Ficool

Chapter 73 - 73

ආව්....හ්හ්...

මගෙ යටි බඩ.....

වැටෙන්න ගිය මම පුදුම තරම් අමාරුවෙන් සෝෆාව අල්ලගත්තා ....

වේදනාවයි...

වෙනදටත් වඩා මට අද වේදනාවයි හරියටම මගෙ යටි බඩ ඇතුලෙන් තෙල් කටාරමක් පැහෙනවා වගේ....කවුරු හරි යටින් අත දාලා බඩ බොකු එලියට අදින්න හදනවා වගේ ....කොටිම්ම මොකෙක් හරි එකෙක් මගෙ ඇට කටු පොඩි පට්ටම් කරලා මාව කනපිට හරවන්න හදනවා වගෙ.....

අප්පුච්චියේ....

නි...ඛි...ල්...බලාගන . .වැටෙයි....

මං උන්නෙ තවමත් සෝෆාව අල්ලන් මට ඒ ඔක්කොටම වඩා බය හිතුනා මේකව වැටිලා තොල කට පුපුරයි කියලා ...

වේදනාව එන්න එන්න දරුනු වෙන තැන මගෙ ඉහින් කනින් දාඩිය බින්දු මතු වෙන්න ගත්තා ....මගෙ සර්වාංගෙම ලේ හිදිලා ගිහුන් මාව පත්තර පිටුවක් වෙන්න ගත්තා ...හරියටම ඇග ඇතුලට පරපෝශිතයෙක් රිංගලා මාව සම්පූරනම උරා බොනවා වගේ හැගීමක් එක්ක මං වැනි වැනිම සෝෆාවට වැටෙනකොට කොල්ලා දුවන් ඇවිත් මගෙ ඇග උඩ නැගන් ඇගේම දිගා උනා....ලමයගෙ හිතේ මං නිදියන්න හදනවා කියලා ....

අ.....ග්..නී...

මට කෙදිරි ගෑවුනා....මන්තර පොත අතට අරන් කියවන්න ගත්තු වෙලේ ඉදන් මෙහෙමයි ...

අප්පුච්චියෙ....අයි.....අයි.....ම්හුක්....අප්පු ..ච්චියේ.....

මට කෙදිරි ගෑවුනා....වේදනාව දරුණුම තැන මට කෙදිරි ගෑවුනා.....මට ඇඩෙන්න ආවා ....අග්නිට අද හෝරා ගානකටවත් ඇහැරෙන්නෙ නැති බව දන්න හන්දම මන් අග්නිට කොච්චර අඩගැහුවත් අග්නි එන්නෙ නැති බව මගෙ හිත සැරින් සැරේම මතක් කෙරුවා ....යකෙක්ටවත් උහුලන්න බැරි උන සෘංගාරෙ අවසානෙදි මාව නොමරා මරන්න ගත්තම මම යටි තොල් හපාගන මල මිනියක් වගේ ඉන්න හැදුවත් කලවයන් වෙව්ල වෙව්ල ඉදලා අවසානෙදි සර්වාංගෙම වෙව්ලන්න ගන්නකොට මට උන්න එකම හයිය මම අවසානෙදි භෛර්ව්ට අඩ ගැහුවා ..කරන්න දෙයක් නැති උනත් අවසානෙදි ළමයා වත් බලා ගන්න මම භෛරව්ට මිමිනුවා.....

භෛරව් .....අනේ....කා...ලි භෛරව් ....

දැනුන වේදනාව එක්ක මට අග්නිගෙ අම්මා මතක් උනා...ඒ ගෑනි නොමැරි මැරෙන්න ඇති.....

ඒත්.....එයා මැරුනා නේන්නම්....

අප්පු...ච්චියෙ....අපානෙ.....බයියන්න...අපානේ....ම්හුක්.....පුතාත.....අතිනෙ....බයියාවා....අතිනේ...

ළමයා එහෙන් බයියන්න එපා ගානාවා..කොල්ලට මොනවා කියලා තේරෙනවද දෙපාරක් තුන්පාරක්ම භෛරව්ටත් අඩගහපු මන් අවසානෙදි ඇස් පියාගත්තා ....මට ඇස් ඇරන් ඉන්න බෑ ඇස් ගෙඩි දෙක පුපුරලා යන්න වගෙ...

කව්ද දෙයියනෙ දන්නෙ මේක මෙච්චර ලොකු වේදනාවක් වෙයි කියලා ....

නෑ...එක්කො ඒක වෙන්න බෑ...මෙතන එක්කො වෙන මොකක් හරි තියනවා ...මෙච්චර දෙයක් වෙනවා කියලා දන්නවා නම් අග්නි නොකියා ඉන්නෙ නෑ ...

"ශිවන් .."

මගෙ නලල උඩට සීතලම සීතලක් දැනුනා ....කනට නෑහෙන ගානට මගෙ නම මුමුන සද්දයක් එක්ක මං අරින්න අමාරු ඇහිපියන් හරි අමාරුවෙන් වේදනාවෙන් ඇරගත්තා ....

වේදනාවයි ...ඇස් අමාරුව හැදුන එකෙක් හා සමානවම මගෙ ඇස් ගෙඩි පුදුම තරම් වේදනාවයි ...පොත දිගෑරපු වෙලේ ඉදන් මගෙ ඇස් වලට හෙන වැදුනා හා සමානවම වේදනාවයි.....

භෛරව්....

