.....ඒත් අද වෙනදටත් වඩා වැඩි උනාද මන්දා.....වෙලාව හතරයි....ඒ කියන්නෙ පහට කිට්‍ටුයි.....වෙනදට වඩා පැයක් අද වැඩියෙන් සෙනග උන්නා...

මෙච්චර වෙලාම ලිප ළඟ උන්න අප්පච්චි බුෆේ සෙට් එක ලගට ඇවිත් බෙල්ල දාලා මේවා හිස් කියනකොට මං මගෙ හොර නිමනයා ශොහා බැලුවා ....

කම්මුලක් අල්ලගන....ඒ මොකද.....සීනි කාලා දත් කැක්කුමවත්ද ..නැත්තන්.....අවදානෙ ඉල්ලනවද....

ආ කමනි.....කමනෙ.....

ඇයි.....

ඇතුලෙ මොකුත්ම නැද්ද....

නෑ ඒයි....මොකුත්ම නෑ..මං මේ ආය හාල් එකක් ගැහුවා ලමයිට.....

ඇත්ත....වලන් ඔක්කොම පිහ දාලා වගේ.....

උදාරයා සල්ලි ගනිනවා...අරකා කම්මුල අල්ලන් උන්නට මොකද ඇස් දෙක තියෙන්නෙ ලාච්චුව ගාවට....අරූ උස්සයි කියලද දන්නෙ නැස්...

යෝ...රොහාන්...දවසෙ පඩියවත් දීපල්ලා...කල්පනයා ගෙදරවත් වලන් හෝදන එකෙක් නෙවෙ.....

අනේද කියන්නෙ...රොහාන්.....පැකේජ් එක ඉවරයි...ඒකට වත් කීයක් වත් දීපල්ලා...රවිදුවා පොඩි එකා.....කන්ඩත් නෑ...බොන්ඩත් නෑ.....

උඹලට මං කන්ඩ බොන්ඩ දීලම නෑනෙ....දීලම නෑනෙ....අනෙ නිකන් ඉදපියව්....

මෙච්චර වෙලාම එහා මෙහා දුවපු කල්පනයයි රවිදුවයි අනන් මං කියනකොට මන් මගෙ නිම්නයා දිහා බලන් උන්නා....කකුලකුත් වනනවා...මන් දැන්නෙ දැක්කෙ....මෙච්චර වෙලා එයා වෙනස්ද වෙනස්ද අහපු මහ මුදලාලියව මං හරියටම දැක්කෙ දැන්.....

මේකා ඇදන් ඇවිත් තියෙන්නෙ මගෙ ඇදුමක් නේද.....

මං බලාගන උන්නා.....පව් කියලා හිතුනා....වස්තු කියලා ලගට අරන් හුරතල් කරන්න හිතුනා.....

කකුල් පද්ද පද්ද උන්න එයා උදාරයා සල්ලි ගනින එක බලාගන ඉදලා ඇස් හීනි කරනවා...ගනන් හදනව ඇති එක බත් එකක් මෙච්චර නම්...බත් මෙච්චරකට කොච්චරද කියලා .....

ඒ අස්සෙන් කට වහන් උන්නට මොකද මිනිහා මොනවා හරි තලු මරනවා....පොල්ටොපි වෙන්න බෑ.....ඒකේ රෝස පාට ඉවරයි....ආය මොනාද...ආය මොනාද ගිලින්නෙ....පපඩම් වෙන්න් බෑ...

උදාරයා...කොල්ලො ඔන්න ඔය ගලමස්කට් බෝතලේ මූඩිය වහපන් කූඹි යයි...

ගල්මස්කට්.....!!දෙයියනේ....අරකා....ආයම ගිලින්නෙ ගල් මස්කට් ...රොහාන්....රොහා.....න්...

බෑනා..කඩේම කයි වගේ....බෑනා...කඩේම....කයි වගෙ....රොහාන්......මං කටවරද්ද ගත්තදෝ මන්දා...රොහාන්....

ම්හ්ක්.....වැහැව්වනේ......තද කරලම වැහුවනේ......එච්චර තද කරන්න එපා කියන්නකො....

අනූ.....

ලෝබයි...

ලෝබ කම....

මාව ගනන් ගන්නෙ නෑනෙ....

මන් ලොකු නිම්න...නෙවෙනෙ....

පොඩි එක්කෙනානෙ.....👉👈

හැබැයි....අම්න් අපේ අම්මට කියනවා.....

කතා කරපන්කො....

ඇහෙන් නෑ වගේ ඉන්නවනෙ....

මගෙ ඔලුව රිදීගන එන්නෙ....

දතකුත් රිදෙනවා.....

මේ අතකුත් පන නෑ....

