සුදු අප්පො....මාව බිමින් තියන්න මගෙ කකුල කැඩිලා නෑනෙ....
මග දිගට අධිප්‍රෝටීන් ඉල්ලපු එයා මගෙන් පිට රත්වෙන්න ඩෑස් එකක් කාලා මීයා වගේ උන්නා...ඇත්තටම ඒකා තරහා උනා....මුරන්ඩුවා...අර නලින් කියන මනුස්සයට සම්මානයක් දෙන්න ඕනා මෙකාගෙ ගාව ඉන්නවට....ඒ කොහොම උනත් මම දන්නවා...අදීශයට පපුවෙ අමාරුව හදවන්න ඇත්තෙ මගෙ එකාම කියලා .....එයා ගුටිය කාලා අහක බලන් ඉන්නකොට මම එයාව ගිහින් උස්ස ගත්තා
මේක ගඩාපියට හපන්....ගඩාපියව නම් මාරි විස්කෝතුවකින් යාලු කරගන්න පුලුවන් ඒත් මේකව.....එයා මැරෙන්න හදනවා බිමින් තියන්න කියලා....ඒ අස්සෙන් නුවරට වහිනවා ....සකුරා කාලෙට ජපානෙම චෙරි මල් වලින් වැහෙන්නෙ කොයි වගේද බක්මහට මුලු නුවරම ලස්සන වෙනවා...පාර දෙපැත්තෙ තියන ගිනිසීරියා ගස් වල දම්පාට මල්.....මැයි මල්.....නමක් නොදන්න මල්...රෝස පාටින් පිපුන රොබොරෝසියා මල්....මේ හැම දේම නුවරට ආදරේ කරන්න හේතු ගෙනවා.....
කියන්න දන්නෙ නෑ...මගෙ ජීවිතේ මම අඩපුම තැන් තිබුනෙ මේ නුවර...හිනා උන තැන් තිබුනෙ මේ නුවර...හිත නිවුන තැන්.....හිත ගිනි අවුලපු තැන්...මේ හැම දේම තිබුනෙ නුවර....
මගෙ අප්පච්චිට එයාගෙ අම්මව හම්බ උනේ නුවර.....එයාව නැති උනේ නුවර.....
මට සෙනාරිව හම්බ් උනේ නුවර....
එයාව නැති උනෙ නුවර....
මට විතේන්ව හම්බ උනේ ගෙන්දගම් පොලවෙ....
ඒත්...මට ඒ ආදරේ හම්බ උනේ....මේ නුවර...එයාට තේශිව හමබ උනේ මේ නුවර.....
ඉතින්....අඩන්න හේතු දාහක් දුන්න මේ නුවරම....නුවරට ආදරේ කරන්න තවත් හේතු දෙනකොට මට බැරි උනා කවදාවත් නුවරට ආදරේ නොකර ඉන්න...
එයාව මං උස්ස ගත්තා උනත් එයා බැස්සා....ලාවට යන පොද වැස්සට මං තෙමුනත්..මට එයාව තෙමන්න බැරි වෙනකොට මං ඇතුලට යන්න හැරුනා...එත් පිටිපස්සෙන් ඇහුන හිනහා වෙන සද්දෙ එක්ක මං හැරිලා බැලුවා ...
පැටලුන අත් දෙකක්....විලුඹ ලගට දිග සාය මඩ ගෑවෙයි කියලා උස්සල අල්ල ගත්තු ගෑනු අතක්....මං බලන් උන්නා....ඒ දෙන්නා වැස්සෙ තෙමනවා මාත් ඒ චුරු චුරු වැස්සට තෙමුනා....
තේශි.....
මම හැරිලා බැලුවා ඒයා වැස්සෙ තෙමෙන මට කතා කෙරුවත් මගෙ ඇස් දෙක තිබුනේ අර පැටලුන අත් දෙක දිහාවට ...එයා මගෙ ගාවට ආව...
සුදු මහත්තයා ....
මගෙ අප්පච්චි වගේම....ඔයාගෙ අම්මා මේ නුවර ඔය විදිහට යන්න හීන දකින්න ඇති නේ මැනිකේ.....
අප්පච්චිගෙ වයසෙ පිරිමි කෙනා ගෑනු කෙනාගෙ අතින් අල්ලන් උන්නා වගේම අනිත් අතෙන් කුඩේ අල්ලන් උන්නා.....එයා මගෙ උරහිස උඩින් අත තියා ගන්නකොට අපි දෙන්නට එහා පැත්තෙන් නවත්තපු කාර් එකෙ රේඩියෝ එකේ ගියපු සිංදුව ලාවට වගේ ඇහෙනකොට මට හීල්ලුනා...ප්‍රේම කිර්ති මහත්තයා මගෙ හදවතම එක පාර මිරිකලා ඇරියා.....

මේ නගරය මා ඔබ
මුණ ගැසුන නගරයයි...
මේ නගරය මා ඔබ
වෙන් කෙරූ නගරයයි.....
වැව් ඉවුරෙ දිය රල පෙල
පෙර සේම බිදෙනවා
නුග ගස් පෙල
අප නැතුවත්
තව දළුලනවා....
ප්‍රේමකීර්ති මහත්තයා කවුරු ගැන හිතේ තියන් ලිව්වද කියන්න මං දන්නෙ නෑ....ඒත්...එයා ඒ කතාව කිව්වෙ මගෙ අප්පච්චිට කියලා හිතෙන කොට වැස්සට තෙමිලා පෙති බර උන රොබරෝසියා මලක් මේ රෑ මඩ වතුරට වැටුනා...හරියටම මගෙ අප්පච්චිත් ඒ දියබත් උන මල වගෙ...අවසානෙදි කදුලින් බර වෙලා වලව්වට වැටුනා ..
