Ficool

Chapter 84 - 84EXTRA (BOL)

එකම අහසක හිරුට සඳු

මුණ නොගැසෙන්න හේතුත් ඇති

අපි වගේමයි දෑස් මානෙක

හමුවෙන්න උන් බය ඇති

තවත් බැහැ උහුල ගන්නට

නුඹේ ඇස් මට බර වැඩී

මහ රෑට හීනෙකින් පෙනියන්

ඒ ඉතිං හොඳටම ඇති....

(ශෂික සංදීප්..)

මම උන්නෙ බුදුහාමුදුරුවො දිහා බලාගන...කතෝලික උනාය කියලා බුදුන් වදින්න තහහනම් නෑනෙ...මට ඕනෙ සැනසීමක්...කොතනකින් හරි නිවීමක්...මං එකම දේ මතුර මතුර සිය පාරක් ජප කර කර ඉල්ලනකොට මල කන්කරච්චල්කාර කටහඩක් මගෙ සම්පූරනම දැහන බිදිලා දානකොට මට ආයම නපුරු විතේන්ව ආරුඪ උනා...

"නිතේස් අයියෙ...සෙනෝන්...."දොන්ත බිබික්කමෙක්.....ශ යන්න වෙනුවට සයන්න දදා හුරතල් වෙන්න හදන බිබික්කමෙක්....

හැරිලා බලන්නත් කලින් මගෙ හදවතට දැනුන පලවෙනි දේ ඒක... මං හිමින් සැරේ හැරිලා බැලුවා ..කුරුම්බැට්ටි මූනක් තිබ්බ එකෙක් ගාව තවත් දෙන්නෙක්...

අඩමානෙට හැරුන මම සම්පූරනම හැරුන හැරිලා සාක්කුවට අත් දෙක ඔබාගන බලන් උන්නා...

යෝ...සෙනෝන්.....ඔය ඵෝන් එක කන එක නවත්තන්නකො....ඔය ඵෝන් එකෙන් තොර ලෝකයක් නැද්ද ..එක අතකට මටත් හොද වැඩෙ ඉගනගන්න කාලෙ ඉගන ගන්නෙ නැතුව පැනලා ගියාට .....

මං බලන් උන්නා....එයා කිව්ව හරි එයා ගාව උන්න අනිකට වදින්නවත් වෙලාවක් නෑ...ඌ ඵෝන් එක කනවා....

නිතේස් අයියෙ මේ තෙල් ටික අරන් පහනට දාලා පත්තු කරන්න පුතෙ....යෝ...අඩන්න නම් එපා ඒයි ....අඩන්න එපානෙ...ඩියෝන් බබාටත් දුක හිතෙනවනෙ.....

.......

.මූනත් එක්ක මැලවිලා .....ඔහොම අඩලා වලව්වට යන්න පුලුවන්ද ඈ ලමයො...අනික අපිටත් එන්න බෑනෙ..අර පලිගුවා මටයි අපෙ සෙනෝන්ටයි කැමති නෑනෙ ඒයි...ඔන්න ඔහෙ එනකොට පුස් කැවුමක් වත් ඔතන් එන්න ඒයි...මැද අමු ඒවා නම් ගොඩක් හොදයි...ඩියෝන් බබා ආස මැද අමු ඒවටනෙ.... 

මොනවද අර අරකා කටර් එක වගෙ කියවන්නෙ.....මොනවා උනත් අහන් උන්න කෙනා නම් ඒවා අහන් උන්නෙත් නෑ වගෙ....එයාගෙ කල්පනාව තිබුනෙ වෙන පැත්තක.....ඒ ඇස් පවා මැලවිලා .....

කනෙ තියන බෙරලියන්තු ගොඩ...

නලින්....

මිස්ටර් විතේන් ....

අර තුන්දෙනාව දකිනකොට මොනවද හිතෙන්නෙ ම්ම්.....?

මං සාක්කුවට අත් දාගනම නලින් දිහාවට හැරිලා අර තුන් දෙනා දැක්කම මොනවද හිතෙන්නෙ අහනකොටත් නලියා ඒකගෙ කන්නාඩියට උඩින් බැලුවා ....

අයියලා මල්ලිලා වගෙ....

ම්ම්...ඊට එහා දෙයක් ...

ඊට එහා දෙයක් ....

