Ficool

Chapter 58 - 58

ළමයි...තරු ලකුන දාලා මේ ටික ලියා ගන්න.....

ම්ම්ම්.....හ්...බඩ කැලතෙනවා.....

හරියට ඉදගන ඉන්න අමාරු මම එක තට්ටම්ක් උස්සන් අනිත් තට්ටමට මාරු උනා ...මගෙ කකුල් දෙක තවම වෙව්ලනවා.....ඇගම පන නෑ වගේ.....ඒ අස්සෙන් උන ගැනෙන්න වගෙ..... .

වමනෙටත් වගෙ...

අනේ බාප්පෙ ... . බාප්පගෙ කොල්ලට සනීප නෑනෙ...

යෙවීන්....යෙවීන්.....

ආහ්ක්.....කැහ්..කැහ්....

කොහෙද ඕයි බලන් ඉන්නෙ....පාඩම පටන් ගත්තු වෙලේ ඉදන් එහෙට ඇබරෙනවා මෙහාට ඇබරෙනවා කිරිපනු ගායද උඹට....

හුනුකොට්ටෙ පාවෙලා ඇවිත් කෙලිම්ම මගෙ මූනෙ වදිනකොට අවුරුද්දක් එකහාමාරකට වත් ගසපු නැති කොට්ටෙ තිබුන් හුනු පාන් පිටි තලියක් ගැහුවා වගේ මගෙ මූනෙ හිටියා ළමයි හිනා උනා....

.කැහ්...කැහ්...න්න්..නෑ...

ඥැ....හ්.ඥැහ්...ගානෙ..මම බලාගනනෙ....ඇහුවොත් උත්තරයක් දීගන්න බෑ.....අඩුම ගානෙ අහන දේට උත්තර දෙන්න බැරි බව දන්නවා නම් කියන දේවත් අහන් ඉන්නවා....උත්තරයක් වත් ලියා ගන්නෙ කොහොමද ...ඥැහ්..ඥැහ් ගාන්නෙ.. අහන් ඉන්න බැරි නම් යනවා යන්න.....කියනවා බලන්න මම කියපු ටික....ඒ කියන්නත් බෑනෙ...තමුසෙ උත්තරෙ දීලා ඉවර වෙනකොට පීරියඩ් එක් ඉවරයි.....ඉගන ගන්ඩ බැරි නම් අම්ම තාත්තලගෙ සල්ලි නොකා ගෙවල් වල ඉදපල්ලා...

ක්‍රාස්.. 

මම නැගිට්ටා ...

මම හිතන්නෙ මම මගෙ ජීවිතේ කවදාවත් ...කිසිම තැනක මේ දෙ කරන්න නැතිව ඇති...මගෙ මූනෙන් එකයි හුනු....කට අස්සට හුනුගිය පාර කටට තිත්තක්ද මොකක්ද කියන්න නොතේරෙන රසක් දැනෙනකොට ඇහැකුත් කැසුවා....

මම නැගිට්ටා...ගොත යෙවීන්...ගොතවීන්.....මට අහල පුරුදු නැති වචනයක් නෙවෙ.....ඒත්..... පන්තියෙ කාටත් කිසි කරදරයක් නැති මාව තලනකොට ඉදලා ඉදලා මට දරාගන්න බැරි තැන් තිබුනා....ඒත් ඒ හැම තැනක්මත් ඉවසුවා...ඒත්....අද එහෙම නෑ..එයා මගෙ සීමාව පැන්නුවා....

වැරද්දක් තිබුනා..මම පොඩ්ඩක් එහාට මෙහාට උනා..හැබැයි ඒකෙන් කියන්නෙ නෑ මම ලියාගත්තෙ නෑය කියලා....අනිත් ළමයි හිනා වෙලා ආයම කට වහනකනුත් මම අහගන සර් කාරයා මට බනිනවා...අරකලු මේකලු....

තමුසෙලා හින්දා කීදෙනෙක්ට පාඩම අහක යනවද බලනවා.....

මම මගෙ පොත ගත්තා...මෙච්චර වෙලාම හිනා උන් හොරාවට හීල්ලුවා..මොකද මම හැමදම්ම කර බෑවා මිසක් කවදාවත් කතා කෙරුවෙ නෑ.....මට කතා කරන්න බෑ..හැබැයි ලියන්න අත හයියයි....

මම ගිහින් සර්ගාවින් හුනු පිටිම්ම හිට ගත්තා...හිටගන සර්ට එකම අකුරක් අබලන් නොවී කියපු විදිහටම ලියපුන්පොත අතටම දීලා බිත්තියෙ තිබුන ඔරලෝසුව ගලවලා අතට ගත්තා...

මාව ඉස්කෝලේ තියා ගත්තත් එකයි.. නැතත් එකයි....මම හිතලා ගොත ගැහුවෙ නෑ....මගෙ අම්මා මොකා උනත්..ඒ ගෑනි මාව ගොතයෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න නැතුව ඇති.....එහෙව් එකේ....මගෙ පැත්තෙන් නොහිතා....අච්චර කතා තොගයක් කියෙන්නෙ කොහොමද ....

.යෙවීන්...

ස්...සර්....මම....ඔ..ඔතනින්.....ම්..මොකක්..හරි....අ..අඩුවෙන්...ල්ල්..ලියලා තියනවද...?

