සංධීර් මම....
අවසානෙදි අම්මා බාප්පා .....රොබින් කුරුල්ලා යන්න ගියා ...ඇදිරිනීතිය් හින්දම අම්මා තාත්තා ආයාම ආවෙ නැති වෙනකොට රොබින් කුරුල්ලගෙ පොලිස් කාර්ඩ් එකට වගේම යහපතාගෙ ඩොක්ට පට්ටම හින්දා මට වගේම සංධීර්ට ඕන කරන හැමදේම හම්බුනා ...
ඉස්පිරිතාලෙ ඇතුලෙ යුද්දයක් .....ලෙ දෙන මිනිස්සුද.....ඔලු වටේට බැන්ඩේජ් ඔතා ගත්ත අත පය එල්ල ගත්ත මිනිස්සුද ...එකෙක් කියලා නෑ....නානාප්‍රකාර මිනිස්සු ඒත් වැඩියෙම්ම උන්නෙ ඔලු බැදගත්ත මිනිස්සු .....
ස්ස්...සංධීර් .....
එයා එහා ඇදෙ .....එයාගෙ අතට මැහුම් දෙක තුනක් දාලා බැදල තිබ්බා ලොකූවට දෙයක් නෑ...ලොකූවට කියන්නෙ එයාට නවතින්න දෙයක් තිබුන් නැ හැබැයි එයා උදාන එක්ක එහාට ගිහින් මොන මොනවදෝ කියලා බාප්පා ගාවට ඇවිත් මාව පාවා දුන්නා .....
මං සිල්වගෙ පුතන්ඩියගෙන් බඩුමල්ලක් අරන් ආවා අරක මේක කිව්වා...මගෙ ආරක්ශාවටත් එක්ක නවතින්නම් කිව්වා ....
හරි.....ඒක එහෙමයි කියමුකො.....සිල්වගෙ බඩු මල්ලයි.....ජන්දෙ රැස්වීම අල උන එකයි එකට පැටලෙන්නෙ කොහොමද ?? ...ඔක්කොමත් කරලා යන්න හදපු බාප්පට බඩු මල්ල ගැන කිව්වා විතරයි මගෙ පිට පුරවලා ඩෑස් එකක් දුන්නා. ....
සංධීරයා පලි ගන්නවද මන්දා ...එයා ඉන්නෙ අපේ ගේ ගාව ඉන්නවා කියපු හන්දද මන්දා ....කොහොම උනත්....අවුරුදු දහයකට පස්සෙ සංධීරුයි මමයි දෙන්නම ආයම ඉස්පිරිතාලෙ ඇදක් උන්නා.....
ඒත්...අද ඒ දේවල් වෙනස්...
එදා සංධීර්ට මාව තුරුල් කරගන්න විනාඩියක් හරි වෙලාව තිබ්බා ලැප් එකකට යට වෙලා උන්නත්...පොත් ගොඩක් අස්සෙ උන්නත්...එයාට මා එක්ක කියවන්න දෙයක් තිබ්බා ....ඒත් අද ඒ දේ වෙනස්....
සංධීර් උන්නෙ වෙන ලෝකෙක.. .එයාගෙ ඇස් දෙක දුවනවා හතර වටේටම...එයා කාව හරි හොයනවාද මන්දා......
ස්ස්..සංධීර් .....
අන් අනිත් ඇදේ ඉදගන එයාට කතා කෙරුවා ඒත් ඇහුන් නෑ...ඒත් ඇහුන් නෑ... එයා නියපොත්තක් හපන ගමන් අපේ ඇදට තව ඇදන් තුනකට එහා උන්න මනුස්සයෙක් දිහා බලන් උන්නා...ඒකා උන්නෙ කකුලක් එල්ලගන...මහ වාචාලයෙක්....නර්ස් නෝනට මිසී නංගී හෙමින් හෙමින් සුදු මැනිකේ කියලා කෑ ගහනකොට ඊයෙ පෙරේදා ආව නර්ස් නෝනෙක්ද කොහෙද ඒ කෙල්ල බය උබා වෙන එක්කෙනෙක්ව එතනට දැම්මා.....
අයියෝ....හෙමීන්....
මොකද මොකද මේ බෙරිහන් දෙන්නෙ....ආ චන්ඩිකම් කරනකොට හොදයි .....බෙහෙත් විදිනවට බයයි...මේ කැපිච්චට පිට ගැස්ම එන්ඩද....
උගෙ එලන් උන්න කකුල කැපිලත් එක්ක ....අර ලස්සන නර්ස් කෙල්ල එතනට එව්වෙ ටිකක් මහත මැදි වයසෙ නර්ස් කෙනෙක් වෙනකොට අරකගෙ ඔක්කෝම වාචාල කම් බලන් ඉන්නකොට බැස්සා .... ...
බලාගන ප්ර්වේසමෙන් ...හිමින්...හිමින්...පොඩ්ඩක් හිමින්...
එර් ඇටෙන්ඩන් කෙනෙක්...සිකියුරිටි ලා එහෙන් මායන් වෙනවා මෙහෙන් මායන් වෙනවා...උන් ඔක්කොටම හපන්...
ලෙඩ්ඩු බලන වෙලාව ඉවරායි ....ඔය පස්වෙනි ඇද ගාව ඉන්න එක්කෙනාට තුන් පාරක් කිව්වා.....මෙතන මෙ හදිසි තත්වෙ බල බල ඉන්නවනෙ කොච්චර කිව්වත් අහන් නෑ . ..
මන් ඉක්මනට පස්වෙනි ඇද ගැනලා බැලුවා .....අර ඉන්නෙ....
කෝ බලන්න ඔයාගෙ අමාරුකම් මොනවද ....?
මං උන්නෙ ඇදන් ගැන ගැන වෙනකොට මගෙ ඇද ගාවිම්ම කටහඩක් ආවා....අනෙ අර ලස්සන නර්ස් අක්කා....අලුත් නිසාද මන්දා එයා හැමෝම ගාවට ගියා වගේම යහපතත් මන් ගැනයි සංධීර් ගැනයි සැරින් සැරේම බලපු හින්දද කොහෙද අපි දෙන්නට වෙනම හැන්දකින් බෙදුවා ....
ම්ම්..මොකුත්...අ..අමාරු ක් ...කම්...නෑ....
මං එයාගෙ අර බෝල ඇස් දෙක දිහා බලාගනක් මොකූත් නෑ කියලා හිනා වෙනකොට හුගක් ලේ ගිහින් තිබ්බ හින්දා මට ගහල තිබුන සේලයින් එක දිහා බලපු එයා මගෙ ඔලුවෙ තිබුන තුවාලෙ දිහා බලනකොට අනෙ මං ඉතින් කීකරු හා පැටියා වගෙ හිනා වේගන උන්නා වගේම මං අහම්බෙන් වගෙ සංධීර්ව දැක්කා....
ඒ...අර මොකද ඒ...ගිනි ගන්නෙ.....එයා උන්නෙ රවාගන .....ඔහොම රැව්වොත් නම් අර ඔලුවම සුදු පාට වෙලා යනවා .....
එයා නැගිට්ටා ...එයා ඇදෙන් බැස්සා...බැහැලා යන්න ගියා ...ඇදේ උන්න මං එබි එබි බැලුවා .....
එයා නෑ....අතුරු දහන් උනා...මගෙ ගාව උන්න නර්ස් අක්කා යන්න ගියා ...
බෙහෙත් ගදයි .....