මම අර පොඩි කොල්ලා අනිකගෙ ගාවට ගිහින් මොනවට හරි අඩි හප්පන හැටි බලන් උන්නා...ඒකා මොනවා මොනවා හරි කියනකොට ඵෝන් ඒක කකා උන්න එකා වට පිට බලලා අර නහින්න යන එකාගෙ කම්මුලක් අත ගෑවා....අනිවාර්යෙම්ම උන් දෙන්නා අතර වෙන සම්බන්දයක් තියනවා.....අනිවාර්යයෙන්ම උන් දෙන්නා ආදරේ කරනවා....අනිකා විරහව විදිනවා ....

ඊට එහා දෙයක් හිතෙන් නෑනෙ..මිස්ටර් විතේන් ....

සෑහෙන්න වෙලාවක් ඒ දිහා බලන් උන්න නලින් ඊට එහා දෙයක් හිතෙන් නෑ කියනකොට මම නලින් දිහාවට හැරුනා...

නලින්.....

...සර්...

ආදරේදි...පෑහෙන්නෙ නැති තැන් තියනවද ....ඔය සම්මතයි සම්මතයි ...අසම්මතයි අසම්මතයි කියන රාමුව ගලවලා බැලුවොත්....?

සම්මතයි...අසම්මතයි .....කියන්නෙ...

මම කියන්නෙ ගෑනි ඉන්නකොට තව එකෙක්ට පැටලිලා වටේ ගිහින් එන එක ගැන නෙවෙ...සමාවෙන්න ..ඉන්න තැන එක්ක වචන සැර වෙන්න පුලුවන් ඒත්...අසම්මතයි කියන්නෙ ආදරේ ආදරේ කියලා වටේ ගිහින් ආදරේ වචන අස්සට වේසකම පටලවන්න හදන එක නෙවෙ...වටේ නම් වටේමයි...ඒකට ආදරේ කියන්න බෑ ඒක සාධාරනීකරනය කරන්නත් බෑ....මං අහන්නෙ සේම් ජෙන්ඩර් එකක අයට ආදරේ කරන්න තහනම්ද ...?

......

මං අර පොඩි කොල්ලා දිහා බලන් බර වචන කියවනකොට නලින් ගොලු උනා....සමහර විට...නලිනුත්...පාට පාට ලෝකෙට ආදරේ කරන මනුස්සයන්ට වෛර කරන කෙනෙක් වෙන්න පුලුවන්...නොවෙන්නත් පුලුවන් ....

ඒකට....අපිට මොකුත් කියන්න බෑනෙ නේද මිස්ටර් විතේන් ...කවදා හරි මගෙ ළමයෙක්.....ඒ වගෙ උනොත්...මට පුලුවන්ද මගෙ ලමයව මරන්න...සමාවෙන්න මිස්ටර් විතේන් ...සම්ප්‍රධායක් රකින්න ළමයෙක් මරනවට වඩා...මට ලමයව රකින්න සම්ප්‍රධාය මරන්න වෙයි....මොකද ....අපි මැරෙන්න බලන් ජීවත් වෙන මිනිස්සු...මැරෙන දවසට කලින්...මට කාවවත් කලින් මරන්න බෑ...ම්

මං හිතන්නෙ මට වැරදුනා....නලින් මට වඩා අඩියක් ඉස්සරහින් උන්නා...අවංකවම ඒකම මට ලොකු සැනසීමක් දවසක මගෙ අග්නි ආවොත් ..මගෙ ගාව මට උදව්වට කෙනෙක් ඉන්නවා .....

නලින් කොල්ලා ස්මාර්ට්නෙ ම්ම්ම්...අර අතන ඉන්න පොඩි එකා ඔය එතනම ඉන්න එකාගෙ කොල්ලා...

ඈ....

ම්ම්ම්.....

මං බලන් උන්නා....උන් දෙන්නා එකට පහන් පත්තු කරනවා....එකට හදුන් කූරු අවුලනවා ...එකට ප්‍රාර්තනා කරනව....ඒත්...විරහව විදින කෙනා ඇරෙන්න.....එයා අනිවාර්යයෙන්ම විරහ වේදනාවෙන් ඉන්න කෙනෙක් ...ඒක මටත් දැනෙනවා ..ඒ විතරක් නෙවෙ මටත් රිදෙනවා.....