 මම නෙවෙ කට හෙලෙව්වෙ...අන් එහාට යනකොටත් එහාට යනවා...මෙහාට යනකොටත් මෙහාට යනවා.....ඉදි කට්ටට නූල වගේ නිම්න මගෙ පස්ස පාරෙ නහයෙන් අඩනවා.....මම කතා කෙරුවෙ ම නෑ..මට ඕන උනෙ එයාව අහන් ඉන්න විතරක් වෙනකොට මම මීක් නොගා උන්නා....එයා අත පය පන නෑ ගානවා...අරහෙ මෙහෙ රිදෙනව කියනව.....එයා ලොකු නිම්න නෙවෙ....පොඩි නිම්න කියනවා...

අවසානෙදි මම කුසියට ගිහින් බෑග් එක ඇරල එයා ඉල්ලපු පොල්ටොපි එක අතට අරගත්තා. 

අනේ....ඔයා...ගෙනල්ල.....අයි...අයි.....නිම්නට....මේවා...ගෙනල්ලා....මේවා...ගෙනල්ලා.......

වස්තු.....

ම්ම්ම්.....ඔයාටත් ඕනෙද....

එපා.....

.එහෙනම්.....

සමාවෙන්න...

ඇයි....

මොන කරුමෙට හරි....ඕනම කරන වෙලාවක.....මට උඹලග ඉන්න බැරි උනාට.....මට....උඹට කලින්....ඉපදෙන්න බැරි උනාට....

මම උන්නෙ හිත රිදවගන.....එයාග් මූන වෙනස් උනා.....හුරතල් කතා කිය කිය ආව එයාගෙ මූන වෙනස් උනා. ....ආයම අර දුක්බර පරිනත මූන....එ කදුලු පිරුන ඇස් වලින් එයා මා දිහා බලන් උන්නා...

මගෙ අනූ දුකෙන්...

 ම්න්....

. දුක නැති වෙන්න....මං මොනවද කරන්න ඕනෙ.....තුරුල් කරගන්නද....හාදුවක් තියන්නද.....ඔලුව අත ගාන්නද.....

දුකෙන් ඉන්න එපා අනූ....මට.....දුකයි ඔයා ඔහොම ඉන්නකොට ....

ඒක හුගක් රිදුනද....වස්තු.....

මොනවද...

...

අනූ....අතීතය..කියන්නෙම....

වේදනාවක් ....මගෙ..අනූමනෙ කිව්වෙ...අපි සතුටින් ඉමු කියලා ...

ඔව්...මන් එහෙම කිව්වා....එත්.....උඹ කතාවක ඉන්න ෆික්ශනල් කැරක්ටර් එකක් නෙවෙනෙ.....උඹ හුස්ම වැටුන මනුස්සයෙක්....කතාවක් උනා නම්....සතියක් හරි අඩලා හිත නිදහස් කරගන්න තිබුනා....ඒත්.....ඒත්.....උඹ...කොයන්නෙ.....එහෙම කෙනෙක් නෙවෙ.....වස්තු.....එහෙම...කෙනෙක්....නෙවෙ....

එන්න...නාඩා ඉන්නකො..මං ....හැම..දේකිම්ම....දැන්

නිදහස්නෙ... මිනිස්සුන්ගෙන්....ඒ හැම වේදනාවකින්ම...මං නිදහස්නෙ....මගෙ අනූ...නාඩා ඉන්න.....

කුසිය ඇතුලෙ උන්න මං දුක මතක් කර කර දුක කියනකොට එයා අඩන්න නොදී මාව තුරුල් කරගත්තා.....නිම්න මටත් වඩා අගල් දෙක තුනක් උසයි.....මම උන්නෙ මහ වේදනාවකින්....මම උන්නෙ මහ දුකකින්...එයා මගෙ ඔලුව අත ගගා මාව තුරුල් කරන් අඩන්න එපා කියනකොට මම එයාගෙන් ඈත් වෙලා ඒ මූන දිහා බැලුවා .මට එයාට හාදුවක් තියන්න ඕනෙ.....

ඇයි....

එයා මගෙන් ඇයි අහනවා...ඒ ඇස් අහිංසකයි....ලා රෝස පාට තොල් හැඩයි...යටි තොල හාවම පුංචි උපන් ලපයක්...වචනයේ පරිසමාප්තියෙන්ම මගෙ නින්ම හරි ලස්සනයි...විදින එක...උපරිමේට විදින්න පුලුවන් රූපයක් මගෙ නිම්නට තිබුනා....

ඒත්....මගෙ ඇස් වලට.....නිම්න කියන්නෙම බිදුනු බිලින්දෙක්....

මට ඕනෙ හාදුවක් තියන්න...තුරුල් කරගන්න....එයාව හිනස්සවන්න...සතුටින් තියන්න...ඉන් එහා මට මොකුත්ම ඕන කමක් නෑ....බිදපු එයාව මට තවත් බිදින්න කොහොමත් හිත හදාගන්න බෑ....

