Ficool

Chapter 41 - 40

සින්දුවක් අහන්න ඕනද ම්ම්ම්ම්.....නැත්තන්....මගෙ සීදේවිට ඇහෙන්ඩ සීදේවිගෙ සුදු අයියා සින්දුවක් කියන්නද...ම්ම්...ඔප්ශන් දෙකක් තියනවා.......කැමති එකක් තෝරගන්න පුලුවන් ....ඒ ප්‍රේමවන්තයට විතරක් නෙවෙ...මේ ප්‍රේමවන්තයටත් සින්දු කියන්ඩ පුලුවන් හැබැයි...එක එකාට අත දෙන්ඩ යනවෙලේ....නරකද මට දුන්නා නම් ම්ම්ම්....??

මං උන්නෙ රවාගන.......පස්සෙ ශීට් එකෙ උන්න පසනගෙ වැඩේම නින්දෙන් කියවන එක.....උගෙ හීනවල උන්නෙත් කානුවා වෙනකොට ඌ කානුවා එක්ක එකතුවෙලා හීනෙනුත් මට දෙහි කපනවා...යසයි පොඩි බේසිකයා...ඒත් මන් දැන් කොහොම කියලා නම් මූට බනින්ඩද...මං මුගෙ තාත්තනෙ ....පියසෙනෙහසට කවි ගී ලිය උනා මදි කියලා හිතාගන නොතේරෙන්ඩ එකක් ඔලුවට අනින්ඩත් හිතයි මුගෙ අප්පා මට මේ දැන් කරන ගමන් ඉන්න අපරාදෙට ....

සීදේවි...මොකො සද්දෙ වහලා.....ම්ම්ම්...මං ඇහුවෙ සින්දුවක් කියන්නද කියලා...මොකද මට දැන් සින්දුවක් කියන්න ඕන.....

අයියො මේ මොන මගුලෙ සින්දුවක්ද යකො මේ.....නයිට් කඩ සීයක් ව්තර පහු උනා....එහෙන් බඩ බුරු බුරු ගානවා.....ඔයාලා හිනා වෙන්නෙ නැත්තන් මේ ළමයා බඩුවක් කියන්ඩද අනෙ.......යහපත් පෞල් ජීවිතයක් සදහා මෝටිවේස වෙන්ඩ හිතාගන බලන්ඩ ඕන හැම ලබ්බම බැලුවට මූ ලුනුයි බතුයි විතරක්ම කමු කියල මතුරන්න ගත්ත වෙලාවෙ ඉදන් මට ඩිවෝර්ස් වෙන්න හිතිලා ඉන්නෙ.....

යකො මේ රෑ ජාමෙ පැනල ගිහින් ලුනුයි බතුයි කාපියව්කො...

සීදේ....වි

මොකද වදෙ මොකද....කොයි වෙලෙත් සීදේවි සීදේවි.......උඹට කිරි ඕනවෙලාද සමුද්‍ර මං අහන්නෙ??කොයි වෙලෙත් අපෙ කානුවා අම්මෙ හුම්මෙ ගගා පස්ස පාරෙ යනවා වගේ උඹත් සීදේවි ගගා මායන් වෙන්නෙ කිරි ඕනවෙලාද...???

ම්න්....තියනවද....?ඕනම ලෙඩකට හොදයි කියනවනෙ. ...කොයි position එකට දෙන්න පුලුවන් ...ලැප් එකට එනවද ....නැත්තන්......

කටවහපන් වනචරයා...අනෙ පප්පෙ කට වහපිය මට තරහා යාගන එන්නෙ...ඇයි යකො කඩ කීයක් පහු උනාද ....බඩත් ගිනි යකො.......උඹ හදන්නෙ මට ලුනුයි බතුයි ගිල්ලන්ඩද........ආ සමුද්‍ර....උඹ හදන්නෙ මට ලුනුයි බතුයි ගිල්ලවන්ඩද....

ඔෆ් කෝස්...වචන නම්...වචන....මට ඕන දුකක් විදින්න පුලුවන් අයියෙ....එහෙමනෙ තිබ්බෙ.....ම්ම්ම්.....වනචරයා.....නරක නෑ...උඹගෙ වචන වලට මං වනචරයෙක්ද.....වචනෙට වඩා මං ආස ක්‍රියාවෙන් ඔප්පු කරන්න......

මට යකා ආරූඪ උනා....පුක ඉරාගන් බිත්තරෙ දාගන්ඩ තෙපර බාන කිකිලි වගෙ තරහෙන් තටමන් උන්න මං අනිත් පාර පසනා නිදි කියල නොබලා අපෙ මිනිහව මරාගන කන්ඩ හැදුවා.......කරුමෙ මොන තරම්ද කියනවා නම් මගෙම වචන මගෙ ඇස්පනාපිට පරහට හිටින්ඩ ගන්නකොට මං එයාට වනචරයා කිව්වා විතරයි මං බලාගන එයාගෙ හීන් උන ඇස්වලට උඩින් තිබුන ඇහිබැම යන්තමට උඩට ඉස්සුනා....ඒ විතරක් නෙවෙ එයා යටිතොලෙ කොන හපාගන ආය ආයමත් වනචරයා කියන වචනෙ ආය ආයම හිමි හිමීට මුමුනන්න ගත්තා...මේකට මොනා වෙලාද.....මං කියලා තියනවා මූට අපෙ අප්පච්චි එක්ක වැඩි භජනෙ එපා කියලා අහන් නෑ අහන් නෑ......මාමා කිව්වොත් කන්ඩ ඕනත් නෑ ඇයි මගුල.....මට දැන් මාමගෙ බෑනව අමුවෙන් කන්ඩ තරම් තරහයි ඇයි යකො.....ඉදලා ඉදලා පැනලා ආවා......

මං පිපිරුවා........ මාව ගැහෙනවා.....පස්සෙ ශිට් එකෙ තියන කීරි සම්බා පහෙ පැකට් එකයි ලන්කා ලුනු පැකට් එකයි කන්නාඩිය හරහා දකින වාරයක් පාසාම මට ආව තරහව කොයි තරම්ද කියනවා නම් මට අරලිය හාල් එකෙ අයිතිකාරයා ඩඩ්ලි මහත්තයට කීරි සම්බා උරෙන් වීසි කරලා ගහන්ඩ හිතුනා....

එය හිනා වෙනවා.......තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් අනිත් අත කලවෙ උඩට තියාගන උන්න එයා කට කොනකින් හිනා වෙන ගමන් මගෙ දිහා ඇස් හින් කරලා බැලුවා මදිවට අච්චර පිලිවලට තියන කොන්ඩෙ සියවතාවක් විතර බොරුවට හද හද මගෙ දිහා බලන් කට කොනින් හිනා උනා...ඒ මදිවට ආයම "මම වනචරයා නේ එහෙනම්" කියන එක මුමුනගත්තා....

කලුවට කලුවෙ කලු පොරවන්

මහසෝනා වගෙ.....ඒත් මේ යකා පුදුම තරම් කඩවසම් දෙයියනෙ.....ඒකනෙ මූව ඩිවෝර්ස් කරන්ඩවත් මට හිත හදාගන්ඩ බැරි..........මහසෝනා උනත් මට දැන් මේකා එක්ක පවුල් කන්ඩම වෙනවනෙ.....කමක් නෑ....පවුලම කන මට කාකොටාගන හරි උඹ එක්ක පවුල් කන්ඩ බැරි කම්ක් නෑ....ශිහ් ..නෙගටිව් හැගීම් එනවා...තුහ් ..තුහ්....මෝටිවේස වෙයන් අමාකර....මෝටිවේස වෙයන්.....ඔය කිව්වට කොත්තුවක් අරන් දෙයි.....

ඒත් අර කීරි සම්බා එක....එව්...උරෙ දැක්කම දැන් මට පදත් පෙරලෙනවා..අනෙ....සින්හල වල පදපෙරලුම පාඩම මතක් වෙන්නෙ මොන එහෙකටද මෙවෙලෙ....කීරි සම්බා...සාරි කි.....අනෙ නෑ...මගුල නෑ...අහකට අහකට...අනවස්ස සිතුවිලි අහකට...හෝයි...උසි උසි....!!

මගෙ මොනර පෙද කරවෙනව...යටි හිත තවත් පිස්සුවක් තනියම කෙලිනකොට කොත්තුවෙ තරහෙන් උන්න මගෙ මොනරපෙද කරවෙන්න ගත්තා.....

සින්දුවක් අහමුද...සින්දුවක් කියන්නද අහන් ආව අපෙ මිනිහා තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් මගෙ දිහා බල බල කටකොනින් හිනා වෙනකොට අර තරහව තියාගනම මං එයාගෙ මේ කඩවසම් රූපෙ දිහා බලාගන උන්නා....තනි කලු ඩෙනිමට අත්කොට කලු ටීශර්ට් එකක් ඇදගන උන්න එයා කලුපාට ලෙදර් ජැකට් එක දාගන ඉන්නකොට වෙනදට සරම පිටින් දකින මනුස්සයව සම්පූරනම කනපිට ගැහුවා වගෙ වෙද්දි මං බලාගන එහා මෙහා උන ටී ශර්ට් එකෙන් කලිසමට දාගන උන්න බෙල්ට් එක චුට්ටක් විතර එලියට ඇවිදින් තිබුනා...

ඒක vaans එකක්.......

ඒ මුනපුරාවටම ආඩම්බරකාර හිනාව අරක් අරගන තිබුනා...කැබ් එකම එයාගෙන් කාන්දුවෙන අර්මානි විලවුන් සුවදින් පිරිලා තියනකොට මොන තරම් තරහවකින් මාව වෙව්ලුවත් මේ ආඩම්බරකාර මනුස්සයා දිහා ඇස්පිල්ලමක් වත් නොගහාම බලගන උන්නා....

සෝලංගාර්ච්චි ජූනියර්....ඉතින්......මොකද ඔයාගෙ ප්‍රේමවන්තයා කියන්නෙ ම්ම්ම්...මිනාල්...මිනාල් රඹුක්වැල්ල.......මිනිහා සින්දුත් කියනවා නෙ.......ම්ම්....ආදරමල් වල.....පාට කියන්නද....නරක නෑ...මිනිහට හැකියාව තියනවා....මං හිතන්නෙ ජූනියර් සෝලංගාඅරච්චි ගියෙ අත දෙන්ඩ වෙන්න ඇති නේ...ම්ම්ම්..නරක නෑ....නරක නෑ.....ආදරමල් වල....පාට කියන්නද...ඊලග වටේට නෙවෙ කෙලින්ම ගෝල්ඩන් බසර් එකම දෙන්න පුලුවන් තමුන්ගෙ ප්‍රේමවන්තයට.....

