සුදු පුතා.....
...
ලමයෝ.....
........
ඕ....ඕ....හ්හ්...
මේ බත් බෙදුවා...කන්නෙ නැද්ද....
සංධීර් එක්ක ටික වෙලාවක් මැසේජ් කර කර උන්න මම අවසානෙදි අම්මගෙ කටහඩත් එක්ක ඵෝන් එක පැත්තකින් දාන්න ගිහිල්ලත් ආයම සංධීර්ට මැසේජ් එකක් දැම්මා....
සංදීර්....ඔයා කෑවද?
අනේ මන්දා....එයා කෑවද දන්නෙ නෑ .කොහෙ ඉන්නවද ඇහුවට කියන්නෙත් නෑ.....එක්කො ගෑනිගෙ ගෙදරවත් ඉන්නවද දන්නෙ නෑ...කොච්චර කිව්වත් මේකා බැදල නම්..මොකද බාප්පා දන්නවද අවුරුදු දහයක් මිසින් වෙලා උන්න මිනිහා බදින් නැතුව ඉදීද.....????
.දැන් ආයම මට ඩික්ටේසන් වගේ....
බාප්පෙ....
මම ආයම බාප්පට මැසේජ් එකක් දැම්මා...බත් කන්න එන්න කියපු මටබඩ ගිනිගන්නවා වගෙ දැනුනා.....මට බාප්පගෙන් අහන්නත් බෑ...නාහත් බෑ...
මොකද....
කොහෙද ඉන්නෙ...
බොන්ඩ යන්නෙ ඇයි....
යෝ....හ් බාප්පෙ.....බිබි ඉන්නෙ...
ඇයි උඹටත් බොන්ඩ ඕනෙද...? බොනවා නම් වරෙන්....උඹලා ඉන්නෙ බාප්පලා එක්ක බොන්ඩ තමයි...
මගෙ මූන තැලුන කජුලෙල්ලක් උනා.....මේ බාප්පට යාලුවෙක් හම්බෙලා....මගෙ මිනිහව මට ගෙන්නල්ල දියන් බාප්පෙ කියලා මට කෑගහන්න තරම් කේන්තියක් දැනුනා.....ඒත්...එහෙම කෙන්ති ගන්නත් බාප්ප කිව්වෙ නෑනෙ සංධීර් එතන ඉන්නවා කියලා ....
වෙනදට නම් මම පැනල අහනවා...ඒත් දැන් තියන හොර හිතටමද මන්දා මට ඒකවත් අහගන්න විදිහක් නෑ....එක්කො අම්මා බලන් ඉන්නවා කියලා කියන්නද???එතකොට කියයි නෙ....මොකක්ද විස්තරේ කියලා.....
යෝ .....බාප්පෙ....බාප්පගෙ කොල්ලා ආදරේක පැටලිලානෙ.....👉👈
මම ඔලුව කස කස මැසේජ් ටයිප් කර කර ඩිලීට් කරලා අවසානෙදි අම්මව අල්ලලා මැසේජ් එකක් දැම්මා...
බාප්පෙ...අම්ම ඇහුවා කන්නෙ එන්නෙ නැද්ද කියලා .....
මම මැසේජ් එකක් දාලා නියපොත්තක් හපන ගමන් බාප්පගෙන් මැසේජ් එකක් එනකන් බලන් උන්නා...එක්කො මගෙ එකත් දැනගන්න ඕනා යන ලබ්බක කියලා යන්න.....
සංධී........ර්....මොන මගුලෙද ඉන්නෙ.....දැන් වෙලාව කීයද.....
යන තැනක කියලා යන්න බැරිද හලො....
ආ...හා...හාකො..හාකො....සංධීර්...දැන් ඔහොමයි නේ.....
හා..හා.....
මටත් පිස්සුනෙ....මමත් බලන් ඉන්නවනෙ...
ඉන්න තැනක පරිස්සමින් ඉන්න .....
මම ආය වදයක් වෙන්නෙ නෑ...
තරහ ගියහම මිනිස්සුන්ට අතපය තියන් ඉන්න බෑ කියන්නෙ නිකන් නෙවෙ.....අටයි පනස් නමයට සංධීර්ගෙ වට්සැප් එකට එක දිගටම මැසේජ් තොගයක් මගෙන්
ගියා ..
මමත් හරියටම අර කොලපාට ගෙම්බා වගේ....අපි මේක නවත්තමු කිව්වට පස්සෙ තෝනිගල සෙල්ලිපිය ලයිට් වර්ශන් එක වගේ මැසේජ් කොටනවා
කෙටිල්ලක් ආය....අනෙ මන්දා.....
එයාට සතුටින් පරිස්සමින් ඉන්න කියලා තවත් විකාර ගොඩාක් ගහපු මම අවසානෙදි ආයම ඇදේ පෙරලුනා...බාප්පෙග්නුත් මැසේජ් එකක් නෑ...ඒකගෙනුත් නෑ.
වට්සැප් එකෙ ඩීපි එක අයින් කරල සංධීර්ට විතරක් පේන්න ස්ටේටස් එකක් දැම්මා නම් හරි....
යෝ.....ඒක හරියන් නෑ...ඒක හරියන් නෑ...ඒ මනුස්සයා ස්ටේටස් බලන්නෙත් නෑ..දාන්න දන්නෙත් නැද්ද කොහෙද ...අනේ...ඇයි අප්පා....
මම කොට්ටටෙට ගැහැව්වා.....වට්සැප් ඩීපි එක අයින් කරලා අවසානෙදි ලාස්ට් සීන් පවා අයින් කරලා දාලා කොට්ටෙ අස්සට මූන ඔබා ගන්නවා එක්කම බ්‍ර...ර්...ර්...ගෑවා....
මැසේජ් එකක්...මැසේජ් එකක්...අනෙ...මැසේජ් එකක්....