අග්නි උඹත් උන්නා නම්.....කොට මගුල....මැනිකෙ ගාන් උඹ ආයම එනවා නම් ....."මැනිකෙ...."උඹගෙ හැම වචනයක්ම නිරායාසයි අග්නි.....අනෙ මං මැනිකෙට ලෝභයි....මං ආය කවදද අග්නි උඹගෙ කටින් මැනිකෙ කියලා අහන්නෙ ...

මං ඒ තුන් දෙනා පහන් අව්ලනවා බලාගන ඒ කිට්ටුවට ගියා...ආයමත් මට පහනක් අව්ලන්න හිතුනා...බුදු සාධුට මගෙ ඉල්ලීම අමතක වෙලා ඇති කියලා බය හිතුනා . ඇයි ඉතින් ...දවසට මිනිස්සු කී දහක් නම් ඉල්ලීම් කරනවද .....

නිතේස් අයියෙ...අනෙ සෙනෝන්.....මේ බලපියකෝ.....මේ ළමයා ආය අඩනවා .....

......

යෝ....මගෙ නිතේස් අයියෙ.....අඩන්න එපානෙ....යන අයට යන්න දෙමුකෝ....එන අයට එන්න දෙමු....යන එකාට යන්න නොදුන්නොත් එන එකාව මග හිරවෙනවනෙ පුතෙ.....

මේ කොල්ලගෙ පන්ඩිත කම දොන්ත කටහඩ අස්සෙ තිබුනෙ පන්ඩිත කම්.....

නිතේශ් ...නිතේශ් ....

එයා සැරින් සැරේම නිතේශ් නිතේශ් ගෑවා....කොටිම්ම ඒකගෙ එකා ගැනවත් නොබලා අර අනිකා ගැන හෙව්වා .....කොයි වෙලාවෙත් වද උනා ...මං ඒ දිහා බලන් උන්න තත්පර ගානට ඒ කොල්ලා අර කොල්ලා ගැන වද වෙන තරම කොයි තරම්ද කියලා මට ඕනවටත් වඩා දැනුනා...

"හොර ගෑනී..."මේකා තනිකරම හොර ගෑනියෙක් වගෙ.....

සෙනෝන්...එනවා යන්න....මෙතනට ඇවිලත් ඔය බඩකඩිත්තුව කොටනවා ....නිතේස් අයියෙ...ඔයාට තනියෙන් ඇවිදින්න බය නම් මගෙ අතවත් අල්ල ගන්න පුතෙ....වැටෙයි.....මේ ළමයා ගැනත් මමම බලන්න එපැහිනෙ....කෝ එන්න...

"එපා ඩියෝන් ...."

මගෙ ඇගත් එක්ක හිරිවැටිලා ගියා....මෙච්චර වෙලාම මට ඇහුනෙ අර පොඩි එකාගෙ කටහඩ විතරක් උනත් මං පලවෙනි පාරට ඒ නිතේශ් කියන එක්කෙනාගෙ කටහඩ අහෙනවත් එක්කම මගෙ ඇගම හිරිගඩු පිපුනා...හිරිගඩු පිපුනා කියන්නෙ ඒ කටහඩ මගෙ හදවත බර කෙරුවා ...

ගැඹුරුයි.....

ඒ කටහඩ පුදුමාකාර තරම් ඝනකම්.....වේදනාවක් තිබුනා උනත්....ඒ කටහඩ තදයි....

මගෙ පපුවෙන් ඇම්මක් යනවා වගෙ දැනුනා....ඒ කටහඩ විතරයි ....මං හරියටම ඒ මූන වත් දැක්කෙ නෑ....මට ඒ මූන දිහා බලන්න ඕනා...මට ඒ මූන දිහා හරියටම බලන්න ඕනා...

මං හැරුනා...

මන් එක පාරම හැරුනා...හැරෙනවත් එක්කම එයාව මාව මූනට මූන හැප්පුනා වගේම කට හඩ ඇහිලා සර්වාංගෙම හිරිවැටුන මට කරන්ට් එකක් වැදුනා හා සමාන ගැස්මක් ඇති වෙනවා එක්කම මට කෑ ගැස්සුනා.....

අහ්....!

"සමාවෙන්න"

මිස්ටර් විතේන්....

නිතේස් අයියෙ.....

ඒ ඇස්.....

ඒඇස්.....

ඒ බැල්ම...