මොකා....මොකා කිව්වා.....ප්‍රේමවන්තයා කිව්වා..සමුද්‍ර සමුද්‍ර මේ .......විහිලු කරපන් උඹ සීමාවක් ඇතුව හරිද...ඌ කොහෙද මගෙ ප්‍රේමවන්තයා වෙන්නෙ .....හාල්ද උඹට ඇයි යකො....ගෝල්ඩන් බසර් එක නෙවෙ නිරෝසාවිරාජිනීට කියලා ඌට තව බටන් එකක් ඉල්ලා දීකො අඩෙ...මගුල......මට කන්ඩ දෙයක් අරන්දියකො..මං කීයෙ ඉදන්ද වේලෙන්නෙ....එනවා කිව්වෙ කීයටද ආවෙ කීයටද...ලුනුයි බතුයි කන්ඩ.......හිතේ ඇති උඹ මට ලුනුයි බතුයි කව්වන්ඩ ......මං දැන් බලාගන...මේ පහු උනෙ විසි වෙනි නයිට් කඩෙ......

මට කොත්තුවක් ඕන...කලන්තෙටත් වගෙ ...ඉදන් ඉන්නත් පන නෑ.......අනෙ අර ඉස්සරහින් පේන කඩේ ගාවින් වත් නවත්තලා කොත්තුවක් ගනින්කො සමුද්‍ර.......කඩයක්...කඩයක්.....කඩයක්

මං කියවගනම උන්නා.....පහුවෙන කඩයක් කඩයක් දකින පාසාම මං තනිකරම ඩොක්ටර් ඩූ ලිට්ල් එකෙ මහපාරෙ සුදු ඉරි ගැන ගැන

" ඉරක්...ඉරක්...ඉරක් " ගාන බල්ල වගේ මාත් පහුවෙන නයිට් කඩයක් කොත්තු කඩයක් සයිවර් කඩයක් ගානෙම ජනේලෙන් බෙල්ල එලියට දාගන කඩයක් කඩයක් කඩයක් ගාන්න ගත්තා...ඒත් සමුද්‍රයා නම් වෙච්ච හුජ්ජ දෙබරා කෙරුවෙ මගෙ තරහ අවුස්ස අවුස්ස සින්දුවක් කියන්නද අහපු එක වෙනකොට පහුවෙන කඩ දිහාව කදුලු පිරුන ඇස් දෙකෙන් බලාගන ඉදලා ශීට් එකෙ වැක්කෙරිලා වගෙ ඉදගන මූනත් පුක කරන් සමුද්‍ර දිහාවත් නොබලා ඉස්සරහා බලාගන මගෙ අත් දෙකේම ඇගිලි කිටි කිටියට මිරකන් ශීට් එකට ගහපු එක....

කියපිය ඉතින්...කියපිය....දැන් සින්දුවක්නෙ කියන්ඩ ඕන කිව්වෙ...කියපන්...කියපන්.....කියපන්....උඹට නින්ද යන්නෙ නෑනෙ ඔය සින්දුව කියනකන්...කියපන්...කියපන්.......අරූ ආදර මල්වල නෙ කිව්වෙ...උඹත් මොකක් හරි මලක් ගැන කියපන්....ඔය තියෙන්නෙ අනන්තවත් මල්...ඒ නැත්තන් සාන් පුතාගෙ සඳමාලි වත් කියපන්...හැබැයි කුනුගොඩෙ මැස්සා මං නෙවෙ උඹ........

මං එකම දිගට මතුරන්ඩ ගත්තා....පසනා නැගිටියි කියලා බැලුවෙත් නෑ කියවගනම උන්නා......ඒ කියලා පසනා නැගිට්ටෙත් නෑ... අපෙ මනුස්සයා මට කටවහපන් කියලා කිව්වෙත් නෑ....ඌට නින්ද ගිහින් නෙවෙ කලන්තෙ දාලා......

මං හිතන්නෙ ජූනියර් සෝලංගාරච්චිට බඩගිනි වැඩි උනහම නට් එක පොඩ්ඩක් තද වෙනවා වගේ නෙ ...අවුලක් නෑ...පිස්සු උනත් මගෙනෙ ...ම්ම්..."හුරතල් පිස්සු මගුලක්"

.........උඹට මාව විහිලුවක්ද බන්.....එහෙමවත් අහන්ඩ....???උඹට මාව නිකන් ජෝක් එකක් වගේද...??මෙච්චර සීරියස් පිට කියවන් යනකොට උඹ මායන් වෙන්නෙ...

විහිලුවක් නෙවෙ...මට දැන් උඹගෙන් පලිගන්ඩ හිතිලා ඉන්නෙ කිව්වොත්.....විස්වාසකරනවද මගෙ අමාකර ම්ම්ම්ම්ම්....මායන් වෙන එක නම්..කොහොමත් අද විලක්කු ඇද හතරකොන අවුලන් මායන් වෙනවා....මේ හැන්නදිගෙ පන්දම අතට ගත්තම දුම්මල ගහන්න ගත්තම උඹටයි අඩන්න වෙන්නෙ ....

ප්...ප්...පලි.....ඒ මොන රෙද්දටද...මමනෙ අඩෙ පලිගන්ඩ ඕන.....මගෙන් මොකටද පලිගන්නෙ.....ඇරත් උඹ මොකටද මට දුම්මල ගහන්නෙ ....මේ ඇත්තමයි මට අද හුගාක් තරහා ගිහින් ඉන්නෙ අනෙ හරිද....වෙනදට මං කවදාවත් ඔයාට උඹ බන් බොලන් කියන්නෙ නෑනෙ අනෙ .......ඔ...ඔයා....ල්...ලුනුයි...බතු....යි....ද්..දෙනවා...ම්...මදිවට......

මට ඇඩෙනවා.අර උදෙ රැස්වීමෙදි කියන්නා වගෙ දහසක් මල් විකසිත වෙන මේ ප්‍රීතිමත් උදෑසනෙ පැනලා ආව මගෙ මල් බලාගන ඉන්නකොට පරවෙන්න ගත්තා මදිවට හැන්දා මගෙන් පලිගන්ඩ හිතිලා ඉන්නෙ කිව්වා.....පලිගන්ඩ හේතුව මොකක්ද කියන එක නොදන්න එකා වගේ ඇහුවත් ඒ හීන් වෙන ඇස් දිහා බැලුවම මට පලිගන්න හේතුව මොකක්ද කියන්න අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නැතිවෙනකොට මිනාලයගෙ සින්දු ලබ්බ අහන්ඩ ගිය එකට මං යටි හිතින් මටම බැනගත්තා......

හේතුවද.....ම්ම්...හේතුව දන්නවද....නැත්තන් ඇත්තටම නොදන්නවද අමාකර??

.........ඔය ඇස්වලින් ..ඔහොම බලන්ඩ එ....එපා....අ...අයියෙ......

මට ගොතගැහුනා...එයා නෙවෙ පාරදිහා බලන්නෙ....නයිට් කඩවල ඇවිලෙන ටියුබ් ලයිට් එලි මහපාරෙ ලයිට් කනුවලටත් වඩා දිස්නෙ ගැහුවා.....මොකා නිවාඩු ගත්තා උනත් කවරදාකවත්ම නිවාඩු නොයන මහමුහුද හුස්මක් කටක් නොගෙම වෙරලට ඇවිදින් හාදු තිය තිය යන මොහොතෙ මුහුදු හුලන් රැල්ල එක්ක උඩුගම් යන කසිංජි රසත් ඒ මුහුදු පුසුඹත් දුර ඈත ගම්දනව් වලට යන්න යනවා....මේ හැමදේම සිද්ද වෙන්නෙ රෑ අහසට අරක් ගත්ත වටකුරු හද එලිය යට වෙද්දි සිහිල දෙන හද එලිය යට පවා මාව ගිනිගන්න පටන් ගත්තා....

සමුද්‍ර කියන්නෙම තනිකරම මාරියාවක්.....

සමුද්‍ර කියන්නෙම වෙලාවකට නිසල මුහුදක්....ආදරෙ බෙදන්න ගත්තම ආදරෙන්ම හෙම්බත් වෙලා යන තරමට ආදරෙ දෙන මේ මනුස්ස පරානෙ නිස්කලන්කෙට ඉදලා ඉදලා සුනාමියක වෙස් ගන්න තැන තරම් බය තැනක් තව නැතිව යනකොට මිනාල් ගාව නිස්කලන්ක මහමුහුදක් හා සමානව උන්න එයා දැන් දැන් චන්ඩ මාරියාවෙ තරංග හීන් සීරූවට ගොඩබිම දිහාට එවන හැටි දැනෙන්න ගත්ත මට ඒ ඇස් දිහා බලන් කතා කරගන්න පවා බැරි උනා...බැරිම තැන මං එයා දිහා අඩමානෙට බලාගන එයාට ඒ ඇස් වලින් බලන්න එපා කියනවත් එක්කම එයා කටකොනකින් හිනා උනා.....කැබ් එකෙ වේගෙ එන්න එන්නම අඩු කරන් ගියපු එයා අවසානෙදි කාත් කවුරුත්ම නැති හරියකදි....අඩුම කඩයක් තියා මාලු ලෑල්ලක්වත් නැති හරියකදි ලයිට් කනුවක් යට කැබ් එක නැවැත්තුවා වගේම පනගහන කැබ් එකත් ඇවිලෙන ලාම්පුත් මේ ඔක්කොමත් නිවලා දැම්මා වගේම පස්ස ශීට් එකෙ උන්න පසනා දිහාව බලලා සම්පූරනම පිටිපස්ස හරිය කවර් කරලා දැම්මා....