මම කෙලිම්ම පොලිටිකල් උගන්න සර්ගෙන් අඩුවෙන් මොකක් හරි ලියල තියනවද අහනකොට සර් කාරයා කන්නාඩියට යටින් බලන් ඉදල මා දිහා බලලා කට ඇරියා..හැබැයි ඊටන්කලින් මම කට ඇරියා..මේක මම බලන චයිනිස් ඩ්‍රාමා එකක් වත් කොරියන් වත් ..තායිවත් ජැපනීස් එකක්වත් මොන මගුලක් වත් නෙවෙ...මේක ලන්කාව අස්සෙ...මේ ගෙවෙන තත්පරේ ඇතුලත සිද්ද වෙන යතාර්තයක් .....

ස්....ස්..සර්....මම.....ක්ක්..කරපු...එකම....ව්ව්....වරද.....හෙළ...උන...එක....ඒකට.....ස්ස්..ර්...මට....හ්..හුනු...ක්ක්.කොට්ටා.පාරක්...ගැහුවා...ඒක...එතනින්...ඉ..ඉවර..න්න්.නොකර...මගෙ...අඩුපාඩුවට....හ්හ්..හිආ...උනා...ම්ම්..මම.දන්නවා...මට...

ගොතයි...කියන්න...ම්ම්..මම...දන්නවා.....එ..ඒක...ආ..අය...අ.ආයම....අමුතුවෙන් ....ක්ක්..කියන්න...ඕ..ඕන්...නෑ...ස්ස්...ර්....

යනවා ගිහින් ඉදගන්නවා....

න්න්..නෑ...ම්ම්..මං...එ..එලියටම...ය්ය්..යන්නම්....ම්ම්.....ස්..සර්...මට..බ්බ්..බැන්නා..මං....හින්දා....අනිත්..උ..උන්ට...ඉගන ..ගන්න..නෑය...ක්ක්..කියලා..හැබැයි..ස්ස්...

සර්..මගෙ....ගොතේ....අල්ලන්....මට බනින්න....එ..ලමයිගෙන්....වි..විනාඩි...දහයක්...උ..උදුර ග්ග්..ගත්තා....බ්බ්..බොරු..නම්...බ්බ්..බලන්න.....

මම මගෙ පොත ඇදලා වගේ අරගත්තා..අරගන ආපහු බිත්ති ඔරලෝසුව තිබ්බ විදිහටම එල්ලුවා.....එල්ලලා මේසෙ උඩ තිබුන හුනු කෑල්ල අතට ගත්තා.....අතට අරන් හුනු වලින් වැහුන ඇස් වලින් කදුලු බින්දුවක් පහලට වැටෙනකොට කලුම කලු පාට කලු ලෑල්ලෙ මම කෑ ගහලා කියන්න ඕන දෙයක් අකුරු කරල එලියට එන්න ආවා....මුලු පන්තියම ගොලුවෙලා ගියා.....

-මම හිතලා ගොත උනේ නෑ සර් -

..චස්...

එක පාරක්....දෙපාරක්...තුන්පාරක් .....

නෑ...දැන් දහපාරකට වැඩියි...මම මගෙ ඇස් ගැලවිලා අතට එනකම්ම මූන හේදුවා ...ඔක්කොටම වඩා වේදනාව අඩුපාඩුවක් අල්ලන් කියවන එක.....

මිනිස්සුනට වරමක් තිබුනා නම් ඉපදෙන්න කලින් ඕන කරන තැන තීරනේ කරන්න...අදාල ස්වරූපෙ....ඕන කරන අම්මා තාත්තව තෝරගන්න.....

අද අනාත ලමයිවත්...දුප්පත් ලමයිවත්.....ලෙඩ්ඩු වත් මේ මොකෙක්වත් නැතිව මේ මුලු ලෝකෙම තනිකරම ස්වර්ගයක් වෙන්න ගියා...ඇයි...ඉපදෙන්න කලින් හැමෝම අංගසම්පූර්න ජීවිතයක් තෝර ගත්තු හින්දා .....ඇති නැති කම්..ගාව...අඩුපාඩු කම් ගාව....මිනිස්සු අසරන වෙන තරම දන්නෙ අසරන වෙන එකා මිසක...අසරන කරන එකා නොවෙන කොට මොනවා කියන්නද....

සියවතාවක් මූන හෝදපු මම ඇස් රතු කරන් ආපහු එලියට එනකොට පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුනා...ඒත් මගෙ හිත රිදුනා...

මට ප්‍රතික්ශේප වීම් වල මතක ඕනාවටත් වඩා තිබුනා.....

මේක මගෙ ලැබීම.....මේක මගෙ තෝර ගැනීම නෙවෙ..මේක මගෙ දෛවය.....උරුම දේ එක්ක ඉපදෙනවා ඇරෙන්න ..මම කිව්වද මාව ගොත කරන්න....??

ගොතයා...ගොතයා...ගොතයා.....

ගොත යෙවීන්....යෙ..යෙ...යෙවීන්.....

මගෙ හිත රිදෙන් නැද්ද....අනිත් හැමෝම රෝස මල් වෙනකොට මාව පෙනුනෙ කාටත් වැඩකට නැති බාදුරාවක් වගේද.....??ගෑවුන තැන්වල විශ පිරුන බාදුරාව උනත්...කොන් වෙන නිසා නෙවෙද විස ගන්න ඇත්තෙ...හරියටම අහිංසක මම අංගුලි මාලෙක් උනා වගේ???

මිනිස්සු ආස දේවල් හිතේ තියන් ලබුන දේවල් වලිනුයි ජීවත් වෙන්නෙ....මම ආස නැද්ද...ගොත නොගහා කතා කරන්න...අ...අ..අම්මෙ නොගා කෙලිම්ම අම්මෙ ගාන්න....???...