ලේ ගදයි...
ලෙඩ්ඩුන්ගෙ කරදරේ විතරක් නෙවෙ මං බලාගන ජඩ මාද්යෙනුත් ඇවිල්ලා වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු ගාවින් එක එක එව්වා අහනවා අනෙ මං ගාවට ආවොත් නම් මට කියන්න දේවල් නෑ.....එහෙන් පාරක් වැදුනා මෙහෙන් පාරක් වැදුනා මහත්තයො කියන්න විතරයි පුලුවන් ...
මෙ මෙතන ඇදෙ ඉන්න පේශන් කොහෙද ...
මං ඉක්මනට හැරිලා බැලුවා ලොකු නර්ස් කෙනෙක් එක්ක ඇටෙන්ඩන් ලා දෙන්නයි ට්‍රොලියෙ උන්න ලෙඩයි....එයාලා හොයන්නෙ සංධීර්ව ....ඇදන් නැති හින්දා එයාව සංධීර්ගෙ එකට දාන්නද ...එයාට අමාරුවක් නෑ කියලා තේරෙනවනෙ.. ..
එ..එ..එයා...
කොහෙද එයා ගියෙ...?
ආව්හ්.....ඌ....ව්....හ්...අනෙ මිසී.....මගෙ....තුනටිය.....
ඇදේ උන්න එකා ඒකගෙ තුනටිය ගගා ඇඹරෙනවා .කලු රෙඩිමේට් කලිසමට අත් කොට සුදු ශර්ට් එකක් ඇදන් උන්න ලෙඩාගෙ ඇදුම දැක්කම හිතෙන්නෙම මේක ඇමති හෙංචයියෙක් කියලා .....උන් තමයි සල්මන්ඛාන් ඇගවල් හදන් ඔය වගෙ ඇදන් ඉන්නෙ....ඒ උනාට මූ නම් සල්මන්ඛාන් ගෙ ඩුප්ලිකේට් "සලඹඛාන් "වගෙ ...හොටු පෙටාගත්තු ගමන් .....
මෙයාව මෙ ඇදට දාන්න. .ඒ පේශන්ට ලොකු අමාරුවක් නෑ....අද රෑට විතරක් එයාට මොකක් හරි කරන්න බලමු.....ඇදන් අඩුයි. .
එතන උන්න නර්ස් නෝනා වෛද්‍ය උපාධිය ගගපු ඇටෙන්ඩන්ලාට තුනටිය ඇඹරිලා යන්න ගුටි කාල උන්න එකාව සංධීර්ගෙ ඇදට දාලා යන්න යනකොට මං සංධීර්ව හොයන්න ගත්තා වගේම කොට්ටෙ යට තිබුන රොවිනම්මගෙ ඵෝන් එක රින්ග් වෙන්න ගත්තා ....
අම්මා යනකොට ඵෝන් එක දීලා ගියා හදිස්සියක් උනොත් කියලා . බාප්පට හරි කතා කරන්න කියලා අම්මා ඵෝන් එක දීලා ගියා...මං එහෙම්ම කොට්ටෙ යටින් අත දාලා ඵෝන් එක ගත්තා.....
නෙහාන් මල්ලි....
ඩිස්ප්ලේ එකේ වැටුනෙ බාප්පගෙ නම...මං එහෙම්ම ආන්ස්වර් කෙරුවා ...
හ්හ්...හෙලේ.....බ්බ්...බාප්පෙ....
........
න්න්...නෑ.....ත්තාම දුන්...නෑ....
......
ඔව්....ත්ත්....තව ලෙඩ්ඩු ගේනවා .....
බාප්පා එහා පැත්තෙ ඉදන් කෑවද බිව්වද ....අහනවා තව ලෙඩ්ඩු ගේනවද අහනවා ...ගේනවා නේන්නම් ....ඔපරේශන් කරපු උන්ව දැනුයි තියටර් එකෙන් එලියට දාන්නෙත්.... .ඒ අස්සෙන් සංධීර්ට ඇදත් නැති උනා...මං එයාට වෙන හැම දේම ගොත ගගහා කියනකොට බාප්පා එහා පැත්තෙ ඉදන් අහන් ඉදලා අවසානෙදි අර ලස්සන නර්ස් අක්කා ගැනත් ඇහුවා ...
මේ බන් ...අර උඹ ගාවට ආව කෑල්ල....
ක්ක්...කොර...
ඇයි බන්...ඇස් දෙක දුඹුරු රවුම් මූනක් තිබ්බ පොඩි කෙල්ල.....
ය්ය්...යෝ....බ්බ්...බාප්පෙ....ඒ මිසී...න්න්..නෝනා ...බ්බ්...බාපගෙත්....
ද්ද් දු...ව වගේ..
මන් හිමීට කෙදිරුවා ....බාප්පා නම් අවුරුදු දහය ගිහිනුත් බාප්පමයි....ලස්සන කෙල්ලෙක් ගාවින් යනකොට ඇවිදින්න ඕනෙ මෙහෙමයි ....හින වෙන්න ඔනෙ මෙහෙමයි කියලා උගන්නපු බාප්පා තාමත් තනිකඩයි....තාමත් එහෙමයි
අම්මත් සිය පාරකට වඩා කොහොමද කොහොමද කියලා අහලා අවසානෙදි ඵෝන් එක පැත්තකින් තියනකොට මං ඇද උඩ නැගලා මගෙ සේලයින් බෝතලේ ගලවන් සංධීර්ව හොයන්න යන්න හදනවත් එක්කම සංධීර් ඇතුලට ආවා......
ස්ස්...සංධීර් ....ඔ..ඔය් ඔයාගෙ ...ඇ..ඇද.....
මට එතනින් එහාට වචනයක් වත් සම්පූරන කරන්න දුන්නෙ නෑ හේතු නැතුවම පුපුර ගියපු සංධීර් බොරූවට එල්ලන් උන්න අත එල්ලග ඇවිත් එහා ඇදේ උන්න එකා දිහා ඇස් හීනි කරන් බලන් ඉදලා ම දිහා නැතුව මගෙ තුවාල උන නලල දිහා බලලා අහක බලාගත්තා
ස්ස්..සංධීර්.....
ම්න්....
ක්..ක්..කොහෙද ...ග්ග්....
එලියට ....
මට වචනයක් සම්පූරන කරන්න දෙන්නෙම නෑනෙ...වචනයක් අහන්න දෙන්නෙත් නෑ....මං එයා දිහා බලන් උන්නා එයා කතා කරනකොට හැක්ස් ටොපි සුවදයි .... ..ඒ කියන්නෙ එයා සිගරට් බීලා ...එක සිගරට් එකක් නීලා හැක්ස් ටොපි දාහක් කෑවත් වැඩක් නෑ...ඒ ගද එනවමයි...
මං බලන් උන්නා...එයා මීක් නෑ.....එයා බලන දිහාවක් මට කියන්නත් බෑ...මොකද ඒ ඇස් එක තැනක නැතුව හැම තැනම දිව්වා ...ඒකත් හරි සාමාන්‍ය විදිහට ..... ඒත් මට එයාගෙ මේ අමුතු ගති මහ අමුත්තක් ගෙනාව ...
ස්..සංධීර් .....
ශ්ශ් ...