මගෙ පපුව ගැහෙනවා.....කසිංජිය බැදිලා බැදිලා සැරින් සැරේම ගැහි ගැහි පත්තුවෙන පහන් කනුවක් යට නවත්තපු කැබ් එක අස්සෙ ඉස්සරහා ශීට් එකෙ එයා එක්ක තනි වෙලා ගියපු මගෙ පපුව ගැහෙන්න ගත්තා....ආදරෙයි සුදු අයියෙ....මට උඹ එක්ක එන්න ඕන අයියෙ ගගා දාහක් කතා කිය කිය එයාට වද දීලා දීලා කටින් ජයගත්ත මං එයා එක්ක පැනලා ආවා වගේම තනිවෙන මොහොතක් අනිවාර්‍ය්ම උදාවෙන බවත් දැන දැන උන්නට මේ තත්පරවලදි මට මං පන වගේ ආදර්‍ර් කරන එයා එක්ක තනි වෙන්න බය හිතුනා...

ඒක බයක්මද.....

ඒත් නැත්තන්....ආදරේ විදින්න තියන ආසාවත් ලැජ්ජාවත්...යන්තමට බයකුත් කලවම් උන හැගීමක්ද....බෙදීම් කරලා වර්ග කරලා ලෙහාගන්න බැරි මේ හැගීම මොක උනත් මේ තතපරේදි මට දැනුනෙ මෙච්චරයි....

රිදෙමෙකට ස්ටියරින් වීල් එක උඩ එහා මෙහා යන අතේ ඇගිලිත්.....ඒ ඇස් මගෙ දිහා බලාගන ඉන්න විලාසෙත්...සැරින් සැරේම ඉහල පහල උගුරු ගැටෙත් යන්තමට උඩ පාත් වෙන පපු පදාසෙත් දැක්කම මගෙ සියුම්ම ලේ නහර පවා ගල් ගැහිලා ගියා මදිවට යටිබඩ ඇතුලෙ සමනල්ලු පියාඹන හැගීමක් දැනෙන්න ගත්තා...

එයා මගෙ දිහා බලාගන ඉන්නවා...අර කටකොන් හිනාව නැවතිලා ගිහිල්ලා.......ඒ ඇස් වල පන තිබුනත් මොකද එකම පිල්ලමක් වත් ගහන්න වත් බැරි තරමට අමතක වෙලා ගිහින් වගේ මගෙ දිහාව බලාගන උන්න එයා ආයම මුමුනන්න ගත්තා වගේම නොහිතපු වෙලාවක එයා මාව එයාගෙ ගාවට ඇදලා ගත්තා...ඒ ඇද්ද ඇදිල්ල කොච්චරද කියනවා නම් දාගන උන්න ශීට් බෙල්ට් එක පවා කැඩිලා ගියා....මාව පාන්කඩයක් ගානට අන්ත උනා

ඔය ඇස්වලින් බලන්න එපා එහෙමද කියන්නෙ ... stop looking at me with those eye...what eyes....hmm?

අ...ආහ්...ස්..සමුද්‍ර....අ..යි ..යෙ....

දන්නවද ....අමාකර උඹ කියන්නෙම මට තනියම චියර්ස් කරන්න පුලුවන් පට්ට අමුතු ෆීලින්ග් එකක් කියන්න.......ම්ම්ම්....මදුවිතක්ද....

නැත්තන් මදුවිත පරදවපු අමෘතයක්ද...ඔය දෙකෙන් කෝක උනත්....තමුසෙ කියන්නෙ මට තට්ට තනියෙන් සව්දිය පුරන්න පුලුවන් ආත්මෙ පවා නන්නතාර කරන හැගීමක්!ඉතින් උඹ කොහොමද මගෙ බැල්මට ඇදිරිනීතිය දාන්නෙ ම්ම්ම්....???අඩුම ගානෙ මොනාලිසාව ඇදපු ඩාවින්චී වත් මෙහෙම බලන් ඉන්න නැතුව ඇති.....

අමාකර....ආදරෙ ගාවදි වයස කියන්නෙ ඉලක්කමක්...එහෙමනෙ....අන්න ඒ වගේමයි.....තමුසෙගෙ ආදරෙ මටම විතරයි කියන්න දැන දැන....මේ සර්වාංගෙ හරහා වෙනබැල්මක් වැටෙනකොට මට පුදුම විදිහට හිතුවක්කාර වෙන්න හිතෙනවා.....මං ඊරිසියයි....ඔය කියන තරන් මං බෝධි සත්වයෙක් නෙවෙ අමාකර....තමුසෙ සම්බන්ද විශය කාරනාවලදි මං කොහොමත් හොද එකෙක් නෙවෙ.....මාමා කාරයා තමුසෙව මට අත් දෙකෙම්ම දුන්නෙ මං තමුසෙට පිස්සෙක් වගේ ආදරෙ කරන බවට වඩා මං තමුසෙව මගෙ පන ගහලා ගියත් රකින බව දැනුන හන්දා....හැබැයි තමුසෙව මට නොදුන්නා නම්......

මං එයා දිහා බලාගන උන්නා..මේ වෙනකොටත් මං උන්නෙ ඒ උකුල උඩ වෙනකොට පිටිපස්සෙන් මගෙ පිට කොන්දට තද වෙන ස්‍ටියරින් වීල් එක නිසාම මාව එයාගෙ ඇගට ඕනාවටත් වඩා බර වෙලා ගියා...

එයා කියවනවා...ඇදල ගත්ත ගැනිල්ල එක්ක මාව එයා ඉන්දව ගත්තෙම මගෙ කකුල් ඒ උකුල දෙපැත්තෙන් කඩාවැටෙන විදිහට උනත් හරිහමන් විදිහට ඉදගන නැතිව උන්න මගෙ දකුනු කකුල මේ වෙනකොටත් තිබුනෙ කූඹි රංචු කෝටි ගානක් එකපාර කනවා වගේ හැගීම් ගේන හිරියකින් බරවෙලා උනත් මට මගෙ කකුල හිරිවැටිලා අයියෙ කියලස් කියාගන්නවත් වචන නැති උනා....

ඒ තරමටම මාව එයාගෙ කතාවලින් ගොලු වෙලා ගිහින් තිබුනා...

එයාගෙ ඇස් හීන් වෙනවා....පහන් කනුවෙ එලියෙන් මං ඒ නිල්පාට මහමුහුදෙ පාට අරක් ගත්ත ඇස්වල සියුම්ම ලේ නාලිකා ඉලිප්පිලා තියන හැටි දකිනවා....

.එ...එහෙම...නො...වුනා නම්....ම්..මොකද...කරන්නෙ....ස්..සුදු අයියෙ....

උත්තරෙ දන්නවා....ඒත් මගෙ මේ පොඩි මොනරට ඕන මගෙ කටින්ම අහල දැනගන්නද...ම්ම්ම්...

ඔ...ඔව්......

උස්සනවා...!!!සෝලංගාඅරච්චි වැඩ්ඩෙක් වෙන්න පුලුවන් ...ඒත්....එක කැලෑවකට රජවරු දෙන්නෙක් ඉන්න බෑනෙ ම්ම්ම්....එක සින්හයයි........ඒ මේ හැන්නදිගෙ විතරයි ......!!!මං උඹව උස්සනවා...උඹවටවත් හිතාගන්න බැරිවෙයි ...මං උඹට පිස්සු හැදෙන්ඩ ආදරෙයි ආමාකර...මං තමුසෙට පිස්සෙක්ට අන්ත ආදරෙයි...එහෙනම්...චියර්ස් බේබි!!!

එයා හිනා වෙනවා...මාව උස්සනවා කියලා මුමුන මුමුන මගෙ ඇස්වලට එබෙනවා...මෙච්චරවෙලාම නහර පෑදුන ඒ හයිය අත ලියවැලක් ගස් කදක එතෙන්නා හා සමානව මගෙ ඉග වටෙ එතිලා තිබුනත් එයාගෙ වචනත්...කටහඩත් උනුහුම් වෙන වාරක් වාරයක් පාසාම ඒ අත මගෙ පිට කොන්ද හරහා හීන් සීරුවට ඉහලට පහලට යන්න ගත්තා....

තත්පරයයි දෙකයි..... මන්තමුසෙට පිස්සෙක් වගේ ආදරෙයි කියපු එයා චියර්ස් බේබි කියනගමන් ඩ්‍රයිවින් ශීට් එක අගලක් දෙකක් පස්සට කැඩුවා විතරයි මෙච්චරවෙලාම ස්ටියරින් වීල් එකට තෙරපි තෙරපු උන්න මාව ඒ පපුව උඩට වැටුනා

දෙයියනෙ මගෙ සර්වාංගෙට තිස්තුන්දාහ දහ ගුනෙන් වැඩි වෙලා කරන්ට් වදිනවා...!

මට උඹව ඉඹින්න ඕන වස්තුව...මගෙ පුංචි වස්තුව....අමාකර...මට තමුසෙව රෑ එලිවෙනකම්ම හරි ඉඹින්න ඕන.......මේ නලලෙන් පටන් අරන්......පාදාන්තෙ වෙනකම්ම....එකම එක දශමයක් වත් මගෑරෙන්න නොදී උඹව මං ඉඹලා මරන්නද සුදු චූටි ම්ම්ම්ම්??

.............

අනෙ දෙවියනෙ මගෙ යටි බඩ පෙරලනවා.....මගෙ සුදු අයියා ඉන්නෙම ආදරෙන් මත්වෙලා වෙනකොට එයාට අනුව අනවසර ඉදිකිරීම් වගේ නලල පුරාවටම විසිරිලා තිබුනකෙස් ගස් අහුරු අහුරු ඒ ඇගිලි තුඩුවලින් අහක් කරපු එයා මගෙ සර්වාංගෙම ඉඹින්න ඕනයි කියනවත් එක්කම දෙන්න ඕන මොන උත්තරේද කියලා හිතාගන්න බැරි උන මට යටි තොල හැපුනා වගේම එයා මගෙ හැගීම් කූද්දන්නද....නැත්තන් ...කොච්චර ආදරෙයි කිව්වත් තනිවෙන හැම තැනම...බරසාරෙට ආදර හැගීම් මෝදුවෙන තැන මාව ලැජ්ජාවටම ගල්ගැහෙන හින්දමද කොහෙද එයා මාවත් තුරුල් කරගනම ආයම චුට්ටක් ඉස්සරහට බරවෙල එයාටත් මටත් විතරක් ඇහෙන ගානට සින්දුවක් දැම්මා...

