Ficool

Chapter 4 - 04

ගෑනි ගෙදර.....

හාමු දෙන අමුඩෙ පිටින් උන්න මගෙ උඩ ඉදන් යටටෝම බලාගන ගියා ....ඒ විතරක් නම් මදෑ...මහා අමූතු කෝලිත්තන් තාලකෙට ගෑනි ගෙදර කියනවත් එක්කම මං ඔව් ගෑනි ගෙදර කියලා උත්තර බදින්ඩ කට ඇරියා .....

හැබැයි ඉතින් ඇරියා ඇරියම තමා බොලව්.....

මයෙ කටෙ හඩු ගන්දස්සාර රෙදි කඩක් හිරවෙච්චි!!!

ග් ....ගැ....භ්භ්....

දෙයියනෙ සුදු මහත්තයා....

මාව නිකන් තක්කු මුක්කු වෙලා ගියා...අනෙ යෝදියනෙ අරකා....සුදු මහත්තයා කියන හාදයා.....මං මුගෙ ඔහ වටේ ඔතාපු මයෙ සරමෙන්ම මයෙ මූනට ගහපි!!

රෝද පූට්ටු කොරාපු පුටුවක තැබ්බ ගැහිලා උන්නට මක්කද බලාපියව්කො මුගෙ හයිරන් කාරකම...හහ්...යස...යස...උඹ ගැන අනුකම්පා හිතාපු මටනෙ ඔහොම කෙරුවෙ....

සුදුමහත්තයා....සුදු මහත්තයා.....බොලා මේ අප්පුවට ගැහුවා කියන්නෙ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තට හපන්.....

මං රවාගත්තා...

මට ආපිට සරමෙන් දමලා ඇරපු ඒකත් රවාපි....

මං රවනවා....ආපිට ඒකා මට රවනවා...

හනෙ..මං රවනවා.....ආපිට ඒකා මට රවනවා...

තොගෙ ඉහ පුපුරයි ගැටයො!

බැරිම තැන මං ඒකගෙ රැවිල්ල දෙපිටින් යන්ඩ හාමුදෙන ඉන්නවා කියලා නොබලම ඒකගෙ මුනටම දෙස් තිබ්බා...මය කටෙ සැරටමද කොහෙදො මං බලාගන වතාවක් හුජු මහත්තයා ගෑව හාමුදෙනත් ගැස්සිලා යනවා....

අප්පු ලමයට කේන්ති ගිහින්නෙ...

හහ්.....කේන්ති නොයා තියේද....මේ අප්පුවා කියන්නෙම හිත හොද මිනිහා...මූට වටින් නෑ ආපිට සරමෙන් මට ගහන්ඩ...යස.....මේක මයෙ නම්බුවට කැලලක්.....

.......

හාමුදෙන මගෙන් අහනවා තරහා ගිහින්ද කියලා....අරූ මයෙ මූන පුරෝලම සරමෙන් ගැහුව පාරට ලැජ්ජවක් දැනුන මන් ඒකිලාටත් සත්තමක් දාන ගමන් ගස්සලා වගේ අහක බලාගත්ත....මං අහගන හාමු දෙන පපඩම් කුඩු කරන පරංගි බාසාවෙ අරූට මක්කදො මක්කදො මුමුනගනම ඉන්නවා...ඒත් අරූද කතා කොරන්නෙ.....නෑ....

ඕකා නෙවෙ කතා කොරන්නෙ....රෝද පූට්ටු කොරාපු පුටුවක යනවා මදිවට ඒකා තව මුනිවතත් රකිනවා....

මොකෑ මූ පලවෙනි පැරකුම්බද මං අහන්නෙ....දෝලාවෙන් වඩිනවා මදිවට වචණයක් කතා නොකරන්නෙ...??හහ්...යස.....ආය මයෙ බලුවත් මූ දිහා බලයිද ....අපෙ අප්පො නැ....මේ අප්පුවා පීචන් වෙන එකෙක් නෙවෙ.....

මයෙ මුනට අබ අහුරක් දැම්මොතින් පොරි විහික්කා වෙනවා.....ඒ.තරම් මට දැන් තරහව.....අබුඩෙ ඇදන් උන්න මං අඩි ගහ ගහ අරකට හාමුදෙන ඉස්සරම දෙස් තිබ්බා මදිවට මූනත් කුන්ඩහට්ටියක් කරාන අර පුටු ඇදි දෙකත් මිරිකලම කඩා දාන්ඩ පුලුවන් නම් කඩලා දාන තරමට තදින් මිරිකාන උන්න සුදුමහත්තයා කියන එක්නැලිගොඩ ගැටයගෙ මූනටම මූ පලවෙනි පැරකුම්බද අහනවත් එක්කම මං බලාන හාමුදෙන අහක බලන යටි තොල කාගන්නවා...ආයම අතින් කට වහගන්නවා.....

අර මක්කද ඒකි කොරන නාඩගම...මේකිලාගෙ කෝලිත්තම නම් බොහෝම වැඩියි...බොහෝම වැඩියි...

..සුදු මහත්තයට තරහා යනවා අප්පු ලමයො.....ඔය ළමයා තරහා ගන්ඩ එපා....

.........හ්ම්...හ්ම්...මැනිකෙ හන්දා මං මේ ඉවසනවා මිසක්ක....නැත්තන් මේ අප්පුවගෙ තරම පෙන්නලමයි පස්ස බලන්නෙ ....

එහෙමයි අප්පුවො....අප්පුවගෙ තරම අපි කලිනුත් දැක්කනෙ.....,අප්පුවා දැන් ගෑනි ගෙදර ගිය කතාවක් කිව්වෙ.....අප්පුවට ගෑනියෙක් ඉන්නවද අප්පුවො...

.........හුම්.....ඔය ඉන්නෙ ඉබ්බියෙක්...!!

මයෙ අබ පුපුරන තරම් තරහව ඩින්ග ඩින්ග හීතල වෙන්ඩ ගත්තා...සුදුමහත්තයා කියන එක්නැලිගොඩ ගැටයා නම් මාව දකිනවාරයක් පාසාම රවාගන්නෙම නයාට අදුකොල ගානට වෙද්දි මාත් ඒකව පඩේට මායින් නොකර අර හාමුදෙනගෙ බැහැපත්කම හන්දා ඩින්ගිත්තක් විතර වලව්වෙ එවුන්ට මයෙ අනුක්ම්පාවෙන් පොල්කටු හැන්දක තරම බෙදා දෙන්ඩ තීරනෙ කෙරුවා....

හාමුදෙන මයෙ ගෑනි ගැන අහනවා....ගෑනි ගැන ඇහුවා විතරයි මට ගමදෝනියැන්දට කලියෙන් මතක් උනේම වරකෙ වෙනකොට මටත් නොදැනි මයෙ මූන පුරාවටම වරකා පුහුඹ පිටාර යන හිනා මලක් පිපුනා...

හිනා මලෙ තරම කොයි තරම්ද කියනවා නම් පලවෙනි පැරකුම්බා උත්තමයා මට දමලා ගහපු හඩු ගන්දස්සාරේ ගහන සරම ආපිට ඇහිදගත්ත මං ඒකගෙම උකුලෙන් දැම්මා...ඒ විතරක්‍ය.....අනිත් කිහිල්ල අස්සෙ ගහන් උන්න නාගත්තට පස්සෙ ඇදගන්ඩ ගෙනාපු සරමත්....අප්පුච්චගෙන් බලු බැනුම් අහන් ඉස්තිරික්ක කොරාගත්ත අමුඩෙත් බොහෝම ගරු බුහුමන් එක්ක ඒකගෙ උකුලෙන් තියාපු මං මයෙ කිහිල්ලෙ හිරකරාන උන්න රබාන අතට ගත්තා....