මේ එන්න යන්නෙ කියපන්....
පෝ...බාප්පා.....
මගෙ මුන ආයම දෙක උනා.....
පොඩ්ඩක් හෝව්...බාප්පා එන්න යන්නෙ කියන්නෙ.....
ඇයි බොන්නෙ නැද්ද.....??
මම ආයම ඉක්මනට මැසේජ් එකක් දැම්මා....
බ්‍ර...ර්.....ර්...
.හැරෙන තැපෑලෙන් මැසේජ් එකක් ..අපේ බාප්පත් මම වගේ තමා ....ඵෝන් කප්පිත්තා.....
නෑ බන්..බොන්න කවුරුත් නෑ.....උඹගෙ සංධීරයත් නෑ....අපි තුන්දෙනා විතරයි...
....ඕහ්.....මයි....ගෝශ්...මයි ගෝශ්...
බාප්පගෙන් ආව මැසෙජ් එක දැක්කට පස්සෙ...." උඹගෙ සංධීරයා" කියන කෑල්ල දැක්කා විතරයි .....මට පිස්සු නොහැදි පිස්සු හැදෙන්න ආවා...මගෙ සංදීර්...මගෙ....මගෙ...මගෙ....
බාප්පට තේරිලාවත්ද.....????
නෑනෙ.....බාප්පලා පොඩි කාලෙ ඉදන් මට ඕක කියනවා....
වැඩක් නෑ..මගෙ සතුට ආයම හේදිලා ගියා.....මම වෙන වෙන මගුල් හිතුවට.....සංධීර්ගෙ ඇබිත්තම...මගෙ සංධීර් කියන වචන ඒ අයට සාමාන්‍යයි.....මට සංධීර් විශේශ උනාට. .. එයාලට ඒක සාමාන්‍යයි...
සංධීර් මට ආදරෙයි කියලා කිව්වත්....එයාලට ඒක සාමාන්‍යයි .....බාප්පා හා සමානවම සංධීර් මාව වඩාගත්තා...කැව්වා පෙව්වා..නිදි කෙරෙව්වා .....
ඉතින්....එයාලට කොහෙද ඒක විශේශ....
මම හිතන්නෙ නෑ.. බාප්පා දැනගත්ත දාකට දැන් කියනවා වගෙ ලේසියෙන් උඹගෙ සංධීර් කියයි කියලා...
ලමයෝ....
එ...එනවා....අම්...මා.....
මම ඵෝන් එක පැත්තකට දැම්මා. එයාගෙන් කිසිම මීක් එකක් නෑ.....ගිනි තියාගනින් කිව්වට පස්සෙ එයා නෑ...
එයා කොහෙ හරි ගිහින්ද...
මං දන්නවා සංධීර් .....මම මෙතන ඉදන් කොච්චර නැටුවත්....උඹගෙ හිතේ රැයක් දවාලක් නැතුව කැරකෙන්නෙ එක දෙයයි.....
කමක් නෑ....මොක උනත්....පරිස්සමින් ...මේ පොඩි කොල්ලා උඹට නොසෑහෙන්න ආදරේ කරන්න අරන් ....ඒකයි....
මම ආයම ඵෝන් එක දිහා බලලා නැගිට්ටා...
.හැබැයි...මේ පාර කවුරුහරි උඹට මොකක් හරි කෙරුවොත්....දෙයියන් පා...මම ඇමතියව නෙවෙ...මුලු දියවන්නාවම ගිනිබත් කරනවා...
අම්මගෙ වස්තුව මේ බත් ඇතිද...
අ...අ..අමෝ.....ඇ...ති....අ..අනෙ....
ඇති කියන්නෙ...ඔය ඇගේ හැටි පේන්නෙ නැද්ද.....කටු ගැහිල.....
..අම්මාමට බැන බැන තවත් බත් හැන්දක් බෙදුවා....තවත් එකක් .....ඊට වඩා ලේසියි බත් මුට්ටියට හොදි ටික හලලා මම ලිප් බොක්කෙ නැගන් කෑව නම්....
අනේ එයා හිතු මනාපෙට බෙදනවා..මගෙන් අහන්නෙත් නෑ .....වෙන ගෙවල් වල රෑට කන්න හදන්නෙ එක හොද්දයි....දවල්ට තරම් රෑට කන්න පන්නන්නෙත් නෑ...අපේ ගෙදර උනත් සමහර දාට හොදි මගෙ වගේ නම් එක්කො සම්බෝලයක් හදනවා..නැත්තන් පරිප්පුවක් තෙල් දානවා.....එච්චරයි ...ඒත් අම්මා...අනේ අම්මා පව්....අවුරුදු කීයකට පස්සෙද...
.මම කොහොමද බෑ කියන්නෙ...එයා කරන හැම දේකිම්ම පේන්නෙ අම්මට වචන වලට පෙරලන්න බැරි ආදරේ නෙවෙද....
අ...අම්මා.....
අ....ඔක්කොම කන්න ඕනා....තේරුනාද...කාලා බෙහෙත් බොන්න...තුවාල වේලුන් නැත්තන් ඔයාටමයි අමාරු...අම්මත් කතා කෙරුවා දැන්.....
මම කොතක් සයිස් බෙදලා තිබුන බත් එක දිහා බලලා අම්මා දිහා බැලුවා..එයා කියවනවා....ඔක්කොම කන්නලු.....මට මහ වේදනාවක් දැනුනා.....
හම්බකරපු සන්තකේම අරන් බැට්මෑන් සූට් එකක් අරගන දෙන්න දුවගන ආව අම්මා නේද මේ.....
තාත්තා යනකන් හැමදාම ගස් ගල් ගානෙ හැංගිල මගෙ දිහ බලන් උන්න අම්මා නේද මේ.....