ඒකත් fifty shades of graynඑකෙ earned it එක.....!!සමුද්‍ර උඹගෙ රසවින්දන ලැයිස්තුවත් මටත් හොරාවට මාරු වෙලා.....

මෙච්චර කල්ම ක්ලැරන්ස් පෙරේරගෙන් තොර ලෝකයක් නැති එයා එකපාරම මෙහෙම සින්දුවක්ට මාරු වෙන්න???

අ..අයියෙ.....

හ්ම්ම්ම්.......

.....ඔ..ඔයා වෙනස්....වෙලා වගෙනෙ...ඇ...ඇයි ස්...සුදු අයියෙ ඒ.....

.................පරන මිනිහමයි....වෙනසක් නෑ.....හැබැයි ගැරඩි ඇවිත් නයෙක්ව දරමිටි බදින්න ගන්න හදන්කොට....මට පෙනේ තරම පෙන්නන්නෙ නැතුව බෑනෙ ම්ම්ම්ම්ම්.....මාමන්ඩියා ඕඅයිසි උනාට ආදරේට නීතිය අදාළ නෑ අමකර........මං කිව්වනෙ....මං උඹ වෙනුවෙන් දවසගානෙම පිස්සු වැටෙන එකෙක් කියලා.......

එ...ඒත්....

ශ්ශ්....ශ්ශ්.....ට්‍රැක් එකෙන් පිට පැන්මම් සව්දිය පුරන්න කලින් හැගීම්වල ගෑස් එක් බහිනවා....එහෙම්ව වෙනවට වඩා නරක නැද්ද උඹයි මායි ආදරෙ ක්‍රියාපදේට හුස්ම පිම්බොත් ම්ම්ම්ම්ම්ම්... ක්‍රිස්ටියන් ග්‍රේටවඩා මට චුම්බනවලින් නිල අල්ලන්න මේ හැන්නදිගෙ දන්නව අමාකර........මට උඹව උමුතුවෙන් වගෙ ඉඹින්න ඕන....මගෙනේද ම්ම්ම්....උඹ සදහටම සමුද්‍රගෙම වස්තුව නේද....ම්ම්ම්ම්ම්

ඔ...ඔව්....සු...සුදු අයියෙ....ම්...මං සදහටම...මං සදහටම උඹගෙ වස්තුව සමුද්‍ර....

ආදරෙයි මගෙ අම්බරේට.....!!උඹට මං හුගාක් ආදරෙයි........මොනර වස්තුව මගෙ....

මටත් නොදැනිම මගෙ ඇස් පියවිලා ගියා...ඇහෙන නෑහෙන ගානට යන earned it සින්දුව කෙරුවෙම මගෙ හැගීම් පනගස්සන්න මුල් ගල තියාපු එක වෙනකොට නලලෙන් පටන් ගත්ත හාදුව හීන් සීරුවට නාස් පොල්ල පහු කරන් මගෙ උඩුතොල උඩ නවතිනවා එක්කම මටත් නොදැනිනම මාවම අමතක වෙලා ගියා....

ඇත්ත....එයා හරි...ක්‍රිස්ටියන් ග්‍රේට හැර්‍ර්න්නවත් බැරි තරමට මගෙ ආදර පරානෙගෙ චුම්බන පුදුමාකාර තරම් බරක් ගත්තා......ඒ හාදුවල අවසානයක් නොදකින තරමට ඒ හාදු දිගයි.....උනුසුම්....සමුද්‍ර කියන්නෙම වස්සාන හාදු අහුරක්....ප්‍ර්‍රේම ඍතුවක්........

මං...ආ...දරෙයි....ස්..සුදු අයියෙ.....

උඩු තොල පුරාවටම හාදු අහුරක් තවරපු එයා හීන් සීරුවෙ මගෙ දෙතොලම අයිති කරගන්නකොට මන්‍ යන්තමට වචනයක් දෙකක් ගැටගහගත්තා....

ඇහෙන සින්දුව නිසාදො...හාදුවෙ බර නිසාදො.....ආදර්‍ර් තරම දරන්න බැරි නිසාදො කියන්න දන්නෙ නෑ...මගෙ සම්පූර්න සර්වාංගෙම ගිනිකබලකට අන්තව රත්වේගන එනකොට යටිබඩ ඇතුලෙ සමනල කෝශ එකාකාරෙට පිපිරි පිපිරි සමනල තටු පන ගැහුවා...සමුද්‍ර මගෙ දරාගැනීම බින්දුවෙ අගේ ගත්ත නිලයක් හාදුවකින් තෙමලා දැම්මා මදිවට තවමත් හරිහැටි රොන් නොයිරුව මලක පෙති හද එලිය යට දිගෑරන් නොයිදුල් මලකට මල්වර වෙන්න පාරපෙන්නුවා.....දරාගන්නම බැරිම තැන මං ඒ ඉහම මගෙ අත් දෙකෙම්ම තදකරන් පපුවට තෙරපගත්තා...දතකට තද උන තනපුඩුවෙන් ඉපදුන හැගීම් අහුරක් මට තරුවක් නෙවෙ....මන්දාකිනියක්ම පෙන්නුවා!!

අමාකර......

ස්..සමුද්‍ර....ම්.....මට...මට මහන්සී බන්......

මං උන්නෙ වෙව්ල වෙව්ල.......වෙන.මොනවත් කරලා නෙවෙ හාදු රහවිදලම....මං හිතන්නෙ මං ඇදන් උන්න ටී ශර්ට් එකෙ කර තනිකරම ඕෆ් ශෝල්ඩර් බ්ලවුස් එකක් වගේ ඇදිලා ගිහිල්ලා තිබුනා......කොටින්ම එයා මාව නොමර මැරුවා.....

මේ වෙනකොටත් ශීට් එකෙ දිගාවෙලා උන්න මන් සම්පූර්නම එයාගෙ බර දරාගන උන්නා...ඒ පපුව ගැහෙනවා......වායුසමීකරනෙ මැද දාහය ගලනවා...ඉනෙන් පහලට අසූහාරදහට කරන්ට් වදිනවා...පීදෙන්ඩ බලාන ඉන්න වෙරලු මල් පොහොට්ටු කාලෙම පුපුරලා යන්න හදනවා.......

මං මහන්සි කිව්වා..යට්තොල් විතරක් නෙවෙ ලාමක හිරිමල් පපුවෙ සියුම්ම තැන් පවා පුපුරු ගහන තරමට හාදු ඇවිදින් අඩත්තේට්ටම් කරලා අඩපන කරලා තියෙනකොට මෙච්චරවෙලාම සීමාවක් මායිමක් නොදන්න එකෙක් හා සමානව ආදරෙන් අන්තෙටම මත්වෙලා උන්න එයා මගෙ උරහිස් දෙපැත්තෙන් අත් දෙක තියාගන මගෙ මූනට සමාන්තරව ඉදන් අමාකර කියනවත් එක්කම එයාගෙ නලලින් කඩා වැටුන දාඩිය බින්දුවක් මගෙ නලල උඩට වැටුනා....

ප්‍රේමය සෘංගරෙට හැරෙන තැන මේ තරම් වෙහසකරයිද???

මහන්සී....ම්ම්ම්..මගෙ වස්තුවට මහන්සීද....ම්ම්ම්.....

ඔ..ඔව්.....මට...මහන්...සි....ස්..සුදු අයියෙ....

එයා කටකොනින් හිනා උනා..හරියටම පටන් ගන්නෙ වත් නැතුවම උඹ මහන්සී කියන්නා වගෙ........අවසානෙදි එයා ආපහු මගෙ මූනට පහත් වෙලා යටි තොලට ඇබිත්තන් හාදුවක් තිබ්බා...

බලෙන් මල්වරවෙන එකයි......කාලෙට අනුව මල්වරවෙන එකයි වෙනයි කියන්න තේරෙනවද...හාදුවත් බරක් නම්.....???උඹට මාව දරන්න බැරිවෙයි මග මැරෙයි අමාකර!මට උඹව ඉකිගස්සලවම අඩවන්න තරන් උඹගෙන් මත්වෙන්න ඕන...මං කිව්වනෙ ....මේ සමුද්‍රට අමාකර කියන්නෙම තනියම සව්දිය පුරන්න පුලුවන් අධිමාත්‍රීක රෝමාන්තික හැගීමක්...!!!

*

*

*

ම්...ම්හුක්....

මං උන්නෙ එයාගෙ ඇග උඩ...මීට කලින් ගෙවුන හැම තත්පරේකදිම මං උන්නෙ එයාගෙ බර දරාගන වෙනකොට මහන්සි කියපු මාව ඊලග මොහොතෙම එයා ආපිට එයාගෙ ඇග උඩට ගත්තෙ පුලුන් කැටියක් හා සමානව වෙනකොට රෝමාන්තීක නාලිකා වලට සෘංගාරාධන පනිවිඩ යවාපු earned it සින්දුව අහවර වෙලා මේ වෙනකොට තව සින්දු දහයක් විතර ප්ලේවෙලා තිබුනා.......

එයා මාව හුරතල් කරනවා.....සැරින් සැරේම ඉහ මුදුනට ඇබිත්තන් හාදු තියනවා...පසනගෙ නින්ද නොකැඩෙන්න දාපු ප්ලෙයර් එකෙන් under the influence යනගමන් තියනකොට මං අහගන හීන් සීරුවට මාව පිරිමදින සමුද්‍ර ඉද හිටකට සින්දුවෙ පදයක් දෙකක් මුමුනවා....."you don't know what did, did to me...your body lightweight speaks to me"

මොකද ම්ම්ම්ම්ම්...කෙදිරි ගාන්නෙ....වස්තුවට මොනවද ඕන වෙලා ඉන්නෙ.....

ම්ම්ම්හුක්....

ඇයි ඉතින් ම්ම්ම්ම්

සීදේවියට මාන්සීනෙ....පප්පෙ....

ඇත්තට.....සීදේවියට මොනව කරලද මහන්සී ම්ම්ම්ම්ම්ම්????සීදේවියට මොනවා කරලද මහන්සී.....

මොනා කරලද.....අහන අපූරුව...නොතරු පැටියට වන්චර කම්කරල කරලා අහන අපූරුව...යෝහ්....මගෙ චුම්චු දෙක රිදෙනවා යකො...