ලේ පොදක් නැතිව....අවුරුදු ගානකින් වතුර පොදක් දැකපු නැති එකෙක් හා සමානවම වේලිලා ගියපු තොල් ලාවට එහා මෙහා කරපු මම මගෙ ඉස්සරහා උන්න භෛරව්ට කතා කෙරුවා ...

"උඹ නොසෑහෙන්න වේදනාවෙන්...."

ඒ භෛර්ව්ගෙ කටහඩ....එයා මගෙ නලලට අත තිබ්බා.....

"සහලවලා උන.."

වෙන්න ඇති...අනිවාර්යයෙන්ම මට උන වෙන්න ඇති.....උන නාවොත් තමයි පුදුමෙ.. එයා මගෙ දිහා බලන් ඉදලා කෙලිම්ම නිඛිල් දිහා බැලුවා ...හැබැයි ළමයා උන්නෙ දැනටමත් භය වෙලා.....චූටි ඇස්වලට කදුලු පුරවගත්තු කොල්ලා භෛරව්ගෙන් හැංගෙන්න හැදුවා ...

අප්....අපු....ච්චි...යේ...

එයා බයයි.....අග්නිට හුරු උනාට එයා භෛර්ව්ට බයයි.....භෛරව් ආවත් ඉන්නෙ අග්නිගෙ රූපෙන් වෙනකොට කොල්ලා අඩන්න කට හැදුවා

ස්..සුදු...පුතා....මේ ඉන්නෙ. .....

මේ ඉන්නෙ භෛරව් කියලා කියා ගන්නවත් මට බැරි වෙනකොට එයා ළමයා අඩයි කියන බයටම ද කොහෙද ඉක්මනට මගෙ අග්නිගෙ රූපෙට මාරු උනා

අග්ගියේ.....!!!

ලමයව අඩවන්න බැරි කමටම භෛරව් එක පාරම අග්නි උනා විතරයි අඩන්න කට හදපු පොඩි ඇටයා ඊලග තත්පරේදි අඩන්න හදපු ඇස්වල කදුලු පුරවගනම හිනා වෙන ගමන් අග්ගියේ ගෑවා ...ඒ විතරක් නෙවෙ මේකා පොඩි කමට භෛරව් ගෙ ඇගේ එල්ලෙන්න ගත්තා වඩා ගන්න ගගා අත් උස්ස උස්ස උඩ පැන්නා .....ළමයි හුරතල් කරන්න නොදන්න භෛරවයා මරනාසන්න වෙලා උන්න මාව නොමරා මර මර මා දිහා බැලුවා හරියටම මං දැන් මූට මොකක්ද කරන්න ඕනෙ අහන්න වගෙ .....

අග්ගියෙ ....අග්...අගියෙ ....වඩා...පුතා...ව....පුතා ..ව....පුචා.....ව...ම්හුක්.....පු...චා.....ව.....

යෝහ්....භෛ..ර්ව් ...වඩා...ගනින්...කෝ...දවසකුත් බලා ගත්තා නේද .....

"ලමයො...වැටෙයි....."

මං ඇස් පියා ගත්තා ...ලෙඩෙක් උනාට වඩා හොදයි බිල්ඩින් එකෙන් පහලට පැනලා මැරිලා යන එක...

භෛරව් පොඩි එකාව වඩා ගත්තා ....දිග කොන්ඩෙ තියන භෛරව් වෙනුවට උන්නෙ දිග කොන්ඩයක් තියන අග්නි වෙනකොට මටත් වඩා අග්නිට පන ඇරලා ආදරේ කරන මගෙ නිඛිල් අග්නිගෙ වේසෙන් උන්න භෛරව් ගෙ අතේ ඉදන් ගිරා පැටියා වගෙ අග්ගියේ අප්පුච්චියෝ ගගා මොන මොනවදෝ කියනකොට භෛර්ව්ගෙ අර භය ගතිය ටිකෙන් ටික ඈතට යනකොට මං අහගන ඒකත් මොනවද කියවනවා .....

අග්ගියේ....අයි....අප්පුච්චියා බයි ....අයි ඒ....ඔව්.....

"බයිය මත ඇවිත් ..."

අයි...එ.....බයිය මත. 

"දන් නෑ...."

ම්හුක්...අයි....ඒ .....දන් නැත්තෙ .....

"දන්නෙ නෑ ලමයො..."

අග්....භ්භ්...භ්භ්....

"උම්ම්....මහ්...උම්ම්ම්ම්....මහ්...නවත්තපිය ..."

මං ඇස් ඇරියා ..කොල්ලව තනි අතෙන් වඩාගන උන්න භෛරව් ආය ආය මොනවා හරි අහන්න ගියපු මගෙ කොල්ලව ඉඹින්න ගත්තා....නිකන් නෙවෙ අර චූටි මූන අතකින් මිරිකගනම...

භෛරව් .....

මං කෙදිරි ගෑවා.....

ලමයව වඩාගන උන්න භෛරව් කොල්ලව බස්සවලා මගෙ ගාවට ආවා....ඇවිදින් නැගිටගන්න බැරි මාව වත්තම් කරලා ඉන්දෙව්වා ....ඉන්දවලා මගෙ මලානික මූන දිහා බලන් උන්නා .....

මගෙ ඇගට අමාරුයි භෛරව් ....මට....දරාගන්න බැරි තරම් .....මාව මැරෙන්න තරම් වේදනාවයි...මට උහුල...න්න බරි තරම් වේදනාවයි.....භෛරව් ....