.වැව් යාන්ගෙ ලන්වෙන්ඩ ලන්වෙන්ඩ වැව් බැදි මිටියාවතම රකින්ඩ ඉන්දවාපු රූස්ස ගස්වලින් එන හුලන් රොත්ත ගෙනාවෙම පුදුමාකාර සනීපයක් වෙනකොට ඒ හුලන් කැරලිම අබුඩෙ පිටින් උන්න මයෙ තට්ටම් වලටත් හිතු මනාපෙට හාදු තියාන යන්න ගත්තා....

අනෙ අප්පෙ...මයෙ තට්ටම් කිචි කැවිච්චි.....

හාමුදෙන බලාන ඉන්නවා....ඒ අස්සෙන් පැරකුම් උත්තමයට ආයම අපස්මාරෙට ඇවිදින් ඒකව දියෙන් ගොඩ දාපු එකා වගෙ ගැහෙන්ඩ ගන්නවා...

ඔය මක්කවාත්ම මායින් නොකරාපු මං.....තොට ඇතිපදමින් වෙව්ලාපිය කියලා අත් රබාන වටේම මයෙ ඇගිලි වලින් රවුමට පිරිමැදන් ගිහින් "දින්" ගාලා සද්දයක් දැම්මා....

වරකා ගහ දායාදෙට ඉල්ලුවත් හරි...මයෙ ඉහේ වරකා මල් පිපිලා....

දින්තක....තක...දින්තක තක....

පැරකුම්බා උත්තමයන්ට පුක හරවගත්ත මං රබනට තට්ටු කර කරම මයෙ කෙසගන ඉන හොලවන්න ගත්තා.....ඇගිලි තුඩින් රබානට තට්ටුවක් වදින වදින වාරයක් පාසම මන් අර නඩගම් කෝලන් වල නටන එකා වගේ හාමු දෙනත් පැරකුම් උත්තමයා වටෙත් කැරකි කැරකි අඩි තියන්න ගත්තා ...

ඉබ්බියෙක් කිව්වට ඒකි ඉබ්බියෙක්මත් නෙවෙයි හැබැයි...

එහෙනම්.....

ඒකිලා ගමදෝනියෙක්....

ගම දෝනියෙක් කිව්වා....අප්පු ලමයා ගන්ඩ යන්නෙ ගම දෝනිවද?

ඒකිව කිව්වට.....ඉතින්...ඒකිවමත් නෙවෙයි හැබැයි....

දින්තක තක...දින්තක...තක.....

රන්කදක් වගේ මේකිගෙ මූන රත්තරන්....

දෙනතක් අගෙයි හරියට මක්කදො අගෙයි....

හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රෙගතන්...

තට්ටමෙන් කියයි ඒකිගෙ ගාය කොයි තරම්...

මේන් බලාපියව් පැනි වරකෙ රඟ ....දෑතින් බැදුවත් මදිය කියාපිය මයෙ දායාදෙ තරම.....

ගම් හතම පුහුඹ්න් නෑවෙන වරකෙ වරුන...මැනිකෙ....ගෑනි මොකටද මට මයෙ වරකෙ දෙනවා නම්...

මං දැන් තනිකොරෝම කෝලමෙක්වගේ...තාල බාල කැලෙ.... වචනත් තනිකොරෝම අපබ්‍රංස....!!ගමදෝනිගෙ තට්ටමෙ තරම කියන්ඩ ඒකි ළඟපාත නැතිවෙනකොට රබන් ගැහිල්ල පැත්තකට දාපු මං මයෙ තට්ටමට පාරක් ගහන් ගායෙ තරම ඉත්තෑවෙක් වගේ පුම්බාගන ඉන්න පැරකුම්බා උත්තමයා දිහාවටත් විරිත්තල වරකෙ වරුන කියන්ඩ ගත්තා විතරයි වලිප්පුව අල්ලපු එකා වගේ ඒකා දෑතින්ම ඒකගෙ මූන වහගත්තා....

ඒත් මං නෙවෙ මයෙ සවුදම නැවැත්තුවෙ....නට නටාම හාමුදෙන වටෙත් පැරකුම්බා උත්තමයගෙ වටෙත් කැරකි කැරකිම සවුදන් කියාපු මං නෙවෙ මයෙ වරකෙ ගැන තියන වරුනෙ නැවැත්තුවෙ ...

..යුද්දෙට මං ගියා....

ගෑනි ගෙදර තියා.....

යුද්දෙට මං ගියා....ගෑනි ගෙදර තියා...

මගෙ යාලුවො මං එනතුරු

උන්දැ බලාගයි නිරතුරු...

ස්වර්ගෙට ගිය කලේ....

උන්දෑ ඒවි බොලේ...

ස්වර්ගෙට ගිය කලෙ....උන්දෑ ඒවො බොලෙ...

අපොයි මගෙ හා පැටියා කියා හඩයි බොලෙ...

අපොයි මගෙ හා පැටියා කියා හඩයි බොලෙ....

මයෙ සවුදම අහවරක් නෑ...රබානට් තට්‍ටු දදා හාමුදෙනත් නිදිකුම්බාවක් වගෙ මූනත් අකුලාගන මට රවාන පැරකුම්බාවත් වටේ නට නට මයෙ සවුදම කියනවා...එක අහකින් අරකා බක්මහෙ පුපුරන අකුනක් වගේ පුපුරනවා...අනිත් පැත්තෙන් හාමු දෙන අති කට වහන් හිකි හිකි ගානවා.....අවසානෙදි අරකා ආයම වතාවක් ඒකගෙ උකුලට දාපු මයෙ අබුඩෙම්ම මට දමලා ගැහුවා මදිවට පුටු ඇන්දටත් අත මිටමොලෝලම පාරක් ගැහුවා විතරයි මං මයෙ සවුදම අහවර කෙරුවා....

ඒත් අනෙ මක්කටදො මන්දා මේ හමුදෙන නම් අප්පුඩි ගැහුවා....

ඒ මක්කටද ඒකිලා අප්පුඩි ගහන්නෙ....

අප්පුවා හරි නාඩගම් කාරයෙක්නෙ .....ආ අප්පුවො.....

යස!උඹලා මූනිච්චාවට මයෙ වරුනෙ කියනවා

....අනෙ ඉතින් ඇත්ත....අප්පුවා දැන් ඔය ගමදෝනි ගන්ඩ හදන්නෙ ඒකිට අප්පුවා හුගක් ආදරෙ ඇතිනෙ??

..ආදරෙ....හහ්.....

මට හිනා ගියා....හාමුදෙනට අරූගැන දුක හිතිලද කොහෙදො ඉර අව්ව වැදිලම එකගෙ ඉහ පුපුරාවි කියලද කොහෙදො රෝද පූට්ටු කොරාපු පුටුව හීන් සීරුවට යස සාරෙට හැදිලා තිවුන පැනි කෝං ගහ යටට තල්ලු කරාගන යනකොට ගමදෝනිට ආදරෙයිද අහන පමාවට කොක්හඩලම හිනා වෙන්න ගත්ත මං අරකගෙ දෝලාව ඉස්සරහින්ම ඇනතියාගත්තා.....

ඇයි....අප්පු ළමයා දැන් ගමදෝනිව කසාද බදින්න හදන්නෙ ආදරෙ හන්දා නෙවෙද.....??

කෝලිත්....තන්....ඔව්වට මට වෙළා කොයිද.....??ම්ම්ම්...ම්ම්.....මට රාජකාරි බෝමයි ....ආදරෙ කොරන්ඩ....ඔව්වා මහ බඩ රිදෙන වැඩ.....

මොකක්....බඩ රිදෙන වැඩ....???

හුම්.....මට ඔව්වා කොරන්ඩ කල්පනා කොරන්ඩ ඕනා.....උඹලා දන්නවයි ආය මට තියන රාජකාරි....උදෑහැන්නක්කෙ නැගිටලා කිරිබෙදන්ඩ ඕන...

