Ficool

Chapter 27 - 27

.....මන්දාරම්.....

සුදු මහත්තයා....

තනියම හිනා වෙන්නෙ ඇයි මගෙ මන්දාරම්....හිනාවෙන කාරනාව මටත් කියලා හිනා වෙන්නකො....

ම්....ම්...මම??මම හිනා උනා....???

ම්ම්ම්.....ඔව්.....මන්දාරම් හිනා වෙනවා....හද එලියෙ වගේම රත ගහපු මේ හුලු අතු එලියෙ පිහිටෙන් මන්දාරම්ගෙ හිනාවෙන ඇස් මං ඕනාවටත් වඩා ආසාවෙන් බලාගන ඉන්නවා...ඇයි මගෙ රත්තරන් හිනා වෙන්නෙ?

..........මගෙ සුදු මහත්තයා ළඟ ඉන්න හන්දා ආකාස හාමු....මයෙ ඇස් හිනා උනා නම් හිනා වෙන්න එකම හේතුව මයෙ ආකාස හාමු......මේ ගුරුපාර දිගේ මේ වගේ යාමෙක මේ අතට මයෙ අත පටලන් යනවා කියන කාරනාවත් ඇති මයෙ ආකාස මටත් නොදැනිම මයෙ ඇස් හිනා වෙන්න...

............මට ලෝබයි මන්දාරම්.....

සුදුමහත්තයට ලෝබයි?අර මොකද?

මහපොලවට එලිය වැටෙන්ඩ තව හෝරා කීයද.....

බලු බල්ලෙක් නැති මලගෙදර ඉදන් තනි රැක්ක මං මගෙ ආකාස වස්තුවව තවත් මහන්සි කරන්න බැරි හන්දම ආපිට එක්ක ආවා...පුරුදු පාරෙම අන්දකාරෙම හර්ස් එකෙන් එන කනාමැදිරි එලියෙන් ඇවිදින් මිනි කපන කාමරෙ මිදුලෙන් හර්ස් එක දාපු මං මගෙ ආකාස පරානෙ එක්ක හුලු අතු එලියෙන් වගේම නවම් හද එලි උදව්වෙන් මං ආපිට එන්න ආවා...

නිකන් නෙවෙ.....එක අතක හුලු අත්ත ඇවිලෙනකොට අනිත් අත ආකාස වස්තුවගෙ අතට තදින්ම පැටලිලා තිබුනා....

මේ ගුරුපාර පුරාවටම සියපත් පුසුඹ ගලාගන යන හෝරාවකදි මාත් මගෙ ප්‍රේම විමානෙත් අත්වැල් පටලාන යනකොට අනෙ මටත් නොදැනි මයෙ ඇස් හිනා වෙලා තිවුනා ...

ඉදහිටක හමාගන යන හුලන් කඳ වේලුම් කාපු...අඩමානෙට වේලුන...තවමත් ලපටියට තියන තනකොල යාන්ගෙම සූ....සද්දෙන් නලවාගන යනකොට ඉස්සරහට තියන අඩිය මිසක වචනයක් වත් නොදෙඩෙව්වට මක්කද අනෙ මයෙ තුන් හිතම අරක් ගත්ත මේ පිරිමි පරානෙ වෙනුවෙන් මයෙ ඇස් හිනා වෙන එක මයෙ හාමු තැන දැකලා තිවුනා.....

මයෙ මූනටම එබිලා මන්දාරම් හිනාවෙන කාරනාව අහනවා...මගෙ හිනාවට එකම හේතුව වෙන මක්කවත් නෙවෙ ආකාස හාමුම විතරයි කියනකොට මයෙ පැලට හූවක දුර තියනකොට ගුරුපාර මැදම නැවතුන ආකාස හාමු පපුවට වත් උහුලන්න බැරි හුස්මක් අතාරින ගමන් මයෙ ඇස් දිහා බලාගනම ලෝබ හිතෙනවා කිව්වා.....

ඇයි සුදු මහත්තයා ලෝබ...

.......මගෙ ආදරෙ තනිකරම හතරමහ නිදන් වස්තුවක් වගේ හන්දා මන්දාරම්....උඹ ගැන නොහිතෙන වෙලාවක් නැති වෙනකොට මං හැම වෙලාවෙම ප්‍රාර්තනා කරන්නෙම මට එක තත්පරේකට හරි උඹව බලාගන්න ඇති නම් කියලා.....පහු වෙන්න පහු වෙන්න මගෙ තුන් හිතම කොලොම්පුරෙ ඉන්න මට උඹව එක තත්පරේකට හරි ලබන්න ඇති නම් හිතෙනවා මන්දාරම්....මං ලෝබයි....මං උඹට හරි ලෝබයි මගෙ පුංචි බෙනරගම මහත්තයා ...

මගෙ පපුවත් එක්ක මක්කද වෙලා ගියා...ආකාස හාමුගෙ ඇස්වලින් අනෙ ආදරෙ දෝරෙ ගලනවා...අතේ තියාන ඉන්න හුලු අතු එලිය ආකාස හාමුගෙ මුලු මූන පුරාවටම වැටිලා තියනකොට මේ ගුරුපාර මැදම හිටගන මයෙ දෑහ එක මොහොතකට වත් ඒ දෑහින් අතනෑරම මුමුනාන ඉන්නකොට අනෙ මයෙ තුන් හිතටම මක්කද වෙලා ගියා...

වෙලාවක් අවේලාවක් නැතිව අඩාගන යන කෑරලා කොච්චරවාත් බෑගිරි තැලුවෙම විරහා දුක්කාන්ත ගීයකින් උනත් අවුරුදු විසි ගානකට පස්සෙ මයෙ ඉහට ඉහලින් පියාඹගන ගියපු ඒකගෙන් ප්‍රේමාන්විත සුඛාන්තයක් ඇහුවා...

අතේ තිබුන හුලු අතතත් හුලන් රැල්ලත් එක්ක හරි හරියට කැරලි ගැහි ගැහි ඇවිලි ඇවිලි යද්දි කනාමැදිරි එලි හා සමාන ඇබිති ඇබිති ගිනි පුපුරු ඒ ගිනි කැරල්ල මැදින් එලියට විහික් වෙලා ගියා.....

.ආකාස හාමුගෙ ඇස් වලින් ආදර කතා දෝරෙ ගලනවා...වලාකුලින් ගැබ්බර උන ආකාස ගර්ඹෙත් නවම් හදත් එක්ක ආදර කතා අහුරු අහුරු දොඩනකොට නිවි නිවි ගිනිගන්න තරු කැටත් ප්‍රේමනීය ආකාස පරානයක් දිහාවගේම ප්‍රේමාතුර උන මන්දාරම දිහාව ආශිර්‍ර්වාදිතව බලාගන ඉද්දි නිල් අහසින් වැහි කදුලු හලන්නත් බැරි නම් ආසිරි පැන් වත් ඉහාපන් කියලා හිතාගන මං මගෙ අතේ තිවුන හුලු අත්ත ඩින්ගක් අහකට කරගන ආකාස හාමුවත් නොහිතපු වෙලාවක සෘංගාරෙටත් වඩා ඉහලින්ම තියන සුරක්ශාවෙන් පිරුන හාදුවක් ඒ නලලට තිබ්බා.....අනෙ මං බලාන ඒ ඇස් ගැස්සෙනවා.....

" මේ මන්දාරම මේ ආකස තලේට විශ්ව භාශාවෙම අකුරු එකතු කරලත් ලියා ගන්න බැරි...කියා ගන්න බැරි තරමට ආදරෙයි "

.............ම න් දා ර ම්.....

ම්න්...

තව එකක්...තව එක පාරක්........එක හාදුවක් දෙන්න බැරිද මන්දාරම්...ඉල්ල ඉල්ල ගන්න හාදුවට වඩා නොකියම දෙන හාදු පුදුම රහයි මන්දාරම්....ඒත්....මට ඔය හාදු දෙවර්ගෙම උඹගෙන් විතරක්ම විදින්න ඕනාවටත් වඩා අයිතියක් තියනවා නේද .....

තවහාදුවක් ඕනද මයෙ අම්මට.....

........

මං යන්තමට හිනා උනා.....කියවන්ඩ ගියහම මගෙන් ගුටියක් කාලම මිසක්ක කටවහන් නැතිව මුරන්ඩු කම් කරන්ඩ හපනෙක් උන හාමු පරානෙම සීමාව අන්තෙටම නිවෙනකොට අනෙ මටත් බැරි උනා මේ හිත අස්සෙ ආකසයක් නමින් දලුලාන ආදරෙ හන්ගන්න වෙනකොට තව හූවක දුර හද එලියෙන් යාගන්න පුලුවන් කම ඕනාවටත් වඩාතියන බව දැනෙනවත් එක්කම අතේ තිවුන හුලු අත්ත දෙපැත්තට වනලා වනලා නිවලා දාලා එහෙම්ම බොරලු පාර උඩට අතෑරියා...

හුලු අතු එලිය නිවිලා ගියා..