මං කදුලු පුරවන් මගෙ ඇගේ පතේ වේදනාව ගැන භෛරව්ට කියනකොට එයා සෑහෙන්න වෙලා මගෙ දිහා බලන් උන්නා.....මගෙ බෙල්ලට නලලට අත තියලා බැලුවා .....

"හෝරා කීයක්ද?"

එයා මගෙන් හෝරා ගාන කීයක්ද ඇහුවා .....මං හෝරා ගාන මනින්නෙ කොහොමද ....

මං...දන්නෙ....නෑ....භෛරව් ....මට.....මතක නෑ...

"දෙක තුනකට අඩුද.....වැඩිද...."

වැඩි....ඇති ...මට මේ වේදනාව ඉවසන්න අමාරුයි මගෙ සර්වාංගෙම කැක්කුමයි ...මගෙ ඇස් පුපුරන්න වගෙ...

"උඹ සුදුමැලි වෙලා..."

එයා මගෙ දිහා සෑහෙන්න වෙලාවක් බලන් උන්නා....බලන් ඉදලා මං සුදුමැලි වෙලා ගිහින් කියලා ආයම ඇස් හීනි කරන් අත් දෙක පිටිපස්සට බැදන් කල්පනා කෙරුවා ....

"උඹ මේක කියෙව්වද?"

මේසෙ උඩ තිබ්බ පොත දිහා බලන් උන්න එයා ඒක කියෙව්වද අහන ගමන් මා දිහා බැලුවා .....

ඔව්.....

"ම්ම්ම්...වෙච්ච කෙරිච්ච දේවල් මට අකුරක් නෑරම කියපන්....".

වේදනාවෙන් උන්න මට එයා වෙච්ච කෙරිච්ච දේවල් එකක් නෑරම කියන්න කියනකොට වේදනාව දරන්නම බැරි මං ඔලුව මගෙ අත් දෙකෙම්ම බදාගත්තා....බදාගන මං එදා වෙච්ච හැම දේම කියන්න ගත්තා ....හැබැයි මට කියාගන්න බැරි උනා කොලම කොලපාටට ඇඹුල්ම ඇඹුල් රහ කටට අපුල ගේන වමනෙ තොගයක් එලියට යනකොට මගෙ කැරකෙන පුටුව එහා මෙහා තල්ලු කර කර තනීයම සෙල්ලම් කරපු නිඛිල් බය වෙලා වගෙ කෑ ගැහුවා ....

අප්පුච්චියේ....

"එපා එන්න....අප්පච්චිට ඌවා වෙලා..."

බඩ කැලතෙනවා ....බ්ලෙන්ඩර් එකක් ඇතුලෙ එක එක දේවල් කැලතෙනවා හා සමානවම මගෙ බඩ කැලතෙන්න ගන්නකොට එතනින් එහා මං හුස්මක් කටක් නොගෙනම වමනෙ කරන්න ගත්තා ...කොලපාට වමනෙ තලිය උඩට අවසානෙදි කහ පාටට පිත එකතු උනා ...

භෛරව් ...අ...නෙ...භෛ..රව්...අග්නිට....අනෙ අග්නිට අඩගහ...පන්.....භෛරව්

වමනෙ ගිහින් ගිහින් යන්න දෙයක් නැති තැන මං අග්නිට අඩගහන්න කියනකොට එයා අත්වල ඇගිලි එකට කිටි කිටියට තදවෙලා තියන කොට මං අග්නිට අඩ ගහන්න අග්නිට අඩගහන්න කියනකොට එයා මොකුත් නොකියම මාව හරහට උස්ස ගත්තා ...

භෛරව් ....

"....."

භෛරව් .....මොකක්....ද....භෛරව් ....කරන්න...යන්නෙ...

එයා නෙවෙ වචනයක් කතා කෙරුවෙ .....එයා නෙවෙ අග්නිට අඩගහන්න කියනකොට වචනයක් කතා කෙරුවෙ .....එයා කෙරුවෙ මාවත් වඩාගන අඩියට දෙකට බාතෲම් එකෙන් එලියට ගියපු එක...

"උඹලගෙ මූනකට හෝදන තැන් කොහෙද ...?"

එයාගෙ මූන වෙනස්වෙලා තිබුනා.....එයාගෙ කටහඩ පවා වෙනස් වෙලා තිබුනා...එයා ඇහුවා මූන කට හෝදන තැන් කොහෙද කියලා ....

භෛරව් ....ඇයි...භෛරව් ....අනේ....කියපන්කො. .

මං එයාට වොශ්‍ රූම් තියන පැත්ත පෙන්නලා ඇයි කියලා අහනකොට එයා මීක් නොගා උන්නා.....එයා තියන අඩියක් අඩියක් ගානෙම මං වෙනසක් දැක්කා ..එයා තියන අඩියක් ගානෙම මග පොලවට ලොකු බරක් එකතු කෙරුවා ...කැබින් වල ඉන්න උන් දකී කියන බය ඇගපත අමාරුව භෛරව්ගෙ හදිසි විපරියාසෙ මේ ඔක්කොම එක්ක මං හරි අමාරුවෙන් ඇස් කරකවලා බලනකොට ඒ මිනිස්සු ඔලු බිමට හරවන් උන්නා...

ඒ මිනිස්සු මේ ලෝකෙ නෙවෙ වගේ උන්නා ...

භෛරව් ...

"වමනෙ කරපන්...."