මූනත් කොරහක් කොරාන මයෙ දිහාව කන්ඩ වගේ බලාගන උන්න පැරකුම් උත්තමයගෙ දෝලාව ඉස්සරහම ඇනතියාගත්තත් හරි ඒකා බොල විදිල්ල කෙටුවා වගේ අහල බලාපි.....

මයෙ මොකදෑ මං අහන්නෙ...මයෙ මොකදෑ...???බලාපිය අහක...අනෙ මයෙ බලුවත් තොගෙ ඔය ජවුසම් මූන බලයිද ...??

මං නෙවෙ අරකා මායින් කෙරුවෙ...ඒකා මට පුප්පනකොට ඒකට දෙවනි නොවෙන්ඩ පුප්පාපු මං ඒකගෙ දෝලාව ඉස්සරහින් ඇනතියාගැනිල්ල නවත්තලා අත් රබාන ඉහේ නවාගන අත්දෙකත් පිටිපස්සට බැදගන ආයම කල්පනා කොරන්ඩ ගත්තා...

හාමුදෙන විඩින් විඩම අහනවා මං ගමදෝනිට ආදරෙ නැතුවද කියලා....පුදුම කෝලිත්තන්නෙ මේවා...අහවල් කාරියටෑ මන් ඕකිට ආදරෙ කොරන්නෙ....

ඔව්වට මට කොයින්ද වෙලාවක්....ඊටත් ඔව්වා මහ බඩ කැක්කුම් කොරන නාඩගම්...පේන්නෙ නැතුවද මයෙ අප්පුච්චයි කුඩම්මයි නටන නාඩගන්...

කිරිබන්ඩියා බලගන්ඩ තියනවා...ගමෙ ගොඩෙ කරක් ගහලා ගඩාවක රහ බලන්ඩ.....වැවට පැනලා දියඹුම් ගහන්ඩ සෙන්කොට්ටමක් අරන් රෙදිකඩක කහටින් බලි කුරුට්ටක් අදින්ඩ.....ගස් බඩගාන්ඩ .. ..දඩාවතෙ යන්ඩ...කජු ඇට පුච්චන්ඩ මේවා තියාගන තව ආදරෙත් කොරාපියව්කො....

මට ඕවෑ වෙලා නෑ....නෑ කිව්වොත් නෑම තමා ආය....

රබානත් ඉහට නවාගත්ත මං අත් දෙකත් පස්සට බැදන් අහට්ටත් යනවා....ආයම මෙහට්ටත් යනවා...බක්මහ කිට්‍ටු වෙන්ඩ කිට්ටු වෙන්ඩ ගමෙ එවුන්ට විතරක් නෙවෙ...ගහකොල වලට පවා අවුරුදු ලබනවා කියන්නෙම කට කහනවට නෙවෙ වෙද්දි මං බලාගන පොකුරින් බර උන පැනි කෝන් ගහෙන් පැනි බේරෙන්ඩ ඉදිලා ඉදිලා බිමට වැටුන කෝන් මල් ඉස්සා වගෙ කෝන් කොලත් එක්ක බිම පුරාවටම ඉහිරිලා තියනවා....

ගහෙන් බිමට වැටුනත් හරි පොත්ත පුපුරලා ගෙඩිය පැලිලා යනවා.....තුන් ඉරි අප්පුවෙක් කාපු අඹ කොටයක් කෑවත් පිපිරුන් කාපු කෝන් ගෙඩියක් නම් කන්ඩ බැරි වෙනකොට එහාටත් මෙහාටත් ඇවිද්ද මං මයෙ මහපොට ඇගිල්ලෙන් කෝන් කොල දෙක තුනක් පාදල අහම්බෙන් හරි පැලුන් නැති කෝන් ගෙඩියක් තියනවද හෙව්වා...

මයෙ වාසනාව...මේන් බොලෙ පැනි බේරෙන ලා පාට ගැහුන කෝන් ගෙඩියක්.....

හාමුදෙනගෙ පුරන්සෙ තවම එහෙම්මයි...අහපු දේවල් වලට මයෙ යටි හිතින් මිසක්ක කටින් උත්තරයක් නොදුන්න මන් කෝන්ගෙඩිය ඇගිලි වලින් පොතු ගගහා පොතු ගගහා අවසානෙදි කටෙ ඔබාගන්ඩ හැදුවා විතරයි මට මයෙ ඉස්සරහා උන්න පැරකුම්බාවව මතක් වෙලා කෙලින්ම නොබළා ඒකගෙ මූනත් තහඩුව මන් මයෙ ඇස් කොන්වලින් බැලුවා....

ඒකා මයෙ දිහා බලාන ඉන්නවා.....ඒත් මයෙ දිහාව කිව්වට මයෙ දිහාවමත් නෙවෙ...මයෙ අත දිහා ..මයෙ අතේ තිවුන කෝන් ගෙඩිය දිහා....ඇහිපිල්ලමක් වත් නොගහම අතේ තිවුන කෝන් ගෙඩිය දිහා බලාගන උන්න ඒකගෙ උගුරු ගැටෙත් දෙතුන් පාරක් උඩ පාත යනකොට සම්පූර්නම පොත්ත ගහපු මං අනිත්පාර රවාගනම ඒකගෙ මූන දිහා බැලුවා....

මේන් යකො වැඩක්....යස මූ...යස.....!!!

මං බැලුවත් හරි...පැරකුම් උත්තමයා මයෙ දිහා බලාගන නොවුන්න එකා වගේ ගස්සල අහක බලාගත්තා.....

යස මුගෙ තේජස.....!!

මයෙ අතෙ කෝන් ගෙඩිය...මේක සූප්පු කොරලා මසෙ රහ බලලා ඇටේ පෑදුවා නම් යස අගේට කඩුක්කමක් හදාගන්ඩ තිවුනා...මං මේවයින් කොච්ච්ර නම් කුඩම්මට කඩුක්කන් හදා දීලා තියනවද ....

අනෙ ඒකිලා නම් කවදාවත් එපා කිව්වෙ නෑ.....කනට දැම්මම ඕක කඩලා යනකන් හරි හැලෙනකන් හරි කෝන් කඩුක්කම එකිලා දාගන ඉන්නවනෙ.....ඇයි මං හදා දෙන මයියොකු මාලෙ...ඕකිලා නෙවෙනෙ ඔව්වා විහික් කොරන්නෙ....

අතේ තිවුන ලෙල්ල ගහපු කෝන් ගෙඩියත් ඒ දිහා බලාන කෙල ගිල්ල පැරකුම්බාවත්...කඩුක්කමක් ගැනත් කල්පනාකරාපු මං අඩියට දෙකට අරකා ගාවට ගිහින් ඒකට හුස්මක් වත් ගන්ඩ ඉඩක් නොතිය ඒකගෙ කටට අර ලෙල්ල ගහපු කෝන් ගෙඩිය එබුවා විතරයි මූ මාව කන්ඩ වගෙ මයෙ මුන දිහා බැලුවා....බැලුවා කියන්නෙ මේකා ඒක එලියට දාන්ඩ හැදුවා.....

.බලන්ඩ දාපිය....දන්නෙ නෑ අප්පුවගෙ තරම....

මං ඒකට සැර උනා...තනිකොරෝම මං කිරිබන්ඩියට සැර වෙන්නා වගේම සුදුමහත්තයා හාදයටත් සැර වෙනකොට මේකා මුනත් අකුලන් හාමුදෙන දිහා බැලුවා....

රහද සුදු මහත්තයා....පැනි කෝන්....සුදු මහත්තයා කාලා නෑනෙ.....

මං අහගන හාමු දෙන අරකගෙන් රහද අහනවා...මේකා කෝන් කාලා නෑය කියන්නෙ.....මුන්ගෙ කුරුදු වත්ත දිහාවෙ කෝන් නැතුවද????