ආකාස හාමුත් මාත් විතරක් ගුරුපාර මැද තට්ට තනිවෙනකොට අංශුවකින් වත් කිලිටි නොවුන පාරිශුද්දවු හැගීම් විතරක්ම පන ගැහෙන රෝමාන්තික විනාඩි වල පිහිටට උන්නෙ නවම් හද එලිය විතරක්ම වෙද්දි මං මයෙ සියපත දැතින්ම අල්ලගත්තා.....

මං ඒ මූන මොන තරන් පරිස්සමින් ඇල්ලුවද කියනවා නම් මගෙ අතැගිලිවලට වත් මං ඒ මූනෙ තිබුන උනුහුම දැනෙන්න නොදී උන්නා .....

රොන් ගන්න එන සමනලයෙක්වත්.....බඹරිදුවෙක් වත් මේ තරම් මලක් පරිස්සමින් මලට වහන් නැති වෙන්න ඇති....

වලාකැටියක්ම ඇවිදින් පායපු පුරහද වහගත්තා....කළුවර දෙබෑ කරන පුරහද වලාකැටියක් අස්සට අඩමානෙට මූන ඔබාගන්නවත් එක්කම තත්පර ගානක් ඒ ඇස් දිහාව බලාගන උන්න මං එහෙම්ම ඒ ලා රෝස සියපත් දෙතොලට බර උනා....

සඳ කැන් දහරින්...දෙනුවන් පිරිලා.....

දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා....

මන්දාරම්.....මගෙ තුන් හිතම ආදරෙන් පිරිලා මන්දාරම්.....මේ හාදුවෙ අංශුවක් අංශුවක් පාසාවටම තිබුනෙ මගෙ බෙනරගමගෙ අපරිමිත ආදරෙ විතරමයි ඒක මට දැනුනා මන්දාරම්....

......

මන්දාරම් දන්නවද....මේ ලෝකෙ මනුස්සයෙක්ට දරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි ආදරෙන්ම විතරක් පිරුන මනුස්සයෙක්ට ආදරෙ කරන එක ....නෑ...ඊටත් වඩා අමාරුයි මන්දාරම් ආදරෙ විතරක්ම පිරුන මනුස්සයෙක්ගෙ ආදරේට පෙරලා පාත්‍ර වෙන එක...මේ අත කවමදාවත් මගෙ අතින් අතෑරෙන්න නම් නෑ මගෙ මන්දාරම්...

මන්දාරම් ....මගෙ පුංචි බෙනරගම මහත්තයා මට දැනෙනවා මුලු ගමක්ම එකතුවෙන තැන උනත් උඹ තට්ට තනිවෙනවා කියන්න.....මට කමක් නෑ....එහෙම උනා කියලා උඹ හිත රිදවගන්නත් එපා මගෙ මන්දාරම්...

ගමක් එකතු වෙන තැන උඹ තනි උනත්....සංසාර චක්කරෙ මොනම තැනකවත් මන්දාරමට මේ ආකාස ඉන්න කන් කවදාවත්ම උඹ තනිවෙන්නෙ නෑ මගෙ මන්දාරම්...මං ඉන්න තැනක කවදාවත්ම උඹට තනිකමක් නම් දැනෙන්න ඉඩක් තියන්නෙම නෑ මන්දාරම්....

මිනිස්සු කෝටියක් ඉන්නතැන තනිකමක් දැනෙන එකට වඩා....මං ළඟ ඉද්දිත් තනිකමක් දැනෙනවා නම්...මං මගෙ ආදරෙ අතින් සෑහෙන දුර්වලයි වගේ හිතෙයි මන්දාරම්....ඉතින් මගෙ පුංචි බෙනරගම මහත්තයා .....උඹ මගෙ ගාව ඉන්නකොට ඔය විදිහටම හැම වෙලාවෙම හිනා වෙයන් මන්දාරම්...මට ඒකත් සැපක්....

මං හිනා උනා.....දුන්න දෙතොල් හාදුව පුරාවටම තිබුනෙ ආදරේම විතරක්ම වෙනකොට දෙතොල් හාදුවෙ අවසනත් එක්ක මං බලාගන ප්‍රේමනීය සියපත තව තවත් පාට වැටෙනවා.....බිමට දාපු හුලු අත්ත අහුලගත්ත මං ආයම වතාවක් මගෙ අත ඒ අතට තදින්ම පටලවගන්නකොට ආකාස හාමු මගෙ ඔලුව අතගෑවා...හරියටම මාව නොදරුවෙක් ගානට දාලා.....දෙතුන් වන්ගියක්ම මට පුංචි බෙනරගම කියනවත් එක්කම අනෙ මට කවදාවත් නැතුව මහ මක්කද මන්දා දෙයක් දැනුනා...

කිව්වත් වගේ මාව ආකාස හාමු ගාවදි නොදරුවෙක් ගානට වැටුනා.....ඒ අතත් මගෙ අතත් තදින්ම පැටලුනත් හරි ..මට එක තත්පරේකට හිතුනා මේ බොරලු පාරට කෙලවරක් නැතිවෙනවා නම් කියලා....

මගෙ පැල මිරිගුවක් හා සමානව මැකිලා යනවා නම් කියලා...

..ආකාස...සුදු මහත්තයා

හ්ම්ම්ම්.....කියන්න රත්තරන් අහන් ඉන්නෙ ඔයාව.....

දුන්න හාදුවෙන් පස්සෙ අපි දෙන්නා අතර අඩි දහය දොලහක් යනකන්ම නිහඩබවක් තිබුනා..... අඩි දහය දොලහා මගෙ දුප්පත් මැටි පැලගාවට එනකම්ම දික් උනා ....ඒත් මගෙ කට ගොලු උනත් මොකද තුන් හිතම අහවරක් නැතුව දොඩමලු උනා ... අවසානෙදි ඒ අත අල්ලන් ඉන්නවටත් වඩා තදින් අල්ලගත්ත මං ගෙයි වැටකඩුල්ල ගාවදි නැවතුනා ...නැවතිලා මගෙ මැටි පැලදිහාව බලාගන උන්නා...

ගෙදර බුදුන් මගෙ අසරනීගෙ තනිරකිනකොට දොරේ බුදුන් වෙනදා වගේම පිල්කඩ උඩ ගුලිවෙලා නිදාගන උන්නා....

ඇයි රත්තරන්.....?

ආකාස හාමු මගෙ ළමයා කියන නමට තිත තියලද කොහෙද....කට පුරාවටම පිත්තල තබක්ක තරම් වත් වටින් නැති මට රත්තරන් කියන වාරයක් පාසම මයෙ පපුකදෙ නහර වැල්වලට කරන්ට් වදිනවා.....

.හාමුට පින් හාමු.....

මන්දා.....රම්.....

ම්න්.....ආකාස හාමුට පින් දුන්නට පව් නෑ හාමු...දුප්පත් මට ආදර්‍ර් කරනවට පින් දුන්නට පව් පිරෙන් නෑ මගෙ හාමු...මං දුප්පතෙක් හාමු...

..........වත්පොහොසත් කම් එක්ක...ලෞකීක දේවල් එක්ක මිනිස්සු දුප්පත් පෝසත් කම් බෙදනවා මගෙ මන්දාරම්....ඒත් උඹම දකිනවා උන්ගෙ මිනිපෙට්ටිය හදන්නෙත් දිරන්ඩ ලේසි වෙන්න බාල ලීයෙන් කියන්න.....වමනෙ හල හල උනත් මං මගෙ ඇස් වලින් දැක්කා අවසානෙදි ලීකුඩු ගොඩක් විතරයි.....වතුපිටි ඉඩ කඩම් ඉහට උඩින් තිබ්බත් මට කියපන් මන්දාරම් අරන් ගිය කව්ද ඉන්නෙ....???

කාගෙ ඇස්වලට දුප්පත් හිගන පැටියෙක් උනත් ....ආකාස වෙච්ච මගෙ ඇස් වලට උඹ තරම් පෝසතෙක් තුන්ලෝකෙම නැතුව ඇති මන්දාරම්...උඹ පෙරාපු රනින් ඉපදුන කොල්ලෙක් මන්දාරම්....දහ අවුරුදු බාල උනත් උඹට මට වඩා තේරුම් තියනවා...ඒත් මං ආසයි එක මොහොතකට හරි උඹව පුංචි එකෙක් වගේ හුරතල් කරන්න....උඹගෙ අතපය දැක්කම මගෙ හිත කියන්නෙ එක දෙයයි මන්දාරම්....

මගෙ පුංචි බෙනරගම මහත්තයා තමන්ගෙ ලමාකාලෙ පවා ගෙදර උන් වෙනුවෙන් උගස් කරලා කියල...අවසානෙදි ඒකත් සින්න වෙලා ගිහින් කියලා.....කමක් නෑ මන්දාරම්...මේ ආකාස හාමු ගාව උඹ ආයම පොඩි එකෙක් වෙයන්...පින් දෙන්න එපා....උඹව නොලැබුනොත් මං තරම් පව්කාරයෙක් නැතිව ඇති.....

අහිංසක පපුවකට ආදරෙ කරන එකේ සැනසීම මං විදිනවා මන්දාරම්...

*

*

*

මන්දාරම්....

ම්න්...

අප්පච්චිට ඇහැරවන්න එපා මන්දාරම්...අප්පච්චි මාව දැක්කොතින් උස්සන් ගිහින් අර යකාගෙ ගෙදරට දායි අනෙ....