මෙච්චර වෙලාම එයාගෙ පපුව උඩ නිවිහැනහිල්ලෙ උන්න මට ආයම අර බෝක්කු කටාව වැහුනා...අඩමානෙට කෙලින් උන මං එයා දිහා රවාගන බලන් ඉදලා ඉදලා ආපිට හොදට අරිබරි ගැහෙනවා එක්කම මං බලාගන එයාට යටිතොල හැපෙනවා...ඊට සමාන්තරම මටත් දැනුනා මගෙ තට්ටම් වලට ඝනකම් දෙයක් තදවෙනවා...අමාකර පුතාගෙ වන්චර ආත්මෙත් ඒ අස්සෙන් නැගිටන් එනවා..හෙහ්..හෙහ්..හේ....වාලම්පුරිය නැගිටල නේත.....

ඇත්තට රිදෙනවද ...එතකොට අර කතාව කිව්වෙ බොරුවටද.....ම්ම්ම්..

ක්..කොර කතාවත පප්ප තාත්තෙ ඔවූ...කොරකතාවද....

කොයි වෙලෙත් සීදේවී සීදේවි ගාන්නෙ කිරි භ්භ්භ්...භ්භ්...

හප්..චුප්....යෝහ්....කියපුවා ආය කියන්ඩ එපා අපෙ මහත්තයා.......සීදේවියට ලැජ්ජා හිතෙනවනෙ අනේ..........පඩස්සන් එක නෑ කොම්පැනිය විතරනෙ පප්පෙ...ඔවූ...

ම්න්.....අවුලක් නෑ ප්‍රඩක්ශන් එකට වඩා කම්පැනියට ආදරෙ කරන මනුස්සයෙක් මම....

එව්...එව්....ඊව්ව්...වලා..උඹ කුක්කු පෙරේතයෙක්ද පප්පෙ...අතගනිම්...කෝ..ම්හු...ක්....ආය අල්ලනවා...එපා යකො ලොකු වෙයි........උඹ පෙරේතයෙක් ද.......

ම්න්..වයිෆි පොජ්ජගෙ!

මං අහක බලාගත්තා....ඊව් අනෙ.... ඔක්කොටම වඩා කම්පැනියට ආදරෙයි කියපු එයා ආයම මගෙ ටී ශර්ට් එක යටින් අත දානවා එක්කම ඒ අතට ගහපු මං මගෙ කටත් මොනර පුකක් වගේ උල්කරගන තත්පර ගානක් එලිය දිහාව බලාගන ඉදලා ලොකු හුස්මක් පිටදාන ගමන් එයා දිහා බැලුවා.......iniko ගෙ jericho සින්දුව යනවා..මාව අවුස්සපු එයා ඉහට යටින් අත්දෙක තියාගන ඇස් දෙක පියාගන සින්දුව රහ විදිනව...තවමත් පහන් කනුව යට නැවතිලා උන්න මං සින්දුවෙ සද්දෙ තවත් ටිකක් අඩු කරලා එයාගෙ ඔලුව යන්තමට වගෙ අත ගෑවා...

සමුද්‍ර....

ම්න්...

මට චුට්ටක් කතා කරන්න ඕන...

අහන් ඉන්නෙ......

ඔහොම නෙවෙ..කතා කරන්න ඕනා කියන්නෙ ඔහොම ඉන්නකොට නෙවෙ....මනුස්සයෙක් කතා කරනකොට ඒ මනුස්සයගෙ වචන වලට අවදානෙ දෙන්න පුරුදුවෙන්න.....

............ම්න්..හොදයි...මගෙ පොඩි මොනර මායියා....මොකක්ද....

එයා නැගිට්ටා...මෙච්චර වෙලාම ඉහට යටින් අත් දෙකතියාගන ඇස් පියාගන උන්න එයා අනිත්පාර ඇස් දෙක ඇරලා නැගිටලා ඉදගත්තා..ඇලකරලා තිබුන ශීට් එකත් හදාගත්තා..මාව ආයම ස්ටියර්න් වීල් එකට තෙරපුනා....

කිව්වට තරහා ගන්න එපා.....

ම්න්.....

උඹ වෙනස් වෙලා අයියෙ........

.......?

කතාව....හැසිරීම...කොටින්ම උඹගෙ රසවින්දනෙ පවා.....මං වැරද්දක් කියනවා නෙවෙ අයියෙ.......මං කියන්නෙ මට දැනෙන දේ සමුද්‍ර........කතා කරන විදිහ...නිතර දෙවේලෙ අහන සින්දු වෙනුවට...මං...මං.....

Self education කියන ජාතිය දන්නවද.....?ඒ වගේම self respect කියන එක...එතකොට colitis කියන එක...ම්ම්?අමාකර මං කව්ද ම්ම්ම්ම්....අරක්කු කාරයෙක් දවසගානෙම ඇවිදින් නූගතා නූගතා කිය කිය පිලිහිඩ්ඩා කිය කිය මාව ලැජ්ජා කරනකොට උඹට කරන්න පුලුවන් එකම දේ හිත රිදවන් මේ ඇස්වල කදුලු පුරවගන විතරයි.......මට නූගතා කියනකොට උඹට රිදෙනවා..මොකටද ම්ම්ම්...මං අහන්නෙ මොකටද ඌ කව්ද මන්කව්ද....මිනිස්සු කියන ජාතිය මැරෙනකම්ම ඉගනගන්න මිනිස්සු.....ගහන්ඩ ගහන්ඩ වදින්ඩ මං මෝඩයෙක් නෙවෙ අමාකර......උඹ මට ආදරෙ කරන්න ගත්තෙ ඕනම සුනාමියකට මූන දෙන්න හයියක් තියන හන්දනෙ...

ඌ උඹව මගෙන් උදුරගන්න හදන්නෙ මගෙවීක් පොයින්ට් පෙන්නල නම්....මට සිද්ද වෙනවා ඌට මට අපහස කර කර උඹව අඩවන්න තියන වීක්පොටියින්ට් නැතිකරගන්න...ඌ වගෙමන් අතින් පයින් ගහගන තරහා පිරිමහන් නෑ අමාකර....මේ හැන්නදිගේගෙ ක්‍රමේ වෙනස්........

මට බය හිතුනා අයියෙ....වෙනද වගෙ නැතිව යනකොට මට බයහිතුනා...

උඹට තව දුරටත් මං හින්දා අඩන්න දෙයක්නෑ අමාකර....උඹ අඩන එක මට බලන්ඩ බෑ........ආදරෙයි

මං මොකුත්ම නොකියා යන්තමට ඔලුව වනනවා එක්කම එයා මගෙ කම්මුලට හාදුවක් තියනවා එක්කම මන් අනිත් ශීට් එකට මාරු උනා....

පප්පෙ.......මේ..අනෙ....

හ්ම්..හ්ම්........

ඒ උනාට පුතුකියට කොත්තුවක්...අරන් දෙනවා නේත.......

..............nah..nah....එතකොට අර ලුනුයි බතුයි මමද කන්නෙ වචන නම්...වචන.....

උඹ මහ කුනෙක් යකො....මේ මගුල හරියන් නෑ...සමුද්‍ර lets get divorced !

.............???

ඩොල්පින් කොත්තුවක් අරන් දියකො යකො...ලුනුයි බතුයි කන්ඩ දෙන්න යන්නෙ.....ඒ මදිවට අර පසනවත් අරන් ඇවිත්...පවුල් පන්සල් වෙන්න පැනලා යනකොට මොකාද ළමයි අරන් එන්නෙ ඇයි යකො...

.............මං ළමයි අනාත කරන තාත්තෙක් නෙවෙ කිව්වනෙ....

දැන් ඔය ලමයට ඉස්කෝලෙ පාඩු වෙනවනෙ....මරු තාත්තා...ළමයි අනාත කරන්නෙ නෑ කිව්වට ලමයගෙ අද්‍යාපනෙ කඩාකප්පල් කරන්ඩ නෙ ළමයව අරන් ආවෙ....

.........නෑ..කාගෙවත් අද්‍යාපනෙ කඩාකප්පල් වෙන්නෙනෑ...

ඇත්තටම මොන එහෙකටද පසනව ගෙනාවෙ ඒයි???

හිගා කන්න...

මො..මොකක්...හි...හිගා කන්ඩ...???ය්..යකො ලුනුයි බතුයි කනවා මදිවට හිගා කන්ඩ.....උ...උඹගෙ ඔලුව කොහෙ හරි වැදුනද කියපන්කො එක්කො....???

මං හිතන්නෙ.මගෙ කට ඔහෙක් වෙලා මෙහෙක් වෙල ගියා.....පසනව ගෙනාවෙ ඇයි අහනකොට හිගා කන්න කිව්වා විතරයි මගෙ මොනරපෙද වලට ඇසිඩ් ගැහුවා වගේ උනා.....ඒ අස්සෙන් හැන්දා මං යවපු සින්දු මටම අහෙන්ඩ කියන්න ගත්තා විතරයි ඩ්‍රයිව් කරනව නොබලා මං ඒකව කන්ඩ හැදුවා.....හිටපන් මං උඹව අද ගෑරුප්පුවක් කරනවා...

හිගා කකා කොළපතක් අරන්....

ලුනුයිබතුයි ...කමුකො රත්තරන්....!!ළමයෙක් වඩාගන හිගාකනකොට සල්ලි හම්බෙනවා....කොහොමද හොද පසනව වඩාගන කලර් ලයිට් එක ගාව හිටගන ඉමුද..නැත්තන් බස් වලට ගොඩවෙමුද....වයිෆි පොජ්ජගෙ කැමැත්ත.....එ..ඒහ්....ආ..ආහ්.....ගහන්නෙ...ඇයි යකො.....ස්..සී...දේ...වි...

*

*

*

මොකද...දැන්....

මොකුත් නෑ...මොකුත් නෑ කිව්වනෙ........යනවා යනවා ඉවරයක් නෑ...ඇයි යකො.....උඹ මාව අරන් කොහෙද යන්නෙ කියපන්කො...

ඇයි දැන් කිව්වනෙ මහ එකාට හොයන්ඩ බැරි තැනකට අරන් යන්න කියලා.....නහයෙන් අඩනවා.....කියන කියන ඔක්කොමත් කරනව නන් ආය මොනවද....

ඇයි යකො කටවචනෙටනෙ මං ලුනුයි බතු....ටම...හැමනි....ල....ප....අ..අනෙ...ප්

..ප.....පෙ...........