මගෙ කකුල් දෙක උඩ නලල තියලා අම්මා මගෙ පුතාව එක්ක යන්නම් ගගා පපුව පලාගන අඩපු අම්මා නේද මේ...
.උන් අම්මව මාව වෙන් කෙරුවා ....උන් තාත්තගෙ හිත වෙනස් කෙරුවා ....
.නෑ....තාත්තාගෙ හිත වෙනස් කෙරුවා...පස්සෙ තාත්තා එ ආදරේ මරලා දැම්මා.....
.ආදරෙ මැරෙනවද.....??.
මං දන්න තරමින් නෑ...ආදරේ කවදාවත් කොතනකදිවත් මැරුන් නෑ...මිනිස්සු මැරුනත්...මම හිතන්නෙ නෑ....කවුරුත් කියනවා...ආදරෙ මැරුනා කියලා ....ඒ කිව්වත් ..කට වචනෙට මිසක්.....මම හිතන් නෑ...එහෙම කියපු පලියට ආදරේ මැරුනා කියලා ....
එහෙනම්....තාත්තගෙ ආදරේ මැරුනෙ කොහොමද ?????
මම අම්මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.....
..ඇයි...අම්මා කවන්නද මගෙ පුතාට....
ම්ම්ම්.....
අම්මා කවන්නද අහනකොට මම හූ මිටි තිබ්බා....අම්මා අත් දෙක හෝදන් මගෙ ගාවින් ඉදගත්තා....
අම්මා තවමත් තාත්තට ආදරේ ඇතිද???
...මම අම්මගෙ මූන බැලුවා...අම්මට මිනිහෙක් ගන්න බැරි කමක් නෑ.....අම්මට එකට දහයක් ගන්න බැරි කමක් නැ....ඒත් අම්මා එහෙම නොකර මේ මොහොත වෙනකන් තනියෙන් උන්නෙ...
කෝ ආගන්න.....
ඇත්දල පාට ඇගිලිවලින් අනපු බත් කට මගෙ කටටලන් කරනකොට මම කට ඇරියා ...
උන් අම්මට බාප්පව පාව පාවා දුන්නා....අම්මා කවදාවත් බාප්ප ගැන වත් බාප්පා කවදාවත් අම්ම ගැනවත් එහෙම.හිතුවෙ නෑ....එදා බාප්පා අම්මව බදින්න ඇහුවෙත් මම හින්දා.... ..
එහෙම දෙයක් උනා නම්...මෙච්චර කල් උන්න බාප්පා අම්මා එකතු නොවී ඉදීද....
අ....අම්..මෙ.....
ම්ම්ම්...
අම්...ම...මට....ඇ..ඇත්තම ...ක්ක්..කියනවද...?.
මොනවද....
මම බිම බලන් උන්නා.....තත්පරයක්...දෙකක් .....
අම්මා....ත්ත්...තවම.....ත්ත්..තාත්ට.....ආ...ආදරෙයි නේද...??
......තාත්තා දැන් බැදලා...ඔයාට නංගි කෙනෙකුත් ඉන්නවා...ඉතින්....එහෙම
සලාන්!!!!!!...
යෙවීන්...
.මම හිතන්නෙ මට එක තත්පරෙන් ආවේසන් උනා.....
..න්න්....නංගී.....ම්ම්..මට.....න්න්..නෑ..නෑ....නෑ...මට....ක්ක්..කවදාවත් ....න්න්..නංගියෙක්....උන්නෙ..න්..නෑ....හ්හ් හැබැයි....ම්ම්..මල්ලියෙක්...උ...න්නා.....ම්ම්..මට....මට....ක්ක්..කවදාවත් ....න්න්..
නංගියෙක් උන්නෙ නෑ.....
ලා කහ පාට ටයිල් කැට උඩ වතුර සී සීකඩ විසිරිලා ගියා .. වීදුරු කටු හැම හැම තැනම විසිරුනා.....අම්මා ඒ දිහා බලන් උන්නා.....ඒ දිහා බලන් ඉදලා...ආයම බත් කටක් අනන්න ගන්නකොට මම අම්මගෙ අතින් අල්ල ගත්තා....
යෙවී.....න්.....ඇයි මේ....
.ම්ම්..මම...මම....අම්..අම්..අමෙ....මම...ප්‍රශ්නයක්....අ..අහනකොට ...ක්ක්..කරුනා...කරලා....ම්ම්...මාව...මග....අරින්ඩ....එපා...ම්ම්..මාව....ක..කතා...කරවලා...ම්ම්..මහන්සි...ක්ක්..කරවන්න...එපා.....ම්ම්...මමම...අහන්නෙ....අ...අම්මා....ත්ත්....තවම...ත්ත්.....තාත්තට.....ආ...අදරෙයිද.....
කියන...එක...වි...විතරමයි....
........
අම්මා මා දිහා බලන් උන්නා...අනපු බත් කට ආයම පිගාන උඩට වැටෙනකොට අම්මා ඔහේ බලන් උන්න....
මම උත්තරෙ හොයා ගත්තා.....අම්මා තවටත්....අදටත් මේ...තත්පරෙත්...තාත්තට ආදරෙයි....
අම්මගෙ...වස්තුව...මේ...අහන්න..කො.....
ම්ම්..මට...උ..උත්තර.....ඕ...ඔන්...නෑ.....මට...ඕන...උ..උ...උත්තරෙ....ම්ම්..මං...හ්..හොයා...ග්ග්..ගත්තා....ම්ම්..මට....ට්...ටික...ක්ක්...කාලයක්.....ද්..දෙන්න.....
යෙවින්....
බ්බ්..බඩගීනී.....ක්ක්..කවන්නකො.....
අම්මගෙන් ටික කාලයක් ඉල්ලපු මම ඊළඟ පාර කවන්න කියන ගමන් කට ඇරියා.....