එයා මට නම කියන්න දුන්නෙ නෑ ඇදලා අරන් ඇදට තද කෙරුවා තද කරලා බෙඩ් ශීට් එක පෙරෙව්වා එයා මූනට මාස්ක් එකක් දාන් අත එල්ලන් ඉදගත්තා ... තත්පරේකිම්ම මුලු පිරිමි වාට්ටුවම වහගන කාකි ඇදුම් ඇදගත්තු පොලිස් කාරයො වගේම මයික් හතර වටෙන් උස්ස ගත්තු මීඩියා කාරයො වටකරන් ඇමතියා ගොඩ බැස්සා ...
ඒ කියන්නෙ එයා කලබලෙන් වගේ උන්නෙ මේකයි....එයා ජීවත් වෙනවා කියන එක කාටවත් දැන්ගන්න තියන්නෙ නැත්තෙ මේකයි.....
මං බෙඩ්ශීට් එකේ දාරෙන් ඇස්දෙක එලියට දැම්මා....සංධීර් ඉන්නවා ...එයා මූනවත් උස්සන්නෙ නැතුව බිම බලන් ඉන්නකොට සිල්වා ඇමතියා අමාරුයි අමාරුයි කියලා හිතෙන බැලු බැල්මට පේන ලෙඩ්ඩු ගාවට ගිහින් නැවතිලා අතපත ගානකොට මං බලාගන සංධීර් අතට ගත්තු ප්ලාස්ටික් වතුර බෝතලෙ වතුර පිටිම්ම අතින් පොඩි කරලා දානවා ...
ඔයාට වොශ් රූම් යන්න ඕනද...
සංධීර් ආයම මගෙ පැත්තට හැරුනා.....ඇදෙන් ඇද ලංවෙන ඇමතියා දිහා බලන් උන්න සංධීර් මගෙන් වොශ් රූම් යන්න ඕනෙද ඇහුවා ....
අනෙ එයා බයවෙලා ....
එයා බයවෙලා ඉන්නෙ...
එයාව අල්ලන් ආයම පුච්චලා මරලා දායි කියලා එයා බය වෙලා.....
මං සංධීර් දිහා බලන් උන්නා....අනෙ සංධීර් බය වෙන්න එපානෙ මං ඉන්නවනෙ.....යෙ යෙ ඉන්නවනෙ.....මං දැන් චූටි නෑනෙ සංධීර් ඉස්සර නම් බය උනාම ඇඩුවට දැන් මං ගහනවනෙ සංධීර් ...
මං එයාගෙ අත උඩින් අත තිබ්බා....
බ්බ්...බය ...වෙන්න....එ...එපා....ස්ස්.....
එයා සේලයින් බෝතලේ ගලවලා මාව ඇදෙන් බැස්සෙව්වා ...."බය වෙන්නකෙපා සංධීර් "එයා සම්පූරන කරන්න නොදුන්න වචන ටික මං හිතින් සම්පූරන කරන ගමන් එයා එක්ක එනවත් එක්කම ඇමතියා අපිට එහා පැත්තෙ ඇදගාවට ආවා...
යන්න....
ක්ක්..කොහෙද .....
ඇතුලට ....
ඇ ..ඇ...ඇතුලට ග්ග්..ගිහින් ...
එයා මාව ටොයිලට් පේලිය ගාවට එක්ක ඇවිත් ඇතුලට යන්න කියලා කිව්වා...ඇතුලට ගිහින් මං මොන මගුල කරන්නද චූ බරක් නෑනෙ....පොඩ්ඩක් ඉන්න බලන්න ලාවට තටමලා බලමු චූ බරද කියලා .....ම්ම්ම්.....හ්හ්...චූට්ටක් විතර බරයි තමයි....
මං ඇස් දෙක රැලි කරන් උන්න සංධීර් දිහා බැලුවා ....හරියටම චුට්ටක් තියනවා කියන්න වගෙ....එයා මට ඇස්වලින් ආයම ඇතුලට යන්න කියනකොට යන්න ගිහින් ආයම මං හැරිලා බැලුවා ...
ස්ස්...සංධීර් ...ක්ක්..කිසි....ද්දේකට....බ්බ්..බය...ව්ව්..වෙන්න...එපා...ම්ම්...
යන්න....
මම...ක්ක්..කියන්න .ග්ග්...ගියෙ.....
යමන්....
ඇයි යකො කියන්න දියන්කො ලබ්බ...අනෙ තෝව කොටියම කාපිය ...මට සද්දෙ දානවා ...ඇමතියව දැක්කා විතරයි කලිසමේ බඩයන්න එනව නැත්තන් මොන මගුලටද මාව එක්කන් ආවෙ...
එයාට බය නැතිව ඉන්න කියන්න ගියපු මම චාටර් වෙලා ටොයිලට් එක ඇතුලට එනකොට එයා එලියෙ ඉදන් සේලයින් බෝතලේ අල්ලන් උන්නා.....
ස්ස්....සංධීර්.....ම්ම්...මං දන්නවා....ඔයා ..බ්බ්...බයයි...ක්ක්..කියලා ...ඒත්....ද්ද්...දැන්...අපි....හ්හ්...හැමෝම...ඉ..ඉන්නවනෙ....ස්ස්....සංධීර් ....අපි....ඔ..යා...ග්..ගාව....ඉ..ඉන්..නවනේ....
වල ටොයිලට් එකට සද්දෙ ඇහෙන් නැතිවෙන්න හරි අමාරුවෙන් චූ දාන ගමන් මං එයාට බය නොවී ඉන්න කිව්වා .....එයාට අපි හැමෝම දැන් ඉන්නවනෙ කිව්වා .....පව්...එයා බයවෙලාද කොහෙද...මං කියන දේවල් මීක් නොගා අහන් ඉන්නව....පව්...බය නැද්ද අප්පා ඉතින් මිනිස්සුන්ට.....
ගොත ගගහා බය වෙන්න එපා කියපු මම කලිසම උස්සගන එලියට එන්න ආවා...
ස්ස්...සංධීර් .....හ්....හ.....සංධීර්.....??
සංධීර් හරි කියන්නවත් සංධීර් නෑ....එයා මගෙ සේලයින් එක ගැට්ටක් උඩින් තියලා තිබ්බා...ඒත් සංධීර් .....එයාව අරුන් අල්ලගත්ත වත්ද???
මල මගුලයි...මට නම කියලා කෑ ගහන්නත් බෑ.....
වෙනදට වඩා අද ඉස්පිරිතාලෙ කලබලයි...ඇම්බියුලන්ස් වල මල කරදේ එන්න එන්න වැඩි වෙනවා මිසක්කා අඩුවක් නැති වෙනකොට මම සේලයින් බෝතලේ වයර් එක බෙල්ල වටේ ඔතාගන සංධීර්ව හොය හොය ගියා ....ටොයිලට් පේලියක් අවසාන වෙන හැම තැනකම තියෙන්නෙ ට්‍රොලි දාන තැන්...නැත්ත ඔය කැඩුන බිදුන බඩු දාන තැන් ...වගේ දේවල්.වෙනකොට මම කොරිඩෝව දිගේ සංධීර්ව හොයන් දිව්වා....ඔක්කොමත් හොදයි....ඉස්පිරිවල ටොයිලට් පේලිවල හොල්මන් ඉන්නවා කියන කතාව අහල තිබුන හින්දා මම එතනින් දුවගන ආවා උනත් සංධීර් නැතුව යන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරිව මම ආයම එයාව හෙව්වා...ආයම ටොයිලට් පේලියට දුවල එබි එබි බැලුවා.........මම බලන් උන්නා...එයා කොහෙන් හරි මතුවෙයි කියලා....