මගෙ ඇස් දෙක එයාගෙ ඇස් අස්සෙ හිරවෙනවා එක්කම මට අපහැදිලිවට මතක මගෙ අග්නිගෙ රූපෙ ...ඒ නපුරු බැල්ම.....ඒ නපුරු කටහඩ.....මේ ඉන්නෙ.....මේ ඉන්නෙ....

"අග්නි...අමරේන්ද්‍රන් ....."

.

මිස්ටර් විතේන් ....මිස්ටර් විතේන් ...මිස්ටර් විතේන් .....

.......

මිස්ටර් විතේන් .....

අග්....අග්නී....අග්නීහ්..."!!

මං ඇස්දෙක ඇරියා තනි සුදුපාට සිවිලිම.....සුදු පාට ඒ සී එක.....නලින්ගෙ අපැහැදිලි කටහඩ...බොද වෙලා පේන මූන...

අග්නීහ්!!!

මං නැගිට්ටා ...මං ඔලුව බදාගන නැගිට්ටා ....

ඒ උන්නෙ මගෙ අග්නි.... එතන උන්නෙ වෙන කිසිම කෙනෙක් නෙවෙ....මගෙ අග්නි...මං ඒ ඇස් දෙක අස්සෙන් අග්නිව දැක්කා ....ඒම කොන්ඩෙ.....

නලින්....නලින්....එයාලා එයාලා කෝ...මං මේ...

මිස්ටර් විතෙන් ....ප්ලීස් පොඩ්ඩක් කලබල නොවී ඉන්න මං ඩොක්ටර් ට කතා කරන්නම්.....

මොන ඩොක්ටර්ස්ලද අයිසෙ.....මට එයාව හොයාගන්න ඕනා....මට මොන මගුලද උනේ කියනවා...

ප්ලීස් මිස්ටර් විතේන් ...දැන් පැය තුනකට වැඩි....මිස්ටර් විතේන්ට කලන්තෙ හැදුනා ....

ශිට්.....කලන්තේ ....මට කලන්තෙ හැදුන ගමන් මෙහෙ උස්සන් ආවෙ ඇයි ඕයි වතුර ටිකක් ගහලා....ඇහැරවන්න බලන් නැතුව....

කැහ්....කැහ්....මිස්ටර් ..ව්....විතෙ....න්

තමුසෙ ....තමුසෙ....තමුසෙට නිවාඩු නෑ...තමුසෙට බෝනස් නෑ....කොටිම්ම තමුසෙට මේ මාසෙ සැලරිත් නෑ...තමුසෙ මට රෙසිග්නේශන් දෙන්න හැදුවොත් මං තමුසෙට කිසිම කම්පැනි එකකක වැඩට යන්න බැරි කරනවා...

මිස්....මිස්ටර් ...ව්....විතේන් ...ප්ප්..ප්ලීස්....ප්ලීස් කාම් ඩවුන් ....

මට මාරයා ආවේස උනා නලින්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තු මම මට වතුර ටිකක් නොගහා මාව ඇහැරවන්නෙ නැතිව මෙහෙට ගෙනාවට මං නලින්ව මරන්න හැදුවා .....

අවසානෙදි මං මගෙ අත දිගෑරලා මටම ගහගත්තා ...

චටාස් ....

"මට කලින් මාව හොයාගනින් මැනිකෙ....."

නිතේශ් ... අග්නි.....

ඒ උඹයි මගෙ අග්නි.....නිතේශ් කියන්නෙ උඹටයි මගෙ අග්නි....ඇයි මගෙ අග්නි උඹ අඩන්නෙ....ඇයි මගෙ අග්නි උඹ අඩන්නෙ කියපන්.....උඹ අඩන්න එපා අග්නි....මං උඹ ගාව ඉන්නවා .....උඹගෙ මැනිකෙ....මං උඹ ගාව ඉන්නවා....අග්නී....බලන් ඉදින්...මේ පාර උඹ ඔහොම නෙවෙ කොහොම ඇඩුවත් මම අතාරින් නෑ.....කුවන්නට කුවන්නලා සීයක් ආවත්...මම අතාරින් නෑ.....මම උඹව බදිනවා අග්නි .මම උඹව බදිනවා...බලන් ඉදපන්...මම උඹව හොයාගත්තා....ගහට ගහක් මොරටුවෙ හම්බෙනවා නම්.....උඹට මාව තව එක පාරක් හම්බෙන්න බැරි මොකද....

මම දත්මිටි කෑවා.....

නලින්....

මිස්ටර් විතේන් ....