.........සුදු මහත්තයා කුරහන් තියනව කනවද....??

අර ගුලියද.....ඒක තනිකරම යගුලියක් වගේ....අපෙ වලව්වෙ ඉන්න බත් අම්මත් කුරහන් හදනවා...මරු ආනමක් එක්ක...අපෙ අරූ කිඹුලා මැටිගිලින එකා වගේ ගිලින්නෙ...ඕක අපිටකියලා ශුවර්ද මන්දාරම්???

මං හිතන්නෙ මං මගෙ අත්දෙක සියවතාවකට වඩා හෝදන්න ඇති...කොච්චරවාත් බඩගිනී කිව්වට මන්දන්නවා කන පත අතට ගත්ත ගමන් මගෙ ආකාසට කොහේවාත් තියන මලකද මතක් වෙනවා...එතනින් එහා තමුන්ගෙ අත් පවා දකිනකොට අපුලක් දැනෙන්න ගන්නවා....අනෙ හාන්දුරුවනෙ මේකලාව බඩගින්දරෙ ඉන්දන්ඩ නම් මට බැරුවා...වමනෙ බාල්දි ගනන් හලාපු මගෙ වත්කමට පනක් නැතිවේවි....

පිල්කඩ උඩ නිදාගන උන්න අප්පුච්චවත් මං එනකන් අප්පුච්චගෙ පය පාමුල උන්න කලුවවත් තවත් හොදට පොරවාපු මං අප්පච්චිව ඇහැරවන්න නම් එප ගගා කන් කෙදිරි ගාන එයාගෙ කන් කෙදිරියත් අහගනම සද්ද නෑහෙන්න හට්ටි මුට්ටි ඇර ඇර බැලුවා..... කුරහන් තලප ....නාඩු හාලෙ බත....වැව් මාලු මිරිසට.....මේක මයෙ පන්ගුව.....ඒත් වෙනදට වඩා මාලු කොටහක් වැඩිද මන්දා....

අම්මද අප්පච්චිද බාගෙට කාලා මං වෙනුවෙන් තව වැඩියෙනුත් ඉතිරි කෙරුවෙ....??

ඒ නැත්තන් ආකාස හාමුත් ඉදි කට්ට වගේ මයෙ පස්සෙ එනව බව දැනිලා තව කොරලියෙක් කන්කුරාගෙන් ඉල්ලාන ආවදො????

පුවක් පට්ටයක් ගත්ත මං නාඩු හාලෙ බත පුවක් පට්ටෙට බෙදන්ඩ ගත්තා...

ආ....මරු කෙලිය...ලමයො...මේන් කලුවා.....අයියො මූට බඩගිනිද කොහෙද පව් මේ ඈනුන් අරිනවා.....අනෙ කලුවො උඹ මෙතන කෙදිරි ගාලා අප්පච්චිව නම් ඇහැරවන්ඩ එපා....එහෙම උනෝතින් ආකාසයියට වෙන්නෙ මේ රෑපානෙම අර පඩ මාලිගාවට යන්ඩ ..පඩ මාලිගාව කියනකොට මතක් උනෙ...අපෙ ස්ටුපිඩ් ඈස් හෝල් නිදිද දන්නෙ නෑ....මං ඵෝන් එක සයිලන්ට් දැම්මනෙ...පොඩ්ඩක් ඉන්න බලන්න.....

මං නෙවෙ වචනයක් කිව්වෙ....නිකිනි වෙනුවෙන් වගේම අම්මා වෙනුවෙන් පුරවන වතුර බැරල් එකෙන් මුන කට හෝදන් මගෙම සරමක් එක්ක මගෙම කමිසයක් ඇදන් උන්න ආකාස වස්තුවට ආයම අර පුරුදු ඉහට දරන්න බැරි වක්කඩ චරිතෙ ආරූඪ වෙලා තියෙද්දි ආකාස හාමු කිව්වත් වගේම කලුවත් නැගිටන් ඇවිදින් ඒකගෙ පුරුදු තැන ඉදගන නිදිමතටදො....එහෙම නැත්තන් බඩගින්නටදො ඈනුන් අරින්න ගත්තා .....

කලුවා ආව බව නෑකම් එක්කම දැනුන් දුන්න එයා ආයමත් අර ඵෝන් එකට එබීගන දිවත් හපාගන මක්කදො මක්කදො කරනකොට බත්ගෙඩියත් ලබු කැටේට වතුර එකකුත් පුරවගත්ත මං මිරිස් හොද්ද යන්තමට ඉතිරි උන හට්ටියට හීල් වේගන එන බතෙන් හැන්දක් දාලා කලුවට අනනවත් එක්කම මෙච්චරවෙලාම ඵෝන් එකට එබීගන උන්න ආකාස හාමු මගෙ දිහා හැරිලා කට ඇරියා....

"ආ..."

අනෙ කලුවො....බොලාගෙ බත්පතෙන් කටක් අඩුවෙන්ඩයි යන්නෙ රත්තරනෙ.....

වලදෙ කනකොට පුදුම රහයි අප්පා.....ඔයා ඕක කලූටද ඇනුවෙ ලමයො....

ම්න්.....

SAWRY කලු....මන් හුගක් වැඩකරලනෙ ආවෙ....ඔයා මොකද මං මොකද ..එක කටයි කෑවෙ...බලන්නකො ලමයො අපෙ බූරුවා මට බැනලා බැනලා මැසේජ් පන්සීයක් විතර එවලනෙ......මුගෙ පුදුම බයක් තියෙන්නෙ අර නාකි ගුරාට.....ගහපියකො අඩෙ හොම්බකට රිවට් වෙලා යන්ඩ.....

කලුවට අනාපු බත් එකෙන් කටක් කෑවට කටත් මහ මොකක්ද කරන් කලුවගෙනුත් සමාව ගත්ත එයා ආපිට අර ගඩොල් බාගෙට එබෙන පමාවට මං තව කටක් අඩුවෙන්න කලින් කලුවට බත් ටික දානවත් එක්කම අනෙ කලුව හැමදාම වගේ එකපාරක් ඉවකරලා මයෙ දිහා බැලුවා...ඒකට නම් වැරදිලාමයි තිරිසන් ආත්මයක් ලැබිලා තියෙන්නෙ....

ඕකා ඔය මයෙ දිහා බලන්නෙම බත්පත ඉදුල් කරන්ඩ අවසර දෙනකන්...ඒකා එහෙන් අවසර ඉල්ලනකොට මයෙ චන්ඩි ශ්‍යාමා ඒකගෙ ලේ නෑකම් අයියට වගේම නවරත්න ගුරාට පුලුවාන් තරන් දෙහි කපන්ඩ ගත්තා....

අනෙ හාන්දුරුවනෙ ඒකලාට අද නින්දෙනුත් නහය දන්ඩ ගන්නවා....

මට වෙලාවකට අපෙ පියුමා ඇත්තටම මගෙ අයියා නෙවෙද හිතෙනවා ලමයො.....?

අර මොකද සුදු මහත්තයා....

..නෑ.....ඌ මගෙ අයියා නම් මූට අරූගෙ කට කඩන්ඩ ගටක් එන්න එපැයිනෙ.....මන් පියුමා උනානම් අරූගෙ කටෙ මේ වෙනකොට පොට ගිහිල්ලා....

උ...ඌව්හ්....අනින්නෙ....ඇයි යකො අනින්නෙ...ඇත්තමයි මල්ලියො තොටත් දෙන්නෙ කැරකිලා යන්ඩ ආ.....ඌව්හ්.....මුදුනටමනෙ ඇන්නෙ...

මට අනින්නෙ ඇනපන්කො ගමෙ එවුන්ටත්.....

බොලාගෙ ඔය චන්ඩ කම මොකද කියාපන්...අනින්නෙ....අනින්නෙ තමා...උඹලා නම් ඒකගෙ පරන නයකාරයෙක්ද කොහෙද....

කියවගනම ඉන්න කටෙ මුඛරි හුරුතලයත් ආදරෙත් හන්ගගත්ත මං ආකාස හාමුගෙ ඉහට රිදීනොරිදෙන්ඩ යන්තමට වගෙ ටොක්කක් ඇන්නා....ඒ ඇන්නත් හරි මේකා කටත් අකුලගන මටත් දෙස් තියන්න පටන් ගත්තා විතරයි කකා උන්න කලුවගෙ පිට යන්තටම අතගාපු මං ලබු කැටෙත් බත්පතත් ගත්ත මං ඒකව කුසියෙ දාලාම එලියට ආවා....

පරන ණය කාරයා....අරකිගෙන් මං ගිය ආත්මෙ උලුහාල් අරන් ඇති.....ඒක නෙවෙ පියුමා කිව්වා උගෙ කාමරේට උලුහාලිගෙ ගිනිකිකිලියෙක් ආවා කියල...මං දැක්කෙ නෑනෙ ඕකිගෙ මුන...හැබැයි මං උන්නා නම් ගිනිකිකිලිට පිහාටු නැතුව තමයි දුවන්න වෙන්නෙ...ලැජ්ජ නැද්ද අඩෙ කොල්ලන්ගෙ කාමරවලට රින්ගන්නෙ.....???එව්.....වේසයි හැබැයි ඒ හැසිරීම නන්....