මම එහෙම්ම ටොයිලට් පේලියත් පහු කරන් ගිහින් අවසානෙදි අදුරු මුල්ලක හැංගුනා...වැරද්දක් තිබුනාම්.ඒක එතනින් හදලා ඉවර කරන්න තිබුනා...ඒත්...මම කතා කරන විදිහ කරලා පෙන්නලා....එයා මොකක්ද බලාපොරොත්තු උනේ.....ලමයිගෙ හිනාවද...ආ..සර් තමා පොර වගේ අහගන්නද...නැත්තන්..මම ගොතයි ගොතයි මටා අය ආයම මතක් කරන්නද??

මිනිස්සුන්හෙ අඩුගෙ අඩුපාඩු වලට හිනා වෙලා තේරුමක් නෑ...මොකද .....මම ඉපදෙනකොට දැනන් උන් නෑ....

මම ගොත නොවුනා නම්.....මගෙ තාත්තගෙ අම්මා....මටත් ආදරෙන් සලකන්න ගියා...මූනට මුනිච්චි උනත් වඩාගන තුරුල් කරගන්න ගියා... ඒත්...ඒ එකක් වත් උනෙ නෑ..... ඉතින්....වේදනාත්මක මතක පපුවට වද දෙනකොට අහිංසක මාව අංගුලි මාලෙක් කෙරුවෙ කව්ද...?

උරුම දේ මේක උනත් මමත් ආසයි හරියට කතා කරන්න.....උන් එක්ක හරි හරියට හිනා වෙන්න....ඒත්...උන් කරන්නෙ....අපිනපිව සසද සසද මට රිදවන එක නෙවේද..... ??

රෝස මල් වැව්වාට ලස්සනට ගේ පුරා

ළගටවත් නොයා අපි බාදුරා කොන් කළා

තැවෙද්දි ලෝකයක් අතර මැද තනිවෙලා

ටිකෙන් ටික බාදුරා මලේ විස වැඩි වුණා

රෝස මලකින් මිහිරි සුවදක්ම හැමීම

හඳ දිහා බලාගන කඩුපුලක් පිපීම

බාදුරා මල් වලින් විස හුඟක් පෙරීම

ඒ තමයි උපතින් උන්ට හිමි ලැබීම

නුඹට වැටහුණා නම් මෙ කිව්ව නියතය

මිනිස්කම් කොටුවලට බෙදා ඇයි හිතවත

බාදුරා රෝස කඩුපුල් එකම වත්තක

පිපුනොතින් එදාටයි ලෝකයම ලස්සන

(උපුටා හැනීමකි...ශෂික සදීප්-සමනල්ලු)

විනාඩි ගානක් ඇති වෙව්ලන කලවා තවමත් වෙව්ලද්දි...මම හිමිහිට හිමිහිට පඩි නැගලා පන්තියට ආවා....කෑ කෝ ගගහා උන්න ලමයි මීයට පිම්බා වගේ වෙනකොට කලු ලෑල්ල උඩ තවම මගෙ අකුරු තිබුනා....මකන්නද....තියෙන්න අරින්නද හිතන්නෙ වත් නැතුව මම ආපිට මගෙ තැනින් ගිහින් ඉදගන්නකොට මම බලාගන පන්ති නායිකාව වෙච්ච සෙව්වන්දි ගිහින් කලු ලෑල්ලෙ අකුරු මකලා දාලා මගෙ ගාවින් ඇවිත් හිටගන මගෙ උරහිසින් අත තිබ්බා....

"ඔව්වා හිතන්න එපා බන්"

එච්චරයි කෙල්ල යන්න ගියා...

සිංහල සර් ආවා.....සිංහල සාහිත්‍ය පද්‍ය පොත් ගන්න කියනකොට කුනුලේ පාට පොත අතටගත්තු මම පොත පෙරලන් අහන් උන්නා...මොකද ආයම මය බැනුම් අහන්න බෑ...

කවියෙන් කවිය කියා දෙනකොට මම අහන් උන්නා ...ලියාගන්න තැන්ලියා ගත්තා සිංහල පීරියඩ් දෙක ඉවර වෙනකන් වත් මගෙ ඔලුවට වෙන වෙන මතක නොඑනකොට හදිස්සියේම ඔලුවට ආව සදුනි ...වගේම වෙව්ලන කකුල් මට සංධීර්ව මතක් කෙරුවා ....හැබැයි...දෙයියන්ට පින් දෙන්න ඒ දෙන්නම මාව හොයන් ආවෙ ඉනටර්වල් එකේදි....නැත්තන්...තවත් හුනු කොට්ටා පාරක් එක්ක තවත් කෙනෙක් මම ගොතයි කියල මට මතක් කරලා දෙයි.... 

සංදීර් කියපු විදිහට ...සංධීර් ගෙ ගෙට ගිනි ඇවිලුන දාමලු...එයාගෙ ගේත් අවුලලා තියෙන්නෙ....කරුමෙ කියන්නෙ....අනේ අර අම්මා තාත්තව ඇවිලිලාම ගිහින්ලු.....කෙල්ල පැනගත්තා උනත්.....අම්මා තාත්තාව හිර වෙලා ලු.....

එ දෙන්නම...දැන් ලෝකෙට මැරුන මිනිස්සු...

.ඒ දෙන්නවම උන් මරාගත්තා ...නැතුව මැරුන් නෑ...

ගෙදරින් ගෙනාව බිත්තර රොටියෙන් කෑල්ලක් ඉස්සරහා දත්වලට හිරවෙනකොට මම බලාගන කෙල්ලො කෙල්ලො වටවෙලා උන් උන්ගෙ ඔපදූප කියන ගමන් ගිලිනවා...ලව් කරන කපල් හොර හොරාවට එක ජාති මාරු කරගන්නකොට පන්තියෙ ඉන්න ෆ්‍රිෆෙක්ට්ලත් දැකා නොදැක්ක ගානට උන්න.....උන් අපිට හොරාවට අත් අල්ලන්න හැදුවා. .කවුරු හරි එනකොටම ඒ අත් අතෑරියා.......