නිතේශ් .....ශෙනෝන්....ඩියෝන්....මෙන්න මේ නම් තුන හොදට මතක තියාගන්නවා....මට මේ තුන්දෙනාව හොයා ගන්න ඕනා...මට මේ තුන්දෙනාව හොයා ගන්නම ඕනා...හරි...එහෙම නොවුනොත් ... 

මං...මං උත්සහ කරන්නම් මිස්ටර් විතේන්.....

රයිට් ...

මම එන්න ආවා...ටයි එක ගලවපු ගැලවිල්ලටඋඩ හරියෙ බට්න් දෙක තුනක් කැඩිලා ගියා....නලින් නෙවෙ මීක් ගෑවෙ.....

.ශිට්....!!

මම ආයම අතමිටමොලව ගත්තා.....ඒ මුන ..ඒ ඇස් දෙක.....දිග කොන්ඩෙ වෙනුවට කොට කොන්ඩයක්... අග්නී...අග්නී.....

මිස්ටර් විතේන්....

මොකද ?බේසික් සැලරියත් කපා ගන්න ආස නම් කතා කරන්න පුලුවන් ...

නර්සින්හෝම් එකෙන් එලියට ආව මම මොනවා හරි කියන්න හදපු නලින්ගෙ හුස්ම හිරකරවන්න හදන ගමන් කාර් එක ගාවට ගියා ..

මිස්ටර් ...විතේන් මං ඩ්‍රයි

නෑ ඕන් නෑ ....නගින්න පුලුවන් .....මොකක්ද කොයන්න උන්නෙ.....මං දැක්කා තමුන්ගෙ කාර් එකේ මඩ වැදිලා.....මොකද මගෙ සල්ලි වලින් අරන් දීලා තියන හින්දද හෝදගන්න අමාරු ම්ම්ම්...

න්න්..නෑ....මිස්...ටර් විතේන්

කාර් එක දාලා ට්‍රේන් එකෙ යන්න පුලුවන් .....පැය හතර පහක් ට්‍රේන් එකේ නිදාගන යන එක ඒ තරන් අමාරු නෑනෙ...ම්ම්ම්...උදේටත් පාන්දරම තියෙන එකේ එන්න පුලුවන් .....

.......

මම ස්ටියරින් වීල් එක මිරිකන් නලින්ට කාර් එක දාලා යන්න කිව්වා..මාත් කාලයක් තොගෙ ලබ්බට පාන්දර නැගිටන් ආවනෙ ...උඹ විදවපන් සමරවීර .....නැත්තන් මට ඉක්මනටම අග්නිව මුනගැහෙන්න කියලා ප්‍රාර්තනා කරපන්...නැත්තන් මම උඹෙනුයි පලිගන්නෙ...

නලින්ගෙ කට වැහුනා ඩ්‍රයිව් කරාට මගෙ ඇස් දෙක තිබුනෙ මහපාරෙ....අනේ උඹ කොතනකින් හරි මතුවෙයන් කියන ප්‍රාර්තනාව මගෙ හිත අස්සෙ සිය දහස් වාරෙකට වඩා උඩට මතුවෙනකොට මම එයාගෙ රූපෙ ආය ආයම මතක් කෙරුවා .....

මගෙ අග්නි...මග්ව් නිතේශ් ...නි....තේ...ශ්...නි..තේ...ශ්...

නලින්....

කියන්න...මිස්ටර් විතේන් ...

වයිෆ්ට කතා කරන්නෙ කොහොමද ...මං අහන්නෙ...නම කියලද.....නැත්ත ...න්...වයිෆ් ඔයාට කතා කරන්නෙ කොහොමද...

මෙච්චර වෙලා මරන් කන්න හදපු මම ආයම තත්පරේකින් වෙනස් උනා...වෙනස් වෙලා එයාගෙන් කොහොමද කතා කරන්නෙ ඇහුවා.....මොකද ...මට මගෙ "නිතේශ්ට"ආදරනීය නමක් දෙන්න ඕනා....අග්නි අග්නි ගෑවා ඇරෙන්න.මට බැරි උනා නමක් දෙන්න.....නිතේශ් ....

වෙලාවකට....නම්...නම...කියනවා.....වෙලාවකට...නම්....බබා.....

Oh....really .....බබා?ඌ...ම්ම්...බබා කියන්නෙ කොයි වෙලාවටද....සෙක්ස් කරනකොටද.....