..ආ.....මේ .....බලකො...දොන්ත බිබික්මමට කවනවා...අක්කෙ බඩගිනී.....
ලමයට කවලා බෙදන්නද නැත්තන් බෙදා ගන්නවද.....
බෙදන්න ඕන් නෑ...මුගෙ එකෙම්ම කවන්න...
.ය්ය්...යෝ.....බ්බ්...බා...ප්..පෙ.....හ්....අ..
අනින්ඩ....එ..පා....ය්ය්..යකො.....
අම්මා අනපු බත් කට ඒ හක්කෙන් මේ හක්කට මාරු කරනවත් එක්කම මිදුලෙන් බයික් එකක් නවත්තන සද්දයක් ඇහුනා වගේම ගෙදර ඉන්න සුදු පාට කිටියා එහ මෙහා වෙවී ඉදල එලියට දිව්වා....ඒ එක්කම සපත්තු අඩි සද්දයක් ඇහුනා වගේම හෙල්මට් එකත් අතේ අරන් ආවෙ බාප්පා වෙනකොට බඩගිනී කියන ගමන් පුටුවක් ඇදල අරගන්න ගමන් මගෙ ගාවින් ඉදගත්තා වගේම මගෙ ඔලුවට අනින ගමන් කට ඇරියා...
මල්ලි හෙට හවසට කඩේට යන්න ඕනා...
ම්ම්ම්.....බඩු . ටික....ම්ම්...ලියලා තියන්...ඩ....
අම්මා කවපු බත් කට ගිලින ගමන් එයා බඩු ලිස්ට් එක ලියන්න කියනකොට මම මූන අකුල ගත්තා...එයා හෙට කඩෙ ගියහම කව්ද මාව තාත්තගෙ ගෙදර එක්ක යන්නෙ??????මම බලන් ඉදලා...බලන් ඉදල බැරිම තැන එක දිගට ගිලින බාප්පගෙ කකුලට ඇන්නා.....
මොකද බන්...
මම රැව්වා....රවලා ගොලු බාසාවෙන් අතින් පයෙන් අනම් මනම් කරනකොට ගිල ගිල උන්න බාප්පා බය වෙලා වගේ බලන් උන්නා....
උඹට ෆිට් එකද???
ර්...ර්...රෙද්ද.....
.
කොහෙද ඔය යන්නෙ බෙහෙත් බොන්න තියනවා....
මෙහෙ වරෙන් ඇවිත් බෙත් බීපන්....උඹලගෙ තාත්තා ඇවිත් අපෙත් ඇට ගලවයි උඹට මොනවා හරි උනෝතින්.....
ම්ම්..මට....ඕ..න...බෙහෙතක්.....න්න්..නෑ...
එහෙන් සංධීරයා...මෙහ්න් බාප්පා....ඇයි දෙයියනෙ වැටහෙන් නැත්තෙ...
කාපු මම වතුර වත් නොබී ඇවිත් ඇදට වැටුනා....ආයම ඵෝන් එක ගත්තා...
අම්මෙ.....ඇති යාන්තන් මැසේජ් ටික බලලා....කෝ ඉතින් රිප්ලයි...????
සංධීර්...එක හරියයි.....මේ මිනිහා ආයම නෑනෙ....මොන මගුලෙ..... යනවද මන්දා...ආයමනෑ....ආයම නෑ...හිටපන්....මම හෙට දවසට වත් ඵෝන් එක ඔන් කරන්නෙ නෑ....යනවා තාත්තගෙ ගෙදර...ගිහින්....ආයම එන්නෙ රෑ වෙලා...එ ඇවිල්ලත් මම ආයම කොහෙ හරි මගුලක යනවා...යන්න තැනක් නැත්තන් අර ඇමති පුතාගෙ කාර්‍යාලෙ ගාවට ගිහින් කලන්තෙ හරි දානවා....බලන් ඉදපන් ආ...බලපන් ඉදපන්....
.
කොල්ලො.....නැගිටපන්...නැගිටලා මේ බෙහෙත් බිපන්....
ම්හුක්.....
මම අනිත් අතට හැරුනා....
මොකද උඹ මිනිහා මැරුන ගෑනි වගේ නහයෙන් අඩන්නෙ ..නැගිටු නැගිටු...හ්ම්...හ්ම්.....
යෝ...හිත රිදවන් ඉන්න කොල්ලගෙමනෙ මේ හිත රිදවන්නෙ...බාප්පා නම්...අනේ බාප්පෙ උඹට හම්බෙන්න ඕනෙ එක්කො මගෙ සංධිර්වගෙ මිනිහෙක් නැත්තක්...ඉස්සරහත් නැති පස්සත් නැති රට අඹ ලෑල්ල වගේ ගෑනියෙක්....
යෙවීන්.....නැගිටපන්කො....මේජ බීලා නිදා ගනින්.....
බ්බ් .බ්බ..බ්බ්..බාප්පෙ....හ්හ්
ඇයි....බොල.....ඇයි...නැගිටු.....
මම නැගිට්ටා.. ..නැගිටලා ඉදගන්නකොට බාප්පට කෝල් එකක් ආවා....කෝල් එක ආවත් හරි මම බලාගන බාප්පගෙ මුනෙ හිනාවක් මතු උනා..නිකන් නෙවෙ ඒක මහ මනමාල හිනාවක්....
හෙලෝ...
....හෙලෝ...අයියෙ.....
එව්ව්....ගෑනු කටහඩක් නේද???
.බෙහෙත් එක අතේ තියන් උන්න බාප්පා ඊලග පාර මගෙ අතට බෙහෙත් ටික ගුලි කරන ගමන් හෙන පැනි හිනාවක් එක්ක ඉදගත්තා .....අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම කාව හරි අල්ලන්....අනේ ඇයි දෙයියනෙ මේ බාප්පට එක හිතක් නැත්තෙ ..යෝ.....හ් ....