මටත් දැන් ඔය වගේ තමා ඉන්න වෙන්නෙ...ගෙදරට බාප්පට.....රොබිනලාට සංධීර් මම කියන්නෙ වෙනදා වගේ උනාට... මම එයා එක්ක වෙන පාරක අත් අල්ලන් යන ගමන් උන්නා.....

කමක් නෑ...මොන දේ උනත්....මම උඹව අතාරින් නෑ...සංධීර් ...එක පාරක් නැති උන උඹව...මම ආය කොහොමත් නැති කරගන්නෙ නෑ....

බඩ කැලතෙන හින්දම කන්නත් බැරි වෙනකොට බාගෙට කාපු බිත්තර රොටිය මම කොලේ ඔතාගන ගිහින් කුනු කූඩේ ගාවට එන බලු නඩෙ ඉන්න කුරුම්බැට්ටි මුනක් තිබුන බැල්ලිට දැම්මා...ඒකි අද ඊයෙක පැටව් දාලා වගේ...පව්....උන්ට අපි දුන්නොත් කනව මිසක්කා...උන් උයාගන කන්නද....

ට්‍රීං..........

ඉනටර්වල් එක ඉවරයි...අත හෝදගත්තු මම ළමයි ඉන්න තැන් වලින් හොදට ඇවිදල කවුරුත් නැති තැන්වලදි කකුල් ඈත් කරන් ගියා...ආයම තිබුනෙත් නින්ද යන පීරියඩ් දෙකක් වෙනකොට කෑවට පස්සෙ කොහොමත් කරමත ගහන හින්දා ඈනුම් ඇර ඇර මම උගන්නන දිහා බලන් උන්නා...

.

අවසානම එක ලියා ගන්න ළමයි....

මෙච්චර වෙලාම ලියපු පොතේ පිටුව මම අනිත් අතට හැරෙව්වා.....ආයම නිල් පාට අකුරු ගොඩක් නිල් පාට රූල් උඩ ලියවිලා...ලියවිලා...අවසානෙදි ඉස්කෝලේ ඉවර වෙන බෙල් එකත් වදිනකොට මම තෝන්තුවෙන් වගේ නැගිට ගත්තා....

ඇගට පන නෑ.....

මට කලන්තෙට වගෙ . 

ඉස්කොලේ යන්න බෑ කියන්න බෑ කියන්න අර වලත්තයා මාව ඉස්කෝලෙ එව්වනෙ.....තුරුල් කරන් නිදා ගත්ත නන් ඇගෙන් ඇටයක් යනවද ඔය මිනිහගෙ ....ඇත්තමයි..සංධීර් .....

මම වෙව්ල්න කකුල් අද්ද අද්ද කවුරුත් නැති තැන්වලදි හෙමින් සැරේ තට්ටම අතගෑවා.....අත ගගා බැන්නා ..

.පහු වෙද්දි හරි යයි කියලත් කිව්වා..අනේ උඹගෙ හිතේ ඇති පහුපහු වෙලත් උඩ නැගන් මට අරින්න....

අනේ බාප්පෙ .....බාප්පගෙ කොල්ලට ඉස්කෝලේ යන ලමයා කියලවත් බලන් නැතුවනෙ අරූ මෙහෙම කෙරුවෙ....

යෝහ්....කුකුල් පැටියට මොනවද ඔනෙ අහනකොට චුම්චු ටිකක් දෙන්න කියල නොකියා හුචු හුචු ගාන්ඩ ගියාට මටත් හොද වැඩේ....මාත් අර මොකාද එකා වගේ උස්සගන උන්නා...රිදෙනවද අහනකොට ආ....කමක් නෑ....තව ගහන්ඩ සංධීර් තව හයියෙන් ගහන්ඩ ගාලා දීගන උන්නා....ම්හුක්...අද නම්...මොකෙක් හරි ඇගේ වැදුනොත් අම්මපා මන් ඌට අල්ලන් අරිනවා... 

ගාට ගාට ආව මම පන්ති යන්න තියන හන්දම ඵෝන් එක අරන් ඇවිත් ඉස්කෝලෙට එහායින් තියන කඩෙන් තිබ්බා...ඒක මම විතරක් නෙවෙ...බාගෙට බාගයක් ලමයි කරන වැඩක්.....

...බ්බ්..බට්ට්..ටි...අ..ක්කෙ.....

කෙඩේට ගියපු මම වට පිට බලලා ඵෝන් එක ඉල්ලන් වමනෙට වගේ හින්දා සියඹලා ටොපි හතරක් ගත්තා.යකො.....රුපියල් පහකට එක ටොපියයි..ඉස්සර පහට පහයි....අනේ අම්මා පා....මේ පාර නම්...රට හදන්න තියන අන්තීම අවස්තාව කියාගන තවත් කවුරු හරි ආවොත් අනෙ අම්මා පා...රට නෙවෙ මට පාස් පෝර්ට් එකක් හදාගන්න සල්ලි දීපන් කියනවා ඒ හදුවත් දැන් රටෙ පිට වෙනකොට ඩොලර් හැටක බද්දකුත් ගහනවනෙ 

.අනේ ...ඉතින්...අපේ තාත්තත් උදෙම්ම ගියා...උදෙම්ම ගියා අම්මත් එක්ක.. අදුරු වලාපට අතරින් හිනැහී නැගී ඉන්ඩ කියලා ..දැන් හිටගත්තු පාරට ඉදගන්න බෑ.... 