 .....?

මම අහක බලාගත්තා ...මගෙ බයිට් එක නලින් විතරක්ම වෙනකොට මිනිහගෙ මූන රතු වෙලා යනකොට හිනා යන්න ආව නිසා මම අහක බලගත්තා ...

එහෙම නෑ.....මිස්ටර් විතේන් .....

ඇයි....මොකද වයිෆ් එන්නෙ නැද්ද.....එන්නෙ නැත්තන් මගෙ බේබි බෝයිට පුලුවන් මගෙ...ගාවට....

මිස්ටර් විතෙන්...ප්ලීස්.....

මම කට කොනකින් හිනා උනා....නාකි නලියව රතුවෙලා වැක්කෙරෙන්න ආවා.....ඒ වෙනකොටත් මම මගෙ නිතේශ්ට නමක් හොයන් තිබුනා.....

"තේශී..."

.....

..ඒ නම...ලස්සනයිශ නලින්...ලස්සනද....නැත්තන්...

ආදරනීයද...ම්ම්ම්.....

තේශී...අපි නමක් කෙටි කරලා කියන්නෙ ආදරේ හින්දනෙ ...

ම්ම්...අනිවාර්යයෙන්ම ...ඒක ඇත්ත....අද ඉදන් මමත් ඔයාට නලින් වෙනුවට ශෝර්ට් නමක් කියන්නද

ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරපු මම නලින්ව කන එක පැත්තකට දාලා මගෙ තේශි ගැන හිතන්න ගත්තා...වාත්තු කරලා වගේ.....කනේ තිබුන හැට්ට කටුගොඩ...හිටපන් මම එනකන්.....තේශී...

මිස්ටර් ....ව්...විතේන් .....

මොකද නලියන්නෙ.....ඈක් බරද....

සිගරට් බොක්ස් එකෙන් සිගරට් එකක් අරන් කටට හිර කරගත්තු මම නෝට් පෑඩ් එක දිහා බලන් නලියන නලින් දොහා බැලුව..මිනිහා සුදුමැලි වෙලා...අනිවාර්යයෙන්ම කරන්න තිබ්බ වැඩක් අමතක කරන් වෙන්න ඇති...කියපන්කො බලන්න...මම උඹගෙ හැම දීමනාවක්ම කපලා දානවා.....

මිස්ටර් ....විතේන්....සමාවෙන්න....

මොකක්ද වෙලා තියෙන්නෙ කියන්න තියන්න් දේ තටමන්නෙ නැතුව කියන්න....

අද හවසට බිස්නස් පාර්ටි එකක්...

මම යන්නෙ නෑ.....

මම අහක බැලුවා..මට මොන පාර්ටිද...මට යන්න ඕන පාර්ටියක් නෑ.....මගෙ හිතම අවුලෙන් තියනකොට මොන පාර්ටිද....

කාගෙද පාර්ට් එක?

මිස්ටර්

කාගෙ උනත් මට වැඩක් නෑ....කැන්සල් ....අද හෙට තියන හැම දේම කැන්සල්

එතකොට ඩොක්ටර් ගෙ appointment එක....

ඒකත් කැන්සල් ....මම හිතනවා...තව දුරටත් මට ස්ලීපින් ටැබ්ලට් ඕන වෙන එකක් නෑය කියලා .....

පාර්ටි බාටි වලට යනවට වඩා මට කරන්න වැඩ තියනවා..මට එයාව හොයා ගන්න ඕනා...එයා උන්නෙ දුකෙන් ..එයා උන්නෙ නොසෑහෙන්න දුකෙන්...බැරි වෙලාවත් එයාත්..කා එක්ක හරි...

මම දත්මිටි කෑවා...මගෙ ඔලුවට එක එක විකාර ආවා...මමත් වරද්දගත්තා කියන එක අමතක කරලා මම දත්මිටි කන්න ගත්තා...

වරත්තුවෙ යන ගතිය අඩුවෙලා නෑ වගේ....

ස්...සොරි මිස්ටර් විතේන් මොනවා හරි කිව්වද?

........

ආව ආවෙගෙටහිතින් බැනපු එක කටින් පිට වෙලා තිබුනා....මට තරහයි.....මට බයයි.....මම අදීශ් එක්ක යන්න පුලුවන් උපරිම දුර ගියා....මම හිතුවෙ...මම හිතුවෙ ඒ මගෙ අග්නි කියල..ඒත්.....මගෙ ඔලුව ආයම විකාර වෙන්න ගත්තා.....