ඒ එයාගෙ වචන ....අග්නිට හපන්.....භෛරව්ට තරහා ගියහම අග්නිට හපන් වෙනවා කොමඩ් එක ගාව දනගස්සවපු මා දිහා බලපු භෛරව් මට වමනෙ කරන්න කියලා කට ගන්න කලින් මට ආය ආයම වමනෙ යන්න ගත්තා .....පුපුරන්න හදන ඇස් ගෙඩි එලියට පනින්න හැදුවා .....

වමනෙ දාන්න කියපු එයා උන්නෙ වෙනම කල්පනාවක වෙනකොට මට වැවක් වාන් දානවා හා සමානවම වනනෙ යන්න ගත්තා ....

අනේ....අග්....නීහ්.....

වමනෙ දාන වාරයක් වාරයක් ගානෙම මගෙ බඩ පපුව උහුලන්න බැරි තරම් වේදනා දෙනකොට මං අවසානෙදි එහෙම්ම බිම වැටිලා වකුටු උනා...

"උඹ මොනවද කෑවෙ බිව්වෙ...."

එයා මගෙන් අහනවා මොනවද කෑවෙ බිව්වෙ කියලා .....ඔෆිස් එකට ඇවිදින් බීපු කෝපි එක ඇරුනම මගෙ බඩේ මොකුත්ම නැති උනා...

ක්ක්...කෝපි....

"මොකාද හැදුවෙ...."

එයාගෙ ඇස් රතු වෙලා තිබ්බා මොකාද හැදුවෙ ඇහුවා ...මම නෙවෙ ...ඔෆිස් එකට අලුතෙන් තේ හදන්න ඇවිත් උන්න ගෑනු කෙනා හැදුවෙ ...හැමෝටම අද ඉදන් ටී ටයිම් එකක් වෙන් කරලා තිබුනා...සැරින් සැරේ යන එක තහනම් කෙරුවා ...

"මං අහන්නෙ මොකාද හැදුවෙ කියලා ශිවන් .. ..උඹට නොමැරි ඉන්න ඕනා නම් මට ඇත්ත කියපන්...අරූ ඇස් අරිනකොටත් උඹ ඔහොම උන්නොත් ඌ අනක් ගුනක් නැතුව අහිංසක උන්වත් මරලා දායි ."

බිම වකුටු වේගන උන්න මගෙ ගාවට ආව භෛරව් ලෙඩින් ඉන්නෙ කියලා වත් නොබලා මොකාද තේ හැදුවෙ අහනකොට මං අලුතෙන් තේ හදන්න ආව ගෑනු කෙනා ගැන කියලා කටවහන්නත් කලින් භෛරව් අතුරු දහන් උනා...

එයා නැතිව ගියා ....අඩුම දොරක් ඇරෙන වහන සද්දයක් වත් නෑ... හුලගටත් වඩා වේගෙන් භෛරව් අතුරු දහන් උනා...

"ඒකි මනුස්ස පරානයක් ...ඒත්...."

භ් ...භෛරව් ...

වමනෙ දාලා ඔලුව උස්සගන්නවත් බැරිව උන්න මං ආයම කඩාගන බිදගන ලමයවත් උස්සගන ආව භෛරව් දිහා බැලුවා .....

"ඒකි අදයි ආවෙ එහෙමනෙ....."

ඔ...ඔව්....

"ම්ම්ම්...එහෙනම් ..උන් ඉක්මන් වෙනවා....."

භෛ...රව්.....

"උඹ ඉන්නෙ අග්නිගෙ වේදනාවෙන් නෙවෙ ....."

එයා කිව්වා මං ඉන්නෙ අග්නිගෙ වේදනාවෙන් නෙවෙ කියලා ...එයා කිව්වා උන් ඉක්මන් වෙනවා කියලා ....ඒකියන්නෙ ආයම පාරක්...ආයම පාරක් උන් මට මොනවා හරි කරලද....ආයම පාරක් .....

භෛරව් ....භෛ...භෛරව් ....අනෙ මොකක්ද වෙලා තියෙන්නෙ භෛරව් ..ඇයි...ඇයි මගෙ මේ සර්වාංගෙම මෙච්චර වේදනා දෙන්නෙ භෛරව් ...මාව මැරෙන්න වගේ භෛරව් ...අනේ මාව මැරෙන්න වගෙ .....

මං අවසානෙදි ඇඩුවා .....මාව මැරෙන්න වගේ කිය කිය මම මගෙ බඩ පපුව අත ගාගත්තා .

"උන්ට ඕනෙත් එච්චරයි .....උඹව මරාගන්න...උන්ට ඕනෙ උඹව විතරක් නෙවෙ අග්නිගෙ සලකුනක් මේ ලෝකෙ පස් පාගන එක නවත්තන්න...උන්ට ඕනෙ උඹව නවත්තන්න...උඹ ඔය මන්තර මන්තර පොතේ අකුරක් කියවන වාරයක් ගානෙම උඹේ ඇස් ගෙඩි පුපුරන්න ඒවි....."

භෛරව් එහාට මෙහාට ඇවිද්දා....එයා ඇවිදින වාරයක් ගනෙම කිව්වෙ උන්ට ඕනා මාව මරා ගන්න කියලා ....එයා කිව්වා උන්ට ඕනා මාව නවත්තන්න කියලා ...උන්ට ඕනෙඅග්නිගෙ හැම දේම උදුරගන්න කියලා ....

"උඹට සිද්ද වෙනවා දැන් ඉතින් ප්‍රවේසමෙන් වැඩ කරන්න....."

