Ficool

Chapter 54 - 54

දෙවියනේ ...

මට එක පාරටම වමනෙ යන්න ආවා...

අනෙ පොඩි කෙල්ලෙක්.....ඕනා නම්...අවුරුදු එකොලහක්...දොලහක් ඇති....බොරු කියන්න ඕන් නැ මට එක පාරම.මතක් උනේ තාත්තගෙ කෙල්ලව.....

මගෙ තාත්තට තාත්තී ගාන කලු උනත් ගොත නොගහන හින්දා සුදු දෝනි ගාලා ආච්චම්මලා හුරතල් කරන කෙල්ලව.....

ස්ස්....සංධීර් ....ම්ම්ම්

ඔයාට අමාරුයි නම් අහක යන්න....

න්න්...න්න්..නෑ...ඕන්.නෑ....

මහත්තයා ..අනේ...මහත්තයා..මේක අපිටත් වහන්න සිද්ද වෙන වැඩක්...

ප්ප්ප්..පොඩ්ඩක්...ක්ක්..කට ප්ප්..පියන්...ඉදපන්...ම්ම්..මිනිහො....උඹගෙ...ද්ද්..දුව උන්..න..නම්....මෙතන...

මට මල පැන්නා....කතා බහක් නැති සන්දීර් ඇදන් උන්න කෝට් එක ගලවලා අත් දිග ශර්ට් එකේ බට්න් ගලවලා උඩට නවාගන මිනිය දිහා බලන්න ගන්න හදනකොට අර මිනිහා ආයම සංධීර් ගාවට යන්න හදනකොට මම මැදින් හිට ගත්තා...එක්කො හොදින්...නැත්තන් නරකින්...අත කඩල දානවා අතක් තිබ්බොත්.....මගෙ එකාගෙ ඇගට...

යෙවීන්....

ස්ස්....සංධීර් ...

මේ ටික ලියාගන්න...

එයා එයාගෙ කෝට් එක ඇතුලෙ තිබිලා පොඩි පොතක් වගේම පෑනක් දෙනකොට මල්ශාලාවෙ උන් තක් බීර් වෙලා උන්නා...මට විශ්වාස නෑ...මට මුන් එකෙක්වත් විශ්වාස නෑ....අම්මපා...මොකක් හරි මගුලක් කෙරුවොත් මං මුන්ව මරනවා මරලා හිරේ යනවා...

එයාගෙ පෑන පොත අතට ගත්ත උනත් මගෙ ඇස් දෙක තිබුනෙ මල්ශාලාවෙ අයිතිකාරයා කියන්න පුලුවන් මංගල මුදු මාල වලලු රන් අබරන දාන් උන්න එකා ගාවට වෙනකොට කන්නාඩියක් දාගත්තු සංධීර් අත් කාචයක් අරන් බලන්න ගත්තා....

ස්ස්...සංධීර් ....

ශ්ශ්...පොඩ්ඩක් ඉන්න.....

එයා මට කතා කරන්න දුන්නෙ නෑ...මට ඒ කෙල්ල දිහා බලන්නත් බෑ....සර්වාංගෙ අඩක්ම පිච්චිලා ගිහිල්ලා..අත්වල ඇගිලි නෑ....ඒ ඔක්කොම රබර් ඇකිලෙනවා වගෙ ඇකිලිලා ගිහිල්ලා.....

ඊටත් ඒ මල කද දකින වාරයක් ගානෙම මට මතක් වෙන්නෙ එයාගෙ ඇගේ තියන රෝස පාට පාරවල් වෙනකොට මගෙ ඔලුවට හිතට වචනවලට කියන්න බැරි තරම් වේදනාවක් දැනුනා.....

අනේ උන් මගෙ සංධීර්වත් පිච්චුවනෙ...උන් බලාපොරොත්තු වෙන්න ඇත්තෙත් මේකනෙ... ..

උන් එයාගෙ මරන පරීක්ශන පවා නැවැත්තුවනෙ...

.මේක....මේක...ත්...උන්ගෙම....

මම ඔලුව කැසුවා....අතින් කන පිහදගත්තා . ..

මේක ගෙනල්ලා දීලා කොච්චර වෙලාද.....

සෑහෙන වෙලාවක් අර පිච්චුන මලකද දිහා බලන් උන්න එයා අර මිනිහගෙන් ආහනකොට ඌ අහක බලා ගත්තා....

මම ඔය මහත්තයගෙන් මහ දෙයක් ඇහුවෙ නෑ..මං ඇහුවෙ...මේක ගෙනල්ලා..කොච්චර වෙලාද.....?? එච්චරයි ....වෙන මොකුත් ඇහුවෙ නෑ....

මහත්තයා....කරුනාකරලා අපිට....අපෙ වැඩේ කරන්න දීලා....මෙතනින් යන්න මහත්තයා....රාල හාමිලා ඇවිත් කියලම ගියා...

ආ....ඇ..ඇත්තට.....උ..උඹගෙ.....ද්...ද්

යෙවීන්.....

ස්ස්..ස්සංධී....

.....

මම කට පියා ගත්තා....පොඩ්ඩ් බැරි වෙනකොට ගමකට නෙලන්න තරහා යන මට සංධීර්ගෙ වයසත් පහු කරපු මනුස්සයගෙ දත කට පූට්ටු කරන්න තරම් තරහක් එනකොට එයා මා දිහා එක බැල්මයි බැලුවෙ මම කට පියාගන පැත්තකට උනා.....

මම ආයම එක පාරක් අහන්නම්...මේක ගෙනල්ලා කොච්චර වෙලාද....පැයක් ...දෙකක්...ඊටවඩා වෙන්න බෑ එහෙමනෙ...??