අද නයිට්ද....මිසි....
මො..මොකක්...මි...මිසි.....??
ඔව්...දැන් නම් කකුල හොදයි....කොහෙද මේ බෙහ්ත් බොන්නෙ නෑනෙ... එකනෙ... ..ම්ම්ම්...කෑවෙ නෑ...ඔයා කෑවද???
අනේ...යකො....අනේ...අනේ....හ්...මේ බාප්පා බොරු කියන තරමක්.....කෑවෙ නැලු....මුට්ටියක් තරම් බත් කවාගන නෑ ලු අනික...මිසි....මිසී කියන්නෙ...අනේ...අර ලස්සන නාර්ස් අක්කව අල්ලන්ද??????...
බ්බ්...බ්..බාප්පෙ.....
පොඩ්ඩක් ඉදින්කො....
මම බාප්පව හොලවලා කූරු ගානකොට එයා කටට ඇගිල්ල තියල සද්ද නොකර ඉන්න කියන ගමන් මගෙ අතේ තිබ්බ බෙහෙත් පෙති අත ගාන්න ගන්නකොට මම මනමල කම්කරන බාප්පගෙ කට දිහා බලන් ඉදලා ඉදලා අර.ලොකූවට තියන පැනඩෝල් පෙති දෙක බාප්පගෙ කටට ඔබන කොට අනේ. . ගෑනු සිහියෙන් උන්න බාප්පා යස අපූරුවට වතුර වීදුරුවෙන් වතුර බිව්වටත් පස්සෙ මා දිහා බලා මගෙ අත දිහා බැලුවා....
.කොල්ලො....!!!!
ම්ම්...එකනෙ...නංගි.....තේරෙනවා...
තේරෙනවා...
මගුල...දුක අහන අයියනෙ....අනුන්ගෙ දුක පේනවා...ලමයගෙ දුක පේන්නෙ නෑනෙ....ඒකිගෙ දුක අහන වෙලේ මගෙ දුක අහපන්කො බාප්පෙ....
අනේ බාප්පෙ...මගෙ මිනිහා ආගිය අතක් නෑනෙ.....
විරිත්තගන වගේ බෙහෙත් අහුර බීපු මම සංධීර්ගෙ මැසෙජ් ටික උඩ ඉදන් ආය ආයම කියවලා ආයම බැනල මැසේජ් එකක් දාලා ඵෝන් එක ඕෆ් කෙරුවා ....
ඔය ඉන්න එකෙක් එක්ක සතුටින් ඉන්න සංධීර්...මැසෙජ් එක් බැලුවා නම් රිප්ලයි එකක් දාන්න මහ වෙලාවක් යනවද...නෑනෙ...නේ....උවමනාවක් නැති කම....මිනිස්සුන්ට වෙලාවක් නැහැයි කියන්නෙ බොරු... මිනිස්සුන්ට තියෙන්නෙ උවමනාවක් නැති කම...
මට දැන් ඇඩෙන්න වගේ.....ඔලුවට එන විකාර එක්ක මම තවත් මැසේජ් දැම්මා...
මාව එපා නම් කියන්න සංධීර් .....
මව දාල යන්න කමක් නෑ සංධීර්.....
අනේ මට උඹ නැතුව බෑනෙ සංධීර් .....
මට සමාවෙන්න...මගෙන් ආයම ඔයාට කරදරයක් නෑ..මෙක මගෙ අවසාන මැසේජ් එක....ඉන්න තැන...සතුටින් ඉන්න....bs jp tc bye...
මම ආයම මැසේජ් එකක් දාලා ඵෝන් එක ඕෆ් කරනකොට බාප්ප අර කෙල්ලට අපි යාලුවො වගෙ ඉමු නංගි කියලා ඵෝන් එක තියලා මා ගෙ එහාපැත්තට වැටුනා ....
මට හපන්....බාප්පා...
උඹ මොකද පුක් මූන දාන් ඉන්නෙ?
ද්ද්...දැන් ...මාව එක්ක යන්නෙ ...න්න්..නැද්ද....
කොහෙ.....
ත්ත්....තාත්ගෙ ගෙදර ??
ආ....එක්ක යන්නම්...එක්ක යන්නම්.....
ක්ක්..කවදා....හ්හ් හෙට...මට...හ්හ් හෙටම....ය්ය්..යන්න...ඕනා.....
මම මැරෙන්න හැදුවා...සංධීර් එක්ක තියන හිත්වේදනාවත් මම ඒ පිටින් ඇරියා....මම බාප්පව කෙනිත්තුවා...හැපුවා...අවසානෙදි බැන්නත් එක්ක.....
හරි ..හරි....එක්ක යන්නම්....දැන් මට මේක කියපන්කො....උඹ එහෙ ගිහින් මොකද කරන්නෙ.....
ම්ම්..මොකුත්...න්න්..නෑ...ම්ම්..මට....ය්ය්..යන්න...ඕනා.....ම්ම්..මට....ගිහින්....ඒ..ම්ම්..මුනවල්...ද්ද්..දිහා...බ්බ්..බලන්න්..න ඕනා...මම....අම්...මා...න්න්..නැති.....ත්ත්...තැන.....සතුටින්...ඉ..ඉන්න...හැටි....බ්බ්.බලලා...මට....මගෙ...හ්හ්..හිත...රිදවගන්න...ඕනා....
යෙවින්....
මම කියෙව්වා....අවංකම මට ඕනෙ ඒ දේ..මට ඕනෙ මටම රිදවගන්න.....මගෙ තැන වෙන කෙනෙක් ගන්නකොට...අම්මගෙ තැන වෙන කෙනෙක් ගන්න කොට...මට ඕන ඒ වේදනාව ඇස් දෙකෙම්ම බලලා...ආපිට ඒ සතුට නැති කරන්න.....