එයා මට කිව්වා ප්‍රවේසමෙන් වැඩ කරන්න කියලා .....ඒත් දැන් මට ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඔලුවට වද දෙන්න ගත්තා ....

මගෙ බඩ ලොකු වෙයිද ??

මාවත් ගෑනු වගේම මහත් වෙයිද ...

මිනිස්සු මොනවා හරි හිතයිද ...

කලින් ප්‍රශ්නම මේ වේදනා අස්සෙන් මතු වෙන්න ගන්නකොට මං දනි පනි ගාගන භෛරව් ගාවට එන්න හදනවා එක්කම භෛරව් ඇවිත් මාව අල්ල ගත්තා

" උඹ ඌට කලින් මගෙන් මැරුන් කන්න හදන්නෙ..."

භෛරව් ...අනේ...අහන්න...අහන්න භෛරව් ....මම..මම මනුස්සයෙක්....මට මේකට උත්තරයක් දියන්.....

හිටගන්න පවා වාරු නැති මාව එයා අල්ලන් ඉන්නකොට මගෙ නිඛිලා ටැප් එකක එල්ලීගන ටැප් කටට කට තියාගන වතුරෙ නටන්න හැදුවා...

" ලමයො....."

.ඒ භෛරව් .....මාවත් මරන්න හදලා ඒ අනිත් අතට නිඛිලටත් කෑ ගහනකොට ඒකා නටලා නටලා කොහෝම හරි වතුර එක ඇරන් අග්ගියේ මේ ...ජෝ එනවා...මේ...අප්පුච්චියෙ...මේ...ගගා පුලුවන් තරන් වතුර අල්ල අල්ල නූන හෝදන්න නාන්න පටන් ගත්තා...

"පොඩ්ඩක් ඉදපන්...මං අර පොඩි යකාව කක්කුස්සි වල අස්සට දානවා දැන්"

දෙවියනේ....භෛරව් .....

එයා මාව ආයම කොමඩ් එකෙේ පියන වහලා ඒක උඩ ඉන්දවලා අඩියට දෙකට මගෙ නිඛිල් ගාවට ගිහින් අනේ කොල්ලගෙ පස්සට එකක් ගහලා වඩා ගත්තා ....ළමයා බය උනා...කට උල් කර ගත්තා අප්පුච්චියෝ ගාන්න හදපු කටම උල් කරගත්තා ....

" වර මෙහාට"

භෛරව් ....එපා ලමයට ගහන්න...

" ගහන් නැතුව මුන්ව හදන්නෙ කොහොමද ".

භෛරව් මේ ඉන්නෙ යක් පැටියෙක් නෙවෙ භෛරව් ...

" කව්ද කියන්නෙ...ඇයි උඹගෙ වාහෙ මූට පන දුන්න දා ඉදන් මේකත් අපේ එකෙක් කියලා කිව්වෙ නැද්ද?"

මගෙ ඔලුව කැරකෙන්න ගත්තා ...තියන අගපත අමාරු මදිවට භෛරව්ත් මගෙ ඔලුව කන්න හදනකොට ළමයා එයාගෙ අතේ ඉදන් මගෙ අතට එන්න අත් දෙක දික් කරනකොට මම කොල්ලව ඉල්ල ගත්තා .....අනේ ඒකා ආව ගමන්මගෙ උරහිසට මූන ගහන් අප්පුච්චියෙ...පුතාත කිව්වා....

අප්පුච්චියෙ...පුතා..ත....පු....තාත.....ම්හු....ක්....අපානෙ....පුතා...ත.....අර මෙ...හාත....එපානෙ.....

නෑ....නෑ.....අප්පච්චි ගෙ පැටියට අප්පච්චිගෙ පුතාට කවුරුත් බනින්නෙ නෑ...මගෙ වස්තුව ...අප්පච්චි ගෙ පුතානෙ.....

ම්ම්හු....පුතානෙ...ඔව්නෙ.....පුතා...නෙ...

පුචා ...නෙ....

මම භෛරව්ට රැව්වා...කොල්ලව තුරුල් කරන් උන්න මම භෛරව් දිහා බලලා රැව්වා...ලෙඩ දෙපිටින් ගිය දෙන් කියලා මම රැව්වා...

." ශිවන්....."

පුංචි එකාට නින්ද ගියා ....උරහිසේ ඉදපු ලමයට නින්ද යනකොට පස්සට පාරක් ගහපු භෛරව් ආයම ලමයව අරන් තුරුල් කරගත්තා .. ගහපු තැන අත ගෑවා....උරහිසේ තියන් හෙලෙව්වා....ආයම හරහට අරගත්තා ....ඒ අරගන්න ගමන් ආයම මා දිහා බලලා එයා මට කතා කෙරුවා මං උන්නෙ කොන්දට අත තියාගන .....

එයා කතා කෙරුවෙත් සෑහෙන්න වෙලා කල්පනා කරලා බලලා....හිතලා.....කරලා ...කියන්න යන්නෙ මොනවා උනත්....සෑහෙන්න ලොකු වේදනාවල් වලට නම් මට මූන දෙන්න වෙයි කියලා හිතෙනකොට මං කොන්දට හිමීට ගහගත්තා .....

"මං හිතන්නෙ....අග්නි....හැම දේම ඉක්මන් කරන්න හදන්නෙ..."

.....

"මේක නෙවෙ කාලෙ....හැබැයි....එයා හදිස්සි කරවනවා ..."