.

ග්....ගිනි කිකිලියෙක්.....ව්...වේසයි කිව්වෙ?කව්ද ගිනි කිකිලිද?

වැට්කඩුල්ල පැන්නා විතරයි...අප්පච්චි ඇහැරුනොත් ආපිට ගුරු ගෙදරට ඝින් දායි කියලා කුටු කුටු ගගා කතා කරපු ආකාස හාමුට වැටකඩුල්ල පැන්නා විතරයි අර කුටු කුටුව අහවර උනා...

ම්ම්ම්....යෙස්.....අපෙ එකාගෙ කිලුටු ජොකාගෙ ඉදන්ම හෝදලලුනෙ.....මං කල්පනා කරන්නෙ....දැට් uncivilized devil මොකද අපෙ අරූගෙ ජොකාගෙ ඉදන් හෝදවන්නෙ කියලා....මට පේන්නෙ උලුහාලි හදන්නෙ මෙහෙම්ම මංගල කටයුත්තක් කරවන්ඩ වගේ ...ඒවා හදේ....ඒවා නම් හදෙ පුතේ .....උලුහාලිට ආස ඇති ඒකිගෙ පැත්තෙන් ඉසකුඩිකුචියක් අරූගෙ බෙල්ලෙ හරි මගෙ බෙල්ලෙ හරි එල්ලලා වලව්වට රින්ගවන්ඩ....බොහොම හොදයි ඒ කැපවීම නම් ....සම්මාන උල් කරලා ඉන්දවන්න ඕනා...

......

ඖලක් නෑ.....වලව්වට එන්න ඕනා නම්...ඌවයි මාවයි බදින්න ඕනම කියලා නෑ මල්ලි ..අපෙ සීයත්තා....මහ භ්‍රහ්මනගේයා වට පප්පෙක් .....

ම්...මොකක්...ව්...වටපප්පෙක්....??

ඕහ්..ලුක් ඇට් ...ලුක් ඇට් දිස් බේබි බිච්.....පොඩි දේවත් තේරුම් ගන්න බෑනෙ.....ඔහොම නන් බෑ මල්ලියො...ඉදලා හිටලවත් ඇග අස්සෙ ඉන්න වනචර ආත්මෙ අවදිකරගන්න....

.......???

වට පප්පෙක් කිව්වෙ අපෙ මහ හාමුවා.....අපෙ අප්පච්චිගෙ අප්පච්චි...පොර ගමෙ ගොඩෙ ගෑනියෙක් දැක්කොත් add to cart වගෙ සීන් එකක ඉදලා තියෙන්නෙ...අදටත් එහෙමයි....ඒත් අපෙ මහ මැනිකෙ ඔය ඔක්කොම වැරදි කනට ඇහි ඇහි...දෑහට දැක දැක අර ස්වාමි භක්තියත්....පෞල් නම්බුවත්.....අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසෙත් මේන්ටේන් කර කර නිකන් දුක්විදිනවා...ඔව්වා කරුම මන්දාරම්.....ඔව්වා තනිකරම කරුම රත්තරන් .....

මයෙ ඇහිබැම රැල් ගැහුනා විහිලුවෙන් විහිලුව පටන් ගත්ත කතාව ආපිට බරපතළ කාරනේකට හැරෙනකොට මං අහගන මගෙ ආකාස තමන්ගෙම පෙලපතට දෙස් තියන්ඩ ගන්නවා....විහිලුමය ස්වරූපයක් ගත්ත කටහඩ එන්ඩ එන්ඩම ධෘඩ වෙනවා මදිවට මගෙ අත අල්ලන් උන්න අතෙ ඇගිලි එන්න එන්න තද කරනවා....

එක අතකට අත්තම්මටම බැනලත් වැඩක් නෑ මන්දාරම්...ඒවා ඒ ගෑනි කෙල්ල කාලෙ ඒ වලව් පරන්පරාවෙන් ඔලුවට ඔබාපුවා...පෞල් කුටුම්බෙ රකින්ඩ ...පතිභක්තිය රකින්ඩ....නම්බුව තමා ඔක්කොටම වඩා වැදගත්....මොන දේ උනත් පවුල කඩාගන්ඩ බෑ ...එහෙම උනෝතින් වටපිටාවට මූන දෙන්ඩ වෙන්නෙ නෑ...මිනිහා මොන ජඩ වැඩෙ කරලා ආවත් නාවලා ගෙට ගනින්...වෙනදා වගෙ සලකපන් ...මිනිහා තමයි දෙයියා වගෙ බහුබූත ගොඩක් එක්ක තමයි ඔය වලව් මැනිකෙලා හැදෙන්නෙ...මේවා අත්දුටුව ප්‍රත්‍යක්ශ කතා මන්දාරම්....

.මට තියෙන්නෙ තනිකරම සම්ප්‍රදායික පවුලක් මන්දාරම්...ඉහරදයක්.....මගෙ අම්මයි අත්තම්මයි තනිකරම අර මනුස්සයො දෙන්නට දේවාලයක් හදාගන මල් පහන් පූජා කරගන ඉන්න තරම් ඔලු කුරුවල් කරන් ....මං හිතන්නෙ අත්තම්මගෙ සුවද දුම් විසවෙලා වෙන්ඩ ඇති මහ හාමුවා ඔය තරම් රටට වැඩදායි පුරවැසි බීජ තව තව උන්ට දන්සල් දාලා ගියෙ .

වල්ව්ව මහ ඉහ රදයක් මන්දාරම්....විසි හතර පැයම අගස්තිමාල පටලන් බෝරිච්චි අත් ආව ඔසරි පටලන් කොන්ඩ ගෙඩි ගහන් අටසිය ගනන් වල වගේ පරන හම්පඩ වංස රැක රැක ඉන්න උන්ට සහලවම පිස්සු...මිනිස්සුන්ගෙ නිදහස කාලා රකින වංසෙන් ඇති සෙතෙ මොකක්ද මන්දාරම්...???

මිනිස්සු ඔය තරම්ම සදාචාරත්මක නම්....මුන් ඔය...එව්....මට යකා යන්න යන්නෙ....කමක් නෑ.....මමයි අරුයි සම්ප්‍රදාය කුඩුපට්ටම් කරපු උන් දෙන්නෙක්....ඒක නිසා මං මේ දැන් කියපුවා මේ කනෙන් අහලා අර කනින් එලියට දාන්න.....

බනකට ගියත් ටීවි එකක් රේඩියො එකක් දැම්මත් කියන්නෙ දෙමව්පියන්ට සලකන විදිහ....ඒත් මං අද වෙනකන් අහලා නෑ දරුවන්ට සලකන්නයි කියන මාතෘකාවට බන කියනවා...

ජීවත් වෙන්න තියෙන්නෙ එක අවස්තාවයි...ලෝකෙ අනිත් රටවල් ගෙවෙන තත්පරයක් ගානෙම ඉස්සරහට යනවා...මං කියන්නෙ නෑ සමාජ සම්මත බිදන් දුරාචාරෙ යන්න කියල...එහෙම නෙවෙ මන්දාරම්...මනුස්සයෙක්ට කියලා නිදහසක් තියෙන්න ඕන.....වැරදි කරන හම්පඩ හුත්තිගෙ පුත්තුන්ට මේක අදාල නෑ...ඒවුන් නන් තොලෝන්චි වෙලා ගියාට පාඩු නෑ...මං කියන්නෙ....නිස්කාරනෙ ඔය පරම්පරාවලින් ඔලුව කුරුවල් කරන් නිස්කාරනෙ පව් එල්ලන් දුක් විදින මිනිස්සු ගැන ..මට වෙලාවකට අපෙ අම්ම ගැන දුකයි මන්දාරම්...

මන්දාරම්ගෙ අම්මා පුදුම සරල ගෑනියෙක්....හිතෙ බයක් නැතිව අප්පච්චිට කතා කරනව.....අප්පච්චි උනත් එහමයි...ඒත් වලව් වහල යට....තාම අපෙ මහත්තයා....අපෙ මැනිකෙ....මගෙ හාමු....මගෙ මැනිකෙ මොනවද මන්දාරම් ..අනික මහ එවුන් සිරියහන් ගබඩාවට වඩිනකන් අරුන් තැපගන ඉන්න ඕන....නිදහසක් නෑ නිදියන ටිකටවත් .....අඩියක් තියලා අඩියක් හිතුමනාපෙට යන්ඩ බෑ අකැප ජාති දාස් ගනන්...පිස්සු හටන්...ඔව්වා මොන ජීවිතද මන්දාරම්...අරුයි මායි වලව්වට ගියදාට පරංගි හටනට අන්තයි...

අරූ නම් කටගහන එක සිමා කරන් අවසානෙදි කරබාගන්නවා....හැබැයි මං නන් එහෙම නෑ....ආය සක්කරයගෙ පුතා වයිමා ආවත් මං අකමැති නම් ....අකමැතියිමයි මන්දාරම්....මට මේ වංස නම්බු රකින්ඩ මගෙ සතුට බිල්ලට දෙන්න බෑ...මගෙ සතුට සමාජ සම්මතේට පිට උනාට.....මං මගෙ ලෝකෙ ඇතුලෙ සම්මතයි කියලා ලේබල් අලවගත්ත හාමුලාට වඩා සර්ව සාදාරන මනුස්සයෙක්....