........

.හරි.....ඔය විදිහටම කට පියන් ඉන්න පුලුවන් හැබැයි...මම අහන දේට උත්තර නොදී ඉදලා....පිටින් දෙයක් අහන් ආවොත්...

ම්ම්..මරලා..දානවා.....

...

මම ආයම බිම බලාගත්තා....සංධීර් කියන්න හැදුවෙ මොක උනත් මම හිතන්නෙ නෑ....මට ඒ ලමයගෙ මලකද දකිනකොට එදා රෑ වෙච්ච හැම දෙම ආය ආයම මතක් වෙනකොට මාවම කන්ට්‍රෝල් කරන් ඉන්න පුලුවන් කියලා ....

.ස්ස්...සංධීර් ...

ම්ම්...අල්ලන්න එපා ඔය මොකුත්.....

ම්ම්..මට...හ්හ්..හිතෙන්නෙ...ම්ම්..මේකත්....ඇ...ඇ...

ඇමතිගෙ කියලද.....

ඔ...ඔ..ඔව්....

තවම හරියටම සාක්ශි හම්බුන් නෑ යෙවීන් ..හැබැයි....එතකන් එයාමයි වැරදිකාරයා කියලා හිතන්නෙ නැතුව...සැක කරන තැනින් නවතින්න පුලුවන් .....ම්ම්ම්

මම පැත්තකට උනා....

තැලුම් පාරවල් ...කැපුම් පාරවල්....සීරුම් පාරවල්.....

එයා මුමුනනකොට මම ලියාගත්තා . ..සට සට ගාලා ෆෑලෑශර් එලි වැදුනා. .එක පිට එක පිට ඵොටෝ වදිනකොට මම බෙල්ල පහත් කරන් ලියන්න ගත්තා විතරයි මට එහා පැත්තෙ උන්න සන්දීර් එක පාරම ආහ්.. ගෑවා...ඒ එක්කම යකඩ බාර් එකක සද්දයක් ඇහුනා...

ස්ස්...ස්ස් සංධී....ර්‍ර්...

පිත්තල පහනක්...

එම්බාම් කරන උන් දෙන්නා බය වෙලා වගේ බලන් ඉන්නකොට මල්ශාලාවෙ අයිති කාරයා පිත්තල පහනකින් සංධීර්ට ගැහුවා වගේම එයා ඔලුවට අත තියන් ඔලුව එහෙම්ම යකඩ ඇද උඩ තියාගත්තා...මීක් ගෑවෙ නෑ....

උ...උඹ.....උඹ.......

මට ආවේස උනා..මෙච්චර වෙලාම උන්නෙත් තරහෙන් වෙනකොට සංධීර් දිහා බලපු මට ආවේස වෙනවත් එක්කම එකා මටත් ගහන්න පිත්තල පහන උස්සනකොට ඌට වඩා ඇගපතින් අඩු මම මගෙ අතේ තිබ්බ පෑනෙන් උගෙ බෙල්ලට ඇන්නා.....

එකපාරක්....නෑ...දෙපාරක්....

සලාන්....

අතේ තිබුන පිත්තල පහන ඇතෑරුන මිනිහා ලේ ගලන බෙල්ල අල්ලගන්නවා එක්කම මම ඒකගෙ කොන්ඩ අහුරකින් අල්ලගත්තා ...

යෙවින්න්....යෙවීන්....මට කරදරයක් ...නෑ..යෙවීන්...

සංධීර් අනිත් පැත්තෙන් කෑ ගැහුවා උනත් උගෙ පිට මැදටම පිත්තල පහන් පාරක් ගහගනකන් මට කාගෙන් වත් වැඩක් නැති වෙනකොට සධීර්ට ගැහුවෙ කොහොමද ...ඒ හා සමානවම මම බිමට වැටුන පිත්ත්පහන අරන් ඌට ගැහුවා ....

..උ...උ..උඹට....ම්ම්...මම...ක්ක්..කිව්වා.....ප්ප්...පැත්තකට.....ව්ව්...වෙලා....

යෙවීන්.....

ස්ස්...සංධීර්.....අ..අතෑරපන් ...ම්ම්..මාව.....

මම සංධීර්ගෙත් අත ගැසුවා.....පහන් පාර කාලා බෙල්ල අල්ලන් බිම වකුටු වේගන උන්න මිනිහ දිහා බලන් උන්න මම අනිත් පාර සංධීර් දිහා බැලුවා.....

උ..උඹට. .ම්ම්..මාව...මරන්න...ප්පුලු...

වන්...ස්ස් ..සංදී...ර් හ්හ්..හැබැයි....උඹට....අත...ත්ත්...තියන්නෙ...ක්ක්..කව්ද...අ..අලු කරලා...ද්දා ...නවා.....උඹට....අ..අත....ත්තියන්නෙ...ම්ම්...මං....විතරයි.....d...dont...p...play with...me.....

මම දත් මිටි කාගන ඇගිල්ල උරුක් කරන් ඉදලා අරූට ආයමානින්න යනකොට එයා මාව ණැවැත්තුවා .....එයා හිනා උනා....එයාට වැදුන පාරෙන් බරම හරිය වැදිලා තිබුනෙ පිටට වෙනකොට ඔලුව යන්තම් පැලිලා තිබුනා. .....එම්බාම් කරන්න උන්නෙත් පුරුදුන් නැති අලුත් උන් දෙන්නෙක් වෙනකොට උන් දෙන්නා දැනටමත් මුලු ගැහිලා ඉන්නකොට කරන්න දෙයක් නැති තැන සංධීර් මිනිහට ක්ලෝරෆෝම් ඇල්ලුවා...අල්ලලා පැත්තකට දැම්මා.....