අ...අම්ම....අයිති.....ත්ත්....තාත්තට....ම්ම්ම්....මිසක්.....ත්ත්...තනියෙන්....ඉ..ඉන්න.නෙවෙ...ඒ....එක...එහෙම...බ්බ්..බැරි....උනත්.....ත්ත්...ත්තා....ත්තට...හැම...ද්..දේම...න්න්.....නැති වෙන්න ඕනා.....අම්මා.....ඇ...ඇඩුවෙ...ක්ක්..කොච්චරද.....ත්ත් ..තාත්ත...අඩන්න ...ඕනා...
මම ගොත ගගහම කියෙව්වා ...මම..ගොත ගගහම කියෙව්වා ....අවංකවම මට අර ඉන්නවයි කියපු කෙල්ලව උස්සන් ගිහින් හංගලා උන් අඩන හැටි බලන්න හිතුනා.....
උඹ ඔව්වට දැන් තරහ ගන්න එපා යෙවීන්....උඹට නැති උනෙ එක තාත්තයි....දැන්...ඒ තාත්තට ළඟින් තියන්න පුලුවන් තාත්තෙක්ද ඉන්නෙ...උඹට ඕන දෙයක් ඉල්ලන්න බාප්පා ඉන්නවා....උඹ කොච්චර ලොකු උනත් මගෙ කොල්ලම තමයි...එක අම්මට අම්මල දෙන්නෙක් ඉන්නවා...මට කියපම්...උඹට මොකාද ආදරෙ නැත්තෙ.....උඹට අම්මා තාත්තා ...බාප්පා.....බාප්පගෙ යාලුවො පවා.ආදරෙයිනෙ.....ම්ම්.....
.බාප්පා මහෙ ඔලුව අත ගගා හිත හැදුවා...ඒ උනත්....පොඩි කාලෙ මගෙ මූන බලාගන කියපු කියුම් කෙරුන් ආය ආය.උඩට මතුවෙනකොට මම බාප්පා දිහා බලලා අහක බලා ගත්තා....
.එක්කො....ත්ත්..තාත්තා...අයිති වෙන්න...ඕ .ඕනෙ...මගෙ....අම්...මට....න්න්..නැත්ත...කාටත් නෑ....මට ...න්න්..නැත්තන්....ත්ත්...තොටත්...එපා....වගේ.....ත්ත්...තමයි.....
යෙවීන්...උඹගෙ අම්මට ඌවගෙ එකෙක් එපා...යෙවීන්...එ වගෙ එකෙක් එපා...අම්මගෙ කීමට නටන එකෙක් මොකටද කියපන්...අම්මගෙ කීමට ගෑනිව එලවපු එකෙක් මොකටද කියපන්...උඹගෙ අම්මා තාම ඌට ආදරේ ඇති...හැබැයි...දාපු...වමනෙ ආය කන තැනට වැඩ කරන්න එපා....හරි....
ම්ම්ම්ම්....
මම මුනින් අතට හැරුනා...ඒක ඇත්ත....දාපු වමනෙ ආය කන තැනට වැඩ කරන්න ඕන් නෑ.....ඒත් එහෙමයි කියලා .....තිබුන කූඩුවට පිටින් ඇවිත් බිත්තර දාපු එකීව මං අයින් කරලා දානවා...නිකන් නෙවෙ.....අම්මගෙ ගාවට ඇවිත් වැද වැටෙන තැනට වෙනකන් මාන් ඕකිව වට්ටනවා.....
ම්ම්...මාව හෙට එ...එක්ක...යනවද ....
ම්ම්ම්.....යන්නම් ...දැන් නිදාගනින් එකොලහත් පහු වෙන්න එනවා ...හොද කොල්ලනෙ .. බාප්පා ආදරෙයි උඹට ගොඩාක් ....අම්මගෙ හිත හයියයි....උඹත් නැති තැන නොමැරි උන්න නම්....ඌ නැති උනා කියලා දරාගන්න බැරි කමක් නෑ යෙවීන්...මම දන්නවා...ඒකිව දකින වාරයක් ගානෙම අම්මගෙ කොට්ටෙ තෙමෙනවා ඇති....ඒත්...කවදා හරි දවසක ඔය කදුලුත් වේලිකා යයි....උඹ ලොකු වෙයන්....හොද මිනිහෙක් වෙයන්...හැබැයි....කවදාවත් තාත්ත වගේ එකෙක් වෙන්න එපා.....
උඹගෙ බාප්පා එක එකියො දිහා බලනවා...හැබැයි කවදාවත් උන්ට බලාපොරොත්තු දීලා නැ යෙවීන්....එහෙම හැසිරිලත් නෑ.....ඒත් උඹ මං වගේ වෙන්නත් එපා...උඹත් ලොකු වෙලා ආදරේ කරාවි.....කවදාවත් ආදරේට වංචා නොකර ඉදින්...නැත්තන්...උඹගෙ අම්මා වගේ තව ගෑනු අඩාවි....යන්න දීලත් හිනා වෙලා දරාගන අවසානෙදි හැමෝටම හොරෙන් අඩාවි ...
ඇස බදාගන බේරෙබා මුත් ආදරේ බිංදු
හිත හදාගෙන් දරාගන මහ වේදනා අහුරු
ඉන්න නොකියා වහෙන් ඔරවා වගුරුවා කදුළු
" යන්න දීලත් සිනහ වෙනව සමහරක් ගැහැනු"
බාප්පා මගෙ ඔලුව අත ගෑවා.... කියන්න ඕන හුගාක් අතා කියලා බාප්පා උඹට ආදරෙයි ගොඩක් නිදා ගනින් කියලා ආයමත් කියනකොට මං ඇස් පියාගත්තා ....