????....

"උඹට සිද්ද වෙනවා අද වෙච්ච දේවල් නොකියා ඉන්න....මොකද ....දැන් ඉදන් අග්නි නොසෑහෙන්න නොසෑහෙන්න බලාපොරොත්තු තියා ගනීවි ...එහෙම එකේ....ඌට උඹව උනත් මරන්න බැරි කමක් නෑ...උගෙ අතින් අහින්සක උන් පවා මැරෙන්න බැරි කමක් නෑ....උගෙ පැත්තට පව් එකතු උනෝතින් ...මං හිතන්නෙ නෑ අග්නිට කවදාවත් ඒ ප්‍රාර්තනා ඇත්තක් කරගන්න පුලුවන් වේවි කියලා ...."

ඉදගන උන්න මං හිටගත්තා .....භෛරව් කියනවා මේක නෙවේලු කාලෙ අග්නිලු ඉක්මන් කරන්නෙ හේතුව මොකක්ද....දෙයක් කරන්න හේතුවක් තියෙන්න ඕනා...

භෛරව් .....ඇයි භෛරව් ....එයා එහෙම කරන්නෙ.....ඇයි....එයා....ඉක්මන් කරන්නෙ....මං...මං.....අනෙ මට....

"කියන්න පුලුවන් දේවල් ඒ වගේම බැරි දේවල් තියනවා ....උඹ හිතේ බයෙන් නම් ඉන්නෙ උඹගෙ ඇගෙ වෙනස්වීමක් වෙයි කියලා .....බය නොවී ඉදපන් එහෙම වෙන්නෙ නෑ....හැබැයි....උඹට වෙනවා නොසෑහෙන්න ප්‍රවේසම් වෙන්න.....මාසයයි....හරිටයටම මාසයයි....."

භෛරව් මට ආයම කිව්වා ආය ආයම කිව්වා ප්‍රවේසම් වෙන්න කියලා ...මං ඒ පැත්තෙනුත් ප්‍රවේසම් වෙනගමන් ..කොහොමද මන්තර පොතට අත ගහන්නෙ...

ඒක බලන වාරයක් ගානෙම මට දරන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනවා....අතපය පන නැති වෙනවා ....මගෙ සර්වාංගෙම ගිනි ගන්නවා වගේ වෙනවා .....

'උන් තඹ තහඩු පුච්චන්න පටන් අරන්...."

භෛ...රව්.....

එයා සෑහෙන්න වෙලා ඉදලා ඉදලා උන් තඹ තහඩු පුච්චන්න අරන් කියලා කිව්වා ...උන් තඹ තහඩු පුච්චනකොට මටයි වේදනාව ....

"උඹ මොකුත් නොදන්නවා වගෙ ඉදින්...අරකි හැම දේම කරන්නෙ අරකිගෙ ඉගැන්විල්ලට මිසක් ඒකිට මාව පේන්නෙ නෑ...අපි බලා ගමු....."

එයා දත්මිටි කෑවා .....දත්මිටි කන ගමන් අපි බලාගමු කියනකොට මං ආයම මගෙ මූන හෝදගත්තා ...හෝදන් භෛරව් ගෙ අතේ උන්න ලමයව මගෙ අතට අරන් කැබින් එකට එන්න එනකොට මං වමනෙ දාපු පාරක් වත් හොයන්න බැරිව ගිහින් තිබුනා .....එයා අස්කරලද.....??

කලින් තිබුනා හා සමානවම කැබින් එක තියනකොට මම නින්දගියපු ලමයව සෝෆාවෙන් තියලා මොකටත් කියලා ගෙදරින් ගෙනාව පොඩි බ්ලැන්කට් එකෙන් වහලා දැම්මා...

එතනින් එහාට ළමයා ගාව උන්නෙ භෛරව් වෙනකොට තව පාරක් පොත බැලුවොත් මං මැරෙයි කියලා හිතලම පොත ආපහු බෑග් එකට ඔබාගන ලැප් එකට එබුනා....

කටට අපුලයි...

සැරින් සැරේම බඩ කැලතෙනවා ...

කොදු නාරටිය කැක්කුම් කරනවා ....

යටි බඩ වේදනා දෙනවා ....සර්වාංගෙන් පිටට මගෙ වෙනසක් නොපෙනුනත් ඇතුලතින් මට එක එක අමාරුකම් දැනෙන්න ගන්නකොට මෙවෙලේ අච්චාරු ගිලින්න ඕනා උනා...

බ්බ්බ්.....වෑක්....

මට ඔක්කාරෙට ආවා ...

අච්චාරු.....කන්නත් කලින් ඒ නමට මට වමනෙ යන්න ආවා...

මං ශීට් එකෙන් නැගිට්ටා ....කටට අත තියා ගත්තු මං ආයම බාතෲම් පෝලිමට දුවනකොට මං බලාගන ඩයිනින් රූම් එකේ තේ හදන ගෑනි කෝප්ප හෝදනවා.....

මන් ඒ දිහා බලාගන කෙලිම්ම බාතෲම් එකට ගිහින් ආයම කොමඩ් එක ගාව දන ඔබා ගත්තා.....

බ්වෑක් ...

යන්න දෙයක් නොතිබුනත් මට අච්චාරු කියන වචනෙ හිත අස්සෙන් කියවෙනකොටත් මට නහයෙන් කටින් වමනෙ ගියා...

මං කොන්ද අල්ල ගත්තා...