චන්ඩයා.....

මගෙ....

එයා මගෙ මූන අත ගෑවා....බෙල්ලට ඇනපු පාරට විසි උන ලේ බින්දුවක් දෙකක් නලලෙ තියනකොට එයා මගෙ මූනට දාපු මාස්ක් එක හදලා නලල පිහලා මගෙ චන්ඩයා කියන ගමන් මිනිය ගාවට ගිහින් ආපිට හැරිලා මුලු ගැන්විලා උන්න කොල්ලො දෙන්නා දිහා බැලුවා ...

කීයටද ලමයො මේක දෙන්න තියෙන්නෙ....

එයාගෙ සීතල කටහඩ ආයම වෙනස් උනා.....

ප්ප්...පෙය දෙක තුනකින්.....තමා මාත්තියා...යේක...ඔබන්ඩ කරන්ඩ මොකුත් නේ තමානෙ ..පව් අප්පා...

ම්ම්ම්....ම්ම්ම්...මේක ගෙනාවෙ දැන්ද...ගෙනාවෙ කව්ද ...

මං අහගන අර බය වෙලා උන්න කොල්ලො දෙන්න අරූ හංගපු හැම දේම කියනවා .....

දහ අටක් කියන්නෙ ඔය ලමයි අර අරයගෙ වයසෙනෙ ම්ම්ම්..ඉස්කෝලෙ යන්නෙ නැද්ද ??

මොකක්...කොන්ඩෙට මලකඩ පාට උලන් කරාබු දාන් උන්න ළමයි දෙන්නා මගෙ වයසෙද...

සමහර විට ඕලෙවල් වලින් ගෙදර ඉන්න ඇති....නැත්තන් අට පාස් උනා කියන්න අටෙන් නවතුන්න ඇති....මොනවාඋනත් ඒ ළමයි දෙන්නා කට්ට කලුයි.....මෙහෙ නෙවෙත් වගෙ ..සිංහල කතා කෙරුවෙත් ඇදලා ....මේ ලග පාතත් නෙවෙ වගෙ ළඟ පාත උනානම්...මුන් දෙන්නත් අරූට එකතු වෙනවා...

ස්ස්.....සංධී....ර්...ඒ...ඒ ...ද්දෙන්නා...

නුවර එලියෙ...වතුවල...

ල්ල්...ලැයිම්...ක්ක්...කාමර...ව්ව්...වල...

ම්ම්න්....

මං බෙල්ල හරවලා කොල්ලො දෙන්නා දිහ බලලා ආපිට බලනකොට සංධීර් අර ලමයගෙ ඉනට උඩින් දාලා තිබ්බ රෙදි කඩ උස්සලා ආයම අහක බැලුවා ...

ස්ස්...සංධී...ර්....ඇ...ඇයි....

එයා ඇස් දෙක පොඩි කර ගත්තා වගේම මට ඉටි බැග් එකක් ගන්න කිව්වා ....

ඔයාට වමනෙ යයි....

ක්ක්...ක්..කමක් නෑ...ම්ම්..මට බලන්න ඕනා...

ම්ම්.....

එයා මොකුත් කිව්වෙ නෑ....මගෙන් ඉටි බෑග් එක ඉල්ලනවා එක්කම එයා රෙදි කඩ අහකට කරනකොට මගෙ පපුව ඇකිලිලා ගියා...

ඇයි දෙයියන්නෙ මේ...

බාගෙට පිච්චුන කකුල් වල තව තව පාරවල් ....දම් පාට වෙච්චා....ගින්දර සැරට තව ඇකිලිලා ...

සංධීර් එහෙම්ම කෙල්ලගෙ යට කලිසම ගැලෙව්වා...ඇයි ඒ....??මං එහෙම්ම සංධීර් දිහා බැලුවා ...ඇයි අහන්න වගෙ..

ස්පර්ම්ස් තියනවද බලන්න...

ස්ස්...සංධීර් ...ඔ..ඔයා හිත...න්නෙ....ම්මේක....ර්‍ර්...

රේප් වෙලා තියෙන්නත් පුලුවන් ....ඒකට හේතුව මෙන්න මේක.....

සධීර් කෙලිම්ම එයාගෙ කලවෙක තිබුන නියපොතු පාරක් පෙන්නුවා ...නියපොතු පාර එක පෙලට ඇගිලි හතරක් ගැඹුරටම හිටලා වගේම යට ඇදුමෙ තිබුන ලේ බින්දු එක්ක එයා ආයම බලන් උන්නා...බාන් ඉදලා දාන් උන්න ග්ලවුස් එක උඩට ඉස්සුවා .....

ඉරිලා ...

ඉ..ඉරිලා.....??

ම්න්....

එයා කෙල්ලගෙ කකුල් මැදින් බලල ඉරිලා කිව්වා ....ඒත්....පිරිමියෙක් ගෙ එකකට ඉරෙන් නෑනෙ....

ම්ම්..මොනවා හරි...ඔ....ද්...දෙයියනෙ.. 

මට ඔක්කාරෙට ආවා....මම කටට අත තියා ගත්තා ...මම අහන්න හදපු දේ මග නතර වෙනකොට එයා අත දැම්මා

..අත දාලා වීදුරු බෝතලයක් ගත්තා ...හරියටම ඕඩික්ලෝන් බෝතලයක් සයිස්....

බ්වෑක් .....

බ්වෑක් .....