ඵෝන් එක තිබුන විදිහටම තියෙන්න ඇරපු මම ඇස් පියාගන මට නින්ද යනකන් එකේ ඉදන් දහයට ගනින්න ගත්තා....
..සංධීර් ව අමතක කරන්න එකේ ඉදන් දහයට ගනින්න ගත්තා....
කොහෙ අමතක කරන්නද...එකේ ඉදන් සීය වෙන කන් අමතක කරන්න හැදුවත් බැරි වෙනකොට මට ඒ මුන මැවි.මැවි පේන්න ගන්නකොට බාප්පෙ මම සංධීර්ට ආදරේයි කියන් තැනට මාව පිස්සු වැටෙනකොට බයටම මම අත් දෙකෙන් ඇස් වහ ගත්තා...
.......
......
.....
ම්ම්ම්...හ්හ්....ම්ම්.....උ...ඌ...ව්හ්...ම්ම්..
ටික්.....ටික්...ටික්.....ටික්.....
සාලෙ එල්ලල තිබුන බිත්ති ඔරලෝසුවෙ කටු කැරකෙන සද්දෙ පවා ඇහෙන තරමට හැම දේම නිස්කලන්ක වෙලා තිබුනා වගෙම එක එක දේවල් හිත හිත උන්න මට මටත් නොදැනීම නින්ද ගිහින් තිබුනා...
නින්දෙත් ගැඹුරුම තැනක උන්න මට යටි තොලට දැනුන වෙදනාව් වගෙම ඇගට දැණුන බර ගතිය එක්ක කෙදිරි ගෑවීගණ ඇහැරෙනකොට මම වේදනා දෙන යටි තොල ඇස් පියගනම අත ගාගන මගෙ කකුල් උඩට දැනුන බරත් එක්ක ඇස් ඇරියා විතරයි අඩ අන්දකාරෙ දැකපු රූපෙත් එක්ක මට උතුර දකුන මාරු උනා...

.
ස්....ස්...ස්...
ශ්ශ් ශ් ...!!!!
දෙවියනේ සංධීර්....ඒ උන්නෙ සංධීර් ....මේ මහ පාන්දර මගෙ ඇගෞඩ ඉදන් උන්නෙ සංධීර් වෙනකොට බයනුන පාරට කතා කරන්න හදපු මට එයා කතා කරන්න එපා කියලා කටට අත තියනකොට මම ඉක්මනට ඇද අතපත ගෑවා...
බ්බ් .බ්බ්...බා...
එලියෙ.....
එ...එලියෙ....
ම්න්...
බාප්ප එලියෙලු....එලියෙ කියන්නෙ....සෝෆාවෙ... . මම බෙල්ල හරවල බැලුව...ඔව්මයි ..බාප්පගෙ කොට්‍ටෙ නෑ..එයා එතකොට කොයි වෙලේද මෙහෙ ආවෙ....
ස්...සංධීර්.....ඔයා...මෙවෙලෙ....ම්ම්..මෙහෙ...
ම්න්....
ම්ම්..මෙ...මහ....ප්ප්...පාන්දර??
බලන්න හිතුනා...
ද්ද්...දෙයියනේ....ස්...සංධීර්....ප්ප්...ප්ප්..ප්ප්...පිස්...සුද.....ම්ම්..මෙවෙලෙ.....අනික....අ..අනික.....
මම වෙන කා එක්කවත් උන්නෙ නෑ....එක කියන්ඩ ආවෙ....
ම්ම්..මො..මොකක්.....???
එයා කිව්වා එයා වෙන කවුරුත් එක්ක උන්නෙ නෑලු...එක කියන්නලු ආවෙ.....ඊටත්...එයා තවමත් ඉදන් ඉන්නෙ මගෙ අග උඩ.....ඒ අස්සෙන් නිදි හින්දා එයා මාව ඇහරවන්න මගෙ කට හිල් වෙන්නම හපලා....
යෙවීන්...
ස්ස්...සංධීර් .....
එයා එයාගෙ ඵෝන් එක අතට අරගත්තා....අරගන මම එවපු මැසේජ් බලලා එයගෙ ඵෝන් එක මගෙ දිහාවට හැරෙව්වා...මැසේජ් සීයක් විතර...එකම දිගට මගෙම්ම ගිය එව්වා....
මම අහක බලාගත්තා ...එයා ඵෝන් එක පැත්තට දාලා අහක බලන් උන්න මගෙ මූන එයාගෙ පැත්තට හරවගත්තා... දෙයියනෙ මගෙ කකුල් හිරි වැටෙන්න වගේ ...ඒ අස්සෙන් බයටම බඩ කැලතෙනවා.... බයටයි....වෙන බයකටයි...දෙකටම මගෙ බඩ කැලතෙන වගේම එ නපූරු බැල්ම එක්ක මට නිකන් සමනල්ලු පියාඹන්නත් ආව.....
තවමත් හිතනවද...මමයි ඔයාට හරියන හරිම කෙනා කියලා.....ම්ම්ම්...
ස්ස්....
ශ්ශ්ශ්....අහන් ඉන්න.....මගෙ හැටි දැන දැන තවමත් හිතනවද මට අදරේ කරන්න ඕනා....මගෙ ගාවින් ඉන්න ඕනා කියලා ....කිසිම ආරක්ශාවක් නැති මනුස්සයෙක්....අනාගතයක් ගැන හිතන්න අමාරු බය මනුස්සයෙක් ගාව.....ඉන්න ඕනයි කියන තීරනේ හරියි කියලා තවමත් හිතනවද යෙවීන්.....??දුශ්ටයෙක්ට.....ආදරේ කරන එක...හරියිද යෙවීන්.....
.....