ඊලග පාර ආයම අනිත් අතට තව පාරක් වමනෙ යනකොට මගෙ උගුර පුදුමාකාර තරම් වේදනා දෙන්න ගත්තා....

කුවන්නා.....

උඹ මාව නොමරා මරනවා....උඹ මාව නොමරා මරනවා කුවන්නා...

මන් උගුර අත ගගා පුලුවන් තරම් කදුලු හැලුවා ...ඇගට දැනෙන වේදනාව අග්නිට කියා ගන්න බැරිව තහංචි වැටුන මම කොන්දට අත තියාගන නැගිටලා මං හිමින් හිමින් එලියට එනකොට ඩයිනින් රූම් එකේ උන්න ගෑනි මං එනවත් එක්කම එලියට ආවා....

මහත්තයා ...අසනීපයක්ද ....

න්න්..නෑ...නෑ....අසනීපයක් නෑ...ඇයි....

වෙන්න බෑ....මූනත් එක්ක මැලවිලා ගිහිල්ලා .....මං අහගන දෙපාරක් තුන්පාරක්ම ඔක්කාරෙ කරනවා ....

මං ගෑනි දිහා බලන් උන්නා අග්නි කෙසේ වෙතත් මට මේ ගෑනිගෙ බෙල්ල මිරිකලා මරන්න තරම් තරහවක් දැනුනා උනත් භෛරව් ගෙ වචන හින්දම මම ඉවසන් උන්නා..කුවන්නගෙ අතකොලුවෙක් උන ගෑනි බලන්නෙම මාව බිල්ලක් කර ගන්න බව දන්න හින්දම මම ප්‍රවේසම් උනා...

මට ප්‍රවේසම් වෙන්න වෙනවා..එකක්...අග්නිගෙ තරහව ඉස්සරහා නිස්කාරනේ මැරෙන උන් හින්දා වන්දි ගෙවන්න වෙන්නෙ අග්නිට හින්දා.....

මම ප්‍රවේසම් උනා...මම දැන් එක්කෙනෙක් නෙවෙ හින්දා.....

.ගෑනි මගෙ දිහා බලන් ඉන්නකොට මම අසනීපයක් නැහැයි කියලා මගෙ කැබින් එකට එන්න ආවා.....

" මගෙන් සුභපැතුම් අග්නි අමරේන්ද්‍රන් ....උඹ ආයම අප්පොච්චෙක් වෙන්න....."

" .....ම්න්.....භෛරව් ....කොයි වෙලේවෙද ආවෙ කිව්වා නම්...."

" දැන් උඹට මම ආව එකද ප්‍රශ්නෙ.....උඹ බුදිය බුදිය උන්න වෙලාවෙ....ඇයි...."

"....ඇයි අහන්නෙ.....මට අහන්න අයිතියක් තියනවනෙ...නැතුව නෙවෙනේ...?"

" මං උඹේ බඩ උන දොන්ත බිබික්කමව රවට්ට ගත්තෙ නැහැ...."

" එහෙම රවට්ටගන්නත් බැහැ....උඹ ඒකත් හොදටම දන්නවා.. ගනින් අත අහකට මගෙ ලමයගෙන්"

" උඹ මහ කුම්මැහියෙක් අග්නි අමරේන්ද්‍රන් ....උඹ මහ තන්නාස කාරයෙක්....උඹ මහ පෙරේතයෙක් ....."

" අනිවාර්යයෙන්ම ....මොකද මගෙ දේවල් වලට මම කොහොමත් කුම්මැහියි.....අනික දැන් උඹට පුලුවන් ආයම භෛරව් වෙන්න...මොක...අග්නි කියන්නෙ අග්නිට.....භෛරව් කියන්නෙ භෛර්ව්ට....අග්නිගෙ තැන ගන්න කාටද පුලුවන් ???"

මගෙ ඔලුව කැරකෙන්න ආවා...පන යන්න වමනෙ ගිහින් එන ටිකට කැබින් එක අස්සෙ අග්නිලා දෙන්නයි....දෙන්නට දෙන්නා කා ගන්නවා.....නිඛිල්ට දෙපැත්තෙන් උන්න අග්නිලා දෙන්නා මරා ගන්න හදනකොට මම දොර ඇරන් ඇතුලට ආවා විතරයි...ඇත්ත අග්නි ඉතිර් වෙන්න භෛරව් එයාගෙ ස්වරූපෙට ආවා...මගෙ අග්නි මාව දැකලා අඩියට දෙකට මගෙ ගාවට ආවා...

" මගෙ ශිවන්....මගෙ වස්තුව .....මට...මට කියන්න.....මට කියපන්...උඹ...උඹ හොදින් නේද....??"

අග්.....අග්නී....අග්නී...

අග්නිගෙ කලබලේ....මම උන්නෙ අඩන්න ඔන්න මෙන්න...ඒත් අග්නි උන්නෙ අග්නි ගාව තිබුන ලස්සනම හිනාව එක්ක වෙනකොට මම අග්නිගෙ උරහිසට උඩින් ඇස් දෙක දලා භෛරව් දිහා බලන කොට එයා ඇස් දෙක හීනි කෙරුවා....

ම්..මං හොදින් අග්නි.....

" නෑ...නෑ....උඹ හොදින් වෙන්න බෑ....කෝ බලන්න..."

අනේ...අග්නී.....