වමනෙ ගියා...බෝතලේ වටේට තිබුන අවර්න තරලෙ වගේම ආව දුර්ඝන්දෙත් එක්ක මට වමනෙ යනකොට එයා මා දිහා නොබලා එයාගෙ පාඩුවෙ වැඩ කෙරුවා අවසානෙදි .....එයා අත්මේස් ගලවලා ඉටි බෑග් දෙක තුනකට මල කදෙන් හියා ගත්තුවා දාගන අර ළමයි දෙන්ණා දිහා බැලුවා ....

මලකදට සාදරනයක් ඕනෙද හිතලා බලන්න...

එයා නොකියා කිව්වෙ අපි ආව වගක් වෙච්ච දෙයක් කියන්න එපා කියන එක වෙනකොට සංධීර් මාවත් එක්කන් ජීප් එකට නැගලා සිගරට් එකක් අවුලන ගමන් ඵෝන් එක අතට ගත්තා ....

මොකද වෙන්නෙ...මොනවත් කියන්නෙ නැද්ද ??

.....

ඔය ඉන්න විදිහටම ඉන්න දෙන්න...

රේප් කරලා ...මරලා පුච්චලා තියෙන්නෙ...උඩ ඉදන් යටට ....ම්ම්ම්.

මං උන්නෙ ශටර් එකට ඔලුව ගහගන.....එයා කිව්වා වගේම පිච්චිලා තියෙන්නෙ උඩ හරිය.....මස ඇකිලිලා තිබුනෙම උඩ හරියෙ.....එත්...කකුල් වල තිබුන පාරවල් .....ඇයි දෙයියනෙ එච්චර වද දීලා තියෙන්නෙ...ඒකත් මේ පොඩි කෙල්ලෙක්ට .....

යෙවීන්....

ම්ම්ම්ම්ම්...

ගෙදර ගිහින් අරින්නද ම්ම්ම්...

එ...එ...එප.....ම්ම්...මට...ඔ..ඔයා

...එ..එක්ක...ය්..යන්න..ඔනෙ....

මං දැන් වෙන ගමනක් යන්නෙ....මේ චූටි කුකුල් පැටියට මහන්සී නේද ...

න්න්...නෑ...මට මහ...න්සි....න්න්..නෑ...

යෙවීන් කියන දේ අහපන් ....

උ..උඹ...අහප..න්...ස්ස්..සංධී...ර්....ම්ම්..

මන්...ආ...ආව හින්දා හ්..හොදයි....ම්ම්..මට ක්ක්...කියපන්....ත්ත්...තනියෙන්....ආ..ආව...නම්....ම්ම්..මට...ම්ම්..මේපාරත් ...උඹගෙ...ම්ම්..මිනිය....ත්ත්..

ඇති....

මං කෑ ගැහුවා ....ශීට් එකට මිටමොලවලා ගැහුවා .....එයා මට සැර කෙරුවෙ ලාවට උනත් මං කෑ ගැහුවා ...

ස්ස්...සංධීර් ...මම....උ..උඹව...න්න්..නැති ක්ක්..කරගන්නෙ....න්න්..නෑ...එල්ලුම්..ග්ග්..ගස්...ය්ය්..යන්ඩ හරි....ම්..මරනවා ...

එයා හිනා උනා ...කට කොනකින් හිනා උන එයා මෙච්චර වෙලාම ඇවිලුන ලයිට් එක වහලා දානවත් එක්කම එයා මාව ලගට ඇදලා අරන් මාස්ක් එක ගලවලා මගෙ කට කොනකට හාදුවක් තියලා මොකුත් නොකියම අඩුම ගානෙ මටවත් හාදුවක් තියන්න නොදී ආපහු මාව ශීට් එකට තල්ලු කරලා ලයිට් එක ඔන් කරලා ජීප් එක ස්ටාර්ට් කර ගත්තා ...

මහ මොකෙක්ද මන්දා ....ඇයි එ....ඇයි ඒ...මටත් ඉඹින්න ඕනා...ඇයි එ....ඇයි යකො.....මට බෑ.....

ඇස් හිනි කරන් උන්න එයා දිහා බලපු මම අනිත් පාර එයාටත් හාර්ට් ඇටැක් හදවගන මං එයාගෙ කම්මුලට හාදුවක් තියලා එයා මගෙ දිහා බලනව එක්කම ම අත් දෙකෙම්ම මූන වහගත්තා ....

ල්ල්...ලැජ්ජයි..නේ....ස්ස්...සංධී....ර්

මෝඩයා ...

එයා මට මෝඩයා කිව්වා.....මෝඩයා කියන ගමන් එහෙම්ම එයා ඩ්‍රයිව් කෙරුවා කොහෙට යන්නෙ කා ගාවටද යන්නෙ අහන්නවත් මට උවමනාවක් තිබුන් නෑ පලවෙනි දේ එයාව මට

අවිස්වාස නෑ....එච්චරයි ...

යෙවීන්....

ම්ම්ම්..

බඩ ගිනිද ...

න්න්...නෑ....අ..අනෙ.....

ම්ම්ම්

මෙච්චර වෙලාම කටවහන් උන්න එයා මගෙන් බඩගිනිද ඇහුවා ...එයා දැන් චුට්ට චුට්ට පුරුදු වෙනවා ...ඔක්කොමත් හොදයි මේ මිනිහට මැසේජ් එකක් කොටා ගන්න හත් අවුරුද්දක් යනවනෙ...

ස්ස්...සංධීර් ...

ම්න්..

ඔ..ඔයාට....ම්ම්..මැසේජ් ...ක්ක්..කරන්න..අ..අමා...

ආස නෑ....