මං වටපිට බැලුවා...අරකට සැර උන හන්දම කෝන් ගෙඩියත් කටේ තියාගනම මයෙ බොටුව මිරිකන්ඩ පුලුවන් තරහවකින් පුටු ඇන්ද මිරිකනකොට මං ඒකට ඇති පදන් ඕක මිරිකගන් කියලා වටපිට බලන ගමන් ලී දන්ඩක් හෙව්වා....

අපරාදෙ මයෙ කැටපෝලෙ ගෙනාවනම් සුටුස් ගාලා වල්ලක්ම බිම දාගන්ඩ තිවුනා....කොහෙද.....රාජකාරි රාජකාරිනෙ.....

කටබලියාන බලාන ඉන්නෙ...අහකට වෙයල්ලකො...

අප්පුවා මොකද කරන්න හදන්නෙ...

නටන්ඩ...යස....!ලී දන්ඩක් හොයාගන ගහ වටෙ මායන් වෙන්නෙ අහවල් කාරියටෑ.....ගමදෝනි විතරක් නෙවෙ උඹත් ගොන් තැබ්බක් හාමුදෙන...අහකට වෙයල්ලා....

අහට්ට මෙහට්ට පැනල පැනලා ලී දන්ඩක් හොයාගත්ත මං මානම බලලා බලලා ලගම තිබුන කෝන් වල්ලකට දමලා ගැහුවා විතරයි එක පාරයි කෝන් වල්ලම බිම වැටෙනවත් එක්කම ගහ යටට දුවාපු මං මයෙ අත බොක්ක කරලා කෝන් වල්ල අල්ලගත්තා....වැටුන වෙගෙටත් ....ලී දන්ඩ වැදුන වේගෙටත් පොකුරින් ගෙඩියක් දෙකක් ඉහිරිලා ගියත් මක්කද අත පිරෙන්ඩ පැනි වැහෙන කෝන් වල්ලක් කඩාගත්ත මං කෝන් වල්ලෙ නගුටෙන් අල්ලාගන සුදුමහත්තයා හාදයා දිහාට දික් කරලා ඒකට මයෙ කැකුලු දහන් විදහලම විරිත්තුවා... ඒ විතරක් නම් මදෑ.....මං ඒකගෙ පිප්පුම බල්ලට දාලා කෝන් වල්ලම දුන්නා

ඉදා...!!!

මං සුදුමහත්තයා හාදයා දිහාවට කෝන් වල්ල දික් කෙරුවා...ඒකගෙ රවාගත්ත මූනෙ මක්කද මන්දා ගිනිවිජ්ජුම්බරයක් හැදිලා වගේ ඇහිබැමත් ඩින්ගිත්තක් නටාගන එනවත් එක්කම මේක ගන්දො...නොගන්දො කියල හිත හිත ආයම හාමුදෙනගෙ මූන දිහාව බලන්ඩ හැදුවා විතරයි මමම ඒකගෙ අත අරගන කෝන් වල්ල අතට හිරකරලා හිනා උනා...

මේවා රහයි සුදුමහත්තයා හාදයො!

හාමු දෙනගෙ වැඩෙ කොච්චරවාත් හිනා වෙන එක.....නමක් ගමක් නොදන්න හන්දම මාත් ඒකට සුදු මහත්තයා කියනකොටම මං බලාගෙන ඒකගෙ මූන තව තවත් රතුවෙලා යනවා.....

මං අරකිට ඇති ආදරයක් නෑ....මට ඉහටත් උඩින් තියන රාජකාරි එක්කලා ඔව්වා කරන්ඩ වෙලා තියේද....යස...හහ්...කෝලිත්තන්....ඇරත් ඒකිට මං පරංගි හටන නටනකන් යුද්දෙටත් ඇවිත් සින්දුව කියන්ඩ ඇහැක් නම් මක්කවත් හිතලා බලලා සින්දුව වෙනුවෙන් වත් ආදරෙ කොරන්ඩ තිවුනා.....

පරංගි හටන නටන්ඩ සින්දුවක්...??.

හුම්....ඔව්...පරංගි හටන නිකන් නටන්ඩ පුලුවනෑ ආය ..පසුම්බිම් සංගීතෙ නැතුව නටන්ඩ ගියෝතින් වෙන්නෙ අප්පුවව පරංගි හැත්තට අහුවෙන එක...යුද්ද කොරන්ඩයි ...හටන් කවි කියන්ඩයි පුලුවනෑ...යස !! කෝලිත්තන් නන් කෝලිත්තන්...හටන් නන් හටන්....අනික කුඩම්මා නන් මං පරංගි හටන නටනකොට යුද්දෙටත් ඇවිත් කියනවා.....ඉදලා හිටලා අප්පොච්චත් කියනවා...

ඒත් කව්දෑ දන්නෙ මේකිට ඕක කියන්ඩ පුලුවනෑද කියලා....

ම්ම්ම්...එතකොට අප්පුවා ළමයා ගමදුවට ඔය සින්දුව බැරි හන්දා ආදරෙ කරන් නෑ...

ම්ම්ම්..ඔව්....මං ආදරෙ කොරන්නෙ මට පරංගි හටන නටනකොට හටන් සින්දු කියන එකෙක්ට.....

එතකොට එහෙනම් දැන් ඔය ගමදුව බදින්ඩ යනවා කිව්වෙ....ආදරෙත් නැත්තන් බදින්නෙ ඇයි අප්පුවො.....

..අරකගෙ කෝන් වල්ල තවමඑහෙම්මයි...හාමුදෙනනන් ගෙඩියක් දෙකක් කඩාගන රහ කොරනකොට හාමුදෙන සූප්පු කොරාපු කොන් ඇටෙන් කඩුක්කන් දෙකක් හද හදම මං මගෙයි ගමදුවගෙ පලහිල්ලවයි කියවන්ඩ ගත්තා...

බදින්නෙද.....උඹට කඩුක්කමක් දාන්ඩද සුදුමහත්ත හාදයො...

කඩුක්කන් හැදිල්ල අහවර උනා.....සූප්පුකොරාපු කෝන් ඇටෙ පොත්ත හරි සීරුවට නියපොත්තෙන් පොතු ගහපු මං හද බෑ දෙකක් වගේ තියන කෝන් මදෙ සීරුවට ගලවන් අරකගෙ දිහාට දික් කරලා ඒකගෙන් කඩුක්කමක් ඕනද අහනවත් එක්ක එකා ආයම රැව්වා...

අනෙ..එපා නම් නිකා ඉදු...මේ අප්පුවට හෙන ගහයිද උඹට මේක එපා කියලා......

ඒකට එපාය කියපු කෝන් කඩුක්කන් දෙක මං මයෙ කන්පෙති දෙකෙ අටෝ ගන්නවත් එක්කම මයෙ දිහා බලාන උන්න හාමු දෙන ආයම වංගියක් මල් හිනාවක් පෑවා...

ශහ්.....අප්පුවා හරි ලස්සනයිනෙ....හරියට රාජකුමාරයෙක් වගේනෙ....

රාජකුමාරයෙක්...මං රාජකුමාරයෙක් නෙවෙ මං ගමේ කොල්ලෙක්...!!!

ගමේ කොල්ලෙක්.....?

හුම්....ගමෙ ගැටයෙක්....මට බෑ ඔය කුමාර කම් කොරන්ඩ...උන්ට පුලුවනෑ ගස් ගල් ගානෙ ලගින්ඩ...මං කුමාරයෙක් උනොත් අරකිව වෙන කාට හරි පූට්ටු කරයි....එකිව පූට්ටු උනෝතින් වරකෙත් ඌට අයිති වෙයි...යස....කුමාර කමය වඩා මට මයෙ වරකෙ වටි.....!!

වරකෙ...අප්පුවා ගම දුව ගන්ඩ යන්නෙ වරකයක් හන්දද...