සංධීර් .....
මම ඇහෙන නෑහෙන ගානට කතා කෙරුවා ...ඒත් නෑ.....ඒත් නෑ....ඇම්බියුලන්ස් වලින් අරන් එන ලෙඩ්ඩුන්ව හදිසි ඒකකවලට....අරහෙට මෙහෙට දානකොට ඇටෙන්ඩන්ලාට මිසිලාට දොස්තරලාට වෙන වෙන දේවල් බලන්න කාලයක් තිබුන් නෑ..හරියටම මේක නිකන් යුද්දෙ කාලෙ යාපනෙ ඉස්පිරිතාල වගේ...ඒ මිනිස්සුන්ට ඇස් දෙක එක දේකට නෙවෙ සියස් දහසක් දේවල් වලට වෙහෙසන්න වෙනකොට අනිත් දේවල් වලට කලයක් තිබුන් නෑ...ඒ තත්වෙමයි මෙතනත්....සේලයින් බෝතල් එල්ලන් යන මා දිහා බලන්න කවෘත් නැති වෙනකොට අනාත උන එකා වගේ මම සංධීර්ව හොය දුවලා අවසානෙදි බැල්කනි එකේ ගැට්ට ගාව හේත්තු වෙලා නිකමට වගේ දැන් පාවිච්චියට නොගන්න පරන ඉස්පිරිතාලෙ දිහා බැලුවා...
අන්දකාරයි .....ඒ පැත්තම අන්දාකාරයි.....පොඩි හරි එලියක් ආවෙ මේ පැත්තෙ දාලා තියන ලයිට්එලි වලින් විතරක් වෙනකොට මම ඒ දිහා බලාගන ඉදලා ආයම නැති උන සංධීර්ව බලන්න කියලා හැරෙන්න එනවත් එක්කම මම අහන්බෙන් වගෙ මනුස්සයෙක් දැක්කා...
ඇටෙන්ඩන් කෙනෙක්...?
ඒ පැත්තෙ. ....
නිකන් නෙවෙ....රෝදපුටුවක් එක්ක....
මං හිතන්නෙ මොනවහරි ගිහින් දාන්න යනවා ඇති...
පේන්නෙ නෑ...මෙලෝ.මගුලක් පේන්නෙ නෑ...අන්දකාරයිනෙ.....ඒකගෙ සුදු ඇදුම විතරක් පේනවා......මම බලන් උන්නා....මිනිහා දිගටම රෝද පුටුව තල්ලු කරගන යනවා.....සුදු ඇදුමෙ චායව ලාවට ලාවට පෙනුනා වගේම ඒ ගියපු චායාව ආය ආයම මෙ පැත්තට එන්න ගත්තා ..... .
.හැබැයි තනියෙන් නෙවෙ.....එතන තවත් කෙනෙක් උන්නා...
මම ඇස් හීනි කෙරුවා ..හරියටම ඇරගන ඉන්නකොට හොදටම පේන්නෙ නැහැයි වගේ කියන්න මම ඇස් දෙක හීනින්කරන් බලන් උන්නා....
ස්ස් සංධීර් ...?????
ඒ උන්නෙ සංධීර්නෙ .....!?
එයා මොකද එහෙ කරන්නෙ....
අනේ බයට හැංගෙන්න වත් ගිහින්ද????
මම බලන් උන්නා අඩ අන්දකාරෙ උන්න ඒ දෙන්නා මොනවා කියවනවද කියන්න මෙලෝපන් දෙයක් ඇහුන් නැති වෙනකොට මං බලාගන උන්නා...එයා ඇටෙන්ඩන් කාරයගෙ පිටට තට්ටු කරලා මොකුත් නොවුන ගානට එනකොට මමත් මොකුත් නොදැක්ක ගානට ඉක්මනට ආයම බාතෲම් පේලිය ගාවට ගිහින් හිටන් උන්නා..හරියටම මම එයාව හෙව්වෙ නෑ කියන්න වගේ...
.යෙවීන්...
ස්ස් ...සංධීර්....ඔ..ඔයා...ක්ක්..කොහෙද ...ග්ග්..ගියේ...
කෝල් එකක් ආවා.....
ම්ම්ම්... ද්..දැන්....අපිට....ය්ය්...යන්න පුලුවන්ද ...ස්ස්...සංදීර්...
ම්න්....පුලුවන් ...
එයා මගෙ බෙල්ල වටේ ඔතාගන උන්න සේලයින් බෝතලේ මගෙ බෙල්ලෙන් ගලවගත්තා.....සැරින් සැරේම අපිව පහුකරන් ඇටෙන්ඩන්ලා ලෙඩ්ඩු අරන් එහා මෙහා යනකොට එයා මගෙ දිහා බලලා ආපහු ගානක් නැතුව අහක බලාගන්නකොට මම එයාගෙ අතින් අල්ල ගත්තා....අල්ලන් නැවතුනා....
ස්ස්...සංධීර් ....
ම්න්....
.ද්ද්.....දෙයක් අහන්නද.....ස්...සංධීර්
අහන්න.....
ඔ..ඔයා...බ්බ්..බයයිද .....?
.මම එයාගෙ අත්දෙකෙම්ම අල්ල ගත්තා .. එයාගෙ මේ ගුප්ත චරිතෙ එක්ක මට එයාව තේරුම් ගන්න බැරි උනා...ඉස්සර උන්න සංධීර් මොන ලෝකෙද කියලා හොයන්නත් බෑ...ඒත්...මට ඒකට එයාගෙන් මොකුත් අහන්නත් බෑ....ඇගේ තියන පිච්චුන කැලැල් එක්ක...එයාට මේ දේවල් තවම අද ඊයෙ උනා වගේ මතක් වෙනවා ඇති.... එක අතකට...තමන්ගෙ මිනිමරුවව...තමන්ගෙම ඇස් පනාපිට ඔහොම මෙහෙම ඉන්නකොට මිනිස්සු බා වෙන්නෙ නැද්ද....???
මම එයාගෙන් බයයිද අහනකොට එයා මගෙ දිහා බලන් ඉදල චුට්ටක් මගෙ දිහාවට නැවුනා...හරියටම මගෙ කන ගාවට.......
ඔව්....
මගෙ ඇගේම රෝම කෙලින් උනා....වෙනමොකටවත් නෙවෙ...එයාගෙ කට හඩට ..ඒ උනුසුමට එයා ඔව් කියන එක කිව්වෙ කොදුරලා වගේ වෙනකොට මම එයාගෙ මූන දිහා බලුවා....
මම බයයි ...මම....නොසෑහෙන්න බයයි.....මම...සෑහෙන බයයි යෙවීන්...වෙන කාටවත් නෙවෙ....
" මටම".....
එයා එයාටම බයයි කියලා මට ඉස්සර උනා වගේම මගෙ සේලයින් එක එයාගෙ අතේ තිබුන හන්දා මම ඉන් එහා මොකූත් නොකියා එයාගෙ පසෙන් ගියා...
එයා බයයිලු.....එයා බය ඇමතියට නෙවෙලූ...එයා බය එයාටමලු......