එ..ඒ..ඇයි..ඒ..ඇයි.....ම්ම්..මං...ආසයිනෙ.....ර්‍ර්...රෑ....වෙන...කන්....ටු...කු....ට්...ටුකු....ග්ග්..ගාලා....ක්ක්..කොටන්න.....ම්ම්..මං....ආස...යිනෙ...

වෙලාවක් නෑ....

ඔ..ඔව්...ඉ..ඉතින්....උ...උ..උඹට....ක්ක්..කව...ද...ද.....

කියවන්ඩ පටන් ගන්න එපා...

පේනවනෙ...පේනවනෙ....මූට අර පහනෙන් මොලේ හෙලවිලා යන්න කන්න දෙන්න තිබ්බෙ...ඇයි යකො....මට කවදාවත් දෙයක් සම්පූරනම කරන්න දෙන්නෙ නෑනෙ.....මැසේජ් කරන්න ආස නෑලු....මං පිට ගියොත් උඹ තමා වැරදි ඇයි යකො....කොච්චර ආදරේ උනත්.....

ස්ස්..සංධීර් ...උ..උදේට ...වත්...ග්..ගුඩ්...ම්ම්..මෝරින්....ක්ක්..කියලා ...එ..එවන්..ඩකො....ඇයි....ය්ය්..යකො....ආ...දරේ...ක්ක්..කරනකොට එහෙමනෙ....

ම්න්...

හ්හ්...හා....ගුම්...මෝනිම්....බ්බ්..බබා....ක්ක්.කියලා ...එ..එවන්න...හ්හ්..හාද....

ම්න්...

ඔය...gm..gn..mk ව්..වගේ....එවන්...න නම්..එපා...ම්ම්.මට....ත්තරහා...ය්ය්..යනවා...ස්ස්..සංධීර් ....

.....ම්න්.

මං ආයම එයාව කූරු ගෑවා....

ඔ..ඔන්න...ස්ස්..සංධීර් ...ක්ක්..කිව්වා...වගෙ....එ..එවන්න....න්න්..නැත්තන් ...ම්ම්

මන්...ප්ප්..පිට ..ය..යි....

ගිහින් බලපන් උඹෙ මිනිය කානුවකින් අහුලගන්න බලාගන ....

මගෙ දෙයියනෙ.....මේ මිනිහගෙ තියන වස කම...

මගෙ බොක්කත් බොක්කත් එක්ක මොකක්ද වෙලා ගියා නෙවෙ චූ බරකුත් ආවා ...මා දිහාවත් නොබලා මිනිය කානුවකින් අහුලන්න බලාගන ගිහින් බලපන් කියනකොට මං අනිත් පාර එයා දිහා බැලුවා ..උඹත් පිට ගියොත් රූම් යන් කියලා එක්ක ගිහුන් බෙල්ල කපලා සූක් කේස් එකක දාලා කොගෙට හරි ගිහින් දානවා ....දන් නැතුවයි මගෙ හැටි....මමත් කියන්නෙ මට නැත්තන් කාටත් එපා....

චටාස් ..

මං එයාට ගැහුවා ...නිකන් නෙවෙ අත මිට මොලවලම...

මොකද දරුවො....

ආ..දරෙයි ...ද්...ද්..දාලා...යන්...නෑ...ක්ක්..

කියපන්....

මං එයාගෙ කටින් බලෙන් වචන ගන්න හැදුවා ....ඒත් එයා නෙවෙ ගනන් ගත්තෙ...එයා උන්නෙ ඇහුන් නෑ වගෙ වෙනකොට මං මගෙ මූන ශටර් එකට හේත්තු කරගත්තා ....

මං තරහා උනා...

ඕනා නම් යාලු කර ගන්නෙ නැතැයි ....ඇයි යකෝ...

ස්ස්...සංධි...ර්...

......

ම්හුක්...ම්ම්..

යෝ....ගානක් නැති හැටි.....කුකුල් පැටියා තරහා වෙලා ඉන්නෙ අප්පා .....

මං දැගලුවා ...එහාට හැරුනා මෙහාට හැරුනා..කකුල්වැනුවා....එයා නෙවෙ මාව තඹේකට ගනන් ගත්තෙ ....

..ස්ස්....සංධී.....ර්....ඒ.....ඒක....න්න්...නායකයෝ.....

ඇයි දග කරන්නෙ.....ම්ම්ම්

ම්ම්..මං තරහ ...ව්ව් ..වෙලානෙ ඉන්නෙ.....

උඹට තරහ වෙන්න කව්ද අවසර දුන්නෙ....

අ..අවසර .ඕ.ඕන්...නෑ....ම්ම්..මට....ඕ...නනම්...

විරුද්දයි ...

න්න්..නිශ්ප්‍රභා ක්..කරනවා .....

ම්න්...දග නොකර ඉන්න...ආදරෙයි....

හුගක්...

යෝ...හ්...නෝස් බ්ලීඩින්....ම්හුක්....මෙ මිනිහ මගෙ හදවත පිස්සු වට්ටනවා ...යෝ....මෙ ඉගන ගත්තා ඇති සංධීර් අපි බදිමු බන් ...අනෙ...ම්හුක්.....ම්හුක්...මගෙනෙ...

එයා මගෙ කම්මුලක් පිට අල්ලෙන් අත ගාලා පඩුවෙ ඉන්නකොට මන් කකුලක් වන වන ඉදන් උන්න ..අවසානෙදි මෙච්චර දුර ආව එයා මෙර්න් රෝඩ් එකෙන් අතුරු පාරකට දාලා ලයිට් ඩිම් කෙරුවා වගේම එයාකෝල් එකක් ආවා..

ළඟ ...

එයා එච්චරයි කිව්වෙ කට් කෙරුවා ....