.....සුදු චූටි පොලිසියෙන්

මේ පාන්දර ට්‍රැෆිකලා මොක්කු අල්ලනවද ???මේ යක්කු මාව දන්නවා නම්.....මට කොත්තු නෙවෙ...හොද සබ්බු හම්බෙයි සමුද්‍ර....අනෙ අයියෙ.......

මං හිතන්නෙ මට කොත්තු කෑමෙ ආසාව නැතිව ගියා........මෙච්චරවෙලාම ලුනුයි බතුයි වලට එයා එක්ක මරාගත්ත මට කැබ් එකෙ ලයිට් එලියෙන් ඈත උන්න පොලිසියෙ දෙන්නව දැක්කා විතරයි කොත්තු එපා උනා...

ශුවර්ද ට්‍රැෆික් කියලා.......??

ඔව්...අර පටිය තියෙන්නෙ...

මෙවෙලෙ මොක්කුද සීදේවි මාර්ග නීති උල්ලන්ගනෙ කරන්නෙ.....සිවිල් පිටත් ඉන්නවා....අනිවාර්‍යෙම්ම වෙන මොකක් හරි......

එයා මුමුනවා......එයා කිව්වා වගේම ඇත්තටම මොන යක්කුද මෙවෙල මාර්ග නීති කඩන්නෙ........සිවිල් පිටත් ඉන්නවා...එක්කො ඩ්‍රග්ස් අල්ලනවද.....බැරිවෙලාවත් කොහෙන් හරි මෙතනට අප්පච්චි මතු උනොත්.....??..මේ වෙනකොටත් අප්පච්චි දන්නවා මං ගෙදර නෑ කියලා...අප්පච්චි මේ වෙනකොටත් මගෙ ඵොටො එකක් වත් ඉස්ටේශන් එකෙ ඉන්න අයට පෙන්නලා මාව හොයන්න කියල තිබ්බොත්....

දහසක් දේවල් කල්පනා කරපු මන් මගෙ ඵෝන් එක අරන් බැලුවා.......කිසිම දෙයක් නෑ...අඩුම ගානෙ අම්මගෙන් වත් අප්පච්චිගෙන් වත් මිස්කෝල් එකක් මැසේජ් එකක් වත් නෑ....මං අප්පච්චිගෙ හැටි හොදාකාරවම දන්නවා......මං අප්පච්චිගෙ හැසිරීමත් හොදාකාරවම දන්නවා...

මට කෙලත් හිරවෙලා ගියා....දම්පාට පොකුරු මල් පිපෙන කිරි වරා ගස් අස්සෙන් මතුවෙන සිවිල් පොලිස් මහත්තුරු දැකලා මට කරකියා ගන්න දෙයක් නැති උනා..අනෙබයටම මං සමුද්‍රගෙ අත මිරිකගත්තා.......මේ වෙනකොටත් වාහනයක් දෙකක් නවත්තන් උන්න පොලිස්කාරයො ඒවහන අස්සට එබි එබි මොනවා හරි හොයනවා...ඩ්‍රයිවින් ශීට් එකෙ ඉන්න එකා

එදා මිනාල්ගෙ අතෙ තිබුන ප්ලාස්ටරෙත් එක්ක අප්පච්චි හතරවටම උදලු ගාන්න අරගන.....මිනාලයා මට පිස්සු වැටිලා උන්නට මං දන්නවා මහ රඹුක්වැල්ලයට අප්පච්චිව එල්ලන්ඩ පුලුවන් නම් ඒකත් කරලා..........

සීදේවි....මොකද කියන්නෙ රයිඩ් කරන්න ආසද ම්ම්ම්ම්...

සමු ..ද්‍ර....

මං අහන්නෙ රයිඩ් කරන්න ආසද කියලා......පැනලනෙ යන්නෙ....ඇහුවොත් උත්තර තියනවද ම්ම්ම්.....ශටර් එක ඇරිය ගමන් ඕඅයිසිගෙ පුතා කියලා දැක්කම කොහොමද ම්ම්ම්ම්......ඕනම තැනකට සෙට් වෙන්ඩඇනයක් තියෙන්ඩම ඕනනෙ .......

සමුද්‍රගෙ ඇගිලි පහම ස්ටියරින් වීල් එක උඩ තාලෙකට උඩපහත් වෙනවා.....මං සියවතාවක් ඵෝන් එක බල බල අම්මා අප්පච්චිගෙන් උඹ කොහෙද අහල වත්..මැසේජ් එකක් එයිද බැලුවත් මගෙ ඵෝන් එක මේ වෙනකොටත් අමු සොහොනක් ගානට පාළුවට ගිහින් තියනකොට මං බලාගන අපෙ වාහනෙ දිහාවට පොලිස්කාරයෙක් එනවා එක්කම අපිව පහු කරන් රේන්ජ් රෝවර් එකක් ඉස්සරහට ගියා...පහු උන වාහනෙ දැකපු සමුද්‍රගෙ ඇස් දෙක තවත් හීන් වෙලා ගියා....

BCH**** RANGE ROVER ....මිස්ටර් රඹුක්වැල්ල ප්‍රේමවන්තයගෙ මහ තැන......අමාකර තව කල්පනා කරනවද....නැත්තන් අපි ආපහු හැරිලා යමුද....ම්ම්.....ඕන එකක්...

න්...නෑ...ම..මං එනවා...මං.....ගෙදර ගියෝතින් මාව මරයි...අප්පච්චි මට....ස්...සමු...ද්‍ර

අපරාදෙනෙ බබා වචන ම්ම්ම්......!මෙතනින් පස්සෙ මගෙ වස්තුවට තියෙන්නෙ ලර්නස් එකට ආව එකෙක් වගේ ඔය යන විදිහට යන්න....

මාව දෙවනි වතාවටත් ඇදිලා ගියා...ඇදිලා ගියා කියන්නෙ කොටින්ම එයා එක තත්පරයක් ඇතුලත එයාගෙයි මගෙයි ශීට් එක මාරු කරගත්තා...දැන් මං ඩ්‍රයිවින් ශීටෙකේ වගෙම එයා අනිත් ශීට් එකෙ වෙද්දි හිතෙ බය වැඩි කමටමද කොහෙද ඇස්ලේටරෙ වැඩියෙනුත් පෑගුන මගෙ අතින් කැබ් එක අගලකට ගියා වගේම අර පොලිස් කාරයො බලාගන ඉන්නකොටම කැබ් එක තාප්පෙක වැදුනා....ඒකත් මහ සද්දෙටම...දෙයියනෙ මූන අටපට්ටමක් වෙලා යන්න ඇති.......

අ....අයියෙ...........අනෙ වැදුනා...අනෙ...සමු...ද්‍ර.......

මට ගොත ගැහුනා...එකපැත්තකින් රඹුක්වැල්ලගෙ රේන්ජ් රෝවර් එඑ ස්පීඩ් එක අඩුවෙලා ඉස්සරහට ඇදෙනකොට මං බලාගන තාප්පෙ වැදුන අපෙ කැබ් එක දිහාවට සිවිල් පිටින් උන්න එක්කෙනෙක් එක්ක යුනිෆෝම් එකෙන් ඉන්න එක්කෙනෙක් එනවා...පැනලා ආවට මොකද මගදිම වැඩේ වැරදීගන එන මාව ගැහෙනවා...ඒත් සමුද්‍රට නෙවෙ ගානක් තිබ්බෙ...සමුද්‍ර කරපු එකම දෙ නම් රඹුක්වැල්ලගෙ වාහනෙ දිහාව බලාගනම මගෙ වචනවලට උත්තර බැදපු එක....

ඒක හරි.....වැදුනා ඩැමේජ් එකත් එක්තරා උත්තරයක් සුදු චූටී....තේරුනාද....ඒක හිතන්න එපා.....ඒක හිතන්න එපා.....

මහත්තයා.....කොහෙද මේ....ශටර් එක ඇරියා නම්.....

අතේ තිබුන බැටන් පොල්ලෙන් යන්තමට වගේ ශටර් එකට තට්ටුවක් දාපු යුනිෆෝම් පිටින් උන්න පොලිස් මහත්තයා ශටර් එක අරින්න කියනවත් එක්කම ඩ්‍රයිව්න් ශීට් එකෙ වෙව්ල වෙව්ල උන්න මං ශටර් එක ඇරියා...මෙච්චර වෙලාම නොතිබුන සිගරට් සැරක් කැබ් එකෙ ශටර් වලින් එලියට කාන්දු වෙන්න ගත්තා...

ලයිශන් එක...?

ස්...සර්....ල්..ලයිශන් එක....

මොකො ලයිශන් නැද්ද.....කොහෙද මේ???අවේලාවෙ...

සිවිල් පිට උන්න කෙනා කැබ් එක වටේ කැරකෙනවා...සමුද්‍රගෙ පැත්තෙන් ඇතුළට බෙල්ල දාලා එබිකම් කරලා වහල තිබුන කොටස දිහාවට තට්ටුවක් දැම්මා....ඒ අස්සෙන් යුනිෆෝම් පිටින් ඉන්න එකා මගෙන් ලයිශන් ඉල්ලනවා.....ලයිශන් ..ලයිශන් කොහෙන්ද දෙයියනෙ මට...පැනලා යන වරද මදිවට මට අද වෙන්නෙම ලයිශන් නැතිව වාහන පැදපු වරදට උසාවි ගානෙ නගින්න වෙන්න වෙද්දි අන්තෙටම බය වෙලා උන්න මන් එහෙම්ම සමුද්‍ර දිහා බැලුවා...

එයාට ගානක් නෑ........එයා අර සිවිල් පිටින් ඉන්න කෙනා මුලු කැබ් එක ඇතුලටම එබුනත් ගානක් නෑ වගේ ගනන් වත් ගන්නෙ නැතුව පාඩුවෙ සිගරට් එක උරවන්න ගත්තා

පස්සෙ මොනවද මස්සිනා...??

මගෙ කොල්ලා ....

කොල්ලා...කොල්ලද...නැත්තන්....?

දුම්බීම පිලිකා ඇතිකරයි කියලා කියනව මහත්තයා......සිගරට් ගහන මට පිලිකාවක් ආවොත් සාදාරනයි ...ඒත් මොකුත් නොදැන නින්ද ගිය ඌට ආවොත් අසාදාරනයි.....ඒකයි වැහුවෙ බලන්ඩ ඕනම නම්...අරින්නම්.....