මිස්ටර් විතේන් ....මම හිතනවා....පාර්ටි එකට ගියෝතින්.....අපි...හොයන...කෙනත්....

හවසට මා එක්ක යන්න ලැහැස්ති වෙන්න.....

නලින් මට ආයම හේතු කියන්න ගත්තා....කිව්වත් වගෙ මගෙ අග්නි....නැ...මගෙ තේශි....එයා ඇවිදින් උන්නොත්.....??? ම්ම්ම්..මට උඹව යාලු කරගන්න එක නම් ලේසි වෙන්නෙ නැතිව යයි මගෙ අග්නී...උඹට මාව මතක නැති නම්...මට නොසෑහෙන්න කට්ටක් කන්න වෙනවා.....

එතනින් පස්සෙ මම නලින් එක්ක වත් නලින් මා එක්කවත් කතා කෙරුවෙ නෑ .....මට ඈනුමක් ගියා...උදේ බොන්න ගත්තු නෙස්කෙෆෙ එකත් විසික් කෙරුවා ...මගෙ හිතෙ දුක තරහව වගේම එයාව දැකපු සතුට කියන හැගීම් තුනම කලවම් වෙලා තිබුනා....මම ආය ආයම එයාව මතක් කෙරුවා ....මට ආයමත් උඹට උමතුවෙන් ආදරේ කරන්න ඕනා මගෙ අග්නි.....

මග්ව් හිත ඇතුලෙ එක එක දේවල් එහා මෙහා වෙනකොට මම ඈත තියාම කඩචෝරු වෙලෙන්දෙක් දැක්කා.....

..නලින්..

සර් .....

මගෙ වොලට් එකේ මාරු සල්ලි තියනවද බලන්න...සීයක් දෙසියක්....

කඩචෝරු .....අවංකවම මම කඩචෝරු වලට පෙරේතයි...මහ රෙස්ටුරන්ට් එකට වඩා පොඩ් කඩවලින් බත් කන්න ..හදේ උනත් බ්‍රාන්ච් දාන්න පුලුවන් මාතර එකෙන් කන්න...ඒකෙ තියන අර ඇඹුල් තියල් කන්න...

තියනවාද....

තුන්සීයක් තියනවා....

හරි....

.මාරු වලින් තුන්සීයක් තියනවා කියනකොට මම අර කඩචෝරු කරත්තෙ ගාවින් නැවැත්තුවා...

කඩල ඕනා.....

කඩල....??

ම්ම්...කූනිස්සො ඉන්නවා නම් දාගන්න....ම්ම්...වොලට් එකම ගෙනියන්න...ඔයාට ආස දෙයක් ගන්න...ඔතන නැත්තන් වෙන තැනකින් අරන් දෙන්නම්....

න්න්..නෑ...මට.....ඉස්සො...වඩ

එව්...බිබික්කම...

මටන් හිනාවක් ගියා...නලියා දිව්වා ...මම කියන හැම දේම අහන් එකා ඉන්නවා....වෙලාවකට පව් කියලත් හිතෙනවා....එත් ඉතින් මගෙ තරහව සදාකාලික නෑ...ඒකයි හොදේ.. 

මම බලන් උන්නා...නලියා කරත්තෙ වටෙ කැරකි කැරකි මොනවද කියලා ආයම ආවා....

මිස්ටර් විතෙන් ....

ම්ම්

ළුණු රවුම් දානවද...

.එපා...එපා....කට ගද ගහනවා.....ඒත් කූනිස්සොත් එහෙමයි....ළූනු එපා...පොලුත් එපාම්....මිරිසුයි කූනිස්සොයි.....

හා.....

.මම ශටර් එක ඇරන් බලන් උන්නා....කඩල වල සුවද මෙතනට එනවා.....මොන.මගුලක්ද මන්දා....අපි කොච්චර ගෙදර තැම්බුවත් මේ සුවද එන්නෙ නෑනෙ.....

මම බලන් උන්නා...නලින් උරයක් උස්සන් දුවන් ආවා...

ඒකට ඉස්සො වඩ...මට කඩල.... ඒ උනාට මට ඉස්සො වඩත් ඕනා.....👉👈

..නලින්....කොතනද ඉන්නෙ.....?

....