ස්ස්..සංධීර් ...ම්ම්..මේ...කොහෙද ...

ම්ම්..නමක් නැති තැනක්.....

න්න්..නමක් නැති තැනක් වෙන්න බෑ..මේක හිර ගෙයක්.... හැබැයි ඉස්සරහ නෙවෙ පිටිපස්ස පැත්ත...අහස උසට බැදපු තාප්පෙ පුරාවටම බැදිලා තිබුන පාසි කලු පාටින් පේන කොට ඒ තාප්පෙ මුසල පාට තවත් වැඩි උනා...කටු කම්බි රෝල්.රෝල් උඩට අමුනල තියන තාප්පෙට නගිනවා තියා හිතන්නත් බැරි වෙනකොට එයා මට බහින්නවත් නොකියම බහිද්දි මමත් එයාගෙ පස්සෙන් බැස්සා ...

බැහැලා එයාගෙ පස්සෙන් යනවා එක්කම එයා එක පාර නැවතුනා...නැවතිලා මගෙ දිහා බැලුවා....

දෛවයයි ..තෝරා ගැනීමයි කියන එක ගැන මොකක්ද හිතෙන්නෙ යෙවීන්??

දෛවයයි....තෝරා ගැනීමයි.....එයා මගෙන් හැම වෙලේම මොකක් හරි දෙයක් ඇහුවා...ඒ අහන එක වෙලාවක වත් මට එක පාර උත්තර දෙන්න බැරි වෙනකොට මම ආයම ගොලු උනා වගේම එයා යකඩ ගේට්ටුව ගාවට ගිහින් එතන උන්න කාකි ඇදුම ඇදන් උන්න කෙනාට අයිඩී එකක් පෙන්නලා ඇතුලට ගියා උනත් මාව ගන්න ඒ මනුස්සයා ආයාම එයා දිහා බැලුවා ...

මගෙ ළමයා....

ම්ම්..මොකක්...එයාගෙ ළමයා.....ඇයි මම කොහෙද ලමයා වෙන්නෙ.....මම.එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙ...ඇයි ඕක කියන්න අමාරුද....අනේ ඇත්තමයි මෙතන තියන තත්වෙ හින්දා ඉවසනවා...මිසක්...හිටපන්..මමත්.කොහෙ හරි ගිහින් මගෙ කටිම්ම තාත්තෙ කියනවා.....

මම ගල් මුල් වලට පයින් ඇන ඇන එයාගෙ පස්සෙන් ආවා.....වෙන මොකටවත් නෙවෙ ලමයා කිව්වට....

තරහා ගන්න එපා.....

එයාට තේරිලාද කොහෙද...මට තරහා ගිහින් කියලා ....මගෙ ඉස්සරහින්‍ යනගමන් උන්න එයා මාව ඇදලා අරන් තරහා ගන්න එපා කියන ගමන් ඇහැක් ගහනවා එක්කම කලු සාරි ජැකට් එකට සුදු සාරියක් ඇදපු කෙල්ලක් දුවගන ආවා..මේ කව්ද....

ළමයා කිව්වෙ මේ හින්දද...ආ...ආ..ආ..එහෙනම් මෙ ඉන්නෙ ගෑනි වෙන්න ඇති....මාව පුපුරන්න ඔන්න මෙන්න....

මහත්තයා .....

මැහැත්තයා...යැයි යැයි එහෙනම් මේක තමා කොයි වෙලෙත් මගෙ මිනිහට මහත්තයා ගගා කෝල්.කරන්නෙ...මූත් ඒකිගෙන් කෝල් එක එන එන පාරට දුවනවා...

න්න්..නැන්දා....ව්...වෙන්න....ඇ..ඇතිනෙ....

......

.

අරකෙල්ල දිහා බලන් පුපුරප පුපුර උන්න මම නැන්දා වෙන්න ඇතිනේද කියනකොට එයා මගෙ දිහා බලලා ඔලුව හොලවනකොට ඒකෙල්ල ආයම මා දිහා බලලා එයා දිහා බලනකොට එයා මාව ලගට ඇදලා ගත්තා....ඇදල අරන් මොකුත්ම නොකියා මගෙ කිව්වා....

" මගෙ"

ඔ..ඔව්...ම්..ම..න්...එ..එයාගෙ....ප්ප්..පුතා....

.උඹ නටපන් සංධීර් .....උබ ආයම කියන්න ගියෙ මගෙ ළමයා කියලා වෙන්න ඇතිනෙ....වෙලහට අම්මා මැරිලා මම තනිකඩ තාත්තෙක් කිව්වද දන්නෙ නෑ....

අනේ උඹලා ඉතින් ඇත්ත බොරු කරන උන් නෙ....

කොහෙද....

ඇතුලෙ ඉන්නවා මහත්තයා .....

කෙල්ල යන්න ගියා....සංධීර්ගෙ අත ගසලා දාපු මම මලෙත් උපරිම ඉදල එයා දිහා බැලුවා...

ම්ම්..මැහැ...ත්තයා....ග්ග්.ගානකොට....ය්ය්..යන...හ්..හිනාව..නේහ්.....??

විකාර හිතනවා....

විකාර හිතනවා කියපු එයා මට ඉස්සරහින් යනකොට මම පිටිපස්සෙන් ඉදන් පුලුවන් තරම් බැන්නා..උඹගෙ අඩු කඩලා ලිපෙ දානවා කිව්වා...මමත් හොදට හොදයි නරකට නරකයි කිව්වා....එයා වගේම මරලා හංගනවා.කිව්වා ....