මං මගෙ ලෝකෙ ඇතුකෙ උන්ට වඩා ජෙන්ට්ල්මන් කෙනෙක්....මං මගෙ අසම්මතෙ ඇතුලෙ මගෙ ආදරේට ඒ කියන්නෙ මන්දාරම් උඹට පුදුම විදිහට අවංකව ආදරෙ කරන මනුස්සයෙක්....මං මොකටද මන්දාරම් මාව බිල්ලට දීලා සමාජ සම්මත රකින්නෙ.....නම්බුව රකින්න මගෙ ආත්මෙ මරාගන්නෙ...පරම්පරාවෙ නම ඉස්සරහට ගෙනියන්නෙ අපෙ දෙමව්පියො අපිව හැදුවට අපිත් ඒ දේම කරන්න නීතියක් නෑ...මේ ලෝකෙම අස්තීර එකෙ....පරම්පරා නමුත් අස්තීරයි කියන එක ඒ මිනිස්සු තේරුම් ගන්නෙ නැ...හැබැයි මං තේරුම් ගත්තා...මිනිස්සු අමරනීය නෑ මන්දාරම්...

මට තියෙන්නෙ මේ ජීවිතෙ විතරයි.....ඇස් පියවෙනකන් මට උඹ එක්ක ජීවත් වෙන්න ඕන...උලුහාලි අරූගෙ කාමරේට එවාපු එකී ගැන මං හෙට බලන්නම්......මොනා උනත් ආය වලව්වට ගියහම වලව්වටත් වර්නින් සන්නසක් දෙන්න ඕන....බ්‍රහ්මනගෙ පරම්පරාව අරුගෙන් කෙසේ වෙතත් මගෙන් නම් ඉවරයි කියලා...

......

බට්ස්....අපිට තව බෙනරගම පැටියෙක් නම් හදන්න පුලුවන්.....නේ රත්තරන් 

........

මන්දාරම්.....

.......

ඒහ්.....ලමයො.....

.......

මන්දාරම්...

ස්...සුදු මහත්තයා...

කොයි ලෝකෙද උන්නෙ??

...........

කිව්වත් වගේ මටම හිතාගන්න බැරි උනා මං උන්නෙ මොන ලෝකෙද කියලා...මගෙ ආකාසගෙන් පිටවෙන වචනයක් වචනයක් පාසාම එකතු උනේම පපුවට බරක් විතරක්ම වෙනකොට මන් වචනයක් වත් නොකියාම කල්පනාවට වැටුනා....

සුදු මහත්තයා....

යෙස්....අහන් ඉන්නෙ...

දෙයක් අහන්නද මගෙ ආකාස....

.......එපා...

එ...එපා...

හ්ම්...එපා.....මන්දාරම් අනුන්ගෙ හිත් කියවන්න තරම් මට එහෙම විශ්මිත හැකියාවක් නෑ.....හැබැයි මට මං ආදරෙ කරන උඹගෙ හිත නන් කියවන්න පුලුවන් .....මිනිස්සු මැජික් සංදර්ශන බලන්න පෝලිම් ගැහිලා ගියාට...මොනම මොහොතෙ හරි ප්‍රාතිහාර්‍ය වෙයි කියලා බලාපොරොත්තු උනාට...ඒ හැම දේම තාවකාලික සතුටක් ගේන ඇස් බැන්දුම් මන්දාරම්.....මං මැජික් කාරයෙක්වත්....ප්‍රාතිහාර්‍ය පාන එකෙක් වත් එහෙම විශ්මිත බලයක් තියන එකෙක් වත් නෙවෙ....

ඒත් මං හිතන්නෙ මන්දාරම් කියන මනුස්සයා ගාවදි මට මොනව හරි මැජිකල් දෙයක් වෙනවා මන්දාරම්...උඹගෙ හිතට දැනෙන දේවල් උඹ කියන්න කලින් මට වචන කරන්න පුලුවන් මැජික් එකක් මට තියනවා බෙනරගම...

......

මං මෙච්චරවෙලාම කියවපු කතා එක්ක මන්දාරම් අගන්න යන්න මොකක්ද කියන්න මං දන්නවා.....මන්දාරම්....මගෙ ජීවිතෙ කියන්නෙ අස්වද්දන්න හදාපු හේන් කුඹුරක් නන් ....රත්තරන් ආව සරුසාර කරවන ....මුම්මාරිය පින්මාරිය දෙකම උඹයි...වලව්වත් නමත් සම්ප්‍රදායත් මට දූවිලි අංශුවක් ගානයි මන්දාරම්....සාලියට පුලුවන් නන් ආදරෙ නමින් චන්ඩාලියෙක්ට ආදර්‍ර් කරන්න....ඇයි මන්දාරම් මට බැරි ඔය හැම මගුලටම පයින් ඇනලා උඹට ආදරෙ කරන්න...මනස්ගාත හිතන්න එපා.....

ආදරෙ වෙනුවෙන් සම්‍ප්‍රදාය මරන එක සුලු දෙයක්.....

සම්මත්‍යි කියන රාමුව ඇතුලෙ ඕන තරම් ජඩ වැඩ වෙනකොට...අසම්මතයි කියලා අහකට දාන රාමුව ඇතුලෙන් ශුද්දවන්තයො බිහිවෙන එක ඔක්කොටම වඩා මැජිකල් එකක්...

මං අදහන බලවත්ම දේ ආදරයයි මෛත්‍රීයයි....ඔය දෙකම මං උඹගෙන් දකිනවා.....පින් කදක් වගේ කොල්ලෙක් වෙනුවෙන්....මෛත්‍රිය අදහන මට එක තත්පරේට කාලි වෙස් ගන්න පුලුවන් මන්දාරම්...එ හන්දා අහන්න යන ප්‍රශ්නෙ අහන්න අවසර නෑ....අදටත් මින් මනතටත්.....

.මං උඹගෙ ...උඹ මගෙ....චැප්ටර් එක ක්ලෝස් හරිද..... .මන්දාරම්....උඹට වඩා දහ අවුරුදු වැඩිමල් මම උඹ ගාවදි නොදරුවෙක් ගානට වැටෙනවා.....කියවන්න ඕන මොනවද ...නැත්තෙ මොනවද වගෙ වගක් නෑ ඔහෙ කියවනවා...ඒකට එකම හේතුව උඹ මන්දාරම්....උඹ මාව අම්මෙක් වගේ බලාගන්නවා....උඹමාව අප්පෙක් වගේ බලාගන්නවා...

ආදරෙ කියන්නෙ ඒකයි මන්දාරම්....අනිත් කතාවලින් වැඩක් නෑ...වැඩක් නෑය කියන්නෙ මන්දාරම් කියන උඹ ගාවදි....මගෙ ආදරේ ගාවදි වලව් මාන්නෙ මගෙ පයට පෑගෙන දූවිලි අංශුවක්

සුදු මහත්තයා...

මන්දාරම්.....මේ පැලේද උඹ රෑ එලිවෙනකම්ම ඉන්නෙ මගෙ මන්දාරම්....

ම්න්.....පරිස්සමින් උඩහට නැගපල්ලා.....

මගින් මගටම ඒ අතට මගෙ අත පටලාන ආව මට මහා පන්ඩිත් කතා හුගාක් කියාපු මගෙ ආකාස වස්තුව අවසානෙදි ආකසගෙන් ලැබෙන ආදරෙ ඇරුනම වෙන කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඉන්න කියන එක ආය ආයම තදින්ම කියනකොට මං පොරොන්දු දුන්නා...

හේන් යායම පාළුවට ගිහිල්ලා ....අතරින් පතර පේන තවත් ලන්තෑරුම් එලි ගොඩක් එක්ක හතර වටම දිහාව බලාගන උන්න එයාව මං එහෙම්ම පරිස්සමින් උඩහට නැගපල්ලා කියනකොට මං බලාගන එයා අර අනිමග දෑතින්ම මිරිකගන්නවා...

.ඕක දෙන්ඩ.....පන්ඩිත කම.....නිකන් වත් කිව්ව නම් කට කැඩෙනවද.....මන්දාරද්ම් මේ අනෙ....

ම්න්.....

ඕකට කියන්නෙ ලබ්බ කියලනෙ ...??

ලබු කැටෙ.....

හරි කොහොම හරි ලබ්බනෙ...

ලබුකැටයක් දරුවො...

හරි බන්...ඒත් ඕක හදන්නෙ ලබ්බෙන්නෙ....කැට මගුලක් ගහන්නෙ...ඕක ලබ්බක්.....

ම්න්...ඔව්...ලබ්බක් දැන් හරිද....කොහෙන් හරි කුනුහර්පයක් කියාගත්තෙ නැත්තන් උඹලටත් කෑවෙ නෑ වගේ ආකාස...ඔතනින් අහකට යමල්ලකො.....වැටෙන්ඩ හදන්නෙ

වැටෙන් නෑ මං අල්ලන් ඉන්නෙ..මට බලන්න ඕන.....අනෙ මන්දාරම් මේක පුදුම ලස්සනයි මන්දාරම්.....මේ හතරවටම පේනවා....ඔයත් ඕක අවුලන්නකො.....අර පැල්වල උන් නම් දැන් නිදි ඇතිනෙ මන්දාරම්.....