සුදු අප්පො....අප්පච්චිලා එකතු උනා නම්....නිතේශ් කෙනෙක් වගේම විතේන් කෙනෙක් ඉන්න නැතිවෙන්නෙ ගියා....ඒ කතාව එතනින් නවතින්න ගියා...ඒ දෙන්නා සතුටින් උන්නා..දරුවො හැදුවා කියලා කතාව ඉවර වෙන්න ගියා...ඒ උනත්...තිතකින් ඉවර නොවි....තිත් පේලියක් දිගට ඇදීගන ගිහින් අවසානෙදි කමාවකින් හිස් පිටු ගොඩක් ඒ කතා පොතේ ගොඩ ගැහුනෙ.....
දහම්ලා වෙනුවට.....නිතේශ් විතේන් වෙනුවෙන් වෙන්න බැරිද මගෙ නිතේශ් .....
එයා මගෙ අත් ගොබේට හාදුවක් තිබ්බා....පෑරුන හිත හරිම හිමින් හදපු එයා මගෙ අත් ගොබේට හාදුවක් තියනකොට මම එයාගෙ තඩිස්සි උන කම්මුල අත ගෑවා....
නිතේශ් විතේන් නෙවෙ.....දිසානායක මැනිකෙ කියල නම දාන්න ඕනෙ....
මං ඒ ඇස් දිහා බලන් දිසානායක මැනිකෙ කියනකොට මගෙ ආදරනීයම විතේන් ලාවට හිනා වෙනකොට අර මැදිවයසෙ ජෝඩුව තිතක් වෙලා යන තරමට ඈතට ගිහින් තිබ්බා වගේම මං එයාව එක්කන් හොටෙල් එක ඇතුලට ගියා...
බිනරී...
සුදු...අයියෙ...මං...නානවා...
මේ රෑ.....තමුසෙගෙ කොන්ඩෙ වේලගන්නෙ කොහොමද .....පීනසේ හදාගනින්කො....
මම එනකොට බිනරි අපේ කාමරේ නානවා....මගෙ විතේන්ගෙ මූන පොල්මට්ටයක් වෙලා...වෙන මොකටවත් නෙවෙ....රූම් ෆුල් වෙලා.....බිනරිට අපේ කාමරේ දෙන්න වෙනකොට අපි දෙන්නට ගඩාපි කාමරේට යන්න වෙලා තිබ්බා....
බාතෲම් එකේ වතුර වැටෙන සද්දෙ එක්ක මම දොරට තට්ටු කෙරුවා වගේම ඇතුලෙ උන්න බිනරි නානවා කියනකොට අරකා ඇදේ පෙරලුනා...
ම්හුක්...නිතේස්ස්ස්...
ඇයි....දැන් උඹනෙ මහ අම්මන්ඩි වගේ උස්සන් ආවෙ .....උඹ දීඝ ගාමිනීනෙ ...ඉතින් දැන් හරිනේ.....දැන් ඉදින් ...හොද වැඩේ උඹට ගෑනු හොරකමෙ යනවට දැන් ඉතින් උම්මාද චිත්‍රට කාමරේ දන් දීලා වරෙන් යන්න අරකට...අද මැනිකෙට හුලන්!!!
නිතේස් ගගා ඇඹරි ඇඹරි උන්න එයාට මන් ආඩපාලි කියලා අරුන්ගෙ කාමරෙට යනකොට එයත් මගෙ පස්සෙන් ගාට ගාට ආවා...
ඩියෝන්...ඩියෝන්....
මේ එනවා ඒයි....
ඩියෝන්ලගෙ කාමරේ දොරට තට්ටු කරපු මං ඒකා දොර අරිනකන් බලන් උන්නා...අරයා තවමත් නහයෙන් අඩන්න පොටක් හොයනවා ....එකාතකට හොදෑඩෙ මට සැනසිමයි මේ ගඩාපියගෙන්...
නිතේස්....එන්න ඒයි....අපි දන්නවා ඔයාලා දෙන්නට දොයියන්න වෙන්නෙ අපි එක්කලා කියාලා....හත්තික්කේ...විතේන් අයියේ....අහකට...අහකට...අප්පා නිතේස් අහකට පලකෝ...අනෙ පලියන්කො බිබික්කමෝ.....
දොර ඇරපු ගඩාපි අම්මන්ඩියා උගෙ හැච හැචේ දිගෑරියා වගේම මගෙ විතේන්ගෙ සුදු මූනෙ තිබුන රතු පාරවල් දැකපු ගඩාපියා මාව තල්ලු කරගන එයා ගාවට දිව්වා....හොර ගෑනියි එයයි අනේ....දැන් ආයම කන්දොස් කිරියාවයි....
අපෙ....අප්පේ...විතේන් අයියේ....ඇයි පුතේ මේ.....කව්ත ඔයාට ගැහැවෙ...
අර ඔයාගෙ නිතේශ්ගෙ වලව්වෙ ඉන්න අම්බපාලිලා තමා...
මුකක්....මුකක්...වලව්වෙ...මොකීත මොකීත .....
විනීතා....අර බිනරිගෙ අම්මා අන්න ඒකි....මේ ලමයට හරියට රිදෙනවා අප්පා...
ඈ නිතේස් ..මේ ලමයට ගහලා නේත...ඇස් කන් පුකේ ගහන්ත උන්නෙ නිතේස්...අයියෝ....හත්තික්කේ...
සෙනෝන්....සෙනෝන්....අපෙ මහත්තයා....අපෙ මහත්තයා .....මෙහෙට ආවා නම්.....
මං ගිහින් ඇදන් උන්න ශර්ට් එක පිටිම්ම බාතෲම් එකේ ඉන්න ශෙනෝන් එනකන් ඇදේ පෙරලුනා වගේම කපටි විතේනයා මගෙ හොර ගෑනි ලව්වා ආව තේව කර ගන්න ගමන් උන්නා...වරෙන්කො උඹ අද රෑට හුචු හුචු ගාන්.....
අයියෝ.....මේ බලන්න...මේවා බලන්න පුලුවන්ද .....අයියෝ...නිතේස්....ඈ නිතේස්...මේ දරුවා ගුටි කනකන් බලන් උන්නත....අනෙ ඇත්තමයි මට අර නොදරුවගෙ වැඩ හින්දා මේ ලමයව මගෑරුනනෙ ...කැක්කුමත පුතේ...
ම්හුක්...ඔව්නෙ....කැක්කුමයි...අප්පා හරී....යට...ඔයැයිට බැයිද ඩියෝන් අත ගාන්න.....
පුලුවන් අයියෝ....ඩියෝන් බබාත ඊට පස්සෙ චුම්චු ටිකක් දෙනවත..පව්නෙ මේ චූටි අත්දෙක සිදෙනවනෙ ඒයි...අනික දෝනියා එක්ක ඔට්ටුවෙලා හරි වෙහෙසයි ඒයි...
දෙන්නම් අනේ...මං කවදද ඔයාට බෑ කිව්වෙ...ඉන්නකො මේක ගලවනකන් ...
විතේන් ....!!!
ඇද උඩ උන්න මං කෑ ගැහුවා ...ගඩාපියා ගාව උන්න විතේන් මං දිහා බලාගන අරූට කියලා තැලුන තැන් අතගාවන්න විතරක් නෙවෙ චුච්චුත් දෙන්න පොරොන්දු උනා...ඒවා කොහෙද මා එක්ක...ඒවා මගෙනෙ...!!!!
අම්මො නිතේස්.....කෑ ගහන්න එපා ඒයි ළමයා නිදා ගත්තා විතරයි ..මං පැයක් තිස්සෙ වඩාගන ඇවිද්දා..... ඒ ළමයා දැන් නිදා ගන්නෙත් නෑ ....ඇයි අනෙ ඔයා නම් කියයි මට කොච්චර වැඩද....සෙනෝන්ගෙ වැඩයි....අනික අර නංගි බබාවත් මං බලා ගත්තනෙ....
ස්..සොරි...ඉතින්...මං...දැක්කෙ නෑනෙ ලමයා නිදි කියලා ....
අහකට වෙන්න නිතේස්...සොරි කිව්වම හරියයිද ....පව්...දෝනියා ඇහැරුනා නම්...මං අර ලමයගෙ තැලුන තැන් අත ගාන්නනෙ ගියේ...
ඒකනෙ නිතේස් ....සුදු අප්පොට තේරෙන් නෑ.. .ඩියෝන් බබා ආවෙ මගෙ තැලුන තැන් අත ගාන්නනෙ....
ඒකනෙ...අනෙ ඇත්තමයි නිතේස්....ඔයැයි නම් මහ ගඩාපියෙක් ඒයි...
හා..ඉතින් මං දැන් සොරි කිව්වනෙ ඩියෝන්....
මං බෙරිහන් දුන්නා විතරයි පොඩි ගඩාපියා පරල උනා....මං දැක්කෙ නෑ අපි හැමෝගෙම ළමයා රෙදි ගොඩක් උඩ ගුලිවෙලා නිදා ගන ඉන්නවා...මන් අරූට සොරි කියන කියන පාර පැත්තක උන්න මගෙ මැනිකෙ හොදට පෝර දැම්මා....අරූ පෝර දාන්න දාන්න ගඩාපියා ඇවිලෙනකොට මන් කොච්චර සොරි කිව්වා උනත් ඒකා මාවත් තල්ලු කරන් නිදාගන උන්න කික්කි ගාවට ගියා ....
ඩියෝන්...
ඕ ව්තේන් අයියේ....ඇයි ඒයි....
ඔයා බඩ්ඩක් දන්නවද ...
ම්හුක්..නෑනෙ ඒයි මොකක්ත ....
තමන්ගෙ ගෑනිට බය නැති මිනිස්සු හොර ගෑනිට පට්ට බයයි....
කැහ්....කැහ්....විතේන් .....
ඇයි මගෙ සුදු අප්පො.....කක්කල් කැස්ස වගේද ???
න්න්...නෑ...මං...හොදින්....
ඒකනෙ මං බය උනා..
මූ මාව මරනවා කොයි වෙලෙ හරි...කිව්වොත් කට කැඩුන කතාවක්....මං අහක බලා ගත්තා වගේම බාතෲම් එකේ උන්න ශෙනෝනයා නාවරයා වගේ උන්න ගඩාපියව නාවන්න එන්න කියනකොට ලැජ්ජාවක් නැති පොඩි ඇටයා අපි දෙන්නම ඉන්න තැන ඇදුම් ටික ගලවලා උගෙ කාටුන් ඇදපු යටකලිසම පිටින් වන වන දුවනකොට මං බලන් උන්නා වගේම මගෙ ඔලුවට දඩෝන් ගාලා පාරක් වැදුනා..
ඌව්හ්....කොල්ලො...
වනචර කම එපා නිතේශ් ....වනචර කම එපා...
ඇයි මගුල මං දැන් මොකද කෙරුවෙ ...
මොකද කෙරුවෙ කියන්නෙ උඹ අරූගෙ අර ලොවි ගෙඩි දෙකක් සයිස් පුක දිහා පෙරේතයා වගෙ බලන් උන්නා.....
අනේ...විතේන්..මේහ්
ඇයි...ඇයි....දිසානායක හාමු....අමාරු ඇතිනෙ ඇත්ත කියනකොට ..ඔව්වා ලේ වලින් එන පුරුදු ....නාකි හාමුවගෙ ගති තමයි තොට ගිහින් තියෙන්නෙ ...වලත්තයා...
ආ..හරි පව්...කව්ද දන්නෙ නෑ දැන් අතගාවගන්න ගියේ ..නේ...
ආ මේ....හොද වැඩේ....ඒ මේ....යාලු මේ....
ඇයි උඹ දැන් පිස්සු කියවන්නෙ....ම්ම්ම්...ආ විතේන් ....අත ගාවගන්නනෙ ගියෙ නේ ...
අරුන් දෙන්නා බාතෲම් එකේ නාවනකොට කාමරෙ උන්න මගෙ කුසුමාසන දේවි යුද්දෙ ප්‍රකාශ කරන්න ගත්තා වගේම මාත් ඇදෙන් නැකිටලා ඒකා දිහා බලන් උන්නා මුලින් මුලින් කට ගහපු ඒකා අවසානෙදි හොරෙක් වගෙ පස්සෙන් පස්සට ගියා...

ඇයි මිස්ටර් විතේන් ....මං හොර ගෑනිට බයයි ලු...මගෙ එකාට බය නැහැලු....
ඒ...වා මේ....කටට ආවටනෙ නිතේස් කිව්වෙ...අම්මො අයියො...ඔහොම බලන්න එපා ඒයි...ඔයාගෙ මැනිකෙට බය හිතෙනවනෙ අප්පා....ම්හුක්....හරී...යට නරක් වෙලා සුදු අප්පො ඔයා....

ඇත්තට....අනේ නෑ...මං මොකටද නරක් වෙන්නෙ...කොහෙද යන්න ඉතින් ඔය.. එන්නකො මැනිකෙ අපි ටිකක් ආශ්‍රෙ කරමු ඇගටත් පන නෑ කිව්ව නම්...
අනෙ නිකා ඉන්ට නිලමේ...මෙතන පුලුවන්ද දනගහන්න...
විතේනයා ....
ඉතින් උඹනෙ මාව අවුස්සන්නෙ.....ewww ..අර කන් දෙකත් රතුවෙලා.....තාම බිබික්කන් ගතිය ගිහින් නෑ....සුදු අප්පො .....උඹ හරිම විතේන් වෙන්න තව කොච්චර කල් යයිද සුදු මහත්තයා .....
මං මොනවා කිව්වා උනත් මිස්ටර් නිතේශ් අවසානෙදි හයේ පාරක් දමලා අරිනකොට මගෙ කන් දෙක රතුම රතු වෙලා ගියා වගේම එයා අහනවා මං හරිම විතේන් වෙන්න තව කොච්චර කල් යනවද කියන්න....ඇත්ත...හිටපු ගමන් මගෙන් අර ලාමක මලානික ලැජ්ජා වගේම ඔතෑනි ගතිය එනකොට මං එයා දිහා බලන් උන්නා...
උඹ ඔය මට හිනාවෙනවද විතේන්.....නැතිනම්...මට කියලා දෙනවද ...
මං කවදාවත් මගෙ උන්ට හිනා වෙන්නෙ නෑ තේශී....හැබැයි.....උන් නම් මට හිනා උනා
මං එයා දිහා බලන් උන්නා....එක තත්පරෙන් එයාගෙ මූන ඒ හැගීම් ඔක්කොම වෙනස් වෙලා ගියා....මං එයාව ඇදලා අරන් ඇදට තල්ලු කෙරුවා වගේම නොහිතපු වෙලාවක ඇදට තල්ලු කරපු එයා බයවෙලා වගේ ඉන්නකොට මම මගෙ ඇදන් උන්න ශර්ට් එක ගැලෙව්වා....
මගෙ ඇස් දෙක ටිකක අඩවන් වෙලා කට කොනින් හිනා වෙනකොට එයා ගොත ගැහුවා....


තේ...ශී...

ඇයි...මේ...

අරුන්...ඒවි සුදු අප්පො ..
එයා මුමුනනවා....එයා කොදුරනවා.....මං එහෙම්ම මගෙ යට බැනියමත් ගලවලා දාලා ගුටි කාපු එයාගෙ ඇගට බර උනා....
විතේන් .....උඹට මාව කොහොමද දැනෙන්නෙ.....
තේ....ශී...
කියපන්....මැනික...උඹ..මට හිනහ වෙනවද....නැතිනම්....
නෑ ..සුදු අප්පො..මං හිනහ වෙන්නෙ නෑ ...
මං එයාගෙ එහා මෙහා දුවන ඇස් දෙක දිහා බලන් උන්නා....
විතේන් .....උඹ දන්නවද . ....මං හරියටම කෝපි කෝපපයක් වගේ....කෝපි උගුර උනත්...කටෙ තියෙද්දි එක රහක්....හැබැයි...ගිල්ලට පස්සෙ....වෙන රසක් එනවා ....ටිකක් තිත්තයි....ටිකක් පැනිරසයි...උඹට...කෝපි වැඩියෙන් බිව්වොත්.....බඩ තදවෙන්න ගන්නවා හැබැයි.....උඹ ගානට උන්නොත්...කෝපි තමා උඹේ ජීවිතේම ...උඹ වැස්සක් නම්...මං කෝපි එකක්.....ඒත් මැනික ...උඹ කෝපි එක කොච්චර රස කෙරුවත් අවසානම උගුර වෙනකන් මන්ඩි දකින් නෑ. ..අන්න ඒවගේමයි මාත්...වෙලාවකට බිබික්කමක්....වෙලාවකට ඔක්කොම අහන් ඉන්න එකෙක්...වෙලාවකට අඩන එකෙක් ..වෙලාවකට උඹව තුරුල් කර් ගන්න එකෙක්.....ඒත්...අවසානෙදි දරන්න අමාරු තැන යකෙක්.....හරියටම අර මන්ඩි එක තරම්ම.....
උඹ හිතනවා නම්...මං බිබික්කමක් කියල...ඔව්...සමහර තැන්වලදි....මං බිබික්කමක් ...යන යන තැන්වලදි බේබි හාමු කියලා ඔලුව නවාගන අතට පයට වැඩ කරලා දෙනකොට ...වැස්සක් වහින වෙලේක ජනෙල් කූරුවල එල්ලීගන බලන් ඉන්නකොට . .මං බිබික්කමක් ....විස්වාස කරපන් විතේන් ..උඹ මාව වැස්සෙ තෙමවනකන්...මං වැස්සක් කොච්චර ලස්සනද කියලා දැක්කා උනත්...වැස්සක් කොච්චර ආදරනීය වෙනවද කියලා දැනන් උන්නෙ නෑ...හැබැයි උඹට පින් සිද්ද වෙන්න මං ඒක දැනගත්තා .....
ඇබිත්තන් සයිස් මැටි ඇතිලියක ළමයි ගොඩක් එකතුවෙලා උන්ගෙ පොඩි අත්වලින් උයන සෙල්ලම් බත් කොච්චර රසයිද කියලා දැන්ස්න් උන්නෙ නෑ...හැබැයි උඹට පින්සිද්ද වෙන්න මං ඒක දැනගත්තා ....
දත් හිරිවැටෙනකන්...බඩ පපුව දැවිල්ල අල්ලනකන් කන අච්චාරුවක රස මං දැනන් උන්නෙ නෑ....හැබැයි උඹට පින්සිද්ද වෙන්න මං ඒක රස බැලුවා ...
මං බිබික්කමක්....එදත්...අදත්...මං ආසයි බිබික්කමක් වෙන්න...උඹ ගාවදි විතරක් ..මොකද මං ආසයි උඹ මට පාට කරන්න කියලා දෙන කොට ....උඹ දන්නවද මගෙ මැනිකෙ. ..වෙලාවකට කෝපි එකක් වෙන මං....තවත් වෙලාවක...ටී බෑග් එකක් වෙනවා .....උනුවතුරට දාන පමාවට ඒ ටිකකින් වතුර එක කහට පාට වෙලා කායම් වෙනවා....ඒත් උඹට පුලුවන් ඒ ටී බෑග් එක ගාව තියන ටැග් එක ගාවින් දෙකට කඩලා එක බෑග් එකක් වතුරට බස්සවලා අනික පැත්තකින් තියන්න . එතකොට කායම් වෙන්නෙ නෑ ...
.
ඒක හරියටම ....
මට මාව පාලනෙ කරගන්න බැරි තැනදි"සුදුඅප්පො...තේශී..." ගාලා මාව නිවන්න හදනවා වගේ..මං ඒකට පුදුමාකාර තරම් ආසයි විතේන් ....
මං කියෙව්වා ...සෑහෙන්න වෙලා කියෙව්ව....එයා අහන් උන්නා...එයගෙ ඇගිලි ලාවට වැවුන මගෙ රැවුල් කොට දිගේ යනකොට එයා අහන් උන්නා...
උඹ ඇහුවා ...මං එයාව බලාගත්තද කියලා...කෝපි එකක් හදලා දුන්නද කියලා ..
ඔව් ..මං එයා වෙනුවෙන් කෝපි එකක් හදලා දුන්නා....එයා වෙනුවෙන් පෙනඩෝල් දෙකක් තිබ්බා...ඒත්...උඹෙ ඇස් දැක්කම මට කියන් ගියපු කතාව මගින් හරවන්න උන්නා ..
උඹ නොදන්න තව දෙයක් තියනවා .....
මො..කක්ද සුදු අප්පො...
මම හදපු කෝපි එක හැමදාම ඇල්වෙලා ගියා...මං දීපු පැනඩෝල් දෙක..හැමදාමත් හුලන් වැදිලා අවසානෙදි ඩස්ට්බින් එකට ගියා ....මට බලාගන්න ....එයාට ආදරෙ කරන කෙනා විදිහට බලාගන්න තැන් අත ගාවට ආවත්....ඒ හැම දෙයක්ම...මගෙ ඇගිලි වලින් ගිලිහිලා ගියා....
හරියට මට අදීශ්ව මග ඇරුනා වගේද සුදු මහත්තයා.....
මම සන්වේදි උනා ....එයා සංවේදි උනා...වෙනදට ගහමරාගන්න එයා මම අද වචනෙකින් වත් හිත් රිදීමක් නැතිව ඊරිසියාවක් නැතිව උන්නා...
බාතෲම් එකෙ දොර ඇරුනා ...මං හෙළවෙන්නෙ නැතිවම උන්නා ..උන් දෙන්නා අපි දෙන්නව දැක්කා.....
එයාගෙ ඇස් ගැස්සුනා....
සෙනෝන්...නිතේස්ලා අතර් මොකක් හරි සිදුවීමක් වෙන්නත ඒයි යන්නෙ හරියටම අපි දෙන්නා දැන් මේ නාන ගමන් කෙරුවා වගෙ..
කටවහපිය මගෙ සායම යවන් නැතුව...
ඌයියා..ගහන්නෙ....සිදෙනවනෙ ම්හුක්..ඇටමදයා උඹ...තුවායත් කැඩුනා...ම්හුක්....මගෙ ඩගීව දැක්කත දන්නෙත් නෑ....
එයයි මායි මෙහෙම ඉන්නවා දැකපු ගඩාපියා කට කැඩුන කතාවක් කිව්වා විතරයි අරූ පිට මැදටම එකක් ගැහුවා ...ගහපු පාරට මූ ඇඹරිලා යනකොට ඇදන් උන්න තුවාය ගැලවිලා බිමට වැටුනා....ඇටකුට්ටම එලියෙ...!!!!අයියෝ....ඇහැට පෙන් නෑ...හරි හුරතල් !!!!
ශෙනෝන් ...
මං එයාව එහෙම්ම උස්සන් ඇදෙන් බැස්සා .....යටි බඩෙ නිල් උන පාර ඌත් දැක්කා....ඇග පුරාවටම තිබුන දත් පාරවල් ඌත් දැක්කා ඒත් මොකුත් කිව්වෙ නෑ...ඒත් හරි අමාරුවෙන් විලි වහගන්න හදපු ගඩාපි පැටියා එබි එබි බැලුවා ...
අපෙ ..අම්මෙ....නිතේස්...මේ ලමයගෙ ඇග නිල් වෙලානෙ....අපෙ ..අප්පෙ...හත්තික්කේ....ම්හුක්....මේ චුම්චුවත් සතු වෙලානෙ...ම්හුක්...නරකිච්චි ඇටමදිච්චි ඔයි ගෑනිගෙ දත් කූට්ටම බිම වැටියන් මගෙ විතේන් අයියට ගැස්සුවට....ම්හුක්....කොහෙ හරි යනකොට සූටි ඇගිල්ල කොහෙ හරි වැදියන්...කතා කර කර ඉන්නකොට දිව හැපියන් ....මහ රෑට දත් කැක්කුම හැදියන් ...ම්හුක්....අනෙ...සෙනෝන්...මේ ලමයට දැන් හරියට තරහා යාගන එන්නෙ.. ඇත්තමයි....ඇත්තමයි ..මගෙ දෝනියා තාම පොඩි නිසා ඉවසන්නෙ ...නැත්තන් මං ඔය බයිනෙත්තු බටෙ නාකි හාමුවගෙ පුකට ඔබලා කොකා ගස්සනවා...ජුග් ගාලා....එක පාර මැරිලා පල කියලා ....ම්හුක්..මාව හිරේට අල්ලන් ගියොත් ළමයා තනිවෙනවා හින්දා ඉවසනවා...ඊ.....ප්ඵ්....ක්ඛ්....
අරූ ඉල්ලන හෙනවල හැටියට මටත් බය හිතුනා.....මං එහෙම්ම හෙනෝනට කතා කෙරුවා....
ශෙනෝන්...ෆාමසි එකෙන් තැලුම් වලට ගාන ජෙල් එකකුයි...කැක්කුම් පෙති හරි පෙනඩෝල් හරි ගෙනෙන්.....
හා....
නිතේස් අයියෙ...
ම්ම්ම්...
මේ ළමයත් ඔය මොනවා හරි සුලු දෙයක් ගත්තට කමක් නෑනෙ ඒයි....පකඩ පැකට් එකක්...තල කැරල්ලක් ..පෙපර්ම්න්ට් එකක්...බෝල කඩල එකක්....වගෙ සුලු ආහාරයක්....ඈ ඒයි....
ගනින්.....
මම හිනා උනා.....ගඩාපියගෙ මුනේ සන්තෝසෙ උතුරනකොට මම එයාව වඩන් බාතෲම් එකට ගිහින් ඇදුම් ඔක්කොම ගලවලා දැම්මා.....
මං ඔයාව නාවන්නම්.....
තේශී.....
කියන්න මැනිකෙ....
මම එයාගෙ ඇදුම් ඔක්කොම ගලවලා පැත්තකින් තියනකොට එයා මට කතා කෙරුවා....
සමහර දේවල්...පේ වෙලා කරන්න බලන් උන්නා උනත්....අවසානෙදි එකම එක කෙස් ගහක නිමේශෙකින් අපෙන් ගිලිහිලා...ඇගිලි අස්සෙ පහතට රීටුවෙ....ඒ කෙනා නෙවෙ.....හරිම කෙනා නිසාද සුදු මහත්තයා .....අපි පේ වෙන්න ඕනේ එයා වෙනුවෙන් නෙවෙ හින්දද සුදු මහත්තයා ....
ම්ම්ම්...වෙන්න ඇති....එහෙම වෙන්න ඇති...දන්නවද මගෙ විතේන් .....උඹ හරියටම වැස්සක් වගේ .....මං හරියටම නියගෙට අහු උන ගහක් වගේ...වැස්ස උඹ වැහැපුවාම..මට පුලුවන් ජීවත් වෙන්න....මොකද උඹ දැනගන උන්නා....උඹ විශ්වාස කෙරුවා උඹට මාව ජීවත් කරවන්න පුලුවන් කියලා...උඹ හරියට කුරුල්ලෙක් වගේ ...මං නිකන් දිරලා ගියපු අත්තක් වගේ....උඹ උඹේ අත් තටු ගැන ව්ශ්වාස කරලා මැරුන මගෙ ගාවට ආවා....අසරන මගෙ ගාවට ආව....අවසානෙදි දලු දාන්න බැරි බව දැන දැන උනත්....උඹ ඉස්සරහා මම මරනෙත් මරාගන දලු දැම්මා.....ඉතින්....එහෙම උනාම.....අපිට අතෑරුනෙ.....අපෙ වෙන්න සුදුසු නැති දේවල් වෙන්න ඇති...එහෙම නේද මගෙ දිසානයක මැනිකේ...
මං එයාගෙ ඔලුවට හෑන්ඩ් ශවර් එක ඇල්ලුවා ....දිසානායක මැනිකෙ කියලා නම දෙනකොට ඒ ඇස් දිලිසුනා....හිස්මුදුනට වැටුන උනුසුම් වතුර බින්දු එයාව තෙමාගන යන්න යනකොට මං එයාගෙ නලල මගෙ අතින් මුවා කෙරුවා නහයට වතුර යයි කියලා .....එයා ඉන්නවා ...ඇස්පිල්ලමක් වත් නොගහම ....මං එයාව රිදවන්නෙ නැතිව නෑව්වා ...තැලුන තැන් නිල් උන තැන්වලට ඇගිලි තුඩුවලින් හරි පරිස්සමින් සබන් පෙන ගෑවා...
එයා කලින් තැලුන කෙනෙක්....එක්ද් දවසක් දා මගෙ හිත කිව්වා...
ඉතින් කලින් තැලුන මිනිස්සුන්ව ආයම පරිස්සම් කරන්න බැරිද....කලින් තැලුනා කියලා ..මං රිදවන්න ඕනෙද....එදා මගෙ හිතට මම සෑහෙන්න දොස් කිව්වා.....
මට කෙටි හාමි මතක් උනා ...පිච්චි කියන්නෙම පර උන මලක්.....ඒත් කෙටි හාමිට හැමදාමත් පිච්චි කියන්නෙම වටිනාම වස්තුවක්....
පිච්චි කියන්නෙ ඉදුල් උන මලක්....
ඒත් කෙටි හාමිට පිච්චි කියන්නෙම හැමදාමත් සුවද දීපු මලක්....." මගෙ පිච්චියේ....සමන් දෙයිහාන්දුරුවන්ගෙ පිහිටෙන් හිතට හයිය ගනින් මගෙ පිච්චියෙ....."
මට තවම මතකයි...ගුනාදරිව වදන දා කෙටි හාමි සමන්දෙයි හාමුදුරුවන්ගෙන් පිච්චිව රකින්න ඉල්ලුවා..හිච්චව රකින්න ඉල්ලුවා...තැලුන මලක් ආදරෙ ලබන්න හොද නැද්ද.....
මොකද බැරි....කෙටි හාමිට පුලුවන් උනා නම්.....පිච්චිට ආදරේ දෙන්න...ඇයි මට බැරි.....මගෙ පිච්චි උන එයාට ආදරේ දෙන්න...
වැදුම් ගෙයි අස්සෙ පිච්චි දප ගහලා විලිරුදාව උහුලනකොට කෙටි හාමි ඒකිව බදා ගත්තා .....තැලුන මලක් කියලා කාරිය කරන් අහවර කෙරුවා නම්...කෙටි හාමිත් පිරිමියෙක්ද....
හවහක ඉදන් තටම තටම බඩ හෑල්ලු කර ගන්ඩ දගලපු පිච්චිට උන්නෙ කෙටි හාමි විතරක්වෙනකොට උන්ගෙ පරහට හිටින්ඩ එදාම වැස්සා...හතිරියන්රාලට හිච්චව ගන්ඩ එන්ඩ වත් බැරිවෙනකොට ගහක් අල්ලන් උන්න හතිරියන්රාල කෙටි හාමිට කියනවා පිච්චි ගාවට පලයන් කියලා...මගෙ රත්තරනේ මගෙ පිච්චියෙ ගගා කෙටි හාමි විලිරුදාවෙන් දාඩියෙන් පෙගුන පිච්චිව වත්තම් කරන් ඉන්නවා....අවසානෙදි කරන්න දෙයක් නැතිකමට ඒකා වප් පිහිය ගන්නවා.....
ඒ ටිකකින්.....
හිච්චෙක් කෑ ගහලා අඩනවා...
සමන් දෙයිහාන්දුරුවො පල්ලයි...මගෙ ඇස්වලට කදුලු ආවා...
ගුනාදරි ඉපදුනා.....
ඉතින් ...ඇදිවත විතරක් ඉතිරි කෙටි හාමිට පුලුවන් නම්....ඉදුල් උන පිච්චිට පන දෙන්න ආදරේ කරන්න....ඇයි.මට බැරි මගෙ මැනිකෙව මලක් වගේ බලා ගන්න.....
මං ඒ මූන දිහස් බැලුවා...රෝස උන කම්මුල් වගේම දිලිසෙන ඇස් හිනා වෙනකොට මම ශෙනෝන්ගෙන් ක්‍රීම්එක ඉල්ලන් නිල් උන යටිබඩට ගෑවා...
ඇත් දල පාට බඩ උඩ තද නිල් පාර උඩ මං හරි හිමින් ඇගිලි ගෙනිච්චා .....
මං උඹට හරි ආදරෙයි මැනිකේ.....
මිනිස්සු ආදරේ වැඩිවෙන තැන අඩනවා....ආදරෙ අඩුවෙන තැන අඩනවා...හැගීම් හින්දා අඩනවා...පිරිමි මගෙ ඇස් තෙමුනා....මොකද....මට ආයම ලෝකෙ පෙන්නුවෙ විතේන් හින්දා...
එයා බලන් ඉන්නවා...එය අහන් ඉන්නවා.....අවසානෙදි එයා මගෙ නහර පෑදුන අත් දෙක අරන් හරි මෘදුවට හාදුවක් තිබ්බා....මං එයාට ආදරෙයි ...කෙටි හාමි පිච්චිට ආදරෙ දුන්නටත් වඩා වැඩියෙන් .....ඉතින්....ගුනාදරිට පුලුවන් උනා නම්...ඇස් දෙක නැතිව ලෝකෙ දකින්න....මට මොකද බැරි ඇස් දෙක තියාගනත් මගෙ ලෝකෙ දිහා බලන්න.....එයා හරි...ආදරනීයම මිනිස්සුන්ට හම්බවෙන්න ඕනා ආදරනීයම මිනිස්සු.....


ඔබම මාද විය.....
මාද ඔබම විය....
සාගර වෙරලක
පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත....
ඒ රන් හිරු රැස විහිදු මොහොතෙ...
ඔබද මාද විය ....
මාද ඔබම විය ..
නිතේශයා...
ඇයි ...
මොනවද ගෙන්නන්නෙ ...නංගිගෙන් අහපන්....ආප්ප තියනවලු....බත් හෑව්ලු....තව පාන්...පාන් නම් අච්චු පාන්ලු ආ....තව රතු සුදු ඉදිආප්ප....නූඩ්ල්ස් ....පිට්ටු ....බ්ල..බ්ලා...
සුප්..මොනවද ...
මං උන්නෙ විතේන්ගෙ කොන්ඩෙ වේලව වේලව වෙනකොට මුලු කාමරේම ඉගුරු දාපු තේවල සුවදින් පිරිලා තිබ්බා...ගඩාපි පැටියා සුලුවෙන් දෙයක් ගන්නද අහලා අරන් ඇවිත් තිබුනෙ ගෝල්ඩ් මාරි වෙනකොට හැමෝගෙම අම්මා ඇද උඩට වෙලා කකුල් දෙකත් ගෙම්බෙක් වගේ තියන් ඒ මැද තේ එකක් තියාගන ගෝල්ඩ් මාරි ගිලිනවා ...මූ දැන් ඔව්වා ගිලලා රෑට බත් කන්ඩ් බෑ කිව්ව ගමන් තමා අරූගෙන් ඩෑස් වදින්නෙ...
ඩියෝන් බබා....
ම්ම්ම්ම්...ඕ....ඇයි....ඇයි...සෙනෝ.....න්..ඇයි...මේ ළමයා cartoon box බලනවනෙ...ම්හුක්....
රෑට මොනවද ...ආප්ප ??
ම්ම්හුක්...බිත්තර ආප්ප ඉන්නවද අහන්න
ඉන්නවලු....හැබැයි උඹ ඕකම ගිලලා කන්න බෑ කියලා කන් කෙදිරි ගෑවොත් පුක පුපුරන්න ගහනව...
යෝ...කෑ ගාන්න එපා අප්පා...මං මේක බලනවනෙ.....යේයි....ඉහික්....සකබුම්!!!!

කිව්වට වැඩක් නෑ ගඩාපියා අද කොහොමත් කන එකේ මං එහා කාමරේ ඉන්න බිනරිට කෝල් කලා....
බිනරි....කන්නෙ මොනවද ....මෙහෙට එන්න
මො..කුත් එපා...සුදු...අයියෙ...බඩගිනි නෑ මං නිදා ගන්නම්...
තමුසෙ මොකද ඔය ගොත ගහන්නෙ....
න්න්නෑ...නෑ....
ඇත්ත කියනවා තමුසෙ හොර වැඩ කෙරුවම තමා ගොත ගහන්නෙ....වරෙන් මෙහාට...
මන්..මං...නිදිනෙ .
පොඩ්ඩක් හිටපන් මං එන්නම්...උඹ නිදිනෙ ගගා ගොත ගහන්නෙ මොකෙක් හරි රිංගවගනද දන්නෙ නෑ....
සෙනෝන්....මේ ලමයට ආප්ප එපා කියන්න....ඩියෝන් බබාගෙ ඔලුව හරිටයට කැක්කුමයි...මට ඉරරුදාව හැදීගන එන්නෙ....විතේන් අයියෙ...ගුම් නයිම්ට්....නිතේශ් ....ආතරෙයි ඒයි.....වරදට සමාව දෙන්න.....
මං විතේන්ගෙ කොන්ඩෙ වෙලන එක පැත්තට දැම්මා....හොර වැඩක් කෙරුවොත් බොරුවක් කිව්වොත් බිනරිට ගොත ගැහෙනකොට ඒකි මේ කාමරේට එන්න කිව්වට ආවෙම නෑවගේම බඩගිනි නෑ ගගා ගොත ගැහුවා ....මෙච්චර වෙලාම මාරි ගිලපු ගඩාපියා කිව්වෙ මොනවද වත් ඇහුන් නැති උනත් ඌ ඔලුවෙ ඉදන් පොරවන් නිදා ගන්නකොට මං බිනරිව බලන්න නැකිට්ටා ...
මේ..නිතේ...ශයා...
ඇයි...
නෑ මොකුත් නෑ...කෙල්ල නිදිනේ...
නෑ...මෙවෙලෙ..ඕකිලා නිදියන්නෙ රටේම උන් නිදාගත්තට පස්සෙ....පොඩ්ඩක් ඉදින්...
මන් දොර ගාවට යනවා එක්කම ශෙනෝන් චරස් චුරුස් ගෑවා උනත් මං ඒකිගෙ කාමරේට ඇවිත් දොරට තට්ටු කෙරුවා ...
බිනරි....මේ දොර අරිනවා...
ස්සු...දු...අයියෙ..මන් නයිටිය පිටින්...
අනෙ මේ...මේක අරිනවා මං තමුසෙගෙ ඔය කුරුම්බැට්ටෙ දැකලා නැද්ද .....අරිනවා මේක...
සුදු...අයියෙ ..මට...සනීප නැ...
ඇයි....
බඩ රිදෙ...නවා....
මොන ජරාවද කෑවෙ...
ම්ම්...මොකුත් නෑ....
එහෙනම් ...ආ..හ්...හරි...හරි... තේරුනා ඒකට කමක් නෑ මේක අරිනවකො...
තේශී....
ඇයි....??
එයා නිදිනෙ...
නෑ...ඔය ඉන්නෙ ...
ඒ උනාට පව්නෙ...එන්නකො...
මොකටද ....මේ විතේන් මේ...මේකි ඉන්නෙ මගෙ ගාව පොඩ්ඩක් ඉන්නවා ...මං බලලා එන්නම්...බිනරි මේ දොර අරිනවා සැරයක් කිව්වම අහලා....සනීප නැතිනම් පෙනඩෝල් වත් නෑනෙ ඕක අස්සෙ ..නේ.....
තියන...වනෙ ..
අනේ මේ බොරුව නොදා ඇරපන් ...තියනවා...මං කියන් නෑ....
එයාලා හමෝම මොකක් හරි මගෙන් හංගන්න හැදුවා උනත් මට ඕන උනේ ඒකිව බලන්නම වෙනකොට මං දොරට එකක් ඇන්නා විතරයි ඒකි දොර ඇරියා .....
බිනරිහ්...!!!!
අ..අනේ ...සු....දු...අයියෙ....ගහන්න ....එපා.....හ්...අනෙ....අනේ.....
🙂ආය හෙච ඈ ..
කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්
මම
Ferdeesha ❤️💚😘 ....