නැතුව....!!හත් වඩක් දුකීන මෙහෙවර කල මෙමා.....ගත් වරකෙ මගෙ....ඇගෙ රූපෙ බෝ අගෙ ....!!ආල බැන්ද මාගෙ වරකා වන් ...මට ඕන වරකෙ !!!

අරකි ආයම හිනා වෙනවා....මේන් වැඩක්...යස! යසේ...යස!!! මෙච්චරවෙලාම බුම්බාගන උන්න අරකත් රැවුම් ගෙරවුම් මැද හොර හොරාවට හිනා වෙනවා...මේවා නන් කෝලිත්තන්ම තමයි....

ආ අප්පුවො.....වරකයක් හන්දද ගමදුව ගන්ඩ යන්නෙ.....??

නැතුව.....කෝලිත්තන් නන් කොරන්ඩ ලැහැත්ති වෙන්ඩ එපාය කියනවා....වරකෙට මිසක්ක වෙන මක්කටද ආය....ගමමහගේත් ඒකිව මට පූට්ටු කොරන්ඩ හදන්නෙ ඒකිට ළූනු පොතුගහන්ඩ දන්නෙ නෑය කියලනෙ....ඒකිට ඉබ්බිය කියනවා මං අහගන.....බාගවෙලාවට ඒකි මේවර ඉබ්බියක් වෙන්ඩෑ!!!

වරකයක් හන්දා ගම දුවක් මොකටද අප්පුවො....අර යායට වලව්වෙත් වරකා තියෙන්නෙ.....

මං මගෙ ඔලුව කහන්ඩ ගත්තා....හාමු දෙන මං කියන කාරනා ඔක්කොම අහන් ඉදලා ඉදල වලව් වත්තෙ තියන වරකා ගස් ගැන කියන්ඩ ගත්තා විතරයි මං ආයම අත්දෙක පිටිපස්සට බැදන් සක්මනෙ යෙදෙන්ට ගත්තා....

හාමුදෙනගෙ කතාව හැබෑව...ගමදෙනට තියෙන්නෙ එක වරකා ගහයි....වලව් වත්තෙන් එකයි වරකා ගස්.....ගමදෙනගෙ වරකෙ කන්ඩ නන් ගමදෝනිව පූට්ටු කරගන්ඩ වෙනවාය කියමුකො.....ඒත්....වලව් වත්තෙ වරකෙ රහ බලන්ඩ නම් මං මොකාව පූට්ටු කොරගන්ඩද....

..මගෙ වැඩේම මායන් වෙන එක...හොර හොරාවට පැරකුම්බා තේජසෙන් ඉන්න සුදුමහත්ත හාදයා දිහාවත් හාමුදෙන දිහාවත් බලන එක....

...දැන් උඹලා කියන්නෙ මට ගමදෝනි ගන්ඩ එපාය කියලද...

................අප්පුවා වරකා හන්දා නම් ගමදුව ගන්ඩ යන්නෙ.....

ඔව් ඔව්....ආය.....කෝලිත්තන් නන් නටාගන එන්ඩ එපාය කියනවා...වරකා හන්දා විතරමයි...

ඉතින් ඒකනෙ අප්පුවට කියන්නෙ වලව් වත්තෙ වරකා කුනුවෙවී යනවා.....ඔය ගමදුවගෙ කාරනාව අතෑරලා අපි වලව් වත්ත දිහාබලමු අප්පුවො.....

ඩින්ගිත්තක් ඉදින්කො මං මේක හිමීට කල්පනා කොරන්ඩ...දැන් උඹලගෙ වලව්වත් සුද්දකොරන්ඩ ඕන.....එ අස්සෙ මේ කාරනා....මේවා දඩිබිඩියෙ හිතන්ඩ පුලුවන්ද???

ගම දෝනියැන්දා එපා කිව්වය කියමුකො...වලව් වත්තෙ වරකා හන්දා මොකො මං උඹව බදින්ඩෑ ???නැත්තන් අර මහ හාමුවා බදින්ඩෑ...උඹ බැදලත් එක්ක...මට එපා උඹව...නැත්තන් මං මූව බදින්ඩෑ...????වරකා කන්ඩ නිකන් පුලුවනෑ...බදින්ඩ එපැයි????

මං බලාගන අරකගෙ මූන අගුරු පාට වෙනවා...හාමුදෙනගෙ මූන රතූවෙලා යනවා..යස...මෙවුන් පාට වැටි වැටි ඉදි...මං එපෑය කල්පනාකොරන්ඩ....ඒ උනාට මට ඕන දෙපැත්තෙන්ම වරකා කන්ඩ...

අත්දෙක පස්සට බැදන් එහා මෙහා යන මං මයෙ තට්ටම් කැහුවා....නාහෙ කැහුවා...ඔලුව කැහුවා....ගමගෙදර වරකෙත් වලව් වරකෙත් දෙකම එකපාර ඕන උන මං අනිත්පාර පැරකුම්බව හිරේට ගන්ඩ තීරනෙ කෙරුවා....හැබැයි එක කොන්දේසියක් පිට...

මේ....ඇහුනද ....

මං තනිකොරෝම අබුඩෙ ඇදපු ඇඩින්බෙරො ආදිපාද වගේ.....කල්පනා කොරලා...කොරලා අවසානෙදි උගුරෙ රැලුත් බුරුල් කොරලා හාමුදෙන දිහා බලනකොට ම බලාගන අරූ බිම බලාගන ඇස් වහන් යටි තොල කාගන්නවා...මූට මොන සෙප්පඩවිජ්ජාවක් වෙලාද????

අප්පුවා....

කාරනේට මනාපයි...හැබැයි කොන්දේසියක් පිට.....

කොන්දේසියක්....

හුම්....මං.මේ මනුස්සකමත් බලලා මේ කාරනාව කියන්නෙ...උඹලා මට උගුරැස්සගෝනියක් එක්ක පුවක් පට්ට දෙකකුත් දෙනවා කිව්වා....කොස්කොල ගෝණි බාගෙකුත් දෙනවා කිව්වා...

.

ඔව්.....ඉතින්.....

වලව් වත්තෙ වරකා කන්ඩ නම් මං හිරයක් ගන්ඩ එපැයිනෙ....

..........??!!

.....(#%&***)

උඹලා මනාප මං මූව හිරේට ගන්නම්......ඒත් අමනාපයක් නැත්තන් මුගෙන් අහපල්ලකො එකගෙයි කන්ඩ කැමතිද කියලා...??

ම්...මොකක්...එකගෙයි...

හුම්....අමනාපයක් නැත්තන් අපි එක ගෙයි කමුද සුදුමහත්තයා....මට උඹගෙ වරකෙත් ඕනෙ...අරකිගෙ වරකෙත් ඕනෙ!!

*

*

වරූවක් යන්ඩ ඇති.....වරකයක් හන්දා හදි කොරල කොරලා එකගෙයි කන එකත් හාමුදෙන මැදිහත් වෙලාම නවත්තලා දානකොට නාගන්ඩ ආව මං අබුඩෙපිටින්ම කෝන් ගහට පිටදීගන කකුලකුත් ගහග ගහන් නියපොත්තක් හපන ගත්තා....

අරකා නෙවෙ මගෙ මූනක් බලන්නෙ...ඔසරියක් වෙනුවට කකුල් දෙකටම කොරවක්කා වගෙ ලෝන්ස් එකක් අදින හාමුදෙන කලිසන් සාක්කුවට අතදාලා ගඩොල් බාගයක් තරම් ලොකු ටෙලිපෝන් බෑවක් අරන් ඒකට ඇනලා ඇනලා කාටදො කතා කර කර සක්මනෙ යෙදෙන්ඩ ගත්තා....