.......

කෝ අනෙ තාම මොකෙක් වත් ආවෙ නැනෙ.....??

.......

කෝ අනෙ...ඔයින්ක් ඔයින්ක් ගාගන වල් ඌරෙක් වත් ආවෙ නැනෙ.....ශිහ්...මට අරක ගේන්න තිබ්බෙ...ආවා නන් ඌරෙක් මරාගන්ඩ තිබ්බා...වල් ඌරු මස් මරු ආ.....

මොන...මොකෙක්ද....මන්දා.....ආකාස උඹ නම්....

ආ.ආ...ආ...අමොර්.....උපාසක තැන....කොහෙන් හරි ගෙනාවම නම් කන්ඩ දන්නවා පුක උඩ දාන්....මරාගන කනකොට පව්....කව්ද මල්ලි උඹට ඔය ලොජික් කියලා දුන්නෙ....අපෙ ඔෆිස් එකෙ බුවෙක් ඉන්නවා මෑන් ඌරු මස් හරක් මස් කන්නෙ නෑ හැබැයි හොදි කනවා...හැබැයි කුකුල් මස් නම් ඇදලා අරිනවා...උගෙන් ඇහුවම කුකුලා පොඩියිලු...ලොකේ පජික් නේද අනෙ....

......???

උඹත් ඒ වගේ...ඒක නෙවෙ...මේ මෙහෙ ඌරුමස් තියනවනෙ....මඥ්ඥොක්කයි ඌරු මසුයි තිබ්බා නම්....හැබැයි ඉතින් මට කිතුල් රාත් ඕන...අනෙ මන්දාරම්....කැන්ද කොලේකට මඥ්ඥොක්කා දැම්ම ආය....මෙහෙ ඕන තරම් රා හොයාගන්න තියනවනෙ මන්දාරම්??මට අර ගෑනිගෙ උලුහාල් මගුල් කන්න කියලා නන් කියන්න එපා ආ....මගුල

එල්ලා තිබුන ලන්තෑරුම අවුලාපු මන් කකුල් දෙකත් පහතට එල්ලගන මදිවට කකුල් දෙකම වන වනා ඌරුමස් ගැන කියව කියව උන්න ඒකා අනිත් වංගියෙදි මටත් සැර නොවීසැර වෙන්න ගත්ත ....ලන්තෑරුම අවුලාපු මං දැන් කලින්ටත් වඩා කකුල් වේගෙන් පද්දන මගෙ හාමුතැනගෙ ඉහ අත ගෑවා...

දඟ කරන්න එපා ආකාස වැටෙයි ඔයාව.....

ම්හුක්.....ඕනනෙ

ම්න්....මං කියන්නම් මයෙ අම්මට....පුතන්ඩියගෙ හාමිනෙ වෙන්ඩ ඉන්න එකාට දොලදුකය කියලා....

ම්..මො...මොකක්...හා...හාමිනෙ...මේ මං...අනෙ මල්ලි මේ...ඕවට නම් එන්ඩ එපා හර්ත....හාමිනෙ කිව්වම හාවෙක් මතක් වෙනවනෙ ....

ම්න්....උඹලත් හා පැටියෙක් තමයි...

ඔව්.....ඒක ඇත්ත...හොමතගයු බෙනප්පු....මං ඇවිත් වල් හාවෙක්....

......(කටක් නෙවෙ අම්මපා වක්කඩක් මේක)....

තව දුරටත් ඒකගෙ කතා අහන් ඉන්නෙ නැතුව මං අනිත් පාර එහෙම්ම ඔතාගන ආව බත්පත ලගට අරගන එරමිනියා ගොතා ගත්තා විතරයි අනෙ කකුල් වන වන උන්න එයා මගෙ පැත්ත බැලුවා...බැලුවා විතරයි අනෙ මං යටි හිතින් දෙයියන්ට කිව්වා...වමනෙ බාල්දියක් විතර හලාපු මගෙ කොල්ලට ආය නම් අපුලක් දැනෙන්න එපා කිව්වා....

ඔයා මටත් එක්ක අනනවද මන්දාරම්....

ම්න්....කෝ ආගපල්ලා ...

මන්දා.....බ්බ්.....

අනෙ මයෙ අම්මෙ ඔක්කාර කරන්න එපා රත්තරනෙ...

*

*

*

පින් සිද්ධ වෙනවා මන්දාරම්........නොකියා නොකියා උන්නට මං හුගක් බඩගින්නෙ උන්නෙ.....

මයෙ රත්තරමට බඩ පිරුනා නම් එච්චරයි...

හ්ම්ම්ම්ම්...මට දුකයි මන්දාරම්.....

සුදු මහත්තයට දුකයි.....

හ්ම්.....දුකයි...මට මේ අත් ගැන හුගක් දුකයි මන්දාරම්.... .....පැලේ රැයක් ගෙවන මං වගේ හිතුවක්කාරයෙක්ට මුරන්ඩු සෙල්ලක්කාරයෙක්ට හරිම ලස්සන හැගීමක් උනාට....රැයක් එලිවෙනකන් මදුරුවො තල තල නිදිවරනවා කියන එක...මේ දේවල් සැපදායි හැගීම් නෙවෙ මන්දාරම්....

මන්දාරම් මං හරි සෙල්ලක්කාර මනුස්සයෙක්.....දෙයක් ඕන කිව්වොතින් ඕනම වෙන මනුස්සයෙක්....සුරාමේරෙ සිල්පදෙ ජීවොතේට කියන්න බැරි මනුස්සයෙක්...පානාතිපාතා වේරමනීසිඛ්ඛා පදන් සමාධි ආමි කියල චූටි කාලෙ නම් මහ සද්දෙට කිව්වට කාලයත් එක්ක මං ඒ ගාථාවෙ සද්දෙ අඩු කෙරුවා....

ආකාස හාමු....

ම්න්....මට පාලනයක් නැතුවම තරහා යනවා මන්දාරම්.....මට උඹ වගේ නිවෙන්න නම් හිතන්නවත් බෑ....ඇවිලෙන එක තරම් ලේසි දෙයක් මං දන්නෙත් නෑ....මන් මේ ඉන්න ටික දවසට උඹට මොනවා හරි කවුරුම හරි කිව්වොතින් මං මරලමයි පස්ස බලන්නෙ මන්දාරම්

......!

මොන විහිලුවක්ද නේ රත්තරන්.....මෛත්‍රීය අදහනවා කියන මමම හරි ලේසියට මෙහෙම කියන එක.....මට මෙ අත් ගැන දුකයි මන්දාරම්...මං උඹව කොලැඹට අරන් යන්න බැරි කමක් නෑ....හැබැයි මං දන්නවා ජම්මෙට වත් උඹ එන්නෙ නෑ කියලා.....

උඹ නොදන්නවා උනාට මං උඹවටේ තියන පුංචි දේ ගැන පවා හිතනවා මන්දාරම්.....ආකාස ඇවිදින් මන්දාරම්ව කොළඹට අරන් ගියා...ඊට පස්සෙ ඒ දෙන්නා සතුටින් ජීවත් උනා කියල නිමි කියලා තිතක් තියන්න මේක සුරංගනා කතාවක් නෙවෙ මන්දාරම්.....ඒක යතාර්තවාදි නෑ.....

ඒත්....උඹගෙ ජීවිත කතාව පොතක් නම්.....මුලින් මුලින් දුකින් ලිය උනාට .....මේක සුඛාන්තයකින් නිම වෙලා ප්‍රින්ට් වෙන්න ඕන කතාවක් මන්දාරම්..

මං උන්නෙ එරමිනියා ගොතාගන.....මොන හාස්කමකටද මන්දා.....එක්කො දෙයියො බුදුන්ටත් මං ගැන අද හුගාක් දුක හිතිලද කොහෙද හේන් හතර මායිමෙ මොනම යකෙක් වත් ආවෙ නැති වෙද්දි මං මගෙ ආකාස වස්තුව කියන වචනයක් වචනයක් ගානෙම හරි උවමනාවෙන් අහගන උන්නා....

රත්තරන්....

ම්න්...

මගෙ මන්දාරම්‍ට පේනවද අර නවම් හද...

පැල අටවලා තිබුන ගහෙ රිකිලි අතුපතරින් හද රැස් වෑස්සෙනවා....ඉදහිටක කෑගහන් යන වවුලෙක් ඇරුනම හුලන් අතට නැලවෙන කොල අතුවල සද්දෙ විතරක්ම විමානෙ රජකරවද්දි මං ආකාස හාමු ඇගිල්ල දික් කරලා පෙන්නපු නවම් හද දිහාව බැලුවා....

පේනවා ආකාස.....

නවම් හදවටේට තියන රැස්වලල්ල??

......ඒකත් පේනවා හාමු.....

රත්තරන් දන්නවද...ඔය නවම් හද උඹයි...එතකොට නවම් හඳම හැඩ කරන රැස් වලල්ල උඹට ජාති ජාතිත් ආදරෙ කරන්න පාරමි පුරන ආකාස නම් වෙච්ච මමයි.....