අම්මම කියනවා බිත්තරයක් හැටයි හින්දා බිත්තර රෝල්ස් එකක් හැටට දෙන්න බෑය කියලා ...එකසිය විස්සයි....එකක් කාලා මදි උන් ඉස්සර දෙකක් කනව....දැන් උන් ඒ එක එකාලත් සල්ලි දෙනකොට අඩන්න හදනවා....

හරියටම කිව්වොත් කෑවට පස්සෙ රෙන්ඩ ලෝභයි වගෙ වැඩක් දැන් වෙන්නෙ 

මම ටොපිය කවරෙන් ගලවන් කටේ ඔබගන කොලෙන් සමනලයෙක් හදනකොට රෝද හතරෙන් යන්න ඕන බස් එකක් පැත්තට ඇල වෙලා රෝද දෙකෙන් එන ගමන් උන්නා....

කොන්ද ඉඩ තියනවා ඉඩ තියනව ගගා කෑ ගහනවා .....හරියටම බැලුවොත් ඩ්‍රයිවරුත් උගෙ සීට් එක වෙන එකෙක්ට දීලා හිටගනද කොහෙද එලවන්නෙ 

..ඉස්සර ගිහින් එන්න යන ගාන දැන් යන්න ගන්නවා....

මම සීයෙ කොලේ අතට අරන් තවත් සීයෙ කොලයක් උඩින් තියාගන ආව බස් එකය යන්න දීලා වෙන එකක් එනකන් උන්නා...ඌ නම් කියයි මල්ලි නගින්න මල්ලි නගින්න කියලා...ඊයෙ නැගපුවල වේදනාව දන්නෙ මමනෙ...

ම්හුක්...

සංජීර්....

බස් එකක් එනකන් උන්න මම ලමයිගෙ ඇස් වලට මුවා වෙලා මගෙ මනමාලයට මැසේ එකක් දැම්මා....යෝ නිකමටවත් මට ඔයාව මතක් වෙනවා කියලා මැසේජ් එකක් එවලා නෑනෙ..

ම්හුක්...චුචුල් පැතියත ඉස්කෝලෙ ඉවරයිනෙ සංජීර්👉👈....

හරි දෙකයි.....

ඔයා මොකද කරන්නෙ.....

.කෑවද 

කොහෙද ඉන්නෙ...

මං පන්ති යන්න යන්නෙ.....

මම එකම දිගට මැසෙජ් තුන හතරක් කෙටුවා.. ඒ එක්කම එයා ඔන්ලයින් ආවා..

යෝ...මිහිරාව ආවා....!!!

මං ඉක්මනට ඇද උඩ වැටිලා ඉන්න කොලපාට ගෙම්බව යැව්වා ....

සීන් කරනව විතරයි ..ඇයි යකො..මැසේජ් එක්ක දාපන්කො..අඩුම ගානෙ ඔයාට කොහොමද කියල වත් අහපන්කො.....ඇගට අමාරුද වත් අහපන්කො...මිනිමරලා මිනිමරලා මේ මිනිහගෙ සෙන්සර් ගිහින්ද කොහෙද ...

මගෙ ඇගට පන නෑනෙ....

මං ආයම මැසේජ් එකක් දැම්මා.....

ඔන්න සීන් කෙරුවා .....

ඔලුවත් කැක්කුමයි .....කකුලුත් පන නෑ....කලන්තෙට වගේ....සංදීර් .....

ක්..කෝ....දැන්.....අර ඇගට පන නෑ කියලා දැම්මා විතරයි මු මාරු උන නේද.....අනෙ යකො..මට ළමයෙක් හම්බෙන්න නෑ....

මට තද උනා....කොටිම්ම ටයිප් රයිටරේ උඩ ඉදන් ඉන්න ගෙම්බව වැහුනා...

හරි හරි සංධීර් වැඩේ කර ගන්නකන් විතරයි නේද උඹටත් ආ.....ඊයෙ රෑ නම් කොහොමද උන්නෙ පන දෙන්න වගෙ.....නිකමට ඇහුවද උඹට කොහොමද කියලා ...අඩුම ගානෙ මැසේජ් එක දැකලා රිප්ලයි කරන්නවත් බැරි උනාද?

....

උදේ පාන්දරම මාව ගෙදර එලෙව්වා ....ඇල් වතුර උගුරක් වත් නොදීම...ඇයි උඹෙ හොර ගෑනිවත් එනවා කිව්වද??

.....

උඹ මහ සතෙක් සංධීර් ....

....

උඹ මහ කමකට නැති එකෙක්...ඇත්ත කියපන් ....උඹ හඩන්නෙ ඇරලා මාරු වෙන්න නේද ??

මගෙ මහපට ඇගිලි වලට කරන්ට් වැදිල වගේ..මම බැන බැන එයාට මැසෙජ් යැව්වා...මාව දාල පලයන් කිව්වා ...ඇයි මට මෙහෙම කරනෙන් ඇහුවා.....ඇයි මං ගැන හිතන්නෙ නැත්තෙ ඇහුවා.....මම විතරද ආදරෙ කියලා ඇහුවා.. අවසානෙදි දීපිකා ප්‍රියදර්ශනීවත් මට වැහුනා....

.උඹ මට මෙහෙම කරන්නෙ මම ගොත ගහන හින්දද සංධීර්??උඹට මගෙ ආදරෙ දැනෙන්නෙ නැත්තෙ ඒ හින්දද එක පාරම ආදරෙයි කියලා කියා ගන්න බැරි හින්දද... 

යකො... සංධීර් රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද...