හරි.....ඉකමනට එන්න.....

මම උන්නෙ කන්නාඩිය ගාව...වෙලාව හතට කිට්ටුයි...එයාව හියන්න ගිහින් එයාව හම්බවෙලා...එයාව මග ඇරුන මම ගෙදර ඇවිදින් උන්නෙ පිස්සු හැදුන එකා වගෙ වෙනකොට මම එයාගෙ නම මුලු එෆ් බීඑක පුරාවටම හෙව්වා ....කරුමෙට නෑ....නිතේශ් නිතේශ් කියලා ගැහුවා ඒත් නෑ.....නලින් කිව්වා වගෙ එයාගෙ ලකුනක්වත් එයි කියලා මම ප්‍රාර්තනා කෙරුවා ...

අපි එයාව කොහොම හරුන්හියා ගමු විතේන්....අපි එයාව කොහෝම හරි හොයා ගමු....

කන්නාඩිය ඉස්සරහට ගිහින් මගෙ දිහා බලාගන උන්නා.....

ශිවන්....

මම කන්නාඩියෙ උන්න මටම කතා කෙරුවා .....

" ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට ....උඹගෙ අග්නිව ආපිට හම්බ වෙනවමයි....."

මගෙ ඇස් වලකදුලක් ඉනුවා.... පිරිමිත් අඩනවා ආදරෙ ගාවදි....

මා දිහා බලන් උන්න මම නලින් ආවා කියන කෝල් එකත් එක්කම පහලට ගියා.....

මට කාගෙ පාර්ටි එකද කියන්නවත් ගානක් උනේ නෑ...නලින් කිව්වා උනත් මගෙ හිතේ ඔලුවෙ උන්නෙ අග්නි විතරක්ම වෙනකොට මම ඇස් පියාගන එයාගෙ රූපෙ ආය ආයම මතක් කෙරුවා ..කොච්චර බලන් උන්නත් මදි..." ශිවන්ගෙ අග්නි.....විතේන්ගෙ ..තේශි...."

මිස්ටර් විතේන් අපි ආවා....

ම්ම්ම්...

සැහෙන වෙලාවකට පස්සෙ නලින් කතා කතා කරන කොට මම ඇස් ඇරියා....එහෙම්ම නලින් එක්කම ඇතුලට ගියා....

.මිනිස්සු ඉන්නවා...පාර්ටි එක පටන් අරන්....මට කතා කරන්නවත් හිතක් නෑ.....මම කෙරුවෙ එයාව හොයපු එක....නලින් කිව්වා වගේ අහම්බෙන් වත් උන්නොතින්...

මිස්ටර් විතේන් ....මිස්ටර් බණ්ඩාර අතන ඉන්නවා....

සුදු පාට ලයිට් එලි අස්සෙන් නලින් මගෙ කනට කරලා පාර්ටි එකේ අයිතිකාරයා බන්ඩාරව පෙන්නනකොට මම නලින් එක්ක එයා ගාවට යන්න හදනවත් එක්කම අහම්බෙන් වගේ මගෙ ඇස් දෙක එක රූපයක් ගාව එක පාර නැවතුනා.....

ශෙනෝන්...!!

🙂ජොබීත නිදහාස්...!!

..

කෙම්මුර එකෙ එක්ට්‍රා කියවලා නිතේස් විතේන් කියන්නෙ මොකාත කියලා කම්පූස් උම්ගාබුම්ගා වෙලා ඉන්න යක් පැටව්ටයි මේ දැනුවත්කිරීම....

කෙම්මුර කියන්නෙ....බ්‍රීත් ඔෆ් ලයිෆ් එකේ පාර්ට් වන් එක.....ජොබියා දෙක එකටම ලියලා එක පස්සෙ ලිව්වා.....( ඒ ඇයි අක්කෙ ගාන්න එපා...අක්කත් වෙලාවකට ඇයි කියලා අක්කගෙම්ම අහගන්නවා

👉👈....).එක්ස්ට්‍රා ටික නම් කියවන්නෙ.....කියවපු නැති පුම්චි නම්කියෙක් මල්ලියෙක් ඉන්නව නම්...නිතේස් විතෙන් කියවලා එන්ඩෝ!!!!

ජොබික්කා බුජි...ඔය.ලමයිනුත් බුජියන්න...🤭🤭

ම්ම

Ferdeesha ❤️💚😘 ...

More Chapters