..........

එනවද මගෙ උකුලට?

අ...ආකාස.....

අඩන්නෙ ඇයි.....උඹලා අඩනකොට මගෙ ඇසුයි මන්දාරම් ඇදුම් කන්නෙ.....

මේ වෙනකොටත් මං උන්නෙ මගෙ දෑහම කදුලින් තෙමාගන.....ආකාස හාමුගෙ සෙල්ලක්කාර කතාවලට මගෙන් මොන තරම් බැනුම් ඇහුවත් මොකද ඉදලා ඉදලා ආදරේ ගැන ජීවිත් ගැන කතා කරන්න ගන්න තැනදි ආකාස කියන්නෙම වෙස් පෙරලුන් වෙනම මනුස්සයෙක් ගාන වෙද්දි මටත් නොදැනිම මගෙ ඇස් අඩන්න අරගන තිබුන.....

එයා මගෙන් උකුලට එනවද අහනවා.....නිකමටවත් හිතපු නැති දේවල්....මගෙ තුන් හිතකවත් නොතිබ්බ දේවල්...එරමිණිය ගොතාගන ඉන්න ආකාස හාමුගෙ උකුලෙන් ඉදගන්න ඕනයි කියන හැගීම තුන් හිතකවත් නොතිබ්බ දෙයක් වෙනකොට උත්තරත් නැතුවම ඒ මූන දිහා බලාගන උන්න මාව දෙපාරක් නොහිතම ආකාස හාමු මාව නිකන් උස්සලා වගේ අරන් එරමිනියා ගොතාගන ඉන්න කකුල් දෙක උඩින් ඉන්දවගත්තා

...නෑ....යන්තමට වගේ මාව බැස්සද මන්දා...!!!

..

දැන් හරි.....ඔහොම ඉන්න......රූස්ස ගස් උනත් බැරිම තැන්වලදි තවත් ගහකට හේත්තු වෙනවා ආකාස...වයසට වඩා මෝරපු උඹ තනිකරම රූස්ස ගහක්...ඒ කියලා උඹට මහන්සි නැතුව නෙවෙනෙ.....

සුදු මහත්තයා....

....ඔහොම ඉන්න....හැබැයි මට ඉඹින්න ඕන.....නිකන් ඉන්න එකෙ ඉඹගත්තා කියලා මැරෙන් නෑනෙ...

අනෙ හාන්දුරුවනෙ මගෙ යටි බඩත් එක්ක මක්කද වෙලා ගියා.....මාව ඒ කකුල් දෙකෙන් ඉන්දව ගත්තත් හරි ආකාස හාමු මගෙ පැතලි බඩ කිටි කිටියට ඒ අත් වලින් ඔතාගන තව තවත් ඒ පපුවට තද කරගත්තා.....

තද කරගනත් නිකන් උන්නා නම් මට ඉවසගන්න පුලුවන්.....ඒත් මුරන්ඩු කමක තරම කියන්නෙ මාව තුරුල් කරගත්ත මේ මුරන්ඩු සියපත හිතේ හැටියට මයෙ බෙල්ල පිටුපස පදාසෙම තෙත්බරි කරන් යන්න හාදු වැහි වට්ටනවත් එක්කම මං ඒ අත් ගසා දාලා විදිල්ල වගේ ආකාස හාමු දිහාවට හැරුනා....

ආකාස....

.......මිනිස්සු මැරුනට පස්සෙ මල් වත්තක් දුන්නත් වැඩක් නෑ මන්දාරම්....

ජීවත් වෙලා ඉන්නකොට මලක් නොදී....මිනිස්සු මැරුනට පස්සෙ මලකද බදාගන කෑවත් වැඩක් නෑ මන්දාරම් ජීවත් වෙලා ඉන්නකොට ආදරෙන්වැලදගන හාදුවක් වත් නොදි....සංසාර් කන්න අහුරු අහුරු අපි අපේම වෙන්න ප්‍රාර්තනා කෙරුවට...උඹටයි මටයි තියෙන්නෙ මේ ජීවිතෙ විතරයි රත්තරන්....

මට මගෙ ආදරෙ විදින්න තහනම් දාන්න එපා මන්දාරම්...මිනිස්සු මැරෙන්නෙ හුස්ම නැවතුනාම විතරක් නෙවෙ....හැගීම් මැරිලා හිතුත් ගල් වෙලා ගියහමත් මිනිස්සු මැරෙනවා.....

ඇයි උඹ ඔච්චර කියවන්නෙ....ම්ම්ම්ම්??

ම්...මන්දා.....රම්....තරහින්...ද?

මගෙ පපුව ගිඩි ගිඩි ගානවා...ගිඩි ගිඩි ගාන පපුවට ගැහිල ගැහිලම මැරිලා පලයන් කියලා එයාගෙඋකුලෙන් පැනපු මං ඒ මුන ඉස්සරහා දන ඔබාගන ඒ මුන දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලාගන උන්නා...කොටින්ම මයෙ දෑහම හින් වෙලා ගිහින් තිබුනා....අනෙ මයෙ රන්කද චන්ඩියා වගෙ කියවල කියවලා මයෙ දෑහෙ හැටි දැකලද කොහෙද ගොත ගගහා තරහින්ද අහනවත් එක්කම මන් ඒ මූනම මගෙ දෑතින්ම අල්ල ගත්තා...

...ආකාස හාමු හරි.....මැරුනට පස්සෙ මලකද බදාගන කෑවත් තේරුමක් නෑ ජීවත් වෙලා ඉන්නකොට හාදුවක් නොදි...ඉඹින්න ඕන කියලද කියන්නෙ.....ම්ම්ම්ම්ම්ම්...

ම්...මන්දාරම්....

මැරෙනකන් හරි ඉඹින්නම්.....

එක හාදුව හාදු දෙක තුනක් වෙයි....හාදු දෙක තුන හාදු වැස්සක් වෙයි....හාදු වැස්ස අවසානෙදි හාදු කුනාටුවක් වෙයි.....හාදුවලින්ම ගංවතුර දායි....අවසානෙදි මොකක්ද වෙන්නෙ කියන්න මගෙ ඇස් දිහා බලාගන ඉන්න උඹ දන්නවා මගෙ ආකාස.....මන් නිවුන පිරිමියෙක්....තුන් වේලම ඇවිලෙන උඹව නිවන එක දැලි පිහියෙන් කිරිකනවටත් වඩා ලේසියි....

.හැබැයි ශතවර්ශ ගානකටම ඇති වෙන්න නිවිලා ඉන්න මන් ඇවිලුනෝතින්.....???.

මට උඹව ඉඹලම මරන්න පුලුවන් ආකාස.....

...........මන්දාරම්ට බයද ...නැත්තන් ...

.......හ්ම්ම්ම්ම්ම්ම්....

බය....යි....

මං බලාගන ඒ මූන මැලවිලා යනවා....අසීමාන්තික හාදුවල අවසන කියන්නෙත් සොඳුරුතම ආරම්භයක් කියන්න අකාසත් මාත් අටුවාටිකා නැතුවම දන්නවා උනත් මගෙ වාග් විලාසෙ හන්දමද කොහෙද එයා මගෙන් බයද කියලා අහනකොට මන් බලාගන ඒ මුනමමැලවිලා යනවා...

උඹ ඇවිදින් මට විශ්වයක් වගේ ආකාස....මේ මන්දාරමට උඹ තනිකරම විශ්වයක්.....උඹ වෙලාවකට මයෙ දෑහට ක්ශේම භූමියක්....සරුසාරම මහපොලවක්...ආකාස...උඹ ඇවිදින් සරුසාර මහපොලවක් නම්.....මන් ඇවිදින් උඹට ඉහලින් ඉන්න ආකාස තලයක්....මහපොලවට ඇහැක් නම් අහසින් ඉහින පොද වැස්ස දරාගන්න....ඒ මහපොලවටමබැරි කමක් නෑ අහසින් හලන වැහි කුනාටුවත් දරාගන්න....

..........

මන් බයයි...වෙන මොකටවත් නෙවෙ පැල හයිය මදි ඒකයි...!!!අදට විතරක් පොද වැස්සෙ තෙමිලා....නවම් හද ආයමත් අලුතින් පායනකොට වැහි කුනාටුවකට තෙමෙමු ආකාස

තත්පරයයි දෙකයි...මගෙ වචන් වලින්ම මැලවුම් කාපු සියපතව ආපිට මගෙ වචනෙන්ම පන ගස්සවන් ඇදන් උන්න කමිසෙ ඇහිපිය ගහන පමාවට ගලවලාදාපු ගැලවිලා යද්දි හුස්මත් අල්ලගන බලාගන උන්න ආකාස තලාව මන්දාරමකට යටවෙලා ගියා...

.ඉදින් නවම් හද ආයමත් ඉපදෙන සොඳුරු සුයාමෙක සෘංගාර කුනාටුවට අහුවෙන බලාපොරොත්තු ඇතැතිව හාදු පොද වැස්සකින් හද සන්තරපනයට අවසර!!!

*

*

*

බෙනරගම...කොල්ලා....

මුදලාලි....