මං පොඩ්ඩක් ගොත ගැහුවට

ගොත ගහන්නෙ මං විතරද??

මම අවසානෙදි මැසේජ් සීයක් විතර දාලා දාලා ආය මට ඇබිත්තම කියන් එන්න එප කිව්වා..මග මැරුනත්....ආය මගෙ මිනියවත් බලන්න එන්න එපා කියලා මැසෙජ් එකක්දාලා..අවසානෙදි බූට් වදනකුත් දැම්මා..නිකන් නෙවෙ..කාරි නෑ සද සින්දුවත් යැව්වා.....

උඹ හිතන් ඉන්නවට වඩා මම උඹට ආදරෙයි සංධීර් එක උඹට තේරෙන්නෙ නෑ.. උඹට මාව නැති වෙන්නම ඕනා ඒක තේරෙන්න...කමක් නෑ.....මට මැසේජ් එකක් දාන්න බැරි තරන් වැඩ නම්...ඔය විදිහට ඉදින් සංදීර් ...ඉන්නෙ කොහෙ උනත් පරිස්සමින්...උඹ මගෙ වයස පහු කරලත්...දහ අටේ එකෙක්ව තේරෙන්නෙ නැත්තන් වැඩක් තියනවද....??

.

.

.

.

ගොන් http....

ඩේටා ඕෆ් කෙරුවා....ඵෝන් එකත් ඕෆ් කරල සාක්කුවෙ දාගත්තා.. ..... යෝ...

චුචු ල් පැටියට යන තරහා....ම්හුක්....අදරෙ හින්දනෙ මේ ඔක්කොම.....

බැනලා බැනලා අවසානෙදි මම හොද හුස්මක් අරන් කල්පිටි කොළඹ බස් එකට අත දැම්මා...

ක්ක්...කොප්පර..හන්..දියට...

මල්ලි තව පනහක් දෙන්න.....

.යකො..තවත් පනහක් ඉල්ලුවා.....

ඉස්සරහින්ම නැග්ග මගෙ දිහා බස් එකේම උන් බලන් ඉන්නකොට මට මහ ලැජ්ජාවකුත් දැනුනා..මං නිකන් සෙලිබ්‍රේටි කෙනෙක් වගේ පේනවද දන්නෙ නෑ....

තවත් පනහක් දීපු මම ගුරුත්වාකර්ශන බලේ හීන උන බස් එකේ මැද පොලු අල්ලන් වැටවල් බදාගන ගිහින් තිබුන ශීට් එකකින් ඉදගන්නකොට බස් එකෙ තිබුන ටීවි එකෙ හද්ද පරන ටැමිල් ෆිල්ම් එකක් දාලා තිබුනා...ගජිනි...ගජිනි යන්නෙ.....ම්ම්ම්....සූර්‍යා ගැම්ම ආ...

ගහගන්නවා....ආය ගහගැනිල්ලක්....වීරයා එකෙක්ට ගැහුවම රොත්තක් විසික් වෙනවා... සංධීර්ට කියන්න ඕනා...ඔයතුවක්කු කබලට අමතරව මන්නා පිහි දෙකතුනක් හදවන්න කියලා ... බෙල්ල ගාවින් තියල ඇද්දා නම්...සට පට සත්ත පඩි වෙන්න..ආය....

මම බලන් උන්නා..සූර්යා පිස්සුවෙන් වගෙ අරූට දමාගන අනිනවා.....යාහ්.....මෙ වගෙම ඇමති පුතාටත් ඇන්නා නම්...හොම්බ කට රිවට් වෙලා යන්න...

මම එහෙම්ම ෆිල්ම එක දිහා බලන ගමං පාරෙන් එපිට තිබුන ජන්ද බැන්ර් බැලුවා....හරියටම එදා රැස්වීමෙන් පස්සෙ මම ආයම ටවුමට යන්නෙ අද....

ඇමති පුතා ඉදිද ....??

උන්නොත් හොදයි....අර කෙල්ල සංධීර් එක්ක එකතු උනේ...වෙන මොකටවත් නෙවෙ...එකක් කෙල්ලව රේප් කරපු එකට...දෙක...අම්මා.තාත්තා නැති කරපු එකට....සංධීර් .....ඒ කෙල්ල....මම...ඇයි අපිට බැරි...රොබිනවයි යහපතාවයි එකතු කරගන්න...

බාප්පව.....?? අනෙ අම්මෙ එපා..බාප්පව වද්දගන්න හොද නෑ...බාප්පා කියන්නෙම ඉවසීම නැති එකෙක්....කට අරින්න කලින් දත් ගැලවෙන්න ගහයි.....ඒත්....රොබිනවයි...යහපතාවයි.....

එක අතකට.....සංධීර් බය ඇති...එයා නිසා වටෙ අයටකරදර වෙයි කියලා ....මොකද ඕනම එකෙක් කරන්නෙ....වටෙ උන්ව ඇම කරගන පලි ගන්න එක... එදා ජන්ද රැස්වීමට සංධීර් මොකුත් කරන්න ණැතුව ඇති....

ඒක.මට සීයට දහ දාහක් ශුවර් ...පුද්ගලික තරහවක් පිරිමහන්න.....අච්චර මිනිස්සු ගොඩකට යන එනමන් නැති කරන්නෙ නෑ....ඒක එක්කො...උන්ගෙම ප්ලෑනක් වෙන්න බැරිද...අනික උන් ගාව තියෙන්නෙම මවාපෑම...එදා මාව අරන් ගිය දා දැක්කනෙ...

කොහොම උනත්..... ඇමති පුතා අවසානෙදි චකබ්ලාස්ට් වෙන්න ඕනා නිකන් නෙවෙ...ඇමතියා එක්කම.....මට සංධීර්ව නැති කෙරුවෙ උනුයි....