එයා නෙවෙ ගනන් ගත්තෙ...බක පන්ඩිතයා වගේ අත් දෙක සාක්කුවෙ දාගත්තු එයා මට ඉස්සරහින් යනකොට මම බනින එක නවත්තලා වට පිට බැලුවා

මේක නිකන් ඉංග්‍රීසින්ගෙ කාලෙ හදපු හිරගෙයල් වගේ...කහපාට මැරෙන්න ඔන්න මෙන්න වගේ තියන ලයිට් ඇවිලුන කොරිඩෝ ව දිගෙ මම වට පිට බලන ගමන් එයාගෙ පස්සෙන් ගියා...හැම බිත්තයක්ම පරන පාටයි...

හිස් හිර මැදිරි .....

පුස් ගද.....

අන්දකාරෙ....

කසිංජි බැදුන සිමෙන්ති පොලව...

ඒ ඔක්කොටම වඩා හදවත සීතල කරන පාලුව ගතිය.....

මම හිතන්නෙ නෑ ඔර එලියක් වත් වැටෙනවා කියලා ....

ක්‍රීස්....

එයා යකඩ කූරු ගහපු දොරක් ඇරියා....

ඇරලා තවත් කොරියාවක් දිගේ ගියා..මෙක කලින්ටත් වඩා අන්දකාරයි....

අවසානෙදි ගිහින් හිහින් ආයම සාමාන්‍ය ගානට එලිය තියන හිර මැදිරි පෝලිමක් ළඟ නැවතුනා....කවුරුත් නෑ....එකම එක හිර කූඩුවකින් ඇහෙන ගෑනු කටහඩක් ඇරුනම තවත් මොකුත් නොවෙනකොට එයා එ හිර කූඩුව දිහ බලන් උන්නා

අරන් එන්න....

එච්චරයි කිව්වෙ.....අපිට කලින් ගියපු අර කෙල්ලට එයා කිව්වා අරන් එන්න කියලා ...මේ කෙල්ල මොකාද අප්පා.....

ස්ස්..සංධීර් ...ම්ම්..මේ...ක්ක්....

මට ඒ ප්‍රශ්නෙ අහන්න හම්බුන් නෑ...එයා මට ඉස්සරහින් ගිහින් මේසයක් තිබුන කාමරේකට ගිහින් මේසෙ ගාව තිබුන පුටුවෙන් ඉදගත්තා ...මේක නොකන් ඉන්විසිගේට් කරන තැනක් වගේ...ඒ එක්කම අර ගෑනු කෙනා ආවා..ගෑනු කෙනා විතරක් නෙවෙ.....අනේ තව පොඩි ලමයෙකුත්.....නෑ...තව පිරිමි දෙන්නෙකුත්....

මම ඒ පිරිමි දෙන්නා දිහා වගේම හෑනු කෙනා ඩ්ජිහා බැලුව.....පාට ගියපු බාච්චු සායක්.....කර ඇදුන හැට්ටයක් .....උරහිස් ඇට පැදුන...නහර පෑදුන වගේම පන්සල් වලින් දන පිරිත් නූලක් විතරක් බෙල්ලෙ පාලුවට තිබුන ගෑනු කෙනාගෙ කන් පෙති වල කරාබු නැති උනා.....

අපිලිවල කොන්ඩේ....සෙරෙප්පු නැති කකුල්...මම කකුල් දිහ බැලුවා....ඒ කකුල් වල තැනින් තැන මඩ පාරවල් තිබුනා...මඩ කියන්නෙ...වැස්ස වහිනකොට නෙස්ට්මෝල්ට් පාට මඩ වලවල් වල මඩ වගේ...යට ගියපු ඇස් දෙක රතු වෙලා තියනකොට මුනත් තඩිස්සි වෙලා තිබුනා වගේම ගෑනි ඇටගැහුන අතෙන් ළමයෙක් අල්ලන් උන්නා...

මම එහෙම්ම පිරිමි දෙන්නා දිහා බැලුවා...එකෙක් හොදට ඇදලා.....රෙඩිමේට් කලිසමක් ..කිඹුලා මාර්ක් එකෙ ශර්ට් එකක්...කොට කොන්ඩෙ.....අතේ සර්ව පිත්තල මුද්දක්.....කොස්පට්ටා සෙරෙප්පු දෙකක්....ම්ම්ම්...මූට යමක් කමක් තියනවා.....

මම එහෙම්ම අනිත් එකා දිහා බැලුවා...

කහ ගැහුන ඇස් .....ලාවට වෙව්ලනවා...ඉදිමුන මූනක්...සෙරෙප්පු නැති කකුල්...කොටිම්ම බේබදු පාට මූනක්...පොකුටු කොන්ඩයක් ...කොටිම මූ බේබද්දෙක්.....

ලමයව එවන්න.....

ආව උන් දිහා බල බල මට හිතෙන විදිහට එක එක දේවල් එකතු කරගන්නකොට සංධීර් ලමයව එවන්න කිව්වා.....

ම්...මහත්ත....යා....

ශ්ශ්....මං කිව්වෙ..ලමයව එවන්න...එච්චරයි ....අඩන වැලපෙම එක පස්සෙ බලමු...

ගෑනු කෙනා ලමයව අතරිනකොට කෙල්ල ගිහින් ලමය්ව ගෙනාවා මම සංධීර් ගාවින් හිට ගත්තා ....අනේ අවුරුදු හය හතක ළමයෙක්.....

ආ..මෙක....

ටොපියක් .....

සංධීර් එයාගෙ කෝට් එකට අත දාලා රත්තරන් පාට කොලයක් ඔතපු ටොපියක් දෙනකොට මට ඉබේම "ම්හුක්" කිය උනා...එයා මා දිහා බැලුවා...