මම ඇද උඩට නැග්ගා...එයත් මගෙ ඇදේ ඉදගත්තා...කරන්න දෙයක් නැති කමට අද එක ඇදේ ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්න වෙලා තිබ්බත් අද ඒක කාටත් ගානක් උනෙ නැති උනා ...හැම ඇදකම උන්න ලෙඩෙක්ගෙන් ආවෙ කෙදිරුමක්.....තුනටිය වේදනයි ගගා නහින්න හදපු එකාට අවසානෙදි ඉන්ජෙක්ශන් එකක් ගැහුවා වගේම ඒ ටිකකිම්ම ඒකට නින්ද යද්දි මං හොරාවට සංදීර් දිහා බැලුවා ...
සං..ධීර්...
ම්න්.....
ඔ...ඔයාට.....ඇ..ඇත්තටම ...ත්ත්....තාම කවුරුත් ...න්න්....නැද්...ද....?
කතා කරන්නත් දේවල් තියෙන්න එපැයිනෙ...මොකද දැම්ම නිදියන්න කියලද ...ඒඅස්සෙන් ආයමත් මට බඩත් ගිනී.....කන්න තියෙන්නෙත් බිස්කට් ඔව්වා කන්න පුලුවන්ද .....මුරුක්කු පැකට් එකක් වත් ගෙන්න ගන්න තිබුනා නම්....
එයාට තාම කවුරුත් නැද්ද අහපු මට හම්බුනෙ ගොලු උත්තරයක් ... මං දන්නවා මූට අර නැන්දා ඉන්නවා කියලා ඒ උනාට උන්නත් නෑ කියනවා ....අපේ බාප්පවනෙ ආශ්‍රෙ කෙරුවෙ.....රට වටේම කෙල්ලො..යාපනෙ ගියොත් කොටියෙක්ටත් නම්බරේ දේවි....
.......
බො...බොරු ක්ක්...කියන්න....එ...එපා..ස්..සංධීර් ...අ..අර.....න්න්....නැන්....දා...එ..එ...
......??
මට...ඇ..ඇහුනනෙ මහත්ත්....
බත් කාලා ඉක්මනට ලොකු වෙන්න කිව්වා මතකද ම්ම්
ස්ස් ස්ස් ..සංධී.....
ශ්ශ් ....සද්ද නොකර නිදා ගන්න.....
මාව ෆුල් හොල්මන් උනා....බත්කාලා ඉක්මනට ලොකු වෙන්න කිව්වා මතකද ඇහුවා ...ලාවට...වගෙ එහෙම සිදුවීමක් මතකයි....ඒත් ඉතින්...මේ..මෙයගෙ නැන්දයි මගෙ බත් කෑමෙයි අතර සම්බන්දෙ මොකක්ද . .සංධීර්ගෙ ඔලුව විකාරයිද මන්දා වයසට යද්දි මිනිස්සුන්ට අමතක වෙනවානෙ .
කියපු දේ හරියටම තේරුන් නැති හන්දා ආයම අහන්න ගිහින් මට උනෙ කට පුක වහන් ඇදෙ දිගාවෙන්න වෙනකොට මං මුනින් අතට හැරිලා ඵෝන් එක කන්න ගත්තා ...අම්මගෙ ඵෝන් එකේ මොකූත් නෑ.....මං හිමීටම යූ නලේට රිංගලා ටීයූ එකෙ නලුවො දෙන්නව සිප් කරන ගෲප් එකක් හොයන් ගිහින් ඒකෙ තිබ්බ ඕප දූප හොයන්න ගත්තා...
යෝ.....මේ බලපල්ලකො....උන් දෙන්නා ඇත්තටම යාලුයි තමයිලු අඩේ...
මං දැන් කොට්ටෙ කනවා .....
දෙන්නගෙ මැචින් දේවල් අනන් මනන් දානකොට tu bts අස්සෙ dd wo ai ni ගාලා කියවන එක මං කොට්ටෙ කාගන බැලුවා ...
රොබින් කුරුල්ලටයි යහපතාටයිත් මේ වගෙ ෆැන්ඩම් එකක් තිබ්බා නම්...ම්ම්ම්ම්...සිප් කරන්න තිබ්බා.....
මොනවද ඔය බලන්නෙ .....
ම්ම්..මුන්....ද්ද්....දෙන්...නා....ය්ය්...යාලුයි...ලු....ස්ස්...සංධීර් ...ඉ.....යූ....
මට දැන් ගානක් නෑ...ගෙදරදි හිටපු ගමන් හැංගි හැංගි බලන එක මං කොට්ටෙ අස්සෙ දාන් බැලුවත් පහු පහු වෙනකොට මං කොට්ටෙ හපාගන බලන්න ගත්තා සංධීර් මොනවද බලන්නෙ අහනකොට මං ගානක් නැතුව මුන් දෙන්නා යාලුයිලු සංදීර් ගාන ගමන් සංධීර් ගෙ අතක් මිරිකගත්තා ....
ස්ස්...සංදීර් ....
ම්න්...
ට්ට්....ට්....ටී....යූ.....බ්බ්...බලලා....ත්ත්...
නැ....
අයි....යෝ....යෝ....යෝ...බ්බ්...බල....න්
ඕන් නෑ....
මු...ම්...මුඩුම...යා....
මං නලලෙ තුවාල යට නොකර එයාගෙ පැත්තට හැරිලා ආය ආයම කවදාවත් ගොඩ ඒමක් නැති TU එක ආයම බලන්න ගන්නකොට මං බලාගන ලන් වංජි ආශියෑන් emperors smile ගෙනාවම එයා දිහා රවාගන බලන් උන්නා වගෙ
"ලන් සංජි" ත් මගෙ ඵෝන් එකයි මායි දිහා රවාගන බලන් ඉන්නවා .....
අනෙහ්....මට මොකෝ....මං අන්ඩකුත් දාගත්තා.....අහන්නෙ බලන්නෙ නැතුව මං එයාගෙ ඇගට අන්ඩකුත් දාගන්නකොට එයා උන්නෙ එයාගෙ ඵෝන් එක දිහා බලන් උනා වගේම මං චුට්ටක් දගලනකොට මා දිහා ඇස් කොන් වලින් බැලුවා .....
යෝ....සංධීරයත් ඒ වගේ අප්පා.......👉👈
එයා ආයමත් එයාගෙ පාඩුවෙ ...මං එයාට ඕන දෙයක් කරගන්න දීලා මගෙ අඩු දෙකම ඒ කකුල් උඩ දාලා ගුසුවට යන්න ගියා .....
කැහ්.....කැහ්.....කැහ්....
...........
කැහ්...ව්ව්....ව්ව්....කැහ්.....කැහ්...කැහ්....
උගුර කටම වේලිලා ගියා....තොල කට පවා වේලිලා ගියා.....කැස්සක් අල්ලලා මං ඇහැරුනා ....
ඇහැරුනා?????
හරි....මට ඇහැරුනා තමයි.....ගූසුවට යන්න ගියපු මට ජිංශියෙම නින්ද ගිහින් තිබුනා...අතේ තිබුන ඵෝන් එක අත පත ගානකොට කොට්ටෙ යටින් වගේම එයාගෙ ඇගට අඩු දෙක දාන් නිදා ගත්තු මාව පොරවලත් තිබුනා.....
ඒත් කෝ එයා???
එයා නෑ...
කැහැ කැහැ උන්න මං වට පිට බැලුවා ..මුලු වෝර්ඩ් එකම අඩ අන්දකාරයි...
මං එහෙම්ම වෙලාව බැලුවා ....දෙකයි....
පාන්දර දෙකයි.....
මේ දෙකට සංධීර් කොහෙ ගිහින්ද ??චූ දාන්නවත් ....