අවුරුදු දහයකට උඩින් තිබ්බ හැගීම් අද වෙනස් උනත්....සංධීර් කියන්නෙ මට වටිනම කෙනෙක්.....

බලන් ඉදපන්....මං තනියෙන් හරි ඒ කැලලක් කැලලක් ගනෙ උඹව රිදවනවා ....

ඔය කොප්පර හන්දිය ඉස්පිරිතාලෙ ගාව බහින අය දොරගාවට ලන් වෙන්ඩ.....

මගෙ කල්පනාව බිදුනා....ඉස්පිරිතාලෙට කොප්පරහන්දිය බහින අය ලන්වෙන්න කියනකොට මං දොර ගාවට ගිහින් කලර් ලයිට් එක ගාවින් නවත්තනකන් බලන් ඉදලා බැහැගත්තා ...ම්

අර මලකදන් දෙක...??

යන්න හදපු මට ඉස්පිරිතාලෙ දකිනවත් එක්කම මලකදන් දෙක මතක් උනා.....ඉස්පිරිතාලෙ ගෙනත් ඇතිද ...හොයා ගන්න ඇතිද .....අර ගෑනු කෙනා කියාවිද ...

සංධීර්ව පාවා දේවිද??

යන්න ගියපු මගෙ ඔලුවට ප්‍රශ්න වැලක් එනකොට උදානට අහුවෙයි කියලා මං පස්ස ගැහුවා ....ඒත් අතෙ තුවාලෙ දැකපු මට බෙහෙත් දාන්න ආවා කියන්න පුලුවන් වෙන්න මන් අතේ තිබුන බැන්ඩේජ් එක්ස් ගලවලා තිනුන ගෝස් කෑල්ලත් ගැලෙව්වා ...

ආව්හ්...

තුවාලෙට ඇලුන ගෝස් කෑල්ල ඇදිලා එනකොට ලේ බින්දුවක් දෙකක් මතු වෙනකොට මන් පාර පැනල ඉස්පිරිතාලෙට දිව්වා ...ඕපීඩි එක.....ඊය එහා...ආයම බෙහෙත් විදින කාමර.....

වෙනසක් නෑ....

මොකකින් වත් ඇවිල්ලත් නෑ...ක්ලිනික් ආව මිනිස්සු ගොඩේ එහා මෙහා ඇවිදපු මම කනින් කොනින් වත් දෙයක් ඇහෙයිද බලන්න අහු මුලු වල නැවතුනා....

ම්හුක්....සැක කටයුතු දෙයක් නෑ.....

මන් එන්න හැරුනා...හැබැයි.....අත පුරාවටම පච්ච කොටපු...යකඩ දම්වැල් පුරවගත්තු බොඩිබිල්ඩර් කෙනෙක් වගෙ ඇග හදා ගත්තු මනුස්සයෙක් හොර ගල් අහුල අහුල කතා කරනකොට මන් හිමීට ඒ පැත්තට ගියා

ඔව් මහත්තයා...වැඩේ ක්ලෝස්.....කිසිම එකෙක් නෑ... ...අනික...අපිත් එක්ක උන්නා කියන්න කවුරුත් දන්නෙ නෑ.....

මන් අහන් උන්නා...කවුරු ගැනද මේ කියන්නෙ.....

බොඩි දෙකම ෆ්‍රීසර් එකට දැම්මා ...

ඔව්...ඔව් මහත්තයා ...කවුරුත් නොදන්න එකේ...ආගිය අතක් නැතිවිදිහට කරමු...ඕක මහ දෙයක් නෙවෙනෙ ...

කාලකන්නියා....මුන්ට ඉතින් එක එකාව අතුරුදහන් කරලා හොදට පුරුදුයිනෙ .....

ඔව් මහත්තයා ....එ වැඩ ටික හරි.....කේටරින් එකේ වැඩේ කතා කරගන්ඩ රත්නපාල ගියා...

කේටරින් එකේ වැඩෙ කරහන්න.....එ මොකක්ද ...පාටියක්වත් ද...

නෑ නෑ.එතන කෑම හොදයි කියනවා ....

මොකක්ද දන්නෙ නෑ කේටරින් එක....

මන් තවත් චූට්ටක් ලගට වෙලා මගෙ තුවාලෙ පාරපාර අහන් උන්නා.....

මේ...නම කිව්වා...අප්පා...මොකක්ද මේ.....යෙ.....මොකක්...ද....පොඩි නමක්....ආ...යෙවීන් කේටරින් සර්වීස්...

යෙ...වී...න්???

ඒක තාත්තගෙනෙ...??

මන් ආපිට හැරුනා...හැරිලා එලියට එන්න ආවා....හැබැයි මට එලියට එන්න හම්බුන්නෑ කවුරු හරි මට කතා කෙරුවා .....

යෙවීන්.....!!!

...උ.....උ...උදාන.....

ඇති යන්තම්...ඒ කතා කරලා තියෙන්නෙ යහපතා.....මන් ඉක්මනට එයා ගාවට ගියා ..

මෙහෙ කොහෙද ...

එයා මගෙන් අහනවා මෙහෙ කොහෙද කියලා මන් ඉක්මනට මගෙ තුවාල අත පෙන්නුවා ...

පාරන් නේද ....

ඔ..ඔව්...නෙ.....ච්ච්.....චුට්ටක්....බ්බ්..

බලන්නකො....අනෙ....

එන්නකො....ඇයි ඔය ඇස් රතු වෙලා...