කාලා හිටින්....උඹ ආව හුස්මට කුඹුරට බැස්ස මිසක වතුර උගුරක් බොන්ඩ නැවතුන් නෑ.....ඊටත් අර ගුරු ගෙදර හාමුත් ඉන්නවා යමන් යමන්.....

වතුර උගුරක් බොන්ඩ නැවතුනා වගේ නෙමෙ මිදලාලි කාස්ටකෙ වැඩිවෙනකොට අපිටමයි අමාරු...තව ඩින්ගක් විතර කපලා එන්නම්....

එතකොට අර හාමු මහත්තයා....උඹගෙ පස්සපාරෙ කැරකෙනවා.....ඒක බලන් ඉන්න මයෙ හිතටත් මොකක්ද වගෙ කොල්ලා....කිව්වම අහල වරෙන්....

තවත් වී අහුරක් දෑ කැති තලේට කපාගන ගියා ......

ඉරගිනිමද්දහනත් ළං වෙලා.....

දවස් ගනක් කට ගෙවෙනකන් කියලා කියලා අවසානෙදි අද නම් මට මනෝරතන මුදලාලිගෙ කුඹුරට බහින්න නැතිව යන්න රාජ කාරි නැතිව යද්දි කුඹුරට බැස්ස තත්පරේ ඉදලම මන් ගොයම් කපන්න ගත්තා...ආයම වතුර උගුරක් වත් බොන්න නෙවෙ මන් නැවතුනෙ.....

ඉරගිනියම ඇවිදින් කමිසයක් වත් නැතිව උන්න මයෙ පිටම ගිනියම් කරලා දැම්මත් මට නෙවෙ අද තෙහෙට්ටුවක් දැනුනෙ...

මහපොලවට ළපටි ඉර එලිය වැටෙන්න ඔන්න මෙන්න තියනකනුත් මන් උන්නෙම දැහටන නොදැකපු තව්තිසා ද්වාර ගාව වෙනකොට පැල් කොටෙ ඇතුලෙ ඉදන් ආපිට ආව මයෙ තුන් හිත මේ ගෙවෙන විනාඩිය වෙනකනුත් තිබුනෙම සන්තෝසෙන් පිටාර ගලන ගමන් වෙද්දි මයෙ පස්ස පාරෙ ආව ආකාස හාමු හන්දා මනෝරතන මුදලාලිගෙ ඉහම ගිනි අරන් තිවුනා...

වී අහුරක් කපාගන්ඩ නෑ...දහ වන්ගියකටත් වඩා ලගට ඇවිදින් මනෝරතන මුදලාලි කුටු කුටු ගානවා අහවරක් නැතුව යද්දි හිතේ සතුට පිටාර ගලගල ඒ දයිරියෙම්ම මුලු කුඹුරම උනත් තනියෙන් කපාගන යන්න පුලුවන් කමක් තිවුන මං අවසානෙදි මෙච්චරවෙලාම දෙකට නවාගන උන්න කොන්ද කෙලින් කරලා හිටගන්නවත් එක්කම මං බලාගන මන් සැරකරලම ඉන්දවපු තැන ආකාස හාමු තවමත් ඉදගන ඉන්නවා...

මයෙ තුන් මුණින් දාඩිය වැක්කෙරෙද්දි දෑකැති තුඩින්ම නලල් තලාව සීරුවට කසාගත්ත මං දාඩිය බිදක් වත් පිහ නොදාම මයෙ ආදර පරානෙ ගාවට අවා...

ආකාස.....ඇයි බඩගින්නෙ ආකාස.....??

මට විතරද බඩක් තියෙන්නෙ මන්දාරම්....බිබික්කමක් සව්කොලෙන් ඔතලා වගේ මාව මෙතනම ඉන්දවලා ගියා නිකමට එන්ඩ දුන්නෙ නෑ...

..........මයෙ අම්මා බඩගින්නෙ ඉන්ඩ ඕන නැනෙ රත්තරනෙ...

කොච්චරවාත් කිව්වත් ඒ වචන හරඹෙත් එක්ක මේ ආත්මෙට දිනන්න බැරි බව දන්න මං ස්වකැමැත්ත්ම්ම පරාජෙ බාර අරගන ආයම පුරුදු විදිහටම හිත පුරාවටම ඉපදෙන ස්නේහෙන් කත කරනවත් එක්කම මෙච්චරවෙලාම ඉදගන උන්න ආකාස හාමු උන්න තැනින් නැගිටලා මගෙ දිහාවට ආවා...

ඇදන් උන්න කමිස කර එහා මෙහා වෙලා ගිහිල්ලා...බෙල්ලෙන් පලාතක්ම රත ගහලා...යටි තොල යන්තමට තඩිස්සිවෙලා තියන හැටි දැක්කත් හරි එලිවෙන යමෙ පෙන්නපු මයෙ හපන්කම් වල තරම සියපත් පෙතිවලින් එලි පෙන්න්න රත් පැහැ ලකුනු මයෙ ඇස් පනාපිට කැපිලම පේන්න තියනකොට මං ඇහිපිල්ලමක් වත් නොගහම ආකාස දිහා බලාගන උන්නා...

මං හිතන්නෙ අර පැල ඇතුලෙදි මගෙ බඩගිනි නාලිකා මැරිලා ගිහින් කියලා මන්දාරම්...

..........

දාඩියෙන් නැවිලා.....ඉර අව්වට පිච්චිලා උඹව තවත් ගුරුපාට වෙලා ගිහිල්ලා....දාඩියෙන් පෙගිලා හින්දමද කොහෙද කෙස් රැලිත් මුදු ගැහිලා...උඹ මෙහෙම ඉන්නකොට පුදුම කඩවසම් මන්දාරම්....වී අහුරක් කපන වාරයක් වාරයක් පාසාම නහරවැල් පෑදුන අ‍තෙ අත් ගොබ ඉලිප්පෙනවා.....උඹ දිහා මන් පුදුම ලෝබකමකින් බලාගන උන්නෙ....

......මන්දා මෙය රත්තරනෙ.....වරෙල්ලා යන්න...

.........මන්දාරම් මාව උඹ හන්දම එන්න එන්නම ආදරෙන් ඔත්පල වෙලා යනවා....මට ඇති බඩගින්නක් නෑ.... තව චුට්ටනෙ....මුදාලිගෙන් කෑවම නැන්දම්මගෙ අතින් ඉදෙන බත් කට කන්න බඩෙ ඉඩක් කොහෙද.....

උඹලා මුරන්ඩුයි ආකාස.....උඹලා පුදුම හිතුවක්කාරයි....

ම්න්...අහිංසක ආදරවන්තයෙක්ගෙ ආදරෙ මදියි කියලා නොකියන්න විදින මුරන්ඩු කාර වාසනාවන්තයෙක් මං....

අහිංසක ආදරවන්තයෙක් වෙනුවෙන් හතර ලෝකෙම උනත් සුනු විසුනු කරන්න පුලුවන් තරම් ආදර කන්දක් හිතෙ තියාගන ආදරෙ කරන ආදර හිතුවක්කාරයෙක් මං.....

"මන්දාරම්.....මං හරි ආදරෙයි"

යන්තමට ඔලුව දෙපැත්තට වනාපු මං යන්තමට හින උනා...ඇස්වල ආදරෙ ටොන් ගානක් තියාගන ආදරෙයි කියාපු එයා දිහා බලාගන මං යන්තමට හිනා උනා.....

ගින්පූටකෙත් එක්කම පපුවෙන් ඉපදුන දා බින්දුව සියපතකගෙ හාදුවලින් හෙම්බත් උන මෙලෙකක් නැති පිරිමි තනපුඩුවටත් හාදු තියාගන හීන් සීරුවට පැතලි බඩ හරහා පල්ලම් බැහැන් ගිහින් අතුරුදන් උනේම තවමත් නොයිදුල් රති රඟහල් මංසල ගාව වෙනකොට මං බලාගන පල්ලම් බැහැපු දා බින්දුවත් එක්කම මයෙ පපුකද දිගෙ පල්ලම් බැස්ස ආකාස හාමුගෙ ඇස් කොන් රතගහනවා...

තවත් වී අහුරක් කපාපු මං දෑකැති තුඩෙම්ම පපු මද්දෑවෙ පිපුන තවත් දා බිදුවක් අහක් කරනවත් එක්කම මයෙ දිහාව ඇහිපිල්ලමක් වත් නොගහම බලාගන උන්න මයෙ ප්‍රේම නිධානය උන ආකාස පරානෙ රන්වන් පාට වී කරලක් අරගන කටකොනකින් හිනා වෙනගමන් ඇහි නෑහෙන ගානට මක්කදො මුමුනල නෙලුම් කවියක් කියන්න ගත්තා.....

මන්දාරම් මයෙ කවි හිත අහවරක් නැතිවම කොදුරනවා...නවම් හද පායන නැකත ළං වෙනවා නම්....!!!හාදු වැහිපොද ඔය තරම්ම රහයි නම්.....සෘංගාර කුනාටු මොන තරම් රහවෙයිද කොදුරනවා.....!!

නා.....න විලේ......

නා....ගා....ස්....නවයා.....ක්.....

තිබුනා....

🌸🥺🥺

More Chapters