වෝර්ඩ් එක භාරව උන්න නර්ස්ලා දෙන්නා මේසෙට ඔලුව තියන් උන්නා...
පව් .. නයිටක් ගහන එකත් ලේසි නෑනෙ....
කොරිඩෝ දිගේ ලා නිල් පාට ලයිට් එලි ඇවිලෙනකොට මං බිත්ති කන්ද උඩින් ඇස් දෙක දාන් බලන් උන්නා සංධීර්බේවි දැන් ඒ වි කියලා ඒත් නෑ.....
දෙකයි පහ උනා....දෙකයි දහය උනා....දෙකයි කාල උනා...දැන් නම් චූ දාලා නෙවෙ ජී දාලා එන්නත් වෙලා.....
මන් එහෙම්ම මගෙ සේලයින් බෝතලේ දිහා බැලුවා ....
එයාට කරදරයක්ද ???
මේ වෝර්ඩ් එකේ ඇමති හෙංචයියො ඉන්නවා....තුනටි කාරයා කට කපලා බුදි....එ උනාට ....එයාට කලන්තයක් වත් අල්ලලද.....??
සීනි ප්රෙශර්වත් නැගලා ටොයිලට් එකේ වැටිලද ....???
මගෙ ඔලුවට නානාප්‍රකාර මනස්ගාත එනකොට මං ඵෝන් එකත් සාක්කුවෙ ඔබාගන සේලයින් බෝතලෙත් බෙල්ල වටෙ ඔතාගන නර්ස් නෝනලා දෙන්නට නෑහෙන්න ඇදෙන් බැහැලා හොරා වගේ මාරු උනා....
ස්ස්...සංධීර් .....
ටොයිලට් පේලියට ආව මම දොරෙන් දොර ගාවට ගිහින් කතා කෙරුවා .....
..එයා නෑ
වෝර්ඩ් එකට ඇතුල් වෙන තැන ඉන්න සිකියුරිටි නිදි.....ඒකගෙන් අහන්නත් බෑ....
ස්පොයිල් උනොත් ...
නැකිටපන් වොට්සන් සෙල්ලම පටන් ගත්තා !!!!
මං ඇගිලි තුඩු වලින් ඇවිදින ගමන් සංධීර්ව හෙව්වා වගේම මට එක පාර පරන ඉස්පිරිතාලෙ මතක් උනා.....එ පැත්තට වත් ගියාද ....???
එයා මට කලින් බොරුවක් කිව්වා ....කෝල් එකක් ආවා කිව්වා ඒත් යන්නෙ කොහොමද එතන සික්කෙක් ඉන්නවනෙ....
මං කකුලෙ තිනුන බාට දෙක ගැලෙව්වා .. ගලවලා හිමින් හිමින් සද්දෙ නෑහෙන්න ඒකා ඉන්න තැනට ආවා...මූ බුදි නෑ මූට කලන්තෙ දාලා වගෙ නින්ද ගිහිල්ලා....
සේලයින් බෝතලුත් එල්ලන් යන්න ගියහම එපා උනත් මේ මගුල ගැලෙව්වොත් ගහනකොට ආයම රිදෙන හින්දා මං අත හොලවම්නෙ නැතුව හරි අමාරුවෙන් එතනින් පැනගත්තා .....පැනලා ඈතින් ඈතින් අඩිය තිය් තිය පරන ඉස්පිරිතාලෙ පැත්තට ආවා...ඵෝන් ටෝර්ච් එක ගහන්නත් බෑ....අත වැඩිය එහා මෙහා කරන්නත් බෑ.....අත එහා මෙහා වෙන වාරයක් ගානෙම ඇතුලෙ තියන කට්ට ඇනෙනකොට මට රිදුනා ....
ගස් අස්සෙන් පෙරිලා එන අලුත් ඉස්පිරිතාලෙ ලයිට් එලිය ඇරුනම මෙලෝ දෙයක් නැතිවෙනකොට බය දැනුනා උනත් මං ඉස්පිරිතාලෙ කොරිඩෝව දිගෙ හෙමින් හෙමින් බඩ ගෑවා ...තියන අඩියක් ගානෙම පපුවට ගැස්මක් දැනෙනකොට නේ රෑත් කුනුබක්කි අස්සෙ රිංගන්න ආව වරත්තු පූසො මට පපුවෙ අමාරුව හැදෙව්වා .....
මට සංධීර් කියලා කතා කරන්නත් බෑ ඵෝන් එකේ ටෝර්ච් එක ගහන්නත් බෑ කඩින් කඩ වැටෙන හද එලිය අවසානෙදි පිහිටක් වෙනකොට යක්කු හොල්මන් ඇතියී කියලම හිතෙන තරම් මූසල වෙලා ගියපු ඉස්පිරිතාලෙ කොරිඩෝව දිගේ මං වහලා තිබ්බ දොරවල් ගාවට කන් තිය තිය ආවා...
එක්කො එයාව අර යකා අරන් ගියාද ....
වෙලාව පාන්දර තුනයි...හරියටම තුනයි....
මට මෙතනින් එහා යන්න තැනකුත් නෑ...
ආවා වගේ නෙවෙ ආපිට යනකොට ඊට වඩා බය දැනෙනවා....සැරින් සැරේම අඩන කා කොටා ගන්න පූසන්ගෙ මල ඈඩියාව හිතේ බය තව තව වැඩි කරනකොට මට දැන් එක තැන හිටන් ඉන්න එක ඊටත් වඩා බය හිතුනා පිටිපස්සෙන් ඇවිත් කවුරු හරි බෙල්ල මිරිකයි....කවුරු හරි ඇවිදින් ඇදගන යයි.....එක එක විකාර ඔලුවට ආවා....ඉස්පිරිතාලයක් කියන්නෙ තනිකරම ලේ සැරව එකතුවෙන කිලි පිරුන තැනක් වෙනකොට මෝචරිය මතක් වෙනකොට මට හීන්දාඩිය දැම්මා.....
අ..අ...අනේ ...ස්ස්...සං...ධී....ර්...ක්ක්...කොහෙද ...ඉ..ඉ..ඉන්නෙ .....
ආව හයිය සම්පූරනම දිය වෙලා ගියා ...මාව ගල් වෙලා වගේ දැනුනා...ආපිට එන්නත් කකුල්වලට පන නැති ගතියක් දැනෙනකොට මට ඉස්පිරිතාලෙ බීරලු දකිනකොට ඒකෙ කවුරුහරි එල්ලිලා ඉන්නවා වගෙ මැවි මැවි පෙනුනා...
.....
...
.....
මට දාඩිය දානවා ...කකුල් දෙකත් එක්ක පන නෑ....ඉදලා හිටලා බස්සෙක් අඩනකොට මාව ගැස්සිලා ගියා වගේම මං හිටන් උන්න තැනට තිබුන පිටිපස්සෙ කාමරෙන් කෙදිරි ගාන සද්දයක් ඇහුනා වගේම මගෙ කන් දෙකත් පොඩ්ඩක් පිටිපස්සට නැවුනා....
දැන් ඇති නේද නිදා ගත්තා ම්ම්ම්ම්...
ස්ස්...සංධීර්.....??
ඔව්මයි ....දෙයියනේ....ඒක සංධීර්ගෙ කටහඩ.....කා එක්කද....එයා කා එක්කද කතා කරන්නෙ...
මං ඉක්මනටම යතුරු හිලෙන් ඇහැතියලා බැලුවා ...
පේන්නෙ නෑ...හරියටම පේන්නෙ නෑ...චායාවක් විතරයි .....අනිවාර්යයෙන්ම ඒ සංදීර්මයි......
වට පිට බලපු මං දොරට කන තියාගත්තා ...
ක්ක්...ක...කව්ද කියපන්...උ..ඹ.....උඹ...මොකා....ද....ක්ක්..කියපන් .....??
..........
මොන මගුලටද ...උඹ....මාව මෙහෙම ගැටගහන් ...ඉන්නෙ කියපන් යකෝ....
............
මං.කන තියන් අහන් උන්නා පිරිමි කටහඩක් ....තවත් කටහඩක්....සංධීර්ගෙ කටහඩට අමතරව තවත් කටහඩක් .....ඌ අහනවා උඹ කව්ද කියලා ....
උත්තර ...ද්දීපන්...යකෝ...ම්ම්..මොකා....ද...උඹ.....උඹ ...දන්නවද ...මං කව්ද කියලා ....ආ....
..............
උඹ....අහකට පලයන් කාලකන්නියො...මොන මගුලටද තෝ මාව මේක අස්සට ගෙනල්ලා ගැටගහන් ඉන්නෙ.....අනික උඹ අත තියන්නෙ වැරදි කෙනාට....මට කියපන් උඹ මොකාද ???
අනිත් එකා සැරින් සැරේම අහනවා උඹ මොකාද උඹ මොකාද කියලා ඒත් සංධීර් නෙවෙ උත්තර දෙන්නෙ...
මං කන තියන් උන්නා...ඇහෙනවා විතරයි ....ඒත් මට පේන්නෙ නෑ...මට බලා ගන්න ඕනා මොකාද ඇතුලෙ ඉන්නෙ කියලා මං ඉක්මනට බිම දිගේ බඩගන්න ගත්තා ....මේ පැත්තෙ ජනෙල් තියනව් වගේම පිටිපස්සටත් ජනෙල් තියනවා ...කොරිඩෝව දිගේ බඩ ගාපු මං සේලයින් කටුව ඇනෙන හින්දම අත උස්ස ගත්තා උස්සගන තනකොල තුත්තිරි නෙරෙංචි වැවුන මිදුලෙ සත්තු සර්පයි ඉන්නවද කියලවත් නොබලා හද එලියෙම පිටිපස්සෙන් ජනේලෙ ගාවට යනකොට මගෙම වෙලාවට වීදුරු බාගයක් බිදිලා තිබුනා මුලු කාමරේම එලිය වෙන්න එකම එක බකට් ඉටිපන්දමක් අවුලලා තිබ්බා....
මට කියපන්....මට කියපන් යකෝ උඹ මොකාද ...උඹ මොකාද ...උඹ මොන යකාද .....උඹ මගෙ යුනිෆෝම් එකවත් දකින් නැතුවද මාව සෙල්ලමකට ගත්තෙ....
දෙයියනෙ සංධීර් පොලිස්කාරයෙක්ව නේද ගැටගහනින්නෙ....අරූ මැරෙන්න හදනවා සංධීර් ඌ කියවලා කියවලා හති වැටෙන්කම්ම බලන් ඉන්නවා ....අරූ දිගින් දිගටම එයා කව්ද අහනකොට සංධීර් පැත්තක තිබුන පොලිස් තොප්පිය අතට අරන් ඒකෙ දූවිලි පිහිදනවා වග්වෙ උඩ හරිය ඇගිලි වලින් පිහලා පස්සෙ කටිනුත් පිම්බා .... .
එයා ඇදන් ඉන්නෙත් ඇටෙන්ඩන් අදුමක්...අරූ ඉන්නෙත් රෝද පුටුවක ..ඊටත් සංධීර් ඉන්නෙත් මාස්ක් එකක් වගේම ග්ලවුස් පවා දාලා .....
කතා කරපන් යකෝ....කතා කරපන්...
මං බලන් උන්නා....ඒ වගේම කාමරේ පුරාවටම ඇස් යැව්වා ....මේක ඩෙන්ටල් ඩොක්ටර් හිටපු කාමරේ.....එයා මේක අස්සට ගෙනත් මොකද කරන්නෙ....ඇයි අරූ අච්චර මැරෙන්න හදලත් මොකුත් නොකියන්නෙ....
මං උන්නෙත් තනි අන්ඩෙන් හිටගන වෙනකොට මගෙ කකුල දිගේ මොකෙක් හරි බඩගානවා දැනුනා ...
මට කකුල ගසා ගන්නත් බෑ මොකාද බඩ ගාන්නෙ හොයා ගන්නත් බැරිවෙනකොට ඌ එන්න එන්නම කකුල දිගේ උඩට නගිනවා එක්කම මං සංධීර්ට අහු නොවෙන්න කකුලට ටෝර්ච් එක ගහනකොට රතු පාට පත්තෑයෙක්....
කරන්න දෙයක් නෑ ගහන්න විදිහකුත් නෑ ....මං ලාවට කකුල හොල්ලනවත් එක්කම යකා මගෙ කකුලට විද්දා වේදනාවට මම මගෙම අත හපා ගන්න ගමන් අම්මගෙ ඵෝන් එකෙම්ම අරූට කකුලෙ තියලම දෙපාරක් තුන් පාරක් ගහනකොට ඒකගෙ ඔලුව මගෙ කකුලෙම චප්ප වෙලා ගියා වගේම මං කෙදිරි නොගා කෙදිරි ගගා ආයම ජනේලෙ එල්ලෙනකොට සංධීර් අර මිනිහගෙ මූන ගාවට එයාගෙ මූන ලන් කරලා ඉටිපන්දම් එලිය වැටෙන්න අනිත් අතින් ඉටිපන්දමත් අරන් එයා දාන් උන්න මාස්ක් එක ගැලෙව්වා අර මිනිහගෙ ඇස් දෙක ලොකූ උනා...


මං කව්ද කියලා දැන ගන්න ඕනා උනානෙ ....සංධීර් .....සංධීර් ඒකනායක .....තවත් විදිහකට කියනවා නම්....ම්ම්ම්....මට කියන්න එක දෙයක් කියන්න බෑ....මොකද මට දැන් ...එකක් කියලා නෑ....වෙලාවකට....criminal ....වෙලාවලකට divorce ....වෙලාවකට property lawyer ....ම්ම්ම්ම්...තව වෙලාවක....ට....ම්ම්ම්.....doctor .......
professor .....homicide detective ...ම්ම්ම්....තව...ඉස්සරහට ...දාම ඝාතකයෙක්...සයිකො කාරයෙක් ...හහ් හහ්.. හහ් .....!!!
මං අහන් උන්නා...සංධීර්ට තිබුනෙ එසේ මෙසේ කටහඩක් නෙවෙ ...එයා කිව්වෙත් එක ජොබ් එකක් ගැනත් නෙවෙ ....දාම ඝාතකයෙක් ..එහෙමත් කිව්වා .....එයා කියන වචනයක් ගානෙම කටහඩ එන්න එන්න සීතල උනා වගේම අවසානෙදි ඇගම හිරිවැටෙන හිනාවක් එක්ක අර මිනිහගෙ මූන අත ගෑවා ඒකා ගොත ගැහුවා
ඒ...ඒ කිය...න්නෙ....උඹ...උඹ ...ඉන්...නවා.....
...........