අග්නිට පිස්සු හැදෙන්න වගෙ....කෝ බලන්න කියපු එයා මගෙ නලලට මගෙ බෙල්ලට අත තිය තිය බල බල අවසානෙදි මගෙ ගාව දනගහගන්න හැදුවා විතරයි නුපුරුදු අත්දැකීම් ගාව මට මැරෙන්න තරම් ලැජ්ජාවක් දැනුනා...මම පස්සට පැන්නා.....

"ශිවන්.....!!"

අග්...නි....ගෙදර ...ගෙදර....

"උඹ ඔතන දැන ගැහුවා කියලා ඔය ඇතුලෙ ඉන්න යක් පැටියා අප්පච්චි ගාන්නෙ නෑ.....ඒකට දැනෙන්නෙත් නෑ...."

"උඹට ප්‍රවේසම් වෙන්න වෙයි භෛරව් ...."

අයමත් පටන් ගත්තා. ..අයමත් පටන් ගත්තා...අයියා මලෝ කා ගන්න ආයමත් පටන් ගත්තා ....

භෛරවයා උන්නෙ එදා හොරකම් කරපු ඵෝන් එකට ඇන ඇන වෙනකොට ඒකා අග්නි දිහා නොබලම ඇනුම් පදයක් කිව්වා.....කිව්වත් වගේ භෛරව් ගෙ කතාව ඇත්ත....ඒත්....ඒත් යක් පැටවුන්ට කොයි වගේද නොදන්න හන්දා මම මොකුත් නොකියා උන්නා වගෙම මගෙ රතු උන මූන දිහා බලපු අග්නි ඇහිබැමක් උඩ ඇරලා නැගිටගත්තා ...නැගිටලා මගෙ කනට ලන් උනා....

" මං රෑට බලාගන්නම්..."

අනේ..අග්නී.....

මම අඩියක් පස්සට ගියා....එයාගෙ කටහඩ ආයම තද වෙලා තිබුනා...එයාගෙ මූනට කේන්තියක් නොවෙච්ච කේන්තියක් මතු වෙලා තිබුනා....වමනෙ ගිහින් බඩ පිට කොන්දට ඇලුන මම ගාට ගාට ගිහින් මගෙ ශීට් එකෙන් ඉදගන්න යනකොට අග්නි යක්කුන්ටත් නම නින්දා කරන්න පටන් අරන් දුවලා ගිහින් අර ශීට් එක මගෙ ගාවට ඇදන් ඇවිත් මාව ඒකෙ ඉන්දවලා මේසේ ගාවට තල්ලු කරන් යනකොට මාව දියවෙලා වැක්කෙරෙන්න ආවා... සෝෆාවෙ උන්න අනිත් යකා ආයම මගෙ ගාවට ගෑටුවා.....

"ඉදා...දැන් ඉදන් මෙව්වා බලන්න පුරුදු වෙයන්...."

"මොක්ද ඔය...."

" යක්කු ඉන්නෙ....."

" කොහෙන්ද උඹට...?"

"චුට්ටමා එදා උගෙ ගල්බාගෙන් මේකට ඔබලා දුන්නා....පිචර් එකක් කිව්වෙ.....හොලිඋඩ් ද මොකක්දලු....."

" හුගක් යක්කු ඉන්නවද.....?"

"ම්ම්ම්...ඔව්....මරාගන්න ඒවා තියනවා..."

"බෙල්ල කඩන ඒවා....ඒව නැද්ද....."

" තිබ්බද කොහෙද .....ඔව්...ඔව්....ඉන්නවා..මේ තියෙන්නෙ....පිටිපස්සෙන් ගිහින් බෙල්ල කඩන එකක්"

"...ම්ම්ම්න්...මැනිකෙ...මේ.....හුගක් බය වෙනවලු.....නිදා ගන්න කලින් බලපන්"

මම මගෙ ඔලුව මේසෙට ගහගත්තා ...වෙන උන්ට ළමයි හම්බෙන්න ඉන්නකොට දකින්න දෙන්නෙ මේ ලෝකෙ තියන හිත නිවනම දේවල් උනත් මගෙ ගාව උන්න මහ යක්කු දෙන්නා මට බලන්න දෙන්න හැදුවෙ යක්ස පෙරේතයො වැහුන කතා වෙනකොට මට චුට්ටමාව හම ගහන්න හිතුනා....භෛරවයා මනුස්ස වේසෙන් ගිහින් චුට්ටමාට.හේත්තු වෙලා අර ඵෝන් එකට කොටන්න ඉගන ගන ඒකට ෆිල්ම් එකක් දාගන තියනකොට මම පුදුම හිස රදේකින් පීඩා විදින්න ගත්තා ...ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තැන අවසානෙදි මම කට ඇරියා...

දෙයියනෙ අග්නී.....උඹට ඕනෙ උඹ වගේම යක්සයෙක්ද නැත්තන්.....

"ඔව්...මං වගේම එකෙක්....බඩ වැල තිබ්බට මොකද.....මට ඕන සුටුස් ගාලා බෙල්ල කඩන එකෙක්"

"ඇයි බෙල්ල අඹරන එකත් ලස්සනයි..අඹරන කොට කරස් කුරුස් ගානවා"

අනේ....මට මගෙ පාඩුවෙ ඉන්න දීලා පලයල්ලකො යක්සයොනෙ.....!!!!!

🤓ජොබිකිත නිදහා...ස්ස්ස්ස්....👉👈🤭🤭

ආයම කොටසකින්.එන්නාම්.....

මේ ළමයා බුජි...ඔය ලමයිනුත් බුජියන්න.....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters