Ficool

Chapter 36 - 36

මොකද මේ අම්මගෙයි පුතාගෙයි කතාව....මොකද දූ...???

නෑ මේ ගල්බන්ඩගෙ කොල්ලත් පුතාගෙ පන්තියෙලු...

හැබෑට...මොකක්ද උගෙ නම?

නිමල්ලු...

නිකන් උගන්නන එකේ හෙනෙ තමා ඔය දහපදුරාවෙ උන් ලොකු ඉස්කෝලවට යනවා...උඹ එහෙම ඌත් එක්ක කතා කරන්න යන් නෑ....

ඇයි ඒ ආත්තම්මෙ...??

ඔන්න ඉතින් ප්‍රශ්න අහන්න පටන් ගත්තා ...කියනදෙ අහපන් ලමයො...

සුදු අප්පො තනියම ඉස්කෝලෙ ඇරිලා එනවා...සපත්තු මේස් දාලා....අව් පූටකෙන් ගැලවෙන්න තොප්පියක් දාලා....ගල්බන්ඩා උඩට මොකුත් නැතිවම සරමක් ඇදන් ගල් කඩනවා ....ගල් කඩන මිටිය වදින වාරයක් ගානෙම ටාන් ටාන්..ටාන්.....ගානවා..

ගිණි ගහන අව්පූටකෙ...ඒ අත්වල කර ගැට ඇවිත් පුපුරන්න ඇති...ඒ උනත් ඒ අප්පච්චි මට වේදනයි කියලා නවතින්න නැතිව ඇති.....පුපුරලා ගියපු කරගැට වේදනා දෙනකොට දරු පවුල බඩගින්නෙ ඉන්දන්න බැරි කමට කරගැට පිට කරගැට දාලා අවසානෙදි ගල් තලන මිටියට අත පදම් වෙනකන් ගල්බන්ඩා ගල් තැලුවා....මං හිතන්න ඒ අප්පච්ව්හිගෙ හිත කලු ගලටත් වඩා හයියයි...

තනියම ආව සුදු අප්පොගෙන් ගලබන්ඩා අහනවා ඇයි තනියම ආවෙ කෝ නිමල් කියලා ...සුදු අප්පො කියනවා නිමල් ආවා කියලා .....ඊටත් පස්සෙ නිමල් එනවා....සුදු අප්පො ඇබිත්තන් සයිස් බ්‍රීෆ් කේස් එකක පොත් දාගන...ඔලුවට තොප්පියක් සපත්තු මේස් දාන් එනකොට නිමල් එනවා පොත් ටික අතට ගුලිකරන් කහ ගැහුන ඇදුමක් එක්ක..

එතනම " එක පංතියෙ පන්ති දෙකක්..."

සුදු අප්පොට පරිස්සමින් ගෙදර යන්න කියපු ගල්බන්ඩා නිමල්ට පරිස්සමින් යන්න නොකියා අක්කත් එක්ක ගල් කඩන්න ගල් වලට එන්න කියනවා ....ඇයි ගල්බන්ඩට බැරි උනෙ නිමල්ටත් පරිස්සමින් යන්න කියන්න....??

එතනත් එක පන්තියෙ පන්ති දෙකක හැගීම් දෙකක ළමයි දෙන්නෙක්....නිමල් දැනන් උන්න තැලෙනකොට වේදනාව ..පොඩිවෙනකොට වේදනාව....සීනි නොදාපු කහට කෝප්පෙක තියන තිත්ත ගතිය ...ඒ උනත් සුදු අප්පො???

දැනන් උන් නෑ....තැලෙද්දි වේදනයි කියලා .....

සුදු අප්පොට ඕන උනා....වලව්වෙන් ඈතට පියාඹන්න....."ගල්බන්ඩගෙ පුතා" නිමල් කියලා කියන වචනෙම කුමාරි හාමි කියන්නෙ "ගල්බන්ඩගෙ කොල්ලා" කියලා ...තමන්ගෙ දරුවා පුතා පිට එකා කොල්ලා....වලව් මාන්නෙ ....

අත්තම්මා බනිනවා නිකන් උගන්නන එකෙ රගෙ කියලා ...උන්ට ඕනෙ හැමදාම සුදු අප්පොලාව ඉස්කෝලේ යවලා නිමල්ලාව වලව්වෙ ඉදුල් කන්න ගන්න.....හරියටම අපෙ අත්තම්මා වගේ....ඊයෙ පෙරේදා කොටහලු උන මැනිකෙගෙ දුවව වලව්වෙ වැඩට ගන්න හැදුවා වගේ...

සුදු අප්පොට ජීවිතෙ විදින්න ආස හිතුනා ..මොකද වලව්ව නෙවෙ ජීවිතේ...සුදු අප්පොගෙ හිතෙ මනුස්ස කම තිබ්බා...නිමල්ට ආදරේ කරන්න...යාලුවෙක් විදිහට

වලව්වෙ උන්න සුදු අප්පො නිමල්ට ආදරේ නැති උනා නම්.....කකා උන්න බත් කට උගුරෙ හිරවෙද්දි කවදාවත් හිතන් නෑ අද නිමල් කෑවෙ නැද්ද දන්නෙ නෑ කියලා ...

පුංචි රන්ඩුවකට පස්සෙ නිමල්ගෙ පැලට ගිහින් "නිමල් මාත් එක්ක තරහද" කියලා අහන් නෑ සුදු අප්පො සහෝදරයෙක්...යාලුවෙක් හා සමානව ආදරේ නොකෙරුව නම්...

.

අලුත්කඩේ උසාවිය ගාව තිබුන ඇම් ඩී ගුන සේන බ්‍රාන්ච් එකේ i read delivery එකට කියලා ගෙන්නගත්තු අඹ යාලුවො පොත මගෙ අතේ තියනකොට තවමත් ඇස් පියන් ඉන්න මගෙ නිමල් දිහා මම බලන් උන්නා...

සුදු අප්පොට සමානවම මගෙත් උගුර හිර උනා...මගෙත් පපුව හිර උනා මගෙ පන.....සුදු අප්පොට පුලුවන් උනාට වෙච්ච වැරද්දට මාත් එක්ක තරහද අහලා හොයාගන යන්න.....මේ සුදු අප්පොට බැරි උනා අච්චර මගෙ කකුල් ගාව වැද වැටුන මගෙ නිමල්ට සමාව දෙන්න...

දන්නවද චූටි මහත්තයා ...අප්පච්චි කියනවා සමහර වැරදි අතපසු වීම්ලු.....වෙන්න ඇති.....මොන දේ උනත්...යතාර්තය මොන වේදනාවක් උනත්...උඹගෙ හැම දේම උනේ අදීශ් කියන එක මම දන්නවා පන...වේදනයි.....පපුවට මාරම වේදනයි.....මම අහන්න ආසවෙන් උන්නට උඹට කිය උනේ අදීශ් කියලා උන එක...ඒක උඹෙයි මගෙයි කරුමෙ .....එ හැම දේම අතීතයක්....මම කොච්චර වේදනා වින්දා උනත්...මට සැනසෙන්න එක දෙයක් තියනවා විතේන් ...අදීශ් කියන චරිතෙ කවදාවත් ආපහු මගෙ මූන ඉස්සරහට හම්බෙන් නෑ කියලා ....අදීශ් කියන්නෙ සදහටම මතකයක් උන කෙනෙක් විතරයි කියන එක හිතලා මට හිත හදා ගන්න පුලුවන් ....ඒත් උඹට .....උඹට කවදාවත් එහෙමවත් සැනසීමක් නෑ කියන්න මට දැන් දැනෙනවා මගෙ විතේන්...

එහෙම බැලුවම .....මට වඩා උඹයි පව් පන...

විතේන් ....අප්පච්චි කියනවා .....උඹ මට ජීවිතේ කියලා දේවිලු....හරියටම මගෙ අප්පච්චිට කියලා දුන්නා වගෙ.....උඹ මට " තේශි" කියනකොට ...මගෙ අප්පච්චිට "ලක්ශි" කිව්වලු...වැව රවුමෙ ඉදන් තනියම කන කඩල ගොට්ටට වඩා ඇගිලි වලින් පොඩි කරලා කවන කඩල ඇටයක කොච්චර රසද කියලා උඹත් මට කියලා දෙයි කියලා අප්පච්චි කියනවා.....

ඒ ඔක්කොමත් හොදයි. ...නුවර වැව හරි ගැඹුරුයි කියලා මගෙ අප්පච්චිත් කියනවා විතේන් ...එයා උඹගෙ අම්ම එක්ක හැමදේම කිව්වා විතේන්.....මගෙ අප්පච්චි එක්ක අහිතක් හිතන්න එපා විතේන් .....

කාලෙකට කලින්...මගෙ අපච්චිත් සුදු අප්පෙක් වෙලා ඉන්නකොට උඹගෙ අම්මා උඹ වගේම නිමල් කෙනෙක් වෙලා මගෙ විතේන් ....

මං මෙහෙම හිතනවට....සමාවෙයන් මගෙ පන.....දවසකට...දහම් කියන සුදු අප්පොට.....එයාගෙ නිමල්ව හම්බෙනව නම්....එදාට ඒඇස්වලත් සතුටක් තියේවි.....

මං එහෙම්ම අඹ යාලුවො පොත වහලා දාලා එයාගාවින් ඉදගත්තා .....එයා හරි හිමින් හුස්ම ගත්තා .....විසිහතර පැයම බැනුම් අහන නලින්ගෙ කකුල් වලට ප්ලාස්ටර් පැරිස් ගහලා.....

ඉක්මනට ඇස් ඇරපන් මගෙ පන....මට ආයමත් ඔය කටින් සුදු අප්පො කියන එක අහන්න ඕනා මගෙ විතේන් ....මට උඹගෙ ආදරෙ ඉස්සරහා නොදරුවෙක් වෙන්න ඕනා මගෙ විතේන් .....මට හැම වෙලාවෙම ඔය,පපුවට ඔලුව තියා ගන්න ඕනා විතෙන් ....

මට සමාවෙයන් ...මං හැමදාම මගෙ තාත්තා වගෙ...කොච්චර බැන්නත් කොච්චර ගැහුවත් මම ඉවසනවා..හැබැයි...එක තැනකදි මට ඉවසීම නැත්තටම නැති උනෝතින් ....මං තරම් යකෙක් කොහෙත් නැතිවෙයි මගෙ විතේන් ...මාව ඒ තැනට ගේන්න එපා...මටම ඒ චරිතෙ දරා ගන්න බෑ පන.....මොකද මම හරි නිහඩ නිවුන කෙනෙක්.....එහෙම මිනිස්සුන්ට තරහා ගියහම...මන් දන්නෙ නෑ...හැබැයි...නිවිලා ඉන්න මට තරහ ගියහම ...මටම ඒක දරන්න අමාරුයි..

මම එයා එක්ක තනියම කතා කෙරුවා ...පැය ගානක්.....උදේ පායපු ඉර අවසානෙදි ගෙදර යන්න යනකොට හද පායනකන් මුලු අහසම රෝස පාට වෙලා තිබුනා.... 

උඹ උන්නා නම්....ඔය අහස ඔයිටත් වඩා ලස්සනයි මගෙ විතේන් .....උඹගෙ තනි තරුව උඹ නැතිවම තනිවෙලා....

උඹ ඇහැරුනත්...ඔය රෝස පාට අහස ඒ වගේමයි....ඒ උනත්.....දැන් තියන මූසල වේදනා කාරි හැගීම් වෙනුවට එතන තියෙන්නෙ ආදරනීය වගේම නිවුන හැහීම්....මිනිස්සු කැමති නිවුන හැහීම් වලට විතේන්.....මගෙ අප්පච්චි තවමත් උඹගෙ අම්මා ගැන හිතන්නෙ ඒක වෙන්න ඇති...මගෙ අප්පච්චිට නිවීමක් තිබුනෙ උඹගෙ අම්මා ගාව විතරයි ...මගෙ අම්මා කෙරුවෙ අපිව කූඩූ කරලා අවුලපු එක....මායි මගෙ අප්පච්චි දෙන්නම එකයි...

මම යන්න කිව්වා...ඒඋනත්....උඹ නැතිව මට ජීවිතයක් නෑ කියන එක උඹට යන්න කියපු හැම වෙලාවෙම මගෙ හිත කිව්වා විතේන්...

දැනෙනා තුරු මා

ඉන්නද නුඹ ගාවින්...

මියෙනා දිනයෙ

කදුලක රස පහසින්..

නුඹගෙ පහසෙ

රහසක් වූ මාගෙ ...

නොලියූ කවියේ

පද එකිනෙක බිදුනෙ...

දැනෙනා සෙනෙහෙ 

අයිතිය නැති මා...

කවුරුන්දෝ කියලා ඇසුවා...

නිතේස් .....නිතේස්....

ඔයා දොයිත ඒයි...

මං උන්නෙ එයාගෙ අත තදින්ම මිරිකන් වෙනකොට නහයට දැනුන චොක්ලට් සුවද වගේම කන් වලටඇහුන කෙදිරුම ඇහෙනකොට මම ඇස් ඇරියා...

පොඩි ගඩාපියා....

මම එහෙම්ම මගෙ පන දිහා බැලුවා....වෙනසක් නෑ...එයා තවම එහෙමමයි.....එයාට හෙට උදෙ වෙනකොට සිහිය ඒවි කියලා ඩොක්ටර් කිව්වා....මම එහෙම්ම ගඩාපියා දිහා බලන් උන්නා.....

කෝ ශෙනෝන්...කා එක්කද ආවෙ තනියමද ආවෙ මේ රෑ ....??

නෑ ඒයි...සෙනෝන් ඉන්නවා...කාර් එකෙ...ලමයව අරන් ආවෙ...පලිගුවා තනියම ඉන්නෙ නෑනෙ ඒයි...ඒ ළමයා අතට පුරුදු වෙලානෙ ....ඇතුලට ගේන්නත් බෑනෙ එර්‍යි.....

මන් බලාගන ඉද්දි මේකා අම්මන්ඩි වගෙ බඩු ටික අඩුක් කර කර චූටි පලිගුවා ගැන කියවනවා මූ නම් අම්මම තමයි.....

ඩියෝන්....

ඇයි ඒයි....මේ ඔයාගෙ ඇදුම්.....අපෙ විතේන් හෙට වත් නැකිටියි නේද ඒයි....එයා ඔහොම ඉද්දි මට හරි කැක්කුමයි අප්පා. ..කොච්චර උනත් ඩියෝන් බබාට කට පුරා චූටි මැනික කියවනෙ.....

ඌ මම කියන්න ගිය දේ අහන් නැතිව වෙන එකක් කිව්වා වගේම මට කියන්න ගිය දේ අමතක උනා .....ඒකා එහාට යනවා මෙහාට යනවා

නිතේස් ....එන්න කන්න

මට බඩගිනි නෑ...

බඩගිනි නැ කියලා මුරන්ඩු වෙන්න එපා ලමයො.....ඔයා නොකා උන්නොත් හෙට උදේට විතේන් අයියට දුක හිතෙයි ඒයි.....අනික බිත්තර රොටි කපලා හොදි දාලා තියෙන්නෙ ඒයි....

ඒකා එහා මෙහා වෙන ගමන් බිත්තර රොටී කපලා හොදි දාලා කියලා පිගානක් අරන් මායන් උනා....ඒ උනත් එයා මෙහෙම ඉන්නකොට මගෙ උගුරෙන් පහලට යයිද...??

කො මෙහෙ එන්න කවන්න....ඔයත් බඩගින්නෙ උන්නම එයත් කන්නෙ නෑනෙ...කෝ ආ ගාන්න....කෝ ඉතින්....යෝහ්.....ආ ගාපල්ලකො පුතේ.....මම යන්නත් ඕනෙ....අර ලමයාට කවන්නත් ඕනේ සෙනෝන් මොනා කරලද දන්නෙ නෑ...ඔයාගෙ රෙදි හෝදන්නත් ඕනේ....ඒ අස්සෙන් වලව්වෙ උන්දැලා උන්ගෙ අර පොල් මුඩු කොන්ඩා ටික හදාගන්න රෑටලු එන්නෙ...මායි සෙනෝනුයි විතරයි.....මම එ ගැනත් දැන් හිතන්න එපැයිනෙ ඒයි.....මට හරියට වැඩ....කෝ ආ ගපල්ලකො...කන්න බැරි නම් චුම්චු ටිකක්වත් දෙන්නත.....

අනේ මේ නිකන් ඉදු ඩියෝනයා....

එහෙනම් ආ ගාපල්ලකො....මේ ළමයා මට වද දෙනවා....යෝ...නිතේස්...මේ ලමයි කියන දෙයක් අහන් නෑ...කියලා යැව්වෙ ආදරෙන් ඉන්න රන්ඩු සරුවල් කරන්න එපා කියලා.....ඔහොම පවුල් කන්න පුලුවන්ද....ඇයි වදේ....ඩියෝන් බබාටත් මගුල් විසේ ගැහුවෙ පොඩි කාලෙදි තමා....ඒ උනාට මෙහෙම නම් මුරන්ඩු උන් නෑ..ගුටියක් කාලා හැංගිලා ඇඩුවොත් මිසක්...කෝ හොද පුතා වගේ ආ ගාපන් නිතේස්.....තව ටිකකින් අර වලවේ පාපිසි ටික එනවලු...ඇයි වදේ තනි මම ඔක්කොම කරන්න එපැයි...අද නම් ඔවුන්ව හමගහනවා.....

මම කටඇරියා...බඩගින්නක් පේනතෙක් මානෙක නැති උනත් කන්දොස් කිරියාව උහුලන්න බැරි තැන මම කට ඇරියා...

මම ඩියෝන් දිහා බැලුවා....කොච්චර මහන්සි උනත් ඌව තුරුල් කරගන්න ශෙනෝන් ඉන්නවා...මට....???

එයා මට සමාව දෙයිද ඩියෝන්...

නිතේස්.....ආදරෙ කරන මිනිස්සු සමාව දෙන්න දෙපාරක් හිතන් නෑ නිතේස්...වේදනාව හිතේ හංගන් හරි සමාව දෙන තැන් තියනවා....ඒකයි අද උසාවි අස්සෙත් ඩිවෝර්ස් වෙන්න ඔන්න මෙන්න තිබිලත් අවසානම මොහොතේ සමාදාන වෙන්න කැමතිම නැද්ද අහන්නෙ....මිනිස්සු අඩනවා..තැලෙනව.....සමාව දෙනවා...සමාව දීමක් නැති තැන ...කියපු වචන කාටත් ගන්න බෑ.....උඹටවත් එයටවත් .....එහෙමයි කියලා....ආය ආය ඒක මත්තෙ නැහෙ නැතිව ඉදින්...දැන් ආගාපන්....

වෙලාවකට පන්ඩිත කම් කියන ඩියෝනයා කියවලා අවසානෙදි ආයාම කට අරින්න කියනකොට මං කට ඇරියා වෙනදට රස දැනෙන හැම දෙයක්ම මට අද නීරස වෙලා ගිහින් තියනකොට යන්න ගියපු ඩියෝන් දිහා බල්න් මං ඔහේ උන්නා....වදෙන් පොරෙන් අප්පච්චිවත් ගෙදර ඇරපු මං එයා ගාව තනි රැක්කා ...සේලයින් බෝතලේ මාරුවෙනකොට ...එයාට හෙට තරම් සිහිය ඒවි ඔලුවෙ කැක්කුම අල්ලාවි කියලා කියනකොට මට ඩොක්ටර්ටට ඔලුව වනන්නවත් එහෙම ගානක් නැති උනා...

ඩොක්ටර් යන්න ගියා...රෑ අහසෙ හද වටකරගන තරු තිබුනා.....ඒත් එයා එදා පෙන්නපු අර පුංචිම තරුව හැමෝගෙම්ම ඈත්වෙලා ඈත ඉදන් උනත් හද දිහා බලන් උන්නා....මට එක දෙයක් හිතුනා....වෙන මොකුත් නෙවෙ.ගනින්න බැරි තරම් තරු පායලා තිබ්බත්.....හද ආදරේම අර පුංචි තරුවට කියලා ...

මං එහෙම්ම එයා දිහා බැලුවා මගෙ හදගෙන් හැල හොල්මනක් නෑ.....මෙවෙලෙ තමයි හිතෙන්නෙ පුදුම පහන ඕනෙ ඇලඩින්ට වඩා මටයි කියලා ....මැජික් යශ්ටිය ඕනෙ පොටර් ට වඩා මටයිකියලා ..පෙති හතක් තිබුන හත්පෙති මල ඕනෙ ශේන්‍යට වඩා මේ නිතේශ්ට කියලා ...එහෙම උනා නම් මම ඉල්ලන්නෙ එකම වරයයි මගෙ විතේන්ගෙ පන විතරයි ...මොකද ස්වර්ගෙ ඉන්න තිස්තුන්කෝටියක් දෙවියන්ටත් මගෙ කන්නලව්ව කන්කරච්චලයක් වෙලාද කොහෙද ....

මං එහෙම්ම මගෙ එෆ් බී එකට ගියා පෝස්ට් එකක් දැම්මා...පබ්ලික් කෙරුවා සාපකාර නෑදෑ සනුහරේම බ්ලොක් කරලා දැම්මා.....

"මම අහසක් වෙන්නම් ඔබ මගෙ සද වෙන්න..."

මං ඉල්ලීමක් කෙරුවා ....එයාට මගෙ හද වෙන්න කියලා.....

චූටි මහත්තයා .....විතේන් .....එයාලා කියනවා මගෙ පන හෙට උදේට ඇස් අරීලු....එයාලා කියනවා නම් උඹ ඇස් අරින්නම ඕනෙ නේද පන....??

මගෙ ඇස්වලට කදුලු ඉනුවා ....

අහිමි ආදරෙන් බිඳුණු හදවතට

ප්‍රේමයේ ගිණි දැල්ල දල්වා

ඇවිලුවේ නුඹ මගෙ ගත හිත

අතීතෙ සැමරුම් කියා

ඇසුණු මොහොතෙ ඔහුගෙ නාමය

දැනුනි සියොලග වෙව්ලනා

මිරිගුවක් පසු පස ගියේදැයි මම

හිතෙහි සැකයක් ඇති උනා...

පැවසුවද මා දමා යාමට

නොවෙ මේ ලෙස දිවි මගෙ

පැතුවෙ නැත නුඹ දැකීමට ලෙස

ඇදක් උඩ මහ රෝහලේ

දනිමි ගැන්මට නොහැකි බව

අප පැවසූ වදනක් කිසි ලෙසෙ

හැකිද දීමට සමාවක් මට

වදිමි මා නුඹෙ පාමුලෙ...

ලැබුනොතින් මට මලක් හත්පෙති

ඉල්ලමි මම වර හතක්

කියමි හත්පෙති මලෙ සින්දුව

උනත් මා එක් පෙති මලක්

උතුරු දෙසටත් දකුණු දෙසටත්

බටහිරට සහ නැගෙනහිරටත්

කැරකි කැරකි ගොසින් සිව් දෙස

සොයා දෙන ලෙස සැනසුමක්....

(XZhan_1005හැමදාමත්වගේ....නිතේශ් ගෙ හැගීම් අකුරු කරන ඔයාට ස්තූතියි හදවතිම්ම.....❤️❤️😘😘😘)

ගුඩ් නයිට් මගෙ පන....උඹ කියනවා වගෙ මං විශ්වාස කරනවා මගෙ විතේන් ....."හොදම දවස් එන්නෙ තව ඉස්සරහට කියලා"...

මං ඇස් පියාගත්තා ...එයාගෙ ඇදෙ අයිනක මම මගෙ ඔලුව ගහගන මං ඇස් පියා ගත්තා ..කැනියුලාවට ඉදිමුනු අත මං හිමින් අත ගෑවා ....

මට නින්දක් එන්නෙ නෑ ..ඇස් පියන් පිය උනත්....මට නින්දක් ආවෙ නෑ....මං ආයම එයා දිහා බැලුවා...එයා හරි සැනසීමෙන් ඇස් පියාගන...

මං එහෙම්මම අඹයාලුවො පොතෙ හිස් පිටුවක් හෙව්වා ....මුල හරියෙ තියන පුටුවෙ මම මගෙ හැගීම් වලට පන දෙන්න ගත්තා ...මම ලියන්නෙ මගෙ විතේන්ට...මගෙ විතේන් නෙලීශට....

දන්නවද මගෙ නෙලීශ ....,

ජීවිතේ සමහරක් මිනිස්සු.....හම්බවෙනවා....වේලාසන වැඩි...

සමහරක් මිනිස්සු හම්බවෙනවා....

පරක්කු වැඩී....

ඒත්....මං කැමතිම පරක්කු වෙලා හම්බ උන උඹට.....මොකද මට ඕනෙ මම වැටෙනකොට මට අත දෙන ආදරයක්....සර්ව සම්පූරන මිනිහෙක්ට නෙවෙ හයියක් ඕනෙ බිදුන කෙනෙක්ට....පරක්කු වෙලා හරි මට ලැබුන මට දැනුන උඹට මං හරි ආදරෙයි ..මොකද ...

උඹට පුලුවන් මට බිංදුවෙ ඉදන් කියලා දෙන්න ....බිදෙන්න කලින් ලැබුන ආදරේට වඩා....බිදුනට පස්සෙ ලැබෙන හැමදේම වටිනවා මහ හුගක්.....

ඉතින් මේ සෙයෝන්ට පරක්කු වෙලා හරි ලැබුන එකම දේ උඹ.....

නෙලීශ....

ජීවිතේට ආදරේ අරන් ආවෙත් උඹමයි...

අද මට ආදරේ නැති ගානට ඇස් පියන් ඉන්නෙත් උඹයි.....

කප්පරක් උනත් දුක උහුලන්න ඉගැන්නුවෙත් උඹමයි....

ඒත්...කප්පරක් තරමට අද දුක දෙන්නෙත් උඹමයි....

හිත හදපු වරු ගනන් වල රිදුන හිත හදන්න නැති හේතු පවා මැව්වෙත් උඹයි....ඒත්...උඹම හදපු හිත අද බින්දෙත් උඹයි....

ඉතින් මගෙ නෙලීශ ...පහුවෙලා හරි මට සැනසීමක් දීපු උඹම ඒ සැනසීමම උදුරන් ඇස්පියන් ...හරියටම මොකුත් දන්නෙ නෑ වගේම ....

මට එතනින් එහා ලියන්න දන්නෙ නැති උනා...අවසානෙදි මට මගෙ වචන ගැලපුන් නෑ වගේ දැනුනා...මටත් නොදැනිම අතෙන් පෑන ලිස්සලා යනකොට මගෙත් ඇස්පිය වැහිලා ගියා...හද ඇවිදින් වලාකුලකින් වහගත්තා ...අර පුංචිම තරුව වලාකුලෙන් වැහුන හද ඊලග තත්පරේදි ආයම එලියට එනකන් බලන් ඉන්නවා...මොකද තනි තරුවක් උනත්....තරුව පුංචි උනත්...ඒ තරුව අර හදට පැලෙන්න තරම් ආදරේ කරපු නිසා....

බරම බර හුස්මක්...බෙල්ල වේදනාවක්....ඒ වගේම හිස කෙස් පුරාවටම යන දිගැටි ඇගිලි වල උනුසුමක් එක්ක මහ පාන්ද ජාමෙක ඇස් පියපු මම ඇහැරුනා....

මගෙ හිස කෙස්පු පුරාවටම ඇගිලි යනවා.....මගෙ කම්මුල් පුරාවටම පිට අල්ලක උනත් උනුසුම දැනෙනවා....එකම අතට නිදියලා උලුක් උන බෙල්ලෙ වේදනාව දැනුනත්....බෙල්ලෙ වේදනාවට වඩා මට මග ඇරුන ස්පර්ශෙක උනුසුම දැනෙනකොට මම ඇස් ඇරියා....

පන.....ඔයා...මගෙ....විතේන් ...

මම නැකිට්ටා.. ..මම නැකිට්ටෙ නෑ..මාව නැකිට්ටේව්නා.....එයා ඉන්නවා...එයා ඇස් ඇරලා..ඉදගන ඉන්නවා.....දෙයියනේ...මගෙ විතේන් ...

විතේන් ..පන...ඔයා....

මට එතනින් එහාට සහලවලවම පිස්සු හැදුනා ...මැරුන කෙනෙක් පන පිටින් ආවා වගේ හැගීමක් දැනෙනකොට මම එයාව බදා ගත්තා .....දත්ක් කටක් මදින් නැතිව උනත් මම පිස්සුවෙන් වගේ එයාව ඉම්බා...නලල කම්මුල්....නහය...මම එයාව පපුවට තද කරගත්තා ...

හැබැයි.....පෙරලා සිප ගැනීමක්....තිබුන් නෑ.....

පෙරලා වැලද ගැනීමක් තිබුන් නෑ....ඒ මූනෙ හිනාවක් තිබුන් නෑ....එයා මා දිහා බලන් උන්නා මිසක්...මට ආයම සුදු අප්පො කිව්වෙ නෑ.....මං බලන් උන්නා...සුදු මහත්තයා කියයි කියලා..මගෙ මැනික කියලා මා එක්ක කතා කරයි කියලා....තේශී කියලා කියයි කියලා...එයා කතා කෙරුවෙ නෑ....එයා පුදුම උනෙත් නෑ....එයාට මාව සමාන්‍ය් කෙනෙක් වෙලා තිබුනා...

මං ....ඩොක්ටර් ව අඩගහන් එන්නම් පන.....

මම හිතට දැනුන වේදනාව එලි නොදා ඩොක්ටර් ව එක්කන් එන්නම් කියලා අනිත් අතට හැරුනා...හැබැයි එයා මට කතා කෙරුවා ...

ඩොක්ටර් ඇවිත් මාව බලලා ගියෙ මිස්ටර් නිතේශ් .....ස්තූතියි කරදරවෙන්න එපා.....

මිස්ටර් නිතේශ් .....සුදු අප්පො..සුදු මහත්තයා .....මගෙ මැනික...තේශි....මේ එක වචනයක් වත් තිබුන් නෑ...ඒ කියන්නෙ...එයා යන්නම් කියපුඑක.....ඇත්තමද.....???

මං හැරිලා බැලුවා....

සුදු අප්පො....තේශි...මැනික....සුදු මහත්තයා ...මේ කියන එක නමක් වත්...දැන් මගෙ නෙවෙද විතේන්.....??

මම ඇහුවා...හරිම හිමීට...එයා හිනා උනා....කටකොනකින් .....

අයිතියක් නැති නිසා යන්න කිව්වා නම්...යන්න කියපු තැන නැවතිලා....අයිතියක් නැති කෙනෙක්ට ආදරේ දීලා....පපුව පලාගන්නවට වඩා හොදයි...වේදනාව හංගන් යන්න යන එක .....එහෙම නේද මිස්ටර් නිතේශ් ....

උඹ මගෙන් පලි ගන්නවා පන...

මම එයාගෙ ගාවට ගියා...ගිහින් මූන අල්ලන් මගෙන් පලිගන්නවා කියනකොට එයා මගෙ අත් දෙක ඒ මූනෙන් ඈත් කෙරුවා .....එ ඇයි....

නෑ මිස්ටර් නිතේශ් ....මං මේ තාක් වෙනකන් කාගෙන් වත් පලිගත්තෙ නෑ...අයිති නැති තැන් වලින් අයින් උනා මිසක් ...

අයිතියක් නැති තැන්වලින් අයින් උනා කියන්නෙ ...??

එයා කියනවා එයාට අයිතියක් නැති තැන්වලි එයා අයින් උනාලු ...එතකොට .....එයා..මාව...

උඹ මාව අතෑරලා ඉවරද විතේන් ...

මං හිතන්නෙ මිස්ටර් නිතේශ් ...මං ඔයාට පැහැදිලිවම කිව්වා .....

හරි ..දැන් තමුසෙ කියන්නෙ ....තමුසෙ මගෙ නෙවෙ කියලද ...

අනිවාර්යයෙන්ම මිස්ට නිතේශ් .....මම නම් ආවෙ. ...මමමයි යන්න ඕනෙ....අනික.....මට යන්න කිව්වෙත් ....මිස්ටර් නිතේශ් මනෙ ...

පන....එහෙම කියන්නෙ ඇයි....මං...කොහොමද ...උඹ නැතිව ඉන්නෙ විතේන් ....

එයා කියනවා එයා ගිහින් ඉවරයිලු.....දැන් මං ගාව අයිතියක් නෑලු...එහෙම වෙන්නෙ කොහොමද ඌ මගෙනෙ....මං එයාගෙ අත ඇල්ලුවා ..හැබැයි එයා ඒ අත අයින් කෙරුවා .....

ඉන්න බැරි උනත් ඉන්න පුරුදු වෙන්න මිස්ටර් නිතේශ් .....මං කසාද බැදපු මනුස්සයෙක්....මට සමාවෙන්න ..

මොක...ක්...මොකක්ද උඹ කිව්වෙ...උඹ කසාද..බැදපු කෙනෙක්...

ඔව් මිස්ටර් නිතේශ් ...මං කසාද බැදපු කෙනෙක්.....

උඹ මට බොරු කරනවා පන....

මිස්ටර් නිතේශ් .....තව දුරටත් ඔයා මට පන කියන්න ඕන නැතිවෙයි....

ඒ වචන සැර වැඩීයි.....ඒ වේදනාව බර වැඩි....එයාගෙ මූනෙ කිසිම හැගීමක් තෙතමනයක් තිබුන් නෑ.....මං ඇඩුවෙත් නෑ..බැන්නෙත් නෑ....මොකද ...දැනටමත් මං විහිලුවක් වෙලා වගෙ දැනුන හින්දා ...එයා අහක බලන් උන්නා.....මං එයාගෙ අවුල් වෙලා තිබුන බ්ලැන්කට් එක හරිගස්සවලා එයාව ආයම පෙරෙව්වා ...

පරිස්සමින් ඉන්න මිස්ටර් විතේන් ....

මං එච්චරයි කිව්වෙ...ආයම කිසිම හේතු සාධකයක් ඇහුවෙ නෑ....ඇඩුවෙත් නෑ...ඇයි මට මෙහෙම කෙරුවෙ කියන ඇහුවෙත් නෑ..උන්ම ජීවිතේට ආවා නම්....උන්ටම යන්න ඉඩදීලා පැත්තට වෙනවා ඇරෙන්න අයිතියක් නැති පපුවක මගෙ නමින් ආදරෙ අස්වද්දන්න ඕන කමක් නැතිවෙනකොට මං එයාව තියලා එන්න හැරුනා...

දිසානායක හාමුමහත්තයා.....

එයා කතා කෙරුවා .....මගෙ වාසගමෙන්....මම හැරිලා බැලුවා.....හැබැයි මට අහන්න උවමනාවක් තිබුන් නෑ...ඒත්.....කතා කෙරුවම නෑහුනා වගේ යන්න උවමනාවක් තිබුන් නැත්තෙ අයිතිකාරයෙක් ඉන්නවා කියන දේට වඩා එයා ඉන්නෙ ලෙඩ ඇදෙ ඉන්නෙ කියන හේතුව උඩ වෙනකොට මම හැරිලා බැලුවා....

කියන්න මිස්ටර් විතේන් .....තව මොනවා හරි හංහපු බොරුවක් තියනවද ...??? නැතිනම්....වෙන දෙයක්ද...??? ඒත් නැතිනම්...මම කසාද බැන්දා කියන එක කියන්න බැරි උනාට මට සමාව දෙන්න කියන්නද....උඹ ඔය කෝක කිව්වා උනත්...ඊයෙ මහ රෑම මම උඹට සමාව දුන්නා.....

එයා අහන් උන්නා...අඩලා තිබුන ඇස් වලට ආයම කදුලක් වත් ඉනුවෙ නැති කොට මම එයා දිහා බලන් උන්නා වගේම මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා.....

සැලොන් එකෙන්

කියන්න.....

මම අහන් උන්නා...රිසෙප්ශන් එකේ ළමයා....

කීයටද....

......

එයා අර ටැටූ කරලා තිබුන කෙනා නේ....එයාට යන්න ඕනේ දෙකට නම්....නවයටවත් එන්න කියන්න.....ඇගේ හැම තැනම ටැටු කැන්ඩියන් එකක් නෙ අදිනවා කිව්වෙ....ඔව්වා වහලා ගන්නකොට හෙට වෙනවා..බෙල්ලෙන් පහල ඉදන් බ්‍රෙස්ට් එක ගාවට වෙනකම්ම ටැටු....හරි....එයාට නවයට එන්න කියන්න..මං එනගමන්...එච්චරයි ද තියෙන්නෙ.....

......

බෑ....එයා මේ පෙරේදනෙ ස්ට්‍රේට් කරන් ගියෙ අද ආවම ඩියෝන් ලව්වා වොශ් එකක් දාලා කන්ඩිශනර් කරලා යවන්න කියන්න සතියකින් එන්න කියන්න කලර් එක දාන්න.....ඉතුරු ටික මම ආවම බලන්නම්...

මම කෝල් එක කට් කරලදැම්මා...දාලා එයා දිහා බැලුවා...

මිස්ටර් විතේන් ...කියන්න දෙයක් නැතිනම් මම යන්නම්....හතහා මාරයි වෙලාව.....අනුන්ගෙ මිනිස්සුන්ගෙ තනි රැකලා මට මේ පිටින් මගෙ වැඩකරන තැනට යන්න බෑනෙ...ඔයාගෙ ඇදුම් ටික කැමති වෙලාවක අරන් යන්න.....

එයා බලන් උන්නා...කටකොනකින් හිනා උනා....කමක් නෑ....උඹලා මට හිනා වෙලා මදි....

ඉතින්.....මිස්ටර් නිතේශ් මට පරිස්සමින් ඉන්න කිව්වට....මගෙ හස්බන්ඩ් ගෙ නම වත් අහන් නැතිවද යන්නෙ.....

මට අදාල දෙයක් නම්...මම අහනවා....අනුන්ගෙ පුද්ගලිකත්වෙ අහ අහ යන්න තරම්.....උවමනාවක් මට නෑ මිස්ටර් විතේන් ...මට එවෙලෙට පුලුවන් මගෙ වැඩක් කරගන්න...මොකද...මම හම්බ කෙරුවොත් මම කෑවා...සරලයි..සුන්දරයි....එච්චරයි ...මම දැන් ඔයාගෙ හස්බන්ඩ් ගෙ නම ඇහුවා කියලා මොකද මට හතර මහ නිදානෙ ලැබෙන් නෑනෙ...අනික...මට මොකටද....අදාල දෙයක් නෙවෙනෙ....සොරි මිස්ටර් විතේන් ....මම හරි පාඩුවෙ නිවිලා ඉන්න මිනිහෙක් ...මට කේන්ති යන්නෙ හරිම කලාතුරකින්....මාරු කාසි සද්දෙ දැම්මට කොල සල්ලි සද්දෙ දාන් නෑ...කේන්ති නොයන මට කේන්ති ගියහම....මොනවා කියයිද කරයිද මං දන්නෙත් නෑ ..ඔයාට උවමනාව තියෙන්නෙ...මං එක්ක නිදා ගන ඉන්නකොට අදීශ්ගෙනම මුමුනලා මාව රිදෙව්වා වගේ... වරු ගානක් උඹ වෙනුවෙන් මෙතන නිදි මැරුවට පස්සෙ මිනිහගෙ නම ඌ මොනවගේද කියලා අහලා මාව වට්ටන්න නම්.....වැඩක් නෑ....මට උඹගෙ මිනිහගෙන් ඇති වැඩක් නෑ.....උඹට මං ගැන දුක නම් තනි රැකපු පැය ගානට රුපියල් තුන්දහක් දියන් මොකද අද කවුරුත් සල්ලි නැතිව ලෙඩ්ඩු බලන් නෑ ඒ සල්ලිවලින් යනගමන් බත් පැකට් ටිකක් අරන් ගිහින් පාරෙ ඉන්න මනුස්සයෙක්ට දුන්නොත් ඒකෙන් උඹට පිනක්...අනුන්ගේ එකෙක් ගාව තනි රැක්ක මටත් පිනක්.....

මම ඒ මූන බලාගන ඔහේ කියලා දැම්මා වගේම මම බලන් උන්නා....එයා මා දිහා බලන් උන්නා.....ඒ මූනෙ අර හිනාව බලන් ඉන්නකොට නිවිලා ගියා....

මං එන්න හැරුනා....

තේශී ....මේ මුද්ද දැම්මෙ උඹ නම්....මගෙ මිනිහා උඹ නෙවෙද??

මං ඇපහු නැවතුනා ....ඇත්ත මං මුද්ද දැම්මෙ එයාගෙ කසාද මුද්ද දාන ඇගිල්ලට වෙනකොට මං ආයම හැරිලා බැලුවා වගේම එයා අර මුද්ද දාපු අත දිහා බලන් ඉදලා මාදිහා බැලුවා ...

දාලා යන්න එපා...

මං මොකුත් කිව්වෙ නෑ...

එයා කදුලු පුරවන් බලන් උන්නා....

මාව අඩවන්න එපා තේශි...ඔලුවට හරි බරයි...

එයා අඩවන්න එපා කිය කිය ඔලුව අල්ලගන්නකොට මං එයාගෙ ලගට ගියා ...

මාව කේන්ති ගස්සවන්න එපා...කේන්ති නොයන මට කේන්ති ගියහම මට මාවම දරා ගන්න බැරිවේවි විතේන් .....ඒ තැනට මාව ගේන්න එපා...

එයා එහෙම්ම මගෙ ඇගට හේත්තු උනා....ඒ අත් දෙකම මගෙ බද වටේ එතෙනකොට මනම්න් හරි හෙමින් ඒ පිට අත ගෑවා ...

තේශී ....

ම්න්....

දන්නවද ...

මොනවාද...

මැරෙනකොට රිදෙනවා කියලා ...

ම්න්....දන්නවා ...

මං වෙනුවෙන් මැරෙන්න උනත් පුලුවන්ද ...

අනිවාර්යයෙන්ම ....

මේ දැන් උනත්.....?

ඔයාට ඕනෙ ඒක නම්....දැන්ම උනත්.....

ඒ ඇයි....

ඔයා ඉල්ලන්නෙ ඒක නම්...මට දෙන්න පුලුවන් දෙයක් තිබුනොත් දෙනවා ඇරෙන්න නොදී ඉන්න බැරි නිසා ....

එහෙනම් ....ඔයාට පුලුවන්ද ...මැරෙනවා වෙනුවට මං වෙනුවෙන් හැමදාම හුස්ම ගන්න.....පපුව නවතින්න හදන හැම තැනදිම ඔයාට පුලුවන්ද තේශි "මට නවතින්න බෑ...මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා....මට එයාව දාලා යන්න බෑ" කියන එක ඒ පපුවට කියන්න.....

.......

මැරෙනකොට ඔයාට රිදෙනවා...ඔයා මැරුනම මට රිදෙනවා...ඔයා මැරුනත්....මං ඉතිරි උනත් මං හදවතින් ඒ වෙනකොට මැරිලා ඉවර නම්.....මං ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද...

එයා මගෙන් අහනවා ....මැරෙන්න යනකොට රිදෙනවා....මරනීය වේදනාව මං අත් වින්දා ...ඉදලා ඉදලා මං එක පාරක් කට ඇරියම එයා මට බය වෙනවා....මං එයාට උත්තරයක් නොදී එයාගෙ හිස්මුදුනට හාදුවක් දීලා ටික වෙලාවක් උන්නා.....

මං කියන්නම්.....නවතුන්න හිතෙන හැමතැනකම ....මට යන්න බෑ....මටත් වඩා මට ආදරේකරන කෙනෙක් ඉන්නවා..මං ගියෝතින් එයා තනිවෙනවා කියලා ...

එයා හිනා උනා....ඒ ඇස් ආයම දිලිසන්න ගත්තා ....රත්තරන් මුදුව එයාට අලුත් හිනාවක් දීලා තිබුනා..අන් මගෙ සාක්කුවෙ තිබුන මුදුව ගත්තා .....

ඔයාට පුලුවන්ද ...මං වෙනුවෙන් හුස්ම ගන්න...

මං එයාට මගෙ අතේ තිබුන මුදුව පෙන්නනකොට එයා අඩ අඩම හිනා උනා....ඇඩුවත් හිනාවෙන්න හදන ඇස් කදුලු වලින් දිලිසනකොට එයා මගෙ ඇගිල්ලට මුදුව දැම්මා වගේම මං එයාගෙ නලලට හාදුවක් තිබ්බා ...

විතේන් ...

කියන්න තේශි ..

මං උන්නෙ එයාගෙ ඇද උඩ ඉදගන වෙනකොට එයා මගෙ උරහිසට ඔලුව තියා ගත්තා .....එයා එක ට්ජත්පරෙන් කියපු වචනයක් නිසා මං වරු ගනන් කම්පා උනා....ඒත්....අවසානෙදි මං සමාව දුන්නා...ඒක එතනින් ඉවරයි ....ලෙඩ ඇදෙ ඇස්පියන් ඉන්නකොට නිතේශ් ට විතේන් නැතිව ජීවිතයක් නෑ කියන එක රැයක් එලිවෙනකොට මන් තේරුම් ගත්තා ....

විතේන් ...මට හැමදේම නැතිකරපු....මේ ජීවිතේට ....මං හැමදාමත් සාප කෙරුවා .....වෛර කෙරුවා ...හැබැයි.....මට උඹව ගෙනත් දීපු දෛවයට මං හැමදාමත් ආදරෙයි මගෙ නෙලීශ ....මට...හැමදාමත්.....උඹ ගාව ඉන්න ඕනා....දුක සතුට....මොන දේ උනත්...හැම දාකම මට උඹගෙ ගාව ඉන්න ඕනා....මාව දාලා ඇස් පියාගත්තු තැන මට මාව නැති උනා.....එහෙම කරන්න එපා....එක වචනයක් හින්දා වරු ගනන් විදෙව්වත් . ...එක තත්පරයක් ගැස්සිලා...නැත්තටම නැතිඋනොතින්..මම මේ සංසාරෙම විදවයි....

මං හරි හිමින් මිමිනුවා.....එයා අහන් උන්නා...විතේන් කියන එක වෙනුවට මං නෙලීශ කිව්වා.....මට එයාව හැම ආත්මෙකදිම ඕනා... .

තව දවසක් හමු වී ඉමු මේ භවෙ...

එක සැරයක් දුටුවොත් ඇති දෑස් ඔබේ

ඔබ වෙනුවෙන් හැඩුව තරම්

කියන්න හීන් සැරෙ

තව දවසක් හමු වී ඉමූ මේ භවෙ....

සුදු මහත්තයා ...

ම්න්....

එයා මගෙ ඇගට හේත්තු වෙලා ඈනුමක් යැව්වා..මං ඒ මූන දිහා බැලුවා

බඩගිනිද ....කන්න දෙයක් ගේන්නද...මොනවද ආස.....

මොන ප්‍රශ්නෙට ද මුලින්ම උත්තර ඔනේ මගෙ හාමුවට ...

ඒකා හිනා උනා....ඒ එක්කම දොර ඇරුනා.....

අප්පච්චි ...

ඒ ඇවිත් තිබුනෙ අප්පච්චි ...නිකන් නෙවෙ...එයාගෙ අතෙ සුදු පාටින් ඔතපු පාර්සල් එකක්තිබ්බා..සුවදිම්ම කියන්න පුලුවන් ඒක බත් කියලා ....වෙනදට මූනෙ තියන හැගීමට වඩා අප්පච්චිගෙ මූනෙ හැංගුන සතුටක්.තිබ්බා...එයා බලන් උන්නෙ මගෙ විතේන් දිහා ....

ඔයා ආසයි නේද.....

එයා බත් මුල පෙන්නලා එයාගෙන් අහනකොට එයා හිනා උනා....මොනවද.....එයා අහන්නෙ එයා ආසයිද කියලා....

අප්පච්චි ..මේක....ඇඹුල්තියල් එකක් නේ.....

ම්න්....

මාතර එකෙන්.....

හ්ම්ම්ම්..හ්ම්....

අනේ...කවන්නකෝ.....

මං අහන් උන්නා....අප්පච්චි හැසිරුනේ.....හරියටම ...එයා ආයම තරුන කාලෙට ගිහින් වගේ.....මම වත් දැනන් උන්නෙ නැ විතේන් ඇඹුල්තියල් වලට ආසයි කියලා ...අප්පච්චි දන්නෙ කොහොමද ....??

මට වැරදුනා ....අප්පච්චි නොදැන ඉන්නෙ කොහොමද ..මගෙ විතේන් කියන්නෙ ...අප්පච්චිගෙ ආදරේ තව පිටපතක් වෙනකොට .....

බත් එක මාතර බත් කඩෙන්.....මේ හරියෙ ඒකක් තියනවද ....නැතිවෙන්නත් බෑ...හදේ විතරයි මාතර බත්කඩයක් නැත්තෙ...

කෝ ආ ගාන්න....

අප්පච්චි කැව්වා ....එයා මටත් වඩා විතේන්ට කැව්වා

සුදුමහත්තයා ....

ඕ අප්පච්චි ...

මන්බත් කට වම් හක්කෙන් දෙපාරක් හපලා දකුනු හක්කට දුක හිතෙයි කියලා ඒ පැත්තෙනුත් දෙපාරක් හැපුවා...පව් නැත්තන් .....

දැම්ම නම් යන්න එපා කොල්ලො....

ඇයි....

උඹලගෙ පොඩි ඇටයා යුද්දයක් කරලා...

ඒ ඇයි....

අන්න සීයා තාත්තගෙ කොන්ඩෙ බෙල්ල මුලුන් කපලා දාලා...

කැහ්...කැහ්....

විතේන්ට හිර උනා....මගෙ ඇස් දෙක ලොකු උනා....අර යක් පැටියා.....

බෙල්ල මුලින් කිව්වෙ අප්පච්චි ??

බෙල්ල මුලින් කියන්නෙ මුලිම්ම බන්....හාමුවට නැමි පනාව ගහන්න කොන්ඩෙකුත් නෑ...මුරිච්චියක් බදින්න කොන්ඩෙකුත් නෑ.....

දෙයියනේ...අප්පච්චි ඕකව මරයි....

ඌව මරන්න බෑ ගලේ ගහලවත්...සීයා තාත්තා පරලා වෙලා මූට දෙස් තියලා පැය ගානක්...නැමිපනාව ගහන්න බෑ මූන දෙන්න බෑ අරක මේක කියලා ....

මාව දැන් පිච්චෙනවා වගේ.....ඌට වඩා බය මට. විතේනයට හිනා...අප්පච්චි ත් කතාව කියන්නෙ අනේ ඕකට හොද වැඩේ ටෝන් එකකින් වෙනකොට ඔක්කොම කුනු බේරෙ වැවටවගේ ඕකත් මගෙ ඔලුවට වැටෙන නිසා මම කන එක නැවැත්තුවා...

ඉතින්....

මූ කියලා....කෝ ආගන්න.....මූ..කියල..." අනේ සීයා තාත්තේ මේ ඒයි....ඔයාට මූන දෙන්න බැරි නම් පුක දෙන්න කියල..නැමි පනාව ගහන්න බැරි නම් මෙන්න මේ බොරු කොන්ඩෙ දාල චංගුමි කට්ට ගහගන්න ඒයි මට හරියට වැඩ "කියලා....

අනේ...යකෝ...අප්පච්චි ....මූ...

මට කෑ ගැස්සුනා...විතේනයට දෙවනි පාරටත් හිනා ගියා...මට අරූගෙ කුඩික්කි කට මැව් මැවි පෙනුනා වගේම අප්පච්චි ආයම කට ඇරියා.....

අනිත් එක...අත්තම්මා ...හැබැයි කොල්ලො මූ හින්දා මොල්ලිගොඩ මැනිකෙ කච්චේරියට ගිහින් නම මාරු කරන තැනට පරල වෙලා ඉන්නෙ.....

අනේ..ආප්පච්චී...මූව දඩුකදේ ගහයි.....

උඹ දැන් ගියොත් උඹටත් ඔය ටික තමයි වෙන්නෙ නිතේශ් ....පොඩි පලිගු මැනිකෙ සැලුන් එකේ මුල්ලක හිනාවෙන කැවුමක් දාලා....අන්න ඒක මහ පලිගු මැනිකේ පාගලා....

මූ අත්තම්මා ලව්වා බලු බෙටි අද්දවලද????

"බෙට්ටක් දැම්ම නම් එක පාර අරන් නොදා පාග පාග ගියාම හැම තැනම ගද ගැස්සෙනවනෙ අත්තම්මෙ ඔන්න ඕක අරන් දාපන් ඒයි පෑගුව නම් මට හරියට වැඩ" කියලා උඹලගෙ අම්මගෙ ඇහිබැමක බාගයක්ම ඇදලා දාලා..උඹට ජීවත් වෙන්න ආස නම්...අද නොයා ඉදින්....

අනේ.....ඩියෝනයෝ....!!!!!

🙂මං යනවා...එනදවසක් කියන්න දන්නෙ නෑ...පයිස්සමින් ඉන්න.....

මම

Ferdeesha ❤️💚😘 ...

මුජෙ මාෆ් කරෝගී....🙂

More Chapters