ගෙදර යන කොට අරන් දෙන්නම්.....

කෝ..ලගට එන්නකො.....මෙහෙ දෙන්න ගලවලා දෙන්න...මේ අයියා සමනලයෙක් හදලා දෙයි ආ....බබාට.....

අ...ක්කියා.....කෝ....?

කාගෙ අක්කියද...පුතාගෙ අක්කියද....

ගෙදර යනකොට මට අරන් දෙන්නම් කියපු සංධීර් අර පොඩි ලමයව උස්සලා මේසෙ උඩින් ඉන්දවල ටොපිය ලෙහලා ඒ පොඩි එකාගෙ කටේ ඔබලා මට කොලේ දුන්නා සමනලයෙක් හදලා දෙන්න...මෙච්චර වෙලාම වට්ස් පිට බල බල උන්න ඒ ලමයා අක්කියා කෝ අහනවා....

අනෙ අර මැරිලා උන්නෙ මේ ලමයගෙ අක්කද???අයියො එහෙම නම් වෙන්න එපා අප්පා....

මට කියන්න....බබාගෙ නම කව්ද.....

ම්ම්....

බබාගෙ නම...

.කොල්ලා ටොපිය ලොවනවා...මේකට හතක් නෑ...අනිවාර්යයෙන්ම හයක් වගෙ ඇත්තෙ...ඇගපත නැති උනත් ඇගට වඩා ලොකු උන බඩ ගෙඩිය වගේම පිම්බුන කම්මුල් එක්ක ඌට අහිංසක හුරතල් පාටක් තියනකොට කොල්ල්ල දූවිලි ගාවුන කකුල් එකට එක අතුල්ලලා නම මතක් කෙරුවා .....

සෙනුම්.....

සෙනුම්ද නම...එච්චරයි ද.....

.ම්ම්...ඕ....

හරි...මට කියන්න සෙනුම් බබාගෙ...කව්ද ගෙදර ඉන්නෙ...

ගෙදර.....

.

ඔව්.....කව්ද ඉන්නෙ...

.ම්ම්...

කොල්ලා ආයම ඔලුව කැසුවා....ආයම කල්පනා කෙරුවා.....අනිත් පැත්තෙ උන්න මිනිස්සු දිහා බැලුවා.....

..කෝ...අක්කියා.....

.අක්කියව එක්ක එනවා....හැබැයි ඉතින් අහන ඒවට උත්තර දෙන්න ඕනා.....

ම්ම්ම්....

හොද ලමයා..කො ගෙදර ඉන්නෙ කව්ද කියන්න.....

.අම්මයි...තා....ත්තයි...

ම්ම්...තව...අක්කියා...කෝ.....

අරන්...ගියා....නෙ...කෝ.....?

අරන් ගියාද....කව්ද අරන් ගියෙ???

ම්ම්.....

කව්ද බබාගෙ අක්කියව අරන් ගියෙ....ඔයා දන්නවද...දැකල තියනවද.....ම්ම්.....

ම්ම්ම්.....

කොල්ලා ඔලුව හෙලෙව්වා...

අක්කියව අරන් ගියා කිව්වා..... අරන් ගිය එකාව දන්නවද ඇහුවම ඔලුව වනපු කොල්ලා එතනින් එකෙක් පෙන්නුවා.... එක්කම බම වකුටු වෙලා වගේ ඉගන අපි දිහා බලන් උන්න බේබද්දා නැගිට්ටා වගේම ඌ අපි ඉන්න තැනට එන්න එනකොටම මම අඩියක් ඉස්සරහට තිබ්බා.....මොකද....මුන් මගෙ හිත කිව්වෙම....අර කෙල්ල මුන්ගෙ කියලා....මගෙ හිත කිව්වෙම මුන් දැනුවත් උනා කියලා....මගෙ මුලු මූනටම ලේ එකතු වේගන ආවා වගේ දැනෙනකොට මම ඔලුව කැසුවා....

ආ..අව....ත්ත්..තැනට....ග්ග්..ගියා නම්....අපි...ක්ක්..කාටත්...ල්ල්..ලේසි...

වෙයි...හ්හ්.....හරි...

එයාද බබාගෙ අක්කියව අරන් ගියෙ.....

ඔ..ඔව්...නෙ.....

ම්ම්...මොනවා...කියලද අරන් ගියෙ...බබාට මතකද...

සංධීර් මා දිහා බලලා ආයම ලමයගෙ ඔලුව අතගෑවා..අතගාලා මොනව කියලද අරන් ගියෙ කියනකොට මං බලාගන අරූ ආයම එන්න හැදුවා....

ලමයා කතා කෙරුවා .....

චො...ක්කට් ගේ...න්නම්....කියලා....

චොකලට් ගේන්නම් කියලද අක්කියව අරන් ගියේ.....

ඔ...

ඔය ...බොරු..ඕකගෙ

චටාස්...

ක්ක්...කට....ව්ව්..වහපන්.....ත්ත්...තාම...

උඹෙන්....ඇහුවෙ...න්න්...නැනෙ...ම්ම්ම්...ඇහුවද.....න්න්..නෑනෙ...ඇහුවද...ම්ම්ම්.....

යෙවීන්.....

.......ක්ක්..කටවහ...න්....ප්ප්..පාඩුවෙ....ඉ..ඉදින්.....ම්ම්...මටත්...ග්ග්..ගුටි...ගස්...සන්....න්න්..නැතුව.....

.....

👉👈🙂 ආය එන්නම්...හාත.....

ගුත් නයිත්.....

ජොබී නිදහස්..

More Chapters