මට ඕනම කැපකිරීමක් කරන්න පුලුවන් ...ඒකයි මං බය නැතුවම කිව්වෙ..මං උඹට ආදරේ දෙන්නෙ පෙරහන් කඩදාසියක් තියලයි කියලා ...හාදුවක් මිසක්.....මේ ආදරේට මට සෘංගාරයක් වද්දන්නවත් ඕන උනෙ නෑ...අත් දෙක පිරෙන්න තුරුල් කරන් පරිස්සම් කරන්න විතරක් තිබුනොත් ඇති.....

පෙති හැලුන මල් වල පෙති ආපහු අලවන්න බැරි උනත්.....හැලුන පෙති වත් මට රකින්න ඕනා උනා...

ඇයි අනූ.....

හාදුවක් තියන්න ඕන....

.....දෙන්නම්....

මං ඔයාට ආදරෙ කරන්නෙ ඇත්තටමයි නිම්න.....බොරුවක් වංචාවක් ගෑවිලා වත් නෑ...මං ඔයාව පාවිච්චි කරන්නෙත් නෑ.....මං අද හුගාක් නපුරු උනා වස්තු...මගෙ අත් දෙක කිලිටියි අද හොදටම....ඒත්...මම උඹගෙ ප්‍රේම වන්තයා විදිහට....මගෙ හැසිරිමෙ වරදක් නෑනේද මගෙ නිම්න...???

...මං අනූට ආදරෙයි....හුගක්....

එයා මට ආපිට පෙරලලා අදරෙයි කිව්වා..හිනා උනා....අඩියක් විතර ඇතින් උන්න එයා මගෙ ලගට ආවා....

ආදරේ පිරෙන්න තිබුන උතුරන්න තිබුන හාදුවක් ඇවිදින් මගෙ උඩු තොල උඩ නවතිනකොට ....

මම සිපගන්නවා වෙනුවට එයාට මාව සිපගන්න දීලා මං එයාව තුරුල් කරන් උන්නා.....

.මුලු හිතින්ම සැනසෙන්න නම්....මට මෙ හාදුව උනත් ඇති කල්ප කාලාන්තරෙකටම.....!

ආදරෙයි වස්තුට.....

එයා හිනා උනා....ඒ එක්කම මාත් හිනා උනා....

ආ මේක....මේක ගිහින්....පොඩි නිම්නට දෙන්න....

එය අතේ තියන් උන්න පොල් ටොපි පැකට් දෙකෙන් එකක් මට දික් කරනකොට මං එපා කියල කියන්න ඔලුව වැනුවා....

.ඇයි.....

ඕක ඔයාට ගෙනාවෙ...එයාට මං හෙට එකක් අරන් දෙන්නම්....

මං දන්නවා එයාට ලොකු එකක් අරන් දෙන්න හදන්නෙ...

එකනෙ මේක එපා කියන්නෙ...ඒකනෙ.....එපා..කියන්නෙ.....

නිම්නට බොරු කරන්න හදන්නෙ...ම්හුක්....

මහ...චපලයි...

සවුත්තුවා.....

ඔලුව කැක්කුමක් ...හැදීගනනෙ එන්නෙ.....

කලන්තෙට වගේ.....

දතකුත් රිදෙනවා.....

.කැරකිල්ලට වගේනෙ....

කලන්තෙට වගේ නම් දාපන් අල්ලගන්නම්...බොරුව නොදා ඉදින් වස්තු....ඒ ඉන්නෙත් උඹමනෙ පන...

. ඒ ..උනාට .. ....මගෙ ..ඔලුව...

කැක්කුම ඇයි.....

ඊරිසියාවට!!!!

අනූ දන්නවද .....මං .මා එක්කම ඊරිසියා කරන තරමට...අනූට ආදරෙයි කියන්න...

අනූ තමයි...මට ලැබුන...හොදම හමු වීම....

ඉතින්...මම..මා එක්කම ඊරිසියා...කරන එක...වැරදිද මගෙ මයුර...

ආදරේ අසිමාන්න්තික වෙන තරමට වේදනාවත් අසීමාන්තිකයි .....ඒත්.....

මේ හිතහයියයි නිම්න....මට ආදරෙ කරන්න...ඒ ඇති...ආදරනීය මතක එක්ක ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.....මගෙ කතවෙ ආදරනීයම මතකෙ මගෙ නිම්න වෙන්න.....දවසක නිම්න කියන නම මතක් වෙනකොට වේදනාවක් වෙනුවට...මගෙ මූනෙ හිනාවක් ඇදෙන ....හිතම ආදරෙන් පිරෙන ආදරනීයම මතකයක් වෙයන්...ඒ ඇති රත්තරන් දවසක..මටත් උඹ ලගින්ම සමාදානෙන් සැතපෙන්න...!

මිනිස්සු මැරුනට ආදරේ මැරෙන් නෑ අනූ....

ඇත්ත හරියටම මගෙ වස්තූ උඹ වගේ...

.🤭ආයම කොටසකින් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ....

ආතරෙයි...

.මම ජොබී

.nedeesha "!!

More Chapters