ලයිශන් එක...ලයිශන් එක....ලයිශන් එක ගමු බලන්ඩ....ශිට් බෙල්ට් එකත් නෑ........ඩ්‍රයිවර්ටත් නෑ අනිකටත් නෑ..හ්ම්හ්ම්....ලයිශන් එක ගමු බලන්ඩ....

අ...අංකල්...ම්..මං සෝලංගාඅරච්චි ගෙ...පුතා...

..................රන්දෙනිය.....ඕඅයිසිගෙ පුතාලු....ලයිශන් එක ඉල්ලුවම සෝලංගාඅරච්චි ගෙ පුතා කියන එකද උත්තරෙ....බහිනවා බහිනවා....බැහැලා එනවා......සෝලංගාඅරච්චි ස්ටේශන් එකට ආව පලවෙනි දවසම කිව්වෙ මිනිහට උනත් නීතිය නීතියමයි කියලා....හ්ම් හ්ම් .එලියට බහිමු....ශීට් බෙල්ට් මොන මගුලවත් නෑ...ඒ මදිවට තාප්පෙටත් කෙලලා ඕ අයිසීගෙ පුතාලු.....

සමුද්‍ර.....!!!

මට දත්මිටි කැවුනා....ශීට් බෙල්ටුත් නැතුව උන්න මට මගෙ අප්පච්චි සෝලංගාඅරච්චි කිව්ව විතරයි ඊටත් එහා බැනුමකට යට වෙන්න සිද්ද වෙනවා එක්කම සිවිල් උන්න එකා පස්ස දොරත් ඇරලා හතරවටම බලල බලලා නිදාගන උන්න පසනවත් කූරු ගාලා කූරු ගාලා එලියට ආවා වගේම මෙච්චර දෙයක් වෙලා තියනකොටත් මොකුත්ම නොවුන එකා වගේ ඉන්න සමුද්‍රව දැකපු මට තරහා ගියා වගේම සිගරට් දුමෙන් වාහනෙ ගදගහන එක නවත්තන්න සිගරට් එක අල්ලන් උන්න අත එලියට දාගන උන්න සමුද්‍රට මන් කෑ ගැහුවා...ඒ එක්කම එයා මගෙ දිහා බලලා එයාගෙ වොලට් එක මගෙ දිහාවට දික් කෙරුවා....

ලයිශන් එක ඕක ඇතුලෙ...

සර්, පොඩි එකා තවම ඉස්කෝලෙ යනවා......වාහනයක් ගන්ඩ පදින්ඩ ආසාව තිබ්බට ලර්සන් එකකට වත් යන්ඩ කොල්ලට වෙලාව නෑ....රෑ වෙනකොට බෝට්ටු මූදට දාන යාමෙ ලන්වෙනකම්ම මේ ඒරියා එකම පාළුවට යනවා.....එල් බෝර්ඩ් එක ගහන්ඩ නම් බැරි උනා.....මිනිහට මං ඩ්‍රයිව් කරන්ඩ උගන්නනවා....පේනවනෙ කෙලලා ඇරියා තාප්පෙට...

හැන්නදිගෙ සෝලංගාඅරච්චි ගෙ පුතාට ලෙක්චර්ස් දෙනවා කියලද මේ කියන්නෙ...

ම්ම්ම්ම්...වෙන කොහොම දෙයක්ද සර්ට පේන්නෙ..මං හිතන්න මං තවම කොල්ලට හරියට උගන්නලා නෑ...ඇස්ලේටර් එකට කෙලලා මිනිහා තාප්පෙට ඇරියා....සර්ම දැක්කනෙ....

ම්න් හිතන්නෙ මේ පාර ඕ අයිසි මහත්තයගෙ පඩියෙන් බාගයක් වත් මට ඉල්ලගන්ඩ වෙයි එහෙම නේද සෝලංගාඅරච්චි ජුනියර්.....

මං උන්නෙ තවම ඩ්‍රයිවින් ශීට් එකෙ...එලියට බහින්න කිව්වත් සමුද්‍රගෙ උත්තරෙ එක්ක මට සැර දම දම යුනිෆෝම් එකෙන් උන්න කෙනාගෙ බැල්මෙත් සැර බාල වේගන ආවා වගේම මං බලාගන රඹුක්වැල්ලගෙ වාහනෙ සිගන්ල් ලයිට් එකම දිගට නිවි නිවි පත්තු වෙනගමන් තිබුනා......

ඒත් ශීට් බෙල්ට් නෑනෙ හැන්න්දිගෙ....ඕඅයිසි මහත්තයා නම් කිව්වෙ කාටත් නීතිය පොදුය් කියලා....

දැන් ඔය කියන නීතිය මිස්ටර් රඹුක්වැල්ලටත් තදටම ක්‍රියාත්මක වෙනවද මිස්ටර් රන්දෙනිය ම්ම්ම්ම්.......පොඩි එකා බය උනා...වෙච්ච දෙ මං සරලව කිව්වා...වැරද්දක් අපෙ අතෙත් තියනවා...ඒක මං දන්නව.....මට දැනගන්න පුලුවන්ද නේ නිතියම අර රඹුක්වැල්ලටත් ක්‍රියාත්මක වෙනවද කියලා.....මොකද මිනිහත් අපිව පාස් කෙරුවෙ ශීට් බෙල්ට් නැතුව....එක අතකින් ඵෝන් එක කනෙ තියාගන........

සමුද්‍ර යන්තමට හිනා වෙනවා.....ඒ මදිවට රඹුක්වැල්ලටත් එ නීතියම ක්‍රියාත්මක වෙනවද අහන ගමන් තවමත් හුස්මක් කටක් නොගෙන සින්දු කියන කැසට් එකෙ සද්දෙ තවත් එක කට්ටකින් වොලියුම් එක වැඩි කෙරුවා ඒ එක්කම එයාගෙ ලයිශන් එක දිහා බලාගන උන්න නිල ඇදුම ඇදන් උන්න පොලිස් මහත්තයා මගෙ අතට එයාගෙ ලයිශන් කාර්ඩ් එක දෙනගමං ඇතුලට එබිලා ඒ අත්වලින්ම ශීට් බෙල්ට් එක දැම්මා ...මං බයවෙලා උන්න මං ඔලුව පාත් කරගත්තා ...ඒත් ඇස් කොන්වලින් සමුද්‍ර දිහා බලන්න ගියපු මං දැක්කා සිවිල් පිටින් උන්න රන්දෙනිගල අතෙ බැදන් උන්න වොච් එකට යන්තන් තට්ටුවක් දාන ගමන් මගෙ ගාව උන්න කෙනාට ඇස්වලින් අත් ඔරලෝසුව පෙන්නුවා වගේම යන්තමට ඔලුව වනවන අපි දෙන්නව යවන්න කිව්වා......

අදට විතරක් සමාව තියනවා..හරි නම් මේවා දඩගහන්න ඕන කාරනා.....හැන්නදිගෙ ඕඅයිසි මහත්තයව ලගින්ම ආශ්‍රෙ කරන හන්දයි .....සර්ගෙ පුතා හන්දයි නම් නෙවෙ යවන්නෙ...නීතිය නම්...නීතිය...නැත්තන් දඩයක් අනිවාර්‍යයි...කමක් නැ.....අදට යන්න දෙන්නම්.....හ්ම් හ්ම්.....

නිල ඇදුමෙන් උන්න කෙනා දෙපාරක් විතර දොරට තට්ටු කරලා හ්ම්හ්ම් ගාන ගමන් අනිකටත් යන් කියලා ඔලුවෙන් කතා කරන් යන්න ගියා......මං උන්නෙ තවමත් ගල් ගැහීගන වගේ වෙනකොට සමුද්‍ර විතරක් වෙනකල්පනාවක ගිලීගන උන්නා වගේම ස්ටියර්න් වීල් එක අත් දෙකෙම්ම මිරිකන් උන්න මං එයාගෙන් උත්තරයක් එනකන් බලාගන උන්නා...

මං කිව්වනෙ සීදේවි....ඕනම ඩැමේජ් එකක් අස්සෙ උත්තරයක් තියනවා.......රිවස් එකට අරන් පාරට ගන්න....

ම්...මම.....

ම්න්...මං උත්තර බැන්දෙ ඩුප්ලිකේට් ලර්නර්ස් කාරයෙක් විදිහටනෙ....මේ වෙනකොටත් ඕඅයිසි මාත්තයා දන්නවනෙ උඹයි මායි මිසින් කියන්න.......උඹට වත් මටවත් මැසේජ් කෝල් නාවට උඹ හිතනවද ස්ටේශන් එකට මැසේජ් එක ගිහින් නැහැයි කියලා.....ම්ම්ම්....දැක්කනෙ උඹවත් මමවත් පැනලා යන්නෙ නෑ...රයිඩ් කරන්න ඉගන ගන්නවා...

අම්මගෙ රෙද්ද...කරන පකක් කියලා කරපන් සමුද්‍ර...තව ටිකෙන් මගෙ පපුව ගහල යනවා.....තනියෙන් හිතලා උත්තර බදින්ඩ උඹ තනියෙන් පැනලා ආවෙ නෑනෙ.....කරනමගුලක් මටත් කියපන්.....නැත්තන් මට වෙන්නෙ ගොතගහලා මැරෙන්ඩ....

තරහත් යනවා නේද හුරතලේට....බබා දන්නවද,මං ආසයි තමුසෙ මගෙ නම ඔය විදිහට තදින් කියනව අහන්ඩ....

උඹත් එක්ක මාත් පැනල ආවනෙ.....

දැන් ඇවිත් ඉවරනෙ.....ආපහු හැරිලි බෑ.....මගෙ ටීචින් හොදයි කියන එක මුන්ට එකපාරක් ඔප්පු කරපන්....