උ...ඹ....එහෙනම්.....ඉන්...නවා
නෑ....උඹලා මාව මැරුවා....උඹලා සාමාන්‍ය සංධීර් ඒකනායකව මැරුවා....හැබැයි....දැන් උඹ ඉස්සරහා ඉන්නෙ....එදා මරපු සංධීර් නෙවෙ .....
උඹ හදන්නෙ මාව කටින් බය කරන්නද ...???උඹ හදන්නෙ මාව වචන වලින් බය කරන්නද .....
ම්න්.....අමුතුවෙන් කරන්න දෙයක් නෑ මන් හිතන්නෙ උඹ බය උනේ මං කතා කරන්න කලින් උඹ බය උනේ...මගෙ මූන දැකපු තැන එහෙමනෙ....ම්ම්ම්
ආව්හ් මට කෙදිරි ගෑවුනා....පත්තෑයා විදපු තැන වේදනාව එන එන්න උඩ දුවනකොට පොලිස් කාරයා සංධීර්ගෙන් අහනවා කටින් බය කරන්න හදනවද කියලා ....කොහෙ කටින් බය කරන්නද සංධීර් කිව්වත් වගෙ ඒ මිනිහගෙ ඇස් ලොකු උනේ එයා මාස්ක් එක ගලවපු තැන ඉදන් වෙනකොට ....
සංධීර් සාක්කුවට අත් දෙක දාන් එහාට මෙහාට ගියා.....අරූ දැගලුවා උඹ මොකද කරන්න හදන්නෙ ගගා මැරෙන්න හැදුවා ....අවසානෙදි එයා ඇදන් උන්න ඇටෙන්ඩන් කිට් එකේ උඩ ශර්ට් එක ගලවලා දැම්මා ...දැන් කලිසම විතරයි .....
උඹ මොකක්ද කරන්න හදන්නෙ....කියපන්...උඹ මාව මෙතනට ගෙනත් මරන්ඩ නම් හදන්නෙ....
අනිවාර්යයෙන්ම .....ම්න්....අවුරුදු දහයක් ....හරියටම අවුරුදු දහයක් මෙන්න මේ හැම කැලලක්ම ...මාත් එක්ක උන්නා ...ම්ම්....අහලා තියනවද ඇහැට ඇහැ....දතට දත...කනට කන...නාසයට නාසය...ජීවිතේට ජීවිතයක් වගේම ...තුවාල කැලල් වලට ...තුවාල කැලල්.....ම්ම්ම්ම්ම්ම්???
ද්...දැන්...උඹ ...උඹ මොකක්ද කරන්න හදන්නෙ.....
ඇහැට....ඇහැක් ....!!!උඹ මාව ඇදක ගැට ගැහුවා හා සමානවම මන් උඹව ගැටගැහුවා ...ආ...යිශ් අමතක උනා ....
මෙතන ඉන්න එකා සංධීර්ව මරන්න ආව එකෙක්ද එතකොට ??එයා ඇහැට ඇහැක් කිව්වා....දතට දතක් කිව්වා ....ඒ ටිකකිම්ම අමතක උනා කියලා එයාම නලලේ පැත්තට තට්ටුවක් දාන ගමන් එතනම තිබුන වතුර වීදුරුවක් ගත්තා .....
මගෙම ගෙදර මගෙම වතුර වීදුරුවට උඹ ඩ්‍රග්ස් දැම්මා .....ඔයම කාකි සූට් එක ඇදන් උදව්වක් ඉල්ලන්න එන විදිහට ආව උඹ ...මගෙම ගෙදරදි මාවම මරන්න හැදුවා ....ම්ම්ම්ම්.....
...........
උඹ මට කෙරුවෙ මොනවද .....බීපු වතුර උගුරෙ ඉදන් නයපියවන්න පුලුවන් ....හැබැයි....මං උබට ඩ්‍රග්ස් නොදා.....එකම එක ස්ලීපින් ටැබ්ලට් එකක් දීලා අවසානම පාරට හොදට නිදාගන්නත් චාන්ස් එකක් දුන්නා එහෙමනෙ ම්ම්ම්ම්ම්
මන් බලන් උන්නා...අරූ මෙච්චර වෙලාවක් නිදියලා තියෙන්නෙ මතෙන්ද....දැන් දැන් පත්තෑයා කාපු වේදනාවට,වඩා මුන් හැමෝම සංධීර්ට දීපු වද ගැන කියනකොට මං දත කට පූට්ටු කරන් බලන් උන්නා වගේම සංධීර් සිගරට් එකක් අවුලන් ඒකගෙ මූනට දුම පාරක් පිඹින ගමන් ඒකගෙ ඇදුම් ගලවන්න ගත්තා ....
උ...උඹ ඔය....මොකක්....ද....
ශ්ශ්....ශ්ශ්........do not disturb ...okay?
අතෑරපන් යකො...උඹ මොකක්ද කර්න්න හදන්නෙ.....
උඹට මේක පිටිම්ම ඇවිලෙන්න ඕනා නන්...මන් මේක තියන්නම්...මොනවා උනත් යුනිෆෝම් එකට අපි රෙස්පෙක්ට් කරනවනෙ ....
ආ .....හ්හ්ව්ව්....ා ...ආ...හ්....
ශ්ශ්...ශ්ශ්......කෑ ගහන ...එක....එච්චර ....හොද නෑ .....පොඩ්ඩක් ඉන්න....ම්ම්ම්
උ...උඹ....උඹට ....මේවට...ව්ව්....වන්....දි...ගෙවන්න.....වන්දි...ගෙවන්න.....වෙයි.......
ම්ම්...වෙන්න පුලුවන් ...මට මතක මෙන්න මෙතන .....අන්න රයිට්.....උඹ.....උඹගෙ.....කටේ.....තිබ්බ.....සිගරට් ...එකෙන්...
භ්හ්....භ්හ්...භ්හ්.....භ්හ්
ද්....දෙයියනේ.....සංධීර් .....එයා එයාගෙ ඇගෙ තිබුන ලප ගානට අර මිනිහව පුච්චන්න ගත්තා .....අරූගෙ කටට රෙදි කෑල්ලක් ඔබපු එයා සිගරට් කොටේ පපුවට තියන් ඉදලා හිනා උනා වගේම අත දිගෑරලා කන රත් වෙන්න පාරක් ගැහුවා ....
අවුරුදු දහයක් .....අවුරුදු දහයක් .....මං අවුරුදු දහයක් ...බලන් උන්නා.....හරියටම ...අවුරුදු ....දහයක් ........ලෑස්ති වෙයන් ....ජීවිතේට.....ජීවිතේ දෙන්න.....ඇහැට....ඇහැ නැති උනත්...දතට...දත......ඒක පුලුවන් ...මොකද උඹ....මගෙ....දත් පවා ගැලවෙන්න ගැහුවා .......
භ්භ්....භ්භ්....භ්භ්.....
කියන්න අමතක උනා....මම dentist කෙනෙකුත් උනා.....
සංධීර් හිනා උනා...එයා කට කොනකින් හිනා උනා....එයා ඩෙන්ටීස්ට් කෙනෙකුත් උනා කියන ගමන් තවත් දුම් උගුරක් ඉහලට ඇදලා මේසයක් උඩ තිබුන ටූල්ස් වගයක් අතට ගත්තා එයා මගෙ....අනෙ....දෙයියනෙ....සංධීර්...
🙂ජොබීව හිරේ දාන්න...
🤭පුම්චි මුව පැතියා බුජි😂
ආය එන්නම් ඈ .....
මම
Ferdeesha ❤️💚😘 ...