මම් කතා කරන්න හැදුවා. .ඒත් එයා මට කතා කරන්න නොදි මගෙ මූන දිහා බලාගන එයා ගාව තවමත් ඉන්න ඕනද කියලා අහන්න ගත්තා ...
ඔව්...මට එයා ගාව ඉන්න ඕනා...මොන තත්වෙක උනත්..මට ඉන්න ඕනා....මොන දේ උනත්.....එකට මැරෙන්න හරි...මට ඉන්න ඕනා...
ම්ම්..මට....මගෙ....ත්ත්.තීරනේ ..ගැන...ක්ක්..කිසි...ප්ප්..පසු...තැවීමක්...න්..නෑ....ස්ස් .සංධීර්....ම්ම්..මම...මම..ඔයාට...ආ...
මම ගොත ගහන්න ගත්තා....මම මගෙ තීරනේ ගැන පසු තැවෙන්නෙ නෑ...මම එයාට ආදරෙයි කියනවත් එක්කම එයා මගෙ අතක් එයාගෙ අර ලොකු අතට පටලවගන පිට අල්ලට හාදුවක් තිබ්බා විතරයි මගෙ බොක්කත් එක්ක කූල් වෙලා ගියා...
ඒක නම් ඔයාගෙ තීරනෙ.....මම කවදාවත් උඹට මගෙන් ගැලවෙන්න දෙන්නෙ නෑ යෙවීන්....ඔය වචන මතක තියාගනින්...ආය...ආය...මට...මතක් කරන්න තියන්න එපා..තේරුනාද යෙයෙ....ට...
"මගෙ.....?"
ස්....ස්...සංධීර් ...ස්ස්...සංධීර්....ඔ.ඔය...ම්ම්..මොකද...ක්ක්..කරන්න...හ්හ්..හදන්නෙ...බ්බ්...බාප්...ප්.....භ්භ්.....භ්භ්...භ්භ්.....
මගෙ ඇස් දෙක දොඹ ඇට සයිස් උනා...එයාගෙන් කවදාවත් ගැලවෙන්න දෙන්නෙ නෑයි කියපු එයා ඊලග පාර මගෙ ඇග උඩ ඉදගනම මගෙ මූනට පහත් වෙනකොට අම්මලට ඇහෙයි කියල බය උන මම දගලන්න හැදුවා උනත් එයා මගෙ කට සම්පූරනම තත්පර ගානකට වහලා .දානකොට මම අනිත් අතෙන් එයාගෙ උරහිස මිරිකගත්තා ...කකුල් වල ඇගිලි වලින් බෙඩ් ශීට් එක මිරිකගත්තා ...අවසානෙදි තත්පර ගානකින් එය මාව අතෑරලා එයාගෙ ඇගේම බර වැලමිට වලට වලට දෙන ගමන් මගෙ මූන දිහා බලන් ඉන්නකොට මම හොරා වගෙ එයාගෙ නහය උඩින් ඇගිල්ලක් තිබ්බා....
අකීකරු කම් කරන්න එපා...
ඇ...ඇ..ඇයි.....
එයා රැව්වා...අකීකරුන්කම් කරන්න එපා කියන ගමන් මට රවන කොට මම විරිත්තලා හිනා උනා....
ම්ම්...ම...මං ...ආදරෙයිනෙ....ස් සංධීර්....ඕ..ඔයත්... එ එහෙම...න්න්.නේද....අනෙ.....
...
...ආ....කිය...න්නකො....ඔ..ඔයත්...
ආ..දරෙයි...න්න්..නේද....
ඔන්න...ඔන්න...මෙ.මිනිහගෙ කටින් වචනයක් ගන්න තියන අමාරුව...නහය කූරු ගගා උන්න මම එයාගෙ නහය හපන්න හදනකොටම එයා අහක බලාගත්තා.....ආඅ...ආ...හරි...ශෝක්..... නිදාගන උන්න මගෙ ඇග උඩ නැගන් කට කන්න හොදයි...මට පොඩ්ඩක් හපන්න බෑ....
තවමත් ....හිතන්නෙ ....එ තීරනෙ හරියි කියලද ....ම්ම්ම්...
ඩ්ඩ්...දැන්...ස්ස්...සැර...යක්...මම....උ..උඹට....ක්ක්..කිව්ව...නෙ....ස්ස්...සංධීර් .....ම්ම්..මම...ම්ම්..මරාගන....ම්ම්..මැරෙනව.....ආ..අය ..ආය....ඕක....
එහෙනම් විකාර මැසේජ් එවන එක නවත්තනවා .....
ඇ...ඇයි....ඇයි ...
මොකද ....තමුසෙ කියන කිසි දෙයක් මං කරලා නෑ.....කරන්නෙත් නැ යෙවීන්.....ඒ...වගේම .....තමුසෙට මගෙන් ගැලවීමකුත් නෑ....දීපු වචන ආය ගන්න බෑ දන්නවනෙ ....එහෙම කරන්න හැදුවොත් ...තමුසෙව මන් මරලා දානවා ...මොකද .....මට නැත්තන්.....කාටත් එපා...එච්චරයි ..
ස්ස්...සංධී....ර්
යෙවීන් ....වීරයෙක්ට ලෝකෙ බේරගන්න උඹව කැප කරන්න පුලුවන් ...හැබැයි ...දුශ්ඨයෙක්ට උඹ වෙනුවෙන් මුලු ලෝකෙම උනත් කැප කරන්න පුලුවන් .....ඒක අහල තියනවනෙ ම්ම්ම්ම්ම්....ප්‍රවෙසමෙන් ඉන්නවා .... ...කුකුල් පැටියා.....
මගෙ...
🙂ජොබීත ඇප පිත නිදහස දෙන්න.....
ආය එන්නම්....චුචුල් පැතියා බුජි.....ඔය කුකුල්ලුත් බුජියන්න....
මම..
Ferdeesha ❤️💚😘 ...