මට යකා ආවෙස උනා...එක තත්පරේකට කලින් ලේ වතුර කරන් උන්න මං අනිත්පාර අර හුරතල් සීදේවියව උස්සලා මූදට වීසි කරලා යකාට ඇදගන සමුද්‍රටත් බැන්නා....කොටින්ම මගෙ කටහඩ ඇතුලෙ ඇල්පෙනිති තුඩක තරම් වත් හුරතලයක් ගෑවිලා නැති වෙද්දි සමුද්‍ර කෙරුවෙ මාව තව තව අවුස්සපු එක වෙනකොට ඊලග තත්පරේදි හැන්නදිගේටත් හාර්ට් ඇටෑක් හදවගන මං තාප්පෙට ඇනපු කැබ් එක රිවර්ස් එකක් ගහලා ආපිට පාරට ගත්තා...

......හැන්ඩසම්....මං කියන්නෙ තනි අතින් ඩ්‍රයිව් කරනකොට මගෙ නුවර ලබ්බෙ පොඩි අමුතු ගතියක් තියනවා........මොකද කියන්නෙ....වෙන්ඩ ආසාවෙන් ඉන්න මාමන්ඩියා එක්ක වචනයක් කතා කරන් යන්ද ....ම්ම්

වෙච්ච මගුල් මදිවටද.....අනික ඔය මාමන්ඩිය කියන එක නවත්තපන් සමුද්‍ර...උඹට මාමන්ඩියෙක්ට ඉන්නෙ මගෙ අප්පච්චි විතරනෙ අයියෙ ....ඒ...ඒ....අන්න අර යකා මොකක් හරි මගුලක් කරලා පගාව දෙනවද කොහෙද අරකා මොනාද සාක්කුවට ඔබාගත්තා....කිව්වත් වගේ මුන්ගෙ නීති අපිට විතරයි වගේ.....

මං කිව්වනෙ සුදු චූටි....මෙවෙලෙ මොන මාර්ග නීති උල්ලංඝන ද කියලා නේ...මිනිහා ඔය යන්නෙ බාපු බඩුවල කොලිටි බලන්ඩ.....

ඔ...ඔයා කියන්නෙ....ඩ්‍රග්....ස්??

...ම්න්.......

එ...එතකොට.....එතකොට.....මෙතන ඉන්න උන් ඔක්කොම දන්නවනෙ..මුන්මනෙ අපෙ අප්පච්චි එක්ක තැබෑරුම් වලට පනින්නෙ......

සුදු අයියෙ මුන්...මුන් එතකොට....මුන් එතකොට මගෙ අප්පච්චි ගාව ඉන්නෙ අප්පච්චිගෙ වචන වලට සීයට දහ දාහක් පක්ශ වෙන විදිහටනෙ...

එයා හිනා වෙනවා....යන එක යන්නෙ නැතුව එයා එක්ක එතනත් මරාගත්තට මොකද අපෙ ඇස් ඉස්සරහම රඹුක්වැල්ලගෙ කැබ් එක ගාව උන්න එකා මොනවාහරි දෙයක් සාක්කුවට ඔබාගත්තා වගේම මං සමුද්‍ර එක්ක රන්ඩු කරන එක නවත්තලා රඹුක්වැල්ලයගෙන් පගාව ගත්ත එකාලට දෙහි කපන්න ගත්තා..ඒ එක්කම සමුද්‍ර මගෙ ඔලුව අතගෑවා...අතගලා ටොක්කක් ඇන්නා...

උ ....ඌව්හ්....ඌව්හ් යකො අනින්නෙ....අනෙ ආව්හ්....යස්සයො...

ඕක ක්‍රියාපදයක්......එතකොට හිතාගනින් ඔවුන් උඹගෙ අප්පච්චිට කරන්නෙත් ඒ ටිකමයි කියලා....සුදු පුතා.....ඇමතියලා පොලිසලා එක මේසෙ ඉදන් ජරාව ගසන එකාලා....මිනිහා මෙතනින් පගාව දීලා මාරුවෙනකොට මෙතන එවුන් ඊලග සෙට් එකට මැසේජ් එක දෙනවා අහවලා එනවා ගානක් අරන් යවපන් කියලා.....ඔන්න ඕකයි වෙන්නෙ......ඕඅයිසි පුතෙක් නේ.....ඔව්වා දැනගනින්...හරි.....

.......ඉතින් යකො ඔලුව අතගාලා ටොක්ක අනින්නෙ...හොදින් කියා දියන්කො....ආව වෙලෙ ඉදන් උඹ මාව රිදෝනවා......මං කිව්වනෙ බන්...මේක හරියන් නෑ....අපි ඩිවෝර්ස් වෙමු......

මං පවුල් කඩාගන්න එකෙක් නෙවෙ....ලුනුයි බතුයි කමු කියලනෙ ආවෙ...

ඔන්න පටන් ගත්තා....ඔන්න ආයම පටන් ගත්තා....මාත් ආවනෙ බන්....මාත් උඹවම ඕනා කියන් ආවනෙ.....අර බ්ලෙන්ඩර් එකක් තියන එකෙ එක්කො සම්බෝලයක් වත් හදාගමුකො පප්පෙ.......උබට ඒකත් බැරි නම් කියපන්....ඇයි මගුල .....

...........දවල්ට සම්බෝලයි බතුයි කමු.....උදේට ලුනුකැද ...

..............................මං කිව්වා කියලා හිතාගනින්....මන් උඹට විරුද්දව දික්කසාද නඩුවක් දානවා සමුද්‍ර....ඇත්තමයි.....ඇත්තමයි ආ මන් මෙ කියන්නෙ.......

*

*

හිගා කකා කොළපතක්....හ්ම්...හ්ම්.....ලුනු.....යි.....

මේ මොන රෙද්දෙ ලුනක්ද ස්කීපර් අයියෙ.....මෙර් මොන රෙද්දෙ ලුනක්ද...පැයක ඉදන් එනවා එනවා....දැන් නම් මගෙ පුකෙ ගැටත් දාලා ඉදගනම ඉදලා...දැන්වත් ආවද කියපල්ලකො....

හ්ම්....ආවා...

අ...ආව.....ආවා කියලද අනෙ කිව්වෙ....යෝහ්....දරුපැටියට බඩගින්න වැඩි උනාම ඩින්ගිරිත්තක් තරහා යනවනෙ පප්පා තාත්තෙ...

ඇති යන්තන්....අනෙ....දෙයියනෙ ඇති යන්තන් ....අපි ආවලු...අපි ආවලු.....මදසමේ ගතකරන හෝම් එකට අපි ආවලු......

ආයමත් ශීට් දෙක මාරි කරගත්ත වෙලාවෙ ඉදම්ම සමුද්‍රගෙ කටෙ තිබුනෙම ලුනුයි බතුයි සින්දුව වෙනකොට අනෙ මට මේ වෙනකොට බත් අරහන් වෙලා තිබුනා ....

මන් කෑ ගැහුවා.....පසනත් නින්දෙන් ඇහැරිලා එකපාරක් අඩල ඌම අනතමනතෙන් නිදාගන්නකොට ඉදගන ඉදලම පස්ස හිරිවට්ටන් උන්න මං අනිත් පාර එයාගෙ අත් ගොබේට ඇනලා දැන් වත් ආවද අහනවත් එක්කම මාලු ලෑලි ගොඩක් පහු කරන් ඇවිදින් එයා තට්ටු දෙකට හදාපු සුදුපාට ගෙයක් ගාවින් වාහනෙ ස්ලෝ කරල නවත්තනවා එක්කම මොනර පෙද හතර අත දිගැරගත්ත මං වාහනෙන් එලියට පියාඹගන ගිහින් තාත්තා කමත් අමතකරලා අර තට්ටු දෙකෙ ගෙදර ගේට්ටුවෙ එල්ලුනා.....

මෝ .අනෙ......ඔවා හෙන සල්ලිකාරයනෙ....සීදේවියා දන්නේවත් නෑ අනෙ ඔවාට මෙ වගේ එකක් තියනව කියලා....ඔහේගෙ සපාසිස් තමා...සපාසිස්......ඉන්කම් ටැස්සෙකෙන් පැන්නොත් උනුත් අසරනයි....

ඒයි මේ.....අපේ එක්කෙනා.....මට හිතෙනවා ඒයි යූටියුබ් චැනල් එකක් පටන් ගන්න....ළමයගෙ කෑම පෙට්ටිය හදන එකේ ඉදම්ම......හැම එකම දාලා පටන් ගන්න.....

අනික අපෙ අම්මලා උනත් මේ ගේ දැක්කම ඔයා එක්ක පැනලා ආවට බයින එකක් නෑ.....එයාලට උනත් පේනවනෙ අනෙ මන් දුක්විදින් නෑ කියලා.........

මන් ඔයා එක්ක හොද පවුලක් කනවා අනෙ....කෝ දෙන්න පුතාව මන් ගන්නම්....මාත් දැන් මෙ ලමයා ගෙ වැඩ කරන්න ඕනනෙ........ඒකනෙවෙ...මන් හෙට උදේට පෑන් කේක් හදන්න කියලා හිතන් ඉන්නෙ......මොන දේ උනත් අපි සතුටින් ජීවත් වෙමු අනෙ......ආදරෙන් ඉමු...එච්චරනෙ පව්ලකට ඕන

මන් එකම දිගට කියවන්න ගත්තා....කොටින්ම දික්කසාදෙ ඉල්ලුවෙ මම නෙවෙ වගෙ කියවගනම යනවත් එක්කම මගෙ දිහා බලන් උන්න සමුද්‍ර මගෙ අතට ලුනු පැකට් එකයි කීරි සම්බා එකයි දීලා දොර වැහුවා...

එක ඇත්ත......මොන දේ උනත් ආදරෙන් ඉන්න ඕන........රජ මැදුරට වඩා පැල්පතෙ ආදරෙ උතුරනවා කියනවනෙ.....ම්ම්ම්.......ඕක නෙවෙ ගෙදර.....අරක....

ම්...මො....මොකක්...අ...අනෙ...එ...එතකොට....එ...එතකොට.....ම්..මේක...

ඒක අනුන්ගෙ....අරක අපෙ...තට්‍ටු දෙකේ මාලිගාව මොකද...ලෑලි මාලිගාව මොකද.......සීදේවි කිව්වෙ පෑන් කේක් කමු කියලද...මන් ආසයි...හෙට උදේට ලුනු කැද බීලා සයිඩ් ඩිශ් එකකට පෑන් කේක් ගමු.......!!!

ස්....ස්....ස්......ස්...සමු...ස්....සමු.............සමුද්‍රයා......හ්හ්හ්.....

😒.....

More Chapters