ඒකි හැක හැක ගානවා...ආයම.හිකි හිකි ගානවා...එක කෝලිත්තමක් ඒක.....කියන කතාව මක්කද කියලා කන් දික් කරලා අහන් උන්නත් මට නෙවෙ මෙලෝ මලදානයක් තේරුනෙ....පරංගි බාසාව විතරක්මයි....

එකාතකට මෙවුන් පරංගිද මන්දා?????

.මෙච්චරවෙලාම පුප්ප පුප්ප උන්න මිසක

අරුත් නෙවෙ වචනයක් කියන්නෙ....මූට ගොලුදෝ???

උකූ....හ්හ්හ්

මාව ගැස්සිලා ගියා...

කැකිරි පල පල එහා මෙහා යන හාමුදෙන මක්කදො දොඩලා දොඩලා කිරි අප්පු කියලා මගෙ දිහාවත් බලනවා එක්කම ඉහට උඩින් වහපු කොහා උක්කූක් ගානවත් එක්කම ගහට හේත්තුව දාගන උන්න මාව ගැස්සිලා ගියා මදිවට ඈතින් එන ගමයවත් ගමයගෙ දඩෝරියවත් දැකපු මගෙ මූන ඩින්ග ඩින්ග තැලුන වරකයක් ගානට ඥොර වෙන්ඩ ගත්තා....කොටින්ම ගමයව දැක්ක මට ගමදෝනියැන්දත් එපා උන...

ගමයට මාව නම් වහකදුරුවලටත් අන්තය වෙනකොට අකුනක් වැදුන එකා වහේ මං තක්කු මුක්කු වෙන්ඩ ගත්තා....

ගමයා නම් විපතක්මය.....

දඩෝරියා නම් ඊටත් වඩා විපතක්මය.....

මං දැන් එහා මෙහා වෙනවා...අරකා ආයම සැරයක් විසි කරපු මගෙ සරමත් අබුඩෙත් අහුලගත්ත මං ඉහෙ ඔබාගත්ත රබානෙන් මූනත් වහන් හැන්ගෙන්ඩ හැදුවා විතරයි හැන්ගෙන්ඩ හදාපු මට කලියෙන් ගමයා මාව දැකපි....ගමයට කලියෙන් දඩෝරිය බුරපි....

භෞ....හූ.......

අනෙ....හපොයි හත්වලාමෙ දඩෝරියා!!!

ඔහෙ හිටු අප්පුවා........!!තෝ...තෝ....තෝ...තෝ මං අල්ලගන්ඩමයි උන්නෙ....ගහෙ තියනකොට කටු අනෝදෙ දෙසා බාලා ගිහින්....ආබොල....ආ බොල සවුදන් ජෙමෝ...තෝ...අ..ආ....හත්...දෙයි හාන්දුරුවනෙ...අපෙ.මැනිකෙ.....

දඩෝරියා ....ඔහෙ හිටු.....මැනිකෙ බොලමැනිකෙ....තෝ මැනිකෙටත් බුරනවද....

ඇති යන්තන්....අප්පුවා දිහා මැරුන් නොකාපු පරංගියෙක් බැලුවා...මෙච්චරවෙලාම කුඹුරු කොටලා කොටලා අහවර වෙලා දවල් සප්පායමටද උදැල්ලත් කරේ තියාගන අබුඩෙ පිටින් ගෙදර එන ගමයා මාව දැකලා පරල වේගන වේගන ආවා විතරයි ගමේ ගොඩෙ ඕන යකෙක්ට බය නොවුනත් ගමයගෙ දඩෝරියට ජම්මාන්තර බය මං කෝන් ගහවටේ කැරකි කැරකි ඉදලා අරකගෙ පූට්ටු කොරාපු පුටුව පිටිපස්සෙ හැන්ගෙන්ඩ හැදුවා විතරයි හාමුදෙන දැක්ක ගමයා මේන් බොල දපනෙ දාන්ඩ ගත්තා...

කොටින්ම අර පරදේසක්කාර දඩෝරියා පවා මගෙ අබුඩෙ දැක්කත් කුලප්පු වෙන එකා වෙද්දි ගමයා හාමුදෙන දැකලා දපනෙ දාන්නා එක්කම අරකත් ගොලුවෙච්චි.....

බන්ඩාර....

අනෙ....අප්පෙ....මේ අපෙ මහමැනිකෙ ...අනෙ මැනිකේ.....

හ්ම්....බන්ඩාරගෙදර යනගමන් වෙන්ඩ ඇතිමේ....

එහෙමයි අපෙ මැනිකෙ...

හොරා වගේ උන්න මං හීන් සීරුවට පුටුව පිටිපස්සෙ ඉදන් එබිකම් කොරන්ඩ ගත්තා....

මෙච්චරවෙලාම මා එක්ක කෝලිත්තම් කොර කොර හිනා උනාට මක්කද බලාපියව්කො හාමුදෙනගෙ මූන උද්දච්චෙ න් පිරිලා ගිහිල්ලා.....ඔසරියක් ඇදන් උන්නෙ නැතුවට මක්කද බලාපියව්කො අත් දෙක පස්සඨ බැදගන පපු කද ඉස්සරහට දාගන විරාජමානව ඉන්න එක්නැලිගොඩ මහ මැනිකෙගෙ තියන ගම්බීරත්වෙ.....

.ගමයා වැද වැටෙනවා.....පුටුපිට ඉන්න සුදුමහත්තයා හාදයා දිහා බල බල හූල්ල හූල්ල අනෙ පනෙ ගානවා...

මූ මක්කද මේ ආකාර හූල්ලන්නෙ ....අනෙ පනෙ ගගා නහින්නෙ.....

අනෙ මැනිකෙ....මේ අපෙ පුංචි බේබි නොවැ....

ආන් බලාපිය ගමයා දෑහෑ පිහනවා....මූ මක්කටද බොල මෙ දෑහ පිහන්නෙ..බාග වෙලාවට අඩනවා වත්දො...හහ්...යස...කිඹුල් කදුලු.....හිටපිය මාත් අඩන්නම් .....

පුටුව පිටිපස්සෙ ඇනතියාගන උන්න මං ගමයා දෑහ පිහ පිහ අඩන හැටි බලාගන නියපොත්තක් කන්ඩ ගත්තා.....

අපෙ මැනිකෙලා මේ කොහෙ යනගමන්ද.....

වෙද ගෙදරට යන්ඩය කියලා.....සේසතම වියදම් කෙරුවත් දරුවට ගුනයක් ඇත්තෙම නෑ...අගෙට දුව පැනලා උන්න මගෙ දරුපැටියා.... 

එහෙන් මගෙ දරුවා.....අම්මා අප්පා තුරුල්ලෙ මලක් වගෙ හැදුන මගෙ දරුවා....කී අවුරුදු මෙහෙම දුක් විදිනවද....

මං මයෙ කන්දෙක තවත් දික් කෙරුවා.....

මෙච්චරවෙලාම හරි ගම්බීරෙට උන්න හාමුදෙනගෙ කටහඩ ඩින්ග ඩින්ග වෙව්ලන්ඩ ගත්තා...ගමයා උරහෙ දාගන උන්න ලේන්සු කඩ අරගන සැරින් සැරේම දෑහ පිහනකොට මං මේකගෙ කකුල් දෙකට මොන හෙනේද ගැහුවෙ කියලා අහන් උන්නා...

අනෙ...අප්පෙ....රත්තරන් ටික වගේ උන්න පුංචි හාමුයි උත්පලා මැනිකෙයි....සිරියාවන්ත මැනිකෙ පොඩ්ඩ....මහා පැලැන්තියක මැනිකෙක් උනාට අහංකාර කම් ගෑවිලා වත් නෑ අපෙ මැනිකෙ.....කරුම මැනිකෙ...නොදන්න රටක මලගම් යනවා කියන්නෙ මොන දුකක්ද.....අනෙ දෙයියො කොහොම හරි අපෙ පුංචි බේබි රැකලා...