එයා ආයම මගෙමූන බලලස් ඇයි ඇස් රතු වෙලා ඇහුවා හුනු කොට්ටා පාරට ඇස් රතුවෙලා තිබුනා වගේම මන් එ බවක් නොකියා හිනා වෙනකොට එයා මගෙ නලලට අත තිබ්බ....

ඔයාට සනීප නැද්ද දරුවො.....

.....ඇ...ඇගට.....ප්ප්..පන....න්න්..නෑ....උ..

උදාන.....

මන් මහ මිනිහා වගෙ උදාන කියනකොට එයා මගෙ අතට බෙගෙත් ඩාලා පෙනඩෝල් දෙකක් දුන්නා....

මේක බොන්න ඇග රස්නෙයි ඔයාගෙ ...

ල්ල්...ලමා.....ප්ප්..පැනඩෝල්.....ස්ස්..සිරප් නෑ.....

පිස්සු කොල්ලා...ඒවා මදි ඔයාට....

අතට දීපු පෙනඩෝල් දෙක දිහා බලන් ඉදලා පෙනඩෝල් සිරප් ඉල්ලපු මට එයා තට්ටුවක් දැම්මා.....යෝ.....එයා දන්නවා නම් ඇගට පන නැති හේතුව ....

එයාට ඇගට පන නැති වෙන්නෙ නැද්ද දන් නෑනෙ....

යෝ...එයා දොස්තරයෙක්නෙ....රොබිනා වඩාගන වැඩ ඇල්ලුවත් මොකද ...ම්හුක්...අපෙ මිනිහා දන්න දෙයක් තියනවද ??

ඔහොම ඉන්න මං දැන් ඕෆ් ඔයාව බස්සගනම යන්නම්

හ්හ්...හා.....

පෙනඩෝල් පෙති දෙක විරිත්තගන වගේ බීපු මන් අවසානෙදි එයා එක්ක එන්න ආවා....ඇවිදින් බෞද්ද මන්දීරෙ ගාවින් බැහැගත්තා ...

පරිස්සමින් ...

හ්හ්...හරී....ඔ...ඔයත්.....ප්ප්...පරිස්සමින් ...

මං කාර් එකේ දොරවහලා ඇතුලට එන්න ආවා....හැබැයි...මේ පාරත් කලින් වගේමයි...කවුරු හරි කෙනෙක් මගෙ උරහිස උඩින් අත තිබ්බා...මං ආපිට හැරුනා...

මගෙ තොල කටත් වේලිලා ගියා...

ප්‍රනීත්.....දෙයියනෙ.....මාව හොයන් ඇවිත් තිබුනෙ ප්‍රනීත්...

ප්...ප්..ප්‍රනීත්....ඔ..ඔයා. ..

ඔව්...ප්‍රනීත් තමයි....ප්‍රනීත් තමයි ඇයි යෙවීන් මාව මගාරින්නෙ...??ආ...ඇයි මාව මගාරින්නෙ.....??

ම්ම්..මගා....රින්නෙ....ක්ක්...කියන්නෙ....

එයා මගෙ අත තදින් අල්ල ගත්තා ...මං වටපිට බැලුවා ....පන්තියට එන ලමයි ගානක් නැතිව ගියා උනත් බාප්පා දකී....සංධීර් කොහෙන් හරි මතුවෙයි කියලා මම බය උනා උනත් මං වැඩි කලබලයක් නැතුව වෙනසක් පෙන්නන්නෙ නැතුව එයාගෙන් අත ගලවගත්තා ...

ඇයි මට මැසේජ් එකක් වත් නොදාන්නෙ....මොනවද අර එවලා තියන මැසේජ් කියනවා ....යාලුවො විදිහට ඉන්න .....??මෙච්චර කල් උන්න මාව යාලුවෙක් ගානට දාන්න....????

ඔ..ඔව්....ඉතින්....අ .අපි....ය්..යාලුවොනෙ...?

අත්තට....??යලුවො ව්තරද.....??

ඔ..ඔව් ..ඇයි...මං....මන් ඔයාට.....වෙන බලාපොරොත්තු දුන්නද ප්‍රනීත්??

දුන්නද ...???? උඹ ඔය කටින්ද ඔහොම අහන්නෙ ආ??මං තියන හැම වැඩම දාලා දුවන් ආවෙ ඕක අහගන්ඩද යෙවීන්.....??

දුන්නෙ...න්න්..නැති. ..හ්හ්..හින්දා ...ත්තමයි....ම්ම්..මං ...දුන්නද....ක්ක්..කියලා අහන්නෙ ....

එයා හිනා උනා.....කලු ලෙදර් ජැකට් එකක් ඇදන් උන්න එයා පොඩ්ඩක් වැවිලා තිබුන කොන්ඩෙ ආපහු හදා ගත්තා .....එයා උන්නෙ තරහෙන් ....

තරහෙන් උන්න එයා මට මොනව හරි කියන්න හදනවා එක්කම ඈතින් තිබුන කලු ජීප් එක දැකපු මට හුස්ම ගන්නත් අමතක උනා.....

දෙවියනේ සංධීර් ...

සංධීර් ගෙ ජීප් එක දැකපු මං ආපිට අඩියක් පස්සට යනවත් එක්කම මගෙ ගාව උන්න ප්‍රනීත් යන්න හදපු මාව එකපාරම ඇදලා ගත්තා .....

යෙවීන්...මට උඹව ඕනා යෙවීන්.....!!!

අද කතාව ලියපු තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස්. ....😂😂👉👈

ආය එන්න ඕනෙත...

එපා නෙ....

ඕකේ....

🤭🤭🤭

ගුත් නයිත්.....

Ferdeesha ❤️💚😘 ..

More Chapters