..........

මැනිකෙලා ආවෙ මෙහෙ නවතින්ඩමද අපෙ මැනිකෙ...

හ්ම්...හාමු ගෙ කැමැත්තක් නෑ තවදුරටත් කොලඹ ඉන්ඩත්...අවුරුදු ගානක් ඒරොප්පෙ උන්නත් දරුවගෙ ඉහට සැන්සීමක් නෑ...කොලඹට ආවත් හිර වෙලා...වචනයක්.කතා කරන් නෑ..බලාගත්ත අත බලගන ඉන්නවා...බන්ඩාර දැන් ඉතින් ඔක්කොටම කියලා මටයි හාමුටයි ඉතිරි මගෙ දරුවගෙ එකම දරුවා විතරයි...වස්තුව තාන්න මාන්න.....මේ මොනවයින් වත් වැඩක්ද...ගමට ආවෙම දරුවව ආය දෙපයින් හිටගස්සනවා කියලා හිතාගනමයි.....

අනෙ....දිවන්ගත පුංචි හාමු.....පුංචි මැනිකෙ.....අපෙ පොඩි බේබි දිහාව බලාපල්....ලා.....හහ්...හහ්....

යස....ගමයා ආය අඩනවා.....පැරකුම් උත්තමයගෙ කකුල් වලට ගහපු හෙනෙ අතරින් පතර අහගත්ත මන් ඇනතියාගනම ගුලෙන් එලියට එබෙන ඇහැටුල්ලා වගෙ පුටුවෙන් එහාටත් මෙහාටත් වෙවි බෙල්ල දදා විපරමෙ යෙදුනා...

මෙච්චරවෙලාම කිඹුල් කදුලු ද කොහෙදො හලාපු ගමයා අනිත් වංගියෙදි උරිස්ස පවා ගස්ස ගස්ස අඩන්න ගත්ත විතරයි ගමයා එක්ක කෝන්තර පිරිමහ මං මන් අබුඩෙ පිටින්ම බිම දිහා වෙලා හූ තියල අඩන්ඩ ගත්තා.....

සීනිගොඩෙ පෙරලි පෙරලි අඩන්ඩ ගත්ත අන්දරෙ වගෙ අරකගෙ රෝදපුටුව ඉස්සරහ දිගා උන මන් පස් කකා අඩන්ඩ ගත්තා.....

හහ්..යස..දැන් ඉතින් මා එක්කලා තරගෙට අඩාපිය පරදේසක්කාර ගමයා....

හයියො....හ්හ්.....අපෙ මැනිකෙ...හ්හ්හ්.......මයෙ පපුවට වාවන්නෙ....නැතුවා....

.........

පපුව දනවා........අනෙ...අපෙ.....අප්පොහ්.....උන නැස්පැත්තියේයා....හ්හ්හ්

මන් බිම පෙරලුනා.....කෝන් කොල පවා හත් අවුරුද්දකින් පීරාපු නැති මයෙ කොන්ඩෙ පුරාවට පැටලෙනකොට මන් අහගන ගමයගෙ ඇඩිල්ල නැවතුනා........කොටින්ම මැනිකෙගෙ ඇස්ගෙඩිත් දොඹගෙඩි වෙලා මදිවට පැරකුම්බගෙ මූන දෙලයල් වෙලා ඒකා අහස ඉහට කඩා වැටෙයි කියලදො කොහෙද අහස දිහාව බලාගන ඉන්නකොට මන් හූ තියලා අඩන්ඩ ගත්තා.....

අප්පුවා....

හයියෝහ්හ්......

බොල අප්පුවා...

අපෙ.....මැනිකෙ.....මේ.....උන.....වියෝයා.....මැනිකේ....

පරයා...නවත්තපිය තොගෙ ඔය බෑගිරිය.....කිව්වම අහල නවත්තගන් තොගෙ ඔය නෛයාඩගම....

......

මැනිකෙ...ගමට ආව උනුහුමේම මං මේ කියන්නෙ...මේකව නම් වලව්ව හතර මායිමට වද්දගන්ඩ එපා...මේකා නම් හෙනයක්මයි...කෙරුවොතින් වරත්තු වැඩක්මයි.....

ළඟින් ගියොත් හෙනයක්මයි....මූ ළඟින් ගියෝතින් ඇහැක් නැමයි ආය...

අඩ අඩ බිම පෙරලුන මං ආයම ඇනතියගන අත් දෙකම දනිස් පොල්කටු වටේ ඔතාගත්ත.....ගමයා මයෙ හපන් කම් එකින් එක එකින් එක හාමුදෙනගෙ කනෙ තියනකොට උන් ඔක්කොගම කටවල් දිහා කටත් ඇරන් පුස්නාම්බුවක් වගෙ ඇනතියාගන උන්න මං ගමයගෙ කට කඩන්ඩ තරම් තරහකි උරුම්පූට්ටු උනා....

ඇහක් නෑය කියන්නෙ...හහ් ..යස.....

මං මේ මැනිකෙලාගෙම හොදට කියන්නෙ....මූ නම් වලව්ව හතරමායිමෙ වද්දගන්ඩ එපා මැණිකෙ....මූ ළඟින් ගියෝතින් ඇහැක් නෑ....ගහක ගෙඩියක් තියගන්ඩ නෑ.....වසවර්ති මාරයෙක් මූ...හෙනකදයෙක් තනිකොරෝම...

මෙච්චරවෙලාම ඇනතියාගන උන්න මං අනිත් වංගියෙදි නැගිට්ටා...ඉහ පුරාවටම කෝන් කොල...අබුඩෙ පුරාවටමත් තට්ටමුත් දුවිල්ලෙන් අලු වෙලා ගිහින් තියනකොට ගමයගෙ කයි කතන්දර අහන් උන්න මං පුම්බගන නැගිට්ටා....

ආ බොල ගමයො....තෝ මොක්දෑ ඔය කොච්චරවාත් ඇහැක් නෑය ඇහැක් ණෑය දොඩන්නෙ....මං දැන් තෝ ගාවින් කී දොහක් එහා මෙහා ගියාද ....යස අපූරුවට තොගෙ ඔය වෙස් මුන වගෙ මූනෙ ඇස් ගෙඩි දෙක තියෙන්නෙ...

පරයා.....මං කිව්වෙ....මං කිව්වෙ...මුගෙ කට නැත්තන් බල්ලොත් ඇදන් යනවා...හිටු මන් තො හද්දොහක් දඩු කදෙ ගහනවා.....

යස!!මනාපයි හාන්දුරුවනෙ ....මනාපයි....ගහපිය නිකන් නෙවෙ වරක ගහ යටින්ම ගහපිය!!!

*

*

*

මා එක්ක අංකරේට ආව ගමයා ඒකගෙ දඩෝරියත් එක්ක යන්ඩ ගියා.....වෙද ගෙදරට යන්ඩ ආව කිව්වත් මක්කද ගමයා කියාපු කාරනා එක්ක වෙදත් වෙදකමකට හත් දොහක් ගමින් පිටගම් ගොහින් කියලා කිව්වත් හරි හාමුදෙන පැරකුම්බා නිරින්දවත් ආපිට වඩම්මන් වලව්වට යන්ඩ හැරෙද්දි වැවට යන්ඩ ආව මමත් හාමුදෙන පස්සෙ වැටුනා.....

නිකන් නෙවෙ...අපෙ අප්පො.....හාමු දෙන මට රාජකාරියකුත් පූට්‍ටු කොරාපි...වෙනමක්කවත් නෙවෙ....අරකගෙ දෝලාව දක්කන්ඩ....

පුරුදු විදිහටම මයෙ රබාන ඉහ උඩ නවාගත්ත මං අබුඩෙත් සරමත් උරිස්සෙ දාගන අරකගෙ දෝලාව තල්ලු කොරනවා.....අත් දෙක පිටිපස්සට බැදගත්තා බැදගත්තමයි හාමු දෙන උන්නෙ අහසයි පොලවයි දෙකම එකට එක්කාසු කොරලා සමනල ගැටයක් ගහන්ඩ තරම් බර කල්පනාවක වෙද්දි ඒකගෙ දෝලාවට මං අත ගැහුව තරහෙන් ඉත්තෑවෙක් වගේ පුම්බගන උන්න පලවෙනි පැරකුම්බා පුපුර පුපුරම මං කඩාදුන්න කෝන් වල්ල මිරිකගන ගොලුවෙලා උන්නා...

මෙ වහන්ගතෙ හරියන් නැතුවා...

මයෙ කටම පාළුවට ගිහිලා.....තනිකොරෝම පාලු අම්බලමක් වෙලා...

මයෙ මනාපෙම මක්කවත් මුමුනන්ඩ...වැව් හුලන් රැල්ලත්...නේක නේක මලින් පලෙන් පිටාර යන පුහුඹත් එක්ක ගම්බැද්ද උන මිහිපිට තුසිතය මැදින් වැටුන පාරෙන් ආපිට එක්නැලිගොඩ වලව්වට දෝලාව තල්ලු කොරන මං කිරිබන්ඩියට අනින්න වගෙ අරකගෙ ඉහ මුදුනට මයෙ දබැරැගිල්ලෙන් ඇන්නා....

..ඒත් ඌ නෙවෙ මයෙ දිහා බැලුවෙ...

මං මහ සද්දෙට ඈනුමක් ඇරියා...

ඒත් අරූ නෙවෙ නිකන් වත් හැරිලා බැලුවෙ....කොස්කොල පට්ටෙ උඩ කොලු ගැටව් දාගන දිව්වත් රෝද පූට්ටු කොරාපු මෙවන් විජාබහුවක් තල්ලු කොරාන යන පලවෙනි වතාව හන්දම මුල මුල පැරකුම්බගෙ දෝලාව හතර අත ගියාට මක්කද දැන් දැන් ඩින්ගත් කෙලින් යන්ඩ ඇහැක් උනත් කට වහන් ඉදලා පුරුද්දක් නැති මං ඇබරෙන්ඩ ගත්තා...

අප්පුවට අමාරුද ලමයො...

මෙච්චරවෙලාම ගොලු වෙලා උන්න හාමුදෙන මයෙන් අමාරුද අහනවා....යස !!

හුම්....අමාරුදැයි අහනවා...අමාරුයි නේන්නම්...

එහෙනම් දියල්ලා...

මේ විජාබහුව හදා නෙවෙ යෝදියෙ.....

ය්...යෝදියෙ.....???

මට මයෙ දත කට පූට්ටු කොරන් ඉදලා තෙහෙට්ටුව....මට මයෙ කටේ පාලුව යවාගන්ඩ මක්කවත් කරන්ඩ ඕන.....

එහෙමත් දෙයක්ද.....අප්පුවට දැන් මොකක්ද වෙන්ඩ ඕන....

..........මන්දා....

අප්පුවා තාම එකගෙයි කන්ඩද කල්පනාව අප්පුවො...උඹලා මාමන්ඩි එක්ක අන්කරේකත් පැටලුනානෙ...???

......ඒකිගෙ දෝනියැන්දා ඒකිලම තියාගත්තාවෙ...මට වලව් වරකෙ යහපති...දැන් මං හිරෙ ගැන කතාකොරගන්ඩ එනකොට කෝට් බෑවක් අදින්ඩ ඕනයි???

ඇති යනතන්....හාමුදෙන මා එක්කලා කතාවට වැටුනා.....මගුල්තුලා ගැන කතා කොරන්ඩ ගත්තත් හරි හාමුදෙනගෙ කැකිරි පැලිල්ල මැද මං අහගන මොකෙක් හරි එකෙක් මහ සද්දෙට තපුල්ලනවා...තපුල්ලන එකා ඕන තරම් තපුල්ල ගත්තාවෙ කියලා දෝලාව තල්ලු කරන් යන මං මගුල ගැන කතා කරන්ඩ එද්දි කෝට් බෑව ගැන ඇහුවත් හරි.මයෙ උරහෙ තිබුන අබුඩෙ අරකහෙ ඉහ උඩට වැටිච්චි....

.....අප්පුවට කෝට් තියනවද ?

නෑ.....ඔය ඉස්තිරික්ක කොරන්ඩ ගේන ඒවා තමා.....වරකා යාන්ගෙම දැන් මගෙද....?

......අප්පුවගෙ නේන්නම්...අප්පුවා ඉතින් වලව්වෙ වැඩටත් උදව් කරනව නම් වරකා විතරක් නෙවෙ උගුරැස්ස ගහත් දෙන්නම්...

උගුරැස්ස.....

හ්ම්ම්ම්ම්...

මෙකට පරංගි හටන කියන්ඩ පුලුවන්ද...හවහට මං කිරිබන්ඩියා එක්ක හබරල ගාලට හටන් කොරන්ඩ යනවා....මං අහන්නෙ මං හටන් කොරනකන් සුදුමහත්තයා හාදයට යුද්දෙටත් ඇවිත් කියන්ඩ ඇහැක්ද....????

................හබරල ගාලට ගිහින් අර නොදරුවවටත් කැසිල්ල හැදෙයි....අප්පුවා හවසට වලව්වට වරෙල්ලකො....

අරමොකද....

ආන් අර කුසිය පිටිපස්සෙ ඉහටත් උඩහින් තනකොල වැවිලා....ඇති තරම් සටන් කරපන්කො....

එතකොට මොකාද යුද්දෙටත් ඇවිත් කියන්නෙ...මේකට ඇහැක්ද.....???

සුදුමහත්තයට බැරි නම් හාමු මහත්තයා හරි කියයිනෙ...

යස...!!මං.දැන් හිරේට ගන්නෙ මූවද....ඌවද...එහෙම හැමෝටම ඒක කියන්ඩ දෙන්නෙ නෑ....හිරේට එන එකා විතරයි....

එහෙමයි අප්පු මහත්තයා....එහෙමයි එහෙනම්...සුදු මහත්තයා කියයි....

මං විරිත්තුවා.....සුදු මහත්තයා කියයි කිව්වත් හරි මගෙ හිරේ ටක්කෙටම ඉස්තීරවෙලා යනවත් එක්කම හවහට කෝට්බැවකුත් පටලාන ඇවිදින් පැරකුම්බව හිරේට අරගන්ඩ අහන්ඩ හිතාගත්ත මට වලව් වත්ත පුරාවටම තිවුන වරකා ගස් මතක් වෙලා මාව පස්වනක් ප්‍රීතියෙන් පිනායන්ඩ ගත්තත් හරි දෝලාව තල්ලු කර කර උන්න මං අර හිතේ සන්තෝසෙටම මහ හයියෙන් සින්දුවක් කියන්ඩ ගත්තා....

ඒකත් වෙනකාටත් නෙවෙ කටු ඉත්තෑවෙක් වගෙ පුම්බාගන පුපුර පුපුර පැරකුම්බා වෙනුවෙන්....මං බලාගන හාමුදෙනත් එකගෙ ඉහ අතගාලා යන්තමට හිනා වෙනවා...

ගිරිය පුප්පාගන පටන් ගත්ත මයෙ සින්දුව ගම්තුලාන පුරාවටම.දෝංකාර දෙන්ඩ ගත්තා....

කුමටද සොබනියෙ...කදුලු සලන්නෙ...

හේතුව මම නොදනිම්

හිරි හෙල් අරඹෙ ඇති මගෙ නිවසට

මම ඔබ ගෙනයන්නම්....

ඔබ හට හැම සැප එහි දෙන්නම්....

..

....

THANK YOU

More Chapters